Parivāra

Appendix

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 701-800 න් 4019

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
vp-pv:72.2
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
vp-pv:72.3
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් මහණක්හුගේ තුළුල් ඇවත් දැන දැන සැඟවී, ඒ වස්තුයෙහි යැ.
vp-pv:72.4
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:72.5
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:72.6
5. පිළිසඳ පටන් උනුවිසිවස් පුඟුලක්හු දැන දැන උපසපන් කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැදි පණවන ලදී.
vp-pv:72.7
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
vp-pv:72.8
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු උනුවිසිවස් ඇති පුඟුලක්හු දැන දැන උපසපන් කළහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:72.9
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:72.10
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
vp-pv:72.11
6. දැන දැන සොර ගැල් සාත්තුවක් හා සමග කතිකා කොටගෙන එක් අදන්මගකට පිළිපන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:72.12
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
vp-pv:72.13
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් දැන දැන සොර ගැල් සාත්තුවක් හා සමග කතිකා කොටගෙන එක් අදන්මගකට පිළිපන්නේ යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:72.14
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:72.15
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:72.16
7. මාගමක හා කතිකා කොට ගෙණ එක් අදන්මගකට පිළිපන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:72.17
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
vp-pv:72.18
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් මාගමක හා කතිකා කොට ගෙණ එක් අදන්මගකට පිළිපන්නේ යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:72.19
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:72.20
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
vp-pv:72.21
8. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි ලාමක දෘෂ්ටිය නො හරින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:74.1
කවරක්හු ඇරැබ ද යත්: පෙරැ ගිජුලිහිණින් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ මහණහු ඇරැබ යැ.
vp-pv:74.2
කිනම් වස්තුයෙක්හි ද යත්: පෙරැ ගිජුලිහිණින් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ මහණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි ලාමක දෘෂ්ටිය නො හළේ යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:74.3
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:74.4
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:74.5
9. එසේ (මම බුදුරදුන් වදාළ ධර්‍මය දනිමි) කියන නො කළ ඔසාරණ කම් ඇති දෘෂ්ටිය නො හළ මහණහු සමඟ දැන දැන ධර්‍මාමිෂසම්භෝග කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:74.6
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:74.7
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු එසේ (මම බුදුරදුන් වදාළ ධර්‍මය දනිමි) කියන නො කළ ඔසාරණ කම් ඇති ඒ දෘෂ්ටිය නො හළ අරිට්ඨ මහණහු සමග ධර්‍මාමිෂ සම්භෝග කළාහු යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:74.8
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:74.9
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
vp-pv:74.10
10. දැන දැන එසේ නෙරණ ලද හෙරණහට සඞ්ග්‍රහ කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:74.11
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:74.12
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන එසේ නෙරණ ලද කණ්ටක හෙරණහට සඞ්ග්‍රහ කළාහු යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:74.13
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:74.14
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
vp-pv:74.15
සත්වන සප්පාණක වර්‍ග යි.
vp-pv:74.16
5. 8.
vp-pv:74.17
1. භික්‍ෂූන් විසින් බුද්ධප්‍රඥප්ත ශික්‍ෂාපද සහිත කොට කියනු ලබන්නේ “ඇවැත්නි, මම ව්‍යක්ත වූ විනයධර වූ අන් මහණක්හු පිළිවිස්නා තාක් තෙල ශික්‍ෂාපදයෙහි නො හික්මෙන්නෙමි” යි කියන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹැ නුවරැදි පණවන ලදි.
vp-pv:74.18
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
vp-pv:76.1
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ භික්‍ෂූන් විසින් බුද්ධප්‍රඥප්ත ශික්‍ෂාපද සහිත කොට කියනු ලබන්නේ “ඇවැත, ව්‍යක්ත වූ විනයධර වූ අන් භික්‍ෂු නමක් යම්තාක් නො විචාරන්නෙම් ද, ඒ තාක් මම තෙල සිකපදයෙහි නො හික් මෙන්නෙමි” යි කීයැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:76.2
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:76.3
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී: ...
vp-pv:76.4
2. විනය නිඟන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:76.5
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:76.6
කිනම් වස්තුයෙක්හි ද, යත්: සවග මහණහු විනය ගැරහූ හු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:76.7
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:76.8
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
vp-pv:76.9
3. මුළා කරවීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:76.10
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:76.11
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මුළා කරවූහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:76.12
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:76.13
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
vp-pv:76.14
4. කුපිත වූ නො සතුටු සිතින් මහණක්හට පහර දෙන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:76.15
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:76.16
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු කිපියාහු නො සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූන්ට පහර දුන්හු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:76.17
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:76.18
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:76.19
5. කුපිත වූ නො සතුටු සිතින් මහණක්හට අතුල් නගා දක්වන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:76.20
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:76.21
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු කිපියාහු නො සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූන්ට අතුල් නගා දැක්වූහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:76.22
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:76.23
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:78.1
6. අමුලු සඟවෙසෙසින් මහණක්හට චෝදනා කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:78.2
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:78.3
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අමුලු සඟවෙසෙසින් මහණක්හට චෝදනා කළහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:78.4
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:78.5
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
vp-pv:78.6
7. දැන දැන මහණක්හට කුකුස් උපදවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:78.7
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:78.8
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන භික්‍ෂූන්ට කුකුස් ඉපදවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:78.9
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:78.10
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
vp-pv:78.11
8. හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදාධිකරණයට පැමිණි භික්‍ෂූන්ගේ බස් ඇසෙන තැනෙක සිටින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:78.12
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:78.13
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදාධිකරණයට පැමිණි භික්‍ෂූන්ගේ බස් ඇසෙන තැන සිටියහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:78.14
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:78.15
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
vp-pv:78.16
9. දැහැමි කර්‍මයන්ට ඡන්‍දය දී පසුව දොස් කීමට පැමිණෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:78.17
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:78.18
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැහැමි කර්‍මයන්ට ඡන්‍දය දී පසුව දොස් කීහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:78.19
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:78.20
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
vp-pv:78.21
10. සඞ්ඝයා අතරැ විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟී යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:78.22
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
vp-pv:80.1
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් සඞ්ඝයා අතරැ විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟී ගියේ යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:80.2
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:80.3
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
vp-pv:80.4
11. සමග සඞ්ඝයා විසින් මහණක්හට සිවුරක් දී පසුවැ දොස් කීමට පැමිණෙන්නාහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී.
vp-pv:80.5
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:80.6
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු සමග සඞ්ඝයා විසින් මහණක්හට සිවුරක් දී පසුවැ දොස් කීමට පැමිණියාහු යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:80.7
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:80.8
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
vp-pv:80.9
12. සඟනට පිරිනමන ලද සඟසතු ලාභය දැන දැන පුද්ගලයක්හට පිරිනමන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
vp-pv:80.10
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:80.11
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු සඟනට පිරිණමන ලද සඟසතු ලාභය දැන දැන පුද්ගලයක්හට පිරිණැමූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:80.12
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:80.13
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
vp-pv:80.14
අටවැනි සහධර්මික වර්‍ගයි.
vp-pv:80.15
5. 9.
vp-pv:80.16
1. පළමු නො දන්වන ලදුව රජුගේ යහන්ගැබට පිවිසෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
vp-pv:80.17
කවරක්හු ඇරබ ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇරබ යැ.