Pali BJT10. අත්ථාපත්ති කාලෙ ආපජ්ජති නො විකාලෙ. අත්ථාපත්ති විකාලෙ ආපජ්ජති නො කාලෙ. අත්ථාපත්ති කාලෙ චෙව ආපජ්ජති විකාලෙ ච, අත්ථාපත්ති නෙව කාලෙ ආපජ්ජති නො විකාලෙ.
Sinhala BJT10. ඇවැතෙක් ඇත කාලයෙහි අවදියි, විකාලයෙහි නො අවදී. ඇවැතෙක් ඇත විකාලයෙහි අවදියි, කාලයෙහි නො අවදී. ඇවැතෙක් ඇත කාලයෙහි ද විකාලයෙහි ද අවදී. ඇවැතෙක් ඇත කාලයෙහි නො ම අවදියි, විකාලයෙහි නො අවදී.
Pali BJTඅත්ථි පටිග්ගහිතං කාලෙ කප්පති නො විකාලෙ අත්ථි පටිග්ගහිතං විකාලෙ කප්පති නො කාලෙ අත්ථි පටිග්ගහිතං කාලෙ චෙව කප්පති විකාලෙ ච. අත්ථි පටිග්ගහිතං නෙව කාලෙ කප්පති නො විකාලෙ.
Sinhala BJTකාලයෙහි කැප විකාලයෙහි නො කැප පිළිගන්නා ලද්දෙක් ඇත. විකාලයෙහි කැප කාලයෙහි නො කැප පිළිගන්නා ලද්දෙක් ඇත. කාලයෙහි ද විකාලයෙහි ද කැප පිළිගන්නා ලද්දෙක් ඇත. කාලයෙහි නො ම කැප වූ විකාලයෙහි නො ම කැප වූ පිළිගන්නා ලද්දෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති පච්චන්තිමෙසු ජනපදෙසු ආපජ්ජති නො මජ්ඣිමෙසු ජනපදෙසු, අත්ථාපත්ති මජ්ඣිමෙසු ජනපදෙසු ආපජ්ජති නො පච්චන්තිමෙසු ජනපදෙසු, අත්ථාපත්ති පච්චන්තිමෙසු ජනපදෙසු චෙව ආපජ්ජති මජ්ඣිමෙසු ජනපදෙසු ච, අත්ථාපත්ති නෙව පච්චන්තිමෙසු ජනපදෙසු ආපජ්ජති නො මජ්ඣිමෙසු ජනපදෙසු.
Sinhala BJTඇවැතෙක් ඇත පසල් දනවුහි අවදියි, මැදුම් දනවුහි නො අවදී. ඇවැතෙක් ඇත මැදුම් දනවුහි අවදියි, පසල් දනවුහි නො අවදී. ඇවැතෙක් ඇත පසල් දනවුහි ද මැදුම් දනවුහි ද අවදී. ඇවැතෙක් ඇත පසල් දනවුහි නො ම අවදියි, මැදුම් දනවුහි නොම අවදී.
Pali BJTඅත්ථි පච්චන්තිමෙසු ජනපදෙසු කප්පති නො මජ්ඣිමෙසු ජනපදෙසු, අත්ථි මජ්ඣිමෙසු ජනපදෙසු කප්පති නො පච්චන්තිමෙසු ජනපදෙසු, අත්ථි පච්චන්තිමෙසු ජනපදෙසු චෙව කප්පති මජ්ඣිමෙසු ජනපදෙසු ච. අත්ථි නෙව පච්චන්තිමෙසු ජනපදෙසු කප්පති. නො මජ්ඣිමෙසු ජනපදෙසු.
Sinhala BJTපසල් දනවුහි කැප මැදුම් දනවුහි නො කැපයෙක් ඇත. මැදුම් දනවුහි කැප පසල් දනවුහි නො කැපයෙක් ඇත. පසල් දනවුහි ද මැදුම් දනවුහි ද කැපයෙක් ඇත, පසල් දනවුහි ද මැදුම් දනවුහි ද නො ම කැපයෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති අන්තො ආපජ්ජති නො බහි, අත්ථාපත්ති බහි ආපජ්ජති නො අන්තො, අත්ථාපත්ති අන්තො චෙව ආපජ්ජති බහි ච. අත්ථාපත්ති නෙව අන්තො ආපජ්ජති නො බහි.
Sinhala BJTඇවැතෙක් ඇත ඇතුළතැ අවදියි, පිටතැ නො අවදී, ඇවැතෙක් ඇත පිටතැ අවදියි, ඇතුළතැ නො අවදී. ඇවැතෙක් ඇත ඇතුළතත් පිටතත් අවදී, ඇවැතෙක් ඇත ඇතුළතැ නොම අවදියි පිටතැ නො ම අවදී.
Pali BJTඅත්ථාපත්ති අන්තොසීමාය ආපජ්ජති නො බහිසීමාය. අත්ථාපත්ති බහිසීමාය ආපජ්ජති නො අන්තොසීමාය. අත්ථාපත්ති අන්තොසීමාය චෙව ආපජ්ජති බහිසීමාය ච. අත්ථාපත්ති නෙව අන්තොසීමාය ආපජ්ජති නො බහිසීමාය.
Sinhala BJTඇවැතෙක් ඇත සීමාව තුළැ අවදියි, සීමාවෙන් පිටතැ නො අවදී. ඇවැතෙක් ඇත සීමාවෙන් පිටතැ අවදියි, සීමාව තුළ නො අවදී. ඇවැතෙක් ඇත සීමාව තුළැ ද සීමාවෙන් පිටතැ ද අවදී, ඇවැතෙක් ඇත සීමාව තුළැ නොම අවදියි, සීමාවෙන් පිටතැ නොම අවදී.
Pali BJTඅත්ථාපත්ති ගාමෙ ආපජ්ජති නො අරඤ්ඤෙ. අත්ථාපත්ති අරඤ්ඤෙ ආපජ්ජති නො ගාමෙ, අත්ථාපත්ති ගාමෙ චෙව ආපජ්ජති අරඤ්ඤෙ ච අත්ථාපත්ති නෙව ගාමෙ ආපජ්ජති නො අරඤ්ඤෙ.
Sinhala BJTඇවැතෙක් ඇත ගමෙහි අවදියි, අරණ්‍යයෙහි නො අවදී. ඇවැතෙක් ඇත අරණ්‍යයෙහි අවදියි, ගමෙහි නො අවදී. ඇවැතෙක් ඇත ගමෙහි ද අරණ්‍යයෙහි ද අවදී. ඇවැතෙක් ඇත ගමෙහි නො ම අවදියි, අරණ්‍යයෙහි නො අවදී.
Pali BJT11. චතස්සො චොදනා : වත්ථුසන්දස්සනා ආපත්තිසන්දස්සනා, සංවාසපටික්ඛෙපො, සාමීචිපටික්ඛෙපො.
Sinhala BJT11. චෝදනා සතරෙකි: වත්‍ථුසංදස්සනා යැ ආපත්තිසංදස්සනා යැ සංවාසපටික්ඛේප යැ සාමීචිපටික්ඛෙප යැයි.
Pali BJTචත්තාරො පුබ්බකිච්චා. චත්තාරො පත්තකල්ලා. චත්තාරි අනඤ්ඤපාචිත්තියානි. චතස්සො භික්ඛුසම්මුතියො.
Sinhala BJTපූර්‍වකෘත්‍යයෝ සිවු දෙනෙකි. පත්තකාල කර්‍මයෝ සිවු දෙනෙකි. අනඤ්ඤපාචිත්තිය ශික්‍ෂාපදයෝ සිවුදෙනෙකි. භික්‍ෂුසම්මුතීහු සිවු දෙනෙකි.
Pali BJTචත්තාරි අගතිගමනානි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති.
Sinhala BJTඅගතිගමනයෝ සිවු දෙනෙකි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
Pali BJTචත්තාරි නාගතිගමනානි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති.
Sinhala BJTනාගතිගමනයෝ සිවු දෙනෙකි. ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි.
Pali BJT12. චතුහඞ්ගෙහි සමන්නාගතො අලජ්ජී භික්ඛු සඞ්ඝං භින්දති. ඡන්දාගතිං ගච්ඡන්තො, දොසාගතිං ගච්ඡන්තො, මොහාගතිං ගච්ඡන්තො, භයාගතිං ගච්ඡන්තො.
Sinhala BJT12. සිවු අඟින් යුක්ත වූ අලජ්ජි භික්‍ෂු තෙමේ සඞ්ඝභේදය කෙරෙයි: ඡන්‍දයෙන් අගතියට යන්නේ ද්වේෂයෙන් අගතියට යන්නේ මෝහයෙන් අගතියට යන්නේ භයෙන් අගතියට යන්නේ යි.
Pali BJTචතුහඞ්ගෙහි සමන්නාගතො පෙසලො භික්ඛු භින්නං සඞ්ඝං සමග්ගං කරොති : න ඡන්දාගතිං ගච්ඡන්තො, න දොසාගතිං ගච්ඡන්තො, න මොහාගතිං ගච්ඡන්තො, න භයාගතිං ගච්ඡන්තො.
Sinhala BJTසිවු අඟින් යුක්ත වූ ප්‍රියශීලි භික්‍ෂු තෙමේ සඞ්ඝයා සමගි කෙරෙයි. ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද්වේෂයෙන් අගතියට නො යන්නේ මෝහයෙන් අගතියට නො යන්නේ භයෙන් අගතියට නො යන්නේ යි.
Pali BJTචතුහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො විනයො න පුච්ඡිතබ්බො : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති.
Sinhala BJTසිවු අඟින් යුක්තවූ මහණහු පිළිබඳ විනය නො විචාළ යුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
Pali BJTචතුහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා විනයො න පුච්ඡිතබ්බො : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති.
Sinhala BJTසිවු අඟින් යුත් මහණහු විසින් විනය නො විචාළ යුතුය: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
Pali BJTචතුහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො විනයො න විස්සජ්ජෙතබ්බො : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති.
Sinhala BJTසිවු අඟින් යුත් මහණහු පිළිබඳ විනය නො විසඳිය යුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
Pali BJTචතුහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා විනයො න විස්සජ්ජෙතබ්බො : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති.
Sinhala BJTසිවු අඟින් යුත් මහණහු විසින් විනය නො විසඳිය යුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
Pali BJTචතුහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො අනුයොගො න දාතබ්බො : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති.
Sinhala BJTසිවු අඟින් යුත් මහණහට අනුයෝගය නොදිය යුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
Pali BJTචතුහඞ්ගෙහි සමන්නාගතෙ භික්ඛුනා සද්ධිං විනයො න සාකච්ඡිතබ්බො : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති.
Sinhala BJTසිවු අඟින් යුත් මහණහු සමඟ විනය සාකච්ඡා නො කටයුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
Pali BJT13. අත්ථාපත්ති ගිලානො ආපජ්ජති නො අගිලානො, අත්ථාපත්ති අගිලානො ආපජ්ජති නො ගිලානො, අත්ථාපත්ති ගිලානො චෙව ආපජ්ජති අගිලානො ච, අත්ථාපත්ති නෙව ගිලානො ආපජ්ජති නො අගිලානො.
Sinhala BJT13. ඇවැතෙක් ඇත ගිලනා අවදියි, නො ගිලනා නො අවදී. ඇවතෙක් ඇත නො ගිලනා අවදියි, ගිලනා නො අවදී. ඇවතෙක් ඇත ගිලනාත් අවදියි, නො ගිලනාත් අවදී. ඇවතෙක් ඇත ගිලනාත් නො ගිලනාත් නො ම අවදී.
Pali BJT14. චත්තාරි අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. චත්තාරි ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානීති.
Sinhala BJT14. නො දැහැමි පාමොක් තැබීම් සතරෙකැ, දැහැමි පාමොක් තැබීම් සතරෙකි.
Pali BJTචතුක්කං නිට්ඨිතං.
Sinhala BJTචතුෂ්කය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. සකවාචාය කායෙන පසුත්තො ච අචිත්තකො ආපජ්ජන්තො ච කම්මෙන වොහාරා චතුරො තථා.
Sinhala BJT1. සකවාවා යැ කාය යැ පසුත්ත යැ අචිත්තක යැ එසේ ම ආපජ්ජන්ත යැ කම්ම යැ වෝහාර සතර යැ,
Pali BJT2. භික්ඛූනං භික්ඛුනීනඤ්ච පරික්ඛාරො ච සම්මුඛා අජානකාලෙ{1} මජ්ඣෙ ච වුට්ඨාති දුවිධා තථා.
Sinhala BJT2. භික්‍ෂු භික්‍ෂුණි සාධාරණ අසාධාරණ පරිජි යැ පරික්ඛාර යැ සම්මුඛයා යැ අජාන යැ කාය යැ මජ්ඣයැ එසේ ම දෙවැදෑරුම් වුට්ඨාති යැ.
Pali BJT3. පටිලාභා{1} ච චොදනා පරිවාසා ච වුච්චති, මානත්තචාරිකා චාපි සාමුක්කංසා පටිග්ගහා{2}
Sinhala BJT3. පටිලාභය සමඟ චෝදනා යැ පරිවාස යැයි චතුෂ්ක කියනු ලැබේ. මානත්තචාරිකා යැ සාමුක්කංසා යැ පටිග්ගාහ යැ.
Pali BJT4. මහාවිකටකම්මානි, පුන කම්මවිපත්තියො,{3} අධිකරණා දුස්සීලා ච සොභනාගන්තුකෙන ච
Sinhala BJT4. මහාවිකට යැ කම්ම යැ යළි කම්මවිපත්ති යැ අධිකරණ යැ දුස්සීල යැ ආගන්තුක චතුෂ්කය සමඟ සෝභනා යැ.
Pali BJT5. ගමිකො වත්ථුනානත්තා සභාගුපජ්ඣායෙන ච, ආචරියො පච්චයා ච දුච්චරිතං සුචරිතං
Sinhala BJT5. ගමික යැ වත්‍ථුනානත්ත යැ උපජ්ඣාය චතුෂ්කය සමඟ සභාග යැ ආචරිය යැ පච්චය යැ දුච්චරිත යැ සුචරිත යැ.
Pali BJT6. ආදියන්තො පුග්ගලො ච අරහා ආසනෙන ච, කාලෙ ච කප්පති චෙව පච්චන්තිමෙසු කප්පති
Sinhala BJT6. ආදියන්ත යැ පුග්ගල යැ ආසනාරහ සමඟ අභිවාදනාරහ යැ කාල යැ කප්පති යැ පච්චන්තිම යැ කප්පති යැ.
Pali BJT7. අන්තො අන්තො ච සීමාය ගාමෙ ච චොදනාය ච, පුබ්බකිච්චං පත්තකල්ලං අනඤ්ඤාසම්මුතියො ච
Sinhala BJT7. අන්තො යැ අන්තො සීමා යැ චෝදනා චතුෂ්කය සමඟ ගාම යැ පුබ්බකිච්ච යැ පත්තකල්ල යැ අනඤ්ඤ යැ සම්මුති යැ.
Pali BJT8. අගති නාගති චෙව අලජ්ජී පෙසලෙන ච, පුච්ඡිතබ්බා දුවෙ චෙව විස්සජ්ජෙය්යා තථා දුවෙ; අනුයොගො ච සාකච්ඡා ගිලානො ඨපනෙන චා ති.
Sinhala BJT8. අගති යැ නාගති යැ පෙසල චතුෂ්කය සමඟ අලජ්ජි යැ පුච්ජිතබ්බ දෙක යැ එසේම විස්සජ්ජෙය්‍ය දෙක යැ අනුයෝග යැ සාකච්ඡා යැ ඨපනා දෙක සමඟ ගිලාන යැයි මෙහි චතුෂ්ක නාමාවලි යයි.
Pali BJTපඤ්චකං
Sinhala BJTපඤ්චකය
Pali BJT1. පඤ්ච ආපත්තියො. පඤ්ච ආපත්තික්ඛන්ධා. පඤ්ච විනීතවත්ථූනි. පඤ්ච කම්මානි ආනන්තරිකානි. පඤ්ච පුග්ගලා නියතා. පඤ්ච ඡෙදනකා ආපත්තියො. පඤ්චහාකාරෙහි ආපත්තිං ආපජ්ජති. පඤ්ච ආපත්තියො මුසාවාදපච්චයා.
Sinhala BJT1. ආපත්ති පසෙකැ. ආපත්තිස්කන්‍ධ පසෙකැ. විනීතවස්තු පසෙකැ. ආනන්තරික කර්‍ම පසෙකැ. නියත පුද්ගලයෝ පස් දෙනෙකැ. ඡේදනක ආපත්ති පසෙකැ. පස් අයුරෙකින් ඇවැතට පැමිණෙයි, මුසාබිණීම හේතු කොට ගෙණ ඇවැත් පසෙකි.
Pali BJT2. පඤ්චහාකාරෙහි කම්මං න උපෙති : සයං වා කම්මං න කරොති, පරං වා න අජ්ඣෙසති, ඡන්දං වා පාරිසුද්ධිං වා න දෙති, කයිරමානෙ කම්මෙ පටික්කොසති, කතෙ වා පන කම්මෙ අධම්මදිට්ඨි හොති.
Sinhala BJT2. පස් අයුරෙකින් විනය කර්‍මයට නො පැමිණේ: තෙමේ හෝ විනය කර්‍මය නො කෙරෙයි. මෙරමා හෝ ආරාධනය නො කෙරෙයි. ඡන්‍දය හෝ පාරිසුද්ධිය හෝ නො දෙයි. කර්‍මය කරණු ලබන කල්හි පිළිකෙව් කෙරෙයි. යළි කර්‍මය කළ කල්හි අධර්‍මදෘෂ්ටි ඇත්තේ හෝ වෙයි.
Pali BJTපඤ්චහාකාරෙහි කම්මං උපෙති : සයං වා කම්මං කරොති, පරං වා අජ්ඣෙසති, ඡන්දං වා පාරිසුද්ධිං වා දෙති, කයිරමානෙ කම්මෙ න පටික්කොසති, කතෙ වා පන කම්මෙ ධම්මදිට්ඨි හොති.
Sinhala BJTපස් අයුරෙකින් විනය කර්‍මයට පැමිණේ. තෙමේ හෝ විනය කර්‍මය කෙරෙයි. මෙරමා හෝ ආරාධනය කෙරෙයි. ඡන්‍දය හෝ පාරිසුද්ධිය හෝ දෙයි. කර්‍මය කරණු ලබන කල්හි පිළිකෙව් නො කෙරෙයි. යළි කර්‍මය කළ කල්හි ධර්‍මදෘෂ්ටි ඇත්තේ හෝ වෙයි.
Pali BJT3. පඤ්ච පිණ්ඩපාතිකස්ස භික්ඛුනො කප්පන්ති : අනාමන්තචාරො, ගණභොජනං, පරම්පරභොජනං, අනධිට්ඨානං, අවිකප්පනා.
Sinhala BJT3. පිණ්ඩපාතික මහණහට කැප දෑ පසෙක: අනාමන්තචාර යැ ගණභෝජන යැ පරම්පරභෝජන යැ අනධිෂ්ඨාන යැ අවිකල්පන යි.
Pali BJT4. පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උස්සඞ්කිතපරිසඞ්කිතො හොති පාපභික්ඛුපි අකුප්පධම්මොපි : වෙසියාගොචරො{4} වා හොති, විධවාගොචරො වා හොති, ථුල්ලකුමාරීගොචරො{5} වා හොති, පණ්ඩකගොචරො වා හොති, භික්ඛුනිගොචරො වා හොති.
Sinhala BJT4. පසඟින් යුත් මහණ පවිටු වුව ද ක්‍ෂීණාස්‍රව වුව ද සැක කරණ ලද්දෙක් නැවැත නැවැත සැක කරණ ලද්දෙක් වෙයි: වෙසඟනන් ඇසුරුකරන්නේ හෝ යැ. වැන්දඹුවන් ඇසුරු කරන්නේ හෝ යැ. යොවුන් බවට පත් අවිවාහක ස්ත්‍රීන් ඇසුරු කරන්නේ හෝ යැ. පණ්ඩකයන් ඇසුරු කරන්නේ හෝ යැ. භික්‍ෂුණීන් ඇසුරු කරන්නේ හෝ යි.
Pali BJT5. පඤ්ච තෙලානි : තිලතෙලං, සාසපතෙලං, මධුකතෙලං, එරණ්ඩකතෙලං, වසාතෙලං.
Sinhala BJT5. තෙල් පසෙක: තල තෙලැ අබ තෙලැ මී තෙලැ එරඬු තෙලැ වුරුණු තෙලි.
Pali BJTපඤ්ච වසානි : අච්ඡවසං, මච්ඡවසං, සුසුකාවසං, සූකරවසං, ගද්රභවසං.
Sinhala BJTවුරුණු තෙල් පසෙක: වලස් තෙලැ මස් තෙලැ කිඹුල් තෙලැ හූරු තෙලැ කොටළු තෙලි.
Pali BJT6. පඤ්ච බ්යසනානි : ඤාතිබ්යසනං, භොගබ්යසනං, රොගබ්යසනං, සීලබ්යසනං, දිට්ඨිබ්යසනං.
Sinhala BJT6. ව්‍යසන පසෙක: ඥාතිව්‍යසන යැ භොග ව්‍යසන යැ රෝග ව්‍යසන යැ ශීල ව්‍යසන යැ දාෂ්ටි ව්‍යසන යි.
Pali BJTපඤ්ච සම්පදා : ඤාතිසම්පදා, භොගසම්පදා, අරොගසම්පදා, සීලසම්පදා, දිට්ඨිසම්පදා.
Sinhala BJTසම්පත්ති පසෙක: ඥාතිසම්පත්ති යැ භෝගසම්පත්ති යැ ආරෝග්‍යසම්පත්ති යැ සීලසම්පත්ති යැ දිට්ඨිසම්පත්ති යි.
Pali BJT7. පඤ්ච නිස්සයපටිප්පස්සද්ධියො උපජ්ඣායම්හා : උපජ්ඣායො පක්කන්තො වා හොති, විබ්භන්තො වා, කාලකතො වා, පක්ඛසඞ්කන්තො වා, ආණත්තියෙව පඤ්චමී.
Sinhala BJT7. උපාධ්‍යායයා කෙරෙන් නිස මිදීම් පසෙක: උපාධ්‍යාය තෙමේ බැහැර ගියේ හෝ වෙයි, උපැවිදි වූයේ හෝ වෙයි, කලුරිය කෙළේ හෝ වෙයි, අන්තොටුබවට ගියේ හෝ වෙයි, ඇණවීම මැ පස් වැනි වේ.
Pali BJTපඤ්ච පුග්ගලා න උපසම්පාදෙතබ්බා : අද්ධානහීනො, අඞ්ගහීනො, වත්ථුවිපන්නො, කරණදුක්කටකො, අපරිපූරො.
Sinhala BJTපුද්ගලයෝ පස් දෙනෙක් උපසපන් නො කටයුතු වෙති: උනු විසි වයස් ඇත්තේ යැ. විකල වූ අවයව ඇත්තේ යැ. වස්තු විපන්න යැ, ථෙය්‍යසංවාසාදි දුෂ්කෘත කර්‍ම ඇත්තේ යැ පිරිපුන් පා සිවුරු නැත්තේ යි.
Pali BJT8. පඤ්ච පංසුකූලානි : සොසානිකං, පාපණිකං, උන්දුරඛායිතං, උපචිකා ඛායිතං, අග්ගිදඩ්ඪං.
Sinhala BJT8. පාංශුකූල පසෙක: සොහොන් පිළි යැ අවන් පිළි යැ මීයන් කෑ පිළි යැ වේයන් කෑ පිළි යැ ගින්නෙන් දැවුණු පිළි යි.
Pali BJTඅපරානිපි පඤ්ච පංසුකූලානි : ගොඛායිතං, අජඛායිතං, ථූපචීවරං, ආභිසෙකිකං, ගතපටියාගතං.
Sinhala BJTඅනෙකුදු පාංශුකූල පසෙක: ගෙරින් කෑ පිළි යැ එළුවන් කෑ පිළි යැ තුඹස් සිසාළ පිළි යැ බිසෙවුමඩු පිළි යැ මිනී ඔතා ගෙණ පිළි යි.
Pali BJT9. පඤ්ච අවහාරා : ථෙය්යාවහාරො, පසය්හාවහාරො, පරිකප්පාවහාරො, පටිච්ඡන්නාවහාරො, කුසාවහාරො.
Sinhala BJT9. අවහාර පසෙක: සොරසිතින් ගැන්ම යැ සැහැසිකමින් ගැන්ම යැ පිරිකපා ගැන්ම යැ පිළිසන් කොට ගැන්ම යැ කුසපත් පෙරැළි කොට ගැන්ම යි.
Pali BJT10. පඤ්ච මහාචොරා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJT10. මහ සොරු පස් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙති.
Pali BJTපඤ්ච අවිස්සජ්ජනියානි.
Sinhala BJTනො විසඳිය යුතු භාණ්ඩ පසෙකි.
Pali BJTපඤ්ච අවෙභඞ්ගියානි.
Sinhala BJTනො බෙදිය යුතු භාණ්ඩ පසෙකි.
Pali BJTපඤ්චාපත්තියො කායතො සමුට්ඨන්ති න වාචතො න චිත්තතො.
Sinhala BJTපස් ඇවැතෙක් කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී.
Pali BJTපඤ්චාපත්තියො කායතො ච වාචතො ච සමුට්ඨන්ති න චිත්තතො.
Sinhala BJTපස් ඇවැතෙක් කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී.
Pali BJTපඤ්චාපත්තියො දෙසනාගාමිනියො.
Sinhala BJTපස් ඇවැතෙක් දේශනාගාමීනි යැ.
Pali BJTපඤ්ච සඞ්ඝා.
Sinhala BJTසඞ්ඝ වර්‍ග පසෙකි.
Pali BJTපඤ්ච පාතිමොක්ඛුද්දෙසා.
Sinhala BJTපාමොක් උදෙසීම් පසෙකි.
Pali BJTසබ්බපච්චන්තිමෙසු ජනපදෙසු විනයධරපඤ්චමෙන ගණෙන උපසම්පාදෙතබ්බං.
Sinhala BJTසියලු පසල් දනවුහි විනයධරයකු පස්වැනි කොට ඇති ගණයා විසින් උපසම්පදා කර්‍ම කළ යුතු යි.
Pali BJTපඤ්ච ආනිසංසා කඨිනත්ථාරෙ.
Sinhala BJTකඨිනය ඇතිරීමෙහි අනුසස් පසෙකි.
Pali BJTපඤ්ච කම්මානි.
Sinhala BJTවිනය කර්‍ම පසෙකි.
Pali BJTයාවතතියකෙ පඤ්චාපත්තියො.
Sinhala BJTතුන් යළ තෙක් කීමෙහි ඇවැත් පසෙකි.
Pali BJTපඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJTපස් අයුරෙකින් නොදුන් දෙය පැහැර ගන්නහුට පරිජි ඇවැත් වේ.
Pali BJTපඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTපස් අයුරෙකින් නොදුන් දෙය පැහැර ගන්නහුට ථුලැසි ඇවැත් වේ.
Pali BJTපඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTපස් අයුරෙකින් නොදුන දෙය පැහැර ගන්නහුට දුකුළා ඇවැත් වේ.
Pali BJT11. පඤ්ච අකප්පියානි න පරිභුඤ්ජිතබ්බානි : අදින්නඤ්ච හොති, අවිදිතඤ්ච හොති, අකප්පියඤ්ච හොති, අපටිග්ගහිතඤ්ච හොති, අකතාතිරිත්තඤ්ච හොති.
Sinhala BJT11. නොවැළඳිය යුතු අකැප බොජුන් පසෙක: නොදෙන ලද්දේත් වෙයි, (පිළිගණිමියි) නො දන්නා ලද්දේත් වෙයි, අකැපත් වෙයි, නො පිළිගන්නා ලද්දේත් වෙයි, පවරා අයිරිත් නො කරණ ලදුයේ ද වේ.
Pali BJTපඤ්ච කප්පියානි පරිභුඤ්ජිතබ්බානි : දින්නඤ්චෙව හොති, විදිතඤ්ච හොති, කප්පීයඤ්ච හොති, පටිග්ගහිතඤ්ච හොති, කතාතිරිත්තඤ්ච හොති.
Sinhala BJTවැළඳිය යුතු කැප බොජුන් පසෙක: දෙන ලද්දේත් වෙයි, (පිළිගණිමියි) දන්නා ලද්දේත් වෙයි, කැපත් වෙයි, පිළිගන්නා ලද්දේත් වෙයි, පවරා අයිරිත් කරණ ලදුයේ ද වේ.
Pali BJTපඤ්ච දානානි අපුඤ්ඤානි පුඤ්ඤසම්මතානි ලොකස්ස{1}: මජ්ජදානං, සමජ්ජදානං, ඉත්ථිදානං, උසභදානං, චිත්තකම්මදානං.
Sinhala BJTලෝකයා විසින් පිණැයි සම්මත නො පින් වූ දන් පසෙක: මද්‍යදාන යැ නෘත්‍යදාන යැ ස්ත්‍රීදාන යැ වෘෂභදාන යැ (අසභ්‍ය) චිත්‍රකර්‍මදාන යි.
Pali BJTපඤ්ච උප්පන්නා දුප්පටිවිනොදයා{2} : උප්පන්නො රාගො දුප්පටිවිනොදයො, උප්පන්නො දොසො දුප්පටිවිනොදයො, උප්පන්නො මොහො දුප්පටිවිනොදයො, උප්පන්නං පටිභානං දුප්පටිවිනොදයං, උප්පන්නං ගමියචිත්තං දුප්පටිවිනොදයං.
Sinhala BJTදුරැලීමට දුෂ්කර වූ උපන් කරුණු පසෙක: උපන් රාගය දුරැලීමට දුෂ්කර යැ, උපන් ද්වේෂය දුරැලීමට දුෂ්කර යැ, උපන් මෝහය දුරැලීමට දුෂ්කර යැ, උපන් ප්‍රතිභානය දුරැලීමට දුෂ්කර යැ, උපන් ගමිකචිත්තය දුරැලීමට දුෂ්කර යි.
Pali BJTපඤ්චානිසංසා සම්මජ්ජනියා : සකචිත්තං පසීදති, පරචිත්තං පසීදති, දෙවතා අත්තමනා හොන්ති, පාසාදිකසංවත්තනිකං{3} කම්මං උපචිනාති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
Sinhala BJTහැමදීම පිළිබඳ අනුසස් පසෙක: සිය සිත පහදියි, මෙරමා සිත පහදියි, දෙවියෝ සතුටු සිත් ඇත්තාහු වෙති, ප්‍රසාදය පිණිස පවත්නා කර්‍මයක් රැස් කෙරෙයි, කාබුන් මරණින් මතු ශෝභනගති ඇති දෙව්ලොවට පැමිණේ.
Pali BJTඅපරෙපි පඤ්චානිසංසා සම්මජ්ජනියා : සකචිත්තං පසීදති, පරචිත්තං පසීදති, දෙවතා අත්තමනා හොන්ති සත්ථුසාසනං කතං හොති, පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති.
Sinhala BJTහැමදීම පිළිබඳ අනෙකුදු අනුසස් පසෙක: සිය සිත පහදිසි, මෙරමා සිත පහදියි, දෙවියෝ සතුටු සිත් ඇති වෙති. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරණ ලද්දේ වෙයි. පශ්චිම ජනතාව දිට්ඨානුගතියට පැමිණේ.
Pali BJT12. පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : අත්තනො භාසපරියන්තං න උග්ගණ්හාති, පරස්ස භාසපරියන්තං න උග්ගණ්හාති, අත්තනො භාසපරියන්තං අනුග්ගහෙත්වා{4} පරස්ස භාසපරියන්තං අනුග්ගහෙත්වා අධම්මෙන කාරෙති අපටිඤ්ඤාය.
Sinhala BJT12. පසඟෙකින් යුත් විනයධර බාලයෙකැයි මැ ගිණීමට යෙයි: සිය වදන් පිරියත නො ම උගණියි, මෙරමා වදන් පිරියත නො ම උගණියි, සිය වදන් පිරියත නො ඉගෙණ මෙරමා වදන් පිරියත නො ඉගෙණ අධර්‍මයෙන් අප්‍රතිඥායෙන් කරවයි.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : අත්තනො භාසපරියන්තං උග්ගණ්හාති, පරස්ස භාසපරියන්තං උග්ගණ්හාති, අත්තනො භාසපරියන්තං උග්ගහෙත්වා පරස්ස භාසපරියන්තං උග්ගහෙත්වා ධම්මෙන කාරෙති පටිඤ්ඤාය.
Sinhala BJTපසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැයි මැ ගිණීමට යෙයි: සිය වදන් පිරියත උගණියි, මෙරමා වදන් පිරියත උගණියි, සියවදන් පිරියත ඉගෙණ මෙරමා වදන් පිරියත ඉගෙණ ධර්‍මයෙන් ප්‍රතිඥායෙන් කරවයි.
Pali BJTඅපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තිං න ජානාති, ආපත්තියා මූලං න ජානාති, ආපත්තිසමුදයං න ජානාති, ආපත්තිනිරොධං න ජානාති, ආපත්තිනිරොධගාමිනිං පටිපදං{5} න ජානාති.
Sinhala BJTඅනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැයි මැ ගිණීමට යෙයි: ආපත්තිය නො දනියි, ආපත්තිමූලය නො දනියි, ආපත්තිසමුදය නො දනියි, ආපත්තිනිරෝධය නො දනියි, ආපත්තිනිරෝධ ගාමිනී ප්‍රතිපත් නො දනී.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තිං ජානාති, ආපත්තියා මූලං ජානාති, ආපත්තිසමුදයං ජානාති, ආපත්තිනිරොධං ජානාති, ආපත්තිනිරොධගාමිනිං පටිපදං ජානාති.
Sinhala BJTපසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්තිය දනියි ආපත්තිමූලය දනියි, ආපත්තිසමුදය දනියි, ආපත්තිනිරෝධය දනියි, ආපත්තිනිරොධගාමිනී ප්‍රතිපත් දනී.
Pali BJTඅපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : අධිකරණං න ජානාති, අධිකරණස්ස මූලං න ජානාති, අධිකරණසමුදයං න ජානාති, අධිකරණනිරොධං න ජානාති, අධිකරණනිරොධගාමිනිං පටිපදං න ජානාති.
Sinhala BJTඅනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: අධිකරණය නො දනියි, අධිකරණමුලය නො දනියි, අධිකරණ සමුදය නො දනියි, අධිකරණනිරෝධය නො දනියි, අධිකරණ නිරොධගාමිනී ප්‍රතිපත් නො දනී.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : අධිකරණං ජානාති , අධිකරණස්ස මූලං ජානාති, අධිකරණසමුදයං ජානාති, අධිකරණනිරොධං ජානාති, අධිකරණනිරොධගාමිනිං පටිපදං ජානාති.
Sinhala BJTපසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: අධිකරණය දනියි, අධිකරණමූලය දනියි, අධිකරණසමුදය දනියි, අධිකරණනිරෝධය දනියි, අධිකරණනිරෝධගාමිනී ප්‍රතිපත් දනී.
Pali BJTඅපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : වත්ථුං න ජානාති, නිදානං න ජානාති, පඤ්ඤත්තිං න ජානාති, අනුපඤ්ඤත්තිං න ජානාති, අනුසන්ධිවචනපථං න ජානාති.
Sinhala BJTඅනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඥප්තිය නො දනියි, අනුප්‍රඥප්තිය නො දනියි, අනුසන්‍ධිකථාමාර්‍ගය නො දනී.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, අනුපඤ්ඤත්තිං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති.
Sinhala BJTපසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, අනුප්‍රඥප්තිය දනියි, අනුසන්‍ධිකථාමාර්‍ගය දනී.
Pali BJTඅපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : ඤත්තිං න ජානාති, ඤත්තියා කරණං න ජානාති, න පුබ්බකුසලො හොති, න අපරකුසලො හොති, අකාලඤ්ඤූ ච හොති.
Sinhala BJTඅනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: ඤත්තිය නො දනියි, ඤත්තිකරණය නො දනියි, පළමු කියයුත්තෙහි දක්‍ෂ නො වෙයි, පසුව කියයුත්තෙහි දක්‍ෂ නො වෙයි, කල් නො දන්නේත් වේ.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : ඤත්තිං ජානාති, ඤත්තියා කරණං ජානාති, පුබ්බකුසලො හොති, අපරකුසලො හොති, කාලඤ්ඤූ ච හොති.
Sinhala BJTපසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: ඤත්තිය දනියි, ඤත්තිකරණය දනියි, පළමු කියයුත්තෙහි දක්‍ෂ වෙයි, පසුව කියයුත්තෙහි දක්‍ෂ වෙයි කල් දන්නේත් වේ.
Pali BJTඅපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, ආචරියපරම්පරා ඛො පනස්ස න සුග්ගහීතා හොති න සුමනසිකතා න සූපධාරිතා.
Sinhala BJTඅනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්තිය ද අනාපත්තිය ද නො දනියි, ලහුකාපත්තිය ද ගරුකාපත්තිය ද නො දනියි, සාවසේසා පත්තිය ද අනවසේසාපත්තිය ද නො දනියි, දුට්ඨුල්ලාපත්තිය ද අදුට්ඨුල්ලාපත්තිය ද නො දනියි, ඔහු විසින් ආචාර්‍ය්‍ය පරම්පරාව මැනැවින් නො උගන්නා ලද වෙයි මැනැවින් මෙනෙහි නො කරණ ලද වෙයි මැනැවින් නො දරාගන්නා ලද වේ.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, ආචරියපරම්පරා ඛො පනස්ස සුග්ගහිතා හොති සුමනසිකතා සූපධාරිතා.
Sinhala BJTපසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්තිය ද අනාපත්තිය ද දනියි ලහුකාපත්තිය ද ගරුකාපත්තිය ද දනියි සාවසේසාපත්තිය ද අනවසේසාපත්තිය ද දනියි දුට්ඨුල්ලාපත්තිය ද අදුට්ඨුල්ලාපත්තිය ද දනියි ඔහු විසින් ආචාර්‍ය්‍ය පරම්පරාව මැනැවින් උගන්නා ලද වෙයි මැනැවින් මෙනෙහි කරණ ලද වෙයි මැනැවින් දරාගන්නා ලද වේ.
Pali BJTඅපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි න විත්ථාරෙන ස්වාගතානි හොන්ති න සුවිභත්තානි න සුප්පවත්තීනි න සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො.
Sinhala BJTඅනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්ති අනාපත්ති නො දනියි, ලහුකාපත්ති ගරුකාපත්ති නො දනියි, සාවසේසාපත්ති අනවසේසාපත්ති නො දනියි, දුට්ඨුල්ලාපත්ති අදුට්ඨුල්ලාපත්ති නො දනියි, ඔහු විසින් උභය ප්‍රාතිමෝක්‍ෂය විස්තර වශයෙන් මැනැවින් ප්‍රගුණ නො කරණ ලද වෙයි. මැනවින් නො බෙදනලද වෙයි, මැනැවින් (දැරීම්වශයෙන්) නො පවත්වන ලද වෙයි, පෙළ වශයෙන් ද අර්‍ත්‍ථකථා වශයෙන් ද මැනැවින් විනිශ්චය නො කරණ ලද වේ.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො.
Sinhala BJTපසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්ති අනාපත්ති දනියි, ලහුකාපත්ති ගරුකාපත්ති දනියි, සාවසේසාපත්ති අනවසේසාපත්ති දනියි, දුට්ඨුල්ලාපත්ති අදුට්ඨුල්ලාපත්ති දනී, ඔහු විසින් උභය ප්‍රාතිමෝක්‍ෂය විස්තර වශයෙන් මැනැවින් ප්‍රගුණ කරණලද වෙයි මැනැවින් බෙදන ලද වෙයි මැනැවින් (දැරීම් වශයෙන්) පවත්වන ලද වෙයි පෙළ වශයෙන් ද අර්‍ත්‍ථකථා වශයෙන් ද මැනැවින් විනිශ්චය කරණ ලද වේ.
Pali BJTඅපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, අධිකරණෙ ච න විනිච්ඡයකුසලො හොති.
Sinhala BJTඅනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි; ආපත්ති අනාපත්ති නො දනියි, ලහුකාපත්ති ගරුකාපත්ති නො දනියි, සාවසේසාපත්ති අනවසේසාපත්ති නො දනියි, දුට්ඨුල්ලාපත්ති අදුට්ඨුල්ලාපත්ති නො දනියි, අධිකරණයෙහි විනිශ්චය කුශල වූයේ ද නො වේ.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, අධිකරණෙ ච විනිච්ඡයකුසලො හොති.
Sinhala BJTපසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි, ආපත්ති අනාපත්ති දනියි, ලහුකාපත්ති ගරුකාපත්ති දනියි, සාවසේසාපත්ති අනවසේසාපත්ති දනියි, දුට්ඨුල්ලාපත්ති අදුට්ඨුල්ලාපත්ති දනියි, අධිකරණයෙහි විනිශ්චය කුශල වූයේ ද වේ.
Pali BJT13. පඤ්ච ආරඤ්ඤකා{1} : මන්දත්තා මොමුහත්තා ආරඤ්ඤකො හොති, පාපිච්ඡො ඉච්ඡාපකතො ආරඤ්ඤකො හොති, උම්මාදා චිත්තක්ඛෙපා ආරඤ්ඤකො හොති, වණ්ණිතං බුද්ධෙහි බුද්ධසාවකෙහීති ආරඤ්ඤකො හොති, අපි ච අප්පිච්ඡඤ්ඤෙව නිස්සාය සන්තුට්ඨිඤ්ඤෙව නිස්සාය සල්ලෙඛඤ්ඤෙව නිස්සාය පවිවෙකඤ්ඤෙව නිස්සාය ඉදමත්ථිතඤ්ඤෙව{2} නිස්සාය ආරඤ්ඤිකො හොති.
Sinhala BJT13. ආරණ්‍යකයෝ පස් දෙනෙක: නුවණ මඳ බැවින් මුළා බැවින් ආරණ්‍යයක වෙයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඬනා ලදුයේ ආරණ්‍යයක වෙයි, උමතුවෙන් චිත්ත වික්‍ෂේපයෙන් ආරණ්‍යක වෙයි, බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්ණිත යැයි ආරණ්‍යක වෙයි. තව ද අපිස් බව මැ නිසා සතොස් බව මැ නිසා කෙලෙස් ලියනු මැ නිසා විවේකය මැ නිසා මෙයින් අර්‍ත්‍ථයක් ඇති බව මැ නිසා ආරණ්‍යයක වේ.
Pali BJTපඤ්ච පිණ්ඩපාතිකා -පෙ- පඤ්ච පංසුකූලිකා -පෙ- පඤ්ච රුක්ඛමූලිකා -පෙ- පඤ්ච සොසානිකා -පෙ- පඤ්ච අබ්භොකාසිකා -පෙ- පඤ්ච තෙචීවරිකා -පෙ- පඤ්ච සපදානචාරිකා -පෙ- පඤ්ච නෙසජ්ජිකා -පෙ- පඤ්ච යථාසන්ථතිකා -පෙ- පඤ්ච එකාසනිකා -පෙ- පඤ්ච ඛලුපච්ඡාභත්තිකා -පෙ- පඤ්ච පත්තපිණ්ඩිකා : මන්දත්තා මොමුහත්තා පත්තපිණ්ඩිකො හොති, පාපිච්ඡො ඉච්ඡාපකතො පත්තපිණ්ඩිකො හොති, උම්මාදා චිත්තක්ඛෙපා පත්තපිණ්ඩිකො හොති, වණ්ණිතං බුද්ධෙහි බුද්ධසාවකෙහීති පත්තපිණ්ඩිකො හොති, අපි ච අප්පිච්ඡඤ්ඤෙව නිස්සාය සන්තුට්ඨිඤ්ඤෙව නිස්සාය සල්ලෙඛඤ්ඤෙව නිස්සාය පවිවෙකඤ්ඤෙව නිස්සාය ඉදමත්ථිතඤ්ඤෙව නිස්සාය පත්තපිණ්ඩිකො හොති.
Sinhala BJTපිණඩපාතිකයෝ පස් දෙනෙක ... පංසුකුලිකයෝ පස් දෙනෙක ... රුක්ඛමූලිකයෝ පස් දෙනෙක ... සෝසානිකයෝ පස් දෙනෙක ... අබ්භෝකාසිකයෝ පස් දෙනෙක ... තෙචීවරිකයෝ පස් දෙනෙක ... සපදානචාරිකයෝ පස් දෙනෙක නෙසජ්ජිකයෝ පස් දෙනෙක ... යථාසන්‍ථතිකයෝ පස් දෙනෙක ... ඒකාසනිකයෝ පස් දෙනෙක ... බලුපච්ඡයාභත්තිකයෝ පස් දෙනෙක ... පත්තපිණ්ඩිකයෝ පස් දෙනෙක: නුවණ මඳ බැවින් මුළා බැවින් පත්තපිණ්ඩික වෙයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඬනාලදුයේ පත්තපිණ්ඩික වෙයි, උමතුවෙන් චිත්ත වික්‍ෂේපයෙන් පත්තපිණ්ඩික වෙයි, බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්ණිත යැයි පත්තපිණ්ඩික වෙයි. තව ද අපිස්බව මැ නිසා සතොස්බව මැ නිසා කෙලෙස් ලියනු මැ නිසා විවේකය මැ නිසා මෙයින් අර්‍ත්‍ථයක් ඇති බව මැ නිසා පත්තපිණ්ඩික වේ.
Pali BJT14. පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානිස්සිතෙන වත්ථබ්බං : උපොසථං න ජානාති, උපොසථකම්මං න ජානාති, පාතිමොක්ඛං න ජානාති, පාතිමොක්ඛුද්දෙසං න ජානාති, ඌනපඤ්චවස්සො හොති.
Sinhala BJT14. පසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: පොහොය නො දනියි, පොහෝකම් නො දනියි, පාමොක් නො දනියි, පාමොක් උදෙසුම් නො දනියි, උනුපස්වස් ඇත්තේ වේ.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං : උපොසථං ජානාති, උපොසථකම්මං ජානාති, පාතිමොක්ඛං ජානාති, පාතිමොක්ඛුද්දෙසං ජානාති, පඤ්චවස්සො වා හොති අතිරෙකපඤ්චවස්සො වා.
Sinhala BJTපසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය: පොහොය දනියි, පොහෝකම් දනියි, පාමොක් දනියි, පාමොක් උදෙසුම් දනියි, පස්වස් ඇත්තේ හෝ අයිරා පස්වස් ඇති හෝ වේ.
Pali BJTඅපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානිස්සිතෙන වත්ථබ්බං : පවාරණං න ජානාති, පවාරණකම්මං න ජානාති, පාතිමොක්ඛං න ජානාති, පාතිමොක්ඛුද්දෙසං න ජානාති, ඌනපඤ්චවස්සො හොති.
Sinhala BJTඅනෙකුදු පසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: පවාරණය නො දනියි, පවාරණ කර්‍මය නො දනියි. පාමොක් නො දනියි, පාමොක් උදෙසුම් නො දනියි, උනුපස්වස් ඇති වේ.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං : පවාරණං ජානාති, පවාරණකම්මං ජානාති, පාතිමොක්ඛං ජානාති, පාතිමොක්ඛුද්දෙසං ජානාති, පඤ්චවස්සො වා හොති අතිරෙකපඤ්චවස්සො වා.
Sinhala BJTපසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය: පවාරණය දනියි, පවාරණකර්‍මය දනියි, පාමොක් දනියි, පාමොක් උදෙසුම් දනියි, පස්වස් ඇත්තේ හෝ අයිරාපස්වස් ඇත්තේ හෝ වේ.
Pali BJTඅපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානිස්සිතෙන වත්ථබ්බං : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, ඌනපඤ්චවස්සො හොති.
Sinhala BJTඅනෙකුදු පසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, උනුපස්වස් ඇති වේ.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, පඤ්චවස්සො වා හොති අතිරෙකපඤ්චවස්සො වා.
Sinhala BJTපසඟෙකින් යුත් මහණහු අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය: ඇවැත් නො ඇවැත් දනියි, ලුහු ගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පස්වස් ඇත්තේ හෝ අයිරා පස්වස් ඇත්තේ හෝ වේ.
Pali BJT15. පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා නානිස්සිතාය වත්ථබ්බං : උපොසථං න ජානාති, උපොසථකම්මං න ජානාති, පාතිමොක්ඛං න ජානාති, පාතිමොක්ඛුද්දෙසං න ජානාති, ඌනපඤ්චවස්සා හොති.
Sinhala BJT15. පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: පොහොය නො දනියි, පොහෝකම් නො දනියි, පාමොක් නො දනියි, පාමොක් උදෙසුම් නො දනියි, උනුපස් වස් ඇති වේ.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා අනිස්සිතාය වත්ථබ්බං : උපොසථං ජානාති, උපොසථකම්මං ජානාති, පාතිමොක්ඛං ජානාති, පාතිමොක්ඛුද්දෙසං ජානාති, පඤ්චවස්සා වා හොති අතිරෙකපඤ්චවස්සා වා.
Sinhala BJTපසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතුය: පොහොය දනියි, පොහෝකම් දනියි, පාමොක් දනියි, පාමොක් උදෙසුම් දනියි, පස්වස් ඇත්තී හෝ අයිරා පස්වස් ඇත්තී හෝ වේ.
Pali BJTඅපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා නානිස්සිතාය වත්ථබ්බං : පවාරණං න ජානාති, පවාරණකම්මං න ජානාති, පාතිමොක්ඛං න ජානාති, පාතිමොක්ඛුද්දෙසං න ජානාති, ඌනපඤ්චවස්සා හොති.
Sinhala BJTඅනෙකුදු පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: පවාරණය නො දනියි, පවාරණකර්‍මය නො දනියි, පාමොක් නො දනියි, පාමොක් උදෙසුම් නො දනියි, උනුපස්වස් ඇත්තී වේ.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා අනිස්සිතාය වත්ථබ්බං : පවාරණං ජානාති, පවාරණකම්මං ජානාති, පාතිමොක්ඛං ජානාති, පාතිමොක්ඛුද්දෙසං ජානාති, පඤ්චවස්සා වා හොති අතිරෙකපඤ්චවස්සා වා.
Sinhala BJTපසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය. පවාරණය දනියි, පවාරණ කර්‍මය දනියි, පාමොක් දනියි, පාමොක් උදෙසුම් දනියි, පස්වස් ඇත්තී හෝ අයිරා පස්වස් ඇත්තී හෝ වේ.
Pali BJTඅපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා නානිස්සිතාය වත්ථබ්බං : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, ඌනපඤ්චවස්සා හොති.
Sinhala BJTඅනෙකුදු පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, උනුපස්වස් ඇත්තී වේ.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා අනිස්සිතාය වත්ථබ්බං : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, පඤ්චවස්සා වා හොති අතිරෙකපඤ්චවස්සා වා.
Sinhala BJTපසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය: ඇවැත් නො ඇවැත් දනියි, ලුහු ගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පස්වස් ඇත්තී හෝ අයිරා පස්වස් ඇත්තී හෝ වේ.
Pali BJT16. පඤ්ච ආදීනවා අපාසාදිකෙ : අත්තාපි අත්තානං උපවදති, අනුවිච්ච{1} විඤ්ඤූ ගරහන්ති, පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJT16. අකුශල කර්‍ම ඇත්තහු කෙරෙහි ආදීනව පසෙක: තෙමේත් තමහට දෝෂාරෝපණය කෙරෙයි, නුවණැත්තෝ (කරුණු) විමසා දැන ගරහති, ලාමක වූ කීර්ති ඝෝෂය උස් වැ පැන නඟියි, මුළා වැ කලුරිය කෙරෙයි, කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස වැ පතිත වන නිරයට පැමිණේ.
Pali BJTපඤ්චානිසංසා පාසාදිකෙ : අත්තාපි අත්තානං න උපවදති, අනුවිච්චපි විඤ්ඤූ පසංසන්ති, කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අසම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
Sinhala BJTකුශලකර්‍ම ඇත්තහු කෙරෙහි අනුසස් පසෙක: තෙමේත් තමහට දෝෂාරෝපණය නො කෙරෙයි, නුවණැත්තෝ කරුණු විමසා දැන පසසති, යහපත් වූ කීර්තිඝෝෂය උස් වැ පැන නඟියි, නො මුළා වැ කලුරිය කෙරෙයි, කාබුන් මරණින් මතු යහපත් ගති ඇති දෙව්ලොවට පැමිණේ.
Pali BJTඅපරෙපි පඤ්ච ආදීනවා අපාසාදිකෙ : අප්පසන්නා නප්පසීදන්ති, පසන්නානං එකච්චානං අඤ්ඤථත්තං හොති, සත්ථුසාසනං අකතං හොති, පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං නාපජ්ජති, චිත්තමස්ස නප්පසීදති.
Sinhala BJTඅකුශල කර්‍ම ඇත්තහු කෙරෙහි අනෙකුදු ආදීනව පසෙක: නො පහන් වූවෝ නො පහදිති, පහන් වූ ඇතැමුන්ගේ වෙනස් බව වෙයි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව නො කරණ ලද වෙයි, පශ්චිම ජනතාව දිට්ඨානුගතියට නො පැමිණෙයි, ඔහුගේ සිත නො පහදී.