Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4001-4026 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT18. දුබ්බචස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනන්ති වත්ථු චෙව ගොත්තඤ්ච. සඞ්ඝාදිසෙසොති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT18. “දුබ්බචස්ස භික්ඛුනෝ යාවතතියං සමානුභාසනාය න , පටිනිස්සජ්ජනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි. “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT19. කුලදූසකස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනන්ති වත්ථු චෙව ගොත්තඤ්ච. සඞ්ඝාදිසෙසොති නාමඤ්චෙව ආපත්ති ච -පෙ-.
Sinhala BJT19. “කුලදුසකස්ස භික්ඛුනෝ යාවතතියං සමනුභාසනාය න පටිනිස්සජ්ජනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි. “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ ...
Pali BJT20. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණන්ති වත්ථු චෙව ගොත්තඤ්ච දුක්කටන්ති නාමඤ්චෙව ආපත්ති චාති.
Sinhala BJT20. “අනාදරියා පටිච්ච උදකෙ උච්චාරණ වා පස්සාවං වා ඛෙළං වා කරණං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි. “දුක්කටං” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJTනවසඞ්ගහවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වන නවසංග්‍රහ වර්‍ග යි.
Pali BJTවග්ගපඤ්චකතස්සුද්දානං:
Sinhala BJTවර්‍ගපඤ්චකයෙහි උද්දානය:
Pali BJT1. අපලොකනං ඤත්ති ච දුතියං චතුත්ථෙන ච, වත්ථු ඤත්ති අනුසාවනං සීමාපරිසමෙව ච.
Sinhala BJT1. අපලෝකන යැ ඤත්ති යැ ඤත්තිදුතිය යැ ඤත්තිචතුත්‍ථ යැ වත්‍ථු යැ ඤත්ති යැ අනුසාවන යැ සීමා යැ පරිස යැ.
Pali BJT2. සම්මුඛා පටිපුච්ඡා ච පටිඤ්ඤා විනයාරහො, වත්ථු සඞ්ඝං පුග්ගලඤ්ච ඤත්තිං න පච්ඡා ඤත්ති ච.
Sinhala BJT2. සම්මුඛයා යැ පටිපුච්ඡා යැ පටිඤ්ඤා යැ විනයාරහ යැ වත්‍ථු යැ සඞ්ඝ යැ පුග්ගල යැ න ඤත්ති යැ, පච්ඡා ඤත්ති යැ.
Pali BJT3. වත්ථුං සඞ්ඝං පුග්ගලඤ්ච සාවනං අකාලෙන ච, අතිඛුද්දකා මහන්තා ච ඛණ්ඩ ඡායා නිමිත්තකා.
Sinhala BJT3. වත්‍ථු යැ සඞ්ඝ යැ පුග්ගල යැ අකාලෙ න සාවන යැ අතිබුද්දකා යැ අතිමහන්තා යැ ඛණ්ඩ නිමිත්ත යැ ඡායා නිමිත්ත යැ.
Pali BJT4. බහිනදී සමුද්දෙ ච ජාතස්සරෙ ච භින්දති අජ්ඣොත්ථරති සීමාය චතු පඤ්ච ච වග්ගිකා.
Sinhala BJT4. බහි යැ නදී යැ සමුද්දෙ යැ ජාතස්සරෙ යැ භින්‍දති යැ සීමා යැ අජ්ඣොත්‍ථරති යැ චතුවග්ගික යැ පඤ්චවග්ගික යැ.
Pali BJT5. දස වීසතිවග්ගා ච අනාහටා ච ආහටා, කම්මප්පත්තා ඡන්දාරහා කම්මාරහා ච පුග්ගලා.
Sinhala BJT5. දසවග්ග යැ වීසතිවගග යැ අනාහට යැ ආහට යැ කම්මපත්තපුග්ගල යැ. ඡන්‍දාරහපුග්ගල යැ කම්මාරහ පුග්ගල යැ.
Pali BJT6. අපලොකනං පඤ්ච ඨානං ඤත්ති ච නවඨානිකා, ඤත්තිදුතියං සත්ත ඨානං චතුත්ථා සත්තඨානිකා.
Sinhala BJT6. පඤ්චඨානික අපලෝකන යැ නවඨානික ඤත්ති යැ සත්තඨානික ඤත්තිදුතිය යැ සත්තඨාතික ඤත්තිචතුත්‍ථ යැ.
Pali BJT7. සුට්ඨු ඵාසු දුම්මඞ්කූනං පෙසලා චාපි ආසවා. වෙරං වජ්ජ භයඤ්චෙ, අකුසලඤ්ච ගිහීනං ච.
Sinhala BJT7. සුට්ඨු යැ ඵාසු යැ දුම්මඞ්කු යැ පෙසල යැ ආසව යැ වෙර යැ වජ්ජ යැ භය යැ අකුසල යැ ගිහීනං (අනුකම්පා) යැ.
Pali BJT8. පාපිච්ඡා අප්පසන්නානං පසන්නා ධම්මට්ඨපනා, විනයානුග්ගහා චෙව පාතිමොක්ඛුද්දෙසෙන ච.
Sinhala BJT8. පාපිච්ඡයා යැ අප්පසන්නානං යැ පසන්නානං යැ ධම්මඨපනා යැ පාතිමෝක්ඛද්දෙසය සමග විනයානුග්ගහ යැ.
Pali BJT9. පාතිමොක්ඛඤ්ච ඨපනා ච පවාරණඤ්ච ඨපනං, තජ්ජනීයා නියස්සඤ්ච පබ්බාජපටිසාරණී.{1}
Sinhala BJT9. පාතිමෝක්ඛට්ඨපනා යැ පවාරණට්ඨපනා යැ තජ්ජනීය යැ නියස්ස යැ පබ්බාජනීය යැ පටිසාරණීය යැ යි.
Pali BJT10. උක්ඛෙපන පරිවාසං මූලං මානත්ත අබ්භානං, ඔසාරණං නිස්සාරණං තථෙව උපසම්පදා.
Sinhala BJT10. උක්ඛේපන යැ පරිවාස යැ මූලායපටිකස්සන යැ මානත්ත යැ අබ්භාන යැ ඔසාරණ යැ නිස්සාරණ යැ එසේ ම උපසම්පදා යැ.
Pali BJT11. අපලොකන ඤත්ති ච දුතියඤ්ච චතුත්ථකං, අපඤ්ඤත්තෙනුපඤ්ඤත්තං සම්මුඛාවිනයො සති.
Sinhala BJT11. අපලෝකන යැ ඤත්ති යැ ඤත්තිදුතිය යැ ඤත්තිචතුත්‍ථ යැ අපඤ්ඤත්ත යැ අනුපඤ්ඤත්ත යැ සම්මුඛාවිනය යැ සතිවිනය යැ.
Pali BJT12. අමූළ්හපටියෙභුය්ය පාපිය්යතිණවත්ථාරකං, වත්ථු විපත්ති ආපත්ති නිදානං පුග්ගලෙන ච.
Sinhala BJT12. අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ යෙභූය්‍යසිකා යැ තිණවත්‍ථාරක යැ වස්තු යැ විපත්ති යැ ආපත්ති යැ පුග්ගලය සමග නිදාන යැ.
Pali BJT13. ඛන්ධා චෙව සමුට්ඨානා, අධිකරණමෙව ච, සමථා සඞ්ගහා චෙව නාම ආපත්තිකා තථා ති.
Sinhala BJT13. ඛන්‍ධ යැ සමුට්ඨාන යැ අධිකරණ යැ සමථ යැ සඞ්ඝහ යැ නාම යැ එසේ ම ආපත්ති යැ යි.
Pali BJTපරිවාරපාළි නිට්ඨිතා.
Sinhala BJTපරිවාරපාළි නිමි.
Pali BJT1. පුබ්බාචරියමග්ගඤ්ච පුච්ඡිත්වා ච තහිං තහිං, දීපනාමො මහාපඤ්ඤො සුතධාරී{2} විචක්ඛණො.
Sinhala BJT1. මහාප්‍රාඥ වූ ශ්‍රැතධාරී විචක්‍ෂණ වූ දීප නම් මහාස්ථවිර තෙමේ ඒ ඒ තන්හි පෙර ඇදුරන් ගිය මඟ ද විචාරා,
Pali BJT2. ඉමං විත්ථාරසඞ්ඛෙපං{3} සජ්ඣාමග්ගෙන මජ්ඣිමෙ, චින්තයිත්වා ලිඛාපෙසි සිස්සකානං සුඛාවහං.
Sinhala BJT2. උගන්නා අතවැසියනට සුව එළවන මදධ්‍යම වූ සංජ්ඣාය මාර්‍ගයෙන් සිතා විස්තර සඞ්ක්‍ෂේපය නො ගෙණ මේ පරිවාරපාළිය ලියැවී.
Pali BJT3. පරිවාරන්ති යං වුත්තං සබ්බං වත්ථුං සලක්ඛණං, අත්ථං අත්ථෙන සද්ධම්මෙ ධම්මං ධම්මෙන පඤ්ඤත්තෙ.
Sinhala BJT3. පරිවාර යැ යි යමක් කියන ලද ද ඔහුගේ ලක්‍ෂණ සහිත වූ පදසිද්ධි සඞ්ඛ්‍යාත වස්තුව සද්ධර්‍මයෙහි අර්‍ත්‍ථය අර්‍ත්‍ථය සමග ද පුහඳප්තියෙහි පාළිය පාළිය සමග ද නය වශයෙන්
Pali BJT4. සාසනං පරිවාරෙසි ජම්බුදීපං‘ච සාගරො, පරිවාරං අජානන්තො කුතො ධම්මවිනිච්ඡයං.
Sinhala BJT4. මහසයුර දඹදිව පිරිවරා සිටියා සේ ප්‍රතිපත්ති ශාසනය පිරිවරා සිටියේ යැ. පරිවාරය නො දන්නේ ධර්‍මවිනිශ්චය කුමකින් කරන්නේ ද,
Pali BJT5. විපත්ති වත්ථු පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති පුග්ගලො, එකතො උභතො චෙව ලොකපණ්ණත්ති වජ්ජතො.
Sinhala BJT5. විපත්ති විසින් ද වස්තු විසින් ද ප්‍රඥප්ති විසින් ද අනුප්‍රඳප්ති විසින් ද පුද්ගල විසින් ද ඒකතෝ පඤ්ඤත්ති විසින් ද උභතෝ පඤ්ඤත්ති විසින් ද ලෝකවද්‍ය විසින් ද ප්‍රඥප්තාවද්‍ය විසින් ද,
Pali BJT6. යස්ස ජායති විමති පරිවාරෙන ඡිජ්ජති, චක්කවත්ති මහාසෙනෙ මිගමජ්ඣෙව කෙසරී.
Sinhala BJT6. යමක්හට විමති උපදී ද එය පරිවාරයෙන් සිඳේ. මහසෙන් මැද සක්විත්තා මෙන් ද සිවුපාවුන් මැද කේශරසිංහරාජයා මෙන් ද,
Pali BJT7. රවි රංසිපරික්ඛිණ්ණො චන්දො තාරාගණෙ යථා, බ්රහ්මා බ්රහ්මපරිසාය ගණමජ්ඣෙ ව නායකො; එවං සද්ධම්මවිනයො පරිවාරෙන සොභතීති.
Sinhala BJT7. රශ්මීන් පිරිවරන ලද හිරු මෙන් ද තාරකා සමූහයා විසින් පිරිවරන ලද සඳ මෙන් ද බඹ පිරිස් මැද (හාරිත) මහබඹහු මෙන් ද ශ්‍රාවක ගණයා මැද ලෝකස්වාමීහු මෙන් ද සද්ධර්‍ම සඞ්ඛ්‍යාත විනය පරිවාරයෙන් හොබනේ යි.