Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2601-2700 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතීහාකාරෙහි ආපත්තියා වුට්ඨාති : කායෙන වුට්ඨාති, වාචාය වුට්ඨාති, කායෙන වාචාය වුට්ඨාති. අපරෙහිපි තීහාකාරෙහි ආපත්තියා වුට්ඨාති : සඞ්ඝමජ්ඣෙ, ගණමජ්ඣෙ, පුග්ගලස්ස සන්තිකෙ.
Sinhala BJTතුන් අයුරකින් ඇවැතින් නැඟී සිටියි: කයින් නැඟී සිටියි, වචනයෙන් නැඟී සිටියි, කයින් හා වචනයෙන් නැඟී සිටී. අනෙකුදු තුන් අයුරෙකින් ඇවැතින් නැඟී සිටී: සඟ මැදහි ගණ මැදහි පුඟුලක්හු අබියෙස්හි යැ.
Pali BJTතීණි අධම්මිකානි අමූළ්හවිනයස්ස දානානි : තීණි ධම්මිකානි අමූළ්හවිනයස්ස දානානි.
Sinhala BJTනො දැහැමි අමූළ්හවිනයදාන තුනෙකැ. දැහැමි අමූළ්හවිනයදාන තුනෙකි.
Pali BJT5. තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො. තජ්ජනීයකම්මං කරෙය්ය : භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො, ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි.
Sinhala BJT5. කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසිවෙත් නම් තජ්ජනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ දොඩමලුකම් කරන්නේ සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳ දැකීම් නැතියේ වෙයි, අනුලොම් නො වූ ගිහි සසඟින් ගිහියන් හා හැනී වෙසේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො නියස්සකම්මං කරෙය්ය : භණ්ඩනකාරකො හොති -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්තවූ මහණහට සඟහු රිසි වෙත් නම් නියස්සකර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි, අනුලොම් නොවූ ගිහි සසඟින් ගිහියන් හා හැනී වෙසේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පබ්බාජනීයකම්මං කරෙය්ය : භණ්ඩනකාරකො හොති -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො, කුලදූසකො හොති පාපසමාචාරො, දිස්සන්ති චෙව පාපකා සමාචාරා සුය්යන්ති ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් පබ්බාජනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි. බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි. ලාමක හැසිරීම් ඇතියේ කුලදූෂණය කරන්නෙක් වෙයි, ලාමක හැසිරීම් දක්නට ද ලැබෙයි, අසනු ද ලැබේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පටිසාරණීයකම්මං කරෙය්ය : භණ්ඩනකාරකො හොති -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්යත්තො, ආපත්ති බහුලො අනපදානො, ගිහී අක්කොසති පරිභාසති.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් පටිසාරණීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි. බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි. ගිහීන්ට ආක්‍රෝශ කෙරෙයි, පරිභව කෙරේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය : භණ්ඩනකාරකො හොති -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො, ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පස්සිතුං.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි, ඇවැතට පැමිණ ඇවැත දැකීමට නො කැමැති වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය : භණ්ඩනකාරකො හොති -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො, ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පටිකාතුං.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ඇවැත් පිරිසිඳීම් නැත්තේ වෙයි, ඇවැතට පැමිණ ඇවැතට පිළියම් කිරීමට නො කැමැති වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය : භණ්ඩනකාරකො හොති -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො, න ඉච්ඡති පාපිකං දිට්ඨිං පටිනිස්සජ්ජිතුං.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් ලාමක දෘෂ්ටිය නො හැරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැත්තේ වෙයි, ලාමකවූ දෘෂ්ටිය හරින්නට කැමැති නො වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආගාළ්හාය චෙතෙය්ය : භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො, ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි.
Sinhala BJTකරණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් දැඩිබව පිණිස යත්න (උක්ඛේපනීය කර්‍මය) කරන්නාහු යැ: ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ දොඩමලුකම් කරන්නේ සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි. බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි, අනුලොම් නො වූ ගිහිසසඟින් ගිහියන් හා හැනී වෙසේ.
Pali BJT6. තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJT6. කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි. අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTඅපරෙහිපි තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං : අධිසීලෙ සීලවිපන්නො හොති, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති.
Sinhala BJTඅනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි. අධිශීලයෙහි නට සිල් ඇත්තේ වෙයි, උතුම් ආචාරයෙහි නට ආචාර ඇත්තේ වෙයි, සම්‍යග් දෘෂ්ටිය ඉක්මවා විපන්දිටු ඇත්තේ වේ.
Pali BJTඅපරෙහිපි තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං : කායිකෙන දවෙන සමන්නාගතො හොති, වාචසිකෙන දවෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන දවෙන සමන්නාගතො හොති.
Sinhala BJTඅනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි: (දුකෙළිම් ආදි) කායද්වාරික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, (කට බෙර ගැසීම් ආදි) වාග්ද්වාරික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, (නැටුම් ගැයුම් ආදී) කායික-වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වේ.
Pali BJTඅපරෙහිපි තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං : කායිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, වාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති.
Sinhala BJTඅනෙකුදු කරුණු තුනෙකින් යුත් මහණහට කර්‍ම කටයුතුයි: කායද්වාරික සිකපද ඉක්මවන්නේ වෙයි, වාග්ද්වාරික සිකපද ඉක්මවන්නේ වෙයි, කායවාග්ද්වාරික සිකපද ඉක්මවන්නේ වේ.
Pali BJTඅපරෙහිපි තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං : කායිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති, වාචසිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති.
Sinhala BJTඅනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතුයි: කායද්වාරයෙහි පැණවූ සිකපදයන්හි නො හික්මීමෙන් යුක්ත වූයේ වෙයි, වාග්ද්වාරයෙහි පැණවූ සිකපදයන්හි නො හික්මීමෙන් යුක්ත වූයේ වෙයි, කායවාග්ද්වාරයෙහි පැණවූ සිකපදයන්හි නො හික්මීමෙන් යුක්ත වූයේ වේ.
Pali BJTඅපරෙහිපි තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං : කායිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති, වාචසිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති.
Sinhala BJTඅනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි: කය පිළිබඳ වැරදි ජීවිකායෙන් යුක්ත වූයේ වෙයි, වචනය පිළිබඳ වැරදි ජීවිකායෙන් යුක්ත වූයේ වෙයි, කය වචනය පිළිබඳ වැරදි ජීවිකායෙන් යුක්ත වූයේ වේ.
Pali BJTඅපරෙහිපි තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං : ආපත්තිං ආපන්නො කම්මකතො උපසම්පාදෙති, නිස්සයං දෙති, සාමණෙරං උපට්ඨාපෙති.
Sinhala BJTඅනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි. ඇවැතට පැමිණියේ (තජ්ජනීයාදි) කර්‍ම කරණු ලැබූයේ උපසපන් කෙරෙයි, නිස දෙයි, හෙරණකු ලවා උවැටන් කරවා ගණී.
Pali BJTඅපරෙහිපි තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං : යාය ආපත්තියා සඞ්ඝෙන කම්මං කතං හොති, තං ආපත්තිං ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං.
Sinhala BJTඅනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි: යම් ඇවැතක් නිමිති කොට සඞ්ඝයා විසින් කර්‍මය කරන ලද්දේ වේ ද, ඒ ඇවැතට නැවත පැමිණෙයි. එබඳු අන් ඇවැතකට හෝ පැමිණෙයි, එයට වඩා ලාමක ඇවැතකට හෝ පැමිණෙයි.
Pali BJTඅපරෙහිපි තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං : බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති.
Sinhala BJTඅනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි: බුදුන් පිළිබඳ අගුණ කියයි, ධර්‍මය පිළිබඳ අගුණ කියයි, සඞ්ඝයා පිළිබඳ අගුණ කියයි.
Pali BJT7. තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො සඞ්ඝමජ්ඣෙ උපොසථං ඨපෙන්තස්ස “අලං භික්ඛු මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද”න්ති ඔමද්දිත්වා සඞ්ඝෙන උපොසථො කාතබ්බො : අලජ්ජී ච හොති, බාලො ච අපකතත්තො ච.
Sinhala BJT7. කරුණු තුනෙකින් යුක්ත වූ සඟමැද පොහෝ තබන මහණහට “මහණ, නුසුදුසු යැ, ඩබර නො කර, කලහ නො කර, විරුද්ධ ග්‍රහණ නො කර, විරුද්ධ වාද නො කර” යි මැඩ පවත්වා සඞ්ඝයා විසින් පොහෝ කටයුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො සඞ්ඝමජ්ඣෙ පවාරණං ඨපෙන්තස්ස : “අලං භික්ඛු මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං. මා විවාදං”ති ඔමද්දිත්වා{1} සඞ්ඝෙන පවාරෙතබ්බං : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ සඟමැද පවුරුණු තබන මහණහට “මහණ නුසූදුසූ යැ, ඩබර නො කර, කලහ නො කර, විරුද්ධග්‍රහණ නො කර, විරුද්ධ වාද නො කර” යි මැඩ පවත්වා සඞ්ඝයා විසින් පවාරණය කටයුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJT8. තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො න කාචි සඞ්ඝසම්මුති දාතබ්බා : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJT8. කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කිසි සඞ්ඝසම්මුතියෙක් නො දිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං{1} අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහු විසින් සඟමැද කිසිවක් නො කිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු න කිස්මිචි පච්චෙකට්ඨානෙ ඨපෙතබ්බො : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණ කිසියම් දෙටු තැනෙක නො තැබිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නිස්සාය න වත්ථබ්බං : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහු ඇසුරු කොට නො විසිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නිස්සයො න දාතබ්බො : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහට නිස නො දිය යුතුයි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුං : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ අවසර ඉල්වන මහණහට අවසර දෙන්නට නො වටී: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො සවචනීයං නාදාතබ්බං{2} : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහුගේ වචනය නො පිළිගතයුතු යි (නො ඇසිය යුතුයි): අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො විනයො න පුච්ඡිතබ්බො : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහු පිළිබඳ විනය නො විචාළ යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වෙයි.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා විනයො න පුච්ඡිතබ්බො : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහු විසින් විනය නො විචාළ යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො විනයො න විස්සජ්ජෙතබ්බො : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහු පිළිබඳ විනය නො විසඳිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා විනයො න විස්සජ්ජෙතබ්බො : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහු විසින් විනය නො විසඳිය යුතුයි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො අනුයොගො න දාතබ්බො : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහට විනය පිළිවිසුමට අවසර නො දිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං විනයො න සාකච්ඡිතබ්බො{3} : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහු සමඟ විනය ප්‍රශ්න සාකච්ඡා නො කටයුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි. ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJTතීහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බො, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච.
Sinhala BJTකරුණු තුනෙකින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යි. නිස නො දිය යුතු යි, හෙරණකු ලවා උවටැන් කරවා නො ගතයුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
Pali BJT9. තයො උපොසථා : චාතුද්දසිකො, පණ්ණරසිකො, සාමග්ගිඋපොසථො. අපරෙපි තයො උපොසථා : සඞ්ඝෙ උපොසථො, ගණෙ උපොසථො, පුග්ගලෙ උපොසථො. අපරෙපි තයො උපොසථා : සුත්තූද්දෙසො උපොසථො, පාරිසුද්ධි උපොසථො, අධිට්ඨානුපොසථො.
Sinhala BJT9. තුදුස්වක යැ පසළොස්වක යැ සමගි පොහොය යැ යි පොහෝ තුනෙකි, සඟ පොහොයැ ගණපොහො යැ පුඟුල් පොහෝ යැ යි අනෙකුදු පොහෝ තුනෙකි. සුත්තුද්දෙස උපෝසථ යැ පාරිසුද්ධිඋපෝසථ යැ අධිට්ඨානුපෝසථයැ යි අනෙකුදු පොහෝ තුනෙකි.
Pali BJTතිස්සො පවාරණා : චාතූද්දසිකා, පණ්ණරසිකා, සාමග්ගීපවාරණා. අපරාපි තිස්සො පවාරණා : සඞ්ඝෙ පවාරණා, ගණෙ පවාරණා, පුග්ගලෙ පවාරණා. අපරාපි තිස්සො පවාරණා : තෙවාචිකා පවාරණා, ද්වෙවාචිකා පවාරණා, සමානවස්සිකා පවාරණා.
Sinhala BJTතුදුස්වක් පවුරුණු යැ පසළොස්වක් පවුරුණු යැ සමගිපවුරුණු යැ යි පවුරුණු තුනෙකි. සඞ්ඝ පවාරණ යැ ගණපවාරණ යැ පුග්ගල පවාරණ යැ යි අනෙකුදු පවුරුණු තුනෙකි. තෙවාචික පවාරණ යැ ද්වේවාචික පවාරණ යැ සමාන වස්සික පවාරණ යැ යි අනෙකුදු පවුරුණු තුනෙකි.
Pali BJT10. තයො ආපායිකා නෙරයිකා : ඉදමප්පහාය : යො ච අබ්රහ්මචාරී බ්රහ්මචාරීපටිඤ්ඤො, යො ච සුද්ධං බ්රහ්මචාරිං{1} පරිසුද්ධං{2} බ්රහ්මචරියං චරන්තං අමූලකෙන අබ්රහ්මචරියෙන{3} අනුද්ධංසෙති, යො චායං එවංවාදී එවංදිට්ඨි “නත්ථි කාමෙසු දොසො”ති සො කාමෙසු පාතව්යතං ආපජ්ජති.”
Sinhala BJT10. යමෙකුත් බඹසර නැත්තේ බඹසර ඇතැයි පිළිණ කරන්නේ වේ ද, යමෙකුත් පිරිසිදු බඹසර හැසිරෙන රහත් මහණක්හට මුල් රහිත නො බඹසරින් චෝදනා කෙරේ ද යම් මේ පුද්ගලයෙකුත් “කාමසේවනයන්හි දොස් නැතැ”යි මෙසේ කියන්නේ මෙබඳු ලබ්ධි ඇත්තේ වේ ද, හෙතෙමේ කාමයන් සෙවුනාබවට පැමිණේ ද යන තිදෙන මේ ලබ්ධිය හෝ වරද නො හැර නිරිසතුන් වැ අපායයෙහි උපදින්නෝ වෙත්.
Pali BJT11. තීණි අකුසලමූලානි : ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං. තීණි කුසලමූලානි : අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං.
Sinhala BJT11. අකුශලමූලයෝ තිදෙනෙකි: ලෝභය අකුශල මූලයෙකැ, ද්වේෂය අකුශල මූලයෙකැ, මෝහය අකුශල මූලයෙකි. කුශලමූලයෝ තිදෙනෙකි: අලෝභය කුශල මූලයෙකැ, අද්වේෂය කුශල මූලයෙකැ, අමෝහය කුශල මූලයෙකි.
Pali BJTතීණි දුච්චරිතානි : කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං. තීණි සුචරිතානි : කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං.
Sinhala BJTදුශ්චරිතයෝ තිදෙනෙකි: කාය දුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ. සුචරිතයෝ තිදෙනෙකි: කායසුචරිත යැ වාක්සුචරිතයැ මනඃසුචරිත යැයි.
Pali BJT12. තයො අත්ථවසෙ පටිච්ච භගවතා කුලෙසු තිකභොජනං පඤ්ඤත්තං : දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, මා පාපිච්ඡා පක්ඛං නිස්සාය සඞ්ඝං භින්දෙය්යුං, කුලානුද්දයතාය ච.
Sinhala BJT12. දුග්ශීල පුද්ගලයන්ට නිග්‍රහ පිණිස ද ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස ද ලාමක අදහස් ඇත්තෝ පක්‍ෂය නිසා සඞ්ඝයා නො බිඳින්නාහු”යි කුලානුග්‍රහය පිණිස දැයි කරුණු තුනක් සලකා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තික භෝජනය පනවන ලදී.
Pali BJTතීහි අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො : පාපිච්ඡතා, පාපමිත්තතා ඔරමත්තකෙන විසෙසාධිගමෙන අන්තරාවොසානං ආපාදි.
Sinhala BJTඅසත්පුරුෂ ධර්‍ම තුනෙකින් මඩනාලද හාත්පසින් අල්වාගත් සිත් ඇති දේවදත්ත නිරිසත් වැ කපක් ආයු ඇතිවැ පිළියම් නො කට හැකියෙක් වැ අපායෙහි උපන්නෙක් වේ. ලාමක අදහස් ඇති බැවින්, පාපමිත්‍රයන් ඇති බැවින්, ස්වල්පමාත්‍ර වූ විශේෂාධි ගමයෙන් අතරමග දී කෙළවරකට පැමිණියේ යි.
Pali BJT13. තිස්සො සම්මුතියො : දණ්ඩසම්මුති, සික්කාසම්මුති, දණ්ඩසික්කා සම්මුති.
Sinhala BJT13. සම්මුති තුනෙකි: දණ්ඩසම්මුති යැ, සික්කාසම්මුති යැ, දණඩසික්කා සම්මුති යැයි.
Pali BJTතිස්සො පාදුකා ධුවට්ඨානියා{4} අසඞ්කමනීයා : වච්චපාදුකා, පස්සාවපාදුකා, ආචමනපාදුකා.
Sinhala BJTස්ථිර වූ ගෙන යා නො හැක්කා වූ පාදුකා තුනෙකි: වර්චස්පාදුකා යැ, මූත්‍රපාදුකා යැ, ආචමන පාදුකා යැයි.
Pali BJTතිස්සො පාදඝංසනියො : සක්ඛරං, කඨලා, සමුද්දඵෙණකොති.
Sinhala BJTපියගැටුම් තුනෙකි: ගල්කැට යැ, කැබිලිති යැ, හිරිගල් යැයි.
Pali BJTතිකං නිට්ඨිතං.
Sinhala BJTතිකය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. තිට්ඨන්තෙ කාලෙ රත්තිං ච දස පඤ්ච කුසලෙන, වෙදනා චොදනා වත්ථු සලාකා ද්වෙ පටික්ඛිපා.
Sinhala BJT1. තිට්ඨන්ත යැ කාල යැ රත්ති යැ දසවස්ස යැ පඤ්චවස්ස යැ කුසලාදි යැ වේදනා යැ චෝදනාවත්‍ථු යැ සලාකගාහ යැ පටික්ඛේප යැ අනුඤ්ඤාත යැ.
Pali BJT2. පඤ්ඤත්ති අපරෙ ද්වෙ ච බාලො කාළෙ ච කප්පති, හෙමන්තෙ සඞ්ඝො සඞ්ඝස්ස ඡාදනා ච පටිච්ඡාදි.
Sinhala BJT2. පඤ්ඤති යැ අපර දෙක යැ බාල යැ කාළ යැ කප්පති යැ හේමන්ත යැ සඞ්ඝ යැ සඞ්ඝස්ස යැ ඡාදනා යැ පටිච්ඡාදි යැ.
Pali BJT3. පටිච්ඡන්නා විවටා ච සෙනාසනගිලායනා, පාතිමොක්ඛං පරිවාසං මානත්තාපාරිවාසිකා.
Sinhala BJT3. පටිච්ඡන්න යැ විවට යැ සේනාසනගහ යැ ගිලාන යැ පාතිමොක්ඛඨපන යැ පරිවාස යැ මානත්ත යැ පාරිවාසික යැ,
Pali BJT4. අන්තො අන්තො ච සීමාය ආපජ්ජති පුනාපරෙ, වුට්ඨාති අපරෙ චෙව අමූළ්හවිනයා දුවෙ.
Sinhala BJT4. අන්තො යැ අන්තොසීමා යැ ආපජ්ජති යැ නැවැත අපර යැ වුට්ඨාති යැ අපර දෙක යැ අමූළ්හවිනය දෙක යැ,
Pali BJT5. තජ්ජනීයා නියස්සා ච පබ්බාජපටිසාරණී, අදස්සනාපටිකම්මෙ අනිස්සග්ගෙ ච{1} දිට්ඨියා.
Sinhala BJT5. තජ්ජනීය යැ නියස්ස යැ පබ්බාජනිය යැ පටිසාරණීය යැ අදස්සන යැ අප්පටිකම්ම යැ දිට්ඨි ය පිළිබඳ අනිස්සග්ගී යැ.
Pali BJT6. ආගාළ්හකම්මාධිසීලෙ දවානාචාරඝාතිකා, ආජීවාපන්නාතාදිසිකා අවණ්ණුපොසථෙන ච.
Sinhala BJT6. ආගාළ්හ යැ කම්ම යැ අධිශීල යැ දව යැ අනාචාර යැ උපඝාතික යැ ආජීව යැ ආපන්න යැ තාදිසකා යැ අවණ්ණ යැ උපෝසථ යැ,
Pali BJT7. පවාරණා සම්මුති ච වොහාරපච්චෙකෙන ච න වත්ථබ්බං න දාතබ්බං ඔකාසං න කරෙ තථා.
Sinhala BJT7. පවාරණ යැ සම්මුති යැ වෝහාරිතබ්බ යැ පච්චෙකට්ඨාන යැ න වත්‍ථබ්බ යැ න දාතබ්බ යැ එසේ ම ඕකාසකම්ම අකරණ යැ,
Pali BJT8. න කරෙ සවචනීයං න පුච්ඡිතබ්බකා දුවෙ, න විස්සජ්ජෙ දුවෙ චෙව අනුයොගම්පි නො දදෙ.
Sinhala BJT8. සවචනීය අකරණ යැ න පුච්ජිතබ්බ දෙක යැ න විස්සජ්ජිතබ්බ දෙක යැ අනුයෝග අදාන යැ,
Pali BJT9. සාකච්ඡා උපසම්පදා නිස්සයසාමණෙරා ච, උපොසථා තිකා තීණි පවාරණා තිකා තයො.
Sinhala BJT9. සාකච්ඡා යැ උපසම්පදා යැ නිස්සය යැ සාමණේර යැ උපෝසථත්තික යැ පවාරණත්තික යැ,
Pali BJT10. ආපායිකා අකුසලා කුසලා චරිතා දුවෙ, තිකභොජනසද්ධම්මෙ සම්මුති පාදුකෙන ච, පාදඝංසනිකා චෙව උද්දානං තිකකෙ ඉදන්ති.
Sinhala BJT10. අපායික යැ අකුශලයැ කුශල යැ දුච්චරිත යැ සුචරිත යැ තිකභෝජන යැ අසද්ධම්ම යැ පාදුකා යැ සම්මුති යැ පාදඝංසනිකා යැ යි තිකයෙහි මේ නාමාවලි යයි.
Pali BJTචතුක්කං
Sinhala BJTචතුෂ්කය
Pali BJT1. අත්ථාපත්ති සකවාචාය ආපජ්ජති, පරවාචාය වුට්ඨාති, අත්ථාපත්ති පරවාචාය ආපජ්ජති, සකවාචාය වුට්ඨාති, අත්ථාපත්ති සකවාචාය ආපජ්ජති, සකවාචාය වුට්ඨාති, අත්ථාපත්ති පරවාචාය ආපජ්ජති, පරවාචාය වුට්ඨාති.
Sinhala BJT1. ඇවැතෙක් ඇත සිය වදනින් අවදියි. පර වදනින් නැඟී සිටී. ඇවැතෙක් ඇත පර වදනින් අවදියි, සිය වදනින් නැඟී සිටී. ඇවැතෙක් ඇත සිය වදනින් අවදියි, සිය වදනින් නැඟී සිටී. ඇවැතෙක් ඇත පර වදනින් අවදියි, පර වදනින් නැඟී සිටී.
Pali BJTඅත්ථාපත්ති කායෙන ආපජ්ජති, වාචාය වුට්ඨාති, අත්ථාපත්ති වාචාය ආපජ්ජති, කායෙන වුට්ඨාති, අත්ථාපත්ති කායෙන ආපජ්ජති, කායෙන වුට්ඨාති, අත්ථාපත්ති වාචාය ආපජ්ජති, වාචාය වුට්ඨාති.
Sinhala BJTඇවැතෙක් ඇත කායද්වාරයෙන් අවදියි වාග්ද්වාරයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත වාග්ද්වාරයෙන් අවදියි කායද්වාරයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත කායද්වාරයෙන් අවදියි, කායද්වාරයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත වාග් ද්වාරයෙන් අවදියි වාග් ද්වාරයෙන් නැඟී සිටී.
Pali BJTඅත්ථාපත්ති පසුත්තො ආපජ්ජති, පටිබුද්ධො වුට්ඨාති, අත්ථාපත්ති පටිබුද්ධො ආපජ්ජති, පසුත්තො වුට්ඨාති, අත්ථාපත්ති පසුත්තො ආපජ්ජති, පසුත්තො වුට්ඨාති, අත්ථාපත්ති පටිබුද්ධො ආපජ්ජති, පටිබුද්ධො වුට්ඨාති.
Sinhala BJTඇවැතෙක් ඇත නිදිගත්තේ අවදියි පිබිදියේ නැඟී සිටී. ඇවැතෙක් ඇත පිබිදියේ අවදියි නිදිගත්තේ නැඟී සිටී. ඇවැතෙක් ඇත නිදිගත්තේ අවදියි, නිදිගත්තේ නැඟී සිටී. ඇවැතෙක් ඇත පිබිදියේ අවදියි පිබිදියේ නැඟී සිටී.
Pali BJTඅත්ථාපත්ති අචිත්තකො ආපජ්ජති, සචිත්තකො වුට්ඨාති, අත්ථාපත්ති සචිත්තකො ආපජ්ජති, අචිත්තකො වුට්ඨාති, අත්ථාපත්ති අචිත්තකො ආපජ්ජති, අචිත්තකො වුට්ඨාති, අත්ථාපත්ති සචිත්තකො ආපජ්ජති, සචිත්තකො වුට්ඨාති.
Sinhala BJTඇවැතෙක් ඇත අචිත්තක වූයේ අවදියි සචිත්තක වූයේ නැඟී සිටී. ඇවැතෙක් ඇත සචිත්තක වූයේ අවදියි අචිත්තක වූයේ නැඟී සිටී. ඇවැතෙක් ඇත අචිත්තක වූයේ අවදියි අචිත්තක වූයේ නැඟී සිටී. ඇවැතෙක් ඇත සචිත්තක වූයේ අවදියි සචිත්තක වූයේ නැඟී සිටී.
Pali BJTඅත්ථාපත්ති ආපජ්ජන්තො දෙසෙති, දෙසෙන්තො ආපජ්ජති. අත්ථාපත්ති ආපජ්ජන්තො වුට්ඨාති, වුට්ඨහන්තො ආපජ්ජති.
Sinhala BJTඇවැතෙක් ඇත අවදනේ දෙසයි දෙසනුයේ අවදී. ඇවැතෙක් ඇත අවදනේ නැඟී සිටියි, නැඟී සිටිනුයේ අවදී.
Pali BJTඅත්ථාපත්ති කම්මෙන ආපජ්ජති, අකම්මෙන වුට්ඨාතී, අත්ථාපත්ති අකම්මෙන ආපජ්ජති, කම්මෙන වුට්ඨාති, අත්ථාපත්ති කම්මෙන ආපජ්ජති, කම්මෙන වුට්ඨාති, අත්ථාපත්ති අකම්මෙන ආපජ්ජති, අකම්මෙන වුට්ඨාති.
Sinhala BJTඇවැතෙක් ඇත කර්‍මයෙන් අවදියි අකර්‍මයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත අකර්‍මයෙන් අවදියි කර්‍මයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත කර්‍මයෙන් අවදියි කර්‍මයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත අකර්‍මයෙන් අවදියි අකර්‍මයෙන් නැඟී සිටී.
Pali BJT2. චත්තාරො අනරියවොහාරා : අදිට්ඨෙ දිට්ඨවාදිතා, අසුතෙ සුතවාදිතා, අමුතෙ මුතවාදිතා, අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා.
Sinhala BJT2. නො දුටුයෙහි දිටැයි කියන සුලු බව, නො ඇසුයෙහි ඇසිණැයි කියනසුලුබව, අමුතයෙහි මුතැයි කියනසුලුබව, නො දතුයෙහි දතැයි කියනසුලුබවැයි අනරිය බැවහර සතරෙකි.
Pali BJTචත්තාරො අරියවොහාරා : අදිට්ඨෙ අදිට්ඨවාදිතා, අස්සුතෙ අසුතවාදිතා, අමුතෙ අමුතවාදිතා, අවිඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදිතා.
Sinhala BJTනො දුටුයෙහි නො දිටැයි කියනසුලුබව, නො ඇසුයෙහි නො ඇසිණැයි කියන සුලුබව, අමුතයෙහි අමුතැයි කියනසුලුබව, නො දතුයෙහි නො දතැයි කියනසුලුබවැයි අරිය බැවහර සතරෙකි.
Pali BJTඅපරෙපි චත්තාරො අනරියවොහාරා : දිට්ඨෙ අදිට්ඨවාදිතා, සුතෙ අසුතවාදිතා, මුතෙ අමුතවාදිතා, විඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදිතා.
Sinhala BJTදුටුයෙහි නො දිටැයි කියනසුලුබව, ඇසුයෙහි නො ඇසිණයි කියන සුලුබව, මුතයෙහි අමුතැයි කියනසුලුබව, දතුයෙහි නො දතැයි කියනසුලුබවැයි අනෙකුදු අනරිය බැවහර සතරෙකි.
Pali BJTචත්තාරො අරියවොහාරා : දිට්ඨෙ දිට්ඨවාදිතා, සුතෙ සුතවාදිතා, මුතෙ මුතවාදිතා, විඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා.
Sinhala BJTදුටුයෙහි දිටැයි කියනසුලුබව, ඇසුයෙහි ඇසිණැයි කියනසුලුබව, මුතයෙහි මුතැයි කියනසුලුබව, දතුයෙහි දතැයි කියනසුලුබවැයි අරිය බැවහර සතරෙකි.
Pali BJT3. චත්තාරො පාරාජිකා භික්ඛූනං භික්ඛුනීහි සාධාරණා, චත්තාරො පාරාජිකා භික්ඛුනීනං භික්ඛූහි අසාධාරණා.
Sinhala BJT3. භික්‍ෂූන්ට භික්‍ෂූණීන් හා සාධාරණවූ පරිජි සතරෙකි. භික්‍ෂුණීන්ට භික්‍ෂූන් හා අසාධාරණවූ පරිජි සතරෙකි.
Pali BJTචත්තාරො පරික්ඛාරා : අත්ථි පරික්ඛාරො රක්ඛිතබ්බො ගොපෙතබ්බො මමායිතබ්බො පරිභුඤ්ජිතබ්බො, අත්ථි පරික්ඛාරො රක්ඛිතබ්බො ගොපෙතබ්බො මමායිතබ්බො, න පරිභුඤ්ජිතබ්බො, අත්ථි පරික්ඛාරො රක්ඛිතබ්බො ගොපෙතබ්බො, න මමායිතබ්බො න පරිභුඤ්ජිතබ්බො, අත්ථි පරික්ඛාරො න රක්ඛිතබ්බො න ගොපෙතබ්බො න මමායිතබ්බො න පරිභුඤ්ජිතබ්බො.
Sinhala BJTපිරිකර සතරෙකි: රැකියයුතු වූ ගෝපනය කටයුතු වූ මමායනය කටයුතු වූ පරිභෝග කටයුතු වූ පිරිකරෙක් ඇත, රැකියයුතු වූ ගෝපනය කටයුතු වූ මමායනය කටයුතු වූ පරිභෝග නොකටයුතු වූ පිරිකරෙක් ඇත, රැකියයුතු වූ ගෝපනය කටයුතු වූ මමායනය නො කටයුතු වූ පරිභෝග නො කටයුතු වූ පිරිකරෙක් ඇත, නො රැකියයුතු වූ ගෝපනය නො කටයුතු වූ මමායනය නො කටයුතු වූ පරිභෝග නො කටයුතු වූ පිරිකරෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති සම්මුඛා ආපජ්ජති, පරම්මුඛා වුට්ඨාති, අත්ථාපත්ති පරම්මුඛා ආපජ්ජති, සම්මුඛා වුට්ඨාති, අත්ථාපත්ති සම්මුඛා ආපජ්ජති, සම්මුඛා වුට්ඨාති, අත්ථාපත්ති පරම්මුඛා ආපජ්ජති, පරම්මුඛා වුට්ඨාති.
Sinhala BJTඇවැතෙක් ඇත හමුවෙහි අවදියි නො හමුවෙහි නැඟී සිටියි. ඇවැතෙක් ඇත නො හමුවෙහි අවදියි හමුවෙහි නැඟී සිටියි. ඇවැතෙක් ඇත හමුවෙහි අවදියි හමුවෙහි නැඟී සිටියි. ඇවැතෙක් ඇත නො හමුවෙහි අවදියි නො හමුවෙහි නැඟී සිටී.
Pali BJTඅත්ථාපත්ති අජානන්තො ආපජ්ජති, ජානන්තො වුට්ඨාති අත්ථාපත්ති ජානන්තො ආපජ්ජති, අජානන්තො වුට්ඨාති, අත්ථාපත්ති අජානන්තො ආපජ්ජති, අජානන්තො වුට්ඨාති, අත්ථාපත්ති ජානන්තො ආපජ්ජති, ජානන්තො වුට්ඨාති.
Sinhala BJTඇවැතෙක් ඇත නො දන්නේ අවදියි දන්නේ නැඟී සිටීසි, ඇවැතෙක් ඇත දන්නේ අවදියි නො දන්නේ නැඟී සිටියි, ඇවැතෙක් ඇත නො දන්නේ අවදියි නො දන්නේ නැඟී සිටියි, ඇවැතෙක් ඇත දන්නේ අවදියි දන්නේ නැඟී සිටී.
Pali BJT4. චතූහාකාරෙහි ආපත්තිං ආපජ්ජති : කායෙන ආපජ්ජති, වාචාය ආපජ්ජති, කායෙන වාචාය ආපජ්ජති, කම්මවාචාය ආපජ්ජති. අපරෙහිපි චතූහාකාරෙහි ආපත්තිං ආපජ්ජති : සඞ්ඝමජ්ඣෙ, ගණමජ්ඣෙ, පුග්ගලස්ස සන්තිකෙ, ලිඞ්ගපාතුභාවෙන.
Sinhala BJT4. සිවු අයුරකින් ඇවැතට අවදියි: කායද්වාරයෙන් අවදියි, වාග්ද්වාරයෙන් අවදියි, කායද්වාරයෙන් හා වාග්ද්වාරයෙන් අවදියි, කර්‍ම වාක්‍යයෙන් අවදී. සඟමැදහි ගණමැදහි පුඟුලක්හු වෙතැ ලිඟුපිරිවැටුමෙනැයි අනෙකුදු සිවු අයුරකින් ඇවැතට අවදී.
Pali BJTචතූහාකාරෙහි ආපත්තියා වුට්ඨාති : කායෙන වුට්ඨාති, වාචාය වුට්ඨාති, කායෙන වාචාය වුට්ඨාති, කම්මවාචාය වුට්ඨාති.
Sinhala BJTකායද්වාරයෙන් නැඟී සිටියි, වාග්ද්වාරයෙන් නැඟී සිටියි, කායද්වාරයෙන් හා වාග්ද්වාරයෙන් නැඟී සිටියි, කර්‍ම වාක්‍යයෙන් නැඟී සිටීයි සිවු අයුරකින් ඇවැතින් නැඟී සිටී.
Pali BJTඅපරෙහිපි චතූහාකාරෙහි ආපත්තියා වුට්ඨාති : සඞ්ඝමජ්ඣෙ, ගණමජ්ඣෙ, පුග්ගලස්ස සන්තිකෙ, ලිඞ්ගපාතුභාවෙන. සහපටිලාභෙන පුරිමං ජහති, පච්ඡිමෙ පතිට්ඨාති, විඤ්ඤත්තියො පටිප්පස්සම්භන්ති, පඤ්ඤත්තියො{1} නිරුජ්ඣන්ති. සහපටිලාභෙන පච්ඡිමං ජහාති, පුරිමෙ පතිට්ඨාති, විඤ්ඤත්තියො පටිප්පස්සම්භන්ති, පඤ්ඤත්තියො නිරුජ්ඣන්ති.
Sinhala BJTසඟමැදහි ගණමැදහි පුඟුලක්හු වෙතැ ලිඟු පිරිවැටුමෙනැයි අනෙකුදු සිවු අයුරෙකින් ඇවැතින් නැඟී සිටී. ස්ත්‍රී ලිඞ්ගය පිළිලැබීම සමඟ පළමු පුරුෂ ලිඞ්ගය හරියි, පශ්චිම ස්ත්‍රී ලිඞ්ගයෙහි පිහිටයි. විඥප්තීහු සන්සිඳෙත්, ප්‍රඥප්තීහු නිරුද්ධ වෙත්. පුරුෂ ලිඞ්ගය පිළිලැබීම සමග හීන වූ ස්ත්‍රී ලිඞ්ගය හරී. පළමු පුරුෂ ලිඞ්ගයෙහි පිහිටයි. විඥප්තීහු සන් සිඳෙති, ප්‍රඥප්තීහු නිරුද්ධ වෙත්.
Pali BJT5. චතස්සො චොදනා : සීලවිපත්තියා චොදෙති ආචාරවිපත්තියා චොදෙති, දිට්ඨිවිපත්තියා චොදෙති, ආජීවවිපත්තියා චොදෙති.
Sinhala BJT5. චෝදනා සතරෙකි; සීලවිපත්තියෙන් චෝදනා කෙරෙයි, ආචාර විපත්තියෙන් චෝදනා කෙරෙයි, දිට්ඨිවිපත්තියෙන් චෝදනා කෙරෙයි, ආජීවවිපත්තියෙන් චෝදනා කෙරෙයි.
Pali BJTචත්තාරො පරිවාසා : පටිච්ඡන්නපරිවාසො, අප්පටිච්ඡන්නපරිවාසො, සුද්ධන්තපරිවාසො, සමොධානපරිවාසො.
Sinhala BJTපරිවාස සතරෙකි: පටිච්ඡන්න පරිවාස යැ, අපටිච්ඡන්න පරිවාස යැ, සුද්ධන්ත පරිවාස යැ, සමෝධාන පරිවාස යැයි.
Pali BJTචත්තාරො මානත්තානි{2} : පටිච්ඡන්නමානත්තං, අපටිච්ඡන්නමානත්තං, පක්ඛමානත්තං, සමොධානමානත්තං.
Sinhala BJTමානත් සතරෙකි: පටිච්ඡන්න මානත්ත යැ, අපටිච්ඡන්න මානත්ත යැ, පක්ඛමානත්ත යැ, සමෝධාන මානත්ත යැයි.
Pali BJTචත්තාරො මානත්තචාරිකස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා : සහවාසො විප්පවාසො, අනාරොචනා, ඌනෙ ගණෙ චරති.
Sinhala BJTසහවාස යැ, විප්පවාස යැ, අනාරෝචන යැ, ඌන ගණයෙහි හැසිරීම යැයි මානත හැසිරෙන මහණහු පිළිබඳ රාත්‍රිච්ඡේද සතරෙකි.
Pali BJTචත්තාරො සාමුක්කංසා.
Sinhala BJTසාමුක්කංස සතරෙකි.
Pali BJT6. චත්තාරො පටිග්ගහිතපරිභොගා : යාවකාලිකං, යාමකාලිකං, සත්තාහකාලිකං, යාවජීවිකං.
Sinhala BJT6. පිළිගත් පිරිබෝ සතරෙකි: යාවකාලික යැ, යාමකාලික යැ, සත්තාහකාලික යැ යාවජීවක යැයි.
Pali BJTචත්තාරි මහාවිකටානි : ගූථො, මුත්තං, ඡාරිකා, මත්තිකා.
Sinhala BJTමහාවිකට සතරෙකි: ගුථ යැ, මූත්‍ර යැ, අළු යැ, මැටි යැයි.
Pali BJTචත්තාරි කම්මානි : අපලොකනකම්මං, ඤත්තිකම්මං, ඤත්තිදුතියකම්මං, ඤත්තිචතුත්ථකම්මං.
Sinhala BJTකර්‍ම සතරෙකි: අපලෝකනකර්‍ම යැ, ඤත්තිකර්‍මය යැ, ඤත්තිදුතියකර්‍ම යැ, ඤත්තිචතුත්‍ථකර්‍ම යැයි.
Pali BJTඅපරානිපි චත්තාරි කම්මානි : අධම්මෙන වග්ගකම්මං, අධම්මෙන සමග්ගකම්මං, ධම්මෙන වග්ගකම්මං, ධම්මෙන සමග්ගකම්මං.
Sinhala BJTඅධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම යැ, අධර්‍මයෙන් සමග්‍රකර්‍ම යැ, ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම යැ ධර්‍මයෙන් සමග්‍ර කර්‍ම යැයි අනෙකුදු කර්‍ම සතරෙකි.
Pali BJTචතස්සො විපත්තියො : සීලවිපත්ති, ආචාරවිපත්ති, දිට්ඨිවිපත්ති, ආජීවවිපත්ති.
Sinhala BJTසීලවිපත්ති යැ, ආචාර විපත්ති යැ, දිට්ඨි විපත්ති යැ, ආජීව විපත්ති යැයි විපත් සතරෙකි.
Pali BJTචත්තාරි අධිකරණානි : විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ආපත්තාධිකරණං, කිච්චාධිකරණං.
Sinhala BJTවිවාදාධිකරණ යැ, අනුවාදාධිකරණ යැ, ආපත්තාධිකරණ යැ, කිච්චාධිකරණ යැයි අධිකරණ සතරෙකි.
Pali BJTචත්තාරො පරිසදූසනා : භික්ඛු දුස්සීලො පාපධම්මො පරිසදූසනො, භික්ඛුනී දුස්සීලා පාපධම්මා පරිසදූසනා, උපාසකො දුස්සීලො පාපධම්මො පරිසදූසනො, උපාසිකා දුස්සීලා පාපධම්මා පරිසදූසනා.
Sinhala BJTදුශ්ශීල වූ ලාමක ස්වභාව ඇති භික්‍ෂු තෙමේ පරිෂදුෂණ යැ. දුග්ශීල වූ ලාමක ස්වභාවය ඇති භික්‍ෂුණි තොමෝ පරිෂ දූෂණා යැ, දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇති උපාසක තෙමේ පරිෂදූෂණ යැ, දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇති උපාසිකා තොමෝ පරිෂ දූෂණා යැයි පරිෂදූෂණයෝ සිවුදෙනෙකි.
Pali BJTචත්තාරො පරිසසොභනා : භික්ඛු සීලවා කල්යාණධම්මො පරිසසොභනො, භික්ඛුනී සීලවතී කල්යාණධම්මා පරිසසොභනා, උපාසකො සීලවා කල්යාණධම්මො පරිසසොභනො, උපාසිකා සීලවතී කල්යාණධම්මා පරිසසොභනා.
Sinhala BJTසිල්වත් වූ කලණදම් ඇති මහණ තෙමේ පිරිස් හොබවන්නෙක, සිල් ඇත්තා වූ කලණදම් ඇත්තා වූ මෙහෙණ තොමෝ පිරිස් හොබවන්නියක, සිල්වත්වූ කලණදම් ඇත්තා වූ උවසු තෙමේ පිරිස් හොබවන්නෙක, සිල්වත් වූ කලණදම් ඇත්තා වූ උවැසි තොමෝ පිරිස් හොබවන්නිය කැයි පිරිස් හොබවන්නෝ සිවුදෙනෙකි.
Pali BJT7. අත්ථාපත්ති ආගන්තුකො ආපජ්ජති නො ආවාසිකො. අත්ථාපත්ති ආවාසිකො ආපජ්ජති නො ආගන්තුකො. අත්ථාපත්ති ආගන්තුකො චෙව ආපජ්ජති ආවාසිකො ච. අත්ථාපත්ති නෙව ආගන්තුකො ආපජ්ජති නො ආවාසිකො.
Sinhala BJT7. ඇවැතෙක් ඇත ආගන්තුකයා අවදියි, ආවාසිකයා නො අවදී. ඇවැතෙක් ඇත ආවාසිකයා අවදියි, ආගන්තුකයා නො අවදී. ඇවැතෙක් ඇත ආගන්තුකයාත් අවදියි, ආවාසිකයාත් අවදී. ඇවැතෙක් ඇත ආගන්තුකයාත් නො අවදියි, ආවාසිකයාත් නො අවදී.
Pali BJTඅත්ථාපත්ති ගමිකො ආපජ්ජති නො ආවාසිකො. අත්ථාපත්ති ආවාසිකො ආපජ්ජති නො ගමිකො. අත්ථාපත්ති ගමිකො චෙව ආපජ්ජති ආවාසිකො ච, අත්ථාපත්ති නෙව ගමිකො ආපජ්ජති නො ආවාසිකො.
Sinhala BJTඇවැතෙක් ඇත ගමිකයා අවදියි, ආවාසිකයා නො අවදී, ඇවැතෙක් ඇත ආවාසිකයා අවදියි, ගමිකයා නො අවදී, ඇවැතෙක් ඇත ගමිකයාත් අවදියි, ආවාසිකයාත් අවදී. ඇවැතෙක් ඇත ගමිකයාත් නො අවදියි, ආවාසිකයාත් නො අවදී.
Pali BJTඅත්ථි වත්ථුනානත්තතා නො ආපත්තිනානත්තතා, අත්ථි ආපත්තිනානත්තතා නො වත්ථුනානත්තතා, අත්ථි වත්ථුනානත්තතා චෙව ආපත්තිනානත්තතා ච. අත්ථි නෙව වත්ථුනානත්තතා නො ආපත්තිනානත්තතා.
Sinhala BJTවස්තු නානාත්‍වයෙක් ඇත ආපත්ති නානාත්‍වයෙක් නැත, ආපත්ති නානාත්‍වයෙක් ඇත වස්තු නානාත්‍වයෙක් නැත, වස්තු නානාත්‍වය ද ආපත්ති නානාත්‍වය ද ඇත, වස්තු නානාත්‍වය නැත් ම යැ ආපත්ති නානාත්‍වය නැත් මැ යි.
Pali BJTඅත්ථි වත්ථුසභාගතා නො ආපත්තිසභාගතා, අත්ථි ආපත්තිසභාගතා නො වත්ථුසභාගතා, අත්ථි වත්ථුසභාගතා චෙව ආපත්තිසභාගතා ච. අත්ථි නෙව වත්ථුසභාගතා නො ආපත්තිසභාගතා.
Sinhala BJTවස්තු සභාගත්‍වයෙක් ඇත ආපත්ති සභාගත්‍වයෙක් නැත, ආපත්ති සභාගත්‍වයෙක් ඇත වස්තු සභාගත්‍වයෙක් නැත, වස්තු සභාගත්‍වය ද ආපත්ති සභාගත්‍වය ද ඇත, වස්තු සභාගත්‍වය ද ආපත්ති සභාගත්‍වය ද නැත් මැ යි.
Pali BJTඅත්ථාපත්ති උපජ්ඣායො ආපජ්ජති නො සද්ධිවිහාරිකො. අත්ථාපත්ති සද්ධිවිහාරිකො ආපජ්ජති නො උපජ්ඣායො. අත්ථාපත්ති උපජ්ඣායො චෙව ආපජ්ජති සද්ධිවිහාරිකො ච. අත්ථාපත්ති නෙව උපජ්ඣායො ආපජ්ජති නො සද්ධිවිහාරිකො.
Sinhala BJTඇවැතෙක් ඇත උපාධ්‍යාය තෙමේ අවදියි සද්ධිවිහාරික තෙමේ නො අවදී, ඇවැතෙක් ඇත සද්ධිවිහාරික තෙමේ අවදියි, උපාද්ධ්‍යාය තෙමේ නො අවදී, ඇවැතෙක් ඇත උපාද්ධ්‍යාය තෙමේත් සද්ධිවිහාරික තෙමේත් අවදී, ඇවැතෙක් ඇත උපාධ්‍යාය තෙමේ නො අවදියි සද්ධිවිහාරික තෙමේ නො අවදී.
Pali BJTඅත්ථාපත්ති ආචරියො ආපජ්ජති නො අන්තෙවාසිකො. අත්ථාපත්ති අන්තෙවාසිකො ආපජ්ජති නො ආචරියො අත්ථාපත්ති ආචරියො චෙව ආපජ්ජති අන්තෙවාසිකො ච. අත්ථාපත්ති නෙව ආචරියො ආපජ්ජති නො අන්තෙවාසිකො.
Sinhala BJTඇවැතෙක් ඇත ආචාර්‍ය්‍ය තෙමේ අවදියි ඇතැවැසි තෙමේ නො අවදී, ඇවැතෙක් ඇත ඇතැවැසි තෙමේ අවදියි ආචාර්‍ය්‍ය තෙමේ නො අවදී, ඇවැතෙක් ඇත ආචාර්‍ය්‍ය තෙමේත් අතැවැසි තෙමේත් අවදී, ඇවැතෙක් ඇත ආචාර්‍ය්‍ය තෙමේ නො ම අවදියි, අතැවැසි තෙමේ නොම අවදී.
Pali BJT8. චත්තාරො පච්චයා අනාපත්ති වස්සච්ඡෙදස්ස : සඞ්ඝො වා භින්නො හොති, සඞ්ඝං වා භින්දිතුකාමා වා හොන්ති, ජීවිතන්තරායො වා හොති, බ්රහ්මචරියන්තරායො වා.
Sinhala BJT8. වස්සච්ඡේදය පිළිබඳ ආනාපත්ති හේතු සතරෙකි: සඞ්ඝයා බිඳුනේ හෝ වෙයි. සඞ්ඝයා බිඳුනු කැමැත්තෝ හෝ වෙති, ජීවිතාන්තරායයෙක් හෝ වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් හෝ වෙයි.
Pali BJTචත්තාරි වචීදුච්චරිතානි : මුසාවාදො, පිසුනා වාචා, ඵරුසා වාචා, සම්ඵප්පලාපො.
Sinhala BJTමුසාවාද යැ පිසුණාවාචා යැ ඵරුසාවාවා යැ සම්ඵප්පලාප යැයි වාග් දුශ්චරිත සතරෙකි.
Pali BJTචත්තාරි වචීසුචරිතානි : සච්චවාචා, අපිසුණා වාචා, සණ්හා වාචා, මන්තාභාසා.
Sinhala BJTසච්චවාචා යැ අපිසුණවාචා යැ සණ්හවාචා යැ මන්තාභාස යැයි වාක් සුචරිත සතරෙකි.
Pali BJTඅත්ථි ආදියන්තො ගරුකං ආපත්තිං ආපජ්ජති, පයොජෙන්තො ලහුකං. අත්ථි ආදියන්තො ලහුකං ආපත්තිං ආපජ්ජති, පයොජෙන්තො ගරුකං. අත්ථි ආදියන්තොපි පයොජෙන්තොපි ගරුකං ආපත්තිං ආපජ්ජති. අත්ථි ආදියන්තොපි පයොජෙන්තොපි ලහුකං ආපත්තිං ආපජ්ජති.
Sinhala BJTගන්නේ ගරු ඇවැතට මෙහෙයන්නේ ලුහු ඇවැතට ඇවැදීම් ඇත. ගන්නේ ලුහු ඇවැතට මෙහෙයන්නේ ගරු ඇවැතට ඇවදීම් ඇත. ගන්නේ ද මෙහෙයන්නේ ද ගරු ඇවැතට ඇවැදීම් ඇත. ගන්නේ ද මෙහෙයන්නේ ද ලුහු ඇවැතට ඇවැදීම් ඇති.
Pali BJT9. අත්ථි පුග්ගලො අභිවාදනාරහො නො පච්චුට්ඨානාරහො, අත්ථි පුග්ගලො පච්චුට්ඨානාරහො නො අභිවාදනාරහො. අත්ථි පුග්ගලො අභිවාදනාරහො චෙව පච්චුට්ඨානාරහො ච. අත්ථි පුග්ගලො නෙව අභිවාදනාරහො නො පච්චුට්ඨානාරහො.
Sinhala BJT9. වැඳීමට සුදුසු දැක හුනස්නෙන් නැගිසිටීමට නුසුදුසු පුද්ගලයෙක් ඇත, දැක හුනස්නෙන් නැගිටීමට සුදුසු වැඳීමට නුසුදුසු පුද්ගලයෙක් ඇත, වැඳීමට සුදුසුවූ ද දැක හුනස්නෙන් නැඟී සිටීමට සුදුසුවූ ද පුද්ගලයෙක් ඇත, වැඳීමට නො ම සුදුසු වූ දැක හුනස්නෙන් නැඟී සිටීමට නො ම සුදුසු වූ පුද්ගලයෙක් ඇති.
Pali BJTඅත්ථි පුග්ගලො ආසනාරහො නො අභිවාදනාරහො අත්ථි පුග්ගලො අභිවාදනාරහො නො ආසනාරහො. අත්ථි පුග්ගලො ආසනාරහො චෙව අභිවාදනාරහො ච. අත්ථි පුග්ගලො නෙව ආසනාරහො නො අභිවාදනාරහො.
Sinhala BJTඅසුනක් දීමට සුදුසු වැඳීමට නුසුදුසු පුද්ගලයෙක් ඇත, වැඳීමට සුදුසු අසුනක් දීමට නුසුදුසු පුද්ගලයෙක් ඇත, අසුනක් දීමට සුදුසු වූ ද වැඳීමට සුදුසු වූ ද පුද්ගලයෙක් ඇත, අසුනක් දීමට නො ම සුදුසු වූ වැඳීමට නො ම සුදුසු වූ පුද්ගලයෙක් ඇති.