Pali BJT33. කති පාචිත්තියානි සබ්බානි නානාවත්ථුකානි, අපුබ්බං අචරිමං ආපජ්ජෙය්ය එකතො.
Sinhala BJT33. සියල්ල නානාවස්තු ඇති කෙතෙක් පචිති ඇවැතුන්ට පෙර පෙසු නො ව එකවර අවදනේ ද යත්:
Pali BJT34. නව පාචිත්තියානි සබ්බානි නානාවත්ථුකානි, අපුබ්බං අචරිමං ආපජ්ජෙය්ය එකතො.
Sinhala BJT34. (දී, මී, කිරි, තෙල්, ගිතෙල්, වෙඬරු, සකුරු, දියමස්, ගොඩමස් යන පිනී බොජුන් එකවර වළඳන මහණ) සියල්ල නානාවස්තුක වූ පචිති ඇවැත් නව දෙනකුන්ට පෙර පසු නො වැ එකවර ම අවදනේ යි.
Pali BJT35. කති පාචිත්තියානි සබ්බානි නානා වත්ථුකානි, කති වාචාය දෙසෙය්ය වුත්තා ආදිච්චබන්ධුනා.
Sinhala BJT35. සියල්ල නානාවස්තුක වූ කෙතෙක් පචිති ඇවැතුන් කෙතෙක් බසින් දෙසන්නේ දැ යි බුදුරජුන් විසින් වදාරණ ලද ද යත්:
Pali BJT36. පඤ්ච පාචිත්තියානි සබ්බානි නානාවත්ථුකානි, එකවාචාය දෙසෙය්ය වුත්තා ආදිච්චබන්ධුනා.
Sinhala BJT36. සියල්ල නානාවස්තුක වූ (පස් බෙහෙත් පිළිබඳ) පචිති පසක් එක් ම වචනයෙන් දෙසන්නේ යැ යි බුදුරජුන් විසින් වදාරණ ලදි.
Pali BJT37. කති පාචිත්තියානි සබ්බානි නානා වත්ථුකානි, කති වාචාය දෙසෙය්ය වුත්තා ආදිච්චබන්ධුනා.
Sinhala BJT37. සියල්ල නානාවස්තුක වූ කෙතෙක් පචිති කෙතෙක් බසින් දෙසන්නේ දැ යි බුදුරජුන් විසින් වදාරණ ලද ද යත්:
Pali BJT38. නව පාචිත්තියානි සබ්බානි නානාවත්ථුකානි, එකවාචාය දෙසෙය්ය වුත්තා ආදිච්චබන්ධුනා.
Sinhala BJT38. සියල්ල නානාවස්තුක වූ පචිති ඇවැත් නවයක් එක් ම වචනයෙන් දෙසන්නේ යැ යි බුදුරජුන් විසින් වදාරණ ලදි.
Pali BJT39. කති පාචිත්තියානි සබ්බානි නානාවත්ථුකානි, කිඤ්ච කිත්තෙත්වා දෙසෙය්ය වුත්තා ආදිච්චබන්ධුනා.
Sinhala BJT39. සියල්ල නානවස්තුක වූ කෙතෙක් පචිති කුමක් කීර්‍තනය කොට දෙසන්නේ දැ යි බුදුරජුන් විසින් වදාරණ ලද ද යත්:
Pali BJT40. පඤ්ච පාචිත්තියානි සබ්බානි නානාවත්ථුකානි, වත්ථුං කිත්තෙත්වා දෙසෙය්ය වුත්තා ආදිච්චබන්ධුනා.
Sinhala BJT40. සියල්ල නානාවස්තුක වූ පචිති පසක් වස්තු කීර්‍තනය කොට දෙසන්නේ යැයි බුදුරජුන් විසින් වදාරණ ලදි.
Pali BJT41. කති පාචිත්තියානි සබ්බානි නානාවත්ථුකානි, කිඤ්ච කිත්තෙත්වා දෙසෙය්ය වුත්තා ආදිච්චබන්ධුනා.
Sinhala BJT41. සියල්ල නානාවස්තුක වූ කෙතෙක් පචිති කුමක් කීර්‍තනය කොට දෙසන්නේ දැ යි බුදුරජුන් විසින් වදාරණ ලද ද යත්:
Pali BJT42. නව පාචිත්තියානි සබ්බානි නානාවත්ථුකානි, වත්ථුං කිත්තෙත්වා දෙසෙය්ය වුත්තා ආදිච්චබන්ධුනා.
Sinhala BJT42. සියල්ල නානාවස්තුක වූ පචිති ඇවැත් නවයක් වස්තු කීර්‍තනය කොට දෙසන්නේ යැ යි බුදුරජුන් විසින් වදාරණ ලදි.
Pali BJT43. යාවතතියකා කති ආපත්තියො කති වොහාරපච්චයා, ඛාදන්තස්ස කති ආපත්තියො කති භොජනපච්චයා.
Sinhala BJT43. යාවතතියකයෙහි ඇවැත්හු කෙතෙක් ද, වාග්ව්‍යවහාර හේතුවෙන් ඇවැත්හු කෙතෙක් ද, වළඳන්නහුට ඇවැත්හු කෙතෙක් ද, භෝජන හේතුවෙන් ඇවැත්හු කෙතෙක් ද යත්:
Pali BJT44. යාවතතියකෙ තිස්සො ආපත්තියො ඡ වොහාරපච්චයා, ඛාදන්තස්ස තිස්සො ආපත්තියො පඤ්ච භොජනපච්චයා.
Sinhala BJT44. යාවතතියකයෙහි (පරිජි, සඟවෙසෙස්, පචිති) ඇවැත්හු තිදෙනෙකි, වාග්ව්‍යවහාර හේතුවෙන් (පරිජි, සඟවෙසෙස්, ථුලැසි, පචිති, පාටිදේසනීය, දුකුළා) ඇවැත්හු සදෙනෙකි. වළඳන්නහුට (ථුලැසි, දුකුළා, පචිති) ඇවැත්හු තිදෙනෙකි. භෝජන හේතුවෙන් (සඟවෙසෙස්, ථුලැසි, පචිති, පාටිදේසනීය, දුකුළා) ඇවැත්හු පස්දෙනෙකි.
Pali BJT45. සබ්බා යාවතතියකා කති ඨානානි ගච්ඡන්ති, කතිනඤ්චෙව ආපත්තියො කතිනං අධිකරණෙන ච.
Sinhala BJT45. සියලු යාවතතියක ආපත්තීහු කෙතෙක් තැනට යෙත් ද, කීදෙනකුන්හට ඇවැත් වේ ද, අධිකරණය කීදෙනකුන් පිළිබඳ ද යත්:
Pali BJT46. සබ්බා යාවතතියකා පඤ්ච ඨානානි ගච්ඡන්ති, පඤ්චන්නඤ්චෙව ආපත්ති පඤ්චන්නං අධිකරණෙන ච.
Sinhala BJT46. සියලු යාවතතියක ආපත්තීහු (දුකුළා, ථුලැසි, පරිජි, සඟවෙසෙස්, පචිති) පස් තැනකට යෙත්. ඇවැත් නම් පස්සහදැමියනට වෙයි. (යුක්ති විචාරණ සඞ්ඛ්‍යාත) අධිකරණය ද පස් සහදැමියනට ම වේ.
Pali BJT47. කතින්නං විනිච්ඡයො හොති, කතින්නං වූපසමෙන ච, කතිනඤ්චෙව අනාපත්ති කතීහි ඨානෙහි සොභති.
Sinhala BJT47. කීදෙනකුන්හට අධිකරණ විනිශ්චය වේ ද, කීදෙනකුන්හට අධිකරණ ශමථය වේ ද, කීදෙනකුන්හට ඇවැත් නො වේ ද, කෙතෙක් කරුණෙන් හොබී ද යත්:
Pali BJT48. පඤ්චන්නං විනිච්ඡයො හොති පඤ්චන්නං වූපසමෙන ච, පඤ්චන්නඤ්චෙව අනාපත්ති තීහි ඨානෙහි සොභති.
Sinhala BJT48. අධිකරණ විනිශ්චය පස් සහදැමියනට වෙයි. පස්සහදැමියනට අධිකරණ ශමථය වෙයි. ඇවැත් නො වීම ද පස් සහදමියනට මැයි. (සඞ්ඝ, ගණ, පුද්ගල) තුන් කරුණෙන් හොබී.
Pali BJT49. කති කායිකා රත්තිං කති කායිකා දිවා, නිජ්ඣායන්තස්ස කති ආපත්ති කති පිණ්ඩපාතපච්චයා.
Sinhala BJT49. රාත්‍රියෙති කායිකාපත්තීහු කෙතෙක් ද, දහවල්හි කායිකාපත්තීහු කෙතෙක් ද බලන්නහුට ඇවැත්හු කෙතෙක් ද, පිණ්ඩපාත හේතුවෙන් ඇවැත්හු කෙතෙක් ද යත්:
Pali BJT50. ද්වෙ කායිකා රත්තිං ද්වෙ කායිකා දිවා, නිජ්ඣායන්තස්ස එකා ආපත්ති එකා පිණ්ඩපාතපච්චයා.
Sinhala BJT50. රාත්‍රියෙහි කායිකාපත්තීහු (පචිති, දුකුළා) දෙදෙනෙකැ. දහවල්හි කායිකා පත්තීහු දෙදෙනෙකැ. (අසවල් තැන ඇතැයි) බලන්නහුට එක් දුකුළා ඇවතෙකැ. පිණ්ඩපාත හේතුවෙන් එක් දුකුළා ඇවතෙකි.
Pali BJT51. කතානිසංසෙ සම්පස්සං පරෙසං සද්ධාය දෙසයෙ, උක්ඛිත්තකා කති වුත්තා කති සම්මා පවත්තනා.
Sinhala BJT51. කෙතෙක් අනුසස් දක්නේ මෙරමාහට සැදෑයෙන් ඇවැත දෙසන්නේ ද, උක්ඛිත්තකයෝ කෙතෙකැයි වදාරණ ලදහ. ද, ඒ උක්ඛිත්තකයන්ගේ ද මනා පැවැතුම්හු කෙතෙක් ද යත්:
Pali BJT52. අට්ඨානිසංසෙ සම්පස්සං පරෙසං සද්ධාය දෙසයෙ, උක්ඛිත්තකා තයො වුත්තා තෙ චත්තාරීස සම්මාවත්තනා.
Sinhala BJT52. අට අනුසස් දක්නේ මෙරමාහට සැදෑයෙන් ඇවැත දෙසන්නේ ය. උත්ක්‍ෂේපණීය කර්‍මය කරණු ලැබූවෝ තිදෙනෙකැ යි වදාරණ ලදහ. මනා පැවැතුම්හු තෙසාලිසෙකි.
Pali BJT53. කති ඨානෙ මුසාවාදො කති පරමන්ති වුච්චති, කති පාටිදෙසනීයා, කතිනං දෙසනාය ච.
Sinhala BJT53. මුසාවාදය කෙතෙක් ආපත්තිස්ථානගත වේ දී කෙතෙක් පරම යැ යි කියනු ලැබේ ද, පාටිදේසනීයයෝ කෙතෙක් ද, කීදෙනකුන්හට වරද දෙසීම් වේ ද යත්:
Pali BJT54. පඤ්ච ඨානෙ මුසාවාදො චුද්දස පරමන්ති වුච්චති, ද්වාදස පාටිදෙසනීයා චතුන්නං දෙසනාය ච.
Sinhala BJT54. මුසාවාදය (පරිජි, සඟවෙසෙස්, ථුලැසි, පචිති, දුකුළා) පස් තැනකට යන්නේ වෙයි. පරම තුදුසෙකැ යි කියනු ලැබෙයි. පාටිදේසනීයයෝ (භික්‍ෂුන්ගේ සතරක් හා භික්‍ෂුණීන්ගේ අටෙකැයි) දොළොසෙකි. (දෙව්දත් ආදි) සතර දෙනකුන් ගේ වරද දෙසීම් වේ.
Pali BJT55. කතඞ්ගිකො මුසාවාදො, කති උපොසථඞ්ගානි, කති දූතෙය්යඞ්ගානි කති තිත්ථියවත්තනා.
Sinhala BJT55. මුසාවාදය කෙතෙක් අඞ්ග ඇත්තේ ද, උපෝසථාඞ්ගයෝ කෙතෙක් ද, දුතාඞ්ගයෝ කෙතෙක් ද, තීර්‍ත්‍ථකයන් විසින් පිරියයුතු වත් කෙතෙක් ද යත්:
Pali BJT56. අට්ඨඞ්ගිකො මුසාවාදො අට්ඨ උපොසථඞ්ගානි, අට්ඨ දූතෙය්යඞ්ගානි අට්ඨ තිත්ථියවත්තනා.
Sinhala BJT56. මුසාවාදය අටඟක් ඇත්තේ වේ. උපෝසථාඞ්ගයෝ අටදෙනෙකි ධූතාඞ්ගයෝ අටදෙනෙකි. තීර්‍ත්‍ථකයන්ගේ වත් අටෙකි.
Pali BJT57. කති වාචිකා උපසම්පදා කතින්නං පච්චුට්ඨාතබ්බං, කතින්නං ආසනං දාතබ්බං භික්ඛුනොවාදකො කතීහි.
Sinhala BJT57. (භික්‍ෂුණීන්ගේ) උපසම්පදා කෙතෙක් වාක්‍යයන්ගෙන් යුක්ත වන්නී ද, කීදෙනකුන් දැක හුනස්නෙන් නැඟිටිය යුතු ද, කීදෙනකුන්හට අසුන් දියයුතු ද, භික්ඛුනෝවාදක මහණ අඞ්ග කීයකින් යුක්ත වියයුතු ද, යත්:
Pali BJT58. අට්ඨ වාචිකා උපසම්පදා අට්ඨන්නං පච්චුට්ඨාතබ්බං, අට්ඨන්නං ආසනං දාතබ්බං භික්ඛුනොවාදකො අට්ඨහි.
Sinhala BJT58. (භික්‍ෂුණීන්ගේ) උපසම්පදා ඤත්තිචතුත්‍ථකම්ම වාක්‍යය භික්‍ෂුභික්‍ෂුණී දෙපසෙහි වශයෙන්) අෂ්ට වාක්‍යයකින් යුක්ත වන්නී ය. (භික්‍ෂුණින්) අටදෙනකුන් හට (බත්හලෙහි වැඩිමහලු පිළිවෙළින්) දැක හුනස්නෙන් නැඟිය යුතු යි. (භික්‍ෂුණීන්) අටදෙනකුන්හට (වැඩිමහලු පිළිවෙළින්) අසුන් දියයුතු යි. භික්ඛුනෝවාදක මහණ (සීලවා හොති යනාදි) අටඟින් යුක්ත වියයුතු යි.
Pali BJT59. කතින්නං ඡෙජ්ජං හොති කතින්නං ථුල්ලච්චයං, කතින්නඤ්චෙව අනාපත්ති සබ්බෙසං එකවත්ථුකා.
Sinhala BJT59. සියල්ලන්ට (සඞ්ඝභේද සඞ්ඛ්‍යාත) එක් වස්තුවක් ඇත්තේ කීදෙනකුන් හට පරිජි වේද, කී දෙනකුන්හට ථුලැසි වේ ද, කීදෙනකුන්හට ඇවැත් නො වේ ද යත්:
Pali BJT60. එකස්ස ඡෙජ්ජං හොති චතුන්නං ථුල්ලච්චයං, චතුන්නඤ්චෙව අනාපත්ති සබ්බෙසං එකවත්ථුකා.
Sinhala BJT60. සියල්ලන්ට (සඞ්ඝභේද සඞ්ඛ්‍යාත) එක් වස්තුවක් ඇත්තේ ඒ එකකුහට (භේදකානුවර්‍තක) සතර දෙනාහට ථුලැසි වෙයි. (ධර්‍මවාදී ඉතිරි) සතරදෙනාහට ඇවැත් නො වේ.
Pali BJT61. කති ආඝාතවත්ථූනි කතීහි සඞ්ඝො භිජ්ජති, කතෙත්ථ පඨමාපත්තිකා ඤත්තියා කරණා කති.
Sinhala BJT61. ආඝාත වස්තූහු කෙතෙක් ද, කී දෙනකුන්ගෙන් සඞ්ඝයා බිඳේ ද, මෙහි ප්‍රථමාපත්තිකයෝ කෙතෙක් ද, ඤත්තියෙන් කටයුතු කර්‍මයෝ කෙතෙක් ද යත්:
Pali BJT62. නව ආඝාතවත්ථූනි නවහි සඞ්ඝො භිජ්ජති, නවෙත්ථ පඨමාපත්තිකා ඤත්තියා කරණා නව.
Sinhala BJT62. ආඝාතවස්තූහු නවයෙකි. භික්‍ෂූන් නවදෙනකුන්ගෙන් සඞ්ඝයා බිඳේ. මෙහි ප්‍රථමාපත්තිකයෝ නවදෙනෙකි. ඤත්තියෙන් කටයුතු කර්‍මයෝ නවදෙනෙකි.
Pali BJT63. කති පුග්ගලා නාභිවාදෙතබ්බා අඤ්ජලි සාමිචෙන ච, කතින්නං දුක්කටං හොති කති චීවරධාරණා.
Sinhala BJT63. කෙතෙක් පුඟුලෝ නො වැන්ද යුත්තෝ ද, (කීදෙනකුන්හට) සාමීචිකර්‍ම සහිත අඤ්ජලිකර්‍ම නො කටයුතු ද, කීදෙනකුන්හට දුකුළා වේ ද, අතිරේක සිවුරු දැරීම් කෙතෙක් ද යත්:
Pali BJT64. දස පුග්ගලා නාභිවාදෙතබ්බා අඤ්ජලි සාමිචෙන ච, දසන්නං දුක්කටං හොති දස චීවරධාරණා.
Sinhala BJT64. දස පුඟුලෝ නො වැන්ද යුත්තාහ. සාමීචිකර්‍ම සහිත අඤ්ජලිකර්‍ම ඔවුනට නොකටයුතු යි. (ඒ දසදෙනාට වත් කරන්නහුට) දුකුළා වේ. අතිරේක සිවුරු දැරීම දස දිනක් පමණි.
Pali BJT65. කතින්නං වස්සං වුත්ථානං දාතබ්බං ඉධ චීවරං, කතින්නං භන්තෙ දාතබ්බං කතිනඤ්චෙව න දාතබ්බං.
Sinhala BJT65. වැස නිමවූ වස් ඇති කී දෙනකුන්හට මෙහි සිවුරු දිය යුතු ද, කීදෙනකුන්හට (සුදුසු ප්‍රතිග්‍රාහකයකු) ඇති කල්හි දියයුතු ද, කීදෙනකුන්හට නොදියයුතු ද යත්:
Pali BJT66. පඤ්චන්නං වස්සං වුත්ථානං දාතබ්බං ඉධ චීවරං, සත්තන්නං සන්තෙ දාතබ්බං සොළසන්නං න දාතබ්බං.
Sinhala BJT66. විසූ වස් ඇති පස්සහදැමියනට මෙහි සිවුරු (සම්මුඛයෙහි) දියයුතු යි. (උම්මත්තක උක්ඛිත්තකාදි) සත්දෙනාහට අසම්මුඛයෙහිදු දියයුතු යි. (පණ්ඩකාදි) සොළොස් දෙනාහට සිවුරු නො දියයුතු යි.
Pali BJT67. කති සතං රත්ති සතං ආපත්තියො ඡාදයිත්වාන, කති රත්තියො වසිත්වාන මුච්චෙය්ය පාරිවාසිකො.
Sinhala BJT67. කී සියයක් ඇවැත් රෑ සියයක් සඟවා පිරිවෙස් වසන තැනැත්තේ කී රැයක් වැස මිදෙන්නේ ද යත්:
Pali BJT68. දසසතං රත්ති සතං ආපත්තියො ඡාදයිත්වාන, දස රත්තියො වසිත්වාන මුච්චෙය්ය පාරිවාසිකො.
Sinhala BJT68. සියක් රැයක් තුළ ඇවැත් දහසක් සඟවා පිරිවෙස් වසන තැනැත්තේ දස රැයක් වැස මිදෙන්නේ යි.
Pali BJT69. කති කම්මදොසා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, චම්පායං විනයවත්ථුස්මිං සබ්බෙව අධම්මිකා{1} කති.
Sinhala BJT69. කෙතෙක් සියල්ල ම දැහැමි නො වූ කෙතෙක් කර්‍ම දෝෂයෝ සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් චම්පා නුවරැ විනය වස්තුවෙහි වදාරණ ලදහු ද යත්:
Pali BJT70. ද්වාදස කම්මදොසා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, චම්පායං විනයවත්ථුස්මිං සබ්බෙවාධම්මිකා කතා.
Sinhala BJT70. චම්පා නුවරැ විනය වස්තුවෙහි සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් සියල්ල ම දැහැමි නො වූ අපලෝකන ආදි කර්‍ම සතර “අධම්මේන වග්ගා” ආදි තුන් තුන් අයුරින් දොළොස් කර්‍ම දෝෂයෝ වදාරණ ලදහ.
Pali BJT71. කති කම්මසම්පත්තියො වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, චම්පායං විනයවත්ථුස්මිං සබ්බෙව ධම්මිකා කති.
Sinhala BJT71. චම්පා නුවරැ විනය වස්තුවෙහි කෙතෙක් සියල්ල ම දැහැමි වූ කෙතෙක් කර්‍ම සම්පත්තීහු සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් වදාරණ ලදහු ද යත්:
Pali BJT72. චතස්සො කම්මසම්පත්තියො වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, චම්පායං විනයවත්ථුස්මිං සබ්බෙව ධම්මිකා කතා.
Sinhala BJT72. චම්පා නුවරැ විනය වස්තුවෙහි සූර්‍ය්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් සියල්ල ම දැහැමි වූ (අපලෝකන ආදි සතර “ධම්මේන සමග්ගං” ආදි විසින්) සතර සම්පත්තීහු වදාරණ ලදහ.
Pali BJT73. කති කම්මානි වුත්තානි බුද්ධෙනාදිච්චබන්ධුනා, ඡ චම්පායං විනයවත්ථුස්මිං ධම්මිකා අධම්මිකා කති.
Sinhala BJT73. සූර්‍ය්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් චම්පා නුවරැ විනය වස්තුවෙහි කෙතෙක් කර්‍මයෝ වදාරණ ලදහු ද ධාර්මික වූවෝ කෙතෙක් ද, අධාර්මික වූවෝ කෙතෙක් ද යත්:
Pali BJT74. ඡ කම්මානි වුත්තානි බුද්ධෙනාදිච්චබන්ධුනා, චම්පායං විනයවත්ථුස්මිං එකෙත්ථ ධම්මිකා කතා ; පඤ්ච අධම්මිකා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා.
Sinhala BJT74. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් චම්පා නුවරැ විනය වස්තුවෙහි (“අධම්මේන වග්ගකම්මං ආදි”) ෂට් කර්‍ම කෙනෙක් දේශිතයහ. මෙහි (ධර්‍මයෙන් කරණ සමනුභාසන) කර්‍මය වූ එකම කර්‍මය ධාර්මික යයි ප්‍රකාශිත යැ. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍ම පසෙක් අධාර්මික යයි වදාරණ ලදී.
Pali BJT75. කති කම්මානි වුත්තානි බුද්ධෙනාදිච්චබන්ධුනා, චම්පායං විනයවත්ථුස්මිං ධම්මිකා අධම්මිකා කති.
Sinhala BJT75. චම්පා නුවරැ විනය වස්තුවෙහි සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් කර්‍මයෝ වදාරණ ලදහ. ද ධාර්මික වූවෝ කෙතෙක් ද, අධාර්මික වූවෝ කෙතෙක් ද යත්:
Pali BJT76. චත්තාරි කම්මානි වුත්තානි, බුද්ධෙනාදිච්චබන්ධුනා, චම්පායං විනයවත්ථුස්මිං එකෙත්ථ ධම්මිකා කතා ; තයො අධම්මිකා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා.
Sinhala BJT76. චම්පා නුවරැ විනය වස්තුවෙහි සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් (අධම්මේන වග්ග කම්මං යනාදි) කර්‍ම සතරෙක් වදාරණ ලදී. මෙහි (“ධම්මෙන සමග්ග කම්මං” යන) එකම කර්‍මය ධාර්මික යයි ප්‍රකාශ කරණ ලදී. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍ම තුණෙක් අධාර්මික යයි වදාරණ ලදී.
Pali BJT77. යං දෙසිතා අනන්තජිනෙන තාදිනා, ආපත්තික්ඛන්ධානි විවෙකදස්සිනා, කතෙත්ථ සම්මන්ති විනා සමථෙහි පුච්ඡාමි තං බ්රූහි විභඞ්ගකොවිද.
Sinhala BJT77. තාදී වූ විවේකදර්ශී වූ අනන්තජිනයන් විසින් දෙසන ලද යම් ඇවැත් කඳුහු වෙත් ද, මෙහි කෙතෙක් ඇවැත් ශමථයෙන් තොර වැ සන්හිඳේ දැයි විභඞ්ගකෝවිදය, ඔබ විචාරමි, වදාළ මැනැවැ.
Pali BJT78. යං දෙසිතා අනන්තජිනෙන තාදිනා, ආපත්තික්ඛන්ධානි විවෙකදස්සිනා ; එකෙත්ථ සම්මති විනා සමථෙහි, එතං තෙ අක්ඛාමි විභඞ්ගකොවිද.
Sinhala BJT78. තාදී වූ විවේකදර්ශී වූ අනන්තජිනයන් විසින් දෙසන ලද යම් ඇවැත් කඳුහු වෙත් ද, ඔවුනතුරෙන් එක ම සම්මුඛථාවිනය හෝ පාරාජිකාපත්තිස්කන්‍ධය හෝ ශමථයෙන් තොර වැ සන්හිඳේ. විභඞ්ගකෝවිදය, ඔබට මෙය කියමි.
Pali BJT79. කති ආපායිකා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි{1} සුණොම තෙ.
Sinhala BJT79. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කීදෙනෙක් ආපායිකයහ යි වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසම්හ.
Pali BJT80. ඡ ඌනදියඩ්ඪසතා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, ආපායිකා නෙරයිකා කප්පට්ඨා සඞ්ඝභෙදකා ; විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT80. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් සයක් අඩු එක්සියපණස් දෙනෙක් සඞ්ඝභේදක පුද්ගලයෝ ආපායිකයහ, නේරයිකයහ, කල්පස්ථායීහ යි වදාරණ ලද්දාහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
Pali BJT81. කති නාපායිකා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT81. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කී දෙනෙක් ආපායික නො වන්නාහ යි වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසම්හ.
Pali BJT82. අට්ඨාරස නාපායිකා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT82. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් අටළොස් දෙනෙක් ආපායික නො වන්නාහ යි වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
Pali BJT83. කති අට්ඨකා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT83. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් අෂ්ටකයෝ වදාරණ ලදහ. ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
Pali BJT84. අට්ඨාරසට්ඨකා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT84. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් අෂ්ටකයෝ අටළොසක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
Pali BJT85. කති කම්මානි වුත්තානි බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT85. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් කර්‍මයෝ වදාරණ ලදහ. ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
Pali BJT86. සොළස කම්මානි වුත්තානි බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT86. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍මයෝ සොළොසක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
Pali BJT87. කති කම්මදොසා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT87. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් කර්‍මදෝෂයෝ වදාරණ ලදහ. ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
Pali BJT88. ද්වාදස කම්මදොසා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT88. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍මදෝෂයෝ දොළොසක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
Pali BJT89. කති කම්මසම්පත්තියො වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT89. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් කර්‍මසම්පත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
Pali BJT90. චතස්සො කම්මසම්පත්තියො වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT90 සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍මසම්පත්තීහු සතරක් වදාරණ ලදහ, විනය දන්නාවූ මාගේ විනය නය අසව.
Pali BJT91. කති කම්මානි වුත්තානි බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT91. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් කර්‍මයෝ වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
Pali BJT92. ඡ කම්මානි වුත්තානි බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT92. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍මයෝ සයක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
Pali BJT93. කති කම්මානි වුත්තානි බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT93. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් කර්‍මයෝ වදාරණ ලදහුද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
Pali BJT94. චත්තාරි කම්මානි වුත්තානි බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT94. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍මයෝ සතරක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
Pali BJT95. කති පාරාජිකා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT95. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් පාරාජිකාපත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
Pali BJT96. අට්ඨ පාරාජිකා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT96. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් (භික්‍ෂු භික්‍ෂුණීන්ගේ වශයෙන්) පාරාජිකාපත්තීහු අටක් වදාරණ ලදහ. විනය දන්නාවූ මාගේ විනය නය අසව.
Pali BJT97. කති සඞ්ඝාදිසෙසා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT97. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් සඞ්ඝාදිසේසාපත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
Pali BJT98. තෙවීස සඞ්ඝාදිසෙසා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT98. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් සඞ්ඝාදිසේසාපත්තීහු තෙවිස්සක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
Pali BJT99. කති අනියතා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT99. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් අනියතාපත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
Pali BJT100. ද්වෙ අනියතා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT100. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් අනියතාපත්තීහු දෙදෙනෙක් වදාරණ ලදහ, විනය දන්නා වූ මාගේ විනය නය අසව.
Pali BJT101. කති නිස්සග්ගියා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT101. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් නිස්සග්ගියාපත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
Pali BJT102. ද්වෙචත්තාලීස නිස්සග්ගියා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT102. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් නිස්සග්ගියාපත්තීහු දෙසාළිසක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
Pali BJT103. කති පාචිත්තියා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT103. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් පාචිත්තියාපත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
Pali BJT104. අට්ඨාසීති සතං පාචිත්තියා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT104. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් පාචිත්තියාපත්තීහු එක්සිය අටාසුවක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනයනය අසව.
Pali BJT105. කති පාටිදෙසනීයා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT105. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් පාටිදේසනීයාපත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
Pali BJT106. ද්වාදස පාටිදෙසනීයා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT106. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් පාටිදේසනීයාපත්තීහු දොළොසක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
Pali BJT107. කති සෙඛියා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොම තෙ.
Sinhala BJT107. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් සෙබියා ධර්‍මයෝ වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
Pali BJT108. පඤ්චසත්තති සෙඛියා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා, විනයං පටිජානන්තස්ස විසයානි සුණොහි මෙ.
Sinhala BJT108. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් පන්සැත්තෑවක් සෙබියා ධර්‍මයෝ වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
Pali BJT109. යාව සුපුච්ඡිතං තයා යාව සුවිස්සජ්ජිතං මයා: පුච්ඡාය විස්සජ්ජනාය වා නත්ථි කිඤ්චි අසුත්තිකන්ති.
Sinhala BJT109. ඔබ විසින් යම්තාක් මොනොවට විචාරණ ලද්දේ ද? මා විසින් යම්තාක් මොනොවට විසඳන ලද්දේ ද, (ඒ තාක්ම) ප්‍රශ්න ඇසීමෙහි හෝ විසඳීමෙහි හෝ කිසි අයුත්තෙක් නැත්තේ යි.
Pali BJTදුතියගාථාසඞ්ගණිකං නිට්ඨිතං.
Sinhala BJTදෙවන ගාථා සඩ්ගණිකය නිමි.
Pali BJTසෙදමොචනගාථා
Sinhala BJTසෙදමොචනගාථා
Pali BJT1. අසංවාසො භික්ඛූහි ච භික්ඛුනීහි ච සම්භොගො එකච්චො තහිං න ලබ්භති, අවිප්පවාසෙන අනාපත්ති, පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT1. භික්‍ෂූන් හා ද භික්‍ෂුණීන් හා ද පොහෝ පවුරුණු ආදි සංවාස නැත්තෙක් වෙයි. ඔහු කෙරෙහි සමහර (අකැප) සම්හොගයෙක් නො ලැබේ. සහාගාරයෙය්‍යාවෙන් ද ඇවැත් නො වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය ලදරු පුතු හා මවු මෙහෙණ සඳහා යැ.)
Pali BJT2. අවිස්සජ්ජියං{1} අවෙභඞ්ගියං{2} පඤ්ච වුත්තා මහෙසිනා, විස්සජ්ජෙන්තස්ස පරිභුඤ්ජන්තස්ස අනාපත්ති පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT2. මහර්ෂි වූ බුදුරජුන් විසින් වියදම් නොකට යුතු වූ ද නො බෙදිය යුතු වූද ගරු බඩු පසෙක් වදාරණ ලදහ. ඒ බඩු වියදම් කරන්නාහට පරිභෝග කරන්නාහට ද ඇවැත් නො වේ. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (භයෙහි සෙනසුන් රැක්ම පිණිස නො ගරු බඩු වියදම් කොට වැළඳීම නිදොස් බව දක්වනු සඳහා යැ.)
Pali BJT3. දස පුග්ගලෙ න වදාමි එකාදස විවජ්ජිය, බුඩ්ඪං වන්දන්තස්ස ආපත්ති පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා
Sinhala BJT3. (අවන්‍දිය) දශපුද්ගලයන් ද නො කියමි. එකොළොස් වර්‍ජනීය පුද්ගලයන් ද නො කියමි. වැඩිමහලු මහණහු වඳින්නහුට ඇවැත් වේ. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (සෙලු මහණ සඳහා යැ.)
Pali BJT4. න උක්ඛිත්තකො න ච පන පාරිවාසිකො, න සඞ්ඝභින්නො න ච පන පක්ඛසඞ්කන්තො, සමානසංවාසකභූමියා ඨිතො කථන්නුසික්ඛාය අසාධාරණො සියා පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT4. උඛෙව්නීකම් කරණලදුයෙක් නො වෙයි. පිරිවෙස් වසන්නෙත් නො වෙයි. සඞ්ඝභේද කළේත් නො වෙයි. තීර්‍ත්‍ථකායතනයකට ගියේත් නො වෙයි. සමාන සංවාසක භූමියෙහි මැ සිටියේ ශික්‍ෂාවෙන් කෙසේ නම් අසමාන වන්නේ ද? මේ ප්‍රශ්නය විඥයින් විසින් සිතන ලදි. (කරනැවෑමි විරු මහණහු ක්‍ෂුර භාණ්ඩ පරිහරණය නොලැබීම සඳහා යැ.)
Pali BJT5. උපෙති ධම්මං පරිපුච්ඡමානො කුසලං අත්ථූපසඤ්හිතං, න ජීවති න මතො න නිබ්බුතො තං පුග්ගලං කතමං වදන්ති බුද්ධා පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT5. අර්‍ත්‍ථයෙන් යුක්ත වූ කුශලධර්‍මයන් පිළිවිසිමින් පිරිසට එළැඹෙන්නේත් වේ. හෙ ජීවත් වන්නේ නො වෙයි. මළේත් නො වෙයි. පිරිනිවියේත් නො වෙයි. බුදුවරයෝ ඒ පුඟුලා කවරෙකැයි වදාරත් ද? මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය නිර්මිත බුදුන් සඳහා යැ.)
Pali BJT6. උබ්භක්ඛකෙ න වදාමි අධො නාභිං විවජ්ජිය මෙථුනධම්මපච්චයා කථං පාරාජිකො සියා; පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT6. අකු ඇටයෙන් මත්තෙහි ද, නැබින් යට ද (මෙවුන් දමක් ගැණ) නො කියමි. ඒ දෙපස හැර මෙවුන්දම් හේතුවින් කෙසේ පරිජි වන්නේ ද? මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය කවන්‍ධයා සඳහා යැ.)
Pali BJT7. භික්ඛු සඤ්ඤාචිකාය කුටිං කරොති, අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තා, සාරම්භං අපරික්කමනං අනාපත්ති පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT7. මහණ තමා ඉල්වා ගත් උපකරණයෙන් නො දෙසූ කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත වූ උපචාර, රහිත වු කිළියක් කෙරේ. (ඔහුට එයින්) ඇවැත් නො වේ. මේ ප්‍රශ්නය විඥයන් , විසින් සිතන ලදි. (මෙය තණ සෙවෙනි කළ කිළිය සඳහා යැ.)
Pali BJT8. භික්ඛු සඤ්ඤාචිකාය කුටිං කරොති දෙසිතවත්ථුකං පමාණිකා, අනාරම්භං සපරික්කමනං ආපත්ති පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT8. මහණ තමා ඉල්වා ගත් උපකරණයෙන් දෙසන ලද කුටිවාස්තු ඇති ප්‍රමාණවත් වූ උවදුරු රහිත වූ උපචාර සහිත වූ කිළියක් කෙරේ. (මේ හේතුවෙන් ඔහුට) ඇවැත් වේ. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය ධනිය තෙරුන්ගේ කිළිය වැනි සියල්ල මැටිමුවා කිළිය සඳහා යැ.)
Pali BJT9. න කායිකං කඤ්චි පයොගමාචරෙ න චාපි වාචාය පරෙ භණෙය්ය, ආපජ්ජෙය්ය ගරුකං ඡෙජ්ජවත්ථුං පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT9. කායික වූ කිසියම් ප්‍රයෝගයකුත් නො කරන්නේ ය. වචනයෙන් අනුන්ට කිසිවකුත් නො කියන්නේ ය. (එහෙත්) ගරුක වූ පරිජි ඇවතට පැමිණෙන්නේ ය. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය වජ්ජපටිච්ඡාදක මෙහෙණ සඳහා යැ).
Pali BJT10. න කායිකං වාචසිකඤ්ච කිඤ්චි මනසාපි සන්තො න කරෙය්ය පාපං, සො නාසිතො කින්ති සුනාසිතො භවෙ පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT10. සත්පුරුෂ තෙමේ කයින් ද, වචනයෙන් ද පවක් නො කරන්නේ ය. සිතිනුදු කිසි පවක් නො කරන්නේ ය. නසන ලද හෙතෙමේ කුමක් හෙයින් මොනවට නසන ලද්දේ වන්නේ ද, මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය පණ්ඩකාදි එකොළොස් අභව්‍ය පුද්ගලයන් සඳහා යැ).
Pali BJT11. අනාලපන්තො මනුජෙන කෙනචි වාචා ගිරං නො ච පරෙ භණෙය්ය, ආපජ්ජෙය්ය වාචසිකං න කායිකා පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT11. කිසියම් මිනිසක්හු සමඟ කථා නො කරන්නේ කිසි වචනයක් මෙරමාහට නො බණන්නේ ද වෙයි. එහෙත් කායද්වාරික නො වූ වාග්ද්වාරික ඇවැතකට පැමිණෙන්නේ ය. ම ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය පොහෝගෙයි සාපත්තික වැ තුෂ්ණිම්භූත වන මහණහු සඳහා යැ).
Pali BJT12. සික්ඛාපදා බුද්ධවරෙන වණ්ණිතා සඞ්ඝාදිසෙසා චතුරො භවෙය්යුං ආපජ්ජෙය්ය එකපයොගෙන සබ්බෙ පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT12. බුදුරජුන් විසින් වර්‍ණනා කරණ ලද (පණවන ලද) සඟවෙසෙස් සිකපදයෝ සතරෙක් වන්නාහ. ඒ සියල්ලට එක් පියොවින් අවදනේ ය. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය අරුණෝද්ගමනයෙහි අන් ගමකට ඇතුළත් නදියක පරතෙරට පැමිණි මෙහෙණහු සඳහා යැ)
Pali BJT13. උභො එකතො උපසම්පන්නා උභින්නං හත්ථතො චීවරං පටිග්ගණ්හෙය්ය, සියා ආපත්තියො නානා පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT13. දෙදෙනෙක් එක් එක් පක්‍ෂයෙන් උපසපන් වූහ. ඒ දෙදෙනාගේ අතින් යමෙක් සිවුරක් පිළිගන්නේ නම්, (ඔහුට) වෙන් වෙන් ඇවැත් වන්නේ ය. මේ මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය ඒකතෝ උපසම්පන්න මෙහෙණන් දෙදෙනකු සඳහා යැ).
Pali BJT14. චතුරො ජනා සංවිධාය ගරුභණ්ඩං අවාහරුං, තයො පාරාජිකා එකො න පාරාජිකො, පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT14. සතර දෙනෙක් (ඔවුනොවුන්ට) විධාන කොට ගෙණ ගරු බඩුවක් සොරා ගත්හ. (ඔවුනතුරෙන්) තිදෙනෙක් පරිජි වූහ. එකෙක් පරිජි නො වීය. මේ ප්‍රශ්නය විඥයන් විසින් (මෙය සාහත්‍ථික ආණත්තික භේදයෙන් කියන ලදි.)
Pali BJT15. ඉත්ථි ච අබ්භන්තරෙ සියා භික්ඛු ච බහිද්ධා සියා, ඡිද්දං තස්මිං ඝරෙ නත්ථි මෙථුනධම්මපච්චයා, කථං පාරාජිකො සියා පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT15. ස්ත්‍රියක් තොමෝත් ඇතුළු ගෙයි වන්නී ය. මහණෙක් තෙමේත් ගෙයින් පිටත වන්නේ ය. ඒ ගෙයි සිදුරෙක් නැත. (එසේ කල්හි) මෙවුන්දම් හේතුවෙන් කෙසේ පරිජි වන්නේ ද, මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මේ ගෙය පිළියෙන් කළ බැවිනි.)
Pali BJT16. තෙලං මධුං ඵාණිතඤ්චාපි සප්පිං සාමං ගහෙත්වාන නික්ඛිපෙය්ය අවීතිවත්තෙ සත්තාහෙ, සති පච්චයෙ පරිභුඤ්ජන්තස්ස ආපත්ති පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT16. තෙල් යැ, මී යැ, උක්පැණි යැ, ගිතෙල් යැ, යන මේ ද්‍රව්‍යයන් තෙමේ පිළිගෙන තබන්නේ ය. සත් දින ඉකුත් නො වූ කල්හි ම ප්‍රයෝජනයක් ඇති කල්හි වළඳන්නහුට ඇවැත් වේ. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය ලිඟු පෙරැළි වූවන් සඳහා යැ.)
Pali BJT17. නිස්සග්ගියෙන ආපත්ති සුද්ධකෙන පාචිත්තියං, ආපජ්ජන්තස්ස එකතො පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT17. නිසඟි පචිති ඇවැතට ද, ශුද්ධ පචිති ඇවැතට ද එකවට පැමිණෙන්නේ වන්නේ ය. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය සඟසතු සිවුරුවලින් එකවර දෙකක් ගන්නා මහණ සඳහා යැ).
Pali BJT18. භික්ඛූ සියා වීසතියා සමාගතා කම්මං කරෙය්යුං සමග්ගසඤ්ඤිනො, භික්ඛු සියා ද්වාදසයොජනෙ ඨිතො කම්මඤ්ච තං කුප්පෙය්ය වග්ගපච්චයා. පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT18. භික්‍ෂුහු විංශති වර්‍ග වූවාහු රැස්වන්නාහු ය. සමග්‍ර සංඥා ඇත්තාහු සඞ්ඝ කර්‍මය කරන්නාහ. මහණෙක් දොළොස් යොදුනෙක්හි සිටියේ වන්නේ ය. වර්‍ග හේතුවෙන් ඒ කර්‍මය ද කෝප්‍ය වන්නේ ය. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය බාරාණසී ආදිය වැනි විශාල නගරයන්හි ග්‍රාමසීමාව සඳහා කියන ලදී.)
Pali BJT19. පදවීතිහාරමත්තෙන වාචාය භණිතෙන ච, සබ්බානි ගරුකානි සප්පටිකම්මානි, චතුසට්ඨි ආපත්තියො ආපජ්ජෙය්ය එකතො පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT19. පදවීතිහාර මාත්‍රයෙන් ද, වචනයෙන් කියූ පමණින් ද ප්‍රතිකර්‍ම සහිත වූ සියලුම සූසැටක් ගරු ඇවැතුන්ට එකවර පැමිණෙන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය සඤ්චරිත්තය සඳහා කියන ලදි.)
Pali BJT20. නිවත්ථො අන්තරවාසකෙන, දිගුණං සඞ්ඝාටිපාරුතො සබ්බානි තානි නිස්සග්ගියානි හොන්ති පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT20. අඳනා සිවුරෙන් හඳනා ලද්දේ සඟළ සිවුර උතුරුසඟසිවුර හා එක්කිරීමෙන් ද්විගුණ කොට පොරෝනා ලද්දේ (ඒ තුන් සිවුර කයින් වෙන් වූයේ) ඒ සියලු සිවුරු නිසඟි වෙත්. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය නො නෑ මෙහෙණක ලවා සිවුරු දෙවීම සඳහා කියන ලදි.)
Pali BJT21. න චාපි ඤත්ති න ච පන කම්මවාචා න චෙහි භික්ඛූති ජිනො අවොච සරණගමනම්පි න තස්ස අත්ථි, උපසම්පන්නො උපසම්පදා චස්ස අකුප්පා පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා.
Sinhala BJT21. ඤත්තිය ද නැත. කර්‍මවාක්‍යය ද නැත. සර්‍වඥ තෙමේ “එව මහණ යි” නො වදාළේ ය. ඔහුට සරණාගමනෝපසම්පදාව ද නැත. (එහෙත්) උපසපන් යැ. ඔහුගේ උපසම්පදාව ද අකෝප්‍ය වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මහාපජාපති ගොතමියගේ අෂ්ටගුරුධර්‍ම ප්‍රතිග්‍රහණ උපසම්පදාව සඳහා කියන ලදි.)