15. එහි අටළොස් භේදකරවස්තුහු කවරහ යත්: මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍මයැයි ප්‍රකාශ කරයි. ධර්‍මය අධර්‍මයැයි ප්‍රකාශ කරයි. අවිනය විනයැයි ප්‍රකාශ කරයි. විනය අවිනයැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණ ලද යැ පවසන ලදැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් වදාරණ ලද්ද පවසන ලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලද යැ නො පවසන ලදැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් නො පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කරයි.
තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් පණවන ලදැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැයි ප්‍රකාශ කරයි. ඇවැත නො ඇවැතැ යි ප්‍රකාශ කරයි. නො ඇවැත ඇවැතැයි ප්‍රකාශ කරයි. ලුහු ඇවැත ගරු ඇවැතැයි ප්‍රකාශ කරයි. ගරු ඇවැත ලුහු ඇවැතැයි ප්‍රකාශ කරයි. සාවසේස ඇවැත අනවසේස ඇවැතැයි ප්‍රකාශ කරයි. අනවසේස ඇවැත සාවසේස ඇවැතැයි ප්‍රකාශ කරයි. තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැයි ප්‍රකාශ කරයි. නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැයි ප්‍රකාශ කරයි. මොහු අටළොස් භේදකර වස්තූහු යැ.
16. එහි සිවුවැදෑරුම් අධිකරණයෝ කවරහ යත්: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ. මොහු සිවුවැදෑරුම් අධිකරණයෝ යි.
17. එහි සත්වැදෑරුම් ශමථයෝ කවරහ යත්: සම්මුඛාවිනය යැ සතිවිනය ය අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ යෙභූය්‍යසිකා යැ තස්සපාපිය්‍යසිකා යැ තිණවත්‍ථාරක යැ. මොහු සත්වැදෑරුම් ශමථයෝ යි.
කතිපුච්ඡාවාරය නිමි.
එහි නාමාවලිය:
1. ආපත්ති යැ, ආපත්තිස්කන්‍ධ යැ, විනීත යැ, යළි සත්පරිදි වූ ආපත්ති යැ, ආපත්තිස්කන්‍ධ යැ, විනීත යැ, අගාරව යැ, ගාරව යැ, විවාදමූල යැ.
2. යළි විනීත යැ, විපත්ති යැ, සමුට්ඨාන යැ, විවාද මූල යැ, භේද අධිකරණයන් සමග අනුවාද යැ, සාරාණීය යැ. සත්තසමථයැ යි මේ පදයෝ සතළොසෙක් වදාරණ ලදහ.
1. ෂඩාපත්ති සමුත්‍ථානවාරය
1. පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුයැ. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයි. පිළිදෙස්නියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.
2. දෙවන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුය. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතු යැ. පචිතියට පැමිණේ ද යත්: වියහැක්කැ යැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.
3. තුන්වන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුයැ සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.
4. සතරවන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යන: විය හැක්කැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.
5. පස්වන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතු යි.
6. සවැනි ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.
ප්‍රථම ෂඩාපත්තිසමුත්‍ථානවාරය නිමි.
2. කතාපත්තිවාරය
1. පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් පස් ඇවැතකට පැමිණෙයි: මහණ කැපැයි හැඟීම් ඇති වැ තමා අල්වා ගත් උපකරණයෙන් නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ ද, පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇති වැ නො කල්හි බොජුන් වළඳා නම් පචිති ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇතිවැ ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වේ. පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් මේ ඇවැත්පසට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සවැදැරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලවච්චායාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි පඤ්චාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් නගිති, වචනයෙන් නො නගිති, සිතින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
2. දෙවන ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දෙවන ආපත්තිසමුට්ඨානයෙන් සිවු ඇවැතකට පැමිණේයි: මහණ කැපැයි හැඟීම් ඇති වැ “මට කුටියක් කරව” යි කියා ද, ඒ මහණහට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්මවූ උවදුරු සහිත වූ උපචාර රහිත කුටියක් කරත් නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇති වැ අනුපසපනක්හට පදවශයෙන් ධර්‍මය කියවා නම් පචිති ඇවැත් වේ. දෙවන ආපත්තිසමුට්ඨානයෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධ යෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි චතුරාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: වචනයෙන් නගිති. කයින් නො නගිති, සිතින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණය. සත් වැදැරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛයාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
3. තුන්වන ආපත්තිසමුට්ඨානයෙන් කිහි ඇවැතකට පැමිණේ ද යත්: තුන්වන ආපත්තිසමුට්ඨගානයෙන් පස් ඇවතකට පැමිණෙයි: මහණ කැපැයි හැඟීම් ඇති වැ සංවිධාන කොට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්මවූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නොපත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත්කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ හැඟීම් ඇති වැ පිණි බොජුන් තමා පිණිස විනවා වළඳානම් පචිති ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇතිවැ අණවන මෙහෙණ නො වළක්වා වළඳානම් පිළිදෙස්නී ඇවැත් වේ. තුන්වන ආපත්තිසමුට්ඨානයෙන් මේ පස් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්සිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලවච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිඥසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි පඤ්චාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන් ද නගිති, සිතින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
4. සතරවන ආපත්තිසමුට්ඨානයෙන් කිහි ඇවැතකට පැමිණේ ද යත්: සතරවන ආපත්තිසමුට්ඨානයෙන් ස ඇවැතකට පැමිණෙයි: මහණ මෙවුන්දම් සේවනය කෙරේනම් පරිජි ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇති වැ තමා ඉල්වාගත් උපකරණයෙන් නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නොපත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇතිවැ නො කල්හි බොජුන් වළඳානම් පචිති ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇති වැ ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වේ. සතරවන ආපත්තිසමුට්ඨානයෙන් මේ සඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි ෂඩාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිති: කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
5. පස්වන ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: පස් වන ආපත්තිසමුට්ඨානයෙන් ස ඇවැතකට පැමිණෙයි: මහණ ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනාලද්දේ (තමා කෙරෙහි) නැත්තා වූ අවිද්‍යාමාන වූ උතුරු මිනිස්ධරම් මතු කොට ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇති වැ “මට කුටියක් කරව” යි අණ කෙරේ ද, ඒ මහණහට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත්කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි.
මහණ නො කැපැයි හැඟීම් ඇති වැ අනුපසපනක්හට පෙළදහම කියවා නම් පචිති ඇවැත් වෙයි, ද්වේෂයෙන් ආක්‍රෝශ නො කරණු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මතු කරණු කැමැත්තේ කෙළිසිනා කැමැත්තෙන් හීන ජාතිවාදයෙන් හීනජාතිකයකුට කියා නම් දුබැසි ඇවැත් වේ. පස්වන ආපත්තිසමුට්ඨානයෙන් මේ සඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාර විපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත් වැදැරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසි විටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුබ්භාසිතාපත්තිස්කන්‍ධයෙන් දැයි ෂඩාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
6. සවැනි ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතකට පැමිණේ ද යත්: සවැනි ආපත්තිසමුට්ඨානයෙන් ස ඇවැතකට පැමිණෙයි: මහණ සංවිධාන කොට භාණ්ඩ සොරකම් කෙරේ නම් පරිජිඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇති වැ සංවිධාන කොට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ ද පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් හො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇතිවැ පිණි බොජුන් තමා පිණිස පිනවා වළඳා නම් පචිති ඇවැත් වෙයි, මහණ තෙමේ නො කැපැයි හැඟීම් ඇති වැ (බොජුන්හල) අණවන මෙහෙණ නො වළක්වා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වේ. සවැනි ආපත්තිසමුට්ඨානයෙන් මේ ස ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටා පත්තිස්කන්‍ධයෙන් දැයි ෂඩාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
ෂඩාපත්තිසමුත්‍ථානය පිළිබඳ වූ දෙවන කතාපත්තිවාරය නිමි.
3. ආපත්ති සමුට්ඨාන ගාථා
1. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායසමුට්ඨාන කෙනෙක් වදාරණ ලදහු ද, එයින් නැගී ඇවැත්හු කෙතෙක් දැයි ඔබ විචාරමි. එය කියනු මැනැව.
2. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශීවූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කාය සමුට්ඨාන කෙනෙක් වදාරණ ලදහු ද, එයින් නැගී ඇවැත්හු (දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නී) යි පසෙකි. තොපට මෙය කියමි.
3. විභඞ්ගකෝවිද, විවේකදර්ශීවූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් වාචසිකසමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ වාචසිකසමුට්ඨානයෙන් නැංගාවූ, ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
4. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් වාචසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද ඒ වාචසිකසමුට්ඨානයෙන් නැංගාවූ ඇවැත්හු (දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති යි) සිවු දෙනෙකි. තොපට මෙය කියමි.
5. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායිකවාචසිකසමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායිකවාචසිකසමුට්ඨානයෙන් නැංගාවූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
6. විභඞ්ගකෝවිද විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායිකවාචසිකසමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායිකවාචසිකසමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නීයි) පසෙකි. තොපට මෙය කියමි.
7. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
8. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (පරිජි, දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නී යි) සදෙනෙකි. තොපට මෙය කියමි.
9. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීද්‍රයන් විසින් යම් වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
10. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (පරිජි, දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, දුබැසි යි) සයෙකි. තොපට මෙය කියමි.
11. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායික වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
12. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායික වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (පරිජි, දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නී යි) සදෙනෙකි. තොපට මෙය කියමි.
තෙවන ආපත්ති සමුට්ඨාන ගාථා නිමි.
4. විපත්ති පච්චවාරය
1. ශීලවිපත්ති හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ශීලවිපත්ති හේතුයෙන් සිවු ඇවැතකට පැමිණෙයි: මෙහෙණ දැන දැන පරිජි ඇවැතක් සඟවා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇත්තී සඟවා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණ සඟවෙසෙසක් සඟවා නම් පචිති ඇවැත් වෙයි. තමාගේ තුළුල් ඇවැතක් සඟවා නම් දුකුළා ඇවැත් වේ. ශීලවිපත්ති හේතුවෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි චතුරාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන්ද සිතින් ද නගිත්. සිවු වැදෑරුම්අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
2. ආචාර විපත්තිහෙතුයෙන් කෙතෙක් ඇවැතුන්ට පැමිණේ ද යත්: ආචාර විපත්තිහෙතුයෙන් එක් ඇවැතකට පැමිණෙයි: ආචාරවිපත්තිය පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ. ආචාර විපත්තිහෙතුයෙන් මේ එක් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජේ ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
ඒ ඇවැත සිවුවැදෑරුම් විපත් අතුරෙන් ආචාර විපත්තිසඞ්ඛ්‍යාත එක් විපතක් බෙජේ. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුක්කටාපත්තිස්කන්‍ධසඞ්ඛ්‍යාත එක් ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලද. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.
3. දිට්ඨිවිපත්තිහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දිට්ඨිවිපත්ති හේතුයෙන් දෙ ඇවැතකට පැමිණෙයි: ලාමක දෘෂ්ටිහේතුයෙන් තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හරී නම් ඤත්තියෙන් දුකුළා වෙයි, කම්වදන් අවසන්හි පචිති ඇවැත් වේ. දිට්ඨිවිපත්තිහේතුයෙන් මේ දෙ ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් ආචාරවිපත්තිසඞ්ඛ්‍යාත එක් විපතක් බෙජෙත්. සත් වැදැරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි දෙ ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨාන යෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
4. ආජීව විපත්තිහෙතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ආජීවවිපත්ති හේතුයෙන් සඇවැතකට පැමිණෙයි: දිවිපැවැත්ම හේතුකොට දිවිපැවැත්ම කරුණු කොට ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඬනා ලද්දේ (තමන් කෙරෙහි) නැති අවිද්‍යාමාන වූ උතුරු මිනිස්ධම් මතුකොට ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, දිවි පැවැත්ම හේතු කොට දිවිපැවැත්ම කරුණු කොට (ස්ත්‍රීපුරුෂයන් අතරැ) හැසිරීමට පැමිණේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතු කොට දිවිපැවැත්ම කරුණු කොට “යම් මහණෙක් තොපගේ වෙහෙරෙහි වෙසේ නම් ඒ මහණ රහත්” යි කියා නම් දන්නහුට ථුලැසි ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතුකොට දිවිපැවැත්ම කරුණු කොට මහණ පිණිස බොජුන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතුකොට දිවිපැවැත්ම කරුණු කොට මෙහෙණ පිණි බොජුන් තමා පිණිස විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතු කොට දිවිපැවැත්ම කරුණු කොට නො ගිලන් වැ සූපයක් හෝ බතක් හෝ තමා පිණිස විනවා වළඳා නම් දුකුළා ඇවැත් වේ. ආජීවවිපත්තිහේතුවෙන් මේ සඇවතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙනෙක් විපත් බෙජෙත්ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙනෙක් ශමථයෙන් සන්හිදෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාර විපත්තිය දැ යි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයා පත්තිස්කන්‍ධයෙන් ද,
කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැ යි ෂඩාපත්තිස්කන්‍ධයෙන් සංග්‍රහ කරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් ෂට්සමුත්‍ථානයෙන් නගිති: කිසිවිටෙක කයින් නගිති, වචනයෙන් නො නගිති, සිතින් නො නගිත්. කිසිවිටෙක වචනයෙන් නගිති, කයින් නො නගිති, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිති, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන්‍ද යි තුන් ශමථයෙන් සන්හිදෙත්.
සතරවන විපත්තිපච්චයවාරය නිමි.
5. අධිකරණ පච්චයවාරය
1. විවාදාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: විවාදාධිකරණ හේතුයෙන් දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක්හට (ජාත්‍යාදියෙන්) ගටා බෙණේ නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට ගටා බෙණේ නම් දුකුළා ඇවැත් වේ. විවාධිකරණ හේතුයෙන් මේ දෙඇවැතට පැමිණේ.
ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් ආචාරවිපත්තිසඞ්ඛ්‍යාත එක් විපතක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි දෙ ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිති: කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති. වචනයෙන් නො නගිත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
2. අනුවාදාධිකරණහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අනුවාදාධිකරණහේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: මහණක්හට අමූලිකපාරාජිකා පත්තියෙන් චෝදනා කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, අමූලක සඞ්ඝාදිසේසාපත්තියෙන් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වෙයි, අමූලක ආචාරවිපත්තියෙන් චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ. අනුවාදාධිකරණහේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිති: කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසි විටෙක වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණයි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
3. ආපත්තාධිකරණහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ආපත්තාධිකරණ හේතුයෙන් සිවු ඇවැතකට පැමිණෙයි: මෙහෙණ දැන දැන පරිජි ඇවැත සඟවා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇති වැ සඟවා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණ සඟවෙසෙසක් සඟවා නම් පචිති ඇවැත් වෙයි, ආචාර විපත්තිය සඟවා නම් දුකුළා ඇවැත් වේ. අපත්තාධිකරණහෙතුයෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි චතුරාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්, සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
4. කිව්චාධිකරණහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කිච්චාධිකරණහෙතුයෙන් පස් ඇවැතකට පැමිණෙයි: උඛෙවුනීකම් කරණු ලැබූවනට අනු වැ වැටෙන මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හරී නම් ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි පරිජි ඇවැත් වෙයි, සඞ්ඝභේදකයා අනු වැ වැටෙන භික්‍ෂූහු තුන් යළතෙක් සමනුභාසන කම් කරණ කල්හි (එය) නො හරිත් නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ලාමක දෘෂ්ටිය ඇතිකල්හි තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හරිත් නම් පචිති ඇවැත් වේ. කිච්චාධිකරණ හේතුයෙන් මේ පස් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සවැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි පඤ්චාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
සප්තාපත්තීන් ද සප්තාපත්තිස්කන්‍ධයන් ද තබා සෙසු ආපත්තීහු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
සප්තාපත්තීන් ද සප්තාපත්තිස්කන්‍ධයන් ද තබා සෙසු ආපත්තීහු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසි විපතක් නො බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසි ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ නො කරණලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කිසි සමුට්ඨානයෙකින් නො නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් කිසි අධිකරණයෙක් නො වෙයි. සත් වැදැරුම් ශමථයන් අතුරෙන් කිසි ශමථයෙකින් නො සන්හිඳෙත්. කවර හෙයිනැ යත්: සප්තාපත්තීන් ද සප්තාපත්තිස්කන්‍ධයන් ද තබා අන් ඇවැත් නැති බැවිනි.
පස්වන අධිකරණ පච්චයවාරය නිමි.
අන්තර පෙය්‍යයාලය නිමි.
එහි නාමාවලිය:
කතිපුච්ඡා යැ, ආපත්තිසමුට්ඨාන යැ, කතාපත්ති යැ, එසේ මැ සමුට්ඨානගාථා යැ එසේ මැ අධිකරණ ය ද සමග විපත්තිවාර යැයි.
ශමථ භේදය
6. පරියායවාරය
1. විවාදාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් විවාද කෙරෙත් ද, විවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
2. අනුවාදාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් චෝදනා කෙරේ ද, අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
3. ආපත්තාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් ඇවැතට පැමිණේ ද, ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
4. කිච්චාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් කෘත්‍යය හටගණී ද, කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
1. විවාදාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද යත්: ලෝභය පූර්‍වඞ්ගම වෙයි, ද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, මෝහය පූර්‍වඞ්ගම වෙයි, අලෝභය පූර්‍වඞ්ගම වෙයි. අද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, අමෝහය පූර්‍වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: අටළොස් භේදකර වස්තූහු ස්ථාන වෙත්. වස්තූහු කෙතෙක යත්: අටළොස් භේදකරවස්තූහු වස්තු වෙත්. භූමීහු කෙතෙක යත්: අටළොස් භේදකරවස්තූහු භූමී වෙත්. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නව දෙනෙකැ: කුශලහේතු තිදෙන යැ, අකුශලහේතු තිදෙන යැ, අව්‍යාකෘත හේතු තිදෙන යි. මූලයෝ කෙතෙක යත්: මූලයෝ දොළොසෙකි. කෙතෙක් අයුරින් විවාද කෙරේද යත්: දෙ අයුරෙකින් විවාද කෙරෙයි: ධර්‍මදෘෂ්ටියෙන් හෝ අධර්‍මදෘෂ්ටියෙන් හෝ යි. විවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙශමථයෙන් විවාදාධිකරණය සන්හිඳේ.
2. අනුවාදාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද යත්: ලෝභය පූර්‍වඞ්ගම වෙයි, ද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, මෝහය පූර්‍වඞ්ගම වෙයි, අලෝභය පූර්‍වඞ්ගම වෙයි, අද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, අමෝහය පූර්‍වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: (ශීල-ආචාර-දෘෂ්ටි-ආජීව යන) සිවුවැදෑරුම් විපත්තීහු ස්ථාන වෙත්. වස්තූහු කෙතෙක යත්: සිවුවැදෑරුම් විපත්තීහු වස්තු වෙත්. භූමීහු කෙතෙක යත්: සිවු වැදැරුම් විපත්තීහු භූමී වෙත්. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නවදෙනෙකැ: කුශල හේතු තිදෙන යැ අකුශලහේතු තිදෙන යැ අව්‍යකෘතහෙතු තිදෙනැයි. මූලයෝ කෙතෙක යත්: මූලයෝ තුදුසෙකි. කෙතෙක් අයුරෙකින් චෝදනා කෙරේ ද යත්: දෙ අයුරෙකින් චෝදනා කෙරෙයි: වස්තු වශයෙන් හෝ ආපත්ති වශයෙන් හෝ යි. අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛා විනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හ විනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් අනුවාදාධිකරණය සන්හිඳේ.
3. ආපත්තාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේද යත්: ලෝභය පූර්‍වඞ්ගම වෙයි ද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, මෝහය පූර්‍වඞ්ගම වෙයි, අලෝභය පූර්‍වඞ්ගම වෙයි, අද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, අමෝහය පූර්‍වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: සප්තආපත්ති ස්කන්‍ධයෝ ස්ථාන වෙති, වස්තූහු කෙතෙක යත්: සප්තආපත්තිස්කන්‍ධයෙන් වස්තූ වෙති. භූමීහු කෙතෙක යත්: සප්තආපත්තිස්කන්‍ධයෝ භූමී වෙති. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නවදෙනෙකැ: කුශල හේතු තිදෙන යැ අකුශලහේතු තිදෙන ය අව්‍යකෘතහෙතු තිදෙන යි. මූලයෝ කෙතෙක යත්: සවැදැරුම් ආපත්තිසමුට්ඨානයෝ මූල වෙති. කෙතෙක් අයුරෙකින් ඇවැතට පැමිණේ ද යත්: අලජ්ජීබව යැ නො දැනීම්බව යැ කුකුස් පියවි කොට ඇතිබව යැ නො කැපයෙහි කැපැයි හැඟීම් ඇතිබව යැ කැපයෙහි නො කැපැයි හැඟීම් ඇතිබව යැ සිහිමුළාබවැයි ස අයුරකින් ඇවැතට පැමිණේ. ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද සම්මුඛා විනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.
4. කිච්චාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද යත්: ලෝභය පූර්‍වඞ්ගම වෙයි. ද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, මෝහය පූර්‍වඞ්ගම වෙයි, අලෝභය පූර්‍වඞ්ගම වෙයි, අද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, අමෝහය පූර්‍වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: සිවුවැදෑරුම් කර්‍මයෝ ස්ථාන වෙති. වස්තූහු කෙතෙක යත්: සිවුවැදෑරුම් කර්‍මයෝ වස්තූ වෙති. භූමීහු කෙතෙක යත්: සිවුවැදෑරුම් කර්‍මයෝ භූමී වෙති. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නවදෙනෙකැ: කුශල හේතු තිදෙන යැ අකුශල හේතු තිදෙන යැ අව්‍යකෘතහෙතු තිදෙන යි. මූලයෝ කෙතෙක යත්: එක් මූලෙකැ: සඞ්ඝ තෙමේ යැ. කෙතෙක් අයුරෙකින් කෘත්‍යය හටගණී ද යත්: දෙ අයුරෙකින් කෘත්‍යය හටගණියි: ඤත්තියෙන් හෝ අපලෝකනයෙන් හෝ යි. කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛාවිනය නම් එක් ශමථයෙන් කිච්චාධිකරණය සන්හිඳේ.
ශමථයෝ කෙතෙක යත්: ශමථයෝ සත් දෙනෙකි. සම්මුඛාවිනය යැ සති විනය යැ අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ යේභුය්‍යසිකා යැ තස්සපාපියාසිකා යැ තිණවත්‍ථාරක යැ. මොහු සප්ත ශමථයෝ යි.
කිසිවිටෙක මේ සප්ත ශමථයෝ දශ ශමථයෝ වෙති. කිසිවිටෙක වස්තු වශයෙන් ද පර්‍ය්‍යාය වශයෙන් ද දශ ශමථයෝ සප්ත ශමථයෝ වෙත්.
කෙසේ වන්නේ ද යත්: විවාදාධිකරණය පිළිබඳ ශමථයෝ දෙදෙනෙකැ, අනුවාදාධිකරණය පිළිබඳ ශමථයෝ සිවුදෙනෙකැ, ආපත්තාධිකරණය පිළිබඳ ශමථයෝ තිදෙනෙකැ, කිච්චාධිකරණය පිළිබඳ එක් ශමථයෙකි. මෙසේ මේ සප්ත ශමථයෝ වස්තු වශයෙන් හා පර්‍ය්‍යාය වශයෙන් දශ ශමථයෝ වෙති, දශ ශමථයෝ සප්ත ශමථයෝ වෙත්.
සවන අධිකරණ පරියාය වාරය නිමි.
7. සාධාරණවාරය