Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3301-3400 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5. කත්ථ තෙ දිට්ඨන්ති : ඨානපුච්ඡා, භූමිපුච්ඡා, ඔකාසපුච්ඡා, පදෙසපුච්ඡා.
Sinhala BJT5. “තොප විසින් කොතන්හි දක්නාලද ද” යනු: ස්ථානපෘච්ඡා යැ, භූමිපෘච්ඡා යැ, අවකාශපෘච්ඡා යැ, ප්‍රදේශපෘච්ඡා යි.
Pali BJTඨානපුච්ඡාති : භූමියා වා පඨවියා වා ධරණියා වා ජගතියා වා.
Sinhala BJTස්ථානපෘච්ඡා නම් බිමැ හෝ පොළොවෙහි හෝ දෙරණෙහි හෝ මිහිපිට හෝ යැ.
Pali BJTභූමිපුච්ඡාති : භූමියා වා පඨවියා වා පබ්බතෙ වා පාසාණෙ වා පාසාදෙ වා.
Sinhala BJTභූමිපෘච්ඡා නම්: බිමැ හෝ පොළොවෙහි හෝ පව්වෙහි හෝ පහණෙහි හෝ පහයෙහි හෝ යැ.
Pali BJTඔකාසපුච්ඡාති : පුරත්ථිමෙ වා ඔකාසෙ පච්ඡිමෙ වා ඔකාසෙ උත්තරෙ වා ඔකාසෙ දක්ඛිණෙ වා ඔකාසෙ.
Sinhala BJTඅවකාශපෘච්ඡා නම්: පූර්‍වදිග අවකාශයෙහි හෝ පශ්චිමදිග අවකාශයෙහි හෝ උත්තරදිග අවකාශයෙහි හෝ දක්‍ෂිණදිග අවකාශයෙහි හෝ යැ.
Pali BJTපදෙසපුච්ඡාති : පුරත්ථිමෙ වා පදෙසෙ පච්ඡිමෙ වා පදෙසෙ උත්තරෙ වා පදෙසෙ දක්ඛිණෙ වා පදෙසෙ‘ති.
Sinhala BJTප්‍රදේශපෘච්ඡා නම්: පෙරදිග පෙදෙසැ හෝ පැසුළුදිග පෙදෙසැ හෝ උතුරුදිග පෙදෙසැ හෝ දකුණුදිග පෙදෙසැ හෝ යි.
Pali BJTමහාසඞ්ගාමො නිට්ඨිතො.
Sinhala BJTමහාසංග්‍රාමය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. වත්ථු නිදානං ආකාරො පුබ්බාපරං කතාකතං, කම්මාධිකරණඤ්චෙව සමථො ඡන්දගාමි ච.
Sinhala BJT1. වස්තු යැ නිදාන යැ ආකාර යැ පුබ්බාපර යැ කතාකත යැ කම්ම යැ අධිකරණ යැ සමථ යැ ඡන්‍දගාමී යැ.
Pali BJT2. දොසා මොහා භයා චෙව සඤ්ඤා නිජ්ඣාපනෙන ච, පෙක්ඛා පසාදෙ පක්ඛොම්හි සුත ථෙරතරෙන ච.
Sinhala BJT2. දෝසගාමී යැ මෝහගාමී යැ භයගාමී යැ සඤ්ඤාපනීය යැ නිජ්ඣාපනීය යැ පෙක්ඛනීය යැ පසාදනීය යැ ලද්ධපක්ඛ යැ බහුස්සුත යැ ථේරතර යැ.
Pali BJT3. අසම්පත්තඤ්ච සම්පත්තං ධම්මෙන විනයෙන ච, සත්ථුස්ස සාසනෙනාපි මහාසඞ්ගාමඤාපනාති.
Sinhala BJT3. අසම්පත්ත යැ සම්පත්ත යැ ධම්ම - විනය සත්‍ථුසාසන යැ යන මෙයින් ද මහාසඞ්ග්‍රාමය හැඳින් වේ.
Pali BJTකඨිනභෙදො
Sinhala BJTකඨිනභේදය
Pali BJTකස්ස කඨිනං{1} අනත්ථතං, කස්ස කඨිනං අත්ථතං, කින්ති කඨිනං අනත්ථතං, කින්ති කඨිනං අත්ථතං :
Sinhala BJTකවරක්හු විසින් කඨිනය නො අතුරණ ලද ද, කවරක්හු විසින් කඨිනය අතුරණ ලද ද කඨිනය කෙසේ නො අතුරණලද ද, කඨිනය කෙසේ අතුරණලද ද?
Pali BJTකස්ස කඨිනං අනත්ථතන්ති : ද්වින්නං පුග්ගලානං අනත්ථතං හොති කඨිනං : අනත්ථාරකස්ස ච, අනනුමොදකස්ස ච. ඉමෙසං ද්වින්නං පුග්ගලානං අනත්ථතං හොති කඨිනං.
Sinhala BJTකවරක්හු විසින් කඨිනය නො අතුරණලද ද යත්: නො අතුරන්නා යැ නො අනුමෝදන්වන්නා යැයි පුද්ගලයන් දෙදෙනා විසින් කඨිනය නො අතුරණ ලද වෙයි. මේ පුද්ගලයන් දෙදෙනා විසින් කඨිනය නො අතුරණලද වේ.
Pali BJTකස්ස කඨිනං අත්ථතන්ති : ද්වින්නං පුග්ගලානං අත්ථතං හොති කඨිනං:– අත්ථාරකස්ස ච අනුමොදකස්ස ච. ඉමෙසං ද්වින්නං පුග්ගලානං අත්ථතං හොති කඨිනං.
Sinhala BJTකවරක්හු විසින් කඨිනය අතුරණලද ද යත්: අතුරන්නා යැ අනුමෝදන්වන්නා යැ යි පුද්ගලයන් දෙදෙනා විසින් කඨිනය අතුරණලද වෙයි. මේ පුද්ගලයන් දෙදෙනා විසින් කඨිනය අතුරණලද වේ.
Pali BJTකින්ති කඨිනං අනත්ථතන්ති : චතුවීසතියා ආකාරෙහි අනත්ථතං හොති කඨිනං : න උල්ලිඛිතමත්තෙන අත්ථතං හොති කඨිනං, න ධොවනමත්තෙන අත්ථතං හොති කඨිනං, න චීවරවිචාරණමත්තෙන අත්ථතං හොති කඨිනං. න ඡෙදනමත්තෙන අත්ථතං හොති කඨිනං. න බන්ධනමත්තෙන අත්ථතං හොති කඨිනං න ඔවට්ටියකරණමත්තෙන{2} අත්ථතං හොති කඨිනං. න කණ්ඩුසකරණමත්තෙන{3} අත්ථතං හොති කඨිනං. න දළ්හීකම්මකරණමත්තෙන අත්ථතං හොති කඨිනං. න අනුවාතකරණමත්තෙන අත්ථතං හොති කඨිනං. න පරිභණ්ඩකරණමත්තෙන අත්ථතං හොති කඨිනං. න ඔවට්ටෙය්යකරණමත්තෙන අත්ථතං හොති කඨිනං. න කම්බලමද්දනමත්තෙන අත්ථතං හොති කඨිනං. න නිමිත්තකතෙන අත්ථතං හොති කඨිනං. න පරිකථාකතෙන අත්ථතං හොති කඨිනං. න කුක්කුකතෙන අත්ථතං හොති කඨිනං. න සන්නිධිකතෙන අත්ථතං හොති කඨිනං. න නිස්සග්ගියෙන අත්ථතං හොති කඨිනං. න අකප්පකතෙන අත්ථතං හොති කඨිනං. න අඤ්ඤත්ර සඞ්ඝාටියා අත්ථතං හොති කඨිනං. න අඤ්ඤත්ර උත්තරාසඞ්ගෙන අත්ථතං හොති කඨිනං. න අඤ්ඤත්ර අන්තරවාසකෙන අත්ථතං හොති කඨිනං. න අඤ්ඤත්ර පඤ්චකෙන වා අතිරෙකපඤ්චකෙන වා තදහෙව සඤ්ඡින්නෙන සමණ්ඩලීකතෙන අත්ථතං හොති කඨිනං. න අඤ්ඤත්ර පුග්ගලස්ස අත්ථාරා අත්ථතං හොති කඨිනං. සම්මාචෙව අත්ථතං හොති කඨිනං, තඤ්චෙ නිස්සීමට්ඨො අනුමොදති, එවම්පි අනත්ථතං හොති කඨිනං.
Sinhala BJTකඨිනය කෙසේ නො අතුරණලද ද යත්: සූවිසි අයුරෙකින් කඨිනය නො අතුරණ ලද වෙයි: (පමණ ගැන්මට) ලකුණු කළ පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. දොවාලූ පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. කඩ නියම කිරීම් පමණින් කඨිනය නො අතුරණලද වෙයි. කඩ කැපීම් පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. බැඳීම් (හිස් නූල් ඇදීම්) පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. දික් මැහීම් කළ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. අතුබැඳීම් පමණින් කඨිනය නො අතුරණලද වෙයි, (දැඩිවීම පිණිස) දෙපට එකට මැසීම් පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. පිටනුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. ඇතුල්නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. අමුතු රෙදිපටක් ඇල්ලූ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. වරක් පඬුපෙවූ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. නිමිති කොට ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුරණලද වෙයි. පරිකථාවෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුරණලද වෙයි. තාවකාලික වස්ත්‍රයෙන් කඨිනය නො අතුරණලද වෙයි. තැන්පත් කොට තැබූ වස්තුයෙන් කඨිනය නො අතුරණලද වෙයි. නිසඟි වූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුරණ ලද වෙයි. කප්බිඳු නො තැබූ සිවුරෙන් කඨිනය නො අතුරණලද වෙයි. සඟළසිවුර හැර අනෙකෙකින් කඨිනය නො අතුරණලද වෙයි. උතුරුසඟ සිවුර හැර අනෙකෙකින් කඨිනය නො අතුරණලද වෙයි. අඳනය හැර අනෙකෙකින් කඨිනය නො අතුරණලද වෙයි. එදවස ම කඩකපනලද මහමඬුලු අඩමඬුලු ඇතිව කරණලද කඩපසකින් හෝ අයිරාකඩපසකින් හෝ තොරවූවෙකින් කඨිනය නො අතුරණලද වෙයි. පුද්ගලයාගේ ඇතිරීමෙන් තොර ව කඨිනය නො අතුරණ ලද වෙයි. ඉදින් මනා වැ කඨිනය අතුරණලද වේ නම් ඉදින් එය උපචාරසීමාවෙන් බැහැර සිටියෙක් අනුමෝදන් වේ නම් මෙසේ ද කඨිනය නො අතුරණලද වේ.
Pali BJTනිමිත්තකම්මං නාම : නිමිත්තං කරොති “ඉමිනා දුස්සෙන කඨිනං අත්ථරිස්සාමී”ති.
Sinhala BJTනිමිත්තකර්‍මය නම්: “මේ වස්ත්‍රයෙන් කඨිනයක් අතුරන්නෙමි” යි නිමිති කෙරෙ යි.
Pali BJTපරිකථා නාම : පරිකථං කරොති “ඉමාය පරිකථාය කඨිනදුස්සං නිබ්බත්තෙස්සාමී”ති.
Sinhala BJTපරිකථා නම්: “මේ පරිකථාවෙන් කඨින වස්ත්‍රයක් උපදවා ගන්නෙමි “යි පරිකථා කෙරෙ යි.
Pali BJTකුක්කුකතං නාම : අනාදිය දානං වුච්චති.
Sinhala BJTකුක්කුකත නම්: තව්කැලි දීමැ යි කියනු ලැබේ.
Pali BJTසන්නිධි නාම : ද්වෙ සන්නිධියො : කරණසන්නිධි ච, නිචයසන්නිධි ච.
Sinhala BJTසන්නිධි නම්: (එදින ම නො කොට තබා කිරීම වූ) කරණ සන්නිධි යැ (ලැබූ දින හැර පසු දින පමුණුවා ලීම වූ) නිචය සන්නිධි යැ යන සන්නිධි දෙක යැ.
Pali BJTනිස්සග්ගියං නාම : කයිරමානෙ අරුණං උද්රියති,{1} ඉමෙහි චතුවීසතියා ආකාරෙහි අනත්ථතං හොති කඨිනං.
Sinhala BJTනිස්සග්ගිය නම්: (කඨිනයෙහි) පරිකර්‍ම කරත් ම අරුණ නගී. මේ සූවිසි අයුරෙන් කඨිනය නො අතුරණ ලද වේ.
Pali BJTකින්ති කඨිනං අත්ථතන්ති : සත්තරසහි ආකාරෙහි අත්ථතං හොති කඨිනං : අහතෙන අත්ථතං හොති කඨිනං. අහතකප්පෙන අත්ථතං හොති කඨිනං. පිලොතිකාය අත්ථතං හොති කඨිනං. පංසුකූලෙන අත්ථතං හොති කඨිනං. පාපණිකෙන අත්ථතං හොති කඨිනං. අනිමිත්තකතෙන අත්ථතං හොති කඨිනං. අපරිකථාකතෙන අත්ථතං හොති කඨිනං. අකුක්කුකතෙන අත්ථතං හොති කඨිනං. අසන්නිධිකතෙන අත්ථතං හොති කඨිනං. අනිස්සග්ගියෙන අත්ථතං හොති කඨිනං. කප්පකතෙන අත්ථතං හොති කඨිනං. සඞ්ඝාටියා අත්ථතං හොති කඨිනං. උත්තරාසඞ්ගෙන අත්ථතං හොති කඨිනං. අන්තරවාසකෙන අත්ථතං හොති කඨිනං. පඤ්චකෙන වා අතිරෙකපඤ්චකෙන වා තදහෙව සඤ්ඡින්නෙන සමණ්ඩලීකතෙන අත්ථතං හොති කඨිනං. පුග්ගලස්ස අත්ථාරා අත්ථතං හොති කඨිනං. සම්මා චෙව අත්ථතං හොති කඨිනං. තඤ්චෙ සීමට්ඨො අනුමොදති එවම්පි අත්ථතං හොති කඨිනං. ඉමෙහි සත්තරසහි ආකාරෙහි අත්ථතං හොති කඨිනං.
Sinhala BJTකඨිනය කෙසේ අතුරණ ලද ද යත්: සතළොස් අයුරෙකින් කඨිනය අතුරණ ලද වෙයි. අළුත් වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. අළුත් වස්ත්‍රයට සමාන වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. රෙදි කැබලියෙන් කළ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. පංසුකූල වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. සල්පිල් දොරටුවෙහි හැර දැමූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. නිමිත්ත කර්‍මයෙන් නො ලද වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. පරිකථා නො කොට උපන් වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. තව්කැලි නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. (කරණ නිචය) සන්නිධියෙන් තොර වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. නිසඟි නො වූ සිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. කප්බිඳු තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. සඟළ සිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. උතුරුසඟසිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. අඳන සිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. එදවස ම කැපූ කඩ ඇති මැඩිලි සහිත වූ කඩ පසකින් හෝ අයිරා කඩ පසකින් හෝ යුත් සිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. පුද්ගලයාගේ ඇතිරීමෙන් කඨිනය අතුරණ ලද වෙයි. ඉදින් මනා වැ කඨිනය අතුරණ ලද නම් ඉදින් උපචාර සීමාව තුළ සිටියේ අනුමෝදන් වේ නම් මෙසේ ද කඨිනය අතුරණ ලද වෙයි. මේ සතළොස් අයුරෙන් කඨිනය අතුරණ ලද වේ.
Pali BJTසහ කඨිනස්ස අත්ථාරා කති ධම්මා ජායන්ති : සහ කඨිනස්ස අත්ථාරා පණ්ණරස ධම්මා ජායන්ති, අට්ඨ මාතිකා ද්වෙ පළිබොධා, පඤ්ච ආනිසංසා. සහ කඨිනස්ස අත්ථාරා ඉමෙ පණ්ණරස ධම්මා ජායන්ති.
Sinhala BJTකඨිනය ඇතිරීම සමඟ කෙතෙක් ධර්‍මයෝ උපදිත් ද යත්: කඨිනය ඇතිරීම සමඟ මාතෘකා අටක් ද පළිබෝධ දෙකක් ද අනුසස් පසක් දැ යි පසළොස් ධර්‍ම කෙනෙක් උපදිත්. කඨිනය ඇතිරීම සමඟ මේ පසළොස් ධර්‍මයෝ උපදිත්.
Pali BJTපුච්ඡාවීස්සජ්ජනං
Sinhala BJTප්‍රශ්නවිසර්‍ජනය
Pali BJTපයොගස්ස කතමෙ ධම්මා අනන්තරපච්චයෙන පච්චයො, සමනන්තරපච්චයෙන පච්චයො, නිස්සයපච්චයෙන පච්චයො, උපනිස්සයපච්චයෙන පච්චයො, පුරෙජාතපච්චයෙන පච්චයො, පච්ඡාජාතපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො, පුබ්බකරණස්ස කතමෙ ධම්මා අනන්තරපච්චයෙන පච්චයො -පෙ- පච්චුද්ධාරස්ස කතමෙ ධම්මා -පෙ- අධිට්ඨානස්ස කතමෙ ධම්මා -පෙ- අත්ථාරස්ස කතමෙ ධම්මා -පෙ- මාතිකානඤ්ච පළිබොධානඤ්ච කතමෙ ධම්මා -පෙ- වත්ථුස්ස කතමෙ ධම්මා අනන්තරපච්චයෙන පච්චයො, සමනන්තරපච්චයෙන පච්චයො, නිස්සයපච්චයෙන පච්චයො, උපනිස්සයපච්චයෙන පච්චයො, පුරෙජාතපච්චයෙන පච්චයො, පච්ඡාජාතපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො :
Sinhala BJT(සත් වැදෑරුම් පූර්‍ව කරණය පිණිස පැන් එළවීම් ආදි) ප්‍රයෝගයට කවර ධර්‍මයෝ අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පශ්චාජ්ජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වෙද්ද, සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පූර්‍ව කරණයට කවර ධර්‍ම කෙනෙක් අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද ... ප්‍රත්‍යුද්ධාරයට (අධිෂ්ඨානය ඉවත් කිරීමට) කවර ධර්‍ම කෙනෙක් ... අධිෂ්ඨානයට කවර ධර්‍ම කෙනෙක් ... අත්‍ථාරයට (ඇතිරීමට) කවර ධර්‍ම කෙනෙක් ... මාතෘකාවන්ට හා පළිබෝධයන්ට කවර ධර්‍ම කෙනෙක් ... කඨින වස්තුවට කවර ධර්‍ම කෙනෙක් අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පශ්චාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද යත්:
Pali BJTපුබ්බකරණං{1} පයොගස්ස අනන්තරපච්චයෙන පච්චයො, සමනන්තරපච්චයෙන පච්චයො, නිස්සයපච්චයෙන පච්චයො, උපනිස්සයපච්චයෙන පච්චයො. පයොගො පුබ්බකරණස්ස පුරෙජාතපච්චයෙන පච්චයො. පුබ්බකරණං පයොගස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයො. පණ්ණරස ධම්මා සහජාතපච්චයෙන පච්චයො.
Sinhala BJTපූර්‍ව කරණය ප්‍රයොගයට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ප්‍රයෝගය පූර්‍ව කරණයට පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. පූර්‍ව කරණය ප්‍රයොගයට පශ්චාජ්ජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වෙයි. පඤ්චදශ ධර්‍මයෝ සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත්.
Pali BJTපච්චුද්ධාරො පුබ්බකරණස්ස අනන්තරපච්චයෙන පච්චයො, සමනන්තරපච්චයෙන පච්චයො, නිස්සයපච්චයෙන පච්චයො, උපනිස්සයපච්චයෙන පච්චයො. පුබ්බකරණං පච්චුද්ධාරස්ස පුරෙජාතපච්චයෙන පච්චයො. පච්චුද්ධාරො පුබ්බකරණස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයො. පණ්ණරස ධම්මා සහජාතපච්චයෙන පච්චයො.
Sinhala BJTප්‍රත්‍යුද්ධාරය පූර්‍ව කරණයට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, උපනිඃශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. පූර්‍වකරණය ප්‍රත්‍යුද්ධාරයට පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ප්‍රත්‍යුද්ධාරය පූර්‍වකරණයට පශ්චාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි. පඤ්චදශ ධර්‍මයෝ සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත්.
Pali BJTඅධිට්ඨානං පච්චුද්ධාරස්ස අනන්තරපච්චයෙන පච්චයො, සමනන්තරපච්චයෙන පච්චයො, නිස්සයපච්චයෙන පච්චයො, උපනිස්සයපච්චයෙන පච්චයො. පච්චුද්ධාරො අධිට්ඨානස්ස පුරෙජාතපච්චයෙන පච්චයො. අධිට්ඨානං පච්චුද්ධාරස්ස පච්ඡාජාත පච්චයෙන පච්චයො. පණ්ණරස ධම්මා සහජාතපච්චයෙන පච්චයො.
Sinhala BJTඅධිෂ්ඨානය ප්‍රත්‍යුද්ධාරයට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, “සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ප්‍රත්‍යුද්ධාරය අධිෂ්ඨානයට පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, අධිෂ්ඨානය ප්‍රත්‍යුද්ධාරයට පශ්චාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, පඤ්චදශ ධර්‍මයෝ සහාජත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත්.
Pali BJTඅත්ථාරො අධිට්ඨානස්ස අනන්තරපච්චයෙන පච්චයො, සමනන්තරපච්චයෙන පච්චයො, නිස්සයපච්චයෙන පච්චයො, උපනිස්සයපච්චයෙන පච්චයො. අධිට්ඨානං අත්ථාරස්ස පුරෙජාතපච්චයෙන පච්චයො. අත්ථාරො අධිට්ඨානස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයො. පණ්ණරස ධම්මා සහජාතපච්චයෙන පච්චයො.
Sinhala BJTඅත්‍ථාරය අධිෂ්ඨානයට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. අධිෂ්ඨානය අත්‍ථාරයට පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, අත්‍ථාරය අධිෂ්ඨානයට පශ්චාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, පඤ්චදශ ධර්‍මයෝ සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත්.
Pali BJTමාතිකා ච පළිබොධා ච අත්ථාරස්ස අනන්තරපච්චයෙන පච්චයො, සමනන්තරපච්චයෙන පච්චයො, නිස්සයපච්චයෙන පච්චයො, උපනිස්සයපච්චයෙන පච්චයො. අත්ථාරො මාතිකානඤ්ච පළිබොධානඤ්ච පුරෙජාතපච්චයෙන පච්චයො. මාතිකා ච පළිබොධා ච අත්ථාරස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයො. පණ්ණරස ධම්මා සහජාතපච්චයෙන පච්චයො.
Sinhala BJTමාතෘකාවෝ ද පළිබෝධයෝ ද අත්‍ථාරයට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙති, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙති, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙති. උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙති. අත්‍ථාරය මාතෘකාවන්ට ද පළිබෝධයන්ට ද පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි. මාතෘකාවෝ ද පළිබෝධයෝ ද අත්‍ථාරයට පශ්චාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙති. පඤ්චදශ ධර්‍මයෝ සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත්.
Pali BJTආසා ච අනාසා ච වත්ථුස්ස අනන්තරපච්චයෙන පච්චයො, සමනන්තරපච්චයෙන පච්චයො, නිස්සයපච්චයෙන පච්චයො, උපනිස්සයපච්චයෙන පච්චයො. වත්ථු ආසානඤ්ච අනාසානඤ්ච පුරෙජාතපච්චයෙන පච්චයො. ආසා ච අනාසා ච වත්ථුස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයො. පණ්ණරස ධම්මා සහජාතපච්චයෙන පච්චයො.
Sinhala BJTලාභාසාව ද අනාසාව ද වස්තුවට (කඨිනයට) අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. (කඨින) වස්තුව ආසාවන්ට ද අනාසාවන්ට ද පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි. ආසාව ද අනාසාව ද (කඨින) වස්තුවට පශ්චාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ නුයි පඤ්චදශ ධර්‍මයෝ සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත්.
Pali BJTපුබ්බකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම්භාරං, කිංසමුට්ඨානං. පච්චුද්ධාරො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම්භාරො, කිංසමුට්ඨානො අධිට්ඨානං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම්භාරං, කිංසමුට්ඨානං. අත්ථාරො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො,
Sinhala BJTපූර්‍වකරණය කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද, පච්චුද්ධාරය කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද, අධිෂ්ඨානය කුමක් නිදාන කොට ඇත්ද කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද, අත්‍ථාරය කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද,
Pali BJTකිංසම්භාරො, කිංසමුට්ඨානො. මාතිකා ච පළිබොධා ච කිංනිදානා, කිංසමුදයා, කිංජාතිකා, කිංපභවා, කිංසම්භාරා කිංසමුට්ඨානා. ආසා ච අනාසා ච කිංනිදානා, කිංසමුදයා, කිංජාතිකා, කිංපභවා, කිංසම්භාරා, කිංසමුට්ඨානා :
Sinhala BJTකුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද, මාතෘකාවෝ ද පළිබෝධයෝ ද කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද, ආසාව ද අනාසාව ද කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද යත්:
Pali BJTපුබ්බකරණං පයොගනිදානං, පයොගසමුදයං, පයොගජාතිකං, පයොගපභවං, පයොගසම්භාරං, පයොගසමුට්ඨානං.
Sinhala BJTපූර්‍වකරණය ප්‍රයෝගය නිදාන කොට ඇත, ප්‍රයෝගය සමුදය කොට ඇත, ප්‍රයෝගය ජාති කොට ඇත, ප්‍රයෝගය ප්‍රභව කොට ඇත, ප්‍රයෝගය සම්භාර කොට ඇත, ප්‍රයෝගය සමුට්ඨාන කොට ඇති.
Pali BJTපච්චුද්ධාරො පුබ්බකරණනිදානො, පුබ්බකරණසමුදයො, පුබ්බකරණජාතිකො, පුබ්බකරණපභවො, පුබ්බකරණසම්භාරො, පුබ්බකරණසමුට්ඨානො.
Sinhala BJTපච්චුද්ධාරය පූර්‍වකරණය නිදාන කොට ඇත, පූර්‍වකරණය සමුදය කොට ඇත, පූර්‍වකරණය ජාති කොට ඇත, පූර්‍වකරණය ප්‍රභව කොට ඇත, පූර්‍වකරණය සම්භාර කොට ඇත, පූර්‍වකරණය සමුට්ඨාන කොට ඇති.
Pali BJTඅධිට්ඨානං පච්චුද්ධාරනිදානං, පච්චුද්ධාරසමුදයං, පච්චුද්ධාරජාතිකං, පච්චුද්ධාරපභවං, පච්චුද්ධාරසම්භාරං, පච්චුද්ධාරසමුට්ඨානං.
Sinhala BJTඅධිට්ඨානය පච්චුද්ධාරය නිදාන කොට ඇත, පච්චුද්ධාරය සමුදය කොට ඇත, පච්චුද්ධාරය ජාති කොට ඇත, පච්චුද්ධාරය ප්‍රභව කොට ඇත, පච්චුද්ධාරය සම්භාර කොට ඇත, පච්චුද්ධාරය සමුට්ඨාන කොට ඇති.
Pali BJTඅත්ථාරො අධිට්ඨානනිදානො, අධිට්ඨානසමුදයො, අධිට්ඨානජාතිකො, අධිට්ඨානපභවො, අධිට්ඨානසම්භාරො, අධිට්ඨානසමුට්ඨානො.
Sinhala BJTඅත්‍ථාරය අධිට්ඨානය නිදාන කොට ඇත, අධිට්ඨානය සමුදය කොට ඇත, අධිට්ඨානය ජාති කොට ඇත, අධිට්ඨානය ප්‍රභවකොට ඇත, අධිට්ඨානය සම්භාර කොට ඇත, අධිට්ඨානය සමුට්ඨාන කොට ඇති.
Pali BJTමාතිකා ච පළිබොධා ච අත්ථාරනිදානා, අත්ථාරසමුදයා, අත්ථාරජාතිකා, අත්ථාරපභවා, අත්ථාරසම්භාරා, අත්ථාරසමුට්ඨානා.
Sinhala BJTමාතෘකාවෝ ද පළිබෝධයෝ ද අත්‍ථාරය නිදාන කොට ඇත්තාහ. අත්‍ථාරය සමුදය කොට ඇත්තාහ. අත්‍ථාරය ජාති කොට ඇත්තාහ. අත්‍ථාරය ප්‍රභවකොට ඇත්තාහ. අත්‍ථාරය සම්භාර කොට ඇත්තාහ. අත්‍ථාරය සමුට්ඨාන කොට ඇත්තාහු යි.
Pali BJTආසා ච අනාසා ච වත්ථුනිදානා, වත්ථුසමුදයා, වත්ථුජාතිකා, වත්ථුපභවා, වත්ථුසම්භාරා, වත්ථුසමුට්ඨානා.
Sinhala BJTආසාව ද අනාසාව ද (කඨින) වස්තුව නිදාන කොට ඇත, (කඨින) වස්තුව සමුදය කොට ඇත, (කඨින) වස්තුව ජාති කොට ඇත. (කඨින) වස්තුව ප්‍රභවකොට ඇත, (කඨින) වස්තුව සම්භාර කොට ඇත, (කඨින) වස්තුව සමුට්ඨාන කොට ඇති.
Pali BJTපයොගො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම්භාරො, කිංසමුට්ඨානො, පුබ්බකරණං -පෙ- පච්චුද්ධාරො, අධිට්ඨානං-අත්ථාරො-මාතිකා ච පළිබොධා ච-වත්ථු-ආසා ච අනාසා ච කිංනිදානා, කිංසමුදයා, කිංජාතිකා, කිංපභවා, කිංසම්භාරා, කිංසමුට්ඨානා :
Sinhala BJTප්‍රයෝගය කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද, පූර්‍වකරණය ... පච්චුද්ධාරය ... අධිට්ඨානය ... අත්‍ථාරය ... මාතෘකාවෝ ද පළිබෝධයෝ ද ... (කඨින) වස්තුව ... ආසාව ද අනාසාව ද කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද යත්:
Pali BJTපයොගො හෙතුනිදානො, හෙතුසමුදයො, හෙතුජාතිකො, හෙතුපභවො, හෙතුසම්භාරො, හෙතුසමුට්ඨානො. පුබ්බකරණං -පෙ- පච්චුද්ධාරො-අධිට්ඨානං-අත්ථාරො-මාතිකා ච පළිබොධා ච-වත්ථු-ආසා ච අනාසා ච හෙතු නිදානා, හෙතුසමුදයා, හෙතුජාතිකා, හෙතුපභවා, හෙතුසම්භාරා, හෙතුසමුට්ඨානා.
Sinhala BJTප්‍රයෝගය හේතුව නිදාන කොට ඇත, හේතුව සමුදය කොට ඇත, හේතුව ජාති කොට ඇත, හේතුව ප්‍රභව කොට ඇත, හේතුව සම්භාර කොට ඇත, හේතුව සමුට්ඨාන කොට ඇත. පූර්‍වකරණය ... පච්චුද්ධාරය ... අධිට්ඨානය ... අත්‍ථාරය ... මාතෘකාවෝ ද පළිබෝධයෝ ද ... (කඨින) වස්තුව ද ... ආසාව ද අනාසාව ද හේතුව නිදාන කොට ඇත, හේතුව සමුදය කොට ඇත, හේතුව ජාති කොට ඇත, හේතුව ප්‍රභව කොට ඇත, හේතුව සම්භාර කොට ඇත, හේතුව සමුට්ඨාන කොට ඇති.
Pali BJTපයොගො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම්භාරො, කිංසමුට්ඨානො. පුබ්බකරණං -පෙ- පච්චුද්ධාරො-අධිට්ඨානං-අත්ථාරො-මාතිකා ච පළිබොධා ච-වත්ථු-ආසා ච අනාසා ච කිංනිදානා, කිංසමුදයා, කිංජාතිකා, කිංපභවා, කිංසම්භාරා, කිංසමුට්ඨානා.
Sinhala BJTප්‍රයෝගය කුමක් නිදාන කොට ඇත් ද, කුමක් සමුදය කොට ඇත් ද, කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභව කොට ඇත් ද, කුමක් සම්භාර කොට ඇත් ද, කුමක් සමුට්ඨාන කොට ඇත් ද, පූර්‍ව කරණය ... පච්චුද්ධාරය ... අධිට්ඨානය …. අත්‍ථාරය ... මාතෘකාවෝ ද පළිබෝධයෝ ද ... (කඨින) වස්තුව ... ආසාව ද, අනාසාව ද කුමක් නිදාන කොට ඇත් ද, කුමක් සමුදය කොට ඇත් ද, කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභවකොට ඇත් ද, කුමක් සම්භාර කොට ඇත් ද, කුමක් සමුට්ඨාන කොට ඇත් ද, යත්:
Pali BJTපයොගො පච්චයනිදානො, පච්චයසමුදයො, පච්චයජාතිකො, පච්චයපභවො, පච්චයසම්භාරො, පච්චයසමුට්ඨානො. පුබ්බකරණං -පෙ- පච්චුද්ධාරො-අධිට්ඨානං-අත්ථාරො, මාතිකා ච පළිබොධා ච-වත්ථු-ආසා ච අනාසා ච පච්චයනිදානා, පච්චයසමුදයා, පච්චයජාතිකා, පච්චයපභවා, පච්චයසම්භාරා, පච්චයසමුට්ඨානා.
Sinhala BJTප්‍රයෝගය ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇත, ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභවකොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇත. පූර්‍ව කරණය ... පච්චුද්ධාරය ... අධිට්ඨානය ... අත්‍ථාරය මාතෘකාවෝ ද පළිබෝධයෝ ද ... (කඨින) වස්තුව ... ආසාව ද අනාසාව ද ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇත, ප්‍රත්‍යය ජාති කොට ඇත. ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති.
Pali BJTසඞ්ගහවාරො
Sinhala BJTසංග්‍රහවාරය
Pali BJTපුබ්බකරණං කතීහි ධම්මෙහි සඞ්ගහීතං : පුබ්බකරණං සත්තහි ධම්මෙහි සඞ්ගහීතං : ධොවනෙන විචාරණෙන ඡෙදනෙන බන්ධනෙන සිබ්බනෙන රජනෙන කප්පකරණෙන පුබ්බකරණං ඉමෙහි සත්තහි ධම්මෙහි සඞ්ගහීතං.
Sinhala BJTපූර්‍වකරණය කෙතෙක් කරුණින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: පූර්‍වකරණය ධර්‍ම සතෙකින් සඞ්ග්‍රහ කරණ ලද යැ: සේදීමෙන, කඩ නියම කිරීමෙන, කැපීමෙන, හිස්නූල් තැබීමෙන, මැසීමෙන, පඬු පෙවීමෙන, කප්බිඳු තැබීමෙනැ යි. පූර්‍ව කරණය මේ සත් කරුණින් සඞ්ග්‍රහ කරණ ලදී.
Pali BJTපච්චුද්ධාරො කතීහි ධම්මෙහි සඞ්ගහිතො : පච්චුද්ධාරො තීහි ධම්මෙහි සඞ්ගහිතො : සඞ්ඝාටියා උත්තරාසඞ්ගෙන අන්තරවාසකෙන.
Sinhala BJTපච්චුද්ධාරය කෙතෙක් කරුණින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: පච්චුද්ධාරය තුන් කරුණෙකින් සඞ්ග්‍රහ කරණ ලද යැ: සඟළ සිවුරෙන, උතුරුසඟ සිවුරෙන, අඳනා සිවුරෙනැ යි.
Pali BJTඅධිට්ඨානං කතීහි ධම්මෙහි සඞ්ගහීතං : අධිට්ඨානං තීහි ධම්මෙහි සඞ්ගහීතං – සඞ්ඝාටියා උත්තරාසඞ්ගෙන අන්තරවාසකෙන.
Sinhala BJTඅධිෂ්ඨානය කෙතෙක් කරුණින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: අධිෂ්ඨානය, තුන් කරුණෙකින් සඞ්ග්‍රහ කරණ ලද යැ: සඟළ සිවුරෙන, උතුරුසඟ සිවුරෙන, අඳනා සිවුරෙනැ යි.
Pali BJTඅත්ථාරො කතීහි ධම්මෙහි සඞ්ගහිතො : අත්ථාරො එකෙන ධම්මෙන සඞ්ගහිතො : වචීභෙදෙන.
Sinhala BJTඅත්‍ථාරය කෙතෙක් කරුණින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: අත්‍ථාරය එක් කරුණෙකින් සඞ්ග්‍රහ කරණ ලද යැ: වාග්භේදයෙනි.
Pali BJTකඨිනස්ස කති මූලානි, කති වත්ථූනි, කති භූමියො : කඨිනස්ස එකං මූලං : සඞ්ඝො. තීණි වත්ථූනි : සඞ්ඝාටි, උත්තරාසඞ්ගො, අන්තරවාසකො. ඡ භූමියො : ඛොමං, කප්පාසිකං, කොසෙය්යං, කම්බලං, සාණං, භඞ්ගං.
Sinhala BJTකඨිනයට මූලයෝ කෙතෙකැ, වස්තුහු කෙතෙකැ, භූමීහු කෙතෙකැ යත්: කඨිනයට එක් මුලෙකි: සඞ්ඝයා යි. වස්තු තුණෙකි: සඞ්ඝාටි යැ, උත්තරා සඞ්ගයැ, අන්තරවාසක යැ යි. භූමීහු සදෙනකි: කොමු පිළි යැ, කපු පිළි යැ, තිහිරි පිළි යැ, කම්බල යැ, හණවැහැරි යැ, මුසු පිළි යැ යි.
Pali BJTකඨිනස්ස කො ආදි, කිං මජ්ඣං, කිං පරියොසානං : කඨිනස්ස පුබ්බකරණං ආදි, කිරියා මජ්ඣං, අත්ථාරො පරියොසානං.
Sinhala BJTකඨිනයට ආදිය කවරේ ද, මධ්‍යය කවරේ ද, අවසානය කවරේ ද යත්: කඨිනයට පූර්‍ව කරණය ආදි යැ. (පච්චුද්ධාර-අධිට්ඨාන) ක්‍රියා මධ්‍ය යැ, අත්‍ථාරය අවසාන යි.
Pali BJTකතිහඞ්ගෙහි සමන්නාගතො පුග්ගලො අභබ්බො කඨිනං අත්ථරිතුං, කතීහඞ්ගෙහි සමන්නාගතො පුග්ගලො භබ්බො කඨිනං අත්ථරිතුං : අට්ඨහඞ්ගෙහි සමන්නාගතො පුග්ගලො අභබ්බො කඨිනං අත්ථරිතුං, අට්ඨහඞ්ගෙහි සමන්නාගතො පුග්ගලො භබ්බො කඨිනං අත්ථරිතුං.
Sinhala BJTකෙතෙක් අඞ්ගයන්ගෙන් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු නො වේ ද, කෙතෙක් අඞ්ගයන්ගෙන් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු වේ ද යත්: අඞ්ග අටකින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු නො වෙයි, අඞ්ග අටකින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු වේ.
Pali BJTකතමෙහි අට්ඨහඞ්ගෙහි සමන්නාගතො පුග්ගලො අභබ්බො කඨිනං අත්ථරිතුං : පුබ්බකරණං න ජානාති, පච්චුද්ධාරං න ජානාති, අධිට්ඨානං න ජානාති, අත්ථාරං න ජානාති, මාතිකං න ජානාති, පළිබොධං න ජානාති, උද්ධාරං න ජානාති, ආනිසංසං න ජානාති. ඉමෙහි අට්ඨහඞ්ගෙහි සමන්නාගතො පුග්ගලො අභබ්බො කඨිනං අත්ථරිතුං.
Sinhala BJTකවර අඞ්ග අටකින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු නො වේ ද යත්: පුබ්බකරණය නො දනියි, පච්චුද්ධාරය නො දනියි, අධිට්ඨානය නො දනියි, අත්‍ථාරය නො දනියි, (අෂ්ට) මාතෘකාව නො දනියි, (උභය) පළිබෝධය නො දනියි, උද්ධාරය නො දනියි, ආනිසංසය නො දනී. මේ අඞ්ග අටින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු නො වේ.
Pali BJTකතමෙහි අට්ඨහඞ්ගෙහි සමන්නාගතො පුග්ගලො භබ්බො කඨිනං අත්ථරිතුං : පුබ්බකරණං ජානාති, පච්චුද්ධාරං ජානාති, අධිට්ඨානං ජානාති, අත්ථාරං ජානාති, මාතිකං ජානාති, පළිබොධං ජානාති, උද්ධාරං ජානාති, ආනිසංසං ජානාති. ඉමෙහි අට්ඨහඞ්ගෙහි සමන්නාගතො පුග්ගලො භබ්බො කඨිනං අත්ථරිතුං.
Sinhala BJTකවර අඞ්ග අටකින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු වේ ද යත්: පුබ්බකරණය දනියි, පච්චුද්ධාරය දනියි, අධිට්ඨානය දනියි, අත්‍ථාරය දනියි, (අෂ්ට) මාතෘකාව දනියි (උභය) පළිබෝධය දනියි, උද්ධාරය දනියි, ආනිසංසය දනී. මේ අඞ්ග අටින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු වේ.
Pali BJTකතින්නං{1} පුග්ගලානං කඨිනත්ථාරා න රූහන්ති, කතින්නං පුග්ගලානං කඨිනත්ථාරා රූහන්ති : තිණ්ණං පුග්ගලානං කඨිනත්ථාරා න රූහන්ති. තිණ්ණං පුග්ගලානං කඨිනත්ථාරා රූහන්ති.
Sinhala BJTකෙතෙක් පුද්ගල කෙනකුන්ගේ කඨිනත්‍ථාරයෝ (පිරිපුන් බවට) නො නැඟෙත් ද, කෙතෙක් පුද්ගල කෙනකුන්ගේ කඨිනත්‍ථාරයෝ (පිරිපුන් බවට) නැඟෙත් ද යත්: පුද්ගලයන් තිදෙනකුන්ගේ කඨිනත්‍ථාරයෙන් නො නැඟෙති, පුද්ගලයන් තිදෙනකුන්ගේ කඨිනත්‍ථාරයෝ නැඟෙත්.
Pali BJTකතමෙසං තිණ්ණං පුග්ගලානං කඨිනත්ථාරා න රූහන්ති : නිස්සීමට්ඨො අනුමොදති, අනුමොදෙන්තො න වාචං භින්දති, වාචං භින්දන්තො න පරං විඤ්ඤාපෙති. ඉමෙසං තිණ්ණං පුග්ගලානං කඨිනත්ථාරා න රූහන්ති.
Sinhala BJTකවර පුද්ගලයන් තිදෙනකුන්ගේ කඨිනත්‍ථාරයෝ නො නැඟෙත් ද යත්: උපචාර සීමාවෙන් බැහැර සිටියේ අනුමෝදන් වේ ද, අනුමෝදන් වන්නේ වාග්භේද නො කෙරේ ද, වාග්භේද කරන්නේ මෙරමා නො දන්වා දැයි මේ පුද්ගලයන් තිදෙනාගේ කඨිනත්‍ථාරයෝ නො නැඟෙත්.
Pali BJTකතමෙසං තිණ්ණං පුග්ගලානං කඨිනත්ථාරා රූහන්ති : සීමට්ඨො අනුමොදති, අනුමොදෙන්තො වාචං භින්දති, වාචං භින්දන්තො පරං විඤ්ඤාපෙති. ඉමෙසං තිණ්ණං පුග්ගලානං කඨිනත්ථාරා රූහන්ති.
Sinhala BJTකවර පුද්ගලයන් තිදෙනකුන්ගේ කඨිනත්‍ථාරයෙන් නැඟෙත් ද යත්: සීමාවෙහි සිටියේ අනුමෝදන් වේ ද, අනුමෝදන් වන්නේ වාග්භේද කෙරේ ද, වාග්භේද කරන්නේ මෙරමා දන්වා දැයි මේ පුද්ගලයන් තිදෙනාගේ කඨිනත්‍ථාරයෝ නැඟෙත්.
Pali BJTකති කඨිනත්ථාරා න රූහන්ති, කති කඨිනත්ථාරා රූහන්ති : තයො කඨිනත්ථාරා න රූහන්ති. තයො කඨිනත්ථාරා රූහන්ති.
Sinhala BJTකෙතෙක් කඨිනත්‍ථාරයෝ නො නැඟෙත් ද, කෙතෙක් කඨිනත්‍ථාරයෝ නැගෙත් ද යත්: කඨිනත්‍ථාරයෝ තිදෙනෙක් නො නැගෙති, කඨිනත්‍ථාරයෝ තිදෙනෙක් නැගෙත්.
Pali BJTකතමෙ තයො කඨිනත්ථාරා න රූහන්ති : වත්ථුවිපන්නඤ්චෙව හොති, කාලවිපන්නඤ්ච, කරණවිපන්නඤ්ච. ඉමෙ තයො කඨිනත්ථාරා න රූහන්ති.
Sinhala BJTකවර කඨිනත්‍ථාරයෝ තිදෙන නො නැගෙත් ද යත්: වස්තු විපන්නත් වේ ද, කාල විපන්නත් වේ ද, කරණ විපන්නත් වේ දැයි මේ කඨිනත්‍ථාරයෝ තිදෙන නො නැගෙත්.
Pali BJTකතමෙ තයො කඨිනත්ථාරා රූහන්ති : වත්ථුසම්පන්නඤ්චෙව හොති, කාලසම්පන්නඤ්ච, කරණසම්පන්නඤ්ච. ඉමෙ තයො කඨිනත්ථාරා රූහන්ති.
Sinhala BJTකවර කඨිනත්‍ථාරයෝ තිදෙන නැගෙත් ද යත්: වස්තුසම්පන්නත් වේ ද, කාලසම්පන්නත් ද කරණසම්පන්නත් වේ දැ යි මේ කඨිනත්‍ථාරයෝ තිදෙන නැගෙත්.
Pali BJT1. කඨිනං ජානිතබ්බං, කඨිනත්ථාරො ජානිතබ්බො, කඨිනස්ස අත්ථාරමාසො ජානිතබ්බො, කඨිනස්ස අත්ථාරවිපත්ති ජානිතබ්බා, කඨිනස්ස අත්ථාරසම්පත්ති ජානිතබ්බා, නිමිත්තකම්මං ජානිතබ්බං, පරිකථා ජානිතබ්බා, කුක්කුකතං ජානිතබ්බං, සන්නිධි ජානිතබ්බා, නිස්සග්ගියං ජානිතබ්බං.
Sinhala BJT1. කඨිනය දතයුතු යැ, කඨිනත්‍ථාරය දතයුතු යැ, කඨිනත්‍ථාර මාසය දතයුතු යැ, කඨිනත්‍ථාර විපත්තිය දතයුතු යැ, කඨිනත්‍ථාර සම්පත්තිය දතයුතු යැ, නිමිත්තකර්‍මය දතයුතු යැ, පරිකථාව දතයුතු යැ, තාවකාලිකය දතයුතු යැ, සන්නිධිය දතයුතු යැ, නිස්සග්ගිය දතයුතු.
Pali BJT2. කඨිනං ජානිතබ්බන්ති : තෙසඤ්ඤෙව ධම්මානං සඞ්ගහො, සමවායො, නාමං, නාමකම්මං, නාමධෙය්යං, නිරුත්ති, බ්යඤ්ජනං, අභිලාපො, යදිදං කඨිනන්ති.
Sinhala BJT2. කඨිනා ජානිතබ්බං යනු: මේ ‘ කඨින’ යයි (යම් රූපාදි ධර්‍ම කෙනකුන් ඇති කල්හි) ඒ රූප ධර්‍මයන්ගේ ම සඞ්ග්‍රහයෙක් සමවායයෙක් නාමයෙක් නාම කර්‍මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්‍යඤ්ජනයෙක් අභිලාපයෙක් වේ ද එය යි.
Pali BJT3. කඨිනස්ස අත්ථාරමාසො ජානිතබ්බොති : වස්සානස්ස පච්ඡිමො මාසො ජානිතබ්බො.
Sinhala BJT3. කඨිනස්ස අත්‍ථාරමාසෝ ජානිතබ්බො යනු: වස්සාන ඍතුව පිළිබඳ පශ්චිම මාසය දතයුතු යි.
Pali BJT4. කඨිනස්ස අත්ථාරවිපත්ති ජානිතබ්බාති : චතුවීසතියා ආකාරෙහි කඨිනස්ස අත්ථාරවිපත්ති ජානිතබ්බා.
Sinhala BJT4. කඨිනස්ස අත්‍ථාරවිපත්ති ජානිතබ්බා යනු: සූවිසි අයුරෙකින් කඨිනත්‍ථාරවීපත්තිය දතයුතු යි.
Pali BJT5. කඨිනස්ස අත්ථාරසම්පත්ති ජානිතබ්බාති : සත්තරසහි ආකාරෙහි කඨිනස්ස අත්ථාරසම්පත්ති ජානිතබ්බා.
Sinhala BJT5. කඨිනස්ස අත්‍ථාර සම්පත්ති ජානිතබ්බා යනු: සතළොස් අයුරෙකින් කඨිනත්‍ථාර සම්පත්තිය දතයුතු යි.
Pali BJT6. නිමිත්තකම්මං ජානිතබ්බන්ති : නිමිත්තං කරොති ‘ඉමිනා දුස්සෙන කඨිනං අත්ථරිස්සාමී’ති.
Sinhala BJT6. නිමිත්ත කම්මං ජානිතබ්බං යනු: ‘මේ වස්ත්‍රයෙන් කඨිනය අතුරන්නෙමි’යි නිමිති කෙරෙයි.
Pali BJT7. පරිකථා ජානිතබ්බාති : පරිකථං කරොති ‘ඉමාය පරිකථාය කඨිනදුස්සං නිබ්බත්තෙස්සාමී’ති.
Sinhala BJT7. පරිකථා ජානිතබ්බා යනු: ‘මේ පරිකථාවෙන් කඨින වස්ත්‍රයක් උපදවා ගන්නෙමි’ යි පරිකථාව කෙරෙයි.
Pali BJT8. කුක්කුකතං ජානිතබ්බන්ති : අනාදියදානං ජානිතබ්බං.
Sinhala BJT8. කුක්කුකතං ජානිතබ්බං යනු: තමාට ගැන්මට නො දුන් බව දතයුතු යි.
Pali BJT9. සන්නිධි ජානිතබ්බාති : ද්වෙ සන්නිධියො ජානිතබ්බා : කරණසන්නිධි ච නිචයසන්නිධි ච.
Sinhala BJT9. සන්නිධි ජානිතබ්බා යනු: (එදින ම පරිකර්‍ම නිම නො කොට තබා නැවැත කිරීම නම් වූ) කරණ සන්නිධි යැ (කඨින වස්ත්‍රය ලැබූ දින හැර පසු දා පමුණුවාලීම නම් වූ) නිචය සන්නිධි යැ යි දෙවැදෑරුම් සන්නිධිය දතයුතු යි.
Pali BJT10. නිස්සග්ගියං ජානිතබ්බන්ති : කරියමානෙ අරුණං උද්රීයති.{1}
Sinhala BJT10. නිස්සග්ගියං ජානිතබ්බං යනු: පරිකර්‍ම කරණු ලබන කල්හි අරුණ නැගීම වෙයි.
Pali BJT11. කඨිනත්ථාරො ජානිතබ්බොති : සචෙ සඞ්ඝස්ස කඨිනදුස්සං උප්පන්නං හොති ; සඞ්ඝෙන කථං පටිපජ්ජිතබ්බං, අත්ථාරකෙන කථං පටිපජ්ජිතබ්බං, අනුමොදකෙන කථං පටිපජ්ජිතබ්බං :
Sinhala BJT11. කඨිනත්‍ථාරො ජානිතබ්බො යනු: ඉදින් සඞ්ඝයාට කඨින වස්ත්‍රයෙක් උපන්නේ නම් (එකල්හි) සඞ්ඝයා විසින් කෙසේ පිළිපැදියයුතු ද, අතුරන්නහු විසින් කෙසේ පිළිපැදියයුතු ද, අනුමෝදන් වන්නහු විසින් කෙසේ පිළිපැදියයුතු ද යත්:
Pali BJT12. සඞ්ඝෙන ඤත්තිදුතියෙන කම්මෙන කඨිනත්ථාරකස්ස භික්ඛුනො දාතබ්බං. තෙන කඨිනත්ථාරකෙන භික්ඛුනා තදහෙව ධොවිත්වා විමජ්ජිත්වා විචාරෙත්වා ඡින්දිත්වා සිබ්බෙත්වා රජිත්වා කප්පං කත්වා කඨිනං අත්ථරිතබ්බං. සචෙ සඞ්ඝාටියා කඨිනං අත්ථරිතුකාමො හොති, පොරාණකා සඞ්ඝාටි පච්චුද්ධරිතබ්බා, නවා සඞ්ඝාටි අධිට්ඨාතබ්බා. “ඉමාය සඞ්ඝාටියා කඨිනං අත්ථරාමී”ති වාචා භින්දිතබ්බා. සචෙ උත්තරාසඞ්ගෙන කඨිනං අත්ථරිතුකාමො හොති, පොරාණකො උත්තරාසඞ්ගො පච්චුද්ධරිතබ්බො, නවො උත්තරාසඞ්ගො අධිට්ඨාතබ්බො, “ඉමිනා උත්තරාසඞ්ගෙන කඨිනං අත්ථරාමී”ති වාචා භින්දිතබ්බා. සචෙ අන්තරවාසකෙන කඨිනං අත්ථරිතුකාමො හොති, පොරාණකො අන්තරවාසකො පච්චුද්ධරිතබ්බො, නවො අන්තරවාසකො අධිට්ඨාතබ්බො, “ඉමිනා අන්තරවාසකෙන කඨිනං අත්ථරාමී”ති වාචා භින්දිතබ්බා.
Sinhala BJT12. සඞ්ඝයා විසින් ඤත්තිදුතිය කර්‍මයෙන් කඨිනත්‍ථාරක මහණහට දියයුතු යැ ඒ කඨිනත්‍ථාරක මහණහු විසින් එ දවස ම දොවා පිරිමැද (රැලි හැර) කඩ අතු බෙදා සිඳ, මසා පඬු පොවා කප්බිඳු තබා කඨිනය ඇතිරිය යුතු යි. ඉදින් සඟළ සිවුරෙන් කඨිනය අතුරණු කැමැත්තේ නම් (එකල්හි) පුරාණ සඞ්ඝාටිය පච්චුද්ධරණය කටයුතු යැ. නව සඞ්ඝාටිය අධිෂ්ඨාන කටයුතු යැ. “මේ සඞ්ඝාටියෙන් කඨිනය අතුරමි”යි වාග්භේද කටයුතු යි. ඉදින් උත්තරාසඞ්ගයෙන් කඨිනය අතුරණු කැමැත්තේ නම් (එකල්හි) පුරාණ උත්තරාසඞ්ගය පච්චුද්ධරණය කටයුතු යැ, නව උත්තරාසඞ්ගය අධිෂ්ඨාන කටයුතු යැ. “මේ උත්තරාසඞ්ගයෙන් කඨිනය අතුරමි’යි වාග්භේද කටයුතු යි. ඉදින් අන්තරවාසකයෙන් කඨිනය අතුරණු කැමැත්තේ නම් (එකල්හි) පුරාණ අන්තරවාසකය පච්චුද්ධරණය කටයුතු යි. නව අන්තරවාසකය අධිෂ්ඨාන කටයුතු යැ, “මේ අන්තරවාසකයෙන් කඨිනය අතුරමි”යි වාග්භේද කටයුතු වේ.
Pali BJT13. තෙන කඨිනත්ථාරකෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො : “අත්ථතං භන්තෙ සඞ්ඝස්ස කඨිනං ධම්මිකො කඨිනත්ථාරො, අනුමොදථා”ති. තෙහි අනුමොදකෙහි භික්ඛූහි එකංසං උත්තරාසඞ්ගං කරිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො : “අත්ථතං ආවුසො සඞ්ඝස්ස කඨිනං, ධම්මිකො කඨිනත්ථාරො, අනුමොදාමා”ති.
Sinhala BJT13. ඒ කඨිනත්‍ථාරක මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උත්තරාසඞ්ගය එකස් කොට ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ, “වහන්ස, සඞ්ඝයාගේ කඨිනය (මවිසින්) අතුරණ ලද යැ, කඨිනත්‍ථාරය ධාර්මික වෙයි. (ඒ කඨිනානිසංසය) අනුමෝදන් වුව මැනවැ”යි. ඒ කඨිනානිසංසය අනුමෝදන් වන භික්‍ෂූන් විසින් උත්තරාසඞ්ගය එකස් කොට ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ, “ඇවැත්නි, සඞ්ඝයාගේ කඨිනය තොප විසින් අතුරණ ලද යැ, කඨිනත්‍ථාරය ධාර්මික වෙයි (ඒ කඨිනානිසංසය) අනුමෝදන් වමු” යි.
Pali BJT14. තෙන කඨිනත්ථාරකෙන භික්ඛුනා සම්බහුලෙ භික්ඛූ උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්සු වචනීයො : “අත්ථතං භන්තෙ සඞ්ඝස්ස කඨිනං. ධම්මිකො කඨිනත්ථාරො, අනුමොදථා”ති. තෙහි අනුමොදකෙහි භික්ඛූහි එකංසං උත්තරාසඞ්ගං කරිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො : “අත්ථතං ආවුසො සඞ්ඝස්ස කඨිනං, ධම්මිකො කඨිනත්ථාරො අනුමොදාමා”ති.
Sinhala BJT14. ඒ කඨිනත්‍ථාරක මහණහු විසින් බොහෝ භික්‍ෂූන් වෙත එළඹ උත්තරාසඞ්ගය එකස් කොට ඇඳිලි බැඳ මෙසේ කියයුතු යැ. “වහන්ස, සඞ්ඝයාගේ කඨිනය (මවිසින්) අතුරණ ලද යැ, කඨිනත්‍ථාරය ධාර්මික වෙයි, (ඒ කඨිනානිසංසය) අනුමෝදන් වුව මැනවැ යි. ඒ කඨිනානිසංසය අනුමෝදන් වන භික්‍ෂූන් විසින් උත්තරාසඞ්ගය එකස් කොට ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ. “ඇවැත්නි, සඞ්ඝයාගේ කඨිනය තොප විසින් අතුරණ ලද යැ, කඨිනත්‍ථාරය ධාර්මික වෙයි (ඒ කඨිනානිසංසය) අනුමෝදන් වමු”යි.
Pali BJT15. තෙන කඨිනත්ථාරකෙන භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො : “අත්ථතං ආවුසො සඞ්ඝස්ස කඨිනං, ධම්මිකො කඨිනත්ථාරො, අනුමොදාහී”ති. තෙන අනුමොදකෙන භික්ඛුනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො : “අත්ථතං ආවුසො සඞ්ඝස්ස කඨිනං, ධම්මිකො කඨිනත්ථාරො, අනුමොදාමී”ති.
Sinhala BJT15. ඒ කඨිනත්‍ථාරක මහණහු විසින් එක් මහණක්හු වෙත එළඹ උත්තරාසඞ්ගය එකස් කොට ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ. “ඇවැත්නි, සඞ්ඝයාගේ කඨිනය (ම විසින්) අතුරණ ලද යැ, කඨිනත්‍ථාරය ධාර්මික වෙයි, (ඒ කඨිනානිසංසය) අනුමෝදන් වුව මැනැවැ”යි. ඒ අනුමෝදන් වන මහණහු විසින් උත්තරාසඞ්ගය එකස් කොට ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ. “ඇවැත්නි, සඞ්ඝයාගේ කඨිනය තොප විසින් අතුරණ ලද යැ, කඨිනත්‍ථාරය ධාර්මික වෙයි, (ඒ කඨිනානිසංසය) අනුමෝදන් වෙමි”යි.
Pali BJTසඞ්ඝො කඨිනං අත්ථරති, ගණො කඨිනං අත්ථරති, පුග්ගලො කඨිනං අත්ථරතීති : න සඞ්ඝො කඨිනං අත්ථරති, න ගණො කඨිනං අත්ථරති, පුග්ගලො කඨිනං අත්ථරතීති. හඤ්චි න සඞ්ඝො කඨිනං අත්ථරති, න ගණො කඨිනං අත්ථරති, පුග්ගලො කඨිනං අත්ථරති. සඞ්ඝස්ස අනත්ථතං හොති කඨිනං, ගණස්ස අනත්ථතං හොති කඨිනං, පුග්ගලස්ස අත්ථතං හොති කඨිනං.
Sinhala BJTසඞ්ඝයා කඨිනය අතුරා ද, ගණයා කඨිනය අතුරා ද, පුද්ගල කඨිනය අතුරා ද යත්: සඞ්ඝයා කඨිනය නො අතුරයි, ගණයා කඨිනය නො අතුරයි, පුද්ගල කඨිනය අතුරයි. ඉදින් සඞ්ඝයා කඨිනය නො අතුරා නම්, ගණයා කඨිනය නො අතුරා නම් පුද්ගල කඨිනය අතුරා නම් සඞ්ඝයා විසින් කඨිනය නො අතුරණ ලද වෙයි, ගණයා විසින් කඨිනය නො අතුරණ ලද වෙයි, පුද්ගලයා විසින් කඨිනය අතුරණ ලද වේ.
Pali BJTසඞ්ඝො පාතිමොක්ඛං උද්දිසති, ගණො පාතිමොක්ඛං උද්දිසති, පුග්ගලො පාතිමොක්ඛං උද්දිසතීති ; න සඞ්ඝො පාතිමොක්ඛං උද්දිසති. න ගණො පාතිමොක්ඛං උද්දිසති, පුග්ගලො පාතිමොක්ඛං උද්දිසති : හඤ්චි න සඞ්ඝො පාතිමොක්ඛං උද්දිසති, න ගණො පාතිමොක්ඛං උද්දිසති, පුග්ගලො පාතිමොක්ඛං උද්දිසති : සඞ්ඝස්ස අනුද්දිට්ඨං හොති පාතිමොක්ඛං, ගණස්ස අනුද්දිට්ඨං හොති පාතිමොක්ඛං, පුග්ගලස්ස උද්දිට්ඨං හොති පාතිමොක්ඛං, සඞ්ඝස්ස සාමග්ගියා ගණස්ස සාමග්ගියා පුග්ගලස්ස උද්දෙසා සඞ්ඝස්ස උද්දිට්ඨං හොති පාතිමොක්ඛං, ගණස්ස උද්දිට්ඨං හොති පාතිමොක්ඛං, පුග්ගලස්ස උද්දිට්ඨං හොති පාතිමොක්ඛං.
Sinhala BJTසඞ්ඝයා පාමොක් උදෙසා ද, ගණයා පාමොක් උදෙසා ද, පුද්ගල පාමොක් උදෙසා ද යත්: සඞ්ඝයා පාමොක් නො උදෙසයි, ගණයා පාමොක් නො උදෙසයි, පුද්ගල පාමොක් උදෙසයි. ඉදින් සඞ්ඝයා පාමොක් නො උදෙසා නම් ගණයා පාමොක් නො උදෙසා නම් පුද්ගල පාමොක් උදෙසා නම් සඞ්ඝයා විසින් පාමොක් නො උදෙසන ලද වෙයි, ගණයා විසින් පාමොක් නො උදෙසන ලද වෙයි, පුද්ගලයා විසින් පාමොක් උදෙසන ලද වේ. සඞ්ඝයාගේ සමගියෙන් ගණයාගේ සමගියෙන් පුද්ගලයාගේ (පාමොක්) උදෙසීමෙන් සඞ්ඝයා විසින් පාමොක් උදෙසන ලද වෙයි, ගණයා විසින් පාමොක් උදෙසන ලද වෙයි, පුද්ගලයා විසින් පාමොක් උදෙසන ලද වේ.
Pali BJTඑවමෙව න සඞ්ඝො කඨිනං අත්ථරති, න ගණො කඨිනං අත්ථරති, පුග්ගලො කඨිනං අත්ථරති. සඞ්ඝස්ස අනුමොදනාය ගණස්ස අනුමොදනාය පුග්ගලස්ස අත්ථාරා සඞ්ඝස්ස අත්ථතං හොති කඨිනං, ගණස්ස අත්ථතං හොති කඨිනං, පුග්ගලස්ස අත්ථතං හොති කඨිනන්ති.
Sinhala BJTඑසෙයින් ම සඞ්ඝයා කඨිනය නො අතුරයි, ගණයා කඨිනය නො අතුරයි, පුද්ගල කඨිනය අතුරයි. සඞ්ඝයාගේ අනුමෝදනයෙන් ගණයාගේ අනුමෝදනයෙන් පුද්ගලයාගේ ඇතිරීමෙන් සඞ්ඝයා විසින් කඨිනය අතුරණ ලද වෙයි, ගණයා විසින් කඨිනය අතුරණ ලද වෙයි, පුද්ගලයා විසින් කඨිනය අතුරණ ලද වේ.
Pali BJT1. පක්කමනන්තිකො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා. එතඤ්ච තාහං පුච්ඡාමි, කතමො පළිබොධො පඨමං ඡිජ්ජති :
Sinhala BJT1. අනපේක්‍ෂිත වැ ආවාසයෙන් නික්ම යෑම කෙළවර කොට සිටින පක්කමනන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි තෙල කරුණ ද මම ඔබ විචාරමි.
Pali BJT2. පක්කමනන්තිකො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං විස්සජ්ජිස්සං චීවරපළිබොධො පඨමං ඡිජ්ජති ; තස්ස සහ බහිසීමගමනා ආවාසපළිබොධො ඡිජ්ජති.
Sinhala BJT2. පක්කමනන්තිකකඨිනුද්ධාරය සුර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. මම තෙල කරුණ තොපට විසඳා කියමි. (එහි) චීවර පළිබෝධය පළමු වැ සිඳෙයි, ඔහු සීමාවෙන් බැහැර යන්නා හා මැ ආවාස පළිබෝධය සිඳේ.
Pali BJT3. නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො, වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං පුච්ඡාමි කතමො පළිබොධො පඨමං ඡිජ්ජති ;
Sinhala BJT3. (සිවුර කොට නිමවීම කෙළවර කොට සිටි) නිට්ඨානන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍ය බන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
Pali BJT4. නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං විස්සජ්ජිස්සං ආවාසපළිබොධො පඨමං ඡිජ්ජති ; චීවරෙ නිට්ඨිතෙ චීවරපළිබොධො ඡිජ්ජති.
Sinhala BJT4. නිට්ඨානන්තිකකඨිනුද්ධාරය සුර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) මම තෙල කරුණ තොපට විසඳා කියමි. (එහි) ආවාස පළිබෝධය පළමු වැ සිඳෙයි, සිවුර කොට නිමි කල්හි චීවර පළිබෝධය සිඳේ.
Pali BJT5. සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං පුච්ඡාමි, කතමො පළිබොධො පඨමං ඡිජ්ජති :
Sinhala BJT5. (සිවුරත් නො කරමි ආවාසයටත් නො යමි’යි සනිටුහන් කිරීම කෙළවර කොට සිටි) සන්නිට්ඨානන්තිකකඨිනුද්ධාරය සුර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
Pali BJT6. සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං විස්සජ්ජිස්සං ද්වෙ පළිබොධා අපුබ්බං අචරිමං ඡිජ්ජන්ති.
Sinhala BJT6. සන්නිට්ඨානන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. තෙල කරුණ මම තොපට විසඳා කියමි: (එහි) චීවර යැ ආවාස යැ යි උභය පළිබෝධයෝ පෙර පසු නො වැ එකවිට මැ සිඳෙත්.
Pali BJT7. නාසනන්තිකො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං පුච්ඡාමි කතමො පළිබොධො පඨමං ඡිජ්ජති :
Sinhala BJT7. (සිවුර නැසීම කෙළවර කොට ඇති) නාසනන්තිකකඨිනුද්ධාරය සුර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. එහි කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
Pali BJT8. නාසනන්තිකො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං විස්සජ්ජිස්සං ආවාසපළිබොධො පඨමං ඡිජ්ජති ; චීවරෙ නට්ඨෙ චීවරපළිබොධො ඡිජ්ජති.
Sinhala BJT8. නාසනන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. තෙල කරුණ මම තොපට විසඳා කියමි: එහි ආවාස පළිබෝධය පළමු වැ සිඳෙයි, සිවුර නට කල්හි චීවර පළිබෝධය සිඳේ.
Pali BJT9. සවණන්තිකො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං පුච්ඡාමි කතමො පළිබොධො පඨමං ඡිජ්ජති.
Sinhala BJT9. (විහාරයෙහි කඨිනුද්ධාරය කරණ ලදැයි ඇසීම කෙළවර කොට ඇති) සවනන්තික කඨිනුද්ධාරය සුර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
Pali BJT10. සවණන්තිකො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං විස්සජ්ජිස්සං චීවරපළිබොධො පඨමං ඡිජ්ජති : තස්ස සහ සවණෙන ආවාසපළිබොධො ඡිජ්ජති.
Sinhala BJT10. සවනන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. තෙල කරුණ ද මම තොපට විසඳා කියමි: (එහි) චීවර පළිබෝධය පළමු වැ සිඳෙයි. ඔහු එ පවත් අසන්නා හා මැ ආවාස පළිබෝධය සිඳේ.
Pali BJT11. ආසාවච්ඡෙදිකො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං පුච්ඡාමි කතමො පළිබොධො පඨමං ඡිජ්ජති :
Sinhala BJT11. (සිවුරු ලැබෙයි යන ආසාව සිඳීමෙන් අනුසස් සිඳීම කෙළවර කොට ඇති) ආසාවච්ඡේදිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
Pali BJT12. ආසාවච්ඡෙදිකො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං විස්සජ්ජිස්සං ආවාසපළිබොධො පඨමං ඡිජ්ජති, චීවරාසාය උපච්ඡින්නාය චීවරපළිබොධො ඡිජ්ජති.
Sinhala BJT12. ආසාවච්ඡේදිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ, තෙල කරුණ ද මම තොපට විසඳා කියමි: (එහි) ආවාස පළිබෝධය පළමු වැ සිඳෙයි, සිවුර පිළිබඳ ආසාව සිඳුනු කල්හි චීවර පළිබෝධය සිඳේ.
Pali BJT13. සීමාතික්කමනන්තිකො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං පුච්ඡාමි කතමො පළිබොධො පඨමං ඡිජ්ජති :
Sinhala BJT13. (සීමාතික්‍රමණය කෙළවර කොට ඇති) සීමාතික්කන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
Pali BJT14. සීමාතික්කමනන්තිකො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං විස්සජ්ජිස්සං චීවරපළිබොධො පඨමං ඡිජ්ජති : තස්ස බහිසීමගතස්ස ආවාසපළිබොධො ඡිජ්ජති.
Sinhala BJT14. සීමාතික්කන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. තෙල කරුණ ද මම තොපට විසඳා කියමි: එහි චීවර පළිබෝධය පළමු වැ සිඳෙයි, සීමායෙන් බැහැර ගිය ඔහුට ආවාස පළිබෝධය සිඳේ.
Pali BJT15. සහුබ්භාරො කඨිනුද්ධාරො වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං පුච්ඡාමි කතමො පළිබොධො පඨමං ඡිජ්ජති :
Sinhala BJT15. (උබ්භාර සහිත වූ) සහුබ්භාරකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමුවැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
Pali BJT16. සහුබ්භාරො කඨිනුද්ධාරො, වුත්තො ආදිච්චබන්ධුනා, එතඤ්ච තාහං විස්සජ්ජිස්සං ද්වෙ පළිබොධා අපුබ්බං අචරිමං ඡිජ්ජන්තීති.
Sinhala BJT16. සහුබ්භාරකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. මම තෙල කරුණ ද තොපට විසඳා කියමි. (එහි) චීවර-ආවාසපළිබෝධද්වය පෙර පසු නො වැ එකවර සිඳේ.
Pali BJT17. කති කඨිනුද්ධාරා සඞ්ඝාධීනා, කති කඨිනුද්ධාරා පුග්ගලාධීනා, කති කඨිනුද්ධාරා නෙව සඞ්ඝාධීනා න පුග්ගලාධීනා : එකො කඨිනුද්ධාරො සඞ්ඝාධීනො : අන්තරුබ්භාරො. චත්තාරො කඨිනුද්ධාරා පුග්ගලාධීනා : පක්කමනන්තිකො නිට්ඨානන්තිකො සන්නිට්ඨානන්තිකො සීමාතික්කමනන්තිකො. චත්තාරො කඨිනුද්ධාරා නෙව සඞ්ඝාධීනා න පුග්ගලාධීනා නාසනන්තිකො සවණන්තිකො ආසාවච්ඡෙදිකො සහුබ්භාරො.
Sinhala BJT17. කෙතෙක් කඨිනුද්ධාරයෝ සඞ්ඝයා අයත් ද, කෙතෙක් කඨිනුද්ධාරයෝ පුද්ගලයා අයත් ද, කෙතෙක් කඨිනුද්ධාරයෝ නොම සඞ්ඝයා අයත් ද, නොද පුද්ගලයා අයත් ද යත්: එක් මැ අන්තරුබ්හාරකඨිනුද්ධාරය සඞ්ඝයා අයත් වෙයි. පක්කමනන් තික-නිට්ඨානන්තික-සන්නිට්ඨානන්තික-සීමාතික්කන්තික යැ යන සිවු කඨිනුද්ධාරයෝ පුද්ගලයා අයත් වෙති. නාසනන්තික-සවනන්තික-ආසාවච්ඡේදික-සහුබ්භාර යැ යන සිවු කඨිනුද්ධාරයෝ නොම සඞ්ඝයා අයත් වෙති. නොද පුද්ගලයා අයත් වෙත්.
Pali BJT18. කති කඨිනුද්ධාරා අන්තොසීමාය උද්ධරීයන්ති, කති කඨිනුද්ධාරා බහිසීමාය උද්ධරීයන්ති, කති කඨිනුද්ධාරා සියා අන්තොසීමාය උද්ධරීයන්ති, සියා බහිසීමාය උද්ධරීයන්ති : ද්වෙ කඨිනුද්ධාරා අන්තොසීමාය උද්ධරීයන්ති : අන්තරුබ්භාරො සහුබ්භාරො. තයො කඨිනුද්ධාරා බහිසීමාය උද්ධරීයන්ති : පක්කමනන්තිකො, සවණන්තිකො, සීමාතික්කමනන්තිකො. චත්තාරො කඨිනුද්ධාරා සියා අන්තොසීමාය උද්ධරීයන්ති, සියා බහිසීමාය උද්ධරීයන්ති : නිට්ඨානන්තිකො සන්නිට්ඨානන්තිකො, සවණන්තිකො ආසාවච්ඡෙදිකො.
Sinhala BJT18. කෙතෙක් කඨිනුද්ධාරයෝ (වස්විසූ) සීමාව තුළ උද්ධරණය කරණු ලැබෙද් ද, කෙතෙක් කඨිනුද්ධාරයෙන් සීමායෙන් බැහැරැ උද්ධරණය කරණු ලැබෙද් ද, කෙතෙක් කඨිනුද්ධාරයෝ කිසි විටෙක ඇතුළු සීමායෙහි උද්ධරණය කරණු ලැබෙද් ද, කිසිවිටෙක සීමාවෙන් බැහැරැ උද්ධරණය කරණු ලැබෙද් ද යත්: අන්තරුබ්හාර යැ-සහුබ්හාර යැ යන කඨිනුද්ධාරයෝ දෙදෙන සීමාව තුළ උද්ධරණය කරණු ලැබෙති. පක්කමනන්තිකයැ සවනන්තික යැ-සීමාතික්කන්තික යැ යන කඨිනුද්ධාරයෝ තිදෙන සීමාවෙන් බැහැරැ උද්ධරණය කරණු ලැබෙති. නිට්ඨානන්තික යැ සන්නිට්ඨානන්තික යැ-නාසනන්තික යැ-ආසාවච්ඡේදික යැ යන කඨිනුද්ධාරයෙන් සිවු දෙන කිසි විටෙක සීමාව තුළ උද්ධරණය කරණු ලැබෙති, කිසිවිටෙක සීමාවෙන් බැහැරැ උද්ධරණය කරණු ලැබෙත්.
Pali BJT19. කති කඨිනුද්ධාරා{1} එකුප්පාදා, එකනිරොධා, කති කඨිනුද්ධාරා එකුප්පාදා නානානිරොධා : ද්වෙ කඨිනුද්ධාරා එකුප්පාදා එකනිරොධා : අන්තරුබ්භාරො සහුබ්භාරො. අවසෙසා කඨිනුද්ධාරා එකුප්පාදා නානානිරොධාති.
Sinhala BJT19. කෙතෙක් කඨිනුද්ධාරයෙන් එක් වැ උපන්නාහු එක් වැ නිරුද්ධ වෙත් ද, කෙතෙක් කඨිනුද්ධාරයෝ එක් වැ උපදනාහු වෙන් වැ නිරුද්ධ වෙත් ද යත්: අන්තරුබ්හාර යැ, සහුබ්භාර යැ යන කඨිනුද්ධාරයෝ දෙදෙන එක් වැ උපදනාහු එක් වැ නිරුද්ධ වෙති. සෙසු කඨිනුද්ධාරයෝ එක් වැ උපදනාහු වෙන් වැ නිරුද්ධ වෙත්.
Pali BJTකඨිනභෙදො{2} නිට්ඨිතො.
Sinhala BJTකඨිනභේදය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. කස්ස කින්ති පණ්ණරස ධම්මා නිදානහෙතු ච, පච්චය සංගහ මූලා ආදි ච අත්ථාර පුග්ගලා.{3}
Sinhala BJT1. කස්ස යැ, කින්ති යැ, පණ්ණරසධම්ම යැ, නිදාන යැ, හේතු යැ, පච්චය යැ, සඞ්ගහමුල යැ ආදි යැ, අත්‍ථාරපුග්ගල යැ,
Pali BJT2. භෙදා තිණ්ණං{4} තයො ජානිතබ්බං, අත්ථාරං උද්දෙසෙන ච, පළිබොධාධීනා සීමාය උප්පාදනිරොධෙන චාති.
Sinhala BJT2. තිණණං යැ, තයෝ යැ. ජානිතබ්බ යැ, අත්‍ථාර යැ, උද්දේසය සමග පළිබෝධ යැ, අධීන යැ, එකුප්පාද-එකනිරෙධාය සමග සීමා යැ යි.
Pali BJTඋපාලි පඤ්චකං
Sinhala BJTඋපාලිපඤ්චකය