5. වැළිදු කාළසුමන යැ නාගස්ථවිර යැ බුද්ධරක්ඛිත යැ නුවණැති තිස්ස ස්ථවිර යැ පණ්ඩිත දෙවස්ථවිර යැ,
6. නැවත ප්‍රාඥ වූ විනයෙහි විශාරදවූ සුමන ස්ථවිර යැ අනභිභවනීය හස්තිරාජයකු බඳු වූ බහුශ්‍රුත චූළනාග ස්ථවිර යැ.
7. සාධුන් විසින් පුදනලද රෝහණ ධම්මපාලිත නම් ස්ථවිර යැ ඔබගේ ශිෂ්‍ය වූ හෙළදිවැ චන්‍ද්‍රයාමෙන් ප්‍රඥායෙන් උසස් වැ බැබළුණු මහාප්‍රාඥ ත්‍රිපිටකධර බෙම නම් ස්ථවිර යැ,
8. නුවණැති උපතිස්ස ස්ථවිර යැ මහාකථික වූ ඵුස්සදේව ස්ථවිර යැ ඉක්බිති නුවණැති සුමන ස්ථවිර යැ, බහුශ්‍රුත පුප්ඵ (පදුම) නම් ස්ථවිර යැ,
9. ත්‍රිපිටකයෙහි දක්‍ෂ වූ මහාකථික මහාසීව යැ වැළිදු ප්‍රශස්ත නුවණැති විනයෙහි විශාරද වූ උපාලි ස්ථවිර යැ,
10. ශාසනවංශය දැනීමෙහි දක්‍ෂ වූ මහාප්‍රාඥ වූ මහානාග ස්ථවිර යැ නැවත ද නුවණැති ත්‍රිපිටකයෙහි දක්‍ෂ වූ අභය ස්ථවිර ද,
11. නුවණැති විනයෙහි දක්‍ෂ වූ තිස්ස ස්ථවිර යැ ඔබගේ ශිෂ්‍ය (ලක්දිවින් ගොස්) සසුන් රකිමින් දඹදිවැ වැඩහුන් මහාප්‍රාඥ වූ බහුශ්‍රුත පුප්ඵ (සුමන) නම් ස්ථවිර යැ,
12. නුවණැති විනයෙහි ද දක්‍ෂ චූළාභය ස්ථවිර යැ ප්‍රාඥ වූ ශාසනවංශයෙහි දක්‍ෂ තිස්ස ස්ථවිර යැ,
13. බුද්ධිමත් විනයෙහි ද විශාරද චූළදේව ස්ථවිර යැ නුවණැති සියලු විනයෙහි දක්‍ෂ සිවස්ථවිරයැ,
14. මහාප්‍රාඥ වූ විනය දන්නා මාර්‍ගඥානයෙහි දක්‍ෂ මේ ක්‍ෂීණාස්‍රවයෝ විනය පිටකය හෙළදිවැ පැවසූහු.
2. සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙහෙණන් පිළිබඳ යම් සවැනි පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතන්හි පණවන ලද යැ යත්: සැවැත්නුවර දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දැන දැන පරිජි ඇවැතට පැමිණි මෙහෙණකට තොමෝ නොම චෝදනා කළා ය, මෙහෙණගණයාහට නො දැන්වූ ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
3. මෙහෙණන් පිළිබඳ සත්වැනි පරිජි සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සමගසඞ්ඝයා විසින් උක්‍ෂේපණිය කර්‍මයෙන් නෙරණ ලද පෙරැ ගිජුලිහිණීන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්‍ෂුහට අනුවර්‍තක වූ ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි. ධුරනික්‍ෂේපයෙහි යැ. ...
4. මෙහෙණන් පිළිබඳ අටවැනි පරිජි සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි යැ යත්: සවග මෙහෙණහු අටවැනි පරිජි වස්තුව පිරැවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. …
අට පරිජි නිමි.
එහි වස්තුනාමාවලිය:
මෙවුන්දම් පරිජි යැ, අයිනාදන් පරිජි යැ, මිනිස්විකා පරිජි යැ, උතුරුමිනිස්දම් පරිජි යැ, කාසසඟපරිජි යැ, වජ්ජපටිච්ඡාදික පරිජි යැ, උක්ඛිත්තානුවත්තක පරිජි යැ, අට්ඨවත්‍ථුක පරිජි යැ යි මේ අට නිසැකයෙන් ඡේද්‍යවස්තු යැයි මහාවීර වූ මුනීන්‍ද්‍රයන් වහන්සේ පණවා වදාළ සේකි.
1. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
1. සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මානක්‍රෝධොත්සන්න වශයෙන් විවාද කරමින් අධිකරණයෙහි යෙදෙන මෙහෙණ පිළිබඳ යම් සඟවෙසෙසෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද යැ, කවරක ඇරැබ යැ, කිනම් වස්තුයෙකැ, ... කවුරුන් විසින් ගෙණ එන ලද යැ යත්:
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මානක්‍රෝධොත්සන්න වශයෙන් විවාද කරමින් අධිකරණයෙහි යෙදෙන මෙහෙණ පිළිබඳ යම් සඟවෙසෙසෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මානක්‍රෝධොත්සන්න වශයෙන් විවාද කරමින් අධිකරණයෙහි යෙදී වුසූ යැ, ඒ වස්තුයෙහි යැ.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකක, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යි.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි.
සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ යැ කොහි ඇතුළත් යැ යත්: නිදානයෙහි පිහිටියේ යැ, නිදානයෙහි ඇතුළත් යැ.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ යැ යත්: තෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: ශීලවිපත්ති යි.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙකැ යත්: සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධ යි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී යැ යත්: සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ... කවුරුන් විසින් ගෙණ එන ලද යැ යත්: පරපුරෙන් ගෙණ එන ලදී.
උපාලි ස්ථිවිර යැ, දාසක ස්ථවිර යැ, ... විනය පිටකය තඹපැන් නම් වූ හෙළදිව්හි පැවසූහු.
2. සෙරක උපසපන් කරවන්නිය පිළිබඳ සඟවෙසෙස කොතැන්හි දී පණවන ලද යැ යත්: සැවැත්නුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සෙරක උපසපන් කරවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
3. එකලා වැ අන් ගමකට යන මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි දී පණවන ලද ද යත්: සැවැත්නුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් හුදෙකලා වූවා ම අන් ගමකට ගියා යැ, ඒ වස්තුයෙහි යැ, පඤ්ඤත්ති එකකැ. අනුපඤ්ඤත්ති තුණකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨමපාරාජික සමුට්ඨානයෙන් නඟී. …
4. සමගසඟුන් විසින් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙවුනීකම් කරණ ලද මෙහෙණකට කාරකසඞ්ඝයා නො විචාරා එම කාරකගණයාගේ අදහස නො දැන ඔසාරණකම් කරන්නිය පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සමගසඟුන් විසින් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙවුනීකම් කරණ ලද මෙහෙණක කාරකසඞ්ඝයා නො විචාරා එම කාරක ගණයාගේ අදහස නො දැන ඇතුළත් කරගත, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. …
5. මෙවුන්දම්රායෙන් තෙත් වූ මෙහෙණක විසින් මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳකරණ මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ, යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සුන්‍දරීනන්‍දා මෙහෙණ මෙවුන්දම්රායෙන් තෙත් වූවා මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් අහරක් පිළිගත, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨමපාරාජිකසමුට්ඨානයෙහි යැ. …
6. ආර්‍ය්‍යාව, තෙලෙ පුරුෂපුද්ගල මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තිට කුමක් කරන්නේ ද, යම්හෙයකින් තෝ මෙවුන්දම්රායෙන් නොතෙත් වූයෙහි ද, එබැවින් ආර්‍ය්‍යාව, තෙලෙ පුරුෂපුද්ගල යම් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ තිට දේ ද, එය තෝ සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ” යි යොදවන මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් ආර්‍ය්‍යාව, තෙලෙ පුරුෂපුද්ගල මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තිට කුමක් කරන්නේ ද, යම්හෙයකින් තෝ මෙවුන්දම්රායෙන් නො තෙත් වූයෙහි ද, එබැවින් ආර්‍ය්‍යාව, තෙලෙ පුරුෂ පුද්ගල යම් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ තිට දේ නම් එය තෝ සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ” යි යෙදවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි. …
7. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හරිණ කිපියා වූ නොසියමන් වූ මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවනලද යැ යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළි මෙහෙණ කිපියා නොසියමන් වූවා “බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමි” යි මෙසේ කිවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි. ධුරනික්‍ෂේපයෙහි යැ. …
8. (සිවු අධිකරණයන් අතුරෙන්) කිසියම් අධිකරණයෙක්හි පැරැද වූ තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හරිණ මෙහෙණක පිළිබඳ සඟවෙසෙස කොතැන්හිදි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළි මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පරදවන ලද්දී කිපියා නොසියමන් වූවා “භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු” යි මෙසේ කිවු යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
9. (නුසුදුසු කායවාක් ප්‍රයෝගයෙන්) ගිහි මිනිසුන් හා එක් වූ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හරිණ මෙහෙණන් පිළිබඳ සඟවෙසෙස කොතැන් හිදි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ, කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු ගිහි මිනිසුන් හා නුසුදුසු කායවාක් ප්‍රයෝගයෙන් එක්වැ විසූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. …
10. “ආර්‍ය්‍යයාවෙනි, තෙපි ගිහි මිනිසුන් හා එක්ව ම වසවු, තෙපි වෙන් වැ නොවසවු” යි. මෙහෙයවන්නාවූ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හරිණ මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ඵුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ “ආර්‍ය්‍යයාවෙනි, තෙපි ගිහියන් හා එක්ව ම වසවු, වෙන් වැ නො වසවු” යි මෙහෙයවූවා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
දස සඟ වෙසෙස් නිමි.
එහි වස්තු නාමාවලිය:
උස්ස යැ චෝරී යැ ගාමන්තර යැ ඛාදන ය සමගඋක්ඛිත්ත යැ කිංතෙ යැ කුපිතා යැ කිස්මිචි යැ සංසට්ඨදෙක යැ යි දසසිඛය දන්නා ලැබේ.
1. 3.
නිස්සග්ගිය කාණ්ඩය
1. සිකපද පැණවීමෙහි කල් දක්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් (ඉටන් පොහෝනා) පාත්‍රයක් නො ඉටා නො විකපා එක දවසකුදු තබා ගන්නා මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවගමෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවගමෙහෙණහු (නො ඉටා නො විකපා) පාත්‍ර රැස් කොට තබාගත්හ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනක සමුට්ඨානයෙහි යැ. …
2. අකාලචීවරයක් කාලචීවරයැ යි ඉටා බෙදවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ අකාලචීවරය කාලචීවර යැයි ඉටා බෙදවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
3. මෙහෙණක හා සමග සිවුරක් පෙරැළි කොට ගෙණ (පසුව) අසිඳගන්නා මෙහෙණ පිළිබඳ නිසගිපචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණක හා සමග සිවුරක් පෙරැළි කොට ගෙණ (පසුව) අසිඳ ගත්තා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟි. …
4. අනෙකක් විනවා (එය තබා) අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසගි පවීතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ තොමෝ අනෙකක් විනවා (එය තබා) අනෙකක් විනවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨානසයෙන් ම නඟි. …
5. අනෙකක් දන්වා (එය තබා) අනෙකක් දන්වන මෙහෙණ පිළිබඳ නිසගි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ අනෙකක් දන්වා (එය තබා) අනෙකක් දැන්වූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟි. …
6. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි දී පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් විනවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
7. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් තමන් ඉල්ලා ගත් දෙයින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි දී පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් තමන් විසින් ඉල්ලා ගත් දෙයින් අනෙකක්හු විනවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨානයෙන් ම නඟී. …
8. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් විනවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
9. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් තමා ඉල්ලා ගත් දෙයින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් තමන් ඉල්ලා ගත් දෙයින් අනෙකක් විනවූහ, ඒ වස්තු යෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
10. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් පුඟුල්සතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් පුඟුල්සතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
11. සොළොස් කහවණුවකට වඩා අගනා (ශීත කාලයෙහි පොරෝණා) ගරු පාපුරණයක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ කොසොල් රජුගෙන් පලසක් විනවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
12. කහවණු දසයකට වඩා අගනා (උෂ්ණකාලයෙහි පොරෝණා) ලුහුපාපුරණයක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟිපචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ කොසොල් රජුගෙන් කොමුපිළියක් විනවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. ...
දොළොස් නිසඟිපචිති නිමි.
එහි වස්තු නාමාවලිය:
පාත්‍ර යැ, අකාල යැ, කාල යැ, පරිවර්‍තන යැ, විඥාපන යැ, චේතාපන යැ, අඤ්ඤ දත්තික යැ, සඞ්ඝික යැ, මහාජනික යැ, සංයාචිත යැ, පුග්ගලික යැ, චතුක්කංසපරම යැ, අඩ්ඪතෙය්‍ය කංසපරම යැයි සිකපද දොළොසෙකි.
1. 4.
පාචිත්තිය කාණ්ඩය
4. 1.
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් ලුහුණු අනුභව කරණ මෙහෙණ පිළිබඳ යම් පචිති සිඛයෙක් පණවනලද නම් එය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ පමණ නො දැන බොහෝ ලුහුණු ගෙන්වූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමක සමුට්ඨානයෙනි. ...
2. සම්බාධස්ථානයෙහි ලොම් බැහැර කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොහි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු සම්බාධස්ථානයෙහි ලොම් හැරවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
3. තලගැටීමෙහි පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: මෙහෙණ දෙනමක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: මෙහෙණ දෙනමක් තලගැටුම් කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි. පඨම පාරාජික සමුට්ඨානයෙනි. ...
4. ජතුමට්ටකයෙහි සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් ලතුයෙන් කළ මටදඬුවක් රහසඟෙහි ලූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨම පාරාජික සමුට්ඨානයෙනි. ...
5. අයිරා දෑඟුල් පුරුකකට වඩා උදකශුද්ධිය ගන්නා මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යදනවුහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් දියෙන් පස මඟ ඉතා ගැඹුරු කොට දොවාපු යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟී. පඨමපාරාජික සමුට්ඨානයෙනි. ...
6. වළඳන මහණක්හට පැනින් හෝ විජිනියෙන් හෝ උවටැන් කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් වළඳන මහණක්හට පැනින් ද විජිනියෙන් ද උවැටන් කරමින් සිටියා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමකසමුට්ඨාන යෙනි. ...
7. අමු ධාන්‍ය විනවා වළඳන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබයැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අමුධාන්‍ය විනවා වැළඳුහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
8. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ බිත්තියෙන් පිටත හෝ පවුරෙන් පිටත හෝ දමන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලදයැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් මල බිත්තියෙන් පිටත දැමූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. ...
9. නිල් තණබිමෙකැ මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ දමන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු නිල් තණ බිමෙහි මල ද මූ ද කෙළ ද කසළ ද ඉඳුල් ද දැමූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන්ම නඟී. ...
10. නටනු හෝ ගයනු හෝ වයනු හෝ දක්නා පිණිස යන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු නැටුම් ද ගැයුම් ද වැයුම් ද දක්නා පිණිස ගියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළක ලෝමක සමුට්ඨානයෙනි. ...
පළමුවන ලසුණ වර්‍ග යි.
4. 2.
1. පහන් නැති රෑ අඳුරෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලාව වෙතැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි යැ යත්: එක්තරා මෙහෙණක් කිසිදු එළියක් නැති රැ අඳුරෙහි එකලා පිරිමියක්හු හා එකලා ව ළං වැ සිටියා ය. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: ථෙය්‍යසත්‍ථකයෙහි ය. ...
2. පිළිසන් පියසෙක්හි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී: කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් පිළිසන් පියසෙක්හි එකලා පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටියා ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: ථෙය්‍යසත්‍ථකයෙහි යැ. ...
3. එළිමහනෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් එළිමහනෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටියා ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. ථෙය්‍යසත්‍ථකයෙහි යැ. ...
4. වීථියෙහි හෝ විනිවිද නො ගිය කුඩා වීථියෙහි හෝ සතර මංසන්‍ධියෙහි හෝ එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙතැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ වීථියෙහි ද විනිවිද නොගිය වීථියෙහි ද සතරමං සන්‍ධියෙහි ද එකලා මිනිස් පිරිමියක්හු හා එකලා ව වෙතැ සිටියා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. ථෙය්‍යසත්‍ථකයෙහි යැ. ...
5. පෙරබත්හි කුලයන්ට එළඹ ආසනයෙහි හිඳ හිමියන් නො පිළිවිස බැහැර යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් පෙරබත්හි කුලයන්ට එළඹ ආසනයෙහි හිඳ හිමියන් නො පිළිවිස බැහැර ගියා ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනකයෙහි යැ. ...
6. පසුබත්හි කුලයන්ට එළඹැ හිමියන් නො පිළිවිස ආසනයෙහි හිඳින මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ පසුබත්හි කුලයන්ට එළඹ හිමියන් නො පිළිවිස ආසනයෙහි හිඳගතු. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙනි.
7. විකාලයෙහි කුලයන්ට එළඹ හිමියන් නොපිළිවිස ශය්‍යාවක් අතුරා හෝ අතුරුවා හෝ හිඳින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු විකාලයෙහි කුලයන්ට එළඹ හිමියන් නො පිළිවිස ශය්‍යාවක් අතුරා හුන්හ. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. කඨිනසමුට්ඨානයෙනි. …
8. නපුරු කොට ගැණීමෙන් නපුරු කොට දැරීමෙන් මෙරමාහට අවමන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් නපුරු කොට ගැණීමෙන් නපුරු කොට දැරීමෙන් මෙරමාහට අවමන් කරවූ. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි. …
9. තමාට හෝ අන් උපසපන් මෙහෙණකට හෝ නිරයෙන් හෝ බඹසරින් හෝ සාපකරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබයැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළි මෙහෙණ තමහට ද අන් උපසපන් මෙහෙණකට ද නිරයෙන් ද බඹසරින් ද සාප කළා ය. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි. ...
10. තමහට පැහැර හඬන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළී මෙහෙණ තමහට පැහැර පැහැර හැඬු. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
දෙවන රත්තන්‍ධකාර වර්‍ග යි.
4. 3.
1. නග්න වැ නහන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණෙහු නග්න වැ ස්නානය කළහ. ඒ වස්තුයෙහි යැ පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨානයෙනි. …
2. පමණ ඉක්ම වූ දියසළුව කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු පමණ ඉක්මවූ දියසළු දැරූහ. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
3. මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හැර හෝ ගෙත්තම් හරවා හෝ නොම ගෙත්තම් කරණ ගෙත්තම් කිරීමට වෑයම් නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා තොමෝ නොම ගෙත්තම් කළා ය. ගෙත්තම් කරවීමට ද වෑයම් නොකළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂෙප යෙහි යැ. …
4. පස් දවසක් පිරිබෝ කිරීම් විසින් හෝ අව්ගැස්සීම් විසින් හෝ සිවුරු පෙරැළීම ඉක්මවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අන් මෙහෙණන් අතැ සිවුරු තබා අඳනය හා පොරෝණයෙන් යුතු වැ දනවු සැරිසැරීමට ගියහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ. …
5. පෙරළා දියයුතු සිවුර දරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවනලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් එක්තරා මෙහෙණකගේ සිවුරක් නො පිළිවිස පෙරැවූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම්ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ. …
6. මෙහෙණගණයාගේ චීවරලාභයට අනතුරු කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණගණයාගේ චීවරලාභයට අනතුරු කළා යැ. ඒ වස්තුයෙහි යැ පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
7. දැහැමි සිවුරු බෙදීම වළකන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දැහැමි සිවුරු බෙදීමක් වැළකූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
8. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සිවුරක් දෙන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්, ථුල්ලනන්‍දා මෙහෙණ ගිහියකුට සිවුරක් දුන. ඒ වස්තුයෙහි යැ: පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟියි. ...
9. දුර්‍වල වූ චීවරාසායෙන් චීවරකාලසමය ඉක්මවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දුර්‍වල වූ චීවරාසායෙන් චීවරකාලසමය ඉක්මවූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
10. දැහැමි කෙළින් සිවුර ඉදිරීම වළකන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දැහැමි කෙළින් සිවුර ඉදිරීම වැළකු. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: …
තුන්වන නහාන වර්‍ග යි.
4. 4.