Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2301-2400 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1. විවාදාධිකරණං ද්වීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච.
Sinhala BJT1. විවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙ ශමථයෙන් සන්හිඳෙයි.
Pali BJT2. අනුවාදාධිකරණං චතූහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච.
Sinhala BJT2. අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳෙයි.
Pali BJT3. ආපත්තාධිකරණං තීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT3. ආපත්තාධිකරණය සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙයි.
Pali BJT4. කිච්චාධිකරණං එකෙන සමථෙන සම්මති : සම්මුඛාවිනයෙන.
Sinhala BJT4. කිච්චාධිකරණය සම්මුඛාවිනය සඞ්ඛ්‍යාත එක් මැ ශමථයෙන් සන්හිඳේ.
Pali BJT1. විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච පඤ්චහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච.
Sinhala BJT1. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සති විනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි පස් ශමථයෙන් සන්හිඳේ.
Pali BJT2. විවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : විවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච චතූහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච පටිඤ්ඤාතකරණෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT2. විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි සිවු ශමථයෙන් සන්සිඳේ.
Pali BJT3. විවාදාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : විවාදාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච ද්වීහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච.
Sinhala BJT3. විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
Pali BJT4. අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච ඡහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තස්සපාපිය්යසිකාය ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT4. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරක යෙන් දැයි ෂට් ශමථයෙන් සන්හිඳේ.
Pali BJT5. අනුවාදාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : අනුවාදාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච චතූහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච.
Sinhala BJT5. අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හ යත්: අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳේ.
Pali BJT6. ආපත්තාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : ආපත්තාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච තීහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT6. ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.
Pali BJT7. විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච සත්තහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තස්සපාපිය්යසිකාය ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT7. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛා විනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි සප්ත ශමථයෙන් සන්හිඳේ.
Pali BJT8. විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච පඤ්චහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච.
Sinhala BJT8. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි පස් ශමථයෙන් සන්හිඳේ.
Pali BJT9. අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච ඡහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තස්සපාපිය්යසිකාය ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT9. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි ෂට් ශමථයෙන් සන්හිඳේ.
Pali BJT10. විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච සත්තහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තස්සපාපිය්යසිකාය ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT10. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි සප්ත ශමථයෙන් සන්හිඳේ.
Pali BJTසම්මතිවාරො{1} නිට්ඨිතො සත්තරසමො.
Sinhala BJTසතළොස්වන සම්මතිවාරය නිමි.
Pali BJT18. සම්මති න සම්මතිවාරො
Sinhala BJT18. සම්මති න සම්මතිවාරය
Pali BJTවිවාදාධිකරණං කතීහි සමථෙහි සම්මති, කතීහි සමථෙහි න සම්මති, අනුවාදාධිකරණං -පෙ- ආපත්තාධිකරණං -පෙ- කිච්චාධිකරණං කතීහි සමථෙහි සම්මති : කතීහි සමථෙහි න සම්මති :
Sinhala BJTවිවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද, අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද, ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද, කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්:
Pali BJT1. විවාදාධිකරණං ද්වීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච. පඤ්චහි සමථෙහි න සම්මති : සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තස්සපාපිය්යසිකාය ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT1. විවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙ ශමථයෙන් සන්හිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි පස් ශමථයෙන් නො සන්හිඳේ.
Pali BJT2. අනුවාදාධිකරණං චතූහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච. තීහි සමථෙහි න සම්මති : යෙභුය්යසිකාය ච පටිඤ්ඤාතකරණෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT2. අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්ස පාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳේ. යේභුය්‍යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් නො සන්හිඳේ.
Pali BJT3. ආපත්තාධිකරණං තීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තිණවත්ථාරකෙන ච. චතූහි සමථෙහි න සම්මති : යෙභුය්යසිකාය ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච.
Sinhala BJT3. ආපත්තාධිකරණය සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් නො සන්හිඳේ.
Pali BJT4. කිච්චාධිකරණං එකෙන සමථෙන සම්මති : සම්මුඛාවිනයෙන. ඡහි සමථෙහි න සම්මති : යෙභුය්යසිකාය ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තස්සපාපිය්යසිකාය ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT4. කිච්චාධිකරණය සම්මුඛාවිනයසඞ්ඛ්‍යාත එක් මැ ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි ෂට් ශමථයෙන් නො සන්හිඳේ.
Pali BJT5. විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : කතීහි සමථෙහි න සම්මන්ති : විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච පඤ්චහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච. ද්වීහි සමථෙහි න සම්මන්ති : පටිඤ්ඤාතකරණෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT5. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි පස් ශමථයෙන් සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි දෙ ශමථයෙන් නො සන්හිඳේ.
Pali BJT6. විවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : කතීහි සමථෙහි න සම්මන්ති : විවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච චතූහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච පටිඤ්ඤාතකරණෙන ච තිණවත්ථාරකෙන ච. තීහි සමථෙහි න සම්මන්ති : සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච.
Sinhala BJT6. විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි තුන් ශමථයෙන් නො සන්හිඳේ.
Pali BJT7. විවාදාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : කතීහි සමථෙහි න සම්මන්ති : විවාදාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච ද්වීහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච පඤ්චහි සමථෙහි න සම්මන්ති : සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තස්සපාපිය්යසිකාය ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT7. විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙ ශමථයෙන් සන්සිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි පස් ශමථයෙන් නො සන්සිඳේ.
Pali BJT8. අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : කතීහි සමථෙහි න සම්මන්ති : අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච ඡහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තස්සපාපිය්යසිකාය ච තිණවත්ථාරකෙන ච. එකෙන සමථෙන න සම්මන්ති. යෙභුය්යසිකාය.
Sinhala BJT8. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි ෂට් ශමථයෙන් සන්හිඳෙයි, යේභුය්‍යසිකාසඞ්ඛ්‍යාත එක් මැ ශමථයෙන් නො සන්හිඳේ.
Pali BJT9. අනුවාදාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : කතීහි සමථෙහි න සම්මන්ති : අනුවාදාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච චතූහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකා ච. තීහි සමථෙහි න සම්මන්ති : යෙභුය්යසිකාය ච පටිඤ්ඤාතකරණෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT9. අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් නො සන්හිඳේ.
Pali BJT10. ආපත්තාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : කතීහි සමථෙහි න සම්මන්ති : ආපත්තාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච තීහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තිණවත්ථාරකෙන ච. චතූහි සමථෙහි න සම්මන්ති : යෙභුය්යසිකාය ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච.
Sinhala BJT10. ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් නො සන්හිඳේ.
Pali BJT11. විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : කතීහි සමථෙහි න සම්මන්ති : විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච සත්තහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තස්සපාපිය්යසිකාය ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT11. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි සප්ත ශමථයෙන් සන්හිඳේ.
Pali BJT12. විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : කතීහි සමථෙහි න සම්මන්ති : විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච පඤ්චහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච. ද්වීහි සමථෙහි න සම්මන්ති : පටිඤ්ඤාතකරණෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT12. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හ විනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි පස් ශමථයෙන් සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි දෙශමථයෙන් නො සන්හිඳේ.
Pali BJT13. අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : කතීහි සමථෙහි න සම්මන්ති : අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච ඡහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තස්සපාපිය්යසිකාය ච තිණවත්ථාරකෙන ච. එකෙන සමථෙන න සම්මන්ති : යෙභුය්යසිකාය.
Sinhala BJT13. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි ෂට් ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකාසඞ්ඛ්‍යාත එක්මැ ශමථයෙන් නො සන්හිඳේ.
Pali BJT14. විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච කතීහි සමථෙහි සම්මන්ති : කතීහි සමථෙහි න සම්මන්ති : විවාදාධිකරණඤ්ච අනුවාදාධිකරණඤ්ච ආපත්තාධිකරණඤ්ච කිච්චාධිකරණඤ්ච සත්තහි සමථෙහි සම්මන්ති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තස්සපාපිය්යසිකාය ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT14. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි සප්ත ශමථයෙන් සන්හිඳේ.
Pali BJTසම්මති න සම්මති වාරො නිට්ඨිතො අට්ඨාරසමො.
Sinhala BJTඅටළොස්වන සම්මති නසම්මති වාරය නිමි.
Pali BJT19. සමථාධිකරණවාරො
Sinhala BJT19. සමථාධිකරණවාරය
Pali BJTසමථා සමථෙහි සම්මන්ති. සමථා අධිකරණෙහි සම්මන්ති. අධිකරණා සමථෙහි සම්මන්ති අධිකරණා අධිකරණෙහි සම්මන්ති :
Sinhala BJTශමථයෝ ශමථයෙන් සන්හිඳෙත් ද, ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙත් ද, අධිකරණයෝ ශමථයෙන් සන්හිඳෙත් ද, අධිකරණයෝ අධිකරණයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTසියා සමථා සමථෙහි සම්මන්ති. සියා සමථා සමථෙහි න සම්මන්ති. සියා සමථා අධිකරණෙහි සම්මන්ති. සියා සමථා අධිකරණෙහි න සම්මන්ති. සියා අධිකරණා සමථෙහි සම්මන්ති. සියා අධිකරණා සමථෙහි න සම්මන්ති. සියා අධිකරණා අධිකරණෙහි සම්මන්ති. සියා අධිකරණා අධිකරණෙහි න සම්මන්ති.
Sinhala BJTකිසිවිටෙක ශමථයෝ ශමථයෙන් සන්හිඳෙති. කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් නො සන්හිඳෙත්. කිසිවිටෙක ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙති. කිසි විටෙක ශමථයෝ අධිකරණයෙන් නො සන්හිඳෙත්. කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් සන්හිඳෙති. කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් නො සන්හිඳෙත්. කිසි විටෙක අධිකරණයෝ අධිකරණයෙන් සන්හිඳෙති. කිසිවිටෙක අධිකරණයෝ අධිකරණයෙන් නො සන්හිඳෙත්.
Pali BJT(1)
Sinhala BJT(1)
Pali BJTකථං සියා සමථා සමථෙහි සම්මන්ති, කථං සියා සමථා සමථෙහි න සම්මන්ති :
Sinhala BJTකිසිවිටෙක ශමථයෝ ශමථයෙන් කෙසේ සන්හිඳෙත් ද, කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් කෙසේ නො සන්හිඳෙත් ද යත්:
Pali BJTයෙභුය්යසිකා සම්මුඛාවිනයෙන සම්මති. සතිවිනයෙන න සම්මති. අමූළ්හවිනයෙන න සම්මති. පටිඤ්ඤාතකරණෙන න සම්මති. තස්සපාපිය්යසිකාය න සම්මති. තිණවත්ථාරකෙන න සම්මති.
Sinhala BJTයේභුය්‍යසිකාව සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳෙයි. තස්සපාපිය්‍යසිකායෙන් නො සන්හිඳෙයි. තිණවත්‍ථාරකයෙන් නො සන්හිඳේ.
Pali BJTසතිවිනයො සම්මුඛාවිනයෙන සම්මති. අමූළ්හවිනයෙන න සම්මති. පටිඤ්ඤාතකරණෙන න සම්මති, තස්සපාපිය්යසිකාය න සම්මති. තිණවත්ථාරකෙන න සම්මති. යෙභුය්යසිකාය න සම්මති.
Sinhala BJTසතිවිනය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳෙයි. තස්සපාපිය්‍යසිකායෙන් නො සන්හිඳෙයි. තිණවත්‍ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් නො සන්හිඳේ.
Pali BJTඅමූළ්හවිනයො සම්මුඛාවිනයෙන සම්මති. පටිඤ්ඤාතකරණෙන න සම්මති. තස්සපාපිය්යසිකාය න සම්මති. තිණවත්ථාරකෙන න සම්මති. යෙභුය්යසිකාය න සම්මති. සතිවිනයෙන න සම්මති.
Sinhala BJTඅමූළ්හවිනය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳෙයි. තස්සපාපිය්‍යසිකායෙන් නො සන්හිඳෙයි. තිණවත්‍ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් නො සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳේ.
Pali BJTපටිඤ්ඤාතකරණං සම්මුඛාවිනයෙන සම්මති. තස්සපාපිය්යසිකාය න සම්මති. තිණවත්ථාරකෙන න සම්මති. යෙභුය්යසිකාය න සම්මති. සතිවිනයෙන න සම්මති. අමූළ්හවිනයෙන න සම්මති.
Sinhala BJTපටිඤ්ඤාතකරණය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. තස්සපාපිය්‍යසිකායෙන් නො සන්හිඳෙයි. තිණවත්‍ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් නො සන්හිඳෙයි. තිණවත්‍ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් නො සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳේ.
Pali BJTතස්සපාපිය්යසිකා සම්මුඛාවිනයෙන සම්මති. තිණවත්ථාරකෙන න සම්මති. යෙභුය්යසිකාය න සම්මති. සතිවිනයෙන න සම්මති. අමූළ්හවිනයෙන න සම්මති. පටිඤ්ඤාතකරණෙන න සම්මති.
Sinhala BJTතස්සපාපිය්‍යසිකාව සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. තිණවත්‍ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් නො සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳේ.
Pali BJTතිණවත්ථාරකො සම්මුඛාවිනයෙන සම්මති. යෙභුය්යසිකාය න සම්මති. සතිවිනයෙන න සම්මති. අමූළ්හවිනයෙන න සම්මති. පටිඤ්ඤාතකරණෙන න සම්මති. තස්සපාපිය්යසිකාය න සම්මති.
Sinhala BJTතිණවත්‍ථාරකය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් නො සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳෙයි. තස්සපාපිය්‍යසිකායෙන් නො සන්හිඳේ.
Pali BJTඑවං සියා සමථා සමථෙහි සම්මන්ති. එවං සියා සමථා සමථෙහි න සම්මන්ති.
Sinhala BJTමෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් සන්හිඳෙති. මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් නො සන්හිඳෙත්.
Pali BJT(2)
Sinhala BJT(2)
Pali BJTකථං සියා සමථා අධිකරණෙහි සම්මන්ති, කථං සියා සමථා අධිකරණෙහි න සම්මන්ති,
Sinhala BJTකිසිවිටෙක ශමථයෝ අධිකරණයෙන් කෙසේ සන්හිඳෙත් ද, කිසිවිටෙක ශමථයෝ අධිකරණයෙන් කෙසේ නො සන්හිඳෙත් ද යත්:
Pali BJTසම්මුඛාවිනයො විවාදාධිකරණෙන න සම්මන්ති, අනුවාදාධිකරණෙන න සම්මති, ආපත්තාධිකරණෙන න සම්මති. කිච්චාධිකරණෙන සම්මති.
Sinhala BJTසම්මුඛාවිනය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
Pali BJTයෙභුය්යසිකා විවාදාධිකරණෙන න සම්මති, අනුවාදාධිකරණෙන න සම්මති, ආපත්තාධිකරණෙන න සම්මති කිච්චාධිකරණෙන සම්මති.
Sinhala BJTයේභුය්‍යසිකාව විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
Pali BJTසතිවිනයො විවාදාධිකරණෙන න සම්මති, අනුවාදාධිකරණෙන න සම්මති. ආපත්තාධිකරණෙන න සම්මති. කිච්චාධිකරණෙන සම්මති.
Sinhala BJTසතිවිනය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන් හිඳේ.
Pali BJTඅමූළ්හවිනයො විවාදාධිකරණෙන න සම්මති. අනුවාදාධිකරණෙන න සම්මති. ආපත්තාධිකරණෙන න සම්මති. කිච්චාධිකරණෙන සම්මති.
Sinhala BJTඅමූළ්හවිනය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
Pali BJTපටිඤ්ඤාතකරණං විවාදාධිකරණෙන න සම්මති. අනුවාදාධිකරණෙන න සම්මති. ආපත්තාධිකරණෙන න සම්මති. කිච්චාධිකරණෙන සම්මති.
Sinhala BJTපටිඤ්ඤාතකරණය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණ යෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
Pali BJTතස්සපාපිය්යසිකා විවාදාධිකරණෙන න සම්මති. අනුවාදාධිකරණෙන න සම්මති ආපත්තාධිකරණෙන න සම්මති. කිච්චාධිකරණෙන සම්මති.
Sinhala BJTතස්සපාපිය්‍යසිකාව විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
Pali BJTතිණවත්ථාරකො විවාදාධිකරණෙන න සම්මති. අනුවාදාධිකරණෙන න සම්මති. ආපත්තාධිකරණෙන න සම්මති. කිච්චාධිකරණෙන සම්මති.
Sinhala BJTතිණවත්‍ථාරකය විවාදායිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
Pali BJTඑවං සියා සමථා අධිකරණෙහි සම්මන්ති. එවං සියා සමථා අධිකරණෙහි න සම්මන්ති.
Sinhala BJTමෙසේ කිසිවිටෙක ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙති. මෙසේ කිසි විටෙක ශමථයෝ අධිකරණයෙන් නො සන්හිඳෙත්.
Pali BJT(3)
Sinhala BJT(3)
Pali BJTකථං සියා අධිකරණා සමථෙහි සම්මන්ති, කථං සියා අධිකරණා සමථෙහි න සම්මන්ති.
Sinhala BJTකිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් කෙසේ සන්හිඳෙත් ද, කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් කෙසේ නො සන්හිඳෙත් ද යත්:
Pali BJTවිවාදාධිකරණං සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච සම්මති. සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තස්සපාපිය්යසිකාය ච තිණවත්ථාරකෙන ච න සම්මති.
Sinhala BJTවිවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද සන්හිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් ද නො සන්හිඳේ.
Pali BJTඅනුවාදාධිකරණං සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච සම්මති. යෙභුය්යසිකාය ච පටිඤ්ඤාතකරණෙන ච තිණවත්ථාරකෙන ච න සම්මති.
Sinhala BJTඅනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද නො සන්හිඳේ.
Pali BJTආපත්තාධිකරණං සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තිණවත්ථාරකෙන ච සම්මති. යෙභුය්යසිකාය ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච න සම්මති.
Sinhala BJTආපත්තාධිකරණය සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද නො සන්හිඳේ.
Pali BJTකිච්චාධිකරණං සම්මුඛාවිනයෙන සම්මති. යෙභුය්යසිකාය ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තස්සපාපිය්යසිකාය ච තිණවත්ථාරකෙන ච න සම්මති.
Sinhala BJTකිච්චාධිකරණය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. යේභුය්‍යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද තිණවත්‍ථාරකයෙන් ද නො සන්හිඳේ.
Pali BJTඑවං සියා අධිකරණා සමථෙහි සම්මන්ති. එවං සියා අධිකරණා සමථෙහි න සම්මන්ති.
Sinhala BJTමෙසේ කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් සන්හිඳෙත්. මෙසේ කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් නො සන්හිඳෙත්.
Pali BJT(4)
Sinhala BJT(4)
Pali BJTකථං සියා අධිකරණා අධිකරණෙහි සම්මන්ති, කථං සියා අධිකරණා අධිකරණෙහි න සම්මන්ති.
Sinhala BJTකිසිවිටෙක අධිකරණයෝ අධිකරණයෙන් කෙසේ සන්හිඳෙත් ද, කිසිවිටෙක අධිකරණයෝ අධිකරණයෙන් කෙසේ නො සන්හිඳෙත් ද යත්:
Pali BJTවිවාදාධිකරණං විවාදාධිකරණෙන න සම්මති. අනුවාදාධිකරණෙන න සම්මති. ආපත්තාධිකරණෙන න සම්මති. කිච්චාධිකරණෙන සම්මති.
Sinhala BJTවිවාදාධිකරණය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
Pali BJTඅනුවාදාධිකරණං විවාදාධිකරණෙන න සම්මති. අනුවාදාධිකරණෙන න සම්මති, ආපත්තාධිකරණෙන න සම්මති. කිච්චාධිකරණෙන සම්මති.
Sinhala BJTඅනුවාදාධිකරණය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
Pali BJTආපත්තාධිකරණං විවාදාධිකරණෙන න සම්මති. අනුවාදාධිකරණෙන න සම්මති. ආපත්තාධිකරණෙන න සම්මති. කිච්චාධිකරණෙන සම්මති.
Sinhala BJTආපත්තාධිකරණය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
Pali BJTකිච්චාධිකරණං විවාදාධිකරණෙන න සම්මති. අනුවාදාධිකරණෙන න සම්මති. ආපත්තාධිකරණෙන න සම්මති. කිච්චාධිකරණෙන සම්මති.
Sinhala BJTකිච්චාධිකරණය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
Pali BJTඑවං සියා අධිකරණා අධිකරණෙහි සම්මන්ති. එවං සියා අධිකරණා අධිකරණෙහි න සම්මන්ති.
Sinhala BJTමෙසේ කිසිවිටෙක අධිකරණයෝ අධිකරණයෙන් සන්හිඳෙති. මෙසේ කිසිවිටෙක අධිකරණයෝ අධිකරණයෙන් නො සන්හිඳෙත්.
Pali BJTඡපි සමථා චත්තාරොපි අධිකරණා සම්මුඛාවිනයෙන සම්මන්ති. සම්මුඛාවිනයො න කෙනචි සම්මති.
Sinhala BJTශමථයෝ සදෙන ද අධිකරණයෝ සතර දෙන ද සම්මුඛාවිනයෙන් සන්හිඳෙති. සම්මුඛා විනය කිසිවෙකින් නො සන්හිඳේ.
Pali BJTසමථාධිකරණවාරො නිට්ඨිතො එකූනවීසතිමො.
Sinhala BJTඑකුන් විසිවන සමථාධිකරණවාරය නිමි.
Pali BJT20. සමුට්ඨාපනවාරො
Sinhala BJT20. සමුට්ඨාපනවාරය
Pali BJT1. විවාදාධිකරණං චතුන්නං අධිකරණානං කතමං අධිකරණං සමුට්ඨාපෙති : විවාදාධිකරණං චතුන්නං අධිකරණානං න කතමං අධිකරණං සමුට්ඨාපෙති. අපි ච විවාදාධිකරණපච්චයා චත්තාරො අධිකරණා ජායන්ති. යථා කථං විය : ඉධ භික්ඛූ විවදන්ති ධම්මොති වා අධම්මොති වා විනයොති වා අවිනයොති වා අභාසිතං අලපිතං තථාගතෙනාති වා අභාසිතං අලපිතං තථාගතෙනාති වා,
Sinhala BJT1. විවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයක් උපදවා ද, විවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිසියම් අධිකරණයක් නො උපදවයි. එහෙත් විවාදාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත් ඒ කෙසේ යැ යත්: මේ ශාසනයෙහි භික්‍ෂූහු ධර්‍මයැ යි හෝ අධර්‍මයැ යි හෝ විනය යැයි හෝ අවිනය යැයි හෝ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද යැ ප්‍රකාශ කරණ ලදැයි __හෝ තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද යැ ප්‍රකාශ නො කරණ ලදැයි හෝ __
Pali BJTඅනාචිණ්ණං තථාගතෙනාති වා ආචිණ්ණං තථාගතෙනාති වා, පඤ්ඤත්තං තථාගතෙනාති වා අපඤ්ඤත්තං තථාගතෙනාති වා, ආපත්තීති වා, අනාපත්තීති වා, ලහුකාපත්තීති වා, ගරුකාපත්තීති වා, සාවසෙසාපත්තීති වා අනවසෙසාපත්තීති වා, දුට්ඨුල්ලාපත්තීති වා අදුට්ඨුල්ලාපත්තීති වා. යං තත්ථ භණ්ඩනං කලහො විග්ගහො විවාදො නානාවාදො අඤ්ඤථාවාදො විපච්චතාය වොහාරො මෙධගං ඉදං වුච්චති විවාදාධිකරණං. විවාදාධිකරණෙ සඞ්ඝො විවදති, විවාදාධිකරණං. විවදමානො අනුවදති, අනුවාදාධිකරණං, අනුවදමානො ආපත්තිං ආපජ්ජති, ආපත්තාධිකරණං. තාය ආපත්තියා සඞ්ඝො කම්මං කරොති, කිච්චාධිකරණං. එවං විවාදාධිකරණපච්චයා චත්තාරො අධිකරණා ජායන්ති.
Sinhala BJTතථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි හෝ තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැයි හෝ තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි හෝ තථාගතයන් විසින් නො පණවන ලදැයි හෝ ඇවැතැයි හෝ නො ඇවැතැයි හෝ ලුහු ඇවැතැයි හෝ ගරු ඇවැතැයි හෝ සාවසේසාපත්තියැ යි හෝ අනවසේසාපත්තියැ යි හෝ තුළුල් ඇවැතැයි හෝ නො තුළුල් ඇවැතැයි හෝ විවාද කෙරෙති. එහි යම් ඩබරයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් නානාවාදයෙක් අන්‍යථාවාදයෙක් ප්‍රතිවිරුද්ධ වචනව්‍යවහාරයෙක් විහෙසයෙක් වේ ද, මේ විවාදාධිකරණ යැයි කියනු ලැබේ. විවාදාධිකරණයෙහි ලා සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණය වේ. මෙසේ විවාදාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්.
Pali BJT2. අනුවාදාධිකරණං චතුන්නං අධිකරණානං කතමං අධිකරණං සමුට්ඨාපෙති, අනුවාදාධිකරණං චතුන්නං අධිකරණානං න කතමං අධිකරණං සමුට්ඨාපෙති, අපි ච අනුවාදාධිකරණපච්චයා චත්තාරො අධිකරණා ජායන්ති. යථාකථං විය : ඉධ භික්ඛූ භික්ඛුං අනුවදන්ති: සීලවිපත්තියා වා, ආචාරවිපත්තියා වා, දිට්ඨිවිපත්තියා වා ආජීවවිපත්තියා වා, යො තත්ථ අනුවාදො අනුවදනා අනුල්ලපනා අනුභණනා අනුසම්පවඞ්කතා අබ්භුස්සහනතා අනුබලප්පදානං, ඉදං වුච්චති අනුවාදාධිකරණං. අනුවාදාධිකරණෙ සඞ්ඝො විවදති, විවාදාධිකරණං විවදමානො අනුවදති, අනුවාදාධිකරණං අනුවදමානො ආපත්තිං ආපජ්ජති, ආපත්තාධිකරණං. තාය ආපත්තියා සඞ්ඝො කම්මං කරොති, කිච්චාධිකරණං. එවං අනුවාදාධිකරණපච්චයා චත්තාරො අධිකරණා ජායන්ති.
Sinhala BJT2. අනුවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් උපදවා ද? අනුවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිසියම් අධිකරණයක් නො උපදවයි. එහෙත් අනුවාදාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්, ඒ කෙසේ ද යත්: මේ ශාසනයෙහි භික්‍ෂූහු භික්‍ෂුහට ශිලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත් ද, එහි යම් චෝදනා කිරීමෙක් පුන පුනා කීමෙක් පහළ කොට කීමෙක් නො කඩවා බිණීමෙක් එයට නැමුනු බවෙක් උත්සාහවත් බවෙක් අනුබල දීමෙක් වේ ද, මේ අනුවාදාධිකරණයැයි කියනු ලැබේ. අනුවාදාධිකරණයෙහි ලා සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණය වේ. මෙසේ අනුවාදාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්.
Pali BJT3. ආපත්තාධිකරණං චතුන්නං අධිකරණානං කතමං අධිකරණං සමුට්ඨාපෙති : ආපත්තාධිකරණං චතුන්නං අධිකරණානං න කතමං අධිකරණං සමුට්ඨාපෙති. අපි ච ආපත්තාධිකරණපච්චයා චත්තාරො අධිකරණා ජායන්ති. යථාකථං විය : පඤ්චපි ආපත්තික්ඛන්ධා සත්තපි ආපත්තික්ඛන්ධා ආපත්තික්ඛන්ධා ආපත්තාධිකරණං. ඉදං වුච්චති ආපත්තාධිකරණං ආපත්තාධිකරණෙ සඞ්ඝො විවදති, විවාදාධිකරණං. විවදමානො අනුවදති, අනුවාදාධිකරණං අනුවදමානො ආපත්තිං ආපජ්ජති, ආපත්තාධිකරණං තාය ආපත්තියා සඞ්ඝො කම්මං කරොති, කිච්චාධිකරණං එවං ආපත්තාධිකරණපච්චයා චත්තාරො අධිකරණා ජායන්ති.
Sinhala BJT3. ආපත්තාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් උපදවා ද? ආපත්තාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිසියම් අධිකරණයක් නො උපදවයි. එහෙත් ආපත්තාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ ම උපදිත්. ඒ කෙසේ ද? යත්: පඤචාපත්තිස්කන්‍ධය ද ආපත්තාධිකරණය වෙයි. සප්තාපත්තිස්කන්‍ධය ද ආපත්තාධිකරණය වේ. මේ ආපත්තාධිකරණ යි කියනු ලැබේ. ආපත්තාධිකරණයෙහි ලා සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණය වේ. මෙසේ ආපත්තාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්.
Pali BJT4. කිච්චාධිකරණං චතුන්නං අධිකරණානං කතමං අධිකරණං සමුට්ඨාපෙති, කිච්චාධිකරණං චතුන්නං අධිකරණානං න කතමං අධිකරණං සමුට්ඨාපෙති. අපි ච කිච්චාධිකරණපච්චයා චත්තාරො අධිකරණා ජායන්ති. යථාකථං විය : යා සඞ්ඝස්ස කිච්චයතා කරණීයතා අපලොකනකම්මං ඤත්තිකම්මං ඤත්තිදුතියකම්මං ඤත්තිචතුත්ථකම්මං, ඉදං වුච්චති කිච්චාධිකරණං. කිච්චාධිකරණෙ සඞ්ඝො විවදති, විවාදාධිකරණං, විවදමානො අනුවදති, අනුවාදාධිකරණං. අනුවදමානො ආපත්තිං ආපජ්ජති, ආපත්තාධිකරණං. තාය ආපත්තියා සඞ්ඝො කම්මං කරොති කිච්චාධිකරණං. එවං කිච්චාධිකරණපච්චයා චත්තාරො අධිකරණා ජායන්ති.
Sinhala BJT4. කිච්චාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් උපදවා ද, කිච්චාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිසියම් අධිකරණයක් නො උපදවයි. එහෙත් කිච්චාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ ම උපදිත්. ඒ කෙසේ ද යත්: සඞ්ඝයාගේ අපලෝකනකර්‍මය ඤත්තිකර්‍මය ඤත්තිදුතියකර්‍මය ඤත්තිචතුත්‍ථකර්‍මය යන යම් කෘත්‍යභාවයෙක් කටයුතු බවෙක් වේ ද, මේ කිච්චාධිකරණය යි කියනු ලැබේ. කිච්චාධිකරණයෙහි ලා සඞ්ඝතෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණය වේ. මෙසේ කිච්චාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්.
Pali BJTසමුට්ඨාපනවාරො නිට්ඨිතො වීසතිමො.
Sinhala BJTවිසිවන සමුට්ඨාපනවාරය නිමි.
Pali BJT21. භජතිවාරො
Sinhala BJT21. භජතිවාරය
Pali BJT1. විවාදාධිකරණං චතුන්නං අධිකරණානං කතමං අධිකරණං භජති, කතමං අධිකරණං උපනිස්සිතං, කතමං අධිකරණං පරියාපන්නං, කතමෙන අධිකරණෙන සඞ්ගහීතං.
Sinhala BJT1. විවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් බෙජේ ද, කිනම් අධිකරණයක් ඇසුරු කරණ ලද ද, කිනම් අධිකරණයකට ඇතුළත් ද, කිනම් අධිකරණයෙකින් සඞ්ග්‍රහ කරණ ලද ද,
Pali BJT2. අනුවාදාධිකරණං චතුන්නං අධිකරණානං කතමං අධිකරණං භජති, කතමං අධිකරණං උපනිස්සිතං, කතමං අධිකරණං පරියාපන්නං, කතමෙන අධිකරණෙන සඞ්ගහීතං.
Sinhala BJT2. අනුවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් බෙජේ ද, කිනම් අධිකරණයක් ඇසුරු කරණ ලද ද, කිනම් අධිකරණයකට ඇතුළත් ද, කිනම් අධිකරණයෙකින් සඞ්ග්‍රහ කරණ ලද ද,
Pali BJT3. ආපත්තාධිකරණං චතුන්නං අධිකරණානං කතමං අධිකරණං භජති, කතමං අධිකරණං උපනිස්සිතං, කතමං අධිකරණං පරියාපන්නං, කතමෙන අධිකරණෙන සඞ්ගහීතං.
Sinhala BJT3. ආපත්තාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයක් අතුරෙන් කිනම් අධිකරණයක් බෙජේ ද, කිනම් අධිකරණයක් ඇසුරු කරණ ලද ද, කිනම් අධිකරණයකට ඇතුළත් ද, කිනම් අධිකරණයෙකින් සඞ්ග්‍රහකරණ ලද ද,
Pali BJT4. කිච්චාධිකරණං චතුන්නං අධිකරණානං කතමං අධිකරණං භජති, කතමං අධිකරණං උපනිස්සිතං, කතමං අධිකරණං පරියාපන්නං, කතමෙන අධිකරණෙන සඞ්ගහීතං.
Sinhala BJT4. කිච්චාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් බෙජේ ද, කිනම් අධිකරණයක් ඇසුරු කරණ ලද ද, කිනම් අධිකරණයකට ඇතුළත් ද, කිනම් අධිකරණයෙකින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්:
Pali BJT1. විවාදාධිකරණං චතුන්නං අධිකරණානං විවාදාධිකරණං භජති විවාදාධිකරණං උපනිස්සිතංත විවාදාධිකරණං පරියාපන්නංත විවාදාධිකරණෙන සඞ්ගහීතං.
Sinhala BJT1. විවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් විවාදාධිකරණය බෙජෙයි. විවාදාධිකරණය ඇසුරු කරණ ලදි. විවාදාධිකරණයට ඇතුළත් ය. විවාදාධිකරණයෙන් සඞ්ග්‍රහ කරණ ලදි.
Pali BJT2. අනුවාදාධිකරණං චතුන්නං අධිකරණානං අනුවාදාධිකරණං භජති. අනුවාදාධිකරණං උපනිස්සිතං. අනුවාදාධිකරණං පරියාපන්නං අනුවාදාධිකරණෙන සඞ්ගහීතං.
Sinhala BJT2. අනුවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අනුවාදාධිකරණය බෙජෙයි. අනුවාදාධිකරණය ඇසුරු කරණ ලදි. අනුවාදාධිකරණයට ඇතුළත් ය. අනුවාදාධිකරණයෙන් සඞ්ග්‍රහ කරණ ලදි.
Pali BJT3. ආපත්තාධිකරණං චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං භජති ආපත්තාධිකරණං උපනිස්සිතං ආපත්තාධිකරණං පරියාපන්නං. ආපත්තාධිකරණෙන සඞ්ගහිතං.
Sinhala BJT3. ආපත්තාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණය බෙජෙයි. ආපත්තාධිකරණය ඇසුරු කරණ ලදි. ආපත්තාධිකරණයට ඇතුළත් ය. ආපත්තාධිකරණයෙන් සඞ්ග්‍රහ කරණ ලදී.
Pali BJT4. කිච්චාධිකරණං චතුන්නං අධිකරණානං කිච්චාධිකරණං භජති. කිච්චාධිකරණං උපනිස්සිතං. කිච්චාධිකරණං පරියාපන්නං. කිච්චාධිකරණෙන සඞ්ගහීතං.
Sinhala BJT4. කිච්චාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිච්චාධිකරණය බෙජෙයි. කිච්චාධිකරණය ඇසුරු කරණ ලදි. කිච්චාධිකරණයට ඇතුළත් ය. කිච්චාධිකරණයෙන් සඞ්ග්‍රහ කරණ ලදි.
Pali BJT1. විවාදාධිකරණං සත්තන්නං සමථානං කති සමථෙ භජති, කති සමථෙ උපනිස්සිතං, කති සමථෙ පරියාපන්නං, කතීහි සමථෙහි සඞ්ගහීතං. කතීහි සමථෙහි සම්මති.
Sinhala BJT1. විවාදාධිකරණය සත්වැදැරූම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයන් බෙජේ ද, කෙතෙක් ශමථයන් ඇසුරු කරණ ලද ද, කෙතෙක් ශමථයන්ට ඇතුළත් ද, කෙතෙක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද,
Pali BJT2. අනුවාදාධිකරණං -පෙ-
Sinhala BJT2. අනුවාදාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයන් බෙජේ ද, කෙතෙක් ශමථයන් ඇසුරු කෙරේ ද, කෙතෙක් ශමථයන්ට ඇතුළත් ද, කෙතෙක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද.
Pali BJT3. ආපත්තාධිකරණං -පෙ-
Sinhala BJT3. ආපත්තාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයන් බෙජේ ද, කෙතෙක් ශමථයන් ඇසුරු කෙරේ ද, කෙතෙක් ශමථයන්ට ඇතුළත් ද, කෙතෙක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද.
Pali BJT4. කිච්චාධිකරණං සත්තන්නං සමථානං කති සමථෙ භජති, කති සමථෙ උපනිස්සිතං, කති සමථෙ පරියාපන්නං, කතීහි සමථෙහි සඞ්ගහීතං කතීහි සමථෙහි සම්මති.
Sinhala BJT4. කිච්චාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයන් බෙජේ ද, කෙතෙක් ශමථයන් ඇසුරු කෙරේ ද, කෙතෙක් ශමථයන්ට ඇතුළත් ද, කෙතෙක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
Pali BJT1. විවාදාධිකරණං සත්තන්නං සමථානං ද්වෙ සමථෙ භජති. ද්වෙ සමථෙ උපනිස්සිතං. ද්වෙ සමථෙ පරියාපන්නං. ද්වීහි සමථෙහි සඞ්ගහීතං. ද්වීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච.
Sinhala BJT1. විවාදාධිකරණය සත්වැදැරූම් ශමථයන් අතුරෙන් දෙශමථයන් බෙජෙයි, දෙශමථයන් ඇසිරි කෙරෙයි. දෙශමථයන්ට ඇතුළත් යැ. දෙශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලදි. සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙශමථයෙන් සන්හිඳේ.
Pali BJT2. අනුවාදාධිකරණං සත්තන්නං සමථානං චත්තාරො සමථෙ භජති, චත්තාරො සමථෙ උපනිස්සිතං, චත්තාරො සමථෙ පරියාපන්නං, චතූහි සමථෙහි සඞ්ගහීතං. චතූහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච.
Sinhala BJT2. අනුවාදාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් සිවුශමථයන් බෙජෙයි. සිවුශමථයන් ඇසිරි කෙරෙයි. සිවුශමථයන්ට ඇතුළත් යැ. සිවුශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලදි. සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවුශමථයෙන් සන්හිඳේ.
Pali BJT3. ආපත්තාධිකරණං සත්තන්නං සමථානං තයො සමථෙ භජති. තයො සමථෙ උපනිස්සිතං තයො සමථෙ පරියාපන්නං. තීහි සමථෙහි සඞ්ගහීතං. තීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන තිණවත්ථාරකෙන ච.
Sinhala BJT3. ආපත්තාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් තුන් ශමථයන් බෙජෙයි. තුන්ශමථයන් ඇසිරි කෙරෙයි. තුන්ශමථයන්ට ඇතුළත් යැ. තුන්ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලදි. සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන්ශමථයෙන් සන්හිඳේ.
Pali BJT4. කිච්චාධිකරණං සත්තන්නං සමථානං එකං සමථං භජති, එකං සමථං උපනිස්සිතං. එකං සමථං පරියාපන්නං. එකෙන සමථෙන සඞ්ගහීතං. එකෙන සමථෙන සම්මති : සම්මුඛාවිනයෙනාති.
Sinhala BJT4. කිච්චාධිකරණය සත්වැදැරූම් ශමථයන් අතුරෙන් එක් ශමථයක් බෙජෙයි. එක් ශමථයක් ඇසිරි කෙරෙයි. එක් ශමථයකට ඇතුළත් යැ. එක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලදි. සම්මුඛාවිනය සංඛ්‍යාත එක් ශමථයෙන් සන්හිඳේ යයි.
Pali BJTභජතිවාරො නිට්ඨිතො එකවීසතිමො.
Sinhala BJTඑක්විසිවන භජතිවාරය නිමි.
Pali BJTසමථභෙදො නිට්ඨිතො.
Sinhala BJTසමථභේදය නිමියේ යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTඅධිකරණං පරියායං - සාධාරණා ච භාගියා, සමථා සාධාරණිකා - සමථස්ස තබ්භාගියා.
Sinhala BJTඅධිකරණ යැ පරියාය යැ සාධාරණ යැ තද්භාගී යැ ශමථාශමථසාධාරණ යැ සමථ තද්භාගීය යැ.
Pali BJTසමථා සම්මුඛා චෙව - විනයෙන කුසලෙන ච. යත්ථ සමථා සංසට්ඨා - සම්මති න සම්මති ච. සමථාධිකරණඤ්චෙව - සමුට්ඨානං භජන්ති චාති.
Sinhala BJTශමථ සම්මුඛාවිනය යැ කුශලවාරය සමග යත්‍ථවාර යැ ශමථ යැ සංසට්ඨ යැ සම්මති යැ න සම්මති යැ ශමථාධිකරණ යැ සමුට්ඨාපන යැ භජතිවාර යි.
Pali BJTවිනයපිටකෙ
Sinhala BJTවිනය පිටකයෙහි