Pali BJT1. අනිස්සිත වග්ගො
Sinhala BJT1. අනිස්සිත වර්‍ගය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච : “කතීහි නුඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බ”න්ති.
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතුදැ” යි.
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බං. කතමෙහි පඤ්චහි : උපොසථං න ජානාති, උපොසථකම්මං න ජානාති, පාතිමොක්ඛං න ජානාති, පාතිමොක්ඛුද්දෙසං න ජානාති, ඌනපඤ්චවස්සො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතුයි, කවර පසෙකින් ද යත්: උපෝසථය නො දනියි, උපෝසථ කර්‍මය නො දනියි, ප්‍රාතිමෝක්‍ෂය නො දනියි, පාමොක් උදෙසීම නො දනියි, උනු පස් වස් ඇත්තේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං අනිස්සිතෙන වත්ථබ්බං, කතමෙහි පඤ්චහි : උපොසථං ජානාති, උපොසථකම්මං ජානාති, පාතිමොක්ඛං ජානාති, පාතිමොක්ඛුද්දෙසං ජානාති, පඤ්චවස්සො වා හොති අතිරෙකපඤ්චවස්සො වා. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං අනිස්සිතෙන වත්ථබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි. කවර පසෙකින් ද යත්: උපෝසථය දනියි, උපෝසථ කර්‍මය දනියි, ප්‍රාතිමෝක්‍ෂය දනියි, පාමොක් උදෙසීම දනියි. පස් වස් ඇත්තේ හෝ අයිරා පස් වස් ඇත්තේ හෝ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි.
Pali BJT2. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බං. කතමෙහි පඤ්චහි : පවාරණං න ජානාති, පවාරණකම්මං න ජානාති, පාතිමොක්ඛං න ජානාති, පාතිමොක්ඛුද්දෙසං න ජානාති, ඌනපඤ්චවස්සො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බං.
Sinhala BJT2. උපාලි, අනෙකුදු පසඟෙකින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි, කවර පසෙකින් ද යත්: පවාරණය නො දනියි, පවාරණ කර්‍මය නො දනියි, ප්‍රාතිමෝක්‍ෂය නො දනියි, පාමොක් උදෙසීම නො දනියි, උනු පස් වස් ඇත්තේ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං අනිස්සිතෙන වත්ථබ්බං. කතමෙහි පඤ්චහි : පවාරණං ජානාති, පවාරණකම්මං ජානාති, පාතිමොක්ඛං ජානාති, පාතිමොක්ඛුද්දෙසං ජානාති, පඤ්චවස්සො වා හොති අතිරෙකපඤ්චවස්සො වා. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං අනිස්සිතෙන වත්ථබ්බං.
Sinhala BJTඋපාලි, පසඟෙකින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතුයි. කවර පසෙකින් ද යත්: පවාරණය දනියි. පවාරණ කර්‍මය දනියි, ප්‍රාතිමෝක්‍ෂය දනියි, පාමොක් උදෙසීම දනියි, පස් වස් ඇත්තේ හෝ අයිරා පස් වස් ඇත්තේ හෝ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි.
Pali BJT3. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, ඌනපඤ්චවස්සො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බං.
Sinhala BJT3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි. කවර පසෙකින් ද යත්: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ආපත්ති නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, උනු පස් වස් ඇත්තේ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි.
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං අනිස්සිතෙන වත්ථබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති. සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, පඤ්චවස්සො වා හොති අතිරෙක පඤ්චවස්සො වා. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං අනිස්සිතෙන වත්ථබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි, කවර පසෙකින් ද යත්: ඇවැත් නො ඇවැත් දනියි, ලුහු ගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ආපත්ති දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පස් වස් ඇත්තේ හෝ අයිරා පස් වස් ඇත්තේ හෝ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි.
Pali BJT4. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බොති.
Sinhala BJT4. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුත් මහණහු විසින් උපසපන් නො කරවිය යුතු ද, නිස නොදිය යුතු ද, හෙරණකු ලවා උවටැන් නො කරවිය යුතු ද ?
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි පඤ්චහි : න පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ගිලානං උපට්ඨාතුං වා උපට්ඨාපෙතුං වා, උප්පන්නං අනභිරතං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා, උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනයතො විනොදෙතුං වා, විනොදාපෙතුං වා, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යැ. නිස නො දිය යුතු යැ. හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යැ. කවර පසෙකින් ද යත්: ගිලන් වූ අතැවැසියකුට හෝ සද්ධිවිහාරිකයකුට හෝ උවැටන් කරන්නට හෝ උවැටන් කරවන්නට හෝ, උපන් අනභිරතිය (උකටලී බව) බැහැර කරන්නට හෝ කරවන්නට හෝ උපන් කුකුස දහමින් විනයෙන් දුරු කරන්නට හෝ දුරු කරවන්නට හෝ, අභිධර්‍මයෙහි (නාම රූප පරිච්ඡේදයෙහි) හික්මවන්නට, අභිවිනයෙහි හික්මවන්නට ප්‍රතිබල නො වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් උපසපන් නො කරවියැ යුතු යැ. නිස නො දිය යුතු යැ. හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං, නිස්සයො දාතබ්බො, සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි පඤ්චහි : පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ගිලානං උපට්ඨාතුං වා උපට්ඨාපෙතුං වා, උප්පන්නං අනභිරතං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා, උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං වා විනොදාපෙතුං වා, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් කරවිය යුතු යැ, නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි. කවර පසෙකින් ද යත්: ගිලන් වූ අතැවැසියකුට හෝ සද්ධිවිහාරිකයකුට හෝ උවැටන් කරන්නට හෝ උවැටන් කරවන්නට හෝ, උපන් උකටලී බව බැහැර කරන්නට හෝ කරවන්නට හෝ, උපන් කුකුස දහමින් විනයෙන් දුරු කරන්නට හෝ දුරු කරවන්නට හෝ, අභිධර්‍මයෙහි හික්මවන්නට, සියලු විනය පිටකයෙහි හික්මවන්නට ප්‍රතිබල වෙයි. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් උපසපන් කරවිය යුතු යැ, නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි.
Pali BJT5. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි පඤ්චහි : න පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ආභිසමාචාරිකාය සික්ඛාය සික්ඛාපෙතුං, ආදිබ්රහ්මචරියිකාය සික්ඛාය විනෙතුං, අධිසීලෙ විනෙතුං, අධිචිත්තෙ විනෙතුං, අධිපඤ්ඤාය විනෙතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යැ, නිස නො දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යි. කවර පසෙකින් ද යත්: අතැවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්‍ෂාවන්හි (කඳුවත්හි) හික්මවන්නට, ආදිබ්‍රහ්මචරිය සඞ්ඛ්‍යාත සේඛපණ්ණත්ති ශික්‍ෂාවන්හි (පරිජි සඟ වෙසෙස්හි) හික්මවන්නට, අධිශීලයෙහි (ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙහි) හික්මවන්නට, අධිචිත්තයෙහි (ලෞකිකසමාධිභාවනාවෙහි) හික්මවන්නට අධිප්‍රඥායෙහි (ලෝකෝත්තර මාර්‍ගභාවනාවෙහි) හික්මවන්නට ප්‍රතිබල නො වෙයි, උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යැ, නිස නො දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යැ.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං, නිස්සයො දාතබ්බො, සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි පඤ්චහි : පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා අභිසමාචාරිකාය සික්ඛාය සික්ඛාපෙතුං, ආදිබ්රහ්මචාරියකාය සික්ඛාය විනෙතුං, අධිසීලෙ විනෙතුං, අධිචිත්තෙ විනෙතුං, අධිපඤ්ඤාය විනෙතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බොති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් කරවිය යුතු යැ. නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි. කවර පසෙකින් ද යත්: අතැවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්‍ෂාවෙහි හික්මවන්නට ආදිබ්‍රහ්මචරියක ශික්‍ෂාවෙහි හික්මවන්නට, අධිශීලයෙහි හික්මවන්නට, අධිචිත්තයෙහි හික්මවන්නට, අධිප්‍රඥාවෙහි හික්මවන්නට ප්‍රතිබල වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුතු මහණහු විසින් උපසපන් කරවිය යුතු යි. නිස දිය යුතු යි. හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි.
Pali BJT6. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බන්ති.
Sinhala BJT6. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහට (තජ්ජනීයාදි සත්වැදෑරුම්) කර්‍මය කටයුතු ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච, ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි. කවර පසෙකින් ද යත්: ලජ්ජා නැත්තේ ද වෙයි. අඥාන ද වෙයි. උඛෙව්නීකම් කරණ ලද්දේ ද වෙයි. මිථ්‍යා දෘෂ්ටික ද වෙයි. නට දිවිපෙවෙත් ඇත්තේ ද වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි.
Pali BJT7. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : අධිසීලෙ සීලවිපන්නො හොති, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
Sinhala BJT7. උපාලි, අනෙකුදු අංග පසෙකින් යුත් මහණ හට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි. කවර පසෙකින් ද යත්: අධිශීලයෙහි නටුවා වූ සිල් ඇත්තේ (පරිජි සඟවෙසෙස් ඇවැතුන්ට පැමිණියේ) වෙයි. අධ්‍යාචාරයෙහි නටුවා වූ ආචාර ඇත්තේ (සෙසු පස් ඇවැතුන්ට පැමිණියේ) වෙයි, සම්‍යග් දෘෂ්ටියෙහි නටදිටු ඇත්තේ වෙයි, මිසදිටු ද වෙයි, නටුවා වූ දිවි පෙවෙත් ඇත්තේ ද වේ, උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි.
Pali BJT8. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : කායිකෙන දවෙන සමන්නාගතො හොති, වාචසිකෙන දවෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන දවෙන සමන්නාගතො හොති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
Sinhala BJT8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි. කවර පසකින් ද යත්, (දු කෙළි ආදී) කායික ක්‍රීඩාවෙන් යුක්ත වූයේ වෙයි, (කට බෙර ගැසීම් ආදී) වාචසික ක්‍රීඩාවෙන් යුක්ත වූයේ වෙයි. (නැටීම් ගැයීම් ආදි) කායික වාචසික ක්‍රීඩාවෙන් යුක්ත වූයේ වෙයි, මිසදිටු වූයේත් වෙයි, නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි මේ පසඟින් යුත් මහණහට කර්‍ම කටයුතු යි.
Pali BJT9. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : කායිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, වාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
Sinhala BJT9. උපාලි අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට කර්‍ම කටයුතු යි. කවර පසෙකින් ද යත්: කායික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, කායික වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, මිසදිටු වූයේත් වෙයි. නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි.
Pali BJT10. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : කායිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති, වාචසිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
Sinhala BJT10. උපාලි අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට කර්‍ම කටයුතු යි. කවර පසෙකින් ද යත්, කය පිළිබඳ ව්‍යතික්‍රමණයෙන් (සික පද කැඩීමෙන්) යුක්ත වූයේ වෙයි, වචනය පිළිබඳ ව්‍යතික්‍රමණයෙන් යුක්ත වූයේ වෙයි. කය වචනය පිළිබඳ ව්‍යතික්‍රමණයෙන් යුක්ත වූයේ වෙයි. මිසදිටු වූයේ වෙයි, නටුවා වූ දිවි පෙවෙත් ඇත්තේත් වෙයි, උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට කර්‍ම කටයුතු යි.
Pali BJT11. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : කායිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති, වාචසිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
Sinhala BJT11. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට කර්‍ම කටයුතු යි, කවර පසෙකින් ද යත්: (හසුන් ගෙනයාම වෙදකම් ආදි) කය පිළිබඳ සදොස් ජීවිකායෙන් යුක්ත වූයේ වෙයි, (පණිවිඩ කීම් ආදි) වාචසික සදොස් ජීවිකායෙන් යුක්ත වූයේ වෙයි, (මෙකී) කායික වාචසික සදොස් ජීවිකාවෙන් යුක්ත වූයේ වෙයි, මිසදිටු වූයේත් වෙයි, නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි.
Pali BJT12. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තිං ආපන්නො කම්මකතො උපසම්පාදෙති, නිස්සයං දෙති, සාමණෙරං උපට්ඨාපෙති, භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො ඔවදති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
Sinhala BJT12. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි. කවර පසකින් ද යත්, “ඇවැතට පැමිණියේ කර්‍ම කරන ලදුයේ උපසපන් කරවයි, නිස දෙයි, හෙරණකු ලවා උවැටන් කරවයි, භික්‍ෂුණී අවවාද සම්මුතිය ඉවසයි, සම්මුතිය ලදුයේ නමුදු මෙහෙණන්ට අවවාද කෙරෙයි. උපාලි මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි.
Pali BJT13. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : යාය ආපත්තියා සඞ්ඝෙන කම්මං කතං හොති තං ආපත්තිං ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං ගරහති, කම්මිකෙ ගරහති, ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
Sinhala BJT13. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි. කවර පසෙකින් ද යත්: සඞ්ඝයා විසින් යම් ඇවැතෙකින් කර්‍මය කරන ලද්දේ වේ ද, ඒ ඇවැතට හෝ පැමිණෙයි, එබඳු වූ අනෙක් ඇවැතකට හෝ පැමිණෙයි, එයට වඩා ඉතා ලමු ඇවැතකට හෝ පැමිණෙයි, (විනය) කර්‍මයට ගර්‍හා කෙරෙයි, (විනය) කර්‍ම කළවුන්ට ගර්‍හා කෙරේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි.
Pali BJT14. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බන්ති.
Sinhala BJT14. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට කර්‍ම කටයුතු යි, කවර පසෙකින් ද යත්: බුදුන්ගේ අගුණ කියයි, ධර්‍මයේ අගුණ කියයි, සඞ්ඝයාගේ අගුණ කියයි, මිසදිටු වූයේත් වෙයි, නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි.
Pali BJTඅනිස්සිතවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන අනිස්සිත වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. උපොසථං පවාරණං ආපත්ති ච ගිලානකං, අභිසමාචාරලජ්ජී ච අධිසීලෙ දවෙන ච.
Sinhala BJT1. උපෝසථ යැ, පවාරණ යැ, ආපත්ති යැ, ගිලාන යැ, අභිසමාචාර යැ, ලජ්ජී යැ, දවය සමඟ අධිශීල යැ.
Pali BJT2. අනාචාරං උපඝාති මිච්ඡා ආපත්තිමෙව ච, යාය ආපත්තියා බුද්ධස්ස පඨමො වග්ගසඞ්ගහොති.
Sinhala BJT2. අනාචාර යැ, උපඝාති යැ, මිච්ඡා යැ, ආපත්ති යැ, යාය ආපත්තියා යැ, බුද්ධස්ස යැ යි ප්‍රථම වර්‍ගයෙහි සංග්‍රහය වේ.
Pali BJT2. න පටිප්පස්සම්භනවග්ගො
Sinhala BJT2. න පටිප්පස්සමහන වර්‍ගය
Pali BJT1. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බන්ති.
Sinhala BJT1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණක්හුගේ (විනය) කර්‍මය නො සන්හිඳුවියයුතු ද?
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තිං ආපන්නො කම්මකතො උපසම්පාදෙති, නිස්සයං දෙති, සාමණෙරං උපට්ඨාපෙති, භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො ඔවදති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණක්හුගේ (විනය) කර්‍මය නො සන්හිඳුවියයුතු ය. කවර පසෙකින් ද යත්: ඇවැතට පැමිණියේ (තජ්ජනීයාදි) කර්‍ම කරණ ලද්දේ උපසපන් කරවයි, නිස දෙයි, හෙරණකු ලවා උවැටන් කරවයි, භික්බුනෝවාදක සම්මුතිය ඉවසයි, සම්මුතිය ලද්දේ නමුදු මෙහෙණන්ට ඔවා දේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ කර්‍මය නො සන්හිඳුවියයුතු යි.
Pali BJT2. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං. කතමෙහි පඤ්චහි : යාය ආපත්තියා සඞ්ඝෙන කම්මං කතං හොති තං ආපත්තිං ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං ගරහති, ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණක්හුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි. කවර පසෙකින් ද යත්: සඞ්ඝයා විසින් යම් ඇවැතෙකින් කර්‍මය කරණ ලද නම් (නැවැත) ඒ ඇවැතට පැමිණෙයි, එබඳු වූ අනෙක් ඇවැතකට හෝ පැමිණෙයි, එයට වඩා ඉතා ලමු ඇවැතකට හෝ පැමිණෙයි, කර්‍මයට ගර්‍හා කෙරෙයි. කර්‍මය කළවුන්ට ගර්‍හා කෙරේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි.
Pali BJT3. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං. කතමෙහි පඤ්චහි : බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණක්හුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි. කවර පසෙකින් ද යත්: බුදුන්ගේ අගුණ කියයි, ධර්‍මයෙහි අගුණ කියයි, සඞ්ඝයාගේ අගුණ කියයි, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේත් වෙයි, නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි.
Pali BJT4. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං. කතමෙහි පඤ්චහි : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච, ඔමද්දකාරකො ච හොති වත්තෙසු, සික්ඛාය ච න පරිපූරකාරී. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බන්ති.
Sinhala BJT4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණක්හුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි. කවර පසෙකින් ද යත්: ලජ්ජා නැත්තේත් වෙයි, අඥාන වූයේත් වෙයි, ප්‍රකෘතියෙහි පිහිටි භික්‍ෂුත්‍වය නැත්තේත් වෙයි. සිකපද මඩිමින් ක්‍රියා කරන්නේත් වෙයි. වත්හිද සිඛයෙහි ද සම්පූර්‍ණ කිරීම් නැත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි.
Pali BJT5. සඞ්ගාමාවචරෙන භන්තෙ, භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමන්තෙන කති ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා සඞ්ඝො උපසඞ්කමිතබ්බොති.
Sinhala BJT5. වහන්ස, සඞ්ගාමාවචර (අධිකරණ විනිශ්චය පිණිස රැස් වූ සඞ්ඝයා වෙත එළඹෙන) මහණ විසින් කෙතෙක් කරුණු තම සිතෙහි එළවාගෙණ සඞ්ඝයා වෙත එළඹිය යුතු ද?
Pali BJTසඞ්ගාමාවචරෙන උපාලි, භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමන්තෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා සඞ්ඝො උපසඞ්කමිතබ්බො. කතමෙ පඤ්ච : සඞ්ගාමාවචරෙන උපාලි භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමන්තෙන නීචචිත්තෙන සඞ්ඝො උපසඞ්කමිතබ්බො රජොහරණ සමෙන චිත්තෙන, ආසනකුසලෙන භවිතබ්බං නිස්සජ්ජාකුසලෙන ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජන්තෙන නවෙ භික්ඛූ ආසනෙන අප්පටිබාහන්තෙන යථාපතිරූපෙ ආසනෙ නිසීදිතබ්බං, අනානාකථිකෙන භවිතබ්බං අතිරච්ඡානකථිකෙන, සාමං වා ධම්මො භාසිතබ්බො පරො වා අජ්ඣෙසිතබ්බො අරියො වා තුණ්හීභාවො නාතිමඤ්ඤිතබ්බො, සචෙ උපාලි, සඞ්ඝො සමග්ගකරණීයානි කම්මානි කරොති, තත්ර චෙ උපාලි, භික්ඛුනො නක්ඛමති අපි දිට්ඨාවීකම්මං කත්වා ඤාපෙතබ්බා සාමග්ගී. තං කිස්සහෙතු : මාහං සඞ්ඝෙන නානත්තො අස්සන්ති. සඞ්ගාමාවචරෙන උපාලි, භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමන්තෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා සඞ්ඝො උපසඞ්කමිතබ්බොති.
Sinhala BJTඋපාලි, සංග්‍රාමාවචර මහණ විසින් කරුණු පසක් තම සිතෙහි එළවා ගෙණ සඞ්ඝයා වෙත එළඹිය යුතුයි. කවර පසෙක් ද යත්: උපාලි, සඞ්ගාමාවචර මහණ විසින් පාපිස්නක් හා සම වූ නිහතමාන සිතින් යුතු වැ සඞ්ඝයා වෙත එළඹිය යුතු යැ. නිදොස් වැ හිඳීමෙහි දක්‍ෂවූවහු විසින් අසුනක් (තෝරා) ගැන්මෙහි සමත් වියයුතු යැ ස්ථවිර භික්‍ෂූන් නොගටමින් නවක භික්‍ෂූන් ආසනයෙන් බැහැර නොකරමින් (තමහට) සුදුසු අස්නෙකැ හින්ද යුතු යැ. තිරශ්චීන කථාවන් ගෙන් තොර වැ නානාවිධ අනර්‍ත්‍ථකථා නොකරන්නකු වියයුතු යැ. තමා හෝ දහමක් දෙසිය යුතු යැ අනෙකකුට හෝ ආරාධනා කටයුතු යැ ආර්‍ය්‍ය නිශ්ශබ්දභාවය හෝ නොඉක්ම වියයුතු යි. උපාලි, ඉදින් සඞ්ඝ තෙමේ සමග වූවන් විසින් කටයුතු වූ (උපෝසථාදි) කර්‍මයන් කෙරේ ද උපාලි, ඉදින් එහි දී (යම්කිසි) මහණක්හට එය රුචි නො වේ නම් ඇවැත් දෙසීමවත් කොට සමගිය එළවිය යුතු යි. ඊට හේතු කවරේ ද මම සඞ්ඝයාගෙන් වෙනස් වූ වෙම් නො වන්නෙමි, කියායි. උපාලි සඞ්ගාමාවචර මහණ විසින් මේ කරුණු පස තම සිත්හි පිහිටුවා ගෙණ සඞ්ඝයා වෙත එළඹිය යුතු යි.
Pali BJT6. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො චාති.
Sinhala BJT6. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, අධිකරණ විනිශ්චය කරන්නේ බොහෝදෙනාට අප්‍රියයෙක් වේ ද, බොහෝදෙනාගේ මන නොවඩන්නෙක් වේ ද, බොහෝදෙනාට රුචි නොවන්නෙක් වේ ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති, බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො ච. කතමෙහි පඤ්චහි : උස්සිතමන්තී ච හොති, නිස්සිතජප්පී ච න ච භාසානුසන්ධිකුසලො හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො ච.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ අධිකරණ විනිශ්චය කරන්නේ බොහෝදෙනාට අප්‍රියයෙක් වෙයි, බොහෝදෙනාගේ මන නොවඩන්නෙක් ද වෙයි, බොහෝදෙනාට රුචි නොවන්නෙක් ද වෙයි, කවර පසෙකින් ද යත්: තමා හුවා දක්වන කථා ඇත්තේත් වෙයි, අනුන් ඇසුරු කොට තමන් හුවා දක්වන කථා ඇත්තේත් වෙයි. කථානුසන්‍ධියෙහිත් විනිශ්චයානුසන්‍ධියෙහිත් දක්‍ෂ නො වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ නො වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) නො කරවන්නේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රියයෙක් ද වෙයි. බොහෝ දෙනාගේ මන නොවඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි නොවන්නෙක් ද වේ.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනකන්තො ච හොති, බහුජනමනාපො ච බහුජනඅරුචිතො ච. කතමෙහි පඤ්චහි : න උස්සිතමන්තී ච හොති, න නිස්සිතජප්පී ච, භාසානුසන්ධිකුසලො ච හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනකන්තො ච හොති. බහුජනමනාපො ච බහුජනරුචිතො ච.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රියයෙක් ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි වූවෙක් ද වෙයි. කවර පසෙකින් ද යත්: තමා හුවා දක්වන කථා නැත්තේ වෙයි. අනුන් ඇසුරු කොට තමා හුවා දක්වන කථා නැත්තේත් වෙයි. කථානුසන්‍ධියෙහිත් විනිශ්චයානුසන්‍ධියෙහිත් දක්‍ෂ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) කරවන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රියයෙක් ද වෙයි. බොහෝ දෙනාගේ මන වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි කරන්නෙක් ද වේ.
Pali BJT7. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො ච. කතමෙහි පඤ්චහි : උස්සාදෙතා හොති, අපසාදෙතා හොති, අධම්මං ගණ්හාති, ධම්මං පටිබාහති, සම්ඵං ච බහුං භාසති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො ච.
Sinhala BJT7. උපාලි, අනෙකුදු අඞ්ග පසකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රියයෙක් ද වෙයි, බොහෝ දෙනාගේ මන නො වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට අරුචි ද වෙයි. කවර පසෙකින් ද යත්: තම පක්‍ෂය හුවා දක්වන්නේ වෙයි, පර පක්‍ෂය හෙළා දක්වන්නේ වෙයි නො දැහැමි පක්‍ෂය ගණී, දැහැමි පක්‍ෂය දුරු කෙරෙයි, බොහෝ වැඩ නැති කථා කෙරෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රියයෙක් ද වෙයි, බොහෝ දෙනාගේ මන නො වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි ද නො වේ.
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනකන්තො ච හොති බහුජනමනාපො ච බහුජනරුචිතො ච. කතමෙහි පඤ්චහි : න උස්සාදෙතා ච හොති, න අපසාදෙතා හොති, ධම්මං ගණ්හාති, අධම්මං පටිබාහති, සම්ඵඤ්ච න බහුං භාසති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බහුජනකන්තො ච හොති බහුජනමනාපො ච බහුජනරුචිතො ච.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාට රුචි ද වේ. කවර පසෙකින් ද යත්: තමා උසස් කොට කථා කරන්නේත් නො වෙයි, (අනුන්) පහත් කොට කථා කරන්නේත් නො වෙයි, දැහැමි පක්‍ෂය ගණී, නො දැහැමි පක්‍ෂය දුරු කෙරෙයි, බොහෝ වැඩ නැති කථා නො කරයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බොහෝ දෙනාට ප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාට රුචි ද වේ.
Pali BJT8. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො ච. කතමෙහි පඤ්චහි : පසය්හපවත්තා හොති, අනොකාසකම්මං කාරෙත්වා පවත්තා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති, න යථාදිට්ඨියා බ්යාකත්තා හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො ච.
Sinhala BJT8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන නො වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාට රුචි ද නො වේ. කවර පසෙකින් ද යත්: බලාත්කාරයෙන් කථා කරන්නේ වෙයි, අවසර නො ගෙණ කථා කරන්නේත් වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා නො කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) නො කරවන්නේ වෙයි, (තමාගේ) දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්‍රකාශ නො කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන නො වඩන්නේ ද වෙයි. බොහෝ දෙනාට රුචි ද නො වේ.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනකන්තො ච හොති බහුජනමනාපො ච බහුජනරුචිතො ච. කතමෙහි පඤ්චහි : න පසය්හපවත්තා හොති, ඔකාසකම්මං කාරෙත්වා පවත්තා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති, යථාදිට්ඨියා බ්යාකත්තා හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනකන්තො ච හොති බහුජනමනාපො ච බහුජනරුචිතො චාති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාට රුචි ද වේ. කවර පසෙකින් ද යත්: බලාත්කාරයෙන් කථා නොකරන්නේත් වෙයි. අවසර ගෙණ කථා කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) කරවන්නේ වෙයි, (තමාගේ) දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්‍රකාශ කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාහට රුචි ද වේ.
Pali BJT9. කති නු ඛො භන්තෙ, ආනිසංසා විනයපරියත්තියාති?
Sinhala BJT9. වහන්ස, විනය හැදෑරීමෙහි අනුසස් කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි, ආනිසංසා විනයපරියත්තියා. කතමෙ පඤ්ච : අත්තනො සීලක්ඛන්ධො සුගුත්තො හොති සුරක්ඛිතො, කුක්කුච්චපකතානං පටිසරණං හොති, විසාරදො සඞ්ඝමජ්ඣෙ වොහරති, පච්චත්ථිකෙ සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගණ්හාති, සද්ධම්මට්ඨිතියා පටිපන්නො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චානිසංසා විනයපරියත්තියාති.
Sinhala BJTඋපාලි, විනයහැදෑරීමෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක් ද යත්: තමාගේ ශීලස්කන්‍ධය මනා වැ රක්නා ලද්දේ මනා වැ ගෝපනය කරණ ලද්දේ වෙයි, කුකුසින් මඩනා ලද්දවුන්ට පිළිසරණ වෙයි. නිර්භීත වූයේ වෙයි, සඟ මැද ව්‍යවහාර කෙරෙයි, (තමහට පසමිතුරු යැ සසුනට පසමිතුරු යැ යන දෙවැදෑරුම්) පසමිතුරනට කරුණු සහිතව කීමෙන් මොනවට නිග්‍රහ කරන්නේ වෙයි, (ත්‍රිවිධ) ශාසනයාගේ තිරකල් පැවැත්ම පිණිස පිළිපන්නේ වේ. උපාලි, විනය හැදෑරීමෙහි මේ අනුසස් පසයි.
Pali BJTන පටිප්පස්සම්භනවග්ගො දුතියො.
Sinhala BJTදෙවන න පටිප්පසම්භන වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. ආපන්නො යාය වණ්ණඤ්ච අලජ්ජී සඞ්ගාමෙන ච, උස්සිතා උස්සාදෙතා ච පසය්හපරියත්තියාති.
Sinhala BJT1. ආපන්න යැ යායවණ්ණ යැ අලජ්ජී යැ සඞ්ගාමාවචරය සමග උස්සිතා යැ උස්සාදෙතා යැ පසය්හ යැ පරියත්ති යැ යි.
Pali BJTපඨමයමකපඤ්ඤත්ති.
Sinhala BJTපළමුවන යමක පඤ්ඤත්තිය යි.
Pali BJT3. වොහාරවග්ගො
Sinhala BJT3. වෝහාර වර්‍ගය
Pali BJT1. කතීහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බන්ති?
Sinhala BJT1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නොකටයුතු ද ?
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තිං න ජානාති, ආපත්තිසමුට්ඨානං න ජානාති, ආපත්තියා පයොගං න ජානාති, ආපත්තියා වූපසමං න ජානාති, ආපත්තියා න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ, විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ඇවැත නො දනී, ඇවැත් නැගීම නො දනියි, ඇවැත පිළිබඳ කායවාග් ප්‍රයෝගය නො දනියි, ඇවැත පිළිබඳ සන්හිඳීම නො දනියි, ඇවැත පිළිබඳ විනිශ්චයෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං, කතමෙහි පඤ්චහි : ආපත්තිං ජානාති, ආපත්තිසමුට්ඨානං ජානාති, ආපත්තියා පයොගං ජානාති, ආපත්තියා වූපසමං ජානාති, ආපත්තියා විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි, කවර පසෙකින් ද යත්: ඇවැත දනියි, ඇවැත් නැගීම දනියි. ඇවැත පිළිබඳ කාය වාග් ප්‍රයෝගය දනියි, ඇවැත පිළිබඳ සන්හිඳීම දනියි, ඇවැත පිළිබඳ විනිශ්චයෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
Pali BJT2. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : අධිකරණං න ජානාති, අධිකරණසමුට්ඨානං න ජානාති, අධිකරණස්ස පයොගං න ජානාති, අධිකරණස්ස වූපසමං න ජානාති, අධිකරණස්ස න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
Sinhala BJT2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි, කවර පසෙකින යත්: අධිකරණය නො දනියි, අධිකරණ සමුට්ඨානය නො දනියි, අධිකරණය පිළිබඳ ප්‍රයෝගය නො දනියි, අධිකරණය පිළිබඳ සන්හිඳීම නො දනියි, අධිකරණය විසඳීමෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ, විනිශ්චය නො කටයුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : අධිකරණං ජානාති, අධිකරණසමුට්ඨානං ජානාති, අධිකරණස්ස පයොගං ජානාති, අධිකරණස්ස වූපසමං ජානාති, අධිකරණස්ස විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: අධිකරණය දනියි, අධිකරණ සමුට්ඨානය දනියි, අධිකරණය පිළිබඳ ප්‍රයෝගය දනියි, අධිකරණය පිළිබඳ සන්හිඳීම දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
Pali BJT3. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : පසය්හ පවත්තා හොති, අනොකාසකම්මං කාරෙත්වා පවත්තා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති, න යථාදිට්ඨියා බ්යාකතා හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
Sinhala BJT3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ, විනිශ්චය නො කටයුතු යි, කවර පසෙකින යත්: මෙරමා ලාහෙළා කථා කරන්නේ වෙයි, අවසර නොගෙන කථා කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා නොකරන්නේ වෙයි. ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) නොකරන්නේ වෙයි. (ස්වකීය) දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්‍රකාශ නොකරන්නේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : න පසය්හ පවත්තා හොති, ඔකාසකම්මං කාරෙත්වා පවත්තා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති, යථාදිට්ඨියා බ්යාකතා හොති – ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ලාහෙලා කථා නො කරන්නේ වෙයි. අවසර ගෙණ කථා කරන්නේ වෙයි. ධර්‍මය වූ පරිද්දෙන්, විනය වූ පරිද්දෙන්, ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි. ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) කරවන්නේ වෙයි. දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්‍රකාශ කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
Pali BJT4. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, සප්පටිකම්මං අප්පටිකම්මං ආපත්තිං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
Sinhala BJT4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ, විනිශ්චය නො කටයුතුයි. කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත නො දනියි, ලුහු ගුරු ඇවැත නො දනියි, සාවසේස අනවසේස ඇවැත නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත නො දනියි, ප්‍රතිකර්‍ම සහිත වූ ද ප්‍රතිකර්‍ම රහිත වූ ද ඇවැත නො දනියි, උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, සප්පටිකම්මං අප්පටිකම්මං ආපත්තිං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත දනියි, ලුහු ගුරු ඇවැත දනියි, සාවසේස අනවසේස ඇවැත දනියි, තුළුල් නො තුළුල් ඇවැත දනියි, ප්‍රතිකර්‍ම සහිත වූ ද ප්‍රතිකර්‍ම රහිත වූ ද ඇවැත දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සංඝයා අතරැ, විනිශ්චය කටයුතු යි.
Pali BJT5. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : කම්මං න ජානාති, කම්මස්ස කරණං න ජානාති, කම්මස්ස වත්ථුං න ජානාති, කම්මස්ස වත්තං න ජානාති, කම්මස්ස වූපසමං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
Sinhala BJT5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: කර්‍මය නො දනියි, කර්‍මය කිරීම නො දනියි, කර්‍මය පිළිබඳ වස්තුව නො දනියි, කර්‍මය පිළිබඳ වත නො දනියි, කර්‍මය පිළිබඳ සන්හිඳීම නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : කම්මං ජානාති, කම්මස්ස කරණං ජානාති, කම්මස්ස වත්ථුං ජානාති, කම්මස්ස වත්තං ජානාති, කම්මස්ස වූපසමං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: කර්‍මය දනියි, කර්‍මය කිරීම දනියි, කර්‍මය පිළිබඳ වස්තුව දනියි. කර්‍මය පිළිබඳ වත දනියි, කර්‍මය පිළිබඳ සන්හිඳීම දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
Pali BJT6. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : වත්ථුං න ජානාති, නිදානං න ජානාති, පඤ්ඤත්තිං න ජානාති, පදපච්චාභට්ඨං න ජානාති, අනුසන්ධිවචනපථං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
Sinhala BJT6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඳප්ති නො දනියි, පද පෙරළිය නො දනියි, ගැළපෙන වදන් මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, පදපච්චාභට්ඨං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති, ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කට යුතු යි. කවර පසෙකින් ද යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, පද පෙරළිය දනියි, ගැළපෙන වදන් මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
Pali BJT7. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අලජ්ජී ච හොති ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
Sinhala BJT7. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, ලජ්ජා නැත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, ලජ්ජී ච හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, ලජ්ජා ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
Pali BJT8. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අකුසලො ච හොති විනයෙ. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
Sinhala BJT8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, විනයෙහි අදක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, කුසලො ච හොති විනයෙ. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතුයි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. බියෙන් අගතියට නො යෙයි. විනයෙහි දක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
Pali BJT9. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ඤත්තිං න ජානාති, ඤත්තියා කරණං න ජානාති, ඤත්තියා අනුසාවණං න ජානාති, ඤත්තියා සමථං න ජානාති, ඤත්තියා වූපසමං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
Sinhala BJT9. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ඤත්තිය නො දනියි, ඤත්තිකරණය නො දනියි, ඤත්තිය පිළිබඳ අනුසාවණය නො දනියි, ඤත්තිය පිළිබඳ ශමථය නො දනියි, ඤත්තිය පිළිබඳ සන්හිඳීම නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් වූ මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ඤත්තිං ජානාති, ඤත්තියා කරණං ජානාති, ඤත්තියා අනුසාවණං ජානාති, ඤත්තියා සමථං ජානාති, ඤත්තියා වූපසමං ජානාති.– ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ඤත්තිය දනියි, ඤත්තිකරණය දනියි. ඤත්තිය පිළිබඳ අනුසාවණය දනියි, ඤත්තිය පිළිබඳ ශමථය දනියි, ඤත්තිය පිළිබඳ සන්හිඳීම දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
Pali BJT10. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : සුත්තං න ජානාති, සුත්තානුලොමං න ජානාති, විනයං න ජානාති, විනයානුලොමං න ජානාති, න ච ඨානාඨානකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
Sinhala BJT10. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: සූත්‍රය නො දනියි, සූත්‍රානුලෝමය නො දනියි, විනය නො දනියි, විනයානුලෝමය නො දනියි, කරුණු නො කරුණු දෙක්හි දක්‍ෂ වූයේත් නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : සුත්තං ජානාති. සුත්තානුලොමං ජානාති. විනයං ජානාති., විනයානුලොමං ජානාති, ඨානාඨානකුසලො ච හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: සූත්‍රය දනී, සූත්‍රානුලෝමය දනියි, විනය දනියි, විනයානුලෝමය දනියි, කරුණු නො කරුණු දෙක්හි දක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
Pali BJT11. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ධම්මං න ජානාති, ධම්මානුලොමං න ජානාති, විනයං න ජානාති, විනයානුලොමං න ජානාති, න ච පුබ්බාපරකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
Sinhala BJT11. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ධර්‍මය නො දනියි, ධර්‍මානුලොමය නො දනියි, විනය නො දනියි, විනයානුලෝමය නො දනියි, පෙරැ පසු කථාවන්හි දක්‍ෂ වූයේත් නො වේ. උපාලි, මේ අඞ්ග දෙපසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ධම්මං ජානාති, ධම්මානුලොමං ජානාති, විනයං ජානාති, විනයානුලොමං ජානාති, පුබ්බාපරකුසලො ච හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බන්ති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින් ද යත්: ධර්‍මය දනියි, ධර්‍මානුලොමය දනියි, විනය දනියි, විනයානු ලෝමය දනියි, පෙරැ පසු කථාවන්හි දක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
Pali BJTවොහාරවග්ගො තතියො.
Sinhala BJTතෙවන වෝහාර වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTආපත්ති අධිකරණං, පසය්හාපත්ති ජානතා,{1} කම්මං වත්ථුං අලජ්ජී ච අකුසලො ච ඤත්තියා; සුත්තං න ජානාති ධම්මං තතියො වග්ගසඞ්ගහොති.
Sinhala BJTආපත්ති යැ, අධිකරණ යැ, පසය්හ යැ, ආපත්තිජානන යැ, කර්‍ම යැ, වස්තු යැ, අලජ්ජි යැ, අකුසල යැ, ඤත්ති යැ, සුත්තං න ජානාති යැ, ධම්මං න ජානාති යැ, (යන මේ) තුන්වන වර්‍ග සඞ්ග්‍රහය වේ.
Pali BJT4. දිට්ඨාවීකම්මවග්ගො
Sinhala BJT4. දිට්ඨාවිකර්‍ම වර්‍ගය
Pali BJT1. කති නු ඛො භන්තෙ, අධම්මිකා දිට්ඨාවීකම්මාති?
Sinhala BJT1. වහන්ස, නො දැහැමි දිට්ඨාවීකම්ම (ඇවැත් දෙසීම්) කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි, අධම්මිකා දිට්ඨාවීකම්මා. කතමෙ පඤ්ච : අනාපත්තියා දිට්ඨිං ආවීකරොති, අදෙසනාගාමිනියා ආපත්තියා දිට්ඨිං ආවීකරොති, දෙසිතාය ආපත්තියා දිට්ඨිං ආවීකරොති, චතූහි පඤ්චහි දිට්ඨිං ආවීකරොති, මනො මානසෙන දිට්ඨිං ආවීකරොති. ඉමෙ ඛො උපාලි පඤ්ච අධම්මිකා දිට්ඨාවීකම්මා.1
Sinhala BJTඋපාලි, මේ නොදැහැමි දිට්ඨාවීකම්ම පසෙකි. කවර පසෙකැ යත්: අනාපත්තියෙහි (ඇවැතැයි) ඇවැත දෙසයි, දේසනාගාමිනී නොවූ ගරු ඇවැතෙහි ඇවැත දෙසයි. දෙසූ ඇවතෙහි (යළි) ඇවැත දෙසයි, හතර පස් දෙනෙකුන් හා (එකතුව) ඇවැත දෙසයි, (වාග්භේද නො කොට) සිතීමෙන් මැ ඇවැත දෙසයි. උපාලි, මේ නො දැහැමි ඇවැත් දෙසීම් පස යි.
Pali BJTපඤ්චිමෙ උපාලි, ධම්මිකා දිට්ඨාවීකම්මා. කතමෙ පඤ්ච : ආපත්තියා දිට්ඨිං ආවීකරොති, දෙසනාගාමිනියා ආපත්තියා දිට්ඨිං ආවීකරොති, අදෙසිතාය ආපත්තියා දිට්ඨිං ආවීකරොති, න චතූහි පඤ්චහි දිට්ඨිං ආවීකරොති, න මනො මානසෙන දිට්ඨිං ආවීකරොති. ඉමෙ ඛො උපාලි, පඤ්ච ධම්මිකා දිට්ඨාවීකම්මා.
Sinhala BJTඋපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පසෙකි. කවර පසෙකැ යත්: ඇවැතෙහි ඇවැත දෙසයි, දේසනාගාමිනී ඇවැතෙහි ඇවැත දෙසයි, නො දෙසූ ඇවතෙහි ඇවැත දෙසයි, සතර පස් දෙනෙකුන් හා නොම එකතුව ඇවැත දෙසයි, සිතීමෙන් ම නො වැ වාග්භේද කොට ඇවැත දෙසයි. උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පස යි.
Pali BJT2. අපරෙපි උපාලි, පඤ්ච අධම්මිකා දිට්ඨාවීකම්මා. කතමෙ පඤ්ච : නානාසංවාසකස්ස සන්තිකෙ දිට්ඨිං ආවීකරොති, නානාසීමාය ඨිතස්ස සන්තිකෙ දිට්ඨිං ආවීකරොති, අපකතත්තස්ස සන්තිකෙ දිට්ඨිං ආවීකරොති, චතූහි පඤ්චහි දිට්ඨිං ආවීකරොති, මනො මානසෙන දිට්ඨිං ආවීකරොති. ඉමෙ ඛො උපාලි පඤ්ච අධම්මිකා දිට්ඨාවීකම්මා.
Sinhala BJT2. උපාලි, අනෙකුදු නොදැහැමි ඇවැත් දෙසීම් පසෙකි, කවර පසෙක යත්: (ලබ්ධි වශයෙන් හෝ කර්‍ම වශයෙන් හෝ) නානා සංවාසකයකු හමුවෙහි ඇවැත් දෙසයි, නානා සීමාවෙහි සිටියහු හමුවෙහි ඇවැත් දෙසයි, ප්‍රකෘත නොවූ මහණක්හු (උඛෙවුනීකම් කරණ ලද්දහු හෝ පොහෝ පවුරුණු තබන ලද්දහු) හමුවෙහි ඇවැත දෙසයි. සතර පස් දෙනෙකුන් හා කැටිවැ ඇවැත දෙසයි, (වාග්භේද නොකොට) සිතීමෙන් ම ඇවැත දෙසයි. උපාලි, මේ නො දැහැමි ඇවැත් දෙසීම් පස යි.
Pali BJTපඤ්චිමෙ උපාලි, ධම්මිකා දිට්ඨාවීකම්මා. කතමෙ පඤ්ච : සමානසංවාසකස්ස සන්තිකෙ දිට්ඨිං ආවීකරොති, සමාන සීමාය ඨිතස්ස සන්තිකෙ දිට්ඨිං ආවීකරොති, පකතත්තස්ස සන්තිකෙ දිට්ඨිං ආවීකරොති, න චතූහි පඤ්චහි දිට්ඨිං ආවීකරොති, න මනො මානසෙන දිට්ඨිං ආවීකරොති. ඉමෙ ඛො උපාලි, පඤ්ච ධම්මිකා දිට්ඨාවීකම්මාති.
Sinhala BJTඋපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පසෙකි, කවර පසෙකැ යත්: සමානසංවාසකයකු හමුයෙහි ඇවැත දෙසයි, සමාන සීමාවෙහි සිටියහු හමුයෙහි ඇවැත දෙසයි, ප්‍රකෘත මහණක්හු හමුවෙහි ඇවැත දෙසයි, සතර පස් දෙනෙකුන් හා නොම එකතුව ඇවැත දෙසයි, සිතීමෙන් මැ නොවැ වාග්භේද කොට මැ ඇවැත දෙසයි. උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පස යි.
Pali BJT3. කති නු ඛො භන්තෙ, අධම්මිකා පටිග්ගහාති?
Sinhala BJT3. වහන්ස, නොදැහැමි පිළිගැණුම් කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි, අධම්මිකා පටිග්ගහා. කතමෙ පඤ්ච : කායෙන දීයමානං කායෙන අපටිග්ගහිතං, කායෙන දීයමානං කායපටිබද්ධෙන අපටිග්ගහිතං, කායපටිබද්ධෙන දීයමානං කායෙන අපටිග්ගහිතං, කායපටිබද්ධෙන දීයමානං කායපටිබද්ධෙන අපටිග්ගහිතං, නිස්සග්ගියෙන දීයමානං කායෙන වා කායපටිබද්ධෙන වා අපටිග්ගහිතං. ඉමෙ ඛො උපාලි, පඤ්ච අධම්මිකා පටිග්ගහා.
Sinhala BJTඋපාලි, මේ නොදැහැමි පිළිගැණුම් පසෙකි, කවර පසෙකැ යත්: (මෙරමා) කයින් දෙනු ලබන්නක් (තමාගේ) කයින් නොපිළිගන්නා ලද්ද යැ, (මෙරමා) කයින් දෙනු ලබන්නක් (තමාගේ) කය පිළිබැදියකින් නොපිළිගන්නා ලද්ද යැ, (මෙරමා) කය පිළිබැදියකින් දෙනු ලබන්නක් (තමාගේ) කයින් නොපිළිගන්නා ලද්ද යැ, (මෙරමා කය පිළිබැදියකින් දෙනු ලබන්නක් (තමාගේ) කය පිළිබැදියකින් නොපිළිගන්නා ලද්ද යැ, නිසැදුමෙන් දෙනු ලබන්නක් (තමාගේ) කයින් හෝ කය පිළිබැදියකින් හෝ නොපිළිගන්නා ලද්ද යි. උපාලි, මේ නොදැහැමි පිළිගැණුම් පස යි.
Pali BJTපඤ්චිමෙ උපාලි, ධම්මිකා පටිග්ගහා. කතමෙ පඤ්ච : කායෙන දීයමානං කායෙන පටිග්ගහිතං, කායෙන දීයමානං කායපටිබද්ධෙන පටිග්ගහිතං, කායපටිබද්ධෙන දීයමානං කායෙන පටිග්ගහිතං, කායපටිබද්ධෙන දීයමානං කායපටිබද්ධෙන පටිග්ගහිතං, නිස්සග්ගියෙන දීයමානං කායෙන වා කායපටිබද්ධෙන වා පටිග්ගහිතං. ඉමෙ ඛො උපාලි, පඤ්ච ධම්මිකා පටිග්ගහාති.
Sinhala BJTඋපාලි, මේ දැහැමි පිළිගැණුම් පසෙකි, කවර පසෙක යත්: කයින් දෙනු ලබන්නක් කයින් පිළිගන්නා ලද්ද යැ, කයින් දෙනු ලබන්නක් කය පිළිබැදියකින් පිළිගන්නා ලද්ද යැ, කය පිළිබැදියකින් දෙනු ලබන්නක් කයින් පිළිගන්නා ලද්ද යැ, (මෙරමා) කය පිළිබැදියකින් දෙනු ලබන්නක් (තමාගේ) කය පිළිබැදියකින් පිළිගන්නා ලද්ද යැ, නිසැදුමෙන් දෙනු ලබන්නක් කයින් හෝ කය පිළිබැදියකින් හෝ පිළිගන්නා ලද්ද යැ. උපාලි, මේ දැහැමි පිළිගැණුම් පස යි.
Pali BJT4. කති නු ඛො භන්තෙ, අනතිරිත්තාති?
Sinhala BJT4. වහන්ස, අනතිරික්ත කෙතෙක් ද ?
Pali BJTපඤ්චිමෙ උපාලි; අනතිරිත්තා. කතමෙ පඤ්ච : අකප්පියකතං හොති, අපටිග්ගහිතකතං හොති අනුච්චාරිතකතං හොති, අහත්ථපාසෙ කතං හොති, අලමෙතං සබ්බන්ති අවුත්තං හොති. ඉමෙ ඛො උපාලි, පඤ්ච අනතිරිත්තා.
Sinhala BJTඋපාලි, මේ අනතිරික්ත පසෙකි, කවර පසෙක යත්: කැප නොකරණ ලද වෙයි, පිළිගැන්ම නොකරණලද වෙයි, ඔසවාපෑම නොකරණලද වෙයි, අත්පස්හි නොකරණ ලද වෙයි, මේ සියල්ල සෑහේ යැ යි (වාග්භේද කොට) නො කියන ලද වේ. උපාලි, මේ අනතිරික්ත පස යි.
Pali BJTපඤ්චිමෙ උපාලි, අතිරිත්තා. කතමෙ පඤ්ච : කප්පියකතං හොති, පටිග්ගහිතකතං හොති, උච්චාරිතකතං හොති, හත්ථපාසෙ කතං හොති, අලමෙතං සබ්බන්ති වුත්තං හොති. ඉමෙ ඛො උපාලි, පඤ්ච අතිරිත්තාති.
Sinhala BJTඋපාලි, මේ අතිරික්ත පසෙකි, කවර පසෙක යත්: කැප කරණලද වෙයි, පිළිගැන්ම කරණලද වෙයි, ඔසවා පෑම කරණලද වෙයි, අත්පස්හි කරණලද වෙයි, මේ සියල්ල සෑහේ යැ යි කියනලද වේ. උපාලි, මේ අතිරික්ත පස යි.
Pali BJT5. කතීහි නු ඛො භන්තෙ, ආකාරෙහි පවාරණා පඤ්ඤායතීති?
Sinhala BJT5. වහන්ස, කෙතෙක් අයුරින් පවාරණය පැණේ ද ?
Pali BJTපඤ්චහුපාලි, ආකාරෙහි පවාරණා පඤ්ඤායති. කතමෙහි පඤ්චහි : අසනං පඤ්ඤායති, භොජනං පඤ්ඤායති, හත්ථපාසෙ ඨිතො, අභිහරති, පටික්ඛෙපො පඤ්ඤායති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහාකාරෙහි පවාරණා පඤ්ඤායතීති.
Sinhala BJTඋපාලි, පස් අයුරකින් පවාරණය පැණෙයි. කවර පසෙකින යත්:-(අඩාළ) බොජුන පැණෙයි, (පස් බොජුන් අතුරෙන්) එක් බොජුනෙක් පැණෙයි, (දෙරියන් වියත්) අත්පසෙහි සිටියේ වෙයි. (කයින්) එළවයි, (කයින් වචනින්) පිළිකෙව් කිරීම පැණේ. උපාලි, මේ පස් අයුරින් පවාරණය පැණෙයි.
Pali BJT6. කති නු ඛො භන්තෙ, අධම්මිකා පටිඤ්ඤාතකරණාති?
Sinhala BJT6. වහන්ස, නොදැහැමි ප්‍රතිඥාතකරණ කෙතෙක් ද?
Pali BJTපඤ්චිමෙ උපාලි, අධම්මිකා පටිඤ්ඤාතකරණා. කතමෙ පඤ්ච : භික්ඛු පාරාජිකං අජ්ඣාපන්නො හොති, පාරාජිකෙන චොදියමානො සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නොති පටිජානාති, තං සඞ්ඝො සඞ්ඝාදිසෙසෙන කාරෙති, අධම්මිකං පටිඤ්ඤාතකරණං. භික්ඛු පාරාජිකං අජ්ඣාපන්නො හොති, පාරාජිකෙන චොදියමානො පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ-
Sinhala BJTඋපාලි, මේ නොදැහැමි ප්‍රතිඥාතකරණ පසෙකි, කවර පසෙක යත්: මහණ පරිජි අවන් වෙයි, පරිජි ඇවතින් චෝදනා කරණු ලබන කල්හි සඟවෙසෙස් අවන්මි යි පිළින කෙරෙයි, සඞ්ඝ තෙමේ ඔහුට සඟවෙසෙසින් විනය කර්‍ම කරවා නම් (එය) අධම්මික පටිඤ්ඤාතකරණ යැ. මහණ පරිජි අවන් වෙයි, පරිජි ඇවතින් චෝදනා කරණු ලබන කල්හි පචිති ඇවැත් ... පිළිදෙස්නී ඇවැත් ...
Pali BJTදුක්කටං අජ්ඣාපන්නො පටිජානාති, තං සඞ්ඝො දුක්කටෙන කාරෙති, අධම්මිකං පටිඤ්ඤාතකරණං. භික්ඛු සඞ්ඝාදිසෙසං -පෙ- පාචිත්තියං පාටිදෙසනීයං -පෙ- දුක්කටං අජ්ඣාපන්නො හොති, දුක්කටෙන චොදියමානෙ පාරාජිකං අජ්ඣාපන්නො පටිජානාති, තං සඞ්ඝො පාරාජිකෙන කාරෙති, අධම්මිකං පටිඤ්ඤාතකරණං. භික්ඛු දුක්කටං අජ්ඣාපන්නො හොති, දුක්කටෙන චොදියමානො සඞ්ඝාදිසෙසං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං අජ්ඣාපන්නො පටිජානාති, තං සඞ්ඝො පාටිදෙසනීයෙන කාරෙති, අධම්මිකං පටිඤ්ඤාතකරණං. ඉමෙ ඛො උපාලි, පඤ්ච අධම්මිකා පටිඤ්ඤාතකරණා.
Sinhala BJTදුකුළා ඇවැත් අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා දුකුළා ඇවැතින් විනයකර්‍ම කරවා නම් (එය) අධම්මික පටිඤ්ඤාතකරණ යැ. මහණ සඟවෙසෙස් ඇවැත් ... පචිති ඇවැත් ... පිළිදෙස්නී ඇවැත් ... දුකුළා ඇවැත් අවන් වෙයි, දුකුළා ඇවැතින් චෝදනා කරණු ලබන කල්හි පරිජි අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා පරිජි ඇවැතින් විනය කර්‍ම කරවා නම් (එය) අධම්මික පටිඤ්ඤාතකරණ යැ. මහණ දුකුළා ඇවැත් අවන් වෙයි, දුකුළා ඇවැතින් චෝදනා කරණු ලබන කල්හි සඟවෙසෙස් ඇවැත් ... පචිති ඇවැත් ... පිළිදෙස්නී ඇවැත් අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා පිළිදෙස්නී ඇවැතින් විනයකර්‍ම කරවා නම් (එය) අධම්මිකපටිඤ්ඤාතකරණ යි. උපාලි, මේ අධම්මිකපටිඤ්ඤාතකරණ පස යි.
Pali BJTපඤ්චිමෙ උපාලි, ධම්මිකා පටිඤ්ඤාතකරණා. කතමෙ පඤ්ච : භික්ඛු පාරාජිකං අජ්ඣාපන්නො හොති, පාරාජිකෙන චොදියමානො පාරාජිකං අජ්ඣාපන්නො පටිජානාති. තං සඞ්ඝො පාරාජිකෙන කාරෙති, ධම්මිකං පටිඤ්ඤාතකරණං. භික්ඛු සඞ්ඝාදිසෙසං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං අජ්ඣාපන්නො හොති, දුක්කටෙන චොදියමානෙ දුක්කටං අජ්ඣාපන්නො පටිජානාති, තං සඞ්ඝො දුක්කටෙන කාරෙති, ධම්මිකං පටිඤ්ඤාතකරණං. ඉමෙ ඛො උපාලි, පඤ්ච ධම්මිකා පටිඤ්ඤාතකරණාති.
Sinhala BJTඋපාලි, මේ ධම්මිකපටිඤ්ඤාතකරණ පසෙකි. කවර පසෙක් ද යත්: මහණ පරිජි ඇවැත් අවන් වෙයි, පරිජි ඇවැතින් චෝදනා කරණු ලබන කල්හි පරිජි අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා පරිජි ඇවැතින් විනයකර්‍ම කරවා නම් (එය) ධම්මිකපටිඤ්ඤාතකරණ යැ, මහණ සඟවෙසෙස් ඇවැත් ... පචිති ඇවැත් ... පිළිදෙස්නී ඇවැත් ... දුකුළා ඇවැත් අවන් වෙයි, දුකුළා ඇවැතින් චෝදනා කරණු ලබන කල්හි දුකුළා ඇවැත් අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා දුකුළා ඇවැතින් විනයකර්‍ම කරවා නම් (එය) ධම්මිකපටිඤ්ඤාතකරණ යි. උපාලි, මේ ධම්මිකපටිඤ්ඤාතකරණ පස යි.
Pali BJT7. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුන්ති?
Sinhala BJT7. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නො නිසි ද?
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුං, කතමෙහි පඤ්චහි : අලජ්ජී ච හොති, බාලො ච අපකතත්තො ච, චාවනාධිප්පායො වත්තා හොති, නො වුට්ඨානාධිප්පායො. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුං.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාස කර්‍මය කරන්නට නො නිසි වෙයි. කවර පසෙකිනැ යත්: අලජ්ජීත් වෙයි, අඥාන වූයේත් වෙයි, අප්‍රකෘත වූයේත් වෙයි, සසුනෙන් පහ කරවනු කැමැති ව කියනුයේ වෙයි, (ඇවැතින්) නගා සිටුවන අදහස් ඇති වැ නො කියනුයේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට සුදුසු නො වේ.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස අලං ඔකාසකම්මං කාතුං. කතමෙහි පඤ්චහි : ලජ්ජී ච හොති, පණ්ඩිතො ච, පකතත්තො ච, වුට්ඨානාධිප්පායො වත්තා හොති, නො චාවනාධිප්පායො. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස අලං ඔකාසකම්මං කාතු”න්ති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුත් ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට සුදුසු වෙයි. කවර පසෙකිනැ යත්: ලජ්ජීත් වෙයි, නුවණැත්තේත් වෙයි, ප්‍රකෘත වූයේත් වෙයි, (ඇවැතින්) නගා සිටුවන අදහස් ඇති වැ කියනුයේත් වෙයි, සස්නෙන් පහ කරවන අදහස් නැත්තේත් වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට සුදුසු වේ.
Pali BJT8. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං විනයො න සාකච්ඡිතබ්බොති?
Sinhala BJT8. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු සමඟ විනය සාකච්ඡා නො කටයුතු ද ?
Pali BJTපඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං විනයො න සාකච්ඡාතබ්බො, කතමෙහි පඤ්චහි : වත්ථුං න ජානාති, නිදානං න ජානාති, පඤ්ඤත්තිං න ජානාති, පදපච්චාභට්ඨං න ජානාති, අනුසන්ධිවචනපථං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං විනයො න සාකච්ඡාතබ්බො.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග විනය සාකච්ඡා නො කටයුතු යි. කවර පසෙකින් ද යත්: (ඇවැත් පිළිබඳ) වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඥප්තිය නො දනියි, පදපෙරළිය නො දනියි, ගැළපෙන වදන්මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග විනය සාකච්ඡා නො කටයුතු යි.
Pali BJTපඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං විනයො සාකච්ඡාතබ්බො. කතමෙහි පඤ්චහි : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, පදපච්චාභට්ඨං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං විනයො සාකච්ඡාතබ්බොති.
Sinhala BJTඋපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග විනය සාකච්ඡා කටයුතු යි. කවර පසෙකිනැ යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, පදපෙරැළිය දනියි, ගැළපෙන වදන්මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග විනය සාකච්ඡා කටයුතු යි.
Pali BJT9. කති නු ඛො භන්තෙ, පඤ්හාපුච්ඡාති?
Sinhala BJT9. වහන්ස, පැණ පිළිවිසීම් කෙතෙක් ද ?