Parivāra

Appendix

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 201-300 න් 4019

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
vp-pv:24.2
සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද යත්: ආපත්තාධිකරණ යි.
vp-pv:24.3
සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක්ශමථයෙන් සන්හිඳේයැ යත්: කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද සන්හිඳේ. ...
vp-pv:24.4
දෙ අනියත සිකපද නිමි.
vp-pv:24.5
එහි උද්දානය:
vp-pv:24.6
අලංකම්මනිය ද එසේ ම නො මැ අලංකම්මනිය ද යන දෙ අනියත සිකපදයෝ තාදී ගුණැති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් මොනවට පණවන ලදහ.
vp-pv:24.7
1. 4.
vp-pv:24.8
නිස්සග්ගියකණ්ඩය
vp-pv:24.9
4. 1.
vp-pv:24.10
1. සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් අතිරේකචීවරය දසදිනක් ඉක්ම වන්නහු පිළිබඳ නිසගිපචිතිය කොතන්හි පණවනලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදී.
vp-pv:24.11
කවරක්හු ඇරැබැයැ යත්: සවගමහණුන් ඇරැබ යැ.
vp-pv:24.12
කිනම් වස්තුවෙක්හි ද යත්: සවගමහණහු දසදිනක් ඉක්ම ගිය අතිරේක චීවරයක් දැරූහ, ඒ වස්තුයෙහි ය.
vp-pv:24.13
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:24.14
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:24.15
2. එක් රැයක් තුන් සිවුරෙන් වෙන්ව වසන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:24.16
කවරක්හු ඇරැබැයැ යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
vp-pv:24.17
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු (සඟළ) සිවුර භික්‍ෂූන් ඇතැ තබා හඳනය හා උතුරුසඟ සිවුරෙන් යුතුව දනවු සැරිසැරීමට ගියාහු ය. ඒ වස්තුයෙහි යැ.
vp-pv:24.18
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:24.19
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:26.1
3. අකාලචීවරයක් පිළිගෙන මසක් ඉක්මවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:26.2
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
vp-pv:26.3
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු අකාල චීවරයක් පිළිගෙන (නො ඉටා නො විකපා) මසක් ඉක්මවූහ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:26.4
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:26.5
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:26.6
4. නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් දොවවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කො තන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:26.7
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
vp-pv:26.8
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් දොවාපීයැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:26.9
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:26.10
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:26.11
5. නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදී.
vp-pv:26.12
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
vp-pv:26.13
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගත්තේ යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:26.14
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:26.15
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:26.16
6. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ සිවුරක් ඉල්වාගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි පණවන ලදී.
vp-pv:26.17
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයාත් ඇරැබ යැ.
vp-pv:26.18
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර නො නෑ සිටු දරුවකුගෙන් සිවුරක් ඉල්වීයැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:26.19
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:26.20
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:26.21
7. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ එක් හඳනයකට උතුරුසඟ සිවුරකට වැඩි සිවුරක් ඉල්වාගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:26.22
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
vp-pv:28.1
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පමණ නො දැන බොහෝ සිවුරු ඉල්වූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:28.2
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:28.3
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:28.4
8. පෙරැ නො පැවරූ නො නෑ ගැහැවියකු වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහිදී පණවන ලදී.
vp-pv:28.5
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබැ යැ.
vp-pv:28.6
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරැ නො පවරණ ලදුයේ නො නෑ ගැහැවියකු වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණියේ යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:28.7
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:28.8
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:28.9
9. පෙරැ නො පැවරූ නො නෑ ගැහැවියන් වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතෙන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:28.10
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා ඇරැබැ යැ.
vp-pv:28.11
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරැ නො පවරණ ලදුයේ නො නෑ ගැහැවියන් වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණියේයැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:28.12
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:28.13
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:28.14
10. අයිරා තෙවරක් චෝදනා කිරීමෙන් ද අයිරා සවරක් එළඹ සිටීමෙන් ද සිවුරක් උපදවා ගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:28.15
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබැ යැ:
vp-pv:28.16
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර උවසුවකු විසින් “ස්වාමීනි, අද එකදවසක් ඉවසා වදාළ මැනැවැ” යි කියනු ලබන්නේ නො ඉවසී යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:28.17
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:28.18
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුච්ඨාන සයෙන් නඟී. ...
vp-pv:28.19
පළමුවන කඨින වර්‍ග යි.
vp-pv:30.1
4. 2.
vp-pv:30.2
1. තිහිරිහූ මුසුකළ ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කො තන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදී.
vp-pv:30.3
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
vp-pv:30.4
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු තිහිරිවායන් වෙත එළඹ මෙසේ කීහ: “ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු, අපට ද දෙවු, අපිදු තිහිරිහූ මුසුකළ ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි, ඒ වස්තුයෙහි යැ.
vp-pv:30.5
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:30.6
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:30.7
2. හුදු කළු එළුලොමින් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදි.
vp-pv:30.8
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
vp-pv:30.9
කිනම් වස්තුවෙක්හි ද යත්: සවග මහණහු හුදු කළු එළුලොමින් ඇතිරියක් කරවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:30.10
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:30.11
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:30.12
3. හෙළ එළුලොම් සතරින් කොටසක් ද කිඹුල්වන් එළුලොම් සතරින් කොටසක් ද නො ගෙන අළුත් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:30.13
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
vp-pv:30.14
කිනම් වස්තුයෙක් හි ද යත්: සවග මහණහු මඳක් හෙළ එළුලොම් ද එසේ ම මඳක් හුදු කළු එළුලොම් ද කෙළවරැ ගන්වා එළුලොමින් ඇතිරියක් කරවූහ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:30.15
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:30.16
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:30.17
4. හවුරුදු පතා ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:30.18
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
vp-pv:30.19
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු හවුරුදු පතා ඇතිරි කරවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:30.20
පඤ්ඤත්ති එකෙකැ අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:30.21
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:32.1
5. පැරුණි ඇතිරිය පසෙකින් සුගත්වියතක් පමණ (කඩක්) නො ගෙන අළුත් නිසදුන් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:32.2
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
vp-pv:32.3
කිනම් වස්තුයෙක්හිද යත්: බොහෝ භික්‍ෂූහු ඇතිරි හැරැපියා ආරණ්‍යකාඞ්ගය පිණ්ඩපාතිකාඞ්ගය පාංශුකූලිකාඞ්ගය සමාදන් වූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:32.4
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:32.5
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:32.6
6. එළුලොම් පිළිගෙන තුන් යොදුනක් ඉක්ම යන්නහු පිළිබඳ නිසගිපචිති සික පදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:32.7
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
vp-pv:32.8
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් එළුලොම් පිළිගෙන තුන් යොදුනක් ඉක්ම ගියේ යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:32.9
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:32.10
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟි. …
vp-pv:32.11
7. නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහිදි පණවන ලදි.
vp-pv:32.12
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:32.13
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු නො නෑ මෙහෙණන් ලවා එළුලොම් දොවවාලූහ, ඒ වස්තුවෙහි යැ.
vp-pv:32.14
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:32.15
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:32.16
8. රන් රිදී මසුකහවණු පිළිගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදි.
vp-pv:32.17
කවරක් හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:32.18
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර රන්රිදී මසුකහවණු පිළිගත්තේ යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:32.19
පඤ්ඤත්ති එකෙකි.
vp-pv:32.20
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...