Parivāra

Appendix

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 301-400 න් 4019

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
vp-pv:32.21
9. නන්වැදෑරුම් රන්රිදීමසුකහවණු ගනුදෙනුවට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:32.22
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:34.1
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු නන්වැදෑරුම් රන්රිදීමසුකහවණු ගනු දෙනුවට පැමිණියාහු ය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:34.2
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:34.3
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:34.4
10. නන්වැදෑරුම් සිවුරු ඈ කැපබඩු ගනුදෙනුවට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:34.5
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:34.6
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පිරිවැජියකු සමග ගනුදෙනුවට පැමිණියේ ය. ඒ වස්තුයෙහි යැ.
vp-pv:34.7
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:34.8
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:34.9
දෙවන කෝසියවර්‍ග යි.
vp-pv:34.10
4. 3.
vp-pv:34.11
1. නො ඉටු නො විකැපු අතිරේක පාත්‍රයක් දස දිනක් ඉක්මවා දරන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
vp-pv:34.12
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:34.13
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු (නො ඉටු නො විකැපු) අතිරේක පාත්‍රයක් දැරුහ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:34.14
පඤ්ඤත්ති එකෙකැ. අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:34.15
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසි විටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:34.16
2. උනු පස්බාන පාත්‍රයෙකින් යුතු වැ මුත් අනෙක් අළුත් පාත්‍රයක් විනවා ගන්නහු පිළිබඳ නිසගිපචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහි දී පණවන ලදි.
vp-pv:34.17
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:34.18
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මඳක් බුන් පමණකිනිදු මඳක් කැඩුණු පමණකිනුදු ඉරි ගැසුනු පමණකිනිදු බොහෝ පාත්‍රයන් විනවූහ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:34.19
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:34.20
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:36.1
3. බෙහෙත් පිළිගෙන සත් දිනක් ඉක්ම වන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
vp-pv:36.2
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
vp-pv:36.3
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු බෙහෙත් පිළිගෙන සත් දිනක් ඉක්ම වූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:36.4
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:36.5
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නගියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:36.6
4. ගිමන් සිවු මසින් අයිරා (අතිරේක) මසක් ඉතිරි වැ ඇති කල්හි වැසිසළු සිවුරක් සොයන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
vp-pv:36.7
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:36.8
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ගිමන් සිවු මසින් අයිරා මසක් ඉතිරි වැ ඇති කල්හි වැසිසළු සිවුරක් සෙවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:36.9
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:36.10
සිවුවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...
vp-pv:36.11
5. මහණක්හට තමා ම සිවුරක් දී කිපී නොසියමන් (නො සතුටු) වැ පැහැර ගන්නහු පිළිබඳ නිසගිපචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
vp-pv:36.12
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:36.13
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මහණක්හට තෙමේ සිවුරක් දී කිපියේ නොසියමන් වූයේ පැහැර ගත්තේ ය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:36.14
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:36.15
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...
vp-pv:36.16
6. තමා ම හූ විනවා ගෙන පෙහෙරන් ලවා සිවුරක් වියවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවරැ දී පණවන ලදි.
vp-pv:36.17
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:36.18
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු තුමූ ම හූ විනවා ගෙන පෙහෙරන් ලවා සිවුරක් වියවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:36.19
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:36.20
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...
vp-pv:38.1
7. පෙරැ නො පැවැරූ නො නෑ ගැහැවියක්හුගේ පෙහෙරන් වෙත එළඹ සිවුරු පිළියෙහි අධික විධානයට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:38.2
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබයැ.
vp-pv:38.3
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරැ නො පවරණ ලද්දේ නො නෑ නො පැවරූ ගැහැවියකු ගේ පෙහෙරන් වෙත එළඹ සිවුරු පිළියෙහි අධික විධානයට පැමිණියේ ය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:38.4
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:38.5
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟි. ...
vp-pv:38.6
8. ඉක්මන් සිවුරක් පිළිගෙන (නො ඉටා නො විකපා) චීවරකාලසමය ඉක්මවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:38.7
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
vp-pv:38.8
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු ඉක්මන් සිවුරක් පිළිගෙන චීවරකාලසමය ඉක්මවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:38.9
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:38.10
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:38.11
9. තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගමෙහි තබා අයිරා සරැයක් ඒ සිවුරෙන් වෙන් වැ වසන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:38.12
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
vp-pv:38.13
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු තුන් සිවුර අතුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගමැ තබා අයිරා සරැයක් වෙන් වැ, විසූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:38.14
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:38.15
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:38.16
10. පිරිනමනලද සඟසතු ලාභය දැන දැන තමහට නතුකරන්නහු පිළිබඳ නිසගි පචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:38.17
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:38.18
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පිරිනමන ලද සඟසතු ලාභය දැන දැන තමහට නතුකරවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:38.19
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:38.20
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:38.21
තෙවන පත්ත වර්‍ග යි.
vp-pv:40.1
එහි උද්දානය:
vp-pv:40.2
අතිරේකචීවරය ද, ඒකරත්තය ද, අකාලචීවරයද, පුරාණචීවරධොවනයද, අඤ්ඤාතක පටිග්ගහණය ද, අඤ්ඤාතකවිඤ්ඤත්තිය ද, උද්දිස්සය ද, අප්පචාරිත දෙක ද, අතිරේක තික්ඛත්තුචෝදනා ද,
vp-pv:40.3
මිස්සකය ද, සුද්ධකය ද, තූලය ද, අනුවස්සකය ද, පුරාණසන්‍ථතය ද, ඵළක ලෝමනීහරණය ද, එළකලෝමධොවනය ද, රූපිය ද, රූපියසංවෝහාරය කයවික්කය යන දෙසික ද,
vp-pv:40.4
අතිරෙකපත්ත ඌනපඤ්චබන්‍ධන යන දෙසික ද, භේසජ්ජය ද, (වස්සික) සාටකය ද, පස්වැනි අච්ජින්‍දනය ද, තන්තවාය දෙසික ද, අච්චෙක චීවරය ද, ඡාරත්ත විප්පවාසය ද අත්තපරිණාමනය ද යන තිස යි.
vp-pv:40.5
තිස් නිසගිපචිති නිමි.
vp-pv:40.6
1. 5.
vp-pv:40.7
පාචිත්තිය කාණ්ඩය
vp-pv:40.8
5. 1.
vp-pv:40.9
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් දැන දැන බොරු කීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:40.10
කවරක්හු ඇරැබ ද යත්: හත්‍ථක ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:40.11
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් හත්‍ථක ශාක්‍යපුත්‍ර තීර්‍ත්‍ථකයන් සමග සාකච්ඡා කරණුයේ වළහා පිළිණ කෙළේයැ, පිළිණ කොට වැළහී යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:40.12
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:40.13
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:40.14
2. (ජාත්‍යාදියෙන්) ගටා බිණීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:40.15
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:40.16
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ප්‍රියශීල භික්‍ෂූන් සමග ඩබර කරන්නාහු ප්‍රියශීල භික්‍ෂූන් ගටා බිණුහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:40.17
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:40.18
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:42.1
3. මහණුන් බිඳුවන පෙහෙසුන් බස්හි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:42.2
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:42.3
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදයට බැසගත් භික්‍ෂූන් අතරැ ප්‍රියභාවය සුන් කරණ පෙහෙසුන් බස් එළවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:42.4
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:42.5
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:42.6
4. අනුපසපනක්හු සමග පද වශයෙන් ධර්‍මය කියන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:42.7
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:42.8
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු උවසුවන් හා පද වශයෙන් ධර්‍මය කීහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:42.9
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:42.10
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි: කිසි විටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. ...
vp-pv:42.11
5. අනුපසපනක්හු සමග දෙතුන් රැයකින් මත්තෙහි ඒකත්‍රශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව්නුවරැ දී පණවන ලදී.
vp-pv:42.12
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
vp-pv:42.13
කිනම් වස්තුයෙහි ද යත්: බොහෝ මහණහු අනුපසපනක්හු සමග ඒකත්‍රශයනය කළහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:42.14
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:42.15
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:42.16
6. මාගමක හා සමග එක් සෙනස්නෙහි ශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:42.17
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ඇරැබ යැ.
vp-pv:42.18
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මාගමක හා සමග එක් සෙනස්නෙහි ශයනය කළහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:42.19
පඤ්ඤත්ති එකෙකි.