කෙතෙක් ශමථයෝ විවාදාධිකරණයට සාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ විවාදාධිකරණයට අසාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට සාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට අසාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට සාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට අසාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට සාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට අසාධාරණ වෙත් ද යත්:
1. දෙ ශමථයෝ විවාදාධිකරණයට සාධාරණ වෙති: සම්මුඛාවිනය යැ යේභුය්‍යසිකා යැ. පස් ශමථයෝ විවාදාධිකරණයට අසාධාරණ වෙති: සතිවිනය යැ අමූළ්හ විනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්‍යසිකා යැ තිණවත්‍ථාරක යි.
2. සිවු ශමථයෝ අනුවාදාධිකරණයට සාධාරණ වෙති: සම්මුඛාවිනය යැ සති විනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්‍යාසිකා යි. තුන් ශමථයෝ අනුවාදාධිකරණයට අසාධාරණ වෙති: යේභුය්‍යසිකා යැ පටිඤ්ඤාතකරිණ යැ තිණවත්‍ථාරක යි.
3. තුන් ශමථයෝ ආපත්තාධිකරණයට සාධාරණ වෙති: සම්මුඛාවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තිණවත්‍ථාරක යැ. සිවු ශමථයෝ ආපත්තාධිකරණයට අසාධාරණ වෙති: යේභුය්‍යසිකා යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්‍යසිකා යි.
4. එක් ශමථයෙක් කිච්චාධිකරණයට සාධාරණ වෙයි: සම්මුඛාවිනය යි. ෂට් සමථයෝ කිච්චාධිකරණයට අසාධාරණ වෙති: යේභුය්‍යසිකා යැ සතිවිනය යැ අමූළ්හ විනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්‍යසිකා යැ තිණවත්‍ථාරක යි.
සත්වන සාධාරණ වාරය නිමි.
8. තබ්භාගියවාරය
කෙතෙක් ශමථයෝ විවාදාධිකරණයට තද්භාගීය වෙත් ද, කොතෙක් ශමථයෝ විවාදාධිකරණයට අන්‍යභාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට තද්භාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට අන්‍යභාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට තද්භාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට අන්‍යභාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට තද්භාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට අන්‍යභාගීය වෙත් ද යත්:
1. දෙ ශමථයෝ විවාදාධිකරණයට තද්භාගීය වෙති: සම්මුඛාවිනය යැ, යේභුය්‍යසිකා යි. පස් ශමථයෝ විවාදාධිකරණයට අන්‍යභාගීය වෙති: සතිවිනය යැ අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්‍යසිකා යැ තිණවත්‍ථාරක යි.
2. සිවු ශමථයෝ අනුවාදාධිකරණයට තද්භාගීය වෙති. සම්මුඛාවිනය යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්‍යසිකා යි. තුන් ශමථයෝ අනුවාදාධිකරණයට අන්‍යභාගීය වෙති: යේභුය්‍යසිකා යැ පටිඤ්ඤාතකරණ යැ තිණවත්‍ථාරක යි.
3. තුන් ශමථයෝ ආපත්තාධිකරණයට තද්භාගීය වෙති: සම්මුඛාවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තිණවත්‍ථාරක යි. සිවු ශමථයෝ ආපත්තාධිකරණයට අන්‍යභාගීය වෙති: යේභුය්‍යසිකා යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්‍යසිකා යි.
4. එක් ශමථයෙක් කිච්චාධිකරණයට තද්භාගීය වෙයි: සම්මුඛාවිනය යි. ෂට් ශමථයෝ කිච්චාධිකරණයට අන්‍යභාගීය වෙති: යේභුය්‍යසිකා යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්‍යසිකා යැ තිණවත්‍ථාරක යි.
අටවන තබ්භාගියවාරය නිමි.
9. සමථ සමථයට සාධාරණවාරය
ශමථයෙන් ශමථයට සාධාරණයහ, ශමථයෝ ශමථයට අසාධාරණයහ. කිසිවිටෙක ශමථයෝ ශමථයට සාධාරණ වෙති, කිසිවිටෙක ශමථයෝ ශමථයට අසාධාරණ වෙත්.
කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ සාධාරණ වෙත් ද, කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ අසාධාරණ වෙත් ද යත්:
1. යේභුය්‍යසිකාව සම්මුඛාවිනයට සාධාරණ වෙයි, සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍ය සිකාවට තිණවත්‍ථාරකයට අසාධාරණ වේ.
2. සතිවිනය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට අසාධාරණ වේ.
3. අමූළ්හවිනය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අසාධාරණ වේ.
4. පටිඤ්ඤාතකරණය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට අසාධාරණ වේ.
5. තස්සපාපිය්‍යසිකාව සම්මුඛාවිනයට සාධාරණ වෙයි, තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට අසාධාරණ වේ.
6. තිණවත්‍ථාරකය සම්මුඛාවිනයට සාධාරණ වෙයි. යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට අසාධාරණ වේ. මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට සාධාරණ වෙති, මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට අසාධාරණ වෙත්.
නවවන සමථ සමථයට සාධාරණවාරය නිමි.
10. සමථ සමථයට තද්භාගියවාරය
ශමථයෝ ශමථයට තද්භාගීය වෙති, ශමථයෝ ශමථයට ආන්‍යභාගීය වෙත්. කිසිවිටෙක ශමථයෝ ශමථයට තද්භාගීය වෙති, කිසිවිටෙක ශමථයෝ ශමථයට අන්‍යභාගීය වෙත්.
කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ තද්භාගීය වෙත් ද, කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ අන්‍යභාගීය වෙත් ද යත්:
1. යේභුය්‍යසිකාව සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට අන්‍යභාගීය වේ.
2. සතිවිනය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට අන්‍යභාගීය වේ.
3. අමූළ්හවිනය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, පටිඤ්ඤාතකරණයට තස්ස පාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අන්‍යභාගීය වේ.
4. පටිඤ්ඤාතකරණය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට අන්‍යභාගීය වේ.
5. තස්සපාපිය්‍යසිකාවට සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට අන්‍යභාගීය වේ.
6. තිණවත්‍ථාරකය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට අන්‍යභාගීය වේ. මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට තද්භාගීය වෙති, මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට අන්‍යභාගීය වෙත්.
දසවන සමථ සමථයට තද්භාගීයවාරය නිමි.
11. සමථසම්මුඛාවිනයවාරය
ශමථය සම්මුඛාවිනය වෙයි, සම්මුඛාවිනය ශමථය වෙයි. ශමථය යේභුය්‍යසිකාව වෙයි, යේභුය්‍යසිකාව ශමථය වෙයි. ශමථය සතිවිනය වෙයි, සතිවිනය ශමථය වෙයි. ශමථය අමූළ්හවිනය වෙයි. අමූළ්හවිනය ශමථය වෙයි. ශමථය පටිඤ්ඤාතකරණය වෙයි, පටිඤ්ඤාතකරණය ශමථය වෙයි. ශමථය තස්සපාපිය්‍යසිකාව වෙයි, තස්සපාපිය්‍යසිකාව ශමථය වෙයි. ශමථය තිණවත්‍ථාරකය වෙයි, තිණවත්‍ථාරකය ශමථය වේ.
1. යේභුය්‍යසිකාව සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය යන මේ ශමථයෝ ශමථ වෙති, සම්මුඛාවිනය නො වෙයි. සම්මුඛාවිනය ශමථය ද සම්මුඛාවිනය ද වේ.
2. සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යන මේ ශමථයෝ ශමථ වෙති, යේභුය්‍යසිකාව නො වෙයි. යේභුය්‍යසිකාව ශමථය ද යේභුය්‍යසිකා ද වේ.
3. අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යේභුය්‍යසිකාව යන මේ ශමථයෝ ශමථ වෙති, සතිවිනය නො වෙයි. සතිවිනය ශමථය ද සතිවිනය ද වේ.
4. පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යේභුය්‍යසිකාව සතිවිනය යන මේ ශමථයෝ ශමථ වෙති, අමූළ්හවිනය නො වෙයි. අමූළ්හවිනය ශමථය ද අමූළ්හවිනය ද වේ.
5. තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යේභුය්‍යසිකාව සතිවිනය අමූළ්හවිනය යන මේ ශමථයෝ ශමථ වෙති, පටිඤ්ඤාතකරණය නො වෙයි. පටිඤ්ඤාතකරණය ශමථය ද පටිඤ්ඤාතකරණය ද වේ.
6. තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යේභුය්‍යසිකාව සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය යන මේ ශමථයෝ ශමථ වෙති, තස්සපාපිය්‍යසිකාව නො වෙයි. තස්සපාපිය්‍යපසිකාව ශමථය ද තස්සපාපිය්‍යසිකා ද වේ.
7. සම්මුඛාවිනය යේභුය්‍යසිකාව සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව යන මේ ශමථයෝ ශමථ වෙති, තිණවත්‍ථාරකය නො වෙයි. තිණවත්‍ථාරකය ශමථය ද තිණවත්‍ථාරකය ද වේ.
එකොළොස්වන සමථ සම්මුඛා විනය වාරය නිමි.
12. විනයවාරය
විනය සම්මුඛාවිනය වෙයි, සම්මුඛාවිනය විනය වෙයි. විනය යේභුය්‍යසිකා වෙයි, යේභුය්‍යසිකාව විනය වෙයි. විනය සතිවිනය වෙයි, සතිවිනය විනය වෙයි. විනය අමූළ්හවිනය වෙයි, අමූළ්හවිනය විනය වෙයි. විනය පටිඤ්ඤාතකරණය වෙයි, පටිඤ්ඤාතකරණය විනය වෙයි. විනය තස්සපාපිය්‍යසිකාව වෙයි, තස්සපාපිය්‍යසිකාව විනය වෙයි. විනය තිණවත්‍ථාරකය වෙයි, තිණවත්‍ථාරකය විනය වේ.
1. විනය කිසිවිටෙක සම්මුඛාවිනය වෙයි, කිසිවිටෙක සම්මුඛාවිනය නො වෙයි. සම්මුඛාවිනය විනය ද සම්මුඛාවිනය ද වේ.
2. විනය කිසිවිටෙක යේභුය්‍යසිකාව වෙයි, කිසිවිටෙක යේභුය්‍යසිකාව නො වෙයි. යේභුය්‍යසිකාව විනය ද යේභුය්‍යසිකා ද වේ.
3. විනය කිසිවිටෙක සතිවිනය වෙයි, කිසිවිටෙක සතිවිනය නො වෙයි. සතිවිනය විනය ද සතිවිනය ද වේ.
4. විනය කිසිවිටෙක අමූළ්හවිනය වෙයි, කිසිවිටෙක අමූළ්හවිනය නො වෙයි අමූළ්හවිනය විනය ද අමූළ්හවිනය ද වේ.
5. විනය කිසිවිටෙක පටිඤ්ඤාතකරණය වෙයි, කිසිවිටෙක පටිඤ්ඤාතකරණය නො වෙයි. පටිඤ්ඤාතකරණය විනය ද පටිඤ්ඤාතකරණය ද වේ.
6. විනය කිසිවිටෙක තස්සපාපිය්‍යසිකාව වෙයි, කිසිවිටෙක තස්සපාපිය්‍යසිකාව නොවෙයි. තස්සපාපිය්‍යසිකාව විනය ද තස්සපාපිය්‍යසිකා ද වේ.
7. විනය කිසිවිටෙක තිණවත්‍ථාරකය වෙයි, කිසිවිටෙක තිණවත්‍ථාරකය නො වෙයි. තිණවත්‍ථාරකය විනය ද තිණවත්‍ථාරකය ද වේ.
දොළොස්වන විනයවාරය නිමි.
13. කුශලවාරය
සම්මුඛාවිනයය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, යේභුය්‍යසිකාව කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, සතිවිනය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, අමූළ්හවිනය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, පටිඤ්ඤාතකරණය කුශල ද අකුශල ද, අව්‍යාකෘත ද, තස්සපාපිය්‍යසිකාව කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, තිණවත්‍ථාරකය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද යත්:
1. සම්මුඛාවිනය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වෙයි, අකුශල වූ සම්මුඛාවිනයයෙක් නැති.
2. යේභුය්‍යසිකාව කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
3. සතිවිනය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
4. අමූළ්හවිනය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
5. පටිඤ්ඤාතකර්‍ණය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසි විටෙක අව්‍යාකෘත වේ.
6. තස්සපාපිය්‍යසිකාව කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
7. තිණවත්‍ථාරකය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
විවාදාධිකරණය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, අනුවාදාධිකරණය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, ආපත්තාධිකරණය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, කිච්චාධිකරණය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද යත්:
1. විවාදාධිකරණය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
2. අනුවාදාධිකරණය කිසිවිටෙක කුශල වෙයි. කිසිවිටෙක අකුශල වෙයි, කිසි විටෙක අව්‍යාකෘත වේ.
3. ආපත්තාධිකරණය කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ. කුශල වූ ආපත්තාධිකරණයෙක් නැති.
4. කිච්චාධිකරණය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
තෙළෙස්වන කුශලවාරය නිමි.
14. යත්‍ථවාරය
1. යම් තැනෙක යේභුය්‍යසිකාව ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි යේභුය්‍යසිකාව ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබේ.
2. යම් තැනෙක සතිවිනය ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි, යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි සතිවිනය ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබේ.
3. යම් තැනෙක අමූළ්හවිනය ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි අමූළ්හවිනය ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබේ.
4. යම් තැනෙක පටිඤ්ඤාතකරණය ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි පටිඤ්ඤාතකරණය ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබේ.
5. යම් තැනෙක තස්සපාපිය්‍යසිකාවව ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි තස්සපාපිය්‍යසිකාව ලැබෙයි. එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබේ.
6. යම් තැනෙක තිණවත්‍ථාරකය ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි තිණවත්‍ථාරකය ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබේ.
7. යම් තැනෙක යේභුය්‍යසිකාව වේ ද එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනෙක සම්මුඛාවිනය වේ ද එහි යේභුය්‍යසිකාව වෙයි, එහි සතිවිනය නොවෙයි, එහි අමූළ්හ විනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි. එහි තස්සපිය්‍යසිකාව නොවෙයි, එහි තිණවත්‍ථාරකය නො වේ.
8. යම් තැනෙක සතිවිනය වේ ද එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනෙක සම්මුඛාවිනය වේ ද එහි සතිවිනය වෙයි, එහි අමූළ්හ විනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වෙයි, එහි තිණවත්‍ථාරකය නො වෙයි, එහි යේභුය්‍යසිකාව නො වෙයි, (සම්මුඛාවිනය මුල්කොට ...)
9. යම් තැනෙක තිණවත්‍ථාරකය වේ ද එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනෙක සම්මුඛාවිනය වේ ද එහි තිණවත්‍ථාරකය වෙයි, එහි යේභුය්‍යසිකාව නො වෙයි. එහි සතිවිනය නො වෙයි, එහි අමූළ්හවිනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වේ.
චක්කපෙය්‍යාල යි
තුදුස්වන යත්‍ථවාරය නිමි.
15. සමථවාරය
1. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි යේභුය්‍යසිකාව ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි යේභුය්‍යසිකාව ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යාසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබේ.
2. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි සතිවිනය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි සතිවිනය ලැබෙයි. එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබේ.
3. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි අමූළ්හවිනය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි අමූළ්හවිනය ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබේ.
4. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි පටිඤ්ඤාතකරණය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි පටිඤ්ඤාතකරණය ලැබෙයි. එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබේ.
5. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි තස්සපාපිය්‍යසිකාව ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි තස්සපාපිය්‍යසිකාව ලැබෙයි. එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබේ.
6. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි තිණවත්‍ථාරකය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි තිණවත්‍ථාරකය ලැබෙයි. එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබේ.
පසළොස්වන සමථවාරය නිමි.
16. සංසට්ඨවාරය
අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍ර වූවෝ ද නොහොත් අමිශ්‍ර වූවෝ ද, බෙදාලමින් මේ ධර්‍මයන්ගේ නානාත්‍වය පණවන්නට ලැබේ ද යත්:
“අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්‍මයෝ අමිශ්‍ර වෙති, මිශ්‍ර නො වෙත්. බෙදාලමින් මේ ධර්‍මයන්ගේ නානාත්‍වය පණවන්නට ලැබේ” යැයි (යමෙක් කියා නම්) හේ ‘මෙසේ නහමක් කිය’ යි කියයුතු වන්නේය. අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍ර වෙති. අමිශ්‍ර නො වෙත්. බෙදාලමින් මේ ධර්‍මයන්ගේ නානාත්‍වය පණ වන්නට නො ලැබේ. කවර හෙයිනැ යත්: භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, මේ අධිකරණ සතරෙක, ශමථ සතෙක, අධිකරණයෝ ශමථයෙන් සන්හිඳෙති, ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙත්.” යයි වදාරණ ලද්දේ නො වේ ද, මෙසේ මේ ධර්‍මයෝ මිශ්‍ර වෙති, අමිශ්‍ර නො වෙත්. බෙදාලමින් මේ ධර්‍මයන්ගේ නානාත්‍වය පණවන්නට නො ලැබේ මැ යි.
සොළොස්වන සංසට්ඨවාරය නිමි.
17. සම්මතිවාරය
විවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
1. විවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙ ශමථයෙන් සන්හිඳෙයි.
2. අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳෙයි.
3. ආපත්තාධිකරණය සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙයි.
4. කිච්චාධිකරණය සම්මුඛාවිනය සඞ්ඛ්‍යාත එක් මැ ශමථයෙන් සන්හිඳේ.
1. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සති විනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි පස් ශමථයෙන් සන්හිඳේ.
2. විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි සිවු ශමථයෙන් සන්සිඳේ.