Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2201-2300 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4. කිච්චාධිකරණස්ස කිං පුබ්බඞ්ගමන්ති : ලොභො පුබ්බඞ්ගමො, දොසො පුබ්බඞ්ගමො, මොහො පුබ්බඞ්ගමො, අලොභො පුබ්බඞ්ගමො, අදොසො පුබ්බඞ්ගමො, අමොහො පුබ්බඞ්ගමො. කති ඨානානීති : චත්තාරි කම්මානි ඨානානි. කති වත්ථූනීති : චත්තාරි කම්මානි වත්ථූනි. කති භූමියොති : චත්තාරි කම්මානි භූමියො. කති හෙතූති : නව හෙතූ තයො කුසලහෙතු, තයො අකුසලහෙතූ, තයො අබ්යාකතහෙතූ. කති මූලානීති : එකං මූලං සඞ්ඝො. කතීහාකාරෙහි කිච්චං ජායතීති : ද්වීහාකාරෙහි කිච්චං ජායති : ඤත්තිතො වා, අපලොකනතො වා. කිච්චාධිකරණං කතීහි සමථෙහි සම්මතීති : කිච්චාධිකරණං එකෙන සමථෙන සම්මති : සම්මුඛාවිනයෙන.
Sinhala BJT4. කිච්චාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද යත්: ලෝභය පූර්‍වඞ්ගම වෙයි. ද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, මෝහය පූර්‍වඞ්ගම වෙයි, අලෝභය පූර්‍වඞ්ගම වෙයි, අද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, අමෝහය පූර්‍වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: සිවුවැදෑරුම් කර්‍මයෝ ස්ථාන වෙති. වස්තූහු කෙතෙක යත්: සිවුවැදෑරුම් කර්‍මයෝ වස්තූ වෙති. භූමීහු කෙතෙක යත්: සිවුවැදෑරුම් කර්‍මයෝ භූමී වෙති. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නවදෙනෙකැ: කුශල හේතු තිදෙන යැ අකුශල හේතු තිදෙන යැ අව්‍යකෘතහෙතු තිදෙන යි. මූලයෝ කෙතෙක යත්: එක් මූලෙකැ: සඞ්ඝ තෙමේ යැ. කෙතෙක් අයුරෙකින් කෘත්‍යය හටගණී ද යත්: දෙ අයුරෙකින් කෘත්‍යය හටගණියි: ඤත්තියෙන් හෝ අපලෝකනයෙන් හෝ යි. කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛාවිනය නම් එක් ශමථයෙන් කිච්චාධිකරණය සන්හිඳේ.
Pali BJTකති සමථා : සත්ත සමථා : සම්මුඛාවිනයො, සතිවිනයො, අමූළ්හවිනයො, පටිඤ්ඤාතකරණං, යෙභුය්යසිකා, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරකො.
Sinhala BJTශමථයෝ කෙතෙක යත්: ශමථයෝ සත් දෙනෙකි. සම්මුඛාවිනය යැ සති විනය යැ අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ යේභුය්‍යසිකා යැ තස්සපාපියාසිකා යැ තිණවත්‍ථාරක යැ. මොහු සප්ත ශමථයෝ යි.
Pali BJTඉමෙ සත්ත සමථා. සියා ඉමෙ සත්ත සමථා දස සමථා හොන්ති. දස සමථා සත්ත සමථා හොන්ති. වත්ථුවසෙන පරියායෙන සියාති.
Sinhala BJTකිසිවිටෙක මේ සප්ත ශමථයෝ දශ ශමථයෝ වෙති. කිසිවිටෙක වස්තු වශයෙන් ද පර්‍ය්‍යාය වශයෙන් ද දශ ශමථයෝ සප්ත ශමථයෝ වෙත්.
Pali BJTකථඤ්ච සියා : විවාදාධිකරණස්ස ද්වෙ සමථා. අනුවාදාධිකරණස්ස චත්තාරො සමථා, ආපත්තාධිකරණස්ස තයො සමථා, කිච්චාධිකරණස්ස එකො සමථො. එවං ඉමෙ සත්ත සමථා දස සමථා හොන්ති. දස සමථා සත්ත සමථා හොන්ති වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTකෙසේ වන්නේ ද යත්: විවාදාධිකරණය පිළිබඳ ශමථයෝ දෙදෙනෙකැ, අනුවාදාධිකරණය පිළිබඳ ශමථයෝ සිවුදෙනෙකැ, ආපත්තාධිකරණය පිළිබඳ ශමථයෝ තිදෙනෙකැ, කිච්චාධිකරණය පිළිබඳ එක් ශමථයෙකි. මෙසේ මේ සප්ත ශමථයෝ වස්තු වශයෙන් හා පර්‍ය්‍යාය වශයෙන් දශ ශමථයෝ වෙති, දශ ශමථයෝ සප්ත ශමථයෝ වෙත්.
Pali BJTපරියායවාරො නිට්ඨිතො ඡට්ඨො.
Sinhala BJTසවන අධිකරණ පරියාය වාරය නිමි.
Pali BJT7. සාධාරණවාරො
Sinhala BJT7. සාධාරණවාරය
Pali BJTකති සමථා විවාදාධිකරණස්ස සාධාරණා, කති සමථා විවාදාධිකරණස්ස අසාධාරණා. කති සමථා අනුවාදාධිකරණස්ස සාධාරණා, කති සමථා අනුවාදාධිකරණස්ස අසාධාරණා, කති සමථා ආපත්තාධිකරණස්ස සාධාරණා, කති සමථා ආපත්තාධිකරණස්ස අසාධාරණා. කති සමථා කිච්චාධිකරණස්ස සාධාරණා, කති සමථා කිච්චාධිකරණස්ස අසාධාරණා,
Sinhala BJTකෙතෙක් ශමථයෝ විවාදාධිකරණයට සාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ විවාදාධිකරණයට අසාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට සාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට අසාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට සාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට අසාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට සාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට අසාධාරණ වෙත් ද යත්:
Pali BJT1. ද්වෙ සමථා විවාදාධිකරණස්ස සාධාරණා : සම්මුඛාවිනයො යෙභුය්යසිකා. පඤ්ච සමථා විවාදාධිකරණස්ස අසාධාරණා : සතිවිනයො අමූළ්හවිනයො, පටිඤ්ඤාතකරණං, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරකො.
Sinhala BJT1. දෙ ශමථයෝ විවාදාධිකරණයට සාධාරණ වෙති: සම්මුඛාවිනය යැ යේභුය්‍යසිකා යැ. පස් ශමථයෝ විවාදාධිකරණයට අසාධාරණ වෙති: සතිවිනය යැ අමූළ්හ විනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්‍යසිකා යැ තිණවත්‍ථාරක යි.
Pali BJT2. චත්තාරො සමථා අනුවාදාධිකරණස්ස සාධාරණා : සම්මුඛාවිනයො, සතිවිනයො, අමූළ්හවිනයො, තස්සපාපිය්යසිකා. තයො සමථා අනුවාදාධිකරණස්ස අසාධාරණා : යෙභුය්යසිකා පටිඤ්ඤාතකරණං, තිණවත්ථාරකො.
Sinhala BJT2. සිවු ශමථයෝ අනුවාදාධිකරණයට සාධාරණ වෙති: සම්මුඛාවිනය යැ සති විනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්‍යාසිකා යි. තුන් ශමථයෝ අනුවාදාධිකරණයට අසාධාරණ වෙති: යේභුය්‍යසිකා යැ පටිඤ්ඤාතකරිණ යැ තිණවත්‍ථාරක යි.
Pali BJT3. තයො සමථා ආපත්තාධිකරණස්ස සාධාරණා : සම්මුඛාවිනයො, පටිඤ්ඤාතකරණං, තිණවත්ථාරකො. චත්තාරො සමථා ආපත්තාධිකරණස්ස අසාධාරණා, යෙභුය්යසිකා, සතිවිනයො, අමූළ්හවිනයො, තස්සපාපිය්යසිකා.
Sinhala BJT3. තුන් ශමථයෝ ආපත්තාධිකරණයට සාධාරණ වෙති: සම්මුඛාවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තිණවත්‍ථාරක යැ. සිවු ශමථයෝ ආපත්තාධිකරණයට අසාධාරණ වෙති: යේභුය්‍යසිකා යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්‍යසිකා යි.
Pali BJT4. එකො සමථො කිච්චාධිකරණස්ස සාධාරණො : සම්මුඛාවිනයො, ඡ සමථා කිච්චාධිකරණස්ස අසාධාරණා : යෙභුය්යසිකා, සතිවිනයො, අමූළ්හවිනයො, පටිඤ්ඤාතකරණං, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරකො.
Sinhala BJT4. එක් ශමථයෙක් කිච්චාධිකරණයට සාධාරණ වෙයි: සම්මුඛාවිනය යි. ෂට් සමථයෝ කිච්චාධිකරණයට අසාධාරණ වෙති: යේභුය්‍යසිකා යැ සතිවිනය යැ අමූළ්හ විනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්‍යසිකා යැ තිණවත්‍ථාරක යි.
Pali BJTසාධාරණවාරො නිට්ඨිතො සත්තමො.
Sinhala BJTසත්වන සාධාරණ වාරය නිමි.
Pali BJT8. තබ්භාගියවාරො
Sinhala BJT8. තබ්භාගියවාරය
Pali BJTකති සමථා විවාදාධිකරණස්ස තබ්භාගියා, කති සමථා විවාදාධිකරණස්ස අඤ්ඤභාගියා. කති සමථා අනුවාදාධිකරණස්ස තබ්භාගියා, කති සමථා අනුවාදාධිකරණස්ස අඤ්ඤභාගියා. කති සමථා ආපත්තාධිකරණස්ස තබ්භාගියා, කති සමථා ආපත්තාධිකරණස්ස අඤ්ඤභාගියා. කති සමථා කිච්චාධිකරණස්ස තබ්භාගියා, කති සමථා කිච්චාධිකරණස්ස අඤ්ඤභාගියා :
Sinhala BJTකෙතෙක් ශමථයෝ විවාදාධිකරණයට තද්භාගීය වෙත් ද, කොතෙක් ශමථයෝ විවාදාධිකරණයට අන්‍යභාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට තද්භාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට අන්‍යභාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට තද්භාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට අන්‍යභාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට තද්භාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට අන්‍යභාගීය වෙත් ද යත්:
Pali BJT1. ද්වෙ සමථා විවාදාධිකරණස්ස තබ්භාගියා : සම්මුඛාවිනයො, යෙභුය්යසිකා. පඤ්ච සමථා විවාදාධිකරණස්ස අඤ්ඤභාගියා : සතිවිනයො, අමූළ්හවිනයො, පටිඤ්ඤාතකරණං, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරකො.
Sinhala BJT1. දෙ ශමථයෝ විවාදාධිකරණයට තද්භාගීය වෙති: සම්මුඛාවිනය යැ, යේභුය්‍යසිකා යි. පස් ශමථයෝ විවාදාධිකරණයට අන්‍යභාගීය වෙති: සතිවිනය යැ අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්‍යසිකා යැ තිණවත්‍ථාරක යි.
Pali BJT2. චත්තාරො සමථා අනුවාදාධිකරණස්ස තබ්භාගියා : සම්මුඛාවිනයො, සතිවිනයො, අමූළ්හවිනයො, තස්සපාපිය්යසිකා. තයො සමථා අනුවාදාධිකරණස්ස අඤ්ඤභාගියා : යෙභුය්යසිකා, පටිඤ්ඤාතකරණං, තිණවත්ථාරකො.
Sinhala BJT2. සිවු ශමථයෝ අනුවාදාධිකරණයට තද්භාගීය වෙති. සම්මුඛාවිනය යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්‍යසිකා යි. තුන් ශමථයෝ අනුවාදාධිකරණයට අන්‍යභාගීය වෙති: යේභුය්‍යසිකා යැ පටිඤ්ඤාතකරණ යැ තිණවත්‍ථාරක යි.
Pali BJT3. තයො සමථා ආපත්තාධිකරණස්ස තබ්භාගියා : සම්මුඛාවිනයො, පටිඤ්ඤාතකරණං, තිණවත්ථාරකො. චත්තාරො සමථා ආපත්තාධිකරණස්ස අඤ්ඤභාගියා : යෙභුය්යසිකා, සතිවිනයො, අමූළ්හවිනයො, තස්සපාපිය්යසිකා.
Sinhala BJT3. තුන් ශමථයෝ ආපත්තාධිකරණයට තද්භාගීය වෙති: සම්මුඛාවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තිණවත්‍ථාරක යි. සිවු ශමථයෝ ආපත්තාධිකරණයට අන්‍යභාගීය වෙති: යේභුය්‍යසිකා යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්‍යසිකා යි.
Pali BJT4. එකො සමථො කිච්චාධිකරණස්ස තබ්භාගියො : සම්මුඛාවිනයො. ඡ සමථා කිච්චාධිකරණස්ස අඤ්ඤභාගියා : යෙභුය්යසිකා, සතිවිනයො, අමූළ්හවිනයො, පටිඤ්ඤාතකරණං, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරකො.
Sinhala BJT4. එක් ශමථයෙක් කිච්චාධිකරණයට තද්භාගීය වෙයි: සම්මුඛාවිනය යි. ෂට් ශමථයෝ කිච්චාධිකරණයට අන්‍යභාගීය වෙති: යේභුය්‍යසිකා යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්‍යසිකා යැ තිණවත්‍ථාරක යි.
Pali BJTතබ්භාගියවාරො නිට්ඨිතො අට්ඨමො.
Sinhala BJTඅටවන තබ්භාගියවාරය නිමි.
Pali BJT9. සමථා සමථස්ස සාධාරණවාරො
Sinhala BJT9. සමථ සමථයට සාධාරණවාරය
Pali BJTසමථා සමථස්ස සාධාරණා, සමථා සමථස්ස අසාධාරණා. සියා සමථා සමථස්ස සාධාරණා, සියා සමථා සමථස්ස අසාධාරණා.
Sinhala BJTශමථයෙන් ශමථයට සාධාරණයහ, ශමථයෝ ශමථයට අසාධාරණයහ. කිසිවිටෙක ශමථයෝ ශමථයට සාධාරණ වෙති, කිසිවිටෙක ශමථයෝ ශමථයට අසාධාරණ වෙත්.
Pali BJTකථං සියා සමථා සමථස්ස සාධාරණා, කථං සියා සමථා සමථස්ස අසාධාරණා :
Sinhala BJTකිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ සාධාරණ වෙත් ද, කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ අසාධාරණ වෙත් ද යත්:
Pali BJT1. යෙභුය්යසිකා සම්මුඛාවිනයස්ස සාධාරණා, සතිවිනයස්ස අමූළ්හවිනයස්ස පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය තිණවත්ථාරකස්ස අසාධාරණා.
Sinhala BJT1. යේභුය්‍යසිකාව සම්මුඛාවිනයට සාධාරණ වෙයි, සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍ය සිකාවට තිණවත්‍ථාරකයට අසාධාරණ වේ.
Pali BJT2. සතිවිනයො සම්මුඛාවිනයස්ස සාධාරණො, අමූළ්හවිනයස්ස පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය තිණවත්ථාරකස්ස යෙභුය්යසිකාය අසාධාරණො.
Sinhala BJT2. සතිවිනය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට අසාධාරණ වේ.
Pali BJT3. අමූළ්හවිනයො සම්මුඛාවිනයස්ස සාධාරණො, පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය තිණවත්ථාරකස්ස යෙභුය්යසිකාය සතිවිනයස්ස අසාධාරණො.
Sinhala BJT3. අමූළ්හවිනය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අසාධාරණ වේ.
Pali BJT4. පටිඤ්ඤාතකරණං සම්මුඛාවිනයස්ස සාධාරණං තස්සපාපිය්යසිකාය තිණවත්ථාරකස්ස යෙභුය්යසිකාය සතිවිනයස්ස අමූළ්හවිනයස්ස අසාධාරණං.
Sinhala BJT4. පටිඤ්ඤාතකරණය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට අසාධාරණ වේ.
Pali BJT5. තස්සපාපිය්යසිකා සම්මුඛාවිනයස්ස සාධාරණා, තිණවත්ථාරකස්ස යෙභුය්යසිකාය සතිවිනයස්ස අමූළ්හවිනයස්ස පටිඤ්ඤාතකරණස්ස අසාධාරණා.
Sinhala BJT5. තස්සපාපිය්‍යසිකාව සම්මුඛාවිනයට සාධාරණ වෙයි, තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට අසාධාරණ වේ.
Pali BJT6. තිණවත්ථාරකො සම්මුඛාවිනයස්ස සාධාරණො, යෙභුය්යසිකාය සතිවිනයස්ස අමූළ්හවිනයස්ස පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය අසාධාරණො; එවං සියා සමථා සමථස්ස සාධාරණා එවං සියා සමථා සමථස්ස අසාධාරණා.
Sinhala BJT6. තිණවත්‍ථාරකය සම්මුඛාවිනයට සාධාරණ වෙයි. යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට අසාධාරණ වේ. මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට සාධාරණ වෙති, මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට අසාධාරණ වෙත්.
Pali BJTසමථා සමථස්ස සාධාරණවාරො නිට්ඨිතො නවමො.
Sinhala BJTනවවන සමථ සමථයට සාධාරණවාරය නිමි.
Pali BJT10. සමථා සමථස්ස තබ්භාගියවාරො
Sinhala BJT10. සමථ සමථයට තද්භාගියවාරය
Pali BJTසමථා සමථස්ස තබ්භාගියා. සමථා සමථස්ස අඤ්ඤභාගියා සියා සමථා සමථස්ස තබ්භාගියා. සියා සමථා සමථස්ස අඤ්ඤභාගියා.
Sinhala BJTශමථයෝ ශමථයට තද්භාගීය වෙති, ශමථයෝ ශමථයට ආන්‍යභාගීය වෙත්. කිසිවිටෙක ශමථයෝ ශමථයට තද්භාගීය වෙති, කිසිවිටෙක ශමථයෝ ශමථයට අන්‍යභාගීය වෙත්.
Pali BJTකථං සියා සමථා සමථස්ස තබ්භාගියා, කථං සියා සමථා සමථස්ස අඤ්ඤභාගියා :
Sinhala BJTකිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ තද්භාගීය වෙත් ද, කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ අන්‍යභාගීය වෙත් ද යත්:
Pali BJT1. යෙභුය්යසිකා සම්මුඛාවිනයස්ස තබ්භාගියා, සතිවිනයස්ස අමූළ්හවිනයස්ස පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය තිණවත්ථාරකස්ස අඤ්ඤභාගියා.
Sinhala BJT1. යේභුය්‍යසිකාව සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට අන්‍යභාගීය වේ.
Pali BJT2. සතිවිනයො සම්මුඛාවිනයස්ස තබ්භාගියො. අමූළ්හවිනයස්ස පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය තිණවත්ථාරකස්ස යෙභුය්යසිකාය අඤ්ඤභාගියො.
Sinhala BJT2. සතිවිනය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට අන්‍යභාගීය වේ.
Pali BJT3. අමූළ්හවිනයො සම්මුඛාවිනයස්ස තබ්භාගියො, පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය තිණවත්ථාරකස්ස යෙභුය්යසිකාය සතිවිනයස්ස අඤ්ඤභාගියො.
Sinhala BJT3. අමූළ්හවිනය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, පටිඤ්ඤාතකරණයට තස්ස පාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අන්‍යභාගීය වේ.
Pali BJT4. පටිඤ්ඤාතකරණං සම්මුඛාවිනයස්ස තබ්භාගියං, තස්සපාපිය්යසිකාය තිණවත්ථාරකස්ස යෙභුය්යසිකාය සතිවිනයස්ස අමූළ්හවිනයස්ස අඤ්ඤභාගියං.
Sinhala BJT4. පටිඤ්ඤාතකරණය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට අන්‍යභාගීය වේ.
Pali BJT5. තස්සපාපිය්යසිකා සම්මුඛාවිනයස්ස තබ්භාගියා, තිණවත්ථාරකස්ස යෙභුය්යසිකාය සතිවිනයස්ස අමූළ්හවිනයස්ස පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය අඤ්ඤභාගියා.
Sinhala BJT5. තස්සපාපිය්‍යසිකාවට සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට අන්‍යභාගීය වේ.
Pali BJT6. තිණවත්ථාරකො සම්මුඛාවිනයස්ස තබ්භාගියො, යෙභුය්යසිකාය සතිවිනයස්ස අමූළ්හවිනයස්ස පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය අඤ්ඤභාගියො. එවං සියා සමථා සමථස්ස තබ්භාගියා. එවං සියා සමථා සමථස්ස අඤ්ඤභාගියා.
Sinhala BJT6. තිණවත්‍ථාරකය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට අන්‍යභාගීය වේ. මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට තද්භාගීය වෙති, මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට අන්‍යභාගීය වෙත්.
Pali BJTසමථා සමථස්ස තබ්භාගියවාරො නිට්ඨිතො දසමො.
Sinhala BJTදසවන සමථ සමථයට තද්භාගීයවාරය නිමි.
Pali BJT11. සමථසම්මුඛාවිනයවාරො
Sinhala BJT11. සමථසම්මුඛාවිනයවාරය
Pali BJTසමථො සම්මුඛාවිනයො. සම්මුඛාවිනයො සමථො. සමථො යෙභුය්යසිකා, යෙභුය්යසිකා සමථො. සමථො සතිවිනයො. සතිවිනයො සමථො. සමථො අමූළ්හවිනයො. අමූළ්හවිනයො සමථො. සමථො පටිඤ්ඤාතකරණං පටිඤ්ඤාතකරණං සමථො. සමථො තස්සපාපිය්යසිකා, තස්සපාපිය්යසිකා සමථො. සමථො තිණවත්ථාරකො, තිණවත්ථාරකො සමථො.
Sinhala BJTශමථය සම්මුඛාවිනය වෙයි, සම්මුඛාවිනය ශමථය වෙයි. ශමථය යේභුය්‍යසිකාව වෙයි, යේභුය්‍යසිකාව ශමථය වෙයි. ශමථය සතිවිනය වෙයි, සතිවිනය ශමථය වෙයි. ශමථය අමූළ්හවිනය වෙයි. අමූළ්හවිනය ශමථය වෙයි. ශමථය පටිඤ්ඤාතකරණය වෙයි, පටිඤ්ඤාතකරණය ශමථය වෙයි. ශමථය තස්සපාපිය්‍යසිකාව වෙයි, තස්සපාපිය්‍යසිකාව ශමථය වෙයි. ශමථය තිණවත්‍ථාරකය වෙයි, තිණවත්‍ථාරකය ශමථය වේ.
Pali BJT1. යෙභුය්යසිකා සතිවිනයො අමූළ්හවිනයො පටිඤ්ඤාතකරණං තස්සපාපිය්යසිකා තිණවත්ථාරකො –ඉමෙ සමථා සමථා. නො සම්මුඛාවිනයො. සම්මුඛාවිනයො සමථො චෙව සම්මුඛාවිනයො ච.
Sinhala BJT1. යේභුය්‍යසිකාව සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය යන මේ ශමථයෝ ශමථ වෙති, සම්මුඛාවිනය නො වෙයි. සම්මුඛාවිනය ශමථය ද සම්මුඛාවිනය ද වේ.
Pali BJT2. සතිවිනයො අමූළ්හවිනියො පටිඤ්ඤාතකරණං තස්සපාපිය්යසිකා තිණවත්ථාරකො සම්මුඛාවිනයො ඉමෙ සමථා සමථා, නො යෙභුය්යසිකා. යෙභුය්යසිකා සමථො චෙව යෙභුය්යසිකා ච.
Sinhala BJT2. සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යන මේ ශමථයෝ ශමථ වෙති, යේභුය්‍යසිකාව නො වෙයි. යේභුය්‍යසිකාව ශමථය ද යේභුය්‍යසිකා ද වේ.
Pali BJT3. අමූළ්හවිනයො පටිඤ්ඤාතකරණං තස්සපාපිය්යසිකා තිණවත්ථාරකො සම්මුඛාවිනයො යෙභුය්යසිකා ඉමෙ සමථා සමථා, නො සතිවිනයො. සතිවිනයො සමථො චෙව සතිවිනයො ච.
Sinhala BJT3. අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යේභුය්‍යසිකාව යන මේ ශමථයෝ ශමථ වෙති, සතිවිනය නො වෙයි. සතිවිනය ශමථය ද සතිවිනය ද වේ.
Pali BJT4. පටිඤ්ඤාතකරණං තස්සපාපිය්යසිකා තිණවත්ථාරකො සම්මුඛාවිනයො යෙභුය්යසිකා සතිවිනයො ඉමෙ සමථා සමථා. නො අමූළ්හවිනයො. අමූළ්හවිනයො සමථො චෙව අමූළ්හවිනයො ච.
Sinhala BJT4. පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යේභුය්‍යසිකාව සතිවිනය යන මේ ශමථයෝ ශමථ වෙති, අමූළ්හවිනය නො වෙයි. අමූළ්හවිනය ශමථය ද අමූළ්හවිනය ද වේ.
Pali BJT5. තස්සපාපිය්යසිකා තිණවත්ථාරකො සම්මුඛාවිනයො යෙභුය්යසිකා සතිවිනයො අමූළ්හවිනයො ඉමෙ සමථා සමථා, නො පටිඤ්ඤාතකරණං. පටිඤ්ඤාතකරණං සමථො චෙව පටිඤ්ඤාතකරණඤ්ච.
Sinhala BJT5. තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යේභුය්‍යසිකාව සතිවිනය අමූළ්හවිනය යන මේ ශමථයෝ ශමථ වෙති, පටිඤ්ඤාතකරණය නො වෙයි. පටිඤ්ඤාතකරණය ශමථය ද පටිඤ්ඤාතකරණය ද වේ.
Pali BJT6. තිණවත්ථාරකො සම්මුඛාවිනයො යෙභුය්යසිකා සතිවිනයො අමූළ්හවිනයො පටිඤ්ඤාතකරණං ඉමෙ සමථා සමථා, නො තස්සපාපිය්යසිකා. තස්සපාපිය්යසිකා සමථො චෙව තස්සපාපිය්යසිකා ච.
Sinhala BJT6. තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යේභුය්‍යසිකාව සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය යන මේ ශමථයෝ ශමථ වෙති, තස්සපාපිය්‍යසිකාව නො වෙයි. තස්සපාපිය්‍යපසිකාව ශමථය ද තස්සපාපිය්‍යසිකා ද වේ.
Pali BJT7. සම්මුඛාවිනයො යෙභුය්යසිකා සතිවිනයො අමූළ්හවිනයො පටිඤ්ඤාතකරණං තස්සපාපිය්යසිකා ඉමෙ සමථා සමථා, නො තිණවත්ථාරකො. තිණවත්ථාරකො සමථො චෙව තිණවත්ථාරකො ච.
Sinhala BJT7. සම්මුඛාවිනය යේභුය්‍යසිකාව සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව යන මේ ශමථයෝ ශමථ වෙති, තිණවත්‍ථාරකය නො වෙයි. තිණවත්‍ථාරකය ශමථය ද තිණවත්‍ථාරකය ද වේ.
Pali BJTසමථසම්මුඛාවිනයවාරො නිට්ඨිතො එකාදසමො.
Sinhala BJTඑකොළොස්වන සමථ සම්මුඛා විනය වාරය නිමි.
Pali BJT12. විනයවාරො
Sinhala BJT12. විනයවාරය
Pali BJTවිනයො සම්මුඛාවිනයො. සම්මුඛාවිනයො විනයො. විනයො යෙභුය්යසිකා. යෙභුය්යසිකා විනයො. විනයො සතිවිනයො, සතිවිනයො විනයො. විනයො අමූළ්හවිනයො, අමූළ්හවිනයො විනයො. විනයො පටිඤ්ඤාතකරණං. පටිඤ්ඤාතකරණං විනයො. විනයො තස්සපාපිය්යසිකා. තස්සපාපිය්යසිකා විනයො. විනයො තිණවත්ථාරකො. තිණවත්ථාරකො විනයො.
Sinhala BJTවිනය සම්මුඛාවිනය වෙයි, සම්මුඛාවිනය විනය වෙයි. විනය යේභුය්‍යසිකා වෙයි, යේභුය්‍යසිකාව විනය වෙයි. විනය සතිවිනය වෙයි, සතිවිනය විනය වෙයි. විනය අමූළ්හවිනය වෙයි, අමූළ්හවිනය විනය වෙයි. විනය පටිඤ්ඤාතකරණය වෙයි, පටිඤ්ඤාතකරණය විනය වෙයි. විනය තස්සපාපිය්‍යසිකාව වෙයි, තස්සපාපිය්‍යසිකාව විනය වෙයි. විනය තිණවත්‍ථාරකය වෙයි, තිණවත්‍ථාරකය විනය වේ.
Pali BJT1. විනයො සියා සම්මුඛාවිනයො. සියා න සම්මුඛාවිනයො. සම්මුඛාවිනයො විනයො චෙව සම්මුඛාවිනයො ච.
Sinhala BJT1. විනය කිසිවිටෙක සම්මුඛාවිනය වෙයි, කිසිවිටෙක සම්මුඛාවිනය නො වෙයි. සම්මුඛාවිනය විනය ද සම්මුඛාවිනය ද වේ.
Pali BJT2. විනයො සියා යෙභුය්යසිකා. සියා න යෙභුය්යසිකා. යෙභුය්යසිකා විනයො චෙව යෙභුය්යසිකා ච.
Sinhala BJT2. විනය කිසිවිටෙක යේභුය්‍යසිකාව වෙයි, කිසිවිටෙක යේභුය්‍යසිකාව නො වෙයි. යේභුය්‍යසිකාව විනය ද යේභුය්‍යසිකා ද වේ.
Pali BJT3. විනයො සියා සතිවිනයො. සියා න සතිවිනයො. සතිවිනයො විනයො චෙව සතිවිනයො ච.
Sinhala BJT3. විනය කිසිවිටෙක සතිවිනය වෙයි, කිසිවිටෙක සතිවිනය නො වෙයි. සතිවිනය විනය ද සතිවිනය ද වේ.
Pali BJT4. විනයො සියා අමූළ්හවිනයො. සියා න අමූළ්හවිනයො. අමූළ්හවිනයො විනයො චෙව අමූළ්හවිනයො ච.
Sinhala BJT4. විනය කිසිවිටෙක අමූළ්හවිනය වෙයි, කිසිවිටෙක අමූළ්හවිනය නො වෙයි අමූළ්හවිනය විනය ද අමූළ්හවිනය ද වේ.
Pali BJT5. විනයො සියා පටිඤ්ඤාතකරණං, සියා න පටිඤ්ඤාතකරණං, පටිඤ්ඤාතකරණං විනයො චෙව පටිඤ්ඤාතකරණඤ්ච.
Sinhala BJT5. විනය කිසිවිටෙක පටිඤ්ඤාතකරණය වෙයි, කිසිවිටෙක පටිඤ්ඤාතකරණය නො වෙයි. පටිඤ්ඤාතකරණය විනය ද පටිඤ්ඤාතකරණය ද වේ.
Pali BJT6. විනයො සියා තස්සපාපිය්යසිකා සියා න තස්සපාපිය්යසිකා. තස්සපාපිය්යසිකා විනයො චෙව තස්සපාපිය්යසිකා ච.
Sinhala BJT6. විනය කිසිවිටෙක තස්සපාපිය්‍යසිකාව වෙයි, කිසිවිටෙක තස්සපාපිය්‍යසිකාව නොවෙයි. තස්සපාපිය්‍යසිකාව විනය ද තස්සපාපිය්‍යසිකා ද වේ.
Pali BJT7. විනයො සියා තිණවත්ථාරකො. සියා න තිණවත්ථාරකො. තිණවත්ථාරකො විනයො චෙව තිණවත්ථාරකො ච.
Sinhala BJT7. විනය කිසිවිටෙක තිණවත්‍ථාරකය වෙයි, කිසිවිටෙක තිණවත්‍ථාරකය නො වෙයි. තිණවත්‍ථාරකය විනය ද තිණවත්‍ථාරකය ද වේ.
Pali BJTවිනයවායරා නිට්ඨිතො ද්වාදසමො.
Sinhala BJTදොළොස්වන විනයවාරය නිමි.
Pali BJT13. කුසලවාරො
Sinhala BJT13. කුශලවාරය
Pali BJTසම්මුඛාවිනයො කුසලො අකුසලො අබ්යාකතො, යෙභුය්යසිකා කුසලා අකුසලා අබ්යාකතා. සතිවිනයො කුසලො අකුසලො අබ්යාකතො. අමූළ්හවිනයො කුසලො අකුසලො අබ්යාකතො, පටිඤ්ඤාතකරණං කුසලං අකුසලං අබ්යාකතං, තස්සපාපිය්යසිකා කුසලා අකුසලා අබ්යාකතා. තිණවත්ථාරකො කුසලො අකුසලො අබ්යාකතො.
Sinhala BJTසම්මුඛාවිනයය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, යේභුය්‍යසිකාව කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, සතිවිනය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, අමූළ්හවිනය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, පටිඤ්ඤාතකරණය කුශල ද අකුශල ද, අව්‍යාකෘත ද, තස්සපාපිය්‍යසිකාව කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, තිණවත්‍ථාරකය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද යත්:
Pali BJT1. සම්මුඛාවිනයො සියා කුසලො සියා අබ්යාකතො. නත්ථි සම්මුඛා විනයො අකුසලො.
Sinhala BJT1. සම්මුඛාවිනය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වෙයි, අකුශල වූ සම්මුඛාවිනයයෙක් නැති.
Pali BJT2. යෙභුය්යසිකා සියා කුසලා. සියා අකුසලා. සියා අබ්යාකතා.
Sinhala BJT2. යේභුය්‍යසිකාව කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
Pali BJT3. සතිවිනයො සියා කුසලො. සියා අකුසලො. සියා අබ්යාකතො.
Sinhala BJT3. සතිවිනය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
Pali BJT4. අමූළ්හවිනයො සියා කුසලො. සියා අකුසලො. සියා අබ්යාකතො.
Sinhala BJT4. අමූළ්හවිනය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
Pali BJT5. පටිඤ්ඤාතකරණං සියා කුසලං. සියා අකුසලං. සියා අබ්යාකතං.
Sinhala BJT5. පටිඤ්ඤාතකර්‍ණය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසි විටෙක අව්‍යාකෘත වේ.
Pali BJT6. තස්සපාපිය්යසිකා සියා කුසලා. සියා අකුසලා. සියා අබ්යාකතා.
Sinhala BJT6. තස්සපාපිය්‍යසිකාව කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
Pali BJT7. තිණවත්ථාරකො සියා කුසලො. සියා අකුසලො. සියා අබ්යාකතො.
Sinhala BJT7. තිණවත්‍ථාරකය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
Pali BJTවිවාදාධිකරණං කුසලං අකුසලං අබ්යාකතං. අනුවාදාධිකරණං කුසලං අකුසලං අබ්යාකතං. ආපත්තාධිකරණං කුසලං අකුසලං අබ්යාකතං. කිච්චාධිකරණංකුසලං අකුසලං අබ්යාකතං :
Sinhala BJTවිවාදාධිකරණය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, අනුවාදාධිකරණය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, ආපත්තාධිකරණය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, කිච්චාධිකරණය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද යත්:
Pali BJT1. විවාදාධිකරණං සියා කුසලං. සියා අකුසලං. සියා අබ්යාකතං.
Sinhala BJT1. විවාදාධිකරණය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
Pali BJT2. අනුවාදාධිකරණං සියා කුසලං. සියා අකුසලං. සියා අබ්යාකතං.
Sinhala BJT2. අනුවාදාධිකරණය කිසිවිටෙක කුශල වෙයි. කිසිවිටෙක අකුශල වෙයි, කිසි විටෙක අව්‍යාකෘත වේ.
Pali BJT3. ආපත්තාධිකරණං සියා අකුසලං. සියා අබ්යාකතං. නත්ථි ආපත්තාධිකරණං කුසලං.
Sinhala BJT3. ආපත්තාධිකරණය කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ. කුශල වූ ආපත්තාධිකරණයෙක් නැති.
Pali BJT4. කිච්චාධිකරණං සියා කුසලං. සියා අකුසලං. සියා අබ්යාකතං.
Sinhala BJT4. කිච්චාධිකරණය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.
Pali BJTකුසලවාරො නිට්ඨිතො තෙරසමො.
Sinhala BJTතෙළෙස්වන කුශලවාරය නිමි.
Pali BJT14. යත්ථවාරො
Sinhala BJT14. යත්‍ථවාරය
Pali BJT1. යත්ථ යෙභුය්යසිකා ලබ්භති, තත්ථ සම්මුඛාවිනයො ලබ්භති, යත්ථ සම්මුඛාවිනයො ලබ්භති, තත්ථ යෙභුය්යසිකා ලබ්භති. න තත්ථ සතිවිනයො ලබ්භති. න තත්ථ අමූළ්හවිනයො ලබ්භති. න තත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති. න තත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති. න තත්ථ තිණවත්ථාරකො ලබ්භති.
Sinhala BJT1. යම් තැනෙක යේභුය්‍යසිකාව ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි යේභුය්‍යසිකාව ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබේ.
Pali BJT2. යත්ථ සතිවිනයො ලබ්භති. තත්ථ සම්මුඛාවිනයො ලබ්භති. යත්ථ සම්මුඛාවිනයො ලබ්භති, තත්ථ සතිවිනයො ලබ්භති. න තත්ථ අමූළ්හවිනයො ලබ්භති. න තත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති. න තත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති. න තත්ථ තිණවත්ථාරකො ලබ්භති. න තත්ථ යෙභුය්යසිකා ලබ්භති.
Sinhala BJT2. යම් තැනෙක සතිවිනය ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි, යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි සතිවිනය ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබේ.
Pali BJT3. යත්ථ අමූළ්හවිනයො ලබ්භති, තත්ථ සම්මුඛාවිනයො ලබ්භති. යත්ථ සම්මුඛාවිනයො ලබ්භති, තත්ථ අමූළ්හවිනයො ලබ්භති. න තත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති. න තත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති. න තත්ථ තිණවත්ථාරකො ලබ්භති. න තත්ථ යෙභුය්යසිකා ලබ්භති. න තත්ථ සතිවිනයො ලබ්භති.
Sinhala BJT3. යම් තැනෙක අමූළ්හවිනය ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි අමූළ්හවිනය ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබේ.
Pali BJT4. යත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති, තත්ථ සම්මුඛාවිනයො ලබ්භති, යත්ථ සම්මුඛාවිනයො ලබ්භති, තත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති. න තත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති. න තත්ථ තිණවත්ථාරකො ලබ්භති. න තත්ථ යෙභුය්යසිකා ලබ්භති. න තත්ථ සතිවිනයො ලබ්භති. න තත්ථ අමූළ්හවිනයො ලබ්භති.
Sinhala BJT4. යම් තැනෙක පටිඤ්ඤාතකරණය ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි පටිඤ්ඤාතකරණය ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබේ.
Pali BJT5. යත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති, තත්ථ සම්මුඛාවිනයො ලබ්භති, යත්ථ සම්මුඛාවිනයො ලබ්භති, තත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති. න තත්ථ තිණවත්ථාරකො ලබ්භති. න තත්ථ යෙභුය්යසිකා ලබ්භති. න තත්ථ සතිවිනයො ලබ්භති, න තත්ථ අමූළ්හවිනයො ලබ්භති, න තත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති.
Sinhala BJT5. යම් තැනෙක තස්සපාපිය්‍යසිකාවව ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි තස්සපාපිය්‍යසිකාව ලැබෙයි. එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබේ.
Pali BJT6. යත්ථ තිණවත්ථාරකො ලබ්භති, තත්ථ සම්මුඛාවිනයො ලබ්භති, යත්ථ සම්මුඛාවිනයො ලබ්භති, තත්ථ තිණවත්ථාරකො ලබ්භති. න තත්ථ යෙභුය්යසිකා ලබ්භති. න තත්ථ සතිවිනයො ලබ්භති. න තත්ථ අමූළ්හවිනයො ලබ්භති. න තත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති. න තත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති.
Sinhala BJT6. යම් තැනෙක තිණවත්‍ථාරකය ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි තිණවත්‍ථාරකය ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබේ.
Pali BJT7. යත්ථ යෙභුය්යසිකා තත්ථ සම්මුඛාවිනයො. යත්ථ සම්මුඛාවිනයො තත්ථ යෙභුය්යසිකා. න තත්ථ සතිවිනයො. න තත්ථ අමූළ්හවිනයො. න තත්ථ පටිඤ්ඤාතකරණං. න තත්ථ තස්සපාපිය්යසිකා. න තත්ථ තිණවත්ථාරකො.
Sinhala BJT7. යම් තැනෙක යේභුය්‍යසිකාව වේ ද එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනෙක සම්මුඛාවිනය වේ ද එහි යේභුය්‍යසිකාව වෙයි, එහි සතිවිනය නොවෙයි, එහි අමූළ්හ විනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි. එහි තස්සපිය්‍යසිකාව නොවෙයි, එහි තිණවත්‍ථාරකය නො වේ.
Pali BJT8. යත්ථ සතිවිනයො තත්ථ සම්මුඛාවිනයො. යත්ථ සම්මුඛාවිනයො තත්ථ සතිවිනයො. න තත්ථ අමූළ්හවිනයො. න තත්ථ පටිඤ්ඤාතකරණං. න තත්ථ තස්සපාපිය්යසිකා. න තත්ථ තිණවත්ථාරකො. න තත්ථ යෙභුය්යසිකා. (සම්මුඛාවිනයං කාතුනමූලං-පෙ-.)
Sinhala BJT8. යම් තැනෙක සතිවිනය වේ ද එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනෙක සම්මුඛාවිනය වේ ද එහි සතිවිනය වෙයි, එහි අමූළ්හ විනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වෙයි, එහි තිණවත්‍ථාරකය නො වෙයි, එහි යේභුය්‍යසිකාව නො වෙයි, (සම්මුඛාවිනය මුල්කොට ...)
Pali BJT9. යත්ථ තිණවත්ථාරකො තත්ථ සම්මුඛාවිනයො යත්ථ සම්මුඛාවිනයො, තත්ථ තිණවත්ථාරකො. න තත්ථ යෙභුය්යසිකා. න තත්ථ සතිවිනයො. න තත්ථ අමූළ්හවිනයො. න තත්ථ පටිඤ්ඤාතකරණං. න තත්ථ තස්සපාපිය්යසිකා.
Sinhala BJT9. යම් තැනෙක තිණවත්‍ථාරකය වේ ද එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනෙක සම්මුඛාවිනය වේ ද එහි තිණවත්‍ථාරකය වෙයි, එහි යේභුය්‍යසිකාව නො වෙයි. එහි සතිවිනය නො වෙයි, එහි අමූළ්හවිනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වේ.
Pali BJTචක්කපෙය්යාලං.
Sinhala BJTචක්කපෙය්‍යාල යි
Pali BJTයත්ථවාරො නිට්ඨිතො චුද්දසමො.
Sinhala BJTතුදුස්වන යත්‍ථවාරය නිමි.
Pali BJT15. සමථවාරො
Sinhala BJT15. සමථවාරය
Pali BJT1. යස්මිං සමයෙ සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච අධිකරණං වූපසම්මති, යත්ථ යෙභුය්යසිකා ලබ්භති. තත්ථ සම්මුඛාවිනයො ලබ්භති, යත්ථ සම්මුඛාවිනයො ලබ්භති, තත්ථ යෙභුය්යසිකා ලබ්භති. න තත්ථ සතිවිනයො ලබ්භති. න තත්ථ අමූළ්හවිනයො ලබ්භති. න තත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති. න තත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති. න තත්ථ තිණවත්ථාරකො ලබ්භති.
Sinhala BJT1. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි යේභුය්‍යසිකාව ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි යේභුය්‍යසිකාව ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යාසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබේ.
Pali BJT2. යස්මිං සමයෙ සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අධිකරණං වූපසම්මති, යත්ථ සතිවිනයො ලබ්භති, තත්ථ සම්මුඛාවිනයො ලබ්භති. යත්ථ සම්මුඛාවිනයො ලබ්භති, තත්ථ සතිවිනයො ලබ්භති. න තත්ථ අමූළ්හවිනයො ලබ්භති න තත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති. න තත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති. න තත්ථ තිණවත්ථාරකො ලබ්භති, න තත්ථ යෙභුය්යසිකා ලබ්භති.
Sinhala BJT2. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි සතිවිනය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි සතිවිනය ලැබෙයි. එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබේ.
Pali BJT3. යස්මිං සමයෙ සම්මුඛාවිනයෙන ච අමූළ්හවිනයෙන ච අධිකරණං වූපසම්මති, යත්ථ අමූළ්හවිනයො ලබ්භති, තත්ථ සම්මුඛාවිනයො ලබ්භති. යත්ථ සම්මුඛාවිනයො ලබ්භති, තත්ථ අමූළ්හවිනයො ලබ්භති. න තත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති. න තත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති. න තත්ථ තිණවත්ථාරකො ලබ්භති. න තත්ථ යෙභුය්යසිකා ලබ්භති. න තත්ථ සතිවිනයො ලබ්භති.
Sinhala BJT3. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි අමූළ්හවිනය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි අමූළ්හවිනය ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබේ.
Pali BJT4. යස්මිං සමයෙ සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච අධිකරණං වූපසම්මති, යත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති, තත්ථ සම්මුඛාවිනයො ලබ්භති. යත්ථ සම්මුඛාවිනයො ලබ්භති, තත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති. න තත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති. න තත්ථ තිණවත්ථාරකො ලබ්භති. න තත්ථ යෙභුය්යසිකා ලබ්භති. න තත්ථ සතිවිනයො ලබ්භති. න තත්ථ අමූළ්හවිනයො ලබ්භති.
Sinhala BJT4. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි පටිඤ්ඤාතකරණය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි පටිඤ්ඤාතකරණය ලැබෙයි. එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබේ.
Pali BJT5. යස්මිං සමයෙ සම්මුඛාවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච අධිකරණං වූපසම්මති, යත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති, තත්ථ සම්මුඛාවිනයො ලබ්භති. යත්ථ සම්මුඛාවිනයො ලබ්භති, තත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති. න තත්ථ තිණවත්ථාරකො ලබ්භති. න තත්ථ යෙභුය්යසිකා ලබ්භති. න තත්ථ සතිවිනයො ලබ්භති. න තත්ථ අමූළ්හවිනයො ලබ්භති. න තත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති.
Sinhala BJT5. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි තස්සපාපිය්‍යසිකාව ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි තස්සපාපිය්‍යසිකාව ලැබෙයි. එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබේ.
Pali BJT6. යස්මිං සමයෙ සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච අධිකරණං වූපසම්මති, යත්ථ තිණවත්ථාරකො ලබ්භති, තත්ථ සම්මුඛාවිනයො ලබ්භති. යත්ථ සම්මුඛාවිනයො ලබ්භති, තත්ථ තිණවත්ථාරකො ලබ්භති. න තත්ථ යෙභුය්යසිකා ලබ්භති. න තත්ථ සතිවිනයො ලබ්භති. න තත්ථ අමූළ්හවිනයො ලබ්භති. න තත්ථ පටිඤ්ඤාතකරණං ලබ්භති. න තත්ථ තස්සපාපිය්යසිකා ලබ්භති.
Sinhala BJT6. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි තිණවත්‍ථාරකය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි තිණවත්‍ථාරකය ලැබෙයි. එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබේ.
Pali BJTසමථවාරො නිට්ඨිතො පණ්ණරසමො.
Sinhala BJTපසළොස්වන සමථවාරය නිමි.
Pali BJT16. සංසට්ඨවාරො
Sinhala BJT16. සංසට්ඨවාරය
Pali BJTඅධිකරණන්ති වා සමථාති වා ඉමෙ ධම්මා සංසට්ඨා උදාහු විසංසට්ඨා, ලබ්භා ච පනිමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුන්ති :-
Sinhala BJTඅධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍ර වූවෝ ද නොහොත් අමිශ්‍ර වූවෝ ද, බෙදාලමින් මේ ධර්‍මයන්ගේ නානාත්‍වය පණවන්නට ලැබේ ද යත්:
Pali BJTඅධිකරණන්ති වා සමථාති වා ඉමෙ ධම්මා විසංසට්ඨා, නො සංසට්ඨා. ලබ්භා ච පනිමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුන්ති, සො මා හෙවන්තිස්ස වචනීයො. අධිකරණන්ති වා සමථාති වා ඉමෙ ධම්මා සංසට්ඨා නො විසංසට්ඨා. න ච ලබ්භා{1} ඉමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුං. තං කිස්ස හෙතු : නනු වුත්තං භගවතා “චත්තාරිමානි භික්ඛවෙ අධිකරණානි, සත්ත සමථා. අධිකරණා සමථෙහි සම්මන්ති. සමථා අධිකරණෙහි සම්මන්තී”ති. එවං ඉමෙ ධම්මා සංසට්ඨා නො විසංසට්ඨා නො ච ලබ්භා ඉමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුන්ති.
Sinhala BJT“අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්‍මයෝ අමිශ්‍ර වෙති, මිශ්‍ර නො වෙත්. බෙදාලමින් මේ ධර්‍මයන්ගේ නානාත්‍වය පණවන්නට ලැබේ” යැයි (යමෙක් කියා නම්) හේ ‘මෙසේ නහමක් කිය’ යි කියයුතු වන්නේය. අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍ර වෙති. අමිශ්‍ර නො වෙත්. බෙදාලමින් මේ ධර්‍මයන්ගේ නානාත්‍වය පණ වන්නට නො ලැබේ. කවර හෙයිනැ යත්: භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, මේ අධිකරණ සතරෙක, ශමථ සතෙක, අධිකරණයෝ ශමථයෙන් සන්හිඳෙති, ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙත්.” යයි වදාරණ ලද්දේ නො වේ ද, මෙසේ මේ ධර්‍මයෝ මිශ්‍ර වෙති, අමිශ්‍ර නො වෙත්. බෙදාලමින් මේ ධර්‍මයන්ගේ නානාත්‍වය පණවන්නට නො ලැබේ මැ යි.
Pali BJTසංසට්ඨවාරො නිට්ඨිතො සොළසමො.
Sinhala BJTසොළොස්වන සංසට්ඨවාරය නිමි.
Pali BJT17. සම්මතිවාරො
Sinhala BJT17. සම්මතිවාරය
Pali BJTවිවාදාධිකරණං කතීහි සමථෙහි සම්මති, අනුවාදාධිකරණං කතීහි සමථෙහි සම්මති, ආපත්තාධිකරණං කතීහි සමථෙහි සම්මති, කිච්චාධිකරණං කතීහි සමථෙහි සම්මති :
Sinhala BJTවිවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: