Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං තීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන. සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන. සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති න වාචතො. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච -පෙ-
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාර විපත්තියදැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්ති ස්කන්‍ධයන් අතුරෙහි කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්ති ස්කන්‍ධයන් දැයි තුන් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ය. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නඟිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණයි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසි විටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛයා විනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
Pali BJT2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී කති ආපත්තියො ආපජ්ජති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී ඉමා ද්වෙ ආපත්තියො ආපජ්ජති :
Sinhala BJT2. දිහි විනවා වළඳන මෙහෙණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ. දිහි විනවා වළඳන මෙහෙණ මේ දෙ ඇවතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සත්වැදෑරුම් ආපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහ ද, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJT3. තා ආපත්තියො චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජන්ති : ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං ද්වීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාටිදෙසනීයාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තික්ඛන්ධානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : සියා කායතො සමුට්ඨන්ති න වාචතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨන්ති න චිත්තතො, සියා කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති න වාචතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT3. ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් එක් ම ආචාරවිපත්තිය බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්ති ස්කන්‍ධයෙන්දැයි දෙ ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ය. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් සිවු සමුට්ඨානයෙකින් නගිති: කිසිවිටෙක කයින් නගිති, වචනයෙන් නො නඟිති, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිති, සිතින් නො නඟිත්. කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛයා විනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJTසමුච්චයවාරො නිට්ඨිතො අට්ඨමො.
Sinhala BJTඅටවන සමුච්චය වාරය නිමි.
Pali BJT9. කත්ථපඤ්ඤත්තිවාරො
Sinhala BJT9. කත්‍ථපඤ්ඤත්තිවාරය
Pali BJT9. 1.
Sinhala BJT9. 1.
Pali BJTපාරාජිකකණ්ඩො
Sinhala BJTපාරාජික කාණ්ඩය
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන කායසංසග්ගං සාදියනපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තං, කං ආරබ්භ : කිස්මිං වත්ථුස්මිං, -පෙ- කෙනාභතන්ති :
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් පණවන ලද පරිජිය කොතැන්හි පණවන ලද ද කවරක ඇරැබ ද කිනම් වස්තු යෙක්හි ද ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්:
Pali BJTයං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන කායසංසග්ගං සාදියනපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සුන්දරීනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියි, තස්මිං වත්ථුස්මිං. අත්ථි තත්ථ පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති, අනුප්පන්න පඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි. සබ්බත්ථ පඤ්ඤත්ති, පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථ පඤ්ඤත්ති. සාධාරණ පඤ්ඤත්ති, අසාධාරණපඤ්ඤත්තීති : අසාධාරණපඤ්ඤත්ති. එකතො පඤ්ඤත්ති, උභතො පඤ්ඤත්තීති : එකතො පඤ්ඤත්ති. චතුන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති : නිදානොගධං, නිදානපරියාපන්නං : කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : දුතියෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති. චතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සීලවිපත්ති. සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : පාරාජිකාපත්තික්ඛන්ධො. ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ- කෙනාභතන්ති : පරම්පරාභතං. උපාලි දාසකො චෙව -පෙ- පිටකං තම්බපණ්ණියාති.
Sinhala BJTසිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් පණවන ලද පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය ඇරැබැ ය. කිනම් වස්තුයෙක යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී කායසංසර්‍ගරාගයෙන් තෙත්වූවා කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හු ගේ කායසංසර්‍ගය ඉවසූ යැ. ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇත් ද යත්: පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැත. සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ, සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ. ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යැ, සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ ද කොහි ඇතුළත් ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ ය. නිදානුද්දේසයෙහි ඇතුළත් ය. කිනම් උද්දේසයෙකින් උදෙසීමට පැමිණේ ද යත්: දෙවැනි උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිනම් විපත්තියෙක් ද යත්: ශීල විපත්ති යැ. සත් වැදැරුම් ආපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කිනම් ආපත්ති ස්කන්‍ධයෙක යත්: පාරාජිකා පත්ති ස්කන්‍ධ යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නගී. ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණ එන ලදි. උපාලි ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ. ... විනයපිටකය තඹපැන් නම් වූ හෙළදිව පැවසූහ.
Pali BJT2. වජ්ජපටිච්ඡාදනපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී ජානං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං භික්ඛුනිං නෙවත්තනා පටිචොදෙසි න ගණස්ස ආරොචෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT2. වරද සැඟවීම් හේතුයෙන් සිදු වන පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණි දැන දැන පරිජි ඇවැත් අවන් මෙහෙණකට තොමෝ චෝදනා නො කළාය. භික්‍ෂුණි ගණයාට නො දැන් වූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT3. යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං අනුවත්ති, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT3. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් සිදුවන පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණී සමග සඟහු විසින් උඛෙව්නීකම් කරණලද පෙර ගිජුලිහිණින් නැසූ කුලයෙහි උපන් අරිට්ඨ මහණහට අනුව පැවැත්තා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT4. අට්ඨමං වත්ථුං පරිපූරණපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො අට්ඨමං වත්ථුං පරිපූරෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT4. කය එළවීම් සඞ්ඛ්‍යාත අටවන වස්තුව පිරවීම් හේතුවෙන් සිදුවන පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදී පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මෙහෙණහු අෂ්ටම වස්තුව පිරවූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJTපාරාජිකා නිට්ඨිතා.
Sinhala BJTපරිජි නිමි.
Pali BJT9. 2.
Sinhala BJT9. 2.
Pali BJTසඞ්ඝාදිසෙසකණ්ඩො
Sinhala BJTසඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
Pali BJT1. යං තෙන භගවතා -පෙ- උස්සයවාදිකාය භික්ඛුනියා අට්ට{1} කරණපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තො, කං ආරබ්භ, කිස්මිං වත්ථුස්මිං, -පෙ- කෙනාභතන්ති.
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් විවාද කරණ මෙහෙණහට අධිකරණ හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද, කවරක ඇරැබ ද, කිනම් වස්තුයෙකැ ... කවරක්හු විසින් ගෙණ එන ලද ද:
Pali BJT2. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උස්සයවාදිකාය භික්ඛුනියා අට්ටකරණපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති, ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ කිස්මිං වත්ථුස්මින්ති ථුල්ලනන්දා භික්ඛුනී උස්සයවාදිකා විහරි, තස්මිං වත්ථුස්මිං. අත්ථි තත්ථ පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්තීති එකා පඤ්ඤත්ති. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි. සබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති සබ්බත්ථ පඤ්ඤත්ති. සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්තීති අසාධාරණපඤ්ඤත්ති. එකතොපඤ්ඤත්ති උභතොපඤ්ඤත්තීති එකතොපඤ්ඤත්ති. චතුන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති නිදානොගධං නිදානපරියාපන්නං. කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති තතියෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති. චතුන්නං විපත්තීනං කතමා විපත්තීති සීලවිපත්ති. සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති: සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධො. ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති, ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට්ඨාති, න චිත්තතො. සියා කායතො ච වාචතො චිත්තතො ච සමුට්ඨාති. කෙනාභතන්ති, පරම්පරාභතං :
Sinhala BJT2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් විවාද කරණ මෙහෙණහට අධිකරණ හේතුයෙන් සිදුවන සඟ වෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබය. කිනම් වස්තුයෙක යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණී විවාද ඇතියා වැ වාසය කළායැ. ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇත් ද, යත්: පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති. සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යි. ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි. සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ ද, කොහි ඇතුළත් ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ යැ. නිදානුද්දේසයෙහි ඇතුළත් යැ. කිනම් උද්දේසයෙකින් උදෙසීමට පැමිණේ ද යත්: තුන්වන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිනම් විපත්තියක්ද යත්: සීලවිපත්ති යි. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිනම් ආපත්ති ස්කන්‍ධයෙක් ද යත්: සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධ යි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගී ද යත්: දෙ සමුට්ඨානයෙකින් නඟියි: කිසි විටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණ එන ලදි.
Pali BJTඋපාලි දාසකො චෙව සොණකො සිග්ගවො තථා, මොග්ගලිපුත්තෙන පඤ්චමා එතෙ ජම්බුසිරිව්හයෙ -පෙ-
Sinhala BJTඋපාලි ස්ථවිර යැ. දාසක ස්ථවිර යැ ... විනය පිටකය තඹපැන් නම් වූ හෙළදිවැ පැවසූහු.
Pali BJTඑතෙ නාගා මහාපඤ්ඤා විනයඤ්ඤූ මග්ගකොවිදා, විනයං දීපෙ පකාසෙසුං පිටකං තම්බපණ්ණියාති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3. චොරිං වුට්ඨාපනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී චොරිං වුට්ඨාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති.
Sinhala BJT3. (සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින්) සෙරක උපසපන් කරවීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබය. කිනම් වස්තුවෙක්හි ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණී සෙරක උපසපන් කරවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් දෙ සමුට්ඨානයෙකින් නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. ...
Pali BJT4. එකා ගාමන්තරං ගමනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී එකා ගාමන්තරං ගච්ඡි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. තිස්සො අනුපඤ්ඤත්තියො. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : පඨමපාරාජිකෙ -පෙ-
Sinhala BJT4. එකලා වැ අන් ගමකට යෑම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: එක්තරා මෙහෙණක ඇරැබය. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් එකලා වැ අන් ගමකට ගියා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකැ, අනුපඤ්ඤත්ති තුණෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ප්‍රථමපාරාජිකයෙහි යැ. ...
Pali BJT5. සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරණපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT5. ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමග සඟහු විසින් උඛෙව්නීකම් කරණ ලද මෙහෙණකට කාරකසඞ්ඝයා නො පිළිවිස (කාරක) ගණයාගේ අදහස් නො දැන ඔසාරණකම් කිරීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙක යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණි ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘ ශාසනයෙන් සමගසඟුන් විසින් උඛෙව්නීකම් කළ මෙහෙණක කාරකසඞ්ඝයා නො පිළිවිස (කාරක) ගණයාගේ අදහස් නො දැන ඇතුළත් කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT6. අවස්සුතාය භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : සුන්දරීනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයම්පි භොජනීයම්පි පටිග්ගහෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : පඨමපාරාජිකෙ -පෙ-.
Sinhala BJT6. මෙවුන්දම්රායෙන් තෙත් වූ මෙහෙණක විසින් මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වැළඳීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කො තැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තු යෙකැ යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණි මෙවුන්දම්රායෙන් තෙත්වූවා මෙවුන්දම් රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් ආමිසයක් පිළිගත්තී යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ප්‍රථම පාරාජිකයෙහි යැ. ...
Pali BJT7. කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වා”ති උය්යොජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී “කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා, තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වා”ති උය්යොජෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT7. ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තොපට කුමක් කෙරේ ද යම් හෙයකින් තෙපි මෙවුන්දම්රායෙන් නො තෙත් වහු ද එබැවින් ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ යම් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ තොපට දේ ද, තෙපි එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ කියා මෙහෙයවීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: එක්තරා මෙහෙණක ඇරැබ ය. කිනම් වස්තුයෙක් යත්: එක්තරා මෙහෙණක් ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තොපට කුමක් කෙරේ ද යම් හෙයකින් තෙපි මෙවුන්දම්රායෙන් නො තෙත් වහුද, එබැවින් ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල යම් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ තොපට දේද, තෙපි එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ කියා මෙහෙයවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගී. ...
Pali BJT8. කුපිතාය අනත්තමනාය භික්ඛුනියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : චණ්ඩකාළිං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : චණ්ඩකාළී භික්ඛුනී කුපිතා අනත්තමනා එවං අවච : ‘බුද්ධං පච්චක්ඛාමි. ධම්මං පච්චක්ඛාමි. සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චාචික්ඛාමී”ති, තස්මිං වත්ථුස්මිං . එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-.
Sinhala BJT8. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි කිපුණු නො සතුටු සිත් ඇති මෙහෙණහට එය නො හැරීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: චණ්ඩකාලී භික්‍ෂුණිය ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: චණ්ඩකාලී භික්‍ෂුණි කිපියා නො සතුටු සිත් ඇත්තී, “බුදුන් ප්‍රතික්‍ෂේප කරමි, ධර්‍මය ප්‍රතික්‍ෂේප කරමි, සඞ්ඝයා ප්‍රතික්‍ෂේප කරමි, ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කරමි “යි මෙසේ කිවු යැ. ඒ වස්තුයෙහි යැ පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT9. කිස්මිචිදෙව අධිකරණෙ පච්චාකතාය භික්ඛුනියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : චණ්ඩකාළිං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : චණ්ඩකාළී භික්ඛුනී කිස්මිචිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං අවච : ‘ඡන්දගාමිනියො ච භික්ඛුනියො. දොසගාමිනියො ච භික්ඛුනියො. මොහගාමිනියො ච භික්ඛුනියො. භයගාමිනියො ච භික්ඛුනියො’ති, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-.
Sinhala BJT9. කිසියම් අධිකරණයෙක්හි පරදවන ලද මෙහෙණහට තුන්යළ තෙක් සමනුභාසන කම් කරණ කල්හි එය නො හැරීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: චණ්ඩකාලී භික්‍ෂුණිය ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාලී භික්‍ෂුණි කිසියම් අධිකරණ යෙක්හි පරදවන ලද්දී කිපියා නො සතුටුසිත් ඇත්තී “භික්‍ෂුණීහු ඡන්‍දයෙන් අගතියට ගියෝ යැ. ද්වේෂයෙන් අගතියට ගියෝ යැ, මෝහයෙන් අගතියට ගියෝ යැ, බියෙන් අගතියට ගියෝ යැ”යි මෙසේ කිවු යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ.
Pali BJT10. සංසට්ඨානං භික්ඛුනීනං යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො සංසට්ඨා විහරිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT10. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි ගිහියන් හා එක්වූ මෙහෙණන් හට වරද නො හැරීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ ද යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු ගිහියන් හා එක්ව විසූහ. ඒ වස්තු යෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT11. “සංසට්ඨා වය්යෙ තුම්හෙ විහරථ. මා තුම්හෙ නානා විහරථා”ති උය්යොජෙන්තියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී ‘සංසට්ඨාවය්යෙ තුම්හෙ විහරථ. මා තුම්හෙ නානා විහරිත්ථා”ති උය්යොජෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-.
Sinhala BJT11. “ආර්‍ය්‍යයාවෙනි, තෙපි (ගිහියන් හා) එක්ව මැ වසවු, තෙපි වෙන්ව නොවසවු” කියා මෙහෙයවන මෙහෙණහට තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි ඒ වරද නො හැරීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණි “ආර්‍ය්‍යයාවෙනි, තෙපි (ගිහියන් හා) එක්වමැ වසවු, තෙපි වෙන්ව නො වසවු” කියා මෙහෙය වූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT12. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා පාටිදෙසනීයං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. එකා අනුපඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- .
Sinhala BJT12. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන පිළිදෙස්නී ඇවැත කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මෙහෙණහු දිහි විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් සමුට්ඨාන සතරෙකින් නඟියි: ...
Pali BJTකත්ථපඤ්ඤත්තිවාරො නිට්ඨිතො පඨමො.
Sinhala BJTපළමුවන කත්‍ථ පඤ්ඤත්තිවාරය නිමි.
Pali BJT10. කතාපත්තිවාරො
Sinhala BJT10. කතාපත්තිවාරය
Pali BJT10. 1.
Sinhala BJT10. 1.
Pali BJTපාරාජිකකණ්ඩො
Sinhala BJTපාරාජික කාණ්ඩය
Pali BJT1. කායසංසග්ගං සාදියනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : කායසංසග්ගං සාදියනපච්චයා පඤ්ච ආපත්තියො ආපජ්ජති : අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ගහණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛු කායෙන කායං ආමසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. කායෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති දුක්කටස්ස. අඞ්ගුලිපතොදකෙ පාචිත්තියං. කායසංසග්ගං සාදියනපච්චයා ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුවෙන් පස් ඇවැතකට පැමිණෙයි: කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මෙහෙණක් කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අකුඇටයෙන් යට දණ මඬලින් උඩ ගැනීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, මහණෙක් කයින් කය ස්පර්‍ශ කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් ස්පර්‍ශ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් ස්පර්‍ශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙහි පචිති ඇවැත් වේ. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් මේ පස් ඇවතට පැමිණේ.
Pali BJT2. වජ්ජප්පටිච්ඡාදනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : වජ්ජප්පටිච්ඡාදනපච්චයා චතස්සො ආපත්තියො ආපජ්ජති : භික්ඛුනී ජානං පාරාජිකං ධම්මං{1} පටිච්ඡාදෙති, ආපත්ති පාරාජිකස්ස. වෙමතිකා පටිච්ඡාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛු සඞ්ඝාදිසෙසං පටිච්ඡාදෙති, ආපත්ති පාචිත්තියස්ස. ආචාරවිපත්තිං පටිච්ඡාදෙති ආපත්ති දුක්කටස්ස වජ්ජප්පටිච්ඡාදනපච්චයා ඉමා චතස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT2. වරද සැඟවීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: වරද සැඟවීම් හේතුවෙන් සිවු ඇවැතකට පැමිණෙයි: මෙහෙණක් දැන දැන පරිජි ඇවැතක් වසා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇතියා වසා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණෙක් සඟ වෙසෙසක් සඟවා නම් පචිති ඇවැත් වෙයි, ආචාර විපත්තියක් සඟවා නම් දුකුළා ඇවැත් වේ. වරද සැඟවීම් හේතුවෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
Pali BJT3. යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා පඤ්ච ආපත්තියො ආපජ්ජති : උක්ඛිත්තානුවත්තිකා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජති, ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති පාරාජිකස්ස: භෙදකානුවත්තිකා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පාපිකාය දිට්ඨියා යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජති, ආපත්ති පාචිත්තියස්ස. යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT3. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුවෙන් පස් ඇවැතකට පැමිණෙයි: උඛෙව්නීකම්කරණ ලදහු අනු වැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හරී නම් ඤත්තියෙන් දුකුළා වෙයි, දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි පරිජි ඇවැත් වෙයි, භේදකයනට අනුවණැ වැටෙන මෙහෙණ තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නොහරී නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. ලාමක දෘෂ්ටියෙන් යුත් මෙහෙණහට තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නොහරී නම් පචිති ඇවැත් වේ. තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුවෙන් මේ පස් ඇවැතට පැමිණේ.
Pali BJT4. අට්ඨමං වත්ථුං පරිපූරණපච්චයා කති ආපත්තියො ආපජ්ජති : අට්ඨමං වත්ථුං පරිපූරණපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : පුරිසෙන “ඉත්ථන්නාමං ගහනං ආගච්ඡා”ති වුත්තා ගච්ඡති ආපත්ති දුක්කටස්ස. පුරිසස්ස හත්ථපාසං ඔක්කන්තමත්තෙ ආපත්ති ථුල්ලච්චයස්ස. අට්ඨමං වත්ථුං පරිපූරෙති, ආපත්ති පාරාජිකස්ස. අට්ඨමං වත්ථුං පරිපූරණපච්චයා ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT4. අෂ්ටම වස්තුව පිරවීම් හේතුයෙන් කෙතෙක් ඇවතුන්ට පැමිණේ ද යත්: අෂ්ටම වස්තුව පිරවීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: පිරිමියක්හු විසින් “මෙනම් තැනට යව” යි කියන ලද්දී යේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිමියක්හුගේ අත්පසට වන් කල්හි ථුලැසි ඇවැත් වෙයි, කය එළවීම් සඞ්ඛ්‍යාත අෂ්ටම වස්තුව පුරවා නම් පරිජි ඇවැත් වේ. අෂ්ටම වස්තුව පිරවීම් හේතුයෙන් මේ තුන් ඇවතට පැමිණේ.
Pali BJTපාරාජිකා නිට්ඨිතා.
Sinhala BJTපරිජි නිමි.
Pali BJT10. 2.
Sinhala BJT10. 2.
Pali BJTසඞ්ඝාදිසෙසකණ්ඩො
Sinhala BJTසඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
Pali BJT1. උස්සයවාදිකා භික්ඛුනී අඩ්ඩං කරණපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : එකස්ස ආරොචෙති, ආපත්ති දුක්කටස්ස. දුතියස්ස ආරොචෙති, ආපත්ති ථුල්ලච්චයස්ස, අට්ටපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT1. විවාද කරණ මෙහෙණ අධිකරණ කිරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: එකක්හට ඇරොජා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවැන්නකුට ඇරොජා නම් ථුලැසි ඇවැත් වෙයි, අධිකරණය නිමිකල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT2. චොරිං වුට්ඨාපනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT2. සෙරෙක උපසපන් කරවීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලාසීහු වෙතී. කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT3. එකා ගාමන්තරං ගමනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ගච්ඡති, ආපත්ති දුක්කටස්ස. පඨමං පාදං පරික්ඛෙපං අතික්කාමෙති ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං අතික්කාමෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT3. එකලා වැ අන් ගමකට යෑම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් ථුලැසි ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT4. සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරණපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT4. සමගසඟුන් විසින් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙව්නීකම් කළ මෙහෙණක කාරක සඞ්ඝයා නො පිළිවිස (කාරක) ගණයාගේ අදහස් නො දැන ඇතුළත් කර ගැණීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT5. අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති ථුල්ලච්චයස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. උදකදන්තපොණං පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT5. මෙවුන්දම්රායෙන් තෙත් වූ මෙහෙණක් මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වැළඳීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි, වළඳන්නෙමි” යි පිළිගණී නම් ථුලැසි ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි සඟවෙසෙස් ඇවැත් වෙයි, දිය දැහැටි පිළිගණී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT6. “කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලොදෙති ඛාදනීයං වා භොජනීයං වා, තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වා”ති, උය්යොජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : තස්සා වචනෙන ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති ථුල්ලච්චයස්ස. භොජනපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT6. ආර්‍ය්‍යාව, තෙල පුරුෂපුද්ගල තෙමේ මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තොපට කුමක් කෙරේ ද, යම්හෙයෙකින් තෙපි මෙවුන්දම්රායෙන් නො තෙත් වහු ද, එබැවින් ආර්‍ය්‍යාව, තෙල පුරුෂපුද්ගල තෙමේ යම් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ තොපට දේ ද, තෙපි එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ කියා මෙහෙයවීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඇයගේ වචනයෙන් “කන්නෙමි වළඳන්නෙමි’ යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි ථුලැසි ඇවැත් වෙයි, වළඳා නිමි කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT7. කුපිතා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචා පරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT7. කිපියා වූ මෙහෙණක් තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT8. කිස්මිචිදෙව අධිකරණෙ පච්චාකතා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT8. කිසියම් අධිකරණයෙක්හි පරදවන ලද මෙහෙණක් තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT9. සංසට්ඨා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT9. ගිහියන් හා එක් වූ මෙහෙණක් තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT10. “සංසට්ඨාවය්යෙ තුම්හෙ විහරථ. මා තුම්හෙ නානා විහරිත්ථා”ති උය්යොජෙන්තී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස -පෙ-
Sinhala BJT10. “ආර්‍ය්‍යාවෙනි, තෙපි ගිහියන් හා එක්ව මැ වසව, තෙපි වෙන්ව නො වසව,” කියා මෙහෙයවන මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ. ...
Pali BJTදසසඞ්ඝාදිසෙසා නිට්ඨිතා.
Sinhala BJTදස සඟවෙසෙස් නිමි.
Pali BJTයථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බා, පච්චයමෙව නානාකරණං.
Sinhala BJTයට කී සෙයින් විස්තර කටයුතු යැ, හේතුව පමණෙක් මැ වෙනසි.
Pali BJT11. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ඉමා ද්වෙ ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT11. දිහි විනවා වැළඳීම් හේතුවෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ. දිහි විනවා වැළඳීම් හේතුයෙන් මේ දෙ ඇවතට පැමිණේ.
Pali BJTකතාපත්තිවාරො නිට්ඨිතො දුතියො.
Sinhala BJTදෙවන කතාපත්තිවාරය නිමි.
Pali BJT11. විපත්තිවාරො
Sinhala BJT11. විපත්තිවාරය
Pali BJT1. කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං -පෙ-.
Sinhala BJT1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවු වැදැරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීල විපත්තිය ද කිසිවිටෙක ආචාර විපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. ...
Pali BJT2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජන්ති : ආචාරවිපත්තිං.
Sinhala BJT2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් එක් මැ ආචාර විපත්තිය බෙජෙත්.
Pali BJTවිපත්තිවාරො නිට්ඨිතො තතියො.
Sinhala BJTතුන්වන විපත්තිවාරය නිමි.
Pali BJT12. සඞ්ගහවාරො
Sinhala BJT12. සඞ්ග්‍රහවාරය
Pali BJT1. කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං පඤ්චහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන. සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන. සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන. සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන. සියා දුක්කටාපත්තික්ඛන්ධෙන -පෙ-.
Sinhala BJT1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසි විටෙක ථුල්ලවච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි පස් ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලදහු ය. ...
Pali BJT2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං ද්වීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාටිදෙසනීයාපත්තික්ඛන්ධෙන සියා දුක්කටාපත්තික්ඛන්ධෙන.
Sinhala BJT2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි දෙ ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ය.
Pali BJTසඞ්ගහවාරො නිට්ඨිතො චතුත්ථො.
Sinhala BJTසිවුවන සඞ්ග්‍රහවාරය නිමි.
Pali BJT13. සමුට්ඨානවාරො
Sinhala BJT13. සමුට්ඨානවාරය
Pali BJT1. කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො -පෙ-.
Sinhala BJT1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. ...
Pali BJT2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : සියා කායතො සමුට්ඨන්ති, න වාචතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨන්ති, න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති.
Sinhala BJT2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් සිවුසමුට්ඨානයෙකින් නගිත්. කිසිවිටෙක කයින් නගිත්, වචනයෙන් නො නගිත්, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිත්, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද සිතින් ද නගිත්, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්.
Pali BJTසමුට්ඨානවාරො නිට්ඨිතො පඤ්චමො.
Sinhala BJTපස්වැනි සමුට්ඨානවාරය නිමි.
Pali BJT14. අධිකරණවාරො
Sinhala BJT14. අධිකරණවාරය
Pali BJT1. කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං -පෙ-
Sinhala BJT1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අපත්තාධිකරණ යි. ...
Pali BJT2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං.
Sinhala BJT2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි.
Pali BJTඅධිකරණවාරො නිට්ඨිතො ඡට්ඨො.
Sinhala BJTසවැනි අධිකරණවාරය නිමි.
Pali BJT15. සමථවාරො
Sinhala BJT15. සමථවාරය
Pali BJT1. කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති : කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච, පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච, තිණවත්ථාරකෙන ච -පෙ-.
Sinhala BJT1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
Pali BJT2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච, පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳෙත්.
Pali BJTසමථවාරො නිට්ඨිතො සත්තමො.
Sinhala BJTසත්වැනි සමථවාරය නිමි.
Pali BJT16. සමුච්චයවාරො
Sinhala BJT16. සමුච්වයවාරය
Pali BJT1. කායසංසග්ගං සාදියනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : කායසංසග්ගං සාදියනපච්චයා පඤ්ච ආපත්තියො ආපජ්ජති : අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ගහණං සාදියති ආපත්ති පාරාජිකස්ස. භික්ඛු කායෙන කායං ආමසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. කායෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති දුක්කටස්ස. අඞ්ගුලිපතොදකෙ පාචිත්තියං. කායසංසග්ගං සාදියනපච්චයා ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT1. කායසංසර්‍ගය ඉවසීම් හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත් කායසංසර්‍ගය ඉවසීම් හේතුවෙන් පස් ඇවැතකට පැමිණේ. කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මෙහෙණ කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අකුඇටයෙන් යට දණමඩලින් උඩ ගැණීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, මහණෙක් කයින් කය ස්පර්‍ශ කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, කයින් කය පිළිබැඳියක් ස්පර්‍ශ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, කයපිළිබැඳියෙකින් කයපිළිබැඳියක් ස්පර්‍ශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ඇඟිල්ලෙන් ගිරති කැවීමෙහි පචිති ඇවැත් වේ. කායසංසර්‍ගය ඉවසීම් හේතුවෙන් මේ පස් ඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං පඤ්චහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච, පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච -පෙ-.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතගාපත්තිස්කන්‍ධයෙන් දැයි පස් ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලදහු ය. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිත්. කයින් ද සිතින් ද නගිත්, වචනයෙන් නො නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණයි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද කිසිවිටෙක සම්මුඛගාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
Pali BJT2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ඉමා ද්වෙ ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT2. දිහි විනවා වැළඳීම් හේතුවෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: දිහි විනවා වැළඳීම් හේතුවෙන් දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ. දිහි විනවා වැළඳීම් හේතුවෙන් මේ දෙ ඇවතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං,: සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත්ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජන්ති : ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං ද්වීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාටිදෙසනීයාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන ඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති. සියා කායතො සමුට්ඨන්ති න වාචතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨන්ති, න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන චාති.
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් එක් ම ආචාර විපත්තිය බෙජෙත් සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි, දෙ ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලදහු ය. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් සිවු සමුට්ඨානයෙකින් නගිති: කිසිවිටෙක කයින් නගිති, වචනයෙන් නො නඟිති, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිති, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද, තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
Pali BJTසමුච්චයවාරො නිට්ඨිතො අට්ඨමො.
Sinhala BJTඅටවැනි සමුච්චයවාරය නිමි.
Pali BJTඅට්ඨ පච්චයවාරා නිට්ඨිතා.
Sinhala BJTඅෂ්ට ප්‍රත්‍යය වාරයෝ නිමියහ.
Pali BJTතෙසං උද්දානං:
Sinhala BJTඒ වාරයන්ගේ උද්දානය:
Pali BJTකතිවාරො ච විපත්තිවාරො ච සඞ්ගහවාරො සමුට්ඨානවාරො චෙව අධිකරණවාරො ච, සමථවාරො ච සමුච්චයවාරො ච ඉමෙ සත්ත වාරා ආදිතො පඤ්ඤත්තිවාරෙන සහ අට්ඨ වාරා හොන්ති.
Sinhala BJTකතාපත්තිවාරය ද, විපත්තිවාරය ද, සංගහවාරය ද, සමුට්ඨානවාරය ද, අධිකරණ වාරය ද, සමථවාරය ද, සමුච්චයවාරය ද, යන මේ සප්ත වාරයෝ ආදියෙහි දක්වන ලද කත්‍ථපඤ්ඤත්තිවාරය සමග (පච්චයවාරයෙහි) මහාවාරයෝ අටදෙනෙක් වෙත්.
Pali BJTභික්ඛුනීවිභඞ්ගෙ සොළස මහාවාරා නිට්ඨිතා.
Sinhala BJTභික්බූනී විභඞ්ගයෙහි සොළොස් මහාවාරයෝ නිමියහ.
Pali BJTනිට්ඨිතො ච භික්ඛුනී විභඞ්ගො.
Sinhala BJTභික්ඛුනී විභඞ්ගය ද නිමියේ යි.
Pali BJTසමුට්ඨානසීසසඞ්ඛෙපො
Sinhala BJTසමුත්‍ථාන ශීර්‍ෂසඞ්ක්‍ෂේපය
Pali BJTසමුට්ඨානස්සුද්දානං:
Sinhala BJTසමුට්ඨානය පිළිබඳ නාමාවලිය
Pali BJT1. අනිච්චා සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා‘නත්තා ච සඞ්ඛතා, නිබ්බානඤ්චෙව පඤ්ඤත්ති අනත්තා ඉති නිච්ඡයා.
Sinhala BJT1. සියලු සංස්කාර ධර්‍මයෝ අනිත්‍යයහ, දුඃඛයහ, අනාත්මයහ, සංස්කෘතයහ යි ද නිර්‍වාණය හා ප්‍රඥප්තිය අනාත්මයයි ද නිශ්චිතය හ.
Pali BJT2. බුද්ධචන්දෙ අනුප්පන්නෙ බුද්ධාදිච්චෙ අනුග්ගතෙ, තෙසං සභාගධම්මානං නාමමත්තං න ඤායති.
Sinhala BJT2. බුද්ධ නමැති චන්‍ද්‍රයා නූපන් කල්හි බුද්ධ නමැති සූර්‍ය්‍යයා නො නැඟි කල්හි අනිත්‍යාදියෙන් සභාග වූ ඒ සඞ්ඛත ධර්‍මයන් ගේ නාමමාත්‍ර යෙකුදු නොදන්නා ලැබේ.
Pali BJT3. දුක්කරං විවිධං කත්වා පූරයිත්වාන පාරමී, උප්පජ්ජන්ති මහාවීරා චක්ඛුභූතා සබ්රහ්මකෙ.
Sinhala BJT3. නානාවිධ දුෂ්කර ක්‍රියා කොට පැරුම් පුරා (දෙවි) බඹුන් සහිත ලෙව්හි චක්‍ෂුර් භූත වූ මහාවීරයෝ උපදිත්.
Pali BJT4. තෙ දෙසයන්ති සද්ධම්මං දුක්ඛහානිං සුඛාවහං, අඞ්ගිරසො සක්යමුනි සබ්බභූතානුකම්පකො.
Sinhala BJT4. ඒ මහාවීරවූ බුදුවරු දුක් නසන සුව එළවන සද්ධර්‍මය දෙසත්. (එහෙයින්) සියලඟින් නික්මෙන කාන්ති ඇති ශාක්‍යමුනීන්‍ද්‍ර වූ හැමසතන් වෙත පතළ කුලුණැති,
Pali BJT5. සබ්බසත්තූත්තමො සීහො පිටකෙ තීණි දෙසයී, සුත්තන්තං අභිධම්මඤ්ච විනයඤ්ච මහාගුණං
Sinhala BJT5. සර්‍වසත්‍ථොත්තම මුනිශ්‍රේෂ්ඨයන් වහන්සේ මහඅනුසස් ඇති සූත්‍රපිටකය ද අභිධර්‍මය ද විනය දැයි ත්‍රිපිටකය දෙසූහ.
Pali BJT6. එවං නීයති සද්ධම්මො, විනයො යදි තිට්ඨති, උභතො ච විභඞ්ගානි ඛන්ධකා යා ච මාතිකා.
Sinhala BJT6. ඉදින් විනය පාලිය පවතී නම් මෙසේ ඇති කල්හි ප්‍රතිපත්ති ප්‍රතිවේධ සද්ධර්‍මය එළවනු ලැබෙයි, උභය විහඞ්ගයෝ ද ඛන්‍ධකයෝ ද යම් උභය ප්‍රාතිමෝක්‍ෂයෙක් වේ නම් හෙද,
Pali BJT7. මාලා සුත්තගුණෙනෙව පරිවාරෙන ගන්ථිතා, තස්සෙව පරිවාරස්ස සමුට්ඨානං නයතො{1} කතං.
Sinhala BJT7. හුයෙකින් ගෙතූ මල්දමක් සෙයින් පරිවාරයෙන් ගොතන ලදහ. ඒ පරිවාරයා ගේ ම සමුට්ඨානය ද නය විසින් කරන ලදි.
Pali BJT8. සම්භෙදං නිදානඤ්චඤ්ඤං සුත්තෙ දිස්සන්ති උපරි, තස්මා සික්ඛෙ පරිවාරං, ධම්මකාමො සුපෙසලොති.
Sinhala BJT8. එයින් අන්‍ය වූ සමුට්ඨාන සම්භේදය ද නිදානය ද මතු සූත්‍රයෙහි ම පෙණෙයි, එබැවින් විනයධර්‍මාභිලාෂි ප්‍රියශීල භික්‍ෂුතෙම පරිවාරය පුහුණු කරන්නේ යි.
Pali BJTතෙරසසමුට්ඨානානි
Sinhala BJTත්‍රයොදශ සමුත්‍ථානයෝ
Pali BJT9. විභඞ්ගෙ ද්වීසු පඤ්ඤත්තං උද්දිසන්ති උපොසථෙ, පවක්ඛාමි සමුට්ඨානං යථාඤායං සුණාථ මෙ.
Sinhala BJT9. උභය විභඞ්ගයෙහි පණවනලද යම් සිකපද සමූහයක් පෙහෙවස් දිනයෙහි උදෙසත් ද, ඒ සිකපද සමූහයා ගේ ආපත්ති සමුට්ඨාන යුක්ති පරිද්දෙන් කියන්නෙමි. ඒ මා කියන වදන් අසවු.