Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 1201-1300 න් 4019

2. ගිරිති කැවීමෙන් මහණක්හු සිනහ ගන්වන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සිනා ගන්වා නම් පියෝහි දුකුළා වෙයි, සිනා ගැන්වූ කල්හි පචිති ඇවැත් වේ.
3. දිය කෙළනා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගොප් ඇටයෙන් යට ජලයෙහි ක්‍රීඩා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ගොප් ඇටයෙන් මතු ජලයෙහි ක්‍රීඩා කෙරේ නම් පචිති ඇවැත් වේ.
4. (සිකපදයෙන් ඔවාදෙන පුඟුලාට හෝ දහමට) අනදර කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අනදර කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අනදර කළ කල්හි පචිති ඇවැත් වේ.
5. මහණක්හු බියගන්වන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: බිය ගන්වා නම් පියෝහි දුකුළා වෙයි, බිය ගැන්වූ කල්හි පචිති ඇවැත් වේ.
6. ගිනි දල්වා තප්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දල්වා නම් පියෝහි දුකුළා වෙයි, දැල්වූ කල්හි පචිති ඇවැත් වේ.
7. අඩමසෙකින් මොබ ස්නාන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ස්නාන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, ස්නාන අවසන්හි පචිති ඇවැත් වේ.
8. තෙවැදෑරුම් දුර්වර්‍ණ කිරීම් අතුරින් එක්තරා දුර්වර්‍ණ කිරීමක් නො ගෙණ නව සිවුරක් පරිභෝග කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පරිභෝග කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පරිභෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
9. මහණක්හට හෝ මෙහෙණකට හෝ හික්මෙණුවකට හෝ හෙරණකුට හෝ හෙරැණියකට හෝ තෙමේ සිවුරක් දී නො පසුදුරුවා වළඳ කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වළඳ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, වළඳ කළ කල්හි පචිති ඇවැත් වේ.
10. මහණක්හුගේ පාත්‍රයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුලාවක් හෝ කාබානක් හෝ සඟවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සඟවා නම් පියෝහි දුකුළා වෙයි, සැඟවූ කල්හි පචිති ඇවැත් වේ.
සවැනි සුරාමේරය වර්‍ග යි.
1. දැන දැන සතක්හු දිවියෙන් තොරකරණ මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දැන දැන සතක්හු දිවියෙන් තොරකරණ මහණ සිවු ඇවැතකට පැමිණෙයි: “එකකු නො උදෙසා යම් මැ එකෙක් වැටී මැරෙන්නේ මැනැවැ” යයි වළක් කණි නම් දුකුළා ඇවැත්වෙයි, මිනිසෙක් එහි වැටී මැරේ නම් පරිජි ඇවැත් වෙයි, යකෙක් හෝ ප්‍රේතයෙක් හෝ තිරිසන් ගිය මිනිස් සිරුරු ඇත්තෙක් හෝ එහි වැටී මැරේ නම් ථුලැසි ඇවැත් වෙයි, තිරිසන් ගතයෙක් එහි වැටී මැරේ නම් පචිති ඇවැත් වේ. දැන දැන සතක්හු දිවියෙන් තොරකරණ මහණ මේ සිවු ඇවැතට පැමිණේ.
2. දැන දැන පණුවන් සහිත පැන් වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වළඳා නම් පියෝහි දුකුළා වෙයි, වැළඳු කල්හි පචිති ඇවැත් වේ.
3. දැහැමින් සන්සිඳුවන ලද අධිකරණයක් දැන දැන නැවැත විනිස පිණිස උගුළුවන (මතු කරණ) මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උගුළුවා නම් පියෝහි දුකුළා වෙයි, ඉගුළූ කල්හි පචිති ඇවැත් වේ.
4. මහණක්හුගේ තුළුල් ඇවැතක් දැන දැන සඟවන මහණ එක් ඇවැතකට පැමිණෙයි: පචිති ඇවත යි.
5. දැන දැන උනුවිසිවස් ඇති පුඟුලක්හු උපසපන් කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කළ කල්හි පචිති ඇවැත් වේ.
6. දැන දැන සොරසත්‍වාමුළක් සමග ගිවිස ගෙණ එක් අදන් මඟකට පිළිපන් මහණ දෙ ඇවැතකට පැමිණෙයි: මඟට බසී නම් පියෝහි දුකුළා වෙයි, මගට බට කල්හි පචිති ඇවැත් වේ.
7. මාගමක හා ගිවිස ගෙණ එක් අදන්මගකට පිළිපන් මහණ දෙ ඇවැතකට පැමිණෙයි: මඟට බසී නම් පියෝහි දුකුළා වෙයි, මඟට බට කල්හි පචිති ඇවැත් වේ.
8. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන මහණ ලාමක දෘෂ්ටිය නො හරිණුයේ දෙ ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි. කම්වදන් පිරියතැ පචිති ඇවැත් වේ.
9. “අන්තරායකර” යයි බුදුරදුන් වදහළ දහම “අන්තරායකර නො වේ” යයි කියන, නො කළ ඔසාරණ කම් ඇති, ඒ දෘෂ්ටිය නො හළ මහණක්හු සමග දැන දැන ධර්‍මාමිෂ සම්භෝග කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සම්භෝග කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, සම්භෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
10. එසේ නෙරණ ලද හෙරණ දැන දැන ආමිෂයෙන් උපලාලන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සඞ්ග්‍රහ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, සඞ්ග්‍රහ කළ කල්හි පචිති ඇවැත් වේ.
සත්වැනි සප්පාණක වර්‍ග යි.
1. භික්‍ෂූන් විසින් කරුණු සහිත වැ (සිකපදයෙන්) කියනු ලබන්නේ “ඇවැත ව්‍යක්ත විනයධර අන් මහණක්හු යම්තාක් නො විචාරම් ද ඒ තාක් මම තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමි” යි කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: බෙණේ නම් පියෝහි දුකුළා වෙයි. බිණු කල්හි පචිති ඇවැත් වේ.
2. විනය සිකපදයනට අවමන් කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.
3. මුළා කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: මෝහාරෝපණය නොකළ කල්හි මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෝහාරෝපණය කළ කල්හි මුළා කෙරේ නම් පචිති ඇවැත් වේ.
4. මහණ කිපියේ නො සියමන් ව මහණක්හට පහර දෙන්නේ දෙ ඇවැතකට පැමිණෙයි: පහර දේ නම් පියෝහි දුකුළා වෙයි. පහර දුන් කල්හි පචිති ඇවැත් වේ.
5. මහණ කිපියේ නො සියමන් ව මහණක්හට අතුල්තල නඟා දක්වන්නේ දෙ ඇවැතකට පැමිණෙයි: අතුල් තල නඟා දක්වා නම් පියෝහි දුකුළා වෙයි. නඟා දැක්වූ කල්හි පචිති ඇවැත් වේ.
6. අමූලක සඟ වෙසෙසින් මහණක්හට චෝදනා කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: චෝදනා කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. චෝදනා කළ කල්හි පචිති ඇවැත් වේ.
7. දැන දැන මහණක්හට කුකුස් උපදවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කුකුස් උපදවා නම් පියෝහි දුකුළා වෙයි. ඉපද වූ කල්හි පචිති ඇවැත් වේ.
8. උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදයට පැමිණි මහණුන් ගේ බස් ඇසෙන තැන සිටින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “අසන්නෙමි” යි යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනක සිටියේ අසා නම් පචිති ඇවැත් වේ.
9. ධාර්මික කර්‍මයන්ට ඡන්‍දය දී පසුව ගුණ කැණ බණන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දොස් පහළ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. දොස් පහළ කළ කල්හි පචිති ඇවැත් වේ.
10. සඟ මැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟී බැහැර යන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිස්හි අත්පස හරනා හට දුකුළා ඇවැත් වෙයි. හළ කල්හි පචිති ඇවැත් වේ.
11. සමග සඞ්ඝයා විසින් සිවුරක් දී පසුව දොස් පහළ කරණුයේ දෙ ඇවැතකට පැමිණේ: දොස් පහළ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. දොස් පහළ කළ කල්හි පචිති ඇවැත් වේ.
12. දැන දැන සඟසතු, සඟනට පිරිනැමූ වස්තුවක් පුද්ගලයක්හට පිරිනමන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිනමා නම් පියෝහි දුකුළා වෙයි. පිරිනැමූ කල්හි පචිති ඇවැත් වේ.
අටවැනි සහධම්මික වර්‍ග යි.
1. පළමු නො දන්වන ලදු වැ රජුගේ ඇතොවුරට පිවිසෙන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය එළිපත ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
2. රුවනක් නඟා තබා දෙනු පිණිස ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි. ගත්කල්හි පචිති ඇවැත් වේ.
3. දොළොස් රියන් අත්පස සිටි මහණහු නො පිළිවිස විකාලයෙහි ගම් වදින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය පිරිකෙව් ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
4. ඇටමුවා හෝ දළමුවා හෝ අංමුවා හෝ හිදි ගුලාවක් කරවන මහණ දෙ ඇවැත කට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
5. පමණ ඉක්ම වූ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
6. පුළුන් එවැ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
7. පමණ ඉක්මවූ නිසීදනයක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
8. පමණ ඉක්මවූ කස්පිළිසනක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
9. පමණ ඉක්ම වූ වැසි සළුවක් කරවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
10. සුගත්සිවුර පමණ සිවුරක් කරවන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: සුගත්සිවුර පමණ සිවුරක් කරවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ. සුගත්සිවුර පමණ සිවුරක් කරවන මහණ මේ දෙ ඇවැතට පැමිණේ.
නව වැනි රාජවර්‍ග යි.
දෙ අනූ පචිති නිමි.
පාටිදේසනීයකාණ්ඩය
1. ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ. ඇතුළු ගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙන වළඳන මහණ මේ දෙවැතට පැමිණේ.
2. මෙහෙණක විධාන කරණ කල්හි ඇය නො වළක්වා වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත්වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.
3. සේඛසම්මතය ලත් කුලයන්හි කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.
4. වන සෙනසුන්හි පෙරැ නොදන්වනලදු වැ කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ අරම තුළ දී සියතින් පිළිගෙණ වළඳන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: වන සෙනසුන්හි පෙරැ නො දන්වන ලදු වැ කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ අරමතුළ දී සියතින් පිළිගෙණ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ. වන සෙනසුන්හි පෙරැ නො දන්වන ලදු වැ කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ අරම තුළ දී සියතින් පිළිගෙණ වළඳන මහණ මේ දෙ ඇවැතට පැමිණේ.
සතර පාටිදේසනීය නිමි.
සේඛියාකාණ්ඩය
1. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳනා මහණ කෙතෙක් ඇවතට පැමිණේද යත්: අනදර පිණිස ඉදිරිපසින් හෝ පසු පසින් හෝ එල්වමින් හඳනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳින මහණ මේ එක් ඇවැතට පැමිණේ.
2. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස කය විවෘත කොට ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස කය විවෘත කොට ඇතුළුගම හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි.
7. අනදර පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස (එක් පසෙකින් හෝ දෙපසින් හෝ) නඟන ලද සිවුරු ඇති වැ ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස (එක් පසෙකින් හෝ දෙපසින් හෝ) නඟන ලද සිවුරු ඇති වැ ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
පළමුවැනි පරිමණ්ඩල වර්‍ග යි.
1. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි.
4. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් අතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස කය සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස කය සලමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස කොඬ (උරහිස) සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස කොඬ සලමින් ඇතුළුගම හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස හිස සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස හිස සලමින් ඇතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
දෙවැනි උජ්ජග්ඝික වර්‍ග යි.
1. අනදර පිණිස උකුළෙහි තබනලද අත් ඇති වැ ඇතුළුගම් වදින මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස උකුළෙහි තබනලද අත් ඇති වැ ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස හිස වසා පෙරවැ ඇතුළුගම් වදින මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස හිස වසා පෙරවැ ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස අක් පත්ලෙන් හෝ විලුඹින් හෝ ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස අකවටු ගන්වා ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස නො සකස් වැ පිඬුවා පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬු පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස සූපය ම බෙහෙවින් පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස මුදුන් කළ පිඬුවා පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
තෙවැනි ඛම්භකත වර්‍ගයි.
1. අනදර පිණිස නො සකස් වැ පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස තැනැ තැනැ හනා පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස සූපය ම බෙහෙවින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස බත මුදුනෙන් මැඩ පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.