Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1601-1700 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT9. දුබ්බලචීවරපච්චාසාය චීවරකාලසමයං අතික්කාමෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී දුබ්බලචීවරපච්චාසාය චීවරකාලසමයං අතික්කාමෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT9. දුර්‍වල වූ චීවරාසායෙන් චීවරකාලසමය ඉක්මවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දුර්‍වල වූ චීවරාසායෙන් චීවරකාලසමය ඉක්මවූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT10. ධම්මිකං කඨිනුද්ධාරං පටිබාහන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී ධම්මිකං කඨිනුද්ධාරං පටිබාහි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT10. දැහැමි කෙළින් සිවුර ඉදිරීම වළකන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දැහැමි කෙළින් සිවුර ඉදිරීම වැළකු. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: …
Pali BJTනහානවග්ගො තතියො.
Sinhala BJTතුන්වන නහාන වර්‍ග යි.
Pali BJT4. 4.
Sinhala BJT4. 4.
Pali BJT1. ද්වින්නං භික්ඛුනීනං එකමඤ්චෙ තුවට්ටෙන්තීනං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො ද්වෙ එකමඤ්චෙ තුවට්ටෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-
Sinhala BJT1. එක් හැඳෙහි හොවින මෙහෙණන් දෙනමක් පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු දෙනම දෙනම එක ඇඳෙහි ශයනය කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි. …
Pali BJT2. ද්වින්නං භික්ඛුනීනං එකත්ථරණපාවුරණෙ තුවට්ටෙන්තීනං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො ද්වෙ එකත්ථරණපාවුරණා තුවට්ටෙසුං. තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-
Sinhala BJT2. එක් ම ඇතිරි පොරෝනා ඇති යහන්හි හෝනා මෙහෙණන් දෙනමක් පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු දෙනම දෙනම එක් ම ඇතිරී පොරෝනා, ඇති යහන්හි ශයනය කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. …
Pali BJT3. භික්ඛුනියා සඤ්චිච්ච අඵාසුං කරොන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී භික්ඛුනියා සඤ්චිච්ච අඵාසුං අකාසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT3. දැන දැන මෙහෙණක්හට නො පහසුබව කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණක්හට දැන දැන නො පහසුබව කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT4. දුක්ඛිතං සහජීවිනිං නෙව උපට්ඨෙන්තියා න උපට්ඨාපනාය උස්සුක්කං කරොන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං
Sinhala BJT4. ගිලන් වූ සද්ධිවිහාරිණියකට නො ම උවැටන් කරණ උවැටන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය.
Pali BJTවත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී දුක්ඛිතං සහජීවිනිං නෙව උපට්ඨෙසි. න උපට්ඨාපනාය උස්සුක්කං අකාසි. තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJTකිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ගිලන් වූ සද්ධිවිහාරිණියකට නො ම උවැටන් කළා යැ, උවැටන් කරවීමට වෑයම් ද නො කළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT5. භික්ඛුනියා උපස්සයං දත්වා කුපිතා අනත්තමනාය නික්කඩ්ඪන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී භික්ඛුනියා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති.
Sinhala BJT5. මෙහෙණක්හට නිවහනක් දී කිපී නො සතුටු සිත් ඇතිවැ (ඇය) ඉන් බැහැර කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්; ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණක්හට නිවහනක් දී කිපී නො සතුටුසිත් ඇත්තී (ඇය) ඉන් බැහැර කළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: …
Pali BJT6. සංසට්ඨාය භික්ඛුනියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : චණ්ඩකාළිං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : චණ්ඩකාළී භික්ඛුනී සංසට්ඨා විහරි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT6. තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි නො හරිණ ගිහිසසඟ ඇති මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී: කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළි මෙහෙණ ගිහිසසඟ ඇති වැ වුසූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT7. අන්තොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකාය චාරිකං චරන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො අන්තොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකායො චාරිකං චරිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-
Sinhala BJT7. සැක සහිත යැයි දන්නා ලද ප්‍රතිභය සහිත වූ තමා වසන රටතුළ සත්‍වාවන් නැති වැ හැසිරෙණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු සැක සහිත යයි දන්නා ලද ප්‍රතිභය සහිත වූ තමන් වසන රටතුළ සත්‍වාවන් නැති වැ හැසුරුණාහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි යැ. ...
Pali BJT8. තිරොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකාය චාරිකං චරන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො තිරොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකායො චාරිකං චරිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්ති සමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-
Sinhala BJT8. සැක සහිත යැ යි දන්නාලද ප්‍රතිභය සහිත වූ අන්රටක සත්‍වාවන් නැතිවැ හැසිරෙණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු සැක සහිතයයි දන්නාලද ප්‍රතිභය සහිත වූ අන්රටෙක සත්‍වාවන් නැති ව හැසුරුණාහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි යැ. ...
Pali BJT9. අන්තොවස්සං චාරිකං චරන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො අන්තොවස්සං චාරිකං චරිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්ති සමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-
Sinhala BJT9. වස්කාලය තුළ සැරිසරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු වස්කාලය තුළ සැරි සැරූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. …
Pali BJT10. වස්සං වුත්ථාය{1} භික්ඛුනියා චාරිකං න පක්කමන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො වස්සං වුත්ථා චාරිකං න පක්කමිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. පඨමපාරාජිකෙ -පෙ-
Sinhala BJT10. සැරිසැරීමට නො යන වුසුවස් ඇති මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු වුසූවස් ඇතියාහු නො සැරිසැරූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන එකෙකින් නඟියි: පඨමපාරාජිකසමුට්ඨාන යෙහි යැ. …
Pali BJTතුවට්ටවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවන තුවට්ට වර්‍ග යි.
Pali BJT4. 5.
Sinhala BJT4. 5.
Pali BJT1. රාජාගාරං වා චිත්තාගාරං වා ආරාමං වා උය්යානං වා පොක්ඛරණිං වා දස්සනාය ගච්ඡන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො රාජාගාරම්පි චිත්තාගාරම්පි දස්සනාය අගමංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති එළකලොමකෙ -පෙ-.
Sinhala BJT1. රජුගේ ක්‍රීඩාගාරයක් හෝ චිත්‍රාගාරයක් හෝ උපවනයක් හෝ ක්‍රිඩොද්‍යානයක් හෝ කිඩා පුෂ්කරීණියක් හෝ දක්නට යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මෙහෙණහු රජුගේ ක්‍රිඩාගාරය ද චිත්‍රාගාරය ද දැකීමට ගියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨාන යෙහි යැ. …
Pali BJT2. ආසන්දිං වා පල්ලඞ්කං වා පරිභුඤ්ජන්තියා පාචිත්තියං, කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො ආසන්දිම්පි පල්ලඞ්කම්පි පරිභුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-.
Sinhala BJT2. දික්හඟලාපුටුවක් හෝ පාදයෙහි ව්‍යාලරූප නඟා කළ පලගක් හෝ පිරිබෝ කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණෝ දික්හඟලා පුටුව ද පලඟ ද පිරිබෝ කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. …
Pali BJT3. සුත්තං කන්තන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො සුත්තං කන්තිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති එළකලොමකෙ -පෙ-.
Sinhala BJT3. හූ කටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත් සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මෙහෙණහු හූ කැටූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
Pali BJT4. ගිහීවෙය්යාවච්චං කරොන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො ගිහිවෙය්යාවච්චං අකංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-.
Sinhala BJT4. ගිහියනට මෙහෙවර කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු ගිහියනට මෙහෙවර කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
Pali BJT5. භික්ඛුනීහි{1} ‘එහය්යෙ ඉමං අධිකරණං වූපසමෙහී’ති වුච්චමානාය සාධූති පටිස්සුත්වා{2} නෙව උපසමෙන්තියා න උපසමාය උස්සුක්කං කරොන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී භික්ඛුනීහි ‘එහාය්යෙ ඉමං අධිකරණං වූපසමෙහී, ති වුච්චමානා සාධූති පටිස්සුත්වා නෙව උපසමෙසි, න උපසමාය උස්සුක්කං අකාසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. ධුරනික්ඛෙපෙ -පෙ-.
Sinhala BJT5. මෙහෙණන් විසින් “එව ආර්‍ය්‍යාව, මේ අධිකරණය සන්හිඳුවන්නැ” යි කියනු ලබන කල්හි “මැනැවැ” යි ගිවිස නො ම සන්සිඳුවන සන්හිඳුවීමට වෑයම් නොකරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණන් විසින් “එව ආර්‍ය්‍යාව, මේ අධිකරණය සන්හිඳුවන්නැ” යි කියනු ලබන්නී මැනැවැයි ගිවිස නො සන්හිඳවූ යැ සන්හිඳුවීමට වෑයම් ද නො කළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT6. අගාරිකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සහත්ථා ඛාදනීයං වා භොජනීයං වා දෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී අගාරිකස්ස සහත්ථා ඛාදනීයම්පි භොජනීයම්පි අදාසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-.
Sinhala BJT6. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දෙන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සියතින් ගිහියකුට කෑයුතු දැය ද බිදියයුතු දය ද දුන. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ.
Pali BJT7. ආවසථචීවරං අනිස්සජ්ජිත්වා පරිභුඤ්ජන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී ආවසථචීවරං අනිස්සජ්ජිත්වා පරිභුඤ්ජි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. කඨිනකෙ -පෙ-
Sinhala BJT7. අවස් සිවුරක් නො දී පිරිබෝ කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ අවස් සිවුරක් නො දී පිරිබෝ කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨාන යෙහි යැ. ...
Pali BJT8. ආවසථං අනිස්සජ්ජිත්වා චාරිකං පක්කමන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී ආවසථං අනිස්සජ්ජිත්වා චාරිකං පක්කමි. තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. කඨිනකෙ -පෙ-
Sinhala BJT8. (දොරකවුළු තැබූ) සෙනස්නක් (රක්නා පිණිස) නො දී සැරිසැරීමට යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ (දොර කවුළු තැබූ) සෙනස්නක් (රක්නා පිණිස) නො දී සැරි සැරීමට ගියා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ. ...
Pali BJT9. තිරච්ඡානවිජ්ජං පරියාපුණන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො තිරච්ඡානවිජ්ජං පරියාපුණිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති පදසොධම්මෙ -පෙ-
Sinhala BJT9. තිරශ්චීනවිද්‍යාව පුහුණු කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු තිරශ්චීනවිද්‍යාව පුහුණු කළහු, ඒ වස්තුයෙහි යැ, පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පදසෝධම්මසමුට්ඨානයෙහි යැ. ...
Pali BJT10. තිරච්ඡානවිජ්ජං වාචෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති. ඡබ්බග්ගියා භික්ඛුනියො තිරච්ඡානවිජ්ජං වාචෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති, පදසොධම්මෙ -පෙ-
Sinhala BJT10. තිරශ්චීන විද්‍යාව හදාරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු (පරූපඝාතක) තිරශ්චීන විද්‍යාව හැදැරැවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පදසෝධම්මසමුට්ඨානයෙහි යැ. ...
Pali BJTචිත්තාගාරවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වන චිත්තාගාරවර්‍ග යි.
Pali BJT4. 6.
Sinhala BJT4. 6.
Pali BJT1. ජානං සභික්ඛුකං ආරාමං අනාපුච්ඡා පවිසන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො අනාපුච්ඡා ආරාමං පවිසිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ද්වෙ අනුපඤ්ඤත්තියො. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. ධුරනික්ඛෙපෙ -පෙ-.
Sinhala BJT1. දැන දැන මහණුන් ඇති අරමකට නො පිළිවිස පිවිසෙන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු නො පිළිවිස අරමකට පිවිසියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති දෙකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT2. භික්ඛුං අක්කොසන්තියා පරිභාසන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : වෙසාලියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආයස්මන්තං උපාලිං අක්කොසිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT2. මහණක්හට ආක්‍රෝශ කරණ අවමන් කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: විසල් පුරයෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු ආයුෂ්මත් උපාලි තෙරුන්ට ආක්‍රෝශ කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT3. චණ්ඩිකතාය ගණං පරිභාසන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී චණ්ඩිකතාය ගණං පරිභාසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT3. සැඬ බැවින් යුතු වැ මෙහෙණ ගණයාහට අවමන් කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සැඬ බැවින් යුතු වැ මෙහෙණගණයාහට අවමන් කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT4. නිමන්තිතාය වා පවාරිතාය වා ඛාදනීයං වා භොජනීයං වා අඤ්ඤත්ර භුඤ්ජන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො භුත්තාවිනියො පවාරිතා අඤ්ඤත්ර භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT4. කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ අකැප නිමන්ත්‍රණයෙන් නිමන්ත්‍රණය කරණ ලදුව හෝ පවරණ ලදුව හෝ අන් තැනෙක්හි වළඳන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු වළඳා නිමියාහු පවරණ ලද්දාහු අන් තැනෙකැ වැළඳූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟියි: ...
Pali BJT5. කුලං මච්ඡරායන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී කුලං මච්ඡරායි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT5. කුලමසුරුබව කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මෙහෙණක් කුලමසුරුවූවා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: …
Pali BJT6. අභික්ඛුකෙ ආවාසෙ වස්සං වසන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො අභික්ඛුකෙ ආවාසෙ වස්සං වසිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති එළකලොමකෙ -පෙ-
Sinhala BJT6. මහණුන් නැති ආවාසයෙහි වස් වසන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මහණුන් නැති ආවාසයෙහි වස් විසූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨාන යෙහි යැ. …
Pali BJT7. වස්සං වුත්ථාය භික්ඛුනියා උභතො සඞ්ඝෙ තීහි ඨානෙහි නප්පවාරෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො වස්සං වුත්ථා භික්ඛුනීසඞ්ඝෙ{1} නප්පවාරෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT7. උභතෝ සඞ්ඝයා කෙරෙහි දිට්ඨ සුත පරිසඞ්කිත යන කරුණු තුණින් නො පවරන්නා වූ වස් විසූ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු වස් විසූවාහු භික්‍ෂුණී සඞ්ඝයා කෙරෙහි නො පැවරූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. …
Pali BJT8. ඔවාදාය වා සංවාසාය වා න ගච්ඡන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සක්කෙසු පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො ඔවාදං න ගච්ඡිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. පඨමපාරාජිකෙ -පෙ-
Sinhala BJT8. අවවාද අසනු පිණිස හෝ පොහෝ පවුරුණු විචාරණු පිණිස හෝ නො යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍ය දනවුහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු අවවාද අසන්නට නො ගියහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨම පාරාජිකසමුට්ඨානයෙහි යැ. …
Pali BJT9. උපොසථම්පි න පුච්ඡන්තියා ඔවාදම්පි න යාචන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො උපොසථම්පි න පුච්ඡිංසු ඔවාදම්පි න යාචිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT9. පෙහෙවස් දිනය නො විචාරන්නාවූ ද අවවාදය නො යදින්නා වූ ද මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු පෙහෙවස් දිනය ද නො පිළිවිසියහ, අවවාදය ද නො යැදූහ. ඒ වස්තු යෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT10. පසාඛෙ ජාතං ගණ්ඩං වා රුහිතං{1} වා අනපලොකෙත්වා සඞ්ඝං වා ගණං වා පුරිසෙන සද්ධිං එකෙනෙකාය භෙදාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී පසාඛෙ ජාතං ගණ්ඩං පුරිසෙන සද්ධිං එකෙනෙකා භෙදාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. කඨිනකෙ -පෙ-.
Sinhala BJT10. යටිකය පෙදෙසෙහි හටගත් ගඬක් හෝ වණයක් හෝ මෙහෙණසඟහු හෝ මෙහෙණ ගණයා හෝ නො පිළිවිස එකලා පුරුෂයක්හු හා එකලා වැ බිඳුවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මෙහෙණක් යටිකය පෙදෙසෙහි හටගත් ගඬක් එකලා පුරුෂයක්හු හා එකලා වැ බිඳවූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ.
Pali BJTආරාමවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවන ආරාම වර්‍ග යි.
Pali BJT4. 7.
Sinhala BJT4. 7.
Pali BJT1. ගබ්භිනිං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො ගබ්භිනිං වුට්ඨාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT1. ගැබිනියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු ගැබිනියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT2. පායන්තිං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො පායන්තිං වුට්ඨාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT2. කිරි පොවන්නිය උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු කිරි පොවන්නිය උපසපන් කරවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT3. ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT3. දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති සික්ඛමානාව උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT4. ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT4. මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද්දා වූ දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති සික්ඛමානාව උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද්දාවූ දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT5. ඌනද්වාදසවස්සං ගිහීගතං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො ඌනද්වාදසවස්සං ගිහීගතං වුට්ඨාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT5. ගිහීගත පැමිණි නො පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු උනුදොළොස්වස් ඇති පුරිසන්තරගත වූවක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT6. පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT6. දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති පුරිසන්තරගත පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති පුරිසන්තරගත පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT7. පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT7. මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති පුරිසන්තරගත පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති පුරිසන්තරගත පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT8. සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හන්තියා න අනුග්ගණ්හාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගහෙසි න අනුග්ගණ්හාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT8. සද්ධිවිහාරිණිය උපසපන් කරවා දෙවසක් (උද්දේසදානාදීන්) සඞ්ග්‍රහ නො කරණ අනුන් ලවා සඞ්ග්‍රහ නො කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: චුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: චුල්ලනන්‍දා මෙහෙණ සද්ධිවිහාරිණියක උපසපන් කරවා දෙවසක් නො ම සඞ්ග්‍රහ කළා යැ. අනුන් ලවා ද සඞ්ග්‍රහ නො කරවූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT9. වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානි නානුබන්ධන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානී නානුබන්ධිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. පඨමපාරාජිකෙ -පෙ-
Sinhala BJT9. තමා උපසපන් කරවූ උපාද්ධ්‍යාය භික්‍ෂුණියට දෙවසක් උවටන් නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු තමන් උපසපන් කරවූ උපාද්ධ්‍යාය භික්‍ෂුණියට දෙවසක් උවටන් නො කළාහුයැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨමපාරාජිකසමුට්ඨාන යෙහි. ...
Pali BJT10. සහජීවිනිං වුට්ඨාපෙත්වා නෙව වූපකාසෙන්තියා න වූපකාසාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා නෙව වූපකාසෙසි, න වූපකාසාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. ධුරනික්ඛෙපෙ -පෙ-.
Sinhala BJT10. සද්ධිවිහාරිණිය උපසපන් කරවා තමා කැඳවා ගෙණ නො යන කැඳවා ගෙණ යෑමට අනෙකක්හට නියෝග නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: චුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: චුල්ලනන්‍දා මෙහෙණ සද්ධිවිහාරණිය උපසපන් කරවා නො ම කැඳවා ගෙණ ගියා යැ, කැඳවා ගෙණ යනු පිණිස අනුන්ට නියෝග ද නො කළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJTගබ්භිනීවග්ගො සත්තමො.
Sinhala BJTසත්වන ගබ්භිනී වර්‍ග යි.
Pali BJT4. 8.
Sinhala BJT4. 8.
Pali BJT1. ඌනවීසතිවස්සං කුමාරීභූතං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො ඌනවීසතිවස්සං කුමාරීභූතං වුට්ඨාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT1. උනු විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු උනුවිසිවස් ඇති කුමරියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහියැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT2. පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභූතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභූතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙසුං. තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT2. දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති පිරිපුන් විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති පිරිපුන් විසිවස් ඇති කුමරියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT3. පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභූතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභූතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT3. මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති පිරිපුන් විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබයැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති පිරිපුන් විසිවස් ඇති කුමරියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT4. ඌනද්වාදසවස්සාය වුට්ඨාපෙන්තියා පාචිත්තියං, කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො ඌනද්වාදසවස්සා වුට්ඨාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT4. උනුදොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු උනුදොළොස්වස් ඇති වැ උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT5. පරිපුණ්ණද්වාදසවස්සාය සඞ්ඝෙන අසම්මතාය වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-.
Sinhala BJT5. මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණලදු වැ පිරිපුන් දොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබයැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද්දාහු පිරිපුන් දොළොස්වස් ඇත්තාහු උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි. ...
Pali BJT6. ‘අලං තාව තෙ අය්යෙ වුට්ඨාපිතෙනා’ති වුච්චමානාය සාධූති පටිස්සුණිත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : චණ්ඩකාළිං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : චණ්ඩකාළී භික්ඛුනී ‘අලං තාව තෙ අය්යෙ වුට්ඨාපිතෙනා’ති වුච්චමානා සාධූති පටිස්සුණිත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT6. ආර්‍ය්‍යාවනි, තොප විසින් උපසපන් කරවීමෙන් කම් නැතැයි කියනු ලබන්නී මැනැවැයි ගිවිස පසුව දොස් පහළ කරණ බවට පැමිණෙන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: චණ්ඩකාළි මෙහෙණ “ආර්‍ය්‍යාවනි, තොප විසින් උපසපන් කරවීමෙන් කම් නැතැ” යි කියනු ලබන්නී “මැනැවැ” යි ගිවිස පසුව දොස් පහළ කරණ බවට පැමිණියා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT7. සික්ඛමානං ‘සචෙ මෙ ත්වං අය්යෙ චීවරං දස්සසි, එවාහං තං වුට්ඨාපෙස්සාමීති වත්වා නෙව වුට්ඨාපෙන්තියා න වුට්ඨාපනාය උස්සුක්කං කරොන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී සික්ඛමානං ‘සචෙ මෙ ත්වං අය්යෙ චීවරං දස්සසි, එවාහං තං වුට්ඨාපෙස්සාමී’ති වත්වා නෙව වුට්ඨාපෙසි, න වුට්ඨාපනාය උස්සුක්කං අකාසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. ධුරනික්ඛෙපෙ -පෙ-.
Sinhala BJT7. සික්ඛමානාවකට “ආර්‍ය්‍යාව, ඉදින් තෙපි මට සිවුරක් දෙන්නහු නම් එ කල්හි මම තොප උපසපන් කරවන්නෙමි” යි කියා නො ම උපසපන් කරවන්නාවූ ද උපසපන් කරවීමෙහි වෑයම් නො කරන්නාවූ ද මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොහි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබයැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සික්මනුවකට “ආර්‍ය්‍යයාව, ඉදින් තෙපි මට සිවුරක් දෙන්නහු නම් එ කල්හි මම තොප උපසපන් කරවන්නෙමි” කියා නො ම උපසපන් කරවූ, උපසපන් කරවීම පිණිස වෑයම් ද නො කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT8. සික්ඛමානං ‘සචෙ මං ත්වං අය්යෙ, ද්වෙ වස්සානි අනුබන්ධිස්සසි එවාහං තං වුට්ඨාපෙස්සාමී’ති වත්වා නෙව වුට්ඨාපෙන්තියා න වුට්ඨාපනාය උස්සුක්කං කරොන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී සික්ඛමානං ‘සචෙ මං ත්වං අය්යෙ ද්වෙ වස්සානි අනුබන්ධිස්සසි, එවාහං තං වුට්ඨාපෙස්සාමී’ති වත්වා නෙව වුට්ඨාපෙසි, න වුට්ඨාපනාය උස්සුක්කං අකාසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT8. “ආර්‍ය්‍යාව, ඉදින් තෙපි දෙවසක් මා අනුවැ වැටෙහු නම් එකල්හි මම උපසපන් කරවන්නෙමි.” යි සික්මනුවකට කියා නොම උපසපන් කරවන්නාවූ ද උපසපන් කරවීමට වෑයම් නො කරවන්නාවූ ද මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ “ආර්‍ය්‍යාව, ඉදින් තෙපි දෙවසක් මා අනුවා වැටෙහු නම් එකල්හි මම තොප උපසපන් කරවන්නෙමි” යි සික්මනුවකට කියා නො ම උපසපන් කරවූ යැ, උපසපන් කරවීමට වෑයම් ද නොකළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT9. පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිං සොකාවාසං {1}සික්ඛමානං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිකං සොකාවස්සං සික්ඛමානං වුට්ඨාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT9. පිරිමින් හා එක්වූ කුමරුවන් හා එක්වූ සැඬ වූ ශෝක ඇති කරන්නාවූ සික්මනු වක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ පිරිමින් හා එක්වූ කුමරුවන් හා එක්වූ සැඬවූ ශෝක ඇති කරන්නාවූ හික්මනුවක උපසපන් කරවූයැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT10. මාතාපිතූහි වා සාමිකෙන වා අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී මාතාපිතූහිපි සාමිකෙනාපි අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා වාචතො සමුට්ඨාති, න කායතො න චිත්තතො. සියා කායතො ච වාචතොච සමුට්ඨාති, න චිත්තතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJT10. මාපියන් විසින් හෝ හිමියා විසින් හෝ නො අනුදත් හික්මනුවක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබයැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තු යෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මා පියන් විසින් ද හිමියා විසින් ද නො අනුදත් හික්මනුවක උපසපන් කරවූ යැ. ඒ වස්තුයෙහි යැ, පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟියි: කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT11. පාරිවාසිකඡන්දදානෙන සික්ඛමානං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී පාරිවාසිකඡන්දදානෙන සික්ඛමානං වුට්ඨාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT11. පාරිවාසිකව ඡන්‍දය දීමෙන් හික්මනුවක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැදි පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ පාරිවාසික ඡන්‍දය දීමෙන් හික්මනුවක උපසපන් කරවූ යැ. ඒ වස්තුයෙහියැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: …
Pali BJT12. අනුවස්සං වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො අනුවස්සං වුට්ඨාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT12. අවුරුද්දක් පාසා උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු අවුරුද්දක් පාසා උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT13. එකං වස්සං ද්වෙ වුට්ඨාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො එකං වස්සං ද්වෙ වුට්ඨාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT13. එක් වසකට දෙදෙනකුන් උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු එක් වසකට දෙදෙනකුන් උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJTකුමාරීභූතවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවැනි කුමාරීභූත වර්‍ග යි.
Pali BJT4. 9.
Sinhala BJT4. 9.
Pali BJT1. ඡත්තූපාහනං ධාරෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො ඡත්තුපාහනං ධාරෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. එකා අනුපඤ්ඤත්ති. ඡන්නං ආපත්ති සමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-.
Sinhala BJT1. ඡත්‍ර හා වහන් දරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබයැ යත්: සවගමෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු ඡත්‍ර හා වහන් දැරූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකැ. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
Pali BJT2. යානෙන යායන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො යානෙන යායිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-.
Sinhala BJT2. යානයකින් යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබයැ යත්: සවගමෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු යානයෙන් ගියහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකැ අනුපඤ්ඤත්ති එකකි, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨානයෙහියැ. ...
Pali BJT3. සඞ්ඝාණිං ධාරෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී සඞ්ඝාණිං ධාරෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති එළකලොමකෙ -පෙ-.
Sinhala BJT3. ඉණ පළඳනාවක් දරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබයැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මෙහෙණක් ඉණ පළඳනාවක් දැරු. ඒ වස්තු යෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
Pali BJT4. ඉත්ථාලඞ්කාරං ධාරෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො ඉත්ථාලඞ්කාරං ධාරෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-.
Sinhala BJT4. ඉතිරි අබරණ පළඳින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: සවගමෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මෙහෙණහු ඉතිරි අබරණ දැරූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
Pali BJT5. ගන්ධවණ්ණකෙන නහායන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො ගන්ධවණ්ණකෙන නහායිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-.
Sinhala BJT5. ගන්‍ධ වර්‍ණ නහනුයෙන් නහන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු ගන්‍ධ වර්‍ණ නහනුයෙන් ස්නානය කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨානයෙහියැ. ...
Pali BJT6. වාසිතකෙන පිඤ්ඤාකෙන නහායන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො වාසිතකෙන පිඤ්ඤාකෙන නහායිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති ; එළකලොමකෙ -පෙ-
Sinhala BJT6. සුවඳ කවන ලද තලසුන්නෙන් නහන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු සුවඳ කවන ලද තලසුන්නෙන් ස්නානය කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨාන යෙහි යැ. ...
Pali BJT7. භික්ඛුනියා උම්මද්දාපෙන්තියා පරිමද්දාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො භික්ඛුනියා උම්මද්දාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති – එළකලොමකෙ -පෙ-.
Sinhala BJT7. මෙහෙණක ලවා ඇඟඋලවන පිරිමදවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලවූහ. පිරිමැද්දවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
Pali BJT8. සික්ඛමානා උම්මද්දාපෙන්තියා පරිමද්දාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො සික්ඛමානාය උම්මද්දාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-.
Sinhala BJT8. හික්මනුවක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණන් හික්මනුවක ලවා ඇඟ ඉලවූහ. පිරිමැද්දවූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
Pali BJT9. සාමණෙරියා උම්මද්දාපෙන්තියා පරිමද්දාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො සාමණෙරියා උම්මද්දාපෙසුං, පරිමද්දාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-
Sinhala BJT9. හෙරණක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු හෙරණක ලවා ඇඟ ඉලවූහ. පිරිමැද්දවූහු, ඒ වස්තුයෙහි යැ. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
Pali BJT10. ගිහිනියා උම්මද්දාපෙන්තියා පරිමද්දාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො ගිහිනියා උම්මද්දාපෙසුං, පරිමද්දාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-.
Sinhala BJT10. ගැහැණියක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු ගැහැණියක ලවා ඇඟ ඉලවූහ. පිරිමැද්දවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි යැ. ...
Pali BJT11. භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. කඨිනකෙ -පෙ-.
Sinhala BJT11. මහණක්හු ඉදිරියෙහි නො පිළිවිස ආසනයෙහි හිඳින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මහණක්හු ඉදිරියෙහි නො පිළිවිස ආසනයෙහි හුන්හ, ඒ වස්තුයෙහි යැ පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ. ...
Pali BJT12. අනොකාසකතං භික්ඛුං පඤ්හං පුච්ඡන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො අනොකාසකතං භික්ඛුං පඤ්හං පුච්ඡිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. පදසොධම්මෙ -පෙ-.
Sinhala BJT12. අවසර නො ලත් මහණක්හුගෙන් පැන පිළිවිසින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හිද යත්: බොහෝ මෙහෙණහු අවසර නොලත් මහණක්හුගෙන් පැන පුළුවුත්හු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පදසෝධම්මසමුට්ඨානයෙහි යැ. ...
Pali BJT13. අසඞ්කච්චිකාය ගාමං පවිසන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී අසඞ්කච්චිකා ගාමං පාවිසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො සමුට්ඨාති න වාචතො චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
Sinhala BJT13. සංකච්චිකායෙන් තොරවැ ගම්වදින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් තොමෝ කිසිලි පටින් තෙරවැ ගම් වැදුනු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
Pali BJTඡත්තූපාහනවග්ගො නවමො.
Sinhala BJTනවවන ඡත්තුපාහන වර්‍ග යි.
Pali BJTනවවග්ගඛුද්දකා නිට්ඨිතා.
Sinhala BJTනවවර්‍ගයෙහි ක්‍ෂුද්‍රකයෝ නිමියහ.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTවර්‍ගනවයෙහි පචිතිනාමාවලිය:
Pali BJT1. ලසුණං සංහරෙ ලොමං තලමට්ඨඤ්ච සුද්ධිකං, භුඤ්ජන්තාමකධඤ්ඤානං ද්වෙ විඝාසෙන දස්සනා.
Sinhala BJT1. (ලසුන-වර්‍ගයෙහි :) ලසුනඛාදන පචිති යැ, ලෝමසංහරණ පචිති යැ, තලඝාතක පචිති යැ, ජතුමට්ටක පචිති යැ, උදකසුද්ධික පචිති යැ, භුඤ්ජන්ත (භික්ඛු) උපට්ඨාන පචිති යැ, ආමකධඤ්ඤ (විඤ්ඤාපන) පචිති යැ, විඝාස ඡඩ්ඩන පචිති දෙක යැ, (නච්චාදි-) දස්සන පචිති යැ,
Pali BJT2. අන්ධකාරෙ පටිච්ඡන්නෙ, අජ්ඣොකාසෙ රථිකාය ච; පුරෙ පච්ඡා විකාලෙ ච දුග්ගහි නිරයෙ වධි.
Sinhala BJT2. (රත්තන්‍ධකාර-වර්‍ගයෙහි :) (රැ අඳුරෙහි එකලා පුරුෂයකු හා එකලා වැ සිටුනා මෙහෙණට වදාළ) රත්තන්‍ධකාර පචිති යැ, (පිළිසන් තන්හි පලසෙ සිටුනා මෙහෙණට වදාළ) පටිච්ඡන්නෝකාස පචිති යැ. (අජ්ඣොකාසයෙහි පලසෙ සිටුනියට වදාළ) අජ්ඣොකාස පචිති යැ, රථිකා පචිති යැ, පුරේභත්ත පචිති යැ, පච්ඡාභත්ත පචිති යැ, විකාල පචිති යැ. දුග්ගහීත පචිති යැ, (නිරෑයෙන් භවන) නිරය පචිති යැ. (තමා මැ වධ කැරැගෙන හඬන මෙහෙණට වදාළ) ආත්මහිංසා පචිති යැ.
Pali BJT3. නග්ගොදකා විසිබ්බෙත්වා පඤ්චාහිකං සඞ්කමනීයං, ගණවිභඞ්ගසමණං දුබ්බලං කඨිනෙන ච.
Sinhala BJT3. (නහාන-වර්‍ගයෙහි :) නග්න වැ නඟන මෙහෙණට වදාළ පචිති යැ, උදකසුද්ධික පචිති යැ, විවරවිසිබ්බන පචිති යැ, පඤ්චාහිකසඞ්ඝාටිවිචාර පචිති යැ, වීචරසඞ්කමන පචිති යැ, (ගණයාහට විචරලාභාන්තරාය නිසා වදාළ) ගණ පචිති යැ, විචරවිභඞ්ගපටිබාහන පචිති යැ, සමණචීවරදාන පචිති යැ, (දුර්‍වලචීවර ප්‍රත්‍යාසායෙන් වීවරකාලය ඉක්මවා යන මෙහෙණට වදාළ) දුබ්බල ... පචිති යැ, කඨිනුද්ධාරපටිබාහන පචිති යැ.
Pali BJT4. එකමඤ්චත්ථරණෙන සඤ්චිච්ච සහජීවිනිං, දත්වා සංසට්ඨ අන්තො ච තිරොවස්සං න පක්කමෙ.
Sinhala BJT4. (තුවට්ට-වර්‍ගයෙහි :) ඒකමඤ්චතුවට්ට පචිති යැ, එකත්‍ථරණතුවට්ට පචිති යැ, සඤ්විච්ච අඵාසුකරණ පචිති යැ, සඟජීවිනී පචිති යැ, උපස්සයනික්කඩ්ඪන පචිති යැ, සංසට්ඨ පචිති යැ. අන්තොරට්ඨ පචිති යැ. තිරොරට්ඨ පචිති යැ, අන්තොවස්ස පචිති යැ, (චාරිකා පිණිසැ නොවදනා මෙහෙණට වදාළ) නපක්කමණ පචිති යැ.
Pali BJT5. රාජා ආසන්දි සුත්තඤ්ච ගිහී වූපසමෙන ච, දදෙ චීවරාවසථං පරියාපුණඤ්ච වාචයෙ.
Sinhala BJT5. (චිත්තාගාර-වර්‍ගයෙහි :) රාජාගාරදස්සන පචිති යැ, ආසන්‍දිපරිභෝග පචිති යැ, සුත්තකන්තන පචිති යැ, ගිහිවෙය්‍යාවච්ච පචිති යැ, (අධිකරණවූපසමයෙහිලා වදාළ) වූපසමන පචිති යැ, (ගෙවැසි ආදීනට සියතින් ඛාද්‍යභෝජ්‍ය දෙන්නියට වදාළ) දාන පචිති යැ, ආවස්ථවීචර පචිති යැ, ආවස්ථ පචිති යැ, (තිරශ්චීනවිද්‍යා පුහුණු කරන්නියට වදාළ) පරියාපුන පචිති යැ, (තිරශ්චීන විද්‍යා පිළිබඳ) වාචනා පචිති යැ,
Pali BJT6. ආරාමක්කොසචණ්ඩි ච භුඤ්ජෙය්ය කුලමච්ඡරී, වාසෙ පවාරණොවාදා{1} ද්වෙ ධම්මා පසාඛෙන ච.
Sinhala BJT6. (ආරාම-වර්‍ගයෙහි :) ආරාම පචිති යැ, අක්කෝස පචිති යැ. චණ්ඩිකතා පචිති යැ, භෝජන පචිති යැ, කුල මව්ඡෙර පචිති යැ, වස්සාවාස පචිති යැ, පව ඕවාද පචිති යැ, (උපෝසථ පවාරණ නොපුළුවුස්නා, ඔවා පිණසැ නො යදන මෙහෙණට වන) ධම්ම පචිතියැ, පසාබ පචිති යැ.
Pali BJT7. ගබ්භිනී{2} පායන්තී ඡ ධම්මෙ, අසම්මතූනද්වාදස; පරිපුණ්ණඤ්ච සඞ්ඝෙන සහවුට්ඨා ඡ පඤ්ච ච.
Sinhala BJT7. (ගබ්භිනි-වර්‍ගයෙනි :) ගබ්භිනීවුට්ඨාපන පචිති යැ, පායන්තීවූට්ඨාපන පචිති යැ, (ෂඩ්විධ ශික්‍ෂා ධර්‍මයෙහි අශික්‍ෂිත සික්ඛමානාව පිළිබඳ කොට ඇති) ඡධම්ම පචිති යැ. (සඞ්ඝ සම්මත නැති වැ ශික්‍ෂිත සම්මත නැති වැ ශික්‍ෂිත සික්ඛමානාවගේ චුට්ඨාපනය නිසා එන) අසම්මත පචිති යැ, ද්වාදසවස්ස පචිති යැ, පරිපුණ්ණ ද්වාදසවස්ස පචිති යැ. (සඞ්ඝසම්මාන නැති වැ සික්ඛමානාවුට්ඨාපනනිසා එන) සඞ්ඝ ... පචිති යැ, සහජීවීනි වුට්ඨාපන පචිති යැ.
Pali BJT8. කුමාරී ද්වෙ ච සඞ්ඝෙන ද්වාදස සම්මතෙන ච, අලං සචෙ ච ද්වෙ වස්සං සංසට්ඨා සාමිකෙන ච.
Sinhala BJT8. (කුමාරීභූත-වර්‍ගයෙහි :) (උනුවිසිවස් පැවිදිකුමරියක පිළිබඳ) කුමාරි වුට්ඨාපන පචිති යැ, (දෙවන) කුමාරී වුට්ඨාපන පචිති යැ යි දෙකෙකැ, (පිරිපුන් විසිවස් ඇති පැවිදිකුමරියක් සඞ්ඝ සම්මත නැතිවැ වුට්ඨාපන කෙළෙන් වදාළ) වුට්ඨාපන පචිති යැ, (උනුදොළොස්වස් ඇති පැවිදි කුමරියක පිළිබඳ වුට්ඨාපන පචිති යැ. (පිරිපුන් දොළොස්වස් ඇති පැවිදි කුමරියක සඞ්ඝසම්මත නැති වැ වුට්ඨාපන කෙළෙන් වදාළ) වුට්ඨාපන පචිති යැ. (‘අලංතාව) නාදීන් ‘අලං’ ශබ්ද ප්‍රයෝගය යෙදුණු පචිති යැ. (සික්ඛමානං සචෙ’ යනාදීන් ‘සචෙ, නිපාත යෙදුණු) පචිති යැ. (‘දෙව වස්සානි යනු සඳහන් ලත්) පචිති යැ, (‘පුරිසසංසට්ඨං’ යයනාදීන් සංසට්ඨ ශබ්ද ප්‍රයෝග ඇති) සික්ඛමානාවූට්ඨාපන පචිති යැ. (‘මාතාපිතුභිවා සාමීකෙනවා’ යනාදීන් වදාළ) අනනුකද්ඤත සික්ඛමානාවුට්ඨාපන පචිති යැ, (‘පාරිවාසික ඡන්‍දදාන’ යෙන්) භික්ඛමානාවුට්ඨාපන පචිති යැ, අනුවස්සවුට්ඨාපන පචිති යැ, (‘ඒකංවස්සං දෙව වුට්ඨාපෙන්ති’ යි වදාළ) වුට්ඨාපන පචිති යැ,
Pali BJT9. පාරිවාසිකානුවස්සං දුවෙ වුට්ඨාපනෙන ච, ඡත්ත යානෙන සඞ්ඝාණි ඉත්ථාලඞ්කාරවණ්ණකෙ.
Sinhala BJT9-10. (ඡත්තූපාහන වර්‍ගයෙහි :) ඡත්තුපාහන පචිති යැ, යාන පචිති යැ, සඞ්ඝාණි පචිති යැ, ඉත්‍ථාලඞ්කාර පචිති යැ, ගන්‍ධවණ්ණක පචිති යැ, වාසිතපිඤ්ඤාක පචිතිය හා (භික්ඛුනී) පරිමද්දා පන පචිති යැ යන දෙක යැ, (සික්ඛමානා) පරිමද්දාපන පචිති යැ, (සාමණෙරී) පරිමද්දාපන පචිති යැ, (ගිහිනි) පරිමද්දාපන පචිති යැ, (භික්‍ෂුහුගේ ඉදිරියෙහි ආපුච්ඡා නො කොට හිඳැගැන්මෙන් වන) නිසිදන පචිති යැ, (අවකාශ නොලැබැ භික්‍ෂු කෙනකුන් අතින් පැන පිළිවිසීමෙන් වන) පඤ්හපුච්ඡන පචිති යැ, අසඞ්කවචික පචිති යැ යන ඇවැත්හු නව වර්‍ගයෙහි එන ඛුද්දකනාමාවලියෙහි ඇතුළත්හ.
Pali BJT10. පිඤ්ඤාක භික්ඛුනී චෙව සික්ඛා ච සාමණෙරිකා, ගිහීනි භික්ඛුස්ස පුරතො අනොකාසමඞ්කච්චිකාති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTතෙසං වග්ගානං උද්දානං:
Sinhala BJTඒ වර්‍ගයන්ගේ නාමාවලිය:
Pali BJTලසුණන්ධකාරනහානා තුවට්ට චිත්තාගාරකා,{3} ආරාම{4} ගබ්භිනී චෙව කුමාරී ඡත්තුපාහනාති.
Sinhala BJTලසුන යැ අන්‍ධකාර යැ නහාන යැ තුවට්ට යැ චිත්තාගාර යැ ආරාම යැ ගබ්භිනී යැ කුමාරී යැ ඡත්තුපාහන යැයි වර්‍ග නවයෙකි.
Pali BJT1. 5.
Sinhala BJT1. 5.
Pali BJTපාටිදෙසනීය කණ්ඩො
Sinhala BJTපාටිදේසනීය කාණ්ඩය
Pali BJT1. සප්පිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා පාටිදෙසනීයං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො සප්පිං විඤ්ඤාපෙත්වා භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති එකා අනුපඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT1. ගිතෙල් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදී. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳුහ. ඒ වස්තුයෙක් යැ, පඤ්ඤත්ති එකෙකි. අනුපඤ්ඤත්ති එකෙකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
Pali BJT2. තෙලං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා පාටිදෙසනීයං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො තෙලං විඤ්ඤාපෙත්වා භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-.
Sinhala BJT2. තල තෙල් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ තල තෙල් විනවා වැළඳුහ. ඒ වස්තුවෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...