Parivāra

Appendix

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 501-600 න් 4026

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
vp-pv:52.18
Pali BJT6. අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං සිබ්බෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT6. නො නෑ මෙහෙණක ලවා සිවුරක් ගෙත්තම් කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:52.19
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
vp-pv:52.20
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං සිබ්බෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ නො නෑ මෙහෙණක ලවා සිවුරක් ගෙත්තම් කරවී යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:52.21
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:52.22
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:54.1
Pali BJT7. භික්ඛුනියා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT7. මෙහෙණක හා කතිකා කොට එක් අදන්මඟකට බට මහණහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:54.2
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණහු ඇරැබ යැ.
vp-pv:54.3
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මෙහෙණන් හා කතිකා කොට එක් අදන්මඟකට බැස්සාහු ය. ඒ වස්තුයෙහි යැ.
vp-pv:54.4
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:54.5
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො සමුට්ඨාති, න වාචතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨාති, න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:54.6
Pali BJT8. භික්ඛුනියා සද්ධිං සංවිධාය එකං නාවං අභිරුහන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT8. මෙහෙණක හා කතිකා කොට එක් නැවකට නඟින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:54.7
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:54.8
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකං නාවං අභිරූහිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මෙහෙණන් හා කතිකා කොට එක් නැවකට නැංගාහු යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:54.9
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:54.10
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨාති : -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නගියි: ...
vp-pv:54.11
Pali BJT9. ජානං භික්ඛුනීපරිපාචිතං පිණ්ඩපාතං භුඤ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT9. දැන දැන මෙහෙණක විසින් නිපදවන ලද බොජුන් වළඳන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී.
vp-pv:54.12
Pali BJTකං ආරබ්භාති : දෙවදත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: දෙව්දත් මහණහු ඇරැබ යැ.
vp-pv:54.13
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : දෙවදත්තො ජානං භික්ඛුනිපරිපාචීතං පිණ්ඩපාතං භුඤ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: දෙව්දත් මහණ දැන දැන මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වැළඳී ය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:54.14
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:54.15
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:54.16
Pali BJT10. භික්ඛුනියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. එකලාවූයේ එකලා මෙහෙණක හා රහසිගත වැ හිඳින්නහු පිළිබඳ පචිති සිකපදය කො තැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:54.17
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
vp-pv:54.18
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී භික්ඛුනියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ එකලා වූයේ එකලා මෙහෙණක හා රහසිගත වැ හිනැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:54.19
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:54.20
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:54.21
Pali BJTඔවාදවග්ගො තතියො.
Sinhala BJTතෙවන ඕවාදවර්‍ග යි.
vp-pv:56.1
Pali BJT5. 4.
Sinhala BJT5. 4.
vp-pv:56.2
Pali BJT1. තතුත්තරි ආවසථපිණ්ඩං භුඤ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT1. ආවස්ථපිණ්ඩය එක් දිනකට වඩා වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
vp-pv:56.3
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:56.4
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අනුවසිත්වා අනුවසිත්වා ආවසථපිණ්ඩං භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පුන පුනා වැස ආවස්ථපිණ්ඩය වැළඳුහ ඒ වස්තුයෙහි යැ.
vp-pv:56.5
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:56.6
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- එළකලොමකෙ
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
vp-pv:56.7
Pali BJT2. ගණභොජනෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT2. ගණභෝජනයෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී.
vp-pv:56.8
Pali BJTකං ආරබ්භාති : දෙවදත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: දෙව්දත්හු ඇරැබ යැ.
vp-pv:56.9
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : දෙවදත්තො සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: දෙව්දත් පිරිස් සහිතවැ කුලයන්හි විනව විනවා අනුභව කෙළේ යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:56.10
Pali BJTඑකා පඤ්ඤත්ති, සත්තඅනුපඤ්ඤත්තියො.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සතෙකි.
vp-pv:56.11
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- එළකලොමකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
vp-pv:56.12
Pali BJT3. පරම්පරභොජනෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : වෙසාලියං පඤ්ඤත්තං.
Sinhala BJT3. පරම්පර භෝජනයෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරැදි පණවන ලදී.
vp-pv:56.13
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
vp-pv:56.14
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ අඤ්ඤත්ර නිමන්තිතා අඤ්ඤත්ර භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු පැවරූ තැන තබා අන්තැනෙකැ වැළඳූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:56.15
Pali BJTඑකා පඤ්ඤත්ති, චතස්සො{1} අනුපඤ්ඤත්තියො.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සතරෙකි.
vp-pv:56.16
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- කඨිනකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.
vp-pv:56.17
Pali BJT4. ද්වත්තිපත්තපූරෙ පූවෙ පටිග්ගහෙත්වා තතුත්තරි පටිග්ගණ්හන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT4. දෙතුන් පයක් පුරා පු පිළිගෙන ඊට වඩා පිළිගන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
vp-pv:56.18
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
vp-pv:56.19
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ න මත්තං ජානිත්වා පටිග්ගහෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු පමණ නො දැන පිළිගත්හ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:56.20
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:56.21
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:58.1
Pali BJT5. භුත්තාවිනා පවාරිතෙන අනතිරිත්තං ඛාදනීයං වා භොජනීයං වා භුඤ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT5. වළඳා නිමවූ පැවරුවහු විසින් අයිරිත් නො කළ කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:58.2
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
vp-pv:58.3
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ භුත්තාවී පවාරිතා අඤ්ඤත්ර භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: වළඳා නිමවූ පැවරූ බොහෝ මහණහු, අන් තැනෙක්හි වැළඳුහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:58.4
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:58.5
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- කඨිනකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.
vp-pv:58.6
Pali BJT6. භික්ඛුං භුත්තාවිං පවාරිතං අනතිරිත්තෙන ඛාදනීයෙන වා භොජනීයෙන වා අභිහට්ඨුං පවාරෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT6. වළඳා නිමවූ පැවරූ මහණක්හු අයිරිත් නො කළ කෑ යුතු දෙයින් හෝ බුදියයුතු දෙයින් හෝ එළවා පවරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:58.7
Pali BJTකං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
vp-pv:58.8
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරො භික්ඛු භික්ඛුං භුත්තාවිං පවාරිතං අනතිරිත්තෙන භොජනීයෙන අභිහට්ඨුං පවාරෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJT“කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් වළඳා නිමි පැවරූ මහණක්හු අයිරිත් නොකළ කෑයුතු දෙයින් බුදිය යුතු දෙයින් එළවා පැවරීයැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:58.9
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:58.10
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
vp-pv:58.11
Pali BJT7. විකාලෙ ඛාදනීයං වා භොජනීයං වා භුඤ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT7. විකාලයෙහි කෑයුතු දෙයක් හෝ බුදියයුතු දෙයක් හෝ වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.
vp-pv:58.12
Pali BJTකං ආරබ්භාති : සත්තරසවග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබ යැ.
vp-pv:58.13
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සත්තරසවග්ගියා භික්ඛූ විකාලෙ භොජනං භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු විකාලයෙහි බොජුන් වැළඳුහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:58.14
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:58.15
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- එළකලොමකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි … එළකලෝම සමුට්ඨානයෙහි යැ.
vp-pv:58.16
Pali BJT8. සන්නිධිකාරකං ඛාදනීයං වා භොජනීයං වා භුඤ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT8. පිළිගෙණ රැයක් ඉක්මවූ කෑ යුතු හෝ බුදිය යුතු හෝ දෙයක් වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:58.17
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං බෙලට්ඨිසීසං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් බෙලට්ඨසීස තෙරුන් ඇරැබ යැ.
vp-pv:58.18
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා බෙලට්ඨිසීසො සන්නිධිකාරකං භොජනං භුඤ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් බෙලට්ඨසීස තෙරණුවෝ පිළිගෙණ රැයක් ඉක්ම වූ බොජුනක් වැළඳූහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:58.19
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:58.20
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- එළකලොමකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි … එළකලෝම සමුට්ඨානයෙහි යැ.
vp-pv:60.1
Pali BJT9. පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT9. පිණි බොජුන් තමා පිණිස විනවා බුදින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:60.2
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:60.3
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පිණි බොජුන් තමන් පිණිස විනවා වැළඳූහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:60.4
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:60.5
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නගී. …
vp-pv:60.6
Pali BJT10. අදින්නං මුඛද්වාරං ආහාරං ආහරන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : වෙසාලියං පඤ්ඤත්තං.
Sinhala BJT10. නො පිළිගත් යම් අහරක් පරගලා කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරැදි පණවන ලදී.
vp-pv:60.7
Pali BJTකං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
vp-pv:60.8
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරො භික්ඛු අදින්නං මුඛද්වාරං ආහාරං ආහාරෙසි,{1} තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් නො පිළිගත් අහරක් වැළඳීයැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:60.9
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:60.10
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- එළකලොමකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
vp-pv:60.11
Pali BJTභොජනවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවන භෝජන වර්‍ග යි.
vp-pv:60.12
Pali BJT5. 5.
Sinhala BJT5. 5.
vp-pv:60.13
Pali BJT1. අචෙලකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සහත්ථා ඛාදනීයං වා භොජනීයං වා දෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : වෙසාලියං පඤ්ඤත්තං.
Sinhala BJT1. නග්න තවුසකුට හෝ පරිබ්‍රාජකයකුට හෝ පරිබ්‍රාජිකාවකට හෝ කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ සියතින් දෙන්නහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහිදි පණවන ලදී.
vp-pv:60.14
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං ආනන්දං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇරැබ යැ.
vp-pv:60.15
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා ආනන්දො අඤ්ඤතරිස්සා පරිබ්බාජිකාය එකං මඤ්ඤමානො ද්වෙ පූවෙ අදාසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එක්තරා පිරිවැජියකට එකෙකියි හඟිමින් දෙ කැවුමක් දුන්හ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:60.16
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:60.17
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි{2} සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- එළකලොමකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
vp-pv:60.18
Pali BJT2. භික්ඛුං එහාවුසො ‘ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසිස්සාමා’ති තස්ස දාපෙත්වා වා අදාපෙත්වා වා උය්යොජෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT2. මහණක්හට “ඇවත, එව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමු” යි ඒ මහණහට (කිසි අහරක්) දෙවා හෝ නො දෙවා හෝ පිටත් කොට යවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:60.19
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:60.20
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො භික්ඛුං ‘එහාවුසො ගාමං පිණ්ඩාය පවිසිස්සාමා”ති තස්ස අදාපෙත්වා උය්යොජෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර “ඇවත, එව ගමට පිඬු පිණිස පිවිසෙන්නෙමු” යි, (කැඳවා ගෙණ) ඒ මහණහට කිසිවක් නො දෙවා නඟා යැවිය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:60.21
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:60.22
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසැවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නගී. ...
vp-pv:62.1
Pali BJT3. සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT3. මෙවුන්දම් රාගයෙන් යුත් පුමිතිරි දෙදෙනා ඇති යහන් ගෙහි ඇතුළට වැද හිඳිනහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:62.2
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:62.3
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර පුමිතිරි දෙදෙනා ඇති යහන් ගෙය තුළට වැද හිනැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:62.4
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:62.5
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
Sinhala BJTසවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
vp-pv:62.6
Pali BJT4. මාතුගාමෙන සද්ධිං රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT4. මාගමක හා රහස්හි පිළිසන් අස්නෙක හිඳිනහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
vp-pv:62.7
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:62.8
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො මාතුගාමෙන සද්ධිං රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්; ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මාගමක හා රහස්හි පිළිසන් අස්නෙක හුන්නේ යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:62.9
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:62.10
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
Sinhala BJTසවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
vp-pv:62.11
Pali BJT5. මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT5. එකලා වූයේ එකලා වූ මාගමක හා හිඳිනහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දි පණවන ලදී.