Pali BJT10. පාරාජිකං යං පඨමං දුතියඤ්ච තතො පරං, සඤ්චරිත්තානුභාසඤ්ච{2} අතිරෙකඤ්ච චීවරං.
Sinhala BJT10. යම් ප්‍රථම පාරාජික සමුට්ඨානයෙක් වේ නම් එය ද ඉන් මත්තෙහි ද්විතීය පාරාජිකසමුට්ඨානය ද සඤ්චරිත්තය ද සමානුභාසනය ද කඨිනය ද,
Pali BJT11. ලොමානි පදසො ධම්මො භූතං සංවිධානෙන ච, ථෙය්යදෙසනචොරිං ච අනනුඤ්ඤාතාය තෙරස
Sinhala BJT11. එළක ලෝමය ද පදසෝධම්මය ද භූතාරෝචනය ද අද්ධානගමනය ද ථෙය්‍ය සත්‍ථය ද ධම්මදේසනා ද වොරිවුට්ඨාපනය ද අනනුඤ්ඤාතය දැයි තෙළෙසෙකි.
Pali BJT12. තෙරසෙතෙ සමුට්ඨානනයා විඤ්ඤූහි චින්තිතා, එකෙකස්මිං සමුට්ඨානෙ සදිසා ඉධ දිස්සරෙ.
Sinhala BJT12. මේ තෙළෙස් සමුට්ඨාන ක්‍රමයෝ නුවණැත්තන් විසින් සිතන ලද්දාහ, එක් එක් සමුට්ඨානයෙහි (ඇතුළත්වන අන්‍යවූ) සමසමුට්ඨානයෝ ද මේ උභයවිභඞ්ගයේ පෙණෙත්.
Pali BJTපඨමපාරාජික සමුට්ඨානං
Sinhala BJTප්‍රථම පාරාජික සමුට්ඨානය
Pali BJT13. මෙථුනං සුක්කසංසග්ගො අනියතා පඨමිකා, පුබ්බූපපරිපාචිතා රහො භික්ඛුනියා සහ.
Sinhala BJT13. මෛථුනය ද සුක්කවිස්සට්ඨිය ද කායසංසර්‍ගය ද පළමුවන අනියතය ද පුබ්බුපහතය ද (භික්‍ෂුණී) පරිපාචිතය ද භික්‍ෂුණියක සමග රහෝනිසජ්ජනය ද,
Pali BJT14. සභොජනෙ{1} රහො ද්වෙ ච අඞ්ගුලි උදකෙ හසං, පහාරෙ උග්ගිරෙ ද්වෙ ව තෙපඤ්ඤාසා ච සෙඛියා.
Sinhala BJT14. සභොජනය ද රහෝනිසජ්ජා දෙක ද අඞ්ගුලිපතෝදය ද උදකහස්සධම්මය ද පහාරදානය ද තලසත්තිඋග්ගිරණය ද තෙපණස් සේඛියාවෝ ද,
Pali BJT15. අධක්ඛකගාමාවස්සුතා තලමට්ඨඤ්ච සුද්ධිකා, වස්සං වුත්ථා ච ඔවාදං නානුබන්ධෙ පවත්තිනිං.
Sinhala BJT15. අධක්ඛකය ද ගාමන්තරගමනය ද අවස්සුතය ද තලඝාතය ද ඡතුමට්ටය ද උදකසුද්ධිය ද වස්සංවුත්‍ථය ද ඕවාද අගමනය ද නානුබන්‍ධපවත්තිනිය දැයි,
Pali BJT16. ඡසත්තති ඉමෙ සික්ඛා කායමානසිකා කතා, සබ්බෙ එකසමුට්ඨානා පඨමං පාරාජිකං යථා.
Sinhala BJT16. මේ සසැත්තෑ සිඛයෝ කායචිත්තසමුට්ඨානිකයෝ කරණලදහ. (මේ) සියලු සිකපදයෝ ප්‍රථම පාරාජිකය මෙන් එක් සමුට්ඨානයක් ඇත්තෝ වෙත්.
Pali BJTපඨමපාරාජිකසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTපඨම පාරාජික සමුට්ඨානය නිමි.
Pali BJTදුතියපාරාජික සමුට්ඨානං
Sinhala BJTද්විතීය පාරාජික සමුට්ඨානය
Pali BJT17. අදින්නං විග්ගහුත්තරිං දුට්ඨුල්ලං අත්තකාමිනං,{2} අමූලා අඤ්ඤභාගියා අනියතා දුතියිකා.
Sinhala BJT17. අදත්තාදානය ද මනුස්සවිග්ගහය ද උත්තරීමනුස්සධම්මය ද දුට්ඨුල්ලය ද අත්තකාමපාරිචරියාව ද අමූලය ද අඤ්ඤභාගිය ද දෙවන අනියතය ද,
Pali BJT18. අච්ඡින්දෙ පරිණාමනෙ මුසා ඔමස පෙසුණා, දුට්ඨුල්ලා පඨවිං ඛණෙ භූතං අඤ්ඤාය උජ්ඣාපෙ.
Sinhala BJT18. අච්ජින්‍දනය ද පරිණාමනය ද මුසාවාදය ද ඔමසවාදය ද (භික්ඛු) පෙසුඤ්ඤය ද උදුට්ඨුල්ලාපත්තිආරෝචනය ද පඨවිඛණනය ද භූතගාමය ද අඤ්ඤවාදකය ද උජ්ඣාපනය ද,
Pali BJT19. නික්කඩ්ඪනං සිඤ්චනඤ්ච ආමිසහෙතු භුත්තාවී, එහි අනාදරි භිංසා අපනිධෙ ච ජීවිතං.
Sinhala BJT19. නික්කඩ්ඪනය ද සිඤ්චනය ද ආමිසහේතුව ද භූත්තාවි (පවාරණ) ය ද ඒහාවුසො ගාමං වා යනු ද අනාදරිය ද හිංසාපනකය ද අපනිධානය ද ජීවිතවෝරෝපනය ද,
Pali BJT20. ජානං සප්පාණකං කම්මං ඌනෙන සංවාසනාසනා, සහධම්මිකං විලෙඛා ව මොහො අමූලකෙන ච.
Sinhala BJT20. ජානං සප්පාණකං යනු ද (උක්කෝටන) කම්මය ද ඌනවිසතිවස්සය ද සංවාසය ද නාසනය ද සහධම්මිකය ද විලේඛය ද මොහනකය ද අමූලකය ද,
Pali BJT21. කුක්කුච්චං ධම්මිකං චීවරං{3} දත්වා පරිණාමෙය්ය පුග්ගලෙ, කිං තෙ අකාලං අච්ඡින්දෙ දුග්ගහීත නිරයෙන ච.
Sinhala BJT21. කුක්කුච්චය ද ධම්මිකය ද චීවරය ද පුග්ගලපරිණාමනය ද ‘කිංතො’ යනු ද අකාලචීවරය ද චීවර අච්ජින්‍දනය ද දුග්ගහීතය ද (නිරයාදීන්) අභිසපනය ද,
Pali BJT22. ගණං විභඞ්ගං දුබ්බලං කඨිනාඵාසු පස්සයං, අක්කොසචණ්ඩී මච්ඡරී ගබ්භිනී ච පායන්තියා.
Sinhala BJT22. ගණචීවරන්තරාය ද චීවරවිහඞ්ගය ද දුබ්බලචීවරය ද කඨිනුද්ධාරය ද අඵාසුකරණය ද උපස්සය ද අක්කෝසනය ද චණ්ඩීකෘත්‍යය ද මච්ඡරිය ද ගබ්භිනී වුට්ඨාපනය ද පායන්තී වුට්ඨාපනය ද,
Pali BJT23. ද්වෙ වස්සං සික්ඛා සඞ්ඝෙන තයො චෙව ගිහීගතා, කුමාරීභූතා තිස්සො ච ඌනද්වාදස සම්මතා.
Sinhala BJT23. “ද්වෙ වස්සා“ යනු ද “සඞ්ඝේන අසම්මතං” යනු ද ගිහීගත තෙසිඛය ද කුමාරීභූත තෙසිඛය ද ඌන ද්වාදසවුට්ඨාපනය ද (පරිපුණ්ණද්වාදස) අසම්මත වුට්ඨාපනය ද,
Pali BJT24. අලං තාව සොකාවාසං ඡන්දා අනුවස්සා ච ද්වෙ, සික්ඛාපදා සත්තතිමෙ සමුට්ඨානා තිකා කතා.
Sinhala BJT24. ‘අලං තාව’ යනු ද “සොකාවස්සං” යනු ද ඡන්‍දදානය ද අනුවස්සවුට්ඨාපනය ද ද්වේවුට්ඨාපනය දැයි, මේ සැත්තෑ සිකපදයෝ තිකසමුට්ඨානහ යි කරණ ලද හ.
Pali BJT25. කායචිත්තෙන න වාචා වාචා චිත්තං න කායිකං, තීහි ද්වාරෙහි ජායන්ති පාරාජිකං දුතියං යථා.
Sinhala BJT25. කයින් ද සිතින් ද නැගෙති, වචනයෙන් නො නැගෙත්, වචනයෙන් ද සිතින් ද නැගෙති, කයින් නො නැගෙත්, මෙසේ දෙවන පරිජිය මෙන් තිදොරින් උපදිත්.
Pali BJTදුතිය පාරාජිකසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTදුතිය පාරාජික සමුට්ඨානය නිමි.
Pali BJTසඤ්චරිත්ත සමුට්ඨානං
Sinhala BJTසඤ්චරිත්ත සමුට්ඨානය
Pali BJT26. සඤ්චරී කුටි විහාරො ධොවනඤ්ච පටිග්ගහො, විඤ්ඤත්තුත්තරි අභිහට්ඨුං උභින්නං දූතකෙන ච.
Sinhala BJT26. සඤ්චරිත්තය ද කුටිකාරය ද විහාරකාරය ද (චීවර) ධොවනය ද (චීවර) පටිග්ගහනය ද අඤ්ඤාතකවිඤ්ඤත්තිය ද තතුත්තරිසාදියනය ද උපක්ඛට දෙසිඛය ද රාජසිඛය ද,
Pali BJT27. කොසිය සුද්ධ ද්වෙභාගා ඡබ්බස්සානි නිසීදනං, රිඤ්චන්ති රූපිකා චෙව උභො නානප්පකාරකා.
Sinhala BJT27. කෝසිය මිස්සකය ද සුද්ධකාලකය ද ද්වේභාගය ද ජබ්බස්සය ද නිසීදන (සත්‍ථත) යද එළකලෝම ධොවාපනය ද රූපිය පටිග්ගහණය ද (රූපියවෝහාර කයවික්කය) නානාප්‍රකාර දෙසිඛය ද,
Pali BJT28. ඌන බන්ධන වස්සිකා සුත්තං විකප්පනෙන ච, ද්වාර දාන සිබ්බනී ච පූවපච්චය ජොති ච.
Sinhala BJT28. ඌනපඤ්චබන්‍ධනය ද වස්සිකසාටිකය ද සුත්තවිඤ්ඤාපනය ද විකප්පා පජ්ජනිය ද ද්වාරකෝස-චීවරදාන-චීවර සිබ්බන තෙසිඛය ද පූවපවාරණ පච්චය පවාරණ-ජෝතිසමාදහන තෙසිඛය ද,
Pali BJT29. රතනං සූචි මඤ්චො ච තූලං නිසීදනං කණ්ඩු ච, වස්සිකා ච සුගතෙන විඤ්ඤත්ති අඤ්ඤං චෙතාපනා.
Sinhala BJT29. රතනය ද සූචිඝරය ද මඤ්චකාරාපනය ද තූල නිසීදන කණ්ඩු පටිච්ඡාදන තෙසිඛය ද වස්සිකසාටික සුගතචීවර දෙ සිඛය ද විඤ්ඤත්තිය ද අඤ්ඤචේතාපනය ද,
Pali BJT30. ද්වෙ සඞ්ඝිකා මහාජනී ද්වෙ පුග්ගලා ලහුකා ගරු, ද්වෙ විඝාසා සාටිකා ච සමණචීවරෙන ච.
Sinhala BJT30. සඞ්ඝික දෙ සිඛය ද මහාජනික දෙසිඛය ද පුග්ගල ලහුක ගරුක තෙ සිඛය ද විඝාස දෙසිඛය ද උදකසාටිකා සමණචීවර දෙසිඛය ද,
Pali BJT31. සමපඤ්ඤාසිමෙ ධම්මා ඡහි ඨානෙහි ජායරෙ, කායතො න චිත්තා වාචතො න කායමනා.
Sinhala BJT31. මේ සමපණස් සිකපදයෝ සතැනකින් උපදිති: කයින් උපදිති, වචනයෙන් සිතින් නූපදිත්, වචනයෙන් උපදිති, කයින් සිතින් නූපදිත්.
Pali BJT32. කායවාචා න චිත්තතො{1} කායචිත්තා න වාචතො, වාචා චිත්තා න කායෙන තීහි ද්වාරෙහි{2} ජායරෙ, ඡ සමුට්ඨානිකා චෙතෙ, සඤ්චරිත්තෙන සාදිසා.
Sinhala BJT32. කයින් ද වචනයෙන් ද උපදිති, සිතින් නූපදිත්, කයින් ද සිතින් ද උපදිති වචනයෙන් නූපදිත්, වචනයෙන් ද සිතින් ද උපදිති, කයින් නූපදිත්, (කාවිසිමුනි) තිදොරින් උපදිත්. මොහු සඤ්චරිත්ත සිකපදය හා සමවූවෝ සමුට්ඨාන සයක් ඇත්තෝ වෙත්.
Pali BJTසඤ්චරිත්තසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTසඤ්චරිත්ත සමුට්ඨානය නිමි.
Pali BJTසමනුභාසන සමුට්ඨානං
Sinhala BJTසමානුභාසන සමුට්ඨානය
Pali BJT33. භෙදානුවත්තදුබ්බච දූස දුට්ඨුල්ල දිට්ඨි ච, ඡන්දං උජ්ජග්ඝිකා ද්වෙ ච ද්වෙ ච සද්දා න බ්යාහරෙ.
Sinhala BJT33. භේදානුවත්තක දුබ්බච කුලදූසක දුට්ඨුල්ලපටිච්ඡාදන දිට්ඨිඅප්පටි නිස්සජ්ජන පස් සිඛ ද ඡන්‍දය ද උජ්ජග්සික දෙ සිඛය ද අප්පසද්ද දෙ සිඛය ද නබ්‍යාහරණය ද,
Pali BJT34. ඡමා නීචාසනෙ ඨානං පච්ඡතො උප්පථෙන ච, වජ්ජානුවත්තිගහණා ඔසාරෙ පච්චාචික්ඛනා.
Sinhala BJT34. ඡමා නීවාසන ඨාන තෙසිඛය ද, පච්ඡතො ගමන උප්පථගමන දෙසිඛය ද වජ්ජපටිච්ඡාදන උක්ඛිත්තානුවත්තන හත්‍ථගහන තෙසිඛය ද ඔසාරණය ද ප්‍රත්‍යාඛ්‍යානය ද,
Pali BJT35. කිස්මිං සංසට්ඨා ද්වෙ වධි විසිබ්බෙ දුක්ඛිතාය ච, පුන සංසට්ඨා න වූපසමෙ ආරාමඤ්ච පවාරණා.
Sinhala BJT35. කිස්මිඤ්චිදේව සිඛය ද සංසට්ඨ දෙ සිඛය ද ‘රොදනය ද විසිබ්බන දුක්ඛිත දෙ සිඛය ද (පුන) සංසට්ඨ නවුපසම දෙසිඛය ද ආරාම පවාරණ දෙ සිඛය ද,
Pali BJT36. අන්වද්ධමාසං සහජීවි ද්වෙ චීවරං අනුබන්ධනා; සත්තතිංස ඉමෙ ධම්මා කායවාචාය චිත්තතො සබ්බෙ එකසමුට්ඨානා සමනුභාසනා යථා.
Sinhala BJT36. අන්‍වද්ධ මාසය ද සහජීවී දෙසිඛය ද චීවරය ද ද්වේවස්සානුබන්‍ධනය දැයි මේ සත්තිස් සිකපදයෝ කය වචන සිතින් උපදිත් නුයි සියල්ලෝ සමානුභාසනය මෙන් එක සමුට්ඨානයක් ඇත්තෝ වෙත්.
Pali BJTසමනුභාසනාසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTසමානුභාසන සමුට්ඨානය නිමි.
Pali BJTකඨින සමුට්ඨානං
Sinhala BJTකඨින සමුට්ඨානය
Pali BJT37. උබ්භතං කඨිනං තීණි පඨමං පත්තභෙසජ්ජං, අච්චෙකං චාපි සාසඞ්කං පක්කමන්තෙන වා දුවෙ.
Sinhala BJT37. උබභතකඨින තෙසිඛය ද පඨමපත්ත භේසජ්ජ දෙසිඛය ද අච්චෙකචීවරය ද සාසඞ්කය ද (සේනාසන) නපක්කම දෙ සිඛය ද,
Pali BJT38. උපස්සයං පරම්පරං අනතිරිත්තං නිමන්තනා, විකප්පං රඤ්ඤො විකාලෙ වොසාසාරඤ්ඤකෙන ච.
Sinhala BJT38. භික්බුනුපස්සය ද පරම්පරභෝජනය ද අනතිරිත්තය ද නිමන්තණය ද වික්කප්පනය ද අන්තෙපුර සිඛය ද විකාලෙ ගාමප්පවේසනය ද වොසාසමාන සිඛය ද ආරඤ්ඤක සිඛය ද,
Pali BJT39. උස්සයා සන්නිචයඤ්ච, පුරෙ පච්ඡා විකාලෙ ච, පඤ්චාහිකා සඞ්කමනී දුවෙ ආවසථෙන ච.
Sinhala BJT39. උස්සයවාදිකා පත්තසන්නිචය දෙ සිඛය ද පුරේභත්ත පච්ඡාභත්ත විකාල (කුලුපසඩ්කමන) තෙ සිඛය ද පඤ්චාහික සඞ්සාටිචාර චීවරසඞ්කමනීය දෙ සිඛය ද ආවස්ථ දෙ සිඛය ද,
Pali BJT40. පසාඛෙ ආසනෙ චෙව තිංස එකූනකා ඉමෙ, කායවාචා න චිත්තා තීහි ද්වාරෙහි ජායරෙ, ද්වෙ සමුට්ඨානිකා සබ්බෙ කඨිනෙන සහා සමා.
Sinhala BJT40. පසාඛ සිඛය ද (නො පිළිවිස අස්නෙහි හිඳීම) ආසනසිඛය දැයි මේ එකුන්තිස් සිකපදයෝ කය වචන දෙකින් උපදිත්. සිතින් නූපදිති, තිදොරින් උපදිත්.
Pali BJTකඨිනසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTකඨින සමුට්ඨානය නිමි.
Pali BJTඑළකලොම සමුට්ඨානං
Sinhala BJTඑළකලෝම සමුට්ඨානය
Pali BJT41. එළකලොමා ද්වෙ සෙය්යං ආහච්ච පිණ්ඩභොජනං, ගණ විකාල සන්නිධි දන්තපොණෙන චෙලකා.
Sinhala BJT41. එළකලෝමය ද සහසෙය්‍ය දෙ සිඛය ද ආහච්චපාද ආවස්ථ පිණ්ඩ භෝජන දෙ සිඛය ද ගණභෝජන විකාලභොජන සන්නිධිකාර තෙ සිඛය ද දත්තපෝණ සිඛය ද අචේලක සිඛය ද,
Pali BJT42. උය්යුත්තං සෙනං උය්යොධී සුරා ඔරෙන නහායනා, දුබ්බණ්ණෙ ද්වෙ දෙසනීයා{1} ලසුණුපතිට්ඨෙ නච්චනා.
Sinhala BJT42. උය්‍යුත්ත සේනා දෙ සිඛය ද උය්‍යොධිකය ද සුරාපාන නහාන දෙ සිඛයා, දුබ්බණ්ණ කරණය ද පාටිදේසනික දෙසිඛය ද ලසුණ උපතිට්ඨන නච්චන තෙසිඛය ද,
Pali BJT43. නහානං අත්ථරණං සෙය්යා අන්තො රට්ඨෙ තථා බහී, අන්තොවස්සං චිත්තාගාරං ආසන්දිං සුත්තකන්තනා.
Sinhala BJT43. නහාන අත්‍ථරණ තුවට්ටසයන තෙ සිඛය ද එසේ ම අන්තොරට්ඨ තිරෙ රට්ඨ දෙ සිඛයද අන්තොවස්ස චිත්තාගාර දෙසිඛය ද ආසන්‍දි සුක්තකන්තන දෙ සිඛය ද
Pali BJT44. වෙය්යාවච්චං සහත්ථා ච අභික්ඛුකාවාසෙන ච, ඡත්තං යානඤ්ච සඞ්ඝාණිං අලඞ්කාරං ගන්ධවාසිතං.
Sinhala BJT44. වෙය්‍යාවච්ච සහත්‍ථ දෙ සිඛය ද අභික්ඛුකාවාසය ද ඡත්තුපාහන යාන සඞ්ඝාණී තෙ සිඛය ද ඉත්‍ථාලඞ්කාර ගන්‍ධචුණ්ණ වාසිත යන තෙසිඛය ද,
Pali BJT45. භික්ඛුනී සික්ඛමානා ච සාමණෙරී ගිහීනියා, අසංකච්චිකා ආපත්ති චත්තාරීසා චතුත්තරී.
Sinhala BJT45. භික්ඛුනී සික්ඛමානා සාමණෙරී ගිහිනි (උම්මද්දන) සිවුසිඛය ද අසංකච්චික සිඛය දැයි සිවුසාළිස් සිකපදයෝ
Pali BJT46. කායෙන න වාචා චිත්තෙන කායචිත්තෙන න වාචතො, ද්වෙ සමුට්ඨානිකා සබ්බෙ සමා එළකලොමිකාති.
Sinhala BJT46. කයින් නගිති, වචනයෙන් සිතින් නො නගිත්, කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්, සියල්ලෝ එළකලෝමකසිඛය සමාන වූවෝ ද්විසමුට්ඨානික වෙත්.
Pali BJTඑළකලොමසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTඑළකලෝම සමුට්ඨානය නිමි.
Pali BJTපදසොධම්ම සමුට්ඨානං
Sinhala BJTපදසෝධම්ම සමුට්ඨානය
Pali BJT47. පදඤ්ඤත්ර අසම්මතා තථා අත්ථඞ්ගතෙන ච, තිරච්ඡානවිජ්ජා ද්වෙ වුත්තා අනොකාසො ච පුච්ඡනා.
Sinhala BJT47. පදසෝධම්ම අඤ්ඤත්‍ර විඤ්ඤුපුරිස අසම්මත යන තෙසිඛය ද එසේ ම අත්‍ථඞ්ගතසුරිය සිඛය ද තිරච්ඡාන විජ්ජා දෙසිඛය ද අනෝකාස පඤ්හපුච්ඡන සිඛය ද,
Pali BJT48. සත්ත සික්ඛාපදා එතෙ වාචා න කායචිත්තතො, වාචා චිත්තෙන ජායන්ති න තු කායෙන ජායරෙ, ද්වෙ සමුට්ඨානිකා සබ්බෙ පදසොධම්මසදිසා.
Sinhala BJT48. මේ සත් සිකපදයෝ වචනයෙන් උපදිති, කයින් සිතින් නූපදිත්. වචනයෙන් හා සිතින් උපදිති, කයින් නො ම උපදිත්. (මේ) සියල්ලෝ පදසෝධම්මසිඛය හා සමාන වූවෝ ද්විසමුට්ඨානික වෙත්.
Pali BJTපදසොධම්මසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTපදසෝධම්ම සමුට්ඨානය නිමි.
Pali BJTඅද්ධාන සමුට්ඨානං
Sinhala BJTඅද්ධාන සමුට්ඨානය
Pali BJT49. අද්ධානං නාවං පණීතං, මාතුගාමෙන සංහරෙ, ධඤ්ඤං නිමන්තිතා චෙව අට්ඨ ච පාටිදෙසනී.
Sinhala BJT49. අද්ධාන නාවාභිරූහන පණීතභෝජන තෙසිඛය ද මාතුගාමසංවිධානය ද ලෝමසංහරණය ද ධඤ්ඤ විඤ්ඤාපන නිමන්තන දෙ සිඛය ද මෙහෙණන්හට (පැණවූ) පාටිදේසනීය සිඛ අටදැයි,
Pali BJT50. සික්ඛා පණ්ණරසා එතෙ කායා න වාචා න මනා, කායවාචාහි ජායන්ති න තෙ චිත්තෙන ජායරෙ
Sinhala BJT50. මේ පසළොස් සිකපදයෝ කයින් උපදිති, වචනයෙන් ද සිතින් ද නූපදිත්, කයින් හා වචනයෙන් උපදිති, ඔහු සිතින් නූපදිත්.
Pali BJT51. කායචිත්තෙන ජායන්ති න තෙ ජායන්ති වාචතො, කායවාචාහි චිත්තෙන සමුට්ඨානා චතුබ්බිධා. පඤ්ඤත්තා බුද්ධඤාණෙන අද්ධානෙන සහා සමා.{1}
Sinhala BJT51. කයින් හා සිතින් උපදිති, ඔහු වචනයෙන් නූපදිති, කය වචන සිත යන තිදොරින් උපදිත්. මේ සිවුවැදෑරුම් සමුට්ඨානයෝ අද්ධාන සිකපදය හා සමකොට බුදුනුවණින් පණවන ලදහ.
Pali BJTඅද්ධානසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTඅද්ධාන සමුට්ඨානය නිමි.
Pali BJTථෙය්යසත්ථ සමුට්ඨානං
Sinhala BJTථෙය්‍යසත්‍ථ සමුට්ඨානය
Pali BJT52. ථෙය්යසත්ථං උපස්සුති සූපං විඤ්ඤාපනෙන ච, රත්ති ඡන්නඤ්ච ඔකාසං එතෙ බ්යූහෙන සත්තමා.
Sinhala BJT52. ථෙය්‍යසත්‍ථය ද උපස්සුති විඤ්ඤාපන දෙසිඛය ද රත්තන්‍ධකාරය ද පටිච්ඡන්නය ද අබ්භෝකාසය ද ඛ්‍යුහසිඛය සමග මේ සිකපදයෙන් සත්දෙන,
Pali BJT53. කාය චිත්තෙන ජායන්ති න තෙ ජායන්ති වාචතො, තීහි ද්වාරෙහි ජායන්ති ද්වෙ සමුට්ඨානිකා ඉමෙ, ථෙය්යසත්ථසමුට්ඨානා දෙසිතාදිච්චබන්ධුනා.
Sinhala BJT53. කයින් හා සිතින් උපදිති, ඔහු වචනයෙන් නූපදිත්, කය වචන සිත යන තිදොරින් උපදිත්, ථෙය්‍යසත්‍ථසමුට්ඨානය ඇති මේ සිකපදයෝ හිරුගොත් ඇති මුනිඳුන් විසින් ද්විසමුට්ඨානිකහයි වදාරණ ලදහ.
Pali BJTථෙය්යසත්ථසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTථෙය්‍ය සත්‍ථසමුට්ඨානය නිමි.
Pali BJTධම්මදෙසන සමුට්ඨානං
Sinhala BJTධම්මදේසන සමුට්ඨානය
Pali BJT54. ඡත්තපාණිස්ස සද්ධම්මං න දෙසෙන්ති තථාගතා, තථෙව{2} දණ්ඩපාණිස්ස, සත්ථආයුධපාණිනං.
Sinhala BJT54. තථාගතවරයෝ කුඩගත් අත් ඇත්තහුට දහම් නො දෙසත්. එසේ ම දඬුගත් අත් ඇත්තහුට ද සැත්ගත් අත් ඇත්තහුට ද අවිගත් අත් ඇත්තහුට ද,
Pali BJT55. පාදුකූපාහනා යානං සෙය්යපල්ලත්ථිකාය ච, වෙඨිතො ගුණ්ඨිතො චෙව එකාදස මනූනකා.
Sinhala BJT55. මිරිවැඩි වහන් යාන යහන් නැගිටියහුට ද අකවටු අවුළුවා හුන්නහුට ද හිස්වෙළුම් ඇත්තහුට ද හිස්වැසුවහුට ද (දහම් නො දෙසත්) මේ නො අඩු එකොළොස් සිකපදයෝ,
Pali BJT56. වාචා චිත්තෙන ජායන්ති න තෙ ජායන්ති කායතො, සබ්බෙ එකසමුට්ඨානා සමකා ධම්මදෙසනෙ.
Sinhala BJT56. වචනයෙන් හා සිතින් උපදිති, ඔහු කයින් නූපදිත්, (මේ) සියල්ලෝ ධම්ම දෙසන සමුට්ඨානය හා සමවූවාහු ඒකසමුට්ඨධානිකයෝ වෙත්.
Pali BJTධම්මදෙසනාසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTධම්මදේසන සමුට්ඨානය නිමි.
Pali BJTභූතාරොචන සමුට්ඨානං
Sinhala BJTභූතාරෝචන සමුට්ඨානය
Pali BJT57. භූතං කායෙන ජායති න වාචාය{1} න චිත්තතො, වාචතො ච සමුට්ඨාති න කායා න ච චිත්තතො
Sinhala BJT57. භූතාරෝචනය කයින් උපදියි, වචනයෙන් ද සිතින් ද නූපදී, වචනයෙන් ද නඟියි, කයින් හා සිතින් නො නගී.
Pali BJT58. කායවාචාය ජායති න ච ජායති චිත්තතො, භූතාරොචනකා නාම තීහි ඨානෙහි ජායති.
Sinhala BJT58. කයින් හා වචනයෙන් උපදියි, සිතින් නූපදී. භූතාරෝචනක නම් සිඛය තුන් තැනෙකින් උපදී.
Pali BJTභූතාරොචනසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTභූතෙරොචන සමුට්ඨානය නිමි.
Pali BJTචොරිවුට්ඨාපන සමුට්ඨානං
Sinhala BJTචෝරිවුට්ඨාපන සමුට්ඨානය
Pali BJT59. චොරිං{2} වාචාය චිත්තෙන, න තං ජායති කායතො; ජායති තීහි ද්වාරෙහි චොරිවුට්ඨාපනං ඉදං, අකතං ද්විසමුට්ඨානං ධම්මරාජෙන භාසිතං.
Sinhala BJT59. චෝරිවුටාඨාපනය වචනයෙන් හා සිතින් උපදියි, කයින් නූපදී. තිදොරින් උපදී. මේ චෝරිවුට්ඨාපන සිඛය අමිශ්‍ර වූ ද්විසමුට්ඨානිකයැයි ධර්‍මරාජයන් විසින් වදාරණ ලදී.
Pali BJTචොරිවුට්ඨාපනසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTචෝරිවුට්ඨාපන සමුට්ඨානය නිමි.
Pali BJTඅනනුඤ්ඤාත සමුට්ඨානං
Sinhala BJTඅනනුඤ්ඤාත සමුට්ඨානය
Pali BJT60. අනනුඤ්ඤාතං වාචාය න කායා න ච චිත්තතො, ජායති කායවාචාය න තං ජායති චිත්තතො.
Sinhala BJT60. අනනුඤ්ඤාතය වචනයෙන් නූපදියි, කයින් හා සිතින් නූපදී, කයින් හා වචනයෙන් උපදියි, එය සිතින් නූපදී.
Pali BJT61. ජායති වාචා චිත්තෙන න තං ජායති කායතො, ජායති තීහි ද්වාරෙහි අකතං චතුඨානිකං.
Sinhala BJT61. වචනයෙන් හා සිතින් උපදියි, එය කයින් නූපදී. තිදොරින් උපදී. (එහෙයින් මෙය) අමිශ්‍ර වූ චතුසමුට්ඨානයෙකි.
Pali BJTඅනනුඤ්ඤාතසමුට්ඨානං නිට්ඨිතං.
Sinhala BJTඅනනුඤ්ඤාත සමුට්ඨානය නිමි.
Pali BJT62. සමුට්ඨානං හි සඞ්ඛෙපං දස තීණි සුදෙසිතං, අසම්මොහකරං ඨානං නෙත්තිධම්මානුලොමිකං, ධාරයන්තො ඉමං විඤ්ඤූ සමුට්ඨානෙ න මුය්හතීති.
Sinhala BJT62. සමුට්ඨානසංක්‍ෂේපය තෙළෙසකැයි මැනැවින් වදාරණ ලදි. විනයපාලියට අනුලොම් වූ නුමුළා බව කරණ මේ කාරණය දරන නුවණැත්තේ සමුට්ඨානයයෙහි මුළා නො වන්නේ යි.
Pali BJTසමුට්ඨානසීසසඞ්ඛෙපො නිට්ඨිතො.
Sinhala BJTසමුට්ඨාන ශිර්‍ෂ සංක්‍ෂේපය නිමියේ යි.
Pali BJTඅන්තරපෙය්යාලෙ
Sinhala BJTඅන්තරපෙය්‍යාලය
Pali BJTකතිපුච්ඡාවාරො
Sinhala BJTකතිපූච්ඡාවාරය
Pali BJTකති ආපත්තියො, කති ආපත්තික්ඛන්ධා, කති විනීතවත්ථූනි, කති අගාරවා, කති ගාරවා, කති විනීතවත්ථූනි, කති විපත්තියො, කති ආපත්තිසමුට්ඨානා, කති විවාදමූලානි, කති අනුවාදමූලානි, කති සාරාණීයා ධම්මා, කති භෙදකරවත්ථූනි, කති අධිකරණානි, කති සමථා :
Sinhala BJTආපත්තීහු කෙතෙක් ද, ආපත්තිස්කන්‍ධයෝ කෙතෙක් ද, විනීත වස්තුහු කෙතෙක් ද, අගෞරවයෝ කෙතෙක් ද, ගෞරවයෝ කෙතෙක් ද, විනීත වස්තුහු කෙතෙක් ද, විපත්තීහු කෙතෙක් ද, ආපත්ති සමුට්ඨානයෝ කෙතෙක් ද, විවාද මූලයෝ කෙතෙක් ද, අනුවාදමූලයෝ කෙතෙක් ද, සාරාණීය ධර්‍මයෝ කෙතෙක් ද, භේදකර වස්තුහු කෙතෙක් ද, අධිකරණයෝ කෙතෙක් ද, ශමථයෝ කෙතෙක් ද යත්:
Pali BJTපඤ්ච ආපත්තියො, පඤ්ච ආපත්තික්ඛන්ධා, පඤ්ච විනීතවත්ථූනි, සත්ත ආපත්තියො, සත්ත ආපත්තික්ඛන්ධා, සත්ත විනීතවත්ථූනි, ඡ අගාරවා, ඡ ගාරවා, ඡ විනීතවත්ථූනි, චතස්සො විපත්තියො, ඡ ආපත්තිසමුට්ඨානා, ඡ විවාදමූලානි, ඡ අනුවාදමූලානි, ඡ සාරාණීයා ධම්මා, අට්ඨාරස භෙදකරවත්ථූනි, චත්තාරි අධිකරණානි, සත්තසමථා.
Sinhala BJTආපත්තීහු පස්දෙනෙකි, ආපත්තිස්කන්‍ධයෝ පස්දෙනෙකි, විනීත වස්තූහු පස්දෙනෙකි, ආපත්තීහු සත්දෙනෙකි, ආපත්තිස්කන්‍ධයෝ සත් දෙනෙකි, විනීතවස්තූහු සත් දෙනෙකි. අගෞරවයෝ සදෙනෙකි, ගෞරවයෝ සදෙනෙකි, විනීතවස්තූහු සදෙනෙකි, විපත්තීහු සිවු දෙනෙකි, ආපත්ති සමුට්ඨානයෝ සදෙනෙකි, විවාදමූලයෝ සදෙනෙකි, අනුවාදමූලයෝ සදෙනෙකි, සාරාණීය ධර්‍මයෝ සදෙනෙකි, භේදකර වස්තූහු අටළොස් දෙනෙකි, අධිකරණයෝ සිවුදෙනෙකි, ශමථයෝ සත් දෙනෙකි.
Pali BJT1. තත්ථ කතමා පඤ්ච ආපත්තියො : පාරාජිකාපත්ති, සඞ්ඝාදිසෙසාපත්ති, පාචිත්තියාපත්ති, පාටිදෙසනීයාපත්ති, දුක්කටාපත්ති. ඉමා පඤ්ච ආපත්තියො.
Sinhala BJT1. එහි පස්වැදෑරුම් ආපත්තීහු කවරහ යත්: පාරාජිකාපත්ති යැ, සඞ්ඝාදිසේසපත්ති යැ, පාචිත්තියාපත්ති යැ, පාටිදේශ නීයාපත්ති යැ, දුෂ්කෘතාපත්ති යැයි මොහු පස් වැදැරුම් ආපත්තීහුයි.
Pali BJT2. කත්ථ කතමෙ පඤ්ච ආපත්තික්ඛන්ධා : පාරාජිකාපත්තික්ඛන්ධො, සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධො, පාචිත්තියාපත්තික්ඛන්ධො, පාටිදෙසනීයාපත්තික්ඛන්ධො, දුක්කටාපත්තික්ඛන්ධො. ඉමෙ පඤ්ච ආපත්තික්ඛන්ධා.
Sinhala BJT2. එහි පස්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයෝ කවරහ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යැ, සඞ්ඝාදිසේසපත්තිස්කන්‍ධ යැ, පාචිත්තියාපත්තිස්කන්‍ධ යැ, පාටිදේසනීයාපත්ති ස්කන්‍ධ යැ, දුක්කටාපත්තිස්කන්‍ධ යැයි මොහු පස්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයෝයි.
Pali BJT3. තත්ථ කතමානි පඤ්ච විනීතවත්ථූනි : පඤ්චහි ආපත්තික්ඛන්ධෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො, ඉමානි පඤ්ච විනීතවත්ථූනි.
Sinhala BJT3. එහි පස්වැදෑරුම් විනීත වස්තූහු කවරහ යත්: පස් වැදැරුම් ආපත්තිස්කන්‍ධයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්‍රිය යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැ යි මොහු පස්දෙන විනීතවස්තුහුයි.
Pali BJT4. තත්ථ කතමා සත්ත ආපත්තියො : පාරාජිකාපත්ති, සඞ්ඝාදිසෙසාපත්ති, ථුල්ලච්චයාපත්ති, පාචිත්තියාපත්ති, පාටිදෙසනීයාපත්ති, දුක්කටාපත්ති, දුබ්භාසිතාපත්ති. ඉමා සත්ත ආපත්තියො.
Sinhala BJT4. එහි සත්වැදෑරුම් ආපත්තීහු කවරහ යත්: පාරාජිකාපත්ති යැ, සඞ්ඝාදිසේසා පත්ති යැ, ථුල්ලච්චයාපත්ති යැ, පාචිත්තියාපත්ති යැ, පාටිදේසනීයාපත්ති යැ, දුක්කටා පත්ති යැ, දුබ්භාසිතාපත්ති යැ යි මොහු සත්දෙන ආපත්තීහුයි.
Pali BJT5. තත්ථ කතමෙ සත්ත ආපත්තික්ඛන්ධා : පාරාජිකාපත්තික්ඛන්ධො, සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධො, ථුල්ලච්චයාපත්තික්ඛන්ධො, පාචිත්තියාපත්තික්ඛන්ධො, පාටිදෙසනීයාපත්තික්ඛන්ධො, දුක්කටාපත්තික්ඛන්ධො, දුබ්භාසිතාපත්තික්ඛන්ධො. ඉමෙ සත්ත ආපත්තික්ඛන්ධා.
Sinhala BJT5. එහි සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයෝ කවරහ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යැ, සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධ යැ, ථූල්ලච්චයාපත්තිස්කන්‍ධ යැ, පාචිත්තියාපත්තිස්කන්‍ධ යැ, පාටිදෙසානීයාපත්තිස්කන්‍ධ යැ, දුක්කටාපත්තිස්කන්‍ධ යැ, දුබ්භාසිතාපත්තිස්කන්‍ධ යැ යි මොහු සත්දෙන ආපත්තිස්කන්‍ධයෝයි.
Pali BJT6. තත්ථ කතමානි සත්ත විනීතවත්ථූනි : සත්තහි ආපත්තික්ඛන්ධෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො. ඉමානි සත්ත විනීතවත්ථූනි.
Sinhala BJT6. එහි සත්වැදෑරුම් විනීතවස්තූහු කවරහ යත්: සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්‍රියා යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැයි මොහු සත් දෙන විනීත වස්තූහු යි.
Pali BJT7. තත්ථ කතමෙ ඡ අගාරවා : බුද්ධෙ අගාරවො, ධම්මෙ අගාරවො, සඞ්ඝෙ අගාරවො, සික්ඛාය අගාරවො, අප්පමාදෙ අගාරවො, පටිසන්ධාරෙ අගාරවො. ඉමෙ ඡ අගාරවා.
Sinhala BJT7. එහි සවැදැරුම් අගෞරවයෝ කවරහ යත්: බුදුන් කෙරෙහි අගෞරව යැ දහම්හි අගෞරව යැ සඟුන් කෙරෙහි අගෞරව යැ ශික්‍ෂායෙහි අගෞරව යැ අප්‍රමාදයෙහි අගෞරව යැ පිළිසඳරෙහි අගෞරව යැ යි මොහු සදෙන අගෞරවයෝ යි.
Pali BJT8. තත්ථ කතමෙ ඡ ගාරවා : බුද්ධෙ ගාරවො, ධම්මෙ ගාරවො, සඞ්ඝෙ ගාරවො, සික්ඛාය ගාරවො, අප්පමාදෙ ගාරවො, පටිසන්ධාරෙ ගාරවො. ඉමෙ ඡ ගාරවා.
Sinhala BJT8. එහි සවැදැරුම් ගෞරවයෝ කවරහ යත්: බුදුන් කෙරෙහි ගෞරව යැ දහම්හි ගෞරව යැ සඟුන් කෙරෙහි ගෞරව යැ ශික්‍ෂායෙහි ගෞරව යැ අප්‍රමාදයෙහි ගෞරව යැ පිළිසඳරෙහි ගෞරව යැ යි මොහු සදෙන ගෞරවයෝ යි.
Pali BJT9. තත්ථ කතමානි ඡ විනීතවත්ථූනි : ඡහි අගාරවෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො. ඉමානි ඡ විනීතවත්ථූනි.
Sinhala BJT9. එහි සවැදෑරුම් විනීතවස්තුහු කවරහ යත්: සවැදැරුම් අගෞරවයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්‍රිය යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැයි මොහු සදෙන විනීත වස්තූහු යි.
Pali BJT10. තත්ථ කතමා චතස්සො විපත්තියො : සීලවිපත්ති, ආචාරවිපත්ති, දිට්ඨිවිපත්ති, ආජීවවිපත්ති. ඉමා චතස්සො විපත්තියො.
Sinhala BJT10. එහි සිවුවැදෑරුම් විපත්තීහු කවරහ යත්: සීලවිපත්ති යැ ආචාරවිපත්ති යැ දිට්ඨිවිපත්ති යැ ආජීවවිපත්ති යැ යි මොහු සිවු විපත්තීහු යි.
Pali BJT11. තත්ථ කතමෙ ඡ ආපත්තිසමුට්ඨානා : අත්ථාපත්ති කායතො සමුට්ඨාති, න වාචතො න චිත්තතො. අත්ථාපත්ති වාචතො සමුට්ඨාති, න කායතො න චිත්තතො, අත්ථාපත්ති කායතො ච වාචතො ච සමුට්ඨාති න චිත්තතො, අත්ථාපත්ති කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. අත්ථාපත්ති වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො. අත්ථාපත්ති කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති. ඉමෙ ඡ ආපත්තිසමුට්ඨානා.
Sinhala BJT11. එහි සවැදැරුම් ආපත්තිසමුට්ඨානයෝ කවරහ යත්: කයින් නගින ඇවැතෙක් ඇත, එය වචනයෙන් නො නගියි, සිතින් නො නඟී. වචනයෙන් නඟින ඇවතෙක් ඇත, එය කයින් නො නඟියි, සිතින් නො නඟී. කයින් ද වචනයෙන් ද නගින ඇවැතෙක් ඇත, එය සිතින් නො නඟී. කයින් ද සිතින් ද නගින ඇවැතෙක් ඇත, එය වචනයෙන් නො නඟී. වචනයෙන් ද සිතින් ද නගින ඇවැතෙක් ඇත, එය කයින් නො නඟී. කයින් ද වචනයෙන් ද සිතින් ද නඟින ඇවැතෙක් ඇතැයි මොහු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයෝයි.
Pali BJT12. තත්ථ කතමානි ඡ විවාදමූලානි : ඉධ භික්ඛු කොධනො හොති උපනාහී, යො සො භික්ඛු කොධනො හොති උපනාහී, සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සවො, ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සවො, සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සවො, සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සවො, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- සික්ඛාය න පරිපූරකාරී සො සඞ්ඝෙ විවාදං ජනෙති, යො හොති විවාදො බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපං චෙ තුම්හෙ විවාදමූලං අජ්ඣත්තං වා පහිද්ධා වා සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්යාථ එවරූපං චෙ තුම්හෙ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති, එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති.
Sinhala BJT12. එහි සවැදැරුම් විවාදමූලයෝ කවරහ යත්: මේ ශාසනයෙහි මහණ කිපෙන සුලුවූයේ බද්ධ වෛර ඇත්තේ වෙයි. යම් ඒ මහණෙක් කිපෙන සුලුවූයේ බද්ධ වෛර ඇත්තේ ද, ඒ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි, ධර්‍මය කෙරෙහිද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි, ශික්‍ෂාව ද සම්පූර්‍ණ කරන්නෙක් නො වෙයි, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නෙක් නො වේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි. යම් ඒ විවාදයෙක් බොහෝ ජනයාට අහිත පිණිස බොහෝ ජනයාට නො සුව පිණිස බොහෝ ජනයාට අවැඩ පිණිස දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේද, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සිය සතන්හි හෝ පිටතැ හෝ දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ විවාදයට මුල් වූ කරුණ පහ කිරීම පිණිස වෑයම් කරවු. ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ නො දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ විවාදයට මුල් වූ කරුණ මත්තෙහි නො පැවැත්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ ප්‍රහාණිය වෙයි. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ මත්තෙහි නො පැවැත්ම වේ.
Pali BJTපුන චපරං භික්ඛු මක්ඛී හොති පලාසී -පෙ- ඉස්සුකී හොති මච්ඡරී -පෙ- සඨො හොති මායාවී -පෙ- පාපිච්ඡො හොති මිච්ඡාදිට්ඨි -පෙ- සන්දිට්ඨිපරාමාසී හොති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී. යො සො භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී, සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සවො, ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සවො, සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සවො, සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සවො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- සික්ඛාය න පරිපූරකාරී, සො සඞ්ඝෙ විවාදං ජනෙති.
Sinhala BJTනැවත ද අනෙකෙක් වෙයි. මහණ ගුණමකු වූයේ යුභග්‍රාහී වෙයි. ... ඊර්‍ෂ්‍යා කරණසුලු වූයේ මසුරුබව් ඇත්තේ වෙයි. කපටි වූයේ මායා ඇත්තේ වෙයි. ලාමක අදහස් ඇත්තේ මිසදිටු ඇත්තේ වෙයි. ස්වකීය දෘෂ්ටිය ම ආමර්‍ෂණය කරන්නේ දැඩි වැ ගන්නා සුලු වූයේ (වරද) බැහැරැලීමෙහි දුෂ්කර වූයේ වෙයි. යම් ඒ මහණෙක් ස්වකීය දෘෂ්ටිය ම ආමර්‍ෂණය කරන්නේ දැඩි වැ ගන්නා සුලු වූයේ (වරද) බැහැරලීමෙහි දුෂ්කර වූයේ වේ ද, ඒ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ශික්‍ෂාව ද සම්පූර්‍ණ කරන්නෙක් නො වෙයි. යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නෙක් නොවේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි.
Pali BJTයො සො හොති විවාදො බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං, එවරූපං චෙ තුම්හෙ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපං චෙ තුම්හෙ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති, එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති, ඉමානි ඡ විවාදමූලානි.
Sinhala BJTයම් විවාදයෙක් බොහෝ ජනයාහට අහිත පිණිස බොහෝ ජනයාහට නො සුව පිණිස බොහෝ ජනයාහට අවැඩ පිණිස දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ ද, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ විවාදයට මුල් වූ කරුණ පහ කිරීම පිණිස වෑයම් කරවු. ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ නො දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ එම විවාදයට මුල්වූ කරුණ මත්තෙහි නො පැවැත්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ විවාද මූලයාගේ පහකිරීම වෙයි. මෙසේ මේ ලාමක වූ විවාද මූලයාගේ මත්තෙහි නො පැවැත්ම වේ. මොහු සවැදැරුම් විවාද මූලයෝයි.
Pali BJT13. තත්ථ කතමානි ඡ අනුවාදමූලානි : ඉධ භික්ඛු කොධනො හොති උපනාහී. යො සො භික්ඛු කොධනො හොති උපනාහී, සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සවො. ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සවො, සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සවො, සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සවො. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- සික්ඛාය න පරිපූරකාරී සො සඞ්ඝෙ අනුවාදං ජනෙති, යො හොති අනුවාදො බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපං චෙ තුම්හෙ අනුවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ තස්සෙව පාපකස්ස අනුවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපං චෙ තුම්හෙ අනුවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ තස්සෙව පාපකස්ස අනුවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස අනුවාදමූලස්ස පහානං හොති, එවමෙතස්ස පාපකස්ස අනුවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති.
Sinhala BJT13 එහි සවැදැරුම් අනුවාදමූලයෝ කවරහ යත්: මේ ශාසනයෙහි මහණ කිපෙන සුලු වූයේ බද්ධවෛර ඇත්තේ වෙයි. යම් ඒ මහණෙක් කිපෙනසුලු වූයේ බද්ධවෛර ඇත්තේ වේ ද, ඒ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ශික්‍ෂාව ද සම්පූර්‍ණ කරන්නෙක් නො වෙයි. යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නෙක් නොවේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි අනුවාදය උපදවයි, යම් අනුවාදයෙක් බොහෝ ජනයාහට අහිත පිණිස බොහෝ ජනයාහට නො සුව පිණිස බොහෝ ජනයාහට අවැඩ පිණිස දෙව්මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ ද, ඉදින් තෙපි මෙබඳු අනුවාදයට මුල් වූ කරුණක් සිය සතන්හි හෝ පිටතැ හෝ දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ එම අනුවාදයට මුල් වූ කරුණ පහ කිරීම පිණිස වෑයම් කරවු. ඉදින් තෙපි මෙබඳු අනුවාදයට මුල්වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ නො දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ, ඒ අනුවාදයට මුල් වූ කරුණ මත්තෙහි නො පැවැත්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ අනුවාද මූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ ලාමක වූ අනුවාද මූලයාගේ මත්තෙහි නො පැවැත්ම වේ.
Pali BJTපුන චපරං භික්ඛු මක්ඛී හොති පලාසී -පෙ- ඉස්සුකී හොති මච්ඡරී -පෙ- සඨො හොති මායාවී, පාපිච්ඡො හොති මිච්ඡාදිට්ඨි -පෙ- සන්දිට්ඨිපරාමාසී හොති ආධානග්ගාහී දුප්පටිනීස්සග්ගී, යො සො භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සවො, ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සවො, සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සවො. සික්ඛායපි න පරිපූරකාරී හොති. යො භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සවො. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- සික්ඛාය න පරිපූරකාරී, සො සඞ්ඝෙ අනුවාදං ජනෙති, යො හොති අනුවාදො බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපං චෙ තුම්හෙ අනුවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ තස්සෙව පාපකස්ස අනුවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපං චෙ තුම්හෙ අනුවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ තස්සෙව පාපකස්ස අනුවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස අනුවාදමූලස්ස පහානං හොති. එවමෙතස්ස පාපකස්ස අනුවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති. ඉමානි ඡ අනුවාදමූලානි.
Sinhala BJTනැවැත ද අනෙකක් වෙයි. මහණ ගුණමකු වූයේ යුගග්‍රාගී වෙයි. ... ඊර්‍ෂ්‍යා කරණ සුලු වූයේ මසුරුබැව් ඇත්තේ වෙයි. කපටි වූයේ මායා ඇත්තේ වෙයි. ලාමක අදහස් ඇත්තේ මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි. ස්වකීය දෘෂ්ටිය ම ආමර්‍ෂණය කරන්නේ දැඩි වැ ගන්නාසුලු වූයේ (වරද) බැහැරැලීමෙහි දුෂ්කර වූයේ වෙයි. යම් ඒ මහණෙක් ස්වකීය දෘෂ්ටිය ම ආමර්‍ෂණය කරන්නේ දැඩි වැ ගන්නා සුලු වූයේ (වරද) බැහැරැලීමෙහි දුෂ්කර වූයේ වේ ද, ඒ මහණ ශාස්තෘන් කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ශික්‍ෂාව ද සම්පූර්‍ණ කරන්නේ නො වේ. යම් ඒ මහණෙක් ශාස්තෘන් කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නෙක් නො වේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි අනුවාදය උපදවයි, යම් අනුවාදයෙක් බොහෝ ජනයාහට අහිත පිණිස බොහෝ ජනයාහට නො සුව පිණිස බොහෝ ජනයාහට අවැඩ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ ද, ඉදින් තෙපි මෙබඳු අනුවාදයට මුල් වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ අනුවාදයට මුල් වූ කරුණ පහ කිරීම පිණිස වෑයම් කරවු. ඉදින් තෙපි මෙබඳු අනුවාදයට මුල්වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ නො දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ අනුවාදයට මුල්වූ කරුණ මත්තෙහි නො පැවැත්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ අනුවාදමූලයාගේ ප්‍රහාණිය වෙයි. මෙබස් මේ ලාමක වූ අනුවාද මූලයාගේ මත්තෙහි නො පැවැත්ම වේ. මොහු සවැදැරුම් අනුවාද මූලයෝයි.