Pali BJTපරිවාරපාළි
Sinhala BJTපරිවාර පාළිය
Pali BJTදුතියො භාගො
Sinhala BJTද්විතීය භාගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTභගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJTඛන්ධකපුච්ඡා
Sinhala BJTඛන්‍ධකපුච්ඡා
Pali BJT1. උපසම්පදං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : උපසම්පදං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං ද්වෙ ආපත්තියො.
Sinhala BJT1. නිදාන සහිත නිර්දේශ සහිත උපසම්පදාඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ (ඇවැත් පැණ වූ පදයන්ගේ) ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත උපසම්පදාඛන්‍ධකය විසඳමි, උත්කෘෂ්ටපදයන්ගේ (පචිති - දුකුළා) ඇවැත් දෙකෙකි.
Pali BJT2. උපොසථං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : උපොසථං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං තිස්සො ආපත්තියො.
Sinhala BJT2. නිදාන සහිත නිර්දේශ සහිත උපෝසථක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන් ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත උපෝසථක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
Pali BJT3. වස්සූපනායිතං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : වස්සූපනායිතං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං එකා ආපත්ති.
Sinhala BJT3. නිදාන සහිත නිර්දේශ සහිත වස්සූපනායිකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත වස්සූපනායිකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
Pali BJT4. පවාරණං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : පවාරණං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං තිස්සො ආපත්තියො.
Sinhala BJT4. නිදාන සහිත නිර්දේශ සහිත පවාරණක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පවාරණක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
Pali BJT5. චම්මසඤ්ඤුත්තං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : චම්මසඤ්ඤුත්තං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං තිස්සො ආපත්තියො.
Sinhala BJT5. නිදාන සහිත නිර්දේශ සහිත චම්මක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙනෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත චම්මක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
Pali BJT6. භෙසජ්ජං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : භෙසජ්ජං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං තිස්සො ආපත්තියො.
Sinhala BJT6. නිදාන සහිත නිර්දේශ සහිත භෙසජ්ජඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත භෙසජ්ජඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
Pali BJT7. කඨිනකං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : කඨිනකං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං නත්ථි තත්ථ ආපත්ති.
Sinhala BJT7. නිදාන සහිත නිර්දේශ සහිත කඨිනක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත කඨිනක්ඛන්‍ධකය විසඳමි. එහි උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් නැති.
Pali BJT8. චීවරසඤ්ඤුත්තං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : චීවරසඤ්ඤුත්තං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං තිස්සො ආපත්තියො.
Sinhala BJT8. නිදාන සහිත නිර්දේශ සහිත චීවරක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත චීවරක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - නිසඟි පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
Pali BJT9. චම්පෙය්යකං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : චම්පෙය්යකං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං එකා ආපත්ති.
Sinhala BJT9. නිදාන සහිත නිර්දේශ සහිත චම්පෙය්‍යක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන් ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත චම්පෙය්‍යක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
Pali BJT10. කොසම්බකං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : කොසම්බකං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං එකා ආපත්ති.
Sinhala BJT10. නිදාන සහිත නිර්දේශ සහිත කෝසම්බකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත කෝසම්බකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
Pali BJT11. කම්මක්ඛන්ධකං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : කම්මක්ඛන්ධකං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං එකා ආපත්ති.
Sinhala BJT11. නිදාන සහිත නිර්දේශ සහිත කම්මක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත කම්මක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
Pali BJT12. පාරිවාසිකං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : පාරිවාසිකං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං එකා ආපත්ති.
Sinhala BJT12. නිදාන සහිත නිර්දේශ සහිත පාරිවාසිකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පාරිවාසිකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
Pali BJT13. සමුච්චයං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : සමුච්චයං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං එකා ආපත්ති.
Sinhala BJT13. නිදාන සහිත නිර්දේශ සහිත සමුච්චයක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සමුච්චයක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
Pali BJT14. සමථං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : සමථං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං ද්වෙ ආපත්තියො.
Sinhala BJT14. නිදාන සහිත නිර්දේශ සහිත සමථක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සමථක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ට පදයන්ගේ (පචිති - දුකුළා) ඇවැත් දෙකෙකි.
Pali BJT15. ඛුද්දකවත්ථුකං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : ඛුද්දකවත්ථුකං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං තිස්සො ආපත්තියො.
Sinhala BJT15. නිදාන සහිත නිර්දේශ සහිත ඛුද්දකවත්‍ථුකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත ඛුද්දකවත්‍ථුකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
Pali BJT16. සෙනාසනං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : සෙනාසනං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං තිස්සො ආපත්තියො.
Sinhala BJT16. නිදාන සහිත නිර්දේශ සහිත සේනාසනක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සේනාසනක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
Pali BJT17. සඞ්ඝභෙදං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : සඞ්ඝභෙදං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං ද්වෙ ආපත්තියො.
Sinhala BJT17. නිදාන සහිත නිර්දේශ සහිත සඞ්ඝභේදකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සඞ්ඝභේදකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති) ඇවැත් දෙකෙකි.
Pali BJT18. සමාචාරං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : සමාචාරං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං එකා ආපත්ති.
Sinhala BJT18. නිදාන සහිත නිර්දේශ සහිත වත්තක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත වත්තක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
Pali BJT19. ඨපනං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : ඨපනං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං එකා ආපත්ති.
Sinhala BJT19. නිදාන සහිත නිර්දේශ සහිත පාතිමොක්ඛඨපනක්ඛන්‍ධකය පුළුවුස්මි. උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පාතිමොක්ඛඨපනක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
Pali BJT20. භික්ඛුනීඛන්ධකං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : භික්ඛුනීඛන්ධකං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං ද්වෙ ආපත්තියො.
Sinhala BJT20. නිදාන සහිත නිර්දේශ සහිත භික්බුනීක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන් ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත භික්බුනීක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (පචිති - දුකුළා) ඇවැත් දෙකෙකි.
Pali BJT21. පඤ්චසතිකං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : පඤ්චසතිකං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං නත්ථි තත්ථ ආපත්ති.
Sinhala BJT21. නිදාන සහිත නිර්දේශ සහිත පඤ්චසතිකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පඤ්චසතිකක්ඛන්‍ධකය විසඳමි. එහි උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් නැති.
Pali BJT22. සත්තසතිකං පුච්ඡිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං කති ආපත්තියො : සත්තසතිකං විස්සජ්ජිස්සං සනිදානං සනිද්දෙසං, සමුක්කට්ඨපදානං නත්ථි තත්ථ ආපත්තීති.
Sinhala BJT22. නිදාන සහිත නිර්දේශ සහිත සත්තසතිකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සත්තසතිකක්ඛන්‍ධකය විසඳමි. එහි උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් නැති යි.
Pali BJTඛන්ධකපුච්ඡා නිට්ඨිතා පඨමා.
Sinhala BJTපළමුවන ඛන්‍ධකපුච්ඡා නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. උපසම්පදූපොසථා{1} - වස්සූපනායිකපවාරණා,{2} චම්මභෙසජ්ජකඨිනා - චීවරං චම්පෙය්යකෙන ච.
Sinhala BJTඋපසම්පදා යැ උපෝසථ යැ වස්සුපනායික යැ පවාරණ යැ චම්ම යැ භේසජ්ජ යැ කඨින යැ චම්පෙය්‍යය සමග චීවර යැ.
Pali BJT2. කොසම්බක්ඛන්ධකං කම්මං - පාරිවාසිසමුච්චයා, සමථඛුද්දකා සෙනා - සඞ්ඝභෙදං සමාචාරො,{3} ඨපනං භික්ඛුනීඛන්ධං - පඤ්චසත්තසතෙන චාති.
Sinhala BJTකෝසම්බක යැ කම්ම යැ පාරිවාසික යැ සමුච්චය යැ සමථ යැ ඛුද්දකවත්‍ථුක යැ සේනාසන යැ සඞ්ඝභේදක යැ වත්ත යැ පාතිමොක්ඛඨපන යැ භික්ඛුණී යැ පඤ්චසතික යැ සත්තසතිකයෙනැ යි ඛන්‍ධකපුච්ඡා යි.
Pali BJTඑකුත්තරිකං
Sinhala BJTඒකෝත්තරිකය
Pali BJTඑකකං
Sinhala BJTඒකකය
Pali BJT1. ආපත්තිකරා ධම්මා ජානිතබ්බා, අනාපත්තිකරා ධම්මා ජානිතබ්බා.
Sinhala BJT1. ආපත්තිකර ධර්‍මයෝ (ෂට් සමුත්‍ථානයෝ) දතයුත්තාහ. අන්‍යත්තිකර ධර්‍මයෝ (සප්ත ශමථයෝ) දතයුත්තාහ.
Pali BJTආපත්ති ජානිතබ්බා, අනාපත්ති ජානිතබ්බා.
Sinhala BJTආපත්තීහු දතයුත්තාහ, අන්‍යත්තීහු දතයුත්තාහ.
Pali BJTලහුකා ආපත්ති ජානිතබ්බා, ගරුකා ආපත්ති ජානිතබ්බා.
Sinhala BJTලහුකාපත්තීහු දතයුත්තාහ, ගරුකාපත්තීහු දතයුත්තාහ.
Pali BJTසාවසෙසා ආපත්ති ජානිතබ්බා, අනවසෙසා ආපත්ති ජානිතබ්බා.
Sinhala BJTසාවසේසාපත්තීහු දතයුත්තාහ, අනවසේසාපත්තීහු දතයුත්තාහ.
Pali BJTදුට්ඨුල්ලා ආපත්ති ජානිතබ්බා, අදුට්ඨුල්ලා ආපත්ති ජානිතබ්බා.
Sinhala BJTදුට්ඨුල්ලාපත්තීහු දතයුත්තාහ, අදුට්ඨුල්ලාපත්තීහු දතයුත්තාහ.
Pali BJTසප්පටිකම්මා ආපත්ති ජානිතබ්බා, අප්පටිකම්මා ආපත්ති ජානිතබ්බා.
Sinhala BJTසප්‍රතිකර්‍මාපත්තීහු දතයුත්තාහ, අප්‍රතිකර්‍මාපත්තීහු දතයුත්තාහ.
Pali BJTදෙසනාගාමිනී ආපත්ති ජානිතබ්බා, අදෙසනාගාමිනී ආපත්ති ජානිතබ්බා.
Sinhala BJTදේසනාගාමිනී ආපත්තීහු දතයුත්තාහ. අදේසනාගාමිනී ආපත්තීහු දතයුත්තාහ.
Pali BJTඅන්තරායිකා ආපත්ති ජානිතබ්බා, අනන්තරායිකා ආපත්ති ජානිතබ්බා.
Sinhala BJTඅන්තරායකර ආපත්තීහු දතයුත්තාහ, අනන්තරායකර ආපත්තීහු දතයුත්තාහ.
Pali BJTසාවජ්ජපඤ්ඤත්ති ආපත්ති ජානිතබ්බා, අනවජ්ජපඤ්ඤත්ති ආපත්ති ජානිතබ්බා.
Sinhala BJTලෝකවද්‍ය ආපත්තීහු දතයුත්තාහ, ප්‍රඥප්තිවද්‍ය ආපත්තීහු දතයුත්තාහ.
Pali BJTකිරියතො සමුට්ඨිතා ආපත්ති ජානිතබ්බා, අකිරියතො සමුට්ඨිතා ආපත්ති ජානිතබ්බා, කිරියාකිරියතො සමුට්ඨිතා ආපත්ති ජානිතබ්බා.
Sinhala BJTක්‍රියායෙන් නගින (පරිජි වැනි) ඇවැත්හු දතයුත්තාහ. අක්‍රියායෙන් නගින ඇවැත්හු දතයුත්තාහ. ක්‍රියාක්‍රියායෙන් නගින ඇවැත්හු දතයුත්තාහ.
Pali BJTපුබ්බාපත්ති ජානිතබ්බා, අපරාපත්ති ජානිතබ්බා.
Sinhala BJTපළමු නගින ඇවැත්හු දතයුත්තාහ. (පිරිවෙස් ආදියෙන්) පසු වැ නගින ඇවැත්හු දතයුත්තාහ.
Pali BJTපුබ්බාපත්තීනං අන්තරාපත්ති ජානිතබ්බා, අපරාපත්තීනං අන්තරාපත්ති ජානිතබ්බා.
Sinhala BJTපූර්‍වාපත්තීන්ට අතර නගින (පිරිවෙස් මානත් පුරණ කල්හි පැමිණෙන සඟවෙසෙස්) ඇවැත්හු දතයුත්තාහ. පසු වැ නගින ඇවැතුන්ට අතර පැමිණෙන ඇවැත්හු දතයුත්තාහ.
Pali BJTදෙසිතා ගණනූපගා ආපත්ති ජානිතබ්බා, දෙසිතා න ගණනූපගා ආපත්ති ජානිතබ්බා.
Sinhala BJTදෙසන ලද ගිණීමට පැමිණි ඇවැත්හු දතයුත්තාහ, දෙසන ලද ගිණීමට නො පැමිණි ඇවැත්හු දතයුත්තාහ.
Pali BJTපඤ්ඤත්ති ජානිතබ්බා, අනුපඤ්ඤත්ති ජානිතබ්බා. අනුප්පන්නපඤ්ඤත්ති ජානිතබ්බා.
Sinhala BJTපඤ්ඤත්තිය දතයුතු යැ, අනුපඤ්ඤත්ති දතයුතු ය, අනුප්පන්න පඤ්ඤත්ති දතයුතු යුතු යැ.
Pali BJTසබ්බත්ථ පඤ්ඤත්ති ජානිතබ්බා, පදෙසපඤ්ඤත්ති ජානිතබ්බා.
Sinhala BJTසබ්බත්‍ථ පඤ්ඤත්ති දතයුතු යැ, පදෙස පඤ්ඤත්ති දතයුතු යැ.
Pali BJTසාධාරණපඤ්ඤත්ති ජානිතබ්බා, අසාධාරණපඤ්ඤත්ති ජානිතබ්බා.
Sinhala BJTසාධාරණ පඤ්ඤත්ති දතයුතු යැ, අසාධාරණ පඤ්ඤත්ති දතයුතු යැ.
Pali BJTඑකතො පඤ්ඤත්ති ජානිතබ්බා, උභතොපඤ්ඤත්ති ජානිතබ්බා.
Sinhala BJTඒකතෝ පඤ්ඤත්ති දතයුතු යැ, උභතෝ පඤ්ඤත්ති දතයුතු යැ.
Pali BJTථුල්ලවජ්ජා ආපත්ති ජානිතබ්බා, අථුල්ලවජ්ජා ආපත්ති ජානිතබ්බා.
Sinhala BJTමහත් වරද ඇති ඇවැත්හු දතයුත්තාහ, නො මහත් වරද ඇති ඇවැත්හු දතයුත්තාහ.
Pali BJTගිහීපටිසඤ්ඤුත්තා ආපත්ති ජානිතබ්බා, න ගිහීපටිසඤ්ඤුත්තා ආපත්ති ජානිතබ්බා.
Sinhala BJTගෘහීප්‍රතිසංයුක්ත ඇවැත්හු දතයුත්තාහ, ගෘහීප්‍රතිසංයුක්ත නොවූ ඇවැත්හු දතයුත්තාහ.
Pali BJTනියතා ආපත්ති ජානිතබ්බා, අනියතා ආපත්ති ජානිතබ්බා.
Sinhala BJTනියතාපත්තීහු දතයුත්තාහ, අනියතාපත්තීහු දතයුත්තාහ.
Pali BJTආදිකරො පුග්ගලො ජානිතබ්බො. අනාදිකරො පුග්ගලො ජානිතබ්බො.
Sinhala BJT(සුදින්නස්ථවිරාදි) ආදි කම්මික පුද්ගල දතයුතු යැ, (මක්කටී සමණාදී) අනුප්පඤ්ඤත්තිකාරක පුද්ගල දතයුතු යැ.
Pali BJTඅධිච්චාපත්තිකො පුග්ගලො ජානිතබ්බො, අභිණ්හාපත්තිකො පුග්ගලො ජානිතබ්බො.
Sinhala BJTකිසිවිටෙක ඇවැතට පැමිණෙන අධිච්චාපත්තික පුද්ගල දතයුතු යැ, එක්වන් ඇවැතට පැමිණෙන අභිණ්හාපත්තික පුද්ගල දතයුතු යැ.
Pali BJTචොදකො පුග්ගලො ජානිතබ්බො, චුදිතකො පුග්ගලො ජානිතබ්බො.
Sinhala BJTචෝදක පුද්ගල දතයුතු යැ. චුදිතක පුද්ගල දතයුතු යැ.
Pali BJTඅධම්මචොදකො පුග්ගලො ජානිතබ්බො, අධම්මචුදිතකො පුග්ගලො ජානිතබ්බො.
Sinhala BJT(අභූත වස්තුවෙන් චෝදනා කරණ) අධර්‍ම චෝදක පුද්ගල දතයුතු යැ, අධර්‍ම චුදිතක පුද්ගල දතයුතු යැ.
Pali BJTධම්මචොදකො පුග්ගලො ජානිතබ්බො, ධම්මචුදිතකො පුග්ගලො ජානිතබ්බො.
Sinhala BJTධර්‍මචොදක පුද්ගල දතයුතු යැ, ධර්‍මචූදිතක පුද්ගල දතයුතු යැ.
Pali BJTනියතො පුග්ගලො ජානිතබ්බො, අනියතො පුග්ගලො ජානිතබ්බො.
Sinhala BJT(මිච්ඡත්ත-සම්මත්ත විසින්) නියත පුද්ගල දතයුතු යැ, අනියත පුද්ගල දතයුතු යැ.
Pali BJTභබ්බාපත්තිකො පුග්ගලො ජානිතබ්බො, අභබ්බාපත්තිකො පුග්ගලො ජානිතබ්බො.
Sinhala BJTඇවැත් අවදනට සුදුසු පුද්ගල දතයුතු යැ, ඇවැත් අවදනට නො නිසි පුද්ගල දතයුතු යැ.
Pali BJTඋක්ඛිත්තකො පුග්ගලො ජානිතබ්බො; අනුක්ඛිත්තකො පුග්ගලො ජානිතබ්බො.
Sinhala BJTඋකෙව්නීකම් කළ පුද්ගල දතයුතු යැ, (තජ්ජනියාදී සෙසු සිවුවැදෑරුම් කම් කළ) උකෙව්නීකම් නො කළ පුද්ගල දතයුතු යැ.
Pali BJTනාසිතකො පුග්ගලො ජානිතබ්බො, අනාසිතකො පුග්ගලො ජානිතබ්බො.
Sinhala BJTනාසිතක පුද්ගල දතයුතු යැ, අනාසිතක පුද්ගල දතයුතු යැ.
Pali BJTසමානසංවාසකො පුග්ගලො ජානිතබ්බො. අසමානවාසකො පුග්ගලො ජානිතබ්බො.
Sinhala BJTසමානසංවාසක පුද්ගල දතයුතු යැ, අසමානසංවාසක පුද්ගල දතයුතු යැ.
Pali BJTඨපනං ජානිතබ්බන්ති.
Sinhala BJTපාමොක් තැබීම දතයුතු යි.
Pali BJTඑකකං නිට්ඨිතං.
Sinhala BJTඒකකය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. කරා ආපත්ති ලහුකා සාවසෙසා ච දුට්ඨුල්ලා, පටිකම්මදෙසනා චෙව අන්තරාවජ්ජකිරියා{1}
Sinhala BJT1. ආපත්තිකර යැ අනාපත්තිකර යැ ආපත්ති යැ අනාපත්ති යැ ලහුක යැ ගරුක යැ සාවසේස යැ අනවසේස යැ දුට්ඨුල්ල යැ අදුට්ඨුල්ල යැ සප්පටිකම්ම යැ අප්පටිකම්ම යැ දේසනාගාමිනී යැ අදෙසාගාමිනී යැ. අන්තරායක යැ අනන්තරායක යැ සාවජ්ජ අනවජ්ජ පඤ්ඤත්ති යැ,
Pali BJT2. කිරියාකිරියං පුබ්බා අන්තරා ගණනූපගා, පඤ්ඤත්ති අනානුප්පන්න සබ්බත්ථ පදෙසසාධාරණා ච එකතො.{2}
Sinhala BJT2. කිරියසමුට්ඨිත යැ අකිරියසමුට්ඨිත යැ කිරියාකිරිය සමුට්ඨිත යැ පුබ්බා පරාපත්ති යැ අන්තරාපත්ති යැ දේසිතගණනුපග යැ දේසිත න ගණනුපග යැ පඤ්ඤත්ති යැ අනුපඤ්ඤත්ති යැ. අනුප්පන්න-සබ්බත්‍ථ-පදෙස-සාධාරණ-අසාධාරණ ඒකතෝ-උභතෝ පඤ්ඤත්ති යැ.
Pali BJT3. ථුල්ලගිහීනියතා ච ආදි අධිච්ච චොදකා, අධම්මධම්ම නියතො අභබ්බොක්ඛිත්ත නාසිතා, සමානං ඨපනං චෙව උද්දානං එකකෙ ඉදන්ති.
Sinhala BJT3. ථුල්ල අථුල්ල වජ්ජ යැ ගිහී-න ගිහී පටිසඤ්ඤුත්ත යැ නියත යැ අනියත යැ ආදිකර-අනාදිකර යැ අධිච්චාපත්තිකර යැ අභිණ්හාපත්තිකර යැ චෝදක යැ චූදිත යැ අධම්ම-ධම්මචෝදක යැ අධම්ම-ධම්මචුදිතක යැ නියත-අනියත පුග්ගල යැ භබ්බාභබ්බාපත්තික යැ උක්ඛිත්ත යැ අනුක්ඛිත්ත යැ නාසිතක යැ අනාසිතක යැ සමානඅසමාන සංවාසක යැ ඨපනක යැ යි ඒකකයෙහි තෙල උද්දාන යි.
Pali BJTදුකං
Sinhala BJTදුකය
Pali BJT1. අත්ථාපත්ති සඤ්ඤාවිමොක්ඛා, අත්ථාපත්ති නො සඤ්ඤාවිමොක්ඛා.
Sinhala BJT1. සංඥා විමෝක්‍ෂ ඇවැත් ඇත, සංඥා විමෝක්‍ෂ නොවූ ඇවැත් ඇති.
Pali BJTඅත්ථාපත්ති ලද්ධසමාපත්තිකස්ස, අත්ථාපත්ති න ලද්ධසමාපත්තිකස්ස.
Sinhala BJTලබ්ධසමාපත්තිකයාහට ආපත්තියෙක් ඇත, අලබ්ධසමාපත්තිකයාහට ආපත්තියෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති සද්ධම්මපටිසඤ්ඤුත්තා, අත්ථාපත්ති අසද්ධම්මපටිසඤ්ඤුත්තා.
Sinhala BJTසද්ධර්‍ම ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇත, අසද්ධර්‍ම ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති සපරික්ඛාරපටිසඤ්ඤුත්තා, අත්ථාපත්ති පරපරික්ඛාරපටිසඤ්ඤුත්තා.
Sinhala BJTස්වපරිෂ්කාර ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇත, පරපරිෂ්කාර ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති සපුග්ගලපටිසඤ්ඤුත්තා, අත්ථාපත්ති පරපුග්ගලපටිසඤ්ඤුත්තා.
Sinhala BJTස්වපුද්ගල ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇත, පරපුද්ගල ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇති.
Pali BJTඅත්ථි සච්චං භණන්තො ගරුකං ආපත්තිං ආපජ්ජති, අත්ථි සච්චං භණන්තො ලහුකං ආපත්තිං ආපජ්ජති.
Sinhala BJTසත්‍යය කියමින් ගරු ඇවැතට පැමිණීමෙක් ඇත, සත්‍යය කියමින් ලුහු ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථි මුසා භණන්තො ගරුකං ආපත්තිං ආපජ්ජති, අත්ථි මුසා භණන්තො ලහුකං ආපත්තිං ආපජ්ජති.
Sinhala BJTමුසා බෙණෙමින් ගරු ඇවැතට පැමිණීමෙක් ඇත, මුසා බෙණෙමින් ලහු ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති භූමිගතො ආපජ්ජති නො වෙහාසගතො, අත්ථාපත්ති වෙහාසගතො ආපජ්ජති නො භූමිගතො.
Sinhala BJTඅහස්ගත නො වැ භූමිගත වැ ඇවැතට පැමිණීමෙක් ඇත, භූමිගත නො වැ අහස්ගත වැ ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති නික්ඛමන්තො ආපජ්ජති නො පවිසන්තො, අත්ථාපත්ති පවිසන්තො ආපජ්ජති නො නික්ඛමන්තො.
Sinhala BJTපිවිසෙමින් නො වැ නික්මෙමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නික්මෙමින් නො වැ පිවිසෙමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති ආදියන්තො ආපජ්ජති, අත්ථාපත්ති අනාදියන්තො ආපජ්ජති.
Sinhala BJTගණිමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො ගණිමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති සමාදියන්තො ආපජ්ජති, අත්ථාපත්ති න සමාදියන්තො ආපජ්ජති.
Sinhala BJTසමාදන් වෙමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො සමාදන් වෙමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති කරොන්තො ආපජ්ජති, අත්ථාපත්ති න කරොන්තො ආපජ්ජති.
Sinhala BJTකරමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො කරමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති දෙන්තො ආපජ්ජති, අත්ථාපත්ති න දෙන්තො ආපජ්ජති.
Sinhala BJTදෙමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නොදෙමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති දෙසෙන්තො ආපජ්ජති, අත්ථාපත්ති න දෙසෙන්තො ආපජ්ජති.
Sinhala BJTදෙසමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො දෙසමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති පටිගණ්හන්තො ආපජ්ජති, අත්ථාපත්ති න පටිගණ්හන්තො ආපජ්ජති.
Sinhala BJTපිළිගණිමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො පිළිගණිමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති පරිභොගෙන ආපජ්ජති, අත්ථාපත්ති න පරිභොගෙන ආපජ්ජති.
Sinhala BJTපරිභෝගයෙන් ඇවැතට පැමිණීමෙක් ඇත, අපරිභෝගයෙන් ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති රත්තිං ආපජ්ජති නො දිවා, අත්ථාපත්ති දිවා ආපජ්ජති නො රත්තිං.
Sinhala BJTදහවල් නො වැ රාත්‍රියෙහි ඇවැතට පැමිණීමෙක් ඇත, රාත්‍රියෙහි නො වැ දහවල්හි ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති අරුණුග්ගෙ ආපජ්ජති, අත්ථාපත්ති න අරුණුග්ගෙ ආපජ්ජති.
Sinhala BJTඅරුණ නැඟීමෙහි ඇවැතට පැමිණීමෙක් ඇත, අරුණ නො නැඟීමෙහි ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති ඡින්දන්තො ආපජ්ජති, අත්ථාපත්ති න ඡින්දන්තො ආපජ්ජති.
Sinhala BJTසිඳිමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො සිඳිමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති ඡාදෙන්තො ආපජ්ජති, අත්ථාපත්ති න ඡාදෙන්තො ආපජ්ජති.
Sinhala BJTපිළිසන් කරමින් ඇවැතට පැමිණීමෙක් ඇත, පිළිසන් නො කරමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJTඅත්ථාපත්ති ධාරෙන්තො ආපජ්ජති, අත්ථාපත්ති න ධාරෙන්තො ආපජ්ජති.
Sinhala BJTදරමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො දරමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
Pali BJT2. ද්වෙ උපොසථා : චාතුද්දසිකො ච පණ්ණරසිකො ච.
Sinhala BJT2. චාතුද්දසී යැ, පණ්ණරසී යැයි පොහෝ දෙකෙකි.
Pali BJTද්වෙ පවාරණා : චාතුද්දසිකො ච පණ්ණරසිකො ච.
Sinhala BJTචාතුද්දසී යැ පණ්ණරසී යැ යි පවාරණ දෙකෙකි.
Pali BJTද්වෙ කම්මානි : අපලොකනකම්මං, ඤත්තිකම්මං. අපරානිපි ද්වෙ කම්මානි : ඤත්තිදුතියකම්මං, ඤත්තිචතුත්ථකම්මං.
Sinhala BJTඅපලෝකන කර්‍ම යැ ඤත්තිකර්‍ම යැයි කර්‍ම දෙකෙකැ. ඤත්තිදුතිය කර්‍ම යැ ඤත්තිචතුත්‍ථ කර්‍ම යැ යි අන්‍යවූ ද කර්‍ම දෙකෙකි.
Pali BJTද්වෙ කම්මවත්ථූනි : අපලොකනකම්මස්ස වත්ථු, ඤත්තිකම්මස්ස වත්ථු. අපරානිපි ද්වෙ කම්මවත්ථූනි : ඤත්තිදුතියකම්මස්ස වත්ථු, ඤත්තිචතුත්ථකම්මස්ස වත්ථු.
Sinhala BJTඅපලෝකන කර්‍මය පිළිබඳ වස්තු යැ, ඤත්ති කර්‍මය පිළිබඳ වස්තු යැ යි කර්‍ම වස්තු දෙකෙකැ. ඤත්ති දුතිය කර්‍මය පිළිබඳ වස්තු යැ, ඤත්තිචතුත්‍ථ කර්‍මය පිළිබඳ වස්තු යැයි අන්‍යවූ ද කර්‍ම වස්තු දෙකෙකි.
Pali BJTද්වෙ කම්මදොසා : අපලොකනකම්මස්ස දොසො, ඤත්තිකම්මස්ස දොසො. අපරෙපි ද්වෙ කම්මදොසා : ඤත්තිදුතියකම්මස්ස දොසො, ඤත්තිචතුත්ථකම්මස්ස දොසො.
Sinhala BJTඅපලෝකන කර්‍මය පිළිබඳ දෝෂ යැ, ඤත්ති කර්‍මය පිළිබඳ දෝෂ යැ යි කර්‍ම දෝෂ දෙකෙකැ. ඤත්තිදුතිය කර්‍මය පිළිබඳ දෝෂ යැ, ඤත්තිචතුත්‍ථ කර්‍මය පිළිබඳ දෝෂ යැ යි අන්‍යවූ ද කර්‍ම දෝෂ දෙකෙකි.
Pali BJTද්වෙ කම්මසම්පත්තියො : අපලොකනකම්මස්ස සම්පත්ති, ඤත්තිකම්මස්ස සම්පත්ති. අපරාපි ද්වෙ කම්මසම්පත්තියො : ඤත්තිදුතියකම්මස්ස සම්පත්ති, ඤත්තිචතුත්ථකම්මස්ස සම්පත්ති.
Sinhala BJTඅපලෝකන කර්‍මය පිළිබඳ සම්පත්ති යැ, ඤත්ති කර්‍මය පිළිබඳ සම්පත්ති යැ යි කර්‍ම සම්පත්ති දෙකෙකැ. ඤත්තිදුතිය කර්‍මය පිළිබඳ සම්පත්ති යැ, ඤත්තිචතුත්‍ථ කර්‍මය පිළිබඳ සම්පත්ති යැයි අන්‍යවූ ද කර්‍ම සම්පත්ති දෙකෙකි.
Pali BJTද්වෙ නානාසංවාසකභූමියො : අත්තනාව අත්තානං නානාසංවාසකං කරොති, සමග්ගො වා නං සඞ්ඝො උක්ඛිපති අදස්සනෙ වා අප්පටිකම්මෙ වා අප්පටිනිස්සග්ගෙ වා.
Sinhala BJTතෙමේ හෝ තමා නානාසංවාසකයකු කෙරේ ද, සමග සඞ්ඝ තෙමේ හෝ ඔහුට (ඇවැත) නො දැක්මෙහි හෝ (ඇවැතට) පිළියම් නොකිරීමෙහි හෝ (ලාමක දෘෂ්ටිය) බැහැරැ නො කිරීමෙහි හෝ උකෙවුනීකම් කෙරේදැයි නානාසංවාසක භූමීහු දෙදෙනෙකි.
Pali BJTද්වෙ සමානසංවාසකභූමියො : අත්තනාව අත්තානං සමානසංවාසකං කරොති, සමග්ගො වා නං සඞ්ඝො උක්ඛිත්තං ඔසාරෙති දස්සනෙ වා පටිකම්මෙ වා පටිනිස්සග්ගෙ වා.
Sinhala BJTතෙමේ හෝ තමා සමාන සංවාසකයකු කෙරේ ද, සමග සඞ්ඝ තෙමේ හෝ (ඇවැත) දැක්මෙහි හෝ (ඇවැතට) පිළියම් කිරීමෙහි හෝ (ලාමක දෘෂ්ටිය) බැහැරැ ලීමෙහි හෝ උකෙවුනීකම් කළ ඔහු ඇතුළත්කර ගණී දැයි සමාන සංවාසක භූමීහු දෙදෙනෙකි.
Pali BJTද්වෙ පාරාජිකා : භික්ඛූනඤ්ච භික්ඛුනීනඤ්ච. ද්වෙ සඞ්ඝාදිසෙසා -පෙ- ද්වෙ ථුල්ලච්චයා -පෙ- ද්වෙ පාචිත්තියා -පෙ- ද්වෙ පාටිදෙසනීයා -පෙ- ද්වෙ දුක්කටා -පෙ- ද්වෙ දුබ්භාසිතා භික්ඛූනඤ්ච භික්ඛුනීනඤ්ච.
Sinhala BJTභික්‍ෂූන් පිළිබඳ වූ ද භික්‍ෂූණීන් පිළිබඳ වූ දැයි පරිජි දෙකෙකි. ... සඟවෙසෙස් දෙකෙකි. ... ථුලැසි දෙකෙකි ... . පචිති දෙකෙකි. ... පිළිදෙස්නී දෙකෙකි. ... දුකුළා දෙකෙකි. භික්‍ෂූන් පිළිබඳවූ ද භික්‍ෂූණීන් පිළිබඳවූ ද දුබැසි දෙකෙකි,
Pali BJTසත්ත ආපත්තියො, සත්ත ආපත්තික්ඛන්ධා.
Sinhala BJTඇවැත් සතෙකි. ඇවැත් කඳු සතෙකි.