Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3601-3700 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං සාකච්ඡිතබ්බො. කතමෙහි පඤ්චහි : අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන සමාධික්ඛන්ධෙන -පෙ- පඤ්ඤාක්ඛන්ධෙන -පෙ- විමුත්තික්ඛන්ධෙන -පෙ- විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං සාකච්ඡිතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා කළ යුතු යි. කවර පසෙකින යත්: අශෛක්‍ෂ වූ ශීලරාශියෙන් යුක්ත වූයේ වෙයි, අශෛක්‍ෂ සමාධිරාශියෙන් යුක්ත වූයේ වෙයි, අශෛක්‍ෂ වූ ප්‍රඥාරාශියෙන් යුක්ත වූයේ වෙයි, අශෛක්‍ෂ වූ විමුක්තිරාශියෙන් යුක්ත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිඥාන දර්‍ශනරාශියෙන් යුක්ත වූයේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා කළ යුතු යි.
Pali BJTඅපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං න සාකච්ඡිතබ්බො, කතමෙහි පඤ්චහි : න අත්ථපටිසම්භිදාපත්තො හොති, න ධම්මපටිසම්භිදාපත්තො හොති, න නිරුත්ති පටිසම්භිදාපත්තො හොති, න පටිභානපටිසම්භිදාපත්තො හොති, යථාවිමුත්තං චිත්තං පච්චවෙක්ඛති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං න සාකච්ඡිතබ්බො.
Sinhala BJTඋපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා නො කළ යුතු යි. කවර පසෙකින යත්: අර්‍ත්‍ථකථායෙහි ප්‍රභේදගත ඥානයට නො පැමිණියේ වෙයි. පෙළදහමෙහි ප්‍රභේදගතඥානයට නො පැමිණියේ වෙයි, ව්‍යවහාර නිරුක්තියෙහි ප්‍රභේදගත ඥානයට නො පැමිණියේ වෙයි, ප්‍රතිභාන සඞ්ඛ්‍යාත ප්‍රභේදගත ඥානයට නො පැමිණියේ වෙයි, (සතර ඵල විමුක්තීන්ගේ වශයෙන්) මිදුනු සිත (එකුන්විසි - පස්විකුම් නුවණින්) ප්‍රත්‍යවේක්‍ෂා නො කරන්නේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග (නාම රූප පරිච්ඡේදාදිය) සාකච්ඡා නො කළ යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං සාකච්ඡිතබ්බො. කතමෙහි පඤ්චහි : අත්ථපටිසම්භිදාපත්තො හොති, ධම්මපටිසම්භිදාපත්තො හොති, නිරුත්තිපටිසම්භිදාපත්තො හොති, පටිභානපටිසම්භිදාපත්තො හොති, යථාවිමුත්තං චිත්තං පච්චවෙක්ඛති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං සාකච්ඡිතබ්බොති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා කළ යුතු යි. කවර පසෙකින යත්: අර්‍ත්‍ථකථායෙහි ප්‍රභේදගතඥානයට පැමිණියේ වෙයි, පෙළදහමෙහි ප්‍රභේදගතඥානයට පැමිණියේ වෙයි, ව්‍යවහාර නිරුක්තියෙහි ප්‍රභේදගතඥානයට පැමිණියේ වෙයි, ප්‍රහිහාන සඞ්ඛ්‍යාත ප්‍රභේදගතඥානයට පැමිණියේ වෙයි, (සතරඵල විමුක්තීන්ගේ වශයෙන්) මිදුනු සිත (එකුන්විසි පස්විකුම් නුවණින්) ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා කළ යුතු යි.
Pali BJTභික්ඛුනොවාදවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවන භික්බුනෝවාදක වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTභික්ඛුනීහෙව කාතබ්බං අපරෙහි තථා දුවෙ, භික්ඛුනීනං තයො කම්මා න ඨපෙතබ්බා ද්වෙ දුකා : න ගහෙතබ්බා ද්වෙ වුත්තා සාකච්ඡාසු ච ද්වෙ දුකාති.
Sinhala BJTභික්ඛුණීභෙවකාතබ්බ යැ එසේම අපරෙහි දෙක යැ භික්‍ෂුණීන් පිළිබඳ වූ කර්‍ම තුණ යැ න ඨපේතබ්බදුක දෙක යැ න ගභෙතබ්බ දෙක යැ සාකච්ඡාවන්හි දුක දෙක යැ.
Pali BJT9. උබ්බාහිකා වග්ගො
Sinhala BJT9. උබ්බාහිකා වර්‍ගය
Pali BJT1. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බොති?
Sinhala BJT1. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො, කතමෙහි පඤ්චහි : න අත්ථකුසලො හොති, න ධම්මකුසලො හොති, න නිරුත්තිකුසලො හොති, න බ්යඤ්ජනකුසලො හොති, න පුබ්බාපරකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ තෙමේ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි. කවර පසෙකින යත්: අර්‍ත්‍ථකථාවෙහි දක්‍ෂයෙක් නො වෙයි, පාළියෙහි දක්‍ෂයෙක් නො වෙයි, භාෂාන්තර ව්‍යවහාරයෙහි දක්‍ෂයෙක් නො වෙයි, බ්‍යඤ්ජනයෙහි දක්‍ෂයෙක් නො වෙයි. පෙරැ පසු කථාවෙහි දක්‍ෂයෙක් නො වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : අත්ථකුසලො හොති, ධම්මකුසලො හොති, නිරුත්තිකුසලො හොති, බ්යඤ්ජනකුසලො හොති, පුබ්බාපරකුසලො හොති – ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: අර්‍ත්‍ථකථාවෙහි දක්‍ෂයෙක් වෙයි, පෙළ දහමෙහි දක්‍ෂයෙක් වෙයි. භාෂාන්තර ව්‍යවහාරයෙහි දක්‍ෂයෙක් වෙයි, අක්‍ෂරොව්චාරණ ලෙඛනයෙහි දක්‍ෂයෙක් වෙයි, පෙරැ පසු කථාවෙහි දක්‍ෂයෙක් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
Pali BJT2. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : කොධනො හොති කොධාභිභූතො, මක්ඛී හොති මක්ඛාභිභූතො, පලාසී හොති පලාසාභිභූතො, ඉස්සුකී හොති ඉස්සාභිභූතො, සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො.
Sinhala BJT2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතුයි. කවර පසෙකින යත්: කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් මඩනා ලද්දේ වෙයි, ගුණමකු වූයේ මකු බැවින් මඩනා ලද්දේ වෙයි, යුගග්‍රාහ ඇත්තේ යුගග්‍රාහයෙන් මඩනා ලද්දේ වෙයි, ඊර්‍ෂ්‍යා ඇත්තේ ඊර්‍ෂ්‍යාවෙන් මඩනා ලද්දේ වෙයි, බැහැර ලීමට දුෂ්කර වූ දැඩි වැ අල්වා ගැනීම් ඇත්තා වූ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : න කොධනො හොති න කොධාභිභූතො, න මක්ඛී හොති න මක්ඛාභිභූතො, න පලාසී හොති න පලාසාභිභූතො, න ඉස්සුකී හොති න ඉස්සාභිභූතො, අසන්දිට්ඨිපරාමාසී හොති අනාධානගාහී සුප්පටිනිස්සග්ගී. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: නො කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් නො මඩනා ලද්දේ වෙයි, ගුණමකු නො වූයේ මකු බැවින් නො මඩනා ලද්දේ වෙයි, යුගග්‍රාහ නැත්තේ යුගග්‍රාහයෙන් නො මඩනා ලද්දේ වෙයි, ඊර්‍ෂ්‍යා නැත්තේ ඊර්‍ෂ්‍යාවෙන් නො මඩනා ලද්දේ වෙයි, සුවසේ බැහැරලීම් ඇත්තේ දැඩි වැ අල්වාගැණුම් නැත්තේ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
Pali BJT3. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : කුප්පති, බ්යාපජ්ජති, පතිට්ඨියති, කොපං ජනෙති, අක්ඛමො හොති අපදක්ඛිණග්ගාහී අනුසාසනිං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො.
Sinhala BJT3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි. කවර පසෙකින යත්: කිපෙයි, ව්‍යාපාදයට (පියවි බව හැරීමට) පැමිණෙයි, තදබවට පැමිණෙයි, ක්‍රෝධය දනවයි, අනුශාසනාව නුහුරට ගන්නේ නො ඉවසන්නෙක් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : න කුප්පති, න බ්යාපජ්ජති, න පතිත්ථියති, න කොපං ජනෙති, ඛමො හොති පදක්ඛිණග්ගාහී අනුසාසනිං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තදබවට නො පැමිණෙයි, ක්‍රෝධය නො දනවයි, අනුශාසනාව නුහුරට නො ගන්නේ ඉවසන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
Pali BJT4. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : පසාරෙතා හොති නො සාරෙතා, අනොකාසකම්මං කාරෙත්වා පවත්තා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති, න යථාදිට්ඨියා බ්යාකත්තා හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො.
Sinhala BJT4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි. කවර පසෙකින යත්: සිහි කොට නො දෙන්නේ (චෝදකචූදිතයන්ගේ කථාව) මුළා කෙරෙයි, අවසර ඉල්වා නො කියන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා නො කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් නො කරවන්නේ වෙයි, ලබ්ධිය වූ පරිද්දෙන් ප්‍රකාශ නො කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : සාරෙතා හොති නො පසාරෙතා, ඔකාසකම්මං කාරෙත්වා පවත්තා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති, යථාදිට්ඨියා බ්යාකත්තා හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: (චෝදක-චුදිතයන්ගේ කථාව) මුළා නො කරවන්නේ සිහි කොට දෙන්නේ වෙයි, අවසර ඉල්වා කියන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් කරවන්නේ වෙයි, ලබ්ධිය වූ පරිද්දෙන් ප්‍රකාශ කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
Pali BJT5. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අලජ්ජී ච හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො.
Sinhala BJT5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, ලජ්ජා නැත්තේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, ලජ්ජී ච හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, ලජ්ජා ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
Pali BJT6. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අකුසලො ච හොති විනයෙ. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො.
Sinhala BJT6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතුයි, කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, විනයයෙහි අදක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, කුසලො ච හොති විනයෙ. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, විනයයෙහි දක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
Pali BJT7. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡතීති?
Sinhala BJT7. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සඞ්ඛ්‍යාවට යේ ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : සුත්තං න ජානාති, සුත්තානුලොමං න ජානාති, විනයං න ජානාති, විනයානුලොමං න ජානාති, න ච ඨානාඨානකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ බාලයෙකැයි සඞ්ඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: සූත්‍රය නො දනී, සූත්‍රානුලෝමය නො දනී, විනය නො දනී, විනයානුලෝමය නො දනී. කරුණු නොකරුණු දෙක්හි දක්‍ෂ නොවේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : සුත්තං ජානාති, සුත්තානුලොමං ජානාති, විනයං ජානාති, විනයානුලොමං ජානාති, ඨානාඨානකුසලො ච හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: සූත්‍රය දනී, සූත්‍රානුලෝමය දනී, විනය දනී, විනයානුලෝමය දනී. කරුණු නොකරුණු දෙක්හි දක්‍ෂ ද වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
Pali BJT8. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : ධම්මං න ජානාති, ධම්මානුලොමං ජානාති, විනයං න ජානාති, විනයානුලොමං න ජානාති, න ච පුබ්බාපරකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ බාලයෙක් මැයි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: ධර්‍මය නො දනී, ධර්‍මානුලොමය නො දනී, විනය නො දනී. විනයානුලෝමය නො දනී, පූර්‍වාපරකථාවන්හි අදක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : ධම්මං ජානාති, ධම්මානුලොමං ජානාති, විනයං ජානාති, විනයානුලොමං ජානාති, පුබ්බාපරකුසලො ච හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: ධර්‍මය දනී, ධර්‍මානුලොමය දනී, විනය දනී, විනයානුලෝමය දනී, පූර්‍වාපර කථාවන්හි දක්‍ෂ ද වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
Pali BJT9. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : වත්ථුං න ජානාති, නිදානං න ජානාති, පඤ්ඤත්තිං න ජානාති, පදපච්චාභට්ඨං න ජානාති, අනුසන්ධිවචනපථං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT9. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ, කවර පසෙකින යත්: වස්තුව (කළ වරද) නො දනී, නිදානය (පැණවූ තැන) නො දනී. ප්‍රඥප්තිය නො දනී, පෙරැළිපදය නො දනී, ගැළපෙන වදන්මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, පදපච්චාභට්ඨං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: වස්තුව දනී, නිදානය දනී, ප්‍රඥප්තිය දනී, පෙරැළිපදය දනී, ගැළපෙන වදන්මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
Pali BJT10. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : ආපත්තිං න ජානාති, ආපත්තිසමුට්ඨානං න ජානාති, ආපත්තියා පයොගං න ජානාති, ආපත්තියා වූපසමං න ජානාති, ආපත්තියා න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT10. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: ආපත්තිය නො දනී, ආපත්ති සමුට්ඨානය නො දනී, ආපත්ති ප්‍රයෝගය නො දනී, ආපත්ති ව්‍යුපශමය නො දනී, ආපත්ති විනිශ්චය කිරීමෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි? ආපත්තිං ජානාති, ආපත්තිසමුට්ඨානං ජානාති, ආපත්තියා පයොගං ජානාති, ආපත්තියා වූපසමං ජානාති, ආපත්තියා විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: ආපත්තිය දනී, ආපත්ති සමුට්ඨානය දනී, ආපත්තිප්‍රයෝගය දනී, ආපත්ති ව්‍යුපශමය දනී, ආපත්ති විනිශ්චය කිරීමෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
Pali BJT11. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : අධිකරණං න ජානාති, අධිකරණසමුට්ඨානං න ජානාති, අධිකරණස්ස පයොගං න ජානාති, අධිකරණස්ස වූපසමං න ජානාති, අධිකරණස්ස න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT11. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: අධිකරණය නො දනී, අධිකරණ සමුට්ඨානය නො දනී, අධිකරණ ප්‍රයෝගය නො දනී, අධිකරණ ව්‍යුපශමය නො දනී, අධිකරණ විනිශ්චයෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : අධිකරණං ජානාති, අධිකරණසමුට්ඨානං ජානාති, අධිකරණස්ස පයොගං ජානාති, අධිකරණස්ස වූපසමං ජානාති, අධිකරණස්ස විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: අධිකරණය දනියි, අධිකරණ සමුට්ඨානය දනියි, අධිකරණප්‍රයෝගය දනියි, අධිකරණව්‍යුපශමය දනියි, අධිකරණවිනිශ්චයෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ පණ්ඩිතයෙක් මැ යි සංඛ්‍යාවට යේ.
Pali BJTඋබ්බාහිකාවග්ගො නවමො.
Sinhala BJTනවවන උබ්බාහිකවර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTන අත්ථකුසලො චෙව කොධනො කුප්පතී ච යො, පසාරෙතා ඡන්දාගතිං න කුසලො තථෙව ච.
Sinhala BJTන අත්‍ථකුසල යැ කොධන යැ කුප්පති යැ පසාරෙතා යැ ඡන්‍දාගති යැ එසේ මැ අකුසල යැ.
Pali BJTසුත්තං ධම්මඤ්ච වත්ථුඤ්ච ආපත්ති අධිකරණං, ද්වෙ ද්වෙ පකාසිතා සබ්බෙ කණ්හසුක්කා විජානථාති.
Sinhala BJTසුත්ත යැ ධම්ම යැ වත්‍ථු යැ ආපත්ති යැ අධිකරණ යැ යන සියල්ල දෙක දෙක බැගින් වදාරණ ලදි. කණ්හසුක්ක වශයෙන් දනිවු.
Pali BJT10. අධිකරණවූපසම වග්ගො
Sinhala BJT10. අධිකරණවූපසම වර්‍ගය
Pali BJT1. කතීහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුන්ති?
Sinhala BJT1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ ද?
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ආපත්තිං න ජානාති, ආපත්තිසමුට්ඨානං න ජානාති, ආපත්තියා පයොගං න ජානාති, ආපත්තියා වූපසමං න ජානාති, ආපත්තියා න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: ආපත්තිය නො දනියි, ආපත්ති සමුට්ඨානය නො දනියි, ආපත්ති ප්‍රයෝගය නො දනියි, ආපත්ති ව්‍යුපශමය නො දනියි, ආපත්ති විනිශ්චය කිරීමෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ආපත්තිං ජානාති, ආපත්තිසමුට්ඨානං ජානාති, ආපත්තියා පයොගං ජානාති, ආපත්තියා වූපසමං ජානාති, ආපත්තියා විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ආපත්තිය දනියි, ආපත්ති සමුට්ඨානය දනියි, ආපත්ති ප්‍රයෝගය දනියි, ආපත්ති ව්‍යුපශමය දනියි, ආපත්ති විනිශ්චය කිරීමෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
Pali BJT2. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : අධිකරණං න ජානාති, අධිකරණසමුට්ඨානං න ජානාති, අධිකරණස්ස පයොගං න ජානාති, අධිකරණස්ස වූපසමං න ජානාති, අධිකරණස්ස න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJT2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ, කවර පසෙකින යත්: අධිකරණය නො දනියි, අධිකරණ සමුට්ඨානය නො දනියි, අධිකරණ ප්‍රයෝගය නො දනියි අධිකරණ ව්‍යුපශමය නො දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : අධිකරණං ජානාති, අධිකරණසමුට්ඨානං ජානාති, අධිකරණස්ස පයොගං ජානාති, අධිකරණස්ස වූපසමං ජානාති, අධිකරණස්ස විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: අධිකරණය දනියි, අධිකරණ සමුට්ඨානය දනියි, අධිකරණ ප්‍රයෝගය දනියි, අධිකරණ ව්‍යුපශමය දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
Pali BJT3. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අලජ්ජී ච හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJT3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වෙයි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, ලජ්ජා නැත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, ලජ්ජී ච හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, ලජ්ජා ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
Pali BJT4. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අප්පස්සුතො ච හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJT4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, අල්පශ්‍රැතයෙක් ද වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, බහුස්සුතො ච හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, බහුශ්‍රැතයෙක් ද වේ. උපාලි, මේ අඞ්ගපසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
Pali BJT5. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : වත්ථුං න ජානාති, නිදානං න ජානාති, පඤ්ඤත්තිං න ජානාති, පදපච්චාභට්ඨං න ජානාති, අනුසන්ධිවචනපථං න ජානාති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJT5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඳප්තිය නො දනියි, පෙරැළි පදය නො දනියි, ගැළපෙන වදන්මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, පදපච්චාභට්ඨං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, පෙරැළි පදය දනියි, ගැළපෙන වදන්මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
Pali BJT6. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අකුසලො ච හොති විනයෙ. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJT6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, විනයෙහි අදක්‍ෂත් වේ. උපාලි, මේ අඞ්ගපසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, කුසලො ච හොති විනයෙ. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, විනයෙහි දක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
Pali BJT7. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, පුග්ගලගරුකො හොති නො සඞ්ඝගරුකො. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJT7. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, පුද්ගලගරුක වූයේ සඞ්ඝගරුක නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, සඞ්ඝගරුකො හොති නො පුග්ගලගරුකො. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, සඞ්ඝ ගරුක වූයේ පුද්ගල ගරුක නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
Pali BJT8. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, ආමිසගරුකොකො හොති නො සද්ධම්මගරුකොකො. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
Sinhala BJT8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ තෙමේ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, ආමිෂ ගරුක වූයේ සද්ධර්‍ම ගරුක නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, සද්ධම්මගරුකො හොති නො ආමිසගරුකො. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුන්ති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, සද්ධර්‍ම ගරුක වූයේ ආමිෂ ගරුක නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
Pali BJT9. කතීහි නු ඛො භන්තෙ ආකාරෙහි සඞ්ඝො භිජ්ජතීති?
Sinhala BJT9. වහන්ස, කෙතෙක් අයුරින් සඞ්ඝයා බිඳේ ද?
Pali BJTපඤ්චහුපාලි ආකාරෙහි සඞ්ඝො භිජ්ජති. කතමෙහි පඤ්චහි : කම්මෙන, උද්දෙසෙන, වොහරන්තො, අනුසාවණෙන, සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහාකාරෙහි සඞ්ඝො භිජ්ජතීති.
Sinhala BJTඋපාලි, පස් අයුරකින් සඞ්ඝයා බිඳේ. කවර පසෙකින යත්: කර්‍මයෙන් යැ උපදේශයෙන් යැ (අටළොස් භේදකර වස්තු) වැවහැර කරමින් යැ, අනුශ්‍රාවණයෙන් යැ, සලාකග්‍රාහයෙන් යැ, උපාලි, මේ පස් අයුරින් සඞ්ඝයා බිඳේ.
Pali BJT10. සඞ්ඝරාජි සඞ්ඝරාජීති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො? කිත්තාවතා ච පන සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො චාති?
Sinhala BJT10. වහන්ස, සඞ්ඝරාජි යැ සඞ්ඝරාජි යැ යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් සඞ්ඝරාජිය වේ ද? සඞ්ඝභේදය නො වේ ද? කොපමණකින් සඞ්ඝරාජියත් සඞ්ඝභේදයත් වේ ද?
Pali BJTපඤ්ඤත්තෙතං උපාලි මයා ආගන්තුකානං භික්ඛූනං ආගන්තුකවත්තං, එවං සුපඤ්ඤත්තෙ ඛො උපාලි මයා සික්ඛාපදෙ ආගන්තුකා භික්ඛූ ආගන්තුකවත්තෙ න වත්තන්ති, එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො. පඤ්ඤත්තෙතං උපාලි මයා ආවාසිකානං භික්ඛූනං ආවාසිකවත්තං. එවං සුපඤ්ඤත්තෙ ඛො උපාලි මයා සික්ඛාපදෙ ආවාසිකා භික්ඛූ ආවාසිකවත්තෙ න වත්තන්ති, එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො. පඤ්ඤත්තෙතං උපාලි මයා
Sinhala BJTඋපාලි, මා විසින් ආගන්තුක භික්‍ෂූන්ට මේ ආගන්තුක වත පණවන ලදී. උපාලි, මෙසේ මා විසින් සිකපද මොනොවට පණවන ලද කල්හි ආගන්තුක භික්‍ෂූහු ආගන්තුක වතෙහි නො පවතිත් ද, උපාලි, මෙසේත් සඞ්ඝරාජිය වෙයි, සඞ්ඝභේදය නො වේ. උපාලි, මා විසින් ආවාසික භික්‍ෂූන්ට මේ ආවාසික වත පණවන ලදී. උපාලි, මෙසේ මා විසින් සිකපද මොනොවට පණවන ලද කල්හි ආවාසික භික්‍ෂූහු ආවාසික වතෙහි නො පවතිත් ද, උපාලි, මෙසේත් සඞ්ඝරාජිය වෙයි, සඞ්ඝභේදය නො වේ. උපාලි, මා විසින් භික්‍ෂූන්හට
Pali BJTභික්ඛූනං භත්තග්ගෙ භත්තග්ගවත්තං යථාබුඩ්ඪං යථාරත්තං යථාපතිරූපං අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං එවං සුපඤ්ඤත්තෙ ඛො උපාලි මයා සික්ඛාපදෙ නවා භික්ඛූ භත්තග්ගෙ ථෙරානං භික්ඛූනං ආසනං පටිබාහන්ති. එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො. පඤ්ඤත්තෙතං උපාලි මයා භික්ඛූනං සෙනාසනෙ සෙනාසනවත්තං යථාබුඩ්ඪං යථාරත්තං යථාපතිරූපං, එවං සුපඤ්ඤත්තෙ ඛො උපාලි මයා සික්ඛාපදෙ නවා භික්ඛූ ථෙරානං භික්ඛූනං සෙනාසනං පටිබාහන්ති. එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො. පඤ්ඤත්තෙතං උපාලි මයා භික්ඛූනං අන්තොසීමාය එකං උපොසථං එකං පවාරණං එකං සඞ්ඝකම්මං එකං කම්මාකම්මං. එවං සුපඤ්ඤත්තෙ ඛො උපාලි මයා සික්ඛාපදෙ තත්ථෙව අන්තොසීමාය ආවෙණීභාවං කරිත්වා ගණං බන්ධිත්වා ආවෙණිඋපොසථං කරොන්ති ආවෙණිපවාරණං කරොන්ති, ආවෙණිසඞ්ඝකම්මං කරොන්ති, ආවෙණිකම්මාකම්මානි කරොන්ති. එවං ඛො උපාලි සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො චාති.
Sinhala BJTබත්හලෙහි සග මහලු පිළිවෙළින් තෙර පිළිවෙළින් සුදුසු පිළිවෙළින් අග්‍රාසනය දීම අග්‍රෝදකය දීම අග්‍රපිණ්ඩය දීම යන මේ බත්හල පිළිබඳ වත පණවන ලදී. උපාලි, මා විසින් මෙසේ සිකපද මොනොවට පණවනලද කල්හි නවක භික්‍ෂූහු බත්හලෙහි ස්ථවිර භික්‍ෂූන්හට ථේරාසනය වළකත් ද, උපාලි, මෙසේත් සඞ්ඝරාජිය වෙයි, සඞ්ඝභේදය නො වේ. උපාලි, මා විසින් භික්‍ෂූන්හට සෙනස්නෙහි සගමහලු පිළිවෙළින් තෙර පිළිවෙළින් සුදුසු පිළිවෙළින් මේ සෙනසුන් වත පණවන ලදී. උපාලි, මා විසින් මෙසේ මොනොවට සිකපද පණවන ලද කල්හි නවක භික්‍ෂූහු ස්ථවිර භික්‍ෂූන්හට සෙනසුන වළකත් ද, උපාලි, මෙසේත් සඞ්ඝරාජිය වෙයි, සඞ්ඝභේදය නො වේ. උපාලි, මා විසින් භික්‍ෂූන්හට ඇතුළු සීමායෙහි තෙල එක් වැ කරණ පොහොය එක් වැ කරණ පවුරුණු එක් වැ කරණ සඞ්ඝකර්‍ම එක් වැ කරණ කුදුමහත් කර්‍ම පණවන ලදි. උපාලි, මා විසින් මෙසේ මොනොවට සිකපද පණවනලද කල්හි එම සීමාව තුළ ආවේණිභාවය (වෙන්වීම් බව) කොට ගණබන්‍ධනය කොට (පිරිස වෙන්කොට) වෙන් වැ පොහොය කරත් ද, වෙන් වැ පවුරුණු කරත් ද, වෙන් වැ සඞ්ඝකර්‍ම කරත් ද, වෙන් වැ කුදුමහත් විනයකර්‍ම කරත් ද, උපාලි, මෙසේ සඞ්ඝරාජියත් වෙයි, සඞ්ඝභේදයත් වේ.
Pali BJTඅධිකරණවූපසමවග්ගො දසමො.
Sinhala BJTදසවන අධිකරණ වූපසම වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTආපත්තිං අධිකරණං ඡන්දා අප්පස්සුතෙන ච, වත්ථුඤ්ච අකුසලො ච පුග්ගලො ආමිසෙන ච ; භිජ්ජති සඞ්ඝරාජි ච සඞ්ඝභෙදො තථෙව චාති.
Sinhala BJTආපත්ති යැ අධිකරණ යැ ඡන්‍දාගති යැ අප්පස්සුතය සමග වත්‍ථු යැ ආමිසය සමග අකුසල යැ පුග්ගල යැ භිජ්ජති යැ එසේ ම සඞ්ඝරාජි යැ සඞ්ඝභේද යැ යි.
Pali BJT11. සඞ්ඝභෙදක වග්ගො
Sinhala BJT11. සඞ්ඝභේදක වර්‍ගය
Pali BJT1. කතීහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡොති?
Sinhala BJT1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ ද?
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය දිට්ඨිං කම්මෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි. ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ පිහිටුවා කර්‍ම කිරීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJT2. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය දිට්ඨිං උද්දෙසෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJT2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි දෘෂ්ටිය තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝ භේදකයෙක් වේ.
Pali BJT3. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය දිට්ඨි වොහරන්තො. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJT3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJT4. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති, දීපෙති ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය දිට්ඨිං අනුස්සාවණෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJT4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ පිහිටුවා අනුශ්‍රාවණයෙන් යැ. උපාලි මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJT5. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය දිට්ඨිං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJT5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැයි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තරවැ පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ, උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJT6. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය ඛන්තිං කම්මෙන -පෙ- විනිධාය ඛන්තිං උද්දෙසෙන -පෙ- විනිධාය ඛන්තිං වොහරන්තො -පෙ- විනිධාය ඛන්තිං අනුස්සාවණෙන -පෙ- විනිධාය ඛන්තිං සලාකගාහෙන ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJT6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින පත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, ඉවසීම තර වැ පිහිටුවා කර්‍මයෙන් යැ ... ඉවසීම තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ ... ඉවසීම තර වැ පිහිටුවා බැවහර කරමින් යැ ... ඉවසීම තර වැ පිහිටුවා ඇස්වීමෙන් යා ... ඉවසීම තර වැ පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJT7. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය රුචිං කම්මෙන -පෙ- විනිධාය රුචිං උද්දෙසෙන -පෙ- විනිධාය රුචිං වොහරන්තො -පෙ- විනිධාය රුචිං අනුසාවණෙන -පෙ- විනිධාය රුචිං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJT7. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, රුචිය තර වැ පිහිටුවා කර්‍මයෙන් යැ ... රුචිය තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ ... රුචිය තර වැ පිහිටුවා බැවහර කරමින් යැ ... රුචිය තර වැ පිහිටුවා ඇස්වීමෙන් යැ ... රුචිය තර වැ පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJT8. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය සඤ්ඤං
Sinhala BJT8. උපාලි, අනෙකුදු, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි.
Pali BJTකම්මෙන -පෙ- විනිධාය සඤ්ඤං උද්දෙසෙන -පෙ- විනිධාය සඤ්ඤං වොහරන්තො -පෙ- විනිධාය සඤ්ඤං අනුසාවණෙන -පෙ- විනිධාය සඤ්ඤං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡොති.
Sinhala BJTහැඟීම තර වැ පිහිටුවා කර්‍මයෙන් යැ ... හැඟීම තරවැ පිහිටුවා උදෙසීමෙන් යැ, ... හැඟීම තර වැ පිහිටුවා බැවහර කරමින් යැ ... හැඟීම තර වැ පිහිටුවා ඇස්වීමෙන් යැ ... හැඟීම තර වැ පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJTසඞ්ඝභෙදකවග්ගො එකාදසමො.
Sinhala BJTඑකොළොස්වන සඞ්ඝභේදක වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTවිනිධාය දිට්ඨිං කම්මෙන උද්දෙසෙ වොහරෙන ච, අනුසාවණෙ සලාකෙන පඤ්චෙතෙ දිට්ඨිනිස්සිතා ; ඛන්තිං රුචි ච සඤ්ඤා ච{1} තයො තෙ පඤ්චධා නයාති.
Sinhala BJTදෘෂ්ටිය තර වැ පිහිටුවා කර්‍මයෙන් යැ, දෘෂ්ටිය තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ, දෘෂ්ටිය තර වැ පිහිටුවා බැවහර කරමින් යැ, දෘෂ්ටිය තර වැ පිහිටුවා ඇස්වීමෙන් ය, දෘෂ්ටිය තර වැ පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. මේ පස්දෙන දෘෂ්ටි නිඃශ්‍රිතයහ. ඛන්ති, රුචි, සඤ්ඤා යන තුණ ඇසිරිකළ පස බැගින් නය ද වේ.
Pali BJT12. දුතිය සඞ්ඝභෙදක වග්ගො
Sinhala BJT12. දුතියසඞ්ඝභේදක වර්‍ගය
Pali BJT1. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡොති?
Sinhala BJT1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ කල්පස්ථායී නොවූ නිරිසත් නො වූ පිළියම් කළ හැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ ද?
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය දිට්ඨිං කම්මෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළ හැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJT2. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය දිට්ඨිං උද්දෙසෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
Sinhala BJT2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැයි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා උදෙසීමෙන් යැ. උපාලි මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJT3. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය දිට්ඨිං වොහරන්තො. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
Sinhala BJT3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින් ද යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැයි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා බැවහර කරමින් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි, අපායෙහි නොඋපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJT4. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය දිට්ඨිං අනුසාවණෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
Sinhala BJT4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදන සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා ඇස්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJT5. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය දිට්ඨිං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
Sinhala BJT5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැයි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJT6. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය ඛන්තිං කම්මෙන -පෙ- අවිනිධාය ඛන්තිං උද්දෙසෙන -පෙ- අවිනිධාය ඛන්තිං වොහරන්තො -පෙ- අවිනිධාය ඛන්තිං අනුසාවණෙන -පෙ- අවිනිධාය ඛන්තිං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
Sinhala BJT6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්තවූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි, කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැයි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, ඉවසීම තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ ... ඉවසීම තර වැ නො පිහිටුවා උදෙසීමෙන් යැ ... ඉවසීම තර වැ නො පිහිටුවා බැවහර කරමින් යැ ... ඉවසීම තර වැ නො පිහිටුවා ඇස්වීමෙන් යැ ... ඉවසීම තර වැ නො පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJT7. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය රුචිං කම්මෙන -පෙ- අවිනිධාය රුචිං උද්දෙසෙන -පෙ- අවිනිධාය රුචිං වොහරන්තො -පෙ- අවිනිධාය රුචිං අනුසාවණෙන -පෙ- අවිනිධාය රුචිං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
Sinhala BJT7. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, රුචිය තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ ... රුචිය තර වැ නො පිහිටුවා උදෙසීමෙන් යැ ... රුචිය තර වැ නො පිහිටුවා බැවහර කිරීමෙන් යැ ... රුචිය තර වැ නො පිහිටුවා ඇස්වීමෙන් යැ ... රුචිය තර වැ නො පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ යි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJT8. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය සඤ්ඤං කම්මෙන -පෙ- අවිනිධාය සඤ්ඤං උද්දෙසෙන -පෙ- අවිනිධාය සඤ්ඤං වොහරන්තො -පෙ- අවිනිධාය සඤ්ඤං අනුසාවණෙන -පෙ- අවිනිධාය සඤ්ඤං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡොති.
Sinhala BJT8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි. හැඟීම තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ ... හැඟීම තර වැ නො පිහිටුවා උදෙසීමෙන් යැ ... හැඟීම තර වැ නො පිහිටුවා බැවහර කිරීමෙන් යැ ... හැඟීම තර වැ නො පිහිටුවා ඇස්වීමෙන් යැ ... හැඟීම තර වැ නො පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂු තෙමේ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
Pali BJTදුතියසඞ්ඝභෙදකවග්ගො ද්වාදසමො.
Sinhala BJTදොළොස්වන දුතිය සඞ්ඝභේදක වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTඅවිනිධාය දිට්ඨිං කම්මෙන උද්දෙසෙන වොහරෙන ච, අනුසාවණෙ සලාකෙන පඤ්චෙතෙ දිට්ඨිනිස්සිතා.
Sinhala BJTදෘෂ්ටිය තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ, උදෙසීමෙන් යැ, බැවහර කරමින් යැ. ඇස්වීමෙන් යැ, ලහ ගැන්වීමෙන් යැ යි. මේ පස් දෙන දෘෂ්ටිනිඃශ්‍රීතයහ. ඛන්ති, රුචි, සඤ්ඤා යන මේ ත්‍රිකය ද පස පස බැගින් නය ද වේ.
Pali BJTඛන්ති රුචි ච සඤ්ඤා ච තයො තෙ පඤ්චධා නයා. හෙට්ඨිමෙ කණ්හපක්ඛම්හි, සමවීසවිධී යථා; තථෙව සුක්කපක්ඛම්හි සමවීසති ජානථාති.
Sinhala BJTයට සඳහන් කෘෂ්ණ පක්‍ෂයෙහි සම විසිවැදරුම් යෙදීම යම්සේ ද එසේම ශුක්ල පක්‍ෂයෙහි සම විසිවැදරුම් කොට දැන ගනිවු.
Pali BJT13. ආවාසික වග්ගො
Sinhala BJT13. ආවාසික වර්‍ගය
Pali BJT1. කතීහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති :
Sinhala BJT1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි බහා තැබුයේ වේ ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, සඞ්ඝිකං පුග්ගලිකපරිභොගෙන පරිභුඤ්ජති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද එසේ නරකයෙහි බහා තැබුයේ වෙයි. කවර පසෙකින් ද යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, සඟසතුවූවක් පෞද්ගලික පරිභෝගයෙන් පරිභෝග කෙරෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි බහා තැබුයේ නිරයෙහි උපදනේ වේ.
Pali BJT2. පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, සඞ්ඝිකං න පුග්ගලිකපරිභොගෙන පරිභුඤ්ජති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJT2. උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි බහා තැබුයේ වෙයි, කවර පසෙකිනැ යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, සඟසතු වූවක් පෞද්ගලික පරිභෝගයෙන් පරිභෝග නො කරයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි උපදනේ වේ.
Pali BJT3. කති නු ඛො භන්තෙ අධම්මිකා විනයබ්යාකරණාති?
Sinhala BJT3. වහන්ස, නො දැහැමි විනය පැණ විසඳීම්හු කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි අධම්මිකා විනයබ්යාකරණා. කතමෙ පඤ්ච : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති පරිණාමෙති, ධම්මං අධම්මොති පරිණාමෙති, අවිනයං විනයොති පරිණාමෙති, විනයං අවිනයොති පරිණාමෙති, අපඤ්ඤත්තං පඤ්ඤාපෙති, පඤ්ඤත්තං සමුච්ඡින්දති. ඉමෙ ඛො උපාලි පඤ්ච අධම්මිකා විනයබ්යාකරණා.
Sinhala BJTඋපාලි, මේ නො දැහැමි විනය පැණ විසඳීම්හු පසෙකි. කවර පසෙකැ යත්: උපාලි, මේ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි කියයි, ධර්‍මය අධර්‍ම යැ යි කියයි, අවිනය විනය යැ යි කියයි, විනය අවිනය යැ යි කියයි, නො පණවන ලද්දක් පණවයි, පණවන ලද්දක් සිඳී. උපාලි, මේ නො දැහැමි විනය පැණ විසඳීම් පස යි.
Pali BJT4. පඤ්චිමෙ උපාලි ධම්මිකා විනයබ්යාකරණා. කතමෙ පඤ්ච : ඉධුපාලි භික්ඛු අධම්මං අධම්මොති පරිණාමෙති, ධම්මං ධම්මොති පරිණාමෙති, අවිනයං අවිනයොති පරිණාමෙති, විනයං විනයොති පරිණාමෙති. අපඤ්ඤත්තං න පඤ්ඤාපෙති, පඤ්ඤත්තං න සමුච්ඡින්දති. ඉමෙ ඛො උපාලි පඤ්ච ධම්මිකා විනයබ්යාකරණාති.
Sinhala BJT4. උපාලි, මේ දැහැමි විනය පැණ විසඳීම්හු පසෙකි. කවර පසෙක යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය අධර්‍ම යැයි කියයි, ධර්‍මය ධර්‍ම යැ යි කියයි, අවිනය අවිනය යැ යි කියයි, විනය විනය යැ යි කියයි, නො පණවන ලද්දක් නො පණවයි, පණවන ලද්දක් නො සිඳී. උපාලි, මේ දැහැමි විනය පැණ විසඳීම් පස යි.
Pali BJT5. කතීහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති?
Sinhala BJT5. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි උපදනේ වේ ද?
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, උද්දිට්ඨානුද්දිට්ඨං න ජානාති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි උපදනේ වේ. කවර පසෙකින් ද යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, උදෙස්නා ලද්දවුන් නො උදෙස්නා ලද්දවුන් නො දනියි. උපාලි, මේ අඞ්ග පසින් යුක්තවූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි උපදනේ වේ.
Pali BJT6. පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, උද්දිට්ඨානුද්දිට්ඨං ජානාති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJT6. උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි උපදනේ වෙයි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, උදෙස්නා ලද්දවුන් හා නො උදෙස්නා ලද්දවුන් දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි උපදනේ වේ.
Pali BJT7. කතීහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතො සෙනාසනපඤ්ඤාපකො -පෙ- භණ්ඩාගාරිකො -පෙ- චීවරපටිග්ගාහකො -පෙ- චීවරභාජකො -පෙ- යාගුභාජකො -පෙ- ඵලභාජකො -පෙ- ඛජ්ජභාජකො -පෙ- අප්පමත්තකවිස්සජ්ජකො -පෙ- සාටියග්ගාහාපකො -පෙ- පත්තග්ගාහාපකො -පෙ- ආරාමිකපෙසකො -පෙ- සාමණෙරපෙසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති?
Sinhala BJT7. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ සෙනසුන් පණවන්නා ... භාණ්ඩාගාරිකයා ... සිවුරු පිළිගන්නා ... සිවුරු බෙදන්නා ... කැඳ බෙදන්නා ... පලතුරු බෙදන්නා ... කදු (කැවිලි) බෙදන්නා ... සුලු පිරිකර බෙදන්නා ... වැසිසළු බෙදන්නා ... පාත්‍ර ගන්වන්නා ... ආරාමිකයන් මෙහෙයවන්නා ... හෙරණුන් මෙහෙයවන්නා ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි බහා තැබුයේ වේ ද?