Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 1701-1800 න් 4019

8. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණෝ ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ දිහි විනවා වැළඳුහ. ඒ වස්තු යෙහි යැ.
පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. කිසිවිටෙක කයින් නඟී. වචනයෙන් නොනඟී. සිතින් නොනඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟී, සිතින් නොනඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟී. වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
අට පිළිදෙස්නීහු නිමියහ.
එහි වස්තුනාමාවලිය:
සප්පි යැ, තෙල යැ, මධු යැ, ඵාණිත යැ, මච්ඡ යැ, මංස යැ, ඛීර යැ, දධි යැ, යි විනවැ ගැනීමෙන් (නඟින) මෙහෙණ පිළිබඳ පිළිදෙස්නී අට සිඛයෝ සම්බුද්ධයන් වහන්සේ විසින් පවසන ලදහ.
භික්‍ෂු විභඞ්ගයෙහි යම් ශික්‍ෂාපද කෙනෙක් විස්තර කරණ ලද්දාහු ද, ඒ ශික්‍ෂාපදයෝ භික්‍ෂුණි විභඞ්ගයෙහි සංක්‍ෂිප්තයහ.
පළමුවන කත්‍ථපඤ්ඤත්තිවාරය නිමියේ යි.
2. කතාපත්තිවාරය
පාරාජික කාණ්ඩය
1. කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක් හුගේ කාසසඟය ඉවසන්නී කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හු ගේ කාසසඟය ඉවසන්නී තුන් ඇවැතකට පැමිණෙයි: අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ ගැණීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, අකු ඇටයෙන් උඩ දණ මඬලෙන් යට ගැණීම ඉවසා නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැඳියක් ගැණීම ඉවසා නම් දුකුළා ඇවැත් වේ. කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන්නී මේ තුන් ඇවැතට පැමිණේ.
2. වරද වසන මෙහෙණ වරද වසන්නී කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: වරද වසන මෙහෙණ වරද වසන්නී තුන් ඇවැතකට පැමිණෙයි: දැන දැන පරිජි ඇවැත වසා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇතියා වසා නම් ථුලැසි ඇවැත් වෙයි, ආචාරවිපත්තිය වසා නම් දුකුළා ඇවැත් වේ. වරද වසන මෙහෙණ වරද වසන්නී මේ තුන් ඇවැතට පැමිණේ.
3. උඛෙව්නීකම් කරණු ලැබූ මහණහු අනුවැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමනුභාසනකම් කළ කල්හි එය නොහරින්නී කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: උඛෙව්නීකම් කරණු ලැබූ මහණහු අනුවැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමානුභාසන කම් කළ කල්හි එය අත්නොහරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති. කම්වදන් අවසන්හි පරිජි ඇවැත් වේ. උඛෙව්නීකම් කරණු ලැබූ මහණහු අනුවැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමානුභාසනකම් කළ කල්හි එය නො හරින්නී මේ තුන් ඇවැතට පැමිණේ.
4. අෂ්ටම වස්තුව සම්පූර්‍ණ කරන්නී කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අෂ්ටම වස්තුව සම්පූර්‍ණ කරන්නී තුන් ඇවැතකට පැමිණෙයි: පුරුෂයකු විසින් මෙනම් තැනට එවයි කියන ලද්දී යේ නම් දුකුළා ඇවැත් වෙයි. පුරුෂයක්හුගේ අත්පසට පැමිණි කල්හි ථුලැසි ඇවැත් වෙයි, කය එළවීම් සඞ්ඛ්‍යාත අෂ්ටම වස්තුව සම්පූර්‍ණ කෙරේ නම් පරිජි ඇවැත් වේ. අෂ්ටම වස්තුව සම්පූර්‍ණ කරණ මෙහෙණ මේ තුන් ඇවැතට පැමිණේ.
පරිජි නිමි.
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
1. විවාද කරණ මෙහෙණ අධිකරණ කරන්නී තුන් ඇවැතකට පැමිණෙයි: එකක්හට සැළ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, දෙවැන්නක් හට සැළ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි. අධිකරණය අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
2. සෙරක උපසපන් කරණ මෙහෙණ තුන් ඇවතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
3. එකලාව අන් ගමකට යන්නී තුන් ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි. පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් ථුලැසි ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
4. සමග සඟහු විසින් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙව්නීකම් කළ මෙහෙණකට කාරකසඞ්ඝයා නොපිළිවිස ගණයාගේ අදහස නො දැන ඔසාරණකම් කරන්නී තුන් ඇවතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම් වදන් අවසන්හි සඟ වෙසෙස් ඇවැත් වේ.
5. මෙවුන්දම් රායෙන් තෙත් වූ මෙහෙණ මෙවුන්දම් රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳන්නී තුන් ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි වළඳන්නෙමි” යි පිළිගණී නම් ථුලැසි ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි සඟ වෙසෙස් ඇවැත් වෙයි. දිය හා දැහැටි පිළිගණී නම් දුකුළා ඇවැත් වේ.
6. “ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ මෙවුන්රාගයෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තිට කුමක් කෙරේද, යම් හෙයකින් තෝ මෙවුන්රාගයෙන් නො තෙත් වූයෙහි ද එබැවින් ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ තිට යම් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ දේ නම් තෝ එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව” හෝ යි මෙහෙයවන්නී තුන් ඇවැතකට පැමිණෙයි. ඇය ගේ වචනයෙන් “කන්නෙමි වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි ථුලැසි ඇවැත් වෙයි, වළඳා අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
7. කිපියාවූ මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙ: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. කිසියම් අධිකරණයෙක්හි පැරැදවූ මෙහෙණ තුන්යළතෙක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවහීන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
9. ගිහි මිනිසුන් හා එක්වූ තුන් යළ තාක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරනාවූ මෙහෙණහු තුන් ඇවැතකට පැමිණෙති: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
10. “ආර්‍ය්‍යාවෙනි, තෙපි ගිහි මිනිසුන් හා එක්ව ම වාසය කරවු, තෙපි වෙන්ව නො වසවු” කියා මෙහෙයවන මෙහෙණ තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
සඟවෙසෙස් නිමි.
නිස්සග්ගිය කාණ්ඩය
1. (නො ඉටා නො විකපා) පාත්‍ර රැස්කොට තබන මෙහෙණ එක්ම නිසඟිපචිති ඇවතට පැමිණේ.
2. අකාලචීවරයක් කාලචීවරයයි ඉටා බෙදවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: බෙදවා නම් පියෝහි දුකුළා වෙයි, බෙදවූ කල්හි නිසඟි පචිති වේ.
3. මෙහෙණක හා සමග සිවුරක් පෙරැළිකොට ගෙණ (පසුව) අසිඳගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අසිඳ ගණී නම් පියෝහි දුකුළා වෙයි, අසිඳ ගත්කල්හි නිසඟි පචිති වේ.
4. අනෙකක් විනවා අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
5. අනෙකක් දන්වා (එය තබා) අනෙකක් දන්වන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: දන්වා නම් පියෝහි දුකුළා වෙයි, දැන්වූ කල්හි නිසඟි පචිති වේ.
6. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
7. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
8. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
9. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
10. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් පුඟුල් සතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
11. සොළොස් කහවණුවකට වඩා අගනා (ශීත කාලයෙහි පොරෝණා) ගරු පාපුරණයක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
12. කහවණු දසයකට වඩා අගනා (උෂ්ණ කාලයෙහි පොරෝණා) ලුහු පාපුරණයක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
නිසඟි පචිති නිමි.
පාචිත්තිය කාණ්ඩය
1. අමු සුදුලුහුණු අනුභව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “අනුභව කරන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
2. සම්බාධ ස්ථානයෙහි ලොම් බැහැර කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: බැහැර කරවා නම් පියෝහි දුකුළාවෙයි, බැහැර කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. තලඝාතනය කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, කළ කල්හි පචිති ඇවැත් වේ.
4. ජතුමට්ටකය (ලහමට) ගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි පචිති ඇවැත් වේ.
5. අයිරා දැඟුල් පුරුකකට වඩා උදකශුද්ධිය ගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි පචිති ඇවැත් වේ.
6. වළඳන මහණක්හට පැනින් හෝ විජිනියෙන් හෝ උවැටන් කරමින් සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
7. අමු ධාන්‍ය විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: වළඳන්නෙමියි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
8. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ භිත්තියෙන් පිටත හෝ පවුරෙන් පිටත හෝ දමන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දමා නම් පියෝහි දුකුළා වෙයි, දැමූ කල්හි පචිති ඇවැත් වේ.
9. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ නිල් තණ බිමෙකැ දමන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දමා නම් පියෝහි දුකුළා වෙයි, දැමූ කල්හි පචිති ඇවැත් වේ.
10. නටනු හෝ ගයනු හෝ වයනු හෝ දක්නා පිණිස යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙක සිටියා බලා නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වේ.
පළමුවන ලසුණ වර්‍ග යි.
1. පහන් නැති රෑ අඳුරෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙත සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
2. පිළිසන් පියෙසෙක්හි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා ව වෙත සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
3. එළිමහනෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙත සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
4. වීථියෙහි හෝ විනිවිද නො ගිය කුඩා වීථියෙහි හෝ සතර මංසන්‍ධියෙහි හෝ එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙත සිටින මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටි නම් දුකුළා ඇවැත් වේ.
5. පෙරැබත්හි කුලයන් කරා එළඹ ආසනයෙහි හිඳ හිමියන් නො පිළිවිස බැහැර යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර අගුව ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
6. පසුබත්හි කුලයන් කරා එළඹ හිමියන් නො පිළිවිස ආසනයෙහි හිඳිනා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
7. විකාලයෙහි කුලයන්ට එළඹ හිමියන් නොපිළිවිස ශය්‍යාවක් අතුට හෝ අතුරුවා හෝ හිඳින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
8. නපුරු කොට ගැණීමෙන් නපුරු කොට දැකීමෙන් මෙරමාහට අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.
9. තමාට හෝ අන් උපසපන් මෙහෙණකට හෝ නිරයෙන් හෝ බඹසරින් හෝ සාපකරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: සාප කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, සාප කළ කල්හි පචිති ඇවැත් වේ.
10. තමන් වෙර පැහැර පැහැරැ හඬන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පහරා නම් හඬා නම් පචිති ඇවැත් වෙයි, පහරා නම් නො හඬා නම් දුකුළා ඇවැත් වේ.
දෙවන රත්තන්‍ධකාර වර්‍ග යි.
1. නග්න වැ නහන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සනහා අවසන්හි පචිති ඇවැත් වේ.
2. පමණ ඉක්මවූ දියසළුව කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හැර හෝ ගෙත්තම් හරවා හෝ නො ම ගෙත්තම් කරණ ගෙත්තම් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
4. පස් දවසක් පිරිබෝ කිරීම් විසින් හෝ අවුගැස්සීම් විසින් හෝ සිවුරු පෙරැළිම ඉක්මවන මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
5. පෙරළා දියයුතු සිවුර දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි. දැරූ කල්හි පචිති ඇවැත් වේ.
6. මෙහෙණ ගණයාගේ චීවරලාභයට අනතුරු කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අනතුරු කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අනතුරු කළ කල්හි පචිති ඇවැත් වේ.
7. දැහැමි සිවුරු බෙදීම වළකන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: වළකා නම් පියෝහි දුකුළා වෙයි, වැළකූ කල්හි පචිති ඇවැත් වේ.
8. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ ශ්‍රමණ සිවුරක් දෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
9. දුර්‍වල වූ චිවරාශායෙන් චීවරකාලසමය ඉක්මවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ඉක්මවා නම් පියෝහි දුකුළා වෙයි, ඉක්ම වූ කල්හි පචිති ඇවැත් වේ.
10. දැහැමි කෙළින් සිවුර ඉදිරීම වළකන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: වළකා නම් පියෝහි දුකුළා වෙයි, වැළකූ කල්හි පචිති ඇවැත් වේ.
තෙවන නහාන වර්‍ග යි.
1. මෙහෙණ දෙනමක් එක් ඇඳෙකැ හෝනාහු නම් දෙ ඇවැතකට පැමිණෙති: හොවිත් නම් පියෝහි දුකුළා වෙයි, හොත් කල්හි පචිති ඇවැත් වේ.
2. මෙහෙණ දෙනමක් එකක් ම ඇතිරීම් පෙරැවීම් කොට ඇති වැ හෝනාහු නම් දෙ ඇවැතකට පැමිණෙති: හොවිත් නම් පියෝහි දුකුළා වෙයි, හොත් කල්හි පචිති ඇවැත් වේ.
3. දැන දැන මෙහෙණක්හට අපහසුබව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අපහසුබව කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අපහසුබව කළ කල්හි පචිති ඇවැත් වේ.
4. ගිලන් වූ සද්ධිවිහාරිණියකට නො ම උවැටන් කරණ උවැටන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවතට පැමිණේ.
5. මෙහෙණක්හට නිවහනක් දී කිපියා නො සතුටුසිත් ඇත්තී (ඇය) ඉන් බැහැර කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: බැහැර කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, බැහැර කළ කල්හි පචිති ඇවැත් වේ.
6. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි නො හරිණ ගිහිසසඟ ඇති මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, කම්වදන් අවසන්හි පචිති ඇවැත් වේ.
7. සැක සහිත යැයි දන්නා ලද ප්‍රතිභය සහිත වූ තමා වසන රට තුළ සත්‍වාවන් නැති වැ සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.
8. සැකසහිත යැයි දන්නා ලද ප්‍රතිභය සහිත වූ අන් රටෙක සත්‍වාවන් නැති වැ සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.
9. වස් කාලය තුළ සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.
10. වුසූ වස් ඇති මෙහෙණ සැරිසැරීමට නො යන්නී එක් ම පචිති ඇවැතට පැමිණේ.
සිවුවන තුවට්ට වර්‍ග යි.
1. රජුගේ ක්‍රිඩාගාරයක් හෝ චිත්‍රාගාරයක් හෝ උපවනයක් හෝ ක්‍රිඩොද්‍යානයක් හෝ ක්‍රීඩා පුෂ්කරීණියක් හෝ දක්නට යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, යම් තැනෙක සිටියා බලා නම් පචිති ඇවැත් වේ.
2. දික් හඟලා පුටුවක් හෝ පලඟක් හෝ පරිභෝග කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පරිභෝග කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පරිභෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
3. හූ කටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හූ කටී නම් පියෝහි දුකුළා වෙයි, හූ වතෙක්හි හූ වතෙක්හි පචිති ඇවැත් වේ.
4. ගිහියනට මෙහෙවර කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: මෙහෙ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, මෙහෙ කළ කල්හි පචිති ඇවැත් වේ.
5. මෙහෙණක විසින් “එව ආර්‍ය්‍යාව, මේ අධිකරණය සන්හිඳුවන්නැ” යි කියනු ලබන්නී “මැනැවැ” යි පිළිගෙණ නො ම සන්හිඳුවන්නී සන්හිඳුවීමට උත්සාහ නො කරන්නී එක් ම පචිති ඇවැතට පැමිණේ.
6. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.