Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 1301-1400 න් 4019

6. අනදර පිණිස සූපය හෝ ව්‍යඤ්ජනය හෝ බතින් වසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස සූපය හෝ බත හෝ නො ගිලන් වැ තමා උදෙසා විනවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස කිපිසිත් ඇති වැ අනුන්ගේ පාත්‍රය බලන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස (මොනර බිජුවට සා) මහත් කොට පිඬු කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස දිගු කොට පිඬු කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
සිවුවැනි පිණ්ඩපාත වර්‍ග යි.
1. අනදර පිණිස පිඬු මුවදොරට නො එළවූ කල්හි මුව විවර කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස අත හැම (ඇඟිලි) මියෙහි බහමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස පිඬු සහිත මුවෙන් කථා කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස පිඬු මියෙහි නඟනඟා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස පිඬු කඩ කඩා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස කොපුලා පිඬු රැස් කොට වළඳන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස අත සල සලා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස හුලු විසුරුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස දිව නෙර නෙරා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස “චපු චපු” යන හඩ නඟමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
පස්වැනි කබල වර්‍ග යි.
1. අනදර පිණිස “සුරු සුරු” යන හඬ නඟමින් වළඳන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස අත ලොවමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස (එක් ඇඟිල්ලකිනුදු) පාත්‍රය ලොවමින් වළඳන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස තොල් ලොවමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස ඉඳුල් සහිත අතින් පැන් මලාව පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස හුලු සහිත පාත්‍ර දෙවි දිය ඇතුළුගමැ හෙළන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස සත්ගත් අත් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස දඬුගත් අත් ඇත්තහුට දහම් - දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස කඩු ඈ සැත්ගත් අත් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස (දුනු ඈ) අවි ගත් අත් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැත කට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
සවැනි සුරුසුරු වර්‍ග යි.
1. අනදර පිණිස පය ලූ මිරිවැඩි ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස පය ලූ වහන් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස යානයෙහි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස යහන්හි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස අකවටු අවුලුවා හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස වෙළන ලද හිස ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස හිස වසා පෙරවියහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස බිමැ හිඳ අසුනෙහි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස මිටි අස්නෙකැ හිඳ උස් අසුනෙකැ හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස නැඟී සිටිමින් හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
11. අනදර පිණිස පසුව යමින් පෙරටුව යන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
12. අනදර පිණිස නොමඟින් යමින් මඟින් යන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
13. අනදර පිණිස සිටිමින් මල කිස හෝ මූ කිස හෝ කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
14. අනදර පිණිස තෘණයෙන් නිල් වූ පෙදෙසෙහි මල කිස හෝ මූ කිස හෝ කරණ කෙළ හෝ හෙළන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
15. අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ මේ එක් ඇවතට පැමිණේ.
සත්වැනි පාදුකා වර්‍ග යි.
සේඛියා නිමි.
දෙවැනි කතාපත්තිවාරය නිමි.
3. විපත්තිවාරය
1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්ති භජනය කෙරේ ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් විපත්ති අතුරෙන් විපත් දෙකක් භජනය කෙරෙයි: ශීල විපත්ති ද විය හෙයි. ආචාර විපත්ති ද විය හේ. ...
2. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවුවැදෑරුම් විපත්ති අතුරෙන් කෙතෙක් විපත්ති භජනය කෙරේ ද යත්: අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් එක් විපත්තියක් භජනය කෙරෙයි: ආචාර විපත්ති යි.
තෙවැනි විපත්තිවාරය නිමි.
4. සඞ්ගහිතවාරය
1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: මෙවුන්දම් සේවනය කරනහු පිළිබඳ ඇවැත් සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්ති ස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක දුෂ්කෘතා පත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදය. ...
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්තිස්කන්‍ධ නම් වූ එක්ම ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදී.
සිවුවන සඞ්ගහිතවාරය නිමි.
5. සමූට්ඨධානවාරය
1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිති, කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්.
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සැවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි. කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
පස්වන සමුට්ඨධානවාරය නිමි.
6. අධිකරණවාරය
1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. ...
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි.
සවන අධිකරණවාරය නිමි.
7. සමථවාරය
1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණ යෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැ යි තුන් ශමථයෙන් සන්හිඳේ.
සත්වන සමථවාරය නිමි.
8. සමුච්චයවාරය
1. මෙවුන්දම් සේවනය කරණ මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: මෙවුන්දම් සේවනය කරණ මහණ තුන් ඇවැතකට පැමිණේ. ක්‍ෂය නොවූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, බෙහෙවින් ක්‍ෂය වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි. අඟාළ මියෙහි රහසඟ නො පහරමින් පිවිස්වා නම් දුකුළා ඇවැත් වේ. මෙවුන්දම් සේවනය කරණ මහණ මේ තුන් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත් සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජේ ද යත්: සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
ඒ ඇවැත් සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙයි. සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ය. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද, තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ. ...
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූත්‍ර හෝ කෙළ හෝ හෙළන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ එක් දුකුළා ඇවැතකට පැමිණේ. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ එක් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජේ ද, සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග‍්‍රහ කරණ ලද ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත් වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: ඒ ඇවැත සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් ආචාරවිපත්ති නම් වූ එක් ම විපත්තිය බෙජේ.
සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්තිස්කන්‍ධ නම් වූ එක්ම ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟී. කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත් වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.
අටවැනි සමුච්චයවාරය නිමි.
මේ අෂ්ටවාරයෝ සජඣායනාමාර්‍ගයෙන් ලියන ලදහ.
එහි උද්දානය:
කත්‍ථපඤ්ඤත්තිවාරය ද කතිපඤ්ඤත්තිවාරය ද විපත්තිවාරය ද සඞ්ග්‍රහවාරය ද සමුට්ඨාන අධිකරණ වාරයෝ ද සමථවාරය ද සමුච්චයවාරය දැයි වාර අටෙකි.
9. කත්‍ථපඤ්ඤත්තිවාරය
පාරාජික කාණ්ඩය
1. මෙවුන්දම් සෙවුනා නිසා වන පරිජිය සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද? කවරක්හු ඇරැබ ද? කිනම් වස්තුයෙක්හි ද? ... කවරක්හු විසින් ගෙණ එන ලද ද?
මෙවුන්දම් සෙවුනා නිසා වන පරිජිය සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: සුදින්න නම් කලන්‍දපුත්‍රයා ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සුදින්න කලන්‍ද පුත්‍ර තෙමේ පැරණි (ගිහි කල) අඹුව සමග මෙවුන්දම් සේවන කෙළේය, ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති දෙකෙකි. අනුප්පන්නපඤ්ඤත්ති එහි නැත. සබ්බත්‍ථ පඤ්ඤත්ති වේ ද, පදෙසපඤ්ඤත්ති වේ ද යත්: සබ්බත්‍ථ පඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති වේ ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති වේ ද අසාධාරණපඤ්ඤත්ති වේ ද යත්: සාධාරණපඤ්ඤත්ති යැ. ඒකතෝ පඤ්ඤත්ති වේ ද උභතෝපඤ්ඤත්ති වේ ද යත්: උභතෝපඤ්ඤත්ති යැ. පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ වේ ද, කොහි ඇතුළත් වේ ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ ය, නිදානුද්දේසයෙහි ඇතුළත් ය. කිනම් උද්දේසයකින් උදෙසීමට පැමිණේ ද යත්: දෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කවර විපත්තියෙක් වේ ද යත්: ශීලවිපත්ති යි. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කවර ආපත්තිස්කන්‍ධයෙක් වේ ද යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨාන යෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණඑන ලදී.
උපාලි ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ, සෝණක ස්ථවිර යැ එසේ ම සිග්ගව ස්ථවිර යැ, මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වනු කොට ඇති මේ තෙරවරු දඹදිව විනයධර පරපුරෙහි වෙති. ... මහා ප්‍රාඥ, විනය දන්නා මාර්‍ගඥානයෙහි දක්‍ෂ මේ ක්‍ෂීණාස්‍රවයෝ විනය පිටකය හෙළදිවැ පැවසූහු.
2. නුදුන් දෙය සොර සිතින් ගැණීම් හේතුවෙන් වන පරිජිය ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ධනිය කුම්භකාර පුත්‍රයා ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ධනිය කුම්භකාර පුත්‍ර තෙමේ රජහු සතු නුදුන් දැව ගත්තේ ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
3. දැන දැන මිනිස් සිරුරක් දිවියෙන් තොර කිරීම් හේතුයෙන් වන පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු ඔවුනොවුන් දිවියෙන් තොර කළාහු ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
4. තමා කෙරෙහි නැති තමා කෙරෙහි නොවූ (ධ්‍යානාදි) උතුරුමිනිස්දම් තමා කෙරෙහි ඇතැයි පැවැසීම් හේතුවෙන් වන පරිජිය කො තැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්‍ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්‍ෂූන් ගිහියනට ඔවුනොවුන්ගේ උතුරුමිනිස්දම් පිළිබඳ ගුණ කීහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි. ...
සතර පරිජි නිමි.
සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
1. උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුවෙන් වන සඟවෙසෙස සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද? කවරක්හු ඇරැබ ද? කවර වස්තුවෙක්හි ද, ... කවරක්හු විසින් ගෙණඑන ලද ද?
උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුවෙන් වන සඟවෙසෙස සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් සෙය්‍යසක මහණහු ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් සෙය්‍යසක මහණ උපක්‍රම කොට සුකුරු මිදී ය, ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති එකෙකි, අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති. සබ්බත්‍ථ පඤ්ඤත්ති වේ ද, පදෙසපඤ්ඤත්තිවේ ද යත්: සබ්බත්‍ථ පඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති වේ ද, අසාධාරණපඤ්ඤත්ති වේ ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ. ඒකතෝපඤ්ඤත්ති වේ ද, උභතෝපඤ්ඤත්ති වේ ද යත්: ඒකතෝපඤ්ඤත්ති යැ. පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ ද කොහි ඇතුළත්වේ ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ යැ, නිදානුද්දේසයෙහි ඇතුළත් යැ. කවර උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: තෙ වැනි උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කවර විපත්තියෙක් වේ ද යත්: ශීලවිපත්ති යැ, සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කවර ආපත්තිස්කන්‍ධයෙක් වේ ද යත්: සඞ්සාදිශේෂාපත්තිස්කන්‍ධ යි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨාන යෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණ එන ලදී.
උපාලි ස්ථවිර යැ දාසක ස්ථවිර යැ සෝණක ස්ථවිර යැ එසේ ම සිග්ගව ස්ථවිර යැ මොග්ගලිපුත්ත ස්ථවිර පස්වනු කොට ඇති මේ තෙරවරු දඹදිව විනයධර පරපුරෙහි වෙති. ... මහාප්‍රාඥ වූ විනය දන්නා මාර්‍ගඥානයෙහි දක්‍ෂ වූ මේ ක්‍ෂීණාස්‍රවයෝ හෙළ දිවැ විනයපිටකය පැවසූහු.
2. මාගමක හා කාසසඟයට සමවැදීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී තෙරහු මාගමක හා කායසංසර්‍ගයට පැමිණියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
3. මාගමකට තුළුල් තෙපුල් බිණීම් හේතුවෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලදද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී තෙරහු මාගමකට තුළුල් තෙපුල් බිණුභ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසි විටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
4. මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ වැණිම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ වැණී යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නඟී. ...
5. (ස්ත්‍රී පුරුෂයන් ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙණ යනු එනුවට) හැසිරීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී තෙරහු ස්ත්‍රී පුරුෂයන් ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙණ යන ‘සංචරිත්තයට’ පැමිණියහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් සමුට්ඨාන සයෙන් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් ද සිතින් ද නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් ද සිතින් ද නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
6. තමා ඉල්වා ගත් උපකරණයෙන් කිළියක් කරවීම් හේතුවෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: අළව් නුවරැදී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: අළච්පුර වැසි භික්‍ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: අළව් පුරවැසි භික්‍ෂූහු තමන් ඉල්වා ගත් උපකරණයෙන් කුටි කරවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම්ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී: ...