Pali BJTචතුන්නං අධිකරණානං කතමං අධිකරණන්ති : ආපත්තාධිකරණං.
Sinhala BJTසිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද යත්: ආපත්තාධිකරණ යි.
Pali BJTසත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මතීති : තීහි සමථෙහි සම්මති – සියා සම්මුඛාවිනයෙන ච, පටිඤ්ඤාතකරණෙන ච, සියා තිණවත්ථාරකෙන ච -පෙ-
Sinhala BJTසත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක්ශමථයෙන් සන්හිඳේයැ යත්: කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද සන්හිඳේ. ...
Pali BJTදෙව අනියතා නිට්ඨිතා.
Sinhala BJTදෙ අනියත සිකපද නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅලං කම්මනියඤ්චෙව - තථෙව ච න හෙව ඛො, අනියතා සුපඤ්ඤත්තා - බුද්ධසෙට්ඨෙන තාදිනාති.
Sinhala BJTඅලංකම්මනිය ද එසේ ම නො මැ අලංකම්මනිය ද යන දෙ අනියත සිකපදයෝ තාදී ගුණැති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් මොනවට පණවන ලදහ.
Pali BJT1. 4.
Sinhala BJT1. 4.
Pali BJTනිස්සග්ගියකණ්ඩො
Sinhala BJTනිස්සග්ගියකණ්ඩය
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන අතිරෙකචීවරං දසාහං අතික්කාමෙන්තස්ස නිස්සග්ගියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තොති : වෙසාලියං පඤ්ඤත්තං.
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් අතිරේකචීවරය දසදිනක් ඉක්ම වන්නහු පිළිබඳ නිසගිපචිතිය කොතන්හි පණවනලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැයැ යත්: සවගමහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අතිරෙකචීවරං දසාහාතික්කන්තං ධාරෙසුං,{1} තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි ද යත්: සවගමහණහු දසදිනක් ඉක්ම ගිය අතිරේක චීවරයක් දැරූහ, ඒ වස්තුයෙහි ය.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට්ඨාති න චිත්තතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT2. එකරත්තං තිචීවරෙන විප්පවසන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT2. එක් රැයක් තුන් සිවුරෙන් වෙන්ව වසන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැයැ යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ භික්ඛූනං හත්ථෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ජනපදචාරිකං පක්කමිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු (සඟළ) සිවුර භික්‍ෂූන් ඇතැ තබා හඳනය හා උතුරුසඟ සිවුරෙන් යුතුව දනවු සැරිසැරීමට ගියාහු ය. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට්ඨාති න චිත්තතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT3. අකාලචීවරං පටිග්ගහෙත්වා මාසං අතික්කාමෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT3. අකාලචීවරයක් පිළිගෙන මසක් ඉක්මවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ අකාලචීවරං පටිග්ගහෙත්වා මාසං අතික්කාමෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු අකාල චීවරයක් පිළිගෙන (නො ඉටා නො විකපා) මසක් ඉක්මවූහ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට්ඨාති න චිත්තතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT4. අඤ්ඤාතිකාය භික්ඛුනියා පුරාණචීවරං ධොවාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT4. නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් දොවවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කො තන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී අඤ්ඤාතිකාය භික්ඛුනියා පුරාණචීවරං ධොවාපෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් දොවාපීයැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
Pali BJT5. අඤ්ඤාතිකාය භික්ඛුනියා හත්ථතො චීවරං පටිග්ගණ්හන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT5. නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී අඤ්ඤාතිකාය භික්ඛුනියා හත්ථතො චීවරං පටිග්ගහෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගත්තේ යැ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
Pali BJT6. අඤ්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ්ඤාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT6. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ සිවුරක් ඉල්වාගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයාත් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො අඤ්ඤාතකං සෙට්ඨිපුත්තං චීවරං විඤ්ඤාපෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර නො නෑ සිටු දරුවකුගෙන් සිවුරක් ඉල්වීයැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
Pali BJT7. අඤ්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා තතුත්තරිං{1} චීවරං විඤ්ඤාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT7. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ එක් හඳනයකට උතුරුසඟ සිවුරකට වැඩි සිවුරක් ඉල්වාගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ න මත්තං ජානිත්වා බහුං චීවරං විඤ්ඤාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පමණ නො දැන බොහෝ සිවුරු ඉල්වූහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
Pali BJT8. පුබ්බෙ අප්පවාරිතස්ස අඤ්ඤාතකං ගහපතිකං උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT8. පෙරැ නො පැවරූ නො නෑ ගැහැවියකු වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහිදී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකං ගහපතිකං උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරැ නො පවරණ ලදුයේ නො නෑ ගැහැවියකු වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණියේ යැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
Pali BJT9. පුබ්බෙ අප්පවාරිතස්ස අඤ්ඤාතකෙ ගහපතිකෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT9. පෙරැ නො පැවරූ නො නෑ ගැහැවියන් වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතෙන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකෙ ගහපතිකෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරැ නො පවරණ ලදුයේ නො නෑ ගැහැවියන් වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණියේයැ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
Pali BJT10. අතිරෙකතික්ඛත්තුං චොදනාය අතිරෙකඡක්ඛත්තුං ඨානෙන චීවරං අභිනිප්ඵාදෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. අයිරා තෙවරක් චෝදනා කිරීමෙන් ද අයිරා සවරක් එළඹ සිටීමෙන් ද සිවුරක් උපදවා ගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබැ යැ:
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො උපාසකෙන අජ්ජන්හො{1}. භන්තෙ, ආගමෙහී ති වුච්චමානො නාගමෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර උවසුවකු විසින් “ස්වාමීනි, අද එකදවසක් ඉවසා වදාළ මැනැවැ” යි කියනු ලබන්නේ නො ඉවසී යැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුච්ඨාන සයෙන් නඟී. ...
Pali BJTකඨිනවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන කඨින වර්‍ග යි.
Pali BJT4. 2.
Sinhala BJT4. 2.
Pali BJT1. කොසියමිස්සකං සන්ථතං කාරාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : ආළවියං පඤ්ඤත්තං.
Sinhala BJT1. තිහිරිහූ මුසුකළ ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කො තන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ කොසියකාරකෙ උපසඞ්කමිත්වා එවමාහංසු : ‘බහූ ආවුසො කොසකාරකෙ පචථ, අම්හාකම්පි දස්සථ, මයම්පි ඉච්ඡාම කොසියමිස්සකං සන්ථතං කාතු’න්ති, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු තිහිරිවායන් වෙත එළඹ මෙසේ කීහ: “ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු, අපට ද දෙවු, අපිදු තිහිරිහූ මුසුකළ ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
Pali BJT2. සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : වෙසාලියං පඤ්ඤත්තං.
Sinhala BJT2. හුදු කළු එළුලොමින් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි ද යත්: සවග මහණහු හුදු කළු එළුලොමින් ඇතිරියක් කරවූහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
Pali BJT3. අනාදියිත්වා තුලං ඔදාතානං තුලං ගොචරියානං නවං සන්ථතං කාරාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT3. හෙළ එළුලොම් සතරින් කොටසක් ද කිඹුල්වන් එළුලොම් සතරින් කොටසක් ද නො ගෙන අළුත් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ථොකඤ්ඤෙව ඔදාතානං අන්තෙ{1} ආදියිත්වා තථෙව සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක් හි ද යත්: සවග මහණහු මඳක් හෙළ එළුලොම් ද එසේ ම මඳක් හුදු කළු එළුලොම් ද කෙළවරැ ගන්වා එළුලොමින් ඇතිරියක් කරවූහ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
Pali BJT4. අනුවස්සං සන්ථතං කාරාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT4. හවුරුදු පතා ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ අනුවස්සං සන්ථතං කාරාපෙසුං, තස්මිං වත්ථුස්මිං .
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු හවුරුදු පතා ඇතිරි කරවූහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ අනුපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
Pali BJT5. අනාදියිත්වා පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථිං නවං නිසීදනසන්ථතං කාරාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT5. පැරුණි ඇතිරිය පසෙකින් සුගත්වියතක් පමණ (කඩක්) නො ගෙන අළුත් නිසදුන් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ සන්ථතානි උජ්ඣිත්වා ආරඤ්ඤිකඞ්ගං පිණ්ඩපාතිකඞ්ගං පංසුකූලිකඞ්ගං සමාදියිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හිද යත්: බොහෝ භික්‍ෂූහු ඇතිරි හැරැපියා ආරණ්‍යකාඞ්ගය පිණ්ඩපාතිකාඞ්ගය පාංශුකූලිකාඞ්ගය සමාදන් වූහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
Pali BJT6. එළකලොමානි පටිග්ගහෙත්වා තියොජනං අතික්කාමෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT6. එළුලොම් පිළිගෙන තුන් යොදුනක් ඉක්ම යන්නහු පිළිබඳ නිසගිපචිති සික පදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරො භික්ඛු එළකලොමානි පටිග්ගහෙත්වා තියොජනං අතික්කාමෙසි. තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් එළුලොම් පිළිගෙන තුන් යොදුනක් ඉක්ම ගියේ යැ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. සියා කායතො සමුට්ඨාති න වාචතො න චිත්තතො, සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟි. …
Pali BJT7. අඤ්ඤාතිකාය භික්ඛුනියා එළකලොමානි ධොවාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සක්කෙසු පඤ්ඤත්තං.
Sinhala BJT7. නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහිදි පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අඤ්ඤාතිකාහි භික්ඛුනීහි එළකලොමානි ධොවාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු නො නෑ මෙහෙණන් ලවා එළුලොම් දොවවාලූහ, ඒ වස්තුවෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
Pali BJT8. රූපියං පටිග්ගණ්හන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT8. රන් රිදී මසුකහවණු පිළිගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක් හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො රූපියං පටිග්ගහෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර රන්රිදී මසුකහවණු පිළිගත්තේ යැ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...