Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 1801-1900 න් 4019

7. අවස් සිවුරක් නොදී පරිභෝග කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිබෝ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පරිභෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
8. (දොර කවුළු තැබූ) සෙනස්නක් (රක්නා පිණිස) නොදී සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවැනි පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
9. තිරශ්චීන විද්‍යාව පුහුණු කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පුහුණු කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
10. තිරශ්චීන විද්‍යාව හදාරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හදාරවා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
පස්වන චිත්‍රාගාර වර්‍ග යි.
1. දැන දැන මහණුන් ඇති අරමකට නො පිළිවිස පිවිසෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
2. මහණක්හට ආක්‍රෝශ කරණ අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ආක්‍රෝශ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, ආක්‍රෝශ කළ කල්හි පචිති ඇවැත් වේ.
3. සැඬ බැවින් මෙහෙණ ගණයාහට අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.
4. නිමතන ලදුව හෝ පවරණ ලදුව හෝ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
5. කුල මසුරුබව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: මසුරුබව කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, මසුරුබව කළ කල්හි පචිති ඇවැත් වේ.
6. මහණුන් නැති ආවාසයෙහි වස් වසන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වස් වසන්නෙමි” යි සෙනසුන් පණවා නම් පියයුතු පැන් හෝ පිරිබෝ දිය හෝ එළවා නම් පිරිවෙණ හෝ හමදී නම් දුකුළා ඇවැත් වෙයි, අරුණ නැඟීම සමග පචිති ඇවැත් වේ.
7. වස් විසූ මෙහෙණ මහණ මෙහෙණ දෙසඟුන් කෙරෙහි (දිට්ඨ-සුත-පරිසඞ්කිත යන) තුන් කරුණින් නො පවරන්නී එක් ම පචිති ඇවැතට පැමිණේ.
8. අවවාද අසනු පිණිස හෝ පොහෝ පවුරුණු විචාරණු පිණිස හෝ නො යන මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
9. පෙහෙවස් දිනය ද නො විචාරණ, අවවාදය ද නොම යදින මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
10. යටිකය පෙදෙසෙහි හටගත් ගඬක් හෝ වණයක් හෝ මෙහෙණ සඟහු හෝ මෙහෙණ ගණයා හෝ නො පිළිවිස එකලා පුරුෂයක්හු හා සමග එකලාව බිඳුවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: බිඳුවා නම් පියෝහි දුකුළා වෙයි, බිඳවූ කල්හි පචිති ඇවැත් වේ.
සවන ආරාම වර්‍ග යි.
1. ගැබිනියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
2. කිරි පොවන්නිය උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති සික්මනුව උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
4. මෙහෙණ සඟහු විසින් සම්මත කරණ ලද දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති සික්මනුව උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
5. පුරුෂ සමාගමයට පැමිණි නො පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
6. පිරිපුන් දොළොස්වස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි නොහික්මුනු සිඛ ඇති පුරුෂ සමාගමයට පැමිණියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
7. පිරිපුන් දොළොස් වස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලද පුරුෂ සමාගමයට පැමිණියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
8. සද්ධිවිහාරිණිය උපසපන් කොට දෙ වසක් (උද්දේස දානාදීන්) සඞ්ග්‍රහ නො කරණ අනුන් ලවා ද සඞ්ග්‍රහ නො කරවන මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
9. තමා උපසපන් කරවූ උපාද්ධ්‍යාය භික්‍ෂුණියට දෙවසක් උවැටන් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
10. සද්ධිවිහාරිණිය උපසපන් කරවා කැඳවා ගෙණ නො යන කැඳවා ගෙණ යනු පිණිස අනෙකක්හට නියෝග නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
සත්වන ගබ්භිනී වර්‍ග යි.
1. උනු විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
2. පිරිපුන් විසිවස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි නොහික්මුනු සිඛ ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලද කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
4. උනු දොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
5. මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලදුව පිරිපුන් දොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
6. ආර්‍ය්‍යාව, තොපගේ උපසපන් කරවීමෙන් කම්නැතැයි කියනු ලබන්නී මැනැවැයි ගිවිස පසුව දොස් පහළ කරණ බවට පැමිණෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දොස් පහළ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, දොස් පහළ කළ කල්හි පචිති ඇවැත් වේ.
7. ආර්‍ය්‍යාව, ඉදින් තෙපි මට සිවුරක් දෙන්නහු නම් එකල්හි මම තොප උපසපන් කරවමියි, හික්මනුවකට කියා නොම උපසපන් කරවන උපසපන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
8. ආර්‍ය්‍යාව ඉදින් තෙපි දෙවසක් මා අනුව වැටෙහු නම් එකල්හි මම තොප උපසපන් කරවන්නෙමියි, හික්මනුවකට කියා නො ම උපසපන් කරවන උපසපන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
9. පිරිමින් හා එක් වූ කුමරුන් හා එක් වූ සැඬවූ ශෝක උපදවන සික්මනුවක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
10. මා පියන් විසින් හෝ හිමියා විසින් හෝ නො අනුදත් සික්මනුවක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
11. පාරිවාසිකව්ඡන්‍දය දීමෙන් සික්මනුවක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
12. වසක් පාසා උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
13. එක් වසකට දෙදෙනකුන් උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
අටවන කුමාරීභූත වර්‍ග යි.
1. කුඩ වහන් දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.
2. යානයෙන් යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් පියෝහි දුකුළා වෙයි, ගිය කල්හි පචිති ඇවැත් වේ.
3. හිණ පළඳනාවක් දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.
4. ඉතිරි අබරණ පළඳින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.
5. සුවඳින් පෑයෙන් යුතු උලනුයෙන් නහන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සැනහූ කල්හි පචිති ඇවැත් වේ.
6. සුවඳ කවන ලද තලසුන්නෙන් නහන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සැනහූ කල්හි පචිති ඇවැත් වේ.
7. මෙහෙණක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.
8. සික්මනුවක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.
9. හෙරණියක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.
10. ගැහැණියක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.
11. මහණක්හු ඉදිරියෙහි නො පිළිවිස ආසනයෙහි හිඳින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි; හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
12. අවසර නො ලත් මහණක්හුගෙන් පැන පිළිවිසින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිවිසී නම් පියෝහි දුකුළා වෙයි, පුළුවුත් කල්හි පචිති ඇවැත් වේ.
13. කිසිලිපටින් තොර වැ ගම්වදනා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
නවවන ඡත්තුපාහන වර්‍ග යි.
නව වර්‍ග ක්‍ෂුද්‍රකයෝ නිමියහ.
පාටිදේසනීය කාණ්ඩය
1. ගිතෙල් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
2. තලතෙල් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන් නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
3. මී විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
4. උක්සකුරු විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
5. දියමස් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
6. ගොඩමස් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
7. කිරි විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
8. දිහි විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
අට පිළිදෙස්නීහු නිමියහ.
දෙවන කතාපත්තිවාරය නිමි.
3. විපත්තිවාරය
1. කාසසඟරායෙන් තෙත්වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාස සඟරායෙන් තෙත්වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත්ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හු ගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. ...
2. දිගි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් එක් මැ ආචාරවිපත්තිය බෙජෙත්.
තෙවන විපත්තිවාරය නිමි.
4. සඞ්ගහිතවාරය
1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරා යෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසි විටෙක ථුල්ලවච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. ...
2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාටිදේසනීයා පත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්ති ස්කන්‍ධයෙන් දැයි දෙ ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ.
සිවුවන සඞ්ග්‍රහ වාරය නිමි.
5. සමුට්ඨානවාරය
1. කා සසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත්වූ මෙහෙණ පිළිබඳ ඇවැත්නු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟිද්ද යත්: කාසසඟරායෙන් තෙත්වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත්වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයකින් නගිති: කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. ...
2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟිද්ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් සිවු සමුට්ඨානයකින් නගිති, කිසිවිටෙක කයින් නගිති, වචනයෙන් නො නගිති, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිතී, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්.
පස්වන සමුට්ඨාන වාරය නිමි.
6. අධිකරණවාරය
1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. ...
2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත් සිවු වැදෑරුම් අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි.
සවන අධිකරණ වාරය නිමි.
7. සමථවාරය
1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ “මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙද් ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය, ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසි විටෙක සම්මුඛා විනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙද් ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයන් සන් හිඳෙත්.
සත්වන සමථවාරය නිමි.
8. සමුච්වයවාරය
1. කාසසඟරායෙන් තෙත්වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හු ගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ තුන් ඇවැතකට පැමිණෙයි: අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ ගැණීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි. අකුඇටයෙන් උඩ දණ මඬලින් යට ගැණීම ඉවසා නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැඳියක් ගැණීම ඉවසා නම් දුකුළා ඇවැත් වේ. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ මේ තුන් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාර විපත්තියදැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්ති ස්කන්‍ධයන් අතුරෙහි කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්ති ස්කන්‍ධයන් දැයි තුන් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ය. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නඟිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණයි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසි විටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛයා විනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
2. දිහි විනවා වළඳන මෙහෙණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ. දිහි විනවා වළඳන මෙහෙණ මේ දෙ ඇවතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සත්වැදෑරුම් ආපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහ ද, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
3. ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් එක් ම ආචාරවිපත්තිය බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්ති ස්කන්‍ධයෙන්දැයි දෙ ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ය. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් සිවු සමුට්ඨානයෙකින් නගිති: කිසිවිටෙක කයින් නගිති, වචනයෙන් නො නඟිති, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිති, සිතින් නො නඟිත්. කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛයා විනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
අටවන සමුච්චය වාරය නිමි.