Pali BJTකං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරො භික්ඛු භික්ඛුස්ස ජානං දුට්ඨුල්ලං ආපත්තිං පටිච්ඡාදෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් මහණක්හුගේ තුළුල් ඇවත් දැන දැන සැඟවී, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT5. ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT5. පිළිසඳ පටන් උනුවිසිවස් පුඟුලක්හු දැන දැන උපසපන් කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු උනුවිසිවස් ඇති පුඟුලක්හු දැන දැන උපසපන් කළහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
Pali BJT6. ජානං ථෙය්යසත්ථෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT6. දැන දැන සොර ගැල් සාත්තුවක් හා සමග කතිකා කොටගෙන එක් අදන්මගකට පිළිපන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරො භික්ඛු ජානං ථෙය්යසත්ථෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් දැන දැන සොර ගැල් සාත්තුවක් හා සමග කතිකා කොටගෙන එක් අදන්මගකට පිළිපන්නේ යැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT7. මාතුගාමෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT7. මාගමක හා කතිකා කොට ගෙණ එක් අදන්මගකට පිළිපන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරො භික්ඛු මාතුගාමෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් මාගමක හා කතිකා කොට ගෙණ එක් අදන්මගකට පිළිපන්නේ යැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨාති-පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
Pali BJT8. පාපිකාය දිට්ඨියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT8. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි ලාමක දෘෂ්ටිය නො හරින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: පෙරැ ගිජුලිහිණින් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ මහණහු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො පාපිකාය දිට්ඨිං{1} යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: පෙරැ ගිජුලිහිණින් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ මහණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි ලාමක දෘෂ්ටිය නො හළේ යැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT9. ජානං තථාවාදිනා භික්ඛුනා{2} අකතානුධම්මෙන{3} තං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධිං සම්භුඤ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT9. එසේ (මම බුදුරදුන් වදාළ ධර්‍මය දනිමි) කියන නො කළ ඔසාරණ කම් ඇති දෘෂ්ටිය නො හළ මහණහු සමඟ දැන දැන ධර්‍මාමිෂසම්භෝග කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ජානං තථාවාදිනා අරිට්ඨෙන භික්ඛුනා අකතානුධම්මෙන තං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධිං සම්භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු එසේ (මම බුදුරදුන් වදාළ ධර්‍මය දනිමි) කියන නො කළ ඔසාරණ කම් ඇති ඒ දෘෂ්ටිය නො හළ අරිට්ඨ මහණහු සමග ධර්‍මාමිෂ සම්භෝග කළාහු යැ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
Pali BJT10. ජානං තථානාසිතං සමණුද්දෙසං උපලාපෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. දැන දැන එසේ නෙරණ ලද හෙරණහට සඞ්ග්‍රහ කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ජානං තථානාසිතං කණ්ටකං සමණුද්දෙසං උපලාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන එසේ නෙරණ ලද කණ්ටක හෙරණහට සඞ්ග්‍රහ කළාහු යැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
Pali BJTසප්පාණකවග්ගො සත්තමො.
Sinhala BJTසත්වන සප්පාණක වර්‍ග යි.
Pali BJT5. 8.
Sinhala BJT5. 8.
Pali BJT1. භික්ඛූහි සහධම්මිකං වුච්චමානෙන න තාවාහං ආවුසො එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව නාඤ්ඤං භික්ඛුං වියත්තං{4} විනයධරං පරිපුච්ඡිස්සාමීති භණන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : කොසම්බියං පඤ්ඤත්තං.
Sinhala BJT1. භික්‍ෂූන් විසින් බුද්ධප්‍රඥප්ත ශික්‍ෂාපද සහිත කොට කියනු ලබන්නේ “ඇවැත්නි, මම ව්‍යක්ත වූ විනයධර වූ අන් මහණක්හු පිළිවිස්නා තාක් තෙල ශික්‍ෂාපදයෙහි නො හික්මෙන්නෙමි” යි කියන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹැ නුවරැදි පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං ඡන්නං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා ඡන්නො භික්ඛූහි සහධම්මිකං වුච්චමානො න තාවාහං ආවුසො එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි, යාව නාඤ්ඤං භික්ඛුං වියත්තං විනයධරං පරිපුච්ඡිස්සාමීති භණි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ භික්‍ෂූන් විසින් බුද්ධප්‍රඥප්ත ශික්‍ෂාපද සහිත කොට කියනු ලබන්නේ “ඇවැත, ව්‍යක්ත වූ විනයධර වූ අන් භික්‍ෂු නමක් යම්තාක් නො විචාරන්නෙම් ද, ඒ තාක් මම තෙල සිකපදයෙහි නො හික් මෙන්නෙමි” යි කීයැ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී: ...
Pali BJT2. විනයං විවණ්ණෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT2. විනය නිඟන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ විනයං විවණ්ණෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද, යත්: සවග මහණහු විනය ගැරහූ හු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
Pali BJT3. මොහනකෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT3. මුළා කරවීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ මොහෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මුළා කරවූහු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
Pali BJT4. භික්ඛුස්ස කුපිතෙන අනත්තමනෙන පහාරං දෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT4. කුපිත වූ නො සතුටු සිතින් මහණක්හට පහර දෙන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා භික්ඛූනං පහාරං අදංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු කිපියාහු නො සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූන්ට පහර දුන්හු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
Pali BJT5. භික්ඛුස්ස කුපිතෙන අනත්තමනෙන තලසත්තිකං උග්ගිරන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT5. කුපිත වූ නො සතුටු සිතින් මහණක්හට අතුල් නගා දක්වන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා භික්ඛූනං තලසත්තිකං උග්ගිරිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු කිපියාහු නො සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූන්ට අතුල් නගා දැක්වූහු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
Pali BJT6. භික්ඛුං අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT6. අමුලු සඟවෙසෙසින් මහණක්හට චෝදනා කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුං අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අමුලු සඟවෙසෙසින් මහණක්හට චෝදනා කළහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
Pali BJT7. භික්ඛුස්ස සඤ්චිච්ච කුක්කුච්චං උපදහන්තස්ස{1} පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT7. දැන දැන මහණක්හට කුකුස් උපදවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං සඤ්චිච්ච කුක්කුච්චං උපදහිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන භික්‍ෂූන්ට කුකුස් ඉපදවූහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
Pali BJT8. භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT8. හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදාධිකරණයට පැමිණි භික්‍ෂූන්ගේ බස් ඇසෙන තැනෙක සිටින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨහිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදාධිකරණයට පැමිණි භික්‍ෂූන්ගේ බස් ඇසෙන තැන සිටියහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
Pali BJT9. ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT9. දැහැමි කර්‍මයන්ට ඡන්‍දය දී පසුව දොස් කීමට පැමිණෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැහැමි කර්‍මයන්ට ඡන්‍දය දී පසුව දොස් කීහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
Pali BJT10. සඞ්ඝෙ විනිච්ඡයකථාය වත්තමානාය ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. සඞ්ඝයා අතරැ විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟී යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරො භික්ඛු සඞ්ඝෙ විනිච්ඡයකථාය වත්තමානාය ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමි.{1} තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් සඞ්ඝයා අතරැ විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟී ගියේ යැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
Pali BJT11. සමග්ගෙ සඞ්ඝෙන චීවරං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT11. සමග සඞ්ඝයා විසින් මහණක්හට සිවුරක් දී පසුවැ දොස් කීමට පැමිණෙන්නාහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ සමග්ගෙන සඞ්ඝෙන චීවරං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු සමග සඞ්ඝයා විසින් මහණක්හට සිවුරක් දී පසුවැ දොස් කීමට පැමිණියාහු යැ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
Pali BJT12. ජානං සංඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT12. සඟනට පිරිනමන ලද සඟසතු ලාභය දැන දැන පුද්ගලයක්හට පිරිනමන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු සඟනට පිරිණමන ලද සඟසතු ලාභය දැන දැන පුද්ගලයක්හට පිරිණැමූහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
Pali BJTසහධම්මිකවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවැනි සහධර්මික වර්‍ගයි.
Pali BJT5. 9.
Sinhala BJT5. 9.
Pali BJT1. පුබ්බෙ අප්පටිසංවිදිතෙන රඤ්ඤො අන්තෙපුරං පවිසන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT1. පළමු නො දන්වන ලදුව රජුගේ යහන්ගැබට පිවිසෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං ආනන්දං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරබ ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇරබ යැ.