Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1801-1900 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. ආසන්දිං වා පල්ලඞ්කං වා පරිභුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරිභුඤ්ජති පයොගෙ දුක්කටං, පරිභුත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. දික් හඟලා පුටුවක් හෝ පලඟක් හෝ පරිභෝග කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පරිභෝග කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පරිභෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. සුත්තං කන්තන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : කන්තති පයොගෙ දුක්කටං. උජ්ජවුජ්ජවෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. හූ කටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හූ කටී නම් පියෝහි දුකුළා වෙයි, හූ වතෙක්හි හූ වතෙක්හි පචිති ඇවැත් වේ.
Pali BJT4. ගිහිවෙය්යාවච්චං කරොන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : කරොති පයොගෙ දුක්කටං. කතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. ගිහියනට මෙහෙවර කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: මෙහෙ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, මෙහෙ කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT5. භික්ඛුනියා “එහය්යෙ ඉමං අධිකරණං වූපසමෙහී”ති වුච්චමානා සාධූති පටිස්සුණිත්වා නෙව වූපසමෙන්තී න වූපසමාය උස්සුක්කං කරොන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT5. මෙහෙණක විසින් “එව ආර්‍ය්‍යාව, මේ අධිකරණය සන්හිඳුවන්නැ” යි කියනු ලබන්නී “මැනැවැ” යි පිළිගෙණ නො ම සන්හිඳුවන්නී සන්හිඳුවීමට උත්සාහ නො කරන්නී එක් ම පචිති ඇවැතට පැමිණේ.
Pali BJT6. අගාරිකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සහත්ථා ඛාදනීයං වා භොජනීයං වා දෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : දෙති, පයොගෙ දුක්කටං, දින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT7. ආවසථචීවරං අනිස්සජ්ජිත්වා පරිභුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරිභුඤ්ජති, පයොගෙ දුක්කටං. පරිභුත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. අවස් සිවුරක් නොදී පරිභෝග කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිබෝ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පරිභෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT8. ආවසථං අනිස්සජ්ජිත්වා චාරිකං පක්කමන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පඨමං පාදං පරික්ඛෙපං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස. දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. (දොර කවුළු තැබූ) සෙනස්නක් (රක්නා පිණිස) නොදී සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවැනි පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJT9. තිරච්ඡානවිජ්ජං පරියාපුණන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරියාපුණාති, පයොගෙ දුක්කටං. පදෙ පදෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. තිරශ්චීන විද්‍යාව පුහුණු කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පුහුණු කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
Pali BJT10. තිරච්ඡානවිජ්ජං වාචෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වාචෙති, පයොගෙ දුක්කටං, පදෙ පදෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. තිරශ්චීන විද්‍යාව හදාරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හදාරවා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
Pali BJTචිත්තාගාරවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වන චිත්‍රාගාර වර්‍ග යි.
Pali BJT4. 6.
Sinhala BJT4. 6.
Pali BJT1. ජානං සභික්ඛුකං ආරාමං අනාපුච්ඡා පවිසන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පඨමං පාදං පරික්ඛෙපං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස. දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. දැන දැන මහණුන් ඇති අරමකට නො පිළිවිස පිවිසෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJT2. භික්ඛුං අක්කොසන්තී පරිභාසන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : අක්කොසති පයොගෙ දුක්කටං, අක්කොසිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. මහණක්හට ආක්‍රෝශ කරණ අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ආක්‍රෝශ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, ආක්‍රෝශ කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. චණ්ඩිකතාය{1} ගණං පරිභාසන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරිභාසති පයොගෙ දුක්කටං. පරිභාසිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. සැඬ බැවින් මෙහෙණ ගණයාහට අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT4. නිමන්තිතා වා පවාරිතා වා ඛාදනීයං වා භොජනීයං වා භුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. නිමතන ලදුව හෝ පවරණ ලදුව හෝ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJT5. කුලං වා මච්ඡරායන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : මච්ඡරායති පයොගෙ දුක්කටං. මච්ඡරිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. කුල මසුරුබව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: මසුරුබව කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, මසුරුබව කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. අභික්ඛුකෙ ආවාසෙ වස්සං වසන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වස්සං වසිස්සාමීති සෙනාසනං පඤ්ඤපෙති, පානීයං පරිභොජනීයං උපට්ඨපෙති, පරිවෙණං සම්මජ්ජති, ආපත්ති දුක්කටස්ස. සහ අරුණුග්ගමනා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. මහණුන් නැති ආවාසයෙහි වස් වසන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වස් වසන්නෙමි” යි සෙනසුන් පණවා නම් පියයුතු පැන් හෝ පිරිබෝ දිය හෝ එළවා නම් පිරිවෙණ හෝ හමදී නම් දුකුළා ඇවැත් වෙයි, අරුණ නැඟීම සමග පචිති ඇවැත් වේ.
Pali BJT7. වස්සං වුත්ථා භික්ඛුනී උභතො සඞ්ඝෙ තීහි ඨානෙහි නප්පවාරෙන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT7. වස් විසූ මෙහෙණ මහණ මෙහෙණ දෙසඟුන් කෙරෙහි (දිට්ඨ-සුත-පරිසඞ්කිත යන) තුන් කරුණින් නො පවරන්නී එක් ම පචිති ඇවැතට පැමිණේ.
Pali BJT8. ඔවාදාය වා සංවාසාය වා න ගච්ඡන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT8. අවවාද අසනු පිණිස හෝ පොහෝ පවුරුණු විචාරණු පිණිස හෝ නො යන මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
Pali BJT9. උපොසථම්පි න පුච්ඡන්තී ඔවාදම්පි න යාචන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT9. පෙහෙවස් දිනය ද නො විචාරණ, අවවාදය ද නොම යදින මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
Pali BJT10. පසාඛෙ ජාතං ගණ්ඩං වා රුහිතං වා අනපලොකෙත්වා සඞ්ඝං වා ගණං වා පුරිසෙන සද්ධිං එකෙනෙකා භෙදාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : භෙදාපෙති පයොගෙ දුක්කටං. භෙදාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. යටිකය පෙදෙසෙහි හටගත් ගඬක් හෝ වණයක් හෝ මෙහෙණ සඟහු හෝ මෙහෙණ ගණයා හෝ නො පිළිවිස එකලා පුරුෂයක්හු හා සමග එකලාව බිඳුවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: බිඳුවා නම් පියෝහි දුකුළා වෙයි, බිඳවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJTආරාමවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවන ආරාම වර්‍ග යි.
Pali BJT4. 7.
Sinhala BJT4. 7.
Pali BJT1. ගබ්භිනිං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. ගැබිනියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT2. පායන්තිං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. කිරි පොවන්නිය උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති සික්මනුව උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT4. ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති, පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. මෙහෙණ සඟහු විසින් සම්මත කරණ ලද දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති සික්මනුව උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT5. ඌනද්වාදසවස්සං ගිහීගතං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. පුරුෂ සමාගමයට පැමිණි නො පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. පිරිපුන් දොළොස්වස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි නොහික්මුනු සිඛ ඇති පුරුෂ සමාගමයට පැමිණියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT7. පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. පිරිපුන් දොළොස් වස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලද පුරුෂ සමාගමයට පැමිණියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT8. සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හන්තී නානුග්ගණ්හාපෙන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT8. සද්ධිවිහාරිණිය උපසපන් කොට දෙ වසක් (උද්දේස දානාදීන්) සඞ්ග්‍රහ නො කරණ අනුන් ලවා ද සඞ්ග්‍රහ නො කරවන මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
Pali BJT9. වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානි නානුබන්ධන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT9. තමා උපසපන් කරවූ උපාද්ධ්‍යාය භික්‍ෂුණියට දෙවසක් උවැටන් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
Pali BJT10. සහජීවිනිං වුට්ඨාපෙත්වා නෙව වූපකාසෙන්තී න වූපකාසාපෙන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT10. සද්ධිවිහාරිණිය උපසපන් කරවා කැඳවා ගෙණ නො යන කැඳවා ගෙණ යනු පිණිස අනෙකක්හට නියෝග නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
Pali BJTගබ්භිනීවග්ගො සත්තමො.
Sinhala BJTසත්වන ගබ්භිනී වර්‍ග යි.
Pali BJT4. 8.
Sinhala BJT4. 8.
Pali BJT1. ඌනවීසතිවස්සං කුමාරීභූතං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. උනු විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT2. පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභූතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. පිරිපුන් විසිවස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි නොහික්මුනු සිඛ ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභූතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති. වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලද කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT4. ඌනද්වාදසවස්සා වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. උනු දොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT5. පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලදුව පිරිපුන් දොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. “අලං තාව තෙ අය්යෙ, වුට්ඨාපිතෙනා”ති වුච්චමානා සාධූති පටිස්සුණිත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඛීයති පයොගෙ දුක්කටං ඛීයිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. ආර්‍ය්‍යාව, තොපගේ උපසපන් කරවීමෙන් කම්නැතැයි කියනු ලබන්නී මැනැවැයි ගිවිස පසුව දොස් පහළ කරණ බවට පැමිණෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දොස් පහළ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, දොස් පහළ කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT7. සික්ඛමානං “සචෙ මෙ ත්වං අය්යෙ චීවරං දස්සසි, එවාහං තං වුට්ඨාපෙස්සාමී”ති වත්වා නෙව වුට්ඨාපෙන්තී න වුට්ඨාපනාය උස්සුක්කං කරොන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT7. ආර්‍ය්‍යාව, ඉදින් තෙපි මට සිවුරක් දෙන්නහු නම් එකල්හි මම තොප උපසපන් කරවමියි, හික්මනුවකට කියා නොම උපසපන් කරවන උපසපන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
Pali BJT8. සික්ඛමානං “සචෙ මං ත්වං අය්යෙ ද්වෙ වස්සානි අනුබන්ධිස්සසි, එවාහං තං වුට්ඨාපෙස්සාමී”ති වත්වා නෙව වුට්ඨාපෙන්තී න වුට්ඨාපනාය උස්සුක්කං කරොන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT8. ආර්‍ය්‍යාව ඉදින් තෙපි දෙවසක් මා අනුව වැටෙහු නම් එකල්හි මම තොප උපසපන් කරවන්නෙමියි, හික්මනුවකට කියා නො ම උපසපන් කරවන උපසපන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
Pali BJT9. පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිං සොකාවාසං සික්ඛමානං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. පිරිමින් හා එක් වූ කුමරුන් හා එක් වූ සැඬවූ ශෝක උපදවන සික්මනුවක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT10. මාතාපිතූහි වා සාමිකෙන වා අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. මා පියන් විසින් හෝ හිමියා විසින් හෝ නො අනුදත් සික්මනුවක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT11. පාරිවාසිකඡන්දදානෙ සික්ඛමානං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT11. පාරිවාසිකව්ඡන්‍දය දීමෙන් සික්මනුවක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT12. අනුවස්සං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT12. වසක් පාසා උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT13. එකං වස්සං ද්වෙ වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT13. එක් වසකට දෙදෙනකුන් උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJTකුමාරීභූතවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවන කුමාරීභූත වර්‍ග යි.
Pali BJT4. 9.
Sinhala BJT4. 9.
Pali BJT1. ඡත්තූපාහනං ධාරෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ධාරෙති පයොගෙ දුක්කටං. ධාරිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. කුඩ වහන් දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT2. යානෙන යායන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : යායති පයොගෙ දුක්කටං. යායිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. යානයෙන් යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් පියෝහි දුකුළා වෙයි, ගිය කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. සඞ්ඝාණිං ධාරෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ධාරෙති පයොගෙ දුක්කටං. ධාරිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. හිණ පළඳනාවක් දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT4. ඉත්ථාලඞ්කාරං ධාරෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ධාරෙති පයොගෙ දුක්කටං. ධාරිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. ඉතිරි අබරණ පළඳින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT5. ගන්ධවණ්ණකෙන නහායන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : නහායති පයොගෙ දුක්කටං. නහානපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. සුවඳින් පෑයෙන් යුතු උලනුයෙන් නහන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සැනහූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. වාසිතකෙන පිඤ්ඤාකෙන නහායන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : නහායති පයොගෙ දුක්කටං නහානපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. සුවඳ කවන ලද තලසුන්නෙන් නහන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සැනහූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT7. භික්ඛුනියා උම්මද්දාපෙන්තී පරිමද්දාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : උම්මද්දාපෙති පයොගෙ දුක්කටං. උම්මද්දිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. මෙහෙණක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT8. සික්ඛමානාය උම්මද්දාපෙන්තී පරිමද්දාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : උම්මද්දාපෙති පයොගෙ දුක්කටං. උම්මද්දිතෙ, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. සික්මනුවක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT9. සාමණෙරියා උම්මද්දාපෙන්තී පරිමද්දාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : උම්මද්දාපෙති පයොගෙ දුක්කටං. උම්මද්දිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. හෙරණියක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT10. ගිහිනියා උම්මද්දාපෙන්තී පරිමද්දාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : උම්මද්දාපෙති පයොගෙ දුක්කටං උම්මද්දිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. ගැහැණියක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT11. භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : නිසීදති පයොගෙ දුක්කටං, නිසින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT11. මහණක්හු ඉදිරියෙහි නො පිළිවිස ආසනයෙහි හිඳින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි; හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT12. අනොකාසං කතං භික්ඛුං පඤ්හං පුච්ඡන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පුච්ඡති පයොගෙ දුක්කටං. පුච්ඡිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT12. අවසර නො ලත් මහණක්හුගෙන් පැන පිළිවිසින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිවිසී නම් පියෝහි දුකුළා වෙයි, පුළුවුත් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT13. අසඞ්කච්චිකා ගාමං පවිසන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පඨමං පාදං පරික්ඛෙපං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස. දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT13. කිසිලිපටින් තොර වැ ගම්වදනා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඡත්තූපාහනවග්ගො නවමො.
Sinhala BJTනවවන ඡත්තුපාහන වර්‍ග යි.
Pali BJTනවවග්ගඛුද්දකා{1} නිට්ඨිතා.
Sinhala BJTනව වර්‍ග ක්‍ෂුද්‍රකයෝ නිමියහ.
Pali BJT2. 5.
Sinhala BJT2. 5.
Pali BJTපාටිදෙසනීය කණ්ඩො
Sinhala BJTපාටිදේසනීය කාණ්ඩය
Pali BJT1. සප්පිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති,{2} ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJT1. ගිතෙල් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
Pali BJT2. තෙලං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJT2. තලතෙල් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන් නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
Pali BJT3. මධුං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJT3. මී විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
Pali BJT4. ඵාණිතං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJT4. උක්සකුරු විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
Pali BJT5. මච්ඡං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJT5. දියමස් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
Pali BJT6. මංසං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJT6. ගොඩමස් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
Pali BJT7. ඛීරං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJT7. කිරි විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
Pali BJT8. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJT8. දිහි විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
Pali BJTඅට්ඨ පාටිදෙසනීයා නිට්ඨිතා.
Sinhala BJTඅට පිළිදෙස්නීහු නිමියහ.
Pali BJTකතාපත්තිවාරො නිට්ඨිතො දුතියො.
Sinhala BJTදෙවන කතාපත්තිවාරය නිමි.
Pali BJT3. විපත්තිවාරො
Sinhala BJT3. විපත්තිවාරය
Pali BJT1. අවස්සුතා භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තියා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : අවස්සුතාය භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තියා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං -පෙ-.
Sinhala BJT1. කාසසඟරායෙන් තෙත්වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාස සඟරායෙන් තෙත්වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත්ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හු ගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. ...
Pali BJT2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා ආපත්තියො චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජන්ති : ආචාරවිපත්තිං.
Sinhala BJT2. දිගි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් එක් මැ ආචාරවිපත්තිය බෙජෙත්.
Pali BJTවිපත්තිවාරො නිට්ඨිතො තතියො.
Sinhala BJTතෙවන විපත්තිවාරය නිමි.
Pali BJT4. සඞ්ගහවාරො
Sinhala BJT4. සඞ්ගහිතවාරය
Pali BJT1. අවස්සුතා භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තියා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : අවස්සුතාය භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තියා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං තීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන -පෙ-.
Sinhala BJT1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරා යෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසි විටෙක ථුල්ලවච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. ...
Pali BJT2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං ද්වීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාටිදෙසනීයාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන.
Sinhala BJT2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාටිදේසනීයා පත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්ති ස්කන්‍ධයෙන් දැයි දෙ ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ.
Pali BJTසඞ්ගහවාරො නිට්ඨිතො චතුත්ථො.
Sinhala BJTසිවුවන සඞ්ග්‍රහ වාරය නිමි.
Pali BJT5. සමුට්ඨානවාරො
Sinhala BJT5. සමුට්ඨානවාරය
Pali BJT1. අවස්සුතාය භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තියා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : අවස්සුතාය භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තියා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො -පෙ-
Sinhala BJT1. කා සසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත්වූ මෙහෙණ පිළිබඳ ඇවැත්නු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟිද්ද යත්: කාසසඟරායෙන් තෙත්වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත්වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයකින් නගිති: කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. ...
Pali BJT2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : සියා කායතො සමුට්ඨන්ති, න වාචතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨන්ති, න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති.
Sinhala BJT2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟිද්ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් සිවු සමුට්ඨානයකින් නගිති, කිසිවිටෙක කයින් නගිති, වචනයෙන් නො නගිති, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිතී, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්.
Pali BJTසමුට්ඨානවාරො නිට්ඨිතො පඤ්චමො.
Sinhala BJTපස්වන සමුට්ඨාන වාරය නිමි.
Pali BJT6. අධිකරණවාරො
Sinhala BJT6. අධිකරණවාරය
Pali BJT1. අවස්සුතා භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තියා ආපත්තියො චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : අවස්සුතාය භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තියා ආපත්තියො චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං -පෙ-.
Sinhala BJT1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. ...
Pali BJT2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා ආපත්තියො චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා ආපත්තියො චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං.
Sinhala BJT2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත් සිවු වැදෑරුම් අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි.
Pali BJTඅධිකරණවාරො නිට්ඨිතො ඡට්ඨො.
Sinhala BJTසවන අධිකරණ වාරය නිමි.
Pali BJT7. සමථවාරො
Sinhala BJT7. සමථවාරය
Pali BJT1. අවස්සුතාය භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තියා ආපත්තියො සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති : අවස්සුතාය භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තියා ආපත්තියො සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච -පෙ-
Sinhala BJT1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ “මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙද් ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය, ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසි විටෙක සම්මුඛා විනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
Pali BJT2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා ආපත්තියො සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා ආපත්තියො සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙද් ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයන් සන් හිඳෙත්.
Pali BJTසමථවාරො නිට්ඨිතො සත්තමො.
Sinhala BJTසත්වන සමථවාරය නිමි.
Pali BJT8. සමුච්චයවාරො
Sinhala BJT8. සමුච්වයවාරය
Pali BJT1. අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තී කති ආපත්තියො ආපජ්ජති : අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ගහණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලං ගහණං සාදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධං ගහණං සාදියති, ආපත්ති දුක්කටස්ස. අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තී ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT1. කාසසඟරායෙන් තෙත්වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හු ගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ තුන් ඇවැතකට පැමිණෙයි: අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ ගැණීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි. අකුඇටයෙන් උඩ දණ මඬලින් යට ගැණීම ඉවසා නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැඳියක් ගැණීම ඉවසා නම් දුකුළා ඇවැත් වේ. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ මේ තුන් ඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
Sinhala BJTඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්: