Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 2301-2400 න් 4019

3. විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
4. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරක යෙන් දැයි ෂට් ශමථයෙන් සන්හිඳේ.
5. අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හ යත්: අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳේ.
6. ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.
7. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛා විනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි සප්ත ශමථයෙන් සන්හිඳේ.
8. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි පස් ශමථයෙන් සන්හිඳේ.
9. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි ෂට් ශමථයෙන් සන්හිඳේ.
10. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි සප්ත ශමථයෙන් සන්හිඳේ.
සතළොස්වන සම්මතිවාරය නිමි.
18. සම්මති න සම්මතිවාරය
විවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද, අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද, ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද, කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්:
1. විවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙ ශමථයෙන් සන්හිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි පස් ශමථයෙන් නො සන්හිඳේ.
2. අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්ස පාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳේ. යේභුය්‍යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් නො සන්හිඳේ.
3. ආපත්තාධිකරණය සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් නො සන්හිඳේ.
4. කිච්චාධිකරණය සම්මුඛාවිනයසඞ්ඛ්‍යාත එක් මැ ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි ෂට් ශමථයෙන් නො සන්හිඳේ.
5. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි පස් ශමථයෙන් සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි දෙ ශමථයෙන් නො සන්හිඳේ.
6. විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි තුන් ශමථයෙන් නො සන්හිඳේ.
7. විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙ ශමථයෙන් සන්සිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි පස් ශමථයෙන් නො සන්සිඳේ.
8. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි ෂට් ශමථයෙන් සන්හිඳෙයි, යේභුය්‍යසිකාසඞ්ඛ්‍යාත එක් මැ ශමථයෙන් නො සන්හිඳේ.
9. අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් නො සන්හිඳේ.
10. ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් නො සන්හිඳේ.
11. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි සප්ත ශමථයෙන් සන්හිඳේ.
12. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හ විනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි පස් ශමථයෙන් සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි දෙශමථයෙන් නො සන්හිඳේ.
13. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි ෂට් ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකාසඞ්ඛ්‍යාත එක්මැ ශමථයෙන් නො සන්හිඳේ.
14. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි සප්ත ශමථයෙන් සන්හිඳේ.
අටළොස්වන සම්මති නසම්මති වාරය නිමි.
19. සමථාධිකරණවාරය
ශමථයෝ ශමථයෙන් සන්හිඳෙත් ද, ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙත් ද, අධිකරණයෝ ශමථයෙන් සන්හිඳෙත් ද, අධිකරණයෝ අධිකරණයෙන් සන්හිඳෙත් ද යත්:
කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් සන්හිඳෙති. කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් නො සන්හිඳෙත්. කිසිවිටෙක ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙති. කිසි විටෙක ශමථයෝ අධිකරණයෙන් නො සන්හිඳෙත්. කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් සන්හිඳෙති. කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් නො සන්හිඳෙත්. කිසි විටෙක අධිකරණයෝ අධිකරණයෙන් සන්හිඳෙති. කිසිවිටෙක අධිකරණයෝ අධිකරණයෙන් නො සන්හිඳෙත්.
කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් කෙසේ සන්හිඳෙත් ද, කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් කෙසේ නො සන්හිඳෙත් ද යත්:
යේභුය්‍යසිකාව සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳෙයි. තස්සපාපිය්‍යසිකායෙන් නො සන්හිඳෙයි. තිණවත්‍ථාරකයෙන් නො සන්හිඳේ.
සතිවිනය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳෙයි. තස්සපාපිය්‍යසිකායෙන් නො සන්හිඳෙයි. තිණවත්‍ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් නො සන්හිඳේ.
අමූළ්හවිනය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳෙයි. තස්සපාපිය්‍යසිකායෙන් නො සන්හිඳෙයි. තිණවත්‍ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් නො සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳේ.
පටිඤ්ඤාතකරණය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. තස්සපාපිය්‍යසිකායෙන් නො සන්හිඳෙයි. තිණවත්‍ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් නො සන්හිඳෙයි. තිණවත්‍ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් නො සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳේ.
තස්සපාපිය්‍යසිකාව සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. තිණවත්‍ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් නො සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳේ.
තිණවත්‍ථාරකය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් නො සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳෙයි. තස්සපාපිය්‍යසිකායෙන් නො සන්හිඳේ.
මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් සන්හිඳෙති. මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් නො සන්හිඳෙත්.
කිසිවිටෙක ශමථයෝ අධිකරණයෙන් කෙසේ සන්හිඳෙත් ද, කිසිවිටෙක ශමථයෝ අධිකරණයෙන් කෙසේ නො සන්හිඳෙත් ද යත්:
සම්මුඛාවිනය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
යේභුය්‍යසිකාව විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
සතිවිනය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන් හිඳේ.
අමූළ්හවිනය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
පටිඤ්ඤාතකරණය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණ යෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
තස්සපාපිය්‍යසිකාව විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
තිණවත්‍ථාරකය විවාදායිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
මෙසේ කිසිවිටෙක ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙති. මෙසේ කිසි විටෙක ශමථයෝ අධිකරණයෙන් නො සන්හිඳෙත්.
කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් කෙසේ සන්හිඳෙත් ද, කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් කෙසේ නො සන්හිඳෙත් ද යත්:
විවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සන්හිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් ද නො සන්හිඳේ.
අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද නො සන්හිඳේ.
ආපත්තාධිකරණය සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද නො සන්හිඳේ.
කිච්චාධිකරණය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් ද නො සන්හිඳේ.
මෙසේ කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් සන්හිඳෙත්. මෙසේ කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් නො සන්හිඳෙත්.
කිසිවිටෙක අධිකරණයෝ අධිකරණයෙන් කෙසේ සන්හිඳෙත් ද, කිසිවිටෙක අධිකරණයෝ අධිකරණයෙන් කෙසේ නො සන්හිඳෙත් ද යත්:
විවාදාධිකරණය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
අනුවාදාධිකරණය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
ආපත්තාධිකරණය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
කිච්චාධිකරණය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
මෙසේ කිසිවිටෙක අධිකරණයෝ අධිකරණයෙන් සන්හිඳෙති. මෙසේ කිසිවිටෙක අධිකරණයෝ අධිකරණයෙන් නො සන්හිඳෙත්.
ශමථයෝ සදෙන ද අධිකරණයෝ සතර දෙන ද සම්මුඛාවිනයෙන් සන්හිඳෙති. සම්මුඛා විනය කිසිවෙකින් නො සන්හිඳේ.
එකුන් විසිවන සමථාධිකරණවාරය නිමි.
20. සමුට්ඨාපනවාරය
1. විවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයක් උපදවා ද, විවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිසියම් අධිකරණයක් නො උපදවයි. එහෙත් විවාදාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත් ඒ කෙසේ යැ යත්: මේ ශාසනයෙහි භික්‍ෂූහු ධර්‍මයැ යි හෝ අධර්‍මයැ යි හෝ විනය යැයි හෝ අවිනය යැයි හෝ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද යැ ප්‍රකාශ කරණ ලදැයි __හෝ තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද යැ ප්‍රකාශ නො කරණ ලදැයි හෝ __
තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි හෝ තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැයි හෝ තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි හෝ තථාගතයන් විසින් නො පණවන ලදැයි හෝ ඇවැතැයි හෝ නො ඇවැතැයි හෝ ලුහු ඇවැතැයි හෝ ගරු ඇවැතැයි හෝ සාවසේසාපත්තියැ යි හෝ අනවසේසාපත්තියැ යි හෝ තුළුල් ඇවැතැයි හෝ නො තුළුල් ඇවැතැයි හෝ විවාද කෙරෙති. එහි යම් ඩබරයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් නානාවාදයෙක් අන්‍යථාවාදයෙක් ප්‍රතිවිරුද්ධ වචනව්‍යවහාරයෙක් විහෙසයෙක් වේ ද, මේ විවාදාධිකරණ යැයි කියනු ලැබේ. විවාදාධිකරණයෙහි ලා සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණය වේ. මෙසේ විවාදාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්.
2. අනුවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් උපදවා ද? අනුවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිසියම් අධිකරණයක් නො උපදවයි. එහෙත් අනුවාදාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්, ඒ කෙසේ ද යත්: මේ ශාසනයෙහි භික්‍ෂූහු භික්‍ෂුහට ශිලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත් ද, එහි යම් චෝදනා කිරීමෙක් පුන පුනා කීමෙක් පහළ කොට කීමෙක් නො කඩවා බිණීමෙක් එයට නැමුනු බවෙක් උත්සාහවත් බවෙක් අනුබල දීමෙක් වේ ද, මේ අනුවාදාධිකරණයැයි කියනු ලැබේ. අනුවාදාධිකරණයෙහි ලා සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණය වේ. මෙසේ අනුවාදාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්.
3. ආපත්තාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් උපදවා ද? ආපත්තාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිසියම් අධිකරණයක් නො උපදවයි. එහෙත් ආපත්තාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ ම උපදිත්. ඒ කෙසේ ද? යත්: පඤචාපත්තිස්කන්‍ධය ද ආපත්තාධිකරණය වෙයි. සප්තාපත්තිස්කන්‍ධය ද ආපත්තාධිකරණය වේ. මේ ආපත්තාධිකරණ යි කියනු ලැබේ. ආපත්තාධිකරණයෙහි ලා සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණය වේ. මෙසේ ආපත්තාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්.
4. කිච්චාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් උපදවා ද, කිච්චාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිසියම් අධිකරණයක් නො උපදවයි. එහෙත් කිච්චාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ ම උපදිත්. ඒ කෙසේ ද යත්: සඞ්ඝයාගේ අපලෝකනකර්‍මය ඤත්තිකර්‍මය ඤත්තිදුතියකර්‍මය ඤත්තිචතුත්‍ථකර්‍මය යන යම් කෘත්‍යභාවයෙක් කටයුතු බවෙක් වේ ද, මේ කිච්චාධිකරණය යි කියනු ලැබේ. කිච්චාධිකරණයෙහි ලා සඞ්ඝතෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණය වේ. මෙසේ කිච්චාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්.
විසිවන සමුට්ඨාපනවාරය නිමි.
21. භජතිවාරය
1. විවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් බෙජේ ද, කිනම් අධිකරණයක් ඇසුරු කරණ ලද ද, කිනම් අධිකරණයකට ඇතුළත් ද, කිනම් අධිකරණයෙකින් සඞ්ග්‍රහ කරණ ලද ද,
2. අනුවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් බෙජේ ද, කිනම් අධිකරණයක් ඇසුරු කරණ ලද ද, කිනම් අධිකරණයකට ඇතුළත් ද, කිනම් අධිකරණයෙකින් සඞ්ග්‍රහ කරණ ලද ද,
3. ආපත්තාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයක් අතුරෙන් කිනම් අධිකරණයක් බෙජේ ද, කිනම් අධිකරණයක් ඇසුරු කරණ ලද ද, කිනම් අධිකරණයකට ඇතුළත් ද, කිනම් අධිකරණයෙකින් සඞ්ග්‍රහකරණ ලද ද,
4. කිච්චාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් බෙජේ ද, කිනම් අධිකරණයක් ඇසුරු කරණ ලද ද, කිනම් අධිකරණයකට ඇතුළත් ද, කිනම් අධිකරණයෙකින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්:
1. විවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් විවාදාධිකරණය බෙජෙයි. විවාදාධිකරණය ඇසුරු කරණ ලදි. විවාදාධිකරණයට ඇතුළත් ය. විවාදාධිකරණයෙන් සඞ්ග්‍රහ කරණ ලදි.
2. අනුවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අනුවාදාධිකරණය බෙජෙයි. අනුවාදාධිකරණය ඇසුරු කරණ ලදි. අනුවාදාධිකරණයට ඇතුළත් ය. අනුවාදාධිකරණයෙන් සඞ්ග්‍රහ කරණ ලදි.
3. ආපත්තාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණය බෙජෙයි. ආපත්තාධිකරණය ඇසුරු කරණ ලදි. ආපත්තාධිකරණයට ඇතුළත් ය. ආපත්තාධිකරණයෙන් සඞ්ග්‍රහ කරණ ලදී.
4. කිච්චාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිච්චාධිකරණය බෙජෙයි. කිච්චාධිකරණය ඇසුරු කරණ ලදි. කිච්චාධිකරණයට ඇතුළත් ය. කිච්චාධිකරණයෙන් සඞ්ග්‍රහ කරණ ලදි.
1. විවාදාධිකරණය සත්වැදැරූම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයන් බෙජේ ද, කෙතෙක් ශමථයන් ඇසුරු කරණ ලද ද, කෙතෙක් ශමථයන්ට ඇතුළත් ද, කෙතෙක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද,
2. අනුවාදාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයන් බෙජේ ද, කෙතෙක් ශමථයන් ඇසුරු කෙරේ ද, කෙතෙක් ශමථයන්ට ඇතුළත් ද, කෙතෙක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද.
3. ආපත්තාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයන් බෙජේ ද, කෙතෙක් ශමථයන් ඇසුරු කෙරේ ද, කෙතෙක් ශමථයන්ට ඇතුළත් ද, කෙතෙක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද.
4. කිච්චාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයන් බෙජේ ද, කෙතෙක් ශමථයන් ඇසුරු කෙරේ ද, කෙතෙක් ශමථයන්ට ඇතුළත් ද, කෙතෙක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
1. විවාදාධිකරණය සත්වැදැරූම් ශමථයන් අතුරෙන් දෙශමථයන් බෙජෙයි, දෙශමථයන් ඇසිරි කෙරෙයි. දෙශමථයන්ට ඇතුළත් යැ. දෙශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලදි. සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙශමථයෙන් සන්හිඳේ.
2. අනුවාදාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් සිවුශමථයන් බෙජෙයි. සිවුශමථයන් ඇසිරි කෙරෙයි. සිවුශමථයන්ට ඇතුළත් යැ. සිවුශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලදි. සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවුශමථයෙන් සන්හිඳේ.
3. ආපත්තාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් තුන් ශමථයන් බෙජෙයි. තුන්ශමථයන් ඇසිරි කෙරෙයි. තුන්ශමථයන්ට ඇතුළත් යැ. තුන්ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලදි. සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන්ශමථයෙන් සන්හිඳේ.
4. කිච්චාධිකරණය සත්වැදැරූම් ශමථයන් අතුරෙන් එක් ශමථයක් බෙජෙයි. එක් ශමථයක් ඇසිරි කෙරෙයි. එක් ශමථයකට ඇතුළත් යැ. එක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලදි. සම්මුඛාවිනය සංඛ්‍යාත එක් ශමථයෙන් සන්හිඳේ යයි.
එක්විසිවන භජතිවාරය නිමි.
සමථභේදය නිමියේ යි.
එහි නාමාවලිය:
අධිකරණ යැ පරියාය යැ සාධාරණ යැ තද්භාගී යැ ශමථාශමථසාධාරණ යැ සමථ තද්භාගීය යැ.
ශමථ සම්මුඛාවිනය යැ කුශලවාරය සමග යත්‍ථවාර යැ ශමථ යැ සංසට්ඨ යැ සම්මති යැ න සම්මති යැ ශමථාධිකරණ යැ සමුට්ඨාපන යැ භජතිවාර යි.
විනය පිටකයෙහි
පරිවාර පාළිය
ද්විතීය භාගය
භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
ඛන්‍ධකපුච්ඡා
1. නිදාන සහිත නිර්දේශ සහිත උපසම්පදාඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ (ඇවැත් පැණ වූ පදයන්ගේ) ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත උපසම්පදාඛන්‍ධකය විසඳමි, උත්කෘෂ්ටපදයන්ගේ (පචිති - දුකුළා) ඇවැත් දෙකෙකි.
2. නිදාන සහිත නිර්දේශ සහිත උපෝසථක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන් ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත උපෝසථක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.