Pali BJT14. තත්ථ කතමෙ ඡ සාරාණීයා ධම්මා : ඉධ භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච, අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJT14. එහි සවැදැරුම් සාරාණීයධර්‍මයෝ කවරහ යත්: මේ ශාසනයෙහි මහණක්හුගේ මෛත්‍රී කායකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි ද නො හමුයෙහි ද එළඹ සිටියේ වෙයි. මේ මෛත්‍රීකායකර්‍මසඞ්ඛ්‍යාත ධර්‍මය ද සිහිකටයුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ. (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතුබව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.
Pali BJTපුන චපරං භික්ඛුනො මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච, අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTනැවත ද අනෙකෙක් වෙයි. මහණක්හුගේ මෛත්‍රී වාක්කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි ද නො හමුයෙහි ද එළඹ සිටියේ වෙයි. මේ මෛත්‍රි වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ධර්‍මය ද සිහිකටයුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.
Pali BJTපුන චපරං භික්ඛුනො මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච, අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTනැවත ද අනෙකෙක් වෙයි. මහණක්හුගේ මෛත්‍රීමනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි ද නො හමුයෙහි ද එළඹ සිටියේ වෙයි. මේ මෛත්‍රීමනඃකර්‍මසඞ්ඛ්‍යාත සිහිකට යුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ (සබ්‍රම් සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.
Pali BJTපුන චපරං භික්ඛු යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපෙහි ලාභෙහි අප්පටිවිභත්තභොගී හොති සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගී, අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTනැවත ද අනෙකෙක් වෙයි. මහණ දැහැමි වූ දැහැමින් ලද්දාවූ යම් ඒ ලාභයෝ වෙත් නම් යටත් පිරිසෙයින් පාත්‍රගත වූ පමණකුත් වේ ද, එබඳු ලාභයන්, සිල්වත් සබ්‍රම්සරුන් හා සාධාරණ පරිභෝග ඇත්තේ පටිවිහත්තභෝගී නො වූයේ වෙයි. මේ ධර්‍මය ද සිහි කට යුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ. (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කරණු පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.
Pali BJTපුන චපරං භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, තථාරූපෙසු සීලෙසු සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච, අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTනැවත ද අනෙකෙක් වෙයි. මහණ නො කඩ වූ නො සිදුරු වූ නො සබල වූ නො කැලල් වූ නිදහස් වූ නුවණැත්තන් විසින් පසස්නා ලද (තෘෂ්ණා දෘෂ්ටීන්) නො පහස්නා ලද, සමාධිය එළවන්නා වූ යම් ඒ ශීලයෝ වෙත් ද, එබඳු ශීලයන්හි පිරිපුන් සිල්වතුන් හා සමබවට පැමිණියේ හමුයෙහි ද නො හමුයෙහි ද සබ්‍රම්සරුන් හා වෙසෙයි. මේ ධර්‍මය ද සිහිකටයුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ. (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.
Pali BJTපුන චපරං භික්ඛු යායං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච, අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකී භාවාය සංවත්තති, ඉමෙ ඡ සාරාණීයා ධම්මා.
Sinhala BJTනැවත ද අනෙකෙක් වෙයි. මහණ යම් මේ (මාර්‍ග සම්ප්‍රයුක්ත) දෘෂ්ටියෙක් නිදොස් ද නෛර්‍ය්‍යාණික ද නිවණට පමුණුවන්නී ද, ඒ අනුශාසනය කළහුගේ මොනවට දුක් නැසීම පවතී ද, එබඳු වූ දෘෂ්ටියෙන් සමබවට පැමිණියේ හමුයෙහි ද නො හමුයෙහි ද සබ්‍රම්සරුන් හා වෙසෙයි. මේ ධර්‍මය ද සිහිකටයුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ. (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී. මොහු සවැදැරුම් සාරාණීය ධර්‍මයෝ යි.
Pali BJT15. තත්ථ කතමානි අට්ඨාරස භෙදකරවත්ථූනි : ඉධ භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙති,
Sinhala BJT15. එහි අටළොස් භේදකරවස්තුහු කවරහ යත්: මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍මයැයි ප්‍රකාශ කරයි. ධර්‍මය අධර්‍මයැයි ප්‍රකාශ කරයි. අවිනය විනයැයි ප්‍රකාශ කරයි. විනය අවිනයැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණ ලද යැ පවසන ලදැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් වදාරණ ලද්ද පවසන ලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලද යැ නො පවසන ලදැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් නො පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කරයි.
Pali BJTඅපඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, පඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, ආපත්තිං අනාපත්තීති දීපෙති, අනාපත්තිං ආපත්තීති දීපෙති, ලහුකං ආපත්තිං ගරුකාපත්තීති දීපෙති, ගරුකං ආපත්තිං ලහුකාපත්තීති දීපෙති, සාවසෙසං ආපත්තිං අනවසෙසාපත්තීති දීපෙති, අනවසෙසං ආපත්තිං සාවසෙසාපත්තීති දීපෙති, දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලාපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති. ඉමානි අට්ඨාරස භෙදකරවත්ථූනි.
Sinhala BJTතථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් පණවන ලදැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැයි ප්‍රකාශ කරයි. ඇවැත නො ඇවැතැ යි ප්‍රකාශ කරයි. නො ඇවැත ඇවැතැයි ප්‍රකාශ කරයි. ලුහු ඇවැත ගරු ඇවැතැයි ප්‍රකාශ කරයි. ගරු ඇවැත ලුහු ඇවැතැයි ප්‍රකාශ කරයි. සාවසේස ඇවැත අනවසේස ඇවැතැයි ප්‍රකාශ කරයි. අනවසේස ඇවැත සාවසේස ඇවැතැයි ප්‍රකාශ කරයි. තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැයි ප්‍රකාශ කරයි. නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැයි ප්‍රකාශ කරයි. මොහු අටළොස් භේදකර වස්තූහු යැ.
Pali BJT16. තත්ථ කතමානි චත්තාරි අධිකරණානි : විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ආපත්තාධිකරණං, කිච්චාධිකරණං, ඉමානි චත්තාරි අධිකරණානි.
Sinhala BJT16. එහි සිවුවැදෑරුම් අධිකරණයෝ කවරහ යත්: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ. මොහු සිවුවැදෑරුම් අධිකරණයෝ යි.
Pali BJT17. තත්ථ කතමෙ සත්ත සමථා : සම්මුඛාවිනයො, සතිවිනයො, අමූළ්හවිනයො, පටිඤ්ඤාතකරණං, යෙභුය්යසිකා, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරකො, ඉමෙ සත්ත සමථා.
Sinhala BJT17. එහි සත්වැදෑරුම් ශමථයෝ කවරහ යත්: සම්මුඛාවිනය යැ සතිවිනය ය අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ යෙභූය්‍යසිකා යැ තස්සපාපිය්‍යසිකා යැ තිණවත්‍ථාරක යැ. මොහු සත්වැදෑරුම් ශමථයෝ යි.
Pali BJTකතිපුච්ඡාවාරො නිට්ඨිතො.
Sinhala BJTකතිපුච්ඡාවාරය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJT1. ආපත්ති ආපත්තික්ඛන්ධා-විනීතා සත්තධා පුන, විනීතාගාරවා චෙව-ගාරවා මූලමෙව ච.
Sinhala BJT1. ආපත්ති යැ, ආපත්තිස්කන්‍ධ යැ, විනීත යැ, යළි සත්පරිදි වූ ආපත්ති යැ, ආපත්තිස්කන්‍ධ යැ, විනීත යැ, අගාරව යැ, ගාරව යැ, විවාදමූල යැ.
Pali BJT2. පුන විනීතා විපත්ති-සමුට්ඨානා විවාදනා, අනුවාදා සාරාණීයා-භෙදාධිකරණෙන ච. සත්තෙව සමථා වුත්තා-පදා සත්තරසා ඉමෙති.
Sinhala BJT2. යළි විනීත යැ, විපත්ති යැ, සමුට්ඨාන යැ, විවාද මූල යැ, භේද අධිකරණයන් සමග අනුවාද යැ, සාරාණීය යැ. සත්තසමථයැ යි මේ පදයෝ සතළොසෙක් වදාරණ ලදහ.
Pali BJT1. ඡ ආපත්තිසමුට්ඨානවාරො
Sinhala BJT1. ෂඩාපත්ති සමුත්‍ථානවාරය
Pali BJT1. පඨමෙන ආපත්තිසමුට්ඨානෙන පාරාජිකං ආපජ්ජෙය්යාති : න හීති වත්තබ්බං. සඞ්ඝාදිසෙසං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. ථුල්ලච්චයං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. පාචිත්තියං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. පාටිදෙසනීයං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. දුක්කටං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. දුබ්භාසිතං ආපජ්ජෙය්යාති : න හීති වත්තබ්බං.
Sinhala BJT1. පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුයැ. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයි. පිළිදෙස්නියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.
Pali BJT2. දුතියෙන ආපත්තිසමුට්ඨානෙන පාරාජිකං ආපජ්ජෙය්යාති : න හීති වත්තබ්බං. සඞ්ඝාදිසෙසං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. ථුල්ලච්චයං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. පාචිත්තියං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. පාටිදෙසනීයං ආපජ්ජෙය්යාති : න හීති වත්තබ්බං. දුක්කටං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. දුබ්භාසිතං ආපජ්ජෙය්යාති : න හීති වත්තබ්බං.
Sinhala BJT2. දෙවන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුය. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතු යැ. පචිතියට පැමිණේ ද යත්: වියහැක්කැ යැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.
Pali BJT3. තතියෙන ආපත්තිසමුට්ඨානෙන පාරාජිකං ආපජ්ජෙය්යාති : න හීති වත්තබ්බං. සඞ්ඝාදිසෙසං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. ථුල්ලච්චයං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. පාචිත්තියං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. පාටිදෙසනීයං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. දුක්කටං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. දුබ්භාසිතං ආපජ්ජෙය්යාති : න හීති වත්තබ්බං.
Sinhala BJT3. තුන්වන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුයැ සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.
Pali BJT4. චතුත්ථෙන ආපත්තිසමුට්ඨානෙන පාරාජිකං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. සඞ්ඝාදිසෙසං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. ථුල්ලච්චයං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. පාචිත්තියං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. පාටිදෙසනීයං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. දුක්කටං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. දුබ්භාසිතං ආපජ්ජෙය්යාති : න හීති වත්තබ්බං.
Sinhala BJT4. සතරවන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යන: විය හැක්කැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.
Pali BJT5. පඤ්චමෙන ආපත්තිසමුට්ඨානෙන පාරාජිකං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. සඞ්ඝාදිසෙසං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. ථුල්ලච්චයං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. පාචිත්තියං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. පාටිදෙසනීයං ආපජ්ජෙය්යාති : න හීති වත්තබ්බං. දුක්කටං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. දුබ්භාසිතං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං.
Sinhala BJT5. පස්වන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතු යි.
Pali BJT6. ඡට්ඨෙන ආපත්තිසමුට්ඨානෙන පාරාජිකං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. සඞ්ඝාදිසෙසං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. ථුල්ලච්චයං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. පාචිත්තියං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. පාටිදෙසනීයං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. දුක්කටං ආපජ්ජෙය්යාති : සියාති වත්තබ්බං. දුබ්භාසිතං ආපජ්ජෙය්යාති : න හීති වත්තබ්බං.
Sinhala BJT6. සවැනි ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.
Pali BJTඡ ආපත්තිසමුට්ඨානවාරො නිට්ඨිතො පඨමො.
Sinhala BJTප්‍රථම ෂඩාපත්තිසමුත්‍ථානවාරය නිමි.
Pali BJT2. කතාපත්තිවාරො
Sinhala BJT2. කතාපත්තිවාරය
Pali BJT1. පඨමෙන ආපත්තිසමුට්ඨානෙන කති ආපත්තියො ආපජ්ජති : පඨමෙන ආපත්තිසමුට්ඨානෙන පඤ්ච ආපත්තියො ආපජ්ජති : භික්ඛු කප්පියසඤ්ඤී සඤ්ඤාචිකාය කුටිං කරොති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, පයොගෙ දුක්කටං. එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස, තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. භික්ඛු කප්පියසඤ්ඤී විකාලෙ භොජනං භුඤ්ජති, ආපත්ති පාචිත්තියස්ස. භික්ඛු කප්පියසඤ්ඤී අඤ්ඤාතිකාය භික්ඛුනියා අන්තරඝරං පවිට්ඨාය හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජති, ආපත්ති පාටිදෙසනීයස්ස. පඨමෙන ආපත්තිසමුට්ඨානෙන ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT1. පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් පස් ඇවැතකට පැමිණෙයි: මහණ කැපැයි හැඟීම් ඇති වැ තමා අල්වා ගත් උපකරණයෙන් නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ ද, පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇති වැ නො කල්හි බොජුන් වළඳා නම් පචිති ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇතිවැ ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වේ. පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් මේ ඇවැත්පසට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සවැදැරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං පඤ්චහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන. සියා පාටිදෙසනීයාපත්තික්ඛන්ධෙන. සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො සමුට්ඨන්ති, න වාචතො න චිත්තතො. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං, සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලවච්චායාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි පඤ්චාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් නගිති, වචනයෙන් නො නගිති, සිතින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT2. දුතියෙන ආපත්තිසමුට්ඨානෙන කති ආපත්තියො ආපජ්ජති : දුතියෙන ආපත්තිසමුට්ඨානෙන චතස්සො ආපත්තියො ආපජ්ජති : භික්ඛු කප්පියසඤ්ඤී සමාදිසති “කුටිං මෙ කරොථා”ති, තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං. පයොගෙ දුක්කටං එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස, භික්ඛු කප්පියසඤ්ඤී අනුපසම්පන්නං පදසො ධම්මං වාචෙති, ආපත්ති පාචිත්තියස්ස. දුතියෙන ආපත්තිසමුට්ඨානෙන ඉමා චතස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT2. දෙවන ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දෙවන ආපත්තිසමුට්ඨානයෙන් සිවු ඇවැතකට පැමිණේයි: මහණ කැපැයි හැඟීම් ඇති වැ “මට කුටියක් කරව” යි කියා ද, ඒ මහණහට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්මවූ උවදුරු සහිත වූ උපචාර රහිත කුටියක් කරත් නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇති වැ අනුපසපනක්හට පදවශයෙන් ධර්‍මය කියවා නම් පචිති ඇවැත් වේ. දෙවන ආපත්තිසමුට්ඨානයෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං චතූහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : වාචතො සමුට්ඨන්ති න කායතො න චිත්තතො. චතුන්නං අධිකරණානං, ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධ යෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි චතුරාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: වචනයෙන් නගිති. කයින් නො නගිති, සිතින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණය. සත් වැදැරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛයාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT3. තතියෙන ආපත්තිසමුට්ඨානෙන කති ආපත්තියො ආපජ්ජති : තතියෙන ආපත්තිසමුට්ඨානෙන පඤ්ච ආපත්තියො ආපජ්ජති : භික්ඛු කප්පියසඤ්ඤී සංවිදහිත්වා කුටිං කරොති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, පයොගෙ දුක්කටං. එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස, තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. භික්ඛු කප්පියසඤ්ඤී පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති පාචිත්තියස්ස. භික්ඛු කප්පියසඤ්ඤී භික්ඛුනියා වොසාසන්තියා න නිවාරෙත්වා භුඤ්ජති, ආපත්ති පාටිදෙසනීයස්ස. තතියෙන ආපත්තිසමුට්ඨානෙන ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT3. තුන්වන ආපත්තිසමුට්ඨානයෙන් කිහි ඇවැතකට පැමිණේ ද යත්: තුන්වන ආපත්තිසමුට්ඨගානයෙන් පස් ඇවතකට පැමිණෙයි: මහණ කැපැයි හැඟීම් ඇති වැ සංවිධාන කොට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්මවූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නොපත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත්කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ හැඟීම් ඇති වැ පිණි බොජුන් තමා පිණිස විනවා වළඳානම් පචිති ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇතිවැ අණවන මෙහෙණ නො වළක්වා වළඳානම් පිළිදෙස්නී ඇවැත් වේ. තුන්වන ආපත්තිසමුට්ඨානයෙන් මේ පස් ඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්සිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං, සත්තන්නං ආපත්තික්ඛන්ධානං පඤ්චහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන, සියා පාටිදෙසනීයාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච වාචතො ච සමුට්ඨන්ති, න චිත්තතො. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලවච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිඥසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි පඤ්චාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන් ද නගිති, සිතින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT4. චතුත්ථෙන ආපත්තිසමුට්ඨානෙන කති ආපත්තියො ආපජ්ජති. චතුත්ථෙන ආපත්තිසමුට්ඨානෙන ඡ ආපත්තියො ආපජ්ජති : භික්ඛු මෙථුනං ධම්මං පටිසෙවති ආපත්ති පාරාජිකස්ස, භික්ඛු අකප්පියසඤ්ඤී සඤ්ඤාචිකාය කුටිං කරොති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, පයොගෙ දුක්කටං. එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. භික්ඛු අකප්පියසඤ්ඤී විකාලෙ භොජනං භුඤ්ජති, ආපත්ති පාචිත්තියස්ස. භික්ඛු අකප්පියසඤ්ඤී අඤ්ඤාතිකාය භික්ඛුනියා අන්තරඝරං පවිට්ඨාය හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජති, ආපත්ති පාටිදෙසනීයස්ස. චතුත්ථෙන ආපත්තිසමුට්ඨානෙන ඉමා ඡ ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT4. සතරවන ආපත්තිසමුට්ඨානයෙන් කිහි ඇවැතකට පැමිණේ ද යත්: සතරවන ආපත්තිසමුට්ඨානයෙන් ස ඇවැතකට පැමිණෙයි: මහණ මෙවුන්දම් සේවනය කෙරේනම් පරිජි ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇති වැ තමා ඉල්වාගත් උපකරණයෙන් නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නොපත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇතිවැ නො කල්හි බොජුන් වළඳානම් පචිති ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇති වැ ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වේ. සතරවන ආපත්තිසමුට්ඨානයෙන් මේ සඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති: -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං ඡහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන, සියා පාටිදෙසනීයාපත්තික්ඛන්ධෙන , සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති න වාචතො. චතුන්නං අධිකරණානං. ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි ෂඩාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිති: කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT5. පඤ්චමෙන ආපත්තිසමුට්ඨානෙන කති ආපත්තියො ආපජ්ජති : පඤ්චමෙන ආපත්තිසමුට්ඨානෙන ඡ ආපත්තියො ආපජ්ජති : භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛු අකප්පියසඤ්ඤී සමාදිසති “කුටිං මෙ කරොථා”ති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං. පයොගෙ දුක්කටං. එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT5. පස්වන ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: පස් වන ආපත්තිසමුට්ඨානයෙන් ස ඇවැතකට පැමිණෙයි: මහණ ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනාලද්දේ (තමා කෙරෙහි) නැත්තා වූ අවිද්‍යාමාන වූ උතුරු මිනිස්ධරම් මතු කොට ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇති වැ “මට කුටියක් කරව” යි අණ කෙරේ ද, ඒ මහණහට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත්කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි.
Pali BJTභික්ඛු අකප්පියසඤ්ඤී අනුපසම්පන්නං පදසො ධම්මං වාචෙති, ආපත්ති පාචිත්තියස්ස. න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො දවකම්යත්යා හීනෙන හීනං වදෙති, ආපත්ති දුබ්භාසිතස්ස. පඤ්චමෙන ආපත්තිසමුට්ඨානෙන ඉමා ඡ ආපත්තියො ආපජ්ජති.
Sinhala BJTමහණ නො කැපැයි හැඟීම් ඇති වැ අනුපසපනක්හට පෙළදහම කියවා නම් පචිති ඇවැත් වෙයි, ද්වේෂයෙන් ආක්‍රෝශ නො කරණු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මතු කරණු කැමැත්තේ කෙළිසිනා කැමැත්තෙන් හීන ජාතිවාදයෙන් හීනජාතිකයකුට කියා නම් දුබැසි ඇවැත් වේ. පස්වන ආපත්තිසමුට්ඨානයෙන් මේ සඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති ; සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං ඡහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන. සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන, සියා දුබ්භාසිතාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න කායතො. චතුන්නං අධිකරණානං, ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාර විපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත් වැදැරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසි විටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුබ්භාසිතාපත්තිස්කන්‍ධයෙන් දැයි ෂඩාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT6. ඡට්ඨෙන ආපත්තිසමුට්ඨානෙන කති ආපත්තියො ආපජ්ජති : ඡට්ඨෙන ආපත්තිසමුට්ඨානෙන ඡ ආපත්තියො ආපජ්ජති : භික්ඛු සංවිදහිත්වා භණ්ඩං අවහරති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛු අකප්පියසඤ්ඤී සංවිදහිත්වා කුටිං කරොති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, පයොගෙ දුක්කටං, එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. භික්ඛු අකප්පියසඤ්ඤී පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති පාචිත්තියස්ස. භික්ඛු අකප්පියසඤ්ඤී භික්ඛුනියා වොසාසන්තියා න නිවාරෙත්වා භුඤ්ජති, ආපත්ති පාටිදෙසනීයස්ස. ඡට්ඨෙන ආපත්තිසමුට්ඨානෙන ඉමා ඡ ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT6. සවැනි ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතකට පැමිණේ ද යත්: සවැනි ආපත්තිසමුට්ඨානයෙන් ස ඇවැතකට පැමිණෙයි: මහණ සංවිධාන කොට භාණ්ඩ සොරකම් කෙරේ නම් පරිජිඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇති වැ සංවිධාන කොට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ ද පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් හො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇතිවැ පිණි බොජුන් තමා පිණිස පිනවා වළඳා නම් පචිති ඇවැත් වෙයි, මහණ තෙමේ නො කැපැයි හැඟීම් ඇති වැ (බොජුන්හල) අණවන මෙහෙණ නො වළක්වා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වේ. සවැනි ආපත්තිසමුට්ඨානයෙන් මේ ස ඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා. ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි ආපත්තිසමුට්ඨානෙහි සමුට්ඨන්ති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති, සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං ඡහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන. සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන. සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන. සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන. සියා පාටිදෙසනීයාපත්තික්ඛන්ධෙන. සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති. කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන චාති.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටා පත්තිස්කන්‍ධයෙන් දැයි ෂඩාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJTඡ ආපත්තිසමුට්ඨානානං කතාපත්තිවාරො නිට්ඨිතො දුතිහො.
Sinhala BJTෂඩාපත්තිසමුත්‍ථානය පිළිබඳ වූ දෙවන කතාපත්තිවාරය නිමි.
Pali BJT3. ආපත්තිසමුට්ඨානගාථා
Sinhala BJT3. ආපත්ති සමුට්ඨාන ගාථා
Pali BJT1. සමුට්ඨානා කායිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා කති පුච්ඡාමි තං බ්රූහි විභඞ්ගකොවිද.
Sinhala BJT1. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායසමුට්ඨාන කෙනෙක් වදාරණ ලදහු ද, එයින් නැගී ඇවැත්හු කෙතෙක් දැයි ඔබ විචාරමි. එය කියනු මැනැව.
Pali BJT2. සමුට්ඨානා කායිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා පඤ්ච එතං තෙ අක්ඛාමි විභඞ්ගකොවිද.
Sinhala BJT2. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශීවූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කාය සමුට්ඨාන කෙනෙක් වදාරණ ලදහු ද, එයින් නැගී ඇවැත්හු (දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නී) යි පසෙකි. තොපට මෙය කියමි.
Pali BJT3. සමුට්ඨානා වාචසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා කති පුච්ඡාමි තං බ්රූහි විභඞ්ගකොවිද.
Sinhala BJT3. විභඞ්ගකෝවිද, විවේකදර්ශීවූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් වාචසිකසමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ වාචසිකසමුට්ඨානයෙන් නැංගාවූ, ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
Pali BJT4. සමුට්ඨානා වාචසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා චතස්සො එතං තෙ අක්ඛාමි විභඞ්ගකොවිද.
Sinhala BJT4. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් වාචසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද ඒ වාචසිකසමුට්ඨානයෙන් නැංගාවූ ඇවැත්හු (දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති යි) සිවු දෙනෙකි. තොපට මෙය කියමි.
Pali BJT5. සමුට්ඨානා කායිකා වාචසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා ආපත්තියො තෙන සමුට්ඨිතා කති පුච්ඡාමි තං බ්රූහි විභඞ්ගකොවිද.
Sinhala BJT5. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායිකවාචසිකසමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායිකවාචසිකසමුට්ඨානයෙන් නැංගාවූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
Pali BJT6. සමුට්ඨානා කායිකා වාචසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා පඤ්ච එතං තෙ අක්ඛාමි විභඞ්ගකොවිද.
Sinhala BJT6. විභඞ්ගකෝවිද විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායිකවාචසිකසමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායිකවාචසිකසමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නීයි) පසෙකි. තොපට මෙය කියමි.
Pali BJT7. සමුට්ඨානා කායිකා මානසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා කති පුච්ඡාමි තං බ්රූහි විභඞ්ගකොවිද.
Sinhala BJT7. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
Pali BJT8. සමුට්ඨානා කායිකා මානසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා ඡ එතං තෙ අක්ඛාමි විභඞ්ගකොවිද.
Sinhala BJT8. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (පරිජි, දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නී යි) සදෙනෙකි. තොපට මෙය කියමි.
Pali BJT9. සමුට්ඨානා වාචසිකා මානසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා කති පුච්ඡාමි තං බ්රූහි විභඞ්ගකොවිද.
Sinhala BJT9. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීද්‍රයන් විසින් යම් වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
Pali BJT10. සමුට්ඨානා වාචසිකා මානසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා ඡ එතං තෙ අක්ඛාමි විභඞ්ගකොවිද.
Sinhala BJT10. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (පරිජි, දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, දුබැසි යි) සයෙකි. තොපට මෙය කියමි.
Pali BJT11. සමුට්ඨානා කායිකා වාචසිකා මානසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා කති පුච්ඡාමි තං බ්රූහි විභඞ්ගකොවිද.
Sinhala BJT11. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායික වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
Pali BJT12. සමුට්ඨානා කායිකා වාචසිකා මානසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා ඡ එතං තෙ අක්ඛාමි විභඞ්ගකොවිදාති.
Sinhala BJT12. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායික වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (පරිජි, දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නී යි) සදෙනෙකි. තොපට මෙය කියමි.
Pali BJTආපත්ති සමුට්ඨානගාථා නිට්ඨිතා තතියා.
Sinhala BJTතෙවන ආපත්ති සමුට්ඨාන ගාථා නිමි.
Pali BJT4. විපත්ති පච්චයවාරො
Sinhala BJT4. විපත්ති පච්චවාරය
Pali BJT1. සීලවිපත්තිපච්චයා කති ආපත්තියො ආපජ්ජති : සීලවිපත්තිපච්චයා චතස්සො ආපත්තියො ආපජ්ජති : භික්ඛුනී ජානං පාරාජිකං ධම්මං පටිච්ඡාදෙති, ආපත්ති පාරාජිකස්ස. වෙමතිකා පටිච්ඡාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛු සඞ්ඝාදිසෙසං පටිච්ඡාදෙති, ආපත්ති පාචිත්තියස්ස. අත්තනො දුට්ඨුල්ලං ආපත්තිං පටිච්ඡාදෙති, ආපත්ති දුක්කටස්ස. සීලවිපත්තිපච්චයා ඉමා චතස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT1. ශීලවිපත්ති හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ශීලවිපත්ති හේතුයෙන් සිවු ඇවැතකට පැමිණෙයි: මෙහෙණ දැන දැන පරිජි ඇවැතක් සඟවා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇත්තී සඟවා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණ සඟවෙසෙසක් සඟවා නම් පචිති ඇවැත් වෙයි. තමාගේ තුළුල් ඇවැතක් සඟවා නම් දුකුළා ඇවැත් වේ. ශීලවිපත්ති හේතුවෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
Sinhala BJTඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං චතූහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි චතුරාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන්ද සිතින් ද නගිත්. සිවු වැදෑරුම්අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT2. ආචාරවිපත්තිපච්චයා කති ආපත්තියො ආපජ්ජති : ආචාරවිපත්තිපච්චයා එකං ආපත්තිං ආපජ්ජති : ආචාරවිපත්තිං පටිච්ඡාදෙති, ආපත්ති දුක්කටස්ස. ආචාරවිපත්තිපච්චයා ඉමං එකං ආපත්තිං ආපජ්ජති.
Sinhala BJT2. ආචාර විපත්තිහෙතුයෙන් කෙතෙක් ඇවැතුන්ට පැමිණේ ද යත්: ආචාර විපත්තිහෙතුයෙන් එක් ඇවැතකට පැමිණෙයි: ආචාරවිපත්තිය පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ. ආචාර විපත්තිහෙතුයෙන් මේ එක් ඇවැතට පැමිණේ.
Pali BJTසා ආපත්ති චතුන්නං විපත්තීනං කති විපත්තියො භජති -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මති :
Sinhala BJTඒ ඇවැත සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජේ ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
Pali BJTසා ආපත්ති චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජති : ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං එකෙන ආපත්තික්ඛන්ධෙන සඞ්ගහිතා : දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත සිවුවැදෑරුම් විපත් අතුරෙන් ආචාර විපත්තිසඞ්ඛ්‍යාත එක් විපතක් බෙජේ. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුක්කටාපත්තිස්කන්‍ධසඞ්ඛ්‍යාත එක් ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලද. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.
Pali BJT3. දිට්ඨිවිපත්තිපච්චයා කති ආපත්තියො ආපජ්ජති : දිට්ඨිවිපත්තිපච්චයා ද්වෙ ආපත්තියො ආපජ්ජති : පාපිකාය දිට්ඨියා යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජති, ඤත්තියා දුක්කටං. කම්මවාචාපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස. දිට්ඨිවිපත්තිපච්චයා ඉමා ද්වෙ ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT3. දිට්ඨිවිපත්තිහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දිට්ඨිවිපත්ති හේතුයෙන් දෙ ඇවැතකට පැමිණෙයි: ලාමක දෘෂ්ටිහේතුයෙන් තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හරී නම් ඤත්තියෙන් දුකුළා වෙයි, කම්වදන් අවසන්හි පචිති ඇවැත් වේ. දිට්ඨිවිපත්තිහේතුයෙන් මේ දෙ ඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජන්ති : ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං ද්වීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන. සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් ආචාරවිපත්තිසඞ්ඛ්‍යාත එක් විපතක් බෙජෙත්. සත් වැදැරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි දෙ ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨාන යෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT4. ආජීවවිපත්තිපච්චයා කති ආපත්තියො ආපජ්ජති : ආජීවවිපත්තිපච්චයා ඡ ආපත්තියො ආපජ්ජති : ආජීවහෙතු ආජීවකාරණා පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති, ආපත්ති පාරාජිකස්ස. ආජීවහෙතු ආජීවකාරණා සඤ්චරිත්තං සමාපජ්ජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ආජීවහෙතු ආජීවකාරණා යො තෙ විහාරෙ වසති, සො භික්ඛු අරහාති භණති, පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. ආජීවහෙතු ආජීවකාරණා භික්ඛු පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති පාචිත්තියස්ස. ආජීවහෙතු ආජීවකාරණා භික්ඛුනී පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති පාටිදෙසනීයස්ස. ආජීවහෙතු ආජීවකාරණා සූපං වා ඔදනං වා අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති ආපත්ති දුක්කටස්ස. ආජීවවිපත්තිපච්චයා ඉමා ඡ ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT4. ආජීව විපත්තිහෙතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ආජීවවිපත්ති හේතුයෙන් සඇවැතකට පැමිණෙයි: දිවිපැවැත්ම හේතුකොට දිවිපැවැත්ම කරුණු කොට ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඬනා ලද්දේ (තමන් කෙරෙහි) නැති අවිද්‍යාමාන වූ උතුරු මිනිස්ධම් මතුකොට ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, දිවි පැවැත්ම හේතු කොට දිවිපැවැත්ම කරුණු කොට (ස්ත්‍රීපුරුෂයන් අතරැ) හැසිරීමට පැමිණේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතු කොට දිවිපැවැත්ම කරුණු කොට “යම් මහණෙක් තොපගේ වෙහෙරෙහි වෙසේ නම් ඒ මහණ රහත්” යි කියා නම් දන්නහුට ථුලැසි ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතුකොට දිවිපැවැත්ම කරුණු කොට මහණ පිණිස බොජුන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතුකොට දිවිපැවැත්ම කරුණු කොට මෙහෙණ පිණි බොජුන් තමා පිණිස විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතු කොට දිවිපැවැත්ම කරුණු කොට නො ගිලන් වැ සූපයක් හෝ බතක් හෝ තමා පිණිස විනවා වළඳා නම් දුකුළා ඇවැත් වේ. ආජීවවිපත්තිහේතුවෙන් මේ සඇවතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති. -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙනෙක් විපත් බෙජෙත්ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙනෙක් ශමථයෙන් සන්හිදෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං ඡහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන. සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාර විපත්තිය දැ යි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයා පත්තිස්කන්‍ධයෙන් ද,
Pali BJTසියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන. සියා පාටිදෙසනීයාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : සියා කායතො සමුට්ඨන්ති, න වාචතො න චිත්තතො. සියා වාචතො සමුට්ඨන්ති, න කායතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨන්ති, න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTකිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැ යි ෂඩාපත්තිස්කන්‍ධයෙන් සංග්‍රහ කරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් ෂට්සමුත්‍ථානයෙන් නගිති: කිසිවිටෙක කයින් නගිති, වචනයෙන් නො නගිති, සිතින් නො නගිත්. කිසිවිටෙක වචනයෙන් නගිති, කයින් නො නගිති, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිති, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන්‍ද යි තුන් ශමථයෙන් සන්හිදෙත්.
Pali BJTවිපත්තිපච්චයවාරො නිට්ඨිතො චතුත්ථො.
Sinhala BJTසතරවන විපත්තිපච්චයවාරය නිමි.
Pali BJT5. අධිකරණ පච්චයවාරො
Sinhala BJT5. අධිකරණ පච්චයවාරය
Pali BJT1. විවාදාධිකරණපච්චයා කති ආපත්තියො ආපජ්ජති : විවාදාධිකරණපච්චයා ද්වෙ ආපත්තියො ආපජ්ජති : උපසම්පන්නං ඔමසති, ආපත්ති පාචිත්තියස්ස. අනුපසම්පන්නං ඔමසති, ආපත්ති දුක්කටස්ස. විවාදාධිකරණපච්චයා ඉමා ද්වෙ ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT1. විවාදාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: විවාදාධිකරණ හේතුයෙන් දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක්හට (ජාත්‍යාදියෙන්) ගටා බෙණේ නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට ගටා බෙණේ නම් දුකුළා ඇවැත් වේ. විවාධිකරණ හේතුයෙන් මේ දෙඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති.
Sinhala BJTඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජන්ති : ආචාර විපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං ද්වීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන. සියා දුක්කටාපත්තික්ඛන්ධෙන, ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් ආචාරවිපත්තිසඞ්ඛ්‍යාත එක් විපතක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි දෙ ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිති: කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති. වචනයෙන් නො නගිත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT2. අනුවාදාධිකරණපච්චයා කති ආපත්තියො ආපජ්ජති : අනුවාදාධිකරණපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙති ආපත්ති පාචිත්තියස්ස. අමූලිකාය ආචාරවිපත්තියා අනුද්ධංසෙති ආපත්ති දුක්කටස්ස. අනුවාදාධිකරණපච්චයා ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT2. අනුවාදාධිකරණහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අනුවාදාධිකරණහේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: මහණක්හට අමූලිකපාරාජිකා පත්තියෙන් චෝදනා කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, අමූලක සඞ්ඝාදිසේසාපත්තියෙන් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වෙයි, අමූලක ආචාරවිපත්තියෙන් චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ. අනුවාදාධිකරණහේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති.
Sinhala BJTඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං. සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං තීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන. සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන. සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිති: කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසි විටෙක වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණයි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT3. ආපත්තාධිකරණපච්චයා කති ආපත්තියො ආපජ්ජති : ආපත්තාධිකරණපච්චයා චතස්සො ආපත්තියො ආපජ්ජති : භික්ඛුනී ජානං පාරාජිකං ධම්මං පටිච්ඡාදෙති, ආපත්ති පාරාජිකස්ස. වෙමතිකා පටිච්ඡාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛු සඞ්ඝාදිසෙසං පටිච්ඡාදෙති ආපත්තිපාචිත්තියස්ස. ආචාරවිපත්තිං පටිච්ඡාදෙති ආපත්ති දුක්කටස්ස. ආපත්තාධිකරණපච්චයා ඉමා චතස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT3. ආපත්තාධිකරණහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ආපත්තාධිකරණ හේතුයෙන් සිවු ඇවැතකට පැමිණෙයි: මෙහෙණ දැන දැන පරිජි ඇවැත සඟවා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇති වැ සඟවා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණ සඟවෙසෙසක් සඟවා නම් පචිති ඇවැත් වෙයි, ආචාර විපත්තිය සඟවා නම් දුකුළා ඇවැත් වේ. අපත්තාධිකරණහෙතුයෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං චතූහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන. සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන. සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන. සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි චතුරාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්, සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJT4. කිච්චාධිකරණපච්චයා කති ආපත්තියො ආපජ්ජති : කිච්චාධිකරණපච්චයා පඤ්ච ආපත්තියො ආපජ්ජති : උක්ඛිත්තානුවත්තිකා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජති, ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති පාරාජිකස්ස. භෙදකානුවත්තකා භික්ඛූ යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්ති. ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පාපිකාය දිට්ඨියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජති, ආපත්ති පාචිත්තියස්ස. කිච්චාධිකරණපච්චයා ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT4. කිව්චාධිකරණහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කිච්චාධිකරණහෙතුයෙන් පස් ඇවැතකට පැමිණෙයි: උඛෙවුනීකම් කරණු ලැබූවනට අනු වැ වැටෙන මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හරී නම් ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි පරිජි ඇවැත් වෙයි, සඞ්ඝභේදකයා අනු වැ වැටෙන භික්‍ෂූහු තුන් යළතෙක් සමනුභාසන කම් කරණ කල්හි (එය) නො හරිත් නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ලාමක දෘෂ්ටිය ඇතිකල්හි තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හරිත් නම් පචිති ඇවැත් වේ. කිච්චාධිකරණ හේතුයෙන් මේ පස් ඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්. ති-පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සවැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං. සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං පඤ්චහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන. සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන. සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන. සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි පඤ්චාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJTඨපෙත්වා සත්ත ආපත්තියො සත්තාපත්තික්ඛන්ධෙ, අවසෙසා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති.
Sinhala BJTසප්තාපත්තීන් ද සප්තාපත්තිස්කන්‍ධයන් ද තබා සෙසු ආපත්තීහු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTඨපෙත්වා සත්ත ආපත්තියො සත්තාපත්තික්ඛන්ධෙ අවසෙසා ආපත්තියො චතුන්නං විපත්තීනං න කතමං විපත්තිං භජන්ති, සත්තන්නං ආපත්තික්ඛන්ධානං න කතමෙන ආපත්තික්ඛන්ධෙන සඞ්ගහිතා, ඡන්නං ආපත්තිසමුට්ඨානානං න කතමෙන ආපත්තිසමුට්ඨානෙන සමුට්ඨන්ති, චතුන්නං අධිකරණානං න කතමං අධිකරණං, සත්තන්නං සමථානං න කතමෙන සමථෙන සම්මන්ති. තං කිස්ස හෙතු : ඨපෙත්වා සත්තාපත්තික්ඛන්ධෙ, නත්ථඤ්ඤාපත්තියොති.
Sinhala BJTසප්තාපත්තීන් ද සප්තාපත්තිස්කන්‍ධයන් ද තබා සෙසු ආපත්තීහු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසි විපතක් නො බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසි ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ නො කරණලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කිසි සමුට්ඨානයෙකින් නො නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් කිසි අධිකරණයෙක් නො වෙයි. සත් වැදැරුම් ශමථයන් අතුරෙන් කිසි ශමථයෙකින් නො සන්හිඳෙත්. කවර හෙයිනැ යත්: සප්තාපත්තීන් ද සප්තාපත්තිස්කන්‍ධයන් ද තබා අන් ඇවැත් නැති බැවිනි.
Pali BJTඅධිකරණපච්චයවාරො නිට්ඨිතො පඤ්චමො.
Sinhala BJTපස්වන අධිකරණ පච්චයවාරය නිමි.
Pali BJTඅන්තරපෙය්යාලො{1} නිට්ඨිතො.
Sinhala BJTඅන්තර පෙය්‍යයාලය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTකති පුච්ඡා සමුට්ඨානා - කතාපත්ති තථෙව ච, සමුට්ඨානා විපත්ති ච - තථාධිකරණෙන චාති.
Sinhala BJTකතිපුච්ඡා යැ, ආපත්තිසමුට්ඨාන යැ, කතාපත්ති යැ, එසේ මැ සමුට්ඨානගාථා යැ එසේ මැ අධිකරණ ය ද සමග විපත්තිවාර යැයි.
Pali BJTසමථභෙදො
Sinhala BJTශමථ භේදය
Pali BJT6. පරියායවාරො
Sinhala BJT6. පරියායවාරය
Pali BJT1. විවාදාධිකරණස්ස කිං පුබ්බඞ්ගමං, කති ඨානානි, කති වත්ථූනි, කති භූමියො, කති හෙතූ, කති මූලානි, කතීහාකාරෙහි විවදති, විවාදාධිකරණං කතීහි සමථෙහි සම්මති.
Sinhala BJT1. විවාදාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් විවාද කෙරෙත් ද, විවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
Pali BJT2. අනුවාදාධිකරණස්ස කිං පුබ්බඞ්ගමං, කති ඨානානි, කති වත්ථූනි, කති භූමියො, කති හෙතූ, කති මූලානි, කතීහාකාරෙහි අනුවදති, අනුවාදාධිකරණං කතීහි සමථෙහි සම්මති,
Sinhala BJT2. අනුවාදාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් චෝදනා කෙරේ ද, අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
Pali BJT3. ආපත්තාධිකරණස්ස කිං පුබ්බඞ්ගමං කති ඨානානි, කති වත්ථූනි, කති භූමියො, කති හෙතූ, කති මූලානි, කතීහාකාරෙහි ආපත්තිං ආපජ්ජති, ආපත්තාධිකරණං කතීහි සමථෙහි සම්මති.
Sinhala BJT3. ආපත්තාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් ඇවැතට පැමිණේ ද, ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
Pali BJT4. කිච්චාධිකරණස්ස කිං පුබ්බඞ්ගමං, කති ඨානානි, කති වත්ථූනි, කති භූමියො, කති හෙතූ, කති මූලානි, කතීහාකාරෙහි කිච්චං ජනියා, කිච්චාධිකරණං කතීහි සමථෙහි සම්මති:
Sinhala BJT4. කිච්චාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් කෘත්‍යය හටගණී ද, කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
Pali BJT1. විවාදාධිකරණස්ස කිං පුබ්බඞ්ගමන්ති : ලොභො පුබ්බඞ්ගමො, දොසො පුබ්බඞ්ගමො, මොහො පුබ්බඞ්ගමො, අලොභො පුබ්බඞ්ගමො, අදොසො පුබ්බඞ්ගමො, අමොහො පුබ්බඞ්ගමො. කති ඨානානීති : අට්ඨාරස භෙදකරවත්ථූනි ඨානානි. කති වත්ථූනීති : අට්ඨාරස භෙදකරවත්ථූනි වත්ථූනි. කති භූමියොති : අට්ඨාරස භෙදකරවත්ථූනි භූමියො. කති හෙතූති : නව හෙතු : තයො කුසලහෙතු, තයො අකුසලහෙතූ, තයො අබ්යාකතහෙතූ. කති මූලානීති : ද්වාදස මූලානි. කතිහාකාරෙහි විවදතීති : ද්වීහාකාරෙහි විවදති : ධම්මදිට්ඨි වා අධම්මදිට්ඨි වා. විවාදාධිකරණං කතීහි සමථෙහි සම්මතීති; විවාදාධිකරණං ද්වීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච.
Sinhala BJT1. විවාදාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද යත්: ලෝභය පූර්‍වඞ්ගම වෙයි, ද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, මෝහය පූර්‍වඞ්ගම වෙයි, අලෝභය පූර්‍වඞ්ගම වෙයි. අද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, අමෝහය පූර්‍වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: අටළොස් භේදකර වස්තූහු ස්ථාන වෙත්. වස්තූහු කෙතෙක යත්: අටළොස් භේදකරවස්තූහු වස්තු වෙත්. භූමීහු කෙතෙක යත්: අටළොස් භේදකරවස්තූහු භූමී වෙත්. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නව දෙනෙකැ: කුශලහේතු තිදෙන යැ, අකුශලහේතු තිදෙන යැ, අව්‍යාකෘත හේතු තිදෙන යි. මූලයෝ කෙතෙක යත්: මූලයෝ දොළොසෙකි. කෙතෙක් අයුරින් විවාද කෙරේද යත්: දෙ අයුරෙකින් විවාද කෙරෙයි: ධර්‍මදෘෂ්ටියෙන් හෝ අධර්‍මදෘෂ්ටියෙන් හෝ යි. විවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙශමථයෙන් විවාදාධිකරණය සන්හිඳේ.
Pali BJT2. අනුවාදාධිකරණස්ස කිං පුබ්බඞ්ගමන්ති : ලොභො පුබ්බඞ්ගමො දොසො පුබ්බඞ්ගමො. මොහො පුබ්බඞ්ගමො. අලොභො පුබ්බඞ්ගමො අදොසො පුබ්බඞ්ගමො. අමොහො පුබ්බඞ්ගමො. කති ඨානානීති : චතස්සො විපත්තියො ඨානානි, කති වත්ථූනීති : චතස්සො විපත්තියො වත්ථූනි. කති භූමියොති : චතස්සො විපත්තියො භූමියො, කති හෙතූති : නව හෙතූ : තයො කුසලහෙතූ, තයො අකුසලහෙතූ, තයො අබ්යාකතහෙතූ. කති මූලානීති : චුද්දස මූලානි. කතීහාකාරෙහි අනුවදතීති : ද්වීහාකාරෙහි අනුවදති : වත්ථුතො වා ආපත්තිතො වා. අනුවාදාධිකරණං කතීහි සමථෙහි සම්මතීති, අනුවාදාධිකරණං චතූහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච.
Sinhala BJT2. අනුවාදාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද යත්: ලෝභය පූර්‍වඞ්ගම වෙයි, ද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, මෝහය පූර්‍වඞ්ගම වෙයි, අලෝභය පූර්‍වඞ්ගම වෙයි, අද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, අමෝහය පූර්‍වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: (ශීල-ආචාර-දෘෂ්ටි-ආජීව යන) සිවුවැදෑරුම් විපත්තීහු ස්ථාන වෙත්. වස්තූහු කෙතෙක යත්: සිවුවැදෑරුම් විපත්තීහු වස්තු වෙත්. භූමීහු කෙතෙක යත්: සිවු වැදැරුම් විපත්තීහු භූමී වෙත්. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නවදෙනෙකැ: කුශල හේතු තිදෙන යැ අකුශලහේතු තිදෙන යැ අව්‍යකෘතහෙතු තිදෙනැයි. මූලයෝ කෙතෙක යත්: මූලයෝ තුදුසෙකි. කෙතෙක් අයුරෙකින් චෝදනා කෙරේ ද යත්: දෙ අයුරෙකින් චෝදනා කෙරෙයි: වස්තු වශයෙන් හෝ ආපත්ති වශයෙන් හෝ යි. අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛා විනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හ විනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් අනුවාදාධිකරණය සන්හිඳේ.
Pali BJT3. ආපත්තාධිකරණස්ස කිං පුබ්බඞ්ගමන්ති : ලොභො පුබ්බඞ්ගමො. දොසො පුබ්බඞ්ගමො. මොහො පුබ්බඞ්ගමො. අලොභො පුබ්බඞ්ගමො, අදොසො පුබ්බඞ්ගමො. අමොහො පුබ්බඞ්ගමො. කති ඨානානීති : සත්තාපත්තික්ඛන්ධා ඨානානි. කති වත්ථූනීති : සත්තාපත්තික්ඛන්ධා වත්ථූනි. කති භූමියොති : සත්තාපත්තික්ඛන්ධා භූමියො. කති හෙතූති : නව හෙතූ{1} තයො කුසලහෙතූ, තයො අකුසලහෙතූ, තයො අබ්යාකතහෙතූ. කති මූලානීති : ඡ ආපත්තිසමුට්ඨානානි මූලානි. කතීහාකාරෙහි ආපත්තිං ආපජ්ජතීති : ඡහාකාරෙහි ආපත්තිං ආපජ්ජති : අලජ්ජිතා, අඤ්ඤාණතා, කුක්කුච්චපකතතා, අකප්පියෙ කප්පියසඤ්ඤිතා, කප්පියෙ අකප්පියසඤ්ඤිතා, සතිසම්මොසා. ආපත්තාධිකරණං කතීහි සමථෙහි සම්මතීති : ආපත්තාධිකරණං තීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT3. ආපත්තාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේද යත්: ලෝභය පූර්‍වඞ්ගම වෙයි ද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, මෝහය පූර්‍වඞ්ගම වෙයි, අලෝභය පූර්‍වඞ්ගම වෙයි, අද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, අමෝහය පූර්‍වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: සප්තආපත්ති ස්කන්‍ධයෝ ස්ථාන වෙති, වස්තූහු කෙතෙක යත්: සප්තආපත්තිස්කන්‍ධයෙන් වස්තූ වෙති. භූමීහු කෙතෙක යත්: සප්තආපත්තිස්කන්‍ධයෝ භූමී වෙති. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නවදෙනෙකැ: කුශල හේතු තිදෙන යැ අකුශලහේතු තිදෙන ය අව්‍යකෘතහෙතු තිදෙන යි. මූලයෝ කෙතෙක යත්: සවැදැරුම් ආපත්තිසමුට්ඨානයෝ මූල වෙති. කෙතෙක් අයුරෙකින් ඇවැතට පැමිණේ ද යත්: අලජ්ජීබව යැ නො දැනීම්බව යැ කුකුස් පියවි කොට ඇතිබව යැ නො කැපයෙහි කැපැයි හැඟීම් ඇතිබව යැ කැපයෙහි නො කැපැයි හැඟීම් ඇතිබව යැ සිහිමුළාබවැයි ස අයුරකින් ඇවැතට පැමිණේ. ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද සම්මුඛා විනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.