Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක් හි ද යත්: හුදෙකලා වූ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර හුදෙකලා මාගමක හා රහස්හි හින, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
Sinhala BJTසවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
Pali BJT6. නිමන්තිතෙන සභත්තෙන සන්තං භික්ඛුං අනාපුච්ඡා පුරෙභත්තං පච්ඡාභත්තං වා{1} කුලෙසු චාරිත්තං ආපජ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT6. ඇරයුම් ලද බත් ඇතියහු විසින් වැළත සිටි මහණක්හු නො විචාරා පෙර බත්හි හෝ පසු බත්හි හෝ කුලයන්හි හැසිරෙන මහණහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති, ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍රයන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක් හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර ඇරැයුම් ලද බත් ඇතියේ පෙර බත්හි ද පසු බත්හි ද කුලයන්හි හැසිරීමට පැමිණියේ යැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, චතස්සො අනුපඤ්ඤත්තියො.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සතරෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- කඨිනකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ.
Pali BJT7. තතුත්තරි භෙසජ්ජං විඤ්ඤාපෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සක්කෙසු පඤ්ඤත්තං.
Sinhala BJT7. එයින් (පවරණ ලද පමණින්) වැඩියක් බෙහෙත් විනවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: ශාක්‍ය ජනපදයෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ මහානාමෙන සක්කෙන අජ්ජන්හො භන්තෙ ආගමෙථාති වුච්චමානා නාගමෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහානාම ශාක්‍යයන් විසින් “ස්වාමීනි. අද එකදවසක් පොරොත්තුවුව මැනැවැ” යි කියනු ලබන්නෝ පොරොත්තු නොවුහු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නගී. ...
Pali BJT8. උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT8. සටනට නිකුත් සෙනඟ දැක්මට යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ උය්යුත්තං සෙනං දස්සනාය අගමංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු සටනට නික්මුණු සෙනග දැක්මට ගියාහු යැ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- එළකලොමකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
Pali BJT9. අතිරෙකතිරත්තං සෙනාය වසන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT9. අයිරා තෙරැයක් සේනායෙහි වසන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අතිරෙකතිරත්තං සෙනාය වසිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අයිරා තෙරැයක් සේනාවෙහි විසූහු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- එළකලොමකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
Pali BJT10. උය්යොධිකං ගච්ඡන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. යුද බිමට යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ උය්යොධිකං අගමංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු යුදබිමට ගියාහු ය, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- එළකලොමකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
Pali BJTඅචෙළකවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වන අචේලක වර්‍ග යි.
Pali BJT5. 6.
Sinhala BJT5. 6.
Pali BJT1. සුරාමෙරයපානෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : කොසම්බියං පඤ්ඤත්තං.
Sinhala BJT1. රහමෙර පීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසැඹ නුවරදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං සාගතං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් සාගත තෙරුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා සාගතො මජ්ජං පිවි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් සාගත තෙරණුවෝ මත්පැන් පානය කළහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො සමුට්ඨාති, න වාචතො න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නගී. කිසිවිටෙක කයින් ද සිතින් නඟියි, වචනයෙන් නො නඟී. ...
Pali BJT2. අඞ්ගුලිපතොදකෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT2. ගිරිති කැවීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුං අඞ්ගුලිපතොදකෙන හාසෙසුං තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ගිරිති කැවීමෙන් මහණක්හු සිනහ ගැන්වූහු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
Pali BJT3. උදකෙ හස්සධම්මෙ{1} පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT3. දිය කෙළනා රිසියෙන් කිමිදෙන සැහැවියෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : සත්තරසවග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබයැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සත්තරසවග්ගියා භික්ඛූ අචිරවතියා නදියා උදකෙ කීළිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු අචිරවතී නදියෙහි දිය කෙළි කළෝ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. ...
Pali BJT4. අනාදරියෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : කොසම්බියං පඤ්ඤත්තං.
Sinhala BJT4. අනදර කිරීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං ඡන්නං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා ඡන්නො අනාදරියං අකාසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ අනදර කෙළේයැ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟී. ...
Pali BJT5. භික්ඛුං භිංසාපෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT5. මහණක්හු බිය ගන්වන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හුහු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුං භිංසාපෙසුං , තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහණක්හු බිය ගැන්වූහු. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නගී. ...
Pali BJT6. ජොතිං සමාදහිත්වා වීසිබ්බෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : භග්ගෙසු පඤ්ඤත්තං.
Sinhala BJT6. ගිනි දල්වා තප්නහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: භගුදනවුහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ ජොතිං සමාදහිත්වා විසිබ්බෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ගිනි දල්වා තැප්පාහු යැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, ද්වෙ අනුපඤ්ඤත්තියො.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
Pali BJT7. ඔරෙනද්ධමාසං නහායන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT7. අඩමසෙකින් මොබ නහන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ රාජානම්පි පස්සිත්වා න මත්තං ජානිත්වා නහායිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු රජු ද දැක පමණ නො දැන නැවාහු යැ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, ඡ අනුපඤ්ඤත්තියො.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සයෙකි.
Pali BJTසබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති : පදෙසපඤ්ඤත්ති.
Sinhala BJTසබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙස පඤ්ඤත්ති ද යත්: පදෙස පඤ්ඤත්ති යි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- එළකලොමකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
Pali BJT8. අනාදියිත්වා තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං නවං චීවරං පරිභුඤ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT8. තෙවැදෑරුම් දුර්වර්‍ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්‍ණ කිරීමක් නො ගෙණ (කප්බිඳු නො තබා) අළුත් සිවුරක් පරිභෝග කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ අත්තනො චීවරං න සඤ්ජානිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු තමන්ගේ සිවුරු නො හැඳින ගත්හු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- එළකලොමකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
Pali BJT9. භික්ඛුස්ස වා භික්ඛුනියා වා සික්ඛමානාය වා සාමණෙරස්ස වා සාමණෙරියා වා සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං{1}පරිභුඤ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT9. මහණක්හට හෝ මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරණකුට හෝ හෙරණකට හෝ තෙමේ සිවුරක් දී නො පසුදුරා පරිභෝග කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො භික්ඛුස්ස සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං පරිභුඤ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මහණක්හට තෙමේ සිවුරක් දී නො පසුදුරා පරිභෝග කෙළේ යැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- කඨිනකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.
Pali BJT10. භික්ඛුස්ස පත්තං වා චීවරං වා නිසීදනං වා සූචිඝරං වා කායබන්ධනං වා අපනිධෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. මහණක්හු ගේ (ඉටන් පොහෝනා) පාත්‍රයක් හෝ (විකපුන් පොහෝනා) සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුලාවක් හෝ කාබහනක් හෝ සඟවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං පත්තම්පි චීවරම්පි අපනිධෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු භික්‍ෂූන් ගේ පාත්‍රද සිවුරු ද සැඟවූහු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නගී. ...
Pali BJTසුරාමෙරයවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවන සුරාමේරය වර්‍ගයි.
Pali BJT5. 7.
Sinhala BJT5. 7.
Pali BJT1. සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT1. දැන දැන (තිරිසන්) සතක්හු දිවි ගළවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ දැන දැන සතක්හු දිවි ගැළවීයැ. ඒ වස්තුවෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති-පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
Pali BJT2. ජානං සප්පාණකං උදකං පරිභුඤ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT2. දැන දැන පණුවන් සහිත ජලය වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ජානං සප්පාණකං උදකං පරිභුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන පණුවන් සහිත ජලය පරිභෝග කළාහු යැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
Pali BJT3. ජානං යථාධම්මං නිහතාධිකරණං පුන කම්මාය උක්කොටෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT3. දැන දැන දැහැමින් සන්හිඳුවන ලද අධිකරණය නැවත විසඳීම් පිණිස උගුළුවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ජානං යථාධම්මං නිහතාධිකරණං පුන කම්මාය උක්කොටෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන දැහැමින් සන්හිඳුවන ලද අධිකරණය නැවත විසදීම් පිණිස ඉගිළවූහු. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
Pali BJT4. භික්ඛුස්ස ජානං දුට්ඨුල්ලං ආපත්තිං පටිච්ඡාදෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT4. මහණක්හුගේ තුළුල් (සඟවෙසෙස්) ඇවතක් දැන දැන සඟවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.