Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 1001-1100 න් 4019

3. අනදර පිණිස පිඬු සහිත මුවින් බණන්නහු පිළිබඳ දුකුළා සිඛය ... එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
4. අනදර පිණිස පිඬු මියෙහි දමාලා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ... එක් සමුට්ඨානයෙකින් නහියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ....
5. අනදර පිණිස පිඬු කඬ කඬ කොට වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
6. අනදර පිණිස කොපුලැ පිඬු රැස් කොට කොට වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
7. අනදර පිණිස අත් සල සලා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
8. අනදර පිණිස හුලු විසුරුවා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
9. අනදර පිණිස දිව නෙර නෙරා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
10. අනදර පිණිස චපු චපු යන හඬ නංවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
පස්වන කබල වර්‍ග යි.
1. අනදර පිණිස ‘සුරු සුරු’ යන හඬ නංවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ‘සුරු සුරු’ යන හඬ කෙරෙමින් කිරි පානය කළහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
2. අනදර පිණිස අත ලෙවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස පාත්‍රය ලෙවැ ලෙවැ වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනදර පිණිස තොල් ලෙවැ ලෙවැ වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනදර පිණිස ඉඳුල් සහිත අතින් පැන්තලිය පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: භගු දනවුහි දී පණවන ලදි.
කවරක්හුහු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ඉඳුල් සහිත අතින් පැන්තලිය පිළිගත්හු, ඒ වස්තුයෙහි යැ.
6. අනදර පිණිස හුලු සහිත පාත්‍ර දෙවූ දිය ඇතුළුගෙහි දමන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: භගු දනවුහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙහි ද යත්: බොහෝ මහණහු හුලු සහිත පාත්‍ර දෙවූ දිය ඇතුළුගෙහි දැමූහු, ඒ වස්තුයෙහි යැ ... .
7. අනදර පිණිස සත් ගත් අත් ඇත්තනුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය කො තැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: වචනයෙන් ද සිතින් ද නඟියි. කයින් නො නඟී. ...
8. අනදර පිණිස දඬුගත් අත් ඇත්තහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
9. අනදර පිණිස (කඩු ඈ) සැත්ගත් අත් ඇත්තහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
10. අනදර පිණිස (දුනුහී ඈ) අවිගත් අත් ඇත්තහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
සවන සුරුසුරු වර්‍ග යි.
1. අනදර පිණිස මිරිවැඩි නැඟියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
2. අනදර පිණිස වහන් නැඟියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස යානයෙහි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනදර පිණිස යහන්හි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනදර පිණිස (හස්තාදීන්) අකවටු අවුලුවා හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
6. අනදර පිණිස (පිළි ආදියෙන්) හිස් වෙළුම් ඇතියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
7. අනදර පිණිස හිස වසා පෙරැවියහට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
8. අනදර පිණිස බිමැ හිඳ ආසනයෙහි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි; කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී ...
9. අනදර පිණිස මිටි අස්නෙක හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
10. අනදර පිණිස සිටියහු විසින් හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
11. අනදර පිණිස පසුව ලා යන්නහු විසින් පෙරටු වැ යන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
12. අනදර පිණිස නොමඟ යන්නහු විසින් මඟ යන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
13. අනදර පිණිස සිටීමෙන් (සිට ගෙණ) මල මූ කිස කරන්නහු, පිළිබඳ දුකුළා සිඛය ...
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
14. අනදර පිණිස නිල් (තණ ආදියෙහි) මල මූ කෙළ බහන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
15. අනදර පිණිස (පිරිබෝ) දියෙහි මල මූ කෙළ බහන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ ය.
කිනම් වස්තුයෙහි ද යත්: සවග මහණහු (පිරිබෝ) දියෙහි මල ද මූ ද කෙළ ද බැහූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි. අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
සත්වන පාදුකා වර්‍ග යි.
පන්සැත්තෑ සේඛියා නිමි.
එහි උද්දානය:
1. පරිමණ්ඩල යැ, සුපටිච්ඡන්න යැ, සුසංවුත යැ, ඔක්ඛිත්තචක්ඛු යැ, උක්ඛිත්ත කාය යැ, උජ්ජග්ඝිකාය යැ, අප්පසද්ද දෙක යැ පවාලන සිකපද තුණ යැ,
2. ඛම්භකත යැ, ඔගුණ්ඨිත යැ, උක්කුටික යැ, පල්ලත්‍ථික යැ, සක්කච්ච යැ, පත්තසඤ්ඤී යැ, සමසූපක යැ, සමතිත්තික යැ,
3. (දෙවන) සක්කව්ව යැ, (නැවත) පත්තසඤ්ඤී යැ, සපදාන යැ, (දෙවන) සමසූපක යැ, ථූපකත යැ, පටිච්ඡන්න යැ, විඤ්ඤත්ති යැ, උජ්ඣානසඤ්ඤී යැ.
4. නාතිමහන්ත යැ, පරිමණ්ඩල ආලෝප යැ, මුඛද්වාර යැ, සබ්බහත්‍ථ යැ, සකබල බ්‍යාහර යැ, පිණ්ඩුක්ඛේප යැ, කබලාවච්ජෙදක යැ, අවගණ්ඩකාරක යැ, හත්‍ථනිද්ධූනක යැ, සිත්‍ථාවකාරක යැ,
5. ජිව්හානිච්ඡාරක යැ, චපුචපු කාරක යැ, සුරුසුරු කාරක යැ, හත්‍ථනිල්ලෙහකයැ, පත්තනිල්ලෙහක යැ, ඔට්ඨනිල්ලෙහක යැ, සාමිසහත්‍ථ යැ, සසිත්‍ථක පත්ත ධෝවන යැ,
6. ඡත්තපාණී යැ, දණ්ඩපාණී යැ, සත්‍ථපාණී යැ, ආයුධපාණී යැ,
7. පාදුකා යැ, උපාහන යැ, යානගත යැ, සයනගත යැ, පල්ලත්‍ථිකා යැ, වෙඨිතසීස යැ, ඔගුණඨීතසීස යැ,
8. ඡමානිසීදන යැ, නීචාසන යැ, ඨීතක යැ, පච්ඡතො ගච්ඡන්ත යැ, උප්පථේන ගච්ඡන්ත යැ, ඨීතක යැ, භරිත යැ, උදක යැ යි.
එහි වර්ගෝද්දානය:
පරිමණ්ඩල යැ, උජ්ජග්ඝික යැ, ඛම්භකත යැ, පිණ්ඩපාත යැ, කබළ යැ, සුරුසුරු යැ, පාදුක යැ යි වර්‍ග සතෙකි.
මහා විභඞ්ගයෙහි කත්‍ථපඤ්ඤත්තිවාරය නිමියේ ය.
2. කතාපත්තිවාරය
පාරාජික කාණ්ඩය
1. මෙවුන්දම් සේවනය කරන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්:
මෙවුන්දම් සේවනය කරන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: ක්‍ෂය නොවූ නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් පරිජි ඇවැත් වෙයි. බෙහෙවින් ක්‍ෂය වූ නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් ථුලසි ඇවැත් වෙයි. විවර කළ මුඛයෙහි නො පහස්නා අඞ්ගජාතය ප්‍රවේශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෙවුන්දම් සේවනය කරන මහණ මේ තුන් ඇවතට පැමිණේ.
2. නො දුන් දැය (සොර සිතින්) ගන්නා මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්:
නො දුන් දෙය (සොර සිතින්) ගන්නා හේතුයෙන් තුන් ඇවතකට පැමිණෙයි: මසු පසක් හෝ අයිරාපස් මස්සක් හෝ අගනා නොදුන් දැයක් සොරසිතින් ගනී නම් පරිජි ඇවැත් වෙයි, අයිරා මස්සක් හෝ උනු පස් මස්සක් හෝ අගනා නො දුන් දැයක් සොර සිතින් ගනී නම් ථුලසි ඇවැත් වෙයි, මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා නො දුන් දැයක් සොර සිතින් ගනී නම් දුකුළා ඇවැත් වේ. නො දුන් දැය ගන්නා මහණ මේ තුන් ඇවැතට පැමිණේ.
3. දැන දැන මිනිස් සතක්හු දිවි ගලවන මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්:
දැන දැන මිනිස් සතක්හු දිවි ගළවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: “(මෙහි) වැටී මැරේව” යි මිනිස් සතක්හු උදෙසා වළක් කණී නම් දුකුළා ඇවැත් වෙයි, එහි වැටුණු කල ඔහුට දුක් වේදනා උපදී නම් ථුලසි ඇවැත් වෙයි. මැරේ නම් පරිජි ඇවැත් වේ. දැන දැන මිනිස් සතක්හු දිවි ගළවන මහණ මේ තුන් ඇවැතට පැමිණේ.
4. (තමා කෙරෙහි) අවිද්‍යාමාන වූ (ධ්‍යාන්‍යාදී) උතුරු මිනිස්ධර්‍ම තමා තුළ ඇතැයි පවසන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්:
අවිද්‍යාමාන වූ උතුරු මිනිස්ධම් ඇතැයි පවසන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: ලාමක පැතුම් ඇත්තේ (එබඳු) ආශාවෙන් මඬනා ලද්දේ (තමා කෙරෙහි නැති) උතුරු මිනිස්ධම් (ඇතැයි) පවසා නම් පරිජි ඇවැත් වෙයි. “යමෙක් තොපගේ වෙහෙරෙහි වෙසේ ද ඒ මහණ රහත් යැ” යි දැනුමැතියක්හට පවසා නම් ථුලසි ඇවැත් වෙයි, දැනුම් නැතියක්හට පවසා නම් දුකුළා ඇවැත් වේ. අවිද්‍යමාන වූ උතුරු මිනිස්ධම් (ඇතැයි) පවසන මහණ මේ තුන් ඇවතට පැමිණේ.
සතර පිරිජි නිමි.
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
1. උපක්‍රම කොට සුකුරු මුදන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්:
උපක්‍රම කොට සුකුරු මුදන මහණ තුන් ඇවතකට පැමිණෙයි: සිතා ද උපක්‍රම කෙරේ ද සුකුරු මිදේ ද සඟවෙසෙස් ඇවැත් වෙයි, සිතා ද උපක්‍රම කෙරේ ද නො මිදේ ද ථුලැසි ඇවැත් වෙයි. පියෝ හි දුකුළා ඇවැත් වේ.
2. මාගමක හා කාසසඟයට පැමිණෙන මහණ තුන් ඇවැතකට පැමිණෙයි; කයින් කය පහරී ද සඟවෙසෙස් ඇවැත් වෙයි, කයින් කය පිළිබඳ දැයක් ආමර්‍ශ කෙරේ ද ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබඳ දැයෙකින් කය පිළිබඳ දැයක් ආමර්‍ශ කෙරේ ද දුකුළා ඇවැත් වේ.
3. මාගමකට තුළුල් තෙපුල් කියන මහණ තුන් ඇවතකට පැමිණෙයි: වසමඟ පසමඟ අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද සඟ වෙසෙස් ඇවැත් වෙයි, වසමග පසමග තබා අකු ඇටයෙන් යට දණ මඬලින් මතු කය අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබඳ දැයක් අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද දුකුළා ඇවැත් වේ.
4. තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියන මහණ තුන් ඇවතකට පැමිණෙයි: මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා ද සඟවෙසෙස් ඇවැත් වෙයි, පණ්ඩකයක්හු හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා ද ථුලැසි ඇවැත් වෙයි, තිරිසන්ගියක්හු හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා ද දුකුළා ඇවැත් වේ.
5. මාගමුන් හා පිරිමින් අතරැ (හසුන් ගෙණ යනු එනු විසින්) සඤ්චරිත්තයට පැමිණෙන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: (හසුන්) පිළිගණී නම් විමසා නම් පෙරළා ගෙණ ඒ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, පිළිගණී නම් විමසා නම් පෙරළා නො ගෙණේ නම් ථුලැසි ඇවත් වෙයි, පිළිගණී නම් නො විමසා නම් පෙරළා නො ගෙණේ නම් දුකුළා ඇවැත් වේ. …
6. තමා ඉල්ලා ගත් උපකරණයෙන් කුටියක් කරවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: කරවා ද පියෝහි දුකුළා ඇවැත් වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවත් වෙයි, ඒ පිඬ ද තැබූ කල්හි සඟ වෙසෙස් ඇවැත් වේ.
7. (කරවා දෙන හිමියන් ඇති) මහත් විහාරයක් කරවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා ඇවැත් වෙයි, එක් පිඬෙකින්, නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි, එ පිඬ ද තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. මහණක්හට අමූලක වූ පරිජි ඇවැතින් චෝදනා කරණ මහණ තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ සස්නෙන් නෙරණ අදහස් ඇති ව කියා නම් සඟ වෙසෙස් ඇවැත සමග දුකුළා ඇවැත වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කිරීමේ අදහස් ඇති ව කියා නම් ගටා බිණීම පිළිබඳ (ඔමසවාද) පචිති ඇවැත් වේ.
9. අන්‍යභාග වූ අධිකරණයක්හුගේ කිසියම් ලේශ මාත්‍රයක් ගෙණ උපසපනක්හට පරිජි ඇවතින් චෝදනා කරණ මහණ තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ සස්නෙන් නෙරණ අදහස් ඇති ව කියා නම් සඟ වෙසෙස සමග දුකුළා ඇවැත් වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කරණ අදහස් ඇති ව කියා නම් ගටා බිණීම පිළිබඳ පචිති ඇවැත් වේ.
10. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණු ලබන සඞ්ඝභේදක මහණ ඒ වරද නො හරනේ නම් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි, කම්මවාචා දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
11. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන භේදානුවත්තක මහණහු ඒ වරද නො හරනාහු නම් තුන් ඇවැතකට පැමිණෙති: ඤත්තියෙහි දුකුළා වෙයි, කම්වදන් දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම් වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
12. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන නො කීකරු මහණ ඒ වරද නො හරනේ නම් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි, කම් වදන් දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම් වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
13. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන කුලදූසක මහණ ඒ වරද නො හරනේ නම් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි. කම් වදන් දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම්වදන් පිරියතැ සඟ වෙසෙස් ඇවැත් වේ.
තෙළෙස් සඟවෙසෙස් නිමි.
නිස්සග්ගිය කාණ්ඩය