Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-900 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා ආනන්දො පුබ්බෙ අප්පටිසංවිදිතො රඤ්ඤො අන්තෙපුරං පාවිසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පළමු නො දන්වන ලදු වැ රජුගේ යහන්ගබට පිවිසියහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- කඨිනකෙ.
Sinhala BJTසවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.
Pali BJT2. රතනං උග්ගණ්හන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං .
Sinhala BJT2. රුවන් නගා ගන්නාහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරබ ද යත්: එක්තරා මහණක්හු ඇරබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරො භික්ඛු රතනං උග්ගහෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් රත්නයක් නඟා තැබී යැ. ඒ වස්තු යෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, ද්වෙ අනුපඤ්ඤත්තියො.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
Pali BJT3. සන්තං භික්ඛුං අනාපුච්ඡා විකාලෙ ගාමං පවිසන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT3. වැළත සිටි මහණක්හු නො විචාරා නොකල්හි ගම් වදනහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ විකාලෙ ගාමං පවිසිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු නොකල්හි ගම් වැදුනාහු යැ, ඒ වස්තු යෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, තිස්සො අනුපඤ්ඤත්තියො.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති තුණෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- කඨිනකෙ.
Sinhala BJTසවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ.
Pali BJT4. අට්ඨිමයං වා දන්තමයං වා විසාණමයං වා සූචිඝරං කාරාපෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සක්කෙසු පඤ්ඤත්තං.
Sinhala BJT4. ඇටමුවා හෝ දළමුවා හෝ අංමුවා හෝ හිදිගුලා කරවන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: ශාක්‍යජනපදයෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ න මත්තං ජානිත්වා බහූ සූචිඝරෙ විඤ්ඤාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු පමණ නො දැන බොහෝ ඉදිකටුගුලා විනවා ගත්හ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
Pali BJT5. පමාණාතික්කන්තං මඤ්චං වා පීඨං වා කාරාපෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT5. පමණ ඉක්මවූ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො උච්චෙ මඤ්චෙ සයි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර උස් ඇඳෙක්හි ශයනය කෙළේ යැ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
Pali BJT6. මඤ්චං වා පීඨං වා තූලොනද්ධං කාරාපෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT6. ඇතුළත පුළුන් බැහූ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ මඤ්චං වා පීඨම්පි{1} තූලොනද්ධං කාරාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ඇතුළත පුළුන් බැහු ඇඳ ද පුටු ද කරවූහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
Pali BJT7. පමාණාතික්කන්තං නිසීදනං කාරාපෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT7. පමණ ඉක්ම වූ නිසදුන්සිවුරක් කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අප්පමාණිකානි නිසීදනානි ධාරෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පමණ ඉක්මවූ නිසදුන්සිවුරු දැරූහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
Pali BJT8. පමාණාතික්කන්තං කණ්ඩුපටිච්ඡාදිං කාරාපෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT8. පමණ ඉක්ම වූ කස්පිළිසනක් කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අප්පමාණිකායො කණ්ඩුපටිච්ඡාදියො ධාරෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පමණ ඉක්මවූ කස් පිළිසන් දැරූහ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
Pali BJT9. පමාණාතික්කන්තං වස්සිකසාටිකං කාරාපෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT9. පමණ ඉක්ම වූ වැසිසළු කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අප්පමාණිකායො වස්සිකසාටිකායො ධාරෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පමණ ඉක්ම වූ වැසිසළු දැරූහ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
Pali BJT10. සුගතචීවරප්පමාණං චීවරං කාරාපෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. සුගත් සිවුර පමණට සිවුරක් කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං නන්දං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් නන්‍ද තෙරුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා නන්දො සුගතචීවරප්පමාණං චීවරං ධාරෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් නන්‍ද තෙරණුවෝ සුගත් සිවුර පමණ සිවුරක් දැරූහු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
Pali BJTරාජවග්ගො නවමො.
Sinhala BJTනවවන රාජවර්‍ග යි.
Pali BJTද්වෙනවුති පාචිත්තියා නිට්ඨිතා.
Sinhala BJTදෙයානූ පචිතීහු නිමියහ.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJT1. මුසා ඔමස පෙසුඤ්ඤා - පදසො ද්වෙ නිපජ්ජනා, දෙසනා රොචනා චෙව - දුට්ඨුල්ලාපත්ති ඛණනා.
Sinhala BJT1. ‘සම්පජානමුසාවාද’ පචිති යැ. ‘ඔමසවාද’ පචිති යැ, ‘භික්බුපෙසුඤ්ඤ’ පචිති යැ, ‘පදසෝධම්ම’ පචිතියැ. (අනුපසපනකු හා ද මාගමක හා දැයි දෙදෙනා හා වෙන වෙන කරන නිපජ්ජනයෙන් වන) ‘සහසෙය්‍ය’ පචිති දෙක යැ. (මාගමකට සපස් බසෙකින් වැඩි දහමක් දෙසීමෙන් වන) ‘දේසනා’ පචිති යැ. (අනුපසපනක්හට උතුරු මිනිස්දම් කීමෙන් වන) ‘ආරෝචනා’ පචිති යැ, (අනුපසපනක්හට දුට්ඨුල්ලාපත්ති කීමෙන් වන) ‘දුට්ඨුල්ලාපත්ති’ පචිති යැ, (පොළෝ කැණීමෙන් වන) ‘ඛණන’ පචිති යැ,
Pali BJT2. භූතඤ්ඤවාද{1} උජ්ඣායී - මඤ්චො සෙය්යො ච වුච්චති, පුබ්බනික්කඩ්ඪනාහච්ච{2} - ද්වාරං සප්පාණකෙන ච.
Sinhala BJT2. (වෘක්‍ෂාදිය සිඳීමෙන් වන) ‘භූතගාමපාතව්‍යතා’ පචිති යැ, ‘අඤ්ඤවාදක’ පචිති යැ. ‘උජ්ඣාපනක’ පචිති යැ, (සඟසතු මඤ්චපීඨාදිය නො සඟවා තබා යාමෙන් වන) ‘මඤ්චපිඨාදි’ පචිති යැ, (සඟසතු යහන් නො හකුළුවා තබා යාමෙන් වන) ‘සයන’ පචිති යැ, (සඟසතු වෙහෙරකැ දී පුර්‍වොපගත තෙරමහණහු ඝටාගෙනැ ශයන කිරීමෙන් වන) ‘පුබ්බානුපඛජ්ජන’ පචිති යැ, (මහණකු සඟසතු වෙහෙරින් නෙරැ ලීමෙන් වන) ‘නික්කඩ්ඪන’ පචිති යැ, ‘ආහච්චපාදක’ පචිති යැ, (වෙහෙර බිඳවැටෙන සේ පුනපුනා පිරියම් කිරීමක් නිසා එන) ‘ද්වාර’ පචිති යැ, (සප්පාණක උදකාදි සේචනයෙන් වන) ‘සප්පාණක’ පචිති යැ.
Pali BJT3. අසම්මතා අත්ථඞ්ගතෙ - උපස්සයාමිසෙන ච, දදෙ සිබ්බෙ විධානෙන - නාවා භුඤ්ජෙය්ය එකතො.
Sinhala BJT3. (අසම්මත වැ මෙහෙණනට ඔවදන් දෙන මහණහට වන) ‘අසම්මත’ පචිති යැ, (හිරු අස්තඞ්ගත වැ තිබියැ දී මෙහෙණනට ඔවදන් දෙන මහණහට වන) ‘අත්‍ථඞ්ගත’ පචිති යැ, ‘භික්බුනූපස්සය’ පචිති යැ. (ආමිස හේතුයෙන් මෙහෙණනට ඔවදන් දෙන මහණහට වන) ‘ආමිස’ පචිති යැ. (නො නෑ මෙහෙණෙකට සිවුරු දෙන මහණහට වන) ‘දාන’ පචිතියැ. (නො නෑ මෙහෙණ ලවා සිවුරු සිබ්බන කරවන මහණහට වන) ‘සිබ්බන’ පචිති යැ. (මෙහෙණක හා සංවිධාන කොටගෙනැ අදන්මඟ පිළිපන් මහණහට වන) ‘සංවිධාන’ පචිති යැ, (මෙහෙණක හා සංවිධාන කොට ගෙනැ එක් මැ නැවකට නඟින මහණහට වන) ‘නාවාරුහන’ පචිති යැ. (දැනැ දැනැ මෙහෙණක විසින් පරිපාචිත පිණ්ඩපාතය වළඳන මහණහට වන) ‘භුඤ්ජන’ පචිති යැ, (මෙහෙණක හා එකලා වැ රහෝගත වැ නිෂද්‍යා කරන මහණහට වන) ‘ඒකතෝනිසජ්ජා’ පචිති යැ,
Pali BJT4. පිණ්ඩං ගණං පරං පූවං - පවාරිතො පවාරිතං, විකාලං සන්නිධි ඛීරං - දන්තපොණෙන තෙ දස.
Sinhala BJT4. ‘ආවස්ථපිණ්ඩ’ පචිති යැ, ‘ගණභෝජන’ පචිති යැ, ‘පරම්පරභෝජන’ පචිති යැ, ‘පූව’ පචිති යැ, ‘පවාරිත’ පචිති යැ. (යලි “භික්ඛුං භුත්තාවිං පවාරිතං” යි නිර්දිෂ්ට) ‘පවාරිත’ පචිති යැ, ‘විකාලභොජන’ පචිති යැ, ‘සන්නිධිකාරක’ පචිති යැ, (‘ඛීර’ ශබ්ද යෙන් සඞ්ග්‍රහ කළ) ‘පණීතභෝජන’ පචිති යැ, (‘දන්තපෝණෙන’ යනුවෙන් නය වශයෙන් කියන) ‘අදින්නමුඛද්වාර’ පචිති යැ යන දසය ද,
Pali BJT5. අචෙලකා උය්යොඛජ්ජ{3} - පටිච්ඡන්නං රහෙන ච, නිමන්තිතො පච්චයෙහි - සෙනාවසදුය්යොධිකං.
Sinhala BJT5. (“අචේලකස්ස වා ... ඛාදනියං වා භෝජනියං වා” ... යි නිර්දිෂ්ට) ‘අචේලක’ පචිති යැ, (“භික්ඛු ... උය්‍යෝජෙන්තස්ස” ... යි නිර්දිෂ්ට) ‘උය්‍යෝජන’ පචිති යැ. (“සහොජනෙ කුලෙ” යනාදීන් නිර්දිෂ්ට) ‘අනුපඛජ්ජනිසීදන’ පචිති යැ, (“මාතු ගාමෙන සද්ධිං රහෝ පටිච්ඡන්නෙ” යනාදීන් නිර්දිෂ්ට) ‘පටිච්ඡන්න’ පචිති යැ, (“මාතු ගාමෙන සද්ධිං ඒකෝ ඒකාය රහො” යනාදීන් නිර්දිෂ්ට) ‘රහො නිසජ්ජා’ පචිති යැ. (“තතුත්තරිං භේසජ්ජා” ... යනාදීන් නිර්දිෂ්ට) ‘ග්ලානප්‍රත්‍යය’ පිළිබඳ පචිති ය, (“උය්‍යුත්තං සේනං” ... යනාදීන් නිර්දිෂ්ට) ‘සේනා’ පචිති යැ. (සේනායෙහි විසීම් නිසා වදාළ) ‘ආවස්ථ’ පචිති යැ, ‘උය්‍යෝධික’ පචිති යැ,
Pali BJT6. සුරා අඞ්ගුලි හාසො ච - අනාදරියඤ්ච භිංසනා, ජොති නහාන දුබ්බණ්ණා - සාමං අපනිධෙන ච.
Sinhala BJT6. ‘සුරා’ පචිති යැ. ‘අඞ්ගුලිපතෝදක’ පචිති යැ, ‘හස්සධම්ම’ පචිති යැ, ‘අනාදරිය’ පචිති යැ, ‘හිංසන’ පචිති යැ, ‘ජෝති’ පචිති යැ, ‘නහාන’ පචිති යැ. ‘දුබ්බණ්ණකරණ’ පචිති යැ, (සාමං’ යන නිපාතය ඇතුළත් වැ ඇතියෙන් එයින් සඞ්ග්‍රහ කළ) ‘චීවරපරිභෝග’ පචිති යැ, ‘අපනිධාන’ පචිති යැ.
Pali BJT7. සඤ්චිච්චුදක කම්මා ච - දුට්ඨුල්ලං ඌනවීසති, ථෙය්ය ඉත්ථි අවදෙසං - සංවාසෙනාසිතෙන ච.
Sinhala BJT7. (“සඤ්චිච්ච පාණං ජීවිතා වෝරෝපෙන්තස්ස” ... යනාදීන් නිර්දිෂ්ට) ‘ප්‍රාණඝාත’ පචිති යැ, (“ජානං සප්පාණකං උදකං”... යනාදීන් නිර්දිෂ්ට) ‘උදකපරිභෝග’ පචිති යැ. (“ජානං යථා ධම්මං” ... යනාදීන් නිර්දිෂ්ට) ‘පුනකම්ම’ පචිති යැ. (“භික්ඛුස්ස ජානං දුට්ඨුල්ලං ආපත්තිං ...” යනාදීන් නිර්දිෂ්ට) ‘දුට්ඨුල්ලාපත්ති’ පචිති යැ, ‘ඌනවීසති’ පචිති යැ. (‘ජානං ථෙය්‍යසත්‍ථේන’ ... යනාදීන් නිර්දිෂ්ට) ‘ඒකද්ධානමග්ග’ පචිති යැ. (“මාතුගාමෙන සද්ධිං” ... යනාදීන් නිර්දිෂ්ට) ‘ඒකද්ධා නමග්ග’ පචිති යැ, ‘අවදෙස’ පචිති යැ. ‘සංවාස’ පචිති යැ, ‘නාසන’ පචිති යැ,
Pali BJT8. සහධම්මික විලෙඛා - මොහො පහාරෙනුග්ගිරෙ. අමූලකඤ්ච සඤ්චිච්ච - සොස්සාමි ඛීයෙ පක්කමෙ. සඞ්ඝෙන චීවරං දත්වා - පරිණාමෙය්ය පුග්ගලො.
Sinhala BJT8. (“භික්ඛූහි සහධම්මිකං ...” යනාදීන් නිර්දිෂ්ට) ‘සහධම්මික’ පචිති යැ. (‘විනයං විවණෙණන්තස්ස’ යනාදීන් නිර්දිෂ්ට) ‘විවණ්ණ’ (විලේඛ) පචිතියැ, ‘මොහනක’ පචිති යැ. ‘පහාර’ පචිති යැ, (“භික්ඛුස්ස ... තලසත්ත්තිකං උග්ගිරන්තස්ස ...” යනාදීන් නිර්දිෂ්ට) ‘උග්ගිරණ’ පචිති යැ. ‘අමූලක’ පචිති යැ. (“භික්ඛුස්ස සඤ්චිච්ච ...” යනාදීන් නිර්දිෂ්ට) ‘සඤ්චිච්ච’ (-කුක්කුච්ච) පචිති යැ. (සොස්සාමි-) ‘උපස්සුති’ පචිති යැ, ‘ඛීයනධම්ම’ පචිති යැ, ‘පක්කමන’ පචිති යැ, (“සමග්ගෙන සඞ්ඝේන චීවරං දත්වා ...” යනාදීන් නිර්දිෂ්ට) ‘ඛීයන’ පචිති යැ. ‘පුග්ගලපරිණාමන’ පචිති යැ.
Pali BJT9. රඤ්ඤඤ්ච රතනං සන්තං - සූචි මඤ්චො ච තූලිකා නිසීදනං කණ්ඩුච්ඡාදි - වස්සිකා සුගතෙන චාති.
Sinhala BJT9. ‘රාජන්තෙපුර’ පචිති යැ, ‘රතන’ පචිති යැ, (“සන්තං භික්ඛු අනාපුච්ඡා ...” යනාදීන් නිර්දිෂ්ට) ‘ආනාපුච්ඡන’ පචිති යැ. ‘සුචිඝර’ පචිති යැ, ‘මඤ්ච’ පචිති යැ, ‘තූලො නද්ධ’ පචිති යැ, ‘නිසීදන’ පචිති යැ, ‘කණ්ඩුපටිච්ඡාදි’ පචිතියැ, ‘වස්සිකසාටිකා’ පචිති යැ. ‘සුගතචීවර’ පචිති යැ යන පචිති ඇවත් දැක්වින.
Pali BJTතෙසං වග්ගානං උද්දානං :
Sinhala BJTඒ වර්‍ගයන් පිළිබඳ නාමාවලිය
Pali BJTමුසා භූතා ච ඔවාදො - භොජනාචෙළකෙන ච, සුරා සප්පාණකා ධම්මො - රාජවග්ගෙන තෙ නවාති.
Sinhala BJTමුසාවාද යැ, භූතගාම යැ, භික්ඛුනෝවාද යැ, භෝජන යැ, අචේලක යැ, සුරාපාන යැ, සප්පාණක යැ, සහධම්මික යැ, රාජයැ යි වර්‍ග නවයෙකි.
Pali BJT1. 6.
Sinhala BJT1. 6.
Pali BJTපාටිදෙසනීයකණ්ඩො
Sinhala BJTපාටිදේසනීය කාණ්ඩය
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන අඤ්ඤාතිකාය භික්ඛුනියා අන්තරඝරං පවිට්ඨාය හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තස්ස පාටිදෙසනීයං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යයක් සම්බුද්ධයන් වහන්සේ විසින් ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑ යුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරො භික්ඛු අඤ්ඤාතිකාය භික්ඛුනියා අන්තරඝරං පවිට්ඨාය හත්ථතො ආමිසං පටිග්ගහෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් ආහාරයක් පිළිගත්තේ ය, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො සමුට්ඨාති, න වාචතො න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො. -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
Pali BJT2. භික්ඛුනියා වොසාසන්තියා න නිවාරෙත්වා භුඤ්ජන්තස්ස පාටිදෙසනීයං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT2. විධාන කරණ මෙහෙණක නො වළක්වා වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනියො වොසාසන්තියො න නිවාරෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු විධාන කරණ මෙහෙණන් නො වැළැක් වූහු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට්ඨාති, න චිත්තතො සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT3. සෙඛසම්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තස්ස පාටිදෙසනීයං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT3. සේඛසම්මතය ලත් කුලයන්හි කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ න මත්තං ජානිත්වා පටිග්ගහෙසුං තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු පමණ නො දැන පිළිගත්හ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති. ද්වෙ අනුපඤ්ඤත්තියො.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො සමුට්ඨාති, න වාචතො න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟි යි, වචනයෙන් නො නඟි යි, සිතින් නො නඟී, කිසිවිටෙක කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. …
Pali BJT4. ආරඤ්ඤකෙසු සෙනාසනෙසු පුබ්බෙ අප්පටිසංවිදිතං ඛාදනීයං වා භොජනීයං වා අජ්ඣාරාමෙ සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තස්ස පාටිදෙසනීයං කත්ථ පඤ්ඤත්තන්ති : සක්කෙසු පඤ්ඤත්තං.
Sinhala BJT4. වන සෙනසුන්හි පෙරැ නො දන්වන ලද කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ අරම තුළැ සියතින් පිළිගෙණ වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: ශාක්‍ය ජනපදයෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති: සම්බහුලා භික්ඛූ ආරාමෙ චොරෙ පටිවසන්තෙ නාරොචෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු අරම තුළ වසන සොරුන් ගැණ නො දැන්වූහ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට්ඨාති, න චිත්තතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති. -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් ද වචනයෙන් ද නඟි යි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJTචත්තාරො පාටිදෙසනීයා නිට්ඨිතා.
Sinhala BJTසිවු පිළිදෙස්නීහු නිමියහ.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅඤ්ඤාතිකාය වොසාසං - සෙඛාරඤ්ඤකෙන ච, පාටිදෙසනීයා චත්තාරො - සම්බුද්ධෙන පකාසිතාති.
Sinhala BJTඅඤ්ඤාතික යැ, වොසාසන්තී යැ, සේඛසම්මත යැ, ආරඤ්ඤභෝජන යැ යි සම්බුදු රදුන් විසින් පණවන ලද පාටිදේසනීය සතරෙකි.
Pali BJT1. 7.
Sinhala BJT1. 7.
Pali BJTසෙඛියා
Sinhala BJTසේඛියා කාණ්ඩය
Pali BJT7. 1.
Sinhala BJT7. 1.
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන අනාදරියං පටිච්ච පුරතො වා පච්ඡතො වා ඔලම්බෙන්තෙන නිවාසෙන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් අනදර පිණිස (නිසා) ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ පුරතොපි පච්ඡතොපි ඔලම්බෙන්තා නිවාසෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ඉදිරිපසින් ද පසුපසින් ද එල්වමින් හැන්දාහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
Pali BJT2. අනාදරියං පටිච්ච පුරතො වා පච්ඡතො වා ඔලම්බෙන්තෙන පාරුපන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT2. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ පුරතොපි පච්ඡතොපි ඔලම්බෙන්තා පාරුපිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ඉදිරිපසින් ද පසු පසින් ද එල්වමින් පෙරැවූහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ...