Pali BJT3. මධුං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා පාටිදෙසනීයං කත්ථ -පෙ- ඡබ්බග්ගියා භික්ඛුනියො මධුං විඤ්ඤාපෙත්වා භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-.
Sinhala BJT3. මී විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ මී විතවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති, සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
Pali BJT4. ඵාණිතං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා පාටිදෙසනීයං කත්ථ -පෙ- ඡබ්බග්ගියා භික්ඛුනියො ඵාණිතං විඤ්ඤාපෙත්වා භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-.
Sinhala BJT4. උක්සකුරු විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ උක් සකුරු විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
Pali BJT5. මච්ඡං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා පාටිදෙසනීයං කත්ථ -පෙ- ඡබ්බග්ගියා භික්ඛුනියො මච්ඡං විඤ්ඤාපෙත්වා භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-.
Sinhala BJT5. දිය මස් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ දියමස් විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
Pali BJT6. මංසං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා පාටිදෙසනීයං කත්ථ -පෙ- ඡබ්බග්ගියා භික්ඛුනියො. මංසං විඤ්ඤාපෙත්වා භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-.
Sinhala BJT6. ගොඩමස් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ ගොඩමස් විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
Pali BJT7. ඛීරං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා පාටිදෙසනීයං කත්ථ -පෙ- ඡබ්බග්ගියා භික්ඛුනියො ඛීරං විඤ්ඤාපෙත්වා භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-.
Sinhala BJT7. කිරි විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ කිරි විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ....
Pali BJT8. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා පාටිදෙසනීයං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJT8. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණෝ ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ දිහි විනවා වැළඳුහ. ඒ වස්තු යෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨාති, සියා කායතො සමුට්ඨාති, න වාචතො. න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨාති, න චිත්තතො, සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-.
Sinhala BJTපඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. කිසිවිටෙක කයින් නඟී. වචනයෙන් නොනඟී. සිතින් නොනඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟී, සිතින් නොනඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟී. වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJTඅට්ඨ පාටිදෙසනීයා නිට්ඨිතා.
Sinhala BJTඅට පිළිදෙස්නීහු නිමියහ.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි වස්තුනාමාවලිය:
Pali BJTසප්පිං තෙලං මධුඤ්චෙව ඵාණිතං මච්ඡමෙව ච, මංසං ඛීරං දධිඤ්චාපි විඤ්ඤාපෙත්වාන භික්ඛුනී, පාටිදෙසනීයා අට්ඨ සම්බුද්ධෙන පකාසිතාති.{1}
Sinhala BJTසප්පි යැ, තෙල යැ, මධු යැ, ඵාණිත යැ, මච්ඡ යැ, මංස යැ, ඛීර යැ, දධි යැ, යි විනවැ ගැනීමෙන් (නඟින) මෙහෙණ පිළිබඳ පිළිදෙස්නී අට සිඛයෝ සම්බුද්ධයන් වහන්සේ විසින් පවසන ලදහ.
Pali BJTයෙ සික්ඛාපදා භික්ඛුවිභඞ්ගෙ විත්ථාරිතා තෙ සංඛිත්තා{2} භික්ඛුනී විභඞ්ගෙ.
Sinhala BJTභික්‍ෂු විභඞ්ගයෙහි යම් ශික්‍ෂාපද කෙනෙක් විස්තර කරණ ලද්දාහු ද, ඒ ශික්‍ෂාපදයෝ භික්‍ෂුණි විභඞ්ගයෙහි සංක්‍ෂිප්තයහ.
Pali BJTකත්ථ පඤ්ඤත්තිවාරො නිට්ඨිතො පඨමො.
Sinhala BJTපළමුවන කත්‍ථපඤ්ඤත්තිවාරය නිමියේ යි.
Pali BJT2. කතාපත්තිවාරො
Sinhala BJT2. කතාපත්තිවාරය
Pali BJT2. 1.
Sinhala BJT2. 1.
Pali BJTපාරාජික කණ්ඩො
Sinhala BJTපාරාජික කාණ්ඩය
Pali BJT1. අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තී කති ආපත්තියො ආපජ්ජති : අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ගහණං සාදියති ආපත්ති පාරාජිකස්ස. උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලං ගහණං සාදියති ආපත්ති ථුල්ලච්චයස්ස, කායපටිබද්ධගහණං සාදියති, ආපත්ති දුක්කටස්ස. අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියන්තී ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT1. කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක් හුගේ කාසසඟය ඉවසන්නී කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හු ගේ කාසසඟය ඉවසන්නී තුන් ඇවැතකට පැමිණෙයි: අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ ගැණීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, අකු ඇටයෙන් උඩ දණ මඬලෙන් යට ගැණීම ඉවසා නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැඳියක් ගැණීම ඉවසා නම් දුකුළා ඇවැත් වේ. කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන්නී මේ තුන් ඇවැතට පැමිණේ.
Pali BJT2. වජ්ජප්පටිච්ඡාදිකා භික්ඛුනී වජ්ජං පටිච්ඡාදෙන්තී කති ආපත්තියො ආපජ්ජති : වජ්ජප්පටිච්ඡාදිකා භික්ඛුනී වජ්ජං පටිච්ඡාදෙන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ජානං පාරාජිකං ධම්මං පටිච්ඡාදෙති, ආපත්ති පාරාජිකස්ස; වෙමතිකා පටිච්ඡාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ආචාරවිපත්තිං පටිච්ඡාදෙති, ආපත්ති දුක්කටස්ස. වජ්ජප්පටිච්ඡාදිකා භික්ඛුනී වජ්ජං පටිච්ඡාදෙන්තී ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT2. වරද වසන මෙහෙණ වරද වසන්නී කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: වරද වසන මෙහෙණ වරද වසන්නී තුන් ඇවැතකට පැමිණෙයි: දැන දැන පරිජි ඇවැත වසා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇතියා වසා නම් ථුලැසි ඇවැත් වෙයි, ආචාරවිපත්තිය වසා නම් දුකුළා ඇවැත් වේ. වරද වසන මෙහෙණ වරද වසන්නී මේ තුන් ඇවැතට පැමිණේ.
Pali BJT3. උක්ඛිත්තානුවත්තිකා භික්ඛුනී යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තී කති ආපත්තියො ආපජ්ජති : උක්ඛිත්තානුවත්තිකා භික්ඛුනී යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයං කම්මවාචාපරියොසානෙ ආපත්ති පාරාජිකස්ස. උක්ඛිත්තානුවත්තිකා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තී ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT3. උඛෙව්නීකම් කරණු ලැබූ මහණහු අනුවැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමනුභාසනකම් කළ කල්හි එය නොහරින්නී කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: උඛෙව්නීකම් කරණු ලැබූ මහණහු අනුවැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමානුභාසන කම් කළ කල්හි එය අත්නොහරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති. කම්වදන් අවසන්හි පරිජි ඇවැත් වේ. උඛෙව්නීකම් කරණු ලැබූ මහණහු අනුවැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමානුභාසනකම් කළ කල්හි එය නො හරින්නී මේ තුන් ඇවැතට පැමිණේ.
Pali BJT4. අට්ඨමං වත්ථුං පරිපූරෙන්තී කති ආපත්තියො ආපජ්ජති : අට්ඨමං වත්ථුං පරිපූරෙන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : “පුරිසෙන ඉත්ථන්නාමං ඔකාසං ආගච්ඡා”ති වුත්තා ගච්ඡති, ආපත්ති දුක්කටස්ස. පුරිසස්ස හත්ථපාසං ඔක්කන්තමත්තෙ ආපත්ති ථුල්ලච්චයස්ස. අට්ඨමං වත්ථුං පරිපූරෙති ආපත්ති පාරාජිකස්ස. අට්ඨමං වත්ථුං පරිපූරෙන්තී ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT4. අෂ්ටම වස්තුව සම්පූර්‍ණ කරන්නී කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අෂ්ටම වස්තුව සම්පූර්‍ණ කරන්නී තුන් ඇවැතකට පැමිණෙයි: පුරුෂයකු විසින් මෙනම් තැනට එවයි කියන ලද්දී යේ නම් දුකුළා ඇවැත් වෙයි. පුරුෂයක්හුගේ අත්පසට පැමිණි කල්හි ථුලැසි ඇවැත් වෙයි, කය එළවීම් සඞ්ඛ්‍යාත අෂ්ටම වස්තුව සම්පූර්‍ණ කෙරේ නම් පරිජි ඇවැත් වේ. අෂ්ටම වස්තුව සම්පූර්‍ණ කරණ මෙහෙණ මේ තුන් ඇවැතට පැමිණේ.
Pali BJTපාරාජිකා නිට්ඨිතා.
Sinhala BJTපරිජි නිමි.
Pali BJT2. 2.
Sinhala BJT2. 2.
Pali BJTසඞ්ඝාදිසෙස කණ්ඩො
Sinhala BJTසඞ්ඝාදිශේෂ කාණ්ඩය
Pali BJT1. උස්සයවාදිකා භික්ඛුනී අට්ටං කරොන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : එකස්ස ආරොචෙති, ආපත්ති දුක්කටස්ස. දුතියස්ස ආරොචෙති, ආපත්ති ථුල්ලච්චයස්ස; අට්ටපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.{1}
Sinhala BJT1. විවාද කරණ මෙහෙණ අධිකරණ කරන්නී තුන් ඇවැතකට පැමිණෙයි: එකක්හට සැළ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, දෙවැන්නක් හට සැළ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි. අධිකරණය අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT2. චොරිං වුට්ඨාපෙන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයං. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT2. සෙරක උපසපන් කරණ මෙහෙණ තුන් ඇවතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT3. එකා ගාමන්තරං ගච්ඡන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ගච්ඡති ආපත්ති දුක්කටස්ස. පඨමං පාදං පරික්ඛෙපං අතික්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං අතික්කාමෙති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT3. එකලාව අන් ගමකට යන්නී තුන් ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි. පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් ථුලැසි ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT4. සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයං කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT4. සමග සඟහු විසින් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙව්නීකම් කළ මෙහෙණකට කාරකසඞ්ඝයා නොපිළිවිස ගණයාගේ අදහස නො දැන ඔසාරණකම් කරන්නී තුන් ඇවතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම් වදන් අවසන්හි සඟ වෙසෙස් ඇවැත් වේ.
Pali BJT5. අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති ථුල්ලච්චයස්ස; අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස; උදකදන්තපොණං පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT5. මෙවුන්දම් රායෙන් තෙත් වූ මෙහෙණ මෙවුන්දම් රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳන්නී තුන් ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි වළඳන්නෙමි” යි පිළිගණී නම් ථුලැසි ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි සඟ වෙසෙස් ඇවැත් වෙයි. දිය හා දැහැටි පිළිගණී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT6. “කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා, තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වා”ති උය්යොජෙන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : තස්සා වචනෙන ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පටිග්ගණ්හාති,{1} ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති ථුල්ලච්චයස්ස භොජනපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT6. “ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ මෙවුන්රාගයෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තිට කුමක් කෙරේද, යම් හෙයකින් තෝ මෙවුන්රාගයෙන් නො තෙත් වූයෙහි ද එබැවින් ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ තිට යම් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ දේ නම් තෝ එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව” හෝ යි මෙහෙයවන්නී තුන් ඇවැතකට පැමිණෙයි. ඇය ගේ වචනයෙන් “කන්නෙමි වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි ථුලැසි ඇවැත් වෙයි, වළඳා අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT7. කුපිතා භික්ඛුනී යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT7. කිපියාවූ මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙ: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT8. කිස්මිචිදෙව අධිකරණෙ පච්චාකතා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයං. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT8. කිසියම් අධිකරණයෙක්හි පැරැදවූ මෙහෙණ තුන්යළතෙක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවහීන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT9. සංසට්ඨා භික්ඛුනියො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තියො තිස්සො ආපත්තියො ආපජ්ජන්ති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT9. ගිහි මිනිසුන් හා එක්වූ තුන් යළ තාක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරනාවූ මෙහෙණහු තුන් ඇවැතකට පැමිණෙති: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT10. “සංසට්ඨාවය්යෙ, තුම්හෙ විහරථ. මා තුම්හෙ නානා විහරිත්ථා”ති උය්යොජෙන්තී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයං කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT10. “ආර්‍ය්‍යාවෙනි, තෙපි ගිහි මිනිසුන් හා එක්ව ම වාසය කරවු, තෙපි වෙන්ව නො වසවු” කියා මෙහෙයවන මෙහෙණ තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTසඞ්ඝාදිසෙසා නිට්ඨිතා.
Sinhala BJTසඟවෙසෙස් නිමි.
Pali BJT2. 3.
Sinhala BJT2. 3.
Pali BJTනිස්සග්ගිය කණ්ඩො
Sinhala BJTනිස්සග්ගිය කාණ්ඩය
Pali BJT1. පත්තසන්නිචයං කරොන්තී එකං ආපත්තිං ආපජ්ජති : නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT1. (නො ඉටා නො විකපා) පාත්‍ර රැස්කොට තබන මෙහෙණ එක්ම නිසඟිපචිති ඇවතට පැමිණේ.
Pali BJT2. අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : භාජාපෙති, පයොගෙ දුක්කටං, භාජාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT2. අකාලචීවරයක් කාලචීවරයයි ඉටා බෙදවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: බෙදවා නම් පියෝහි දුකුළා වෙයි, බෙදවූ කල්හි නිසඟි පචිති වේ.
Pali BJT3. භික්ඛුනියා සද්ධිං චීවරං පරිවත්තෙත්වා අච්ඡින්දන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : අච්ඡින්දති, පයොගෙ දුක්කටං, අච්ඡින්නෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT3. මෙහෙණක හා සමග සිවුරක් පෙරැළිකොට ගෙණ (පසුව) අසිඳගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අසිඳ ගණී නම් පියෝහි දුකුළා වෙයි, අසිඳ ගත්කල්හි නිසඟි පචිති වේ.
Pali BJT4. අඤ්ඤං විඤ්ඤාපෙත්වා අඤ්ඤං විඤ්ඤාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : විඤ්ඤාපෙති, පයොගෙ දුක්කටං, විඤ්ඤාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT4. අනෙකක් විනවා අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
Pali BJT5. අඤ්ඤං චෙතාපෙත්වා අඤ්ඤං චෙතාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : චෙතාපෙති, පයොගෙ දුක්කටං, චෙතාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT5. අනෙකක් දන්වා (එය තබා) අනෙකක් දන්වන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: දන්වා නම් පියෝහි දුකුළා වෙයි, දැන්වූ කල්හි නිසඟි පචිති වේ.
Pali BJT6. අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන අඤ්ඤං චෙතාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : චෙතාපෙති, පයොගෙ දුක්කටං, චෙතාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT6. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
Pali BJT7. අඤ්ඤදත්ථිකෙ පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : චෙතාපෙති, පයොගෙ දුක්කටං, චෙතාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT7. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
Pali BJT8. අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන අඤ්ඤං චෙතාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : චෙතාපෙති, පයොගෙ දුක්කටං, චෙතාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT8. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
Pali BJT9. අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : චෙතාපෙති, පයොගෙ දුක්කටං, චෙතාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT9. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
Pali BJT10. අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙ පුග්ගලිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : චෙතාපෙති, පයොගෙ දුක්කටං, චෙතාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT10. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් පුඟුල් සතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
Pali BJT11. අතිරෙකචතුක්කංසපරමං ගරුපාපුරණං චෙතාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : චෙතාපෙති, පයොගෙ දුක්කටං, චෙතාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT11. සොළොස් කහවණුවකට වඩා අගනා (ශීත කාලයෙහි පොරෝණා) ගරු පාපුරණයක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
Pali BJT12. අතිරෙකඅඩ්ඪතෙය්යකංසපරමං ලහුපාපුරණං චෙතාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : චෙතාපෙති, පයොගෙ දුක්කටං, චෙතාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT12. කහවණු දසයකට වඩා අගනා (උෂ්ණ කාලයෙහි පොරෝණා) ලුහු පාපුරණයක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
Pali BJTනිස්සග්ගියා පාචිත්තියා නිට්ඨිතා.
Sinhala BJTනිසඟි පචිති නිමි.
Pali BJT2. 4.
Sinhala BJT2. 4.
Pali BJTපාචිත්තිය කණ්ඩො
Sinhala BJTපාචිත්තිය කාණ්ඩය
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
Pali BJT1. ලසුණං ඛාදන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඛාදිස්සාමීති පටිගණ්හාති{1} ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. අමු සුදුලුහුණු අනුභව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “අනුභව කරන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJT2. සම්බාධෙ ලොමං සංහරාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : සංහරාපෙති පයොගෙ දුක්කටං. සංහරාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. සම්බාධ ස්ථානයෙහි ලොම් බැහැර කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: බැහැර කරවා නම් පියෝහි දුකුළාවෙයි, බැහැර කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. තලඝාතකං කරොන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : කරොති, පයොගෙ දුක්කටං. කතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. තලඝාතනය කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT4. ජතුමට්ටකං ආදියන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ආදියති, පයොගෙ දුක්කටං. ආදියිතෙ{2} ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. ජතුමට්ටකය (ලහමට) ගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT5. අතිරෙකද්වඞ්ගුලපබ්බපරමං උදකසුද්ධිකං ආදියන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ආදියති, පයොගෙ දුක්කටං. ආදින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. අයිරා දැඟුල් පුරුකකට වඩා උදකශුද්ධිය ගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. භික්ඛුස්ස භුඤ්ජන්තස්ස පානීයෙන වා විධූපනෙන වා උපතිට්ඨන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : හත්ථපාසෙ තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස. හත්ථපාසං විජහිත්වා තිට්ඨති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT6. වළඳන මහණක්හට පැනින් හෝ විජිනියෙන් හෝ උවැටන් කරමින් සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT7. ආමකධඤ්ඤං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. අමු ධාන්‍ය විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: වළඳන්නෙමියි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJT8. උච්චාරං වා පස්සාවං වා සඞ්කාරං වා විඝාසං වා තිරොකුඩ්ඩෙ වා තිරොපාකාරෙ වා ඡඩ්ඩෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඡඩ්ඩෙති පයොගෙ දුක්කටං. ඡඩ්ඩිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ භිත්තියෙන් පිටත හෝ පවුරෙන් පිටත හෝ දමන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දමා නම් පියෝහි දුකුළා වෙයි, දැමූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT9. උච්චාරං වා පස්සාවං වා සඞ්කාරං වා විඝාසං වා හරිතෙ ඡඩ්ඩෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඡඩ්ඩෙති පයොගෙ දුක්කටං. ඡඩ්ඩිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ නිල් තණ බිමෙකැ දමන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දමා නම් පියෝහි දුකුළා වෙයි, දැමූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT10. නච්චං වා ගීතං වා වාදිතං වා දස්සනාය ගච්ඡන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ගච්ඡති, ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතා පස්සති වා සුණාති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. නටනු හෝ ගයනු හෝ වයනු හෝ දක්නා පිණිස යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙක සිටියා බලා නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTලසුණවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන ලසුණ වර්‍ග යි.
Pali BJT4. 2.
Sinhala BJT4. 2.
Pali BJT1. රත්තන්ධකාරෙ අප්පදීපෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : හත්ථපාසෙ තිට්ඨති, ආපත්ති පාචිත්තියස්ස. හත්ථපාසං විජහිත්වා තිට්ඨති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT1. පහන් නැති රෑ අඳුරෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙත සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT2. පටිච්ඡන්නෙ ඔකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : හත්ථපාසෙ තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස. හත්ථපාසං විජහිත්වා තිට්ඨති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. පිළිසන් පියෙසෙක්හි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා ව වෙත සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. අජ්ඣොකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : හත්ථපාසෙ තිට්ඨති, ආපත්ති පාචිත්තියස්ස. හත්ථපාසං විජහිත්වා තිට්ඨති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. එළිමහනෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙත සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT4. රථියා වා බ්යූහෙ වා සිඞ්ඝාටකෙ වා පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : හත්ථපාසෙ තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස. හත්ථපාසං විජහිත්වා තිට්ඨති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT4. වීථියෙහි හෝ විනිවිද නො ගිය කුඩා වීථියෙහි හෝ සතර මංසන්‍ධියෙහි හෝ එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙත සිටින මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටි නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT5. පුරෙභත්තං කුලානි උපසඞ්කමිත්වා ආසනෙ නිසීදිත්වා සාමිකෙ අනාපුච්ඡා පක්කමන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පඨමං පාදං අනොවස්සකං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස. දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. පෙරැබත්හි කුලයන් කරා එළඹ ආසනයෙහි හිඳ හිමියන් නො පිළිවිස බැහැර යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර අගුව ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJT6. පච්ඡාභත්තං කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා ආසනෙ නිසීදන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : නිසීදති පයොගෙ දුක්කටං. නිසින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. පසුබත්හි කුලයන් කරා එළඹ හිමියන් නො පිළිවිස ආසනයෙහි හිඳිනා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT7. විකාලෙ කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා සෙය්යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා අභිනිසීදන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : අභිනිසීදති පයොගෙ දුක්කටං, අභිනිසින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. විකාලයෙහි කුලයන්ට එළඹ හිමියන් නොපිළිවිස ශය්‍යාවක් අතුට හෝ අතුරුවා හෝ හිඳින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT8. දුග්ගහිතෙන දූපධාරිතෙන පරං උජ්ඣාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : උජ්ඣාපෙති පයොගෙ දුක්කටං. උජ්ඣාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. නපුරු කොට ගැණීමෙන් නපුරු කොට දැකීමෙන් මෙරමාහට අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT9. අත්තානං වා පරං වා නිරයෙන වා බ්රහ්මචරියෙන වා අභිසපන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : අභිසපති පයොගෙ දුක්කටං. අභිසපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. තමාට හෝ අන් උපසපන් මෙහෙණකට හෝ නිරයෙන් හෝ බඹසරින් හෝ සාපකරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: සාප කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, සාප කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT10. අත්තානං වධිත්වා වධිත්වා රොදන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වධති රොදති ආපත්ති පාචිත්තියස්ස. වධති න රොදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT10. තමන් වෙර පැහැර පැහැරැ හඬන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පහරා නම් හඬා නම් පචිති ඇවැත් වෙයි, පහරා නම් නො හඬා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTරත්තන්ධකාරවග්ගො දුතියො.
Sinhala BJTදෙවන රත්තන්‍ධකාර වර්‍ග යි.
Pali BJT4. 3.
Sinhala BJT4. 3.
Pali BJT1. නග්ගා නහායන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : නහායති පයොගෙ දුක්කටං. නහානපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. නග්න වැ නහන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සනහා අවසන්හි පචිති ඇවැත් වේ.
Pali BJT2. පමාණාතික්කන්තං උදකසාටිකං කාරාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : කාරාපෙති පයොගෙ දුක්කටං. කාරාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. පමණ ඉක්මවූ දියසළුව කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. භික්ඛුනියා චීවරං විසිබ්බෙත්වා වා විසිබ්බාපෙත්වා වා නෙව සිබ්බෙන්තී න සිබ්බාපනාය උස්සුක්කං කරොන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT3. මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හැර හෝ ගෙත්තම් හරවා හෝ නො ම ගෙත්තම් කරණ ගෙත්තම් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
Pali BJT4. පඤ්චාහිකං සඞ්ඝාටිචාරං{1} අතික්කාමෙන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT4. පස් දවසක් පිරිබෝ කිරීම් විසින් හෝ අවුගැස්සීම් විසින් හෝ සිවුරු පෙරැළිම ඉක්මවන මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
Pali BJT5. චීවරසඞ්කමනීයං ධාරෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ධාරෙති පයොගෙ දුක්කටං. ධාරිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. පෙරළා දියයුතු සිවුර දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි. දැරූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. ගණස්ස චීවරලාභං අන්තරායං කරොන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : කරොති පයොගෙ දුක්කටං. කතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. මෙහෙණ ගණයාගේ චීවරලාභයට අනතුරු කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අනතුරු කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අනතුරු කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT7. ධම්මිකං චීවරවිභඞ්ගං පටිබාහන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පටිබාහති පයොගෙ දුක්කටං. පටිබාහිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. දැහැමි සිවුරු බෙදීම වළකන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: වළකා නම් පියෝහි දුකුළා වෙයි, වැළකූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT8. අගාරිකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සමණචීවරං දෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : දෙති පයොගෙ දුක්කටං. දින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ ශ්‍රමණ සිවුරක් දෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT9. දුබ්බලචීවරපච්චාසාය චීවරකාලසමයං අතික්කාමෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : අතික්කාමෙති පයොගෙ දුක්කටං. අතික්කාමිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. දුර්‍වල වූ චිවරාශායෙන් චීවරකාලසමය ඉක්මවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ඉක්මවා නම් පියෝහි දුකුළා වෙයි, ඉක්ම වූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT10. ධම්මිකං කඨිනුද්ධාරං පටිබාහන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පටිබාහති පයොගෙ දුක්කටං. පටිබාහිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. දැහැමි කෙළින් සිවුර ඉදිරීම වළකන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: වළකා නම් පියෝහි දුකුළා වෙයි, වැළකූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJTනහානවග්ගො තතියො.
Sinhala BJTතෙවන නහාන වර්‍ග යි.
Pali BJT4. 4.
Sinhala BJT4. 4.
Pali BJT1. ද්වෙ භික්ඛුනියො එකමඤ්චෙ තුවට්ටෙන්තියො ද්වෙ ආපත්තියො ආපජ්ජන්ති : නිපජ්ජන්ති පයොගෙ දුක්කටං. නිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. මෙහෙණ දෙනමක් එක් ඇඳෙකැ හෝනාහු නම් දෙ ඇවැතකට පැමිණෙති: හොවිත් නම් පියෝහි දුකුළා වෙයි, හොත් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT2. ද්වෙ භික්ඛුනියො එකත්ථරණපාපුරණා තුවට්ටෙන්තියො ද්වෙ ආපත්තියො ආපජ්ජන්ති : නිපජ්ජන්ති පයොගෙ දුක්කටං. නිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. මෙහෙණ දෙනමක් එකක් ම ඇතිරීම් පෙරැවීම් කොට ඇති වැ හෝනාහු නම් දෙ ඇවැතකට පැමිණෙති: හොවිත් නම් පියෝහි දුකුළා වෙයි, හොත් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. භික්ඛුනියා සඤ්චිච්ච අඵාසුං කරොන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : කරොති පයොගෙ දුක්කටං. කතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. දැන දැන මෙහෙණක්හට අපහසුබව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අපහසුබව කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අපහසුබව කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT4. දුක්ඛිතං සහජීවිනිං නෙව උපට්ඨහන්තී න උපට්ඨාපනාය උස්සුක්කං කරොන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT4. ගිලන් වූ සද්ධිවිහාරිණියකට නො ම උවැටන් කරණ උවැටන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවතට පැමිණේ.
Pali BJT5. භික්ඛුනියා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : නික්කඩ්ඪති පයොගෙ දුක්කටං. නික්කඩ්ඪිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. මෙහෙණක්හට නිවහනක් දී කිපියා නො සතුටුසිත් ඇත්තී (ඇය) ඉන් බැහැර කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: බැහැර කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, බැහැර කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. සංසට්ඨා භික්ඛුනී යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. කම්මවාචාපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි නො හරිණ ගිහිසසඟ ඇති මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, කම්වදන් අවසන්හි පචිති ඇවැත් වේ.
Pali BJT7. අන්තොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකා චාරිකං චරන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පටිපජ්ජති පයොගෙ දුක්කටං. පටිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. සැක සහිත යැයි දන්නා ලද ප්‍රතිභය සහිත වූ තමා වසන රට තුළ සත්‍වාවන් නැති වැ සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT8. තිරොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකා චාරිකං චරන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පටිපජ්ජති පයොගෙ දුක්කටං. පටිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. සැකසහිත යැයි දන්නා ලද ප්‍රතිභය සහිත වූ අන් රටෙක සත්‍වාවන් නැති වැ සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT9. අන්තොවස්සං චාරිකං චරන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : පටිපජ්ජති පයොගෙ දුක්කටං. පටිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. වස් කාලය තුළ සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT10. වස්සං වුත්ථා භික්ඛුනී චාරිකං න පක්කමන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT10. වුසූ වස් ඇති මෙහෙණ සැරිසැරීමට නො යන්නී එක් ම පචිති ඇවැතට පැමිණේ.
Pali BJTතුවට්ටවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවන තුවට්ට වර්‍ග යි.
Pali BJT4. 5.
Sinhala BJT4. 5.
Pali BJT1. රාජාගාරං වා චිත්තාගාරං වා ආරාමං වා උය්යානං වා පොක්ඛරණිං වා දස්සනාය ගච්ඡන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ගච්ඡති පයොගෙ දුක්කටං. යත්ථ ඨිතා{1} පස්සති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. රජුගේ ක්‍රිඩාගාරයක් හෝ චිත්‍රාගාරයක් හෝ උපවනයක් හෝ ක්‍රිඩොද්‍යානයක් හෝ ක්‍රීඩා පුෂ්කරීණියක් හෝ දක්නට යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, යම් තැනෙක සිටියා බලා නම් පචිති ඇවැත් වේ.