Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2801-2900 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපඤ්චානිසංසා පාසාදිකෙ : අප්පසන්නා පසීදන්ති, පසන්නානං භිය්යොභාවාය හොති, සත්ථුසාසනං කතං හොති, පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති, චිත්තමස්ස පසීදති.
Sinhala BJTකුශලකර්‍ම ඇත්තහු කෙරෙහි අනුසස් පසෙක: නො පහන් වූවෝ පහදිති, පහන් වූවන්ගේ බොහෝ බව පිණිස වෙයි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරණ ලද වෙයි, පශ්චිම ජනතාව දිට්ඨානුගතියට පැමිණෙයි, ඔහුගේ සිත පහදී.
Pali BJT17. පඤ්ච ආදීනවා කුලූපගෙ{2} : අනාමන්තචාරො{3} ආපජ්ජති, රහො නිසජ්ජාය ආපජ්ජති, පටිච්ඡන්නෙ ආසනෙ ආපජ්ජති, මාතුගාමස්ස උත්තරිං ඡප්පඤ්චවාචාහි ධම්මං දෙසෙන්තො ආපජ්ජති, කාමසඞ්කප්පබහුලො ච විහරති.
Sinhala BJT17. කුලුපග මහණ කෙරෙහි ආදීනව පසෙක: අනාමන්තවාරය ඇතියේ ඇවැතට පැමිණෙයි, රහොනිසජ්ජායෙන් ඇවැතට පැමිණෙයි, පිළිසන් අස්නෙකැ හිඳීමෙන් වන ඇවැතට පැමිණෙයි, මාගමකට සපස් වදනින් මත්තෙහි දහම් දෙසනුයේ ඇවැතට පැමිණෙයි, කාමවිතර්‍ක බහුල වැ ද වාස කෙරේ.
Pali BJTපඤ්ච ආදීනවා කුලූපගස්ස{4} භික්ඛුනො : අතිවෙලං කුලෙසු සංසට්ඨස්ස විහරතො : මාතුගාමස්ස අභිණ්හදස්සනං, දස්සනෙ සති සංසග්ගො, සංසග්ගෙ සතී විස්සාසො, විස්සාසෙ සති ඔතාරො, ඔතිණ්ණචිත්තස්සෙතං භික්ඛුනො පාටිකඞ්ඛං : අනභිරතො වා බ්රහ්මචරියං චරිස්සති, අඤ්ඤතරං වා සංකිලිට්ඨං ආපත්තිං ආපජ්ජිස්සති, සික්ඛං වා පච්චක්ඛාය හීනායාවත්තිස්සතීති.
Sinhala BJTවේලා ඉක්මවා කුලයෙහි ගිහියන් හා හැනී වසන කුලුපග මහණ පිළිබඳ ආදීනව පසෙක; මාගම නිතර දැක්ම යැ, දැක්ම ඇති කල්හි එක්වීම යැ, එක්වීම ඇති කල්හි විශ්වාස යැ, විශ්වාසය ඇති කල්හි රාගයට බැසීම යැ, රාගයට බැසගත් සිත් ඇති මහණහු විසින් තෙල කැමැති විය යුතුය: සසුන්හි ඇලුම් නැති වැ හෝ බඹසර කරයි, එක්තරා සකිලිටි ඇවැතකට හෝ පැමිණෙයි, ශික්‍ෂා හැරපියා ගිහිබවට හෝ පෙරළේ.
Pali BJT18. පඤ්ච බීජානි : මූලබීජං, ඛන්ධබීජං, ඵලුබීජං, අග්ගබීජං, බීජබීජඤ්ඤෙව පඤ්චමං.
Sinhala BJT18. බීජ පසෙක: මූල බීජ යැ ස්කන්‍ධ බීජ යැ පර්‍ව බීජ යැ අග්‍ර බීජ යැ පස්වැනි වූ බීජ බීජ යි.
Pali BJTපඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතබ්බං : අග්ගිපරිචිතං, සත්ථපරිචිතං, නඛපරිජිතං, අබීජං, නිබ්බට්ටබීජඤ්ඤෙව{5} පඤ්චමං.
Sinhala BJTපඤ්ච ශ්‍රමණ ව්‍යවහාරයෙන් කැප කළ ඵලය පරිභෝග කටයුතු ය: ගින්නෙන් කැප කරණලද යැ ආවුධයෙන් කැප කරණලද යැ නියෙන් කැප කරණලද යැ මුහුකළ බිජුවට නැතියෙ යැ පස්වැනි වූ බැහැර කළ බිජුවට ඇතියෙ යි.
Pali BJT19. පඤ්ච විසුද්ධියො : නිදානං උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං අයං පඨමා විසුද්ධි, නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං අයං දුතියා විසුද්ධි, නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං අයං තතියා විසුද්ධි, නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ උද්දිසිත්වා ද්වෙ අනියතෙ උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං අයං චතුත්ථා විසුද්ධි, විත්ථාරෙනෙව පඤ්චමී.
Sinhala BJT19. විශුද්ධි පසෙක: නිදානය උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි, මේ පළමුවන විශුද්ධි යැ. නිදානය උදෙසා සිවුපරීජි උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි, මේ දෙවන විශුද්ධි යැ, නිදානය උදෙසා සිවුපරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ තුන්වන විශුද්ධි යැ. නිදානය උදෙසා සිවු පරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා දෙ අනියතය උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ සිවුවන විශුද්ධි යැ. චිත්‍ථාරුද්දේසයෙන් මැ පස්වැනි විශුද්ධි යි.
Pali BJTඅපරාපි පඤ්ච විසුද්ධියො : සුත්තුද්දෙසො, පාරිසුද්ධිඋපොසථො, අධිට්ඨානුපොසථො, පවාරණා, සාමග්ගිඋපොසථොයෙව පඤ්චමො.
Sinhala BJTඅනෙකුදු විශුද්ධි පසෙක: සුත්තුද්දේසඋපෝසථ යැ පාරිසුද්ධිඋපෝසථ යැ අධිට්ඨානුපොසථ යැ පවාරණ යැ සාමග්ගිඋපෝසථය මැ පස්වැනි යි.
Pali BJT20. පඤ්චානිසංසා විනයධරෙ : අත්තනො සීලක්ඛන්ධො සුගුත්තො හොති සුරක්ඛිතො, කුක්කුච්චපකතානං පටිසරණං හොති, විසාරදො සඞ්ඝමජ්ඣෙ වොහරති, පච්චත්ථිකෙ සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගණ්හාති, සද්ධම්මට්ඨිතියා පටිපන්නො හොති.
Sinhala BJT20. විනයධරයා කෙරෙහි වූ අනුසස් පසෙක: තමාගේ ශීලස්කන්‍ධය මොනොවට ගෝපනය කරණ ලද්දේ මොනොවට රක්නා ලද්දේ වෙයි, කුකුස් බැවින් මඩනා ලද්දවුනට පිළිසරණ වෙයි, සඟමැද විශාරද වැ කථා කෙරෙයි, කරුණු සහිත ව මොනවට නිගැන්මෙන් පසමිතුරනට නිග්‍රහ කෙරෙයි, ශාසනයාගේ චිරස්ථිතිය පිණිස පිළිපන්නේ වේ.
Pali BJT21. පඤ්ච අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJT21. නො දැහැමි පාමොක් තැබීම් පසෙකි.
Pali BJTපඤ්ච ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානීති.
Sinhala BJTදැහැමි පාමොක් තැබීම් පසෙකි.
Pali BJTපඤ්චකං නිට්ඨිතං.
Sinhala BJTපඤ්චකය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. ආපත්ති ආපත්තික්ඛන්ධා, විනීතානන්තරෙන ච, පුග්ගලච්ඡෙදනා චෙව ආපජ්ජති ච පච්චයා.
Sinhala BJT1. ආපත්ති යැ, ආපත්තිස්කන්‍ධ යැ, ආනන්තර්‍ය්‍යකර්‍ම සමග විනීතවස්තු යැ, පුද්ගල යැ, ඡේදන යැ, ආපජ්ජති යැ, ප්‍රත්‍යය යැ,
Pali BJT2. න උපෙති උපෙති ච කප්පන්තූසඞ්කිතෙලං ච, වසං බ්යසනසම්පදා පස්සද්ධි පුග්ගලෙන ච.
Sinhala BJT2. න උපේති යැ, උපේති යැ, කප්පන්ති යැ, උස්සඞ්කිත යැ, තෙල යැ, වසා යැ, ව්‍යසන යැ, සම්පදා ව සමග පස්සද්ධි යැ,
Pali BJT3. සොසානිකං ඛායිතඤ්ච ථෙය්යං චොරො පවුච්චති,{1} අවිස්සජ්ජි අවෙභඞ්ගි කායතො කායවාචතො.
Sinhala BJT3. සෝසානික යැ, ගොඛායිත යැ, ථෙය්‍යවහාර යැ, මහාචෝර යැ යි පඤ්චක කියනු ලැබේ. අවිස්සජ්ජනීය යැ අවෙභඞ්ගිය යැ කායතෝ යැ කායවාචතො යැ,
Pali BJT4. දෙසනා සඞ්ඝඋද්දෙසා පච්චන්ති කඨිනෙන ච, කම්මානි යාව තතියං පාරාජිකා ථුල්ලදුක්කටං.
Sinhala BJT4. දේසනාගාමිනී යැ, සඞ්ඝ යැ, පාතිමොක්ඛුද්දෙස යැ, කඨිනත්‍ථාරය සමග සබ්බපච්චන්තිම යැ, කම්ම යැ, යාවත්තියක යැ, පාරාජික යැ ථුල්ලච්චය යැ, දුක්කට යැ,
Pali BJT5. අකප්පියං කප්පියඤ්ච අපුඤ්ඤ දුවිනොදයා, සම්මජ්ජනී අපරෙ ච භාසං ආපත්ති මෙව ච.
Sinhala BJT5. අකප්පිය යැ, කප්පිය යැ, අපුඤ්ඤ යැ, දුප්පටිවිනෝද යැ, සමමජ්ජනී යැ, අන්‍ය වූ සම්මජ්ජනී යැ, භාසපරියන්ත යැ, ආපත්ති යැ,
Pali BJT6. අධිකරණං වත්ථු ඤත්ති ආපත්තා උභයානි ච, ලහුකට්ඨමකා එතෙ කණ්හසුක්කා විජානථ.
Sinhala BJT6. අධිකරණ යැ, වස්තු යැ, ඤත්ති යැ, ආපත්තානාපත්ති දෙක යැ, ලහුකය අට වැනි කොට ඇති මොහු කෘෂ්ණ ශුක්ලයහ යි දනිවු.
Pali BJT7. අරඤ්ඤං පිණ්ඩපාතඤ්ච පංසුරුක්ඛසුසානිකා, අබ්භොකාසො චීවරඤ්ච සපදානො නිසජ්ජිකා{2}
Sinhala BJT7. ආරඤ්ඤක යැ, පිණ්ඩපාතික යැ, පංසුකූලික ය, රුක්ඛමූලික යැ, සෝසානික යැ, අබ්භෝකාසික යැ, තෙචීවරික යැ, සපදානචාරික යැ, නෙසජ්ජික යැ,
Pali BJT8. සන්ථති ඛලු පච්ඡාපි පත්තපිණ්ඩිකමෙව ච, උපොසථං පවාරණං, ආපත්තානාපත්තිපි ච, කණ්හසුක්කපදා එතෙ භික්ඛුනීනම්පි තෙ තථා,
Sinhala BJT8. යථාසන්‍ථතික යැ, ඛලුපච්ඡාභත්තික යැ, පත්තපිණ්ඩික යැ, උපෝසථ යැ, පවාරණ යැ, ආපත්තානාපත්ති යැ, මොහු කෘෂ්ණ ශුක්ලපදයෝ වෙති. ඔහු භික්‍ෂුණීන් පිළිබඳ ව ද එසේ යි.
Pali BJT9. අපාසාදිකපාසාදි තථෙව අපරෙ දුවෙ, කුලූපකෙ අතිවෙලං බීජං සමණකප්පා ච.
Sinhala BJT9. අපාසාදික යැ පාසාදික යැ එසේම අපර දෙක යැ, කුලුපග යැ, අතිවේල යැ බීජ යැ, සමණකප්ප යැ,
Pali BJT10. විසුද්ධි අපරෙ චෙව විනයා ධම්මිකෙන ච, ධම්මිකා ච තථා වුත්තා නිට්ඨිතා සුද්ධිපඤ්චකාති.
Sinhala BJT10. විසුද්ධි යැ, අපරවිසුද්ධි යැ, විනයධර යැ, අධම්මික යැ, සමග ධම්මික යැ යි එසේම කියනලදහ. (මෙසේ) ශුද්ධි පඤ්චකයෝ නිමියහ.
Pali BJTඡක්කං
Sinhala BJTෂට්කය
Pali BJT1. ඡ අගාරවා, ඡ ගාරවා, ඡ විනීතවත්ථූනි, ඡ සාමීචියො, ඡ ආපත්තිසමුට්ඨානා. ඡ ඡෙදනකා ආපත්තියො, ඡහාකාරෙහි ආපත්තිං ආපජ්ජති, ඡ ආනිසංසා විනයධරෙ, ඡ පරමානි, ඡාරත්තං තිචීවරෙන විප්පවසිතබ්බං. ඡ චීවරානි, ඡ රජනානි, ඡ ආපත්තියො කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති න වාචතො, ඡ ආපත්තියො වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති න කායතො, ඡ ආපත්තියො කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති, ඡ කම්මානි, ඡ විවාදමූලානි, ඡ අනුවාදමූලානි, ඡ සාරණීයධම්මා, දීඝතො ඡ විදත්ථියො සුගතවිදත්ථියා තිරියං ඡ විදත්ථියො, ඡ නිස්සයපටිප්පස්සද්ධියො ආචරියම්හා. ඡ නහානෙ අනුපඤ්ඤත්තියො, විප්පකතචීවරං ආදාය පක්කමති, විප්පකතචීවරං සමාදාය පක්කමති.
Sinhala BJT1. අගාරව සයෙකැ, ගාරව සයෙකැ, විනීතවස්තු සයෙකැ, සාමීචිධර්‍ම සයෙකැ, ආපත්තිසමුට්ඨාන සයෙකැ, ඡේදනක ආපත්ති සයෙකැ, ෂඩාකාරයෙකින් ඇවැතට පැමිණෙයි, විනයධරයා කෙරෙහි අනුසස් සයෙකැ, පරම සයෙකැ, තුන් සිවුරෙන් වෙන් වැ විසිය යුතු ස රැයෙකැ, සිවුරු සයෙකැ, රජන සයෙකැ, ඇවැත්හු සදෙනෙක් කයින් ද සිතින් ද නගිති වචනයෙන් නො නගිත්, ඇවැත්නු සදෙනෙක් වචනයෙන් ද සිතින් ද නගිති කයින් නො නගිත්, ඇවැත්හු සදෙනෙක් කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්, කර්‍ම සයෙකැ, විවාදමූල සයෙකැ, අනුවාදමූල සයෙකැ, සාරාණීය ධර්‍ම සයෙකැ, දිගින් සුගත්වියතින් සවියතෙකැ පුළුලින් සවියතෙකැ, ආචාරීන් කෙරෙන් නිසමිදීම් සයෙකැ. නැහැමෙහි අනුප්‍රඳප්ති සයෙකැ. විප්පකතචීවරය ආදානය කොට නික්මෙයි යන ෂට්කයෙකැ. විප්පකතචීවරය සමාදානය කොට නික්මෙයි යන ෂට්කයෙකි.
Pali BJT2. ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
Sinhala BJT2. අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළයුතු යැ, නිස දිය යුතු යැ. හෙරණකු ලවා උවටැන් කරවිය යුතුයි: අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙත් යුක්ත වෙයි, දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
Pali BJTඅපරෙහිපි ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : අත්තනා අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, පරං අසෙක්ඛෙ සීලක්ඛන්ධෙ සමාදපෙතා, අත්තනා අසෙක්ඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති පරං අසෙක්ඛෙ සමාධික්ඛන්ධෙ සමාදපෙතා, අත්තනා අසෙක්ඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති පරං අසෙක්ඛෙ පඤ්ඤක්ඛන්ධෙ සමාදපෙතා, අත්තනා අසෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති පරං අසෙක්ඛෙ විමුත්තික්ඛන්ධෙ සමාදපෙතා, අත්තනා අසෙක්ඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති පරං අසෙක්ඛෙ විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ සමාදපෙතා, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
Sinhala BJTඅනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළ යුතු ය. නිස දියයුතු ය. හෙරණකු ලවා උවැටන් කරවිය යුතු ය: තෙමේ අශෛක්‍ෂශීලස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂශීලස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
Pali BJTඅපරෙහිපි ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : සද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, ආරද්ධවිරියො හොති, උපට්ඨිතස්සති හොති, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
Sinhala BJTඅනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍මකළ යුතු යැ. නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: සැදැහැ ඇතියේ වෙයි, පාපයෙහි ලජ්ජා ඇතියේ වෙයි. පාපයෙහි බිය ඇතියේ වෙයි. රුකුළු වැර ඇතියේ වෙයි. එළඹ සිටි සිහි ඇතියේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
Pali BJTඅපරෙහිපි ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : න අධිසීලෙ සීලවිපන්නො හොති, න අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, න අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති, බහුස්සුතො හොති, පඤ්ඤවා හොති, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
Sinhala BJTඅනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළ යුතු යැ නිස දිය යුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: අධිශීලයෙහි ශීලවිපන්න නො වෙයි. අද්ධ්‍යචාරයෙහි ආචාරවිපන්න නො වෙයි. සම්‍යක් දෘෂ්ටියෙහි දෘෂ්ටිවිපන්න නො වෙයි. බහුශ්‍රුත වෙයි. ප්‍රඥා ඇතියේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
Pali BJTඅපරෙහිපි ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ගිලානං උපට්ඨාතුං වා උපට්ඨාපෙතුං වා, අනභිරතං{1} වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං{2}, ආපත්තිං ජානාති, ආපත්තිවුට්ඨානං ජානාති, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
Sinhala BJTඅනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළයුතු යැ නිස දියයුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: ගිලන් වූ අතැවැසියකුට සද්ධිවිහාරිකයකුට උවැටන් කරන්නට හෝ උවැටන් කරවන්නට හෝ ප්‍රතිබල වෙයි, උකටලී වූවකු එයින් මුදවාලන්නට හෝ මුදවාලවන්නට හෝ ප්‍රතිබල වෙයි. උපන් කුකුස් දැහැමින් දුරලන්නට හෝ ප්‍රතිබල වෙයි. ඇවැත දනියි, ඇවැතින් නැගීම දනියි, දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
Pali BJTඅපරෙහිපි ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ආභිසමාචාරිකාය සික්ඛාය සික්ඛාපෙතුං, ආදිබ්රහ්මචාරියකාය සික්ඛාය විනෙතුං, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං, උප්පන්නං දිට්ඨිගතං ධම්මතො විවෙචෙතුං, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
Sinhala BJTඅනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළ යුතු යැ නිස දිය යුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතුයි: අතැවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්‍ෂායෙහි හික්මවන්නට ප්‍රතිබල වෙයි, ආදිබ්‍රහ්මචරියක ශික්‍ෂායෙහි විනයන කරන්න ප්‍රතිබල වෙයි, අභිධර්‍මයෙහි විනයන කරන්නට ප්‍රතිබල වෙයි, අභිවිනයෙහි විනයන කරන්නට ප්‍රතිබල වෙයි, උපන් මිථ්‍යා දෘෂ්ටිය දැහැමින් බැහැර කරන්නට ප්‍රතිබල වෙයි, දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
Pali BJTඅපරෙහිපි ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : ආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
Sinhala BJTඅනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළ යුතු යැ නිස දිය යුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: ඇවැත් දනියි, නො ඇවැත් දනියි, ලුහු ඇවැත් දනියි. ගරු ඇවැත් දනියි, සූත්‍ර වශයෙනුදු අනුව්‍යඤ්ජන වශයෙනුදු උභය ප්‍රාතිමෝක්‍ෂ විස්තර වශයෙන් මොනොවට පුහුණු කරණ ලදුයේ මොනොවට විභාග කොට ගන්නා ලදුයේ මොනොවට දැරීම් විසින් පවත්වා ගන්නා ලදුයේ මොනොවට විනිශ්චය කොට දැන ගන්නා ලදුයේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
Pali BJT3. ඡ අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJT3. නො දැහැමි පාමොක් තැබීම් සයෙකි.
Pali BJTඡ ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානීති.
Sinhala BJTදැහැමි පාමොක් තැබීම් සයෙකි.
Pali BJTඡක්කං නිට්ඨිතං.
Sinhala BJTෂට්කය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. අගාරවා ගාරවා ච විනීතා සාමීචිපි ච, සමුට්ඨානා ඡෙදනා චෙව ආකාරානිසංසෙන ච.
Sinhala BJT1. අගාරව යැ, ගාරව යැ, විනීතවස්තු යැ, සාමීචි යැ, සමුට්ඨාන යැ, ජෙදන යැ, ආනිසංසය සමග ආකාර යැ.
Pali BJT2. පරමානි ච ඡාරත්තං චීවරං රජනානි ච, කායතො චිත්තතො චාපි වාචතො චිත්තතොපි ච.
Sinhala BJT2. පරම සය යැ, ඡාරත්ත යැ, චීවර යැ, රජන යැ, කායතෝ චිත්තතො යැ, වාචතො චිත්තතෝ යැ.
Pali BJT3. කායවාචා චිත්තතො ච කම්මවිවාදමෙව ච; අනුවාදා දීඝසො ච තිරියං නිස්සයෙන ච.
Sinhala BJT3. කායවාචාචිත්තතෝ යැ, කම්ම යැ, විවාදමූල යැ, අනුවාදමූල යැ, දීඝසො යැ, නිස්සය පටිප්පස්සද්ධි සමග තිරියං යැ.
Pali BJT4. අනුපඤ්ඤත්ති ආදාය, සමාදාය තථෙව ච, අසෙක්ඛෙ සමාදපෙතා සද්ධො අධිසීලෙන ච, ගිලානාභිසමාචාරී ආපත්තාධම්මධම්මිකාති.
Sinhala BJT4. නහානෙ අනුපඤ්ඤත්ති යැ, එසේම ආදාය සමාදාය දෙක යැ, අසෙක්ඛ යැ, සමාදපේතු යැ, අධිශීලය සමග සද්ධ යැ, ගිලාන යැ, ආභිසමාචාරික යැ, ආපත්ති යැ, අධම්මික යැ, ධම්මික යැ යි ෂට්කයෝ වෙත්.
Pali BJTසත්තකං
Sinhala BJTසප්තකය
Pali BJT1. සත්ත ආපත්තියො, සත්ත ආපත්තික්ඛන්ධා, සත්ත විනීතවත්ථූනි. සත්ත සාමීචියො. සත්ත අධම්මිකා පටිඤ්ඤාතකරණා, සත්ත ධම්මිකා පටිඤ්ඤාතකරණා, සත්තන්නං අනාපත්ති{1} සත්තාහකරණීයෙන ගන්තුං, සත්තානිසංසා විනයධරෙ, සත්ත පරමානි, සත්තමෙ අරුණුග්ගමනෙ නිස්සග්ගියං හොති. සත්ත සමථා. සත්ත කම්මානි, සත්ත ආමකධඤ්ඤානි, තිරියං සත්තන්තරා, ගණභොජනෙ සත්ත අනුපඤ්ඤත්තියො, භෙසජ්ජානි පටිග්ගහෙත්වා සත්තාහපරමං සන්නිධිකාරකං පරිභුඤ්ජිතබ්බානි, කතචීවරං ආදාය පක්කමති, කතචීවරං සමාදාය පක්කමති, භික්ඛුස්ස න හොති ආපත්ති දට්ඨබ්බා. භික්ඛුස්ස හොති ආපත්ති දට්ඨබ්බා. භික්ඛුස්ස හොති ආපත්ති පටිකාතබ්බා, සත්ත අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි, සත්ත ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJT1. ආපත්ති සතෙකැ, ආපත්තිස්කන්‍ධ සතෙකැ, විනීතවස්තු සතෙකැ, සාමීචි සතෙකැ, නො දැහැමි පටිඤ්ඤාතකරණ සතෙකැ, දැහැමි පටිඤ්ඤාතකරණ සතෙකැ, සත් දෙනකුන් සඳහා සත්තාහකරණීයයෙන් යාමෙහි ඇවැත් නො වෙයි, විනයධරයා කෙරෙහි අනුසස් සතෙකැ, පරම සතෙකැ සත්වන අරුණ නැගීමෙහි නිසගි වෙයි. සමථ සතෙකැ, කර්‍ම සතෙකැ, අමුධාන්‍ය සතෙකැ, සරස ඇතුළත සත් වියතෙකැ, ගණභෝජනයෙහි අනුප්‍රඥප්ති සතෙකැ, බෙහෙත් පිළිගෙන සත් දිනක් පරම කොට තබා වැළඳිය යුතුය, කළ සිවුර ගෙණ නික්මෙයි යන සතෙකැ, කළ සිවුර මොනවට ගෙණ නික්මෙයි යන සතෙකැ, මහණහට දැක්කයුතු ඇවැතෙක් නො වෙයි යන සතෙකැ, මහණහට දැක්කයුතු ඇවැතෙක් වෙයි යන සතෙකැ, මහණහට පිළියම් කළයුතු ඇවැතෙක් වෙයි යන සතෙකැ, නො දැහැමි පාමොක් තැබීම් සතෙකැ, දැහැමි පාමොක් තැබීම් සතෙකි.
Pali BJT2. සත්තහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු විනයධරො හොති : ආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJT2. අඞ්ග සතෙකින් යුක්ත මහණ විනයධර වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වැ ආචාරගෝචර සම්පන්න වූයේ අණුමාත්‍ර වද්‍යයෙහි භය දක්නා සුලු වැ වාස කෙරෙයි, ශික්‍ෂාපදයන් සමාදන් වැ ගෙන වාස කෙරෙයි, අභිචිත්තයෙහි උපන් ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර ධාන්‍යයන් කැමැතිසේ රිසිසේ නිදුකින් ලබන සුලු වෙයි, ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාවද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ යයි.
Pali BJT3. අපරෙහිපි සත්තහඞ්ගෙහි සමන්නාගතො විනයධරො හොති : ආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා{2} සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා{3} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJT3. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත මහණ විනයධර වෙයි: ඇවැත් දනියි, නො ඇවැත් දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, බොහෝ ඇසූ තැන් ඇතියේ ඇසූ දේ දරනුයේ ඇසූ දේ රැස්කරන්නේ වෙයි, යම් ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ මජ්ඣෙකල්‍යාණ පරියොසානකල්‍යාණ වෙත් ද සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන කේවල පරිපූර්‍ණ වූවාහු වෙත් ද පරිශුද්ධ වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත් ද, එබඳු ඒ ධර්‍මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් සලකා බලන ලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදින ලද්දාහු වෙත්. උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමැති සේ ලැබීම් ඇත්තේ සුවසේ ලැබීම් ඇත්තේ මහත්සේ ලැබීම් ඇත්තේ වෙයි. ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වෙසේ.
Pali BJT4. අපරෙහිපි සත්තහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු විනයධරො හොති : ආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJT4. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත මහණ විනයධර වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනී. සූත්‍ර වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද විස්තර වශයෙන් ඔහු විසින් උභය ප්‍රාතිමෝක්‍ෂය මොනොවට පුහුණු කරන ලද, මොනොවට බෙදන ලද, මොනොවට පවත්වන ලද, මොනොවට විනිශ්චය කරන ලද වෙයි. උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමැති සේ රිසි සේ නිදුකින් ලබන සුලු වෙයි, ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ යයි.
Pali BJT5. අපරෙහිපි සත්තහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු විනයධරො හොති : ආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං : එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො සො තතො චුතො ඉධූපපන්නොති” ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJT5. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ මහණ විනයධර වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, නන් වැදැරුම් වූ පෙරැ විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි: ඒ මෙසේ යැ: එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුණක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දශයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතලිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති ලක්‍ෂයක් ද නොයෙක් නැසෙන කල්පයන් ද නොයෙක් වැඩෙන කල්පයන් ද නොයෙක් නැසෙන වැඩෙන කල්පයන් ද සිහි කෙරෙයි, “අසෝ තැන මෙබඳු නම් ඇත්තෙම් වීමි, මෙබඳු ගොත් ඇත්තෙම් වීමි, මෙබඳු පැහැ ඇත්තෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සුවදුක් විඳියෙම් වීමි, මෙබඳු ආයු කෙළවර කොට ඇතියෙම් වීමි, ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙම් වෙමි.” යි. මෙසේ ආකාර සහිත වූ විස්තර සහිත වූ නන් වැදැරුම් පෙරැවුසූ කඳපිළිවෙළ සිහි කෙරේ.
Pali BJTදිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති “ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා, ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා තෙ කායස්සභෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති” ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති
Sinhala BJTපිරිසිදුවූ මිනිසැස ඉක්ම වූ දිවැසින්, චුත වන්නා වූ ද උපදනා වූ ද ලාමක වූ ද උතුම් වූ ද මනා පැහැ ඇත්තා වූ ද නොමනා පැහැ ඇත්තා වූ ද සුගතියට පැමිණියා වූ ද දුගතියට පැමිණියා වූ ද සත්ත්‍වයන් දකියි, කම් වූ පරිද්දෙන් මියගියා වූ සත්ත්‍වයන් දනියි: “ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිසදිටු ඇත්තාහු මිසදිටුකම් සමාදන් වූවාහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුගති ඇති විවස වැ පතිත වන නරකයට පැමිණියාහු යැයි ද” මේ භවත් සත්ත්‍වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්දිටු ඇත්තාහු සම්දිටුකම් සමාදන් වූවාහු කාබුන් මරණින් මතු යහපත් ගති ඇති සගලොවට පැමිණියාහු යැයි ද මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම වූ දිවැසින්, චුතවන්නා වූ ද උපදින්නා වූ ද ලාමක වූ ද උතුම් වූ ද මනා පැහැ ඇත්තා වූ ද නො මනා පැහැ ඇත්තා වූ ද සුගතියට පැමිණියා වූ ද දුගතියට පැමිණියා වූ ද සත්ත්‍වයන් දකී, කම්වූ පරිද්දෙන් මියගියා වූ ද සත්ත්‍වයන් දනී.
Pali BJTආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ යයි.
Pali BJT6. සත්තහඞ්ගෙහි සමන්නාගතො විනයධරො සොභති : ආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛා පදෙසු, චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJT6. අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, සිල්වත් වූයේ ... වාස කෙරෙයි. ශික්‍ෂාපදයන්හි සමාදන් වැ හික්මෙයි. උතුම් සිත ඇසුරු කළා වූ ඉහාත්මයෙහි සැප විහරණ ඇත්තා වූ සතර ධාන්‍යයන් කැමැති සේ ලැබීම් ඇත්තේ සුවසේ ලැබීම් ඇත්තේ මහත්සේ ලැබීම් ඇත්තේ වෙයි. ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත් ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ.
Pali BJT7. අපරෙහිපි සත්තහඞ්ගෙහි සමන්නාගතො විනයධරො. සොභති : ආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා : චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJT7. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, බොහෝ ඇසූ තැන් ඇත්තේ වෙයි ... දෘෂ්ටියෙන් මොනොවට අවබෝධ කරණ ලද්දාහු වෙත්. උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ ඇති සතර ධාන්‍යයන් කැමැති සේ ලැබීම් ඇතියේ සුවසේ ලැබීම් ඇතියේ මහත්සේ ලැබීම් ඇතියේ වෙයි. ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ.
Pali BJT8. අපරෙහිපි සත්තහඞ්ගෙහි සමන්නාගතො විනයධරො සොභති : ආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJT8. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, පෙළ විසින් ද අනුව්‍යඤ්ජන විසින් ද ඔහු විසින් උභය ප්‍රාතිමෝක්‍ෂය විස්තර වශයෙන් මොනවට පුහුණු කරණ ලද්දේ මොනවට බෙදන ලද්දේ මොනවට පවත්වන ලද්දේ මොනවට විනිශ්චය කරණ ලද්දේ වෙයි, උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ ඇත්තා වූ සතරධ්‍යානයන් කැමැති සේ ලැබීම් ඇත්තේ සුවසේ ලැබීම් ඇත්තේ මහත් සේ ලැබීම් ඇත්තේ වෙයි. ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ.
Pali BJT9. අපරෙහිපි සත්තහඞ්ගෙහි සමන්නාගතො විනයධරො සොභති : ආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං : එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති -පෙ- දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJT9. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, නන්වැදෑරුම් වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි, ඒ මෙසේ යැ: එක් ජාතියක් ද ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත වූ විස්තර සහිත වූ නන්වැදෑරුම් වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. චුතවන උපදනා ලාමක උතුම් මනා පැහැ ඇති නොමනා පැහැ ඇති සුගතිගත වූ දුගතිගත වූ සත්ත්‍වයන් පිරිසිදු මිනිසැස ඉක්මැ සිටි දිවැසින් දකියි, කම් වූ පරිදි මියගියා වූ සත්ත්‍වයන් දනියි, ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රවරහිත වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත් ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තෙමේ නුවණින් දැන පසක් කොට එයට පැමිණ වාස කෙරේ.
Pali BJT10. සත්ත අසද්ධම්මා : අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තප්පී හොති, අප්පස්සුතො හොති, කුසීතො හොති, මුට්ඨස්සති හොති, දුප්පඤ්ඤො හොති.
Sinhala BJT10. අසද්ධර්‍ම සතෙකි: සැදැහැ නැත්තේ වෙයි, (පවට) ලජ්ජා නැත්තේ වෙයි. (පවට) බිය නැත්තේ වෙයි, අල්පශ්‍රැත වෙයි, කුසීත වෙයි, මුළා සිහි ඇත්තේ වෙයි, ප්‍රඥා නැත්තේ වේ.
Pali BJT11. සත්ත සද්ධම්මා : සද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, බහුස්සුතො හොති, ආරද්ධවිරියො හොති, උපට්ඨිතසති{1} හොති, පඤ්ඤවා හොතීති.
Sinhala BJT11. සද්ධර්‍ම සතෙකි: සැදැහැ ඇත්තේ වෙයි, (පවට) ලජ්ජා ඇත්තේ වෙයි. (පවට) බිය ඇත්තේ වෙයි, බහුශ්‍රුත වෙයි, රුකුළු වැර ඇත්තේ වෙයි, එළඹ සිටි සිහි ඇත්තේ වෙයි, පැණැත්තේ වේ.
Pali BJTසත්තකං නිට්ඨිතං.
Sinhala BJTසප්තකය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. ආපත්ති ආපත්තික්ඛන්ධා විනීතා සාමීචිපි ච, අධම්මිකා ධම්මිකා ච අනාපත්ති ච සත්තාහං.
Sinhala BJT1. ආපත්ති යැ ආපත්තිස්කන්‍ධ යැ විනීතවස්තු යැ සාමීචි යැ අධම්මික යැ ධම්මික යැ අනාපත්ති යැ සත්තාහකරණීය යැ.
Pali BJT2. ආනිසංසපරමානි අරුණා සමථෙන ච, කම්මා ආමකධඤ්ඤා ච තිරියං ගණභොජනෙ.
Sinhala BJT2. ආනිසංස යැ පරමයැ සමථ ය සමග අරුණුග්ගමන යැ කම්ම යැ ආමකධඤ්ඤ යැ තිරියං සත්තන්තර යැ, ගණභෝජනයෙහි සත්ත අනුපඤ්ඤත්ති යැ,
Pali BJT3. සත්තාහපරමං ආදාය සමාදාය තථෙව ච, න හොති හොති හොති ච අධම්මධම්මිකානි ච.
Sinhala BJT3. සත්තාභ පරම සන්නිධි යැ කතචීවර ආදාය යැ කතචීවර සමාදාය යැ එසේ ම නහොති - හොති - හොති යැ අධම්මික පාතිමොක්ඛඨපන යැ ධම්මික පාතිමොක්ඛඨපන යැ.
Pali BJT4. චත්තාරො{2} විනයධරා චතුභික්ඛූ ච සොභනෙ, සත්ත චෙව අසද්ධම්මා සත්ත සද්ධම්මදෙසිතාති.
Sinhala BJT4. සතර විනයධරයෝ යැ භික්බුසෝභන සතර යැ සත්ත අසද්ධම්ම යැ සත්ත සද්ධම්ම යැයි යන මොහු දෙසන ලදහු යි.
Pali BJTඅට්ඨකං
Sinhala BJTඅෂ්ටකය
Pali BJT1. අට්ඨානිසංසෙ සම්පස්සමානෙන න සො භික්ඛු ආපත්තියා අදස්සනෙ උක්ඛිපිතබ්බො, අට්ඨානිසංසෙ සම්පස්සමානෙන පරෙසම්පි සද්ධාය සා ආපත්ති දෙසෙතබ්බා, අට්ඨ යාවතතියකා, අට්ඨහාකාරෙහි කුලානි දූසෙති, අට්ඨ මාතිකා චීවරස්ස උප්පාදාය, අට්ඨ මාතිකා කඨිනස්ස උබ්භාරාය, අට්ඨ පානානි, අට්ඨහි අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො, අට්ඨ ලොකධම්මා, අට්ඨ ගරුධම්මා, අට්ඨ පාටිදෙසනීයා, අට්ඨඞ්ගිකො මුසාවාදො, අට්ඨ උපොසථඞ්ගානි, අට්ඨ දූතෙය්යඞ්ගානි, අට්ඨ තිත්ථියවත්තානි, අට්ඨ අච්ඡරියබ්භුතා ධම්මා මහාසමුද්දෙ, අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා ඉමස්මිං ධම්මවිනයෙ, අට්ඨ අනතිරිත්තා, අට්ඨ අතිරිත්තා, අට්ඨමෙ අරුණුග්ගමනෙ නිස්සග්ගියං හොති, අට්ඨ පාරාජිකා. අට්ඨමං වත්ථුං පරිපූරෙන්තී නාසෙතබ්බා, අට්ඨමං වත්ථුං පරිපූරෙන්තියා දෙසිතාපි අදෙසිතා හොති, අට්ඨවාචිකා උපසම්පදා, අට්ඨන්නං පච්චුට්ඨාතබ්බං, අට්ඨන්නං ආසනං දාතබ්බං, උපාසිකා අට්ඨ වරානි යාචති, අට්ඨහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු භික්ඛුනොවාදකො සම්මන්නිතබ්බො, අට්ඨානිසංසා විනයධරෙ, අට්ඨ පරමානි, තස්සපාපිය්යසිකා කම්මකතෙන භික්ඛුනා අට්ඨසු ධම්මෙසු සම්මා වත්තිතබ්බං. අට්ඨ අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි, අට්ඨ ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානීති.
Sinhala BJT1. අනුසස් අටක් මැනැවින් දක්නහු විසින් ඒ මහණ ඇවැත් නො දැක්මෙහි උඛෙවුනීකම් නො කටයුතු යැ. අනුසස් අටක් දක්නහු විසින් මෙරමා පිළිබඳ සැදැහැයෙනුදු ඒ ඇවැත දෙසිය යුතු යැ, යාවතතියක ආපත්ති අටෙ කැ. අට අයුරෙකින් කුලදූෂණය කෙරෙයි, සිවුරු ඉපදවීම පිණිස මාතිකා අටෙකැ, කඨිනය ඉදිරීම පිණිස මාතිකා අටෙකැ, පානීය වර්‍ග අටෙකැ, නො දැහැමි කරුණු අටෙකින් මඬනා ලද හාත්පසින් මඩනාලද සිත් ඇති දෙව්දත් අපායෙහි උපදනෙ වෙයි, නිරීසත් වෙයි, කල්පස්ථායී වෙයි, පිළියම් නො කළ හැකියේ ද වේ, ලෝකධර්‍ම අටෙකැ, ගරුධර්‍ම අටෙකැ, පිළිදෙස්නී ඇවැත් අටෙකැ, මුසාවාදය අඞ්ග අටෙකින් සමන්‍වාගත යැ, උපෝසථාඞ්ග අටෙකැ, දූතෙය්‍යඞ්ග අටෙකැ, තීර්‍ත්‍ථකවත් අටෙකැ, මහමුහුදෙහි ආශ්චර්‍ය්‍ය වී අද්භූතධර්‍ම අටෙකැ, මේ සස්නෙහි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම අටෙකැ, නො අයිරිත් අටෙකැ. අයිරිත් අටෙකැ, අටවැනි අරුණ නැඟීමෙහිලා නිසඟි වෙයි, පරිජි අටෙකැ. අටවැනි කරුණ සපුරණ මෙහෙණ (ලිඞ්ගනාසනායෙන්) නැසිය යුත්තී යැ. අටවැනි කරුණ සපුරණ මෙහෙණ විසින් (ඇවැත්) දෙසන ලද නමුදු නො දෙසන ලද වෙයි, (මෙහෙණන්ගේ) උපසපුව අට්ඨවාචිකා නමු, (බොජුන්හලැ මෙහෙණන්) අටදෙනකුන් පිළිබඳ වැ හුනස්නෙන් නැඟී සිටිය යුතුයි, අටදෙනෙකුන්හට අසුන් දිය යුතුයි, (විසාඛා) උවැසි වර අටක් යදියි, අටඟින් යුත් මහණ භික්බුනෝවාදක යැයි සම්මත කටයුතුයි, විනයධරයා කෙරෙහි අනුසස් අටෙකැ. පරම අටෙකැ. තස්සපාපිය්‍යසිකා කර්‍මය කරණ ලද මහණහු විසින් දහම් අටෙක්හි මැනැවින් පැවැතිය යුතුය, නො දැහැමි පාමොක් තැබීම් අටෙකැ, දැහැමි පාමොක් තැබීම් අටෙකි.
Pali BJTඅට්ඨකං නිට්ඨිතං.
Sinhala BJTඅෂ්ටකය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. න සො භික්ඛු පරෙසම්පි යාවතතියං දූසනා, මාතිකා කඨිනුබ්භාරා පානා අභිභූතෙන ච.
Sinhala BJT1. “න සො භික්ඛු” යනාදියෙහි දැක්වෙන අනුසස් යැ “පරෙසම්පි” යනාදියෙහි දැක්වෙන අනුසස් යැ යාවතතියක යැ කුලදූෂණ යැ (වීවරොත්පාදනයෙහි), මාතිකා යැ කඨිනෝද්ධාරයෙහි මාතිකා යැ පානීය යැ “අභිභූත” පදය ඇතුළත් කරුණු යැ,
Pali BJT2. ලොකධම්මා ගරුධම්මා පාටිදෙසනීයා මුසා, උපොසථා ච දූතඞ්ගා තිත්ථියා සමුද්දෙපි ච.
Sinhala BJT2. ලෝකධර්‍ම යැ ගරුධර්‍ම යැ පිළිදෙස්නී යැ මුසාවාදාඞ්ගයැ උපෝසථාඞ්ග යැ දූතාඞ්ග යැ තීර්‍ත්‍ථකවත් යැ සස්නෙහි අද්භූතධර්‍ම අට යැ මුහුදෙහිදු අද්භූත ධර්‍ම අට යැ.
Pali BJT3. අබ්භුතා අනතිරිත්තං අතිරිත්තං නිස්සග්ගියං, පාරාජිකට්ඨමං වත්ථු අදෙසිතූපසම්පදා.
Sinhala BJT3. අතිරිත්ත යැ අනතිරිත්ත යැ නිසඟි යැ පරිජි යැ අටවැනි වස්තු යැ අදෙසිතාපත්ති යැ අට්ඨවාචිකා උපසම්පදා යැ,
Pali BJT4. පච්චුට්ඨානාසනඤ්චෙව වරං ඔවාදකෙන ච, ආනිසංසපරමානි අට්ඨ ධම්මෙසු වත්තනා, අධම්මිකා ධම්මිකා ච අට්ඨකා සුප්පකාසිතා ති.
Sinhala BJT4. පව්වුට්ඨාන යැ අස්න යැ භික්ඛුනෝවාදකය සමග වර යැ (විනයධර) අනුසස් යැ පරම යැ අට කරුණෙහි සම්මාවත්තනා යැ නො දැහැමි පාමොක් තැබීම් යැ දැහැමි පාමොක් තැබීම් යැයි අෂ්ටකයෝ මැනැවින් වදාරණ ලදහු යි.
Pali BJTනවකං
Sinhala BJTනවකය
Pali BJT1. නව ආඝාතවත්ථූනි. නව ආඝාතපටිවිනයා. නව විනීතවත්ථූනි. නව පඨමාපත්තිකා. නවහි සඞ්ඝො භිජ්ජති, නව පණීතභොජනානි, නවමංසෙහි දුක්කටං, නව පාතිමොක්ඛුද්දෙසා, නව පරමානි, නව තණ්හාමූලකා ධම්මා. නවවිධමානා. නව චීවරානි අධිට්ඨාතබ්බානි, නව චීවරානි න විකප්පෙතබ්බානි. දීඝසො නව විදත්ථියො සුගතවිදත්ථියා, නව අධම්මිකානි දානානි, නව අධම්මිකා පටිග්ගහා, නව අධම්මිකා පරිභොගා, තීණි ධම්මිකානි දානානි, තයො ධම්මිකා පටිග්ගහා, තයො ධම්මිකා පරිභොගා, නව අධම්මිකා සඤ්ඤත්තියො{1}, නව ධම්මිකා සඤ්ඤත්තියො1. අධම්මකම්මෙ ද්වෙ නවකානි. ධම්මකම්මෙ ද්වෙ නවකානි. නව අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. නව ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානීති.
Sinhala BJT1. ආඝාතවස්තු නවයෙකැ, ආඝාතපටිවිනය නවයෙකැ, විනීතවස්තු නවයෙකැ, පඨමාපත්තිකාපත්ති නවයෙකැ, නවදෙනකුන් කරණ කොට සඞ්ඝයා බිඳෙයි, ප්‍රණීත භෝජන නවයෙකැ, නවවිධ මාංසයන් කරණ කොට ගෙණ දුකුළා වෙයි, පාමොක් උදෙසීම් නවයෙකැ, පරම නවයෙකැ, තෘෂ්ණාමූලක ධර්‍ම නවයෙකැ, මානයෝ නවවැදැරුම් වෙති, ඉටියයුතු චීවර නවයෙකැ, නො විකපිය යුතු සිවුරු නවයෙකැ, සුගත් වියතින් දිගින් නව වියතෙකැ, නො දැහැමි දන් නවයෙකැ, නො දැහැමි පිළිගැණුම් නවයෙකැ, නො දැහැමි පරිභෝග නවයෙකැ, දැහැමි දන් තුණෙකැ, දැහැමි පිළිගැණුම් තුණෙකැ, දැහැමි පරිභෝග තුණෙකැ, නො දැහැමි හැඟවීම් නවයෙකැ, දැහැමි හැඟවීම් නවයෙකැ, නො දැහැමි කම්හි නවක දෙකෙකැ, දැහැමි කම්හි නවක දෙකෙකැ, නො දැහැමි පාමොක් තැබීම් නවයෙකැ, දැහැමි පාමොක් තැබීම් නවයෙකි.
Pali BJTනවකං නිට්ඨිතං.
Sinhala BJTනවකය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. ආඝාතවත්ථු විනයා විනීතා පඨමෙන ච, භිජ්ජති ච පණීතඤ්ච මංසුද්දෙසපරමානි ච.
Sinhala BJT1. ආඝාත වස්තු යැ ආඝාත පටිවිනය යැ විනීතවස්තු යැ පඨමාපත්තිකය සමග සඞ්ඝභේද යැ පණීතභෝජන යැ මංස යැ පාතිමොක්ඛුදෙදස යැ පරම යැ.
Pali BJT2. තණ්හා මානා අධිට්ඨානා, විකප්පෙ ච විදත්ථියො, දානා පටිග්ගහා භොගා තිවිධා පුන ධම්මිකා.
Sinhala BJT2. තාෂ්ණාමූලකධර්‍ම යැ මාන යැ චීවර අධිට්ඨාන යැ විකල්පන යැ නව වියත යැ දාන යැ පටිග්ගහ යැ පරිභෝග යැ ත්‍රිවිධදාන යැ.
Pali BJT3. අධම්ම ධම්ම සඤ්ඤත්ති{2} දුවෙ ද්වෙ නවකානි ච, පාතිමොක්ඛට්ඨපනානි අධම්මධම්මිකානි චාති.
Sinhala BJT3. අධම්මසඤ්ඤත්ති යැ ධම්මසක්ඤ්ඤත්ති යැ අධර්‍මකර්‍ම යැ ධර්‍මකර්‍ම යැ නො දැහැමි පාමොක් තැබීම් යැ දැහැමි පාමොක් තැබීම් යැයි නවකයෝ වෙත්.
Pali BJTදසකං
Sinhala BJTදශකය
Pali BJT1. දස ආඝාතවත්ථූනි, දස ආඝාත පටිවිනයා,{3} දස විනීතවත්ථූනි. දසවත්ථුකා මිච්ඡාදිට්ඨි. දසවත්ථුකා සම්මාදිට්ඨි. දස අන්තග්ගාහිකා දිට්ඨි. දස මිච්ඡත්තා. දස සම්මත්තා. දස අකුසලකම්මපථා, දස කුසලකම්මපථා. දස අධම්මිකා සලාකගාහා. දස ධම්මිකා සලාකගාහා. සාමණෙරානං දස සික්ඛාපදානි, දසහඞ්ගෙහි සමන්නාගතො සාමණෙරො නාසෙතබ්බො.
Sinhala BJT1. ආඝාතවස්තු දශයෙකැ, ආඝාත ප්‍රතිවිනය දශයෙකැ, විනීත වස්තු දශයෙකැ, දශවස්තුක මිථ්‍යාදාෂ්ටීහු යැ, දශවස්තුක සම්‍යග්දෘෂ්ටීහු යැ, දශ අන්තග්‍රගාහික දෘෂ්ටීහු යැ, මිච්ඡත්ත දශයෙකැ, සම්මත්ත දශයෙකැ, අකුශලකර්‍මපථ දශයෙකැ, කුශල කර්‍මපථ දශයෙකැ, නො දැහැමි ලහගැන්වීම් දශයෙකැ, දැහැමි ලහගැන්වීම් දශයෙකැ. හෙරණුන් පිළිබඳ සිකපද දශයෙකැ, අඞ්ග දසයෙකින් යුත් හෙරණ නැසිය යුතු වේ.
Pali BJT2. දසහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : අත්තනො භාසපරියන්තං න උග්ගණ්හාති, පරස්ස භාසපරියන්තං න උග්ගණ්හාති, අත්තනො භාසපරියන්තං අනුග්ගහෙත්වා පරස්ස භාසපරියන්තං අනුග්ගහෙත්වා අධම්මෙන කාරෙති. අපටිඤ්ඤාය, ආපත්තිං න ජානාති, ආපත්තියා මූලං න ජානාති, ආපත්ති සමුදයං න ජානාති, ආපත්ති නිරොධං න ජානාති, ආපත්තිනිරොධගාමිනි පටිපදං න ජානාති.
Sinhala BJT2. අඞ්ග දශයෙකින් යුක්තවූ විනයධර තෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: තමා පිළිබඳ කථාවසානය නො උගණියි, පරා පිළිබඳ කථාවසානය නො උගණියි, තමාගේ කථාවසානයෙහි ගතයුතු තෙපුල නො ඉගෙණ, පරාගේ කථාවසානයෙහි ගතයුතු තෙපුල නො ඉගෙණ, නො දැහැමින් විනිශ්චය කරවයි, ප්‍රතිඥා නො කිරීමෙන් විනිශ්චය කරවයි, ඇවැත නො දනියි, ආපත්තිමූලය නො දනියි, ආපත්තිසමුදය නො දනියි, ආපත්ති නිරෝධය නො දනියි, ආපත්තිනිරොධගාමිනී පටිපදාව නො දනී.
Pali BJTදසහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : අත්තනො භාසපරියන්තං උග්ගණ්හාති, පරස්ස භාසපරියන්තං උග්ගණ්හාති, අත්තනො භාසපරියන්තං උග්ගහෙත්වා පරස්ස භාසපරියන්තං උග්ගහෙත්වා ධම්මෙන කාරෙති පටිඤ්ඤාය ආපත්තිං ජානාති. ආපත්තියා මූලං ජානාති, ආපත්තිසමුදයං ජානාති, ආපත්ති නිරොධං ජානාති, ආපත්තිනිරොධගාමිනීපටිපදං ජානාති.
Sinhala BJTඅඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: තමා පිළිබඳ කථාවසානය උගණියි, පරා පිළිබඳ කථාවසානය උගණියි, තමාගේ කථාවසානය ඉගෙණ පරාගේ කථාවසානය ඉගෙණ දැහැමින් විනිශ්චය කරවයි, ප්‍රතිඥා වෙන් යුතුව විනිශ්චය කරවයි, ඇවැත දනියි, ආපත්තිමූලය දනියි, ආපත්තිසමුදය දනියි, ආපත්තිනිරෝධය දනියි, ආපත්තිනිරෝධගාමිනීපටිපදාව දනී.
Pali BJT3. අපරෙහිපි දසහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : අධිකරණං න ජානාති, අධිකරණස්ස මූලං න ජානාති, අධිකරණසමුදයං න ජානාති, අධිකරණනිරොධං න ජානාති, අධිකරණනිරොධගාමිනීපටිපදං න ජානාති, වත්ථුං න ජානාති, නිදානං න ජානාති, පඤ්ඤත්තිං න ජානාති, අනුපඤ්ඤත්තිං න ජානාති, අනුසන්ධිවචනපථං න ජානාති.
Sinhala BJT3. අනෙකුදු අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: අධිකරණය නොදනියි, අධිකරණ මූලය නො දනියි, අධිකරණ සමුදය නො දනියි, අධිකරණ නිරෝධය නො දනියි, අධිකරණ නිරෝධගාමිනීපටිපදාව නො දනියි, වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඥප්තිය නො දනියි, අනුප්‍රඥප්තිය නො දනියි, කථාමාර්‍ගය නො දනී.
Pali BJTදසහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : අධිකරණං ජානාති, අධිකරණස්ස මූලං ජානාති, අධිකරණසමුදයං ජානාති, අධිකරණනිරොධං ජානාති, අධිකරණනිරොධගාමිනී පටිපදං ජානාති, වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, අනුපඤ්ඤත්තිං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති.
Sinhala BJTඅඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: අධිකරණය දනියි, අධිකරණ මූලය දනියි, අධිකරණ සමුදය දනියි, අධිකරණ නිරෝධය දනියි, අධිකරණ නිරෝධ ගාමිනී පටිපදාව දනියි, වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, අනුප්‍රඥප්තිය දනියි, කථාමාර්‍ගය දනී.
Pali BJT4. අපරෙහිපි දසහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : ඤත්තිං න ජානාති, ඤත්තියා කරණං න ජානාති, න පුබ්බකුසලො හොති, න අපරකුසලො හොති, අකාලඤ්ඤූ ච හොති, ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, ආචරියපරම්පරා ඛො පනස්ස න සුග්ගහිතා හොති න සුමනසිකතා න සූපධාරිතා.
Sinhala BJT4. අනෙකුදු අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: ඤත්තිය නො දනියි, ඤත්තිකරණය නො දනියි, පළමු වැ කියයුත්තෙහි දක්‍ෂ නො වෙයි, පසු වැ කියයුත්තෙහි දක්‍ෂ නො වෙයි, සුදුසු කල් නො දන්නේත් වෙයි, ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, ඔහු විසින් ආචාර්‍ය්‍ය පරම්පරාව මොනවට නො ඉගෙණගන්නා ලද මොනවට නො මෙනෙහි කරණලද මොනවට නො විමසන ලද වේ.
Pali BJTදසහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : ඤත්තිං ජානාති, ඤත්තියා කරණං ජානාති, පුබ්බකුසලො හොති, අපරකුසලො හොති, කාලඤ්ඤූ ච හොති, ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, ආචරියපරම්පරා ඛො පනස්ස සුග්ගහිතා හොති සුමනසිකතා සූපධාරිතා.
Sinhala BJTඅඞ්ග දශයෙකින් යුක්තවූ විනයධරතෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: ඤත්තිය දනියි, ඤත්තිකරණය දනියි, පළමු වැ කිය යුත්තෙහි දක්‍ෂ වෙයි, පසු වැ කිය යුත්තෙහි දක්‍ෂ වෙයි, සුදුසු කල් දන්නේත් වෙයි, ඇවැත් නො ඇවැත් දනියි, ලුහුගුරු ඇවැත් දනියි. සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නොතුළුල් ඇවැත් දනියි, ඔහු විසින් ආචාර්‍ය්‍ය පරම්පරාව මොනවට ඉගෙණගන්නාලද මොනවට මෙනෙහි කරණලද මොනවට විමසනලද වේ.
Pali BJT5. අපරෙහිපි දසහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන න ස්වාගතානි හොන්ති න සුවිභත්තානි න සුප්පවත්තීනි න සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, අධිකරණෙ ච න විනිච්ඡයකුසලො හොති.
Sinhala BJT5. අනෙකුදු අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධරතෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහුගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නොතුළුල් ඇවැත් නො දනියි, පෙළ විසිනුදු අනුව්‍යඤ්ජන විසිනුදු ඔහු විසින් විස්තර වශයෙන් උභය ප්‍රාතිමෝක්‍ෂය මොනවට පුහුණු නො කරණලද මොනවට නො බෙදන ලද මොනවට නො පවත්වන ලද මොනවට විනිශ්චය නො කරණ ලද වෙයි, ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහුගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නොතුළුල් ඇවැත් නො දනියි, අධිරකණයෙහිදු විනිශ්චය කුශල වූයේ නො වේ.
Pali BJTදසහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන
Sinhala BJTඅඞ්ග දශයෙකින් යුක්තවූ විනයධර තෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: ඇවැත් නො ඇවැත් දනියි, ලුහුගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පෙළ විසිනුදු අනුව්‍යඤ්ජන විසිනුදු ඔහු විසින් විස්තර වශයෙන් උභය ප්‍රාතිමෝක්‍ෂය
Pali BJTස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, අධිකරණෙ ච විනිච්ඡයකුසලො හොති.
Sinhala BJTමොනවට පුහුණුකරණ ලද මොනවට බෙදනලද මොනවට පවත්වන ලද මොනවට විනිශ්චය කරණලද වෙයි, ඇවැත් නො ඇවැත් දනියි, ලුහුගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, අධිකරණයෙහිදු විනිශ්චය කුශලවූයේ වේ.
Pali BJT6. දසහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො, දස අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං. දස ආදීනවා රාජන්තෙපුරප්පවෙසනෙ. දස දානවත්ථූනි. දස රතනානි. දසවග්ගො භික්ඛුසඞ්ඝො. දසවග්ගෙන ගණෙන උපසම්පාදෙතබ්බං, දස පංසුකූලානි. දස චීවරධාරණා, දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතබ්බං, දස සුක්කානි, දස ඉත්ථියො. දස භරියායො. වෙසාලියා දස වත්ථූනි දීපෙන්ති.
Sinhala BJT6. අඞ්ග දශයෙකින් යුත් මහණතෙමේ උබ්බාහිකාවට සම්මත කළ යුත්තේ යි, කරුණු දශයක් පිණිස භාග්‍යවතුන් විසින් සව්වනට සිකපද පණවන ලදි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි ආදීනව දශයෙකැ, දානවස්තු දශයෙකැ, රත්න දශයෙකැ, දශවර්ගික භික්‍ෂුසඞ්ඝයා යැ, දශවර්ගික ගණයා විසින් උපසපන් කළයුතුයැ, පාංශුකූල දශයෙකැ, සිවුරු ධැරීම් දශයෙකැ, අතිරේක චීවරයක් දසදිනක් පරම කොට ඇති කාලයක් දැරිය යුතුයි, සුකුරු දශයෙකැ, ස්ත්‍රීහු දශදෙනෙකැ, භාර්‍ය්‍යාවෝ දශ දෙනෙකැ, විසල් පුරයෙහි දශවස්තුවක් දක්වත්.
Pali BJTදස පුග්ගලා අවන්දියා. දස අක්කොසවත්ථූනි. දසහාකාරෙහි පෙසුඤ්ඤං උපසංහරති. දස සෙනාසනානි. දස වරානි යාචිංසු. දස අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි, දස ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. දසානිසංසා යාගුයා. දස මංසා අකප්පියා. දස පරමානි. දසවස්සෙන භික්ඛුනා බ්යත්තෙන පටිබලෙන පබ්බාජෙතබ්බං උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො, දසවස්සාය භික්ඛුනියා බ්යත්තාය පටිබලාය පබ්බාජෙතබ්බා උපසම්පාදෙතබ්බා නිස්සයො දාතබ්බො සාමණෙරී උපට්ඨාපෙතබ්බා, දසවස්සාය භික්ඛුනියා බ්යත්තාය පටිබලාය උට්ඨාපනසම්මුති සාදිතබ්බා. දසවස්සාය ගිහීගතාය සික්ඛා දාතබ්බාති.
Sinhala BJTනො වැන්දයුතු පුද්ගලයෝ දශදෙනෙකි, ආක්‍රෝශ වස්තු දශයකි. දශ ආකාරයකින් පෙහෙසුන් එළවයි, සෙනසුන් දශයෙකැ, වරදශයක් ඉල්ලූහ, නො දැහැමි පාමොක් තැබීම් දශයෙකැ, දැහැමි පාමොක් තැබීම් දශයෙකැ, හුළුකැන් පිළිබඳ අනුසස් දශයෙකැ අකැපමස් දශයෙකැ, පරම දශයෙකැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ දසවස් ඇති මහණහු විසින් පැවිදි කළ යුතුයැ, උපසපන් කළ යුතුයැ, නිස දියයුතුයැ, හෙරණකු ලවා උවටැන් කරවිය යුතුය. ව්‍යක්තවූ ප්‍රතිබල වූ දසවස් ඇති මෙහෙණ විසින් පැවිදි කළ යුතුය, උපසපන් කළ යුතුයැ, නිසදියයුතුයැ, හෙරණියක ලවා උවැටන් කරවිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ දසවස් ඇති මෙහෙණ විසින් උපසපන් කිරීමේ සම්මුතිය ඉවසිය යුතුයැ, පිරිමින් අතරට ගියාවූ දසවස් ඇත්තියට සික්ඛා සමුම්තිය දියයුතුයි.
Pali BJTදසකං නිට්ඨිතං.
Sinhala BJTදශකය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. ආඝාතවිනයා{1} වත්ථු, මිච්ඡා සම්මා ච අන්තගා, මිච්ඡත්තා චෙව සම්මත්තා, අකුසලා කුසලාපි ච.
Sinhala BJT1. ආඝාතයැ ආඝාතපටිවිනය යැ විනීතවස්තු යැ මිච්ඡාදිට්ඨි යැ සම්මාදිට්ඨි යැ අන්තග්ගාහික දිට්ඨි යැ මිච්ඡත්ත යැ සම්මත්ත යැ අකුසල යැ කුසල යැ,
Pali BJT2. සලාකා අධම්මා ධම්මා ච සාමණෙරා ච නාසනා, භාසාධිකරණා{2} චෙව, පඤ්ඤත්ති ලහුකමෙව ච.
Sinhala BJT2. අධම්මිකසලාකගාභ යැ ධම්මිකසලාකගාහ යැ හෙරණසික යැ නාසනා යැ භාසපරියන්ත යැ අධිකරණ යැ ඤත්ති යැ ලහුක යැ,
Pali BJT3. ලහුකා ගරුකා එතෙ කණ්හසුක්කා විජානථ, උබ්බාහිකා ච සික්ඛා ච අන්තෙපුරෙ ච වත්ථූනි.
Sinhala BJT3. ලහුගරු ඇවැත් යන මොවුන් ද අකුසලය ද කුසලය ද දනිවු. උබ්බාහිකා යැ සික්ඛාපද පඤ්ඤත්ති යැ රාජන්තෙපුර යැ ආදීනව යැ දානවස්තුහු යැ,
Pali BJT4. රතනං දසවග්ගො ච තථෙව උපසම්පදා, පංසුකූලධාරණා ච, දසාහසුක්කඉත්ථියො.
Sinhala BJT4. රත්න යැ දසවග්ග යැ එසේම උපසම්පදා යැ පංසුකූල යැ චීවරධාරණ යැ දසාහපරම යැ සුක්ක යැ ස්ත්‍රීහු යැ,
Pali BJT5. භරියා දස වත්ථූනි අවන්දියක්කොසෙන ච, පෙසුඤ්ඤා චෙව සෙනානි වරානි ච අධම්මිකා.
Sinhala BJT5. භරියා යැ දශවස්තු යැ අවන්‍දිය හා ආක්‍රෝශ යැ පෙහෙසුන් එළවීම යැ සේනාසන යැ වර යැ නො දැහැමි පාමොක් තැබීම් යැ,
Pali BJT6. ධම්මිකා යාගුමංසා ච පරමා භික්ඛු භික්ඛුනී, වුට්ඨාපනා ගිහීගතා දසකා සුප්පකාසිතාති.
Sinhala BJT6. දැහැමි පාමොක් තැබීම් යැ යාගු යැ අකැප මාංස යැ පරම යැ දසවස් ඇති භික්‍ෂු යැ භික්‍ෂුණී යැ වුට්ඨාපන යැ ගි ගීගත යැ යන මේ දශකයෝ ද මැනැවින් පවසන ලදහ.
Pali BJTඑකාදසකං
Sinhala BJTඑකාදශකය
Pali BJT1. එකාදස පුග්ගලා අනුපසම්පන්නා න උපසම්පාදෙතබ්බා උපසම්පන්නා නාසෙතබ්බා, එකාදස පාදුකා අකප්පියා, එකාදස පත්තා අකප්පියා, එකාදස චීවරානි අකප්පියානි. එකාදස යාවතතියකා භික්ඛුනීනං, එකාදස අන්තරායිකා ධම්මා පුච්ඡිතබ්බා, එකාදස චීවරානි අධිට්ඨාතබ්බානි, එකාදස චීවරානි න විකප්පෙතබ්බානි, එකාදසෙ අරුණුග්ගමනෙ නිස්සග්ගියං හොති, එකාදස ගණ්ඨිකා කප්පියා, එකාදස වීඨා{1} කප්පියා. එකාදස පඨවියො අකප්පියා. එකාදස පඨවියො කප්පියා. එකාදස නිස්සයපටිප්පස්සද්ධියො, එකාදස පුග්ගලා අවන්දියා. එකාදස පරමානි. එකාදස වරානි යාචිංසු. එකාදස සීමාදොසා, අක්කොසකපරිභාසකෙ පුග්ගලෙ එකාදස ආදීනවා පාටිකඞ්ඛා.
Sinhala BJT1. අනුපසපන් වූ එකොළොස් පුද්ගලයෝ උපසපන් නො කටයුත්තාහ, උපසපන් වූවාහු (ලිඞ්ගනාසනායෙන්) නැසිය යුත්තාහ, අකැප පාදුකා එකොළොසෙකැ, අකැප පාත්‍ර එකොළොසෙකැ, අකැප සිවුරු එකොළොසෙකැ, භික්‍ෂුණීන් පිළිබඳ යාවතතියක එකොළොසෙකැ, විචාළ යුතු අන්තරායකරධර්‍ම එකොළොසෙකැ, ඉටිය යුතු සිවුරු එකොළොසෙකැ, විකපුන් නො කටයුතු සිවුරු එකොළොසෙකැ, එකොළොස්වන අරුණු නැගීමෙහි නිසගි වෙයි, කප්පිය ගණඨීහු එකොළොසෙකැ, කැප වීඨ එකොළොසෙකැ. අකැප පොළෝ එකොළොසෙකැ, කැප පොළෝ එකොළොසෙකැ, නිස සන්හිඳුවීම් එකොළොසෙකැ, නො වැන්දයුතු පුද්ගලයෝ එකොළොස් දෙනෙකැ, පරම එකොළොසෙකැ, වර එකොළොසක් ඉල්වූහ. සීමාදෝෂ එකොළොසෙකැ, ආක්‍රෝශ පරිභව කරණ පුද්ගලයා කෙරෙහි එකොළොස් ආදීනව කෙනෙක් කැමැති විය යුත්තාහ.
Pali BJT2. මෙත්තාය චෙතො විමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකඞ්ඛා : සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියො හොති, අමනුස්සානං පියො හොති, දෙවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණො විප්පසීදති, අසම්මූළ්හො කාලං කරොති, උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්රහ්මලොකූපගො හොති. මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමෙ එකාදසානිසංසා පාටිකඞ්ඛාති.
Sinhala BJT2. සෙවුනා ලද වඩනා ලද බහුල වශයෙන් කරණ ලද යානයක් මෙන් කරණ ලද පිහිටක් මෙන් කරණ ලද නැවැත නැවැතත් උපදවන ලද හැම ලෙසින් පුහුණු කරණ ලද මොනවට පටන් ගන්නා ලද මෛත්‍රීචේතෝවිමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසෙක් කැමැති විය යුතු යැ: සුවසේ නිදයි සුවසේ පුබුදියි, නපුරු සිහින නොදකියි, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි, දෙවියෝ රකිති, ඔහුගේ සිරුරට ගිනි හෝ විෂ හෝ සැත් හෝ නොවදියි, සිත වහා එකඟ වෙයි, මුවපැහැය වෙසෙසින් පහන් වෙයි, නුමුළා වැ කලුරිය කෙරෙයි, මත්තෙහි රහත්වන්නට නොහැකි වූ යේ බඹලොව උපදියි, සෙවුනා ලද වඩනාලද බහුල වශයෙන් කරණ ලද යානයක් මෙන් කරණ ලද පිහිටක් මෙන් කරණ ලද නැවැත නැවැත උපදවන ලද හැම ලෙසින් පුහුණු කරණ ලද මොනවට පටන් ගන්නා ලද ත්‍රෛතිචේතෝවිමුක්තිය පිළිබඳ මේ අනුසස් එකොළොස කැමැති විය යුතුයි.
Pali BJTඑකාදසකං නිට්ඨිතං.
Sinhala BJTඑකාදශකය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය: