Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 901-1000 න් 4019

3. අනදර පිණිස කය විවරකොට ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: … සවග මහණහු කය විවර කොට ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ...
4. අනදර පිණිස කය විවර කොට ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු කය විවර කොට ඇතුළුගමැ හුන්හ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
5. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු අත ද පය ද කෙළවමින් ඇතුළුගමැ ගියාහු ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ....
6. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු අත ද පය ද කෙළවමින් ඇතුළුගමැ හුන්හ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
7. අනදර පිණිස ඒ ඒ තැනැ බලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: … සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී.
8. අනදර පිණිස ඒ ඒ තැනැ බලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: … සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමැ හුන්හ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී.
9. අනදර පිණිස එක් පසෙකින් හෝ දෙපසින් හෝ නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී.
10. අනදර පිණිස එක් පසෙකින් හෝ දෙපසින් හෝ නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ හුන්හ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
පළමුවන පරිමණ්ඩල වර්‍ග යි.
1. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ දි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කවර වස්තුයෙහි ද යත්: සවග මහණහු මහසිනා සෙන්නාහු ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
2. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ අතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහසිනා සෙන්නාහු ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
3. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය … සවග මහණහු උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ ගියහු, ඒ වස්තු යෙහි යැ. …
4. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය … සවග මහණහු උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තු යෙහි යැ. …
5. අනදර පිණිස කය සලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු කය සලමින් ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ. ... එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
6. අනදර පිණිස කය සලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු කය සලමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ. …
7. අනදර පිණිස අත සලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු අත සලමින් ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ. …
8. අනදර පිණිස අත සලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු අත සලමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ ... .
9. අනදර පිණිස හිස සලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු හිස සලමින් ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ. …
10. අනදර පිණිස හිස සලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු හිස සලමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
දෙවන උජ්ජග්සික වර්‍ග යි.
1. අනදර පිණිස උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කො තැන්හි පණවන ලද ද යත්: සවැත් නුවරැ දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟි යි. කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ...
2. අනදර පිණිස උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළු ගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස හිස වටා පෙරැවැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනදර පිණිස හිස වටා පෙරැවැ ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනදර පිණිස අක්පල්ලෙන් හෝ විලුඹින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
6. අනදර පිණිස අකවටු ගන්වා ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...
7. අනදර පිණිස නො සකස් වැ පිඬු පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
8. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬු පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
9. අනදර පිණිස සූපය ම බෙහෙවින් පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
10. අනදර පිණිස ථූප බඳු කොට පිඬු පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදී.
කවරක්හු ඇරැබැ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අනදර පිණිස මුදුන් කළ පිඬු පිළිගත්හු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
තුන්වන ඛම්භකතවර්‍ග යි.
1. අනදර පිණිස නො සකස් වැ පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි පණවන ලදි.
කවරක් හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කවර වස්තුයෙහි ද යත්: සවග මහණහු අනදර පිණිස නො සකස්වැ පිඬු වැළඳූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
2. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස තැනැ තැනැ හනා පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනදර පිණිස සූපය ම බොහෝ කොට වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනදර පිණිස බත මුදුනෙන් හනා පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
6. අනදර පිණිස සූපයක් හෝ ව්‍යඤ්ජනයක් හෝ බතින් වසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
7. අනදර පිණිස සූපයක් හෝ බතක් හෝ නො ගිලන් වැ තමා පිණිස විනවා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
පඤ්ඤත්ති එකෙකැ. අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කයින් ද සිතින් ද සමුට්ඨාන වෙයි, වචනයෙන් නො වෙයි. කයින් ද වචනයෙන් ද සිතින් ද සමුට්ඨාන වන්නේ යි.
8. අනදර පිණිස අවඥා සිතින් අනුන්ගේ පාත්‍රය බලන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
9. අනදර පිණිස මහත් කොට පිඬු කරන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
10. අනදර පිණිස දිගු කොට පිඬු කරන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදී.
කවරක්හු ඇරැබැ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අනදර පිණිස දිගුකොට පිඬු කළහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
සිවුවන පිණ්ඩපාත වර්‍ගයි.
1. අනදර පිණිස පිඬු මුවට නො එළවූ සඳ මුව විවර කරන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදී.
කවරක්හු ඇරැබැ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කවර වස්තුයෙහි ද යත්: සවග මහණහු අනදර පිණිස පිඬු මුවට නො එළවූ සඳ මුව විවර කළහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි:
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
2. අනදර පිණිස වළඳමින් හැම ඇඟිලි මියෙහි බහන්නහු පිළිබඳ දුකුළා සිඛය ...