1. එක් හැඳෙහි හොවින මෙහෙණන් දෙනමක් පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු දෙනම දෙනම එක ඇඳෙහි ශයනය කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි. …
2. එක් ම ඇතිරි පොරෝනා ඇති යහන්හි හෝනා මෙහෙණන් දෙනමක් පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු දෙනම දෙනම එක් ම ඇතිරී පොරෝනා, ඇති යහන්හි ශයනය කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. …
3. දැන දැන මෙහෙණක්හට නො පහසුබව කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණක්හට දැන දැන නො පහසුබව කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
4. ගිලන් වූ සද්ධිවිහාරිණියකට නො ම උවැටන් කරණ උවැටන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය.
කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ගිලන් වූ සද්ධිවිහාරිණියකට නො ම උවැටන් කළා යැ, උවැටන් කරවීමට වෑයම් ද නො කළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
5. මෙහෙණක්හට නිවහනක් දී කිපී නො සතුටු සිත් ඇතිවැ (ඇය) ඉන් බැහැර කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්; ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණක්හට නිවහනක් දී කිපී නො සතුටුසිත් ඇත්තී (ඇය) ඉන් බැහැර කළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: …
6. තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි නො හරිණ ගිහිසසඟ ඇති මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී: කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළි මෙහෙණ ගිහිසසඟ ඇති වැ වුසූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
7. සැක සහිත යැයි දන්නා ලද ප්‍රතිභය සහිත වූ තමා වසන රටතුළ සත්‍වාවන් නැති වැ හැසිරෙණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු සැක සහිත යයි දන්නා ලද ප්‍රතිභය සහිත වූ තමන් වසන රටතුළ සත්‍වාවන් නැති වැ හැසුරුණාහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි යැ. ...
8. සැක සහිත යැ යි දන්නාලද ප්‍රතිභය සහිත වූ අන්රටක සත්‍වාවන් නැතිවැ හැසිරෙණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු සැක සහිතයයි දන්නාලද ප්‍රතිභය සහිත වූ අන්රටෙක සත්‍වාවන් නැති ව හැසුරුණාහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි යැ. ...
9. වස්කාලය තුළ සැරිසරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු වස්කාලය තුළ සැරි සැරූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. …
10. සැරිසැරීමට නො යන වුසුවස් ඇති මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු වුසූවස් ඇතියාහු නො සැරිසැරූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන එකෙකින් නඟියි: පඨමපාරාජිකසමුට්ඨාන යෙහි යැ. …
සිවුවන තුවට්ට වර්‍ග යි.
4. 5.
1. රජුගේ ක්‍රීඩාගාරයක් හෝ චිත්‍රාගාරයක් හෝ උපවනයක් හෝ ක්‍රිඩොද්‍යානයක් හෝ කිඩා පුෂ්කරීණියක් හෝ දක්නට යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මෙහෙණහු රජුගේ ක්‍රිඩාගාරය ද චිත්‍රාගාරය ද දැකීමට ගියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨාන යෙහි යැ. …
2. දික්හඟලාපුටුවක් හෝ පාදයෙහි ව්‍යාලරූප නඟා කළ පලගක් හෝ පිරිබෝ කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණෝ දික්හඟලා පුටුව ද පලඟ ද පිරිබෝ කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. …
3. හූ කටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත් සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මෙහෙණහු හූ කැටූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
4. ගිහියනට මෙහෙවර කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු ගිහියනට මෙහෙවර කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
5. මෙහෙණන් විසින් “එව ආර්‍ය්‍යාව, මේ අධිකරණය සන්හිඳුවන්නැ” යි කියනු ලබන කල්හි “මැනැවැ” යි ගිවිස නො ම සන්සිඳුවන සන්හිඳුවීමට වෑයම් නොකරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණන් විසින් “එව ආර්‍ය්‍යාව, මේ අධිකරණය සන්හිඳුවන්නැ” යි කියනු ලබන්නී මැනැවැයි ගිවිස නො සන්හිඳවූ යැ සන්හිඳුවීමට වෑයම් ද නො කළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
6. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දෙන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සියතින් ගිහියකුට කෑයුතු දැය ද බිදියයුතු දය ද දුන. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ.
7. අවස් සිවුරක් නො දී පිරිබෝ කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ අවස් සිවුරක් නො දී පිරිබෝ කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨාන යෙහි යැ. ...
8. (දොරකවුළු තැබූ) සෙනස්නක් (රක්නා පිණිස) නො දී සැරිසැරීමට යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ (දොර කවුළු තැබූ) සෙනස්නක් (රක්නා පිණිස) නො දී සැරි සැරීමට ගියා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ. ...
9. තිරශ්චීනවිද්‍යාව පුහුණු කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු තිරශ්චීනවිද්‍යාව පුහුණු කළහු, ඒ වස්තුයෙහි යැ, පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පදසෝධම්මසමුට්ඨානයෙහි යැ. ...
10. තිරශ්චීන විද්‍යාව හදාරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු (පරූපඝාතක) තිරශ්චීන විද්‍යාව හැදැරැවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පදසෝධම්මසමුට්ඨානයෙහි යැ. ...
පස්වන චිත්තාගාරවර්‍ග යි.
4. 6.
1. දැන දැන මහණුන් ඇති අරමකට නො පිළිවිස පිවිසෙන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු නො පිළිවිස අරමකට පිවිසියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති දෙකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
2. මහණක්හට ආක්‍රෝශ කරණ අවමන් කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: විසල් පුරයෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු ආයුෂ්මත් උපාලි තෙරුන්ට ආක්‍රෝශ කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
3. සැඬ බැවින් යුතු වැ මෙහෙණ ගණයාහට අවමන් කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සැඬ බැවින් යුතු වැ මෙහෙණගණයාහට අවමන් කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
4. කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ අකැප නිමන්ත්‍රණයෙන් නිමන්ත්‍රණය කරණ ලදුව හෝ පවරණ ලදුව හෝ අන් තැනෙක්හි වළඳන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු වළඳා නිමියාහු පවරණ ලද්දාහු අන් තැනෙකැ වැළඳූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟියි: ...
5. කුලමසුරුබව කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මෙහෙණක් කුලමසුරුවූවා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: …
6. මහණුන් නැති ආවාසයෙහි වස් වසන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මහණුන් නැති ආවාසයෙහි වස් විසූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨාන යෙහි යැ. …
7. උභතෝ සඞ්ඝයා කෙරෙහි දිට්ඨ සුත පරිසඞ්කිත යන කරුණු තුණින් නො පවරන්නා වූ වස් විසූ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු වස් විසූවාහු භික්‍ෂුණී සඞ්ඝයා කෙරෙහි නො පැවරූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. …
8. අවවාද අසනු පිණිස හෝ පොහෝ පවුරුණු විචාරණු පිණිස හෝ නො යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍ය දනවුහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු අවවාද අසන්නට නො ගියහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨම පාරාජිකසමුට්ඨානයෙහි යැ. …
9. පෙහෙවස් දිනය නො විචාරන්නාවූ ද අවවාදය නො යදින්නා වූ ද මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු පෙහෙවස් දිනය ද නො පිළිවිසියහ, අවවාදය ද නො යැදූහ. ඒ වස්තු යෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
10. යටිකය පෙදෙසෙහි හටගත් ගඬක් හෝ වණයක් හෝ මෙහෙණසඟහු හෝ මෙහෙණ ගණයා හෝ නො පිළිවිස එකලා පුරුෂයක්හු හා එකලා වැ බිඳුවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මෙහෙණක් යටිකය පෙදෙසෙහි හටගත් ගඬක් එකලා පුරුෂයක්හු හා එකලා වැ බිඳවූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ.
සවන ආරාම වර්‍ග යි.
4. 7.
1. ගැබිනියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු ගැබිනියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
2. කිරි පොවන්නිය උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු කිරි පොවන්නිය උපසපන් කරවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
3. දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති සික්ඛමානාව උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
4. මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද්දා වූ දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති සික්ඛමානාව උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද්දාවූ දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
5. ගිහීගත පැමිණි නො පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු උනුදොළොස්වස් ඇති පුරිසන්තරගත වූවක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
6. දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති පුරිසන්තරගත පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති පුරිසන්තරගත පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
7. මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති පුරිසන්තරගත පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති පුරිසන්තරගත පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
8. සද්ධිවිහාරිණිය උපසපන් කරවා දෙවසක් (උද්දේසදානාදීන්) සඞ්ග්‍රහ නො කරණ අනුන් ලවා සඞ්ග්‍රහ නො කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: චුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: චුල්ලනන්‍දා මෙහෙණ සද්ධිවිහාරිණියක උපසපන් කරවා දෙවසක් නො ම සඞ්ග්‍රහ කළා යැ. අනුන් ලවා ද සඞ්ග්‍රහ නො කරවූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
9. තමා උපසපන් කරවූ උපාද්ධ්‍යාය භික්‍ෂුණියට දෙවසක් උවටන් නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු තමන් උපසපන් කරවූ උපාද්ධ්‍යාය භික්‍ෂුණියට දෙවසක් උවටන් නො කළාහුයැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨමපාරාජිකසමුට්ඨාන යෙහි. ...
10. සද්ධිවිහාරිණිය උපසපන් කරවා තමා කැඳවා ගෙණ නො යන කැඳවා ගෙණ යෑමට අනෙකක්හට නියෝග නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: චුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: චුල්ලනන්‍දා මෙහෙණ සද්ධිවිහාරණිය උපසපන් කරවා නො ම කැඳවා ගෙණ ගියා යැ, කැඳවා ගෙණ යනු පිණිස අනුන්ට නියෝග ද නො කළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
සත්වන ගබ්භිනී වර්‍ග යි.
4. 8.
1. උනු විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු උනුවිසිවස් ඇති කුමරියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහියැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
2. දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති පිරිපුන් විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති පිරිපුන් විසිවස් ඇති කුමරියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
3. මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති පිරිපුන් විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබයැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති පිරිපුන් විසිවස් ඇති කුමරියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
4. උනුදොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු උනුදොළොස්වස් ඇති වැ උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
5. මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණලදු වැ පිරිපුන් දොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබයැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද්දාහු පිරිපුන් දොළොස්වස් ඇත්තාහු උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි. ...
6. ආර්‍ය්‍යාවනි, තොප විසින් උපසපන් කරවීමෙන් කම් නැතැයි කියනු ලබන්නී මැනැවැයි ගිවිස පසුව දොස් පහළ කරණ බවට පැමිණෙන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: චණ්ඩකාළි මෙහෙණ “ආර්‍ය්‍යාවනි, තොප විසින් උපසපන් කරවීමෙන් කම් නැතැ” යි කියනු ලබන්නී “මැනැවැ” යි ගිවිස පසුව දොස් පහළ කරණ බවට පැමිණියා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
7. සික්ඛමානාවකට “ආර්‍ය්‍යාව, ඉදින් තෙපි මට සිවුරක් දෙන්නහු නම් එ කල්හි මම තොප උපසපන් කරවන්නෙමි” යි කියා නො ම උපසපන් කරවන්නාවූ ද උපසපන් කරවීමෙහි වෑයම් නො කරන්නාවූ ද මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොහි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබයැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සික්මනුවකට “ආර්‍ය්‍යයාව, ඉදින් තෙපි මට සිවුරක් දෙන්නහු නම් එ කල්හි මම තොප උපසපන් කරවන්නෙමි” කියා නො ම උපසපන් කරවූ, උපසපන් කරවීම පිණිස වෑයම් ද නො කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
8. “ආර්‍ය්‍යාව, ඉදින් තෙපි දෙවසක් මා අනුවැ වැටෙහු නම් එකල්හි මම උපසපන් කරවන්නෙමි.” යි සික්මනුවකට කියා නොම උපසපන් කරවන්නාවූ ද උපසපන් කරවීමට වෑයම් නො කරවන්නාවූ ද මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ “ආර්‍ය්‍යාව, ඉදින් තෙපි දෙවසක් මා අනුවා වැටෙහු නම් එකල්හි මම තොප උපසපන් කරවන්නෙමි” යි සික්මනුවකට කියා නො ම උපසපන් කරවූ යැ, උපසපන් කරවීමට වෑයම් ද නොකළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
9. පිරිමින් හා එක්වූ කුමරුවන් හා එක්වූ සැඬ වූ ශෝක ඇති කරන්නාවූ සික්මනු වක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ පිරිමින් හා එක්වූ කුමරුවන් හා එක්වූ සැඬවූ ශෝක ඇති කරන්නාවූ හික්මනුවක උපසපන් කරවූයැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
10. මාපියන් විසින් හෝ හිමියා විසින් හෝ නො අනුදත් හික්මනුවක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබයැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තු යෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මා පියන් විසින් ද හිමියා විසින් ද නො අනුදත් හික්මනුවක උපසපන් කරවූ යැ. ඒ වස්තුයෙහි යැ, පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟියි: කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
11. පාරිවාසිකව ඡන්‍දය දීමෙන් හික්මනුවක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැදි පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ පාරිවාසික ඡන්‍දය දීමෙන් හික්මනුවක උපසපන් කරවූ යැ. ඒ වස්තුයෙහියැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: …
12. අවුරුද්දක් පාසා උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු අවුරුද්දක් පාසා උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
13. එක් වසකට දෙදෙනකුන් උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු එක් වසකට දෙදෙනකුන් උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
අටවැනි කුමාරීභූත වර්‍ග යි.
4. 9.
1. ඡත්‍ර හා වහන් දරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබයැ යත්: සවගමෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු ඡත්‍ර හා වහන් දැරූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකැ. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
2. යානයකින් යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබයැ යත්: සවගමෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු යානයෙන් ගියහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකැ අනුපඤ්ඤත්ති එකකි, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨානයෙහියැ. ...
3. ඉණ පළඳනාවක් දරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබයැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මෙහෙණක් ඉණ පළඳනාවක් දැරු. ඒ වස්තු යෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
4. ඉතිරි අබරණ පළඳින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: සවගමෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මෙහෙණහු ඉතිරි අබරණ දැරූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
5. ගන්‍ධ වර්‍ණ නහනුයෙන් නහන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු ගන්‍ධ වර්‍ණ නහනුයෙන් ස්නානය කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨානයෙහියැ. ...
6. සුවඳ කවන ලද තලසුන්නෙන් නහන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු සුවඳ කවන ලද තලසුන්නෙන් ස්නානය කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨාන යෙහි යැ. ...
7. මෙහෙණක ලවා ඇඟඋලවන පිරිමදවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලවූහ. පිරිමැද්දවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
8. හික්මනුවක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණන් හික්මනුවක ලවා ඇඟ ඉලවූහ. පිරිමැද්දවූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
9. හෙරණක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු හෙරණක ලවා ඇඟ ඉලවූහ. පිරිමැද්දවූහු, ඒ වස්තුයෙහි යැ. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
10. ගැහැණියක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු ගැහැණියක ලවා ඇඟ ඉලවූහ. පිරිමැද්දවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි යැ. ...
11. මහණක්හු ඉදිරියෙහි නො පිළිවිස ආසනයෙහි හිඳින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මහණක්හු ඉදිරියෙහි නො පිළිවිස ආසනයෙහි හුන්හ, ඒ වස්තුයෙහි යැ පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ. ...
12. අවසර නො ලත් මහණක්හුගෙන් පැන පිළිවිසින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හිද යත්: බොහෝ මෙහෙණහු අවසර නොලත් මහණක්හුගෙන් පැන පුළුවුත්හු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පදසෝධම්මසමුට්ඨානයෙහි යැ. ...
13. සංකච්චිකායෙන් තොරවැ ගම්වදින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් තොමෝ කිසිලි පටින් තෙරවැ ගම් වැදුනු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
නවවන ඡත්තුපාහන වර්‍ග යි.
නවවර්‍ගයෙහි ක්‍ෂුද්‍රකයෝ නිමියහ.
වර්‍ගනවයෙහි පචිතිනාමාවලිය:
1. (ලසුන-වර්‍ගයෙහි :) ලසුනඛාදන පචිති යැ, ලෝමසංහරණ පචිති යැ, තලඝාතක පචිති යැ, ජතුමට්ටක පචිති යැ, උදකසුද්ධික පචිති යැ, භුඤ්ජන්ත (භික්ඛු) උපට්ඨාන පචිති යැ, ආමකධඤ්ඤ (විඤ්ඤාපන) පචිති යැ, විඝාස ඡඩ්ඩන පචිති දෙක යැ, (නච්චාදි-) දස්සන පචිති යැ,
2. (රත්තන්‍ධකාර-වර්‍ගයෙහි :) (රැ අඳුරෙහි එකලා පුරුෂයකු හා එකලා වැ සිටුනා මෙහෙණට වදාළ) රත්තන්‍ධකාර පචිති යැ, (පිළිසන් තන්හි පලසෙ සිටුනා මෙහෙණට වදාළ) පටිච්ඡන්නෝකාස පචිති යැ. (අජ්ඣොකාසයෙහි පලසෙ සිටුනියට වදාළ) අජ්ඣොකාස පචිති යැ, රථිකා පචිති යැ, පුරේභත්ත පචිති යැ, පච්ඡාභත්ත පචිති යැ, විකාල පචිති යැ. දුග්ගහීත පචිති යැ, (නිරෑයෙන් භවන) නිරය පචිති යැ. (තමා මැ වධ කැරැගෙන හඬන මෙහෙණට වදාළ) ආත්මහිංසා පචිති යැ.
3. (නහාන-වර්‍ගයෙහි :) නග්න වැ නඟන මෙහෙණට වදාළ පචිති යැ, උදකසුද්ධික පචිති යැ, විවරවිසිබ්බන පචිති යැ, පඤ්චාහිකසඞ්ඝාටිවිචාර පචිති යැ, වීචරසඞ්කමන පචිති යැ, (ගණයාහට විචරලාභාන්තරාය නිසා වදාළ) ගණ පචිති යැ, විචරවිභඞ්ගපටිබාහන පචිති යැ, සමණචීවරදාන පචිති යැ, (දුර්‍වලචීවර ප්‍රත්‍යාසායෙන් වීවරකාලය ඉක්මවා යන මෙහෙණට වදාළ) දුබ්බල ... පචිති යැ, කඨිනුද්ධාරපටිබාහන පචිති යැ.
4. (තුවට්ට-වර්‍ගයෙහි :) ඒකමඤ්චතුවට්ට පචිති යැ, එකත්‍ථරණතුවට්ට පචිති යැ, සඤ්විච්ච අඵාසුකරණ පචිති යැ, සඟජීවිනී පචිති යැ, උපස්සයනික්කඩ්ඪන පචිති යැ, සංසට්ඨ පචිති යැ. අන්තොරට්ඨ පචිති යැ. තිරොරට්ඨ පචිති යැ, අන්තොවස්ස පචිති යැ, (චාරිකා පිණිසැ නොවදනා මෙහෙණට වදාළ) නපක්කමණ පචිති යැ.
5. (චිත්තාගාර-වර්‍ගයෙහි :) රාජාගාරදස්සන පචිති යැ, ආසන්‍දිපරිභෝග පචිති යැ, සුත්තකන්තන පචිති යැ, ගිහිවෙය්‍යාවච්ච පචිති යැ, (අධිකරණවූපසමයෙහිලා වදාළ) වූපසමන පචිති යැ, (ගෙවැසි ආදීනට සියතින් ඛාද්‍යභෝජ්‍ය දෙන්නියට වදාළ) දාන පචිති යැ, ආවස්ථවීචර පචිති යැ, ආවස්ථ පචිති යැ, (තිරශ්චීනවිද්‍යා පුහුණු කරන්නියට වදාළ) පරියාපුන පචිති යැ, (තිරශ්චීන විද්‍යා පිළිබඳ) වාචනා පචිති යැ,
6. (ආරාම-වර්‍ගයෙහි :) ආරාම පචිති යැ, අක්කෝස පචිති යැ. චණ්ඩිකතා පචිති යැ, භෝජන පචිති යැ, කුල මව්ඡෙර පචිති යැ, වස්සාවාස පචිති යැ, පව ඕවාද පචිති යැ, (උපෝසථ පවාරණ නොපුළුවුස්නා, ඔවා පිණසැ නො යදන මෙහෙණට වන) ධම්ම පචිතියැ, පසාබ පචිති යැ.
7. (ගබ්භිනි-වර්‍ගයෙනි :) ගබ්භිනීවුට්ඨාපන පචිති යැ, පායන්තීවූට්ඨාපන පචිති යැ, (ෂඩ්විධ ශික්‍ෂා ධර්‍මයෙහි අශික්‍ෂිත සික්ඛමානාව පිළිබඳ කොට ඇති) ඡධම්ම පචිති යැ. (සඞ්ඝ සම්මත නැති වැ ශික්‍ෂිත සම්මත නැති වැ ශික්‍ෂිත සික්ඛමානාවගේ චුට්ඨාපනය නිසා එන) අසම්මත පචිති යැ, ද්වාදසවස්ස පචිති යැ, පරිපුණ්ණ ද්වාදසවස්ස පචිති යැ. (සඞ්ඝසම්මාන නැති වැ සික්ඛමානාවුට්ඨාපනනිසා එන) සඞ්ඝ ... පචිති යැ, සහජීවීනි වුට්ඨාපන පචිති යැ.
8. (කුමාරීභූත-වර්‍ගයෙහි :) (උනුවිසිවස් පැවිදිකුමරියක පිළිබඳ) කුමාරි වුට්ඨාපන පචිති යැ, (දෙවන) කුමාරී වුට්ඨාපන පචිති යැ යි දෙකෙකැ, (පිරිපුන් විසිවස් ඇති පැවිදිකුමරියක් සඞ්ඝ සම්මත නැතිවැ වුට්ඨාපන කෙළෙන් වදාළ) වුට්ඨාපන පචිති යැ, (උනුදොළොස්වස් ඇති පැවිදි කුමරියක පිළිබඳ වුට්ඨාපන පචිති යැ. (පිරිපුන් දොළොස්වස් ඇති පැවිදි කුමරියක සඞ්ඝසම්මත නැති වැ වුට්ඨාපන කෙළෙන් වදාළ) වුට්ඨාපන පචිති යැ. (‘අලංතාව) නාදීන් ‘අලං’ ශබ්ද ප්‍රයෝගය යෙදුණු පචිති යැ. (සික්ඛමානං සචෙ’ යනාදීන් ‘සචෙ, නිපාත යෙදුණු) පචිති යැ. (‘දෙව වස්සානි යනු සඳහන් ලත්) පචිති යැ, (‘පුරිසසංසට්ඨං’ යයනාදීන් සංසට්ඨ ශබ්ද ප්‍රයෝග ඇති) සික්ඛමානාවූට්ඨාපන පචිති යැ. (‘මාතාපිතුභිවා සාමීකෙනවා’ යනාදීන් වදාළ) අනනුකද්ඤත සික්ඛමානාවුට්ඨාපන පචිති යැ, (‘පාරිවාසික ඡන්‍දදාන’ යෙන්) භික්ඛමානාවුට්ඨාපන පචිති යැ, අනුවස්සවුට්ඨාපන පචිති යැ, (‘ඒකංවස්සං දෙව වුට්ඨාපෙන්ති’ යි වදාළ) වුට්ඨාපන පචිති යැ,
9-10. (ඡත්තූපාහන වර්‍ගයෙහි :) ඡත්තුපාහන පචිති යැ, යාන පචිති යැ, සඞ්ඝාණි පචිති යැ, ඉත්‍ථාලඞ්කාර පචිති යැ, ගන්‍ධවණ්ණක පචිති යැ, වාසිතපිඤ්ඤාක පචිතිය හා (භික්ඛුනී) පරිමද්දා පන පචිති යැ යන දෙක යැ, (සික්ඛමානා) පරිමද්දාපන පචිති යැ, (සාමණෙරී) පරිමද්දාපන පචිති යැ, (ගිහිනි) පරිමද්දාපන පචිති යැ, (භික්‍ෂුහුගේ ඉදිරියෙහි ආපුච්ඡා නො කොට හිඳැගැන්මෙන් වන) නිසිදන පචිති යැ, (අවකාශ නොලැබැ භික්‍ෂු කෙනකුන් අතින් පැන පිළිවිසීමෙන් වන) පඤ්හපුච්ඡන පචිති යැ, අසඞ්කවචික පචිති යැ යන ඇවැත්හු නව වර්‍ගයෙහි එන ඛුද්දකනාමාවලියෙහි ඇතුළත්හ.
ඒ වර්‍ගයන්ගේ නාමාවලිය:
ලසුන යැ අන්‍ධකාර යැ නහාන යැ තුවට්ට යැ චිත්තාගාර යැ ආරාම යැ ගබ්භිනී යැ කුමාරී යැ ඡත්තුපාහන යැයි වර්‍ග නවයෙකි.
1. 5.
පාටිදේසනීය කාණ්ඩය
1. ගිතෙල් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදී. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳුහ. ඒ වස්තුයෙක් යැ, පඤ්ඤත්ති එකෙකි. අනුපඤ්ඤත්ති එකෙකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
2. තල තෙල් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ තල තෙල් විනවා වැළඳුහ. ඒ වස්තුවෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
3. මී විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ මී විතවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති, සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
4. උක්සකුරු විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ උක් සකුරු විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
5. දිය මස් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ දියමස් විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
6. ගොඩමස් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ ගොඩමස් විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
7. කිරි විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ කිරි විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ....