Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3. මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
Sinhala BJT3. මිනිස්මාගමකට (වසමඟ පසමඟ පිළිබඳ) තුළුල් තෙපුල් කියන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ (පණවන ලද) යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායි මහණ මාගමකට තුළුල් තෙපුල් කීය. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT4. මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
Sinhala BJT4. මිනිස් මාගමක සමීපයෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමේ අනුසස් කියන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබයැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං අභාසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ මාගමක සමීපයෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීමේ අනුසස් කීයැ. ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි. කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT5. සඤ්චරිත්තං සමාපජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
Sinhala BJT5. (ස්ත්‍රී පුරුෂයන්ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙන යනු එනු කරණ) සසුරුතු සඟ වෙසෙස කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ යැ යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී සඤ්චරිත්තං සමාපජ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ ස්ත්‍රීපුරුෂයන්ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙන යනුඑනුවට පැමිණියේ යැ. ඒ වස්තුවෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ අනුපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො සමුට්ඨාති න වාචතො න චිත්තතො, සියා වාචතො සමුට්ඨාති න කායතො න චිත්තතො, සියා කායතො ච වාචතො ච සමුට්ඨාති න චිත්තතො, සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි වචනයෙන් නො නඟියි සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි කයින් නො නඟියි සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වවන යෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT6. සඤ්ඤාචිකා කුටිං කාරාපෙන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : ආළවියං පඤ්ඤත්තො.
Sinhala BJT6. තමා ඉල්වාගත් උපකරණයෙන් කිළියක් කරවන්නහු පිළිබඳ සඟ වෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආළවකෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ යැ යත්: අළව්පුරවැසි භික්‍ෂූන් ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආළවකා භික්ඛූ සඤ්ඤාචිකාය කුටියො කාරාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: අළව්පුරවැසි භික්‍ෂූහු තමන් ඉල්වාගත් උපකරණයෙන් කුටි කරවූහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ.
Pali BJTඡන්නං ආපත්ති සමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයින් නඟියි. ...
Pali BJT7. මහල්ලකං විහාරං කාරාපෙන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : කොසම්බියං පඤ්ඤත්තො.
Sinhala BJT7. කරවා දෙන හිමියකු ඇති මහත් විහාරයක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: කොසඹෑ නුවර දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං ඡන්නං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබයැ යත්: ආයුෂ්මත් ඡන්න තෙරුන් ඇරබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා ඡන්නො විහාරවත්ථුං සොධෙන්තො අඤ්ඤතරං චෙතියරුක්ඛං ඡෙදාපෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ ගෙබිම හෙළි කරනුයේ එක්තරා සෑරුකක් සිඳ විය, ඒ වස්තුයෙහි ය.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයින් නඟියි. ...
Pali BJT8. භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : රාජගහෙ පඤ්ඤත්තො.
Sinhala BJT8. අමූලක වූ පරිජිඇවතින් මහණක්හට චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: රජගහ නුවර දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : මෙත්තියභුම්මජකෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැයැ යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූන් ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුතුහට අමූලක පරිජි ඇවතින් චෝදනා කළහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟී. ...
Pali BJT9. භික්ඛුං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : රාජගහෙ පඤ්ඤත්තො.
Sinhala BJT9. අන්‍යභාගීය (අන් කොටස් ඇති) අධිකරණයක්හුගේ කිසියම් (ජාත්‍යයාදී) දේශ ලේශ මාත්‍රයක් ගෙන මහණක්හට පරිජිඇවතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : මෙත්තියභුම්මජකෙ{1} භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ යැ යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රහට අඤ්ඤභාගීය අධිකරණයක්හුගේ කිසියම් දේශලේශ මාත්‍රයක් ගෙන පරිජි ඇවතින් චෝදනා කළහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
Pali BJT10. සඞ්ඝභෙදකස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : රාජගහෙ පඤ්ඤත්තො.
Sinhala BJT10. තුන්යළ තාක් සමනුභාසනකම් කරණකල්හි (දෘෂ්ටිය) නොහරින සඞ්ඝභේදක මහණ පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: රජගහනුවරැදී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : දෙවදත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැයැ යත්: දෙව්දත් මහණහු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : දෙවදත්තො සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: දේවදත්ත මහණ සමගි සඞ්ඝයා බිඳුවීම පිණිස උත්සාහ කෙළේ ය, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT11. භෙදානුවත්තකානං{2} භික්ඛූනං යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තානං සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : රාජගහෙ පඤ්ඤත්තො.
Sinhala BJT11. තුන්යළ තාක් සමනුභාසනකම් කරණ කල්හි (දෘෂ්ටිය) නොහරින භේදානුවත්තක භික්‍ෂූන් පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: රජගහනුවර දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ යැ යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ දෙවදත්තස්ස සඞ්ඝභෙදාය පරක්කමන්තස්ස අනුවත්තකා අහෙසුං වග්ගවාදකා තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි ද යත්: ව්‍යග්‍රවාදී බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදය කිරීමට වෑයම් කරන දෙව්දත් මහණහට අනුවර්‍තකයෝ වූහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT12. දුබ්බචස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනා නප්පටිනිස්සජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : කොසම්බියං පඤ්ඤත්තො.
Sinhala BJT12. තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (දෘෂ්ටිය) නො හරින දුර්වච මහණහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: කොසඹෑනුවරැ දි පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං ඡන්නං ආරබ්භ.
Sinhala BJTකවරක්හු අරැබැ යැ යත්: ආයුෂ්මත් ඡන්න තෙරුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා ඡන්නො භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං අකාසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරහු භික්‍ෂූන් විසින් සකාරණයෙන් කියනු ලබන්නාහු තමා නො කියයුත්තනු කළහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
Pali BJT13. කුලදූසකස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
Sinhala BJT13. තුන්යළ තාක් සමනුභාසනකම් කරණකල්හි (දෘෂ්ටිය) නොහරින කුලදූෂක මහණහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබයැ යත්: අස්සජි පුනබ්බසුක භික්‍ෂූන් ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අස්සජිපුනබ්බසුකා භික්ඛූ සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතා භික්ඛූ ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: අස්සජි පුනබ්බසුක භික්‍ෂූහු සඞ්ඝයා විසින් සඟරමින් නෙරණකම් කරණ ලද්දාහු කාරක භික්‍ෂූන් ඡන්‍දගාමීත්‍වයෙන් ද්වේෂගාමීත්‍වයෙන් මෝහගාමිත්‍වයෙන් භයගාමිත්‍වයෙන් යුක්ත කළහ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJTතෙරස සඞ්ඝාදිසෙසා නිට්ඨිතා.
Sinhala BJTතෙළෙස් සඟවෙසෙස් නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවිසට්ඨි{1} කායසංසග්ගං - දුට්ඨුල්ලං අත්තකාමතං,{2} සඤ්චරිත්තං කුටී චෙව - විහාරො ච අමූලකං.
Sinhala BJTසුකුරුමිදීම ද කායසංසර්‍ගය ද දුට්ඨුල්ලය ද අත්තකාමපාරිචරිය ද සඤ්චරිත්තය ද කුටිකාරාපනය ද මහල්ලක විහාරය ද අමූලකය ද
Pali BJTකඤ්චි දෙසඤ්ච භෙදො ච - තස්සෙව{3} අනුවත්තකා, දුබ්බචං කුලදූසඤ්ච - සඞ්ඝාදිසෙසා තෙරසාති.
Sinhala BJTකිඤ්චිදේසය ද සඞ්ඝභේදය ද සඞ්ඝභෙදානුවත්තකය ද දුබ්බචය ද කුලසූසනය ද යන සඟවෙසෙස් තෙළෙස යි.
Pali BJT1. 3.
Sinhala BJT1. 3.
Pali BJTඅනියතකණ්ඩො
Sinhala BJTඅනියත කාණ්ඩය
Pali BJTයං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමො අනියතො කත්ථ පඤ්ඤත්තො -පෙ- කෙනාභතන්ති.
Sinhala BJTසිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පළමුවන අනියත සිකපදය කොතැන්හි පණවන ලද ද, ... කවරක්හු විසින් ගෙන එන ලද ද යත්:
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමො අනියතො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පළමුවන අනියත සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරම්භ.
Sinhala BJTකවරක්හු ඇරබැ යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායි මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො පටිච්ඡන්නෙ ආසනෙ අලංකම්මනියෙ නිසජ්ජං කප්පෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ හුදෙකලා වූයේ රහසිගත වූයේ හුදෙකලා වූ මාගමක හා මෛථූනසේවනයට යෝග්‍ය වූ පිළිසන් අස්නෙකැ හින, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඅත්ථි තත්ථ පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති, අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි.
Sinhala BJTඑහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
Pali BJTසබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථ පඤ්ඤත්ති.
Sinhala BJTසබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ.
Pali BJTසාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්තීති : අසාධාරණපඤ්ඤත්ති.
Sinhala BJTසාධාරණ පඤ්ඤත්ති අසාධාරණ පඤ්ඤත්ති ද යත්: අසාධාරණ පඤ්ඤත්ති යි.
Pali BJTඑකතො පඤ්ඤත්ති උභතො පඤ්ඤත්ති : එකතො පඤ්ඤත්ති.
Sinhala BJTඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි.
Pali BJTපඤ්චන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති : නිදානොගධං නිදානපරියාපන්නං.
Sinhala BJTපස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද, කොහි ඇතුළද් ද යත්: නිදානයෙහි පිහිටියේ යැ. නිදානයෙහි ඇතුළති.
Pali BJTකතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : චතුත්ථෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති.
Sinhala BJTකිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: සතරවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
Pali BJTචතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සියා සීලවිපත්ති, සියා ආචාරවිපත්ති.
Sinhala BJTසිවු වැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද යත්: කිසිවිටෙක සීල විපත්ති යැ. කිසිවිටෙක ආචාරවිපත්ති යි.
Pali BJTසත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : සියා පාරාජිකාපත්තික්ඛන්ධො, සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධො, සියා පාචිත්තියාපත්තික්ඛන්ධො.
Sinhala BJTසත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද යත්: කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධ යැ, කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධ යැ, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධ යි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී.
Pali BJTචතුන්නං අධිකරණානං කතමං අධිකරණන්ති : ආපත්තාධිකරණං.
Sinhala BJTසිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද යත්: ආපත්තාධි කරණ යැ.
Pali BJTසත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මතීති : තීහි සමථෙහි සම්මති : සියා සම්මුඛාවිනයෙන ච සියා පටිඤ්ඤාතකරණෙන ච සියා තිණවත්ථාරකෙන ච.
Sinhala BJTසත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: තුන් ශමථයෙන් සන්හිඳෙයි: කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද සන්හිඳේ.
Pali BJTකො තත්ථ විනයො කො තත්ථ අභිවිනයොති : පඤ්ඤත්තිවිනයො, විභත්ති අභිවිනයො.
Sinhala BJTඑහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද යත්: පඤ්ඤත්තිය විනය යැ, පදභාජනය අභිවිනය යි.
Pali BJTකිං තත්ථ පාතිමොක්ඛං කිං තත්ථ අධිපාතිමොක්ඛන්ති : පඤ්ඤත්ති පාතිමොක්ඛං, විභත්ති අධිපාතිමොක්ඛං.
Sinhala BJTඑහි ප්‍රාතිමෝක්‍ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිමයැ යත්: පඤ්ඤත්තිය ප්‍රාති මෝක්‍ෂයැ. පදභාජනය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
Pali BJTකා විපත්තීති : අසංවරො විපත්ති.
Sinhala BJTවිපත්ති කවර යත්: අසංවරය විපත්ති යි.
Pali BJTකා සම්පත්තීති : සංවරො සම්පත්ති.
Sinhala BJTසම්පත්ති කවර යත්: සංවරය සම්පත්ති යි.
Pali BJTකා පටිපත්තීති : න එවරූපං කරිස්සාමීති යාවජීවං ආපාණකොටිකං සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTප්‍රතිපත්ති කවර යත්: “දිවිහිම් කොට මෙබන්දක් නො කරන්නෙමි” යි දිවි පමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
Pali BJTකති අත්ථවසෙ පටිච්ච භගවතා පඨමො අනියතො පඤ්ඤත්තොති : දස අත්ථවසෙ පටිච්ච භගවතා පඨමො අනියතො පඤ්ඤත්තො : සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය, දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය අප්පසන්නානං පසාදාය, පසන්නානං භීයොභාවාය සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය.
Sinhala BJTකෙතෙක් කරුණු පිණිස භගවත්හු විසින් පළමු වන අනියතසිකපදය පණවන ලදයැ යත්: දස කරුණක් පිණිස භගවත්හු විසින් පළමුවන අනියත සිකපදය පණවන ලදි. සඞ්ඝයාගේ මනා බව පිණිස යැ, සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස යැ, දිටුදැමියෙහි වින්ද යුතු දුක්ගැහැට වැළැක්ම පිණිස යැ, පරලෙව්හි වින්ද යුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස යැ, පහන්වූවන් ගේ වැඩියක් පැහැදීම පිණිස යැ, තුන්සසුන්හි පැවැත්ම පිණිස යැ, විනයට අනුග්‍රහ පිණිස යි.
Pali BJTකෙ සික්ඛන්තීති : සෙඛා ච පුථුජ්ජනකල්යාණකා ච සික්ඛන්ති.
Sinhala BJTකවුරු හික්මෙද් ද යත්: ශෛක්‍ෂයෝ ද කලායාණපෘථග්ජනයෝ ද හික්මෙත්.
Pali BJTකෙ සික්ඛිතසික්ඛාති : අරහන්තො සික්ඛිතසික්ඛා.
Sinhala BJTකවුරු හික්මුණු සිඛ ඇතියෝ ද යත්: රහත්හු හික්මුණු සිඛ ඇතියෝ යි.
Pali BJTකත්ථ ඨිතන්ති : සික්ඛාකාමෙසු ඨිතං.
Sinhala BJTකවුරුන් කෙරෙහි පිහිටියේ ද යත්: ශික්‍ෂාකාමීන් කෙරෙහි පිහිටියේ යි.
Pali BJTකෙ ධාරෙන්තීති : යෙසං වත්තති තෙ ධාරෙන්ති.
Sinhala BJTකවුරු දරද්ද යත්: යම් කෙනකුන්ට විනය පෙළ අටුවා වනපොත් ද, ඔහු දරත්. කවුරුන්ගේ වචනයෙක් ද යත්: භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ වචන යි.
Pali BJTකස්ස වචනන්ති : භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTකවුරුන් විසින් ගෙන එන ලද ද යත්: පරපුරෙන් ගෙන එන ලදි.
Pali BJTකෙනාභතන්ති : පරම්පරාභතං, උපාලි දාසකො -පෙ- තම්බපණ්ණියාති.
Sinhala BJTඋපාලිස්ථවිරය, දාසකස්ථවිරය, ... තාම්‍රපර්ණී නම් වූ හෙළදිවැ පැවසූහ.
Pali BJT2. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දුතියො අනියතො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
Sinhala BJT2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දෙවැනි අනියත සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායි මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි යැ යත්: ආයුෂ්මත් උදායී මහණ එකලා වූයේ රහසිගත වූයේ එකලා වූ මාගමක හා හින, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඅත්ථි තත්ථ පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි.
Sinhala BJTඑහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
Pali BJTසබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථ පඤ්ඤත්ති.
Sinhala BJTසබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ.
Pali BJTසාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්තීති : අසාධාරණපඤ්ඤත්ති.
Sinhala BJTසාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යි.
Pali BJTඑකතො පඤ්ඤත්ති උභතො පඤ්ඤත්තීති : එකතො පඤ්ඤත්ති.
Sinhala BJTඒකතෝ පඤ්ඤත්ති උභතෝ පඤ්ඤත්ති ද යත්: ඒකතෝ පඤ්ඤත්ති යි.
Pali BJTපඤ්චන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති : නිදානොගධං නිදානපරියාපන්නං.
Sinhala BJTපස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද, කොහි ඇතුළත් ද යත්: නිදානයෙහි පිහිටියේ යැ. නිදානයෙහි ඇතුළති.
Pali BJTකතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : චතුත්ථෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති.
Sinhala BJTකිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: සතරවන උද්දේසයෙන් උදෙසීමට පැමිණෙයි.
Pali BJTචතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සියා සීලවිපත්ති, සියා ආචාරවිපත්ති.
Sinhala BJTසිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: කිසිවිටෙක සීල විපත්ති යැ. කිසිවිටෙක ආචාරවිපත්ති යි.
Pali BJTසත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධො, සියා පාචිත්තියාපත්තික්ඛන්ධො.
Sinhala BJTසත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද යත්: කිසිවිටෙක සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධ යැ, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධ යි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟී, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින්ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.