Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3901-4000 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT22. ඉත්ථිං හනෙ න මාතරං පුරිසඤ්ච න පිතරං, හනෙය්ය අනරියං මන්දො තෙන චානන්තරං ඵුසෙ, පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT22. ස්ත්‍රියක නසන්නේ ය. (එහෙත්) මව නො වෙයි. පුරුෂයකුදු නසන්නේ ය. (එහෙත්) පියා නො වෙයි. අඥානපුද්ගල තෙමේ මෙසේ ආර්‍ය නො වූ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නසන්නේ ය. ඒ නැසීම් හේතුවෙන් ආනන්තර්‍ය්‍යකර්‍මය ස්පර්‍ශ කරන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය කර්‍මවිපාක හේතුවෙන් ලිඞ්ග පරිවර්‍තනයෙන් ස්ත්‍රී වූ පියා ද පුරුෂ වූ මව ද නසන්නහු සඳහා කියන ලදි.)
Pali BJT23. ඉත්ථිං හනෙ ච මාතරං පුරිසඤ්ච පිතරං හනෙ, මාතරං පිතරං හන්ත්වා න තෙනානන්තරං ඵුසෙ; පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT23. මව වූ ස්ත්‍රිය ද නසන්නේ ය. පිය වූ පුරුෂයා ද නසන්නේ ය. මෙසේ මව ද පියා ද නසා ඒ කර්‍මය හේතුකොට ගෙණ ආනන්තර්‍ය්‍ය කර්‍මය ස්පර්‍ශ නො කරන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය මිනිස් වැ සිට තිරිසන් වූ දෙමවුපියන් නසන්නවුන් සඳහා කියන ලදි.)
Pali BJT24. අචොදයිත්වා අසාරයිත්වා අසම්මුඛීභූතස්ස කරෙය්ය කම්මං, කතඤ්ච කම්මං සුකතං භවෙය්ය කාරකො ච සඞ්ඝො අනාපත්තිකො සියා පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT24. චෝදනා නො කොට සිහි නො කරවා හමු නොවුවහුට කර්‍මය කරන්නේ ය කරණ ලද කර්‍මය මොනවට කරණ ලද වන්නේ ය. කාරක සඞ්ඝ තෙමේ ද ආපත්ති රහිත වන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය දූතයකු ලවා උපසපන් කරවීම සඳහා කියන ලදි.)
Pali BJT25. චොදයිත්වා සාරයිත්වා සම්මුඛීභූතස්ස කරෙය්ය කම්මං කතඤ්ච කම්මං අකතං භවෙය්ය කාරකො ච සඞ්ඝො සාපත්තිකො සියා පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT25. චෝදනා කොට සිහි කරවා හමුවූවහුට කර්‍මය කරන්නේ ය. කරණ ලද කර්‍මය ද නො කරණ ලද වන්නේ ය. කාරකසඞ්ඝ තෙමේ ද ආපත්ති සහිත වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය පණඩකාදීන්ගේ උපසම්පදාව සඳහා කියන ලදි.)
Pali BJT26. ඡින්දන්තස්ස ආපත්ති ඡින්දන්තස්ස අනාපත්ති, ඡාදෙන්තස්ස ආපත්ති ඡාදෙන්තස්ස අනාපත්ති; පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT26. රුක් ඈ සිඳින්නහුට ඇවැත් වේ. කෙස් ඈ සිඳින්නහුට ඇවැත් නො වේ. (ඇවැත් ඈ) වසන්නහුට ඇවැත් වේ. (ගේදොර) වසන්නහුට ඇවැත් නො වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි.
Pali BJT27. සච්චං භණන්තො ගරුකං මුසා ච ලහු භාසතො, මුසා භණන්තො ගරුකං සච්චඤ්ච ලහු භාසතො; පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT27. සත්‍යය කියන්නේ ගරු ඇවැතට පැමිණෙයි, බොරු කියන්නහුට ලුහු ඇවැත් වෙයි, බොරු කියන්නේ ගරු ඇවැතට පැමිණෙයි, සත්‍යය කියන්නහුට ලුහු ඇවැත් වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි.
Pali BJT28. අධිට්ඨිතං රජනාය රත්තං කප්පකතම්පි සත්තං, පරිභුඤ්ජන්තස්ස ආපත්ති පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT28. ඉටන ලද්දා වූ ද කැපරඳනින් රඳන ලද්දා වූ ද කප්බින්‍දු තබන ලද්දා වූ ද (සිවුරක්) පිරිබෝ කරන්නහුට ඇවැත් වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය පළමු පරිභෝග කරමින් සිටිය දී නිසඟි වූ සිවුර නො නිසදා පරිභෝග කරන්නහු සඳහා කියන ලදි.)
Pali BJT29. අත්ථඞ්ගතෙ සූරියෙ භික්ඛු මංසානි ඛාදති න උම්මත්තකො න ච පන ඛිත්තචිත්තො, න චාපි සො වෙදනාට්ටො භවෙය්ය න චස්ස හොති ආපත්ති, සො ච ධම්මො සුගතෙන දෙසිතො පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT29. හිරු අවරට ගිය කල්හි මහණ තෙමේ මස් අනුභව කරයි. උමතුවූවෙක් ද නො වෙයි. පෙරැළි සිතැත්තේ ද නො වෙයි. හෙතෙමේ වේදනායෙන් පෙළුනෙක් ද නො වන්නේ ය. (එහෙත්) ඔහුට ඇවැත් නො වේ. ඒ ධර්‍මය ද බුදුරජුන් විසින් දේශනා කරන ලද්දේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය වමාරා කන මහණහු සඳහා කියන ලදි.)
Pali BJT30. න රත්තචිත්තො න ච පන ථෙය්යචිත්තො න චාපි සො පරං මරණාය චෙතයි, සලාකං දෙන්තස්ස හොති ඡෙජ්ජං පටිග්ගණ්හන්තස්ස ථුල්ලච්චයං පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT30. මෙවුන්දම්රායෙන් රත් වූ සිතැත්තේ නො වෙයි. සොරසිත් ඇත්තේ ද නො වෙයි. හෙතෙමේ මෙරමා නසනු පිණිස ද නො සිතී ය. ලභ දෙන්නහුට පරිජි වෙයි. පිළිගන්නහුට ථුලැසි වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (සඞ්ඝභේදයෙහි ලහ ගැන්වීම සඳහා කියන ලදි.)
Pali BJT31. න චාපි ආරඤ්ඤකං සාසඞ්කසම්මතං න චාපි සඞ්ඝෙන සම්මුති දින්නා, න චස්ස කඨිනං අත්ථතං තත්ථෙව චීවරං නික්ඛිපිත්වා ගච්ඡෙය්ය අඩ්ඪයොජනං තත්ථෙව අරුණං උග්ගච්ඡන්තස්ස අනාපත්ති පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT31. සැක සහිත යැ යි සම්මත වූ වනසෙනසුනෙක් ද නො වෙයි. බිඳුනු සඟහු විසින් අවිප්පවාසසම්මුතිය දෙන ලද්දී නො වෙයි. ඒ පුද්ගලයා විසින් කඨිනයෙක් නො අතුරණ ලද්දේ ය. සැක සහිත යැ යි සම්මත වනසෙනසුනක් නො වූ තන්හි ම සිවුර තබා අඩ යොදුනක් තැන් යන්නේ ය. එහි ම අරුණ නගන්නහුට ඇවැත් නො වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය මනාව පිහිටි නුගරුක් වැනි එක් කුලයක් හුගේ රුක්මුල සඳහා කියන ලදි.)
Pali BJT32. කායිකානි න වාචසිකානි, සබ්බානි නානාවත්ථුකානි, අපුබ්බං අචරිමං ආපජ්ජෙය්ය එකතො, පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT32. කයින් සිදු වෙති. වචනයෙන් සිදු නො වෙති. සියල්ලෝ වෙන් වෙන් වූ වස්තු ඇත්තාහු වෙත්. පෙරැ පසු නො වැ එකවර (සඟවෙසෙස්) අවදනේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය බොහෝ මාගමුන්ගේ කෙස් හෝ ඇඟිලි හෝ එකට අල්වා සඟවෙසෙස් අවදනහු සඳහා කියන ලදි.)
Pali BJT33. වාචසිකානි න කායිකානි සබ්බානි නානාවත්ථුකානි, අපුබ්බං අචරිමං ආපජ්ජෙය්ය එකතො පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT33. වචනයෙන් සිදු වෙති. කයින් සිදු නො වෙති. වෙන් වෙන් වූ සියලු ඇවැතුන්ට පෙරැ පසු නො වැ එකවර පැමිණෙන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය “සබ්බාව තුම්හෙ සිඛරණියෝ “යනාදි විසින් තුළුල් තෙපුල් කියන්නහු සඳහා කියන ලදි.)
Pali BJT34. තිස්සිත්ථියො මෙථුනං තං න සෙවෙ තයො පුරිසෙ තයො ච අනරියපණ්ඩකෙ, න චාචරෙ මෙථුනං බ්යඤ්ජනස්මිං ඡෙජ්ජං සියා මෙථුනධම්මපච්චයා පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT34. මිනිස්, නො මිනිස්, තිරිසන් විසින් ස්ත්‍රීහු තිදෙනෙකි. (ඔවුන් හා) ඒ මෛථුන සේවනය ද නො කරන්නේ ය. මිනිස්, නො මිනිස්, නිරිසත් යන තුන් පුරුෂයන් වෙත ද, උභතෝබ්‍යඤ්ජනකසඞ්ඛ්‍යාත අනාර්‍ය්‍යයන් තිදෙන වෙත ද, පණ්ඩකයන් තිදෙන වෙත ද එළඹ මෙවුන්දම් සෙවුනේ ද නො වෙයි. ලම්බී මුදුපිට්ඨිකාදි අනුලොම් පාරාජික වස්තුවෙහි ද මෙවුන්දම් නො හැසිරෙන්නේ ය. (එහෙත්) මෛථුන ධර්‍ම හේතුවෙන් පරිජි වන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය අෂ්ට වස්තුක පාරාජිකාව සඳහා කියන ලදි.)
Pali BJT35. මාතරං චීවරං යාචෙ නො ච සංඝස්ස{1} පරිණතං, තෙනස්ස හොති ආපත්ති අනාපත්ති ච ඤාතකෙ; පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT35. මවගෙන් සිවුරක් ඉල්ලන්නේ ය. සඞ්ඝයාහට පිරිනමන ලද්දෙක් ද නො වෙයි. නෑයන් විනවීමෙහි ඇවැත් නො වේ. ඔහුට කවර ශික්‍ෂාපදයෙකින් ඇවැත් වේ ද, මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය පිට්ඨිසමය නම් වූ ඉල්මස පසළොස්වක පටන් පොසොන් පසළොස්වක තෙක් සත් මස තුළ වස්සිකසාටික චීවරය පිණිස සතුප්පාදකරණය සඳහා කියන ලදි.)
Pali BJT36. කුද්ධො ආරාධකො හොති කුද්ධො හොති ගරහියො; අථ කො නාම සො ධම්මො යෙන කුද්ධො පසංසියො; පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT36. කිපියේ සිත් ගන්නේ වෙයි, කිපියේ ගැරැහියැ යුත්තේ වෙයි, යම් කරුණෙකින් කිපියේ පැසැසිය යුත්තේ වේ ද, වැළිදු එබඳු වූ ඒ ධර්‍මය තෙමේ කවරේ ද? මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි.
Pali BJT37. තුට්ඨො ආරාධකො හොති තුට්ඨො හොති ගරහියො, අථ කො නාම සො ධම්මො යෙන තුට්ඨො ගරහියො පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT37. තුටුවූයේ සිත් ගන්නේ වෙයි, තුටුවුයේ ගැරහිය යුත්තේ වෙයි, යම් කාරණයෙකින් තුටුවූයේ ගැරහිය යුත්තේ වේ ද? වැළිදු ඒ ධර්‍මය තෙමේ කවරේද? මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මේ ගාථා දෙක තීර්‍ත්‍ථකයන්ගේ වත කියන ලදි.)
Pali BJT38. සඞ්ඝාදිසෙසං ථුල්ලච්චයං පාචිත්තියං පාටිදෙසනීයං, දුක්කටං ආපජ්ජෙය්ය එකතො පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT38. සඟවෙසෙස යැ. ථුලැසි යැ, පචිති ය, පිළිදෙස්නී යැ. දුකුළා යැ යන මේ ඇවැතුන්ට එකවර අවදනේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය මෙවුන්දම්රායෙන් තෙත් වූ මෙහෙණක් එසේ වූ පිරිමියකු අතින් අහරක් ගෙණ මිනිස්මස් ලුණු පිණි බොජුන් හා සෙසු අකැපමස් හා සමග හනා වළඳා ද, ඇය සඳහා කියන ලදි.)
Pali BJT39. උභො පරිපුණ්ණවීසතිවස්සා උභින්නං එකූපජ්ඣායො, එකාචරියො එකා කම්මවාචා, එකො උපසම්පන්නො එකො අනුපසම්පන්නො පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT39. දෙදෙන ම පිරිපුන් විසි වයස් ඇත්තාහ. දෙදෙනාහට ම එක් ම උපාධ්‍යායයෙක් වෙයි. එක් ම ආචාර්‍ය්‍යයෙක් , වෙයි. එක් ම කර්‍මවාක්‍යයෙක් වෙයි. (එහෙත්) එකෙක් උපසම්පන්න යැ, එකෙක් අනුපසම්පන්න යැ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය අහස්හි සිටි හෙරණහු සඳහා කියන ලදි.)
Pali BJT40. අකප්පකතං නාපි රජනාය රත්තං තෙන නිවත්ථො යෙන කාමං වජෙය්ය, න චස්ස හොති ආපත්ති සො ච ධම්මො සුගතෙන දෙසිතො පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT40. (යම් සිවුරක්) කප්බින්‍දු නො තබන ලද ද, කැපරඳනින් නො රඳනා ලද ද, ඒ සිවුරෙන් හඳනා ලද්දේ කැමැති තැනකට යන්නේ ද, ඒ මහණහට ඇවැත් නො වේ. ඒ ධර්‍මය තෙමේත් බුදුරජුන් විසින් දෙසන ලද්දේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය අසිඳගත් සිවුරු ඇති මහණහු සඳහා කියන ලදි.)
Pali BJT41. න දෙති න පටිගණ්හාති පටිග්ගහො තෙන න විජ්ජති, ආපජ්ජති ගරුකං න ලහුකං තඤ්ච පරිභොගපච්චයා; පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT41. මෙහෙයන තැනැත්තී නො දෙයි. මෙහෙයනු ලැබූ තැනැත්තී මෙහෙයන මෙහෙණ අතින් නො පිළිගණියි. ඒ කාරණයෙන් (මෙහෙයන තැනැත්තිය අතින් මෙහෙයනු ලැබූ මෙහෙණගේ) පිළිගැන්මෙක් නැත. එහෙත් ගරු ඇවැතට පැමිණෙයි. ලුහු ඇවැතට නො පැමිණේ. හෙද පිරිබෝ කිරීම් හේතුවෙනි. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය මෙවුන්දම්රායෙන් තෙත් වූ පිරිමියකු අතින් අහරක් පිළිගැණීමට මෙහෙණක මෙහෙයන මෙහෙණ සඳහා කියන ලදි.)
Pali BJT42. න දෙති න පටිගණ්හාති පටිග්ගහො තෙන න විජ්ජති, ආපජ්ජති ලහුකං න ගරුකං තඤ්ච පරිභොගපච්චයා; පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT42. තොමෝ නො දෙයි. අන් තැනැත්තිය ද නො පිළිගණියි. ඒ කාරණයෙන් පිළිගැන්මෙක් නැත. එහෙත් ලුහු ඇවැතට පැමිණෙයි, ගරු ඇවැතට නො පැමිණේ. එද පිරිබෝ කිරීම් හේතුවෙනි. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙවුන්දම්රායෙන් තෙත් වූ පිරිමියකු අතින් දියදහැටි පිළිගැණීමට මෙහෙණක මෙහෙයන මෙහෙණ සඳහා කියන ලදි.)
Pali BJT43. ආපජ්ජති ගරුකං සාවසෙසං ඡාදෙති අනාදරියං පටිච්ච, න භික්ඛුනී නො ච ඵුසෙය්ය වජ්ජං පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT43. සාවශේෂ වූ ගරු ඇවැතට පැමිණෙයි. අනදරය පිණිස (ඇවැත) සඟවාලයි. ඕ මෙහෙණක් නො වේ. (ඇවැත සැඟවීමෙන්) වරදක් ද නො පහස්නේ යි. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය උඛෙව්නීකම් කරණ ලද මහණහු සඳහා කියන ලදි.)
Pali BJTසෙදමොචනගාථා නිට්ඨිතා.
Sinhala BJTසෙදමොචන ගාථා නිමි
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. අසංවාසො අවිස්සජ්ජි දස ච අනුක්ඛිත්තකො, උපෙති ධම්මං උබ්භක්ඛකං තතො සඤ්ඤාචිකා ච දුවෙ.
Sinhala BJTඅසංවාස යැ, අවිස්සජ්ජික යැ, දස (පුග්ගල) යැ, අනුක්ඛිත්තක උපේතිධම්ම උබ්හක්ඛක තුණ යැ, සඤ්ඤාචිකා දෙක යැ.
Pali BJT2. න කායිකඤ්ච ගරුකං කායිකං සුභාසිතං{1}. අනාලපන්තො සික්ඛා ච උභො ච චතුරො ජනා.
Sinhala BJTන කායික ගරුක යැ, න කායික සුභාසිත යැ, අනාලපන්ත යැ. සික්ඛා යැ. උභො යැ, චතුරොජනා යැ.
Pali BJT3. ඉත්ථි තෙලඤ්ච නිස්සග්ගි භික්ඛු ච පදවීතියො, නිවත්ථො ච න ච පඤ්ඤත්ති න මාතරං පිතරං හනෙ
Sinhala BJTඉත්‍ථි යැ, තෙල යැ, නිස්සග්ගිය යැ. හීක්බු යැ, පදවීති යැ. නිවත්‍ථ යැ. න චාපිඤත්තිය න මාතර පිතර යැ, භනෙ යැ.
Pali BJT4. අචොදයිත්වා චොදයිත්වා ඡින්දන්තං සච්චමෙව ච, අධිට්ඨිතඤ්චත්ථඞ්ගතෙ න රත්තං න චාරඤ්ඤකං.
Sinhala BJTඅචෝදයිත්‍වා යැ, චොදයිත්‍වා යැ, ජින්‍දන්ත යැ, සච්ච යැ, අධිට්ඨිත යැ. අත්‍ථංගත යැ, නරත්ත යැ, න චාපි ආරඤ්ඤක යැ,
Pali BJT5. කායිකා වාචසිකා ච තිස්සිත්ථි චාපි මාතරං, කුද්ධො ආරාධකො තුට්ඨො සඞ්ඝාදිසෙසා ච උභො.
Sinhala BJTකායිකා යැ. වාචසිකා යැ. තිස්සිත්‍ථි යැ, මාතර යැ කුද්ධ ආරාධක යැ. තුට්ඨ ආරාධක යැ, සඞ්ඝාදිසේස යැ. උභො යැ.
Pali BJT6. අකප්පකතං න දෙති න දෙතාපජ්ජතී ගරුං, සෙදමොචනිකා ගාථා පඤ්හා විඤ්ඤූවීභාවිතාති{2}
Sinhala BJTඅකප්පකත යැ, න දෙති යැ, ආපජ්ජති ගරුක යැ, යන ප්‍රශ්නයෝ විනයඥයන් විසින් ප්‍රකාශ කරණ ලද සෙදමොචනික ගාථාවෝ වෙති.
Pali BJTපඤ්චවග්ගො
Sinhala BJTපඤ්ච වර්ගය
Pali BJT1. කම්මවග්ගො
Sinhala BJT1. කර්‍මවර්‍ගය
Pali BJT1. චත්තාරි කම්මානි : අපලොකනකම්මං, ඤත්තිකම්මං, ඤත්තිදුතියකම්මං, ඤත්තිචතුත්ථකම්මං ඉමානි චත්තාරි කම්මානි. කතීහාකාරෙහි විපජ්ජන්ති, ඉමානි චත්තාරි කම්මානි පඤ්චහාකාරෙහි විපජ්ජන්ති : වත්ථුතො වා, ඤත්තිතො වා, අනුසාවනතො වා, සීමතො වා, පරිසතො වා.
Sinhala BJT1. කර්‍ම සතරෙකි: අපලෝකන කර්‍ම යැ. ඤත්ති කර්‍ම යැ. ඤත්තිදුතිය කර්‍ම යැ, ඤත්තිචතුත්‍ථ කර්‍ම යැ යි. මේ සතර කර්‍මයෝ කෙතෙක් අයුරෙකින් කෝප්‍ය වෙත් ද ; මේ සතර කර්‍මයෝ පස් අයුරෙකින් කෝප්‍ය වෙති. වස්තුයෙන් හෝ ඤත්තියෙන් හෝ අනුශ්‍රාවණයෙන් හෝ සීමායෙන් හෝ පිරිස වසයෙන් හෝ යැ.
Pali BJT2. කථං වත්ථුතො කම්මානි විපජ්ජන්ති : සම්මුඛාකරණීයං කම්මං අසම්මුඛා කරොති, වත්ථුවිපන්නං අධම්මකම්මං. පටිපුච්ඡා කරණීයං කම්මං අපටිපුච්ඡා කරොති වත්ථුවිපන්නං අධම්මකම්මං. පටිඤ්ඤාය කරණීයං කම්මං අපටිඤ්ඤාය කරොති වත්ථුවිපන්නං අධම්මකම්මං සතිවිනයාරහස්ස අමූළ්හවිනයං දෙති වත්ථුවිපන්නං අධම්මකම්මං. අමූළ්හවිනයාරහස්ස තස්සපාපිය්යසිකාකම්මං කරොති වත්ථුවිපන්නං අධම්මකම්මං. තස්සපාපිය්යසිකාකම්මාරහස්ස තජ්ජනීයකම්මං කරොති වත්ථුවිපන්නං අධම්මකම්මං. තජ්ජනීයකම්මාරහස්ස නියස්සකම්මං කරොති වත්ථුවිපන්නං අධම්මකම්මං. නියස්සකම්මාරහස්ස පබ්බාජනීයකම්මං කරොති වත්ථුවිපන්නං අධම්මකම්මං. පබ්බාජනීයකම්මාරහස්ස පටිසාරණීයකම්මං කරොති වත්ථුවිපන්නං අධම්මකම්මං. පටිසාරණීයකම්මාරහස්ස උක්ඛෙපනීයකම්මං කරොති වත්ථුවිපන්නං අධම්මකම්මං. උක්ඛෙපනීයකම්මාරහස්ස පරිවාසං දෙති වත්ථුවිපන්නං අධම්මකම්මං. පරිවාසාරහං මූලාය පටිකස්සති වත්ථුවිපන්නං අධම්මකම්මං. මූලායපටිකස්සනාරහස්ස මානත්තං දෙති වත්ථුවිපන්නං අධම්මකම්මං.
Sinhala BJT2. වස්ත්‍රයෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: හමුයෙහි කටයුතු කර්‍මය නො හමුයෙහි කෙරෙයි. වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. පිළිවිස කටයුතු කර්‍මය නො පිළිවිස කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. ප්‍රතිඥායෙන් කටයුතු කර්‍මය අප්‍රතිඥායෙන් කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. සතිවිනයට සුදුසු වූවහුට අමූළ්හවිනය දෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. අමූළ්හවිනයට සුදුසු වූවහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. තස්සපාපිය්‍යසිකා කර්‍මයට සුදුසු වූවහුට තජ්ජනීය කර්‍මය කෙරෙයි. වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. තජ්ජනීය කර්‍මයට සුදුසු වූවහුට නියස්සකර්‍මය කෙරෙයි. වස්තු විපන්න අධර්‍මකර්‍මය වෙයි. නියස්ස කර්‍මයට සුදුසු වූවහුට පබ්බාජනීය කර්‍මය කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි පබ්බාජනීය කර්‍මයට සුදුසු වූවහුට පටිසාරණීය කර්‍මය කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. පටිසාරණීය කර්‍මයට සුදුසු වූවහුට උක්ඛේපනීය කර්‍මය කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. උක්ඛේපනීය කර්‍මයට සුදුසු වූවහුට පරිවාසය දෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. පරිවාසයට සුදුසු වූවහුට මූලායපටිකස්සනය කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. මූලායපටිකස්සනයට සුදුසු වූවහුට මානත දෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි.
Pali BJTමානත්තාරහං අබ්භෙති වත්ථුවිපන්නං අධම්මකම්මං. අබ්භානාරහං උපසම්පාදෙති වත්ථුවිපන්නං අධම්මකම්මං. අනුපොසථෙ උපොසථං කරොති වත්ථුවිපන්නං අධම්මකම්මං. අපවාරණාය පවාරෙති. වත්ථුවිපන්නං අධම්මකම්මං. එවං වත්ථුතො කම්මානි විපජ්ජන්ති.
Sinhala BJTමානතට සුදුසු වූවහු අබිභාන කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. අබිභානයට සුදුසු වූවහු උපසපන් කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. නොපොහෝ දිනයෙහි පොහොය කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. නොපවුරුණු දිනයෙහි පවාරණය කෙරෙයි. වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. මෙසේ වස්ත්‍රයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
Pali BJT3. කථං ඤත්තිතො කම්මානි විපජ්ජන්ති : පඤ්චහාකාරෙහි ඤත්තිතො කම්මානි විපජ්ජන්ති. වත්ථුං න පරාමසති, සඞ්ඝං න පරාමසති, පුග්ගලං න පරාමසති, ඤත්තිං න පරාමසති, පච්ඡා ඤත්තිං ඨපෙති, ඉමෙහි පඤ්චහාකාරෙහි ඤත්තිතො කම්මානි විපජ්ජන්ති.
Sinhala BJT3. ඤත්තියෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: පස් අයුරෙකින් ඤත්තියෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්, වස්තුව පරාමර්‍ශනය නො කෙරෙයි. සඞ්ඝයා පරාමර්‍ශනය නො කෙරෙයි. පුද්ගලයා පරාමර්‍ශනය නො කෙරෙයි. ඤත්තිය පරාමර්‍ශනය නො කෙරෙයි. පසු වැ ඤත්තිය තබයි. මේ පස් අයුරින් ඤත්තියෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
Pali BJT4. කථං අනුසාවනතො කම්මානි විපජ්ජන්ති : පඤ්චහාකාරෙහි අනුසාවනතො කම්මානි විපජ්ජන්ති : වත්ථුං න පරාමසති, සඞ්ඝං න පරාමසති, පුග්ගලං න පරාමසති, සාවනං හාපෙති, අකාලෙ වා සාවෙති, ඉමෙහි පඤ්චහාකාරෙහි අනුසාවනතො කම්මානි විපජ්ජන්ති.
Sinhala BJT4. අනුශ්‍රාවණයෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: පස් අයුරෙකින් අනුශ්‍රාවණයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්. වස්තුව පරාමර්‍ශනය නො කෙරෙයි. සඞ්ඝයා පරාමර්‍ශනය නො කෙරෙයි. පුද්ගලයා පරාමර්‍ශනය නො කෙරෙයි. ඇස්වීම පිරිහෙළයි, නො කල්හි හෝ අස්වයි. මේ පස් අයුරෙන් අනුශ්‍රාවණයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
Pali BJT5. කථං සීමතො කම්මානි විපජ්ජන්ති : එකාදසහි ආකාරෙහි සීමතො කම්මානි විපජ්ජන්ති : අතිඛුද්දකං සීමං සම්මන්නති, අතිමහතිං සීමං සම්මන්නති, ඛණ්ඩනිමිත්තං සීමං සම්මන්නති, ඡායානිමිත්තං සීමං සම්මන්නති, අනිමිත්තං සීමං සම්මන්නති, බහිසීමෙ ඨිතො සීමං සම්මන්නති, නදියා සීමං සම්මන්නති, සමුද්දෙ සීමං සම්මන්නති, ජාතස්සරෙ සීමං සම්මන්නති, සීමාය සීමං සම්භින්දති, සීමාය සීමං අජ්ඣොත්ථරති. ඉමෙහි එකාදසහි ආකාරෙහි සීමතො කම්මානි විපජ්ජන්ති.
Sinhala BJT5. සීමායෙන් කර්‍මය කෙසේ කෝප්‍ය වෙත් ද යත්: එකොළොස් අයුරෙකින් සීමායෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්. ඉතා කුඩා සීමාවක් සම්මත කෙරෙයි. ඉතා මහත් සීමාවක් සම්මත කෙරෙයි. අඝටිත නිමිති ඇති සීමාවක් සම්මත කෙරෙයි. සෙවණලු නිමිති කොට ඇති සීමාවක් සම්මත කෙරෙයි. නිමිති රහිත වූ සීමාවක් සම්මත කෙරෙයි. සීමාවෙන් බැහැර සිටියේ සීමාවක් සම්මත කෙරෙයි. නදියෙහි සීමාවක් සම්මත කෙරෙයි. සමුද්‍රයෙහි සීමාවක් සම්මත කෙරෙයි. විලෙහි සීමාවක් සම්මත කෙරෙයි. සීමායෙන් සීමාව මුසු කෙරෙයි. සීමායෙන් සීමාව යටපත් කෙරෙයි. මේ එකොළොස් අයුරින් සීමායෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
Pali BJT6. කථං පරිසතො කම්මානි විපජ්ජන්ති : ද්වාදසහි ආකාරෙහි පරිසතො කම්මානි විපජ්ජන්ති : චතුවග්ගකරණෙ කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ අනාගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, චතුවග්ගකරණෙ කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, චතුවග්ගකරණෙ කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, පඤ්චවග්ගකරණෙ කම්මෙ -පෙ- දසවග්ගකරණෙ කම්මෙ -පෙ- වීසතිවග්ගකරණෙ කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ අනාගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, වීසතිවග්ගකරණෙ කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, වීසතිවග්ගකරණෙ කම්මෙ -පෙ- යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති. ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, ඉමෙහි ද්වාදසහි ආකාරෙහි පරිසතො කම්මානි විපජ්ජන්ති.
Sinhala BJT6. පිරිස වශයෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: දොළොස් අයුරෙකින් පිරිස වශයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්. චතුවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍ම ප්‍රාප්තයෝ ද ඔහු නො පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුස්සන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතික්‍රෝෂණය කෙරෙති. චතුර්වර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍ම ප්‍රාප්තයෝ ද ඔහු පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුස්සන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙති. පඤ්චවර්‍ගකරණ කර්‍මයෙහි ... දශවර්‍ග කරණ කර්‍මයෙහි ... විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍ම ප්‍රාප්තයෝ ද ඔහු පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුස්සන් ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතික්‍රෝෂණය කෙරෙති විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝ ද ඔහු නොපැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුස්සන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. හමු වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙති විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝද ඔහු පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුස්සන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වෙයි. හමු වූවෝ ප්‍රතික්‍රෝෂණය කෙරෙති. මේ දොළොස් අයුරින් පිරිස වශයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
Pali BJT7. චතුවග්ගකරණෙ කම්මෙ චත්තාරො භික්ඛූ පකතත්තා කම්මප්පත්තා, අවසෙසා පකතත්තා ඡන්දාරහා, යස්ස සඞ්ඝො කම්මං කරොති සො නෙව කම්මප්පත්තො නාපි ඡන්දාරහො, අපි ච කම්මාරහො. පඤ්චවග්ගකරණෙ කම්මෙ පඤ්ච භික්ඛූ පකතත්තා කම්මප්පත්තා, අවසෙසා පකතත්තා ඡන්දාරහා, යස්ස සඞ්ඝො කම්මං කරොති සො නෙව කම්මප්පත්තො නාපි ඡන්දාරහො අපි ච කම්මාරහො, දසවග්ගකරණෙ කම්මෙ දස භික්ඛූ පකතත්තා කම්මප්පත්තා, අවසෙසා පකතත්තා ඡන්දාරහා, යස්ස සඞ්ඝො කම්මං කරොති සො නෙව කම්මප්පත්තො නාපි ඡන්දාරහො අපි ච කම්මාරහො, වීසතිවග්ගකරණෙ කම්මෙ වීසති භික්ඛූ පකතත්තා කම්මප්පත්තා, අවසෙසා පකතත්තා ඡන්දාරහා, යස්ස සඞ්ඝො කම්මං කරොති සො නෙව කම්මප්පත්තො නාපි ඡන්දාරහො, අපි ච කම්මාරහො.
Sinhala BJT7. චතුර්වර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු සතර නමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක්හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද, හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට ද සුදුසු නො වේ. එහෙත් කර්‍මයට සුදුසු වේ. පඤ්චවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු පස්නමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක් හට සඞ්ඝ තෙමේ කර්‍මය කෙරේ ද, හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට ද සුදුසු නො වේ. එහෙත් කර්‍මයට සුදුසු වේ. දශවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු දසනමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක්හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද, හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැයි, ඡන්‍දයට ද සුදුසු නොවේ. එහෙත් කර්‍මයට සුදුසු වේ. විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු විසිනමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක්හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද, හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට ද සුදුසු නො වේ, එහෙත් කර්‍මයට සුදුසු වේ.
Pali BJT8. චත්තාරි කම්මානි : අපලොකනකම්මං, ඤත්තිකම්මං, ඤත්තිදුතියකම්මං, ඤත්තිචතුත්ථකම්මං. ඉමානි චත්තාරි කම්මානි කතිහාකාරෙහි විපජ්ජන්ති : ඉමානි චත්තාරි කම්මානි පඤ්චහාකාරෙහි විපජ්ජන්ති : වත්ථුතො වා ඤත්තිතො වා අනුසාවනතො වා සීමතො වා පරිසතො වා.
Sinhala BJT8. කර්‍ම සතරෙකි: අපලෝකන කර්‍ම යැ, ඤත්ති කර්‍ම යැ, ඤත්තිදුතිය කර්‍ම යැ, ඤත්තිචතුත්‍ථ කර්‍ම යැයි. මේ සතර කර්‍මයෝ කෙතෙක් අයුරෙකින් කෝප්‍ය වෙත්ද යත්: මේ සතර කර්‍මයෝ පස් අයුරෙකින් කෝප්‍ය වෙත් වස්තුවෙන් හෝ ඤත්තියෙන් හෝ අනුශ්‍රාවණයෙන් හෝ සීමායෙන් හෝ පිරිස වශයෙන් හෝ යැ.
Pali BJT9. කථං වත්ථුතො කම්මානි විපජ්ජන්ති : පණ්ඩකං උපසම්පාදෙති. වත්ථුවිපන්නං අධම්මකම්මං. ථෙය්යසංවාසකං උපසම්පාදෙති වත්ථුවිපන්නං අධම්මකම්මං. තිත්ථියපක්කන්තකං උපසම්පාදෙති වත්ථුවිපන්නං අධම්මකම්මං. තිරච්ඡානගතං උපසම්පාදෙති වත්ථුවිපන්නං අධම්මකම්මං මාතුඝාතකං උපසම්පාදෙති වත්ථුවිපන්නං අධම්මකම්මං පිතුඝාතකං උපසම්පාදෙති වත්ථුවිපන්නං අධම්මකම්මං, අරහන්තඝාතකං උපසම්පාදෙති වත්ථුවිපන්නං අධම්මකම්මං. භික්ඛුනීදූසකං උපසම්පාදෙති වත්ථුවිපන්නං අධම්මකම්මං. සඞ්ඝභෙදකං උපසම්පාදෙති වත්ථුවිපන්නං අධම්මකම්මං. ලොහිතුප්පාදකං උපසම්පාදෙති වත්ථුවිපන්නං අධම්මකම්මං උභතොබ්යඤ්ජනකං උපසම්පාදෙති වත්ථුවිපන්නං අධම්මකම්මං. ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙති වත්ථුවිපන්නං අධම්මකම්මං. එවං වත්ථුතො කම්මානි විපජ්ජන්ති.
Sinhala BJT9. වස්තුවෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: පණ්ඩකයා උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. ථෙය්‍යසංවාසකයා උසසපන් කෙරෙයි, වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. තීර්‍ත්‍ථකායතනයට ගියහු උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. තිරිසන් ගියහු උපසපන් කෙරෙයි. වස්තුවිප්පන්න අධර්‍මකර්‍මය වෙයි. මාතෘඝාතකයා උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. පිතෘඝාතකයා උපසපන් කෙරෙයි, වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. අරහන්තසාතකයා උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. භික්‍ෂුණීදුෂකයා උපසපන් කෙරෙයි, වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි, සඞ්ඝභේදකයා උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. ලෝහිතුප්පාදකයා උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. උභතෝබ්‍යඤ්ජනකයා උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. උනු විසිවයස් ඇති පුඟුලක්හු උපසපන් කෙරෙයි, වස්තුවිපන්න අධර්‍මකර්‍මය වේ. මෙසේ වස්තුවෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
Pali BJT10. කථං ඤත්තිතො කම්මානි විපජ්ජන්ති : පඤ්චහාකාරෙහි ඤත්තිතො කම්මානි විපජ්ජන්ති. වත්ථුං න පරාමසති, සඞ්ඝං න පරාමසති, පුග්ගලං න පරාමසති, ඤත්තිං න පරාමසති, පච්ඡා වා ඤත්තිං ඨපෙති, ඉමෙහි පඤ්චහාකාරෙහි ඤත්තිතො කම්මානි විපජ්ජන්ති.
Sinhala BJT10. ඤත්තියෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්; පස් අයුරෙකින් ඤත්තියෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්. වස්තුව පරාමර්‍ශනය නො කෙරෙයි, සඞ්ඝයා පරාමර්‍ශනය නො කෙරෙයි, පුද්ගලයා පරාමර්‍ශනය නො කෙරෙයි, ඤත්තිය පරාමර්‍ශනය නො කෙරෙයි, පසු වැ හෝ ඤත්තිය තබයි. මේ පස් අයුරෙන් ඤත්තියෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
Pali BJT11. කථං අනුසාවනතො කම්මානි විපජ්ජන්ති : පඤ්චහාකාරෙහි අනුසාවනතො කම්මානි විපජ්ජන්ති : වත්ථුං න පරාමසති, සඞ්ඝං න පරාමසති, පුග්ගලං න පරාමසති, සාවනං හාපෙති, අකාලෙ වා සාවෙති ඉමෙහි පඤ්චහාකාරෙහි අනුසාවනතො කම්මානි විපජ්ජන්ති.
Sinhala BJT11. අනුශ්‍රාවණයෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: පස් අයුරෙකින් අනුශුරාවණයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්: වස්තුව පරාමර්‍ශනය නො කෙරෙයි, සඞ්ඝයා පරාමර්‍ශනය නො කෙරෙයි, පුද්ගලයා පරාමර්‍ශනය නො කෙරෙයි, ඇස්වීම පිරිහෙළයි, නොකල්හි හෝ අස්වයි, මේ පස් අයුරෙන් අනුශ්‍රාවණයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
Pali BJT12. කථං සීමතො කම්මානි විපජ්ජන්ති : එකාදසහි ආකාරෙහි සීමතො කම්මානි විපජ්ජන්ති. අතිඛුද්දකං සීමං සම්මන්නති, අතිමහතිං සීමං සම්මන්නති, ඛණ්ඩනිමිත්තං සීමං සම්මන්නති, ඡායානිමිත්තං සීමං සම්මන්නති,
Sinhala BJT12. සීමායෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: එකොළොස් අයුරෙකින් සීමායෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්. ඉතා කුඩා සීමාවක් සම්මත කෙරෙයි. ඉතා මහත් සීමාවක් සම්මත කෙරෙයි, කඩ නිමිති ඇති සීමාවක් සම්මත කෙරෙයි. සෙවණලු නිමිති කොට ඇති සීමාවක් සම්මත කෙරෙයි,
Pali BJTඅනිමිත්තං සීමං සම්මන්නති, බහිසීමෙ ඨිතො සීමං සම්මන්නති, නදියා සීමං සම්මන්නති, සමුද්දෙ සීමං සම්මන්නති, ජාතස්සරෙ සීමං සම්මන්නති, සීමාය සීමං සම්භින්දති, සීමාය සීමං අජ්ඣොත්ථරති. ඉමෙහි එකාදසහි ආකාරෙහි සීමතො කම්මානි විපජ්ජන්ති.
Sinhala BJTනිමිති රහිත වූ සීමාවක් සම්මත කෙරෙයි, සීමායෙන් බැහැරැ සිටියේ සීමාව සම්මත කෙරෙයි, නදියෙහි සීමාව සම්මත කෙරෙයි, සමුද්‍රයෙහි සීමාව සම්මත කෙරෙයි, විලෙහි සීමාව සම්මත කෙරෙයි, සීමායෙන් සීමාව මුසු කෙරෙයි, සීමායෙන් සීමාව යටපත් කෙරෙයි. මේ එකොළොස් අයුරෙන් සීමායෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
Pali BJT13. කථං පරිසතො කම්මානි විපජ්ජන්ති : ද්වාදසහාකාරෙහි පරිසතො කම්මානි විපජ්ජන්ති : චතුවග්ගකරණෙ කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ අනාගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, චතුවග්ගකරණෙ කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති. චතුවග්ගකරණෙ කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති. පඤ්චවග්ගකරණෙ කම්මෙ -පෙ- දසවග්ගකරණෙ කම්මෙ -පෙ- වීසතිවග්ගකරණෙ කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ අනාගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති. වීසතිවග්ගකරණෙ කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති. වීසතිවග්ගකරණෙ කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති. ඉමෙහි ද්වාදසහාකාරෙහි පරිසතො කම්මානි විපජ්ජන්ති.
Sinhala BJT13. පිරිස වශයෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: දොළොස් අයුරෙකින් පිරිස වශයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්. චතුවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝ ද, ඔහු නො පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙත්. චතුර්වර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝ ද, ඔහු පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙත්. චතුර්වර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝ ද, ඔහු පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙත්. පඤ්චවර්‍ගකරණ කර්‍මයෙහි ... දශවර්‍ගකරණ කර්‍මයෙහි ... විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෙන් ද, ඔහු නො පැමිණියාහු වෙත්. ඡන්‍දයට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කරත්. විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝ ද, ඔහු පැමිණියාහු වෙති ඡන්‍දයට සුදුසු වූවන්ගේ ඡන්‍දය නොගෙණන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙති. විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝද, ඔහු පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙති. මේ දොළොස් අයුරෙන් පිරිස වශයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
Pali BJT14. අපලොකනකම්මං කති ඨානානි ගච්ඡති, ඤත්තිකම්මං කති ඨානානි ගච්ඡති, ඤත්තිදුතියකම්මං කති ඨානානි ගච්ඡති, ඤත්තිචතුත්ථකම්මං කති ඨානානි ගච්ඡති : අපලොකනකම්මං පඤ්ච ඨානානි ගච්ඡති, ඤත්තිකම්මං නව ඨානානි ගච්ඡති, ඤත්තිදුතියකම්මං සත්ත ඨානානි ගච්ඡති, ඤත්තිචතුත්ථකම්මං සත්ත ඨානානි ගච්ඡති.
Sinhala BJT14. අපලෝක න කර්‍මය කෙතෙක් තැනට යේ ද, ඤත්ති කර්‍මය කෙතෙක් තැනට යේ ද, ඤත්තිදුතිය කර්‍මය කෙතෙක් තැනට යේ ද, ඤත්තිචතුත්‍ථ කර්‍මය කෙතෙක් තැනට යේ ද යත්: අපලෝකන කර්‍මය පස් තැනකට යෙයි. ඤත්ති කර්‍මය නව තැනකට යෙයි. ඤත්තිදුතිය කර්‍මය සත් තැනකට යෙයි. ඤත්තිචතුත්‍ථ කර්‍මය සත් තැනකට යෙයි.
Pali BJT15. අපලොකනකම්මං කතමානි පඤ්ච ඨානානි ගච්ඡති : ඔසාරණං, නිස්සාරණං, භණ්ඩුකම්මං, බ්රහ්මදණ්ඩං, කම්මලක්ඛණඤ්ඤෙව පඤ්චමං. අපලොකනකම්මං ඉමානි පඤ්ච ඨානානි ගච්ඡති.
Sinhala BJT15. අපලෝකන කර්‍මය කිනම් පස්තැනට යේ ද යත්: ඔසාරණ යැ නිස්සාරණ යැ භණඩුකර්‍ම යැ බුහමදණඩ යැ පස්වැනි වූ කර්‍මලක්‍ෂණ යැ යි අපලෝකන කර්‍මය මේ පස්තැනට යෙයි.
Pali BJT16. ඤත්තිකම්මං කතමානි නව ඨානානි ගච්ඡති : ඔසාරණං, නිස්සාරණං, උපොසථං, පවාරණං, සම්මුතිං, දානං, පටිග්ගහං, පච්චුක්කඩ්ඪනං, කම්මලක්ඛණඤ්ඤෙව නවමං ඤත්තිකම්මං ඉමානි නව ඨානානි ගච්ඡති.
Sinhala BJT16. ඤත්ති කර්‍මය කිනම් නවතැනට යේ ද යත්: ඔසාරණ යැ නිස්සාරණ යැ උපෝසථ යැ පවාරණ යැ සම්මුති යැ දාන යැ පටිග්ගහ යැ පච්චුක්කඩ්ඪන යැ නව වැනි වූ මැ කර්‍මලක්‍ෂණ යැ යි ඤත්ති කර්‍මය මේ නවතැනට යෙයි.
Pali BJT17. ඤත්තිදුතියකම්මං කතමානි සත්ත ඨානානි ගච්ඡති : ඔසාරණං, නිස්සාරණං, සම්මුති, දානං, උද්ධරණං, දෙසනං, කම්මලක්ඛණඤ්ඤෙව සත්තමං. ඤත්තිදුතියකම්මං ඉමානි සත්ත ඨානානි ගච්ඡති.
Sinhala BJT17. ඤත්තිදුතිය කර්‍මය කිනම් සත්තැනට යේ ද යත්: ඔසාරණ යැ නිස්සාරණ යැ සම්මුති යැ දාන යැ උද්ධරණ යැ දෙසන යැ සත්වැනි වූ මැ කර්‍මලක්‍ෂණ යැ යි ඤත්තිදුතිය කර්‍මය මේ සත්තැනට යෙයි.
Pali BJT18. ඤත්තිචතුත්ථකම්මං කතමානි සත්ත ඨානානි ගච්ඡති : ඔසාරණං, නිස්සාරණං, සම්මුතිං, දානං, නිග්ගහං, සමනුභාසනං, කම්මලක්ඛණඤ්ඤෙව සත්තමං. ඤත්තිචතුත්ථකම්මං ඉමානි සත්ත ඨානානි ගච්ඡති.
Sinhala BJT18. ඤත්තිචතුත්‍ථ කර්‍මය කිනම් සත්තැනට යේද යත්: ඔසාරණ යැ නිස්සාරණ යැ සම්මුති යැ දාන යැ නිග්ගහ යැ සමනුභාෂණ යැ සත්වැනි වූ මැ කර්‍මලක්‍ෂණ ය යි ඤත්තිචතුත්‍ථ කර්‍මය මේ සත්තැනට යේ,
Pali BJT19. චතුවග්ගකරණෙ කම්මෙ චත්තාරො භික්ඛූ පකතත්තා කම්මප්පත්තා අවසෙසා පකතත්තා ඡන්දාරහා. යස්ස සඞ්ඝො කම්මං කරොති, සො නෙව කම්මප්පත්තො නාපි ඡන්දාරහො. අපි ච කම්මාරහො. පඤ්චවග්ගකරණෙ කම්මෙ -පෙ- දසවග්ගකරණෙ කම්මෙ දස භික්ඛූ පකතත්තා කම්මප්පත්තා, අවසෙසා පකතත්තා ඡන්දාරහා. යස්ස සඞ්ඝො කම්මං කරොති සො නෙව කම්මප්පත්තො, නාපි ඡන්දාරහො අපි ච කම්මාරහො. වීසතිවග්ගකරණෙ කම්මෙ වීසති භික්ඛූ පකතත්තා කම්මප්පත්තා, අවසෙසා පකතත්තා ඡන්දාරහා. යස්ස සඞ්ඝො කම්මං කරොති සො නෙව කම්මප්පත්තො, නාපි ඡන්දාරහො, අපි ච කම්මාරහො.
Sinhala BJT19. චතුවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂූහු සතරනමක් කර්‍ම ප්‍රාප්තයහ. පුවතත් සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක් හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට සුදුසු නො වේ. එහෙත් කර්‍මයට සුදුසු වේ. පඤ්චවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු පස්නමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක්හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට සුදුසු ද නො වේ. එහෙත් කර්‍මයට සුදුසු වේ. දසවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු දසනමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක්හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද, හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට සුදුසු ද නො වේ. එහෙත් කර්‍මයට සුදුසු වේ. විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු විසිනමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක් හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද, හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට සුදුසු ද නො වේ. එහෙත් කර්‍මයට සුදුසු වේ.
Pali BJTකම්මවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන කර්‍මවර්‍ග යි.
Pali BJT2. අත්ථවසවග්ගො
Sinhala BJT2. අත්‍ථවස වර්‍ගය
Pali BJT1. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං : සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං.
Sinhala BJT1. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි සඞ්ඝයාගේ මනා පිළිගැන්ම පිණිස යැ, සඞ්ඝයාගේ පහසුබව පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
Pali BJT2. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං : දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං.
Sinhala BJT2. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පනවන ලදී. දුසිල් පුඟුලන්ගේ නිගැන්ම පිණිස යැ, ප්‍රියශීලී භික්‍ෂුන්ගේ පහසු විහරණය පිණිස යැ, මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
Pali BJT3. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං : දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං.
Sinhala BJT3. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදී. දිටුදැමියෙහි විඳියයුතු දුක්ගැහැට වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු දුක්ගැහැට නසනු පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
Pali BJT4. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං : දිට්ඨධම්මිකානං වෙරානං සංවරාය, සම්පරායිකානං වෙරානං පටිඝාතාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං.
Sinhala BJT4. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. දිටුදැමියෙහි පස් පව් වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු විපාක දුක් නැසීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
Pali BJT5. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං : දිට්ඨධම්මිකානං වජ්ජානං සංවරාය, සම්පරායිකානං වජ්ජානං පටිඝාතාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං.
Sinhala BJT5. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. දිටුදැමියෙහි හළයුතු පව් වළකනු පිණිස යැ, පරලොව්හි විඳියයුතු විපාක දුක් නැසීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
Pali BJT6. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං : දිට්ඨධම්මිකානං භයානං සංවරාය, සම්පරායිකානං භයානං පටිඝාතාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං.
Sinhala BJT6. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. දිටුදැමියෙහි ලැබිය හැකි (ගැරහුම් ඈ) බිය වළකනු පිණිස යැ, පරලොව්හි විඳියයුතු විපාක දුක් නැසීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
Pali BJT7. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං : දිට්ඨධම්මිකානං අකුසලානං ධම්මානං සංවරාය, සම්පරායිකානං අකුසලානං ධම්මානං පටිඝාතාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං.
Sinhala BJT7. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. දිටුදැමියෙහි වන සුලු අකුසල් ධම් වළකනු පිණිස යැ. පරලෙව්හි විඳියයුතු විපාක දුක් නැසීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
Pali BJT8. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං : ගිහීනං අනුකම්පාය, පාපිච්ඡානං පක්ඛුපච්ඡෙදාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං.
Sinhala BJT8. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. ගිහියනට අනුකම්පා පිණිස යැ, ලමුඅදහස් ඇති පුඟුලන්ගේ වගබැඳුම් බිඳීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
Pali BJT9. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං : අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං.
Sinhala BJT9. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස යැ, පැහැදුනවුන්ගේ අයිරා පැහැදීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
Pali BJT10. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං : සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං.
Sinhala BJT10. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. ශාසනයාගේ චිරකල් පැවැත්ම පිණිස යැ, විනයට රුකුල් පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
Pali BJTඅත්ථවසවග්ගො දුතියො.
Sinhala BJTදෙවන අත්‍ථවසවර්‍ග යි
Pali BJT3. පඤ්ඤත්තවග්ගො
Sinhala BJT3. පඤ්ඤත්ත වර්‍ගය
Pali BJT1. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං පාතිමොක්ඛං පඤ්ඤත්තං -පෙ- පාතිමොක්ඛුද්දෙසො පඤ්ඤත්තො -පෙ- පාතිමොක්ඛට්ඨපනං පඤ්ඤත්තං -පෙ- පවාරණා පඤ්ඤත්තා -පෙ- පවාරණට්ඨපනං පඤ්ඤත්තං -පෙ- තජ්ජනීයකම්මං පඤ්ඤත්තං -පෙ- නියස්සකම්මං පඤ්ඤත්තං -පෙ- පබ්බාජනීයකම්මං පඤ්ඤත්තං -පෙ- පටිසාරණීයකම්මං පඤ්ඤත්තං -පෙ- උක්ඛෙපනීයකම්මං පඤ්ඤත්තං -පෙ- පරිවාසදානං පඤ්ඤත්තං -පෙ- මූලාය පටිකස්සනා පඤ්ඤත්තා -පෙ- මානත්තදානං පඤ්ඤත්තං -පෙ- අබ්භානං පඤ්ඤත්තං -පෙ- ඔසාරණීයං පඤ්ඤත්තං -පෙ- නිස්සාරණීයං පඤ්ඤත්තං -පෙ- උපසම්පදා පඤ්ඤත්තා -පෙ- අපලොකනකම්මං පඤ්ඤත්තං -පෙ- ඤත්තිකම්මං පඤ්ඤත්තං -පෙ- ඤත්තිදුතියකම්මං පඤ්ඤත්තං -පෙ- ඤත්තිචතුත්ථකම්මං පඤ්ඤත්තං.
Sinhala BJT1. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට පාතිමොක්ඛය පණවන ලදි. … පාතිමෝක්ඛද්දෙසය. පණවන ලදි. … පාතිමෝක්ඛඨපනය පණවන ලදි. … පවාරණය පණවන ලදි. … පවාරණඨපනය පණවන ලදි. … තජ්ජනීය කර්‍මය පණවන ලදි. … නියස්ස කර්‍මය පණවන ලදි. … පබ්බාජනීයකර්‍මය පණවන ලදි. … පටිසාරණීය කර්‍මය පණවන ලදි. … උක්ඛේපනීය කර්‍මය පණවන ලදි. … පරිවාසදානය පණවන ලදි. … මූලායපටිකස්සනය පණවන ලදි. … මානත්තදානය පණවන ලදි. … අබ්භානය පණවන ලදි. … ඔසාරණීයය පණවන ලදි. … නිස්සාරණීයය පණවන ලදි. … උපසම්පදාව පණවන ලදි. … අපලෝකන කර්‍මය පණවන ලදි. … ඤත්තිකර්‍මය පණවන ලදි. … ඤත්තිදුතිය කර්‍මය පණවන ලදි. … ඤත්තිචතුත්‍ථ කර්‍මය පණවන ලදි...
Pali BJTපඤ්ඤත්තවග්ගො තතියො.
Sinhala BJTතෙවන පඤ්ඤත්ත වර්‍ග යි
Pali BJT4. අපඤ්ඤත්තෙ පඤ්ඤත්ත වග්ගො
Sinhala BJT4. අප්‍රඥප්තයෙහි ප්‍රඥප්ත වර්‍ගය
Pali BJT1. අපඤ්ඤත්තෙ පඤ්ඤත්තං -පෙ- පඤ්ඤත්තෙ අනුපඤ්ඤත්තං -පෙ- සම්මුඛා විනයො පඤ්ඤත්තො -පෙ- සතිවිනයො පඤ්ඤත්තො -පෙ- අමූළ්හවිනයො පඤ්ඤත්තො -පෙ- පටිඤ්ඤාතකරණං පඤ්ඤත්තං -පෙ- යෙභුය්යසිකා පඤ්ඤත්තා -පෙ- තස්සපාපිය්යසිකා පඤ්ඤත්තා -පෙ- තිණවත්ථාරකො පඤ්ඤත්තො සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය, ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො.
Sinhala BJT1. නො පණවනලද්දෙහි පණවනලදි. … පණවනලද්දෙහි නැවැත පණවන ලදි. … සම්මුඛාවිනය පණවනලදි. … සතිවිනය පණවනලදි. … අමූළ්හවිනය පණවනලදි. … පටිඤ්ඤාතකරණය පණවනලදි. … යේභුය්‍යසිකාව පණවන ලදි. … තස්සපාපිය්‍යසිකාව පණවනලදි. … තිණවත්‍ථාරකය පණවනලදි. සඞ්ඝයාගේ මනා පිළිගැන්ම පිණිස යැ. සඞ්ඝයාගේ පහසුබව පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
Pali BJT2. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො : දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො.
Sinhala BJT2. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දුසිල් පුඟුලන්ගේ නිගැන්ම පිණිස යැ. ප්‍රියශීලි භික්‍ෂුන්ගේ පහසු විහරණය පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
Pali BJT3. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො : දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො.
Sinhala BJT3. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි විඳියයුතු දුක්ගැහැට වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු දුක්ගැහැට නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
Pali BJT4. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො : දිට්ඨධම්මිකානං වෙරානං සංවරාය, සම්පරායිකානං වෙරානං පටිඝාතාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො.
Sinhala BJT4. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි වනසුලු පස්පව් වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු විපාක දුක් නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
Pali BJT5. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො : දිට්ඨධම්මිකානං වජ්ජානං සංවරාය, සම්පරායිකානං වජ්ජානං පටිඝාතාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො.
Sinhala BJT5. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවිත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි වනසුලු වරද වළකනු පිණිස යැ, පරලොව් විඳියයුතු අනිටු විපාක නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
Pali BJT6. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො : දිට්ඨධම්මිකානං භයානං සංවරාය, සම්පරායිකානං භයානං පටිඝාතාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො.
Sinhala BJT6. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි ලැබිය යුතු (ගැරහුම් ඈ) බිය වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු විපාකදුක් නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
Pali BJT7. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො : දිට්ඨධම්මිකානං අකුසලානං ධම්මානං සංවරාය, සම්පරායිකානං අකුසලානං ධම්මානං පටිඝාතාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො.
Sinhala BJT7. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි වන සුලු අකුශලධර්‍ම වළකනු පිණිස යැ, පරලෙව්හි විඳිය යුතු විපාක දුක් නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
Pali BJT8. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො : ගිහීනං අනුකම්පාය, පාපිච්ඡානං පක්ඛුපච්ඡෙදාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො.
Sinhala BJT8. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. ගිහියනට අනුකම්පා පිණිස යැ, ලමු අදහස් ඇති පුඟුලන්ගේ ගණබැඳුම් බිඳීම පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
Pali BJT9. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො : අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො.
Sinhala BJT9. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස යැ, පැහැදුනවුන්ගේ අයිරා පැහැදීම පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේයි.
Pali BJT10. ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තො සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය. ඉමෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තොති.
Sinhala BJT10. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. ශාසනයාගේ තිරකල් පැවැත්ම පිණිස යැ, විනයට රුකුල් පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
Pali BJTඅපඤ්ඤත්තෙ පඤ්ඤත්තවග්ගො චතුත්ථො.
Sinhala BJTසතර වන අප්‍රඥප්තයෙහි ප්‍රඥප්තවර්‍ග යි.
Pali BJT5. නවසංගහවග්ගො
Sinhala BJT5. නවසඞ්ග්‍රහ වර්‍ගය
Pali BJT1. නවසඞ්ගහා : වත්ථුසඞ්ගහො, විපත්තිසඞ්ගහො ආපත්තිසඞ්ගහො, නිදානසඞ්ගහො, පුග්ගලසඞ්ගහො, ඛන්ධසඞ්ගහො, සමුට්ඨානසඞ්ගහො, අධිකරණසඞ්ගහො, සමථසඞ්ගහොති.
Sinhala BJT1. නවසඞ්ග්‍රහයෝ: වස්තුසඞ්ග්‍රහ යැ විපත්තිසඞ්ග්‍රහ යැ ආපත්තිසඞ්ග්‍රහ යැ නිදාන සඞ්ග්‍රහ යැ පුද්ගලසඞ්ග්‍රහ යැ ස්කන්‍ධසඞ්ග්‍රහ යැ සමුත්‍ථානසඞ්ග්‍රහ යැ අධිකරණ සඞ්ග්‍රහ යැ ශමථසඞ්ග්‍රහ යි.
Pali BJT2. අධිකරණෙ සමුප්පන්නෙ සචෙ උභො අත්ථපච්චත්ථිකා ආගච්ඡන්ති උභින්නම්පි වත්ථුං ආරොචාපෙතබ්බං. උභින්නම්පි වත්ථු ආරොචාපෙත්වා උභින්නම්පි පටිඤ්ඤා සොතබ්බා. උභින්නම්පි පටිඤ්ඤං සුත්වා උභොපි වත්තබ්බා “අම්හාකං ඉමස්මිං අධිකරණවූපසමෙන උභොපි තුට්ඨා භවිස්සථාති. සචෙ ආහංසු ‘උභොපි තුට්ඨා භවිස්සාමා’ති සඞ්ඝෙන තං අධිකරණං සම්පටිච්ඡිතබ්බං. සචෙ අලජ්ජුස්සන්නා හොති පරිසා උබ්බාහිකාය වූපසමෙතබ්බං. සචෙ බාලුස්සන්නා හොති පරිසා, විනයධරො පරියෙසිතබ්බා. යෙන ධම්මෙන යෙන විනයෙන යෙන සත්ථුසාසනෙන තං අධිකරණං වූපසමෙති, තථා තං අධිකරණං වූපසමෙතබ්බං.
Sinhala BJT2. අධිකරණයක් උපන් කල්හි ඉදින් ආත්ම ප්‍රතිපක්‍ෂ වූ දෙදෙනා ම (චූදිතචෝදක) පැමිණෙත් ද දෙපසට ම වස්තුව සැලකරවිය යුතු යි. දෙපසට ම වස්තුව සැලකරවා දෙපසෙහි ම ප්‍රතිඥාව ඇසිය යුතු යි. දෙපසෙහි ම ප්‍රතිඥාව අසා අපගේ මේ අධිකරණය සන්හිඳුවීමෙහි දෙපසෙහිම වූ තෙපි සතුටුවන්නහු දැ”යි දෙපසෙහි ම වූවෝ කියයුත්තාහු වෙති. ඉදින් දෙපස ම අපි සතුටු වම්හ යි කීහු නම් සඞ්ඝයා විසින් ඒ අධිකරණය පිළිගත යුතුයි. ඉදින් පිරිස අලජ්ජින්ගෙන් බලවත් වූවා ද, උබ්බාහිකායෙන් සන්හිඳවියයුතු යි. ඉදින් පිරිස බාලයන්ගෙන් බලවත් වූවා ද, විනයධරයෙක් සෙවිය යුතු යි. යම් ධර්‍මයෙකින් යම් විනයෙකින් යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ නම්. එසේ ඒ අධිකරණය සන්හිඳවිය යුතු යි.
Pali BJTවත්ථු ජානිතබ්බං. ගොත්තං ජානිතබ්බං. නාමං ජානිතබ්බං. ආපත්ති ජානිතබ්බා.
Sinhala BJTවස්තුව දතයුතු යැ ගෝත්‍රය දතයුතු යැ නාමය දතයුතු යැ ආපත්තිය දතයුතු යැ
Pali BJT3. මෙථුනධම්මොති වත්ථු චෙව ගොත්තඤ්ච. පාරාජිකන්ති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT3. “මෙථූනධම්මෝ” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි. “පාරාජිකං” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT4. අදින්නාදානන්ති වත්ථු චෙව ගොත්තඤ්ච. පාරාජිකන්ති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT4. “අදින්නාදානං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “පාරාජික” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT5. මනුස්සවිග්ගහොති වත්ථු චෙව ගොත්තඤ්ච. පාරාජිකන්ති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT5. “මනුස්සවිග්ගහො” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “පාරාජිකං” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT6. උත්තරිමනුස්සධම්මොති වත්ථු චෙව ගොත්තඤ්ච. පාරාජිකන්ති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT6. “උත්තරිමනුස්සධම්මෝ” යනු වස්තුව ද ගෝත්‍රය ද වේ, “පාරාජිකං” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT7. සුක්කවිස්සට්ඨීති වත්ථු චෙව ගොත්තඤ්ච සඞ්ඝාදිසෙසොති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT7. “සුක්කවිසට්ඨි” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT8. කායසංසග්ගොති වත්ථු චෙව ගොත්තඤ්ච. සඞ්ඝාදිසෙසොති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT8. “කායසංසග්ගො” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT9. දුට්ඨුල්ලා වාචාති වත්ථු චෙව ගොත්තඤ්ච. සඞ්ඝාදිසෙසොති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT9. “දුට්ඨුල්ලවාචා”යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT10. අත්තකාමන්ති වත්ථු චෙව ගොත්තඤ්ච. සඞ්ඝාදිසෙසොති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT10. “අත්තකාමය” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT11. සඤ්චරිත්තන්ති වත්ථු චෙව ගොත්තඤ්ච. සඞ්ඝාදිසෙසොති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT11. “සඤ්චරිත්තං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT12. සඤ්ඤාචිකාය කුටිං කාරාපනන්ති වත්ථු චෙව ගොත්තඤ්ච. සඞ්ඝාදිසෙසොති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT12. “සඤ්ඤාචිකාය කුටිං කාරාපනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT13. මහල්ලකං විහාරං කාරාපනන්ති වත්ථු චෙව ගොත්තඤ්ච සඞ්ඝාදිසෙසොති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT13. “මහල්ලකං විහාරං කාරාපනං” යනු වස්තුව ද , ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT14. භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසනන්ති වත්ථු චෙව ගොත්තඤ්ච. සඞ්ඝාදිසෙසොති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT14. “භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වේ. “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT15. භික්ඛුං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසනන්ති වත්ථු චෙව ගොත්තඤ්ච. සඞ්ඝාදිසෙසොති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT15. “භික්ඛුං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධිසනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි. “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT16. සඞ්ඝභෙදකස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනන්ති වත්ථු චෙව ගොත්තඤ්ච. සඞ්ඝාදිසෙසොති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT16. “සඞ්ඝභේදකස්ස භික්ඛුනෝ යාවතතියං සමනුභාසනාය න පටිනිස්සජ්ජනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
Pali BJT17. භෙදකානුවත්තකානං භික්ඛූනං යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනන්ති වත්ථු චෙව ගොත්තඤ්ච. සඞ්ඝාදිසෙසොති නාමඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT17. “භේදකානුවත්තකාං භික්ඛූනං යාවතතියං සමනුභාසනාය න පටිනිස්සජ්ජනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.