Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3501-3600 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපඤ්චිමා උපාලි, පඤ්හපුච්ඡා. කතමා පඤ්ච : මන්දත්තා මොමූහත්තා පඤ්හං පුච්ඡති, පාපිච්ඡො ඉච්ඡාපකතො පඤ්හං පුච්ඡති, අඤ්ඤාතුකාමො පඤ්හං පුච්ඡති, සචෙ මෙ පඤ්හං පුට්ඨො සම්මදෙව බ්යාකරිස්සති ඉච්චෙතං කුසලං, නො චෙ පඤ්හං පුට්ඨො සම්මදෙව බ්යාකරිස්සති, අහමස්ස සම්මදෙව බ්යාකරිස්සාමීති පඤ්හං පුච්ඡති. ඉමා ඛො උපාලි, පඤ්ච පඤ්හාපුච්ඡාති.
Sinhala BJTඋපාලි, මේ පැණ පිළිවිසීම් පසෙකි. කවර පසෙකැ යත්: නුවණ මඳ බැවින් මෝහයෙන් මුළා බැවින් ප්‍රශ්න විචාරයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඩනා ලදුයේ ප්‍රශ්න විචාරයි, නින්‍දාරෝපණය කරණු කැමැත්තෙන් ප්‍රශ්න විචාරයි, දැනගණු කැමැත්තෙන් ප්‍රශ්න විචාරයි. ඉදින් මා විසින් පැණ පුළුවුස්නා ලදුයේ මොනවට විසඳනුයේ නම් එසේ තෙල විසඳීම මැනැව, ඉදින් පැණ පුළුවුස්නා ලදුයේ මොනවට නොවිසඳනුයේ නම් මම ඔහුට මැනැවින් ප්‍රකාශ කරන්නෙමි යි ප්‍රශ්න විචාරයි. උපාලි, මේ පැණ පිළිවිසීම් පස යි.
Pali BJT10. කති නු ඛො භන්තෙ, අඤ්ඤබ්යාකරණාති?
Sinhala BJT10. වහන්ස, රහත් බව ප්‍රකාශ කිරීම් කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි, අඤ්ඤබ්යාකරණා. කතමෙ පඤ්ච : මන්දත්තා මොමූහත්තා අඤ්ඤං බ්යාකරොති, පාපිච්ඡො ඉච්ඡාපකතො අඤ්ඤං බ්යාකරොති, උම්මාදා චිත්තක්ඛෙපා අඤ්ඤං බ්යාකරොති, අධිමානෙන අඤ්ඤං බ්යාකරොති, භූතං අඤ්ඤං බ්යාකරොති. ඉමෙ ඛො උපාලි, පඤ්ච අඤ්ඤබ්යාකරණාති.
Sinhala BJTඋපාලි, මේ රහත් බව ප්‍රකාශ කිරීම් පසෙකි. කවර පසෙකැ යත්: නුවණ මඳ බැවින් මෝහයෙන් මුළා බැවින් රහත්බව පළ කෙරෙයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඩනා ලදුයේ රහත්බව පළ කෙරෙයි, උමතුවෙන් සිත් පෙරැළීමෙන් රහත්බව පළ කෙරෙයි. (පසක් කෙළෙමි යන) අධිමානයෙන්. රහත්බව පළ කෙරෙයි, විද්‍යාමාන වූ රහත්බව පළ කෙරෙයි. උපාලි, මේ රහත්බැව් පළ කිරීම් පස යි.
Pali BJT11. කති නු ඛො භන්තෙ, විසුද්ධියොති?
Sinhala BJT11. වහන්ස, විශුද්ධි කෙතෙක් ද?
Pali BJTපඤ්චිමා උපාලි, විසුද්ධියො. කතමා පඤ්ච : නිදානං උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං, අයං පඨමා විසුද්ධි. නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං, අයං දුතියා විසුද්ධි. නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං, අයං තතියා විසුද්ධි. නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ උද්දිසිත්වා ද්වෙ අනියතෙ උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං, අයං චතුත්ථා විසුද්ධි, විත්ථාරෙනෙව පඤ්චමී. ඉමා ඛො උපාලි, පඤ්ච විසුද්ධියොති.
Sinhala BJTඋපාලි, මේ විශුද්ධි පසෙකි. කවර පසෙකැ යත්: නිදානය උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ පළමුවන විශුද්ධි යැ. නිදානය උදෙසා සතර පරිජි උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ දෙවන විශුද්ධි යැ. නිදානය උදෙසා සතර පරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ තෙවන විශුද්ධි යැ. නිදානය උදෙසා සතර පරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා දෙඅනියතය උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ සතරවන විශුද්ධි යැ. විත්‍ථාරුද්දේසයෙන් පස්වන විශුද්ධිය වේ. උපාලි, මේ විශුද්ධි පස යි.
Pali BJT12. කති නු ඛො භන්තෙ, භොජනාති?
Sinhala BJT12. වහන්ස, භෝජන කෙතෙක් ද ?
Pali BJTපඤ්චිමෙ උපාලි භොජනා. කතමෙ පඤ්ච : ඔදනො, කුම්මාසො, සත්තු, මච්ඡො, මංසං. ඉමෙ ඛො උපාලි, පඤ්ච භොජනාති.
Sinhala BJTඋපාලි, මේ භෝජන පසෙකි. කවර පසෙකැ යත්: බත යැ, කොමු යැ, අත්සුණු යැ, දියමස් යැ, ගොඩමස් යැ. උපාලි, මේ භෝජන පස යි.
Pali BJTදිට්ඨාවීකම්මවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවන දිට්ඨාවීකම්ම වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTදිට්ඨාවීකම්මා අපරෙ පටිග්ගහානතිරිත්තා, පවාරණා පටිඤ්ඤාතං ඔකාසං සාකච්ඡෙන ච ; පඤ්හං අඤ්ඤබ්යාකරණා විසුද්ධි චාපි භොජනාති.
Sinhala BJTදිට්ඨාවීකම්ම දෙක යැ අපර දෙක යැ පටිග්ගහ දෙක යැ අනතිරිත්ත යැ පවාරණ යැ පටිඤ්ඤාතකරණ යැ ඕකාසකම්ම යැ සාකච්ඡාව සමග පඤ්හ යැ අඤ්ඤඛ්‍යාකරණ විශුද්ධි යැ භෝජන යැ යි.
Pali BJT5. අත්තාදාන වග්ගො
Sinhala BJT5. අත්තාදාන වර්‍ගය
Pali BJT1. චොදකෙන භන්තෙ, භික්ඛුනා පරං චොදෙතුකාමෙන කති ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා පරො චොදෙතබ්බොති?
Sinhala BJT1. වහන්ස, මෙරමාහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් කෙතෙක් කරුණු තමා කෙරෙහිලා සලකා මෙරමා චෝදනා කළයුතු ද ?
Pali BJTචොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා පරො චොදෙතබ්බො. කතමෙ පඤ්ච : චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං : පරිසුද්ධකායසමාචාරො නු ඛොම්හි, පරිසුද්ධෙනම්හි කායසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති. නො චෙ උපාලි, භික්ඛු පරිසුද්ධකායසමාචාරො හොති පරිසුද්ධෙන කායසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන, තස්ස භවන්ති වත්තාරො : ‘ඉඞ්ඝ තාව ආයස්මා කායිකං සික්ඛස්සූ’ති ඉතිස්ස භවන්ති වත්තාරො.
Sinhala BJTඋපාලි, මෙරමාහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා කෙරෙහිලා සලකා මෙරමා චෝදනා කළයුතු යි. කවර පසෙක යත්:- උපාලි, අනෙකකුට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම පිරිසිදු වූ කායසමාචාර ඇත්තෙම් සිදුරු රහිත වූ අනුන් විසින් විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ කායසමාචාරයෙන් යුක්ත වූයෙම් ද, මේ ධර්‍මය මා තුළ පවතී ද නැද්ද” කියා යි. උපාලි, ඉදින් මහණ පිරිසිදු වූ කායසමාචාර ඇත්තෙක් නො වේ නම් සිදුරු රහිත වූ විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ කායසමාචාරයෙන් යුක්ත වූවෙක් නො වේ නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට කායසමාචාරයෙහි හික්මෙන්නැ”යි ඔහුට මෙසේ කියන්නෝ වෙත්.
Pali BJTපුන චපරං උපාලි, චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං : පරිසුද්ධවචීසමාචාරො නු ඛොම්හි, පරිසුද්ධෙනම්හි වචීසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති. නො චෙ උපාලි, භික්ඛු පරිසුද්ධ වචීසමාචාරො හොති, පරිසුද්ධෙන වචීසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන, තස්ස භවන්ති වත්තාරො ‘ඉඞ්ඝ තාව ආයස්මා වාචසිකං සික්ඛස්සූ’ති ඉතිස්ස භවන්ති වත්තාරො.
Sinhala BJTඋපාලි, තවද අනෙකකි; අන්‍යයාහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම පිරිසිදු වූ වාක්සමාචාර ඇත්තෙම් ද, සිදුරු රහිත වූ විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ වාක්සමාචාරයෙන් යුක්ත වූයෙම් ද, මේ ධර්‍මය මා කෙරෙහි පවතී ද, නැද්ද” කියා යි. උපාලි, ඉදින් මහණ තෙමේ පිරිසිදු වූ වාක් සමාචාර ඇත්තෙක් නො වේ නම් සිදුරු රහිත වූ විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ වාක්සමාචාරයෙන් යුක්ත වූවෙක් නො වේ නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට වාක්සමාචාරයෙහි හික්මෙන්නැ”යි ඔහුට මෙසේ කියන්නෝ වෙත්.
Pali BJTපුන චපරං උපාලි, චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං : මෙත්තං නු ඛො මෙ චිත්තං පච්චුපට්ඨිතං සබ්රහ්මචාරීසු අනාඝාති, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති, නො චෙ උපාලි, භික්ඛුනො මෙත්තං චිත්තං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු අනාඝාති, තස්ස භවන්ති වත්තාරො ‘ඉඞ්ඝ තාව ආයස්මා සබ්රහ්මචාරීසු මෙත්තං චිත්තං උපට්ඨාපෙහී’ති. ඉතිස්ස භවන්ති වත්තාරො.
Sinhala BJTඋපාලි, තවද අනෙකකි; අන්‍යයාට චෝදනා කරණු කැමැති වූ චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත මාගේ මෙත් සිත එළඹ සිටියේ ද, මේ ධර්‍මය මා තුළ පවතී ද නැද්ද” කියා යි. උපාලි, ඉදින් සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත මෙත් සිත මහණහු තුළ නො එළඹ සිටියේ වේ නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට සබ්‍රම්සරුන් කෙරෙහි මෙත් සිත උපදවා ගන්නැ” යි මෙසේ ඔහුට කියන්නෝ වෙත්.
Pali BJTපුන චපරං උපාලි, චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං : බහුස්සුතො නු ඛොම්හි සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙ කල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සව්යඤ්ජනා කෙවලපරිණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපා මෙ ධම්මා බහුස්සුතා හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති, නො චෙ උපාලි භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපස්ස ධම්මා න බහුස්සුතා හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, තස්ස භවන්ති වත්තාරො : ඉඞ්ඝ තාව ආයස්මා ආගමං පරියාපුණස්සූ’ති ඉතිස්ස භවන්ති වත්තාරො.
Sinhala BJTඋපාලි, තවද අනෙකකි; අන්‍යායාට චෝදනා කරණු කැමැති වූ චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම සුතධර වූ සුතසන්නිචය වූ බහුශ්‍රැතයෙම් ද, ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ යම් ධර්‍මකෙනෙක් කේවල පරිපූර්‍ණ කොට පිරිසිදු කොට බඹසර පවසත් නම් එබඳු ධර්‍මයෝ මා විසින් බොහෝ කොට අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුන පුනා විමසන ලද්දාහු “ප්‍රඥායෙන් මොනවට අවබෝධ කරණ ලද්දාහු වෙද්ද? තෙල ධර්‍මය මා තුළ පවතී ද නොහොත් නැද්දැ” යි. උපාලි, ඉදින් මහණ සුතධර වූ සුතසන්නිචය වූ බහුශ්‍රැතයෙක් නො වේ නම් ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ කොට පිරිසිදු කොට බඹසර පවසත් ද එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුනපුනා විමසන ලද්දාහු ප්‍රඥායෙන් මොනවට අවබෝධ කරණ ලද්දාහු නො වෙත් නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට ආගමධර්‍මය පුහුණු කරන්නැ”යි මෙසේ ඔහුට කියන්නෝ වෙත්.
Pali BJTපුන චපරං උපාලි, චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං : උභයානි ඛො මෙ පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුව්යඤ්ජනසො, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති, නො චෙ උපාලි, භික්ඛුනො උභයානි පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, ඉදං පනාවුසො, කත්ථ වුත්තං භගවතාති ඉති පුට්ඨො න සම්පාදෙති, තස්ස භවන්ති වත්තාරො : ‘ඉඞ්ඝ තාව ආයස්මා විනයං පරියාපුණස්සූ’ති ඉතිස්ස භවන්ති වත්තාරො. චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා පරො චොදෙතබ්බොති.
Sinhala BJTඋපාලි, තවද අනිකකි; අන්‍යයාට චෝදනා කරණු කැමැති වූ චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මා විසින් උභයප්‍රාතිමෝක්‍ෂය පෙළ වශයෙන් ද (අර්‍ත්‍ථකථාදි) අනුව්‍යඤ්ජන වශයෙන් ද විස්තර වශයෙන් මොනවට ප්‍රගුණ කරණ ලද ද, මොනවට විභාග කොට දැන ගන්නා ලද ද, මොනවට දැරීම් වශයෙන් පවත්වා ගන්නා ලද ද, මොනවට විනිශ්චය කොට දැනගන්නා ලද ද, මේ ධර්‍මය මා තුළ පවතී ද නැද්ද කියා යි. උපාලි, ඉදින් මහණහු විසින් උභයප්‍රාතිමෝක්‍ෂය පෙළ වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද විස්තර වශයෙන් මොනවට ප්‍රගුණ නො කරණ ලද මොනවට විභාග කොට නො දන්නා ලද මොනවට දැරීම් වශයෙන් පවත්වා නො ගන්නා ලද මොනවට විනිශ්චය කොට නො දන්නා ලද නම් ඇවැත, මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් කොතැන්හි දේශිත දැයි විචාරණ ලද්දේ සිහි කොට නො කියයි ද, (කිය නොහැකි වේ ද) දන්වනු නොහැකි වේ ද, ඔහුට නුගුණ කියන්නෝ වෙති: “එබැවින් ආයුෂ්මත් තෙමේ පළමු කොට විනය ප්‍රගුණ කරන්නැ” යි මෙසේ ඔහුට කියන්නෝ වෙත්. උපාලි, අන්‍යයාට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මේ දහම් පස තමන් කෙරෙහි නුවණින් සලකා බලා අන්‍යයාට චෝදනා කටයුතු ය.
Pali BJT2. චොදකෙන භන්තෙ, භික්ඛුනා පරං චොදෙතුකාමෙන කති ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා පරො චොදෙතබ්බොති?
Sinhala BJT2. වහන්ස, පරා චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් කෙතෙක් දහම් තමා කෙරෙහි එළවා ගෙන පරා චෝදනා කටයුතු ද?
Pali BJTචොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො. කතමෙ පඤ්ච : කාලෙන වක්ඛාමි නො අකාලෙන, භූතෙන වක්ඛාමි නො අභූතෙන, සණ්හෙන වක්ඛාමි නො ඵරුසෙන, අත්ථසංහිතෙන වක්ඛාමි නො අනත්ථසංහිතෙන, මෙත්තාචිත්තො වක්ඛාමි නො දොසන්තරොති. චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බොති.
Sinhala BJTඋපාලි, පරා චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් දහම් පසක් තමා කෙරෙහි එළවා ගෙන පරා චෝදනා කටයුතු යි. කවර පසෙකැ යත්: සුදුසු කල්හි කියන්නෙමි, නො කල්හි නො කියන්නෙමි. භූතයෙන් කියන්නෙමි, අභූතයෙන් නො කියන්නෙමි. මෘදු වූ වචනයෙන් කියන්නෙමි, රළු වචනයෙන් නො කියන්නෙමි. අර්‍ත්‍ථසංහිතයෙන් කියන්නෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො කියන්නෙමි. මෙත් සිත් ඇති වැ කියන්නෙමි, දූෂිත සිත් ඇති වැ නො කියන්නෙමි යි. උපාලි, පරා චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් මේ දහම් පස තමා කෙරෙහි එළවා ගෙන පරා චෝදනා කටයුතු යි.
Pali BJT3. චොදකෙන භන්තෙ, භික්ඛුනා පරං චොදෙතුකාමෙන කති ධම්මෙ අජ්ඣත්තං මනසිකරිත්වා පරො චොදෙතබ්බොති?
Sinhala BJT3. වහන්ස, අන්‍යයාට චෝදනා කරණු කැමති චෝදක මහණුන් විසින් කෙතෙක් දහම් තමන් තුළ මෙනෙහි කොට අන්‍යයාට චෝදනා කටයුතු ද?
Pali BJTචොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං මනසිකරිත්වා පරො චොදෙතබ්බො, කතමෙ පඤ්ච : කාරුඤ්ඤතා, හිතෙසිතා, අනුකම්පිතා, ආපත්තිවුට්ඨානතා, විනයපුරෙක්ඛාරතා. චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං මනසිකරිත්වා පරො චොදෙතබ්බොති.
Sinhala BJTඋපාලි, අන්‍යයාට චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් දහම් පසක් තමා තුළ මෙනෙහි කොට අන්‍යායාට චෝදනා කටයුතු යි. කවර පසෙක යත්: කුළුණැති බව යැ හිතෛෂී බව යැ අනුකම්පා ඇති බව යැ ඇවැතින් නැගිටුවා ශුද්ධියෙහි පිහිටුවන බව යැ විනය පෙරටු කොට ඇති බව යි. උපාලි, අන්‍යයාට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් මේ දහම් පස තමා තුළ මෙනෙහි කොට අන්‍යයාට චෝදනා කටයුතු යි.
Pali BJT4. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුන්ති?
Sinhala BJT4. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් සමන්‍වාගත ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි වේ ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුං. කතමෙහි පඤ්චහි : අපරිසුද්ධකායසමාචාරො හොති, අපරිසුද්ධවචීසමාචාරො හොති, අපරිසුද්ධාජීවො හොති, බාලො හොති අබ්යත්තො, න පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි නො වෙයි. කවර පසෙකැ යත්: අපිරිසිදු කායසමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු වාක් සමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු දිවිපෙවෙත් ඇත්තේ වෙයි. අව්‍යක්ත වූ අඥානයෙක් වෙයි. විචාරණු ලබන්නේ විචාළ දෑ කියන්නට ප්‍රතිබල නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි නො වේ.
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස අලං ඔකාසකම්මං කාතුං. කතමෙහි පඤ්චහි : පරිසුද්ධකායසමාචාරො හොති, පරිසුද්ධවචීසමාචාරො හොති, පරිසුද්ධාජීවො හොති, පණ්ඩිතො හොති බ්යත්තො, පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස අලං ඔකාසකම්මං කාතුන්ති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි වෙයි. කවර පසෙකින යත්: පිරිසිදු කායසමාචාරය ඇත්තේ වෙයි. පිරිසිදු වාක් සමාචාරය ඇත්තේ වෙයි. පිරිසිදු දිවිපෙවෙත් ඇත්තේ වෙයි. ව්‍යක්ත වූ පණ්ඩිතයෙක් වෙයි. විචාරණු ලබන්නේ විචාළ දෙය කියන්නට ප්‍රතිබල වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි වේ.
Pali BJT5. අත්තාදානං ආදාතුකාමෙන භන්තෙ, භික්ඛුනා කතීහඞ්ගෙහි සමන්නාගතං අත්තාදානං ආදාතබ්බන්ති?
Sinhala BJT5. වහන්ස, අත්තාදානය (ශාසනය ශුද්ධ කරණු කැමති මහණහු විසින් ගණු ලබන අධිකරණය) ගණු කැමති මහණහු විසින් කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ අත්තාදානය ගත යුතු ද?
Pali BJTඅත්තාදානං ආදාතුකාමෙනුපාලි, භික්ඛුනා පඤ්චඞ්ගසමන්නාගතං අත්තාදානං ආදාතබ්බං, කතමෙ පඤ්චහි : අත්තාදානං ආදාතුකාමෙනුපාලි, භික්ඛුනා එවං පච්චවෙක්ඛිතබ්බං : ‘යං ඛො අහං ඉමං අත්තාදානං ආදාතුකාමො, කාලො නු ඛො ඉමං අත්තාදානං ආදාතුං උදාහු නො’ති. සචෙ උපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ‘ජානාති : අකාලො ඉමං අත්තාදානං ආදාතුං, නො කාලො’ති. න තං උපාලි, අත්තාදානං ආදාතබ්බං.
Sinhala BJTඋපාලි, අත්තාදානය ගනු කැමති මහණහු විසින් අඞ්ග පසෙකින් යුක්ත වූ අත්තාදානය ගත යුතු යි. කවර පසෙකින යත්: උපාලි, අත්තාදානය ගණු කැමති මහණහු විසින් මෙසේ නුවණින් සලකා බැලිය යුතු යි. “මම යම් අත්තාදානයක් ගණු කැමැත්තෙම් ද මේ අත්තාදානය ගන්නට සුදුසු කාලය වේ ද, නොහොත් නො වේ දැ” යි. ඉදින් උපාලි, මහණ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය ගැනීමට නො කල් ය, නිසි කල් නො වේ” ය යි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගත යුතු යි.
Pali BJTසචෙ පනුපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : කාලො ඉමං අත්තාදානං ආදාතුං නො අකාලොති, තෙනුපාලි භික්ඛුනා උත්තරිං පච්චවෙක්ඛිතබ්බං : ‘යං ඛො අහං ඉමං අත්තාදානං ආදාතුකාමො, භූතං නු ඛො ඉදං අත්තාදානං උදාහු නොති. සචෙ පනුපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ‘අභූතං ඉදං අත්තාදානං, නො භූත’න්ති, න තං උපාලි, අත්තාදානං ආදාතබ්බං.
Sinhala BJTඋපාලි, ඉදින් වනාහි මහණ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය ගැණීමට කල් යැ. නො කල් නො වේ”ය යි මෙසේ දනී ද, උපාලි, ඒ මහණහු විසින් මත්තෙහි සලකා බැලිය යුතු යි: “මම් වනාහි යම් අත්තාදානයක් ගණු කැමැත්තෙම් ද මේ අත්තාදානය වූවක් ද නැතහොත් නොවූවක් දැ”යි. උපාලි, ඉදින් මහණ නුවණින් සලකා බලනුයේ, “මේ අත්තාදානය නොවුවකි, වූවක් නො වේ” යැයි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.
Pali BJTසචෙ පනුපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ‘භූතං ඉදං අත්තාදානං නො අභූත’න්ති. තෙනුපාලි භික්ඛුනා උත්තරිං පච්චවෙක්ඛිතබ්බං : යං ඛො අහං ඉමං අත්තාදානං ආදාතුකාමො, අත්ථසංහිතං නු ඛො ඉදං අත්තාදානං උදාහු නොති. සචෙ පනුපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ‘අනත්ථසංහිතං ඉදං අත්තාදානං නො අත්ථසංහිත’න්ති. න තං උපාලි, අත්තාදානං ආදාතබ්බං.
Sinhala BJTඋපාලි, ඉදින් වනාහි නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය වූවකි, නො වූවක් නො වේ” යැ යි මෙසේ දනී ද, උපාලි, ඒ මහණහු විසින් මත්තෙහි දු සලකා බැලිය යුතු යි: “මම් වනාහි යම් මේ අත්තාදානයක් ගණු කැමැත්තෙම් ද මේ අත්තාදානය අර්‍ත්‍ථසංහිතයෙක් ද නැතහොත් අනර්‍ත්‍ථසංහිතයෙක් දැ” යි, උපාලි, ඉදින් මහණ තෙමේ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය අනර්‍ත්‍ථසංහිතයකි අර්‍ත්‍ථසංහිත නො වේ” යයි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නොගත යුතු යි.
Pali BJTසචෙ පනුපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : අත්ථසංහිතං ඉදං අත්තාදානං නො අනත්ථසංහිතන්ති. තෙනුපාලි, භික්ඛුනා උත්තරිං පච්චවෙක්ඛිතබ්බං. ඉමං ඛො අහං අත්තාදානං ආදියමානො ලභිස්සාමි සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ ධම්මතො විනයතො පක්ඛෙ උදාහු නොති. සචෙ උපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ඉමං ඛො අහං අත්තාදානං ආදියමානො න ලභිස්සාමි සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ ධම්මතො විනයතො පක්ඛෙති. න තං උපාලි, අත්තාදානං ආදාතබ්බං.
Sinhala BJTඋපාලි, ඉදින් වනාහි මහණ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය අර්‍ත්‍ථසංහිත යැ. අනර්‍ත්‍ථසංහිත නො වේ” යැයි මෙසේ දනී ද, උපාලි, ඒ මහණහු විසින් මත්තෙහි නුවණින් සලකා බැලිය යුතු යි: “මම් වනාහි මේ අත්තාදානය ගන්නෙම් ධර්‍ම විසින් විනය විසින් පක්‍ෂ වූ සන්‍දිට්ඨ සම්භත්ත භික්‍ෂූන් ලබන්නෙම් ද, නැතහොත් නො ලබන්නෙම් දැයි, උපාලි, ඉදින් මහණ නුවණින් සලකා බලනුයේ “මම් වනාහි මේ අත්තාදානය ගන්නෙම් ධර්‍ම විසින් විනය විසින් පක්‍ෂ වූ සන්‍දිට්ඨ සම්භත්ත භික්‍ෂූන් නො ලබන්නෙමි” යි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නොගත යුතු ය.
Pali BJTසචෙ පනුපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ‘ඉදං ඛො අහං අත්තාදානං ආදියමානො ලභිස්සාමි සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ ධම්මතො විනයතො පක්ඛෙ’ති, තෙනුපාලි, භික්ඛුනා උත්තරිං පච්චවෙක්ඛිතබ්බං : ‘ඉමං ඛො මෙ අත්තාදානං ආදියතො භවිස්සති සඞ්ඝස්ස තතොනිදානං භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණං උදාහු නොති. සචෙ උපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ‘ඉමං ඛො මෙ අත්තාදානං ආදියතො භවිස්සති සඞ්ඝස්ස තතො නිදානං භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණන්ති. න තං උපාලි අත්තාදානං ආදාතබ්බං.
Sinhala BJTඋපාලි, ඉදින් වනාහි මහණ නුවණින් සලකා බලනුයේ “මම් වනාහි මේ අත්තාදානය ගන්නෙම් ධර්‍ම විසින් විනය විසින් පක්‍ෂ වූ සන්‍දිට්ඨසම්භත්ත භික්‍ෂූන් ලබන්නෙමි” යි මෙසේ දනී ද, උපාලි, ඒ මහණහු විසින් මත්තෙහි නුවණින් සලකා බැලිය යුතු යි: “මේ අත්තාදානය මා ගත් කල්හි ඒ හේතුයෙන් සඞ්ඝයාගේ භණ්ඩනයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් සඞ්ඝභේදයෙක් සඞ්ඝරාජියක් සඞ්ඝව්‍යවත්‍ථානයෙක් සඞ්ඝනානාකරණයෙක් වන්නේ ද, නැතහොත් නො වන්නේ දැ”යි, උපාලි, ඉදින් මහණ නුවණින් සලකා බලනුයේ “මා මේ අත්තාදානය ගත්කල්හි ඒ හේතුයෙන් සඞ්ඝයාගේ භණ්ඩනයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් සඞ්ඝභේදයෙක් සඞ්ඝරාජියක් සඞ්ඝව්‍යවත්‍ථානයෙක් සඞ්ඝනානාකරණයෙක් වන්නේ යැ” යි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නොගත යුතු යි.
Pali BJTසචෙ පනුපාලි භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ‘ඉමං ඛො මෙ අත්තාදානං ආදියතො න භවිස්සති සඞ්ඝස්ස තතො නිදානං භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණ’න්ති, තං ආදාතබ්බං උපාලි, අත්තාදානං. එවං පඤ්චඞ්ගසමන්නාගතං ඛො උපාලි අත්තාදානං ආදින්නං පච්ඡාපි අවිප්පටිසාරකරං භවිස්සතීති.
Sinhala BJTඋපාලි, ඉදින් මහණ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය මා ගත්කල්හි ඒ හේතුයෙන් සඞ්ඝයාගේ භණ්ඩනයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් සඞ්ඝභේදයෙක් සඞ්ඝරාජියක් සඞ්ඝව්‍යවත්‍ථානයෙක් සඞ්ඝනානාකරණයෙක් නො වන්නේ යැ” යි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය ගතයුතු යි. උපාලි, මෙසේ අඞ්ග පසෙකින් යුක්ත වූ අත්තාදානය ගන්නා ලදුයේ පසු දු විපිළිසරබව නොකරන්නක් වන්නේ යි.
Pali BJT6. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොතීති?
Sinhala BJT6. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් සමන්‍වාගත මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වේ ද?
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොති. කතමෙහි පඤ්චහි : සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති තථා රූපස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, විනයෙ ඛො පන ඨිතො හොති අසංහීරො, පටිබලො හොති උභො අත්තපච්චත්ථිකෙ අස්සාසෙතුං සඤ්ඤාපෙතුං නිජ්ඣාපෙතුං පෙක්ඛෙතුං පසාදෙතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින යත්: සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙන් යුක්ත වූයේ ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි බිය දක්නාසුලු වූයේ වෙසෙයි, සිකපද සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි. ඇසූ පිරූ තැන් ඇති ඇසූ දැය රැස් කොට තබා ගැණුම් ඇති බහුශ්‍රැතයෙක් වෙයි. මුල යහපත් වූ මැද යහපත් වූ අවසනැ යහපත් වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ හාත්පසින් පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කරණ එබඳු වූ ධර්‍මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුනපුනා සලකා බලන ලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට අවබෝධ කරණ ලද්දාහු වෙත් ද, පෙළ වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද උභයප්‍රාතිමෝක්‍ෂය ඔහු විසින් විස්තර වශයෙන් මොනොවට ප්‍රගුණ කරණ ලද්දාහු මොනොවට විභාග කොට දැනගන්නා ලද්දාහු මොනොවට දැරීම් වශයෙන් පවත්වා ගන්නා ලද්දාහු මොනොවට විනිශ්චය කොට දැනගන්නා ලද්දාහු වෙත්. විනයයෙහි පැකිළීම් නැත්තේ ස්ථිර වැ පිහිටියේ වෙයි. (ස්වපක්‍ෂ - විපක්‍ෂ) දෙපක්‍ෂයෙහි තමහට සතුරු වූවන් අස්වසන්නට දන්වන්නට කල්පනාවට බස්වන්නට බලවන්නට පහදවන්නට ප්‍රතිබල වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වේ.
Pali BJTඅපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොති, කතමෙහි පඤ්චහි : පරිසුද්ධකායසමාචාරො හොති, පරිසුද්ධවචීසමාචාරො හොති, පරිසුද්ධාජීවො හොති, පණ්ඩිතො හොති බ්යත්තො පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොති.
Sinhala BJTඋපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින යත්: පිරිසිදු වූ කායසමාචාර ඇත්තේ වෙයි, පිරිසිදු වූ වාක් සමාචාර ඇත්තේ වෙයි, පිරිසිදු වූ දිවිපෙවෙත් ඇත්තේ වෙයි, ව්‍යක්ත වූ පණ්ඩිතයෙක් වෙයි, විචාරණු ලබන්නේ විචාළ දෙය කියා දෙන්නට ප්‍රතිබලයෙක් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වේ.
Pali BJTඅපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොති. කතමෙහි පඤ්චහි : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, පදපච්චාභට්ඨං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොතීති.
Sinhala BJTඋපාලි, අනෙකුදු අඞ්ග පසකින් යුක්ත වූ මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, පද පෙරැළිය දනියි, ගැළපෙන වදන් මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වේ.
Pali BJT7. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බන්ති?
Sinhala BJT7. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් නො පිළිවිසිය යුතු ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : සුත්තං න ජානාති, සුත්තානුලොමං න ජානාති, විනයං න ජානාති, විනයානුලොමං න ජානාති, න ච ඨානාඨානකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: සූත්‍රය නො දනියි, සූත්‍රානුලෝමය නො දනියි, විනය නො දනියි, විනයානුලෝමය නො දනියි, කාරණාකාරණයන්හි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත මහණහු විසින් අනුයුඤ්ජනය (පිළිවිසීම) නො කටයුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : සුත්තං ජානාති, සුත්තානුලොමං ජානාති, විනයං ජානාති, විනයානුලොමං ජානාති, ඨානාඨානකුසලො ච හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: සූත්‍රය දනියි, සූත්‍රානුලෝමය දනියි, විනය දනියි, විනයානුලෝමය දනියි, කාරණා කාරණයන්හි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
Pali BJT8. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : ධම්මං න ජානාති, ධම්මානුලොමං න ජානාති, විනයං න ජානාති, විනයානුලොමං න ජානාති, න ච පුබ්බාපරකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං.
Sinhala BJT8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: ධර්‍මය නො දනියි, ධර්‍මානුලොමය නො දනියි, විනය නො දනියි, විනයානුලෝමය. නො දනියි, පෙරැපසු කථාවන්හි දක්‍ෂ වූයේත් නො වේ. “උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං කතමෙහි පඤ්චහි : ධම්මං ජානාති, ධම්මානුලොමං ජානාති, විනයං ජානාති, විනයානුලොමං ජානාති, පුබ්බාපරකුසලො ච හොති.– ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: ධර්‍මය දනියි, ධර්‍මානුලොමය දනියි, විනය දනියි, විනයානුලෝමය දනියි, පෙරැපසු කථාවන්හි දක්‍ෂ වූයේත් වේ. “උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
Pali BJT9. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : වත්ථුං න ජානාති නිදානං න ජානාති, පඤ්ඤත්තිං න ජානාති, පදපච්චාභට්ඨං න ජානාති, අනුසන්ධිවචනපථං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං.
Sinhala BJT9. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඥප්තිය නො දනියි, පද පෙරැළිය නො දනියි, ගැළපෙන වදන්මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, පදපච්චාභට්ඨං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඳප්තිය දනියි, පදපෙරැළිය දනියි, ගැළපෙන වදන්මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
Pali BJT10. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තිං න ජානාති, ආපත්තිසමුට්ඨානං න ජානාති, ආපත්තියා පයොගං න ජානාති, ආපත්තියා වූපසමං න ජානාති, ආපත්තියා න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං.
Sinhala BJT10. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: ආපත්තිය නො දනියි, ආපත්තිසමුට්ඨානය නො දනියි, ආපත්තිප්‍රයෝගය නො දනියි, ආපත්තිව්‍යුපශමය නො දනියි, ආපත්ති විනිශ්චය කිරීමෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තිං ජානාති, ආපත්තිසමුට්ඨානං ජානාති, ආපත්තියා පයොගං ජානාති, ආපත්තියා වූපසමං ජානාති, ආපත්තියා විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: ආපත්තිය දනියි, ආපත්තිසමුට්ඨානය දනියි, ආපත්තිප්‍රයෝගය දනියි, ආපත්තිව්‍යුපශමය දනියි, ආපත්තිවිනිශ්චය කිරීමෙහි දක්‍ෂ වේ. උපාලි. මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
Pali BJT11. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : අධිකරණං න ජානාති, අධිකරණසමුට්ඨානං න ජානාති, අධිකරණස්ස පයොගං න ජානාති, අධිකරණස්ස වූපසමං න ජානාති, අධිකරණස්ස න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං.
Sinhala BJT11. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: අධිකරණය නො දනියි, අධිකරණ සමුට්ඨානය නො දනියි, අධිකරණ ප්‍රයෝගය නො දනියි, අධිකරණ ශමථය නො දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි.
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : අධිකරණං ජානාති, අධිකරණසමුට්ඨානං ජානාති, අධිකරණස්ස පයොගං ජානාති, අධිකරණස්ස වූපසමං ජානාති, අධිකරණස්ස විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බන්ති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: අධිකරණය දනියි, අධිකරණ සමුට්ඨානය දනියි, අධිකරණ ප්‍රයෝගය දනියි, අධිකරණ ශමථය දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
Pali BJTඅත්තාදානවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වන අත්තාදාන වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTපරිසුද්ධඤ්ච කාලෙන කාරුඤ්ඤෙන{1} ඔකාසෙන ච, අත්තාදානං අධිකරණං අපරෙහි ච වත්ථු ච ; සුත්තං ධම්මං පුන වත්ථු ච ආපත්ති අධිකරණෙන චාති.
Sinhala BJTපරිසුද්ධ යැ කාල යැ කාරුඤ්ඤ යැ ඕකාසකම්මය සමග අත්තාදාන යැ අධිකරණ යැ අපරයත් සමග වස්තු යැ සුත්ත යැ ධම්ම යැ නැවැත වස්තු යැ අධිකරණය සමග ආපත්ති යි.
Pali BJT6. ධුතඞ්ග වග්ගො
Sinhala BJT6. ධුතඞ්ග වර්‍ගය
Pali BJT1. කති නු ඛො භන්තෙ ආරඤ්ඤිකාති?
Sinhala BJT1. වහන්ස, ආරණ්‍යකයෝ කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි, ආරඤ්ඤිකා. කතමෙ පඤ්ච : මන්දත්තා මොමූහත්තා ආරඤ්ඤකො හොති, පාපිච්ඡො ඉච්ඡාපකතො ආරඤ්ඤකො හොති, උම්මාදා චිත්තක්ඛෙපා ආරඤ්ඤකො හොති, වණ්ණිතං බුද්ධෙහි බුද්ධසාවකෙහීති ආරඤ්ඤකො හොති, අපි ච අප්පිච්ඡඤ්ඤෙව නිස්සාය සන්තුට්ඨිඤ්ඤෙව නිස්සාය සල්ලෙඛඤ්ඤෙව නිස්සාය පවිවෙකඤ්ඤෙව නිස්සාය ඉදමත්ථිතඤ්ඤෙව නිස්සාය ආරඤ්ඤිකො හොති. ඉමෙ ඛො උපාලි, පඤ්ච ආරඤ්ඤකාති.
Sinhala BJTඋපාලි, මේ ආරණ්‍යකයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: නො දැනීමෙන් මුළාබැවින් ආරණ්‍යක වෙයි. (ප්‍රත්‍යය ප්‍රාර්‍ත්‍ථනා නැමැති) ලාමක අදහස් ඇත්තේ ඒ ලාමක අදහසින් මඩනා ලද්දේ ආරණ්‍යක වෙයි. උමතු බැවින් චිත්තවික්‍ෂේපයෙන් ආරණ්‍යක වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්‍ණනා කරණ ලදැයි ආරණ්‍යක වෙයි. වැලිදු අපිස්බව මැ නිසා සතොස්බව මැ නිසා (කෙලෙස්) දුරැලීම මැ නිසා ප්‍රවිවේකය මැ නිසා මේ පිළිවෙතෙහි ප්‍රයෝජන ඇතිබව මැ නිසා ආරණ්‍යක වේ. උපාලි, මොහු පස් දෙන ආරණ්‍යකයෝ යි.
Pali BJT2-12. කති නු ඛො භන්තෙ, පිණ්ඩපාතිකාති -පෙ- කති නු ඛො භන්තෙ, පංසුකූලිකාති -පෙ- කති නු ඛො භන්තෙ, රුක්ඛමූලිකාති -පෙ- කති නු ඛො භන්තෙ, සොසානිකාති -පෙ- කති නු ඛො භන්තෙ, අබ්භොකාසිකාති -පෙ- කති නු ඛො භන්තෙ, තෙචීවරිකාති -පෙ- කති නු ඛො භන්තෙ, සපදානචාරිකාති -පෙ- කති නු ඛො භන්තෙ, නෙසජ්ජිකාති -පෙ- කති නු ඛො භන්තෙ, යථාසන්ථතිකාති -පෙ- කති නු ඛො භන්තෙ, එකාසනිකාති -පෙ- කති නු ඛො භන්තෙ, ඛලුපච්ඡාභත්තිකාති -පෙ-?
Sinhala BJT2.-12. වහන්ස, පිණ්ඩපාතිකයෝ කෙතෙක් ද? ... වහන්ස, පංසුකූලිකයෝ කෙතෙක් ද? ... වහන්ස, රුක්ඛමූලිකයෝ කෙතෙක් ද? ... වහන්ස, සෝසානිකයෝ කෙතෙක් ද? ... වහන්ස, අබෙභාකාසිකයෝ කෙතෙක් ද? ... වහන්ස, තෙචීවරිකයෝ කෙතෙක් ද? ... වහන්ස, සපදානචාරිකයෝ කෙතෙක් ද? ... වහන්ස, නෙසජ්ජිකයෝ කෙතෙක් ද? ... වහන්ස, යථාසන්‍ථතිකයෝ කෙතෙක් ද? ... වහන්ස ඒකාසනිකයෝ කෙතෙක් ද? ... වහන්ස බලුපච්ඡාභත්තිකයෝ කෙතෙක් ද? ...
Pali BJT13. කති නු ඛො භන්තෙ පත්තපිණ්ඩිකාති?
Sinhala BJT13. වහන්ස පත්තපිණ්ඩිකයෝ කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි, පත්තපිණ්ඩිකා. කතමෙ පඤ්ච : මන්දත්තා මොමූහත්තා පත්තපිණ්ඩිකො හොති, පාපිච්ඡො ඉච්ඡාපකතො පත්තපිණ්ඩිකො හොති, උම්මාදා චිත්තක්ඛෙපා පත්තපිණ්ඩිකො හොති, වණ්ණිතං බුද්ධෙහි බුද්ධසාවකෙහීති පත්තපිණ්ඩිකො හොති. අපි ච අප්පිච්ඡතඤ්ඤෙව නිස්සාය සන්තුට්ඨිඤ්ඤෙව නිස්සාය සල්ලෙඛඤ්ඤෙව නිස්සාය පවිවෙකඤ්ඤෙව නිස්සාය ඉදමත්ථිතඤ්ඤෙව නිස්සාය පත්තපිණ්ඩිකො හොති. ඉමෙ ඛො උපාලි, පඤ්ච පත්තපිණ්ඩිකාති.
Sinhala BJTඋපාලි, මේ පත්තපිණ්ඩිකයෝ පස් දෙනෙක් වෙති. කවර පස් දෙනෙක යත්: නො දැනීමෙන් මුළා බැවින් පත්තපිණ්ඩික වෙයි. ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනා ලද්දේ පත්තපිණ්ඩික වෙයි. උමතුවෙන් චිත්තවික්‍ෂේපයෙන් පත්තපිණ්ඩික වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්‍ණනා කරණ ලදැයි පත්තපිණ්ඩික වෙයි. වැලිදු අපිස්බව මැ නිසා සතොස්බව මැ නිසා කෙලෙස් දුරැලීම මැ නිසා ප්‍රවිවේකය මැ නිසා මේ පිළිවෙතෙහි ප්‍රයෝජන ඇති බව මැ නිසා පත්තපිණ්ඩික වේ. උපාලි, මොහු පස්දෙන පත්තපිණ්ඩිකයෝ යි.
Pali BJTධුතඞ්ගවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවන ධුතඞ්ග වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTආරඤ්ඤකො පිණ්ඩ පංසු රුක්ඛ සුසාන පඤ්චමං, අබ්භො තෙචීවරඤ්චෙව සපදාන නෙසජ්ජිකා ; සන්ථතෙකාසනඤ්චෙව ඛලුපච්ඡා පත්තපිණ්ඩිකාති.
Sinhala BJTආරඤ්ඤක යැ පිණ්ඩපාතික යැ පංසුකූලික යැ රුක්ඛමූලික යැ පස්වනු වූ සෝසානික යැ අබ්භෝකාසික යැ තෙචීවරික යැ සපදාන යැ නෙසජ්ජික යැ යථාසන්‍ථතික යැ ඒකාසනික යැ බලුපච්ඡාභත්තික යැ පත්තපිණ්ඩික යැ යි.
Pali BJT7. මුසාවාද වග්ගො
Sinhala BJT7. මුසාවාද වර්‍ගය
Pali BJT1. කති නු ඛො භන්තෙ මුසාවාදාති?
Sinhala BJT1. වහන්ස, මුසාවාද කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි, මුසාවාදා කතමෙ පඤ්ච : අත්ථි මුසාවාදො පාරාජිකගාමී, අත්ථි මුසාවාදො සඞ්ඝාදිසෙසගාමී, අත්ථි මුසාවාදො ථුල්ලච්චයගාමී, අත්ථි මුසාවාදො පාචිත්තියගාමී, අත්ථි මුසාවාදො දුක්කටගාමී. ඉමෙ ඛො උපාලි, පඤ්ච මුසාවාදාති.
Sinhala BJTඋපාලි, මේ මුසාවාද පසෙකි. කවර පසෙකැ යත්: පරිජියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, සඟවෙසෙසට පැමිණෙන මුසාවාදයෙක් ඇත, ථුලැසියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, පචිතියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, දුකුළාවට පැමිණෙන මුසාවාදයෙක් ඇති. උපාලි, මේ මුසාවාද පසයි.
Pali BJT2. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො සඞ්ඝමජ්ඣෙ උපොසථං වා පවාරණං වා ඨපෙන්තස්ස “අලං භික්ඛු මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද”න්ති ඔමද්දිත්වා සඞ්ඝෙන උපොසථො වා පවාරණා වා කාතබ්බාති?
Sinhala BJT2. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට: “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර යි” (තමාගේ වචනයෙන් ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු ද?
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො සඞ්ඝමජ්ඣෙ උපොසථං වා පවාරණං වා ඨපෙන්තස්ස “අලං භික්ඛු මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද”න්ති ඔමද්දිත්වා සඞ්ඝෙන උපොසථො වා පවාරණා වා කාතබ්බා. කතමෙහි පඤ්චහි : අලජ්ජී ච හොති, බාලො වා, අපකතත්තො වා, චාවනාධිප්පායො වත්තා හොති, නො වුට්ඨානාධිප්පායො, ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො සඞ්ඝමජ්ඣෙ උපොසථං වා පවාරණං වා ඨපෙන්තස්ස “අලං භික්ඛු මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද”න්ති ඔමද්දිත්වා සඞ්ඝෙන උපොසථො වා පවාරණා වා කාතබ්බා.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යැ. කවර පසෙකිනැ යත්: ලජ්ජා නැත්තේත් වෙයි, අඥානත් වෙයි, අපුවතත් වූයේත් වෙයි, (භික්‍ෂුභාවයෙන්) චුත කරවන අදහසින් කියන්නේ වෙයි, (ඇවැතින්) නැගී සිටුවන අදහසින් නො කියන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යි.
Pali BJTඅපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො සඞ්ඝමජ්ඣෙ උපොසථං වා පවාරණං වා ඨපෙන්තස්ස “අලං භික්ඛු, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති ඔමද්දිත්වා සඞ්ඝෙන උපොසථො වා පවාරණා වා කාතබ්බා. කතමෙහි පඤ්චහි : අපරිසුද්ධකායසමාචාරො හොති. අපරිසුද්ධ වචීසමාචාරො හොති, අපරිසුද්ධාජීවො හොති. බාලො හොති අව්යත්තො, භණ්ඩනකාරකො හොති කලහකාරකො. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො සඞ්ඝමජ්ඣෙ උපොසථං වා පවාරණං වා ඨපෙන්තස්ස “අලං භික්ඛු මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති ඔමද්දිත්වා සඞ්ඝෙන උපොසථො වා පවාරණා වා කාතබ්බාති.
Sinhala BJTඋපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩ සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යැ. කවර පසෙකිනැ යත්: අපිරිසිදු කායසමාචාර ඇත්තේ වෙයි, අපිරිසිදු වාක්සමාචාර ඇත්තේ වෙයි, අපිරිසිදු දිවි පෙවෙත් ඇත්තේ වෙයි, අව්‍යක්ත වූ අඥානයෙක් වෙයි, ඩබර කරන්නේ කලහ කරන්නේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන්නා වූ මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතුයි.
Pali BJT3. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො අනුයොගො න දාතබ්බොති?
Sinhala BJT3. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහට අනුයෝගය නො දිය යුතු ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො අනුයොගො න දාතබ්බො. කතමෙහි පඤ්චහි : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, සප්පටිකම්මංඅප්පටිකම්මං ආපත්තිං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො අනුයොගො න දාතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහට අනුයෝගය නො දිය යුතුයි: කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත නො දනියි, ලුහු ගුරු ඇවැත නො දනියි, සාවසේස අනවසේස ඇවැත නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත නො දනියි, පිළියම් සහිත පිළියම් රහිත ඇවැත නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට අනුයෝගය (චෝදනා විචාරණය) නො දිය යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො අනුයොගො දාතබ්බො. කතමෙහි පඤ්චහි : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, සප්පටිකම්මං අප්පටිකම්මං ආපත්තිං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො අනුයොගො දාතබ්බොති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසකින් යුත් මහණහට අනුයෝගය දිය යුතු යි. කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත දනියි, ලුහු ගුරු ඇවැත දනියි, සාවසේස අනවසේස ඇවැත දනියි, තුළුල් නො තුළුල් ඇවැත දනියි, පිළියම් සහිත පිළියම් රහිත ඇවැත දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට අනුයෝගය දිය යුතු යි.
Pali BJT4. කතීහි නු ඛො භන්තෙ, ආකාරෙහි භික්ඛු ආපත්තිං ආපජ්ජතීති?
Sinhala BJT4. වහන්ස, කෙතෙක් අයුරින් මහණ ඇවැතට පැමිණේ ද?
Pali BJT“පඤ්චහුපාලි, ආකාරෙහි භික්ඛු ආපත්තිං ආපජ්ජති. කතමෙහි පඤ්චහි : අලජ්ජිතා අඤ්ඤාණතා, කුක්කුච්චපකතතා, අකප්පියෙ කප්පියසඤ්ඤිතා, කප්පියෙ අකප්පියසඤ්ඤිතා. ඉමෙහි ඛො උපාලි, පඤ්චහාකාරෙහි භික්ඛු ආපත්තිං ආපජ්ජති.
Sinhala BJTඋපාලි, පස් අයුරෙකින් මහණ ඇවැතට පැමිණේ. කවර පසෙකින යත්: ලජ්ජා නැති බව යැ, අඥාන බව යැ, කුකුසින් මැඩුණු බව යැ, නො කැපයෙහි කැපැයි හැඟීම් ඇති බව යැ, කැපයෙහි නො කැපැයි හැඟීම් ඇති බව යි. උපාලි, මේ පස් අයුරින් මහණ ඇවැතට පැමිණේ.
Pali BJTඅපරෙහිපි උපාලි, පඤ්චහාකාරෙහි භික්ඛු ආපත්තිං ආපජ්ජති, කතමෙහි පඤ්චහි : අදස්සනෙන, අස්සවණෙන, පයුත්තකතා, තථාසඤ්ඤී, සතිසම්මොසා. ඉමෙහි ඛො උපාලි, පඤ්චහාකාරෙහි භික්ඛු ආපත්තිං ආපජ්ජතීති.
Sinhala BJTඋපාලි, අනෙකුදු පස් අයුරෙකින් මහණ ඇවැතට පැමිණේ. කවර පසෙකින යත්: (විනයධරයා) නො දැකීමෙන් යැ. (විනයධරයාගේ බස්) නො ඇසීමෙන් යැ. (සහගාර සෙය්‍යාවෙහි) නිදන බැවින් යැ, අකැපයෙහි කැපැයි සංඥා ඇති බැවින් යැ, සිහිමුළායෙනි. උපාලි, මේ පස් අයුරෙන් මහණ ඇවැතට පැමිණේ.
Pali BJT5. කති නු ඛො භන්තෙ, වෙරාති?
Sinhala BJT5. වහන්ස, වෙරයෝ කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි, වෙරා. කතමෙ පඤ්ච : පාණාතිපාතො, අදින්නාදානං, කාමෙසු මිච්ඡාචාරො, මුසාවාදො, සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානං. ඉමෙ ඛො උපාලි, පඤ්ච වෙරාති.
Sinhala BJTඋපාලි, මේ වෙරයෝ පසෙක් වෙති. කවර පසෙක යත්: පණිවා යැ, අයිනාදන යැ, කාමයන්හි වරදවා හැසිරීම යැ, මුසවා යැ, මද ප්‍රමාදයට හේතු වූ රහමෙර යි. උපාලි, මේ පස් වෙරයෝ යි.
Pali BJT6. කති නු ඛො භන්තෙ, වෙරමණියොති?
Sinhala BJT6. වහන්ස, විරමණයෝ කෙතෙක් ද?
Pali BJTපඤ්චිමා උපාලි, වෙරමණියො. කතමා පඤ්ච : පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, මුසාවාදා වෙරමණී, සුරාමෙරය මජ්ජප්පමාදට්ඨානා වෙරමණී. ඉමා ඛො උපාලි, පඤ්ච වෙරමණියොති.
Sinhala BJTඋපාලි, මේ විරමණයෝ පසෙක් වෙති. කවර පසෙක යත්: ප්‍රාණඝාතයෙන් වැළකීම යැ, නො දුන් දැය ගැන්මෙන් වැළකීම යැ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම යැ, මුසවායෙන් වැළකීම යැ, මදයට හා ප්‍රමාදයට හේතු වූ රහමෙරින් වැළැකීම යි. උපාලි, මේ පස් විරමණයෝ යි.
Pali BJT7. කති නු ඛො භන්තෙ, බ්යසනානීති?
Sinhala BJT7. වහන්ස, ව්‍යසනයෝ කෙතෙක් ද?
Pali BJTපඤ්චිමානි උපාලි, බ්යසනානි. කතමානි පඤ්ච : ඤාතිබ්යසනං, භොගබ්යසනං, රොගබ්යසනං, සීලබ්යසනං, දිට්ඨිබ්යසනං. ඉමානි ඛො උපාලි, පඤ්චබ්යසනානීති.
Sinhala BJTඋපාලි, මේ ව්‍යසනයෝ පසෙක් වෙති. කවර පසෙක යත්: ඥාතිව්‍යසන යැ, භොගව්‍යසන යැ, රෝගව්‍යසන යැ, ශීලව්‍යසන යැ, දෘෂ්ටිව්‍යසන යි. මේ පස් ව්‍යසනයෝ යි.
Pali BJT8. කති නු ඛො භන්තෙ, සම්පදාති?
Sinhala BJT8. වහන්ස, සම්පත්තීහු කෙතෙක් ද?
Pali BJTපඤ්චිමා උපාලි, සම්පදා. කතමා පඤ්ච : ඤාතිසම්පදා, භොගසම්පදා, ආරොග්යසම්පදා, සීලසම්පදා, දිට්ඨිසම්පදා. ඉමා ඛො උපාලි, පඤ්ච සම්පදාති.
Sinhala BJTඋපාලි, මේ සම්පත්තීහු පසෙක් වෙති. කවර පසෙක් ද යත්: ඥාති සම්පත්ති යැ, භෝගසම්පත්ති යැ, ආරෝග්‍යසම්පත්ති යැ, ශීලසම්පත්ති යැ, දෘෂ්ටිසම්පත්ති යි. උපාලි, මේ පස් සම්පත්තීහු වෙත්.
Pali BJTමුසාවාදවග්ගො සත්තමො.
Sinhala BJTසත්වන මුසාවාද වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTමුසාවාදො ච ඔමද්දා අපරෙ අනුයොගො ච ආපත්ති, අපරෙ වෙරා වෙරමණී බ්යසන සම්පදා චෙව සත්තමො වග්ගසඞ්ගහොති,
Sinhala BJTමුසාවාද යැ ඔමද්ද යැ අන්‍ය වූ අනුයෝග යැ ආපත්ති යැ අන්‍ය වූ වෙර යැ වේරමණී යැ ව්‍යසන යැ සම්පදා යැ යන මොහු සත්වන වර්‍ගයෙහි සඞ්ගෘහීතයහ.
Pali BJT8. භික්ඛුනොවාද වග්ගො
Sinhala BJT8. භික්ඛුනෝවාද වර්‍ගය
Pali BJT1. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො භික්ඛුනීසඞ්ඝෙනෙව කම්මං කාතබ්බන්ති?
Sinhala BJT1. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහට භික්‍ෂුණීසඞ්ඝයා විසින් මැ කර්‍ම කළයුතු ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො භික්ඛුනීසඞ්ඝෙනෙව කම්මං කාතබ්බං, අවන්දියො සො භික්ඛු භික්ඛුනීසඞ්ඝෙන. කතමෙහි පඤ්චහි : විවරිත්වා කායං භික්ඛුනීනං දස්සෙති : ඌරුං දස්සෙති, අඞ්ගජාතං දස්සෙති, උභො අංසකූටෙ දස්සෙති, ඔභාසති, ගිහී සම්පයොජෙති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො භික්ඛුනීසඞ්ඝෙනෙව කම්මං කාතබ්බං, අවන්දියො සො භික්ඛු භික්ඛුනීසඞ්ඝෙන.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්තවූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින්ම “ඒ මහණ භික්‍ෂුණීසඞ්ඝයා විසින් නොවැඳිය යුත්තෙකැ” යි (දණ්ඩ) කර්‍ම කළ යුතු යි. කවර පසෙකින යත්: කය විවෘත කොට භික්‍ෂුණීන්හට දක්වයි; වටොර දක්වයි, රහසඟ දක්වයි, දෙඋරහිස් දක්වයි, නොසැබි තෙපුල් කියයි. ගිහියන් හා (මෙවුන්දම්හි) යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණී සඞ්ඝයා විසින් නො වැඳිය යුත්තෙකැ” යි කර්‍ම කළයුතු යි.
Pali BJTඅපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො භික්ඛුනීසඞ්ඝෙනෙව කම්මං කාතබ්බං, අවන්දියො සො භික්ඛු භික්ඛුනීසඞ්ඝෙන. කතමෙහි පඤ්චහි : භික්ඛුනීනං අලාභාය පරිසක්කති, භික්ඛුනීනං අනත්ථාය පරිසක්කති, භික්ඛුනීනං අවාසාය පරිසක්කති, භික්ඛුනියො අක්කොසති පරිභාසති, භික්ඛූ භික්ඛුනීහි භෙදෙති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො භික්ඛුනීසඞ්ඝෙනෙව කම්මං කාතබ්බං, අවන්දියො සො භික්ඛු භික්ඛුනීසඞ්ඝෙන.
Sinhala BJTඋපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණී සඞ්ඝයා විසින් නො වැන්ද යුත්තෙකැ” යි කර්‍ම කළයුතුයි. කවර පසෙකින යත්: භික්‍ෂුණීන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂුණීන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂුණීන්ගේ නො විසීම පිණිස (වසන තැනින් නෙරපීම පිණිස) යත්න කෙරෙයි, භික්‍ෂුණීන්හට ආක්‍රෝශ - පරිභව කෙරෙයි, මහණුන් මෙහෙණන් හා බිඳුවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණී සඞ්ඝයා විසින් නො වැන්ද යුත්තෙකැ” යි කර්‍ම කළ යුතු යි.
Pali BJTඅපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො භික්ඛුනීසඞ්ඝෙනෙව කම්මං කාතබ්බං, අවන්දියො සො භික්ඛු භික්ඛුනීසඞ්ඝෙන. කතමෙහි පඤ්චහි : භික්ඛුනීනං අලාභාය පරිසක්කති, භික්ඛුනීනං අනත්ථාය පරිසක්කති, භික්ඛුනීනං අවාසාය පරිසක්කති, භික්ඛුනියො අක්කොසති පරිභාසති, භික්ඛූ භික්ඛුනීහි සම්පයොජෙති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො භික්ඛුනීසඞ්ඝෙනෙව කම්මං කාතබ්බං, අවන්දියො සො භික්ඛු භික්ඛුනීසඞ්ඝෙනාති.
Sinhala BJTඋපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට භික්‍ෂුණිසඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණිසඞ්ඝයා විසින් නො වැන්ද යුත්තෙකැ” යි කර්‍ම කළ යුතු යි. කවර පසෙකින යත්: භික්‍ෂුණීන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂුණීන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි. භික්‍ෂුණීන්ගේ නො විසීම පිණිස යත්න කෙරෙයි. භික්‍ෂුණීන්හට ආක්‍රෝශ කෙරෙයි. නින්‍දා කෙරෙයි, මහණුන් මෙහෙණන් හා (මෙවුන්දම්හි) යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට භික්‍ෂුණීසඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණීසඞ්ඝයා විසින් නොවැන්ද යුත්තෙකැ”යි කර්‍ම කළ යුතු යි.
Pali BJT2. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා කම්මං කාතබ්බන්ති?
Sinhala BJT2. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා කම්මං කාතබ්බං, කතමෙහි පඤ්චහි : විවරිත්වා කායං භික්ඛූනං දස්සෙති, ඌරුං දස්සෙති, අඞ්ගජාතං දස්සෙති, උභො අංසකූටෙ දස්සෙති, ඔභාසති, ගිහී සම්පයොජෙති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා කම්මං කාතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි. කවර පසෙකින යත්: කය විවෘත කොට භික්‍ෂූන්හට දක්වයි, වටොර දක්වයි, රහසඟ දක්වයි, දෙ උරහිස් දක්වයි, නොසැබි තෙපුල් කියයි, (මෙහෙණන් හා මෙවුන්දම් සෙවුනා පිණිස) ගිහියන් යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි.
Pali BJTඅපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : භික්ඛූනං අලාභාය පරිසක්කති, භික්ඛූනං අනත්ථාය පරිසක්කති, භික්ඛූනං අවාසාය පරිසක්කති, භික්ඛූ අක්කොසති පරිභාසති, භික්ඛුනියො භික්ඛූහි භෙදෙති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා කම්මං කාතබ්බං.
Sinhala BJTඋපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි. කවර පසෙකින යත්: භික්‍ෂූන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්ගේ නො විසීම පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට ආක්‍රෝශ කෙරෙයි, නින්‍දා කෙරෙයි, මෙහෙණන් මහණුන් හා බිඳුවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළ යුතු යි.
Pali BJTඅපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : භික්ඛූනං අලාභාය පරිසක්කති, භික්ඛූනං අනත්ථාය පරිසක්කති, භික්ඛූනං අවාසාය පරිසක්කති, භික්ඛූ අක්කොසති පරිභාසති, භික්ඛුනියො භික්ඛූහි සම්පයොජෙති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා කම්මං කාතබ්බන්ති.
Sinhala BJTඋපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි. කවර පසෙකින යත්: භික්‍ෂූන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්ගේ නො විසීම පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට ආක්‍රෝශ කෙරෙයි, නින්‍දා කෙරෙයි, මෙහෙණන් මහණුන් හා මෙවුන්දම් පිණිස යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි.
Pali BJT3. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ඨපෙතබ්බොති?
Sinhala BJT3. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ඨපෙතබ්බො. කතමෙහි පඤ්චහි : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච, චාවනාධිප්පායො වත්තා හොති, නො වුට්ඨානාධිප්පායො. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ඨපෙතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතුයි. කවර පසෙකින යත්: ලජ්ජා නැත්තෙක් වෙයි. අඥානත් වෙයි. අපුවතත් වූයේ වෙයි. (භික්‍ෂු භාවයෙන්) චුත කරවනු කැමැත්තේ කියන්නේ වෙයි. (ඇවැතින්) නැගුටුවන අදහස් ඇත්තේ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.
Pali BJTඅපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ඨපෙතබ්බො. කතමෙහි පඤ්චහි : අපරිසුද්ධකායසමාචාරො හොති, අපරිසුද්ධවචීසමාචාරො හොති, අපරිසුද්ධාජීවො හොති, බාලො හොති, අව්යත්තො, න පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ඨපෙතබ්බො.
Sinhala BJTඋපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි. කවර පසෙකින යත්: අපිරිසිදු කායසමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු වාක් සමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු දිවිපෙවෙත් ඇත්තේ වෙයි. අව්‍යක්ත වූ අඥානයෙක් වෙයි. විචාරණු ලබන්නේ අනුයෝගය දෙන්නට ප්‍රතිබල නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.
Pali BJTඅපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ඨපෙතබ්බො. කතමෙහි පඤ්චහි : කායිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, වාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, භික්ඛුනීනං අක්කොසකපරිභාසකො හොති, භික්ඛුනීහි සද්ධිං සංසට්ඨො විහරති අනනුලොමිකෙන සංසග්ගෙන. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ඨපෙතබ්බො.
Sinhala BJTඋපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතුයි. කවර පසෙකින යත්: කායික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. කායිකවාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. භික්‍ෂුණීන්හට ආක්‍රෝශ පරිභව කරන්නේ වෙයි. භික්‍ෂුණීන් සමඟ නො සුදුසුයේ එක් වැ හැනී වෙසේ. උපාලි, මේ අංග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.
Pali BJTඅපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ඨපෙතබ්බො. කතමෙහි පඤ්චහි : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච, භණ්ඩනකාරකො ච හොති කලහකාරකො, සික්ඛාය ච න පරිපූරිකාරී. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ඨපෙතබ්බොති.
Sinhala BJTඋපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නො තැබිය යුතු යි. කවර පසෙකින යත්: ලජ්ජා නැත්තේ වෙයි. අඥානත් වෙයි. අපුවතත් වූයේත් වෙයි. කලහ කරන්නේ අරගල කරන්නේත් වෙයි. ශික්‍ෂාවන් සම්පූර්‍ණ කරන්නේ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.
Pali BJT4. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ගහෙතබ්බොති?
Sinhala BJT4. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නොපිළිගත යුතු ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ගහෙතබ්බො, කතමෙහි පඤ්චහි : කායිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, වාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, භික්ඛුනීනං අක්කොසකපරිභාසකො හොති, භික්ඛුනීහි සද්ධිං සංසට්ඨො විහරති අනනුලොමිකෙන සංසග්ගෙන. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ගහෙතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්ට අවවාද කිරීම නොපිළිගත යුතු යි. කවර පසෙකින යත්: කායික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. කායික වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. භික්‍ෂුණීන්හට ආක්‍රෝශ පරිභව කරන්නේ වෙයි. භික්‍ෂුණීන් සමග නොසුදුසු සේ එක් වැ හැනී වෙසේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නොපිළිගත යුතු යි.
Pali BJTඅපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ගහෙතබ්බො. කතමෙහි පඤ්චහි : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච, ගමිකො වා හොති, ගිලානො වා. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා භික්ඛුනීනං ඔවාදො න ගහෙතබ්බොති.
Sinhala BJTඋපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නො පිළිගත යුතු යි. කවර පසෙකින යත්: ලජ්ජා නැත්තේත් වෙයි. අඥානත් වෙයි. අපුවතත් වූයේත් වෙයි. ගමිකයෙක් හෝ වෙයි. ගිලනෙක් හෝ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නොපිළිගත යුතු යි.
Pali BJT5. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං න සාකච්ඡිතබ්බොති?
Sinhala BJT5. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු සමග (කැප අකැපාදිය පිළිබඳ) සාකච්ඡා නො කළ යුතු ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං න සාකච්ඡිතබ්බො. කතමෙහි පඤ්චහි : න අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙක්ඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙක්ඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙක්ඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං න සාකච්ඡිතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා නො කළ යුතු යි. කවර පසෙකින යත්: අශෛක්‍ෂ වූ ශීලරාශියෙන් යුක්ත වූයේ නො වෙයි, අශෛක්‍ෂ වූ සමාධිරාශියෙන් යුක්ත වූයේ නො වෙයි, අශෛක්‍ෂ වූ ප්‍රඥාරාශියෙන් යුක්ත වූයේ නො වෙයි, අශෛක්‍ෂ වූ විමුක්ති රාශියෙන් යුක්ත වූයේ නො වෙයි, අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශනරාශියෙන් යුක්ත වූයේ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග (කැප අකැපාදිය පිළිබඳ) සාකච්ඡා නො කළ යුතු යි.