Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 2001-2100 න් 4019

15. අධක්ඛකය ද ගාමන්තරගමනය ද අවස්සුතය ද තලඝාතය ද ඡතුමට්ටය ද උදකසුද්ධිය ද වස්සංවුත්‍ථය ද ඕවාද අගමනය ද නානුබන්‍ධපවත්තිනිය දැයි,
16. මේ සසැත්තෑ සිඛයෝ කායචිත්තසමුට්ඨානිකයෝ කරණලදහ. (මේ) සියලු සිකපදයෝ ප්‍රථම පාරාජිකය මෙන් එක් සමුට්ඨානයක් ඇත්තෝ වෙත්.
පඨම පාරාජික සමුට්ඨානය නිමි.
ද්විතීය පාරාජික සමුට්ඨානය
17. අදත්තාදානය ද මනුස්සවිග්ගහය ද උත්තරීමනුස්සධම්මය ද දුට්ඨුල්ලය ද අත්තකාමපාරිචරියාව ද අමූලය ද අඤ්ඤභාගිය ද දෙවන අනියතය ද,
18. අච්ජින්‍දනය ද පරිණාමනය ද මුසාවාදය ද ඔමසවාදය ද (භික්ඛු) පෙසුඤ්ඤය ද උදුට්ඨුල්ලාපත්තිආරෝචනය ද පඨවිඛණනය ද භූතගාමය ද අඤ්ඤවාදකය ද උජ්ඣාපනය ද,
19. නික්කඩ්ඪනය ද සිඤ්චනය ද ආමිසහේතුව ද භූත්තාවි (පවාරණ) ය ද ඒහාවුසො ගාමං වා යනු ද අනාදරිය ද හිංසාපනකය ද අපනිධානය ද ජීවිතවෝරෝපනය ද,
20. ජානං සප්පාණකං යනු ද (උක්කෝටන) කම්මය ද ඌනවිසතිවස්සය ද සංවාසය ද නාසනය ද සහධම්මිකය ද විලේඛය ද මොහනකය ද අමූලකය ද,
21. කුක්කුච්චය ද ධම්මිකය ද චීවරය ද පුග්ගලපරිණාමනය ද ‘කිංතො’ යනු ද අකාලචීවරය ද චීවර අච්ජින්‍දනය ද දුග්ගහීතය ද (නිරයාදීන්) අභිසපනය ද,
22. ගණචීවරන්තරාය ද චීවරවිහඞ්ගය ද දුබ්බලචීවරය ද කඨිනුද්ධාරය ද අඵාසුකරණය ද උපස්සය ද අක්කෝසනය ද චණ්ඩීකෘත්‍යය ද මච්ඡරිය ද ගබ්භිනී වුට්ඨාපනය ද පායන්තී වුට්ඨාපනය ද,
23. “ද්වෙ වස්සා“ යනු ද “සඞ්ඝේන අසම්මතං” යනු ද ගිහීගත තෙසිඛය ද කුමාරීභූත තෙසිඛය ද ඌන ද්වාදසවුට්ඨාපනය ද (පරිපුණ්ණද්වාදස) අසම්මත වුට්ඨාපනය ද,
24. ‘අලං තාව’ යනු ද “සොකාවස්සං” යනු ද ඡන්‍දදානය ද අනුවස්සවුට්ඨාපනය ද ද්වේවුට්ඨාපනය දැයි, මේ සැත්තෑ සිකපදයෝ තිකසමුට්ඨානහ යි කරණ ලද හ.
25. කයින් ද සිතින් ද නැගෙති, වචනයෙන් නො නැගෙත්, වචනයෙන් ද සිතින් ද නැගෙති, කයින් නො නැගෙත්, මෙසේ දෙවන පරිජිය මෙන් තිදොරින් උපදිත්.
දුතිය පාරාජික සමුට්ඨානය නිමි.
සඤ්චරිත්ත සමුට්ඨානය
26. සඤ්චරිත්තය ද කුටිකාරය ද විහාරකාරය ද (චීවර) ධොවනය ද (චීවර) පටිග්ගහනය ද අඤ්ඤාතකවිඤ්ඤත්තිය ද තතුත්තරිසාදියනය ද උපක්ඛට දෙසිඛය ද රාජසිඛය ද,
27. කෝසිය මිස්සකය ද සුද්ධකාලකය ද ද්වේභාගය ද ජබ්බස්සය ද නිසීදන (සත්‍ථත) යද එළකලෝම ධොවාපනය ද රූපිය පටිග්ගහණය ද (රූපියවෝහාර කයවික්කය) නානාප්‍රකාර දෙසිඛය ද,
28. ඌනපඤ්චබන්‍ධනය ද වස්සිකසාටිකය ද සුත්තවිඤ්ඤාපනය ද විකප්පා පජ්ජනිය ද ද්වාරකෝස-චීවරදාන-චීවර සිබ්බන තෙසිඛය ද පූවපවාරණ පච්චය පවාරණ-ජෝතිසමාදහන තෙසිඛය ද,
29. රතනය ද සූචිඝරය ද මඤ්චකාරාපනය ද තූල නිසීදන කණ්ඩු පටිච්ඡාදන තෙසිඛය ද වස්සිකසාටික සුගතචීවර දෙ සිඛය ද විඤ්ඤත්තිය ද අඤ්ඤචේතාපනය ද,
30. සඞ්ඝික දෙ සිඛය ද මහාජනික දෙසිඛය ද පුග්ගල ලහුක ගරුක තෙ සිඛය ද විඝාස දෙසිඛය ද උදකසාටිකා සමණචීවර දෙසිඛය ද,
31. මේ සමපණස් සිකපදයෝ සතැනකින් උපදිති: කයින් උපදිති, වචනයෙන් සිතින් නූපදිත්, වචනයෙන් උපදිති, කයින් සිතින් නූපදිත්.
32. කයින් ද වචනයෙන් ද උපදිති, සිතින් නූපදිත්, කයින් ද සිතින් ද උපදිති වචනයෙන් නූපදිත්, වචනයෙන් ද සිතින් ද උපදිති, කයින් නූපදිත්, (කාවිසිමුනි) තිදොරින් උපදිත්. මොහු සඤ්චරිත්ත සිකපදය හා සමවූවෝ සමුට්ඨාන සයක් ඇත්තෝ වෙත්.
සඤ්චරිත්ත සමුට්ඨානය නිමි.
සමානුභාසන සමුට්ඨානය
33. භේදානුවත්තක දුබ්බච කුලදූසක දුට්ඨුල්ලපටිච්ඡාදන දිට්ඨිඅප්පටි නිස්සජ්ජන පස් සිඛ ද ඡන්‍දය ද උජ්ජග්සික දෙ සිඛය ද අප්පසද්ද දෙ සිඛය ද නබ්‍යාහරණය ද,
34. ඡමා නීවාසන ඨාන තෙසිඛය ද, පච්ඡතො ගමන උප්පථගමන දෙසිඛය ද වජ්ජපටිච්ඡාදන උක්ඛිත්තානුවත්තන හත්‍ථගහන තෙසිඛය ද ඔසාරණය ද ප්‍රත්‍යාඛ්‍යානය ද,
35. කිස්මිඤ්චිදේව සිඛය ද සංසට්ඨ දෙ සිඛය ද ‘රොදනය ද විසිබ්බන දුක්ඛිත දෙ සිඛය ද (පුන) සංසට්ඨ නවුපසම දෙසිඛය ද ආරාම පවාරණ දෙ සිඛය ද,
36. අන්‍වද්ධ මාසය ද සහජීවී දෙසිඛය ද චීවරය ද ද්වේවස්සානුබන්‍ධනය දැයි මේ සත්තිස් සිකපදයෝ කය වචන සිතින් උපදිත් නුයි සියල්ලෝ සමානුභාසනය මෙන් එක සමුට්ඨානයක් ඇත්තෝ වෙත්.
සමානුභාසන සමුට්ඨානය නිමි.
කඨින සමුට්ඨානය
37. උබභතකඨින තෙසිඛය ද පඨමපත්ත භේසජ්ජ දෙසිඛය ද අච්චෙකචීවරය ද සාසඞ්කය ද (සේනාසන) නපක්කම දෙ සිඛය ද,
38. භික්බුනුපස්සය ද පරම්පරභෝජනය ද අනතිරිත්තය ද නිමන්තණය ද වික්කප්පනය ද අන්තෙපුර සිඛය ද විකාලෙ ගාමප්පවේසනය ද වොසාසමාන සිඛය ද ආරඤ්ඤක සිඛය ද,
39. උස්සයවාදිකා පත්තසන්නිචය දෙ සිඛය ද පුරේභත්ත පච්ඡාභත්ත විකාල (කුලුපසඩ්කමන) තෙ සිඛය ද පඤ්චාහික සඞ්සාටිචාර චීවරසඞ්කමනීය දෙ සිඛය ද ආවස්ථ දෙ සිඛය ද,
40. පසාඛ සිඛය ද (නො පිළිවිස අස්නෙහි හිඳීම) ආසනසිඛය දැයි මේ එකුන්තිස් සිකපදයෝ කය වචන දෙකින් උපදිත්. සිතින් නූපදිති, තිදොරින් උපදිත්.
කඨින සමුට්ඨානය නිමි.
එළකලෝම සමුට්ඨානය
41. එළකලෝමය ද සහසෙය්‍ය දෙ සිඛය ද ආහච්චපාද ආවස්ථ පිණ්ඩ භෝජන දෙ සිඛය ද ගණභෝජන විකාලභොජන සන්නිධිකාර තෙ සිඛය ද දත්තපෝණ සිඛය ද අචේලක සිඛය ද,
42. උය්‍යුත්ත සේනා දෙ සිඛය ද උය්‍යොධිකය ද සුරාපාන නහාන දෙ සිඛයා, දුබ්බණ්ණ කරණය ද පාටිදේසනික දෙසිඛය ද ලසුණ උපතිට්ඨන නච්චන තෙසිඛය ද,
43. නහාන අත්‍ථරණ තුවට්ටසයන තෙ සිඛය ද එසේ ම අන්තොරට්ඨ තිරෙ රට්ඨ දෙ සිඛයද අන්තොවස්ස චිත්තාගාර දෙසිඛය ද ආසන්‍දි සුක්තකන්තන දෙ සිඛය ද
44. වෙය්‍යාවච්ච සහත්‍ථ දෙ සිඛය ද අභික්ඛුකාවාසය ද ඡත්තුපාහන යාන සඞ්ඝාණී තෙ සිඛය ද ඉත්‍ථාලඞ්කාර ගන්‍ධචුණ්ණ වාසිත යන තෙසිඛය ද,
45. භික්ඛුනී සික්ඛමානා සාමණෙරී ගිහිනි (උම්මද්දන) සිවුසිඛය ද අසංකච්චික සිඛය දැයි සිවුසාළිස් සිකපදයෝ
46. කයින් නගිති, වචනයෙන් සිතින් නො නගිත්, කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්, සියල්ලෝ එළකලෝමකසිඛය සමාන වූවෝ ද්විසමුට්ඨානික වෙත්.
එළකලෝම සමුට්ඨානය නිමි.
පදසෝධම්ම සමුට්ඨානය
47. පදසෝධම්ම අඤ්ඤත්‍ර විඤ්ඤුපුරිස අසම්මත යන තෙසිඛය ද එසේ ම අත්‍ථඞ්ගතසුරිය සිඛය ද තිරච්ඡාන විජ්ජා දෙසිඛය ද අනෝකාස පඤ්හපුච්ඡන සිඛය ද,
48. මේ සත් සිකපදයෝ වචනයෙන් උපදිති, කයින් සිතින් නූපදිත්. වචනයෙන් හා සිතින් උපදිති, කයින් නො ම උපදිත්. (මේ) සියල්ලෝ පදසෝධම්මසිඛය හා සමාන වූවෝ ද්විසමුට්ඨානික වෙත්.
පදසෝධම්ම සමුට්ඨානය නිමි.
අද්ධාන සමුට්ඨානය
49. අද්ධාන නාවාභිරූහන පණීතභෝජන තෙසිඛය ද මාතුගාමසංවිධානය ද ලෝමසංහරණය ද ධඤ්ඤ විඤ්ඤාපන නිමන්තන දෙ සිඛය ද මෙහෙණන්හට (පැණවූ) පාටිදේසනීය සිඛ අටදැයි,
50. මේ පසළොස් සිකපදයෝ කයින් උපදිති, වචනයෙන් ද සිතින් ද නූපදිත්, කයින් හා වචනයෙන් උපදිති, ඔහු සිතින් නූපදිත්.
51. කයින් හා සිතින් උපදිති, ඔහු වචනයෙන් නූපදිති, කය වචන සිත යන තිදොරින් උපදිත්. මේ සිවුවැදෑරුම් සමුට්ඨානයෝ අද්ධාන සිකපදය හා සමකොට බුදුනුවණින් පණවන ලදහ.
අද්ධාන සමුට්ඨානය නිමි.
ථෙය්‍යසත්‍ථ සමුට්ඨානය
52. ථෙය්‍යසත්‍ථය ද උපස්සුති විඤ්ඤාපන දෙසිඛය ද රත්තන්‍ධකාරය ද පටිච්ඡන්නය ද අබ්භෝකාසය ද ඛ්‍යුහසිඛය සමග මේ සිකපදයෙන් සත්දෙන,
53. කයින් හා සිතින් උපදිති, ඔහු වචනයෙන් නූපදිත්, කය වචන සිත යන තිදොරින් උපදිත්, ථෙය්‍යසත්‍ථසමුට්ඨානය ඇති මේ සිකපදයෝ හිරුගොත් ඇති මුනිඳුන් විසින් ද්විසමුට්ඨානිකහයි වදාරණ ලදහ.
ථෙය්‍ය සත්‍ථසමුට්ඨානය නිමි.
ධම්මදේසන සමුට්ඨානය
54. තථාගතවරයෝ කුඩගත් අත් ඇත්තහුට දහම් නො දෙසත්. එසේ ම දඬුගත් අත් ඇත්තහුට ද සැත්ගත් අත් ඇත්තහුට ද අවිගත් අත් ඇත්තහුට ද,
55. මිරිවැඩි වහන් යාන යහන් නැගිටියහුට ද අකවටු අවුළුවා හුන්නහුට ද හිස්වෙළුම් ඇත්තහුට ද හිස්වැසුවහුට ද (දහම් නො දෙසත්) මේ නො අඩු එකොළොස් සිකපදයෝ,
56. වචනයෙන් හා සිතින් උපදිති, ඔහු කයින් නූපදිත්, (මේ) සියල්ලෝ ධම්ම දෙසන සමුට්ඨානය හා සමවූවාහු ඒකසමුට්ඨධානිකයෝ වෙත්.
ධම්මදේසන සමුට්ඨානය නිමි.
භූතාරෝචන සමුට්ඨානය
57. භූතාරෝචනය කයින් උපදියි, වචනයෙන් ද සිතින් ද නූපදී, වචනයෙන් ද නඟියි, කයින් හා සිතින් නො නගී.
58. කයින් හා වචනයෙන් උපදියි, සිතින් නූපදී. භූතාරෝචනක නම් සිඛය තුන් තැනෙකින් උපදී.
භූතෙරොචන සමුට්ඨානය නිමි.
චෝරිවුට්ඨාපන සමුට්ඨානය
59. චෝරිවුටාඨාපනය වචනයෙන් හා සිතින් උපදියි, කයින් නූපදී. තිදොරින් උපදී. මේ චෝරිවුට්ඨාපන සිඛය අමිශ්‍ර වූ ද්විසමුට්ඨානිකයැයි ධර්‍මරාජයන් විසින් වදාරණ ලදී.
චෝරිවුට්ඨාපන සමුට්ඨානය නිමි.
අනනුඤ්ඤාත සමුට්ඨානය
60. අනනුඤ්ඤාතය වචනයෙන් නූපදියි, කයින් හා සිතින් නූපදී, කයින් හා වචනයෙන් උපදියි, එය සිතින් නූපදී.
61. වචනයෙන් හා සිතින් උපදියි, එය කයින් නූපදී. තිදොරින් උපදී. (එහෙයින් මෙය) අමිශ්‍ර වූ චතුසමුට්ඨානයෙකි.
අනනුඤ්ඤාත සමුට්ඨානය නිමි.
62. සමුට්ඨානසංක්‍ෂේපය තෙළෙසකැයි මැනැවින් වදාරණ ලදි. විනයපාලියට අනුලොම් වූ නුමුළා බව කරණ මේ කාරණය දරන නුවණැත්තේ සමුට්ඨානයයෙහි මුළා නො වන්නේ යි.
සමුට්ඨාන ශිර්‍ෂ සංක්‍ෂේපය නිමියේ යි.
අන්තරපෙය්‍යාලය
කතිපූච්ඡාවාරය
ආපත්තීහු කෙතෙක් ද, ආපත්තිස්කන්‍ධයෝ කෙතෙක් ද, විනීත වස්තුහු කෙතෙක් ද, අගෞරවයෝ කෙතෙක් ද, ගෞරවයෝ කෙතෙක් ද, විනීත වස්තුහු කෙතෙක් ද, විපත්තීහු කෙතෙක් ද, ආපත්ති සමුට්ඨානයෝ කෙතෙක් ද, විවාද මූලයෝ කෙතෙක් ද, අනුවාදමූලයෝ කෙතෙක් ද, සාරාණීය ධර්‍මයෝ කෙතෙක් ද, භේදකර වස්තුහු කෙතෙක් ද, අධිකරණයෝ කෙතෙක් ද, ශමථයෝ කෙතෙක් ද යත්:
ආපත්තීහු පස්දෙනෙකි, ආපත්තිස්කන්‍ධයෝ පස්දෙනෙකි, විනීත වස්තූහු පස්දෙනෙකි, ආපත්තීහු සත්දෙනෙකි, ආපත්තිස්කන්‍ධයෝ සත් දෙනෙකි, විනීතවස්තූහු සත් දෙනෙකි. අගෞරවයෝ සදෙනෙකි, ගෞරවයෝ සදෙනෙකි, විනීතවස්තූහු සදෙනෙකි, විපත්තීහු සිවු දෙනෙකි, ආපත්ති සමුට්ඨානයෝ සදෙනෙකි, විවාදමූලයෝ සදෙනෙකි, අනුවාදමූලයෝ සදෙනෙකි, සාරාණීය ධර්‍මයෝ සදෙනෙකි, භේදකර වස්තූහු අටළොස් දෙනෙකි, අධිකරණයෝ සිවුදෙනෙකි, ශමථයෝ සත් දෙනෙකි.
1. එහි පස්වැදෑරුම් ආපත්තීහු කවරහ යත්: පාරාජිකාපත්ති යැ, සඞ්ඝාදිසේසපත්ති යැ, පාචිත්තියාපත්ති යැ, පාටිදේශ නීයාපත්ති යැ, දුෂ්කෘතාපත්ති යැයි මොහු පස් වැදැරුම් ආපත්තීහුයි.
2. එහි පස්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයෝ කවරහ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යැ, සඞ්ඝාදිසේසපත්තිස්කන්‍ධ යැ, පාචිත්තියාපත්තිස්කන්‍ධ යැ, පාටිදේසනීයාපත්ති ස්කන්‍ධ යැ, දුක්කටාපත්තිස්කන්‍ධ යැයි මොහු පස්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයෝයි.
3. එහි පස්වැදෑරුම් විනීත වස්තූහු කවරහ යත්: පස් වැදැරුම් ආපත්තිස්කන්‍ධයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්‍රිය යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැ යි මොහු පස්දෙන විනීතවස්තුහුයි.
4. එහි සත්වැදෑරුම් ආපත්තීහු කවරහ යත්: පාරාජිකාපත්ති යැ, සඞ්ඝාදිසේසා පත්ති යැ, ථුල්ලච්චයාපත්ති යැ, පාචිත්තියාපත්ති යැ, පාටිදේසනීයාපත්ති යැ, දුක්කටා පත්ති යැ, දුබ්භාසිතාපත්ති යැ යි මොහු සත්දෙන ආපත්තීහුයි.
5. එහි සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයෝ කවරහ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යැ, සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධ යැ, ථූල්ලච්චයාපත්තිස්කන්‍ධ යැ, පාචිත්තියාපත්තිස්කන්‍ධ යැ, පාටිදෙසානීයාපත්තිස්කන්‍ධ යැ, දුක්කටාපත්තිස්කන්‍ධ යැ, දුබ්භාසිතාපත්තිස්කන්‍ධ යැ යි මොහු සත්දෙන ආපත්තිස්කන්‍ධයෝයි.
6. එහි සත්වැදෑරුම් විනීතවස්තූහු කවරහ යත්: සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්‍රියා යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැයි මොහු සත් දෙන විනීත වස්තූහු යි.
7. එහි සවැදැරුම් අගෞරවයෝ කවරහ යත්: බුදුන් කෙරෙහි අගෞරව යැ දහම්හි අගෞරව යැ සඟුන් කෙරෙහි අගෞරව යැ ශික්‍ෂායෙහි අගෞරව යැ අප්‍රමාදයෙහි අගෞරව යැ පිළිසඳරෙහි අගෞරව යැ යි මොහු සදෙන අගෞරවයෝ යි.
8. එහි සවැදැරුම් ගෞරවයෝ කවරහ යත්: බුදුන් කෙරෙහි ගෞරව යැ දහම්හි ගෞරව යැ සඟුන් කෙරෙහි ගෞරව යැ ශික්‍ෂායෙහි ගෞරව යැ අප්‍රමාදයෙහි ගෞරව යැ පිළිසඳරෙහි ගෞරව යැ යි මොහු සදෙන ගෞරවයෝ යි.
9. එහි සවැදෑරුම් විනීතවස්තුහු කවරහ යත්: සවැදැරුම් අගෞරවයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්‍රිය යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැයි මොහු සදෙන විනීත වස්තූහු යි.
10. එහි සිවුවැදෑරුම් විපත්තීහු කවරහ යත්: සීලවිපත්ති යැ ආචාරවිපත්ති යැ දිට්ඨිවිපත්ති යැ ආජීවවිපත්ති යැ යි මොහු සිවු විපත්තීහු යි.
11. එහි සවැදැරුම් ආපත්තිසමුට්ඨානයෝ කවරහ යත්: කයින් නගින ඇවැතෙක් ඇත, එය වචනයෙන් නො නගියි, සිතින් නො නඟී. වචනයෙන් නඟින ඇවතෙක් ඇත, එය කයින් නො නඟියි, සිතින් නො නඟී. කයින් ද වචනයෙන් ද නගින ඇවැතෙක් ඇත, එය සිතින් නො නඟී. කයින් ද සිතින් ද නගින ඇවැතෙක් ඇත, එය වචනයෙන් නො නඟී. වචනයෙන් ද සිතින් ද නගින ඇවැතෙක් ඇත, එය කයින් නො නඟී. කයින් ද වචනයෙන් ද සිතින් ද නඟින ඇවැතෙක් ඇතැයි මොහු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයෝයි.
12. එහි සවැදැරුම් විවාදමූලයෝ කවරහ යත්: මේ ශාසනයෙහි මහණ කිපෙන සුලුවූයේ බද්ධ වෛර ඇත්තේ වෙයි. යම් ඒ මහණෙක් කිපෙන සුලුවූයේ බද්ධ වෛර ඇත්තේ ද, ඒ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි, ධර්‍මය කෙරෙහිද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි, ශික්‍ෂාව ද සම්පූර්‍ණ කරන්නෙක් නො වෙයි, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නෙක් නො වේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි. යම් ඒ විවාදයෙක් බොහෝ ජනයාට අහිත පිණිස බොහෝ ජනයාට නො සුව පිණිස බොහෝ ජනයාට අවැඩ පිණිස දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේද, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සිය සතන්හි හෝ පිටතැ හෝ දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ විවාදයට මුල් වූ කරුණ පහ කිරීම පිණිස වෑයම් කරවු. ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ නො දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ විවාදයට මුල් වූ කරුණ මත්තෙහි නො පැවැත්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ ප්‍රහාණිය වෙයි. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ මත්තෙහි නො පැවැත්ම වේ.
නැවත ද අනෙකෙක් වෙයි. මහණ ගුණමකු වූයේ යුභග්‍රාහී වෙයි. ... ඊර්‍ෂ්‍යා කරණසුලු වූයේ මසුරුබව් ඇත්තේ වෙයි. කපටි වූයේ මායා ඇත්තේ වෙයි. ලාමක අදහස් ඇත්තේ මිසදිටු ඇත්තේ වෙයි. ස්වකීය දෘෂ්ටිය ම ආමර්‍ෂණය කරන්නේ දැඩි වැ ගන්නා සුලු වූයේ (වරද) බැහැරැලීමෙහි දුෂ්කර වූයේ වෙයි. යම් ඒ මහණෙක් ස්වකීය දෘෂ්ටිය ම ආමර්‍ෂණය කරන්නේ දැඩි වැ ගන්නා සුලු වූයේ (වරද) බැහැරලීමෙහි දුෂ්කර වූයේ වේ ද, ඒ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ශික්‍ෂාව ද සම්පූර්‍ණ කරන්නෙක් නො වෙයි. යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නෙක් නොවේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි.
යම් විවාදයෙක් බොහෝ ජනයාහට අහිත පිණිස බොහෝ ජනයාහට නො සුව පිණිස බොහෝ ජනයාහට අවැඩ පිණිස දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ ද, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ විවාදයට මුල් වූ කරුණ පහ කිරීම පිණිස වෑයම් කරවු. ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ නො දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ එම විවාදයට මුල්වූ කරුණ මත්තෙහි නො පැවැත්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ විවාද මූලයාගේ පහකිරීම වෙයි. මෙසේ මේ ලාමක වූ විවාද මූලයාගේ මත්තෙහි නො පැවැත්ම වේ. මොහු සවැදැරුම් විවාද මූලයෝයි.
13 එහි සවැදැරුම් අනුවාදමූලයෝ කවරහ යත්: මේ ශාසනයෙහි මහණ කිපෙන සුලු වූයේ බද්ධවෛර ඇත්තේ වෙයි. යම් ඒ මහණෙක් කිපෙනසුලු වූයේ බද්ධවෛර ඇත්තේ වේ ද, ඒ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ශික්‍ෂාව ද සම්පූර්‍ණ කරන්නෙක් නො වෙයි. යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නෙක් නොවේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි අනුවාදය උපදවයි, යම් අනුවාදයෙක් බොහෝ ජනයාහට අහිත පිණිස බොහෝ ජනයාහට නො සුව පිණිස බොහෝ ජනයාහට අවැඩ පිණිස දෙව්මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ ද, ඉදින් තෙපි මෙබඳු අනුවාදයට මුල් වූ කරුණක් සිය සතන්හි හෝ පිටතැ හෝ දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ එම අනුවාදයට මුල් වූ කරුණ පහ කිරීම පිණිස වෑයම් කරවු. ඉදින් තෙපි මෙබඳු අනුවාදයට මුල්වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ නො දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ, ඒ අනුවාදයට මුල් වූ කරුණ මත්තෙහි නො පැවැත්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ අනුවාද මූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ ලාමක වූ අනුවාද මූලයාගේ මත්තෙහි නො පැවැත්ම වේ.
නැවැත ද අනෙකක් වෙයි. මහණ ගුණමකු වූයේ යුගග්‍රාගී වෙයි. ... ඊර්‍ෂ්‍යා කරණ සුලු වූයේ මසුරුබැව් ඇත්තේ වෙයි. කපටි වූයේ මායා ඇත්තේ වෙයි. ලාමක අදහස් ඇත්තේ මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි. ස්වකීය දෘෂ්ටිය ම ආමර්‍ෂණය කරන්නේ දැඩි වැ ගන්නාසුලු වූයේ (වරද) බැහැරැලීමෙහි දුෂ්කර වූයේ වෙයි. යම් ඒ මහණෙක් ස්වකීය දෘෂ්ටිය ම ආමර්‍ෂණය කරන්නේ දැඩි වැ ගන්නා සුලු වූයේ (වරද) බැහැරැලීමෙහි දුෂ්කර වූයේ වේ ද, ඒ මහණ ශාස්තෘන් කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ශික්‍ෂාව ද සම්පූර්‍ණ කරන්නේ නො වේ. යම් ඒ මහණෙක් ශාස්තෘන් කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නෙක් නො වේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි අනුවාදය උපදවයි, යම් අනුවාදයෙක් බොහෝ ජනයාහට අහිත පිණිස බොහෝ ජනයාහට නො සුව පිණිස බොහෝ ජනයාහට අවැඩ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ ද, ඉදින් තෙපි මෙබඳු අනුවාදයට මුල් වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ අනුවාදයට මුල් වූ කරුණ පහ කිරීම පිණිස වෑයම් කරවු. ඉදින් තෙපි මෙබඳු අනුවාදයට මුල්වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ නො දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ අනුවාදයට මුල්වූ කරුණ මත්තෙහි නො පැවැත්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ අනුවාදමූලයාගේ ප්‍රහාණිය වෙයි. මෙබස් මේ ලාමක වූ අනුවාද මූලයාගේ මත්තෙහි නො පැවැත්ම වේ. මොහු සවැදැරුම් අනුවාද මූලයෝයි.
14. එහි සවැදැරුම් සාරාණීයධර්‍මයෝ කවරහ යත්: මේ ශාසනයෙහි මහණක්හුගේ මෛත්‍රී කායකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි ද නො හමුයෙහි ද එළඹ සිටියේ වෙයි. මේ මෛත්‍රීකායකර්‍මසඞ්ඛ්‍යාත ධර්‍මය ද සිහිකටයුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ. (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතුබව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.
නැවත ද අනෙකෙක් වෙයි. මහණක්හුගේ මෛත්‍රී වාක්කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි ද නො හමුයෙහි ද එළඹ සිටියේ වෙයි. මේ මෛත්‍රි වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ධර්‍මය ද සිහිකටයුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.
නැවත ද අනෙකෙක් වෙයි. මහණක්හුගේ මෛත්‍රීමනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි ද නො හමුයෙහි ද එළඹ සිටියේ වෙයි. මේ මෛත්‍රීමනඃකර්‍මසඞ්ඛ්‍යාත සිහිකට යුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ (සබ්‍රම් සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.
නැවත ද අනෙකෙක් වෙයි. මහණ දැහැමි වූ දැහැමින් ලද්දාවූ යම් ඒ ලාභයෝ වෙත් නම් යටත් පිරිසෙයින් පාත්‍රගත වූ පමණකුත් වේ ද, එබඳු ලාභයන්, සිල්වත් සබ්‍රම්සරුන් හා සාධාරණ පරිභෝග ඇත්තේ පටිවිහත්තභෝගී නො වූයේ වෙයි. මේ ධර්‍මය ද සිහි කට යුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ. (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කරණු පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.
නැවත ද අනෙකෙක් වෙයි. මහණ නො කඩ වූ නො සිදුරු වූ නො සබල වූ නො කැලල් වූ නිදහස් වූ නුවණැත්තන් විසින් පසස්නා ලද (තෘෂ්ණා දෘෂ්ටීන්) නො පහස්නා ලද, සමාධිය එළවන්නා වූ යම් ඒ ශීලයෝ වෙත් ද, එබඳු ශීලයන්හි පිරිපුන් සිල්වතුන් හා සමබවට පැමිණියේ හමුයෙහි ද නො හමුයෙහි ද සබ්‍රම්සරුන් හා වෙසෙයි. මේ ධර්‍මය ද සිහිකටයුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ. (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.
නැවත ද අනෙකෙක් වෙයි. මහණ යම් මේ (මාර්‍ග සම්ප්‍රයුක්ත) දෘෂ්ටියෙක් නිදොස් ද නෛර්‍ය්‍යාණික ද නිවණට පමුණුවන්නී ද, ඒ අනුශාසනය කළහුගේ මොනවට දුක් නැසීම පවතී ද, එබඳු වූ දෘෂ්ටියෙන් සමබවට පැමිණියේ හමුයෙහි ද නො හමුයෙහි ද සබ්‍රම්සරුන් හා වෙසෙයි. මේ ධර්‍මය ද සිහිකටයුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ. (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී. මොහු සවැදැරුම් සාරාණීය ධර්‍මයෝ යි.