Parivāra

Appendix

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 401-500 න් 4019

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
vp-pv:42.20
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:44.1
7. මාගමකට සපස්වදනෙකින් මත්තෙහි දහම් දෙසන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:44.2
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
vp-pv:44.3
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ මාගමකට දහම් දෙසීය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:44.4
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
vp-pv:44.5
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පදසො ධම්ම සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:44.6
8. අනුපසපනක්හට විද්‍යාමාන වූ උතුරුමිනිස්දහම් ආරොචන කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: විසල් පුරයෙහි දී පණවන ලදී.
vp-pv:44.7
කවරක්හු ඇරැබ ද යත්: වග්ගුමුදාතීරවාසී භික්‍ෂූන් ඇරැබ යැ.
vp-pv:44.8
කිනම් වස්තුයෙක්හි ද යත්: වග්ගුමුදාතීරවාසී භික්‍ෂූහු ගිහියනට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස් දහම්හි ගුණ වැණූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:44.9
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:44.10
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. ...
vp-pv:44.11
9. මහණක්හු පිළිබඳ තුළුල් ඇවතක් අනුපසපනක්හට ආරෝචනා කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:44.12
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:44.13
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහණක්හු පිළිබඳ තුළුල් ඇවතක් අනුපසපනක්හට ආරෝචනා කළහ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:44.14
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:44.15
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි. ...
vp-pv:44.16
10. පොළොව කණින්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව් නුවරැ දි පණවන ලදී.
vp-pv:44.17
කවරක්හු ඇරැබ ද යත්: අළව්පුරවැසි මහණුන් ඇරැබ යැ.
vp-pv:44.18
කිනම් වස්තුයෙක්හි ද යත්: අළව්පුරවැසි මහණහු පොළොව කැණුහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:44.19
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:44.20
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි. ...
vp-pv:44.21
පළමුවන මුසාවාද වර්‍ග යි.
vp-pv:46.1
5. 2. භූතගාම වර්‍ගය
vp-pv:46.2
1. අමු ලිය රුක් තණ ආදි භූතසමූහය සිඳීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදි.
vp-pv:46.3
කවරක්හු ඇරැබ ද යත්: අළව්පුරවැසි මහණුන් ඇරැබ යැ.
vp-pv:46.4
කිනම් වස්තුයෙක්හි ද යත්: අළව්පුරවැසි මහණහු ගසක් සිඳලූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:46.5
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:46.6
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:46.7
2. අනෙකක් කීමෙහි ද (නිහඬවීමෙන්) වෙහෙසීමෙහි ද පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: කොසඹෑනුවරැ දී පණවන ලදි.
vp-pv:46.8
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
vp-pv:46.9
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ සඟමැද ඇවතින් චෝදනා කරණු ලබනුයේ අනෙකෙකින් අනෙකක් වැසී ය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:46.10
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:46.11
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:46.12
3. අවමන් කිරීමෙහි ද අයුණු කීමෙහි ද පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවරැ දී පණවන ලදි.
vp-pv:46.13
කවරක්හු ඇරැබ ද යත්: මෙත්තිය භුම්මජක භික්‍ෂූන් ඇරැබැ යැ.
vp-pv:46.14
කිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයනට භික්‍ෂූන් ලවා අවමන් කරවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:46.15
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:46.16
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:46.17
4. සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බදවෙළුවක් හෝ එළිමහනෙහි අතුට නො නගා තබා නො පිළිවිසැ බැහැර යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:46.18
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
vp-pv:46.19
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු සඟසතු සෙනසුන් එළිමහනෙහි අතුට නො නඟා තබා නො පිළිවිසැ බැහැර ගියාහු යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:46.20
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:46.21
සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:48.1
5. සඟසතු වෙහෙරෙහි ශය්‍යාවක් අතුට නො නඟා තබා නො පිළිවිස බැහැර යන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
vp-pv:48.2
කවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබ යැ.
vp-pv:48.3
කිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු සඟසතු වෙහෙරෙහි ශය්‍යාවන් අතුට නො නගා තබා නො පිළිවිස බැහැර ගියාහු යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:48.4
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:48.5
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:48.6
6. සඟසතු වෙහෙරෙහි දැන දැන පළමු එළඹ සිටි මහණහු හමුවට වැද ශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:48.7
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:48.8
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ස්ථවිර භික්‍ෂූන් හමුවට වැද ශයනය කළාහු යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:48.9
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:48.10
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:48.11
7. කිපී නොසතුටු සිතින් මහණක්හු සඟසතු වෙහෙරින් බැහැර කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:48.12
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:48.13
කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමහණහු කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු භික්‍ෂූන් සඟසතු වෙහෙරින් බැහැර කළාහු යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:48.14
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:48.15
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:48.16
8. සඟසතු වෙහෙරෙහි නො සෙවෙණි කළ කිළිය මතුයෙහි වල්හිස විද සිළුගන්වා කළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ හිඳින්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:48.17
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
vp-pv:48.18
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් සඟසතු වෙහෙරෙහි නො සෙවෙණි කළ කිළිය මතුයෙහි වල්හිස විද සිළු ගන්වා කළ පා ඇති ඇඳෙකැ යුහුව හුන්නේ යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:48.19
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:48.20
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින්ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. …
vp-pv:50.1
9. දෙතුන් පරික්‍ෂේපයක් විධාන කොට ඊට වැඩියක් විධාන කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: කොසැඹෑනුවරැ පණවන ලදී.
vp-pv:50.2
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
vp-pv:50.3
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ කොට නිමවන ලද විහාරයක් පුනපුනා සෙවෙණි කරවීය, පුන පුනා අලෙව් කරවීය. ඉතා බර වූ විහාරය පතිත විය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:50.4
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:50.5
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:50.6
10. පණුවන් සහිත දිය දැන දැන තණපත්හි හෝ මැටියෙහි හෝ ඉසින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව් නුවරැදි පණවන ලදී.
vp-pv:50.7
කවරක්හු ඇරැබ ද යත්: අළව්පුරවැසි මහණුන් ඇරැබ යැ.
vp-pv:50.8
කිනම් වස්තුයෙක්හි ද යත්: අළව් පුරවැසි මහණහු පණුවන් සහිත දිය දැන දැන තණපත්හි ද මැටියෙහි ද ඉසියහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:50.9
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:50.10
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:50.11
දෙවන භූතගාම වර්‍ග යි.
vp-pv:50.12
5. 3. ඕවාද වර්‍ගය
vp-pv:50.13
1. භික්බුනෝවාදක සම්මුතිය නොලැබ මෙහෙණන්ට ඔවා දෙන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:50.14
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:50.15
කිනම් වස්තුයෙක්හි ද යත්: සම්මතය නො ලත් සවග මහණහු මෙහෙණන්ට ඔවා දුන්හ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:50.16
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්න පඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකැ, අනුප්පන්න පඤ්ඤත්ති එහි නැති.
vp-pv:50.17
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි: කිසි විටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, හිතින් නො නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. ...
vp-pv:50.18
2. හිරු අවරට ගියකල්හි මෙහෙණන්ට ඔවා දෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:50.19
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් ඇරැබ යැ.
vp-pv:50.20
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් චුල්ලපන්‍ථක ස්ථවිර හිරු අස්තයට ගිය කල්හි මෙහෙණන්ට ඔවා දුන්නේ යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:52.1
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:52.2
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පද සෝධම්ම සමුට්ඨානයෙහි ය. ...
vp-pv:52.3
3. මෙහෙණවරට එළඹැ මෙහෙණන්ට ඔවා දෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහි දී පණවන ලදී.
vp-pv:52.4
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:52.5
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මෙහෙණවරට එළඹැ මෙහෙණකට ඔවා දුන්හ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:52.6
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:52.7
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:52.8
4. භික්‍ෂූන් ආමිස හේතුයෙන් මෙහෙණන්ට ඔවා දෙතියි කියන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:52.9
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:52.10
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ආමිස හේතුයෙන් භික්‍ෂූන් මෙහෙණන්ට ඔවා දෙතියි කීහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:52.11
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:52.12
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:52.13
5. නො නෑ මෙහෙණක්හට සිවුරක් දෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:52.14
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
vp-pv:52.15
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් නො නෑ මෙහෙණකට සිවුරක් දින, ඒ වස්තුයෙහි යැ.
vp-pv:52.16
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:52.17
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...