Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. චොදනා අනුවිජ්ජා ච ආදි මූලෙනුපොසථො, ගති චොදනකණ්ඩම්හි සාසනං පතිට්ඨාපයන්ති{1}
Sinhala BJT1. ශාසනයාගේ ප්‍රතිෂ්ඨායෙහි ලා චෝදනා යැ අනුවිජ්ජක යැ (චෝදනාවගේ) මූලය සමග ආදිය යැ උපෝසථ යැ අගති යැ (යන කරුණු) චෝදනා කාණ්ඩයෙහි වේ.
Pali BJTචූළසඞ්ගාමො
Sinhala BJTචූළසඞ්ග්‍රාමය
Pali BJTඅනුවිජ්ජකස්සපටිපත්ති
Sinhala BJTඅනුවිජ්ජකප්‍රතිපත්ති
Pali BJT1. සඞ්ගාමාවචරෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමන්තෙන නීචචිත්තෙන සඞ්ඝො උපසඞ්කමිතබ්බො රජොහරණසමෙන චිත්තෙන, ආසනකුසලෙන භවිතබ්බං, නිසජ්ජාකුසලෙන ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජන්තෙන නවෙ භික්ඛූ ආසනෙන අප්පටිබාහන්තෙන, යථාපතිරූපෙ ආසනෙ නිසීදිතබ්බං, අනානාකථිකෙන භවිතබ්බං අතිරච්ඡානකථිකෙන, සාමං වා ධම්මො භාසිතබ්බො පරො වා අජ්ඣෙසිතබ්බො, අරියො වා තුණ්හීභාවො නාතිමඤ්ඤිතබ්බො.
Sinhala BJT1. සඞ්ග්‍රාමාවචර (සඟමැ ද අධිකරණ විනිශ්චය කරණ) මහණහු විසින් යටත් සිතින් පාපිස්නක් සෙයින් මන් නැති වැ සඞ්ඝයා වෙත එළඹිය යුතු යැ. තමහට සුදුසු අස්නක් තෝරා ගැන්මෙහි දක්‍ෂ විය යුතු යැ. හිඳීම පිළිබඳ දැනීමෙහි දක්‍ෂවූවහු විසින් ස්ථවිර භික්‍ෂූන් නො ගටා නවක භික්‍ෂූන් අස්නෙන් නො නෙරපා තමහට සුදුසු අස්නෙහි හින්ද යුතු යැ, රාජකථාදි තිරශ්චීනකථා නැති වැ නන්වැදෑරුම් අවැඩ කථාවෙන් තොර විය යුතු යැ, තමා විසින් හෝ දහම් දෙසිය යුතු යැ. අනෙකකුට හෝ ආරාධනා කටයුතු යැ, කමටහන් මෙනෙහි කිරීම් සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය තුෂ්ණිම්භාවය හෝ අවඥා නො කට යුතු යි.
Pali BJT2. සඞ්ඝෙන අනුමතෙන පුග්ගලෙන අනුවිජ්ජකෙන අනුවිජ්ජිතුකාමෙන න උපජ්ඣායො පුච්ඡිතබ්බො, න ආචරියො පුච්ඡිතබ්බො, න සද්ධිවිහාරිකො පුච්ඡිතබ්බො, න අන්තෙවාසිකො පුච්ඡිතබ්බො, න සමානුපජ්ඣායකො පුච්ඡිතබ්බො, න සමානාචරියකො පුච්ඡිතබ්බො, න ජාති පුච්ඡිතබ්බා, න නාමං පුච්ඡිතබ්බං, න ගොත්තං පුච්ඡිතබ්බං, න ආගමො පුච්ඡිතබ්බො, න කුලපදෙසො පුච්ඡිතබ්බො, න ජාතිභූමි පුච්ඡිතබ්බා. තං කිං කාරණා : අත්රස්ස පෙමං වා දොසො වා. පෙමෙ වා සති දොසෙ වා ඡන්දාපි ගච්ඡෙය්ය, දොසාපි ගච්ඡෙය්ය, මොහාපි ගච්ඡෙය්ය, භයාපි ගච්ඡෙය්ය.
Sinhala BJT2. සඞ්ඝයා විසින් අනුමත කරණ ලද විනිශ්චය කරණු නැමැති අනුවිජ්ජක පුද්ගල විසින් උපාද්ධ්‍යාය (කවරෙ දැයි) නො විචාළ යුතු යැ, ආචාර්‍ය්‍ය නො විචාළ යුතු යැ. සද්ධිවිහාරික නො විචාළ යුතු යැ, අන්තේවාසික නො විචාළ යුතු යැ, සමානෝපාද්ධ්‍යායක නො විචාළ යුතු යැ, සමානාචාර්‍ය්‍යක නො විචාළ යුතු යැ, ජාතිය නො විචාළ යුතු යැ. නාමය නො විචාළ යුතු යැ, ගෝත්‍රය නො විචාළ යුතු යැ, (දීඝභාණකාදි) ආගමය නො විචාළ යුතු යැ, කුල ප්‍රදේශය නො විචාළ යුතු යැ, ජාතභූමිය නො විචාළ යුතු යි. එ කවර හෙයිනැ යත්: මෙහිලා ඔහුට ප්‍රේමය හෝ ද්වේෂය හෝ වන්නේ යැ, ප්‍රේමය හෝ ද්වේෂය හෝ ඇති කල්හි ඡන්‍දයෙනුදු අගතියට යන්නේ යැ, ද්වේෂයෙනුදු අගතියට යන්නේ යැ, මෝහයෙනුදු අගතියට යන්නේ යැ, බියෙනුදු අගතියට යන්නේ යි.
Pali BJT3. සඞ්ඝෙන අනුමතෙන පුග්ගලෙන අනුවිජ්ජකෙන අනුවිජ්ජිතුකාමෙන සඞ්ඝගරුකෙන භවිතබ්බං නො පුග්ගලගරුකෙන, සද්ධම්මගරුකෙන භවිතබ්බං නො ආමිසගරුකෙන, අත්ථවසිකෙන භවිතබ්බං නො පරිසකප්පිකෙන,{1} කාලෙන අනුවිජ්ජිතබ්බං නො අකාලෙන, භූතෙන අනුවිජ්ජිතබ්බං නො අභූතෙන, සණ්හෙන අනුවිජ්ජිතබ්බං නො ඵරුසෙන, අත්ථසංහිතෙන අනුවිජ්ජිතබ්බං නො අනත්ථසංහිතෙන, මෙත්තාචිත්තෙන අනුවිජ්ජිතබ්බං නො දොසන්තරෙන, න උපකණ්ණකජප්පිනා භවිතබ්බං, න ජිම්හං{2} පෙක්ඛිතබ්බං, න අක්ඛි නිඛණිතබ්බං, න භමුකා උක්ඛිපිතබ්බා, න සීසං උක්ඛිපිතබ්බං, න හත්ථවිකාරො කාතබ්බො, න හත්ථමුද්දා දස්සෙතබ්බා.
Sinhala BJT3. සඞ්ඝයා විසින් අනුමත කරණ ලද විනිශ්චය කරණු කැමැති අනුවිජ්ජක පුද්ගල විසින් පුද්ගලගරුක නො වැ සඞ්ඝගරුක විය යුතු යැ, ආමිසගරුක නො වැ සද්ධර්‍මගරුක විය යුතු යැ. පරිස සඞ්කප්පික නො වැ (පිරිස් අනුව කියන්නහු) අත්‍ථවසික විය යුතු යැ, නො කල්හි නො වැ නිසි කල්හි විනිශ්චය කළ යුතු යැ, අසත්‍යයෙන් නො වැ සත්‍යයෙන් විනිශ්චය කළ යුතු යැ, රළු බසින් නො වැ සිලිටි බසින් විනිශ්චය කළ යුතු යැ, අනර්‍ත්‍ථ සංහිතයෙන් නො වැ අර්‍ත්‍ථසංහිතයෙන් විනිශ්චය කළ යුතු යැ, දූෂිත සිතින් නො වැ මෙත් සිතින් විනිශ්චය කළ යුතු යැ, කණට කොඳුරා කියන්නකු නො විය යුතු යැ. වරද නො බැලිය යුතු යැ, ඇස නො කැණිය යුතු යැ. බැම නො නැඟිය යුතු යැ. හිස නො එසවිය යුතු යැ, හස්තවිකාර නො කට යුතු යැ, හස්ත මුද්‍රා නො දැක්විය යුතු යි.
Pali BJT4. ආසනකුසලෙන භවිතබ්බං නිසජ්ජකුසලෙන, යුගමත්තං පෙක්ඛන්තෙන අත්ථං අනුවිධීයන්තෙන සකෙ ආසනෙ නිසීදිතබ්බං, න ච ආසනා වුට්ඨාතබ්බං, න වීතිහාතබ්බං, න කුම්මග්ගො සෙවිතබ්බො න බාහාවික්ඛෙපකං භණිතබ්බං අතුරිතෙන භවිතබ්බං අසාහසිකෙන, අචණ්ඩික්කෙන භවිතබ්බං වචනක්ඛමෙන, මෙත්තාචිත්තෙන භවිතබ්බං
Sinhala BJT4. තමහට පත් අසුන නො ඉක්මැ අසුන් ගැන්මෙහි සමත් වූවහු හිඳීමෙහි නිපුණ වූවහු විය යුතු යැ. වියදඬු පමණ බලන්නහු විනිශ්චය පිළිවිදුනහු විසින් සිය අසුන්හි හිඳගත යුතු යැ, අසුනෙන් නො ද නැගී සිටිය යුතු යැ. විනිශ්චය නො පිරිහෙළිය යුතු යැ. ඇවැත නො දැක්විය යුතු යැ, බාහාවික්‍ෂේප කොට නො බිණිය යුතු යැ, ත්‍වරිත වැ ලාහෙළා නො බිණිය යුතු යැ, සැඬ නො වූවහු පරොස් බස් ඉවසන සුල්ලහු විය යුතු යැ, මෙත් සිත්
Pali BJTහිතානුකම්පිනා, කාරුණිකෙන භවිතබ්බං හිතපරිසක්කිනා{1}, “අසම්ඵප්පලාපිනා භවිතබ්බං පරියන්තභාණිනා, අවෙරවසිකෙන භවිතබ්බං අනසුරුත්තෙන, අත්තා පරිග්ගහෙතබ්බො, පරො පරිග්ගහෙතබ්බො, චොදකො පරිග්ගහෙතබ්බො, චුදිතකො පරිග්ගහෙතබ්බො, අධම්මචොදකො පරිග්ගහෙතබ්බො, අධම්මචුදිතකො පරිග්ගහෙතබ්බො, ධම්මචොදකො පරිග්ගහෙතබ්බො, ධම්මචුදිතකො පරිග්ගහෙතබ්බො, වුත්තං අහාපෙන්තෙන අවුත්තං අපකාසෙන්තෙන ඔතිණ්ණානි පදව්යඤ්ජනානි සාධුකං පරිග්ගහෙත්වා{2} පරො පටිපුච්ඡිත්වා යථා පටිඤ්ඤාය කාරෙතබ්බො මන්දො පහාසෙතබ්බො{3}, භීරූ අස්සසෙතබ්බො, චණ්ඩො නිසෙධෙතබ්බො, අසුචි විභාවෙතබ්බො, උජු මද්දවෙන, න ඡන්දාගති ගන්තබ්බා{4}, න දොසාගතිං ගන්තබ්බා, න මොහාගති ගන්තබ්බා, න භයාගති ගන්තබ්බා මජ්ඣත්තෙන භවිතබ්බං ධම්මෙසු ච පුග්ගලෙසු ච. එවඤ්ච පන අනුවිජ්ජකො අනුවිජ්ජමානො සත්ථු චෙව සාසනකරො හොති, විඤ්ඤූනං සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච.
Sinhala BJTඇත්තහු හිතෛෂී වූවහු විය යුතු යැ, හිතවැඩ සොයන කාරුණිකයකු විය යුතු යැ, හිස් තෙපුල් නො කියන්නකු කෙළවර දැන බණන්නකු විය යුතු යැ, ක්‍රෝධ වසඟ නො වූවකු නො මනා තෙපුල් ඇතියකු වියයුතු යැ, තමා (විනිශ්චයට පොහොසත් නො පොහොසත් බව) පරීක්‍ෂා කොට දත යුතු යැ, මෙරමා පරීක්‍ෂා කොට දත යුතු යැ, චෝදකයා පරීක්‍ෂා කොට දතයුතු යැ, චූදිතකයා පරීක්‍ෂා කොට දතයුතු යැ, අධර්‍මචෝදකයාගේ ප්‍රමාණය දත යුතු යැ. අධර්‍ම වූදිතයාගේ ප්‍රමාණය දත යුතු යැ, ධර්‍මචෝදකයාගේ ප්‍රමාණය දත යුතු යැ, ධර්‍මචූදිතකයාගේ ප්‍රමාණය දත යුතු යැ, (චෝදක චූදිතකයන් විසින්) කියන ලද වචන නො පිරිහෙළමින් ඉදිරිපත් නො කළ කරුණු පහළ නො කරමින් බැසගත් පදව්‍යඤ්ජන මනා වැ සිත තබාගෙණ මෙරමා පිළිවිස පිළිණ පරිද්දෙන් කරවිය යුතු යැ, මුළා වූයේ තෙද ගැන්විය යුතු යැ, බියසුලු වූයේ අස්වැසිය යුතු යැ, සැඬ වූයේ (තර්‍ජනයෙන්) වළකාලිය යුතු යැ, අලජ්ජි මහණ ප්‍රකාශ කළ යුතු යැ. (ඇවැත් දෙසිය යුතු යැ.), ඍජු මහණ මොළොකින් විචාළ යුතු යැ, ඡන්‍දයෙන් අගතියට නො යා යුතු යැ, ද්වේෂයෙන් අගතියට නො යා යුතු යැ, මෝහයෙන් අගතියට නො යා යුතු යැ, බියෙන් අගතියට නො යා යුතු යැ, (ධර්‍මගරුක වැ) දහම්හි ද පුඟුලන් කෙරෙහි ද මධ්‍යස්ථ විය යුත්තේ යි. තව ද මෙසේ අනුවිජ්ජක තෙමේ විනිශ්චය කරන්නේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරන්නේ ද වෙයි. නුවණැති සබ්‍රම්සරුන්ට ප්‍රිය ද මනාප ද ගරුක ද සම්භාවනීය ද වන්නේ යි.
Pali BJT5. සුත්තං සංසන්දනත්ථාය, ඔපම්මං නිදස්සනත්ථාය, අත්ථො විඤ්ඤාපනත්ථාය, පටිපුච්ඡා ඨපනත්ථාය, ඔකාසකම්මං චොදනත්ථාය, චොදනා සාරණත්ථාය, සාරණා සවචනීයත්ථාය, සවචනීයං පළිබොධත්ථාය, පළිබොධො විනිච්ඡයත්ථාය, විනිච්ඡයො සන්තීරණත්ථාය, සන්තීරණං ඨානාඨානගමනත්ථාය, ඨානාඨානගමනං දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහත්ථාය, පෙසලානං භික්ඛූනං සම්පග්ගහත්ථාය, සඞ්ඝො සම්පරිග්ගහත්ථාය, සම්පපරිග්ගහො සම්පටිච්ඡනත්ථාය, සම්පටිච්ඡනං අනිබ්බිදත්ථාය, සඞ්ඝෙන අනුමතා පුග්ගලා පච්චෙකට්ඨායිනො අවිසංවාදකට්ඨායිනො.
Sinhala BJT5. (අනුවිජ්ජක විසින් එළවන ලද) සූත්‍රය (ආපත්ති - අනාපත්ති) සංසන්‍දනය පිණිස යැ, උපමාව අරුත් දැක්වීම පිණිස යැ, අර්‍ත්‍ථය දැන්වීම පිණිස යැ, පිළිවිසීම (පුද්ගලයා) තැබීම පිණිස යැ, ඕකාස කර්‍මය චෝදනාව පිණිස යැ. චෝදනාව (දෝෂා දෝෂ) සිහි කරවීම පිණිස යැ, සිහි කරවීම කියයුතු බව පිණිස යැ. කියයුතු බව පළිබෝධය පිණිස යැ, පළිබෝධය විනිශ්චයට පමුණුවාලීම පිණිස යැ, විනිශ්චය (දෝෂාදෝෂ) තීරණය කිරීම පිණිස යැ, සන්තීරණය ඨානාඨානගමන (ගරුකලහුකඇවැත් දන්නා) පිණිස යැ, ඨානඨාන ගමන අලජ්ජීන්ට නිග්‍රහ පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ට රුකුල් පිණිස යැ, සඞ්ඝයා මොනවට විනිශ්චය ගන්නා පිණිස යැ, විනිශ්චය ගැන්ම සුවිනිශ්චිත දුර්විනිශ්චිත බව දන්නා පිණිස යැ, දැන ගැන්ම නො කළකිරීම පිණිස යැ, සඞ්ඝයා විසින් අනුමත පුද්ගලයෝ ඉසුරුබැව් දෙටුතැන් ඇත්තාහු ද, අවිසංවාදක ව සිටියාහු ද වෙත්.
Pali BJT6. විනයො සංවරත්ථාය, සංවරො අවිප්පටිසාරත්ථාය, අවිප්පටිසාරො පාමොජ්ජත්ථාය, පාමොජ්ජං පීතත්ථාය, පීති පස්සද්ධත්ථාය, පස්සද්ධි සුඛත්ථාය, සුඛං සමාධත්ථාය, සමාධි යථාභූතඤාණදස්සනත්ථාය, යථාභූතඤාණදස්සනං නිබ්බිදත්ථාය, නිබ්බිදා විරාගත්ථාය, විරාගො විමුත්තත්ථාය, විමුත්ති විමුත්තිඤාණදස්සනත්ථාය, විමුත්තිඤාණදස්සනං අනුපාදාපරිනිබ්බානත්ථාය. එතදත්ථා කථා එතදත්ථා මන්තනා, එතදත්ථා උපනිසා, එතදත්ථං සොතාවධානං යදිදං අනුපාදා චිත්තස්ස විමොක්ඛොති.
Sinhala BJT6. විනය (කායවාක්) සංවරය පිණිස යැ, සංවරය විපිළිසර නො වීම පිණිස යැ, විපිළිසර නො වීම ප්‍රමෝදය පිණිස යැ, ප්‍රමෝදය ප්‍රීතිය පිණිස යැ, ප්‍රීතිය දරථ සන්හිඳීම පිණිස යැ, ප්‍රශ්‍රබ්ධිය සුඛය පිණිස යැ, සුඛය සමාධිය පිණිස යැ, සමාධිය යථාභූතඥාන දර්‍ශනය පිණිස යැ, යථාභූඥානදර්‍ශනය නිර්වේදය පිණිස යැ, නිර්වේදය විරාගය පිණිස යැ, විරාගය විමුක්තිය පිණිස යැ, විමුක්තිය විමුක්තිඥානදර්‍ශනය පිණිස යැ, විමුක්තිඥානදර්‍ශනය අනුපාදාපරිනිර්‍වාණය පිණිස යැ, විනය කථාව යම් චිත්තයාගේ අනුපාදාවිමෝක්‍ෂයෙක් ඇත් ද, තෙල සඳහා යැ. විනයමන්ත්‍රණය තෙල සඳහා යැ. (විනයෝ සංවරත්‍ථාය යනාදි) පරම්පරප්‍රත්‍යය බව තෙල සඳහා යැ. සෝතාවධානය තෙල සඳහා යි.
Pali BJT1. අනුයොගවත්තං නිසාමය කුසලෙන බුද්ධිමතා කතං, සුවුත්තං සික්ඛාපදානුලොමිකං ගතිං න නාසෙන්තො සම්පරායිකං.
Sinhala BJT1. දක්‍ෂ වූ අග්‍රබුද්ධිමත් බුදුරජුන් විසින් (දේශනා) කරණ ලද මොනවට ප්‍රකාශ කරණලද සිකපදයන්ට අනුලොම් වූ අනුයෝගවත පරලොව සුගතිගමන නො නසමින් අසව.
Pali BJT2. වත්ථුං විපත්තිං ආපත්තිං නිදානං ආකාරඅකොවිදො, පුබ්බාපරං න ජානාති කතාකතං සමෙන ච.
Sinhala BJT2. කරුණු නො කරුණෙහි අදක්‍ෂ වූයේ (පරිජි ආදි) වස්තුව ද, (චතුර්විධ) විපත්තිය ද, සප්තාපත්තිස්කන්‍ධය ද, (සිකපදයන්ගේ) නිදානය ද, පෙරපසු වචනය ද, එවැනි නො දැනීමෙන් කළ නො කළ දැය ද නො දනී.
Pali BJT3. කම්මං ච අධිකරණං ච{1} සමථෙ චාපි අකොවිදො, රත්තො දුට්ඨො ච මූළ්හො ච භයා මොහා ච ගච්ඡති.
Sinhala BJT3. කර්‍මය ද අධිකරණය ද (නො දනී). ශමථයෙහි අදක්‍ෂ වූයේ රාගයෙන් රත් වූයේ ද්වේෂයෙන් දුෂ්ට වූයේ මෝහයෙන් මූඪ වූයේ බියෙන් ද මෝහයෙන් ද අගතියට යෙයි.
Pali BJT4. න ච සඤ්ඤත්තිකුසලො නිජ්ඣත්තියා ච අකොවිදො, ලද්ධපක්ඛො අහිරිකො කණ්හකම්මො අනාදරො ; ස වෙ තාදිසකො භික්ඛු අප්පටික්ඛොති වුච්චතී.
Sinhala BJT4. (මෙරමා) දැන්වීමෙහි දක්‍ෂයෙක් නො වේ ද, (කාරණාකාරණ) දැක්මෙහි අසමර්‍ත්‍ථ වේ ද, ලැබූ පක්‍ෂ ඇත්තේ ලජ්ජාවෙන් තොර වූයේ පව්කම් ඇත්තේ ද, ධර්‍මාදර පුද්ගලාදර නැත්තේ ද, එබඳු වූ ඒ මහණ ඒකාන්තයෙන් දෙටු තන්හි නො තැබිය යුතු යැ යි කියනු ලැබේ.
Pali BJT5. වත්ථුං විපත්තිං ආපත්තිං නිදානං ආකාරකොවිදො, පුබ්බාපරං පජානාති කතාකතං සමෙන ච.
Sinhala BJT5. කරුණු නො කරුණෙහි දක්‍ෂ වූයේ (පාරාජිකාදි) වස්තුව ද, (චතුර්විධ) විපත්තිය ද, ආපත්තිය ද, නිදානය ද, පෙරපසු වචනය ද, එවැනි ම නො දැනීමෙන් කළ නො කළ දෙය ද දනී.
Pali BJT6. කම්මං ච අධිකරණං ච{2} සමථෙ චාපි කොවිදො, අරත්තො අදුට්ඨො අමූළ්හො භයා මොහා න ගච්ඡති.
Sinhala BJT6. කර්‍මය ද අධිකරණය ද (දනී.) ශමථයෙහි ද දක්‍ෂ වූයේ රාගයෙන් රත් නො වූයේ ද්වේෂයෙන් දුෂ්ට නො වූයේ මෝහයෙන් මූඪ නො වූයේ බියෙන් ද මෝහයෙන් ද අගතියට නො යේ.
Pali BJT7. සඤ්ඤත්තියා ච කුසලො නිජ්ඣත්තියා ච කොවිදො, ලද්ධපක්ඛො හිරිමනො සුක්කකම්මො සගාරවො ; ස වෙ තාදිසකො භික්ඛු සප්පටික්ඛොති වුච්චතීති.
Sinhala BJT7. (මෙරමා) දැන්වීමෙහි දක්‍ෂ වේ ද, තෙමේ (කාරණාකාරණයන්) දැක්මෙහි දක්‍ෂ වේ ද, ලැබූ පක්‍ෂබල ඇත්තේ ලජ්ජා ඇත්තේ කුසල කර්‍ම ඇත්තේ ධර්‍මගෞරව පුද්ගලගෞරව සහිත වූයේ වේ ද, එබඳු වූ ඒ මහණ ඒකාන්තයෙන් දෙටු තන්හි තැබිය යුතු යැ යි කියනු ලැබේ.
Pali BJTචූළසඞ්ගාමො නිට්ඨිතො.
Sinhala BJTචූළසංග්‍රාමය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. නීචචිත්තෙන පුච්ඡෙය්ය ගරු සඞ්ඝෙන පුග්ගලො, සුත්තං සංසන්දනත්ථාය, විනයානුග්ගහෙන ච ; උද්දානං චූළසඞ්ගාමෙ එකුද්දෙසං ඉදං කතන්ති.
Sinhala BJT1. චූලසඞ්ග්‍රාමයෙහි උද්දානයට “නීච චිත්තේන පුච්ජෙය්‍ය, ගරුසඞ්ඝ න පුග්ගලෙ සුත්තං සංසන්‍දනත්‍ථාය” යන මේ පදයෝ ඇතුළත් වෙති. මේ ඒකුද්දේසය විනයානුග්‍රහයෙන් කරණ ලදි.
Pali BJTමහාසඞ්ගාමො
Sinhala BJTමහාසඞ්ග්‍රාමය
Pali BJT1. සඞ්ගාමාවචරෙ භික්ඛුනා සඞ්ඝෙ වොහරන්තෙන වත්ථු ජානිතබ්බං, විපත්ති ජානිතබ්බා, ආපත්ති ජානිතබ්බා, නිදානං ජානිතබ්බං, ආකාරො ජානිතබ්බො, පුබ්බාපරං ජානිතබ්බං, කතාකතං ජානිතබ්බං, කම්මං ජානිතබ්බං, අධිකරණං ජානිතබ්බං, සමථො ජානිතබ්බො, න ඡන්දාගති ගන්තබ්බා, න දොසාගති ගන්තබ්බා, න මොහාගති ගන්තබ්බා, න භයාගති ගන්තබ්බා, සඤ්ඤාපනීයෙ ඨානෙ සඤ්ඤාපෙතබ්බං, නිජ්ඣාපනීයෙ ඨානෙ නිජ්ඣාපෙතබ්බං, පෙක්ඛනීයෙ ඨානෙ පෙක්ඛිතබ්බං, පසාදනීයෙ ඨානෙ පසාදෙතබ්බං, “ලද්ධපක්ඛොම්භී”ති පරපක්ඛො නාවජානිතබ්බො, “බහුස්සුතොම්හී”ති අප්පස්සුතො නාවජානිතබ්බො, “ථෙරතරොම්භි”ති නවකතරො නාවජානිතබ්බො, අසම්පත්තං න ව්යාහාතබ්බං, සම්පත්තං ධම්මතො විනයතො න පරිහාපෙතබ්බං, යෙන ධම්මෙන යෙන විනයෙන යෙන සත්ථුසාසනෙන තං අධිකරණං වූපසම්මති, තථා තං අධිකරණං වූපසමෙතබ්බං.
Sinhala BJT1. සඞ්ගාමාවචර (අධිකරණ පිණිස සඟමැදට පැමිණි) සඟමැද විනිශ්චය කරණ විනයධර මහණහු විසින් වස්තුව දතයුතු යැ. විපත්තිය දතයුතු යැ. ආපත්තිය දතයුතු යැ. නිදානය දතයුතු යැ. ආකාරය දතයුතු යැ. පූර්‍වාපර වචනය දතයුතු යැ. (මේ කරණ ලද යැ මේ නො කරණ ලදැයි) කතා කතය දතයුතු යැ. කර්‍මය දතයුතු යැ. අධිකරණය දතයුතු යැ. ශමථය දතයුතු යැ. ඡන්‍දයෙන් අගතියට නොයා යුතු යැ. ද්වේෂයෙන් අගතියට නො යා යුතු ය. මෝහයෙන් අගතියට නො යා යුතු යැ. බියෙන් අගතියට නො යා යුතු යැ. හැඳින්විය යුතු තැන්හි හැඳින්විය යුතු යැ. මෙනෙහි කරවිය යුතු තැන්හි මෙනෙහි කරවිය යුතු යැ. බැලිය යුතු තැන්හි බලවාලියැ යුතු යැ. පැහැදිය යුතු තැන්හි පැහැදවිය යුතුය. පක්‍ෂ ලදිමී පරපක්‍ෂය අවමන් නො කටයුතු යැ. බහු ශ්‍රැතයෙමී අල්පශ්‍රැතයා අවමන් නො කටයුතු යැ. තෙමේ මහාස්ථවිරයෙමී නවකතරයා අවමන් නො කටයුතු යැ. නො පැමිණිදැය නො කියයුතු යැ. පැමිණිදැය ධර්‍මයෙන් විනයයෙන් නො පිරිහෙළිය යුතු යැ. යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින් යම් ශාස්තෘ ශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ නම් එසේ ඒ අධිකරණය සන්හිඳුවිය යුතු යි.
Pali BJT2. වත්ථු ජානිතබ්බන්ති : අට්ඨපාරාජිකානං{1} වත්ථු ජානිතබ්බං, තෙවීසති සඞ්ඝාදිසෙසානං වත්ථු ජානිතබ්බං, ද්වෙ අනියතානං වත්ථු ජානිතබ්බං, ද්වෙ චත්තාලීසනිස්සග්ගියානං වත්ථු ජානිතබ්බං, අට්ඨාසීතිසතපාචිත්තියානං වත්ථු ජානිතබ්බං, ද්වාදසපාටිදෙසනීයානං වත්ථු ජානිතබ්බං, දුක්කටානං වත්ථු ජානිතබ්බං, දුබ්භාසිතානං වත්ථු ජානිතබ්බං.
Sinhala BJT2. වත්‍ථු ජාතිතබ්බං යනු: අට පරිජි පිළිබඳ වස්තු දතයුතු යැ. තෙවිසි සඟවෙසෙස් පිළිබඳ වස්තු දතයුතු යැ. දෙ අනියත පිළිබඳ වස්තු දතයුතු යැ. දෙසාළිස් නිසගි පිළිබඳ වස්තු දතයුතු යැ. එක්සිය අටඅසූ පචිති පිළිබඳ වස්තු දතයුතු යැ. දොළොස් පිළිදෙස්නී පිළිබඳ වස්තු දතයුතු යැ. දුකුළා පිළිබඳ වස්තු දතයුතු යැ. දුබැසි පිළිබඳ වස්තු දතයුතු යි.
Pali BJT3. විපත්ති ජානිතබ්බාති : සීලවිපත්ති ජානිතබ්බා, ආචාරවිපත්ති ජානිතබ්බා, දිට්ඨිවිපත්ති ජානිතබ්බා, ආජීවවිපත්ති ජානිතබ්බා.
Sinhala BJT3. විපත්ති ජාතිතබ්බා යනු: ශීලවිපත්ති දතයුතු යැ. ආචාරවිපත්ති දතයුතු යැ. දෘෂ්ටිවිපත්ති දතයුතු යැ. ආජීවවිපත්ති දතයුතු යි.
Pali BJT4. ආපත්ති ජානිතබ්බාති : පාරාජිකාපත්ති ජානිතබ්බා, සඞ්ඝාදිසෙසාපත්ති ජානිතබ්බා, ථුල්ලච්චයාපත්ති ජානිතබ්බා, පාචිත්තියාපත්ති ජානිතබ්බා, පාටිදෙසනීයාපත්ති ජානිතබ්බා, දුක්කටාපත්ති ජානිතබ්බා, දුබ්භාසිතාපත්ති ජානිතබ්බා.
Sinhala BJT4. ආපත්ති ජතිතබ්බා යනු: පාරාජිකාපත්ති දතයුතු යැ. සඞ්ඝාදිසේසාපත්ති දත යුතු යැ. ථුල්ලච්චයාපත්ති දතයුතු යැ. පාචිත්තියාපත්ති දතයුතු යැ. පාටිදේසනීයාපත්ති දතයුතු යැ. දුක්කටාපත්ති දතයුතු යැ. දුබ්භාසිතාපත්ති දතයුතු යි.
Pali BJT5. නිදානං ජානිතබ්බන්ති : අට්ඨපාරාජිකානං නිදානං ජානිතබ්බං, තෙවීසසඞ්ඝාදිසෙසානං නිදානං ජානිතබ්බං, ද්වෙඅනියතානං නිදානං ජානිතබ්බං, ද්වෙචත්තාලීසනිස්සග්ගියානං නිදානං ජානිතබ්බං, අට්ඨාසීතිසතපාචිත්තියානං නිදානං ජානිතබ්බං, ද්වාදස පාටිදෙසනීයානං නිදානං ජානිතබ්බං, දුක්කටානං නිදානං ජානිතබ්බං, දුබ්භාසිතානං නිදානං ජානිතබ්බං.
Sinhala BJT5. නිදානං ජාතිතබ්බං යනු: අට පරිජි පිළිබඳ නිදාන දතයුතු යැ. තෙවීසි සඟවෙසෙස් පිළිබඳ නිදාන දතයුතු යැ. දෙඅනියතය පිළිබඳ නිදාන දතයුතු යැ. දෙසාළිස් නිසගි පිළිබඳ නිදාන දතයුතු යැ. එක්සිය අට අසූ පචිති පිළිබඳ නිදාන දතයුතු යැ. දොළොස් පිළිදෙස්නී පිළිබඳ නිදාන දතයුතු යැ. දුකුළා පිළිබඳ නිදාන දතයුතු යැ. දුබැසි පිළිබඳ නිදාන දතයුතු යි.
Pali BJT6. ආකාරො ජානිතබ්බොති : සඞ්ඝො ආකාරතො ජානිතබ්බො, ගණො ආකාරතො ජානිතබ්බො, පුග්ගලො ආකාරතො ජානිතබ්බො, චොදකො ආකාරතො ජානිතබ්බො, චුදිතකො ආකාරතො ජානිතබ්බො.
Sinhala BJT6. ආකාරො ජානිතබ්බො යනු: සඞ්ඝයා ආකාර විසින් දතයුතු යැ. ගණයා ආකාර විසින් දතයුතු යැ. පුද්ගල ආකාර විසින් දතයුතු යැ. චෝදක ආකාර විසින් දතයුතු යැ. චූදිතක ආකාර විසින් දතයුතු යි.
Pali BJTසඞ්ඝො ආකාරතො ජානිතබ්බොති : පටිබලො නු ඛො අයං සඞ්ඝො ඉමං අධිකරණං වූපසමෙතුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන උදාහු නොති එවං සඞ්ඝො ආකාරතො ජානිතබ්බො.
Sinhala BJT“සඞ්ඝො ආකාරතො ජානිතබ්බො” යනු: මේ සඞ්ඝයා මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් සන්හිඳුවන්නට සමත් හෝ වේ ද, නොහොත් නො වේ දැයි මෙසේ සඞ්ඝයා ආකාර විසින් දතයුතු යි.
Pali BJTගණො ආකාරතො ජානිතබ්බොති පටිබලො නු ඛො අයං ගණො ඉමං අධිකරණං වූපසමෙතුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන උදාහු නොති, එවං ගණො ආකාරතො ජානිතබ්බො.
Sinhala BJT“ගණො ආකාරතො ජානිතබ්බො” යනු: මේ ගණයා මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් සන්හිඳුවන්නට සමත් හෝ වේ ද, නොහොත් නො වේ දැයි මෙසේ ගණයා ආකාරයෙන් දතයුතු යි.
Pali BJTපුග්ගලො ආකාරතො ජානිතබ්බොති : පටිබලො නු ඛො අයං පුග්ගලො ඉමං අධිකරණං වූපසමෙතුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන උදාහු නොති. එවං පුග්ගලො ආකාරතො ජානිතබ්බො.
Sinhala BJT“පුග්ගලො ආකාරතො ජානිතබ්බො” යනු: මේ පුද්ගල මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘ ශාසනයෙන් සන්හිඳුවන්නට සමත් හෝ වේ ද, නොහොත් නො වේ දැයි මෙසේ පුද්ගල ආකාර විසින් දතයුතු යි.
Pali BJTචොදකො ආකාරතො ජානිතබ්බොති : කච්චි නු ඛො අයමායස්මා පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය පරං චොදෙති උදාහු නොති. එවං චොදකො ආකාරතො ජානිතබ්බො.
Sinhala BJT“චෝදකො ආකාරතො ජානිතබ්බො” යනු: “කිම, මේ ආයුෂ්මත් පස්වැදෑරුම් දහම්හි පිහිටා අන්හට චෝදනා කෙරේ ද, නොහොත් නො කෙරේදැ” යි මෙසේ චෝදක ආකාර විසින් දතයුතු යි.
Pali BJTචුදිතකො ආකාරතො ජානිතබ්බොති : කච්චි නු ඛො අයමායස්මා ද්වීසු ධම්මෙසු පතිට්ඨිතො සච්චෙ ච අකුප්පෙ ච උදාහු නොති. එවං චුදිතකො ආකාරතො ජානිතබ්බො.
Sinhala BJT“චුදිතකො ආකාරතො ජානිතබ්බො” යනු: “කිම, මේ ආයුෂ්මත් සත්‍යයෙහි ද අකෝප්‍යයෙහි දැයි දෙවැදෑරුම් දහම්හි පිහිටියේ ද, නොහොත් නො පිහිටියේ දැ” යි මෙසේ චුදිතක ආකාර විසින් දතයුතු යි.
Pali BJT7. පුබ්බාපරං ජානිතබ්බන්ති කච්චි නු ඛො අයමායස්මා වත්ථුතො වා වත්ථුං සඞ්කමති, විපත්තිතො වා විපත්තිං සඞ්කමති, ආපත්තිතො වා ආපත්තිං සඞ්කමති, අවජානිත්වා වා පටිජානාති, පටිජානිත්වා වා අවජානාති, අඤ්ඤෙන වා අඤ්ඤං පටිචරති, උදාහු නො’ති එවං පුබ්බාපරං ජානිතබ්බං.
Sinhala BJT7. පුබ්බාපරං ජාතිතබ්බං යනු: කිම, මේ ආයුෂ්මත් වස්තුවෙන් වස්තුවට හෝ (එක් වස්තුයෙකින් අන් වස්තුවකට) සඞ්ක්‍රමණය කෙරේ ද, විපත්තියෙන් විපත්තියට හෝ සඞ්ක්‍රමණය කෙරේ ද, ආපත්තියෙන් ආපත්තියට හෝ සඩ්ක්‍රමණය කෙරේ ද, පළමු වළහා පසුව පිළින හෝ කෙරේ ද, පිළින කොට හෝ වළහා ද, අනෙකෙකින් හෝ අනෙකක් වසා ද, නොහොත් නො වසා දැයි මෙසේ පූර්‍වාපරවචනය දතයුතු ය.
Pali BJT8. කතාකතං ජානිතබ්බන්ති : මෙථුනධම්මො ජානිතබ්බො, මෙථුනධම්මස්ස අනුලොමං ජානිතබ්බං, මෙථුනධම්මස්ස පුබ්බභාගො ජානිතබ්බො.
Sinhala BJT8. කතාකතං ජාතිතබ්බං යනු: මෛථුනධර්‍මය දතයුතු යැ. මෛථුනධර්‍මය පිළිබඳ අනුලෝමය දතයුතු යැ. මෛථුනධර්‍මය පිළිබඳ පූර්‍වභාගය දතයුතු යි.
Pali BJTමෙථුනධම්මො ජානිතබ්බොති ද්වයංද්වයසමාපත්ති ජානිතබ්බා.
Sinhala BJT“මෙථූනධම්මෝ ජාතිතබ්බො” යනු: ද්වයං ද්වය සමාපත්ති දතුයුතු යි.
Pali BJTමෙථුනධම්මස්ස අනුලොමං ජානිතබ්බන්ති : භික්ඛු අත්තනො මුඛෙන පරස්ස අඞ්ගජාතං ගණ්හාති.
Sinhala BJT“මෙථුනධම්මස්ස අනුලෝමං ජානිතබ්බං” යනු මහණ සිය මුවෙන් මෙරමා රහසඟ ගණි.
Pali BJTමෙථුනධම්මස්ස පුබ්බභාගො ජානිතබ්බොති : වණ්ණාවණ්ණං කායසංසග්ගො දුට්ඨුල්ලා වාචා, අත්තකාමපාරිචරියා, වචනමනුප්පදානං.
Sinhala BJT“මෙථුනධම්මස්ස පුබ්බභාගො ජානිතබ්බො” යනු නීලාදි වර්‍ණාවර්‍ණ යැ. කායසංසර්‍ග යැ දුට්ඨුල්ල වචන යැ අත්තකාමපාරිචරියා යැ ඔවුනොවුන්ගේ බස් දීම යැ යන මේ යැ.
Pali BJT9. කම්මං ජානිතබ්බන්ති : සොළසකම්මානි ජානිතබ්බානි : චත්තාරි අපලොකනකම්මානි ජානිතබ්බානි, චත්තාරි ඤත්තිකම්මානි ජානිතබ්බානි, චත්තාරි ඤත්තිදුතියකම්මානි ජානිතබ්බානි, චත්තාරි ඤත්තිචතුත්ථකම්මානි ජානිතබ්බානි.
Sinhala BJT9. කම්මං ජාතිතබ්බං යනු: ෂෝඩශ කර්‍ම දතයුතු යි: චතුර්විධ අපලෝකනකර්‍ම දතයුතු යැ. චතුර්විධ ඤත්තිකර්‍ම දතයුතු යැ. චතුර්විධ ඤත්තිදුතියකර්‍ම දතයුතු යැ. චතුර්විධ ඤත්තිචතුත්‍ථ කර්‍ම දතයුතු යි.
Pali BJT10. අධිකරණං ජානිතබ්බන්ති : චත්තාරි අධිකරණානි ජානිතබ්බානි, විවාදාධිකරණං ජානිතබ්බං, අනුවාදාධිකරණං ජානිතබ්බං, ආපත්තාධිකරණං ජානිතබ්බං, කිච්චාධිකරණං ජානිතබ්බං.
Sinhala BJT10. අධිකරණං ජානිතබ්බං යනු: චතුර්විධ අධිකරණ දතයුතු යි; විවාදාධිකරණ දතයුතු යැ. අනුවාදාධිකරණ දතයුතු යැ. ආපත්තාධිකරණ දතයුතු යැ. කිච්චාධිකරණ දතයුතු යි.
Pali BJT11. සමථො ජානිතබ්බොති : සත්ත සමථා ජානිතබ්බා : සම්මුඛාවිනයො ජානිතබ්බො, සතිවිනයො ජානිතබ්බො, අමූළ්හවිනයො ජානිතබ්බො, පටිඤ්ඤාතකරණං ජානිතබ්බං, යෙභුය්යසිකා ජානිතබ්බා, තස්ස පාපිය්යසිකා ජානිතබ්බා, තිණවත්ථාරකො ජානිතබ්බො.
Sinhala BJT11. සමථො ජානිතබ්බො යනු: සප්තශමථයෝ දතයුතු වෙති: සම්මුඛාවිනය දතයුතු යැ. සතිවිනය දතයුතු යැ. අමූළ්හවිනය දතයුතුය. පටිඤ්ඤාතකරණ දතයුතු යැ. යෙභූය්‍යසිකා දතයුතු යැ. තස්සපාපිය්‍යසිකා දතයුතු යැ. තිණවත්‍ථාරකය දතයුතු යි.
Pali BJT12. න ඡන්දාගති ගන්තබ්බාති{1} ඡන්දාගතිං ගච්ඡන්තො කථං ඡන්දාගතිං ගච්ඡති : ඉධෙකච්චො “අයං මෙ උපජ්ඣායො වා ආචරියො වා සද්ධිවිහාරිකො වා අන්තෙවාසිකො වා සමානුපජ්ඣායකො වා සමානාචරියකො වා සන්දිට්ඨො වා සම්භත්තො වා ඤාතිසාලොහිතො වා”ති තස්සානුකම්පකාය තස්සානුරක්ඛාය අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙති, අපඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, පඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, අනාපත්තිං ආපත්තීති දීපෙති, ආපත්තිං අනාපත්තීති දීපෙති, ලහුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙති, ගරුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙති, සාවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙති, අනවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙති, දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති. ඉමෙහි අට්ඨාරසහි වත්ථූහි ඡන්දාගතිං ගච්ඡන්තො බහුජනඅහිතාය පටිපන්නො හොති බහුජනඅසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. ඉමෙහි අට්ඨාරසහි වත්ථූහි ඡන්දාගතිං ගච්ඡන්තො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො ච විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති. ඡන්දාගතිං ගච්ඡන්තො එවං ඡන්දාගතිං ගච්ඡති.
Sinhala BJT12. “න ඡන්දාගති ගන්තබ්බා” යනු ඡන්‍දයෙන් අගතියට යන්නේ කෙසේ ඡන්‍දයෙන් අගතියට යේ ද යත්: මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් “මේ තෙමේ මාගේ උපාධ්‍යාය යි හෝ ආචාර්‍ය්‍ය යි හෝ සද්ධිවිහාරික යැ යි හෝ අන්තේවාසික යැ යි හෝ සමානෝපාධ්‍යයැ යි හෝ සමානාචාර්‍ය්‍ය යැ යි හෝ සන්දෘෂ්ට මිත්‍ර යැ යි හෝ සම්භක්ත මිත්‍ර යැ යි හෝ ඤාතිසාලෝහිතයැ යි හෝ ඔහුට අනුකම්පා පිණිස ඔහු රැක්ම පිණිස අධර්‍මය ධර්‍මයැ යි දක්වා ද, ධර්‍මය අධර්‍මයැ යි දක්වා ද, අවිනය විනයැ යි දක්වා ද, විනය අවිනයැ යි දක්වා ද, තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණ ලදැ යි ප්‍රකාශ කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් වදාරණ ලද්ද ප්‍රකාශ කරණ ලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලදැ යි ප්‍රකාශ නො කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් පණවන ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැ යි දක්වා ද, අනාපත්තිය ආපත්තියැ යි දක්වා ද, , ආපත්තිය අනාපත්තියැ යි දක්වා ද, ලහුකාපත්තිය ගරුකාපත්තියැ යි දක්වා ද, ගරුකාපත්තිය ලහුකාපත්ති යැ යි දක්වා ද, සාවසේසාපත්තිය අනවසේසාපත්තියැ යි දක්වා ද, අනවසේසාපත්තිය සාවසේසාපත්ති යැ යි දක්වා ද, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්ති යැ යි දක්වා ද, අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තියැ යි දක්වා ද, මේ අටළොස් වැදැරුම් කරුණින් ඡන්‍දයෙන් අගතියට යන්නේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. මේ අටළොස් කරුණින් ඡන්‍දයෙන් අගතියට යන්නේ සාරාදැමූ කුසල් මුල් ඇති වැ නසන ලද තමා පරිහරණය කෙරෙයි. (හේ) වරද සහිත වූයේ ද වෙයි. නුවණැත්තන් විසින් චෝදනා කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. ඡන්‍දයෙන් අගතියට යන්නේ මෙසේ ඡන්‍දයෙන් අගතියට යේ.
Pali BJT13. න දොසාගති ගන්තබ්බාති : දොසාගතිං ගච්ඡන්තො කථං දොසාගතිං ගච්ඡති : ඉධෙකච්චො අනත්ථං මෙ අචරීති ආඝාතං බන්ධති, අනත්ථං මෙ චරතීති ආඝාතං බන්ධති, අනත්ථං මෙ චරිස්සතීති ආඝාතං බන්ධති, පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි, අනත්ථං චරති, අනත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති, අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි, අත්ථං චරති, අත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති. ඉමෙහි නවහි ආඝාතවත්ථූහි ආඝාතො පටිඝාතිතො{2} කුද්ධො කොධාභිභූතො අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති -පෙ- දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති. ඉමෙහි අට්ඨාරසහි වත්ථූහි දොසාගතිං ගච්ඡන්තො බහුජනඅහිතාය පටිපන්නො හොති බහුජනඅසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං, ඉමෙහි අට්ඨාරසහි වත්ථූහි දොසාගතිං ගච්ඡන්තො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො ච විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති, දොසාගතිං ගච්ඡන්තො එවං දොසාගතිං ගච්ඡති.
Sinhala BJT13. “න දෝසාගති ගත්තබ්බා” යනු: ද්වේෂයෙන් අගතියට යන්නේ කෙසේ ද්වේෂයෙන් අගතියට යේ ද යත්: මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් මට (පෙරැ) අවැඩ කෙළේ යැයි වෛර බඳී ද, මට (දැන්) අවැඩ කෙරේ යැයි වෛර බඳී ද, මට (මතු) අවැඩ කරන්නේ යැ යි වෛර බඳී ද, මාගේ ප්‍රිය මනාපයාහට අවැඩ කෙළේ යැ අවැඩ කෙරෙයි අවැඩ කරන්නේ යැ යි වෛර බඳී ද, මාගේ අප්‍රිය අමනාපයාහට වැඩකෙළේ යැ වැඩ කරයි වැඩ කරන්නේ යැයි වෛර බඳී ද, මේ නව ආඝාත වස්තූන් ගෙන් පහරණ ලද්දේ පුන පුනා පහරණ ලද්දේ කිපියේ ක්‍රෝධයෙන් මඩනා ලද්දේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වා ද ධර්‍මය අධර්‍ම යැයි දක්වා ද ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වා ද නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වා ද, මේ අටළොස් කරුණෙන් ද්වේෂයෙන් අගතියට යන්නේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. මේ අටළොස් කරුණෙන් ද්වේෂයෙන් අගතියට යන්නේ සාරාදැමූ කුසල්මුල් ඇති වැ නසන ලද තමා පරිහරණය කෙරෙයි. (හේ) වරද සහිත වූයේ ද වෙයි. නුවණැත්තන් විසින් චෝදනා කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. ද්වේෂයෙන් අගතියට යන්නේ මෙසේ ද්වේෂයෙන් අගතියට යේ.
Pali BJT14. න මොහාගති ගන්තබ්බාති : මොහාගතිං ගච්ඡන්තො කථං මොහාගතිං ගච්ඡති : රත්තො රාගවසෙන ගච්ඡති, දුට්ඨො දොසවසෙන ගච්ඡති, මූළ්හො මොහවසෙන ගච්ඡති, පරාමට්ඨො දිට්ඨිවසෙන ගච්ඡති, මූළ්හො සම්මූළ්හො මොහාභිභූතො අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, -පෙ- දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති. ඉමෙහි අට්ඨාරසහි වත්ථූහි මොහාගතිං ගච්ඡන්තො බහුජනඅහිතාය පටිපන්නො හොති බහුජනඅසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං, ඉමෙහි අට්ඨාරසහි වත්ථූහි මොහාගතිං ගච්ඡන්තො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො ච විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති. මොහාගතිං ගච්ඡන්තො එවං මොහාගතිං ගච්ඡති.
Sinhala BJT14. “න මෝහාගති ගත්තබ්බා” යනු: මෝහයෙන් අගතියට යන්නේ කෙසේ මෝහයෙන් අගතියට යේ ද යත්: සංරක්ත වූයේ රාගවශයෙන් මෝහාගතියට යෙයි. දුෂ්ට වූයේ ද්වේෂවශයෙන් මෝහාගතියට යෙයි. මුළා වූයේ මොහවශයෙන් මෝහාගතියට යෙයි. පරාමෘෂ්ට වූයේ දෘෂ්ටිවශයෙන් මෝහාගතියට යෙයි. මුළා වූයේ අතිශයින් මුළා වූයේ මෝහයෙන් මඬනාලද්දේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වා ද, ධර්‍මය අධර්‍ම යැ යි දක්වා ද, ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වා ද, නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වා ද, මේ අටළොස් කරුණෙන් මෝහයෙන් අගතියට යන්නේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. මේ අටළොස් කරුණෙන් මෝහයෙන් අගතියට යන්නේ සාරාදැමූ කුසල්මුල් ඇති නසන ලද තමා පරිහරණය කෙරෙයි. (හේ) වරද සහිත වූයේ ද වෙයි. නුවණැත්තන් විසින් චෝදනා කටයුතු වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. මෝහයෙන් අගතියට යන්නේ මෙසේ මෝහයෙන් අගතියට යේ.
Pali BJT15. න භයාගති ගන්තබ්බාති භයාගතිං ගච්ඡන්තො කථං භයාගතිං ගච්ඡති : ඉධෙකච්චො “අයං විසමනිස්සිතො වා ගහනනිස්සිතො වා බලවනිස්සිතො වා කක්ඛළො ඵරුසො ජීවිතන්තරායං වා බ්රහ්මචරියන්තරායං වා කරිස්සතීති තස්ස භයා භීතො අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙති, අපඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, පඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, අනාපත්තිං ආපත්තීති දීපෙති, ආපත්තිං අනාපත්තීති දීපෙති, ලහුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙති, ගරුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙති, සාවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙති, අනවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙති, දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති. ඉමෙහි අට්ඨාරසහි වත්ථූහි භයාගතිං ගච්ඡන්තො බහුජන අහිතාය පටිපන්නො හොති බහුජනඅසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං, ඉමෙහි අට්ඨාරසහි වත්ථූහි භයාගතිං ගච්ඡන්තො ඛතං උපහතං අත්තානං පරිහරති සාවජ්ජො ච හොති සානුවජ්ජො ච විඤ්ඤූනං බහුඤ්ච අපුඤ්ඤං පසවති. භයාගතිං ගච්ඡන්තො එවං භයාගතිං ගච්ඡති.
Sinhala BJT15. “න භයාගති ගත්තබ්බා” යනු: බියෙන් අගතියට යන්නේ කෙසේ බියෙන් අගතියට යේ ද යත්: මෙ සස්නෙහි ඇතැම් මහණෙක් මේ තෙමේ විෂම වූ කාය කර්‍මාදියෙන් යුක්ත යැ යි හෝ (අන්තග්‍රාහික මිථ්‍යා දෘෂ්ටි සඞ්ඛ්‍යාත) ගහණයන් ඇසුරු කරණ ලදැ යි හෝ බලවතුන් ඇසුරුකරණ ලදැ යි හෝ කර්‍කශ රළු වූයේ ජීවිතයට උවදුරක් හෝ බඹසරට උවදුරක් හෝ කරන්නේ යැ යි හෝ ඔහු කෙරෙන් බියපත් වූයේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වා ද, ධර්‍මය අධර්‍ම යැ යි දක්වා ද, අවිනය විනයැ යි දක්වා ද, විනය අවිනයැ යි දක්වා ද, තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණ ලදැ යි ප්‍රකාශ කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් වදාරණ ලද්ද ප්‍රකාශ කරණ ලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලදැ යි ප්‍රකාශ නො කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් පුරුදු නො කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු කරණ ලදැ යි දක්වාද, තථාගතයන් විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු නො කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් පණවන ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැ යි දක්වා ද, නො ඇවැත ඇවැතැයි දක්වා ද, ඇවැත නොඇවැතැ යි දක්වා ද, ලුහු ඇවැත ගරු ඇවැතැ යි දක්වා ද, ගරු ඇවැත ලුහු ඇවැතැයි දක්වා ද, සාවසේස ඇවැත අනවසේස ඇවැතැ යි දක්වා ද, අනවසේස ඇවැත සාවසේස ඇවැතැ යි දක්වා ද, තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වා ද, නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වා ද, මේ අටළොස් කරුණෙන් බියෙන් අගතියට යන්නේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. මේ අටළොස් කරුණෙන් බියෙන් අගතියට යන්නේ සාරා දැමූ කුසල්මුල් ඇති වැ නසන ලදැ තමා පරිහරණය කෙරෙයි. වරද සහිත වූයේ ද වෙයි. නුවණැත්තන් විසින් චෝදනා කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. බියෙන් අගතියට යන්නේ මෙසේ බියෙන් අගතියට යේ.
Pali BJT16. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං අතිවත්තති, නිහීයති තස්ස යසො කාළපක්ඛෙව චන්දිමාති.
Sinhala BJT16. යමෙක් ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ බියෙන් හෝ මෝහයෙන් හෝ ධර්‍මය ඉක්මවා ද, ඔහුගේ කීර්තිය කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් වෙසෙසින් පිරිහේ.
Pali BJT17. කථං න ඡන්දාගතිං ගච්ඡති : අධම්මං අධම්මොති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, ධම්මං ධම්මොති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, අවිනයං අවිනයොති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, විනයං විනයොති දීපෙන්තොතී න ඡන්දාගතිං ගච්ඡති, අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති,
Sinhala BJT17. කෙසේ නම් ඡන්‍දයෙන් අගතියට නො යේ ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ධර්‍මය ධර්‍ම යැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. අවිනය අවිනය යැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. විනය විනය යැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලදැ යි ප්‍රකාශ නො කරණලදැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් වදාරණ ලද්ද ප්‍රකාශ කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණලදැ යි ප්‍රකාශ කරණලදැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් නො පුරුදු කරණලදැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි.
Pali BJTඅනාචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, ආචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, අපඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, අනාපත්තිං අනාපත්තීති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, ආපත්තිං ආපත්තීති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, ලහුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, ගරුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, සාවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, අනවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති, අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො න ඡන්දාගතිං ගච්ඡති. එවං න ඡන්දාගතිං ගච්ඡති.
Sinhala BJTතථාගතයන් විසින් පුරුදු කරණලද්ද තථාගතයන් විසින් පුරුදු කරණලදැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් පණවනලද්ද තථාගතයන් විසින් පණවනලදැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. අනාපත්තිය අනාපත්ති යැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නොයෙයි. ඇවැත ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ලුහු ඇවැත ලුහු ඇවැතැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ගරු ඇවැත ගරු ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. සාවසේස ඇවැත සාවසේස ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. අනවසේස ඇවැත අනවසේස ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. මෙසේ ඡන්‍දයෙන් අගතියට නො යේ.
Pali BJT18. කථං න දොසාගතිං ගච්ඡති : අධම්මං අධම්මොති දීපෙන්තො න දොසාගතිං ගච්ඡති, ධම්මං ධම්මොති දීපෙන්තො න දොසාගතිං ගච්ඡති -පෙ- දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො න දොසාගතිං ගච්ඡති, අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො න දොසාගතිං ගච්ඡති. එවං න දොසාගතිං ගච්ඡති.
Sinhala BJT18. කෙසේ නම් ද්වේෂයෙන් අගතියට නො යේ ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ ද්වේෂයෙන් අගතියට නො යෙයි. ධර්‍මය ධර්‍ම යැයි දක්වන්නේ ද්වේෂයෙන් අගතියට නො යෙයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ ද්වේෂයෙන් අගතියට නො යෙයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෙසේ ද්වේෂයෙන් අගතියට නො යේ.
Pali BJT19. කථං න මොහාගතිං ගච්ඡති : අධම්මං අධම්මොති දීපෙන්තො න මොහාගතිං ගච්ඡති, ධම්මං ධම්මොති දීපෙන්තො න මොහාගතිං ගච්ඡති -පෙ- දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො න මොහාගතිං ගච්ඡති, අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො න මොහාගතිං ගච්ඡති. එවං න මොහාගතිං ගච්ඡති.
Sinhala BJT19. කෙසේ නම් මෝහයෙන් අගතියට නො යේ ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ මෝහයෙන් අගතියට නො යෙයි. ධර්‍මය ධර්‍මය යි දක්වන්නේ මෝහයෙන් අගතියට නො යෙයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ මෝහයෙන් අගතියට නො යෙයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ මෝහයෙන් අගතියට නො යෙයි. මෙසේ මෝහයෙන් අගතියට නො යේ.
Pali BJT20. කථං න භයාගතිං ගච්ඡති : අධම්මං අධම්මොති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, ධම්මං ධම්මොති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, අවිනයං අවිනයොති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, විනයං විනයොති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, අනාචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, ආචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, අපඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, අනාපත්තිං අනාපත්තීති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, ආපත්තිං ආපත්තීති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, ලහුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, ගරුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙන්තො න භයාගතිං ගච්ඡති,
Sinhala BJT20. කෙසේ නම් බියෙන් අගතියට නො යේ ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. ධර්‍මය ධර්‍ම යැයි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. අවිනය අවිනයැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. විනය විනයැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණ ලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලදැ යි ප්‍රකාශ නො කරණ ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් වදාරණ ලද්ද ප්‍රකාශ කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණ ලදැ යි ප්‍රකාශ කරණ ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු කරණ ලදැයි දක්වන්නේ බියෙන් අගතියට නොයෙයි. තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් පණවන ලද්ද තථාගතයන් විසින් පණවන ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. අනාපත්තිය අනාපත්ති යැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. ඇවැත ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. ලුහු ඇවැත ලුහු ඇවැතැයි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. ගුරු ඇවැත ගුරු ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි.
Pali BJTසාවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, අනවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො න භයාගතිං ගච්ඡති, අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො න භයාගතිං ගච්ඡති. එවං න භයාගතිං ගච්ඡති.
Sinhala BJTසාවසේස ඇවැත සාවසේස ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. අනවසේස ඇවැත අනවසේස ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. මෙසේ බියෙන් අගතියට නො යේ.
Pali BJT21. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං නාතිවත්තති, ආපූරති තස්ස යසො සුක්කපක්ඛෙව චන්දිමාති.
Sinhala BJT21. යමෙක් තෙමේ ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ බියෙන් හෝ මෝහයෙන් හෝ යුක්තිධර්‍මය නො ඉක්මවා ද, ඔහුගේ කීර්තිය ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් ක්‍රමයෙන් පිරෙන්නේ යි.
Pali BJT22. කථං සඤ්ඤාපනීයෙ ඨානෙ සඤ්ඤාපෙති : අධම්මං අධම්මොති දීපෙන්තො සඤ්ඤාපනීයෙ ඨානෙ සඤ්ඤාපෙති, ධම්මං ධම්මොති දීපෙන්තො සඤ්ඤාපනීයෙ ඨානෙ සඤ්ඤාපෙති -පෙ- දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො සඤ්ඤාපනීයෙ ඨානෙ සඤ්ඤාපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො සඤ්ඤාපනීයෙ ඨානෙ සඤ්ඤාපෙති, එවං සඤ්ඤාපනීයෙ ඨානෙ සඤ්ඤාපෙති.
Sinhala BJT22. කිසෙයින් හැඳින්වියයුතු තන්හි හඳුන්වා ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ හැඳින්විය යුතු තන්හි හඳුන්වයි. ධර්‍මය ධර්‍ම යැයි දක්වන්නේ හැඳින්විය යුතු තන්හි හඳුන්වයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ හැඳින්විය යුතු තන්හි හඳුන්වයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ හැඳින්විය යුතු තන්හි හඳුන්වයි. මෙසෙයින් හැඳින්විය යුතු තන්හි හඳුන්වයි.
Pali BJT23. කථං නිජ්ඣාපනීයෙ ඨානෙ නිජ්ඣාපෙති : අධම්මං අධම්මොති දීපෙන්තො නිජ්ඣාපනීයෙ ඨානෙ නිජ්ඣාපෙති, ධම්මං ධම්මොති දීපෙන්තො නිජ්ඣාපනීයෙ ඨානෙ නිජ්ඣාපෙති, -පෙ- දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො නිජ්ඣාපනීයෙ ඨානෙ නිජ්ඣාපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො නිජ්ඣාපනීයෙ ඨානෙ නිජ්ඣාපෙති, එවං නිජ්ඣාපනීයෙ ඨානෙ නිජ්ඣාපෙති.
Sinhala BJT23. කිසෙයින් මෙනෙහිකරවියයුතු තන්හි මෙනෙහි කරවා ද යත්: අධර්‍මය අධර්‍ම යැයි දක්වන්නේ මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි. ධර්‍මය ධර්‍ම යැ යි දක්වන්නේ මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි. මෙසෙයින් මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි.
Pali BJT24. කථං පෙක්ඛනීයෙ ඨානෙ පෙක්ඛති : අධම්මං අධම්මොති දීපෙන්තො පෙක්ඛනීයෙ ඨානෙ පෙක්ඛති, ධම්මං ධම්මොති දීපෙන්තො, -පෙ- දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො -පෙ- අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්තො -පෙ- එවං පෙක්ඛනීයෙ ඨානෙ පෙක්ඛති.
Sinhala BJT24. කිසෙයින් දැක්විය යුතු තන්හි දක්වා ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ දැක්වියයුතු තන්හි දක්වයි. ධර්‍මය ධර්‍ම යැ යි දක්වන්නේ දැක්වියයුතු තන්හි දක්වයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ දැක්විය යුතුතන්හි දක්වයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ දැක්වියයුතු තන්හි දක්වයි. මෙසෙයින් දැක්විය යුතුතන්හි දක්වයි.
Pali BJT25. කථං පසාදනීයෙ ඨානෙ පසාදෙති : අධම්මං අධම්මොති දීපෙන්තො පසාදනීයෙ ඨානෙ පසාදෙති, ධම්මං ධම්මොති -පෙ- දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති -පෙ- අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති -පෙ- එවං පසාදනීයෙ ඨානෙ පසාදෙති.
Sinhala BJT25. කිසෙයින් පැහැදවිය යුතු තන්හි පහදවා ද යත්; අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ පැහැදවිය යුතු තන්හි පහදවයි. ධර්‍මය ධර්‍ම යැ යි ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ පැහැදවිය යුතු තන්හි පහදවයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ පැහැදවිය යුතු තන්හි පහදවයි. මෙසෙයින් පැහැදවිය යුතු තන්හි පහදවයි.
Pali BJT26. කථං ලද්ධපක්ඛොම්හීති පරපක්ඛං අවජානාති : ඉධෙකච්චො ලද්ධපක්ඛො හොති ලද්ධපරිවාරො පක්ඛවා ඤාතිමා, ‘අයං අලද්ධපක්ඛො අලද්ධපරිවාරො න පක්ඛවා න ඤාතිමා’ති තස්ස අවජානන්තො අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති -පෙ- දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, එවං ලද්ධපක්ඛොම්හීති පරපක්ඛං අවජානාති.
Sinhala BJT26. “කිසෙයින් ලැබූ පක්‍ෂ ඇත්තෙමි” යි පරපක්‍ෂයට අවමන් කෙරේ ද යත්: මෙ සස්නෙහි ඇතැම් මහණෙක් ලැබූ පක්‍ෂ ඇත්තේ ලැබූ පිරිවර ඇත්තේ පක්‍ෂ ඇත්තේ නෑයන් ඇත්තේ වෙයි. (හේ) මේ පුද්ගල නො ලද පක්‍ෂ ඇත්තෙක, නො ලද පිරිවර ඇත්තෙක, දක්‍ෂ නැත්තෙක නෑයන් නැත්තෙක” යි. ඔහුට අවමන් කරන්නේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි. ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි. ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වයි. නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වයි. “මෙසෙයින් ලැබූ පක්‍ෂ ඇත්තෙමි” යි පරපක්‍ෂයට අවමන් කෙරේ.
Pali BJT27. කථං බහුස්සුතොම්හීති අප්පස්සුතං අවජානාති : ඉධෙකච්චො බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, අයං අප්පස්සුතො අප්පාගමො අප්පධරොති තස්ස අවජානන්තො අධම්මං ධම්මොති දීපෙති,
Sinhala BJT27. “කිසෙයින් බහුශ්‍රැතයෙමි” යි අල්පශ්‍රැතයාහට අවමන් කෙරේ ද යත්: මෙ සස්නෙහි ඇතැම් මහණෙක් බහුශ්‍රුත වෙයි, ශ්‍රැතධර වෙයි, ශ්‍රැත සන්නිචය (ඇසූ පිරූ දැ රැස්කොට තබන්නේ) වෙයි, හේ පුද්ගල අල්පශ්‍රැතයෙක, නො පුහුණු වූ ආගම ඇත්තෙක, බණදහම් නො දරන්නෙකැ” යි ඔහුට අවමන් කරන්නේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි.
Pali BJTධම්මං අධම්මොති දීපෙති -පෙ- දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තී’ති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, එවං බහුස්සුතොම්හීති අප්පස්සුතං අවජානාති.
Sinhala BJTධර්‍මය අධර්‍මය යි දක්වයි ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැයි දක්වයි. නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැයි දක්වයි. “මෙසෙයින් බහුශ්‍රැතයෙමි” යි අල්පශ්‍රැතයාහට අවමන් කෙරේ.
Pali BJT28. කථං ථෙරතරොම්හීති නවකතරං අවජානාති : ඉධෙකච්චො ථෙරො හොති රත්තඤ්ඤූ චිරපබ්බජිතො, ‘අයං නවකො අපඤ්ඤාතො{1} අප්පස්සුතො අප්පකතඤ්ඤූ ඉමස්ස වචනං අකතං භවිස්සතී’ති තස්ස අවජානන්තො අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති -පෙ- දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති. එවං ථෙරතරොම්හීති නවකතරං අවජානාති.
Sinhala BJT28. “කිසෙයින් ස්ථවිරතරයෙමි” යි නවකතරයාහට අවමන් කෙරේ ද යත්: මෙ සස්නෙහි ඇතැම් මහණෙක් රාත්‍රඥ වූයේ පැවිද්දෙන් බොහෝ කල් ඇත්තේ ස්ථවිර වෙයි. හේ මෙ පුද්ගල නවක යැ අප්‍රකට යැ විනයඥ නො වෙයි, තතු නො දනී, මොහුගේ වචනය නො කළයුතු වන්නේ යැ” යි ඔහුට අවමන් කරන්නේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි. ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි. ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වයි. නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වයි. “මෙසෙයින් ස්ථවිරතරයෙමි” යි නවකතරයාහට අවමන් කෙරේ.
Pali BJT29. අසම්පත්තං න ව්යාහරිතබ්බන්ති : අනොතිණ්ණං භාරං න ඔතාරෙතබ්බං.
Sinhala BJT29. අසම්පත්තං න ව්‍යාහරිතබ්බං යනු: අනවතීර්‍ණභාරය අවතරණය නොකට යුතු යි.
Pali BJT30. සම්පත්තං ධම්මතො විනයතො න පරිහාපෙතබ්බන්ති : යමත්ථාය සඞ්ඝො සන්නිපතිතො හොති, තමත්ථං ධම්මතො විනයතො න පරිහාපෙතබ්බං.
Sinhala BJT30. සම්පත්තං ධම්මතෝ විනයතෝ න පරිහාපේතබ්බං යනු: සඞ්ඝයා යම් කරුණක් සඳහා රැස් වූයේ වේ ද, එ කරුණ ධර්‍මයෙන් විනයයෙන් නො පිරිහෙළිය යුතු යි.
Pali BJT31. යෙන ධම්මෙනාති : භූතෙන වත්ථුනා.
Sinhala BJT31. යෙන ධම්මෙන යනු: විද්‍යමානවස්තුයෙනි.
Pali BJTයෙන විනයෙනාති : චොදෙත්වා සාරෙත්වා.
Sinhala BJTයෙන විනයෙන යනු: චෝදනා කොට (ඇවැත) සිහි කරවා.
Pali BJTයෙන සත්ථුසාසනෙනාති : ඤත්තිසම්පදාය අනුසාවනසම්පදාය. යෙන ධම්මෙන යෙන විනයෙන යෙන සත්ථුසාසනෙන තං අධිකරණං වූපසම්මති, තථා තං අධිකරණං වූපසමෙතබ්බන්ති.
Sinhala BJTයෙන සත්‍ථු සාසනෙන යනු: ඤත්තිසම්පත්තියෙන් අනුසාවනසම්පත්තියෙන්, යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින් යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ නම් එසෙයින් ඒ අධිකරණය සන්හිඳවිය යුතු.
Pali BJTඅනුවිජ්ජක අනුයොගො
Sinhala BJTඅනුවිජ්ජකානුයෝගය
Pali BJTඅනුවිජ්ජකෙන චොදකො පුච්ඡිතබ්බොති : යං ඛො ත්වං ආවුසො ඉමස්ස භික්ඛුනො පවාරණං ඨපෙසි, කිම්හි නං ඨපෙසි : සීලවිපත්තියා ඨපෙසි, ආචාරවිපත්තියා ඨපෙසි, දිට්ඨිවිපත්තියා ඨපෙසීති.
Sinhala BJT“අනුවිජ්ජකෙන චෝදකො පුච්ඡිතබ්බො” යනු: ඇවැත්නි, තෙපි යම්හෙයෙකින් මේ මහණහුගේ පවාරණය තබවු නම් එය කවර විපත්තියෙක ලා තබවු ද: “ශීලවිපත්තියෙහි ලා තබවු ද, ආචාරවිපත්තියෙහි ලා තබවු ද, දෘෂ්ටිවිපත්තියෙහි ලා තබවු දැ’ යි.
Pali BJTසො චෙ එවං වදෙය්ය : “සීලවිපත්තියා වා ඨපෙමි, ආචාරවිපත්තියා වා ඨපෙමි දිට්ඨිවිපත්තියා වා ඨපෙමී”ති.
Sinhala BJTඉදින් ඒ චෝදක මහණ මෙසේ කියා නම්: “ශීලවිපත්තියෙන් හෝ තබමි, ආචාරවිපත්තියෙන් හෝ තබමි, දෘෂ්ටිවිපත්තියෙන් හෝ තබමි” යි.
Pali BJTසො එවමස්ස වචනීයො : ‘ජානාති පනායස්මා සීලවිපත්තිං, ජානාති ආචාරවිපත්තිං, ජානාති දිට්ඨිවිපත්තින්ති.
Sinhala BJTඒ චෝදක මහණ මෙසේ කියැයුතු වන්නේ යැ: “ආයුෂ්මත් තෙම ශීලවිපත්ති දනී ද, ආචාරවිපත්ති දනී ද, දෘෂ්ටිවිපත්ති දනී ද” යි.
Pali BJTසො චෙ එවං වදෙය්ය : “ජානාමි ඛො අහං ආවුසො සීලවිපත්තිං, ජානාමි ආචාරවිපත්තිං, ජානාමි දිට්ඨිවිපත්ති”න්ති.
Sinhala BJTඉදින් හෙ මෙසේ කියා නම්: “ඇවැත්නි, මම ශීලවිපත් දනිමි, ආචාරවිපත් දනිමි, දෘෂ්ටිවිපත් දනිමි” යි.
Pali BJTසො එවමස්ස වචනීයො : “කතමා පනාවුසො සීලවිපත්ති, කතමා ආචාරවිපත්ති, කතමා දිට්ඨිවිපත්තී”ති.
Sinhala BJTහෙ මෙසේ කියැයුතු වන්නේ යැ: “ඇවැත්නි, ශීලවිපත් නම් කවරැ ආචාරවිපත් කවරැ දෘෂ්ටිවිපත් කවරැ” යි.
Pali BJTසො චෙ එවං වදෙය්ය : ‘චත්තාරි පාරාජිකානි තෙරස සඞ්ඝාදිසෙසා, අයං සීලවිපත්ති, ථුල්ලච්චයං පාචිත්තියං පාටිදෙසනීයං දුක්කටං දුබ්භාසිතං, අයං ආචාරවිපත්ති. මිච්ඡාදිට්ඨි අන්තග්ගාහිකා දිට්ඨි, අයං දිට්ඨිවිපත්තී”ති.
Sinhala BJTඉදින් හෙ මෙසේ කියා නම්: ‘ සතර පරිජි යැ තෙළෙස් සඟවෙසෙස් යැ යන මේ ශීලවිපත්ති යැ. ථුලැසි යැ පචිති යැ පිළිදෙස්නී යැ දුකුළා යැ දුබැසි යැ යන මේ ආචාරවිපත්ති යැ, මිථ්‍යාදෘෂ්ටි යැ අන්තග්‍රාහිකදෂ්ටි යැ යන මේ දෘෂ්ටිවිපත්ති” යි.
Pali BJTසො එවමස්ස වචනීයො “යං ඛො ත්වං ආවුසො ඉමස්ස භික්ඛුනො පවාරණං ඨපෙසි, දිට්ඨෙන ඨපෙසි, සුතෙන ඨපෙසි, පරිසඞ්කාය ඨපෙසී”ති.
Sinhala BJTඒ චෝදක මහණ මෙසේ කියැයුතු වන්නේ යැ: “ඇවැත්නි තෙපි යම්හෙයෙකින් මෙ මහණහට පවාරණට්ඨපන කරන්නහු දෘෂ්ටයෙන් තබවු ද, ශ්‍රැතයෙන් තබවු ද, පරිශඞ්කායෙන් තබවු දැ” යි.
Pali BJTසො චෙ එවං වදෙය්ය : “දිට්ඨෙන වා ඨපෙමි, සුතෙන වා ඨපෙමි, පරිසඞ්කාය වා ඨපෙමී”ති,
Sinhala BJTඉදින් හෙ මෙසේ කියා නම්: “දෘෂ්ටයෙන් හෝ තබමි, ශ්‍රැතයෙන් හෝ තබමි, පරිශඞ්කායෙන් හෝ තබමි” යි.
Pali BJTසො එවමස්ස වචනීයො : “යං ඛො ත්වං ආවුසො ඉමස්ස භික්ඛුනො දිට්ඨෙන පවාරණං ඨපෙසි, කිං තෙ දිට්ඨං, කින්ති තෙ දිට්ඨං, කදා තෙ දිට්ඨං, කත්ථ තෙ දිට්ඨං, පාරාජිකං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො, සඞ්ඝාදිසෙසං-ථුල්ලච්චයං-පාචිත්තියං-පාටිදෙසනීයං-දුක්කටං-දුබ්භාසිතං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො, කත්ථ ච ත්වං අහොසි, කත්ථ චායං භික්ඛු අහොසි, කිඤ්ච ත්වං කරොසි, කිඤ්චායං භික්ඛු කරොතී”ති.
Sinhala BJTහේ මෙසේ කියැයුතු වන්නේ යැ: “ඇවැත්නි, යම්හෙයෙකින් තෙපි මේ මහණහට දෘෂ්ටයෙන් පවාරණට්ඨපන කරන්නහු නම් තොප විසින් කුමක් දක්නාලද ද, තොප විසින් කෙසේ දක්නාලද ද, තොප විසින් කවරදා දක්නාලද ද, තොප විසින් කොහි දී දක්නාලද ද, පරිජිඇවැත් අවදනේ දක්නාලද ද, සඟවෙසෙස් - ථුලැසි - පචිති - පිළිදෙස්නී - දුකුළා - දුබැසි ඇවැත් අවදනේ දක්නාලද ද, තෙපි කොහි වූවහු ද, යළි මෙ මහණ කොහි වී ද, තෙපි කුමක් කරවු ද, මෙ මහණ කුමක් කෙරේ දැ” යි.
Pali BJTසො චෙ එවං වදෙය්ය : න ඛො අහං ආවුසො ඉමස්ස භික්ඛුනො දිට්ඨෙන පවාරණං ඨපෙමි, අපි ච සුතෙන පවාරණං ඨපෙමී”ති.
Sinhala BJTඉදින් හේ මෙසේ කියා නම්: “ඇවැත්නි මම් මේ මහණහට දෘෂ්ටයෙන් පවාරණට්ඨපන නො කෙරෙම් මැ යැ. එතෙකුදුවත් ශ්‍රැතයෙන් පවාරණට්ඨපන කෙරෙමි” යි.
Pali BJTසො එවමස්ස වචනීයො : යං ඛො ත්වං ආවුසො ඉමස්ස භික්ඛුනො සුතෙන පවාරණං ඨපෙසි, කිං තෙ සුතං, කින්ති තෙ සුතං, කදා තෙ සුතං, කත්ථ තෙ සුතං, පාරාජිකං අජ්ඣාපන්නොති සුතං, සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නොති සුතං, ථුල්ලච්චයං-පාචිත්තියං-පාටිදෙසනීයං-දුක්කටං-දුබ්භාසිතං-අජ්ඣාපන්නොති සුතං, භික්ඛුස්ස සුතං, භික්ඛුනියා සුතං, සික්ඛමානාය සුතං, සාමණෙරස්ස සුතං, සාමණෙරියා සුතං, උපාසකස්ස සුතං, උපාසිකාය සුතං, රාජූනං සුතං, රාජමහාමත්තානං සුතං, තිත්ථියානං සුතං, තිත්ථියසාවකානං සුත”න්ති.
Sinhala BJTහෙ මෙසේ කියැයුතු වන්නේ යැ: “ඇවැත්නි, තෙපි යම්හෙයෙකින් මේ මහණහට ශ්‍රැතයෙන් පවාරණට්ඨපන කරවු නම් තොප විසින් කුමක් අසනලද ද, තොප විසින් කෙසේ අසනලද ද, තොප විසින් කවර කලෙක අසනලද ද, තොප විසින් කොතන්හි අසනලද ද, පරිජිඇවැත් අවනැයි අසනලද ද, සඟවෙසෙස් ඇවැත් අවනලැයි අසනලද ද, ථුලැසි - පචිති - පිළිදෙස්නී - දුකුළා - දුබැසි ඇවැත් අවනැයි අසනලද ද, මහණක්හු කියන්නා අසනලද ද, මෙහෙණක කියන්නා අසනලද ද, සික්ඛමානාවක කියන්නා අසනලද ද, හෙරණක්හු කියන්නා අසනලද ද, හෙරණක කියන්නා අසනලද ද, උවසුවක්හු කියන්නා අසනලද ද, උවැසියක කියන්නා අසනලද ද, රජුන් කියන්නා අසනලද ද, රජමහඇමැතියන් කියන්නා අසනලද ද, තීර්‍ත්‍ථකයන් කියන්නා අසනලද ද, තීර්‍ත්‍ථකශ්‍රාවකයන් කියන්නා අසනලද දැ” යි.
Pali BJTසො චෙ එවං වදෙය්ය : න ඛො අහං ආවුසො ඉමස්ස භික්ඛුනො සුතෙන පවාරණං ඨපෙමි, අපි ච පරිසඞ්කාය පවාරණං ඨපෙමීති.
Sinhala BJTඉදින් හේ මෙසේ කියා නම්: “ඇවැත්නි, මම් මේ මහණහට ශ්‍රැතයෙන් පවාරණට්ඨපන නො කෙරෙම් මැ යැ. එතෙකුදුවත් පරිශඞ්කායෙන් පවාරණට්ඨපන කෙරෙමි” යි.
Pali BJTසො එවමස්ස වචනීයො “යං ඛො ත්වං ආවුසො ඉමස්ස භික්ඛුනො පරිසඞ්කාය පවාරණං ඨපෙසි, කිං පරිසඞ්කසි, කින්ති පරිසඞ්කසි, කදා පරිසඞ්කසි, කත්ථ පරිසඞ්කසි,{1} පාරාජිකං අජ්ඣාපන්නොති පරිසඞ්කසි, සඞ්ඝාදිසෙසං-ථුලපච්චයං-පාචිත්තියං-පාටිදෙසනීයං-දුක්කටං-දුබ්භාසිතං අජ්ඣාපන්නොති පරිසඞ්කසි, භික්ඛුස්ස සුත්වා පරිසඞ්කසි, භික්ඛුනියා සුත්වා පරිසඞ්කසි, සික්ඛමානාය සුත්වා පරිසඞ්කසි, සාමණෙරස්ස සුත්වා පරිසඞ්කසි, සාමණෙරියා සුත්වා පරිසඞ්කසි, උපාසකස්ස සුත්වා පරිසඞ්කසි, උපාසිකාය සුත්වා පරිසඞ්කසි, රාජූනං සුත්වා පරිසඞ්කසි රාජමහාමත්තානං සුත්වා පරිසඞ්කසි, තිත්ථියානං සුත්වා පරිසඞ්කසි, තිත්ථියසාවකානං සුත්වා පරිසඞ්කසී”ති.
Sinhala BJTහෙ මෙසේ කියැයුතු වන්නේ යැ: ‘යම්හෙයෙකින් ඇවැත්නි, තෙපි මේ මහණහට සැකයෙන් පවාරණට්ඨපන කරවු නම්, කුමක් සැක කරවු ද, කෙසේ සැක කරවු ද, කවර කලෙක සැක කරවු ද, කොතන්හි සැක කරවු ද, පරිජි ඇවැත් අවනැයි සැක කරවු ද, සඟවෙසෙස් - ථුලැසි - පචිති - පාටිදේසනීය - දුකුළා - දුබැසි ඇවැත් අවනැයි සැක කරවු ද, මහණක්හු කියන්නා අසා සැක කරවු ද, මෙහෙණක කියන්නා අසා සැක කරවු ද, සික්ඛමානාවක කියන්නා අසා සැක කරවු ද, හෙරණක්හු කියන්නා අසා සැක කරවු ද, හෙරණක කියන්නා අසා සැක කරවු ද, උවසුවක්හු කියන්නා අසා සැක කරවු ද, උවැසියක කියන්නා අසා සැක කරවු ද, රජුන් කියන්නා අසා සැක කරවු ද, රජමහඇමැතියන් කියන්නා අසා සැක කරවු ද අන්තොටුවන් කියන්නා අසා සැක කරවු ද, අන්තොටුසව්වන් කියන්නා අසා සැක කරවු දැ” යි.
Pali BJT1. දිට්ඨං දිට්ඨෙන සමෙති දිට්ඨෙන සංසන්දතෙ දිට්ඨං, දිට්ඨං පටිච්ච න උපෙති අසුද්ධපරිසඞ්කිතො ; සො පුග්ගලො පටිඤ්ඤාය කාතබ්බා තෙන පවාරණා.
Sinhala BJT1. දක්නාලද්ද දක්නාලද්ද හා සම වෙයි. දක්නාලද්ද දක්නාලද්ද හා සැසැඳෙයි. දක්නාලද්ද නිසා ඇවැතට නො පැමිණෙයි. ඒ පුද්ගල අශුද්ධ’ යයි සැක කරණලද්දේ වෙයි. (ඔහුගේ) ප්‍රතිඥායෙන් ඒ පුද්ගලයා හා සමග පවාරණ කටයුතු.
Pali BJT2. සුතං සුතෙන සමෙති සුතෙන සංසන්දතෙ සුතං, සුතං පටිච්ච න උපෙති අසුද්ධපරිසඞ්කිතො ; සො පුග්ගලො පටිඤ්ඤාය කාතබ්බා තෙන පවාරණා.
Sinhala BJT2. අසනලද්ද, අසනලද්ද හා සම වෙයි. අසනලද්ද අසනලද්ද හා සැසැඳෙයි. අසනලද්ද නිසා ඇවැතට නො පැමිණෙයි. ඒ පුද්ගල “අශුද්ධ” යයි සැක කරණලද්දේ වෙයි. (ඔහුගේ) ප්‍රතිඥායෙන් ඔහු හා සමග පවාරණ කටයුතු.
Pali BJT3. මුතං මුතෙන සමෙති මුතෙන සංසන්දතෙ මුතං, මුතං පටිච්ච න උපෙති අසුද්ධපරිසඞ්කිතො ; සො පුග්ගලො පටිඤ්ඤාය කාතබ්බා තෙන පවාරණාති.
Sinhala BJT3. (ගන්‍ධ රස ස්ප්‍රෂ්ටවාස සඞ්ඛ්‍යාත) මුතය මුතය හා සම වෙයි. මුතය මුතය හා සැසැඳෙයි. මුතය නිසා ඇවැතට නො පැමිණෙයි. ඒ පුද්ගල “අශුද්ධ” යයි සැක කරණලද්දේ වෙයි. (ඔහුගේ) ප්‍රතිඥායෙන්, ඔහු හා සමග පවාරණ කටයුතු.
Pali BJTපුච්ඡාවිභාගො
Sinhala BJTපුච්ඡාවිභාගය
Pali BJT1. කිං තෙ දිට්ඨන්ති කතමා පුච්ඡා, කින්ති තෙ දිට්ඨන්ති කතමා පුච්ඡා, කදා තෙ දිට්ඨන්ති කතමා පුච්ඡා, කත්ථ තෙ දිට්ඨන්ති කතමා පුච්ඡා :
Sinhala BJT1. “තොප විසින් කුමක් දක්නාලද ද” යනු කවර පිළිවිසීමෙක් ද, “තොප විසින් කෙසේ, දක්නා ලද ද” යනු කවර පිළිවිසීමෙක් ද, “තොප විසින් කවර දා දක්නා ලද ද” යනු කවර පිළිවිසීමෙක් ද “තොප විසින් කො තන්හි දක්නා ලද ද” යනු කවර පිළිවිසීමෙක් ද යත්:
Pali BJT2. කිං තෙ දිට්ඨන්ති වත්ථුපුච්ඡා. විපත්තිපුච්ඡා. ආපත්තිපුච්ඡා. අජ්ඣාචාරපුච්ඡා.
Sinhala BJT2. “තොප විසින් කුමක් දක්නාලද ද” යනු: වස්තුපෘච්ඡා යැ වීපත්තිපෘච්ඡා යැ ආපත්තිපෘච්ඡා යැ අජ්ඣාචාරපෘච්ඡා යි.
Pali BJTවත්ථුපුච්ඡාති : අට්ඨන්නං පාරාජිකානං වත්ථුපුච්ඡා. තෙවීසසඞ්ඝාදිසෙසානං වත්ථුපුච්ඡා, ද්වෙ අනියතානං වත්ථුපුච්ඡා, ද්වෙ චත්තාළීසනිස්සග්ගියානං වත්ථුපුච්ඡා, අට්ඨාසීතිසතපාචිත්තියානං වත්ථුපුච්ඡා, ද්වාදසපාටිදෙසනීයානං වත්ථුපුච්ඡා, දුක්කටානං වත්ථුපුච්ඡා, දුබ්භාසිතානං වත්ථුපුච්ඡා.
Sinhala BJTවස්තුපෘච්ඡා නම්; අට පරිජි පිළිබඳ (වරදට හේතු වූ) වස්තුපෘච්ඡා යැ, තෙවීසි සඟ වෙසෙසුන් පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දෙ අනියත පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දෙසාළිස් නිසඟි පිළිබඳ වස්තුපෘච්ඡා යැ, එක්සිය අටාසූවක් පචිති පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දොළොස් පිළිදෙස්නීන් පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දුකුළා පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දුබැසි පිළිබඳ වස්තුපෘච්ඡා යි.
Pali BJTවිපත්තිපුච්ඡාති : සීලවිපත්ති පුච්ඡා, ආචාරවිපත්තිපුච්ඡා, දිට්ඨිවිපත්තිපුච්ඡා, ආජීවවිපත්තිපුච්ඡා.
Sinhala BJTවිපත්තිපෘච්ඡා නම්: ශීලවීපත්තිපෘච්ඡා යැ, ආචාරවිපත්තිපෘච්ඡා යැ, දෘෂ්ටිවීපත්තිපෘව්ඡා යැ, ආජීවවිපත්තිපෘච්ඡා යි.
Pali BJTආපත්ති පුච්ඡාති : පාරාජිකාපත්තිපුච්ඡා, සඞ්ඝාදිසෙසාපත්තිපුච්ඡා, ථුල්ලච්චයාපත්තිපුච්ඡා, පාචිත්තියාපත්තිපුච්ඡා, පාටිදෙසනීයාපත්තිපුච්ඡා, දුක්කටාපත්තිපුච්ඡා, දුබ්භාසිතාපත්තිපුච්ඡා.
Sinhala BJTආපත්තිපෘච්ඡා නම් පාරාජිකාපත්තිපෘච්ඡා යැ, සඞ්ඝයාදිසේසාපත්තිපෘච්ඡා යැ. ථුල්ලච්චයාපත්තිපෘච්ඡා යැ, පාචිත්තියාපත්තිපෘච්ඡා යැ, පාටිදේසනීයාපත්තිපෘච්ඡා යැ. දුක්කටාපත්තිපෘච්ඡා යැ, දුඛභාසිතාපත්තිපෘච්ඡා යි.
Pali BJTඅජ්ඣාචාරපුච්ඡාති : ද්වයංද්වයසමාපත්තිපුච්ඡා.
Sinhala BJTඅජ්ඣාචාරපෘච්ඡා නම් (මෙවුන්දම් සෙවීම පිණිස) ද්වයංද්වයසමාපත්තිපෘච්ඡා යි.
Pali BJT3. කින්ති තෙ දිට්ඨන්ති : ලිඞ්ගපුච්ඡා, ඉරියාපථපුච්ඡා, ආකාරපුච්ඡා, විප්පකාරපුච්ඡා.
Sinhala BJT3. “තොප විසින් කෙසේ දක්නාලද ද” යනු: ලිඞ්ගපෘච්ඡා යැ, ඊර්‍ය්‍යාපථපෘච්ඡා යැ, ආකාරපෘච්ඡා යැ, විප්‍රකාරපෘච්ඡයා යි.
Pali BJTලිඞ්ගපුච්ඡාති : දීඝං වා රස්සං වා කණ්හං වා ඔදාතං වා.
Sinhala BJTලිඞ්ගපෘච්ඡා නම්: දිගුබව හෝ ලුහුඬුබව හෝ කළුබව හෝ එළලුබව හෝ යැ.
Pali BJTඉරියාපථපුච්ඡාති : ගච්ඡන්තං වා ඨිතං වා නිසින්නං වා නිපන්නං වා.
Sinhala BJTඊර්‍ය්‍යාපථපෘච්ඡා නම්: යන්නහු හෝ සිටියහු හෝ හුන්නහු හෝ හොත්තහු හෝ යැ.
Pali BJTආකාරපුච්ඡාති : ගිහීලිඞ්ගෙ වා තිත්ථියලිඞ්ගෙ වා පබ්බජිතලිඞ්ගෙ වා.
Sinhala BJTආකාරපෘච්ඡා නම්: ගිහිලිඞ්ගයෙහි හෝ තිත්‍ථියලිඞ්ගයෙහි හෝ පබ්බජිත ලිඞ්ගයෙහි හෝ යැ.
Pali BJTවිප්පකාරපුච්ඡාති : ගච්ඡන්තං වා ඨිතං වා නිසින්නං වා නිපන්නං වා.
Sinhala BJTවිප්‍රකාරපෘච්ඡා නම්: යන්නහු හෝ සිටියහු හෝ හුන්නහු හෝ හොත්තහු හෝ යි.
Pali BJT4. කදා තෙ දිට්ඨන්ති : කාලපුච්ඡා, සමයපුච්ඡා, දිවසපුච්ඡා, උතුපුච්ඡා.
Sinhala BJT4. “තොප විසින් කවරදා දක්නා ලද ද” යනු: කාලපෘච්ඡා යැ, සමයපෘච්ඡා යැ, දිවසපෘච්ඡා යැ, ඍතුපෘච්ඡා යි.
Pali BJTකාලපුච්ඡාති : පුබ්බන්හකාලෙ වා මජ්ඣන්තිකකාලෙ වා සායන්හකාලෙ වා.
Sinhala BJTකාලපෘච්ඡා නම්: පූර්‍වාහ්ණකාලයෙහි හෝ මද්ධ්‍යාහ්නකාලයෙහි හෝ සායාහ්නකාලයෙහි හෝ යැ.
Pali BJTසමයපුච්ඡාති : පුබ්බන්හසමයෙ වා මජ්ඣන්හිකසමයෙ වා සායන්හසමයෙ වා.
Sinhala BJTසමයපෘච්ඡා නම් පූර්‍වාහ්ණකාලයෙහි හෝ මද්ධ්‍යාහ්නසමයෙහි හෝ සායාහ්නසමයෙහි හෝ යැ.
Pali BJTදිවසපුච්ඡාති : පුරෙභත්තං වා පච්ඡාභත්තං වා රත්තිං වා දිවා වා කාළෙ වා ජුණ්හෙ වා.
Sinhala BJTදිවසපෘච්ඡා නම්: පෙරබතැ හෝ පසුබතැ හෝ රාත්‍රිය හෝ දාවල හෝ අවපස හෝ පුරපස හෝ යැ.
Pali BJTඋතුපුච්ඡාති : හෙමන්තෙ වා ගිම්හෙ වා වස්සානෙ වා{1}.
Sinhala BJTඍතුපෘච්ඡා නම්: හේමන්තයෙහි හෝ ගිම්හානයෙහි හෝ වස්සානයෙහි හෝ යි.