Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2501-2600 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTද්වීහාකාරෙහි සඞ්ඝො භිජ්ජති : කම්මෙන වා, සලාකගාහෙන වා.
Sinhala BJTකර්‍මයෙන් හෝ ලභ ගැන්මෙන් හෝ යන දෙඅයුරින් සඞ්ඝ තෙමේ බිඳේ.
Pali BJT3. ද්වෙ පුග්ගලා න උපසම්පාදෙතබ්බා : අද්ධානහීනො අඞ්ගහීනො. අපරෙපි ද්වෙ පුග්ගලා න උපසම්පාදෙතබ්බා : වත්ථුවිපන්නො, කරණදුක්කටකො. අපරෙපි ද්වෙ පුග්ගලා න උපසම්පාදෙතබ්බා : අපරිපූරො පරිපූරො නො ච යාචති.
Sinhala BJT3. අද්ධානහීන (උනුවිසිවස් ඇති) යැ, අඞ්ගහීන යැ යන පුඟුල්හු දෙදෙන උපසපන් නො කටයුත්තාහ, වස්තුවිපන්න යැ, කරණ දුෂ්කෘතක යැයි අන්‍යවූ පුඟුල් හු දෙදෙන ද උපසපන් නොකටයුත්තාහ, පිරිපුන් පා සිවුරු නැත්තේ ද, පිරිපුන් වැ (උපසපුව) නො යදනේ දැයි අන්‍ය වූ පුද්ගලයෝ දෙදෙන ද උපසපන් නො කටයුත්තාහ.
Pali BJTද්වින්නං පුග්ගලානං නිස්සාය න වත්ථබ්බං : අලජ්ජිස්ස ච බාලස්ස ච.
Sinhala BJTඅලජ්ජියා, ද අඥානයා දැයි දෙ පුඟුලන් ඇසුරු කොට නො විසිය යුතු යැ.
Pali BJTද්වින්නං පුග්ගලානං නිස්සයො න දාතබ්බො : අලජ්ජිස්ස ච ලජ්ජිනො ච න යාචති.
Sinhala BJTඅලජ්ජියාහට ද, ලජ්ජි නමුදු නො යදනහුට දැයි දෙදෙනාහට නිස නො දිය යුතු.
Pali BJTද්වින්නං පුග්ගලානං නිස්සයො දාතබ්බො : බාලස්ස ච ලජ්ජිස්ස ච යාචති.
Sinhala BJTබාලයාහට ද, ඇයැදුම් ඇති ලජ්ජියාහට දැයි දෙදෙනාහට නිස දිය යුතු.
Pali BJTද්වෙ පුග්ගලා අභබ්බා ආපත්තිං ආපජ්ජිතුං : බුද්ධා ච. පච්චෙකබුද්ධා ච.
Sinhala BJTබුදුහු ද, පසේබුදුහු දැයි දෙපුඟුල්හු ඇවැත් අවදනට නො නිස්සහ.
Pali BJTද්වෙ පුග්ගලා භබ්බා ආපත්තිං ආපජ්ජිතුං : භික්ඛූ ච භික්ඛුනියො ච.
Sinhala BJTභික්‍ෂුහු ද, භික්‍ෂුණීහු දැයි දෙපුඟුල්හු ඇවැත් අවදනට නිස්සහ.
Pali BJTද්වෙ පුග්ගලා අභබ්බා සඤ්චිච්ච ආපත්තිං ආපජ්ජිතුං : භික්ඛූ ච භික්ඛුනියො ච අරියපුග්ගලා.
Sinhala BJTආර්‍ය්‍ය පුද්ගල වූ භික්‍ෂූහු ද භික්‍ෂුණීහු දැයි දෙපුඟුල්හු දැන දැන ඇවැත් අවදනට නො නිස්සහ.
Pali BJTද්වෙ පුග්ගලා භබ්බා සඤ්චිච්ච ආපත්තිං ආපජ්ජිතුං : භික්ඛූ ච භික්ඛුනියො ච පුථුජ්ජනා.
Sinhala BJTපුහුදුන් වූ භික්‍ෂූහු ද, භික්‍ෂුණීහු දැයි දෙපුඟුල්හු දැන දැන ඇවැත් අවදනට නිස්සහ.
Pali BJTද්වෙ පුග්ගලා අභබ්බා සඤ්චිච්ච සාතිසාරං වත්ථුං අජ්ඣාචරිතුං : භික්ඛූ ච භික්ඛුනියො ච අරියපුග්ගලා.
Sinhala BJTආර්‍ය්‍ය පුද්ගල වූ භික්‍ෂුහු ද, භික්‍ෂුණීහු දැයි දෙපුඟුල්හු දැන දැන සදොස් කරුණක් කරන්නට නො නිස්සහ.
Pali BJTද්වෙ පුග්ගලා භබ්බා සඤ්චිච්ච සාතිසාරං වත්ථුං අජ්ඣාචරිතුං : භික්ඛූ ච භික්ඛුනියො ච පුථුජ්ජනා.
Sinhala BJTපුහුදුන් වූ භික්‍ෂූහු ද, භික්‍ෂුණීහු දැයි දෙ පුඟුල්හු දැන දැන සදොස් කරුණක් කරන්නට නිස්සහ.
Pali BJTද්වෙ පටික්කොසා : කායෙන වා පටික්කොසති, වාචාය වා පටික්කොසති.
Sinhala BJTකයින් හෝ ප්‍රතික්‍රෝෂණය කෙරෙයි, වචනයෙන් හෝ ප්‍රතික්‍රෝෂණය කෙරේ යැයි ප්‍රතික්‍රෝෂණය දෙකෙකි.
Pali BJTද්වෙ නිස්සාරණා : අත්ථි පුග්ගලො අප්පත්තො නිස්සාරණං තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති, එකච්චො සුනිස්සාරිතො, එකච්චො දුන්නිස්සාරිතො.
Sinhala BJTනිස්සාරණයට අප්‍රාප්ත පුද්ගලයෙක් ඇත. ඉදින් සඟහු ඔහු නිස්සාරණය (බැහැර කිරීම) කෙරෙත් නම් එකෙක් සුනිස්සාරිත යැ, එකෙක් දුන්නිස්සාරිත යැයි නිස්සාරණ දෙකෙකි.
Pali BJTද්වෙ ඔසාරණා : අත්ථි පුග්ගලො අප්පත්තො ඔසාරණං තඤ්චෙ සඞ්ඝො ඔසාරෙති, එකච්චො සොසාරිතො, එකච්චො දොසාරිතො.
Sinhala BJTඔසාරණ කර්‍මයට අප්‍රාප්ත පුද්ගලයෙක් ඇත. ඉදින් සඟහු ඔහු ඔසාරණය (ඇතුළත් කරගැන්ම) කෙරෙත් නම් එකෙක් සොසාරිත යැ, එකෙක් දෝසාරිත යැයි ඔසාරණ දෙකෙකි.
Pali BJTද්වෙ පටිඤ්ඤා : කායෙන වා පටිජානාති වාචාය වා පටිජානාති.
Sinhala BJTකයින් හෝ ප්‍රතිඥා කෙරෙයි, වචනයෙන් හෝ ප්‍රතිඥා කෙරේ යැයි ප්‍රතිඥා දෙකෙකි.
Pali BJTද්වෙ පටිග්ගහා : කායෙන වා පටිගණ්හාති, කායපටිබද්ධෙන වා පටිගණ්හාති.
Sinhala BJTකයින් හෝ පිළිගණියි, කයපිළිබැඳියකින් හෝ පිළිගණී යැයි පිළිගැණීම් දෙකෙකි.
Pali BJTද්වෙ පටික්ඛෙපා : කායෙන වා පටික්ඛිපති වාචාය වා පටික්ඛිපති.
Sinhala BJTකයින් හෝ පිළිකෙවු කෙරෙයි, වචනයෙන් හෝ පිළිකෙවු කෙරේ යැයි පිළිකෙවු කිරීම් දෙකෙකි.
Pali BJTද්වෙ උපඝාතිකා : සික්ඛූපඝාතිකා ච භොගූපඝාතිකා ච.
Sinhala BJTශික්‍ෂොපඝතික යැ භෝගොපඝාතික යැයි උපඝාතිකයෝ දෙදෙනෙකි.
Pali BJTද්වෙ චොදනා : කායෙන වා චොදෙති, වාචාය වා චොදෙති.
Sinhala BJTකයින් හෝ චෝදනා කෙරෙයි, වචනයෙන් හෝ චෝදනා කෙරේ යැයි චෝදනා දෙකෙකි.
Pali BJT4. ද්වෙ කඨිනස්ස පලිබොධා : ආවාසපලිබොධො ච චීවරපලිබොධො ච.
Sinhala BJT4. ආවාසපළිබෝධ යැ, චීවරපළිබොධ යැ යි කඨිනය පිළිබඳ පළිබෝධ දෙකෙකි.
Pali BJTද්වෙ කඨිනස්ස අපලිබොධා : ආවාස අපලිබොධො ච චීවරඅපලිබොධො ච.
Sinhala BJTආවාසපළිබෝධාභාවයැ, චීවරපළිබොධාභාව යැයි කඨිනය පිළිබඳ පළිබෝධාභාව දෙකෙකි.
Pali BJTද්වෙ චීවරානි : ගහපතිකඤ්ච පංසුකූලඤ්ච.
Sinhala BJTගෘහපතික යැ, පාංශුකූලික යැයි සිවුරු දෙකෙකි.
Pali BJTද්වෙ පත්තා : අයොපත්තො මත්තිකා පත්තො.
Sinhala BJTඅයඃපාතූ යැ, මෘත්පාත්‍ර යැයි පාත්‍ර දෙකෙකි.
Pali BJTද්වෙ මණ්ඩලානි : තිපුමයං සීසමයං.
Sinhala BJTඊයම්මුවා යැ, කලුතුඹමුවා යැ යි පාමඬුලු (පාත්‍ර අඩි) දෙකෙකි.
Pali BJTද්වෙ පත්තස්ස අධිට්ඨානා : කායෙන වා අධිට්ඨෙති, වාචාය වා අධිට්ඨෙති.
Sinhala BJTකයින් හෝ ඉටයි, වචනයෙන් හෝ ඉටා යැයි පාත්‍රය පිළිබඳ ඉටීම් දෙකෙකි.
Pali BJTද්වෙ චීවරස්ස අධිට්ඨානා : කායෙන වා අධිට්ඨෙති, වාචාය වා අධිට්ඨෙති.
Sinhala BJTකයින් හෝ ඉටයි, වචනයෙන් හෝ ඉටා යැ යි සිවුර පිළිබඳ ඉටීම් දෙකෙකි.
Pali BJTද්වෙ විකප්පනා : සම්මුඛාවිකප්පනා ච පරම්මුඛාවිකප්පනා ච.
Sinhala BJTහමුවෙහි විකැපීම යැ, නො හමුවෙහි විකැපීම යැ යි විකැපුම් දෙකෙකි.
Pali BJT5. ද්වෙ විනයා : භික්ඛූනඤ්ච භික්ඛුනීනඤ්ච.
Sinhala BJT5. භික්‍ෂූන් පිළිබඳවූ ද, භික්‍ෂුණීන් පිළිබඳවූ ද විනය දෙකෙකි.
Pali BJTද්වෙ වෙනයිකා : පඤ්ඤත්තඤ්ච පඤ්ඤත්තානුලොමඤ්ච.
Sinhala BJTප්‍රඥප්ත යැ, ප්‍රඥප්තානුලෝම යැ යි විනයෙහි සිද්ධ වූ අර්‍ත්‍ථ දෙකෙකි.
Pali BJTද්වෙ විනයස්ස සල්ලෙඛා : අකප්පියෙ සෙතුඝාතො, කප්පියෙ මත්තකාරිතා.
Sinhala BJTඅකැපයෙහි හේතු නැසීම යැ, කැපයෙහි පමණ දැන කිරීම යැ යි විනයසල්ලෙඛ දෙකෙකි.
Pali BJTද්වීහාකාරෙහි ආපත්තිං ආපජ්ජති : කායෙන වා ආපජ්ජති වාචාය වා ආපජ්ජති.
Sinhala BJTකයින් හෝ පැමිණෙයි, වචනයෙන් හෝ පැමිණේ යැයි දෙ අයුරින් ඇවැතට පැමිණේ.
Pali BJTද්වීහාකාරෙහි ආපත්තියා වුට්ඨාති : කායෙන වා වුට්ඨාති, වාචාය වා වුට්ඨාති.
Sinhala BJTකයින් හෝ නැඟී සිටියි, වචනයෙන් හෝ නැඟී සිටී යැයි දෙ අයුරින් ඇවැතින් නැඟී සිටී.
Pali BJTද්වෙ පරිවාසා : පටිච්ඡන්නපරිවාසො අපටිච්ඡන්නපරිවාසො, අපරෙපි ද්වෙ පරිවාසා : සුද්ධන්තපරිවාසො සමොධානපරිවාසො.
Sinhala BJTප්‍රතිච්ඡන්නපරිවාස යැ, අප්‍රතිච්ඡන්නපරිවාස යැයි පිරිවෙස් දෙකෙකැ. සුද්ධන්තපරිවාස යැ, සමෝධානපරිවාස යැයි අනෙකුදු පිරිවෙස් දෙකෙකි.
Pali BJTද්වෙ මානත්තා : පටිච්ඡන්නමානත්තං අපටිච්ඡන්නමානත්තං. අපරෙපි ද්වෙ මානත්තා : පක්ඛමානත්තං සමොධානමානත්තං.
Sinhala BJTප්‍රතිච්ඡන්නමානත්ත යැ අප්‍රතිච්ඡන්නමානත්ත යැයි මානත් දෙකෙකැ. පක්ඛමානත්ත යැ, සමෝධානමානත්ත යැයි අනෙකුදු මානත් දෙකෙකි.
Pali BJTද්වින්නං පුග්ගලානං රත්තිච්ඡෙදො : පාරිවාසිකස්ස ච මානත්තචාරිකස්ස ච.
Sinhala BJTපිරිවෙස් පුරන්නාගේ ද, මානතැ හැසිරෙන්නාගේ දැයි දෙ පුඟුලන්ගේ රාත්‍රිච්ඡේදය වෙයි.
Pali BJTද්වෙ අනාදරියානි : පුග්ගලඅනාදරියඤ්ච ධම්මඅනාදරියඤ්ච.
Sinhala BJTපුඟුලා කෙරෙහි අනදරබව ද දහම්හි අනදරබව දැයි අනදර බැව් දෙකෙකි.
Pali BJT6. ද්වෙ ලොණානි : ජාතිමඤ්ච කාරිමඤ්ච,{1} අපරානිපි ද්වෙ ලොණානි : සාමුද්දං කාළලොණං. අපරානිපි ද්වෙ ලොණානි : සින්ධවං, උබ්භිදං. අපරානිපි ද්වෙ ලොණානි : රොමකං පක්කාලකං.
Sinhala BJT6. ස්වයංජාත යැ, කෘත්‍රිම යැයි ලුණු දෙකෙකැ. මුහුදු ලුණු යැ, බළල්ලුණු යැයි අනෙකුදු ලුණු දෙකෙකැ. සිඳු ලුණු යැ, වැලිගැරූ ලුණු යැයි අනෙකුදු ලුණු දෙකෙකැ. රෝම ලුණු යැ, යවකාර ලුණු යැයි අනෙකුදු ලුණු දෙකෙකි.
Pali BJTද්වෙ පරිභොගා : අබ්භන්තරපරිභොගො ච බාහිරපරිභොගො ච.
Sinhala BJTඅභ්‍යන්තර පරිභෝග යැ, බාහිර පරිභෝග යැයි පරිභෝග දෙකෙකි.
Pali BJTද්වෙ අක්කොසා : හීනො ච අක්කොසො උක්කට්ඨො ච අක්කොසො.
Sinhala BJTහීනාක්‍රෝශ යැ, උත්කෘෂ්ටාකොශ යැයි ආක්‍රෝශ දෙකෙකි.
Pali BJTද්වීහාකාරෙහි පෙසුඤ්ඤං හොති : පියකම්යස්ස වා භෙදාධිප්පායස්ස වා.
Sinhala BJTප්‍රිය බව කරණු කැමැතියාහට හෝ බිඳවීම් අදහස් ඇතියාහට හෝ යන දෙ අයුරින් කේලාම් කීම වෙයි.
Pali BJTද්වීහාකාරෙහි ගණභොජනං පසවති : නිමන්තනතො වා විඤ්ඤත්තිතො වා.
Sinhala BJTනිමන්ත්‍රණයෙන් හෝ විඥප්තියෙන් හෝ යන දෙ අයුරින් ගණභෝජනය දනවයි.
Pali BJT7. ද්වෙ වස්සූපනායිකා : පුරිමිකා ච පච්ඡිමිකා ච.
Sinhala BJT7. පෙරවස් එළැඹීම යැ, පසුවස් එළැඹීම යැයි වස් එළැඹීම් දෙකෙකි.
Pali BJTද්වෙ අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJTනො දැහැමි පාමොක් තැබීම් දෙකෙකැ.
Pali BJTද්වෙ ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJTදැහැමි පාමොක් තැබීම් දෙකෙකි,
Pali BJT8. ද්වෙ පුග්ගලා බාලා : යො ච අනාගතං භාරං වහති, යො ච ආගතං භාරං න වහති. ද්වෙ පුග්ගලා පණ්ඩිතා : යො ච අනාගතං භාරං න වහති, යො ච ආගතං භාරං වහති.
Sinhala BJT8. යමෙකුත් නො පැමිණි බර උසුලයි ද යමෙකුත් පැමිණි බර නො උසුලයි දැයි (මේ) පුද්ගලයෝ දෙදෙන බාලයෝ යි. යමෙකුත් නො පැමිණි බර නො උසුලයි ද යමෙකුත් පැමිණි බර උසුලයි ද (මේ) පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
Pali BJTඅපරෙපි ද්වෙ පුග්ගලා බාලා : යො ච අකප්පියෙ කප්පියසඤ්ඤී, යො ච කප්පියෙ අකප්පියසඤ්ඤී. ද්වෙ පුග්ගලා පණ්ඩිතා : යො ච අකප්පියෙ අකප්පියසඤ්ඤී, යො ච කප්පියෙ කප්පිය සඤ්ඤී.
Sinhala BJTයමෙකුත් නො කැපයෙහි කැපැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් කැපයෙහි අකැපැයි හැඟීම් ඇත්තේ ද යන අන්‍ය වූ ද පුද්ගලයෝ දෙදෙනෙක් බාලයෝයි. යමෙකුත් නො කැපයෙහි අකැපැ යි හැඟීම් ඇත්තේ ද යමෙකුත් කැපයෙහි කැපැයි හැඟීම් ඇත්තේ ද යන පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
Pali BJTඅපරෙපි ද්වෙ පුග්ගලා බාලා : යො ච අනාපත්තියා ආපත්තිසඤ්ඤී, යො ච ආපත්තියා අනාපත්තිසඤ්ඤී. ද්වෙ පුග්ගලා පණ්ඩිතා : යො ච ආපත්තියා ආපත්තිසඤ්ඤී, යො ච අනාපත්තියා අනාපත්තිසඤ්ඤී.
Sinhala BJTයමෙකුත් නො ඇවැතෙහි ඇවැතැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ඇවැතෙහි නො ඇවැතැයි හැඟීම් ඇත්තේ ද යන අන්‍ය වූ ද පුද්ගලයෝ දෙදෙනෙක් බාලයෝ යි. යමෙකුත් ඇවැතෙහි ඇවැතැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් නො ඇවැතෙහි නො ඇවැතැයි හැඟීම් ඇත්තේ ද යන (මේ) පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
Pali BJTඅපරෙපි ද්වෙ පුග්ගලා බාලා : යො ච අධම්මෙ ධම්මසඤ්ඤී, යො ච ධම්මෙ අධම්මසඤ්ඤී. ද්වෙ පුග්ගලා පණ්ඩිතා : යො ච අධම්මෙ අධම්මසඤ්ඤී, යො ච ධම්මෙ ධම්මසඤ්ඤී.
Sinhala BJTයමෙකුත් අධර්‍මයෙහි ධර්‍මයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මයැයි හැඟීම් ඇත්තේ ද යන අන්‍ය වූ ද පුද්ගලයෝ දෙදෙනෙක් බාලයෝ යි. යමෙකුත් අධර්‍මයෙහි අධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ධර්‍මයෙහි ධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද යන පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
Pali BJTඅපරෙපි ද්වෙ පුග්ගලා බාලා : යො ච අවිනයෙ විනයසඤ්ඤී, යො ච විනයෙ අවිනයසඤ්ඤී. ද්වෙ පුග්ගලා පණ්ඩිතා : යො ච අවිනයෙ අවිනයසඤ්ඤී, යො ච විනයෙ විනයසඤ්ඤී.
Sinhala BJTයමෙකුත් අවිනයයෙහි විනයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් විනයයෙහි අවිනයැයි හැඟීම් ඇත්තේ ද යන අන්‍ය වූ ද පුද්ගලයෝ දෙදෙනෙක් බාලයෝ යි. යමෙකුත් අවිනයයෙහි අවිනයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් විනයයෙහි විනයැයි හැඟීම් ඇත්තේ ද (මේ) පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
Pali BJT9. ද්වින්නං පුග්ගලානං ආසවා වඩ්ඪන්ති : යො ච න කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති, යො ච කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායති. ද්වින්නං පුග්ගලානං ආසවා න වඩ්ඪන්ති : යො ච කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායති යො ච කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති.
Sinhala BJT9. යමෙකුත් කුකුස් නො කටයුත්තෙහි කුකුස් කෙරේ ද, යමෙකුත් කුකුස් කටයුත්තෙහි කුකුස් නො කෙරේ ද, මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් කුකුස් නො කටයුත්තෙහි කුකුස් නො කෙරේ ද, යමෙකුත් කුකුස්කටයුත්තෙහි කුකුස් කෙරේ ද, මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙති.
Pali BJTඅපරෙසම්පි ද්වින්නං පුග්ගලානං ආසවා වඩ්ඪන්ති : යො ච අකප්පියෙ කප්පියසඤ්ඤී, යො ච කප්පියෙ අකප්පියසඤ්ඤී. ද්වින්නං පුග්ගලානං ආසවා න වඩ්ඪන්ති : යො ච අකප්පියෙ අකප්පියසඤ්ඤී, යො ච කප්පියෙ කප්පියසඤ්ඤී.
Sinhala BJTයමෙකුත් නො කැපයෙහි කැපැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් කැපයෙහි නො කැපැයි හැඟීම් ඇත්තේ ද මේ අනෙක් පුද්ගලයන් දෙදෙනකුන්ගේ ද ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් නො කැපයෙහි නො කැපැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් කැපයෙහි කැපැයි හැඟීම් ඇත්තේ ද මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙති.
Pali BJTඅපරෙසම්පි ද්වින්නං පුග්ගලානං ආසවා වඩ්ඪන්ති : යො ච අනාපත්තියා ආපත්තිසඤ්ඤී, යො ච ආපත්තියා අනාපත්තිසඤ්ඤී. ද්වින්නං පුග්ගලානං ආසවා න වඩ්ඪන්ති : යො ච අනාපත්තියා අනාපත්තිසඤ්ඤී, යො ච ආපත්තියා ආපත්තිසඤ්ඤී.
Sinhala BJTයමෙකුත් නො ඇවැතෙහි ඇවැතැයි හැඟීම් ඇත්තේ ද, යමෙකුත් ඇවැතෙහි නො ඇවැතැයි හැඟීම් ඇත්තේ ද මේ අනෙක් පුද්ගලයන් දෙදෙනකුන්ගේ ද ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් නො ඇවැතෙහි නො ඇවැතැ යි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ඇවැතෙහි ඇවැතැයි හැඟීම් ඇත්තේ ද මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙති.
Pali BJTඅපරෙසම්පි ද්වින්නං පුග්ගලානං ආසවා වඩ්ඪන්ති : යො ච අධම්මෙ ධම්මසඤ්ඤී, යො ච ධම්මෙ අධම්මසඤ්ඤී. ද්වින්නං පුග්ගලානං ආසවා න වඩ්ඪන්ති : යො ච අධම්මෙ අධම්මසඤ්ඤී, යො ච ධම්මෙ ධම්මසඤ්ඤී.
Sinhala BJTයමෙකුත් අධර්‍මයෙහි ධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ධර්‍මයෙහි අධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද මේ අනෙක් පුද්ගලයන් දෙදෙනකුන්ගේ ද ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් අධර්‍මයෙහි අධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ධර්‍මයෙහි ධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙති.
Pali BJTඅපරෙසම්පි ද්වින්නං පුග්ගලානං ආසවා වඩ්ඪන්ති : යො ච අවිනයෙ විනයසඤ්ඤී, යො ච විනයෙ අවිනයසඤ්ඤී. ද්වින්නං පුග්ගලානං ආසවා න වඩ්ඪන්ති : යො ච අවිනයෙ අවිනයසඤ්ඤී, යො ච විනයෙ විනයසඤ්ඤී.
Sinhala BJTයමෙකුත් අවිනයයෙහි විනයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් විනයයෙහි අවිනයැයි හැඟීම් ඇත්තේ ද මේ අනෙක් පුද්ගලයන් දෙදෙනකුන්ගේ ද ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් අවිනයයෙහි අවිනයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් විනයයෙහි විනයැයි හැඟීම් ඇත්තේ ද මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙත්.
Pali BJTදුකං නිට්ඨිතං.
Sinhala BJTදුකයෝ නිමියහ.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. සඤ්ඤා ලද්ධා ච සද්ධම්මා පරික්ඛාරා ච පුග්ගලා, සච්චං භූමි නික්ඛමන්තො, ආදියන්තො සමාදියං.
Sinhala BJT1. සඤ්ඤාවිමෝක්ඛ දුක යැ ලද්ධසමාපත්ති දුක යැ සද්ධම්මපටිසඤ්ඤුත්ත දුක යැ පරික්ඛාර දුක යැ පුග්ගල දුක යැ සච්චං භණන්ත දුක යැ මුසාභණ්න්ත දුක යැ භූමිගත දුක යැ නික්ඛමන්ත දුක යැ ආදියන්ත දුක යැ සමාදියන්ත දුක යැ,
Pali BJT2. කරොන්තො දෙන්තො ගණ්හන්තො පරිභොගෙන රත්ති ච, අරුණා ඡින්දං ඡාදෙන්තා ධාරෙන්තො ච උපොසථා.
Sinhala BJT2. කරොන්ත දුක යැ දෙන්ත දුක යැ දේසෙන්ත දුක යැ ගණ්භන්ත දුක යැ පරිභෝග දුක ය සමග රත්ති - දිවා දුක යැ අරුණුග්ග දුක යැ ඡින්‍දන්ත දුක යැ ඡාදෙන්ත දුක යැ ධාරෙන්ත දුක යැ උපෝසථ දුක යැ,
Pali BJT3. පවාරණා කම්මා පරා වත්ථු අපරා දොසා ච, අපරා ද්වෙ ච සම්පත්ති නානා සමානමෙව ච.
Sinhala BJT3. පවාරණ දුක යැ කම්ම දුක යැ හා අපර කම්ම දුක යැ වත්‍ථු - අපර වත්‍ථුදෝස දුක යැ සම්පත්ති හා අපර සම්පත්ති දුක යැ නානාසංවාස හා සමාන සංවාස දුක යැ,
Pali BJT4. පාරාජිකා සඞ්ඝා ථුල්ලච්ච{1} පාචිත්තියා පාටිදෙසනී, දුක්කටා දුබ්භාසිතා චෙව{2} සත්තාපත්තික්ඛන්ධා ච.
Sinhala BJT4. පාරාජික - සඞ්ඝාදිසේස - ථුල්ලච්චය - පාචිත්තිය - පාටිදේසනීය - දුක්කට - දුඛභාසිත යන සත යැ සත්තාපත්තික්ඛන්‍ධ යැ.
Pali BJT5. භිජ්ජති උපසම්පදා, තථෙව අපරෙ දුවෙ, න වත්ථබ්බං න දාතබ්බං අභබ්බාභබ්බමෙව ච.
Sinhala BJT5. සඞ්ඝභේද හා න උපසම්පාදෙතබ්බ දුක යැ එසේ ම අන්‍ය වූ න උපසම්පාදෙතබ්බ දුක දෙක යැ අපරිපූර - පරිපූර දුක යැ න වත්‍ථබ්බ - න දාතබ්බ දුක දෙක යැ අභබ්බ - භබ්බ දුක යැ,
Pali BJT6. සඤ්චිච්ච සාතිසාරා ච පටික්කොසා ච නිස්සාරණා, ඔසාරණා පටිඤ්ඤා ච පටිග්ගහා පටික්ඛිපා.
Sinhala BJT6. සඤ්චිච්ච දුක යැ සාතිසාර දුක යැ පටික්කෝස - නිස්සාරණ - ඔසාරණ - පටිඤ්ඤා - පටිග්ගහ - පටික්ඛේප යන දුකයෝ යැ,
Pali BJT7. උපඝාති චොදනා ච කඨිනා ච දුවෙ තථා, චීවරා පත්තමණ්ඩලා අධිට්ඨානා තථෙව ද්වෙ.
Sinhala BJT7. උපඝාති දුක යැ චෝදනා දුක යැ එසේම කඨින දුක දෙක යැ එසේම චීවර - පත්තමණ්ඩල - අධිට්ඨාන යන දුකයෝ යැ.
Pali BJT8. විකප්පනා ච විනයා වෙනයිකා ච සල්ලෙඛා, ආපජ්ජති ච වුට්ඨාති පරිවාසා අපරෙ දුවෙ.
Sinhala BJT8. විකප්පන දුක යැ විනය දුක යැ වෙනයික - සල්ලේඛ දුක යැ ආපජ්ජති දුක යැ වුට්ඨාති දුක යැ අනෙකුදු පරිවාස දුක දෙක යැ,
Pali BJT9. ද්වෙ මානත්තා අපරෙ ච රත්තිච්ඡෙදො අනාදරි, ද්වෙ ලොණා තයො අපරෙ පරිභොගක්කොසෙන ච.
Sinhala BJT9. අනෙකුදු මානත්ත දුක යැ රත්තිචෙඡද - අනාදර දුක යැ ලෝණ දුක යැ අන්‍ය වූ ලෝණ දුක තුණ යැ පරිභෝග - අක්කෝසන දුකයෝ යැ,
Pali BJT10. පෙසුඤ්ඤො ච ගණාවස්සට්ඨපනා භාරකප්පියා, අනාපත්ති අධම්මධම්මා විනයෙ ආසවෙ තථා ති.
Sinhala BJT10. පෙසුඤ්ඤ - ගණභෝජන - වස්සුපනායික දුක යැ පාතිමොක්ඛඨපන - ආගතානාගතභාර - කප්පියා කප්පිය දුක යැ ආපත්ති - අනාපත්ති - ධම්මාධම්ම දුක යැ එසේ ම විනය සඤ්ඤි - ආසවවඩ්ඪන දුකයෝ යැයි මොහු වෙත්.
Pali BJTතිකං
Sinhala BJTතිකය
Pali BJT1. අත්ථාපත්ති තිට්ඨන්තෙ භගවති ආපජ්ජති, නො පරිනිබ්බුතෙ, අත්ථාපත්ති පරිනිබ්බුතෙ භගවති ආපජ්ජති, නො තිට්ඨන්තෙ, අත්ථාපත්ති තිට්ඨන්තෙපි භගවති ආපජ්ජති පරිනිබ්බුතෙපි.
Sinhala BJT1. බුදුරදුන් පිරිනිවී කල්හි නො වැ දිවමනු කල්හි පැමිණෙන ඇවැතෙක් ඇත, බුදුරදුන් දිවමනු කල්හි නො වැ පිරිනිවි කල්හි පැමිණෙන ඇවැතෙක් ඇත, බුදුරදුන් දිවමනු කල්හි ද පිරිනිවි කල්හි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති කාලෙ ආපජ්ජති, නො විකාලෙ, අත්ථාපත්ති විකාලෙ ආපජ්ජති, නො කාලෙ, අත්ථාපත්ති කාලෙ චෙව ආපජ්ජති විකාලෙ ච.
Sinhala BJTවිකාලයෙහි නො වැ කාලයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කාලයෙහි නො වැ විකාලයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කාලයෙහි ද විකාලයෙහි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති රත්තිං ආපජ්ජති නො දිවා, අත්ථාපත්ති දිවා ආපජ්ජති, නො රත්තිං, අත්ථාපත්ති රත්තිං චෙව ආපජ්ජති දිවා ච.
Sinhala BJTදහවල් නො වැ රාත්‍රියෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, රාත්‍රියෙහි නො වැ දහවල් පැමිණෙන ඇවැතෙක් ඇත, රාත්‍රියෙහි ද දහවල්හි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති දසවස්සො ආපජ්ජති නො ඌනදසවස්සො, අත්ථාපත්ති ඌනදසවස්සො ආපජ්ජති, නො දසවස්සො, අත්ථාපත්ති දසවස්සො චෙව ආපජ්ජති ඌනදසවස්සො ච.
Sinhala BJTදසවස් ඇති වැ පැමිණෙන උනු දසවස් ඇති වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, උනු දසවස් ඇති වැ පැමිණෙන දසවස් ඇති වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, දසවස් ඇති වැ ද උනු දසවස් ඇති වැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති පඤ්චවස්සො ආපජ්ජති, නො ඌනපඤ්චවස්සො, අත්ථාපත්ති ඌනපඤ්චවස්සො ආපජ්ජති නො පඤ්චවස්සො, අත්ථාපත්ති පඤ්චවස්සො චෙව ආපජ්ජති ඌනපඤ්චවස්සො ච.
Sinhala BJTපස්වස් ඇති වැ පැමිණෙන උනු පස්වස් ඇති වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, උනු පස්වස් ඇති වැ පැමිණෙන පස්වස් ඇති වැ නොපැමිණෙන ඇවැතෙක් ඇත, පස්වස් ඇති වැ ද උනු පස්වස් ඇති වැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති කුසලචිත්තො ආපජ්ජති, අත්ථාපත්ති අකුසලචිත්තො ආපජ්ජති, අත්ථාපත්ති අබ්යාකතචිත්තො ආපජ්ජති.
Sinhala BJTකුසල් සිත් ඇති වැ පැමිණෙන ඇවැතෙක් ඇත, අකුසල් සිත් ඇති වැ පැමිණෙන ඇවැතෙක් ඇත, අව්‍යාකෘත සිත් ඇති වැ පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති සුඛවෙදනාසමඞ්ගී ආපජ්ජති, අත්ථාපත්ති දුක්ඛවෙදනාසමඞ්ගී ආපජ්ජති, අත්ථාපත්ති අදුක්ඛමසුඛවෙදනාසමඞ්ගී ආපජ්ජති.
Sinhala BJTසුඛ වේදනායෙන් යුක්ත වැ පැමිණෙන ඇවැතෙක් ඇත, දුක් වේදනායෙන් යුක්ත වැ පැමිණෙන ඇවැතෙක් ඇත, නො දුක් නො සුව වේදනායෙන් යුක්ත වැ පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJT2. තීණි චොදනාවත්ථූනි : දිට්ඨෙන සුතෙන පරිසඞ්කාය.
Sinhala BJT2. චෝදනා වස්තු තුනෙකි: දැකීමෙන් ඇසීමෙන් සැකයෙනි.
Pali BJTතයො සලාකගාහා : ගූළ්හකො විවටකො සකණ්ණජප්පකො.
Sinhala BJTලහගැණීම් තුනෙකි: ගූළහක යැ විවටක යැ සකණ්ණජප්පක යැයි.
Pali BJTතයො පටික්ඛෙපා : මහිච්ඡතා අසන්තුට්ඨිතා{1} අසල්ලෙඛතා.
Sinhala BJTප්‍රතික්‍ෂේප තුනෙකි: මහිච්ඡතා යැ අසන්තුට්ඨිතා යැ අසල්ලේඛතා යැයි.
Pali BJTතයො අනුඤ්ඤාතා : අප්පිච්ඡතා සන්තුට්ඨිතා සල්ලෙඛතා. අපරෙපි
Sinhala BJTඅනුදැනීම් තුනෙකි: අප්පිච්ඡතා යැ සන්තුට්ඨිතා යැ සල්ලෙඛතා යැයි.
Pali BJTතයො පටික්ඛෙපා : මහිච්ඡතා අසන්තුට්ඨිතා අමත්තඤ්ඤුතා.
Sinhala BJTඅනෙකුදු ප්‍රතික්‍ෂේප තුනෙකි: මහිච්ඡතා යැ අසන්තුට්ඨිතා යැ අමත්තඤ්ඤුතා යැයි.
Pali BJTතයො අනුඤ්ඤාතා : අප්පිච්ඡතා සන්තුට්ඨිතා මත්තඤ්ඤුතා.
Sinhala BJTඅනුදැනීම් තුනෙකි: අප්පිච්ඡතා යැ සන්තුට්ඨිතා යැ මත්තඤ්ඤුතා යැයි.
Pali BJTතිස්සො පඤ්ඤත්තියො : පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති. අපරාපි තිස්සො පඤ්ඤත්තියො : සබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති සාධාරණපඤ්ඤත්ති, අපරාපි තිස්සො පඤ්ඤත්තියො : අසාධාරණපඤ්ඤත්ති එකතො පඤ්ඤත්ති උභතො පඤ්ඤත්ති.
Sinhala BJTප්‍රඥප්ති තුනෙකි: පඤ්ඤත්ති යැ අනුපඤ්ඤත්ති යැ අනුප්පන්නපඤ්ඤත්ති ය, අනෙකුදු ප්‍රඥප්ති තුනෙකි: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ පදෙසපඤ්ඤත්ති යැ සාධාරණපඤ්ඤත්ති යැ, අනෙකුදු ප්‍රඥප්ති තුනෙකි: අසාධාරණ පඤ්ඤත්ති යැ ඒකතෝ පඤ්ඤත්ති යැ උභතෝ පඤ්ඤත්ති යැ යි.
Pali BJT3. අත්ථාපත්ති බාලො ආපජ්ජති නො පණ්ඩිතො, අත්ථාපත්ති පණ්ඩිතො ආපජ්ජති නො බාලො, අත්ථාපත්ති බාලො චෙව ආපජ්ජති පණ්ඩිතො ච.
Sinhala BJT3. පණ්ඩිතයා නො වැ බාලයා පැමිණෙන ඇවැතෙක් ඇත, බාලයා නො වැ පණ්ඩිතයා පැමිණෙන ඇවැතෙක් ඇත, බාලයාත් පණ්ඩිතයාත් පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති කාළෙ ආපජ්ජති නො ජුණ්හෙ, අත්ථාපත්ති ජුණ්හෙ ආපජ්ජති නො කාළෙ, අත්ථාපත්ති කාළෙ චෙව ආපජ්ජති ජුණ්හෙ ච.
Sinhala BJTශුක්ල පක්‍ෂයෙහි නො වැ කෘෂ්ණ පක්‍ෂයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහි නො වැ ශුක්ල පක්‍ෂයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහි නො වැ ශුක්ල පක්‍ෂයෙහි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJTඅත්ථි කාළෙ කප්පති, නො ජුණ්හෙ, අත්ථි ජුණ්හෙ කප්පති නො කාළෙ, අත්ථි කාළෙ චෙව කප්පති ජුණ්හෙ ච.
Sinhala BJTශුක්ල පක්‍ෂයෙහි නො වැ කෘෂ්ණ පක්‍ෂයෙහි කැපයෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහි නො වැ ශුක්ල පක්‍ෂයෙහි කැපයෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහිත් ශුක්ල පක්‍ෂයෙහිත් කැපයෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති හෙමන්තෙ ආපජ්ජති නො ගිම්හෙ නො වස්සෙ, අත්ථාපත්ති ගිම්හෙ ආපජ්ජති, නො හෙමන්තෙ නො වස්සෙ, අත්ථාපත්ති වස්සෙ ආපජ්ජති නො ගිම්හෙ නො හෙමන්තෙ.
Sinhala BJTගිම්හානයෙහි ද වස්සානයෙහි ද නො වැ හේමන්තයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, හේමන්තයෙහි ද වස්සානයෙහි ද නො වැ ගිම්හානයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, ගිම්හානයෙහි ද හේමන්තයෙහි ද නො වැ වස්සානයෙහි පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති සඞ්ඝො ආපජ්ජති න ගණො න පුග්ගලො, අත්ථාපත්ති ගණො ආපජ්ජති න සඞ්ඝො න පුග්ගලො, අත්ථාපත්ති පුග්ගලො ආපජ්ජති න සඞ්ඝො න ගණො.
Sinhala BJTගණයා ද පුද්ගලයා ද නො වැ සඞ්ඝයා පැමිණෙන ඇවැතෙක් ඇත, සඞ්ඝයා ද පුද්ගලයා ද නො වැ ගණයා පැමිණෙන ඇවැතෙක් ඇත, සඞ්ඝයා ද ගණයා ද නොවැ පුද්ගලයා පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJTඅත්ථි සඞ්ඝස්ස කප්පති න ගණස්ස න පුග්ගලස්ස, අත්ථි ගණස්ස කප්පති න සඞ්ඝස්ස න පුග්ගලස්ස, අත්ථි පුග්ගලස්ස කප්පති න සඞ්ඝස්ස න ගණස්ස.
Sinhala BJTගණයාට ද පුද්ගලයාට ද නො වැ සඞ්ඝයාට කැපයෙක් ඇත, සඞ්ඝයාට ද පුද්ගලයාට ද නො වැ ගණයාට කැපයෙක් ඇත, සඞ්ඝයාට ද ගණයාට ද නො වැ පුද්ගලයාට කැපයෙක් ඇති.
Pali BJTතිස්සො ඡාදනා : වත්ථුං ඡාදෙති නො ආපත්තිං, ආපත්තිං ඡාදෙති, නො වත්ථුං, වත්ථුඤ්චෙව ඡාදෙති ආපත්තිඤ්ච.
Sinhala BJTඡාදනා තුනෙකි: ආපත්තිය නො වැ වස්තුව වසයි, වස්තුව නො වැ ආපත්තිය වසයි, වස්තුව ද ආපත්තිය ද වසයි.
Pali BJTතිස්සො පටිච්ඡාදියො : ජන්තාඝරපටිච්ඡාදි, උදකපටිච්ඡාදි, වත්ථපටිච්ඡාදි.
Sinhala BJTප්‍රතිච්ඡාදීහු තිදෙනෙකි: ජන්තාඝර ප්‍රතිච්ඡාදි යැ උදක ප්‍රතිච්ඡාදි යැ වස්තූ ප්‍රතිච්ඡාදි යැයි.
Pali BJTතීණි පටිච්ඡන්නානි වහන්ති නො විවටානි : මාතුගාමො පටිච්ඡන්නො වහති නො විවටො, බ්රාහ්මණානං මන්තා පටිච්ඡන්නා වහන්ති නො විවටා, මිච්ඡාදිට්ඨි පටිච්ඡන්නා වහති නො විවටා.
Sinhala BJTවිවෘත නො වැ ගරුත්‍වයට පැමිණෙන ප්‍රතිච්ඡන්න වස්තු තුනෙකි: මාගම විවෘත නො වැ ප්‍රතිච්ඡන්න වූවා ගරුත්‍වයට පැමිණෙයි, බ්‍රාහ්මණ මන්ත්‍රයෝ විවෘත නො වැ ප්‍රතිච්ඡන්න වූවාහු ගරුත්‍වයට පැමිණෙති, මිථ්‍යාදෘෂ්ටිය විවෘත නො වැ ප්‍රතිච්ඡන්න වූවා ගරුත්‍වයට පැමිණේ.
Pali BJTතීණි විවටානි විරොචන්ති නො පටිච්ඡන්නානි : චන්දමණ්ඩලං විවටං විරොචති නො පටිච්ඡන්නං, සූරියමණ්ඩලං විවටං විරොචති නො පටිච්ඡන්නං, තථාගතප්පවෙදිතො ධම්මවිනයො විවටො විරොචති නො පටිච්ඡන්නො.
Sinhala BJTවිවෘත වැ ප්‍රතිච්ඡන්න නො වැ බබළන වස්තු තුනෙකි: සඳ මඬල විවෘත වැ ප්‍රතිච්ඡන්න නො වූයේ බබළයි, හිරුමඬල විවෘත වැ ප්‍රතිච්ඡන්න නො වූයේ බබළයි, තථාගත ප්‍රවිදිත ධර්‍මවිනය විවෘත වැ ප්‍රතිච්ඡන්න නො වූයේ බබළයි.
Pali BJTතයො සෙනාසනගාහා : පුරිමකො පච්ඡිමකො අන්තරාමුත්තකො.
Sinhala BJTසෙනසුන් ගැන්වීම් තුනෙකි: පුරිමක යැ පච්චිමක යැ අන්තරාමුක්තක යැ යි.
Pali BJTඅත්ථාපත්ති ගිලානො ආපජ්ජති නො අගිලානො, අත්ථාපත්ති අගිලානො ආපජ්ජති නො ගිලානො, අත්ථාපත්ති ගිලානො චෙව ආපජ්ජති අගිලානො ච.
Sinhala BJTගිලන් වැ පැමිණෙන නො ගිලන් වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, නො ගිලන් වැ පැමිණෙන ගිලන් වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, ගිලන් වැ ද නොගිලන් වැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJT4. තීණි අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. තීණි ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJT4. නො දැහැමි පාමොක් තැබීම් තුනෙකි. දැහැමි පාමොක් තැබීම් තුනෙකි.
Pali BJTතයො පරිවාසා : පටිච්ඡන්නපරිවාසො, අපටිච්ඡන්න පරිවාසො, සුද්ධන්තපරිවාසො.
Sinhala BJTපටිච්ඡන්න පරිවාස යැ අපටිච්ඡන්න පරිවාස යැ සුද්ධන්ත පරිවාස යැ යි පරිවෙස් තුනෙකි.
Pali BJTතයො මානත්තා : පටිච්ඡන්නමානත්තං, අපටිච්ඡන්නමානත්තං, පක්ඛමානත්තං.
Sinhala BJTපටිච්ඡන්න මානත්ත යැ අපටිච්ඡන්න මානත්ත යැ පක්ඛමානත්ත යැයි මානත් තුනෙකි.
Pali BJTතයො පාරිවාසිකස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා : සහවාසො, විප්පවාසො, අනාරොචනා.
Sinhala BJTසහවාස යැ විප්පවාස යැ අනාරොචනා යැයි පිරිවෙස් පුරණ භික්‍ෂුහට රාත්‍රිච්ජෙදයෝ තිදෙනෙකි.
Pali BJTඅත්ථාපත්ති අන්තො ආපජ්ජති නො බහි, අත්ථාපත්ති බහි ආපජ්ජති නො අන්තො, අත්ථාපත්ති අන්තො චෙව ආපජ්ජති බහි ච.
Sinhala BJTසෙනස්නෙන් පිටත නො වැ ඇතුළතැ පැමිණෙන ඇවැතෙක් ඇත, ඇතුළතැ නො වැ පිටතැ පැමිණෙන ඇවැතෙක් ඇත, ඇතුළත්හි ද පිටත්හි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති අන්තොසීමාය ආපජ්ජති නො බහිසීමාය, අත්ථාපත්ති බහිසීමාය ආපජ්ජති නො අන්තොසීමාය, අත්ථාපත්ති අන්තොසීමාය චෙව ආපජ්ජති බහිසීමාය ච.
Sinhala BJTසීමාවෙන් පිටතැ නො වැ සීමාව තුළැ පැමිණෙන ඇවැතෙක් ඇත, සීමාව තුළැ නො වැ සීමාවෙන් පිටතැ පැමිණෙන ඇවැතෙක් ඇත, සීමාව තුළැ ද සීමාවෙන් පිටතැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.
Pali BJTතීහාකාරෙහි ආපත්තිං ආපජ්ජති : කායෙන ආපජ්ජති, වාචාය ආපජ්ජති, කායෙන වාචාය ආපජ්ජති. අපරෙහිපි තීහාකාරෙහි ආපත්තිං ආපජ්ජති : සඞ්ඝමජ්ඣෙ, ගණමජ්ඣෙ, පුග්ගලස්ස සන්තිකෙ.
Sinhala BJTතුන් අයුරකින් ඇවැතට අවදියි: කයින් අවදියි, වචනයෙන් අවදියි, කයින් හා වචනයෙන් අවදී. අනෙකුදු තුන් අයුරකින් ඇවැතට අවදියි: සඟ මැදහි ගණ මැදහි පුඟුලක්හු අබියෙස්හි යැ.