Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො සාමණෙරපෙසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, පෙසිතාපෙසිතං න ජානාති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සාමණෙරපෙසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ හෙරණුන් මෙහෙයවන්නා ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි බහා තැබුයේ වෙයි. කවර පසෙකින් ද යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, මෙහෙයනු ලැබූවන් හා නො මෙහෙයනු ලැබුවන් නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ හෙරණුන් මෙහෙයවන්නා ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි උපදනේ වේ.
Pali BJT8. පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො සාමණෙරපෙසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, පෙසිතාපෙසිතං ජානාති, ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සාමණෙරපෙසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJT8. උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ හෙරණුන් මෙහෙවරැ යොදන්නේ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි බහා තැබුයේ වෙයි. කවර පසෙකින් ද යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, මෙහෙයවනු ලැබූවන් හා නො මෙහෙයවනු ලැබූවන් දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ හෙරණුන් මෙහෙවරැ යොදන්නා ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි උපදනේ වේ.
Pali BJTආවාසිකවග්ගො තෙරසමො.
Sinhala BJTතෙළෙස්වන ආවාසික වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTආවාසිකා බ්යාකරණා භත්තුසෙනාසනානි ච, භණ්ඩචීවරගාහො ච චීවරස්ස ච භාජකො.
Sinhala BJTආවාසික යැ, ඛ්‍යාකරණ යැ, භත්තුද්දෙසක යැ, සේනාසන යැ, භණ්ඩාගාරික යැ. චීවරගාහක යැ. චීවරභාජක යැ,
Pali BJTයාගු ඵලං ඛජ්ජකඤ්ච, අප්පසාටියගාහකො, පත්තආරාමිකා චෙව සාමණෙරෙන පෙසකොති.
Sinhala BJTයාගුභාජක යැ, ඵලභාජක යැ, ඛජ්ජභාජක යැ, අප්පමත්තවිස්සජ්ජක යැ, සාටිකගාහක යැ, පත්තගාහක යැ, ආරාමිකසේසක යැ, සාමණේරපෙසක යැ යි.
Pali BJT14. කඨිනත්ථාර වග්ගො
Sinhala BJT14. කඨිනත්‍ථාර වර්‍ගය
Pali BJT1. කති නු ඛො භන්තෙ ආනිසංසා කඨිනත්ථාරෙති?
Sinhala BJT1. වහන්ස, කඨින ඇතිරීමෙහි අනුසස් කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි ආනිසංසා කඨිනත්ථාරෙ. කතමෙ පඤ්ච : අනාමන්තචාරො, අසමාදානචාරො, ගණභොජනං, යාවදත්ථචීවරං, යො ච තත්ථ චීවරුප්පාදො සො නෙසං භවිස්සති ඉමෙ ඛො උපාලි පඤ්ච ආනිසංසා කඨිනත්ථාරෙති.
Sinhala BJTඋපාලි, කඨින ඇතිරීමෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙකැ යත්: (අරම්වැසි මහණුන් නො විචාරා ගම් වදනා) අනාමන්තචාර යැ. (තුන්සිවුරින් එකක් තබා යන) අසමාදානචාර යැ, (නො කැප බසින් කැඳවා දෙන) ගණනභෝජන යැ, කැමැති තාක් (නො ඉටු, නො විකැප වූ) චීවර පරිභෝග යැ, ඒ කඨින අතුළ වෙහෙරැ යම් චීවරොත්පාදයෙක් ඇද්ද, එය ඒ කඨින අතුළ මහණුන් අයත් වන්නේ යැ යන පස යි. උපාලි, මේ වනාහි කඨින ඇතිරීමෙහි පඤ්ච ආනිසංසයෝ යි.
Pali BJT2. කති නු ඛො භන්තෙ ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමතොති?
Sinhala BJT2. වහන්ස, මුළා සිහි ඇති වැ සම්‍යක්ප්‍රඥා නැති වැ නිදි වදනාහට ආදීනව කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමතො. කතමෙ පඤ්ච : දුක්ඛං සුපති, දුක්ඛං පටිබුජ්ඣති, පාපකං සුපිනං පස්සති, දෙවතා න රක්ඛන්ති, අසුචි මුච්චති. ඉමෙ ඛො උපාලි පඤ්ච ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමතො.
Sinhala BJTඋපාලි, මුළාසිහි ඇති වැ සම්‍යක්ප්‍රඥා නැති වැ නිදි වදනාහට මේ ආදීනව පසෙකි. කවර පසෙකැ යත්: දුකසේ නිදයි. දුකසේ පුබුදියි, ලාමක සිහින දකියි, දෙවියෝ නො රකිති, සුකුරු මිදේ, උපාලි, මොහු වනාහි මුළාසිහි ඇති වැ සම්‍යක් ප්‍රඥා නැති වැ නිදි වදනාහට පඤ්ච ආදීනවයෝ යි.
Pali BJTපඤ්චිමෙ උපාලි ආනිසංසා උපට්ඨිතස්සතිස්ස සම්පජානස්ස නිද්දං ඔක්කමතො. කතමෙ පඤ්ච : සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, දෙවතා රක්ඛන්ති, අසුචි න මුච්චති. ඉමෙ ඛො උපාලි පඤ්චානිසංසා උපට්ඨිතස්සතිස්ස සම්පජානස්ස නිද්දං ඔක්කමතොති.
Sinhala BJTඋපාලි, එළැඹ සිටි සිහි ඇති වැ සම්‍යක්ප්‍රඥා ඇති වැ, නිදි වදනාහට මේ ආනිසංස පසෙකි. කවර පසෙක යත්: සුවසේ නිදයි, සුවසේ පුබුදියි, ලාමක සිහින නො දකියි, දෙවියෝ රකිති, සුකුරු නො මිදේ. උපාලි, මොහු වනාහි එළඹැසිටි සිහි ඇති වැ සම්‍යක්ප්‍රඥා ඇති වැ නිදි වදනාහට පඤ්ච ආනිසංසයෝ යි.
Pali BJT3. කති නු ඛො භන්තෙ අවන්දියාති?
Sinhala BJT3. වහන්ස, අවන්‍ද්‍ය (නො වැන්දයුතු) පුද්ගලයෝ කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි අවන්දියා. කතමෙ පඤ්ච : අන්තරඝරං පවිට්ඨො අවන්දියො, රච්ඡගතො අවන්දියො, ඔතමසිකො අවන්දියො, අසමන්නාහරන්තො අවන්දියො, සුත්තො අවන්දියො. ඉමෙ ඛො උපාලි පඤ්ච අවන්දියා.
Sinhala BJTඋපාලි, මේ අවන්‍ද්‍යයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: ඇතුළු ගමට පිවිසියේ අවන්‍ද්‍ය යැ. වීථියට ගියේ. අවන්‍ද්‍ය යැ, අඳුරෙහි හුන්නේ අවන්‍ද්‍ය යැ, (කෘත්‍යය නිරත බැවින්) වඳනා බව නො දන්නේ අවන්‍ද්‍ය යැ, නිදාගත වූයේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
Pali BJT4. අපරෙපි උපාලි පඤ්ච අවන්දියා. කතමෙ පඤ්ච : යාගුපානෙ අවන්දියො, භත්තග්ගෙ අවන්දියො, එකාවත්තො අවන්දියො, අඤ්ඤවිහිතො අවන්දියො, නග්ගො අවන්දියො. ඉමෙ ඛො උපාලි පඤ්ච අවන්දියා.
Sinhala BJT4. උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකt යත්: හුළුකැන් වළඳන සමයෙහි අවන්‍ද්‍ය යැ, භක්තාශ්‍රයෙහි අවන්‍ද්‍ය යැ, වෛරීපුද්ගල අවන්‍ද්‍ය යැ, අන්‍යවිහිත වූයේ අවන්‍ද්‍ය යැ, නග්න වූයේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
Pali BJT5. අපරෙපි උපාලි පඤ්ච අවන්දියා. කතමෙ පඤ්ච : ඛාදන්තො අවන්දියො, භුඤ්ජන්තො අවන්දියො, උච්චාරං කරොන්තො අවන්දියො, පස්සාවං කරොන්තො අවන්දියො, උක්ඛිත්තකො අවන්දියො. ඉමෙ ඛො උපාලි පඤ්ච අවන්දියා.
Sinhala BJT5. උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: (අවුළු ඈ) කමින් සිටියේ අවන්‍ද්‍ය යැ, (අහර) බුදිමින් සිටියේ අවන්‍ද්‍ය යැ, වස් පවත්මින් සිටියේ අවන්‍ද්‍ය යැ, සුළුදියටනු කරමින් සිටියේ අවන්‍ද්‍ය යැ, උඛෙව්නීකම් කරනලද්දේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
Pali BJT6. අපරෙපි උපාලි, පඤ්ච අවන්දියා. කතමෙ පඤ්ච : පුරෙ උපසම්පන්නෙන පච්ඡා උපසම්පන්නො අවන්දියො, අනුපසම්පන්නො අවන්දියො, නානාසංවාසකො බුඩ්ඪතරො අධම්මවාදී අවන්දියො, මාතුගාමො අවන්දියො, පණ්ඩකො අවන්දියො. ඉමෙ ඛො උපාලි පඤ්ච අවන්දියා.
Sinhala BJT6. උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: පළමු උපසපන් වූවහු විසින් පසු වැ උපසපන් වූයේ අවන්‍ද්‍ය යැ, අනුපසම්පන්න වූයේ අවන්‍ද්‍ය යැ, නානාසංවාසක වෘද්ධතර අධර්‍මවාදී වූයේ අවන්‍ද්‍ය යැ, මාගම අවන්‍ද්‍ය යැ, පණ්ඩක අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
Pali BJT7. අපරෙපි උපාලි පඤ්ච අවන්දියා. කතමෙ පඤ්ච : පාරිවාසිකො අවන්දියො, මූලායපටිකස්සනාරහො අවන්දියො, මානත්තාරහො අවන්දියො, මානත්තචාරිකො අවන්දියො, අබ්භානාරහො අවන්දියො. ඉමෙ ඛො උපාලි පඤ්ච අවන්දියාති.
Sinhala BJT7. උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: පිරිවෙස් පුරන්නේ අවන්‍ද්‍ය යැ, මූලායපටිකස්සන කර්‍මයට නිසි වූයේ අවන්‍ද්‍ය යැ. මානතට නිසි වූයේ අවන්‍ද්‍ය යැ, මානත් පුරන්නේ අවන්‍ද්‍ය යැ, අබ්හානකර්‍මයට නිසි වූයේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
Pali BJT8. කති නු ඛො භන්තෙ වන්දියාති?
Sinhala BJT8. වහන්ස, වන්‍ද්‍ය (වැන්ද යුතු) පුද්ගලයෝ කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි, වන්දියා. කතමෙ පඤ්ච : පච්ඡා උපසම්පන්නෙන පුරෙ උපසම්පන්නො වන්දියො, නානාසංවාසකො බුඩ්ඪතරො ධම්මවාදී වන්දියො, ආචරියො වන්දියො, උපජ්ඣායො වන්දියො, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය තථාගතො අරහං සම්මාසම්බුද්ධො වන්දියො. ඉමෙ ඛො උපාලි පඤ්ච වන්දියාති.
Sinhala BJTඋපාලි, මේ වන්‍ද්‍යපුද්ගලයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: පසුව උපසපන් වූවහු විසින් පළමු උපසපන් වූයේ වන්‍ද්‍ය යැ, නානාසංවාසක වෘද්ධකර ධර්‍මවාදී වූයේ වන්‍ද්‍ය යැ, ඇදුරු තෙර වන්‍ද්‍ය යැ, වත්තෙර වන්‍ද්‍ය යැ, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ඇති ලෝකයෙහි තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුහු වන්‍ද්‍යයහ. උපාලි, මොහු පස්දෙන වන්‍ද්‍යයෝ යි.
Pali BJT9. නවකතරෙන භන්තෙ භික්ඛුනා බුඩ්ඪතරස්ස භික්ඛුනො පාදෙ වන්දන්තෙන කති ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා පාදා වන්දිතබ්බාති?
Sinhala BJT9. වහන්ස, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් කෙතෙක් දහම් ස්වකීය සන්තානයෙහි එළවා පා වැන්දයුතු ද?
Pali BJTනවකතරෙනුපාලි, භික්ඛුනා බුඩ්ඪතරස්ස භික්ඛුනො පාදෙ වන්දන්තෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා පාදා වන්දිතබ්බා. කතමෙ පඤ්ච : නවකතරෙනුපාලි, භික්ඛුනා බුඩ්ඪතරස්ස භික්ඛුනො පාදෙ වන්දන්තෙන එකංසං උත්තරාසඞ්ගං කරිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා උභොහි පාණිතලෙහි පාදානි පරිසම්බාහන්තෙන පෙමඤ්ච ගාරවඤ්ච උපට්ඨාපෙත්වා පාදා වන්දිතබ්බා. නවකතරෙනුපාලි භික්ඛුනා බුඩ්ඪතරස්ස භික්ඛුනො පාදෙ වන්දන්තෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා පාදා වන්දිතබ්බාති.
Sinhala BJTඋපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් දහම් පසක් සිත්සතන්හි එළවා පා වැන්දයුතු යැ. කවර පසෙක යත්: උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් උතුරුසඟ එකස් කොට ඇඳිලි බැඳගෙණ දෙඅත්ලෙන් දෙපත්ල පිරිමදිමින් ප්‍රේමයත් ආදරයත් එළවා පා වැන්දයුතු, උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් මෙ පස්දහම් සිත්සතන්හි උපයා පා වැන්දයුතු.
Pali BJTකඨිනත්ථාරවග්ගො චුද්දසමො.
Sinhala BJTතුදුස්වන කඨිනත්‍ථාර වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTකඨිනත්ථාර නිද්දා ච අන්තරා යාගු ඛාදනෙ, පුරෙ ච පාරිවාසි ච වන්දියො වන්දිතබ්බකන්ති.
Sinhala BJTකඨිනත්‍ථාර යැ, නිද්දා යැ, අන්තරඝර යැ, යාගුපාන යැ, ඛාදන යැ, පුරේඋපසම්පන්න යැ, පාරිවාසික යැ, අවන්‍දිය යැ, වන්‍දිතබ්බක යි.
Pali BJTඋපාලිපඤ්චකං නිට්ඨිතං.
Sinhala BJTඋපාලිපඤ්චකය නිමි.
Pali BJTතෙසං වග්ගානං උද්දානං:
Sinhala BJTඒ වර්‍ගයන්ගේ නාමාවලිය:
Pali BJTඅනිස්සිතෙන කම්මඤ්ච වොහාරාවීකම්මෙන ච, චොදනා ච ධුතඞ්ගා ච මුසා භික්ඛුනිමෙව ච.
Sinhala BJTඅනිස්සිතය සමග කම්ම යැ, වෙහෙරෙදිට්ඨාවිකම්මය සමග චෝදන (අන්තාදාන) යැ, ධුතඞ්ග යැ, මුසාවාද යැ. භික්ඛුනීඕවාද යැ,
Pali BJTඋබ්බාහිකාධිකරණං භෙදකා පඤ්චමා පුරෙ, ආවාසිකා කඨිනඤ්ච චුද්දස සුප්පකාසිතාති.
Sinhala BJTඋබ්බාහිකා යැ, අධිකරණවූපසම යැ, සඞ්ඝභේදක දෙක යැ, ආවාසික යැ, කඨිනත්‍ථාරය දැයි තුදුස්වර්‍ගයෝ සුප්‍රකාශිතයහ.
Pali BJTසමුට්ඨානං
Sinhala BJTසමුට්ඨානය
Pali BJTචත්තාරො පාරාජිකා
Sinhala BJTසතර පරිජි
Pali BJTඅත්ථාපත්ති අචිත්තකො ආපජ්ජති සචිත්තකො වුට්ඨාති, අත්ථාපත්ති සචිත්තකො ආපජ්ජති අචිත්තකො වුට්ඨාති, අත්ථාපත්ති අචිත්තකො ආපජ්ජති අචිත්තකො වුට්ඨාති, අත්ථාපත්ති සචිත්තකො ආපජ්ජති සචිත්තකො වුට්ඨාති, අත්ථාපත්ති කුසලචිත්තො ආපජ්ජති කුසලචිත්තො වුට්ඨාති, අත්ථාපත්ති කුසලචිත්තො ආපජ්ජති අකුසලචිත්තො වුට්ඨාති, අත්ථාපත්ති කුසලචිත්තො ආපජ්ජති අබ්යාකතචිත්තො වුට්ඨාති, අත්ථාපත්ති අකුසලචිත්තො ආපජ්ජති අකුසලචිත්තො වුට්ඨාති, අත්ථාපත්ති අකුසලචිත්තො ආපජ්ජති කුසලචිත්තො වුට්ඨාති, අත්ථාපත්ති අකුසලචිත්තො ආපජ්ජති අබ්යාකතචිත්තො වුට්ඨාති, අත්ථාපත්ති අබ්යාකතචිත්තො ආපජ්ජති කුසලචිත්තො වුට්ඨාති, අත්ථාපත්ති අබ්යාකතචිත්තො ආපජ්ජති අකුසලචිත්තො වුට්ඨාති, අත්ථාපත්ති අබ්යාකතචිත්තො ආපජ්ජති අබ්යාකතචිත්තො වුට්ඨාති.
Sinhala BJT1. ඇවැතෙක් ඇත, අචිත්තක වැ අවදී, සචිත්තක වැ නැගෙයි, ඇවැතෙක් ඇත සචිත්තක වැ අවදී, අචිත්තක වැ නැගෙයි, ඇවැතෙක් ඇත, අචිත්තක වැ අවදී, අචිත්තක වැ නැගෙයි, ඇවැතෙක් ඇත, සචිත්තක වැ අවදී, සචිත්තක වැ නැගෙයි, ඇවැතෙක් ඇත, කුසල්සිත් ඇති වැ අවදී, කුසල්සිත් ඇතිවැ නැඟෙයි, ඇවැතෙක් ඇත, කුසල්සිත් ඇති වැ අවදී, අකුසල් සිත් ඇති වැ නැඟෙයි, ඇවැතෙක් ඇත, කුසල් සිත් ඇති වැ අවදී, අව්‍යාකෘත සිත් ඇති වැ නැඟෙයි, ඇවැතෙක් ඇත, අකුසල්සිත් ඇති වැ අවදී, කුසල් සිත් ඇති වැ නැගෙයි, ඇවතෙක් ඇත, කුසල් සිත් ඇති වැ අවදී, අකුසල් සිත් ඇති වැ නැගෙයි, ඇවැතෙක් ඇත, අකුසල් සිත් ඇති වැ අවදී, අව්‍යාකෘත සිත් ඇති වැ නැඟෙයි, ඇවැතෙක් ඇත, අව්‍යාකෘත සිත් ඇති වැ අවදී, කුසල් සිත් ඇති වැ නැඟෙයි, ඇවැතෙක් ඇත, අව්‍යාකෘත සිත් ඇති වැ අවදී, අකුසල් සිත් ඇති වැ නැගෙයි, ඇවැතෙක් ඇත, අව්‍යාකෘතසිත් ඇතිවැ අවදී, අව්‍යාකෘත සිත් ඇති වැ නැඟෙයි.
Pali BJTපඨමං පාරාජිකං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : පඨමං පාරාජිකං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
Sinhala BJT2. පළමු පරිජිය කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: පළමු පරිජිය එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
Pali BJTදුතියං පාරාජිකං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : දුතියං පාරාජිකං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති.
Sinhala BJT3. දෙවන පරිජිය කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: දෙවන පරිජිය තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී, කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
Pali BJTතතියං පාරාජිකං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : තතියං පාරාජිකං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති.
Sinhala BJT4. තෙවන පරිජිය කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තෙවන පරිජිය තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී, කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
Pali BJTචතුත්ථං පාරාජිකං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : චතුත්ථං පාරාජිකං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති.
Sinhala BJT5. සිවුවන පරිජිය කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: සිවුවන පරිජිය තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟි. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟි, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
Pali BJTචත්තාරො පාරාජිකා නිට්ඨිතා.
Sinhala BJTසතර පරිජි නිමි.
Pali BJTතෙරසසඞ්ඝාදිසෙසා
Sinhala BJTතෙළෙස් සඟවෙසෙස්
Pali BJT1. උපක්කමිත්වා අසුචිං මොචෙන්තස්ස සඞ්ඝාදිසෙසො කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : උපක්කමිත්වා අසුචිං මොචෙන්තස්ස සඞ්ඝාදිසෙසො එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
Sinhala BJT1. උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් නඟියි, වචනයෙන් නො නඟී.
Pali BJT2. මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
Sinhala BJT2. මාගමක හා කාසසඟයට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නගී ද යත්: මාගමක හා කාසසඟයට පැමිණෙන්නහු පිළිබඳ සඟ වෙසෙස එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
Pali BJT3. මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසන්තස්ස සඞ්ඝාදිසෙසො කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසෙන්තස්ස සඞ්ඝාදිසෙසො තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති. න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති.
Sinhala BJT3. මාගමකට තුළුල් තෙපුල් කියන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මාගමකට තුළුල් තෙපුල් කියන්නහු පිළිබඳ සඟවෙසෙස තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
Pali BJT4. මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසන්තස්ස සඞ්ඝාදිසෙසො කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසන්තස්ස සඞ්ඝාදිසෙසො තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT4. මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි ගුණ කියන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි ගුණ කියන්නහු පිළිබඳ සඟවෙසෙස තුන් සමුට්ඨානයෙකින් නඟී. ...
Pali BJT5. සඤ්චරිත්තං සමාපජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සඤ්චරිත්තං සමාපජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො සමුට්ඨාති න වාචතො න චිත්තතො, සියා වාචතො සමුට්ඨාති න කායතො න චිත්තතො, සියා කායතො ච වාචතො ච සමුට්ඨාති න චිත්තතො, සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති.
Sinhala BJT5. මාගමුන් හා පිරිමින් අත හසුන් ගෙණ යනු එනු විසින් හැසිරීම් බවට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මාගමුන් හා පිරිමින් අතරැ හසුන් ගෙණ යනු එනු විසින් සංචරිත්තයට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස සමුට්ඨාන සයෙන් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී, කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
Pali BJT6. සඤ්ඤාචිකාය කුටිං කාරාපෙන්තස්ස සඞ්ඝාදිසෙසො කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සඤ්ඤාචිකාය කුටිං කාරාපෙන්තස්ස සඞ්ඝාදිසෙසො ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT6. තමා ඉල්වාගත් උපකරණයෙන් කුටියක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තමා ඉල්වාගත් උපකරණයෙන් කුටියක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස සමුට්ඨාන සයෙන් නඟියි: ...
Pali BJT7. මහල්ලකං විහාරං කාරාපෙන්තස්ස සඞ්ඝාදිසෙසො කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : මහල්ලකං විහාරං කාරාපෙන්තස්ස සඞ්ඝාදිසෙසො ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT7. මහත් විහාරයක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මහත් විහාරයක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස සමුට්ඨාන සයෙන් නඟියි: ...
Pali BJT8. භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙන්තස්ස සඞ්ඝාදිසෙසො කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙන්තස්ස සඞ්ඝාදිසෙසො තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT8. මහණක්හට අමූලක වූ පරිජි ඇවැතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මහණක්හට අමූලක වූ පරිජි ඇවැතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස තුන් සමුට්ඨානයකින් නඟියි: ...
Pali BJT9. භික්ඛුං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චි දෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙන්තස්ස සඞ්ඝාදිසෙසො කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : භික්ඛුං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චි දෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙන්තස්ස සඞ්ඝාදිසෙසො තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT9. අන්‍යභාගීය අධිකරණයහුගේ කිසි දේශලේශමාත්‍රයක් ගෙණ මහණක්හට පරිජි ඇවැතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: අන්‍යභාගීය අධිකරණයක්හුගේ කිසි දේශලේශමාත්‍රයක් ගෙණ මහණක්හට පරිජි ඇවැතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස තුන් සමුට්ඨානයකින් නඟියි: ...
Pali BJT10. සඞ්ඝභෙදකස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සඞ්ඝභෙදකස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති.
Sinhala BJT10. තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින සඞ්ඝභේදක මහණහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තුන්යළතෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින සඞ්ඝභේදක මහණහු පිළිබඳ සඟවෙසෙස එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
Pali BJT11. භෙදකානුවත්තකානං භික්ඛූනං යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තානං සඞ්ඝාදිසෙසො කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : භෙදකානුවත්තකානං භික්ඛූනං යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තානං සඞ්ඝාදිසෙසො එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති.
Sinhala BJT11. තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින්නා වූ භේදානුවත්තක භික්‍ෂූන් පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින්නා වූ භේදානුවත්තක භික්‍ෂූන් පිළිබඳ සඟවෙසෙස එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
Pali BJT12. දුබ්බචස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : දුබ්බචස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති.
Sinhala BJT12. තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින්නා වූ දුර්වච භික්‍ෂුහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින්නා වූ දුර්වච භික්‍ෂුහු පිළිබඳ සඟවෙසෙස එක් සමුට්ඨානයෙකින් නගියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
Pali BJT13. කුලදූසකස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : කුලදූසකස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති.
Sinhala BJT13. තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින්නා වූ කුලදූෂක භික්‍ෂුහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි යත්නය නො හරින්නා වූ කුලදූෂක භික්‍ෂුහු පිළිබඳ සඟවෙසෙස එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
Pali BJTතෙරසසඞ්ඝාදිසෙසා නිට්ඨිතා.
Sinhala BJTතෙළෙස් සඟවෙසෙස් නිමි.
Pali BJTසෙඛියා
Sinhala BJTසේඛියා
Pali BJT-පෙ- අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස දුක්කටං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස දුක්කටං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො.
Sinhala BJT1. ... අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ දුකුළා ඇවැත කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ දුකුළා ඇවැත එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟි.
Pali BJTසෙඛියා නිට්ඨිතා.
Sinhala BJTසේඛියා නිමි.
Pali BJTසමුට්ඨානං
Sinhala BJTසමුට්ඨානය
Pali BJT1. චත්තාරො පාරාජිකා කති සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : චත්තාරො පාරාජිකා තීහි සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨහන්ති න වාචතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨහන්ති. න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨහන්ති.
Sinhala BJT1. සතර පරිජි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: සතර පරිජි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නැඟිය හෙයි, වචනයෙන් නො නැඟිය හේ. වචනයෙන් ද සිතින් ද නැඟිය හෙයි, කයින් නො නැඟිය හේ. කයින් ද වචනයෙන් ද සිතින් ද නැගිය හේ.
Pali BJT2. තෙරස සඞ්ඝාදිසෙසා කතීහි සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : තෙරස සඞ්ඝාදිසෙසා ඡහි සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : සියා කායතො සමුට්ඨහන්ති න වාචතො න චිත්තතො, සියා වාචතො සමුට්ඨහන්ති න කායතො න චිත්තතො, සියා කායතො ච වාචතො න සමුට්ඨහන්ති න චිත්තතො.
Sinhala BJT2. තෙළෙස් සඟවෙසෙස් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තෙළෙස් සඟවෙසෙස් සමුට්ඨාන සයෙන් නඟියි: කිසිවිටෙක කයින් නැඟිය හෙයි: වචනයෙන් නොනැඟිය හෙයි, සිතින් නොනැඟිය හේ. කිසිවිටෙක වචනයෙන් නැඟිය හෙයි, කයින් නොනැඟිය හෙයි, සිතින් නොනැඟිය හේ. කිසි විටෙක කයින් ද වචනයෙන් ද නැඟිය හෙයි, සිතින් නොනැඟිය හේ.
Pali BJTසියා කායතො ච චිත්තතො ච සමුට්ඨහන්ති න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨහන්ති න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨහන්ති.
Sinhala BJT[missing trans] කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැඟිය හෙයි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හේ.
Pali BJT3. ද්වෙ අනියතා කතීහි සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : ද්වෙ අනියතා තීහි සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨහන්ති න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨහන්ති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨහන්ති.
Sinhala BJT3. දෙ අනියතයෝ කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: දෙ අනියතයෝ තුන් සමුට්ඨානයෙකින් නඟිති: කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැඟිය හෙති, කයින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
Pali BJT4. තිංස නිස්සග්ගියා පාචිත්තියා කතීහි සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : තිංස නිස්සග්ගියා පාචිත්තියා ඡහි සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : සියා කායතො සමුට්ඨහන්ති න වාචතො න චිත්තතො. සියා වාචතො සමුට්ඨහන්ති න කායතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨහන්ති න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨහන්ති න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨහන්ති න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨහන්ති.
Sinhala BJT4. තිස් නිසඟිපචිතීහු කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: තිස් නිසඟිපචිතීහු සමුට්ඨාන සයෙන් නඟිති: කිසිවිටෙක කයින් නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් නැඟිය හෙති, කයින් නො නැඟිය හෙති, සිතින් නොනැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නැඟිය හෙති, සිතින් නොනැඟිය හෙති, කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැගිය හෙති, කයින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
Pali BJT5. ද්වෙ නවුති පාචිත්තියා කතීහි සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : ද්වෙ නවුති පාචිත්තියා ඡහි සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : සියා කායතො සමුට්ඨහන්ති න වාචතො න චිත්තතො. සියා වාචතො සමුට්ඨහන්ති න කායතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨහන්ති න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨහන්ති න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨහන්ති න කායතො. සියාකායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨහන්ති.
Sinhala BJT5. දෙයානු පචිතීහු කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: දෙයානු පචිතීහූ සමුට්ඨාන සයෙන් නඟිති: කිසිවිටෙක කයින් නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙති සිතින් නො නැගිය හෙත්, කිසිවිටෙක වචනයෙන් නැඟිය හෙති, කයින් නො නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැඟිය හෙති. කයින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
Pali BJT6. චත්තාරො පාටිදෙසනීයා කතීහි සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : චත්තාරො පාටිදෙසනීයා චතූහි සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : සියා කායතො සමුට්ඨහන්ති න වාචතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨහන්ති න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨහන්ති. න වාචතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨහන්ති.
Sinhala BJT6. සිවු පිළිදෙස්නීහු කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: සිවු පිළිදෙස්නීහු සිවු සමුට්ඨානයෙකින් නඟිති: කිසිවිටෙක කයින් නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
Pali BJT7. පඤ්චසත්තති සෙඛියා කතීහි සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : පඤ්චසත්තති සෙඛියා තීහි සමුට්ඨානෙහි සමුට්ඨහන්ති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨහන්ති න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨහන්ති න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨහන්තීති.
Sinhala BJT7. පන් සැත්තෑ සෙබියාවෝ කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: පන් සැත්තෑ සේඛියාවෝ තුන් සමුට්ඨානයෙකින් නඟිති, කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැඟිය හෙති, කයින් නො නැඟිය හෙත්, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
Pali BJTසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTසමුට්ඨානය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTඅචිත්තකුසලඤ්චෙව{1} සමුට්ඨානඤ්ච සබ්බථා යථා ධම්මෙන ඤායෙන සමුට්ඨානං විජානථාති.
Sinhala BJTඅචිත්තක යැ කුසල යැ සමුට්ඨාන යැ සර්‍වප්‍රකාරයෙන් ධර්‍මය වූ පරිද්දෙන් න්‍යාය වූ පරිද්දෙන් සමුට්ඨානය දැන ගණිවු.
Pali BJTදුතියගාථාසඞ්ගණිකං
Sinhala BJTදුතියගාථාසඞ්ගණිකය
Pali BJT1. කතාපත්තියො කායිකා කති වාචසිකා කතා, ඡාදෙන්තස්ස කති ආපත්තියො කති සංසග්ගපච්චයා.
Sinhala BJT1. කයින් හටගන්නා ඇවැත්හු කෙතෙකැ, වචනයෙන් හටගන්නා ඇවැත්හු කෙතෙක් (නියම) කරණ ලදහු ද, ඇවැත් වසන්නහුට ඇවැත්හු කෙතෙකැ, කායසංසර්‍ග හේතුවෙන් වන ඇවැත්හු කෙතෙක යත්:
Pali BJT2. ඡ ආපත්තියො කායිකා ඡ වාචසිකා කතා, ඡාදෙන්තස්ස තිස්සො ආපත්තියො පඤ්ච සංසග්ගපච්චයා.
Sinhala BJT2. කායික ආපත්තීහු සදෙනෙකි, වාචසිකාපත්තීහු සදෙනෙකැයි (නියම) කරණ ලදහ. ඇවැත් වසන්නහුට ඇවැත් තුණෙකි, සංසර්‍ග හේතුවෙන් වන ඇවැත් පසෙකි.
Pali BJT3. අරුණුග්ගෙ කති ආපත්තියො කති යාවතතියකා, කතෙත්ථ අට්ඨවත්ථුකා කතීහි සබ්බසඞ්ගහො.
Sinhala BJT3. අරුණු නැඟීමෙහි සිදුවන ඇවැත් කෙතෙකැ, තුන් යළක් සමනුභාසනකම් කිරීමෙන් පසු සිදුවන ඇවැත් කෙතෙකැ, මෙහි අෂ්ට වස්තුක ශික්‍ෂා කෙතෙකැ, කොපමණකින් ශික්‍ෂාපදයන්ගේ සර්‍වසඞ්ග්‍රහය වේ යැ යත්:
Pali BJT4. අරුණුග්ගෙ තිස්සො ආපත්තියො ද්වෙ යාවතතියකා, එකෙත්ථ අට්ඨවත්ථුකා එකෙන සබ්බසඞ්ගහො.
Sinhala BJT4. අරුණු නැඟීමෙහි (නිසඟි පචිති, සඟ වෙසෙස්, දුකුළා විසින්) ඇවැත් තුණෙකි. යාවතතියකාපත්ති (භික්‍ෂු - භික්‍ෂුණී භේදයෙන්) දෙකෙකි. අෂ්ට වස්තුකාපත්ති මේ ශාසනයෙහි (භික්‍ෂුණීන්ට පමණක් වූ) එකෙකි, එක් නිදානෝද්දේසයෙන් සියලු සිකපදයන් ගේ හා සියලු පාමොක් උදෙසීම්හුගේ සඞ්ග්‍රහය වේ.
Pali BJT5. විනයස්ස කති මූලානි යානි බුද්ධෙන පඤ්ඤත්තා, විනයගරුකා කති වුත්තා දුට්ඨුල්ලච්ඡාදනා කති.
Sinhala BJT5. යම් ඒ විනය මූලයෝ බුදුරදුන් විසින් පණවන ලදහු ද ඔහු කෙතෙකැ, විනයගරුකාපත්තීහු කෙතෙක් වදාරණ ලදහු ද, ඡාදනක දුට්ඨුල්ලාපත්තීහු කෙතෙකැ යත්:
Pali BJT6. විනයස්ස ද්වෙ මූලානි යානි බුද්ධෙන පඤ්ඤත්තා, විනයගරුකා ද්වෙ වුත්තා ද්වෙ දුට්ඨුල්ලඡාදනා.
Sinhala BJT6. බුදුරජුන් විසින් යම් විනය මූල කෙනෙක් පණවන ලදහු ද, ඔහු (කාය වාක් විසින්) දෙදෙනෙක. විනය ගරුකාපත්තීහු (පරිජි-සඟවෙසෙස් විසින්) දෙදෙනෙකැ යි වදාරණ ලදහ. ඡාදනක් දුට්ඨුල්ලාපත්තීහු (පරිජි - සඟ වෙසෙස් විසින්) දෙදෙනෙකි.
Pali BJT7. ගාමන්තරෙ කති ආපත්තියො කති නදීපාරපච්චයා, කති මංසෙසු ථුල්ලච්චයං කති මංසෙසු දුක්කටං.
Sinhala BJT7. අන් ගමකට යාමෙන් වන ඇවැත් කෙතෙකැ, නදියෙකින් තෙරට යාමෙන් වන ඇවැත් කෙතෙකැ, කෙතෙක් මාංසයන්හි ථුලැසි ද, කෙතෙක් මාංසයන්හි දුකුළා ද යත්:
Pali BJT8. ගාමන්තරෙ චතස්සො ආපත්තියො චතස්සො නදීපාරපච්චයා, එකමංසෙ ථුල්ලච්චයං නව මංසෙසු දුක්කටං.
Sinhala BJT8. අන් ගමකට යාමෙන් සිදුවන (දුකුළා-පචිති-ථුලැසි-සඟවෙසෙසැ යි) ඇවැත් සතරෙකැ. නදියෙහි පරතෙරට යාමෙන් සතරෙකැ. එක මැ මිනිස් මසෙහි ථුලැසි වෙයි. (ඇත්, අස්, බලු, දිවි, සප්, සිහ, වග, කළු හිස් වලස් හා කරබාන වලස් යන) නව මසෙහි දුකුළා ඇවැත් වේ.
Pali BJT9. කති වාචසිකා රත්තිං කති වාචසිකා දිවා, දදමානස්ස කති ආපත්තියො පටිග්ගණ්හන්තස්ස කිත්තකා.
Sinhala BJT9. රාත්‍රියෙහි වචනයෙන් වන ඇවැත් කෙතෙකැ, දහවල්හි වචනයෙන් වන ඇවැත් කෙතෙකැ, දෙන්නහුට ඇවැත් කෙතෙකැ, පිළිගන්නහුට ඇවැත් කෙතෙකැ යත්:
Pali BJT10. ද්වෙ වාචසිකා රත්තිං ද්වෙ වාචසිකා දිවා, දදමානස්ස තිස්සො ආපත්තියො, චත්තාරො ච පටිග්ගහෙ.
Sinhala BJT10. රාත්‍රියෙහි වචනයෙන් වන ඇවැත් (පචිති - දුකුළා විසින්) දෙකෙකැ. දහවල්හි වාචසිකාපත්තීහු (පචිති - දුකුළා විසින්) දෙදෙනෙකැ. දෙන්නහුට (පරිජි - ථුලැසි - පචිති) ඇවැත්හු තිදෙනෙකැ. පිළිගැන්මෙහි (සඟවෙසෙස් - පරිජි - නිසඟිපචිති හා ථුලැසි යි) ඇවැත්හු සිවු දෙනෙකි.
Pali BJT11. කති දෙසනාගාමිනියො කති සප්පටිකම්මා කතා, කතෙත්ථ අප්පටිකම්මා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා.
Sinhala BJT11. දේසනාගාමිනී ඇවැත් කෙතෙකැ, ප්‍රතිකර්‍ම සහිතයැ යි නියම කරණ ලද ඇවැත් කෙතෙකැ, මේ ශාසනයෙහි කෙතෙක් ඇවැත් ප්‍රතිකර්‍ම රහිත යැ යි සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරදුන් විසින් වදාරණ ලද ද යත්:
Pali BJT12. පඤ්චදෙසනාගාමිනියො ඡ සප්පටිකම්මා කතා, එකෙත්ථ අප්පටිකම්මා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා.
Sinhala BJT12. දේසනාගාමිනී (දෙසීමෙන් පිරිසිදු වන) ඇවැත් පසෙකැ, ප්‍රතිකර්‍ම රහිත ය යි නියම කරණ ලද පරිජිය හැර සෙසු ඇවැත් සයෙකැ, හිරුගොත් බුදුරදුන් විසින් විසින් මෙ සසුන්හි එක ම පරිජි ඇවැත පිළියම් රහිත යැ යි වදාරණ ලදී.
Pali BJT13. විනයගරුකා කති වුත්තා කායවාචසිකානි ච, කති විකාලෙ ධඤ්ඤරසො කති ඤත්තිචතුත්ථෙන සම්මුති.
Sinhala BJT13. විනය ගරුකාපත්තීහු කෙතෙක් වදාරණ ලදහු ද, කායික හා වාචසික ශික්‍ෂා කෙතෙකැ, විකාලයෙහි ධාන්‍යරස කෙතෙකැ, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් සම්මුති කෙතෙකැ යත්:
Pali BJT14. විනයගරුකා ද්වෙ වුත්තා කායවාචසිකානි ච, එකො විකාලෙ ධඤ්ඤරසො එකා ඤත්තිචතුත්ථෙන සම්මුති.
Sinhala BJT14. විනයගරුකාපත්තීහු (පරිජි - සඟවෙසෙස් විසින්) දෙදෙනෙකැ යි වදාරණ ලදහ. (සියලු ශික්‍ෂාවෝ) කායවාචසික වෙති, විකාලයෙහි එක මැ (ලෝණසෝවීරක) ධාන්‍යරසය වටියි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් එක් මැ (භික්ඛුනෝවාදක) සම්මුතිය වේ.
Pali BJT15. පාරාජිකා කායිකා කති කති සංවාසකභූමියො, කතින්නං{1} රත්තිච්ඡෙදො පඤ්ඤත්තා ද්වඞ්ගුලා කති.
Sinhala BJT15. කායික වූ පාරාජිකා කෙතෙකැ, සංවාසභූමි කෙතෙකැ, කෙතෙක් දෙනකුන්හට රාත්‍රිච්ජෙදය වේ ද, ද්වඩ්ගුලප්‍රඥප්ති කෙතෙකැ යත්:
Pali BJT16. පාරාජිකා කායිකා ද්වෙ ද්වෙ සංවාසකභූමියො, ද්වින්නඤ්ච රත්තිච්ඡෙදො පඤ්ඤත්තා ද්වඞ්ගුලා දුවෙ.
Sinhala BJT16. කායික වූ පාරාජිකාපත්ති දෙකෙකැ, සංවාසභූමි දෙකෙකැ, (පාරිවාසිකයාහට ද මානත්තචාරිකයාහට ද යන) දෙදෙනකුන්හට රාත්‍රිච්ඡේදය වෙයි, ද්වඞ්ගුල ප්‍රඥප්ති දෙකෙකි.
Pali BJT17. කතත්තානං වධිත්වාන කතීහි සඞ්ඝො භිජ්ජති, කතෙත්ථ පඨමාපත්තිකා ඤත්තියා කරණා කති.
Sinhala BJT17. තමාහට පැහැරැ කෙතෙක් ඇවැත් අවදී ද, සඞ්ඝතෙමේ කරුණු කීයකින් බිඳේ ද, මෙහි ප්‍රථමාපත්තීහු කෙතෙක් ද, ඥත්තිකරණ කෙතෙක් ද යත්:
Pali BJT18. ද්වෙ අත්තානං වධිත්වාන ද්වීහි සඞ්ඝො භිජ්ජති, ද්වෙත්ථ පඨමාපත්තිකා ඤත්තියා කරණා දුවෙ.
Sinhala BJT18. තමාහට පැහැරැ අවදනා ඇවැත් (පචිති හා දුකුළා විසින්) දෙකෙකැ, කර්‍මයෙන් ද සලාකයෙන් දැ යි දෙ කරුණෙන් සඞ්ඝයා බිඳෙයි, මෙහි ප්‍රථමාපත්තීහු (භික්‍ෂු භික්‍ෂුණීන් වශයෙන්) දෙදෙනෙකැ, ඥප්තිකරණ (කර්‍මය-කර්‍මපාදක යැ යි) දෙකෙකි.
Pali BJT19. පාණාතිපාතෙ කති ආපත්තියො වාචා පාරාජිකා කති, ඔභාසනා කති වුත්තා සඤ්චරිත්තෙන වා කති.
Sinhala BJT19. ප්‍රාණඝාතයෙහි ආපත්ති කෙතෙකැ, වචනයෙන් අවදනා පරිජි කෙතෙකැ, අසභ්‍යභාෂණ කෙතෙක් වදාරණ ලද ද, සඤ්චරිත්තය කරණ කොට ඇවැත් කඳු කෙතෙක් වේ යැ යත්:
Pali BJT20. පාණාතිපාතෙ තිස්සො ආපත්තියො වාචා පාරාජිකා තයො, ඔභාසනා තයො වුත්තා සඤ්චරිත්තෙන වා තයො.
Sinhala BJT20. ප්‍රාණඝාතයෙහි (පරිජි-ථුලැසි-පචිති) ඇවැත් තිදෙනෙකි. වචනයෙන් අවදනා පරිජි දහම් (වජ්ජපටිච්ඡාදක-උක්ඛිත්තානුවත්තක-අට්ඨවත්‍ථුක ය යි) තුණෙකි. අසභ්‍යභාෂණයෝ (සඟවෙසෙස්-ථුලැසි හා දුකුළා යි) ඇවැත්හු තිදෙනෙක් වදාරණ ලදහ. සඤ්චරිත්තය කරණ කොට (සඟවෙසෙස්-ථුලැසි හා දුකුළා යි) ඇවැත් කඳු තුණෙකි.
Pali BJT21. කති පුග්ගලා න උපසම්පාදෙතබ්බා කති කම්මානං සඞ්ගහා, නාසිතකා කති වුත්තා කතිනං එකවාචිකා.
Sinhala BJT21. කෙතෙක් පුද්ගලයෝ උපසපන් නො කටයුත්තෝ ද, කර්‍මයන්ගේ සඞ්ග්‍රහයෝ කෙතෙක් ද, නාසිතකයෝ කෙතෙක් වදාරණ ලදහු ද, කී දෙනකුන්හට එක් අනුසාවනයෙක් වේ ද යත්:
Pali BJT22. තයො පුග්ගලා න උපසම්පාදෙතබ්බා තයො කම්මානං සඞ්ගහා, නාසිතකා තයො වුත්තා තිණ්ණන්නං එකවාචිකා.
Sinhala BJT22. උපසපන් නො කටයුතු පුද්ගලයෝ (අද්ධානහීන, අඞ්ගහීන, වත්‍ථුවිපන්න යි) තිදෙනෙක් වෙති, කර්‍මයන්ගේ සඩ්ග්‍රහයෝ (ඤත්තිකප්පන, විප්පකතපච්චත්ත හා අතීතකරණ විසින්) තිදෙනෙකි. නාසිතකයෝ (ලිඞ්ග-සංවාස හා දණ්ඩකම්ම විසින්) තිදෙනෙක් වදාරණ ලදහ. තිදෙනකුන්හට එක් අනුසාවනයෙක් වේ.
Pali BJT23. අදින්නාදානෙ කති ආපත්තියො කති මෙථුනපච්චයා, ඡින්දන්තස්ස කති ආපත්තියො කති ඡඩ්ඩිතපච්චයා.
Sinhala BJT23. අදත්තාදානයෙහි ඇවැත් කෙතෙකැ, මෙවුන්දම් හේතුයෙන් ඇවැත් කෙතෙකැ, (වෘක්‍ෂාදිය) සිඳින්නහුට ඇවැත් කෙතෙකැ, විස දැමීම් ආදි හේතුයෙන් ඇවැත් කෙතෙකැ යත්:
Pali BJT24. අදින්නාදානෙ තිස්සො ආපත්තියො චතස්සො මෙථුනපච්චයා, ඡින්දන්තස්ස තිස්සො ආපත්තියො පඤ්ච ඡඩ්ඩිතපච්චයා.
Sinhala BJT24. අදත්තාදානයෙහි (පරිජි, ථුලැසි, දුකුළා යි) ඇවැත්හු තිදෙනෙකැ. මෙවුන්දම් පසයෙන් (පරිජි, ථුලැසි, දුකුළා, පචිති යි) ඇවැත්හු සිවු දෙනෙකි. සිඳින්නහුට (පරිජි, පචිති, ථුලැසි යි) ඇවැත්හු තිදෙනෙකි. විස දැමීම් ආදි හේතුයෙන් (පරිජි ථුලැසි, පචිති, සඟවෙසෙස්, දුකුළා යි) ඇවැත්හු පස් දෙනෙකි.
Pali BJT25. භික්ඛුනොවාදකවග්ගස්මිං පාචිත්තියෙන දුක්කටා, කතෙත්ථ නවකා වුත්තා කතින්නං{1} චීවරෙන ච.
Sinhala BJT25. මෙහෙණ ඔවා වගෙහි පචිති ඇවැත හා සමග දුකුළා ඇවැත් ප්‍රකාශිත ද, මෙහි කෙතෙක් නවකාපත්ති වදාරණ ලද ද, කී දෙනකුන්හට චීවර හේතුයෙන් ඇවැත් වේ යැ යත්:
Pali BJT26. භික්ඛුනොවාදකවග්ගස්මිං , පාචිත්තියෙන දුක්කටා, කතා චතුරෙත්ථ නවකා{2} වුත්තා ද්වින්නං චීවරෙන ච.
Sinhala BJT26. මෙහෙණ ඔවා වගෙහි පචිතිය සහිත දුකුළා ඇවැත්හු (ප්‍රකාශ) කරණ ලදහ. මෙහි නවකාපත්තීහු සිවු දෙනෙක. (භික්‍ෂු, භික්‍ෂුණි දෙපස හමුයෙහි උපසපන් මෙහෙණහට සිවුරු දෙන) දෙදෙනකුන්හට සිවුරු දීම් හේතුයෙන් (පචිති, දුකුළා) ඇවැත් වේ.
Pali BJT27. භික්ඛුනීනඤ්ච අක්ඛාතා පාටිදෙසනීයා කති, භුඤ්ජන්තාමකධඤ්ඤෙන පාචිත්තියෙන දුක්කටා කති.
Sinhala BJT27. භික්‍ෂුණීන්ට වදාරණ ලද පාටිදේසනීයාපත්තීහු කෙතෙක් ද, අමු ධාන්‍ය (විනවා ගෙණ) වළඳන මෙහෙණහට පචිති ඇවැත සමග දුකුළා ඇවැත්හු කෙතෙක් ද යත්:
Pali BJT28. භික්ඛුනීනඤ්ච අක්ඛාතා අට්ඨ පාටිදෙසනීයා කතා, භුඤ්ජන්තාමකධඤ්ඤෙන පාචිත්තියෙන දුක්කටා කතා.
Sinhala BJT28. භික්‍ෂුණීන්හට වදාරණ ලද පාටිදේසනීය සිකපදයෝ අටදෙනෙකි (හැල් වී ආදී) අමු ධාන්‍යයන් විනවා වැලඳීමෙන් පචිති ඇවැත සමග දුකුළා වේ යයි ප්‍රකාශ කරණ ලදි.
Pali BJT29. ගච්ඡන්තස්ස කති ආපත්තියො ඨිතස්ස චාපි කිත්තකා, නිසින්නස්ස කති ආපත්තියො නිපන්නස්සාපි කිත්තකා.
Sinhala BJT29. යන්නහුට ඇවැත්හු කෙතෙක් ද, සිටියහුට ඇවැත්හු කෙතෙක් ද, හුන්නහුට ඇවැත්හු කෙතෙක් ද, හොත්තනුට ඇවැත්හු කෙතෙක් ද යත්:
Pali BJT30. ගච්ඡන්තස්ස චතස්සො ආපත්තියො ඨිතස්ස චාපි තත්තිකා, නිසින්නස්ස චතස්සො ආපත්තියො නිපන්නස්සාපි තත්තිකා.
Sinhala BJT30. යන්නහුට (දුකුළා, පචිති, ථුලැසි, සඟවෙසෙස්) ඇවැත්හු සිවු දෙනෙකි. සිටියහුට ද එපමණෙකි. හුන්නහුට ඇවැත්හු සිවු දෙනෙකි. හොත්තහුට ද එපමණෙකි.
Pali BJT31. කති පාචිත්තියානි සබ්බානි නානාවත්ථුකානි, අපුබ්බං අචරිමං ආපජ්ජෙය්ය එකතො.
Sinhala BJT31. සියල්ල නානාවස්තු ඇති කෙතෙක් පචිති ඇවැතුන්ට පෙරපසු නො ව එකවර අවදනේ ද යත්:
Pali BJT32. පඤ්ච පාචිත්තියානි සබ්බානි නානාවත්ථුකානි, අපුබ්බං අචරිමං ආපජ්ජෙය්ය එකතො.
Sinhala BJT32. (තෙල්, මී, සකුරු, ගිතෙල්, වෙඬරු යන පස් බෙහෙත් නඟා තබා සත් දින ඉක්මවීමෙන්) සියල්ල නානාවස්තුක වූ පචිති ඇවැත් පස් දෙනකුන්ට පෙර පසු නො වැ එක්වර ම අවදනේ ය.