Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3001-3100 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT21. අට්ඨෙව පාරාජිකා යෙ දුරාසදා තාලවත්ථුසමූපමා, පණ්ඩුපලාසො පුථුසිලා සීසච්ඡින්නොව සො නරො. තාලොව මත්ථකා ඡින්නො අවිරූළ්හී භවන්ති තෙ.
Sinhala BJT21. (සප්‍රතිභය හෙයින්) දුරාසද වූ (මූලෝච්ඡින්න) තාලවාස්තුවක් වැනි වූ පාරාජිකාපත්තීහු අට දෙනෙක් මැ වෙති. පරිජි අවන් පුඟුල් තෙම පඬුවන්පතක් සේ බිඳුණු ගලක් සේ හිස්සුන් එකක්හු සේ මුදුන් සුන් තලක් සේ වටාලා පියවිබවට නො එයි. එසෙයින් මැ ඒ පාරාජිකාපත්තීහු වටාලා ප්‍රකෘති භාවයට නො එත්.
Pali BJT22. තෙවීසති සඞ්ඝාදිසෙසා ද්වෙ අනියතා ද්වෙ චත්තාලීස නිස්සග්ගියා අට්ඨාසීති සතං පාචිත්තියා ද්වාදස පාටිදෙසනීයා,
Sinhala BJT22-23. තෙවිසි සඟවෙසෙස් ද අනියත දෙක ද දෙසාළිස් නිසඟි ද, එක්සිය අසූඅටක් පචිති ද දොළොස් පිළිදෙස්නීහු ද, පන්සැත්තෑ සිඛකරණීහු ද යන මොහු සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT23. පඤ්ච සත්තති සෙඛියා තීහි සමථෙහි සම්මන්ති. සම්මුඛා ච පටිඤ්ඤාය, තිණවත්ථාරකෙන ච.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT24. ද්වෙ උපොසථා ද්වෙ පවාරණා චත්තාරි කම්මානි ජිනෙන දෙසිතා, පඤ්චෙව උද්දෙසා චත්තාරො භවන්ති අනඤ්ඤථා, ආපත්තික්ඛන්ධා ච භවන්ති සත්ත.
Sinhala BJT24. ජිනරාජයන් වහන්සේ විසින් දෙසන ලද (භික්‍ෂු-භික්‍ෂුණි) උපෝසථ දෙක ද පවුරුණු දෙක ද (අධර්‍මවර්‍ගාදී) කර්‍ම සතර ද පාමොක් උදෙසීම් පස ද (භික්‍ෂුණීන්ගේ වශයෙන්) සතර ද ඇවත් කඳු සතදැයි මොහු අන් පරිද්දකින් නො වෙත්.
Pali BJT25. අධිකරණානි චත්තාරි සත්තහි සමථෙහි සම්මන්ති, ද්වීහි චතූහි තීහි කිච්චං එකෙන සම්මති.
Sinhala BJT25. සතර අධිකරණයෝ සප්ත ශමථයෙන් සන්හිඳෙත්. දෙශමථයෙන් ද සිවු ශමථයෙන් ද තුන් ශමථයෙන් ද සන්හිඳෙත්. කිච්චාධිකරණය එක් ශමථයකින් සන් හිඳෙයි.
Pali BJTපාරාජිකාදි ආපත්ති
Sinhala BJTපාරාජීකාදී ආපත්ති
Pali BJT1. පාරාජිකන්ති යං වුත්තං තං සුණොහි යථා කථං, චුතො පරද්ධො භට්ඨො ච සද්ධම්මා හි නිරංකතො{1} සංවාසොපි තහිං නත්ථි, තෙනෙතං ඉති වුච්චති.
Sinhala BJT1. පාරාජික යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: ශාසනයෙන් ච්‍යුත වී ද පැරැදුනේ ද, ගිලිහුණේ ද, දුරුකරණ ලද්දේ ද, ඔහු කෙරෙහි (උපෝසථ පවාරණාදී විසින්) සමග විසීමෙක් ද නැති. එහෙයින් මෙය පරිජි යැ යි කියනු ලැබේ.
Pali BJT2. සඞ්ඝාදිසෙසොති යං වුත්තං තං සුණොහි යථා කථං{2}, සඞ්ඝොව දෙති පරිවාසං, මූලාය පටිකස්සති, මානත්තං දෙති අබ්භෙති තෙනෙතං ඉති වුච්චති.
Sinhala BJT2. සඞ්ඝාදිසේස යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: සඞ්ඝයා ම පිරිවෙස් දෙයි. මූලායපටිකස්සන කර්‍මය කෙරෙයි. මානත දෙයි. අබ්භාන කර්‍මය කෙරේ. (සඞ්ඝයා මුල මැද අග යන තුන් තැන ම කැමති විය යුතු ය යන) ඒ අර්‍ත්‍ථයෙන් තෙල ඇවැත සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබේ.
Pali BJT3. අනියතොති යං වුත්තං තං සුණොහි යථා කථං,2 අනියතො න නියතො අනෙකංසිකතං පදං; තිණ්ණමඤ්ඤතරං ඨානං අනියතොති පවුච්චති.
Sinhala BJT3. අනියත යැ යි යමක් කියනලද ද, එය අසව. කිසේ යැ යත්: නියත නැත්තේ අනියත නමි. නියම නො කරණ ලද සිකපද යයි. (පරිජි-සඟවෙසෙස්-පචිති යන) තුන් ඇවතින් එක්තරා ඇවැතකට පැමිණේ ද, (එහෙයින්) අනියත යැ යි කියනු ලැබේ.
Pali BJT4. ථුල්ලච්චයන්ති යං වුත්තං තං සුණොහි යථා කථං, එකස්ස මූලෙ යො දෙසෙති යො ච තං පතිගණ්හති; අච්චයො තෙන සමො නත්ථි තෙනෙතං ඉති වුච්චති.
Sinhala BJT4. ථුල්ලච්චය යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: යමෙක් එකක්හුගේ සමීපයෙහි ඇවැත් දෙසයි ද, යමෙකුත් එය පිළිගණී ද එය හා සම වූ (අන් දේසනාගාමිනී) ඇවැතෙක් නැත් ද, එහෙයින් තෙල ථුල්ලච්චය යි කියනු ලැබේ.
Pali BJT5. නිස්සග්ගියන්ති යං වුත්තං තං සුණොහි යථා කථං,2 සඞ්ඝමජ්ඣෙ ගණමජ්ඣෙ, එකස්සෙව එකතො; නිස්සජ්ජිත්වාන දෙසෙති තෙනෙතං ඉති වුච්චති.
Sinhala BJT5. නිස්සග්ගිය යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: සඟමැද හෝ ගණමැද හෝ එකක්හු වෙතැ හෝ එක් වැ නිසදා ඇවැත් දෙසා ද, එබැවින් තෙල නිස්සග්ගියැ යි කියනු ලැබේ.
Pali BJT6. පාචිත්තියන්ති යං වුත්තං තං සුණොහි යථා කථං,2 පාතෙති කුසලං ධම්මං අරියමග්ගපරජ්ඣති; චිත්තසම්මොහනට්ඨානං තෙනෙතං ඉති වුච්චති.
Sinhala BJT6. පාචිත්තිය යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: කුසලචිත්තය හෙළා ද ආර්‍ය්‍යමාර්‍ගය වරදවා ද සිත මුළාකිරීමට කරුණු වේ ද, එබැවින් තෙල පාචිත්තිය යි කියනු ලැබේ.
Pali BJT7. පාටිදෙසනීයන්ති යං වුත්තං තං සුණොහි යථා කථං, භික්ඛු අඤ්ඤාතකො සන්තො කිච්ඡා ලද්ධාය භොජනං. සාමං ගහෙත්වා භුඤ්ජෙය්ය ගාරය්හන්ති පවුච්චති.
Sinhala BJT7. පාටිදේසනීය යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: භික්‍ෂු තෙම නොනෑ වූයේ දුකසේ ලද තැනැත්තියගේ බොජුනක් තෙමේ ගෙණ වළඳනේ ද ඒ ගර්‍හා කටයුතු යැ යි කියනු ලැබේ.
Pali BJT8. නිමන්තනාසු භුඤ්ජන්තං{3} ඡන්දාය, වොසාසති තත්ථ භික්ඛුනී,{4} අනිවාරෙත්වා තහිං භුඤ්ජෙ ගාරය්හන්ති පවුච්චති.
Sinhala BJT8. නිමන්ත්‍රණයන්හි වළඳන්නහු එහි දී මෙහෙණක් තොමෝ රුචියෙන් (“ඉධ ඕදනං දෙථ” යනාදීන්) විධාන කෙරේ නම් එහි දී (“අපසක්ක තාව භගිනී” යනාදීන්) නො වළකා වළඳන්නේ වේ ද ඒ ගර්‍හා කටයුතු යයි කියනු ලැබේ.
Pali BJT9. සද්ධාචිත්තං කුලං ගන්ත්වා අප්පභොගං අනාළ්හියං,{5} අගිලානො තහිං භුඤ්ජෙ ගාරය්හන්ති පවුච්චති.
Sinhala BJT9. ස්වල්ප සම්පත් ඇති නැළියකට වඩා වී නැති දිළිඳු වූ සැදැහැසිත් ඇති සේඛ කුලයකට ගොස් නො ගිලන් වැ එහි වළඳා නම් ගර්‍හා කටයුතු යයි කියනු ලැබේ.
Pali BJT10. යො චෙ අරඤ්ඤෙ විහරන්තො සාසඞ්කෙ සභයානකෙ, අවිදිතං තහිං භුඤ්ජෙ ගාරය්හන්ති පවුච්චති.
Sinhala BJT10. යම් මහණෙක් සැකසහිත වූ බියසහිත වූ වනයෙහි ඉදින් වසන්නේ එහි දී පෙරැ නො දන්වන ලද භෝජනය අනුභව කෙරේ නම් ගර්‍හා කටයුතු යයි කියනු ලැබේ.
Pali BJT11. භික්ඛුනී අඤ්ඤාතිකා සන්තා යං පරෙසං මමායිතං, සප්පි තෙලං මධුං ඵාණිතං මච්ඡමංසං අථොපි ඛීරං; දධිං සයං විඤ්ඤාපෙය්ය භික්ඛුනී ගාරය්හපත්තා සුගතස්ස සාසනෙ.
Sinhala BJT11. මෙහෙණක් තොමෝ නොනෑ වූවා අනුන් විසින් මමත්‍වය කරණලද ගිතෙල් තෙල් මී පැණි දියමස් ගොඩමස් කිරි දිහි තොමෝ විනවා පරිභෝග කෙරේ නම් බුදුසසුන්හි ගැරහියයුතු බවට පැමිණියා වෙයි.
Pali BJT12. දුක්කටන්ති යං වුත්තං තං සුණොහි යථා කථං, අපරද්ධං විරද්ධඤ්ච ඛලිතං යඤ්ච දුක්කටං.
Sinhala BJT12. දුක්කට යැ යි යමක් වදාරණ ලද ද, එය අසව කිසේ යැ යත්: නපුරු කොට කරණලද්දෙක් වරදවා කරණලද්දෙක් පමාදොසෙක් යම් (එබඳුවූ) දුෂ්කෘතයෙක් වේ ද,
Pali BJT13. යං මනුස්සො කරෙ පාපං ආවි වා යදි වා රහො, දුක්කටන්ති පවෙදෙන්ති තෙනෙතං ඉති වුච්චති.
Sinhala BJT13. මිනිස් තෙම එළියෙහි හෝ රහස්හි හෝ යම් පවක් කරන්නේ (එය) දුක්කට යැ යි (නුවණැත්තෝ) පවසත් ද, එහෙයින් මෙය දුක්කට යැ යි කියනු ලැබේ.
Pali BJT14. දුබ්භාසිතන්ති යං වුත්තං තං සුණොහි යථා කථං, දුබ්භාසිතං දුරාභට්ඨං සංකිලිට්ඨඤ්ච යං පදං; යඤ්ච විඤ්ඤූ ගරහන්ති තෙනෙතං ඉති වුච්චති.
Sinhala BJT14. දුබ්භාසිත යැ යි යමක් කියන ලද ද, එය අසව, කිසේ යැ යත්: යම් හෙයකින් නපුරු කොට කියනලද සකිළිටු වූ යම්බඳු වචනයකට දුඛභාසිත යැ යි නුවණැත්තෝ ගරහත් ද, එහෙයින් මෙයද දුබ්භාසිත යැ යි කියනු ලැබේ.
Pali BJT15. සෙඛියන්ති යං වුත්තං තං සුණොහි යථා කථං, සෙඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනො.
Sinhala BJT15. සේඛියා යැ යි යමක් කියනලද ද, එය අසව, කිසේ යැ යත්: ඍජුමාර්‍ගය අනුව හැසිරෙණසුලු වූ (උපරිගුණාධිගමය සඳහා) හික්මෙන්නා වූ ශෛක්‍ෂ පුද්ගලයාහට.
Pali BJT16. ආදිපෙතං චරණඤ්ච මුඛං සංයමසංවරො, සික්ඛා එතාදිසී නත්ථි තෙනෙතං ඉති වුච්චති.
Sinhala BJT16. තෙල සේඛියාව මුල් වෙයි, යළි පාදය ද වෙයි, ප්‍රමුඛද්වාරය වෙයි, සන්හිඳීම වෙයි, සංවරය වේ. එහෙයින් ම මේ හා සමාන වූ සිඛයෙක් නැති. මෙකරුණෙන් මෙය සේඛියා යි කියනු ලැබේ.
Pali BJT17. ඡන්නමතිවස්සති , විවටං නාතිවස්සති, තස්මා ඡන්නං විවරෙථ එවං තං නාතිවස්සති.
Sinhala BJT17. ඇවැත් (සඞ්ඛ්‍යාත ගෙය) සොයන ලදුයේ අතිශයින් කෙලෙස් වැසි වසියි, විවෘත වූයේ කෙලෙස් වැසි නො වසියි, එහෙයින් පිළිසන් ඇවැත විවෘත කරන්නේ යැ. එසේ ඇති කල්හි කෙලෙස් වැසි නො වසී.
Pali BJT18. ගති මිගානං පවනං, ආකාසො පක්ඛිනං ගති, විභවො ගති ධම්මානං නිබ්බානං අරහතො ගති.
Sinhala BJT18. මෘගයනට වනලැහැබ පිළිසරණ වෙයි, පක්‍ෂීනට අහස පිළිසරණ වෙයි, සියලු සඞ්ඛත ධර්‍මයනට (ඔවුනතර) නොවීම පිළිසරණ (අස්වැසීම) වෙයි, රහත්හට (අනුපාදිශේෂ) නිර්‍වාණධාතුව එකැතින් පිළිසරණ වේ.
Pali BJTගාථාසඞ්ගණිකං නිට්ඨිතං.
Sinhala BJTගාථාසඩ්ගණිකය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. සත්ත නගරෙසු පඤ්ඤත්තං විපත්ති චතුරොපි ච භික්ඛූනං භික්ඛුනීනඤ්ච සාධාරණා අසාධාරණා; සාසනානුග්ගහාය, ගාථාසඞ්ගණිකං ඉදන්ති.
Sinhala BJT1. සප්ත නගරයෙහි පැණවූ සිකපද ද විපත්ති සතර ද භික්‍ෂු - භික්‍ෂුණීන් පිළිබඳ වූ සාධාරණ අසාධාරණ සිකපද ද ඇතුළත් මේ ගාථා සඞ්ඝණිකය ශාසනානුග්‍රහය පිණිස වේ.
Pali BJTඅධිකරණභෙදො
Sinhala BJTඅධිකරණ භේද
Pali BJT1. චත්තාරි අධිකරණානි : විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ආපත්තාධිකරණං, කිච්චාධිකරණං : ඉමානි චත්තාරි අධිකරණානි.
Sinhala BJT1. අධිකරණ සතරෙකි: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යි. මේ අධිකරණ සතර යැ.
Pali BJTඉමෙසං චතුන්නං අධිකරණානං කති උක්කොටා : ඉමෙසං චතුන්නං අධිකරණානං දස උක්කොටා : විවාදාධිකරණස්ස ද්වෙ උක්කොටා, අනුවාදාධිකරණස්ස චත්තාරො උක්කොටා, ආපත්තාධිකරණස්ස තයො උක්කොටා, කිච්චාධිකරණස්ස එකො උක්කොටො, ඉමෙසං චතුන්නං අධිකරණානං ඉමෙ දස උක්කොටා.
Sinhala BJTමේ සතර අධිකරණයන්ගේ උක්කෝටන (යලි විසඳුම් පිණිස ඉදිරියට ඇදීම්) කෙතෙක් ද යත්: මේ සතර අධිකරණයන්ගේ උක්කෝටන දශයෙකි: විවාදාධිකරණය පිළිබඳ උක්කෝටන දෙකෙකැ, අනුවාදාධිකරණය පිළිබඳ උක්කෝටන සතරෙකැ, ආපත්තාධිකරණය පිළිබඳ උක්කෝටන තුණෙකැ, කිච්චාධිකරණය පිළිබඳ උක්කෝටන එකෙකි. මේ සතර අධිකරණයන්ගේ මේ දස උක්කෝටන යි.
Pali BJT2. විවාදාධිකරණං උක්කොටෙන්තො කති සමථෙ උක්කොටෙති, අනුවාදාධිකරණං උක්කොටෙන්තො කති සමථෙ උක්කොටෙති, ආපත්තාධිකරණං උක්කොටෙන්තො කති සමථෙ උක්කොටෙති, කිච්චාධිකරණං උක්කොටෙන්තො කති සමථෙ උක්කොටෙති :
Sinhala BJT2. විවාදාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේ ද, අනුවාදාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේද, ආපත්තාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේ ද, කිච්චාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේ ද යත්:
Pali BJTවිවාදාධිකරණං උක්කොටෙන්තො ද්වෙ සමථෙ උක්කොටෙති. අනුවාදාධිකරණං උක්කොටෙන්තො චත්තාරො සමථෙ උක්කොටෙති. ආපත්තාධිකරණං උක්කොටෙන්තො තයො සමථෙ උක්කොටෙති. කිච්චාධිකරණං උක්කොටෙන්තො එකං සමථං උක්කොටෙති.
Sinhala BJTවිවාදාධිකරණය උක්කෝටනය කරන්නේ ශමථ දෙකක් උක්කෝටනය කෙරෙයි, අනුවාදාධිකරණය උක්කෝටනය කරන්නේ ශමථ සතරක් උක්කෝටනය කෙරෙයි, ආපත්තාධිකරණය උක්කෝටනය කරන්නේ ශමථ තුණක් උක්කෝටනය කෙරෙයි, කිච්චාධිකරණය උක්කෝටනය කරන්නේ එක් ශමථයක් උක්කෝටනය කෙරේ.
Pali BJT3. කති උක්කොටා, කතිහාකාරෙහි උක්කොටනං පසවති, කතිහඞ්ගෙහි සමන්නාගතො පුග්ගලො අධිකරණං උක්කොටෙති, කති පුග්ගලා අධිකරණං උක්කොටෙන්තා ආපත්තිං ආපජ්ජන්ති.
Sinhala BJT3. උක්කෝටනයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරෙකින් උක්කෝටනය දනවයි ද, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරේ ද, කෙතෙක් පුද්ගලයෝ අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත් ද යත්:
Pali BJTද්වාදස උක්කොටා, දසහාකාරෙහි උක්කොටනං පසවති. චතුහඞ්ගෙහි සමන්නාගතො පුග්ගලො අධිකරණං උක්කොටෙති, චත්තාරො පුග්ගලා අධිකරණං උක්කොටෙන්තා ආපත්තිං ආපජ්ජන්ති.
Sinhala BJTඋක්කෝටන දොළොසෙකි, දශ අයුරෙකින් උක්කෝටනය දනවයි, සිවු අඟෙකින් යුත් පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරෙයි, පුඟුලෝ සතරදෙනෙක් අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත්.
Pali BJT4. කතමෙ ද්වාදස උක්කොටා : අකතං කම්මං, දුක්කටං කම්මං, පුන කාතබ්බං කම්මං, අනිහතං, දුන්නිහතං, පුන නිහනිතබ්බං, අවිනිච්ඡිතං, දුවිනිච්ඡිතං, පුන විනිච්ඡිතබ්බං, අවූපසන්තං, දුවූපසන්තං, පුන උපසමෙතබ්බන්ති ඉමෙ ද්වාදස උක්කොටා.
Sinhala BJT4. දොළොස් උක්කෝටනයෝ කවරහු ද යත්: නොකරණලද කර්‍ම යැ, වරදවා කරණ ලද කර්‍ම යැ, නැවැත කටයුතු කර්‍ම යැ, නො සන්හිඳුවන ලද්ද යැ, වරදවා සන්හිඳු වන ලද්ද යැ, නැවැත සන්හිඳවියයුත්ත යැ, නො විසඳනලද්ද යැ, වරදවා විසඳනලද්ද යැ, නැවැත විසඳියයුත්ත යැ, ව්‍යුපශමනය නො කරණ ලද්ද යැ, වරදවා ව්‍යුපශමනය කරණ ලද්ද යැ, නැවත ව්‍යුපශමනය කටයුත්ත යැ යි. මේ දොළොස් උක්කෝටනයෝ යි.
Pali BJT5. කතමෙහි දසහාකාරෙහි උක්කොටනං පසවති : තත්ථ ජාතකං අධිකරණං උක්කොටෙති, තත්ථ ජාතකං වූපසන්තං අධිකරණං උක්කොටෙති, අන්තරාමග්ගෙ අධිකරණං උක්කොටෙති, අන්තරාමග්ගෙ වූපසන්තං අධිකරණං උක්කොටෙති, තත්ථ ගතං අධිකරණං උක්කොටෙති, තත්ථ ගතං වූපසන්තං අධිකරණං උක්කොටෙති, සතිවිනයං උක්කොටෙති, අමූළ්හවිනයං උක්කොටෙති, තස්සපාපිය්යසිකං උක්කොටෙති, තිණවත්ථාරකං උක්කොටෙති. ඉමෙහි දසහාකාරෙහි උක්කොටනං පසවති.
Sinhala BJT5. කවර දශ අයුරෙකින් උක්කෝටනය දනවා ද යත්: ඒ විහාරයෙහි හටගත් අධිකරණය උක්කෝටනය කෙරෙයි, එහි හටගත් සන්හිඳුවන ලද අධිකරණ උක්කෝටනය කෙරෙයි, අතරමඟැ අධිකරණය උක්කෝටනය කෙරෙයි, අතරමඟ සන්හිඳුවනලද අධිකරණය උක්කෝටනය කෙරෙයි, එහි ගියහු එහි ම හිඳුවා විනිශ්චය කළ අධිකරණය උක්කෝටනය කෙරෙයි, එහි ගියහු එහි ම හිඳුවා සන්හිඳුවනලද අධිකරණය උක්කෝටනය කෙරෙයි, සතිවිනය උක්කෝටනය කෙරෙයි, අමූළ්හවිනය උක්කෝටනය කෙරෙයි, තස්සපාපිය්‍යසිකාව උක්කෝටනය කෙරෙයි, තිණවත්‍ථාරකය උක්කෝටනය කෙරේ. මේ දශ අයුරින් උක්කෝටනය දනවයි.
Pali BJT6. කතමෙහි චතුහඞ්ගෙහි සමන්නාගතො පුග්ගලො අධිකරණං උක්කොටෙති : ඡන්දාගතිං ගච්ඡන්තො අධිකරණං උක්කොටෙති, දොසාගතිං -පෙ- මොහාගතිං -පෙ- භයාගතිං ගච්ඡන්තො අධිකරණං උක්කොටෙති : ඉමෙහි චතුහඞ්ගෙහි සමන්නාගතො පුග්ගලො අධිකරණං උක්කොටෙති.
Sinhala BJT6. කවර සිවු අඟෙකින් යුත් පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරේ ද යත්: ඡන්‍දයෙන් අගතියට යන්නේ අධිකරණය උක්කෝටනය කෙරෙයි, ද්වේෂයෙන් අගතියට යන්නේ ... මෝහයෙන් අගතියට යන්නේ ... බියෙන් අගතියට යන්නේ අධිකරණය උක්කෝටනය කෙරේ. මේ සිවුඅඟින් යුත් පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරේ.
Pali BJT7. කතමෙ චත්තාරො පුග්ගලා අධිකරණං උක්කොටෙන්තා ආපත්තිං ආපජ්ජන්ති : තදහුපසම්පන්නො උක්කොටෙති උක්කොටනකං පාචිත්තියං, ආගන්තුකො උක්කොටෙති උක්කොටනකං පාචිත්තියං, කාරකො උක්කොටෙති උක්කොටනකං පාචිත්තියං, ඡන්දදායකො උක්කොටෙති උක්කොටනකං පාචිත්තියං. ඉමෙ චත්තාරො පුග්ගලා අධිකරණං උක්කොටෙන්තා ආපත්තිං ආපජ්ජන්ති.
Sinhala BJT7. කවර පුද්ගලයෝ සතර දෙනෙක් අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත් ද යත්: එදවස උපසපන් වූයේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වෙයි, ආගන්තුක තෙමේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වෙයි, කාරක තෙමේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වෙයි, ඡන්‍දදායක තෙමේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වේ. මේ පුද්ගලයෝ සතර දෙන අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත්.
Pali BJTඅධිකරණනිදානාදයො
Sinhala BJTඅධිකරණනිදානාදිය
Pali BJT1. විවාදාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම්භාරං, කිංසමුට්ඨානං : අනුවාදාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම්භාරං, කිංසමුට්ඨානං : ආපත්තාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම්භාරං, කිංසමුට්ඨානං : කිච්චාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම්භාරං, කිංසමුට්ඨානං :
Sinhala BJT1. විවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර (රැස්) කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: අනුවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: ආපත්තාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: කිච්චාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්:
Pali BJTවිවාදාධිකරණං විවාදනිදානං විවාදසමුදයං විවාදජාතිකං විවාදප්පභවං, විවාදසම්භාරං, විවාදසමුට්ඨානං. අනුවාදාධිකරණං අනුවාදනිදානං, අනුවාදසමුදයං, අනුවාදජාතිකං, අනුවාදප්පභවං, අනුවාදසම්භාරං, අනුවාදසමුට්ඨානං. ආපත්තාධිකරණං ආපත්තිනිදානං, ආපත්තිසමුදයං, ආපත්තිජාතිකං, ආපත්තිප්පභවං, ආපත්තිසම්භාරං, ආපත්තිසමුට්ඨානං. කිච්චාධිකරණං කිච්චයනිදානං, කිච්චයසමුදයං, කිච්චයජාතිකං, කිච්චයපභවං, කිච්චයසම්භාරං, කිච්චයසමුට්ඨානං.
Sinhala BJTවිවාදාධිකරණය (අටළොස් භේදකර වස්තු සඞ්ඛ්‍යාත) විවාදය නිදාන කොට ඇත්තේ යැ, විවාදය සමුදය කොට ඇත්තේ යැ, විවාදය ජාති කොට ඇත්තේ යැ, විවාදය ප්‍රභවය කොට ඇත්තේ යැ, විවාදය සම්භාර කොට ඇත්තේ යැ, විවාදය සමුට්ඨාන කොට ඇත්තේ යි. අනුවාදාධිකරණය චෝදනාව නිදාන කොට ඇත්තේ යැ, චෝදනාව සමුදය කොට ඇත්තේ යැ, චෝදනාව ජාති කොට ඇත්තේ යැ, චෝදනාව ප්‍රභව කොට ඇත්තේ යැ, චෝදනාව සම්භාර කොට ඇත්තේ යැ, චෝදනාව සමුට්ඨාන කොට ඇත්තේ යි. ආපත්තාධිකරණය ආපත්ති නිදාන කොට ඇත්තේ යැ, ආපත්ති සමුදය කොට ඇත්තේ යැ, ආපත්ති ජාති කොට ඇත්තේ යැ, ආපත්ති ප්‍රභව කොට ඇත්තේ යැ, ආපත්ති සම්භාර කොට ඇත්තේ යැ, ආපත්ති සමුට්ඨාන කොට ඇත්තේ යි. කිච්චාධිකරණය (සිවුවැදෑරුම්) සඞ්ඝකර්‍ම නිදාන කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම සමුදය කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම ජාති කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම ප්‍රභව කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම සම්භාර කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම සමුට්ඨාන කොට ඇත්තේ යි.
Pali BJT2. විවාදාධිකරණං කිංනිදානං කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම්භාරං, කිංසමුට්ඨානං : අනුවාදාධිකරණං -පෙ- ආපත්තාධිකරණං -පෙ- කිච්චාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම්භාරං, කිංසමුට්ඨානං :
Sinhala BJT2. විවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: අනුවාදාධිකරණය ... ආපත්තාධිකරණය ... කිච්චාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්:
Pali BJTවිවාදාධිකරණං හෙතුනිදානං, හෙතුසමුදයං, හෙතුජාතිකං, හෙතුප්පභවං, හෙතුසම්භාරං, හෙතුසමුට්ඨානං. අනුවාදාධිකරණං -පෙ- ආපත්තාධිකරණං -පෙ- කිච්චාධිකරණං හෙතුනිදානං, හෙතුසමුදයං, හෙතුජාතිකං, හෙතුප්පභවං, හෙතුසම්භාරං, හෙතුසමුට්ඨානං.
Sinhala BJTවිවාදාධිකරණය (කුසලාකුසල අව්‍යාකත) හේතු නිදාන කොට ඇත්තේ යැ. හේතු සමුදය කොට ඇත්තේ යැ. හේතු ජාති කොට ඇත්තේ යැ, හේතු ප්‍රභව කොට ඇත්තේ යැ, හේතු සම්භාර කොට ඇත්තේ යැ, හේතු සමුට්ඨාන කොට ඇත්තේ යි. අනුවාදාධිකරණය ... ආපත්තාධිකරණය ... කිච්චාධිකරණය හේතු නිදාන කොට ඇත්තේ යැ. හේතු සමුදය කොට ඇත්තේ යැ, හේතු ජාති කොට ඇත්තේ යැ, හේතු ප්‍රභව කොට ඇත්තේ යැ, හේතු සම්භාර කොට ඇත්තේ යැ. හේතු සමුට්ඨාන කොට ඇත්තේ යි.
Pali BJT3. විවාදාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම්භාරං, කිංසමුට්ඨානං : අනුවාදාධිකරණං -පෙ- ආපත්තාධිකරණං -පෙ- කිච්චාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම්භාරං, කිංසමුට්ඨානං :
Sinhala BJT3. විවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: අනුවාදාධිකරණය ... ආපත්තාධිකරණය ... කිච්චාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්:
Pali BJTවිවාදාධිකරණං, පච්චයනිදානං, පච්චයසමුදයං, පච්චයජාතිකං, පච්චයපභවං, පච්චයසම්භාරං, පච්චයසමුට්ඨානං. අනුවාදාධිකරණං -පෙ- ආපත්තාධිකරණං -පෙ- කිච්චාධිකරණං පච්චයනිදානං, පච්චයසමුදයං, පච්චයජාතිකං, පච්චයපභවං, පච්චයසම්භාරං, පච්චයසමුට්ඨානං.
Sinhala BJTවිවාදාධිකරණය ප්‍රත්‍යය නිදාන කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සමුදය කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය ජාති කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සම්භාර කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇත්තේ යි. අනුවාදාධිකරණය ... ආපත්තාධිකරණය ... කිච්චාධිකරණය ප්‍රත්‍යය නිදාන කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සමුදය කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය ජාති කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය, සම්භාර කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇත්තේ යි.
Pali BJTඅධිකරණමූලාදයො
Sinhala BJTඅධිකරණමූලාදිය
Pali BJT1. චතුන්නං අධිකරණානං කති මූලානි, කති සමුට්ඨානා :
Sinhala BJT1. සතර අධිකරණයන්ගේ මුල් කෙතෙක් ද, සමුට්ඨාන කෙතෙක් ද යත්:
Pali BJTචතුන්නං අධිකරණානං තෙත්තිංස මූලානි, තෙත්තිංස සමුට්ඨානා.
Sinhala BJTසතර අධිකරණයන්ගේ මුල් තෙතිසෙක, සමුට්ඨාන තෙතිසෙකි.
Pali BJT2. චතුන්නං අධිකරණානං කතමානි තෙත්තිංස මූලානි :
Sinhala BJT2. සතර අධිකරණයන්ගේ මුල් තෙතිස කවර යත්:
Pali BJTවිවාදාධිකරණස්ස ද්වාදස මූලානි, අනුවාදාධිකරණස්ස චුද්දස මූලානි, ආපත්තාධිකරණස්ස ඡ මූලානි, කිච්චාධිකරණස්ස එකං මූලං, සඞ්ඝො. චතුන්නං අධිකරණානං ඉමානි තෙත්තිංස මූලානි.
Sinhala BJTවිවාදාධිකරණයාගේ මුල් දොළොසෙකැ, අනුවාදාධිකරණයාගේ මුල් තුදුසෙකැ, ආපත්තාධිකරණයාගේ මුල් සයෙකැ, කිච්චාධිකරණයාගේ මුල් එකෙකි, සඞ්ඝ තෙමේ යි. සතර අධිකරණයන්ගේ මේ මුල් තෙතිස යි.
Pali BJT3. චතුන්නං අධිකරණානං කතමෙ තෙත්තිංස සමුට්ඨානා :
Sinhala BJT3. සතර අධිකරණයන්ගේ සමුට්ඨාන තෙතිස කවර යත්:
Pali BJTවිවාදාධිකරණස්ස අට්ඨාරසභෙදකරවත්ථූනි සමුට්ඨානා, අනුවාදාධිකරණස්ස චතස්සො විපත්තියො සමුට්ඨානා, ආපත්තාධිකරණස්ස සත්ත ආපත්තික්ඛන්ධා{1} සමුට්ඨානා, කිච්චාධිකරණස්ස චත්තාරි කම්මානි සමුට්ඨානා. චතුන්නං අධිකරණානං ඉමෙ තෙත්තිංස සමුට්ඨානා.
Sinhala BJTවිවාදාධිකරණයට අටළොස් භේදකර වස්තු සමුට්ඨානයෝ යැ, අනුවාදාධිකරණයට සතර විපත්තීහු සමුට්ඨානයෝ යැ, ආපත්තාධිකරණයට සත්තාපත්තිස්කන්‍ධයෝ සමුට්ඨානයෝ යැ, කිච්චාධිකරණයට සතර කර්‍මයෝ සමුට්ඨානයෝ යි. මේ තෙතිස සතර අධිකරණයන්ගේ සමුට්ඨාන යි.
Pali BJTඅධිකරණපච්චයාපත්ති
Sinhala BJTඅධිකරණප්‍රත්‍යයාපත්ති
Pali BJT1. විවාදාධිකරණං ආපත්තානාපත්තීති : විවාදාධිකරණං න ආපත්ති.
Sinhala BJT1. විවාදාධිකරණය ආපත්ති ද අනාපත්ති ද යත්: විවාදාධිකරණය ආපත්ති නො වේ.
Pali BJTකිං පන විවාදාධිකරණපච්චයා ආපත්තිං ආපජ්ජෙය්යාති : ආම, විවාදාධිකරණපච්චයා ආපත්තිං ආපජ්ජෙය්ය.
Sinhala BJTකිම, විවාදාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ ද යත්: එසේ යැ, විවාදාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ යි.
Pali BJTවිවාදාධිකරණපච්චයා කති ආපත්තියො ආපජ්ජති : විවාදාධිකරණපච්චයා ද්වෙ ආපත්තියො ආපජ්ජති : උපසම්පන්නං ඔමසති ආපත්ති පාචිත්තියස්ස, අනුපසම්පන්නං ඔමසති ආපත්ති දුක්කටස්ස : විවාදාධිකරණපච්චයා ඉමා ද්වෙ ආපත්තියො ආපජ්ජති.
Sinhala BJTවිවාදාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැත් අවදනේ ද යත්: විවාදාධිකරණ හේතුයෙන් දෙඇවැත් අවදනේ යැ: උපසපනක්හට (ජාත්‍යාදියෙන්) ගටා බෙණේ නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට (ජාත්‍යාදියෙන්) ගටා බෙණේ නම් දුකුළා ඇවැත් වේ. විවාදාධිකරණ හේතුයෙන් මේ දෙඇවැත් අවදනේ යි.
Pali BJT2. තා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති, කතීහි අධිකරණෙහි කතීසු ඨානෙසු කතීහි සමථෙහි සම්මන්ති :
Sinhala BJT2. ඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද යත්: සතර අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදැරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, කෙතෙක් අධිකරණයෙන් කෙතෙක් තන්හි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජන්ති : ආචාරවිපත්තිං. චතුන්නං අධිකරණානං, ආපත්තාධිකරණං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං ද්වීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති. එකෙන අධිකරණෙන : කිච්චාධිකරණෙන. තීසු ඨානෙසු : සඞ්ඝමජ්ඣෙ, ගණමජ්ඣෙ, පුග්ගලස්ස සන්තිකෙ, තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් එක් ම ආචාරවිපත්තිය බෙජෙත්. සතර අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. සත් වැදැරුම් ආපත්ති ස්කන්‍ධ අතුරෙන් කිසි විටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි දෙආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිත්. කිච්චාධිකරණය වූ එක් අධිකරණයෙන් සන්හිඳෙත්. සඟ මැද යැ ගණමැද යැ පුඟුලක්හු වෙතැ යි තුන් තන්හි යැ. කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT3. අනුවාදාධිකරණං ආපත්තානාපත්තීති : අනුවාදාධිකරණං න ආපත්ති.
Sinhala BJT3. අනුවාදාධිකරණය ආපත්ති ද අනාපත්ති ද යත්: අනුවාදාධිකරණය ආපත්ති නො වේ.
Pali BJTකිම්පන අනුවාදාධිකරණපච්චයා ආපත්තිං ආපජ්ජෙය්යාති : ආම, අනුවාදාධිකරණපච්චයා ආපත්තිං ආපජ්ජෙය්ය.
Sinhala BJTකිම, අනුවාදාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ ද යත්: එසේ යැ, අනුවාදාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ යැ.
Pali BJTඅනුවාදාධිකරණපච්චයා, කති ආපත්තියො ආපජ්ජති : අනුවාදාධිකරණපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : භික්ඛුං අමූලකෙන පාරාජිකෙනධම්මෙන අනුද්ධංසෙති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස, අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙති ආපත්ති පාචිත්තියස්ස, අමූලිකාය ආචාරවිපත්තියා අනුද්ධංසෙති ආපත්ති දුක්කටස්ස. අනුවාදාධිකරණපච්චයා ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJTඅනුවාදාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැත් අවදනේ ද යත්: අනුවාදාධිකරණ හේතුයෙන් තුන් ඇවැත් අවදනේ යි: මහණක්හට අමූලක පාරාජිකාපත්තියෙන් චෝදනා කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, අමූලකසඞ්ඝාදිසේසාපත්තියෙන් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වෙයි, අමූලක ආචාරවිපත්තියෙන් චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ. අනුවාදාධිකරණ හේතුයෙන් මේ තුන් ඇවැත් අවදනේ යි.
Pali BJT4. තා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති, කතීහි අධිකරණෙහි කතීසු ඨානෙසු කතීහි සමථෙහි සම්මන්ති :
Sinhala BJT4. ඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සතර අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහා ද, සවැදැරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, කෙතෙක් අධිකරණයෙන් කෙතෙක් තන්හි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. චතුන්නං අධිකරණානං, ආපත්තාධිකරණං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං තීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති. යා තා ආපත්තියො ගරුකා තා ආපත්තියො එකෙන අධිකරණෙන, කිච්චාධිකරණෙන.
Sinhala BJTඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාර විපත්තිය දැ යි විපත් දෙකක් බෙජෙත්. සතර අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැ යි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහ. සවැදෑරුම් ආපත්ති සමුට්ඨාන අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිත්. යම් ඒ ගරු ඇවැත්හු වෙත් ද, ඒ ඇවැත්හු කිච්චාධිකරණ නම් වූ එක් මැ අධිකරණයෙන්
Pali BJTඑකම්හි ඨානෙ සඞ්ඝමජ්ඣෙ. ද්වීහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච, පටිඤ්ඤාතකරණෙන ච. යා තා ආපත්තියො ලහුකා, තා ආපත්තියො එකෙන අධිකරණෙන කිච්චාධිකරණෙන. තීසු ඨානෙසු : සඞ්ඝමජ්ඣෙ ගණමජ්ඣෙ පුග්ගලස්ස සන්තිකෙ. තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTසඟමැද යැ යන එක් තැනෙක්හි සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැ යි දෙ ශමථයෙන් සන්හිඳෙති. යම් ඒ ලුහු ඇවැත්හු වෙත් ද, ඒ ඇවැත්හු කිච්චාධිකරණ නම් වූ එක් අධිකරණයෙකින්, සඟමැද යැ ගණමැද යැ පුඟුල්හු වෙතැ යි යන තුන් තන්හි කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි යන තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT5. ආපත්තාධිකරණං ආපත්තානාපත්තීති : ආපත්තාධිකරණං ආපත්ති.
Sinhala BJT5. ආපත්තාධිකරණය ආපත්ති ද අනාපත්ති ද යත්: ආපත්තාධිකරණය ආපත්ති වේ.
Pali BJTකිම්පන ආපත්තාධිකරණපච්චයා ආපත්තිං ආපජ්ජෙය්යාති : ආම, ආපත්තාධිකරණපච්චයා ආපත්තිං ආපජ්ජෙය්ය.
Sinhala BJTකිම ආපත්තාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ ද යත්: එසේ යැ, ආපත්තාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ යි.
Pali BJTආපත්තාධිකරණපච්චයා කති ආපත්තියො ආපජ්ජති : ආපත්තාධිකරණපච්චයා චතස්සො ආපත්තියො ආපජ්ජති : භික්ඛුනී ජානං පාරාජිකං ධම්මං{1} පටිච්ඡාදෙති ආපත්ති පාරාජිකස්ස, වෙමතිකා පටිච්ඡාදෙති ආපත්ති ථුල්ලච්චයස්ස, භික්ඛු සඞ්ඝාදිසෙසං පටිච්ඡාදෙති ආපත්ති පාචිත්තියස්ස, ආචාරවිපත්තිං පටිච්ඡාදෙති ආපත්ති දුක්කටස්ස ආපත්තාධිකරණපච්චයා ඉමා චතස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJTආපත්තාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැත් අවදනේ ද යත්: ආපත්තාධිකරණ හේතුයෙන් සතර ඇවැත් අවදනේ යැ: මෙහෙණක් තොමෝ දැන දැන පරිජි ඇවැත සඟවා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇත්තී සඟවා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණෙක් තෙමේ සඟවෙසෙස් ඇවැත සඟවා නම් පචිති ඇවැත් වෙයි, ආචාරවිපත්තිය සඟවා නම් දුකුළා ඇවැත් වේ. ආපත්තාධිකරණ හේතුයෙන් මේ සතර ඇවැත් අවදනේ යි.
Pali BJT6. තා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති, කතීහි අධිකරණෙහි කතීසු ඨානෙසු කතීහි සමථෙහි සම්මන්ති :
Sinhala BJT6. ඒ ඇවැත්හු සිවු වැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සිවු වැදෑරුම් අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, කෙතෙක් අධිකරණයෙන් කෙතෙක් තන්හි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං චතූහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. යා සා ආපත්ති අනවසෙසා සා ආපත්ති න කතමෙන අධිකරණෙන න කතමම්හි ඨානෙ, න කතමෙන සමථෙන සම්මති, යා තා ආපත්තියො. ලහුකා තා ආපත්තියො එකෙන අධිකරණෙන කිච්චාධිකරණෙන තීසු ඨානෙසු සඞ්ඝමජ්ඣෙ ගණමජ්ඣෙ පුග්ගලස්ස සන්තිකෙ. තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛා විනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැ යි විපත් දෙකක් බෙජෙත්. සතර අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැ යි සතර ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කයින් ද වචනයෙන් ද සිතින් දැයි එක් සමුට්ඨානයෙකින් නගිත්. යම් ඒ පරිජි ඇවැතෙක් වේ ද, ඒ ඇවැත කවර අධිකරණයෙනුදු නො සන්හිඳෙයි, කවර තැනෙක්හිදු නො සන්හිඳෙයි කවර ශමථයෙකිනුදු නො සන්හිඳේ. යම් ඒ ලුහු ඇවැත්හු වෙත් ද, ඒ ඇවැත්හු කිච්චාධිකරණ නම් වූ එක් මැ අධිකරණයෙකින් සඟමැද ගණමැද පුඟුලක්හු වෙතැයන තුන් තන්හි කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැ යි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT7. කිච්චාධිකරණං ආපත්තානාපත්තීති : කිච්චාධිකරණං නාපත්ති.
Sinhala BJT7. කිච්චාධිකරණය ආපත්ති ද අනාපත්ති ද යත්: කිච්චාධිකරණය ආපත්ති නොවේ.
Pali BJTකිම්පන කිච්චාධිකරණපච්චයා ආපත්තිං ආපජ්ජෙය්යාති : ආම, කිච්චාධිකරණපච්චයා ආපත්තිං ආපජ්ජෙය්ය.
Sinhala BJTකිම, කිච්චාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ ද යත්: එසේ යැ, කිච්චාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ යැ.
Pali BJTකිච්චාධිකරණපච්චයා කති ආපත්තියො ආපජ්ජති : කිච්චාධිකරණපච්චයා පඤ්ච ආපත්තියො ආපජ්ජති : උක්ඛිත්තානුවත්තිකා භික්ඛුනී යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජති ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති පාරාජිකස්ස. භෙදකානුවත්තකා භික්ඛූ යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්ති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස, පාපිකාය දිට්ඨියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්ති, ආපත්ති පාචිත්තියස්ස. කිච්චාධිකරණපච්චයා ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති.
Sinhala BJTකිච්චාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැත් අවදනේ ද යත්: කිච්චාධිකරණ හේතුයෙන් පස් ඇවැත් අවදනේ යැ: උඛෙව්නීකම් අනුව වැටෙන මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි එය නො හරී නම් ඤත්තියෙහි දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලසීහු වෙති, කම්වදන් පිරියතැ පරිජි ඇවැත් වේ. භේදානුවර්‍තක භික්‍ෂූහු තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි එය නො හරිත් නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ලාමකදෘෂ්ටියෙහි තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි එය නො හරිත් නම් පචිති ඇවැත් වේ. කිච්චාධිකරණ හේතුයෙන් මේ පස් ඇවැත් අවදනේ යි.
Pali BJT8. තා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති. චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති, කතීහි අධිකරණෙහි කතිසු ඨානෙසු කතීහි සමථෙහි සම්මන්ති :
Sinhala BJT8. ඒ ඇවැත් සතර විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සතර අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, කෙතෙක් අධිකරණයෙන් කෙතෙක් තන්හි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. චතුන්නං අධිකරණානං : ආපත්තාධිකරණං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං පඤ්චහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. යා සා ආපත්ති අනවසෙසා, සා ආපත්ති න කතමෙන අධිකරණෙන න කතමම්හි ඨානෙ න කතමෙන සමථෙන සම්මති. යා සා ආපත්ති ගරුකා, සා ආපත්ති එකෙන අධිකරණෙන කිච්චාධිකරණෙන. එකම්හි ඨානෙ සඞ්ඝමජ්ඣෙ. ද්වීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. යා තා ආපත්තියො ලහුකා, තා ආපත්තියො එකෙන අධිකරණෙන කිච්චාධිකරණෙන. තීසු ඨානෙසු සඞ්ඝමජ්ඣෙ ගණමජ්ඣෙ පුග්ගලස්ස සන්තිකෙ. තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සතර විපත්ති අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැ යි විපත් දෙකක් බෙජෙත්. සතර අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැ යි පස් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිත්: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. යම් ඒ පරිජි ඇවැතෙක් වේ ද, ඒ ඇවැත කවර අධිකරණයෙනුදු නො සන්හිඳෙයි, කවර තැනෙක්හිදු නො සන්හිඳෙයි, කවර ශමථයෙනුදු නො සන්හිඳේ. යම් ඒ ගරු ඇවැතෙක් වේ ද, ඒ ඇවැත කිච්චාධිකරණ නම් වූ එක් මැ අධිකරණයෙන් ද සඟමැද නම් වූ එක් තැනෙක්හි ද සම්මුඛාවිනයෙන් හා පටිඤ්ඤාතකරණයෙන් දැ යි දෙ ශමථයෙන් ද සන්හිඳෙයි. යම් ඒ ලුහු ඇවැත්හු වෙත් ද, ඒ ඇවැත්හු කිච්චාධිකරණ නම් වූ එක් ම අධිකරණයෙන් ද සඟමැද ගණමැද පුඟුලක්හු වෙතැ යන තුන් තන්හි ද කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJTඅධිකරණාධිප්පායො
Sinhala BJTඅධිකරණාභිප්‍රාය
Pali BJT1. විවාදාධිකරණං හොති අනුවාදාධිකරණං, හොති ආපත්තාධිකරණං, හොති කිච්චාධිකරණං :
Sinhala BJT1. විවාදාධිකරණය අනුවාදාධිකරණය වේ ද, ආපත්තාධිකරණය වේ ද, කිච්චාධිකරණය වේ ද යත්:
Pali BJTවිවාදාධිකරණං න හොති අනුවාදාධිකරණං, න හොති ආපත්තාධිකරණං, න හොති කිච්චාධිකරණං. අපිච විවාදාධිකරණපච්චයා හොති අනුවාදාධිකරණං, හොති ආපත්තාධිකරණං, හොති කිච්චාධිකරණං. යථා කථං විය : ඉධ භික්ඛූ විවදන්ති ධම්මොති වා අධම්මොති වා දුට්ඨුල්ලාපත්තීති වා -පෙ- දුට්ඨුල්ලාපත්තීති වා, අදුට්ඨුල්ලාපත්තීති වා, යං තත්ථ භණ්ඩනං කලහො විග්ගහො විවාදො නානාවාදො අඤ්ඤථාවාදො විපච්චතාය වොහාරො මෙධගං ඉදං වුච්චති විවාදාධිකරණං, විවාදාධිකරණෙ සඞ්ඝො විවදති විවාදාධිකරණං,
Sinhala BJTවිවාදාධිකරණය අනුවාදාධිකරණය නො වෙයි, ආපත්තාධිකරණය නො වෙයි, කිච්චාධිකරණය නො වේ. එහෙත් විවාදාධිකරණ හේතුයෙන් අනුවාදාධිකරණය වෙයි, ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වේ. කෙබඳු යැ යත්: මේ ශාසනයෙහි භික්‍ෂූහු ධර්‍මය කියා හෝ අධර්‍මය කියා හෝ ... තුළුල් ඇවැත් කියා හෝ නො තුළුල් ඇවැත් කියා හෝ විවාද කරත් නම් එහි යම් අරගලයෙක් කලහයෙක් විරුද්ධග්‍රහණයෙක් විරුද්ධවාදයෙක් නානාවාදයෙක් අන්‍යථාවාදයෙක් සිතෙහි දුක් ඇති කිරීම පිණිස වූ පරුෂ වචනයෙක් ඩබරයෙක් වේ ද, මෙය විවාදාධිකරණ යයි කියනු ලැබේ. විවාදාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය යි.
Pali BJTවිවදමානො අනුවදති අනුවාදාධිකරණං, අනුවදමානො ආපත්තිං ආපජ්ජති ආපත්තාධිකරණං, තාය ආපත්තියා සඞ්ඝො කම්මං කරොති කිච්චාධිකරණං. එවං විවාදාධිකරණපච්චයා හොති අනුවාදාධිකරණං, හොති ආපත්තාධිකරණං, හොති කිච්චාධිකරණං.
Sinhala BJTවිවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය යි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ විවාදාධිකරණ හේතුයෙන් අනුවාදාධිකරණය වෙයි, ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වේ.
Pali BJT2. අනුවාදාධිකරණං හොති ආපත්තාධිකරණං, හොති කිච්චාධිකරණං, හොති විවාදාධිකරණං.
Sinhala BJT2. අනුවාදාධිකරණය ආපත්තාධිකරණය වේ ද, කිච්චාධිකරණය වේ ද, විවාදාධිකරණය වේ ද යත්:
Pali BJTඅනුවාදාධිකරණං න හොති ආපත්තාධිකරණං, න හොති කිච්චාධිකරණං, න හොති විවාදාධිකරණං, අපි ච අනුවාදාධිකරණපච්චයා හොති ආපත්තාධිකරණං, හොති කිච්චාධිකරණං, හොති විවාදාධිකරණං, යථා කථං විය : ඉධ භික්ඛූ භික්ඛුං අනුවදන්ති සීලවිපත්තියා වා ආචාරවිපත්තියා වා දිට්ඨිවිපත්තියා වා ආජීවවිපත්තියා වා, යො තත්ථ අනුවාදො අනුවදනා අනුල්ලපනා අනුභණනා අනුසම්පවඞ්කතා අබ්භුස්සහනතා අනුබලප්පදානං, ඉදං වුච්චති අනුවාදාධිකරණං, අනුවාදාධිකරණෙ සඞ්ඝො විවදති විවාදාධිකරණං. විවදමානො අනුවදති අනුවාදාධිකරණං. අනුවදමානො ආපත්තිං ආපජ්ජති ආපත්තාධිකරණං. තාය ආපත්තියා සඞ්ඝො කම්මං කරොති කිච්චාධිකරණං. එවං අනුවාදාධිකරණපච්චයා හොති ආපත්තාධිකරණං, හොති කිච්චාධිකරණං, හොති විවාදාධිකරණං.
Sinhala BJTඅනුවාදාධිකරණය ආපත්තාධිකරණය නො වෙයි, කිච්චාධිකරණය නො වෙයි, විවාදාධිකරණය නො වේ. එහෙත් අනුවාදාධිකරණ හේතුයෙන් ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වේ. කෙබඳු යැ යත්: මේ ශාසනයෙහි භික්‍ෂූහු ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටි විපත්තියෙන් හෝ ආජීව විපත්තියෙන් හෝ මහණක්හට චෝදනා කරත් නම් එහි යම් චෝදනා කිරීමෙක් පුනපුනා කීමෙක් පුනපුනා තෙපලීමෙක් පුනපුනා බිණුමෙක් පුනපුනා තිදෙරින් අවනතවීමෙක් දැඩි නැඟී සිටීමෙක් අනුබල දීමෙක් වේ ද, මෙය අනුවාදාධිකරණය යි කියනු ලැබේ. අනුවාදාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණයි, විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි, චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණ යි, ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ අනුවාදාධිකරණ හේතුයෙන් ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වේ.
Pali BJT3. ආපත්තාධිකරණං හොති කිච්චාධිකරණං, හොති විවාදාධිකරණං, හොති අනුවාදාධිකරණං.
Sinhala BJT3. ආපත්තාධිකරණය කිච්චාධිකරණය වේ ද, විවාදාධිකරණය වේ ද, අනුවාදාධිකරණය වේ ද යත්:
Pali BJTආපත්තාධිකරණං න හොති කිච්චාධිකරණං, න හොති විවාදාධිකරණං, න හොති අනුවාදාධිකරණං, අපි ච ආපත්තාධිකරණපච්චයා හොති කිච්චාධිකරණං, හොති විවාදාධිකරණං, හොති අනුවාදාධිකරණං. යථා කථං විය : පඤ්චපි ආපත්තික්ඛන්ධා ආපත්තාධිකරණං, සත්තපි ආපත්තික්ඛන්ධා ආපත්තාධිකරණං, ඉදං වුච්චති ආපත්තාධිකරණං. ආපත්තාධිකරණෙ සඞ්ඝො විවදති විවාදාධිකරණං. විවදමානො අනුවදති අනුවාදාධිකරණං. අනුවදමානො ආපත්තිං ආපජ්ජති ආපත්තාධිකරණං. තාය ආපත්තියා සඞ්ඝො කම්මං කරොති කිච්චාධිකරණං. එවං ආපත්තාධිකරණපච්චයා හොති කිච්චාධිකරණං, හොති විවාදාධිකරණං, හොති අනුවාදාධිකරණං.
Sinhala BJTආපත්තාධිකරණය කිච්චාධිකරණය නො වෙයි, විවාදාධිකරණය නො වෙයි, අනුවාදාධිකරණය නො වේ. එහෙත් ආපත්තාධිකරණ හේතුයෙන් කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වෙයි, අනුවාදාධිකරණය වේ. කෙබඳු යැ යත්: ඇවැත්කඳු පස ම ආපත්තාධිකරණ යි, ඇවැත් කඳු සත ම ආපත්තාධිකරණ යි, මෙය ආපත්තාධිකරණ යි කියනු ලැබේ. ආපත්තාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාදා කෙරේ නම් විවාදාධිකරණ යි, විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි, චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණ යි, ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ ආපත්තාධිකරණ හේතුයෙන් කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වෙයි, අනුවාදාධිකරණය වේ.
Pali BJT4. කිච්චාධිකරණං හොති විවාදාධිකරණං, හොති අනුවාදාධිකරණං, හොති ආපත්තාධිකරණං :
Sinhala BJT4. කිච්චාධිකරණය විවාදාධිකරණය වේ ද, අනුවාදාධිකරණය වේ ද, ආපත්තාධිකරණය වේ ද යත්:
Pali BJTකිච්චාධිකරණං න හොති විවාදාධිකරණං, න හොති අනුවාදාධිකරණං, න හොති ආපත්තාධිකරණං, අපි ච කිච්චාධිකරණපච්චයා හොති විවාදාධිකරණං, හොති අනුවාදාධිකරණං, හොති ආපත්තාධිකරණං. යථා කථං විය : යා සඞ්ඝස්ස කිච්චයතා කරණීයතා අපලොකනකම්මං ඤත්තිකම්මං ඤත්තිදුතියකම්මං ඤත්තිචතුත්ථකම්මං. ඉදං වුච්චති කිච්චාධිකරණං. කිච්චාධිකරණෙ සඞ්ඝො විවදති විවාදාධිකරණං. විවදමානො අනුවදති අනුවාදාධිකරණං, අනුවදමානො ආපත්තිං ආපජ්ජති ආපත්තාධිකරණං. තාය ආපත්තියා සඞ්ඝො කම්මං කරොති කිච්චාධිකරණං. එවං කිච්චාධිකරණපච්චයා හොති විවාදාධිකරණං, හොති අනුවාදාධිකරණං, හොති ආපත්තාධිකරණං.
Sinhala BJTකිච්චාධිකරණය විවාදාධිකරණය නො වෙයි, අනුවාදාධිකරණය නො වෙයි, ආපත්තාධිකරණය නො වේ. එහෙත් කිච්චාධිකරණ හේතුයෙන් විවාදාධිකරණය වෙයි, අනුවාදාධිකරණය වෙයි, ආපත්තාධිකරණය වේ. කෙබඳු යැ යත්: සඞ්ඝයාගේ අපලෝකන කර්‍ම යැ ඤත්ති කර්‍ම යැ ඤත්තිදුතිය කර්‍ම යැ ඤත්තිචතුත්‍ථ කර්‍ම යැ යි යම් කෘත්‍යභාවයක් කටයුතු බවෙක් වේ ද, මෙය කිච්චාධිකරණ යැ යි කියනු ලැබේ. කිව්වාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණ යි, විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි, චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණ යි, ඒ ඇවතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ කිච්චාධිකරණ හේතුයෙන් විවාදාධිකරණ වෙයි, අනුවාදාධිකරණ වෙයි, ආපත්තාධිකරණ වේ.
Pali BJTපුච්ඡාවිස්සජ්ජනවාරො
Sinhala BJTපෘච්ඡා විසර්‍ජනවාරය
Pali BJT1. යත්ථ සතිවිනයො තත්ථ සම්මුඛාවිනයො, යත්ථ සම්මුඛාවිනයො තත්ථ සතිවිනයො, යත්ථ අමූළ්හවිනයො තත්ථ සම්මුඛාවිනයො, යත්ථ සම්මුඛාවිනයො තත්ථ අමූළ්හවිනයො, යත්ථ පටිඤ්ඤාතකරණං තත්ථ සම්මුඛාවිනයො, යත්ථ සම්මුඛාවිනයො තත්ථ පටිඤ්ඤාතකරණං, යත්ථ යෙභුය්යසිකා තත්ථ සම්මුඛාවිනයො, යත්ථ සම්මුඛාවිනයො තත්ථ යෙභුය්යසිකා, යත්ථ තස්සපාපිය්යසිකා තත්ථ සම්මුඛාවිනයො, යත්ථ සම්මුඛාවිනයො තත්ථ තස්සපාපිය්යසිකා, යත්ථ තිණවත්ථාරකො තත්ථ සම්මුඛාවිනයො, යත්ථ සම්මුඛාවිනයො තත්ථ තිණවත්ථාරකො.
Sinhala BJT1. යම් තැනෙක්හි සතිවිනය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි සතිවිනය වේ ද, යම් තැනෙක්හි අමූළ්හවිනය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි අමූළ්හවිනය වේ ද, යම් තැනෙක්හි පටිඤ්ඤාතකරණය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි පටිඤ්ඤාතකරණය වේ ද, යම් තැනෙක්හි යේභුය්‍යපසිකාව වේ නම් එහි සම්මුඛාවිනය වේ ද යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි යේභුය්‍යපසිකාව වේ ද යම් තැනෙක්හි තස්සපාපිය්‍යසිකාව වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි තස්සපාපිය්‍යසිකාව වේ ද, යම් තැනෙක්හි තිණවත්‍ථාරකය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි තිණවත්‍ථාරකය වේ ද යත්:
Pali BJT2. යස්මිං සමයෙ සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අධිකරණං වූපසම්මති, යත්ථ සතිවිනයො තත්ථ සම්මුඛාවිනයො, යත්ථ සම්මුඛාවිනයො තත්ථ සතිවිනයො. න තත්ථ අමූළ්හවිනයො, න තත්ථපටිඤ්ඤාතකරණං, න තත්ථ යෙභුය්යසිකා, න තත්ථ තස්සපාපිය්යසිකා, න තත්ථ තිණවත්ථාරකො.
Sinhala BJT2. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අධිකරණය සන්හිඳේ ද, යම් තැනෙක්හි සතිවිනය වේ නම් එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි සතිවිනය වෙයි. එහි අමූළ්හවිනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි යේභුය්‍යපසිකාව නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වෙයි, එහි තිණවත්‍ථාරකය නො වේ.
Pali BJT3. යස්මිං සමයෙ සම්මුඛාවිනයෙන ච අමූළ්හවිනයෙන ච -පෙ- සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච -පෙ- සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච -පෙ- සම්මුඛාවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච -පෙ- සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච අධිකරණං වූපසම්මති, යත්ථ තිණවත්ථාරකො තත්ථ සම්මුඛාවිනයො, යත්ථ සම්මුඛාවිනයො තත්ථ තිණවත්ථාරකො. න තත්ථ සතිවිනයො, න තත්ථ අමූළ්හවිනයො, න තත්ථ පටිඤ්ඤාතකරණං, න තත්ථ යෙභුය්යසිකා, න තත්ථ තස්සපාපිය්යසිකා.
Sinhala BJT3. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද ... සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද ... සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යපසිකාවෙන් ද ... සම්මුඛාවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද ... සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද අධිකරණය සන්හිඳේ ද, යම් තැනෙක්හි තිණවත්‍ථාරකය වේ නම් එහි සම්මුඛාවිනය වෙයි, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි තිණවත්‍ථාරකය වෙයි, එහි සතිවිනය නො වෙයි, එහි අමූළ්හවිනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි යේභුය්‍යපසිකාව නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වේ.
Pali BJTසංසට්ඨවාරො
Sinhala BJTසංසෘෂ්ටවාරය
Pali BJT1. සම්මුඛාවිනයොති වා සතිවිනයොති වා ඉමෙ ධම්මා සංසට්ඨා උදාහු විසංසට්ඨා : ලබ්භා ච පනිමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුං : සම්මුඛාවිනයොති වා අමූළ්හවිනයොති වා -පෙ- සම්මුඛාවිනයොති වා පටිඤ්ඤාතකරණන්ති වා -පෙ- සම්මුඛාවිනයොති වා යෙභුය්යසිකාති වා -පෙ- සම්මුඛාවිනයොති වා තස්සපාපිය්යසිකාති වා -පෙ- සම්මුඛාවිනයොති වා තිණවත්ථාරකොති වා ඉමෙ ධම්මා සංසට්ඨා උදාහු විසංසට්ඨා, ලබ්භා ච පනිමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුං :
Sinhala BJT1. සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයෝ ද නැතහොත් අමිශ්‍රයෝ ද, මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට ලැබේ ද යත්: සම්මුඛාවිනයැ යි හෝ අමූළ්හවිනයැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණය යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යේභුය්‍යසිකායැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යාසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරක යැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයෝ ද නැතහොත් අමිශ්‍රයෝ ද, මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට ලැබේ ද යත්:
Pali BJT2. සම්මුඛාවිනයොති වා සතිවිනයොති වා : ඉමෙ ධම්මා සංසට්ඨා, නො විසංසට්ඨා, න ච ලබ්භා ඉමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුං සම්මුඛාවිනයොති වා අමූළ්හවිනයොති වා -පෙ- සම්මුඛාවිනයොති වා පටිඤ්ඤාතකරණන්ති වා -පෙ- සම්මුඛාවිනයොති වා යෙභුය්යසිකාති වා -පෙ- සම්මුඛාවිනයොති වා තස්ස පාපිය්යසිකාති වා -පෙ- සම්මුඛාවිනයොති වා තිණවත්ථාරකොති වා ඉමෙ ධම්මා සංසට්ඨා, නො විසංසට්ඨා, න ච ලබ්භා ඉමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුං.
Sinhala BJT2. සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයහ, අමිශ්‍රයෝ නො වෙත්. මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට නො ලැබිය හැක්කැ. සම්මුඛාවිනයැ යි හෝ අමූළ්හවිනයැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණයැ යි හෝ ... සම්මුඛාවිනයැ හෝ යෙභූය්‍යසිකායැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යසිකායැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරකයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයහ, අමිශ්‍රයෝ නො වෙත්. මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට නො ලැබිය හැකියි.
Pali BJTසමථනිදානාදයො
Sinhala BJTසමථනිදානාදිය
Pali BJT1. සම්මුඛාවිනයො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම්භාරො කිංසමුට්ඨානො : සතිවිනයො -පෙ- අමූළ්හවිනයො -පෙ- පටිඤ්ඤාතකරණං -පෙ- යෙභුය්යසිකා -පෙ- තස්සපාපිය්යසිකා -පෙ- තිණවත්ථාරකො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම්භාරො, කිංසමුට්ඨානො :
Sinhala BJT1. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්‍යසිකාව ... තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:
Pali BJTසම්මුඛාවිනයො නිදානනිදානො, නිදානසමුදයො, නිදානජාතිකො, නිදානපභවො, නිදානසම්භාරො, නිදානසමුට්ඨානො. සතිවිනයො -පෙ- අමූළ්හවිනයො -පෙ- පටිඤ්ඤාතකරණං නිදානනිදානං, නිදානසමුදයං, නිදානජාතිකං, නිදානපභවං, නිදානසම්භාරං, නිදානසමුට්ඨානං. යෙභුය්යසිකා නිදානනිදානා, නිදානසමුදයා, නිදානජාතිකා, නිදානපභවා, නිදානසම්භාරා, නිදානසමුට්ඨානා. තස්සපාපිය්යසිකා -පෙ- තිණවත්ථාරකො නිදානනිදානො, නිදානසමුදයො, නිදානජාතිකො, නිදානපභවො, නිදානසම්භාරො, නිදානසමුට්ඨානො.
Sinhala BJTසම්මුඛාවිනය නිදානනිදාන කොට ඇත, නිදානසමුදය කොට ඇත, නිදානජාති කොට ඇත, නිදානප්‍රභව කොට ඇත, නිදානසම්භාර කොට ඇත, නිදානසමුට්ඨාන කොට කොට ඇති. සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය නිදානනිදාන කොට ඇත, නිදානසමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්‍රභව කොට ඇත, නිදානසම්භාර කොට ඇත, නිදානසමුට්ඨාන කොට ඇති. යේභුය්‍යසිකාව නිදාන නිදාන කොට ඇත, නිදාන සමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්‍රභව කොට ඇත. නිදාන සම්භාර කොට ඇත, නිදාන සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය නිදාන නිදාන කොට ඇත, නිදාන සමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්‍රභව කොට ඇත, නිදාන සම්භාර කොට ඇත, නිදාන සමුට්ඨාන කොට ඇති.
Pali BJT2. සම්මුඛාවිනයො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම්භාරො, කිංසමුට්ඨානො : සතිවිනයො -පෙ- අමූළ්හවිනයො -පෙ- පටිඤ්ඤාතකරණං -පෙ- යෙභුය්යසිකා -පෙ- තස්සපාපිය්යසිකා -පෙ- තිණවත්ථාරකො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම්භාරො, කිංසමුට්ඨානො :
Sinhala BJT2. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්‍යපසිකාව ... තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:
Pali BJTසම්මුඛාවිනයො හෙතුනිදානො, හෙතුසමුදයො, හෙතුජාතිකො, හෙතුපභවො, හෙතුසම්භාරො, හෙතුසමුට්ඨානො. සතිවිනයො -පෙ- අමූළ්හවිනයො -පෙ- පටිඤ්ඤාතකරණං හෙතුනිදානං, හෙතුසමුදයං, හෙතුජාතිකං, හෙතුපභවං, හෙතුසම්භාරා, හෙතුසමුට්ඨානං. යෙභුය්යසිකා හෙතුනිදානා, හෙතුසමුදයා, හෙතුජාතිකා, හෙතුපභවා, හෙතුසම්භාරා, හෙතුසමුට්ඨානා. තස්සපාපිය්යසිකා -පෙ- තිණවත්ථාරකො හෙතුනිදානො, හෙතුසමුදයො, හෙතුජාතිකො, හෙතුපභවො, හෙතුසම්භාරො, හෙතුසමුට්ඨානො.
Sinhala BJTසම්මුඛාවිනය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාරකොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. යේභුය්‍යසිකාව හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති.
Pali BJT3. සම්මුඛාවිනයො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම්භාරො, කිංසමුට්ඨානො : සතිවිනයො -පෙ- අමූළ්හවිනයො -පෙ- පටිඤ්ඤාතකරණං -පෙ- යෙභුය්යසිකා -පෙ- තස්සපාපිය්යසිකා -පෙ- තිණවත්ථාරකො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම්භාරො, කිංසමුට්ඨානො :
Sinhala BJT3. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්‍යසිකාව ... තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:
Pali BJTසම්මුඛාවිනයො පච්චයනිදානො, පච්චයසමුදයො, පච්චයජාතිකො, පච්චයපභවො, පච්චයසම්භාරො, පච්චයසමුට්ඨානො. සතිවිනයො -පෙ- අමූළ්හවිනයො -පෙ- පටිඤ්ඤාතකරණං පච්චයනිදානං, පච්චයසමුදයං, පච්චයජාතිකං, පච්චයපභවං, පච්චයසම්භාරං, පච්චයසමුට්ඨානං. යෙභුය්යසිකා පච්චයනිදානා, පච්චයසමුදයා, පච්චයජාතිකා, පච්චයපභවා, පච්චයසම්භාරා, පච්චයසමුට්ඨානා. තස්සපාපිය්යසිකා -පෙ- තිණවත්ථාරකො පච්චයනිදානො, පච්චයසමුදයො, පච්චයජාතිකො, පච්චයපභවො, පච්චයසම්භාරො, පච්චයසමුට්ඨානො.
Sinhala BJTසම්මුඛාවිනය ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇත, ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති, සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇත, ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති. යේභුය්‍යසිකාව ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇත, ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇති. ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති.
Pali BJT4. සත්තන්නං සමථානං කති මූලානි, කති සමුට්ඨානා : සත්තන්නං සමථානං ඡබ්බීස මූලානි, ඡත්තිංස සමුට්ඨානා.
Sinhala BJT4. සප්ත ශමථයන් පිළිබඳ මුල් කෙතෙක් ද, සමුට්ඨාන කෙතෙක් ද යත්: සප්ත ශමථයන් පිළිබඳ මුල් සවිස්සෙකැ. සමුට්ඨාන සතිසෙකි.
Pali BJTසත්තන්නං සමථානං කතමානි ඡබ්බීස මූලානි : සම්මුඛාවිනයස්ස චත්තාරි මූලානි : සඞ්ඝසම්මුඛතා, ධම්මසම්මුඛතා, විනයසම්මුඛතා, පුග්ගලසම්මුඛතා, සතිවිනයස්ස චත්තාරි මූලානි -පෙ- අමූළ්හවිනයස්ස චත්තාරි මූලානි -පෙ- පටිඤ්ඤාතකරණස්ස ද්වෙ මූලානි : යො ච දෙසෙති, යස්ස ච දෙසෙති. යෙභුය්යසිකාය චත්තාරි මූලානි -පෙ- තස්සපාපිය්යසිකාය චත්තාරි මූලානි -පෙ- තිණවත්ථාරකස්ස චත්තාරි මූලානි : සඞ්ඝසම්මුඛතා, ධම්මසම්මුඛතා, විනයසම්මුඛතා, පුග්ගලසම්මුඛතා. සත්තන්නං සමථානං ඉමානි ඡබ්බීස මූලානි.
Sinhala BJTසප්ත ශමථයන් පිළිබඳ මුල් සවිස්ස කවරේ ද යත්: සඞ්ඝසම්මුඛතා යැ, ධම්මසම්මුඛතා යැ, විනයසම්මුඛතා යැ, පුග්ගලසම්මුඛතා යි සම්මුඛාවිනය පිළිබඳ මුල් සතරෙකි. සතිවිනය පිළිබඳ මුල් සතරෙකි ... අමූළ්හවිනය පිළිබඳ මුල් සතරෙකි ... යමෙක් තෙමේත් දෙසා ද යමකුහටත් දෙසා ද යන පටිඤ්ඤාතකරණය පිළිබඳ මුල් දෙකෙකි. යේභුය්‍යසිකාව පිළිබඳ මුල් සතරෙකි ... තස්සපාපිය්‍යසිකාව පිළිබඳ මුල් සතරෙකි ... සඞ්ඝසම්මුඛතා යැ, ධම්මසම්මුඛතා යැ, විනයසම්මුඛතා යැ, පුග්ගලසම්මුඛතා යි තිණවත්‍ථාරකය පිළිබඳ මුල් සතරෙකැ යි මේ සප්ත ශමථයන් පිළිබඳ මුල් සවිස්ස යි.