Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2901-3000 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1. නාසෙතබ්බා{2} පාදුකා ච පත්තා ච චීවරානි ච, තතියා පුච්ඡිතබ්බා ච අධිට්ඨාන විකප්පනා.
Sinhala BJT1. නාසෙතබ්බ යැ පාදුකා යැ පාත්‍ර යැ, චීවර යැ යාවතතියක යැ පුච්ජිතබ්බ යැ අධිට්ඨාන යැ විකප්පන යැ.
Pali BJT2. අරුණා ගණ්ඨිකා වීඨා{1} අකප්පියා ච කප්පියා, නිස්සයා වන්දියා චෙව පරමානි වරානි ච; සීමාදොසා ච අක්කොසා මෙත්තායෙකාදසා කතාති.
Sinhala BJT2. අරුණුග්ගමන යැ ගණ්ඨීකා යැ වීය යැ අකප්පිය කප්පිය පඨවී යැ නිස්සය ය අවන්‍දිය යැ පරම යැ වර යැ සීමාදෝස යැ අක්කෝසක යැ. මෙත්තාචේතෝවිමුක්ති එකාදසානිසංස යැ යි (මොහු) නම් කරණ ලදහ.
Pali BJTඑකුත්තරිකං නිට්ඨිතං.
Sinhala BJTඒකුත්තරිකය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. එකකා ච දුකා චෙව තිකා ච චතු පඤ්චකා, ඡ සත්තට්ඨ නවකා ච දස එකාදසානි ච.
Sinhala BJT1. එකක යැ දුක යැ තික යැ චතුක්ක යැ පඤ්චක යැ ඡක්ක යැ සත්තක යැ අට්ඨක යැ නවක යැ දසක යැ ඒකාදසක යැයි,
Pali BJT2. හිතාය සබ්බසත්තානං ඤාතධම්මෙන තාදිනා, එකුත්තරිකා විමලා මහාවීරෙන දෙසිතාති.
Sinhala BJT2. අවබෝධ කළ දහම් ඇති තාදී ගුණයෙන් යුත් මහාවීර සර්‍වඥයන් වහන්සේ විසින් හැම සත්නට හිත පිණිස නිර්‍මල ඒකුත්තරිකය දෙසන ලදි.
Pali BJTඋපොසථාදි පුච්ඡා විස්සජ්ජනා
Sinhala BJTඋපෝසථාදි පුච්ඡාවිස්සජ්ජනය
Pali BJTපුච්ඡා
Sinhala BJTපුච්ඡා
Pali BJT1. උපොසථකම්මස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං. පවාරණස්ස කම්මස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං. තජ්ජනීයකම්මස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං, නියස්සකම්මස්ස -පෙ- පබ්බාජනීයකම්මස්ස -පෙ- පටිසාරණීයකම්මස්ස -පෙ- උක්ඛෙපනීයකම්මස්ස -පෙ- පරිවාසදානස්ස -පෙ- මූලායපටිකස්සනාය -පෙ- මානත්තදානස්ස -පෙ- අබ්භානස්ස -පෙ- උපසම්පදාකම්මස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං :
Sinhala BJT1. උපෝසථ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙයැ, අවසානය කවරෙ යැ, පවාරණ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, තජ්ජනීය කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, නියස්ස කර්‍මයෙහි ... පබ්බාජනීය කර්‍මයෙහි ... පටිසාරණීය කර්‍මයෙහි ... උක්ඛේපනීය කර්‍මයෙහි ... පරිවාසදානයෙහි ... මූලායපටිකස්සන කර්‍මයෙහි ... මානත්ත දානයෙහි ... අබ්භාන කර්‍මයෙහි ... උපසම්පදා කර්‍මයෙහි ආදිය කවරෙ යැ. මධ්‍යය කවරෙ යැ, අවසානය කවරේ යැ යත්:
Pali BJT2. තජ්ජනීයකම්මස්ස පටිප්පස්සද්ධියා කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං, නියස්සකම්මස්ස පටිප්පස්සද්ධියා -පෙ- පබ්බාජනීයකම්මස්ස පටිප්පස්සද්ධියා -පෙ- පටිසාරණීයකම්මස්ස පටිප්පස්සද්ධියා -පෙ- උක්ඛෙපනීයකම්මස්ස පටිප්පස්සද්ධියා කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං.
Sinhala BJT2. තජ්ජනීය කර්‍මයාගේ සන්හිඳුම්හි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, නියස්ස කර්‍මයාගේ සන්හිඳුම්හි ... පබ්බාජනීය කර්‍මයාගේ සන්හිඳුම්හි ... පටිසාරණීය කර්‍මයාගේ සන්හිඳුම්හි ... උක්ඛේපනීය කර්‍මයාගේ සන්හිඳුම්හි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්:
Pali BJT3. සතිවිනයස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං. අමූළ්හවිනයස්ස -පෙ- තස්සපාපිය්යසිකාය -පෙ- තිණවත්ථාරකස්ස -පෙ- භික්ඛුනොවාදකසම්මුතියා -පෙ- තිචීවරෙන අවිප්පවාසසම්මුතියා -පෙ- සන්ථතසම්මුතියා -පෙ- රූපියඡඩ්ඩකසම්මුතියා -පෙ- සාටියගාහාපකසම්මුතියා -පෙ- පත්තග්ගාහාපකසම්මුතියා -පෙ- දණ්ඩසම්මුතියා -පෙ- සික්කාසම්මුතියා -පෙ- දණ්ඩසික්කාසම්මුතියා කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං.
Sinhala BJT3. සතිවිනයයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ. අවසානය කවරෙ යැ, අමූළ්හවිනයෙහි ... තස්සපාපිය්‍යසිකායෙහි .... තිණවත්‍ථාරකයෙහි ... භික්ඛුනෝවාදකසම්මුතියෙහි ... තිචීවරඅවිප්පවාස සම්මුතියෙහි ... සන්‍ථතසම්මුතියෙහි ... රුපියඡඩ්ඩකසම්මුතියෙහි ... සාටියගාහාපකසම්මුතියෙහි ... පත්තගාහාපකසම්මුතියෙහි ... දණ්ඩසම්මුතියෙහි ... සික්කාසම්මුතියෙහි ... දණ්ඩසික්කාසම්මුතියෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්:
Pali BJTපුච්ඡා නිට්ඨිතා
Sinhala BJTපුච්ඡා නිමි.
Pali BJTවිස්සජ්ජනා
Sinhala BJTවිස්සජ්ජනය
Pali BJT1. උපොසථකම්මස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානන්ති : උපොසථකම්මස්ස සාමග්ගී ආදි, කිරියා මජ්ඣෙ, නිට්ඨානං පරියොසානං.
Sinhala BJT1. උපෝසථ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: සාමග්ගිය උපෝසථ කර්‍මයෙහි ආදිය වෙයි, (පාමොක් දෙසීම්) ක්‍රියාව මධ්‍යය වෙයි, (පාමොක්) නිමාව අවසානය වේ.
Pali BJT2. පවාරණාකම්මස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානන්ති : පවාරණාකම්මස්ස සාමග්ගී ආදි, කිරියා මජ්ඣෙ, නිට්ඨානං පරියොසානං.
Sinhala BJT2. පවාරණ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යත්: සාමග්ගිය පවාරණ කර්‍මයෙහි ආදිය වෙයි, (පවාරණ ඤත්ති පවාරණ කථා සංඛ්‍යායාත) ක්‍රියාව මධ්‍යය වෙයි, (සඞ්ඝ නවකයා ගේ “පස්සන්තෝ පටිකරිස්සාමි” යන වචන සංඛ්‍යායාත) නිමාව අවසානය වේ.
Pali BJT3. තජ්ජනීයකම්මස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානන්ති : තජ්ජනීයකම්මස්ස වත්ථු ච පුග්ගලො ච ආදි, ඤත්ති මජ්ඣෙ, කම්මවාචා පරියොසානං.
Sinhala BJT3. තජ්ජනීය කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: වස්තුව ද පුද්ගලයා ද තජ්ජනීය කර්‍මයෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍මවාක්‍යය අවසානය වේ.
Pali BJT4. නියස්සකම්මස්ස -පෙ- පබ්බාජනීයකම්මස්ස -පෙ- පටිසාරණීයකම්මස්ස -පෙ- උක්ඛෙපනීයකම්මස්ස -පෙ- පරිවාසදානස්ස -පෙ- මූලායපටිකස්සනාය -පෙ- මානත්තදානස්ස -පෙ- අබ්භානස්ස -පෙ-.
Sinhala BJT4. නියස්ස කර්‍මයෙහි ... පබ්බාජනීය කර්‍මයෙහි ... පටිසාරණීය කර්‍මයෙහි ... උක්ඛේපනීය කර්‍මයෙහි ... පරිවාසදානයෙහි ... මූලායපටිකස්සනයෙහි ... මානත්තදානයෙහි ... අබ්භාන කර්‍මයෙහි ...
Pali BJT5. උපසම්පදාකම්මස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානන්ති : උපසම්පදාකම්මස්ස පුග්ගලො ආදි, ඤත්ති මජ්ඣෙ, කම්මවාචා පරියොසානං.
Sinhala BJT5. උපසම්පදා කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: පුද්ගලයා උපසම්පදා කර්‍මයෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍මවාක්‍යය අවසානය වේ.
Pali BJT6. තජ්ජනීයකම්මස්ස පටිප්පස්සද්ධියා කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානන්ති : තජ්ජනීයකම්මස්ස පටිප්පස්සද්ධියා සම්මාවත්තනා ආදි, ඤත්ති මජ්ඣෙ, කම්මවාචා පරියොසානං.
Sinhala BJT6. තජ්ජනීය කර්‍මයාගේ සන්හිඳීමෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: මනා පැවැත්ම තජ්ජනීය කර්‍මයාගේ සන්හිඳීමෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍ම වාක්‍යය අවසානය වේ.
Pali BJT7. නියස්සකම්මස්ස -පෙ- පබ්බාජනීයකම්මස්ස -පෙ- පටිසාරණීයකම්මස්ස -පෙ- උක්ඛෙපනීයකම්මස්ස පටිප්පස්සද්ධියා කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානන්ති : උක්ඛෙපනීයකම්මස්ස පටිප්පස්සද්ධියා සම්මා වත්තනා ආදි, ඤත්ති මජ්ඣෙ, කම්මවාචා පරියොසානං.
Sinhala BJT7. නියස්ස කර්‍මයාගේ ... පබ්බාජනීය කර්‍මයාගේ ... පටිසාරණීය කර්‍මයාගේ ... උක්ඛේපනීය කර්‍මයාගේ සන්හිඳීමෙහි ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: මනා පැවැත්ම උක්ඛේපනීය කර්‍මයාගේ සන්හිඳීමෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍ම වාක්‍යය අවසානය වේ.
Pali BJT8. සතිවිනයස්ස කො ආදි , කිං මජ්ඣෙ, කිං පරියොසානන්ති : සතිවිනයස්ස වත්ථු ච පුග්ගලො ච ආදි, ඤත්ති මජ්ඣෙ, කම්මවාචා පරියොසානං.
Sinhala BJT8. සතිවිනයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: වස්තුව ද පුද්ගලයා ද සතිවිනයෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍ම වාක්‍යය අවසානය වේ.
Pali BJT9. අමූළ්හවිනයස්ස -පෙ- තස්ස පාපිය්යසිකාය -පෙ- තිණවත්ථාරකස්ස -පෙ- භික්ඛුනොවාදකසම්මුතියා -පෙ- තිචීවරෙන අවිප්පවාසසම්මුතියා -පෙ- සන්ථතසම්මුතියා -පෙ- රූපියඡඩ්ඩකසම්මුතියා -පෙ- සාටියගාහාපකසම්මුතියා -පෙ- පත්තගාහාපකසම්මුතියා -පෙ- දණ්ඩසම්මුතියා -පෙ- සික්කාසම්මුතියා -පෙ- දණ්ඩසික්කාසම්මුතියා කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානන්ති : දණ්ඩසික්කාසම්මුතියා වත්ථු ච පුග්ගලො ච ආදි, ඤත්ති මජ්ඣෙ, කම්මවාචා පරියොසානං.
Sinhala BJT9. අමූළ්හවිනයෙහි ... තස්සපාපියාපසිකාවෙහි ... තිණවත්‍ථාරකයෙහි ... භික්ඛුනෝවාදකසම්මුතියෙහි ... තිචීවරඅවිප්පවාසසම්මුතියෙහි ... සන්‍ථත සම්මුතියෙහි ... රූපියඡඩ්ඩකසම්මුතියෙහි ... සාටියගාහාපකසම්මුතියෙහි ... පත්තගාහාපකසම්මුතියෙහි ... දණ්ඩසම්මුතියෙහි ... සික්කාසම්මුතියෙහි ... දණ්ඩසික්කාසම්මුතියෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: වස්තුව ද පුද්ගලයා ද දණ්ඩසික්කාසම්මුතියෙහි ආදිය වෙයි. ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍මවාක්‍යය අවසානය වේ.
Pali BJTවිස්සජ්ජනා නිට්ඨිතා.
Sinhala BJTවිස්සජ්ජනය නිමි.
Pali BJTඋපොසථාදි පුච්ඡාවිස්සජ්ජනා නිට්ඨිතා.
Sinhala BJTඋපෝසථාදිපුච්ඡාවිස්සජ්ජනා නිමි.
Pali BJTඅත්ථවසප්පකරණං
Sinhala BJTඅත්‍ථවසප්පකරණය
Pali BJT1. දස අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං : සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය, දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය, අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය, සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය.
Sinhala BJT1. කරුණු දසයක් පිණිස තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයනට ශික්‍ෂාපද පණවන ලදි: සඞ්ඝයාගේ මනාබව පිණිස යැ, සඞ්ඝයාගේ පහසු බව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස යැ, දිටුදැමියෙහි විඳිය යුතු දුක්ගැහැට වැළක්ම පිණිස යැ, පරලෙව්හි විඳිය යුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන්වූවන් හෝ පහදනා පිණිස යැ, පහන්වූවන් හෝ වැඩියක් පහදනා පිණිස යැ, තුන් සසුනේ පැවැත්ම පිණිස යැ, විනයට රුකුල් පිණිස යි.
Pali BJT2. යං සඞ්ඝසුට්ඨු තං සඞ්ඝඵාසු. යං සඞ්ඝඵාසු, තං දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය. යං දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, තං පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය. යං පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය තං දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය. යං දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, තං සම්පරායිකානං ආසවානං පටිඝාතාය. යං සම්පරායිකානං ආසවානං පටිඝාතාය, තං අප්පසන්නානං පසාදාය. යං අප්පසන්නානං පසාදාය, තං පසන්නානං භිය්යොභාවාය. යං පසන්නානං භිය්යොභාවාය, තං සද්ධම්මට්ඨිතියා. යං සද්ධම්මට්ඨිතියා, තං විනයානුග්ගහාය.
Sinhala BJT2. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය සඞ්ඝයාගේ පහසුව පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය දුසිල් පුඟුලන්ගේ නිගැන්ම පිණිස වෙයි. යමක් දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වෙයි. යමක් ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වේ ද, එය පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වෙයි. යමක් පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් නො පහන්වූවන් පහදනා පිණිස වේ ද, එය පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වෙයි. යමක් තුන් සසුන් පැවැත්ම පිණිස වේ ද, එය විනයට රුකුල් පිණිස වේ.
Pali BJT3. යං සඞ්ඝසුට්ඨු තං සඞ්ඝඵාසු. යං සඞ්ඝසුට්ඨු, තං දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය. යං සඞ්ඝසුට්ඨු, තං පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය. යං සඞ්ඝසුට්ඨු තං දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය. යං සඞ්ඝසුට්ඨු, තං සම්පරායිකානං ආසවානං පටිඝාතාය. යං සඞ්ඝසුට්ඨු, තං අප්පසන්නානං පසාදාය. යං සඞ්ඝසුට්ඨු, තං පසන්නානං භිය්යොභාවාය. යං සඞ්ඝසුට්ඨු, තං සද්ධම්මට්ඨිතියා. යං සඞ්ඝසුට්ඨු තං විනයානුග්ගහාය.
Sinhala BJT3. යමක් සඞ්ඝයාගේ මනාබව වේ ද, එය සඞ්ඝයාගේ පහසුව පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනා බව පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය විනයට රුකුල් පිණිස වේ.
Pali BJT4. යං සඞ්ඝඵාසු, තං දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය. යං සඞ්ඝඵාසු, තං පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය. යං සඞ්ඝඵාසු, තං දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, යං සඞ්ඝඵාසු, තං සම්පරායිකානං ආසවානං පටිඝාතාය. යං සඞ්ඝඵාසු, තං අප්පසන්නානං පසාදාය. යං සඞ්ඝඵාසු, තං පසන්නානං භිය්යොභාවාය. යං සඞ්ඝඵාසු, තං සද්ධම්මට්ඨිතියා. යං සඞ්ඝඵාසු, තං විනයානුග්ගහාය. යං සඞ්ඝඵාසු, තං සඞ්ඝසුට්ඨු.
Sinhala BJT4. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසුව පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේද, එය පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය පහන් වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව වේ ද, එය විනයට රුකුල් පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය සඞ්ඝයාගේ මනා බව පිණිස වේ.
Pali BJT5. යං දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය -පෙ- යං පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය -පෙ- යං දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය -පෙ- යං සම්පරායිකානං ආසවානං පටිඝාතාය -පෙ- යං අප්පසන්නානං පසාදාය -පෙ- යං පසන්නානං භිය්යොභාවාය -පෙ- යං සද්ධම්මට්ඨිතියා -පෙ-
Sinhala BJT5. යමක් දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වේ ද ... යමක් ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වේ ද ... යමක් දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළැක්ම පිණිස වේ ද ... යමක් පරලොව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වේ ද ... යමක් නො පහන්වූවන් පැහැදීම පිණිස වේ ද ... යමක් පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වේ ද ... යමක් තුන් සසුන් පැවැත්ම පිණිස වේ ද ...
Pali BJT6. යං විනයානුග්ගහාය, තං සඞ්ඝසුට්ඨු. යං විනයානුග්ගහාය, තං සඞ්ඝඵාසු. යං විනයානුග්ගහාය, තං දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය. යං විනයානුග්ගහාය, තං පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය. යං විනයානුග්ගහාය, තං දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය. යං විනයානුග්ගහාය, තං සම්පරායිකානං ආසවානං පටිඝාතාය. යං විනයානුග්ගහාය, තං අප්පසන්නානං පසාදාය. යං විනයානුග්ගහාය, තං පසන්නානං භිය්යොභාවාය. යං විනයානුග්ගහාය තං සද්ධම්මට්ඨිතියාති.
Sinhala BJT6. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය සඞ්ඝයාගේ මනාබව පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය සඞ්ඝයාගේ පහසුව පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක්ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය පරලෙව්හි වින්ද යුතු දුක්ගැහැට නැසීම පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය පහන් වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වේ.
Pali BJTඅත්ථසතං ධම්මසතං ද්වෙ නිරුත්තිසතානි ච, චත්තාරි ඤාණසතානි අත්ථවසෙ පකරණෙති.
Sinhala BJTඅර්‍ත්‍ථවශප්‍රකරණයෙහි (සඞ්ඝසුට්ඨු යනාදි දශයෙහි දසවර බැගින්) අර්‍ත්‍ථශතයෙක් ද, ධර්‍මශතයෙක් ද නිරුක්තීන්ගේ වශයෙන් ද්විශතයෙක් දැයි සතර ඥාන ශතයෙක් වේ.
Pali BJTඅත්ථවසප්පකරණං නිට්ඨිතං.
Sinhala BJTඅත්‍ථවස ප්‍රකරණය නිමි.
Pali BJTමහාවග්ගො නිට්ඨිතො.
Sinhala BJTමහාවර්‍ගය නිමියේ යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. පඨමං අට්ඨ පුච්ඡාය පච්චයෙසු පුනට්ඨ ච, භික්ඛූනං සොළස එතෙ භික්ඛුනීනම්පි සොළස.
Sinhala BJT1. භික්‍ෂු විභඞ්ගයෙහි පළමු වැ පුච්ජාවාර අට යැ නැවත පච්චයවාර අට යැයි භික්‍ෂූන් පිළිබඳ සොළොස ද භික්‍ෂුණීවිභඞ්ගයෙහි සොළොස දැයි මොහු වෙත්.
Pali BJT2. පෙය්යාල අන්තරා භෙදා එකුත්තරිකමෙව ච, පවාරණත්ථවසිකා මහාවග්ගස්ස සඞ්ගහොති.
Sinhala BJT2. අන්තරපෙය්‍යාල යැ (සමථ) භේද යැ ඒකුත්තරික නය යැ පවාරණ යැ අත්‍ථවස යැයි මහාවර්‍ගයාගේ සඞ්ග්‍රහය වේ.
Pali BJTගාථාසඞ්ගණිකං
Sinhala BJTගාථාසඞ්ගණිකය
Pali BJT1. එකංසං චීවරං කත්වා, පග්ගහෙත්වාන{1} අඤ්ජලිං, ආසිංසමානරූපො ව{2} කිස්ස ත්වං ඉධ මාගතො.
Sinhala BJT1. සිවුර එකස් කොට පෙරැ වැ ඇඳිලි බැඳ ගෙණ කිසිවක් පතන්නකු සේ තෙපි කුමට මෙහි අවු ද?
Pali BJT2. ද්වීසු විනයෙසු පඤ්ඤත්තා යෙ උද්දෙසං ආගච්ඡන්ති උපොසථෙසු, කති තෙ සික්ඛාපදානි හොන්ති කතිසු නගරෙසු පඤ්ඤත්තා.
Sinhala BJT2. (භික්‍ෂු-භික්‍ෂුණී) උභය විනයයෙහි පණවන ලද යම් සිකපද කෙනෙක් පෙහෙවස් දිනයන්හි උදෙසීමට එත් ද, ඒ සිකපදයෝ කෙතෙක-කෙතෙක් නගරයන්හි පණවන ලදහු වෙත් ද?
Pali BJT3. භද්දකො තෙ උම්මග්ගො{3} යොනිසො පරිපුච්ඡසි, තග්ඝ තෙ අහමක්ඛිස්සං යථාසි කුසලො තථා.
Sinhala BJT3. තොපගේ උන්මාර්‍ගය (ප්‍රඥාව) අවිද්‍යාන්‍ධකාරයෙන් ඉල්පී සිටි බැවින් සුන්‍දර යැ. නුවණින් විචාරහු, එහෙයින් මම තොපට දක්‍ෂයකු සෙයින් පවසන්නෙමි.
Pali BJT4. ද්වීසු විනයෙසු පඤ්ඤත්තා යෙ උද්දෙසං ආගච්ඡන්ති උපොසථෙසු, අඩ්ඪුඩ්ඪසතානි තෙ හොන්ති සත්තසු නගරෙසු පඤ්ඤත්තා.
Sinhala BJT4. යම් සිකපද කෙනෙක් උභය විනයයෙහි පණවන ලද්දාහු පෙහෙවස් දිනයන්හි උදෙසීමට පැමිණෙත් ද, ඔහු තුන් සිය පනසෙක් වෙති. නගර සතෙකැ පණවන ලද්දාහ.
Pali BJT5. කතමෙසු සත්තසු නගරෙසු පඤ්ඤත්තා ඉඞ්ඝ මෙ ත්වං බ්යාකර{4}, තං වචනපථං{5} නිසාමයිත්වා පටිපජ්ජෙම හිතාය නො සියාති.
Sinhala BJT5. කවර නගර සතෙක දී පණවන ලදහු දැයි ඔබ මට විසඳා පවසනු මැනවි, ඒ වදන් මග අසා පිළිපදිමු. එය අපට හිත පිණිස වන්නේ යැ.
Pali BJT6. වෙසාලියං රාජගහෙ සාවත්ථියං ච ආළවියං, කොසම්බියං ච සක්කෙසු භග්ගෙසු චෙව පඤ්ඤත්තා.
Sinhala BJT6. විසල් පුරයෙහි දී ද රජගහ නුවර දී ද සැවැත් නුවර දී ද අළව් පුරයෙහි දී ද කොසඹෑ නුවර දී ද ශාක්‍ය දනවුහි ද භගු දනවුහි ද පණවන ලදහු.
Pali BJT7. කති වෙසාලියං පඤ්ඤත්තා කති රාජගහෙ කතා, සාවත්ථියං කති හොන්ති කති ආළවියං කතා.
Sinhala BJT7. විසල් පුරයෙහි දී කෙතෙක් සිකපදයෝ පණවන ලදහු ද? රජගහ නුවරදී කෙතෙක් පණවන ලදහු ද? සැවැත් නුවර දී පණවන ලද ශික්‍ෂාවෝ කෙතෙක් වෙද්ද, අළව් පුරයෙහි දී කෙතෙක් පණවන ලදහු ද?
Pali BJT8. කති කොසම්බියං පඤ්ඤත්තා, කති සක්කෙසු වුච්චන්ති, කති භග්ගෙසු පඤ්ඤත්තා තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT8. කොසඹෑ නුවර දී කෙතෙක් පණවන ලදහු ද? ශාක්‍ය දනවුහි කෙතෙකැ යි කියනු ලැබෙත් ද? භගු දනවුහි කෙතෙක් පණවන ලදහු ද? මා විසින් විචාරණ ලද ඔබ එය මට වදාළ මැනැව.
Pali BJT9. දස වෙසාලියං පඤ්ඤත්තා එකවීස රාජගහෙ කතා, ඡ ඌන තීණි සතානි සබ්බෙ සාවත්ථියං කතා.
Sinhala BJT9. විසල් පුරයෙහිදී සිකපද දසයෙක් පණවන ලදි. රජගහ නුවර දී එක්විස්සෙක් පණවන ලදි. සයකින් අඩු තුන්සියක් හැම ශික්‍ෂාවෝ සැවැත් නුවර දී පණවන ලදහ.
Pali BJT10. ඡ ආළවියං පඤ්ඤත්තා අට්ඨ කොසම්බියං කතා, අට්ඨ සක්කෙසු වුච්චන්ති තයො භග්ගෙසු පඤ්ඤත්තා.
Sinhala BJT10. අළව් පුරයෙහි දී සයෙක් පණවන ලදි. කොසඹෑ නුවර දී අටෙක් පණවන ලදි. ශාක්‍ය දනවුහි අටෙකැ යි කියනු ලැබෙයි, භගු දනවුහි තුනෙක් පණවන ලදි.
Pali BJT11. යෙ වෙසාලියං පඤ්ඤත්තා, තෙ සුණොහි යථා කථං,{6} මෙථුන විග්ගහුත්තරි අතිරෙකඤ්ච කාළකං.
Sinhala BJT11. විසල් පුරයෙහි දී යම් සිකපද කෙනෙක් පණවන ලදහු ද, ඔවුන් මෙසේ අසව: මෛථුන යැ මනුෂ්‍යවිග්‍රහ යැ උත්තරිමනුෂ්‍යධර්‍ම යැ අතිරේකපාත්‍ර යැ ශුද්ධකාළක යැ.
Pali BJT12. භූතං පරම්පරභත්තං දන්තපොනෙන අචෙලකො, භික්ඛුනීසු ච අක්කොසො දසෙතෙ වෙසාලියං කතා.
Sinhala BJT12. භූතාරෝචන යැ පරම්පරභෝජන යැ දන්තපොන ය සමග අචේලක යැ භික්‍ෂුණීන් කෙරෙහි ආක්‍රොශය දැයි යන මේ දස සිඛය විසල්පුර දී පණවන ලදි.
Pali BJT13. යෙ රාජගහෙ පඤ්ඤත්තා තෙ සුණොහි යථා කථං,{1} අදින්නාදානං රාජගහෙ ද්වෙ අනුද්ධංසනාපි ච.
Sinhala BJT13. රජගහ නුවර දී යම් සිකපද කෙනෙක් පණවන ලදහු ද, ඔවුන් අසව, කෙසේ යැ යත්: රජගහ නුවර දී අදින්නාදාන යැ අනුද්ධංසනා දෙක යැ.
Pali BJT14. ද්වෙ පිච භෙදා අන්තරවාසකං රූපියං සුත්තං උජ්ඣාපනෙන ච පාචීතපිණ්ඩං ගණභොජනං විකාලෙ ච චාරිත්තං නහානං ඌනවීසති.
Sinhala BJT14. සඞ්ඝභේදකභේදානුවත්තක දෙක යැ අන්තරවාසක යැ රුපියසංවෝහාර යැ (සාමං) සුත්ත යැ උජ්ඣාපනකය සමග (භික්ඛුණි) පරිපාචිත පිණ්ඩ යැ ගණභෝජන යැ විකාලභොජන යැ ගාමචාරිත්ත යැ නහාන යැ ඌනවිසතිවස්ස යැ.
Pali BJT15. චීවරං දත්වා වොසාසන්තී එතෙ රාජගහෙ කතා, ගිරග්ගචරියා තත්ථෙව ඡන්දදානෙන එකවීසති.
Sinhala BJT15. චීවර දත්වා යැ චොසාසනක යැ එහි ම ගිරග්ග යැ චාරිකා යැ අපක්කමන යැ ඡන්‍දදානය සමඟ එක් විස්සක් වූ මේ සිකපදයෝ රජගහ නුවර දී පණවන ලදහ.
Pali BJT16. යෙ සාවත්ථියං පඤ්ඤත්තා තෙ සුණොහි යථා කථං, පාරාජිකානි චත්තාරි සඞ්ඝාදිසෙසා භවන්ති සොළස.
Sinhala BJT16. යම් සිකපද කෙනෙක් සැවැත් නුවර දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: මෙහෙණන් පිළිබඳ වූ සිවු පරිජි ද සොළොස් සඟවෙසෙස්හු ද වෙති.
Pali BJT17. අනියතා ච ද්වෙ හොන්ති නිස්සග්ගියා චතුතිංසති,{2} ඡ පඤ්ඤාසසතඤ්චෙව ඛුද්දකානි පවුච්චන්ති.
Sinhala BJT17. අනියත දෙක ද නිසගි සූතිසෙක් ද වෙයි, එක් සිය සපණස් පචිතීහු ද කියනු ලැබෙත්.
Pali BJT18. දසයෙව ච ගාරය්හා ද්වෙ සත්තති ච සෙඛියා, ඡ ඌන තීණි සතානි සබ්බෙ සාවත්ථියං කතා.
Sinhala BJT18. දස ගාරයහ (පාටිදේසනීය) සිඛ ද, දෙ සැත්තෑ සේඛියා දැයි සැවැතෙහි දී පණවන ලද සියලු සිකපද සයෙකින් අඩු තුන්සියයෙකි.
Pali BJT19. යෙ ආළවියා පඤ්ඤත්තා තෙ සුණොහි යථා කථං, කුටි කොසිය සෙය්යා ච ඛනනෙ ගච්ඡ දෙවතෙ; සප්පාණකඤ්ච සිඤ්චන්ති ඡ එතෙ ආළවියං කතා.
Sinhala BJT19. යම් සිකපද කෙනෙක් අළව්පුර දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: සඤ්ඤාචිතකුටි යැ, කෝසිය යැ සහසෙය්‍ය යැ, පඨවඛණන යැ, භූතගාම යැ, සප්පාණකසිඤ්චන යැයි තෙල ස සිඛයෝ අළව් පුර දී පණවන ලදහ.
Pali BJT20. යෙ කොසම්බියං පඤ්ඤත්තා තෙ සුණොහි යථා කථං, මහාවිහාරො දොවචස්සං අඤ්ඤං ද්වාරං සුරාය ච, අනාදරියං සහධම්මො පයො පානෙන අට්ඨමං.
Sinhala BJT20. යම් සිකපද කෙනෙක් කොසඹෑ නුවර දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: මහල්ලකවිහාර යැ, දෝවචස්ස යැ, අඤ්ඤවාදක යැ, යාවද්වාරකෝස යැ, සුරාපාන යැ, අනාදරිය යැ, සහධම්මික යැ, සුරුසුරුකාරකයෙන් අටවැනි වූ සිකපද යි.
Pali BJT21. යෙ ච සක්කෙසු පඤ්ඤත්තා තෙ සුණොහි යථා කථං,{3} එළකලොමානි පත්තො ච, ඔවාදො චෙව භෙසජ්ජං.
Sinhala BJT21. යම් සිකපද කෙනෙක් ශාක්‍ය ජනපදයෙහි දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: එළකලෝම ධෝවන යැ, ඌනපංචබන්‍ධන යැ, භික්ඛුනෝවාද යැ, භේසජ්ජ විඤ්ඤපන යැ.
Pali BJT22. සූචි ආරඤ්ඤිකො චෙව ඡ එතෙ{4} කාපිලවත්ථවෙ, උදකසුද්ධියා ඔවාදො, භික්ඛුනීසු පවුච්චන්ති.
Sinhala BJT22. සුචිඝර යැ, ආරඤ්ඤක යැ, මෙහෙණන් කෙරෙහි වූ උදකශුද්ධිකය සමඟ ඕවාද යැ යි යන තෙල අට සිඛය කිඹුල්වත් නුවර දී පණවන ලදැයි කියනු ලැබේ.
Pali BJT23. යෙ ච භග්ගෙසු පඤ්ඤත්තා තෙ සුණොහි යථා කථං,{5} සමාදහිත්වා විසිබ්බෙන්ති සාමිසෙන සසිත්ථකං.
Sinhala BJT23. යම් සිකපද කෙනෙක් භගුදනවුහි දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: ජෝතිසමාදහන යැ. සාමිසය සමග සසිත්‍ථකසිඛ යැයි (යන තුන් සිඛය භගුදනවුහි දී පනවන ලදී.)
Pali BJT24. පාරාජිකානි චත්තාරි සඞ්ඝාදිසෙසානි භවන්ති, සත්ත ච නිස්සග්ගියා අට්ඨ ද්වත්තිංසති ච ඛුද්දකා.
Sinhala BJT24. පරිජි සතරෙක් ද සඟවෙසෙස් සතෙක් ද නිසඟි අටෙක් ද පචිති දෙතිසෙක් ද
Pali BJT25. ද්වෙ ගාරය්හා තයො සෙක්ඛා{6} ඡ පඤ්ඤාස සික්ඛාපදා, ඡසු නගරෙසු පඤ්ඤත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා.
Sinhala BJT25. ගාරය්හ දෙකෙක් ද සේඛිය තුණෙක් දැයි සපණස් සිකපද කෙනෙක් සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුන් විසින් නගර සයෙක දී පණවන ලදහ.
Pali BJT26. ඡ ඌන තීණි සතානි සබ්බෙ සාවත්ථියං කතා, කාරුණිකෙන බුද්ධෙන ගොතමෙන යසස්සිනා.
Sinhala BJT26. කාරුණික වූ යශස්වී වූ ගෞතම ගෝත්‍ර ඇති බුදුරජුන් විසින් සයකින් අඩු සෙසු සියලු තෙසිය සිකපදයෝ සැවැතෙහි දී පණවන ලදහු යි.
Pali BJTචතුවිපත්ති
Sinhala BJTචතු විපත්තීහු
Pali BJT1. යං තං අපුච්ඡිම්හ අකිත්තයී නො, තං තං බ්යාකතං අනඤ්ඤථා; අඤ්ඤං තං පුච්ඡාමි තදිඞ්ඝ බ්රූහි.
Sinhala BJT1. යම් ඒ (ශික්‍ෂාපද භේදයක්) විචාළෙමු ද, ඒ භේදය අපට වදාළ සේක. ඒ ඒ සිඛ නො වෙනස් ව පවසන ලදී. ඔබගෙන් අනෙකක් පුළුවුස්මි. එබැවින් එය වදාළ මැනැවැ.
Pali BJT2. ගරුක ලහුකඤ්චාපි සාවසෙසං නාවසෙසං. දුට්ඨුල්ලඤ්ච අදුට්ඨුල්ලං යෙ ච යාවතතියකා.
Sinhala BJT2. ගරුලහු ඇවැත් ද සාවසේස අනවසේස ඇවැත් ද තුළුල් නොතුළුල් ඇවැත් ද යාවතතියක ඇවැත් ද,
Pali BJT3. සාධාරණාසාධාරණං විපත්තියො{1} යෙහි සමථෙහි සම්මන්ති, සබ්බානිපෙතානි වියාකරොහි හන්ද වාක්යං සුණොම තෙ.
Sinhala BJT3. සාධාරණ අසාධාරණ ඇවැත් ද විපත්ති භේදය ද ශමථ භේදය ද මේ සියල්ල වදාළ මැනැවි. දැන් ඔබගේ වචනය අසමු.
Pali BJT4. එකතිංසා යෙ ගරුකා අට්ඨෙත්ථ අනවසෙසා, යෙ ගරුකා තෙ දුට්ඨුල්ලා යෙ දුට්ඨුල්ලා සා සීලවිපත්ති.
Sinhala BJT4. (මහණ මෙහෙණන් පිළිබඳ පැණ වූ) යම් ගරු ඇවැත් එක්තිසෙක් වේ ද ඔවුනතුරෙහි අටදෙනෙක් සාවසේස වෙති, යම් ඇවැත් කෙනෙක් ගරුක වෙත් ද ඔහු දුට්ඨුල්ල නම් වෙති, යම් ඇවැත් කෙනෙක් දුට්ඨුල්ල වෙත් ද ඒ සීලවිපත්ති නමු.
Pali BJT5. පාරාජිකං සඞ්ඝාදිසෙසො සීලවිපත්තීති වුච්චති, ථුල්ලච්චයං පාචිත්තියං පාටිදෙසනීයං තථා.
Sinhala BJT5. පරිජි සඟවෙසෙස් සීලවිපත්ති යයි කියනු ලැබේ. ථුලැසි යැ පචිති යැ එසේ ම පිළිදෙස්නි යැ.
Pali BJT6. දුක්කටං දුබ්භාසිතං යො චායං අක්කොසති, හස්සාධිප්පායො අයං සා ආචාරවිපත්ති සම්මතා.
Sinhala BJT6. දුකුළා යැ කෙළි සිනා අදහස් ඇති වැ යම් මේ පුද්ගලයෙක් ගටයා බෙණේ ද මේ දුබැසිය දැයි යන මේ ඇවැත් ආචාරවිපත්ති යි සම්මත යි.
Pali BJT7. විපරීතදිට්ඨිං ගණ්හන්ති අසද්ධම්මෙහි පුරක්ඛතා, අබ්භාචික්ඛන්ති සම්බුද්ධං දුප්පඤ්ඤා මොහපාරුතා අයං සා දිට්ඨි විපත්තිසම්මතා.
Sinhala BJT7. අසද්ධර්‍මයන් විසින් පෙරටු කරණ ලද නුවණ නැත්තා වූ මෝහයෙන් වැසී සිටියෝ මිසදිටුව ගණිත් ද, බුදුරජුන්ට නැතිදොස් පහළ කෙරෙත් ද, මේ දිට්ඨිවිපත්ති යි සම්මත යි.
Pali BJT8. ආජීවහෙතු ආජීවකාරණා පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති, ආජීවහෙතු ආජීවකාරණා සඤ්චරිත්තං සමාපජ්ජති, ආජීවහෙතු ආජීවකාරණා ‘යො තෙ විහාරෙ වසති සො භික්ඛු අරහා’ති භණති, ආජීවහෙතු ආජීවකාරණා භික්ඛු පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආජීවහෙතු ආජීවකාරණා භික්ඛූ සූපං වා ඔදනං වා අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති. අයං සා ආජීවවිපත්ති සම්මතා.
Sinhala BJT8. ආජීව හේතුයෙන් ආජීව කාරණයෙන් ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනා ලදුයේ තමා කෙරෙහි නැති තමා කෙරෙහි නොවූ උතුරුමිනිස්ධර්‍ම පවසා ද, ආජීව හේතුයෙන් ආජීව කාරණයෙන් සඤ්චරිත්තයට පැමිණේ ද, ආජීව හේතුයෙන් ආජීව කාරණයෙන් “තොපගේ වෙහෙරැ යමෙක් වෙසේ ද ඒ මහණ රහත්”යි කියා ද, ආජීව හේතුයෙන් ආජීවකාරණයෙන් මහණ තමා පිණිස පිණිබොජුන් විනවා ගෙණ වළඳා ද, ආජීව හේතුයෙන් - ආජීව කාරණයෙන් මහණෙක් සූප හෝ ඕදන හෝ නොගිලන් වැ තමා පිණිස විනවා ගෙණ වළඳා ද, මේ ආජීවවිපත්ති යි සම්මත යි.
Pali BJT9. එකාදස යාවතතියකා තෙ සුණොහි යථා කථං, උක්ඛිත්තානුවත්තිකා අට්ඨ යාවතතියකා ; අරිට්ඨො චණ්ඩකාළී ච ඉමෙ තෙ යාවතතියකා.
Sinhala BJT9. යාවතතියක සිඛ එකොළොසෙකැ, ඒ කිසේ යැයි අසව: උක්ඛිත්තානුවත්ත යැ. යාවතතියක අට යැ, අරිට්ඨ යැ, චණ්ඩකාළියැ යන මොහු යාවතතියක සිඛයෝ යි.
Pali BJTඡෙදනකාදි
Sinhala BJTඡේදනකාදීහු
Pali BJT1. කති ඡෙදනකානි කති භෙදනකානි, කති උද්දාලනකානි කති අනඤ්ඤපාචිත්තියානි.
Sinhala BJT1. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් පණවන ලද ඡේදනක සිඛ කෙතෙක් ද, භේදනක සිඛ කෙතෙක් ද, උද්දාලනක සිඛ කෙතෙක් ද, අනේඤපචිතිසිඛ කෙතෙක් ද,
Pali BJT2. කති භික්ඛුසම්මුතියො කති සාමීචියො කති පරමානි, කති ජානන්ති පඤ්ඤත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා.
Sinhala BJT2. භික්‍ෂු සම්මුතිසිඛ කෙතෙක් ද, සාමීචිසිඛ කෙතෙක් ද, පරමසිඛ කෙතෙක් ද, ජානන්තිසිඛ කෙතෙක් ද යත්:
Pali BJT3. ඡ ඡෙදනකානි එකං භෙදනකං, එකං උද්දාලනකං චත්තාරි අනඤ්ඤපාචිත්තියානි.
Sinhala BJT3. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් පණවනලද ඡේදනකසිඛ සදෙනෙකැ, එක් භේදනක සිඛයෙකැ, එක් උද්දාලනක සිඛයෙකැ, අනඤ්ඤපචිතිසිඛ සතරෙකැ.
Pali BJT4. චතස්සො භික්ඛුසම්මුතියො සත්ත සාමීචියො චුද්දස පරමානි, සොළස{1} ජානන්ති පඤ්ඤත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා.
Sinhala BJT4. භික්‍ෂුසම්මුතිසිඛ සතරෙකැ, සාමීචිසිඛ සතෙකැ, පරමසිඛ තුදුසෙකැ, ජානන්තිසිඛ සොළසෙකි.
Pali BJTඅසාධාරණකාදි
Sinhala BJTඅසාධාරණකාදිහු
Pali BJT1. වීසං ද්වෙ සතානි භික්ඛූනං සික්ඛාපදානි, උද්දෙසං ආගච්ඡන්ති උපොසථෙසු,
Sinhala BJT1. මහණුන් පිළිබඳ දෙසිය විස්සෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙති.
Pali BJT2. තීණි සතානි චත්තාරි භික්ඛුනීනං සික්ඛාපදානි, උද්දෙසං ආගච්ඡන්ති උපොසථෙසු.
Sinhala BJT2. මෙහෙණන් පිළිබඳ තුන්සිය සතරෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.
Pali BJT3. ඡ චත්තාලීසා භික්ඛූනං භික්ඛුනීහි අසාධාරණා, සතං තිංසා ච භික්ඛුනීනං භික්ඛූහි අසාධාරණා.
Sinhala BJT3. මහණුන් පිළිබඳ සසාළිස් සිකපද කෙනෙක් මෙහෙණන් හා අසාධාරණ වෙති. මෙහෙණන් පිළිබඳ එක්සියතිස් සිකපද කෙනෙක් මහණුන් හා අසාධාරණ වෙත්.
Pali BJT4. සතං සත්තති ඡච්චෙව උභින්නං අසාධාරණා, සතං සත්තති චත්තාරි උභින්නං සමසික්ඛතා.
Sinhala BJT4. එක්සිය සසැත්තෑ සිකපද කෙනෙක් දෙපසට අසාධාරණ වෙති. එක්සිය සූසැත්තෑ සිකපද කෙනෙක් දෙපසට සම සිඛයෝ වෙත්.
Pali BJT5. වීසං ද්වෙ සතානි භික්ඛූනං සික්ඛාපදානි, උද්දෙසං ආගච්ඡන්ති උපොසථෙසු තෙ සුණොහි යථා කථං.
Sinhala BJT5. මහණුන් පිළිබඳ දෙසිය විස්සෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්. ඔවුන් අසව, කිසේ යැ යත්:
Pali BJT6. පාරාජිකානි චත්තාරි සඞ්ඝාදිසෙසානි භවන්ති තෙරස, අනියතා ද්වෙ හොන්ති නිස්සග්ගියානි තිංසෙව; ද්වෙ නවුති ච ඛුද්දකා චත්තාරො පාටිදෙසනීයා, පඤ්චසත්තති සෙඛියා.
Sinhala BJT6. සිවු පරිජි ද තෙළෙස් සඟවෙසෙස් ද දෙ අනියත ද තිස් නිසඟි ද, දෙ අනූ පචිති ද, සිවු පිළිදෙස්නීහු ද පන්සැත්තෑ සිඛ කරණීහු ද වෙත්.
Pali BJT7. වීසං ද්වෙ සතානි චිමෙ{2} හොන්ති භික්ඛූනං, සික්ඛාපදානි උද්දෙසං ආගච්ඡන්ති උපොසථෙසු.
Sinhala BJT7. මහණුන් පිළිබඳ මේ දෙසිය විස්සක් වූ සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.
Pali BJT8. තීණි සතානි චත්තාරි භික්ඛුනීනං සික්ඛාපදානි, උද්දෙසං ආගච්ඡන්ති උපොසථෙසු තෙ සුණොහි යථා කථං.
Sinhala BJT8. මෙහෙණන් පිළිබඳ තුන්සිය සතරක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්. ඔවුන් අසව, කිසේ යැ යත්:
Pali BJT9. පාරාජිකානි අට්ඨ සඞ්ඝාදිසෙසානි භවන්ති සත්තරස, නිස්සග්ගියානි තිංසෙව සතං සට්ඨි ඡ ච්චෙව ඛුද්දකානි පවුච්චන්ති.
Sinhala BJT9. අට පරිජි ද සතළොස් සඟවෙසෙස්හු ද වෙති. නිසඟි තිසෙක් මැ යි. පචිතිහු එක්සිය සසැටෙකැයි කියනු ලැබෙත්,
Pali BJT10. අට්ඨ පාටිදෙසනීයා පඤ්ච සත්තති සෙඛියා, තීණි සතානි චත්තාරිමෙ හොන්ති භික්ඛුනීනං; සික්ඛාපදානි උද්දෙසං ආගච්ඡන්ති උපොසථෙසු.
Sinhala BJT10. අට පිළිදෙස්නීහු ද පන්සැත්තෑ සිඛකරණීහු දැයි මෙහෙණන් පිළිබඳ මේ තුන්සිය සතරක් වූ සිකපදයෝ වෙති. ඔහු පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.
Pali BJT11. ඡ චත්තාලීස භික්ඛූනං භික්ඛුනීහි අසාධාරණා, තෙ සුණොහි යථා කථං.
Sinhala BJT11. මහණුන් පිළිබඳ සසාළිස් සිකපද කෙනෙක් මෙහෙණන් හා අසාධාරණ වෙති. ඔවුන් අසව, කිසේ යැ යත්:
Pali BJT12. ඡ සඞ්ඝාදිසෙසා ද්වීහි අනියතෙහි{1} අට්ඨ, නිස්සග්ගියානි ද්වාදස තෙ තෙහි හොන්ති වීසති.
Sinhala BJT12. සඟවෙසෙස් සදෙන දෙ අනියතය සමග අටෙකි. නිසඟි දොළොස යැ, ඔහු යථෝක්තයන් හා විස්සක් වෙති.
Pali BJT13. ද්වාවීසති ඛුද්දකා චත්තාරො පාටිදෙසනීයා, ඡ චත්තාලීසාපිමෙ හොන්ති භික්ඛූනං භික්ඛුනීහි අසාධාරණා.
Sinhala BJT13. පචිති දෙවිස්සෙකි. පිළිදෙස්නී සතරෙකි. මහණුන් පිළිබඳ මේ සසාළිස් සිඛයෝ මෙහෙණන් හා අසාධාරණ වෙත්.
Pali BJT14. සතං තිංසා ච භික්ඛුනීනං භික්ඛූහි අසාධාරණා, තෙ සුණොහි යථා කථං.{2}
Sinhala BJT14. මෙහෙණන් පිළිබඳ එක්සියතිසක් සිකපදයෝ මහණුන් හා අසාධාරණ වෙති. ඔවුන් අසව කිසේ යැ යත්:
Pali BJT15. පාරාජිකානි චත්තාරි සඞ්ඝම්හා දස නිස්සරෙ, නිස්සග්ගියානි ද්වාදස ඡන්නවුති ච ඛුද්දකා අට්ඨ පාටිදෙසනීයා; සතං තිංසාපිමෙ හොන්ති භික්ඛුනීනං භික්ඛූහි අසාධාරණා.
Sinhala BJT15. සතර පරිජි ද සඞ්ඝයා කෙරෙන් බැහැර කටයුතු නිස්සාරණීය නම් වූ දස සඟවෙසෙස් ද දොළොස් නිසඟීහු ද සයානූ සුද්ධ පචිති ද අට පිළිදෙස්නීහු දැයි මෙහෙණන් පිළිබඳ මහණුන් හා අසාධාරණ වූ මොහු එක්සියතිස් සිඛයෝ වෙත්.
Pali BJT16. සතං සත්තති ඡච්චෙව උභින්නං අසාධාරණා, තෙ සුණොහි යථා කථං.{3}
Sinhala BJT16. මහණ මෙහෙණ දෙපසට අසාධාරණ වූ සිඛ එක්සිය සසැත්තෑවෙක් මැ යි ඔවුන් අසව, කිසේ යැ යත්:
Pali BJT17. පාරාජිකානි චත්තාරි සඞ්ඝාදිසෙසානි භවන්ති සොළස, අනියතානි ච ද්වෙ හොන්ති නිස්සග්ගියානි චතුවීසති.
Sinhala BJT17. පරිජි සතරෙක් ද සඟවෙසෙස් සොළසෙක් ද වෙයි. දෙ අනියත ද සූවිසි නිසඟි ද වෙයි.
Pali BJT18. සතං අට්ඨාරසා චෙව ඛුද්දකානි පවුච්චන්ති ද්වාදස පාටිදෙසනීයා සතං සත්තති ඡ චෙවපිමෙ හොන්ති උභින්නං අසාධාරණා.
Sinhala BJT18. එක්සිය අටළොස් පචිතිහු ද දොළොස් පිළිදෙස්නීහු ද කියනු ලැබෙත්. (මහණ-මෙහෙණ) දෙපසට අසාධාරණ වූ මේ එක්සිය සසැත්තෑ ශික්‍ෂාවෝ වෙති.
Pali BJT19. සතං සත්තති චත්තාරි උභින්නං සමසික්ඛතා, තෙ සුණොහි යථා කථං.
Sinhala BJT19. මහණ-මෙහෙණ උභය සාධාරණ ශික්‍ෂාවෝ එක්සියසිවුසැත්තෑ කෙනෙකි. ඔවුන් මෙසේ අසව: කිසේ යැ යත්:
Pali BJT20. පාරාජිකානි චත්තාරි සඞ්ඝාදිසෙසානි භවන්ති සත්ත, නිස්සග්ගියානි අට්ඨාරස සමසත්තති ඛුද්දකා පඤ්චසත්තති සෙඛියා; සතං සත්තති චත්තාරිපිමෙ හොන්ති උභින්නං සමසික්ඛතා.
Sinhala BJT20. සතර පරිජි ද සත් සඟවෙසෙස් ද අටළොස් නිසඟිපචිති ද සම සැත්තෑ සුද්ධ පචිති ද පන්සැත්තෑ සිඛකරණීහු ද යන මේ එක්සිය සිවු සැත්තෑ ශික්‍ෂාවෝ. මහණ මෙහෙණ දෙපසට සම වෙත්.