Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 1401-1500 න් 4019

7. (කරවා දෙන හිමියකු ඇති) මහත් විහාරයක් කරවීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරහු විහාර වාස්තුවක් (ගෙබිම) හෙළිකරන්නාහු එක්තරා පිදියයුතු රුකක් සිඳවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන යන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
8. අමූලක වූ පරිජි ඇවතින් මහණක්හට චෝදනා කිරීම් හේතුයෙන් වන සඟ වෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රහට අමූලක පරිජි ඇවතින් චෝදනා කළාහු ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟී. ...
9. අන්‍යභාගීය (අන් කොටස් ඇති) අධිකරණයක්හුගේ කිසියම් (ජාත්‍යාදි) ලේශ මාත්‍රයක් ගෙණ මහණක්හට පරිජි ඇවතින් චෝදනා කිරීම් හේතුවෙන් වන සඟවෙසෙස කොතන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුතුහට අන්‍යභාගීය අධිකරණයක්හු ගේ කිසියම් ලේශ මාත්‍රයක් ගෙණ පරිජි ඇවතින් චෝදනා කළාහු ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නඟී. ...
10. සඞ්ඝභේදක භික්‍ෂුහට තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි දෘෂ්ටිය නො හැරීම් හේතුයෙන් වන සඟවෙසෙස කො තැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: දෙව්දත් මහණහු ඇරැබ ය. කිනම් වස්තු යෙක්හි ද යත්: දෙව්දත් මහණ සමගසඞ්ඝයා බිඳවීම පිණිස උත්සාහ කෙළේ ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
11. භේදකානුවත්තක භික්‍ෂූන්ට තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි දෘෂ්ටිය නො හැරීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: වර්‍ගවාදී වූ බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදය පිණිස වෑයම් කරණ දෙව්දත්හට අනුවර්‍තක වූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
12. දුර්වච මහණහට තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි දෘෂ්ටිය නො හැරීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැ දී පණවන ලදී. කවරක් හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරුන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරහු භික්‍ෂූන් විසින් සකාරණයෙන් කියනු ලබන්නාහු තමා නො කියයුත්තක්හු කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
13. කුලදූෂක භික්‍ෂුහට තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හැරීම් හේතුයෙන් වන සඟවෙසෙස කො තැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: අස්සජි-පුනබ්බසුක භික්‍ෂූන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: අස්සජි-පුනබ්බසුක භික්‍ෂූහු සඞ්ඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණ ලද්දාහු කාරක භික්‍ෂූන් ඡන්‍දගාමිත්‍වයෙන් ද්වේෂගාමිත්‍වයෙන් මෝහගාමිත්‍වයෙන් භයගාමිත්‍වයෙන් යුක්ත කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
14. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ පහකිරීම් හේතුයෙන් වන දුකුළා සිඛ කො තැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පිරිබෝ දියෙහි මල ද මූ ද කෙළද එවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨාන යෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
පළමුවන කත්‍ථපඤ්ඤත්තිවාරය නිමි.
10. කතාපත්තිවාරය
පාරාජික කාණ්ඩය
1. මෙවුන්දම් සෙවුනා හේතුවෙන් කෙතෙක් ඇවැතකට පැමිණේ ද යත්: මෙවුන්දම් සෙවුනා හේතුවෙන් සිවු ඇවැතකට පැමිණේ. ක්‍ෂය නො වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සෙවුනේ නම් පරිජි ඇවැත් වෙයි. බෙහෙවින් ක්‍ෂය වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සෙවුනේ නම් ථුලැසි ඇවැත් වෙයි. අඟාළ මියෙහි නො පහරමින් හදන් පිවිස්වා නම් දුකුළා ඇවැත් වෙයි. ලතුයෙන් කළ නිමිත්තෙහි නම් පචිති ඇවැත් වේ. මෙවුන්දම් සෙවීම් හේතුයෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
2. හිමියන් සතු නො දුන් දෙය සොර සිතින් ගැණීම් හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: හිමියන් සතු නො දුන් දෙය සොර සිතින් ගැණීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. පස් මස්සක් හෝ අයිරා පස් මස්සක් හෝ අගනා නො දුන් දෙය තෙනා ගණී නම් පරිජි ඇවැත් වෙයි. අයිරා මස්සක් හෝ උනු පස් මස්සක් හෝ අගනා නොදුන් දෙය තෙනා ගණී නම් ථුලැසි ඇවැත් වෙයි. මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා නො දුන් දෙය තෙනා ගණී නම් දුකුළා ඇවැත් වේ. නො දුන් දෙය ගැණීම් හේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
3. දැන දැන මිනිස් සිරුර දිවියෙන් තොර කිරීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: දැන දැන මිනිස් සිරුර දිවියෙන් තොර කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. “වැටී මැරෙන්නේ මැනැවැ” යි මිනිසකු උදෙසා වළක් කණී නම් දුකුළා ඇවැත් වෙයි. වැටුනු කල්හි දුක් වේදනා උපදී නම් ථුලැසි ඇවැත් වෙයි. මැරේ නම් පරිජි ඇවැත් වේ. දැන දැන මිනිස් සිරුර දිවියෙන් තොර කිරීම් හේතුයෙන් මේ තුන් ඇවතට පැමිණේ.
4. තමා තුළ අවිද්‍යමාන වූ නැත්තා වූ උතුරු මිනිස් ධම් ඇතැයි ප්‍රකාශ කිරීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අවිද්‍යාමාන වූ නැත්තා වූ උතුරුමිනිස්දම් ඇතැයි ප්‍රකාශ කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනා ලද්දේ අවිද්‍යාමාන වූ නැත්තා වූ උතුරු මිනිස් ධම් ඇතැයි ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි. “ඔබගේ විහාරයෙහි යම් මහණෙක් වෙසේ නම් ඒ මහණ රහත්” යැ යි දැනුමැතියක්හට බෙණේ නම් ථුලැසි ඇවැත් වෙයි. නො දැනුමැතියක්හට නම් දුකුළා ඇවැත් වේ. තමා තුළ අවිද්‍යාමාන වූ නැත්තා වූ උතුරුමිනිස්දම් ඇතැයි ප්‍රකාශ කිරීම් හේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
සතර පරිජි නිමි.
සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
1. උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: සිතා නම් උපක්‍රම කෙරේ නම් මුදා නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, සිතා නම් උපක්‍රම කෙරේ නම් නො මුදා නම් ථුලැසි ඇවැත් වෙයි, පියෝහි දුකුළා වේ. උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
2. කාසසඟයට පැමිණීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කාස සඟයට පැමිණීම් හේතුයෙන් පස් ඇවැතකට පැමිණෙ යි: කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණක් එම රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හු විසින් අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ ගැන්ම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, මහණ (තමා ගේ) කයින් (මාගමක ගේ) කය ආමර්‍ශ කෙරේ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, කයින් කය පිළිබැදියක් ආමර්‍ශ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැදියකින් කය පිළිබැඳියක් ආමර්‍ශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ගිරිති කැවීමෙහි පචිති ඇවැත් වේ. කාසසඟයට පැමිණීම් හේතුයෙන් මේ පස් ඇවැතට පැමිණේ.
3. මාගමකට තුළුල් තෙපුල් කීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. වසමඟ පසමඟ අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, වසමඟ පසමඟ තබා අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැදියක් අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් දුකුළා ඇවැත් වේ.
4. තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණකීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, පණ්ඩකයකු හමුයෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා නම් ථුලැසි ඇවැත් වෙයි, තිරිසන්ගතයකු හමුවෙහි තමහට මෙවුන් දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා නම් දුකුළා ඇවැත් වේ.
5. ස්ත්‍රී පුරුෂයන්ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙණ යන ‘සංචරිත්ත’ හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ: පිළිගණී නම් විමසා නම් පෙරළා ගෙණ ඒ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, පිළිගණී නම් විමසා නම් පෙරළා නොම ගෙණේ නම් ථුලැසි ඇවැත් වෙයි, පිළිගණී නම් නො විමසා නම් පෙරළා නොම ගෙණේ නම් දුකුළා ඇවැත් වේ.
6. තමා ඉල්වා ගත් උපකරණයෙන් කිළියක් කරවීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි, එම මැටිපිඬ තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
7. (කරවා දෙන හිමියකු ඇති) මහත් වූ විහාරයක් කරවීම් හේතුවෙන් තුන් ඇවැත කට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි. එම මැටිපිඬ තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. අමුලුපරිජි ඇවතින් මහණක්හට චෝදනා කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ (භික්‍ෂුභාවයෙන්) චුත කරවනු කැමැති ව චෝදනා කෙරේ නම් සඟවෙසෙස් සමග දුකුළා ඇවැත් වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කරණ අදහස් ඇති ව චෝදනා කෙරේ නම් ඔමසවාද පචිති ඇවැත් වේ.
9. අන්‍යභාගීය (අන් කොටස් ඇති) අධිකරණයක්හුගේ කිසියම් ලේශ මාත්‍රයක් ගෙණ මහණක්හට පරිජි ඇවතින් චෝදනා කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ: අවසර නො ගෙණ (භික්‍ෂුභාවයෙන්) චුත කරවනු කැමැතිව චෝදනා කෙරේ නම් සඟ වෙසෙස් සමග දුකුළා ඇවැත් වෙයි, අවසර ගෙණ අක්‍රොශ කරණ අදහස් ඇති ව චෝදනා කෙරේ නම් ඔමසවාද පචිති ඇවැත් වේ.
10. සඞ්ඝභේදක මහණ තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
11. භේදකානුවත්තක මහණහු තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙති: ඤත්තියෙහි දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
12. නො කීකරු මහණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
13. කුලදූෂක මහණ තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (එය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. ඤත්තියෙහි දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ. ...
14. අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ එවීම් හේතු වෙන් කෙතෙක් ඇවැතුන්ට පැමිණේ ද යත්: අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ එවීම් හේතුවෙන් එක් දුකුළා ඇවැතකට පැමිණේ. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ එවීම් හේතුවෙන් මේ එක් ඇවැතට පැමිණේ.
දෙවන කතාපත්තිවාරය නිමි.
11. විපත්තිවාරය
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් භජනය කෙරෙද්ද යත් : මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසි විටෙක ශීල විපත්තිය ද කිසි විටෙක ආචාර විපත්තිය දැයි විපත්තීන් දෙ දෙන භජනය කෙරෙත්. ...
2. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජේ ද යත්: අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් එක්ම ආචාර විපත්තිය බෙජේ.
තුන්වන විපත්තිවාරය නිමි.
12. සඞ්ගහිතවාරය
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලද්දාහු ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද, කිසි විටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසි විටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි සතර ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද්දාහු ය. ...
2. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්ති ස්කන්‍ධ නම් වූ එක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදී.
සතරවන සඞ්ග්‍රහිත වාරය නිමි.
13. සමුට්ඨානවාරය
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිද් ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිත්. කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්. ...
2. අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි, කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
පස්වන සමුට්ඨාන වාරය නිමි.
14. අධිකරණවාරය
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අපත්තාධිකරණ යි. ...
2. අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක යත්: අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි.
සවන අධිකරණ වාරය නිමි.
15. සමථවාරය
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සත්වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතු වෙන් වන ඇවැත්හු සත්වැදෑරුම් සමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳෙත්. ...
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳේ.
සත්වන සමථවාරය නිමි.
16. සමුච්චයවාරය
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් සිවු ඇවැතකට පැමිණෙයි: ක්‍ෂය නොවූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, බෙහෙවින් ක්‍ෂය වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, අඟාළ මියෙහි හඳන් නො පහරමින් පිවිස්වා නම් දුකුළා ඇවැත් වෙයි, ලතුයෙන් කළ නිමිත්තෙහි පචිති ඇවැත් වේ. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
2. ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් භජනය කෙරෙද් ද: සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධ යෙන් සඞ්ග්‍රහ කරණ ලද්දාහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟිද්ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳෙද්ද යත්:
ඒ ඇවැත්හු සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත්තීන් දෙදෙන භජනය කෙරෙත්. සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද, කිසි විටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි සතර ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද්දාහු ය. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිත්: කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් සමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳෙත්.
3. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් එක් දුකුළා ඇවැතකට පැමිණේ. අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් මේ එක් ඇවතට පැමිණේ.
4. ඒ ඇවැත සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජේ ද, සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද යත්:
ඒ ඇවැත සිවු වැදුරුම් විපත්තීන් අතුරෙන් එක්ම ආචාරවිපත්තිය බෙජේ. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්ති ස්කන්‍ධ නම් වූ එක් ආපත්තිස්කන්‍ධ යෙන් සඞ්ග්‍රහ කරණ ලදී. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් සමථයන් අතුරෙහි කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳේ.
අටවැනි සමුච්චයවාරය නිමි.
අෂ්ට ප්‍රත්‍යය වාරයෝ නිමියහ.
මහාවිහඞ්ගයෙහි සොළොස් මහාවාරයෝ නිමියහ.
මහා විභඞ්ගය ද නිමියේ යි.
භික්‍ෂුණී විභඞ්ගය
1. කත්‍ථපඤ්ඤත්තිවාරය
පාරාජික කාණ්ඩය
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මෙහෙණන් පිළිබඳ යම් පස්වැනි පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද ද, කවරක ඇරැබ ද, කිනම් වස්තුයෙක්හි ද, එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ඒකතෝ පඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ඇද්ද, සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද, කොහි ඇතුළත් ද, කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද, සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් වේ ද, සත් වැදෑරුම් ආපත්ති ස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්ති ස්කන්‍ධයෙක් වේ ද, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි, කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් වේ ද, සත් වැදෑරුම් සමථයන් අතුරෙහි කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද, එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද, එහි ප්‍රාතිමෝක්‍ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම, විපත්ති කවර යැ, සම්පත්ති කවර යැ, ප්‍රතිපත්ති කවර යැ, කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්හට පස්වන පරිජි සිකපදය පණවන ලද ද, කවුරු හික්මෙත් ද, කවුරු හික්මුනු සිඛඇතියෝ ද, කවුරුන් කෙරෙහි පිහිටියේ ද, කවුරු දරත් ද, කවුරුන්ගේ වචනයෙක් ද, කවුරුන් විසින් ගෙණඑන ලද ද යත්:
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙහෙණන් පිළිබඳ යම් පස්වන පරිජි සිකපදයෙක් පණවන ලද නම් කොතැන්හි පණවන ලද යැ යත්: සැවැත් නුවර දී පණවන ලදී.
කවරක ඇරැබ ද යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි යැ යත්: කාමරාගයෙන් තෙත් වූ සුන්‍දරීනන්‍දා මෙහෙණ කාමරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියකුගේ කායසංසර්‍ගය ඉවසුවා ය, ඒ වස්තුයෙහි යැ.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකකැ, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ.
සාධාරණ පඤ්ඤත්ති අසාධාරණ පඤ්ඤත්ති ද යත්: අසාධාරණ පඤ්ඤත්ති යැ.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යැ.
සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ යැ. කොහි ඇතුළත් යැ යත්: නිදානයෙහි පිහිටියේ යැ, නිදානයෙහි ඇතුළත් යැ.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ යැ යත්: දෙවැනි උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: ශීලවිපත්ති යි.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙකැ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙකැ යත්: ආපත්තාධිකරණ යි.
සත් වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ යැ යත්: සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
එහි විනය කවරේ යැ, එහි අභිවිනය කවරේ යැ යත්: පඤ්ඤත්තිය විනය යැ, පදභාජනිය අභිවිනය යි.
එහි ප්‍රාතිමෝක්‍ෂය කිමැ, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම යැ යත්: ප්‍රඥප්තිය ප්‍රාතිමෝක්‍ෂ යැ, පදභාජනිය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
විපත් කවර යත්: අසංවරය විපත්ති යි.
සම්පත් කවර යත්: සංවරය සම්පත්ති යි.
ප්‍රතිපත් කවර යත්: “දිව්හිම් කොට මෙබන්දක් නො කරන්නෙමි” යි දිවිපමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්හට පස්වන පරිජිසිකපදය පණවන ලද යැ යත්: දස කරුණක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්හට පස්වන පරිජි සිකපදය පණවන ලදී: සඞ්ඝයාගේ මනාබව පිණිස යැ, සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් මෙහෙණන්ගේ නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂුණීන්ගේ පහසු විහරණය පිණිස යැ. දිටුදැමියෙහි විඳියයුතු දුක් ගැහැට වැළකීම පිණිස යැ, පරලෙව්හි විඳියයුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස යැ, පහන්වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස යැ, තුන් සසුන්හි පැවැත්ම පිණිස යැ. විනයට අනුග්‍රහ පිණිස යි.
කවුරු හික්මෙති යත්: ශෛක්‍ෂ භික්‍ෂුණීහු ද කල්‍යාණ පෘථග්ජන භික්‍ෂුණීහු ද හික්මෙත්.
කවුරු හික්මුණු සිඛ ඇතියෝ යැ යත්: රහත් මෙහෙණහු හික්මුණු සිඛඇතියෝ යි.
කවුරුන් කෙරෙහි පිහිටියේ යැ යත්: ශික්‍ෂාකාමිනීන් කෙරෙහි පිහිටියේ යි.
කවුරු දරති යත්: යම් කෙනකුන්හට විනයපෙළ අටුවා වනපොත් ද ඔහු දරත්.
කවුරුන්ගේ වචනයෙකැ යත්: භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ වචන යි.
කවුරුන් විසින් ගෙණ එන ලද යැ යත්: පරපුරෙන් ගෙණ එන ලදී.
1. උපාලි ස්ථවිර යැ දාසකස්ථවිර යැ සෝණකස්ථවිර යැ එසේ ම සිග්ගව ස්ථවිර යැ මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වැනි කොට ඇති මේ තෙරවරු දඹදිවැ විනයධර පරපුරෙහි වෙත්.
2. ඉක්බිති මහින්‍ද යැ ඉට්ඨිය යැ උත්තිය යැ එසේ ම සම්බල යැ පණ්ඩිත වූ භද්ද නාම යැ මහපැණැති මේ රහත්හු දඹදිවින් මෙහි වැඩියහ.
3. ඔහු හෙළදිව්හි විනය පිටකය හැදැරැවූහ, සඟිපස ද ප්‍රකරණ සත ද හැදැරැවූහු.
4. ඉක්බිති ප්‍රාඥ වූ අරිට්ඨයැ පණ්ඩිත වූ තිස්සදත්ත යැ විශාරද වූ කාළසුමන යැ දීඝනාමස්ථවිර යැ පණ්ඩිත වූ දීඝසුමන යැ,