Pali BJTසත්තන්නං සමථානං කතමෙ ඡත්තිංස සමුට්ඨානා : සතිවිනයස්ස කම්මස්ස කිරියා, කරණං, උපගමනං, අජ්ඣුපගමනං, අධිවාසනා, අප්පටික්කොසනා. අමූළ්හවිනයස්ස කම්මස්ස -පෙ- පටිඤ්ඤාතකරණස්ස කම්මස්ස -පෙ- යෙභුය්යසිකාය කම්මස්ස -පෙ- තස්ස පාපිය්යසිකාය කම්මස්ස -පෙ- තිණවත්ථාරකස්ස කම්මස්ස කිරියා, කරණං, උපගමනං, අජ්ඣුපගමනං, අධිවාසනා, අපටික්කොසනා. සත්තන්නං සමථානං ඉමෙ ඡත්තිංස සමුට්ඨානා.
Sinhala BJTසප්තශමථයන් පිළිබඳ සතිස් සමුට්ඨානයෝ කවරහු ද යත්: සතිවිනය කර්‍මය පිළිබඳ ක්‍රියා යැ, කරණ යැ, උපගමන යැ, අද්ධ්‍යුපගමන යැ, අධිවාසනා යැ, අප්‍රතික්‍රෝශ පිළිබඳ ක්‍රියා යැ, කරණ යැ, උපගමන යැ, අද්ධ්‍යුපගමන යැ, අධිවාසනා යැ, අප්‍රතික්‍රෝශන යයි. අමූළ්හවිනය කර්‍මය පිළිබඳ ... පටිඤ්ඤාතකරණ කර්‍මය පිළිබඳ ... යෙභූය්‍යසිකා කර්‍මය පිළිබඳ ... තස්සපාපිය්‍යසිකා කර්‍මය පිළිබඳ ... තිණවත්‍ථාරක කර්‍මය පිළිබඳ ක්‍රියා යැ, කරණ යැ, උපගමන යැ, අද්ධ්‍යුගමන යැ, අධිවාසනා යැ, අප්‍රතික්‍රෝශන යැ යි මොහු සප්ත ශමථයන් පිළිබඳ සතිස් සමුට්ඨානයෝ වෙත්.
Pali BJTසමථ නානත්ථාදයො
Sinhala BJTශමථ නානාර්‍ත්‍ථාදිය
Pali BJT1. සම්මුඛාවිනයොති වා සතිවිනයොති වා ඉමෙ ධම්මා නානත්ථා නානාබ්යඤ්ජනා, උදාහු එකත්ථා බ්යඤ්ජනමෙව නානං : සම්මුඛාවිනයොති වා අමූළ්හවිනයොති වා -පෙ- සම්මුඛාවිනයොති වා පටිඤ්ඤාතකරණන්ති වා -පෙ- සම්මුඛාවිනයොති වා යෙභුය්යසිකාති වා -පෙ- සම්මුඛාවිනයොති වා තස්සපාපිය්යසිකාති වා -පෙ- සම්මුඛාවිනයොති වා තිණවත්ථාරකොති වා ඉමෙ ධම්මා නානත්ථා නානාබ්යඤ්ජනා උදාහු එකත්ථා බ්යඤ්ජනමෙව නානං :
Sinhala BJT1. සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථයෝ ද, නානාඛ්‍යඤ්ජනයෝ ද, නොහොත් ඒකාර්‍ත්‍ථතා ඇත්තෝ ද, ඛ්‍යඤ්ජන මතුයෙක් වෙනස් වූවාහු ද යත්: සම්මුඛාවිනය යි හෝ අමූළ්හවිනයැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණ යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යෙභූය්‍යපසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරක යැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථයෝ ද, නානාඛ්‍යඤ්ජන යෝ ද, නොහොත් ඒකාර්‍ත්‍ථයෝ ද, ඛ්‍යඤ්ජන මතුයෙක් වෙනස් ද යත්:
Pali BJTසම්මුඛාවිනයොති වා සතිවිනයොති වා ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්යඤ්ජනා ච. සම්මුඛාවිනයොති වා අමූළ්හවිනයොති වා -පෙ- සම්මුඛාවිනයොති වා පටිඤ්ඤාතකරණන්ති වා -පෙ- සම්මුඛාවිනයොති වා යෙභුය්යසිකාති වා -පෙ- සම්මුඛාවිනයොති වා තස්සපාපිය්යසිකාති වා -පෙ- සම්මුඛාවිනයොති වා තිණවත්ථාරකොති වා ඉමෙ ධම්මා නානත්ථා චෙව නානා බ්යඤ්ජනා ච.
Sinhala BJTසම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථ ද නානාඛ්‍යඤ්ජන ද වෙති. සම්මුඛාවිනයැ යි හෝ අමූළ්හවිනයැ යි හෝ .... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණ යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යෙභූය්‍යසිකා යැයි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරක යැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථ ද නානාඛ්‍යඤ්ජන ද වෙත්,
Pali BJT2. විවාදො විවාදාධිකරණං, විවාදො නො අධිකරණං, අධිකරණං නො විවාදො, අධිකරණංචෙව විවාදො ච.
Sinhala BJT2. විවාදය විවාදාධිකරණ වේ ද, විවාදය අධිකරණ නො වේ ද, අධිකරණය විවාද නො වේ ද, අධිකරණ වූයේ ම විවාද වේ ද යත්:
Pali BJTසියා විවාදො විවාදාධිකරණං, සියා විවාදො නො අධිකරණං, සියා අධිකරණං නො විවාදො, සියා අධිකරණංචෙව විවාදො ච.
Sinhala BJTවිවාදය විවාදාධිකරණ විය හෙයි, විවාදය අධිකරණ නො විය හෙයි, අධිකරණය විවාද නො විය හෙයි, අධිකරණ ද වූයේ ම විවාදත් විය හෙයි.
Pali BJTතත්ථ කතමො විවාදො විවාදාධිකරණං : ඉධ භික්ඛූ විවදන්ති ධම්මොති වා අධම්මොති වා -පෙ- දුට්ඨුල්ලාපත්තීති වා අදුට්ඨුල්ලා ආපත්තීති වා, යං තත්ථ භණ්ඩනං කලහො විග්ගහො විවාදො නානාවාදො අඤ්ඤථාවාදො විපච්චයතා වොහාරො මෙධගං, අයං විවාදො විවාදාධිකරණං.
Sinhala BJTඑහි කවර විවාදයෙක් විවාදාධිකරණ වේ ද යත්: මෙ සස්නෙහි මහණහු ධර්‍ම යැ යි හෝ අධර්‍ම යැ යි හෝ විවාද කෙරෙත් ද ... තුළුල් ඇවැතැයි හෝ නො තුළුල් ඇවැතැයි හෝ විවාද කෙරෙත් ද, එහි යම් අරගලයෙක් කලහයෙක් විරුද්ධග්‍රහණයෙක් විරුද්ධවාදයෙක් නානාවාදයෙක් අන්‍යථාවාදයෙක් සිතෙහි දුක් ඇති කිරීම පිණිස වූ පරුෂ වචනයෙක් හිංසායෙක් වේ ද, මේ විවාදය විවාදාධිකරණ වේ.
Pali BJTතත්ථ කතමො විවාදො නො අධිකරණං : මාතාපි පුත්තෙන විවදති, පුත්තොපි මාතරා විවදති, පිතාපි පුත්තෙන විවදති, පුත්තොපි පිතරා විවදති, භාතාපි භාතරා විවදති, භාතාපි භගිනියා විවදති, භගිනීපි භාතරා විවදති, සහායොපි සහායෙන විවදති, අයං විවාදො නො අධිකරණං.
Sinhala BJTඑහි කවර විවාදයෙක් අධිකරණ නො වේ ද යත්: පුතු හා මවු ද විවාද කෙරෙයි, මව හා පුත් ද විවාද කෙරෙයි, පුතු හා පියා ද විවාද කෙරෙයි, පියා හා පුත් ද විවාද කෙරෙයි, බෑයා හා බෑයා ද විවාද කෙරෙයි, බුහුන හා බෑයා ද විවාද කෙරෙයි. බෑයා හා බුහුන ද විවාද කෙරෙයි. යහළු හා යහළුවා විවාද කෙරේ. මේ විවාද යි අධිකරණ නො වේ.
Pali BJTතත්ථ කතමං අධිකරණං නො විවාදො : අනුවාදාධිකරණං ආපත්තාධිකරණං, කිච්චාධිකරණං, ඉදං අධිකරණං නො විවාදො.
Sinhala BJTඑහි විවාද නොවූ අධිකරණ කවර යැ යත්: අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ යන මේ විවාද නො වූ අධිකරණ යි.
Pali BJTතත්ථ කතමං අධිකරණං චෙව විවාදො ච : විවාදාධිකරණං අධිකරණඤ්චෙව විවාදො ච.
Sinhala BJTඑහි කුමක් අධිකරණ වූයේ ම විවාදත් වෙයි යත්: විවාදාධිකරණය අධිකරණ වූයේ ම විවාද ද වේ.
Pali BJT3. අනුවාදො අනුවාදාධිකරණං, අනුවාදො නො අධිකරණං, අධිකරණං නො අනුවාදො, අධිකරණඤ්චෙව අනුවාදො ච.
Sinhala BJT3. අනුවාදය අනුවාදාධිකරණ වේ ද, අනුවාදය අධිකරණ නො වේ ද, අධිකරණය අනුවාද නො වේ ද, අධිකරණ වූයේ ම අනුවාදත් වේ ද යත්:
Pali BJTසියා අනුවාදො අනුවාදාධිකරණං, සියා අනුවාදො නො අධිකරණං, සියා අධිකරණං නො අනුවාදො, සියා අධිකරණඤ්චෙව අනුවාදො ච.
Sinhala BJTඅනුවාදය අනුවාදාධිකරණ විය හෙයි, අනුවාදය අධිකරණ නො විය හෙයි, අධිකරණය අනුවාද නො විය හෙයි. අධිකරණ වූයේ ම අනුවාදත් විය හෙයි.
Pali BJTතත්ථ කතමො අනුවාදො අනුවාදාධිකරණං : ඉධ භික්ඛූ භික්ඛුං අනුවදන්ති සීලවිපත්තියා වා ආචාරවිපත්තියා වා දිට්ඨිවිපත්තියා වා ආජීවවිපත්තියා වා, යො තත්ථ අනුවාදො අනුවදනා අනුල්ලපනා අනුභණනා අනුසම්පවඞ්කතා අබ්භුස්සහනතා අනුබලප්පදානං : අයං අනුවාදො අනුවාදාධිකරණං.
Sinhala BJTඑහි කවර අනුවාදයෙක් අනුවාදාධිකරණ වේ යැ යත්: මෙ සස්නෙහි මහණහු මහණක්හට ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීව විපත්තියෙන් හෝ චෝදනා කෙරෙති. එහි යම් චෝදනා කිරීමෙක් පුනපුනා කීමෙක් පුනපුනා තෙපලීමෙක් පුනපුනා බිණීමෙක් පුනපුනා තිදොරින් අවනත වීමෙක් දැඩි වැ නැඟී සිටීමෙක් අනුබල දීමෙක් වේ ද, මේ අනුවාදය අනුවාදාධිකරණ වේ.
Pali BJTතත්ථ කතමො අනුවාදො නො අධිකරණං : මාතාපි පුත්තං අනුවදති, පුත්තොපි මාතරං අනුවදති, පිතාපි පුත්තං අනුවදති, පුත්තොපි පිතරං අනුවදති, භාතාපි භාතරං අනුවදති, භාතාපි භගිනිං අනුවදති, භගිනීපි භාතරං අනුවදති, සහායොපි සහායං අනුවදති, අයං අනුවාදො නො අධිකරණං.
Sinhala BJTඑහි කවර අනුවාදයෙක් අධිකරණ නො වේ ය යත්: මව ද පුතුට චෝදනා කෙරෙයි, පුත් ද මවට චෝදනා කෙරෙයි, පියා ද පුතුට චෝදනා කෙරෙයි, පුත් ද පියාට චෝදනා කෙරෙයි, බෑයා ද බෑයාට චෝදනා කෙරෙයි, බෑයා ද බුහුනට චෝදනා කෙරෙයි, බුහුන ද බෑයාට චෝදනා කෙරෙයි, යහළුවා ද යහළුවාට චෝදනා කෙරේ. මේ අනුවාද යි, අධිකරණ නො වේ.
Pali BJTතත්ථ කතමං අධිකරණං නො අනුවාදො : ආපත්තාධිකරණං කිච්චාධිකරණං විවාදාධිකරණං : ඉදං අධිකරණං නො අනුවාදො.
Sinhala BJTඑහි කවර අධිකරණයෙක් අනුවාද නො වේ යැ යත්: ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ විවාදාධිකරණ යැ යන මේ අධිකරණ වෙයි, අනුවාද නො වේ.
Pali BJTතත්ථ කතමං අධිකරණඤ්චෙව අනුවාදො ච : අනුවාදාධිකරණං අධිකරණඤ්චෙව අනුවාදො ච.
Sinhala BJTඑහි කවරෙක් අධිකරණ වූයේ ම අනුවාදත් වේ යැ යත්: අනුවාදාධිකරණය අධිකරණ වූයේ ම අනුවාදත් වේ.
Pali BJT4. ආපත්ති ආපත්තාධිකරණං. ආපත්ති නො අධිකරණං. අධිකරණං නො ආපත්ති අධිකරණඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT4. ආපත්තිය ආපත්තාධිකරණ වේ ද, ආපත්තිය අධිකරණ නො වේ ද, අධිකරණය ආපත්ති නො වේ ද, අධිකරණ වූයේ ම ආපත්තිත් වේ ද යත්:
Pali BJTසියා ආපත්ති ආපත්තාධිකරණං, සියා ආපත්ති නො අධිකරණං, සියා අධිකරණං නො ආපත්ති, සියා අධිකරණඤ්චෙව ආපත්ති ච.
Sinhala BJTආපත්තිය ආපත්තාධිකරණ විය හෙයි, ආපත්තිය අධිකරණ නො විය හෙයි, අධිකරණය ආපත්ති නො විය හෙයි, අධිකරණ වූයේ ම ආපත්ති ද විය හෙයි.
Pali BJTතත්ථ කතමා ආපත්ති ආපත්තාධිකරණං : පඤ්චපි ආපත්තික්ඛන්ධා ආපත්තාධිකරණං, සත්තපි ආපත්තික්ඛන්ධා ආපත්තාධිකරණං. අයං ආපත්ති ආපත්තාධිකරණං.
Sinhala BJTඑහි කවර ආපත්තියෙක් ආපත්තාධිකරණ වේ යැ යත්: පඤ්චාපත්තිස්කන්‍ධයෝ ද ආපත්තාධිකරණ යැ, සප්තාපත්තිස්කන්‍ධයෝ ද ආපත්තාධිකරණ යි, මේ ආපත්ති ආපත්තාධිකරණ වේ.
Pali BJTතත්ථ කතමා ආපත්ති නො අධිකරණං : සොතාපත්ති සමාපත්ති : අයං ආපත්ති නො අධිකරණං.
Sinhala BJTඑහි කවර ආපත්තියෙක් අධිකරණය නො වේ යැ යත්: සෝතාපත්ති යැ සමාපත්ති යැ යන මේ ආපත්ති යැ, අධිකරණ නො වේ.
Pali BJTතත්ථ කතමං අධිකරණං නො ආපත්ති : කිච්චාධිකරණං, විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ඉදං අධිකරණං නො ආපත්ති.
Sinhala BJTඑහි කවර අධිකරණයෙක් ආපත්ති නො වේ යැ යත්: කිච්චාධිකරණ යැ විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ යන මේ, අධිකරණ වෙයි, ආපත්ති නො වේ.
Pali BJTතත්ථ කතමං අධිකරණඤ්චෙව ආපත්ති ච : ආපත්තාධිකරණං අධිකරණඤ්චෙව ආපත්ති ච.
Sinhala BJTඑහි කවරෙක් අධිකරණ වූයේ ම ආපත්ති ද වේ යැ යත්: ආපත්තාධිකරණය අධිකරණ වූයේ ම ආපත්ති ද වේ.
Pali BJT5. කිච්චං කිච්චාධිකරණං, කිච්චං නො අධිකරණං, අධිකරණං නො කිච්චං, අධිකරණඤ්චෙව කිච්චඤ්ච :
Sinhala BJT5. කෘත්‍යය කිච්චාධිකරණ වේ ද, කෘත්‍යය අධිකරණ නො වේ ද, අධිකරණය කෘත්‍ය නො වේ ද, අධිකරණ වූයේ ම කෘත්‍යයත් වේ ද යත්:
Pali BJTසියා කිච්චං කිච්චාධිකරණං, සියා කිච්චං නො අධිකරණං, සියා අධිකරණං නො කිච්චං, සියා අධිකරණඤ්චෙව කිච්චඤ්ච.
Sinhala BJTකෘත්‍යය කිච්චාධිකරණ විය හෙයි, කෘත්‍යය අධිකරණ නො විය හෙයි, අධිකරණය කෘත්‍ය නො විය හෙයි, අධිකරණ වූයේ ම කෘත්‍යයත් විය හෙයි.
Pali BJTතත්ථ කතමං කිච්චං කිච්චාධිකරණං : යා සඞ්ඝස්ස කිච්චයතා කරණීයතා අපලොකනකම්මං ඤත්තිකම්මං ඤත්තිදුතියකම්මං ඤත්තිචතුත්ථකම්මං, ඉදං කිච්චං කිච්චාධිකරණං.
Sinhala BJTඑහි කවර කෘත්‍යයෙක් කිච්චාධිකරණ වේ යැ යත්: සඞ්ඝයාගේ අපලෝකන කර්‍ම යැ, ඤත්තිකර්‍ම යැ, ඤත්තිදුතියකර්‍ම යැ, ඤත්තිචතුත්‍ථකර්‍මයැ, යම් කෘත්‍යභාවයෙක් කටයුතු බවෙක් වේ ද, මේ කෘත්‍යය කිච්චාධිකරණ වේ.
Pali BJTතත්ථ කතමං කිච්චං නො අධිකරණං : ආචරියකිච්චං උපජ්ඣායකිච්චං{1} සමානුපජ්ඣායකිච්චං සමානාචරියකිච්චං : ඉදං කිච්චං නො අධිකරණං.
Sinhala BJTඑහි කවර කෘත්‍යයෙක් අධිකරණ නො වේ යැ යත්: ආචාර්‍ය්‍ය කෘත්‍යයෙක් උපාධ්‍යාය කෘත්‍යයෙක් සමානෝපාධ්‍යාය කෘත්‍යයෙක් සමානාචාර්‍ය්‍ය කෘත්‍යයෙක් වේ ද, මේ කෘත්‍ය වෙයි. අධිකරණ නො වේ.
Pali BJTතත්ථ කතමං අධිකරණං නො කිච්චං : විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත්තාධිකරණං: ඉදං අධිකරණං නො කිච්චං.
Sinhala BJTඑහි කවර අධිකරණයෙක් කෘත්‍ය නො වේ යැ යත්: විවාදාධිකරණයෙක් අනුවාදාධිකරණයෙක් ආපත්තාධිකරණයෙක් වේ ද, මේ අධිකරණ වෙයි. කෘත්‍ය නො වේ.
Pali BJTතත්ථ කතමං අධිකරණඤ්චෙව කිච්චඤ්ච : කිච්චාධිකරණං අධිකරණඤ්චෙව කිච්චං චාති.
Sinhala BJTඑහි කුමක් අධිකරණ වූයේ ම කෘත්‍යයත් වේ යැ යත්: කිච්චාධිකරණය අධිකරණ වූයේ ම කෘත්‍යයත් වේ.
Pali BJTඅධිකරණභෙදො නිට්ඨිතො.
Sinhala BJTඅධිකරණභේද නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. අධිකරණං උක්කොටා ආකාරා පුග්ගලෙන ච, නිදාන හෙතු පච්චයා මූලං සමුට්ඨානෙන ච. ආපත්ති හොති යත්ථ ච සංසට්ඨා නිදානප්පභවා,{2}
Sinhala BJT1. අධිකරණ භේද යැ උක්කොට යැ උක්කෝටනාකාර යැ පුද්ගල භේදය සමඟ අධිකරණ නිදාන යැ හේතු යැ පච්ච යැ සමුට්ඨානය සමඟ මූල යැ ආපත්තිහොති යැ යත්‍ථ යැ සංසට්ඨ යැ නිදාන යැ පහව යැ,
Pali BJT2. හෙතුපච්චයමූලානි සමුට්ඨානෙන බ්යඤ්ජනා; විවාදො අධිකරණන්ති භෙදාධිකරණෙ ඉදන්ති.
Sinhala BJT2. හේතු යැ පච්ච යැ මූල යැ සමුට්ඨානය සමඟ ඛ්‍යඤ්ජන යැ විවාද යැ අධිකරණ යැ යන මෙය අධිකරණ භේදයෙහි උද්දානය වේ.
Pali BJTඅපරගාථාසඞ්ගණිකං
Sinhala BJTඅපරගාථාසඞ්ගණිකය
Pali BJT1. චොදනා කිමත්ථාය, සාරණා කිස්ස කාරණා. සඞ්ඝො කිමත්ථාය මතිකම්මං පන කිස්ස කාරණා :
Sinhala BJT1. චෝදනාව කුමක් පිණිස යැ, වරද සිහිකරවීම කුමක් සඳහා යැ, සඞ්ඝ සන්නිපාතය කුමක් පිණිස යැ, යළි මතිකර්‍මය (විනයධරයන්ගේ විනය නය සංසන්‍දනය) කුමක් පිණිස යැ යත්:
Pali BJT2. චොදනා සාරණත්ථාය නිග්ගහත්ථාය සාරණා, සඞ්ඝො පරිග්ගහත්ථාය මතිකම්මං පන පාටියෙක්කං.
Sinhala BJT2. චෝදනාව කළ වරද සිහිපත් කරවනු පිණිස යැ, කළ වරද සිහිපත් කරවීම නිග්‍රහ පිණිස යැ, සඞ්ඝසන්නිපාතය (විනිශ්චයෙහි දැහැමි නො දැහැමි බව) දැනගන්නා පිණිස යැ, යළි මතිකර්‍මය වනාහි වෙන් වෙන් වැ විනිශ්චය මොනවට නිමවීම පිණිස යි.
Pali BJT3. මා ඛො තුරිතො අභණි මා ඛො චණ්ඩික්කතො භණී, මා ඛො පටිඝං ජනයි සචෙ අනුවිජ්ජකො තුවං.
Sinhala BJT3. ඉදින් තෙපි අනුවිජ්ජක වවු නම් යුහු වැ බස් නො කියව, සැඩ වැ බස් නො කියව, කෝපය නූපදව.
Pali BJT4. මා ඛො සහසා අභණි කථං විග්ගාහිකං අනත්ථසංහිතං, සුත්තෙ විනයෙ අනුලොමෙ පඤ්ඤත්තෙ අනුලොමිකෙ.
Sinhala BJT4. (පිරිස් කැළඹීම් ආදී) අවැඩින් යුත් කලහ උපදවන කථාවක් වහා නො කියව, උභතෝ විභඞ්ගයෙහි ද ඛන්‍ධකයෙහි ද පරිවාරයෙහි ද සියලු විනය පිටකයෙහි ද සතර මහාපදේසයෙහි ද,
Pali BJT5. අනුයොගවත්තං නිසාමය කුසලෙන බුද්ධිමතා කතං, සුවුත්තං සික්ඛාපදානුලොමිකං ගතිං න නාසෙන්තො සම්පරායිකං,
Sinhala BJT5. දක්‍ෂ වූ බුදුරජුන් විසින් එළවා තබන ලද මොනවට පනවන ලද සියලු සිකපදයන්ට අනුලොම් වූ අනුයෝගවත පරලොව ඉපැත්ම (පිහිට) නො නසමින් සලකා බලව.
Pali BJT6. හිතෙසී අනුයුඤ්ජස්සු කාලෙනත්ථූපසංහිතං, චුදිතස්ස ච චොදකස්ස ච සහසා වොහාරං මා පධාරෙහි{1}
Sinhala BJT6. චුදිතකයාහට ද චෝදකයාහට ද මෙත් සිත් පෙරදැරි වැ සුදුසු කාලයෙහි අර්‍ත්‍ථසංහිත කොට විනිශ්චය කරව. ඔවුන් ලාහෙලා කියන ලද වචනය නො ගණුව.
Pali BJT7. චොදකො ආහ ආපන්නොති චුදිතකො ආහ අනාපන්නොති. උභො අනුක්ඛිපන්තො පටිඤ්ඤානුසන්ධිතෙන කාරයෙ.
Sinhala BJT7. චෝදක ඇවැතට අවන්නේ යයි කියා නම් චුදිතක නො අවන්මියි කියා නම් (එකල්හි) දෙපක්‍ෂයෙහි තෙපුල් බැහැර නො කරමින් කථානුසන්‍ධිය හා ප්‍රතිඥාව සලකා විනිශ්චය කරන්නේ යැ.
Pali BJT8. පටිඤ්ඤා ලජ්ජීසු කතා අලජ්ජීසු එවං න විජ්ජති, බහුම්පි අලජ්ජී භාසෙය්ය වත්තානුසන්ධිතෙන{2} කාරයෙ.
Sinhala BJT8. ප්‍රතිඥාව ලජ්ජී භික්‍ෂූන් කෙරෙහි කරන ලද්දී යැ. අලජ්ජීන් කෙරෙහි මේ පිළින විද්‍යාමාන නො වෙයි. අලජ්ජි තෙමේ බොහෝ කොටත් කියන්නේ යැ. (එබැවින්) ඔහුගේ වත සමඟ යම් පිළිනෙක් ගැළපේ ද ඒ පිළිනෙන් විනිශ්චය කරන්නේ යැ.
Pali BJT9. අලජ්ජී කීදිසො හොති පටිඤ්ඤා යස්ස න රූහති, එවඤ්ච{3} තාහං පුච්ඡාමි, කීදිසො වුච්චති අලජ්ජී පුග්ගලො :
Sinhala BJT9. අලජ්ජි පුද්ගල කෙබඳු වේ ද, යමක්හුගේ පිළින නො නගී ද, කෙබඳු වූයේ ‘අලජ්ජී පුද්ගල’යි කියනු ලැබේ දැයි මෙසේත් මම ඔබ විචාරමි.
Pali BJT10. සංචිච්ච ආපත්තිං ආපජ්ජති ආපත්තිං පරිගූහති, අගතිගමනඤ්ච ගච්ඡති එදිසො වුච්චති අලජ්ජීපුග්ගලො.
Sinhala BJT10. දැන දැන ඇවැතට පැමිණෙ යි, ඇවැත සඟවයි, (ඡන්‍දාදීන් අගතියට ද යෙයි, මෙබඳු වූයේ ‘අලජ්ජි පුද්ගල’ යි කියනු ලැබේ.
Pali BJT11. සච්චං අහම්පි ජානාමි එදිසො වුච්චති අලජ්ජීපුග්ගලො, අඤ්ඤඤ්ච තාහං පුච්ඡාමි කීදිසො වුච්චති ලජ්ජීපුග්ගලො :
Sinhala BJT11. සැබැවැ, මම ද එය දනිමි. එබඳු වූයේ ‘අලජ්ජි පුද්ගල’යි කියනු ලැබේ. මම අනෙකක් ද ඔබ විචාරමි. කෙබඳු වූයේ ‘ලජ්ජි පුද්ගල’යි කියනු ලැබේ ද?
Pali BJT12. සංචිච්ච ආපත්තිං නාපජ්ජති ආපත්තිං න පරිගූහති, අගතිගමනං න ගච්ඡති එදිසො වුච්චති ලජ්ජීපුග්ගලො.
Sinhala BJT12. දැන දැන ඇවැතට නො පැමිණෙයි, ඇවැත නො සඟවයි, අගතියට නො යෙයි, මෙබඳු වූයේ “ලජ්ජි පුද්ගල’ යි කියනු ලැබේ.
Pali BJT13. සච්චං අහම්පි ජානාමි, එදිසො වුච්චති ලජ්ජීපුග්ගලො, අඤ්ඤඤ්ච තාහං පුච්ඡාමි කීදිසො වුච්චති අධම්මචොදකො :
Sinhala BJT13. සැබැවැ, මම ද එය දනිමි. එබඳු වූයේ “ලජ්ජි පුද්ගල’ යි කියනු ලැබේ. මම අනෙකක් ද ඔබ විචාරමි. “අධර්‍මචෝදක’ කෙබඳු යැ යි කියනු ලැබේ ද?
Pali BJT14. අකාලෙ චොදෙති අභූතෙන ඵරුසෙන අනත්ථසංහිතෙන, දොසන්තරො චොදෙති නො මෙත්තචිත්තො{1} එදිසො වුච්චති අධම්මචොදකො.
Sinhala BJT14. නො කල්හි චෝදනා කෙරෙයි, අභූතයෙන්, පරුෂවචනයෙන් අනර්‍ත්‍ථ සංහිතයෙන් චෝදනා කෙරෙයි, ඇතුළත හටගත් ද්වේෂ ඇති වැ මෙත්සිත් නැති වැ චෝදනා කෙරෙයි. මෙබඳු පුද්ගල ‘අධර්‍මචෝදක’ යි කියනු ලැබේ.
Pali BJT15. සච්චං අහම්පි ජානාමි එදිසො වුච්චති අධම්මචොදකො, අඤ්ඤඤ්ච තාහං පුච්ඡාමි කීදිසො වුච්චති ධම්මචොදකො :
Sinhala BJT15. සැබැවැ, මම ද එය දනිමි. මෙබඳු පුද්ගල ‘අධර්‍මචෝදක’ යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. කෙබඳු පුද්ගල ‘ධර්‍මචොදක’යි කියනු ලැබේ ද?
Pali BJT16. කාලෙන චොදෙති භූතෙන, සණ්හෙන අත්ථසංහිතෙන, මෙත්තාචිත්තො චොදෙති නො දොසන්තරො එදිසො වුච්චති ධම්මචොදකො.
Sinhala BJT16. නිසි කල්හි චෝදනා කෙරෙයි, භූතයෙන් සිලිටි බසින් අර්‍ත්‍ථ සංහිතයෙන් චෝදනා කෙරෙයි. මෙත්සිත් ඇති වැ ඇතුළත හටගත් ද්වේෂ නැති වැ චෝදනා කෙරෙයි. මෙබඳු පුද්ගල ‘ධර්‍මචොදක’ යි කියනු ලැබේ.
Pali BJT17. සච්චං අහම්පි ජානාමි එදිසො වුච්චති ධම්මචොදකො, අඤ්ඤඤ්ච තාහං පුච්ඡාමි කීදිසො වුච්චති බාලචොදකො :
Sinhala BJT17. සැබැව, මම ද එය දනිමි. මෙබඳු පුද්ගල ‘ධර්‍මචොදක’යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. කෙබඳු පුද්ගල ‘බාලචොදක’ යි කියනු ලැබේ ද?
Pali BJT18. පුබ්බාපරං න ජානාති පුබ්බාපරස්ස අකොවිදො, අනුසන්ධිවචනපථං න ජානාති අනුසන්ධිවචනපථස්ස අකොවිදො එදිසො වුච්චති බාලචොදකො.
Sinhala BJT18. පෙර පසු කථාව නො දනියි, පෙර පසු කථාවෙහි අදක්‍ෂ වෙයි, අනුසන්‍ධි වචන මාර්‍ගය නො දනියි, අනුසන්‍ධි වචන මාර්‍ගයෙහි අදක්‍ෂ වෙයි, මෙබඳු පුද්ගල ‘බාලචොදක’ යි කියනු ලැබේ.
Pali BJT19. සච්චං අහම්පි ජානාමි එදිසො වුච්චති බාලචොදකො, අඤ්ඤඤ්ච තාහං පුච්ඡාමි කීදිසො වුච්චති පණ්ඩිතචොදකො :
Sinhala BJT19. සැබැවැ, මම ද එය දනිමි. මෙබඳු පුද්ගල “බාලචොදක’ යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. කෙබඳු පුද්ගල ‘පණ්ඩිත චෝදක’ යි කියනු ලැබේ ද?
Pali BJT20. පුබ්බාපරං විජානාති{2} පුබ්බාපරස්ස කොවිදො, අනුසන්ධිවචනපථං ජානාති අනුසන්ධිවචනපථස්ස කොවිදො ; එදිසො වුච්චති පණ්ඩිතචොදකො.
Sinhala BJT20. පෙර පසු කථාව වෙසෙසින් දනියි, පෙර පසු කථාවෙහි දක්‍ෂ වෙයි. අනු සන්‍ධි වචන මාර්‍ගය දනියි, අනුසන්‍ධි වචන මාර්‍ගයෙහි දක්‍ෂ වෙයි, මෙබඳු පුද්ගල ‘පණ්ඩිත චෝදක’ යි කියනු ලැබේ.
Pali BJT21. සච්චං අහම්පි ජානාමි එදිසො වුච්චති පණ්ඩිතචොදකො, අඤ්ඤඤ්ච තාහං පුච්ඡාමි චොදනා කින්ති වුච්චති :
Sinhala BJT21. සැබැවැ, මම ද එය දනිමි. එබඳු පුද්ගල ‘පණ්ඩිත චෝදක’ යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. චෝදනා කිමැ යි කියනු ලැබේ ද?
Pali BJT22. සීලවිපත්තියා චොදෙති අථො ආචාරදිට්ඨියා, ආජීවෙනපි චොදෙති චොදනා තෙන වුච්චති.
Sinhala BJT22. ශීල විපත්තියෙන් චෝදනා කෙරෙයි, යළි ආචාර විපත්තියෙන් හා දෘෂ්ටි විපත්තියෙන් චෝදනා කෙරෙයි, ආජීව විපත්තියෙනුදු චෝදනා කෙරෙයි, එයින් ‘චෝදනා’යි කියනු ලැබේ.
Pali BJTඅපරගාථාසඞ්ගණිකං නිට්ඨිතං.
Sinhala BJTඅපරගාථාසඞ්ගණිකය නිමි.
Pali BJTචොදනාකණ්ඩො
Sinhala BJTචෝදනා කාණ්ඩය
Pali BJTඅනුවිජ්ජකස්ස අනුයොගො
Sinhala BJTඅනුවිජ්ජකානුයෝගය
Pali BJT1. අනුවිජ්ජකෙ චොදකො පුච්ඡිතබ්බො “යං ඛො ත්වං ආවුසො ඉමං භික්ඛුං චොදෙසි, කිම්හි නං චොදෙසි, සීලවිපත්තියා චොදෙසි, ආචාරවිපත්තියා චොදෙසි, දිට්ඨිවිපත්තියා චොදෙසී”ති.
Sinhala BJT1. අනුවිජ්ජක විසින් ඇවැත්නි, තෙපි යම්හෙයකින් මේ මහණහට චෝදනා කරනු ද, කවර ඇවැතක් නිමිතිකොට ඔහුට චෝදනා කරනු ද, ශීල විපත්තියෙන් චෝදනා කරහු ද, ආචාර විපත්තියෙන් චෝදනා කරහු ද, දෘෂ්ටි විපත්තියෙන් චෝදනා කරනුදැයි චෝදකයා විචාළ යුතු යි.
Pali BJT2. සො චෙ එවං වදෙය්ය : “සීලවිපත්තියා වා චොදෙමි, ආචාරවිපත්තියා වා චොදෙමි, දිට්ඨිවිපත්තියා වා චොදෙමී”ති. සො එවමස්ස වචනීයො : “ජානාසි පනායස්මා සීලවිපත්තිං, ජානාසි ආචාරවිපත්තිං, ජානාසි දිට්ඨිවිපත්ති”න්ති.
Sinhala BJT2. ඉදින් හේ “ශීල විපත්තියෙන් හෝ චෝදනා කරමි, ආචාර විපත්තියෙන් හෝ චෝදනා කරමි, දෘෂ්ටි විපත්තියෙන් හෝ චෝදනා කරමි”යි මෙසේ කියන්නේ නම් “ආයුෂ්මත්නි, තෙපි ශීලවිපත්තිය දන්නහු ද, ආචාර විපත්තිය දන්නහු ද, දෘෂ්ටි විපත්තිය දන්නහු දැයි” ඔහුට මෙසේ කිය යුතු යැ.
Pali BJT3. සො චෙ එවං වදෙය්ය : “ජානාමි ඛො අහං ආවුසො සීලවිපත්තිං, ජානාමි ආචාරවිපත්තිං. ජානාමි දිට්ඨිවිපත්ති”න්ති. සො එවමස්ස වචනීයො : “කතමා පනාවුසො සීලවිපත්ති, කතමා ආචාරවිපත්ති, කතමා දිට්ඨිවිපත්තී”ති.
Sinhala BJT3. ඉදින් හේ “ඇවැත්නි මම ශීලවිපත්තිය දනිමි, ආචාරවිපත්තිය දනිමි, දෘෂ්ටි විපත්තිය දනිමි” යි මෙසේ කියන්නේ නම් “ඇවැත්නි ශීල විපත්තිය කවර ද, ආචාර විපත්තිය කවර ද, දෘෂ්ටි විපත්තිය කවර දැයි ඔහුට මෙසේ කිය යුතු යැ.
Pali BJT4. සො චෙ එවං වදෙය්ය : “චත්තාරි ච පාරාජිකානි තෙරස සඞ්ඝාදිසෙසා, අයං සීලවිපත්ති. ථුල්ලච්චයං පාචිත්තියං පාටිදෙසනීයං දුක්කටං දුබ්භාසිතං, අයං ආචාරවිපත්ති. මිච්ඡාදිට්ඨි අන්තග්ගාහිකා දිට්ඨි, අයං දිට්ඨිවිපත්තී”ති, සො එවමස්ස වචනීයො : “යං ඛො ත්වං ආවුසො ඉමං භික්ඛුං චොදෙසි, දිට්ඨෙන චොදෙසි සුතෙන චොදෙසි පරිසඞ්කාය චොදෙසී”ති.
Sinhala BJT4. ඉදින් හෙතෙම සතර පරිජි යැ තෙළෙස් සඟවෙසෙස් දැයි මෙය ශීල විපත්ති යි ද ථුලැසි යැ පචිති යැ පිළිදෙස්නී යැ දුකුළා යැ දුබැසි යැයි මෙය ආචාර විපත් ති යි ද අන්ත ග්‍රාහික මිථ්‍යාදෘෂ්ටි දෘෂ්ටි විපත්ති යි ද මෙසේ කියන්නේ නම් “ඇවැත්නි, යම් හෙයෙකින් තෙපි මෙ මහණ හට චෝදනා කරනු ද, දක්නා ලද්දෙන් චෝදනා කරනු ද, අසන ලද්දෙන් චෝදනා කරනු ද, සැකයෙන් චෝදනා කරනු දැ” යි ඔහුට මෙසේ කිය යුතු යැ.
Pali BJT5. සො චෙ එවං වදෙය්ය : “දිට්ඨෙන වා චොදෙමි, සුතෙන වා චොදෙමි, පරිසඞ්කාය වා චොදෙමී”ති, සො එවමස්ස වචනීයො : “යං ඛො ත්වං ආවුසො ඉමං භික්ඛුං චොදෙසි, දිට්ඨෙන චොදෙසි, කින්තෙ දිට්ඨං, කින්ති තෙ දිට්ඨං, කදා තෙ දිට්ඨං, කත්ථ තෙ දිට්ඨං, පාරාජිකං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො, සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො, ථුල්ලච්චයං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො. කත්ථ ච ත්වං අහොසි, කත්ථ චායං භික්ඛු අහොසි, කිඤ්ච ත්වං කරොසි, කිඤ්චායං භික්ඛු කරොතී”ති.
Sinhala BJT5. ඉදින් හේ “දක්නා ලද්දෙන් හෝ චෝදනා කෙරෙමි, අසන ලද්දෙන් හෝ චෝදනා කෙරෙමි, සැකයෙන් හෝ චෝදනා කෙරෙමි” යි මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතුය: ඇවැත්නි තෙපි යම්හෙයෙකින් මේ මහණහට දක්නා ලද්දෙන් චෝදනා කරනු නම් තොප විසින් කුමක් දක්නා ලද ද, තොප විසින් කුමකැයි දක්නා ලද ද, තොප විසින් කවර කලෙකැ දක්නා ලද ද, තොප විසින් කොතැන්හි දක්නා ලද ද, පරිජියට අවදනේ දක්නා ලද ද, සඟවෙසෙසට අවදනේ දක්නා ලද ද, ථුලැසියට ... පචිතියට ... පිළිදෙස්නියට ... දුකුළාවට ... දුබැසියට අවදනේ දක්නා ලද ද, තෙපි කොහි වූවහු ද, මේ මහණ කොහි වී ද, තෙපි කුමක් නම් කළහු ද, මේ මහණ කුමක් නම් කෙළේ දැයි කියා යි.
Pali BJT6. සො චෙ එවං වදෙය්ය : “න ඛො අහං ආවුසො ඉමං භික්ඛුං දිට්ඨෙන චොදෙමි, අපි ච සුතෙන චොදෙමී”ති. සො එවමස්ස වචනීයො : “යං ඛො ත්වං ආවුසො ඉමං භික්ඛුං සුතෙන චොදෙසි, කින්තෙ සුතං, කින්ති තෙ සුතං, කදා තෙ සුතං, කත්ථ තෙ සුතං, පාරාජිකං අජ්ඣාපන්නොති සුතං, සඞ්ඝාදිසෙසං -පෙ- ථුල්ලච්චයං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නොති සුතං, භික්ඛුස්ස සුතං, භික්ඛුනියා සුතං, සික්ඛමානාය සුතං, සාමණෙරස්ස සුතං, සාමණෙරියා සුතං, උපාසකස්ස සුතං, උපාසිකාය සුතං, රාජූනං සුතං, රාජමහාමත්තානං සුතං, තිත්ථියානං සුතං, තිත්ථියසාවකානං සුත”න්ති.
Sinhala BJT6. ඉදින් හේ “ඇවැත්නි, මම මේ මහණහට දක්නා ලද්දෙන් නො ම චෝදනා කරමි, එහෙත් අසන ලද්දෙන් චෝදනා කරමි” යි මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතු ය: “ඇවැත්නි, තෙපි යම් හෙයෙකින් මේ මහණහට අසන ලද්දෙන් චෝදනා කරනු නම් තොප විසින් කුමක් අසන ලද ද, තොප විසින් කුමකැ යි අසන ලද ද, තොප විසින් කවර කලෙකැ අසන ලද ද, තොප විසින් කොතැන්හි අසන ලද ද, පරිජියට අවනැයි අසන ලද ද, සඟවෙසෙසට ... ථුලැසියට ... පචිතියට ... පිළිදෙස්නියට ... දුකුළාවට ... දුබැසියට අවනැයි අසන ලද ද, මහණක්හුගෙන් අසන ලද ද, මෙහෙණකගෙන් අසන ලද ද, සික්මනුවකගෙන් අසන ලද ද, හෙරණකුගෙන් අසන ලද ද, හෙරණක ගෙන් අසන ලද ද, උවසුවකුගෙන් අසන ලද ද, උවැසියකගෙන් අසන ලද ද, රජුන්ගෙන් අසන ලද ද, රජමහ ඇමතියන්ගෙන් අසන ලද ද, තොටුවන්ගෙන් අසන ලද ද, තොටුසව්වන්ගෙන් අසනලද දැ” යි කියා යි.
Pali BJT7. සො චෙ එවං වදෙය්ය : “න ඛො අහං ආවුසො ඉමං භික්ඛුං සුතෙන චොදෙමි, අපි ච පරිසඞ්කාය චොදෙමී”ති සො එවමස්ස වචනීයො : “යං ඛො ත්වං ආවුසො ඉමං භික්ඛුං පරිසඞ්කාය චොදෙසි, කිං පරිසඞ්කසි, කින්ති පරිසඞ්කසි, කදා පරිසඞ්කසි, කත්ථ පරිසඞ්කසි, පාරාජිකං අජ්ඣාපන්නොති පරිසඞ්කසි, සඞ්ඝාදිසෙසං -පෙ- ථුල්ලච්චයං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නොති පරිසඞ්කසි, භික්ඛුස්ස සුත්වා පරිසඞ්කසි, භික්ඛුනියා -පෙ- සික්ඛමානාය -පෙ- සාමණෙරස්ස -පෙ- සාමණෙරියා -පෙ- උපාසකස්ස -පෙ- උපාසිකාය -පෙ- රාජූනං -පෙ- රාජමහාමත්තානං -පෙ- තිත්ථියානං -පෙ- තිත්ථියසාවකානං සුත්වා පරිසඞ්කසී”ති.
Sinhala BJT7. ඉදින් හේ “ඇවැත්නි, මම් මේ මහණහට අසන ලද්දෙන් නො ම චෝදනා කරමි, එහෙත් සැකයෙන් චෝදනා කරමි” යි මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතු ය: ඇවැත්නි, තෙපි යම්හෙයෙකින් මේ මහණහට සැකයෙන් චෝදනා කරහු නම් කුමක් සැක කරහු ද, කුමකැයි සැක කරහු ද, කවර කලෙක සැක කරහු ද, කොතැන්හි සැක කරහු ද, පරිජියට අවනැයි සැක කරහු ද, සඟවෙසෙසට ... ථුලැසියට ... පචිතියට ... පිළිදෙස්නියට ... දුකුළාවට ... දුබැසියට අවනැයි සැක කරහු ද මහණක්හුගෙන් අසා සැක කරහු ද, මෙහෙණකගෙන් ... සික්මනුවකගෙන් .... හෙරණකුගෙන් .... හෙරණකගෙන් ... උවසුවකුගෙන් ... උවැසියකගෙන් ... රජුන්ගෙන් ... රජමහ ඇමතියන්ගෙන් ... තොටුවන්ගෙන් ... තොටුසව්වන්ගෙන් අසා සැක කරහු” දැයි කියා යි.
Pali BJT8. දිට්ඨං දිට්ඨෙන සමෙති දිට්ඨෙන සංසන්දතෙ දිට්ඨං, දිට්ඨං පටිච්ච න උපෙති අසුද්ධපරිසඞ්කිතො : සො පුග්ගලො පටිඤ්ඤාය කාරෙතබ්බො තෙනුපොසථො.
Sinhala BJT8. දක්නා ලද්ද දක්නා ලද්ද හා සම් වේද, දක්නා ලද්ද දක්නා ලද්ද හා සැසඳේ ද, දැකීම මැ නිසා පරිජිය පිළින නො කෙරේ ද, එබැවින් ඒ පුද්ගල තෙමේ අමූලක වැ අශුද්ධ යැ යි සැක කරණ ලද්දේ වෙයි. “මම ශුද්ධයෙමි”යි ඔහුගේ ප්‍රතිඥායෙන් ඔහු හා පොහෝ කටයුතු යැ.
Pali BJT9. සුතං සුතෙන සමෙති සුතෙන සංසන්දතෙ සුතං, සුතං පටිච්ච න උපෙති අසුද්ධපරිසඞ්කිතො; සො පුග්ගලො පටිඤ්ඤාය කාරෙතබ්බො තෙනුපොසථො.
Sinhala BJT9. අසන ලද්ද අසන ලද්ද හා සම වේ ද, අසන ලද්ද අසන ලද්ද හා සැසඳේ ද, ඇසීම මැ නිසා පරිජිය පිළින නො කෙරේ ද, එබැවින් ඒ පුද්ගල අමූලක වැ අශුද්ධ යැයි සැක කරණ ලද්දේ වෙයි. “මම ශුද්ධයෙමි” යි ඔහුගේ ප්‍රතිඥායෙන් ඔහු හා පොහෝ කටයුතු යැ.
Pali BJT10. මුතං මුතෙන සමෙති මුතෙන සංසන්දතෙ මුතං, මුතං පටිච්ච න උපෙති අසුද්ධපරිසඞ්කිතො; සො පුග්ගලො පටිඤ්ඤාය කාරෙතබ්බො තෙනුපොසථොති.
Sinhala BJT10. (ගන්‍ධ - රස - ස්පර්‍ශ) මුතය මුතය හා සම වේ ද, මුතය මුතය හා සැසඳේ ද, මුතය මැ නිසා පරිජිය පිළින නො කෙරේ ද, එබැවින් ඒ පුද්ගල අමූලක වැ අශුද්ධ යැයි සැක කරණ ලද්දේ වෙයි. “මම ශුද්ධයෙමි” යි ඔහුගේ ප්‍රතිඥායෙන් ඔහු හා පොහෝ කටයුතු යි.
Pali BJT11. චොදනාය කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං : චොදනාය ඔකාසකම්මං ආදි, කිරියා මජ්ඣෙ, සමථො පරියොසානං.
Sinhala BJT11. චෝදනාව පිළිබඳ ආදිය කවරේ ද, මද්ධ්‍යය කවරේ ද, අවසානය කවරේ ද යත්: අවසර ගැන්ම චෝදනාව පිළිබඳ ආදිය යි, චෝදනා කිරීම මද්ධ්‍යය යි, ශමථය අවසානයයි.
Pali BJT12. චොදනාය කති මූලානි, කති වත්ථූනි, කති භූමියො, කතිහාකාරෙහි චොදෙති : චොදනාය ද්වෙ මූලානි, තීණි වත්ථූනි, පඤ්ච භූමියො, ද්වීහාකාරෙහි චොදෙති.
Sinhala BJT12. චෝදනාව පිළිබඳ මුල් කෙතෙක් ද, වස්තු කෙතෙක් ද, භූමි කෙතෙක් ද, කෙතෙක් අයුරෙකින් චෝදනා කෙරේ ද යත්: චෝදනාව පිළිබඳ මුල් දෙකෙකැ. වස්තු තුණෙකැ. භූමි පසෙකැ. දෙ අයුරෙකින් චෝදනා කෙරේ.
Pali BJT13. චොදනාය කතමානි ද්වෙ මූලානි : සමූලිකා වා අමූලිකා වා : චොදනාය ඉමානි ද්වෙ මූලානි.
Sinhala BJT13. චෝදනාව පිළිබඳ මුල් දෙක කවරේ ද යත්: සමූලික යැ, අමූලික යැ යි චෝදනාවගේ මේ මුල් දෙක යි.
Pali BJT14. චොදනාය කතමානි තීණි වත්ථූනි : දිට්ඨෙන සුතෙන පරිසඞ්කාය : චොදනාය ඉමානි තීණි වත්ථූනි.
Sinhala BJT14. චෝදනාව පිළිබඳ වස්තු තුණ කවරේ ද යත්: දක්නා ලද්දෙන් යැ අසන ලද්දෙන් යැ සැකයෙන් යැයි චෝදනාව පිළිබඳ මේ වස්තු තුණයි.
Pali BJT15. චොදනාය කතමා පඤ්ච භූමියො : කාලෙන වක්ඛාමි නො අකාලෙන, භූතෙන වක්ඛාමි නො අභූතෙන, සණ්හෙන වක්ඛාමි නො ඵරුසෙන, අත්ථසංහිතෙන වක්ඛාමි නො අනත්ථසංහිතෙන, මෙත්තාචිත්තො වක්ඛාමි නො දොසන්තරොති, චොදනාය ඉමා පඤ්ච භූමියො.
Sinhala BJT15. චෝදනාව පිළිබඳ භූමි පස කවරේද යත්: සුදුසු කල්හි කියන්නෙමි නො සුදුසු කල්හි නො කියන්නෙමි, සත්‍යයෙන් කියන්නෙමි, අසත්‍යයෙන් නො කියන්නෙමි, මොළොක් බසින් කියන්නෙමි රළු බසින් නො කියන්නෙමි, අර්‍ත්‍ථසංහිතයෙන් කියන්නෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො කියන්නෙමි, මෙත් සිත් ඇති වැ කියන්නෙමි, දූෂිත සිත් ඇති වැ නො කියන්නෙමි යි චෝදනාව පිළිබඳ මේ භූමි පස යි.
Pali BJT16. කතමෙහි ද්වීහාකාරෙහි චොදෙති : කායෙන වා චොදෙති, වාචාය වා චොදෙති. ඉමෙහි ද්වීහාකාරෙහි චොදෙති.
Sinhala BJT16. කවර දෙඅයුරෙකින් චෝදනා කෙරේ ද යත්: කයින් චෝදනා කෙරෙයි, වචනයෙන් චෝදනා කෙරෙයි, මේ දෙඅයුරෙන් චෝදනා කෙරේ.
Pali BJTචොදකාදිපටිපත්ති
Sinhala BJTචෝදකාදිප්‍රතිපත්ති
Pali BJT1. චොදකෙන කථං පටිපජ්ජිතබ්බං, චුදිතකෙන කථං පටිපජ්ජිතබ්බං, සඞ්ඝෙන කථං පටිපජ්ජිතබ්බං, අනුවිජ්ජකෙන කථං පටිපජ්ජිතබ්බං :
Sinhala BJT1. චෝදකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද, චුදිතකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද, සඞ්ඝයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද, අනුවිජ්ජක විසින් කෙසේ පිළිපැදිය යුතු ද?
Pali BJTචොදකෙන කථං පටිපජ්ජිතබ්බන්ති, චොදකෙන පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය පරො චොදෙතබ්බො : කාලෙන වක්ඛාමි නො අකාලෙන, භූතෙන වක්ඛාමි නො අභූතෙන, සණ්හෙන වක්ඛාමි නො ඵරුසෙන, අත්ථසංහිතෙන වක්ඛාමි නො අනත්ථසංහිතෙන, මෙත්තාචිත්තො වක්ඛාමි නො දොසන්තරොති : චොදකෙන එවං පටිපජ්ජිතබ්බං.
Sinhala BJTචෝදකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: චෝදකයා විසින් සුදුසු කල්හි කියන්නෙමි නො සුදුසු කල්හි නො කියන්නෙමි, සත්‍යයෙන් කියන්නෙමි, අසත්‍යයෙන් නො කියන්නෙමි, මොළොක් බසින් කියන්නෙමි, රළු බසින් නො කියන්නෙමි, අර්‍ත්‍ථ සංහිතයෙන් කියන්නෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො කියන්නෙමි, මෙත් සිත් ඇති වැ කියන්නෙමි, දූෂිත සිත් ඇති වැ නො කියන්නෙමි යි කරුණු පසෙහි පිහිටා මෙරමා චෝදනා කටයුතු වෙයි, චෝදකයා විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
Pali BJTචුදිතකෙන කථං පටිපජ්ජිතබ්බන්ති චුදිතකෙන ද්වීසු ධම්මෙසු පටිපජ්ජිතබ්බං : සච්චෙ ච, අකුප්පෙ ච. චුදිතකෙන එවං පටිපජ්ජිතබ්බං.
Sinhala BJTචුදිතකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: චුදිතකයා විසින් සත්‍යයෙහි ද නො කිපෙන සුලු බවෙහි දැයි දෙ දහම්හි පිහිටිය යුතුයි. චුදිතකයා විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
Pali BJTසඞ්ඝෙන කථං පටිපජ්ජිතබ්බන්ති සඞ්ඝෙන ඔතිණ්ණානොතිණ්ණං ජානිතබ්බං සඞ්ඝෙන එවං පටිපජ්ජිතබ්බං.
Sinhala BJTසඞ්ඝයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: සඞ්ඝයා විසින් (චෝදක චුදිතකයන්) බැස ගත් නො බැස ගත් පෙර පසු වචනය දතයුතු වෙයි. සඞ්ඝයා විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
Pali BJTඅනුවිජ්ජකෙන කථං පටිපජ්ජිතබ්බන්ති අනුවිජ්ජකෙන යෙන ධම්මෙන යෙන විනයෙන යෙන සත්ථුසාසනෙන තං අධිකරණං වූපසම්මති තථා තං අධිකරණං වූපසමෙතබ්බං. අනුවිජ්ජකෙන එවං පටිපජ්ජිතබ්බං.
Sinhala BJTඅනුවිජ්ජක විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: අනුවිජ්ජක විසින් යම් ධර්‍මයෙකින් යම් විනයෙකින් යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ නම් එසේ ඒ අධිකරණය සන්හිඳවිය යුතු යි. අනුවිජ්ජක විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
Pali BJT2. උපොසථො කිමත්ථාය, පවාරණා කිස්ස කාරණා, පරිවාසො කිමත්ථාය, මූලායපටිකස්සනා කිස්ස කාරණා ; මානත්තං කිමත්ථාය අබ්භානං කිස්ස කාරණා.
Sinhala BJT2. උපෝසථය කුමක් පිණිස ද, පවාරණය කුමක් පිණිස ද, පරිවාසය කුමක් පිණිස ද, මූලායපටිකස්සනය කුමක් පිණිස ද, මානත කුමක් පිණිස ද, අබ්භානය කුමක් පිණිස ද යත්:
Pali BJT3. උපොසථො සාමග්ගත්ථාය විසුද්ධත්ථාය පවාරණා, පරිවාසො මානත්තත්ථාය මූලායපටිකස්සනා නිග්ගහත්ථාය ; මානත්තං අබ්භානත්ථාය විසුද්ධත්ථාය අබ්භානං.
Sinhala BJT3. උපෝසථය සමගබව පිණිස යැ, පවාරණය පිරිසිදුබව පිණිස යැ, පරිවාසය මානත්තය පිණිස යැ, මූලායපටිකස්සනය නිග්‍රහය පිණිස යැ, මානත අබ්භානය පිණිස යැ, අබ්භානය පාරිශුද්ධිය පිණිස යි.
Pali BJT4. ඡන්දා දොසා භයා මොහා, ථෙරෙ ච පරිභාසති, කායස්ස භෙදා දුප්පඤ්ඤො ඛතො උපහතින්ද්රියො ; නිරයං ගච්ඡති දුම්මෙධො න ච සික්ඛාය ගාරවො.
Sinhala BJT4. ඡන්‍දයෙන් ද ද්වේෂයෙන් ද බියෙන් ද මෝහයෙන් ද ස්ථවිර භික්‍ෂූන්ට පරිභව බෙණේ නම් දුෂ්පාඥ වූ කණන ලද කුසල් මුල් ඇති නසන ලද ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් ඇති ශික්‍ෂායෙහි ගෞරව නැති නුවණ නැත්තේ කාබුන් මරණින් මතු නරකයට යෙයි.
Pali BJT5. න චාමිසං හි නිස්සාය න ච නිස්සාය පුග්ගලං, උභො එතෙ විවජ්ජෙත්වා යථාධම්මො තථා කරෙ.
Sinhala BJT5. (චීවරාදි) ආමිෂය නිසා ද නො වැ, (ආචාර්‍ය්‍ය උපාධ්‍යායාදි) පුද්ගලයා නිසා ද නො වැ, මේ ආමිෂ පුද්ගල දෙපස ම නො තකා ධර්‍මය වූ පරිද්දෙන් විනිශ්චය කරන්නේ යි.
Pali BJTචොදකස්ස අත්තජ්ඣාපනං
Sinhala BJTචෝදකාත්මදහනය
Pali BJT1. කොධනො උපනාහී ච, චණ්ඩො ච පරිභාසකො, අනාපත්තියා ආපත්තීති රොපෙති ; තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
Sinhala BJT1. ක්‍රෝධ ඇති වැ බද්ධ වෛර ඇති වැ සැඬ වැ පරිභාසික වැ නො ඇවැතෙහි ඇවැතැ යි නඟා ද, එබඳු වූ චෝදක තෙමේ තමා දවයි.
Pali BJT2. උපකණ්ණකං ජප්පති ජිම්හං පෙක්ඛති වීතිහරති කුම්මග්ගං පටිසෙවති, අනාපත්තියා ආපත්තීති රොපෙති, තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
Sinhala BJT2. (මෙසේ කියව මෙසේ නො කියව යි) කණමුල කොඳුරා ද, වරද ම සොයා ද, විනිශ්චය පිරිහෙළා ද, (නො මඟ සෙවී ද) ඇවැත් දක්වා ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
Pali BJT3. අකාලෙන චොදෙති අභූතෙන ඵරුසෙන අනත්ථසංහිතෙන, දොසන්තරො චොදෙති නො මෙත්තාචිත්තො අනාපත්තියා ආපත්තීති රොපෙති, තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
Sinhala BJT3. නො සුදුසු කල්හි අසත්‍ය වූ රළු වූ අනර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කෙරේ ද, මෙත් සිත් නැති වැ දූෂිත සිත් ඇත්තේ චෝදනා කෙරේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
Pali BJT4. ධම්මාධම්මං න ජානාති ධම්මාධම්මස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති ; තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
Sinhala BJT4. දහම් නො දහම් නො දනී ද, දහම් නො දහම්හි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
Pali BJT5. විනයාවිනයං න ජානාති විනයාවිනයස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති ; තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
Sinhala BJT5. විනය අවිනය නො දනී ද, විනය අවිනයයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැයි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
Pali BJT6. භාසිතාභාසිතං න ජානාති භාසිතාභාසිතස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති ; තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
Sinhala BJT6. වදාළ නො වදාළ දැය නො දනී ද, වදාළ නො වදාළ දැයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
Pali BJT7. ආචිණ්ණානාචිණ්ණං න ජානාති, ආචිණ්ණානාචිණ්ණස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
Sinhala BJT7. (බුද්ධාදීන් විසින්) පුරුදු කළ නො පුරුදු කළ දැය නො දනී ද, පුරුදු කළ නො පුරුදු කළ දැයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
Pali BJT8. පඤ්ඤත්තාපඤ්ඤත්තං න ජානාති පඤ්ඤත්තාපඤ්ඤත්තස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
Sinhala BJT8. පණවන ලද නො පණවන ලද දැය නො දනී ද, පණවන ලද නො පණවන ලද දැයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
Pali BJT9. ආපත්තානාපත්තිං න ජානාති ආපත්තානාපත්තියා අකොවිදො අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානං
Sinhala BJT9. ඇවැත නො ඇවැත නො දනී ද, ඇවැතෙහි නො ඇවැතෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
Pali BJT10. ලහුකගරුකං න ජානාති ලහුකගරුකස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
Sinhala BJT10. ලුහුගුරු ඇවැත් නො දනී ද, ලුහුගුරු ඇවැතෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
Pali BJT11. සාවසෙසානවසෙසං න ජානාති සාවසෙසානවසෙසස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
Sinhala BJT11. සාවසේස අනවසේස ආපත්ති නො දනී ද, සාවසේස අනවසේස ආපත්තියෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
Pali BJT12. දුට්ඨුල්ලාදුට්ඨුල්ලං න ජානාති දුට්ඨුල්ලාදුට්ඨුල්ලස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
Sinhala BJT12. තුළුල් නො තුළුල් ඇවැත් නො දනී ද, තුළුල් නො තුළුල් ඇවැත්හි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
Pali BJT13. පුබ්බාපරං න ජානාති පුබ්බාපරස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති ; තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
Sinhala BJT13. පෙර පසු කථාව නො දනී ද, පෙර පසු කථාවෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
Pali BJT14. අනුසන්ධිවචනපථං න ජානාති අනුසන්ධිවචනපථස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානන්ති.
Sinhala BJT14. අනුසන්‍ධිවචනමාර්‍ගය නො දනී ද, අනුසන්‍ධිවචනමාර්‍ගයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
Pali BJTචොදනාකණ්ඩො නිට්ඨිතො.
Sinhala BJTචෝදනාකාණ්ඩය නිමි.