Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 1901-2000 න් 4019

9. කත්‍ථපඤ්ඤත්තිවාරය
පාරාජික කාණ්ඩය
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් පණවන ලද පරිජිය කොතැන්හි පණවන ලද ද කවරක ඇරැබ ද කිනම් වස්තු යෙක්හි ද ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්:
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් පණවන ලද පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය ඇරැබැ ය. කිනම් වස්තුයෙක යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී කායසංසර්‍ගරාගයෙන් තෙත්වූවා කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හු ගේ කායසංසර්‍ගය ඉවසූ යැ. ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇත් ද යත්: පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැත. සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ, සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ. ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යැ, සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ ද කොහි ඇතුළත් ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ ය. නිදානුද්දේසයෙහි ඇතුළත් ය. කිනම් උද්දේසයෙකින් උදෙසීමට පැමිණේ ද යත්: දෙවැනි උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිනම් විපත්තියෙක් ද යත්: ශීල විපත්ති යැ. සත් වැදැරුම් ආපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කිනම් ආපත්ති ස්කන්‍ධයෙක යත්: පාරාජිකා පත්ති ස්කන්‍ධ යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නගී. ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණ එන ලදි. උපාලි ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ. ... විනයපිටකය තඹපැන් නම් වූ හෙළදිව පැවසූහ.
2. වරද සැඟවීම් හේතුයෙන් සිදු වන පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණි දැන දැන පරිජි ඇවැත් අවන් මෙහෙණකට තොමෝ චෝදනා නො කළාය. භික්‍ෂුණි ගණයාට නො දැන් වූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
3. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් සිදුවන පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණී සමග සඟහු විසින් උඛෙව්නීකම් කරණලද පෙර ගිජුලිහිණින් නැසූ කුලයෙහි උපන් අරිට්ඨ මහණහට අනුව පැවැත්තා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
4. කය එළවීම් සඞ්ඛ්‍යාත අටවන වස්තුව පිරවීම් හේතුවෙන් සිදුවන පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදී පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මෙහෙණහු අෂ්ටම වස්තුව පිරවූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
පරිජි නිමි.
සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් විවාද කරණ මෙහෙණහට අධිකරණ හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද, කවරක ඇරැබ ද, කිනම් වස්තුයෙකැ ... කවරක්හු විසින් ගෙණ එන ලද ද:
2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් විවාද කරණ මෙහෙණහට අධිකරණ හේතුයෙන් සිදුවන සඟ වෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබය. කිනම් වස්තුයෙක යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණී විවාද ඇතියා වැ වාසය කළායැ. ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇත් ද, යත්: පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති. සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යි. ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි. සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ ද, කොහි ඇතුළත් ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ යැ. නිදානුද්දේසයෙහි ඇතුළත් යැ. කිනම් උද්දේසයෙකින් උදෙසීමට පැමිණේ ද යත්: තුන්වන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිනම් විපත්තියක්ද යත්: සීලවිපත්ති යි. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිනම් ආපත්ති ස්කන්‍ධයෙක් ද යත්: සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධ යි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගී ද යත්: දෙ සමුට්ඨානයෙකින් නඟියි: කිසි විටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණ එන ලදි.
උපාලි ස්ථවිර යැ. දාසක ස්ථවිර යැ ... විනය පිටකය තඹපැන් නම් වූ හෙළදිවැ පැවසූහු.
3. (සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින්) සෙරක උපසපන් කරවීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබය. කිනම් වස්තුවෙක්හි ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණී සෙරක උපසපන් කරවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් දෙ සමුට්ඨානයෙකින් නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. ...
4. එකලා වැ අන් ගමකට යෑම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: එක්තරා මෙහෙණක ඇරැබය. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් එකලා වැ අන් ගමකට ගියා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකැ, අනුපඤ්ඤත්ති තුණෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ප්‍රථමපාරාජිකයෙහි යැ. ...
5. ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමග සඟහු විසින් උඛෙව්නීකම් කරණ ලද මෙහෙණකට කාරකසඞ්ඝයා නො පිළිවිස (කාරක) ගණයාගේ අදහස් නො දැන ඔසාරණකම් කිරීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙක යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණි ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘ ශාසනයෙන් සමගසඟුන් විසින් උඛෙව්නීකම් කළ මෙහෙණක කාරකසඞ්ඝයා නො පිළිවිස (කාරක) ගණයාගේ අදහස් නො දැන ඇතුළත් කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
6. මෙවුන්දම්රායෙන් තෙත් වූ මෙහෙණක විසින් මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වැළඳීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කො තැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තු යෙකැ යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණි මෙවුන්දම්රායෙන් තෙත්වූවා මෙවුන්දම් රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් ආමිසයක් පිළිගත්තී යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ප්‍රථම පාරාජිකයෙහි යැ. ...
7. ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තොපට කුමක් කෙරේ ද යම් හෙයකින් තෙපි මෙවුන්දම්රායෙන් නො තෙත් වහු ද එබැවින් ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ යම් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ තොපට දේ ද, තෙපි එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ කියා මෙහෙයවීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: එක්තරා මෙහෙණක ඇරැබ ය. කිනම් වස්තුයෙක් යත්: එක්තරා මෙහෙණක් ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තොපට කුමක් කෙරේ ද යම් හෙයකින් තෙපි මෙවුන්දම්රායෙන් නො තෙත් වහුද, එබැවින් ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල යම් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ තොපට දේද, තෙපි එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ කියා මෙහෙයවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගී. ...
8. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි කිපුණු නො සතුටු සිත් ඇති මෙහෙණහට එය නො හැරීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: චණ්ඩකාලී භික්‍ෂුණිය ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: චණ්ඩකාලී භික්‍ෂුණි කිපියා නො සතුටු සිත් ඇත්තී, “බුදුන් ප්‍රතික්‍ෂේප කරමි, ධර්‍මය ප්‍රතික්‍ෂේප කරමි, සඞ්ඝයා ප්‍රතික්‍ෂේප කරමි, ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කරමි “යි මෙසේ කිවු යැ. ඒ වස්තුයෙහි යැ පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
9. කිසියම් අධිකරණයෙක්හි පරදවන ලද මෙහෙණහට තුන්යළ තෙක් සමනුභාසන කම් කරණ කල්හි එය නො හැරීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: චණ්ඩකාලී භික්‍ෂුණිය ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාලී භික්‍ෂුණි කිසියම් අධිකරණ යෙක්හි පරදවන ලද්දී කිපියා නො සතුටුසිත් ඇත්තී “භික්‍ෂුණීහු ඡන්‍දයෙන් අගතියට ගියෝ යැ. ද්වේෂයෙන් අගතියට ගියෝ යැ, මෝහයෙන් අගතියට ගියෝ යැ, බියෙන් අගතියට ගියෝ යැ”යි මෙසේ කිවු යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ.
10. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි ගිහියන් හා එක්වූ මෙහෙණන් හට වරද නො හැරීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ ද යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු ගිහියන් හා එක්ව විසූහ. ඒ වස්තු යෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
11. “ආර්‍ය්‍යයාවෙනි, තෙපි (ගිහියන් හා) එක්ව මැ වසවු, තෙපි වෙන්ව නොවසවු” කියා මෙහෙයවන මෙහෙණහට තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි ඒ වරද නො හැරීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණි “ආර්‍ය්‍යයාවෙනි, තෙපි (ගිහියන් හා) එක්වමැ වසවු, තෙපි වෙන්ව නො වසවු” කියා මෙහෙය වූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
12. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන පිළිදෙස්නී ඇවැත කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මෙහෙණහු දිහි විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් සමුට්ඨාන සතරෙකින් නඟියි: ...
පළමුවන කත්‍ථ පඤ්ඤත්තිවාරය නිමි.
10. කතාපත්තිවාරය
පාරාජික කාණ්ඩය
1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුවෙන් පස් ඇවැතකට පැමිණෙයි: කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මෙහෙණක් කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අකුඇටයෙන් යට දණ මඬලින් උඩ ගැනීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, මහණෙක් කයින් කය ස්පර්‍ශ කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් ස්පර්‍ශ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් ස්පර්‍ශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙහි පචිති ඇවැත් වේ. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් මේ පස් ඇවතට පැමිණේ.
2. වරද සැඟවීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: වරද සැඟවීම් හේතුවෙන් සිවු ඇවැතකට පැමිණෙයි: මෙහෙණක් දැන දැන පරිජි ඇවැතක් වසා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇතියා වසා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණෙක් සඟ වෙසෙසක් සඟවා නම් පචිති ඇවැත් වෙයි, ආචාර විපත්තියක් සඟවා නම් දුකුළා ඇවැත් වේ. වරද සැඟවීම් හේතුවෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
3. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුවෙන් පස් ඇවැතකට පැමිණෙයි: උඛෙව්නීකම්කරණ ලදහු අනු වැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හරී නම් ඤත්තියෙන් දුකුළා වෙයි, දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි පරිජි ඇවැත් වෙයි, භේදකයනට අනුවණැ වැටෙන මෙහෙණ තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නොහරී නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. ලාමක දෘෂ්ටියෙන් යුත් මෙහෙණහට තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නොහරී නම් පචිති ඇවැත් වේ. තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුවෙන් මේ පස් ඇවැතට පැමිණේ.
4. අෂ්ටම වස්තුව පිරවීම් හේතුයෙන් කෙතෙක් ඇවතුන්ට පැමිණේ ද යත්: අෂ්ටම වස්තුව පිරවීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: පිරිමියක්හු විසින් “මෙනම් තැනට යව” යි කියන ලද්දී යේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිමියක්හුගේ අත්පසට වන් කල්හි ථුලැසි ඇවැත් වෙයි, කය එළවීම් සඞ්ඛ්‍යාත අෂ්ටම වස්තුව පුරවා නම් පරිජි ඇවැත් වේ. අෂ්ටම වස්තුව පිරවීම් හේතුයෙන් මේ තුන් ඇවතට පැමිණේ.
පරිජි නිමි.
සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
1. විවාද කරණ මෙහෙණ අධිකරණ කිරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: එකක්හට ඇරොජා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවැන්නකුට ඇරොජා නම් ථුලැසි ඇවැත් වෙයි, අධිකරණය නිමිකල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
2. සෙරෙක උපසපන් කරවීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලාසීහු වෙතී. කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
3. එකලා වැ අන් ගමකට යෑම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් ථුලැසි ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
4. සමගසඟුන් විසින් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙව්නීකම් කළ මෙහෙණක කාරක සඞ්ඝයා නො පිළිවිස (කාරක) ගණයාගේ අදහස් නො දැන ඇතුළත් කර ගැණීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
5. මෙවුන්දම්රායෙන් තෙත් වූ මෙහෙණක් මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වැළඳීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි, වළඳන්නෙමි” යි පිළිගණී නම් ථුලැසි ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි සඟවෙසෙස් ඇවැත් වෙයි, දිය දැහැටි පිළිගණී නම් දුකුළා ඇවැත් වේ.
6. ආර්‍ය්‍යාව, තෙල පුරුෂපුද්ගල තෙමේ මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තොපට කුමක් කෙරේ ද, යම්හෙයෙකින් තෙපි මෙවුන්දම්රායෙන් නො තෙත් වහු ද, එබැවින් ආර්‍ය්‍යාව, තෙල පුරුෂපුද්ගල තෙමේ යම් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ තොපට දේ ද, තෙපි එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ කියා මෙහෙයවීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඇයගේ වචනයෙන් “කන්නෙමි වළඳන්නෙමි’ යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි ථුලැසි ඇවැත් වෙයි, වළඳා නිමි කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
7. කිපියා වූ මෙහෙණක් තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. කිසියම් අධිකරණයෙක්හි පරදවන ලද මෙහෙණක් තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
9. ගිහියන් හා එක් වූ මෙහෙණක් තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
10. “ආර්‍ය්‍යාවෙනි, තෙපි ගිහියන් හා එක්ව මැ වසව, තෙපි වෙන්ව නො වසව,” කියා මෙහෙයවන මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ. ...
දස සඟවෙසෙස් නිමි.
යට කී සෙයින් විස්තර කටයුතු යැ, හේතුව පමණෙක් මැ වෙනසි.
11. දිහි විනවා වැළඳීම් හේතුවෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ. දිහි විනවා වැළඳීම් හේතුයෙන් මේ දෙ ඇවතට පැමිණේ.
දෙවන කතාපත්තිවාරය නිමි.
11. විපත්තිවාරය
1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවු වැදැරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීල විපත්තිය ද කිසිවිටෙක ආචාර විපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. ...
2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් එක් මැ ආචාර විපත්තිය බෙජෙත්.
තුන්වන විපත්තිවාරය නිමි.
12. සඞ්ග්‍රහවාරය
1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසි විටෙක ථුල්ලවච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි පස් ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලදහු ය. ...
2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි දෙ ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ය.
සිවුවන සඞ්ග්‍රහවාරය නිමි.
13. සමුට්ඨානවාරය
1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. ...
2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් සිවුසමුට්ඨානයෙකින් නගිත්. කිසිවිටෙක කයින් නගිත්, වචනයෙන් නො නගිත්, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිත්, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද සිතින් ද නගිත්, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්.
පස්වැනි සමුට්ඨානවාරය නිමි.
14. අධිකරණවාරය
1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අපත්තාධිකරණ යි. ...
2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි.
සවැනි අධිකරණවාරය නිමි.
15. සමථවාරය
1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳෙත්.
සත්වැනි සමථවාරය නිමි.
16. සමුච්වයවාරය
1. කායසංසර්‍ගය ඉවසීම් හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත් කායසංසර්‍ගය ඉවසීම් හේතුවෙන් පස් ඇවැතකට පැමිණේ. කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මෙහෙණ කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අකුඇටයෙන් යට දණමඩලින් උඩ ගැණීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, මහණෙක් කයින් කය ස්පර්‍ශ කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, කයින් කය පිළිබැඳියක් ස්පර්‍ශ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, කයපිළිබැඳියෙකින් කයපිළිබැඳියක් ස්පර්‍ශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ඇඟිල්ලෙන් ගිරති කැවීමෙහි පචිති ඇවැත් වේ. කායසංසර්‍ගය ඉවසීම් හේතුවෙන් මේ පස් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතගාපත්තිස්කන්‍ධයෙන් දැයි පස් ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලදහු ය. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිත්. කයින් ද සිතින් ද නගිත්, වචනයෙන් නො නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණයි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද කිසිවිටෙක සම්මුඛගාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
2. දිහි විනවා වැළඳීම් හේතුවෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: දිහි විනවා වැළඳීම් හේතුවෙන් දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ. දිහි විනවා වැළඳීම් හේතුවෙන් මේ දෙ ඇවතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත්ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් එක් ම ආචාර විපත්තිය බෙජෙත් සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි, දෙ ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලදහු ය. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් සිවු සමුට්ඨානයෙකින් නගිති: කිසිවිටෙක කයින් නගිති, වචනයෙන් නො නඟිති, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිති, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද, තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
අටවැනි සමුච්චයවාරය නිමි.
අෂ්ට ප්‍රත්‍යය වාරයෝ නිමියහ.
ඒ වාරයන්ගේ උද්දානය:
කතාපත්තිවාරය ද, විපත්තිවාරය ද, සංගහවාරය ද, සමුට්ඨානවාරය ද, අධිකරණ වාරය ද, සමථවාරය ද, සමුච්චයවාරය ද, යන මේ සප්ත වාරයෝ ආදියෙහි දක්වන ලද කත්‍ථපඤ්ඤත්තිවාරය සමග (පච්චයවාරයෙහි) මහාවාරයෝ අටදෙනෙක් වෙත්.
භික්බූනී විභඞ්ගයෙහි සොළොස් මහාවාරයෝ නිමියහ.
භික්ඛුනී විභඞ්ගය ද නිමියේ යි.
සමුත්‍ථාන ශීර්‍ෂසඞ්ක්‍ෂේපය
සමුට්ඨානය පිළිබඳ නාමාවලිය
1. සියලු සංස්කාර ධර්‍මයෝ අනිත්‍යයහ, දුඃඛයහ, අනාත්මයහ, සංස්කෘතයහ යි ද නිර්‍වාණය හා ප්‍රඥප්තිය අනාත්මයයි ද නිශ්චිතය හ.
2. බුද්ධ නමැති චන්‍ද්‍රයා නූපන් කල්හි බුද්ධ නමැති සූර්‍ය්‍යයා නො නැඟි කල්හි අනිත්‍යාදියෙන් සභාග වූ ඒ සඞ්ඛත ධර්‍මයන් ගේ නාමමාත්‍ර යෙකුදු නොදන්නා ලැබේ.
3. නානාවිධ දුෂ්කර ක්‍රියා කොට පැරුම් පුරා (දෙවි) බඹුන් සහිත ලෙව්හි චක්‍ෂුර් භූත වූ මහාවීරයෝ උපදිත්.
4. ඒ මහාවීරවූ බුදුවරු දුක් නසන සුව එළවන සද්ධර්‍මය දෙසත්. (එහෙයින්) සියලඟින් නික්මෙන කාන්ති ඇති ශාක්‍යමුනීන්‍ද්‍ර වූ හැමසතන් වෙත පතළ කුලුණැති,
5. සර්‍වසත්‍ථොත්තම මුනිශ්‍රේෂ්ඨයන් වහන්සේ මහඅනුසස් ඇති සූත්‍රපිටකය ද අභිධර්‍මය ද විනය දැයි ත්‍රිපිටකය දෙසූහ.
6. ඉදින් විනය පාලිය පවතී නම් මෙසේ ඇති කල්හි ප්‍රතිපත්ති ප්‍රතිවේධ සද්ධර්‍මය එළවනු ලැබෙයි, උභය විහඞ්ගයෝ ද ඛන්‍ධකයෝ ද යම් උභය ප්‍රාතිමෝක්‍ෂයෙක් වේ නම් හෙද,
7. හුයෙකින් ගෙතූ මල්දමක් සෙයින් පරිවාරයෙන් ගොතන ලදහ. ඒ පරිවාරයා ගේ ම සමුට්ඨානය ද නය විසින් කරන ලදි.
8. එයින් අන්‍ය වූ සමුට්ඨාන සම්භේදය ද නිදානය ද මතු සූත්‍රයෙහි ම පෙණෙයි, එබැවින් විනයධර්‍මාභිලාෂි ප්‍රියශීල භික්‍ෂුතෙම පරිවාරය පුහුණු කරන්නේ යි.
ත්‍රයොදශ සමුත්‍ථානයෝ
9. උභය විභඞ්ගයෙහි පණවනලද යම් සිකපද සමූහයක් පෙහෙවස් දිනයෙහි උදෙසත් ද, ඒ සිකපද සමූහයා ගේ ආපත්ති සමුට්ඨාන යුක්ති පරිද්දෙන් කියන්නෙමි. ඒ මා කියන වදන් අසවු.
10. යම් ප්‍රථම පාරාජික සමුට්ඨානයෙක් වේ නම් එය ද ඉන් මත්තෙහි ද්විතීය පාරාජිකසමුට්ඨානය ද සඤ්චරිත්තය ද සමානුභාසනය ද කඨිනය ද,
11. එළක ලෝමය ද පදසෝධම්මය ද භූතාරෝචනය ද අද්ධානගමනය ද ථෙය්‍ය සත්‍ථය ද ධම්මදේසනා ද වොරිවුට්ඨාපනය ද අනනුඤ්ඤාතය දැයි තෙළෙසෙකි.
12. මේ තෙළෙස් සමුට්ඨාන ක්‍රමයෝ නුවණැත්තන් විසින් සිතන ලද්දාහ, එක් එක් සමුට්ඨානයෙහි (ඇතුළත්වන අන්‍යවූ) සමසමුට්ඨානයෝ ද මේ උභයවිභඞ්ගයේ පෙණෙත්.
ප්‍රථම පාරාජික සමුට්ඨානය
13. මෛථුනය ද සුක්කවිස්සට්ඨිය ද කායසංසර්‍ගය ද පළමුවන අනියතය ද පුබ්බුපහතය ද (භික්‍ෂුණී) පරිපාචිතය ද භික්‍ෂුණියක සමග රහෝනිසජ්ජනය ද,
14. සභොජනය ද රහෝනිසජ්ජා දෙක ද අඞ්ගුලිපතෝදය ද උදකහස්සධම්මය ද පහාරදානය ද තලසත්තිඋග්ගිරණය ද තෙපණස් සේඛියාවෝ ද,