Parivāra

Appendix

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 601-700 න් 4019

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
vp-pv:62.12
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:62.13
කිනම් වස්තුයෙක් හි ද යත්: හුදෙකලා වූ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර හුදෙකලා මාගමක හා රහස්හි හින, ඒ වස්තුයෙහි යැ.
vp-pv:62.14
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:62.15
සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
vp-pv:62.16
6. ඇරයුම් ලද බත් ඇතියහු විසින් වැළත සිටි මහණක්හු නො විචාරා පෙර බත්හි හෝ පසු බත්හි හෝ කුලයන්හි හැසිරෙන මහණහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.
vp-pv:62.17
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:62.18
කිනම් වස්තුයෙක් හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර ඇරැයුම් ලද බත් ඇතියේ පෙර බත්හි ද පසු බත්හි ද කුලයන්හි හැසිරීමට පැමිණියේ යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:62.19
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සතරෙකි.
vp-pv:62.20
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ.
vp-pv:64.1
7. එයින් (පවරණ ලද පමණින්) වැඩියක් බෙහෙත් විනවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: ශාක්‍ය ජනපදයෙහිදි පණවන ලදී.
vp-pv:64.2
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:64.3
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහානාම ශාක්‍යයන් විසින් “ස්වාමීනි. අද එකදවසක් පොරොත්තුවුව මැනැවැ” යි කියනු ලබන්නෝ පොරොත්තු නොවුහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:64.4
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:64.5
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නගී. ...
vp-pv:64.6
8. සටනට නිකුත් සෙනඟ දැක්මට යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:64.7
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:64.8
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු සටනට නික්මුණු සෙනග දැක්මට ගියාහු යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:64.9
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:64.10
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
vp-pv:64.11
9. අයිරා තෙරැයක් සේනායෙහි වසන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:64.12
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:64.13
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අයිරා තෙරැයක් සේනාවෙහි විසූහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:64.14
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:64.15
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
vp-pv:64.16
10. යුද බිමට යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:64.17
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:64.18
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු යුදබිමට ගියාහු ය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:64.19
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:64.20
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
vp-pv:64.21
පස්වන අචේලක වර්‍ග යි.
vp-pv:66.1
5. 6.
vp-pv:66.2
1. රහමෙර පීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසැඹ නුවරදි පණවන ලදී.
vp-pv:66.3
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් සාගත තෙරුන් ඇරැබ යැ.
vp-pv:66.4
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් සාගත තෙරණුවෝ මත්පැන් පානය කළහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:66.5
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:66.6
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නගී. කිසිවිටෙක කයින් ද සිතින් නඟියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:66.7
2. ගිරිති කැවීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දි පණවන ලදී.
vp-pv:66.8
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:66.9
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ගිරිති කැවීමෙන් මහණක්හු සිනහ ගැන්වූහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:66.10
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:66.11
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:66.12
3. දිය කෙළනා රිසියෙන් කිමිදෙන සැහැවියෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:66.13
කවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබයැ.
vp-pv:66.14
කිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු අචිරවතී නදියෙහි දිය කෙළි කළෝ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:66.15
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:66.16
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. ...
vp-pv:66.17
4. අනදර කිරීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැදි පණවන ලදී.
vp-pv:66.18
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
vp-pv:66.19
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ අනදර කෙළේයැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:66.20
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:66.21
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟී. ...
vp-pv:66.22
5. මහණක්හු බිය ගන්වන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:66.23
කවරක්හුහු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:68.1
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහණක්හු බිය ගැන්වූහු. ඒ වස්තුයෙහි යැ.
vp-pv:68.2
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:68.3
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නගී. ...
vp-pv:68.4
6. ගිනි දල්වා තප්නහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: භගුදනවුහිදි පණවන ලදී.
vp-pv:68.5
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
vp-pv:68.6
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ගිනි දල්වා තැප්පාහු යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:68.7
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
vp-pv:68.8
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:68.9
7. අඩමසෙකින් මොබ නහන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.
vp-pv:68.10
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
vp-pv:68.11
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු රජු ද දැක පමණ නො දැන නැවාහු යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:68.12
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සයෙකි.
vp-pv:68.13
සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙස පඤ්ඤත්ති ද යත්: පදෙස පඤ්ඤත්ති යි.
vp-pv:68.14
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
vp-pv:68.15
8. තෙවැදෑරුම් දුර්වර්‍ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්‍ණ කිරීමක් නො ගෙණ (කප්බිඳු නො තබා) අළුත් සිවුරක් පරිභෝග කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:68.16
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
vp-pv:68.17
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු තමන්ගේ සිවුරු නො හැඳින ගත්හු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:68.18
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:68.19
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
vp-pv:68.20
9. මහණක්හට හෝ මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරණකුට හෝ හෙරණකට හෝ තෙමේ සිවුරක් දී නො පසුදුරා පරිභෝග කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:68.21
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:68.22
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මහණක්හට තෙමේ සිවුරක් දී නො පසුදුරා පරිභෝග කෙළේ යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:68.23
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:68.24
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.
vp-pv:70.1
10. මහණක්හු ගේ (ඉටන් පොහෝනා) පාත්‍රයක් හෝ (විකපුන් පොහෝනා) සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුලාවක් හෝ කාබහනක් හෝ සඟවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:70.2
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:70.3
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු භික්‍ෂූන් ගේ පාත්‍රද සිවුරු ද සැඟවූහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:70.4
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:70.5
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නගී. ...
vp-pv:70.6
සවන සුරාමේරය වර්‍ගයි.
vp-pv:70.7
5. 7.
vp-pv:70.8
1. දැන දැන (තිරිසන්) සතක්හු දිවි ගළවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:70.9
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
vp-pv:70.10
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ දැන දැන සතක්හු දිවි ගැළවීයැ. ඒ වස්තුවෙහි යැ.
vp-pv:70.11
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:70.12
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
vp-pv:70.13
2. දැන දැන පණුවන් සහිත ජලය වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:70.14
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:70.15
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන පණුවන් සහිත ජලය පරිභෝග කළාහු යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:70.16
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:70.17
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
vp-pv:70.18
3. දැන දැන දැහැමින් සන්හිඳුවන ලද අධිකරණය නැවත විසඳීම් පිණිස උගුළුවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
vp-pv:70.19
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:70.20
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන දැහැමින් සන්හිඳුවන ලද අධිකරණය නැවත විසදීම් පිණිස ඉගිළවූහු. ඒ වස්තුයෙහි යැ.
vp-pv:70.21
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:70.22
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
vp-pv:72.1
4. මහණක්හුගේ තුළුල් (සඟවෙසෙස්) ඇවතක් දැන දැන සඟවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.